Wednesday, July 3, 2013

මේක සිරා කේස් එකක්................!

ඇමති පුතෙක් යකා නටල
රණවිරුවගෙ ඔලුව පලලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

ඩී.අයි.ජි.ගෙ පොඩි ලේලිට
ඇමති  පුතෙක් පුක පෙන්නලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

රගර් මැච් එකේ රෙෆ්රිට
රජ පැටියෙක් හොඳට නෙලලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

ඇමති පුතෙක් හොඳට බීලා
ප්ලේන් එකේ දොරක් ඇරලා
අයියෝ..................
ඒක  පුංචි කේස් එකක්.

....පාසලේ පහසුකම් ගාස්තු ගෙවාගත නොහැකි වූ දැරියක් අසල්වැසි වත්තකින් පොල් ගෙඩි අටක් සොරකම කර හසුවේ,....................පුවතක්......


අන්න  අන්න අල්ලපියව්,
හිරේ දමව් , දඩත් ගහව්
මේක සිරා කේස් එකක්
සරීර ඇප ලස්ස දෙකයි - මුදල් ඇපේ පනස්දහයි .

අවිහිංසක ඇමති දරුවෝ නොදන්නා කම හින්ද කරපු ,
අර  පොඩි පොඩි වැඩ වගේද

මේක සිරා කේස් එකක්................!

56 comments:

  1. මව්බිමේ ඒකීය බව උදෙසා දිවිහිමියෙන් කටින් සටන් කල ජාතික නායකයකුගේ,රට වෙනුවෙන් ක්‍රීඩා කරන පුත්‍රයකු අතින් සිදුවු සුළු අත් වැරදීමක් මේ තරම් නිර්දය ලෙස හෙලා දකින මේ අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රන දැඩි ලෙස හෙලා දකිමි...:D

    ReplyDelete
    Replies
    1. //"දිවිහිමියෙන් කටින් සටන් කල ජාතික නායකයකුගේ"// පට්ට කතාව , අන්න ඒක තමයි ඇත්ත.

      Delete
  2. මුන්ට පිස්සු ද මන්ද අර අහිංසක, සුපේෂල ශික්ෂාකාමී නොදරුව ගන්න ගිය ආතල් එකට........ මුන්ගේ තියන ඊරිසියාව,..........එකෙක් බ්ලොග් පෝස්ට් එකක් ලියලා මෙන්න තව එකෙක් ඒ සැරේ කවි ලියලා.......... නොදෝමකින් මෙහෙව් යක්ෂ පැටවු.

    ReplyDelete
    Replies
    1. වෙදමහත්තයාට කියන්න, තාත්තා හෝටලෙන් බිමට පැනලා බේරුණු එකේ, මුට හිතෙන්නැති ප්ලේන් එකෙන් බිමට පැන්නොත් කොහොමද කියලා,

      Delete
  3. කිව්වත් වගේ මේවා කැත වැඩ බන්. පව්නේ නොදරුවෝ ටික

    ReplyDelete
    Replies
    1. පව් නේන්නම් මචෝ , එ වගේද පොල් හොරු.

      Delete
  4. මේව තමයි නියම ජාත්‍යන්තර කුමන්ත්‍රණ.
    පර ඉංග්‍රිෂ්කාරය උන්ගෙම ෆ්ලයිට් එකක් අතුලේදීම,
    අපෙ ගරු මාධ්‍ය "සදාචාර ධර්ම"ඇමති තුමාගෙ පුතාට නෙලල තියන කැත.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කෙන්ජි අයියේ , අනික මේකා බීලා නෙවෙයි, නින්දෙන්ලු කරල තියෙන්නෙ,
      ගුවන්යානයේ දොර විවෘත කරන්න තරම් මීහරකෙක්‌ නෙමේ

      Delete
  5. ඇයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා පොඩි සද්දයක් දැම්මත් පක්ෂෙන් දොට්ට..සිල්වලා මිනිමරුවත් ජනපති ආශිර්වාද ...


    තව කොච්චරක් තියේද .......? කවද වෙනකම් මේවා බලන්න වෙයිද අපිට ......?

