මිත්තරයෝ ටික

Tuesday, July 9, 2013

සිංහබා.............!



.......ගල් ලෙන බිඳලා ....
........ලෙන් දොර ඇරලා ......
..........සිංහ බා ...සිංහ බා.......

" නවත්තනවා විරාජ්.............."

"ඇයි අප්පච්චි......"

"හැයි ..හැයි ... ගාන්නේ ..........., මනුස්සයෝ හැගීමක් , නැතුව ඔහේ කියන්නං වාලේ වචන ටික කියවන්න උඹලා  ඕන නෑ. උඹට මම කියන විදිහට කරන්න බැරි නම් පලයන් යන්න.............වාඩි වෙයන් ....

හා....හා.... හැමෝම , හැමෝම ආපහු හඬ අභ්‍යාස ....හ්ම්....හ්ම්......"

" ළමයිනේ
පුහුණු කරන ලද රංගන ශිල්පියා හා ශිල්පිනිය සහ නුපුහුණු නළුවා , නිළිය අතර අහසට පොළව තරම් පරතරයක් තියෙනවා.
  රංගනය හදාරනවා වෙනුවට ජිම් එකකට ගිහින් මස් පිඩු හදා ගැනීමයි ,මොඞ්ලින් ක්ලාස් එකකට ගිහින් කැට්වෝක්  ඉගෙන ගැනීමයි නළුවෙක්,  නිළියක් වෙන්ට සුදුසුකමක් කියලා හිතන්ට එපා..

මේක හුස්ම ඉහළ පහළ යන කි‍්‍රයාවලිය එසේත් නැතිනම් ආශ්වාස ප‍්‍රශ්වාස කි‍්‍රයාවලියේ සිට අපගේ යටීපතුලට දැනෙන මහ පොළවේ ස්පර්ශය හදුනාගැනිම දක්වාත් ,ස්වභාවධර්මයේ කි‍්‍රයාකාරිත්වයන් වන අව්ව ,වැස්ස,සුළග,ගහක, කොළක, මලක සුවඳ දක්වාද,සමස්ත සමාජයේ ස්පන්දනය හඳුනාගැනිම දක්වාද,දුක,සිනාව,කඳුළ,කේන්තිය, කරුණාව වැනි අභිනයන් දක්වාද ප‍්‍රායෝගික කරුණුත්,විෂය කරුණුත් හදාරමීන් දිර්ඝ කාලයක් ඒ වෙනුවෙන් කැපවෙමීන් කල යුතූ මහානුභාවසම්පන්න වෘත්තියක්."

 හැමදාම වගේ නාට්‍ය පුහුනුවෙන් පස්සේ අප්පච්චිගේ දේශනේ අදත් අඩුවක් නැතුව කෙරුනා. දැන් අපි හැමෝටම ඔය ටික කට පාඩම්,

"මචං සිංහ බාහුවා උඹ හැමදාම සිංහ සීවලී ඇරලවන්න යන්න ඕනේ නෑ නේ ගෙදර එක්කන් ගියානම් ඉවරනේ"
"ඔව් මචං උඹලා අප්පොච්චා සෙනූවම සිංහ සීවලී කලේ උඹලගේ අලුත් පරම්පරාව දකින්නද කවුද දන්නේ,..."
" ඔව් මචං නැත්තම් මේච්චර හැන්සම් මාව සිංහබාහු කරන්න තිබුනනේ....හඃ හඃ හඃ හා ....."

හැමදාමත් නාට්ටිය ප්‍රැක්ටිස් කරලා ඉවරවෙලා මං සෙනුරිව ගෙදර ඇරලවන්න යනකොට අනිත් උන් සෙට් එක අපිව බයිට් එකට ගන්න එක පුරුද්දට ගිහිල්ලා.

"අනේ පලයන් බං යන්න .... ඉතින් උඹලා ගිහින් ඇරලපන්කෝ ....."

" අනේ මේ එරංග එයාලට ඕන දෙයක් කරගන්න දෙන්නකෝ.... අපිට මොකෝ මොනා කලාම"

දිලිනි  ටිකක් නෝක්කාඩු ස්වරූපෙන් කියනවා මට ඇහුනත් නොඇහුනා වගේ ඉන්න මම උත්සාහ කලේ කතාව දුරදිග ගියොත් සෙනුරි හිතරිද්දගනී කියලා බයෙන්.
දිලිනි  මං ගැන ලොකු උනන්දුවක් දක්වන බව මට හොඳටම දැනිලා තිබුනත් මම එක නොදන්නවා වගේ ඉන්න උත්සාහ කළා.