    ReplyDelete
    Replies
    1. හැමදාම මේවා බලන් ඉන්න තමයි ශාන් වෙන්නේ, මේ තුප්පහි ක්‍රමය වෙනස් වෙන්නේ නෑ අයෙ කවදාවත්,

      Delete
  6. පව් අප්ප ඒ කොල්ල ගෙදර තියෙන ටොයලට් එකේ දොර වගේ හිතල අරින්න ගිහිල්ල තියෙන්නෙ.
    දැන් එයාගෙ අප්පොච්චි කියනව එයාගෙ පුතාව,මාධ්‍ය විසින් පෝරකයට යවල ඉවරලු.
    මේ යකාව මම දන්නෙ සක්විති සුවය කරන කාලේ ඉදල.
    ඒ කාලෙ හොද බව්ව.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ලා ඌ කිව්වේ ටොයිලට් එකේ දොර කියලා දොර අරින්න හැදුවා කියලා, අද කියනවා නින්දෙන් ඇවිදින නිසා එහෙම වුනාලු, හෙට කියයි ඇරලා තිබ්බ දොර වැහුවේ එයා ,එයා නිසා ජීවිත ගණනාවක් බේරුනා කියලා,

      Delete
    2. "හෙට කියයි ඇරලා තිබ්බ දොර වැහුවේ එයා ,එයා නිසා ජීවිත ගණනාවක් බේරුනා කියලා," සිරා කතාව බං. මේ ලංකාවේ ඕක ඇත්ත වෙන්න කිසිම බැරිකමක් නැතෝ.

      Delete
    3. බලහන්කො සමහරවිට ඔක ඇත්තටම වෙන්නත් බැරි නෑ

      Delete
  7. යකෝ මේකට පිස්සුද මේ අහිංසක කොල්ලන්ට මඩ ගහන්නේ.

    ReplyDelete
    Replies
    1. කවුද නලින් අයියා මා ගැහුවේ, එකනේ මම කිව්වේ ඒක පුංචි කේස් එකක් කියලා,

      Delete
  8. මේක නම් මඩ පාරක්. අපේ ඒවුන් අම්බානක පිස්සු කෙලින්නේ ෆලයිට් වල. කරුමෙට මූ ක්‍රිකට් ටීම් එකේ එකෙක් උනා. අනික ඇමතියෙක්ගේ පුතෙක් උනා. අපේ උන් බීලා කෙලින පිස්සු. ෆලයිට වල නිතර යන උන්ට නම් සාමාන්‍ය දේවල්..

    ReplyDelete
    Replies
    1. මේ කේස් ඒක මුල ඉඳන්ම අසාමාන්‍යයි මාතලන්,තාත්තා ඇමති වුනේ පක්ෂේ මාරු කරලා ඒකත් අසාමාන්‍යයි,
      මේකා ටීම් එකට ආවෙත් ඇමති පුතා නිසා මිසක් දක්ෂ කමකින් නෙව්වෙයිනේ, දිල්රුවන් පෙරේරා, දිල්හාර ලොකුහෙට්ටිගේ ,එලියේ ඉද්දි මු සිලෙක්ට් වෙච්ච එකම අසාමාන්‍යයිනේ, මැච් වලත් කරපු කෙන්ගෙඩියක් නැති නිසා මුට හිතෙන්න ඇති මෙහෙම හරි නම පත්තරේට දාගන්නවා කියලා,

      Delete
  9. පැහැදිලි ඊරිසියාව! මෙහෙම ලියන්න වටිනවද? අ..

    ReplyDelete
    Replies
    1. මොනවා කියනවද මලේ, ඉරිසියා නැද්ද, සනත් ජයසූරිය කියනවා, අන්තර් ක්‍රීඩා සමාජ, පළාත් තරඟ වලදී දස්කම් දැක්වුවේ නැතිවුනාට රමිත හැකියාවක් තියෙන ක්‍රීඩකයේක් ලු , එයා ගහයි කියලා හිතෙනවලු,
      ඉතිං යකෝ ගහයි කියලා හිතලා අපිවත් ගනිල්ලකෝ,

      Delete
    2. එය ගහයි කියල හිතුවෙ එයාගෙ තාත්ත ගහන ගෑහිල්ල බලල.හා කියන්න බලන්න ඔයගෙ තාත්තත් එහෙමද කියල
      මම සනත්

      Delete
  10. චි.. චි... ඉවාන් පවුලුෂා, අහිංසක නොදරුවෙක්ගේ පොඩි වරදකට ඔහොම කරන එක හරි නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ මොනවා කියනවද අයිලාස් ,නොදරුවෝ නෙවෙයි මුන් "නොමේරූ දරුවෝ "

      Delete
  11. පව් බං උන් අහිංසක මිනිස්සු නේ..?????????

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා, පරම්පරා පිටින් අහිංසකයි.

      Delete
  12. උඹලා වගේ චාටර් නෑ බං හොඳට හැදුණ, ගුණ යහපත් කොල්ලෝ . . . ආදර්ශෙට අරගෙන හිදියන්කෝ.

    ReplyDelete
    Replies
    1. මේ මක්ක කියනවයි ධාරා, අපි ඔය බර හැදුනම ටොයිලට් හොයනවයි? අන්න කො‍ල්ලෝ,

      Delete
  13. අඩෝ..ඒ බේබි චූ බර හැදිලා දොර ඇරලා තියෙන්නේ බං! බනින්නෙපා ඒවාට!