"ඔව් ඉතින් අපේ පොත්ත රතු නෑනේ"
,මම දිලිනිව ගණන් නොගෙන ඉන්න හදනබව දැන දැනම දිලිනි කොයිවෙලාවෙත් මගෙත් එක්ක එල්ලෙන්නම හදනවා.

"විරාජ් ඔයා හිතන තරම් හොඳ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් සෙනුරිලාට නෑ, සෙනුරිගේ තාත්තා ,ඇඅම්මවයි සෙනුරිවයි දාලා සෙනුරි පොඩි කාලෙම ගිහින් තියෙන්නේ ඔය සෙනුරි එයාගේ නෙවෙයි කියලානේ, "

සෙනුරි ආපු නැති දවසක "අනේ විරාජ් මාව ගෙදරට ගිහින් අරලවන්නකෝ " කියලා බලෙන්ම පස්සෙන් වැටුණු දිලිනි කියපු කතාවක් මට එක පාරටම ඇහෙනවා වගේ දැනුනා.

 අපේ ගෙදර ලඟම හිටියත් කවදාවත් සෙනුරිවත් එයාගේ අම්මවත් අපේ ගෙදරට සිංහල අවුරුදු දවසටවත් ඇවිත් නෑ නේද කියලා මට මතක වුනා.
  හැබැයි ඒකට නම් හේතුව අපේ තාත්තාගේ ඔලුවේ තාම තියෙන වලව් මහන්තත්තේ........අවුරුදු ගානක් ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලා ඉඳලත්, ජීවිත කාලෙන් බාගයක්ම කලාව, නාට්‍ය පස්සේ දුවලත් ඒ වලව් මහන්තත්තේ අඩු නොවුනේ මොකද කියන එකනම් මටත් ප්‍රෙහෙලිකාවක්.

" විරාජ් , මම යනවා එහෙනම් ගුඩ් නයිට්" සෙනුරිගේ  සද්දෙට මම කල්පනා ලෝකෙන් මොහොතකට මිදුනා.

"ඕකේ සෙනු ගුඩ් නයිට් " .... ශික් දන්නෙම නැතුව ගේ ළඟටම ඇවිත්, අද හරියට කතා කරන්නත් බැරිවුනා කෙල්ලට.

හුටා ..!  අප්පච්චි ගෙදර ඇවිත්....සාලේ හාන්සි පුටුවේ දිග ඇදිලා හිටපු අප්පච්චි කන්නාඩි කුට්ටමට යටින් මගේ දිහා බලනවා මං හොරැහින් දැක්කා ...

" මොකද පරක්කු"

කෙලියා තාප්පෙට ...දැන් දීපන්කො උත්තර....."මේ ..... අප්පච්චි...මං...."

"ඔය මුර වැඩේ වහාම නැවත්තුවොත් හොඳයි විරාජ් ...........නොගැලපෙන වැඩ කරන්න එපා "

මම අප්පච්චි කියපු දේ අහගෙන ඔලුව බිමට හරවාගෙන හෙමීට එතනින් ගියේ වැඩි කතාවට යන්න ඕන නෑ කියලා හිතලයි.

..............................................................................................................................................................

 "................එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා මනමේ, සිංහ බාහු නාට්‍ය කරනකොට.......මොකද සෙනුරි .....
අප්පච්චි හැමදාම වගේ නාට්‍ය ප්‍රැක්ටිස් පටන් ගන්න කලින් සුපුරුදු දේශනය තියනකොට සෙනුරි එක පාරම නැගිට්ට නිසා හැමෝගෙම අවධානය ඒ පැත්තට ගියා....

" සර් අම්ම ඇවිල්ලා..."

 ඒ පැත්ත හැරුණු අප්පච්චි තප්පර කීපයක් සෙනුරිලාගේ අම්ම දිහා බලාගෙන ඉඳලා ආපහු හැරිලා කතාව පටන් ගන්නකොටම සෙනුරිත් දුවගෙන ඇවිත් වාඩි වුනා. සෙනුරිගේ අම්ම නිකමට වත් අප්පච්චි දිහා බැලුවේ නෑ. මිනිස්සු මොකට ඔයතරම් වලව්කාරකම් වලට බය බයාදු වෙනවද කියලා මටනම් තේරෙන්නේ නෑ, අපේ අප්පච්චිලාගේ ලොකුකම් වලට බයවෙන්න එයාලා අපෙන් කාලා ඉන්නවයි.


...............................................................................................................................................................
කාලය  අපි හිතනවට වඩා ගොඩක් වේගෙන් ගලාගෙන යනවා, නාට්ටිය පළාතේ
ඉස්කෝල හැම එකකම ඉතාම සාර්ථකව වේදිකාගත වුනේ, මාවයි සෙනුරිවයි වෙන් කරන්න නොහැකි තරම් ලංකරමින්.
සිංහ බාහු-සිංහ සීවලී සැබෑ ජීවිතේදී පවුල් පන්සල් වෙලා කරන කියන දේවල් ගැන අපි හීන මැව්වේ ඇත්තටම ආත්ම ගානක ඉඳං පතාගෙන ආපු දෙන්නෙක් වගේ.
හැමදාම නාට්ටිය පෙන්නලා ඉවරවුනාම සෙනුරිව ගෙදර ඇරලවන්න යන මම සමහර දවස්වල ආපහු යන්නේ සෙනුරිලාගේ අම්ම දෙතුන් සැරයක්ම සෙනුට අඬගහලා ,බනින්න පටන් ගත්තාම.

"විරාජ් ඔයා කැමති ඉස්සෙල්ලම දුවෙකුටද පුතෙකුටද......"

"ම්...ම්....ම්... ඔයා?"

"ඉස්සෙල්ල ඔයා කියන්නකෝ......"

"මම කැ..ම....ති......මෙන්න මේ වගේ නහයක් තියෙන චූටි කෙල්ලෙකුට...'

"ඌයියා........මම නම් ආස ඔයා වගේ කොලු පැට්ටේකුට...................................."

"සෙනු ...."

"ම්....ම්... '

"මම අද අප්පච්චිට ඔයා ගැන කියනවා..........."

"අනේ ...සර් මොනවා කියයිද විරාජ් ..සර් කැමතිවෙයිද විරාජ් ..?

"අකමැතිවෙන්න හේතුවක් තියේ නම් ඒ ඔයාලා දුප්පත් එක විතරනේ සෙනු..... හෙට අනිද්දා ඔයාට ටීචින් හම්බවුනාම අකමැතිවෙන්න මට නම් හේතුවක් පෙන්නේ නෑ... අනික ඔය ටිකක් නපුරු පාටට පෙනුනට අපේ අප්පච්චි ඔය පටු විදිහට හිතන කෙනෙක් නෙවෙයි සෙනු.."

.................................................................................................................................................................

"මොනවා ..... උඹ හොඳ හිතින් ඔය අදහස අත ඇරගනින්..... ඔන්න මම නරක මිනිහයි කියන්න එපා....."

"මොකක්ද අප්පච්චි සෙනුගේ වැරැද්ද , ඒ කෙල්ල ලස්සන නැද්ද? කුලේ අඩුවක්ද? වැදගත් රස්සාවකට හෙට අනිද්දා යන්නේ..."

"බල්ලට දාපන් උලව් රස්සාව.., පුතේ මම ඒකිවත් මරලා උඹවත් මරලා මාත් මැරෙනවා.....මාව මිනීමරුවෙක් කරන්නද යකෝ හදන්නේ...? තෝ මේ සෙල්ලම් කරන්නේ මගේ ජීවිතෙත් එක්ක කියලා තෝ නිකමට වත හිතුවද?  තෝ මට මේ දැන් පොරොන්දු වෙන්න ඕන මේක මෙතනම නවත්තනවා කියලා.....පර බල්ලා....."

"....අප්පච්චි......අප්පච්චි.....මොකද මේ අප්පච්චි..?

අප්පච්චි  වියරු වැටිලා වගේ සිහියක් පතක් නැතුව මේ කෑගහන විදිහට මම බය වුනා....මම වැඩියම බය වුනේ අපප්ච්චි පපුවත් අල්ලාගෙන බිමට වැටුනම.

"අප්පච්චි...අපප්ච්චි....."

.................................................................................................................................................................

ඉස්පිරිතාලෙට ඇතුල් කරපු අප්පච්චිට සාමාන්‍ය තරමට සුවයක් ලැබෙන්න දවස් තුන හතරක්ම ගියා.....

 දවස් හතරකට පස්සේ අප්පච්චි මගේ මූණ බලලා කෙලින් කතා කරපු දවස එදා..

"පුතේ ..මගේ පුතේ... මට සමාවෙලා ඔය සම්බන්දෙ නවත්තලා දාපන් මගේ පුතේ"

"අප්පච්චි දැන් ඕවා කතා කරන වෙලාවක් නෙවෙයිනේ ...ඉස්සෙල්ල අප්පච්චි සනීපවෙලා ඉන්නකෝ..."