    ReplyDelete
    Replies
    1. කව්ද නාඩි මලේ බැන්නේ? මම කිව්වේ ඕක පුංචි කේස් එකක් කියලනේ,

      Delete
  14. සෝයි කවිය මෙයා ..හරියටම හරි :D

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා රෙහානි, අයෙත් අහලා අපිම උඩ යවපු ඈයෝන්ගේ පුත්තු නෙව,

      Delete
  15. මේ මේ ඇමති පුතාලට මොකවත් කියලා අහුවෙනවා නෙමෙයි ඈ

    ReplyDelete
    Replies
    1. පිස්සුද පැතුමෝ, මම මේ අහු නොවෙන්න තමයි කිව්වේ...!

      Delete
  16. ඈයි මිට කලින් චු බර හෑදෙනව දෑකල නෑද්ද.නිකන් යනව මනුස්සයො යන්න

    ReplyDelete
    Replies
    1. දැකල තියෙනෙවා හලෝ, ඒත් ප්ලේන් එකේ දොරෙන් චූ කරනවා දැකලා නෑනේ?

      Delete
  17. ඒ නොදරුවන්ට ඔහොම කියන්න එපා බං.. පවුනේ මොනා උනත්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, රටක වටිනා නොදරුවෝ ටික.

      Delete
  18. මොකක්ද් කිව්වේ.. ඔය මොකවත් මතක නෑ ඕයි මට. අර පොල් කඩපු සීන් එක හැර

    ReplyDelete
    Replies
    1. අන්න ක්‍රමේ, මේ සිරිලංකාවේ ඉන්නවනම් ඔහොම තමයි ඉන්න ඕන.

      Delete
  19. අය๢๧ය๟๞..................
    ඒක ප๤๜๸ ๧ක๞ස๞ එකක๞.

    ReplyDelete
    Replies
    1. මොකද බං මේ, උඹ ලියපු ඒක කියවන්න බෑනේ?

      Delete
    2. ගනං ගන්න එපා. ඔහොම හරි පුරුදු කරේ පට්ට අමාරුවෙන්.. වස කම්මැලියා අපේ මැන්ඩියා

      Delete
    3. සොරි ඉවාන් මම කමමැලි කමට කරපු හොර වැඩක්.
      දෙසකයා කොහන්ද ඔය නම හොයාගතතේ මට යාලුවෝ කියන නම

      Delete
    4. මම ආයමත් ඉස්කෝලේ යනවා වගේ දෙනෙනවා ඔය නම ඇහෙනකොට

      Delete
  20. මචන් ඉවාන් ඔය ඈම්ති පුතාට හීනෙන් ඈවිදින ලෙඩේ විතරද තිබිලා තියෙන්නෙ හීනෙන් චු යන ලෙඩේ තිබිලා නෑහෑනේද? අපරාදෙ එහෙම උනානම් ඔය කිසිදෙයක් නෑහෑනේ පුන්චි බේබි කලිසමේ චු කරගෙන කියල හෑමෝම කියයි නේ....

    ReplyDelete
    Replies
    1. එලම කතාව, එහෙම වුනානම් හෝදන්න එවුන් ඉදී පාර්ලිමේන්තුවේත්

      Delete
  21. කවි ටික නම් පංකාදුයි, හැබැයි මටත් හිතෙනවා ඕක ලොකු කරගත්ත සීන් එකක් කියල බන්.ඇමති පුතෙක්ම කියමුකෝ, ඉතින් බන් පොඩ් පොඩි වැරදීම් වෙන්නේ නැතැයි.අනික බිපුවම.නමුත් ක්‍රිකට් නිති වලට අනුව නම් වරදක් කලද දන්නේ නැහැ.හීනා වෙන්න සීන් එකක් මෙහෙම ලොකු කර ගත්ත එක අපරාදේ.

    ReplyDelete
    Replies
    1. ඕකට හේතුව වුනේ තාත්තාගේ "මාධ්‍ය අචාර ධර්ම"

      Delete
  22. ගුවන් මගින් කැගහලා තියන්නේ "දොර අරින්න එපා" කියලා නෙමිලු "අනේ ඕකට දොර ඇරලා දෙන්න බිමට පනින්න" කියලලු

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත වෙන්න පුළුවන්.

      Delete
  23. අර මගේ පෝස්ටුවකට අනතුරු අඟවපු ඉවාන් ම නේද..appe මේවා ලියලා තියෙන්නේ..එහෙනම් මොකට බය වෙනවද මම...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපිට එකම සුදු වෑන් එකේ ගිය හැකි, තව අඳුරන අයත් ඉඳියි ගොඩක්.

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]