"නැහැ පුතේ අයෙ කවදාවත් මේ අප්පච්චි සනීප වෙන්නේ නෑ........මං හැමදාටම් හිතින් ලෙඩවෙලා....මගේ පුතා මට සමාවෙලා මේ සම්බන්ධෙ නවත්තලා දාන්න....මගේ ජීවිතේට මම ඉල්ලා න එකම ඉල්ලීම එච්චරයි මගේ පුතේ...."

කවදාවත්  නැතුව අප්පච්චි මගේ ඉස්සරහ අත්දෙක එකතුකරලා මගෙන් ඉල්ලපු ඒ බයාදු ස්වරූපය මගේ ජීවිතේටම අමතක නොවේවි...

"හොඳයි අප්පච්චි මම අප්පච්චිගේ ඉල්ලීම ඉෂ්ට කරන්නම්, හැබැයි මම දැනගන්න ඕන අපප්ච්චි මෙච්චර අකමැති වෙන්න හේතුව...."

උඩ බලාගත්තු අපප්ච්චි ඒ ඉරියව්වෙන් කොච්චර වෙලාවක් හිටියද කියලා මට මතක නෑ.....මගේ ජීවිතේ මම ගෙවපු දීර්ඝතම විනාඩි කීපය ඒක වෙන්න ඇති. ඒත් ඒක කවදාවත් ගෙවිලා ඉවර නොවූනානම් හොඳයි කියලා මට හිතුනේ ඒ වචන ටික ඇහුණාම.....ඇත්තටම ඒක හීනයක්ද?

" සිංහබාහුයි සිංහසීවලියි කසාද බැන්දට හැබෑ ලෝකෙදි අයියලා නංගිලා කසාද බඳින සිරිතක් නෑ මගේ පුතේ........................................"

76 comments:

  1. මුල ඉඳලම මේක තමයි සීන් එක කියලා තේරුණා, හෙඩින් එක නිසා. ඒ උනාට අද ඉන්න උන් දන්න සිංහභාහුවක් නෑ. ඒ නිසා සමහර වෙලාවට උඹට ඒ කතන්දරේ කියලා දෙන්න වෙයි කස්ටියට. රහේ නම් අඩුවක් නෑ. කිසිම වෙහෙසකුත් නෑ. වාසනාවන්..

    ReplyDelete
    Replies
    1. //ඒ උනාට අද ඉන්න උන් දන්න සිංහභාහුවක් නෑ//

      එකෙන්ම

      Delete
    2. @ මාතලන් - අපරාදේ නම වෙනස් කරන්නයි තිබුනේ. කිව්වත් වගේ සිංහබාහු කියන්නේ වික්‍රමබාහුගේ මල්ලිද කියලා අහයිද දන්නේ නෑ..

      @ අටමා - මොකද තරහ වෙලාද මේ පැත්තේ එන්නේ නැත්තේ?

      Delete
    3. නෑ ඕක උණක්. ගොඩක් අයට තියෙන දෙයක්. පටන් ගන්න කොට හැම තැනම කොමෙන්ට් දාගෙන අනේ අපේ ඒවත් බලලා යන්න කියලා අඬාගෙන ඇවිත්. ඊට පස්සේ කොමෙන්ට්ස් 100 ක් විතර ආවම, හිතනවා අම්මට හුඩු මම පොරක් තමයි කියලා. ඊට පස්සෙ එයාගෙම පෝස්ට් වල කොමෙන්ට්ස් වලට රිප්ලයි කරන්නෙත් නෑ. අනිත් අයට කොමෙන්ට්ස් දාන්නෙත් නෑ. ඒ උණ හැඳුන අය කීප දෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි ඔය.

      හේතුව වෙලාව නෑ. හැබයි බැලුවාම ඔක්කෝම කියවලා තියෙනවා.

      එදා ඉඳන් අද වෙනකන්, ඇනෝලට හිටන් උත්තර දෙනවා, කතන්දර.

      Delete
    4. මාතලන් අටමටද කිව්වේ, මං නම් එහෙම හිතන්නේ නෑ අටමා ගැන, ඒත් වෙනදාට වඩා අටමගේ යාම් ඊම් අඩුවෙලා නිසයි මම එහෙම ඇහුවේ.

      Delete
    5. අටමටම නෙමෙයි මචෝ..... බොහොම දෙනෙකුට කිව්වේ.... අටමා දන්නවා මම කව්ද කියලා.. කියන්න තියෙන දේ මම කියනවා.. මෙතනදි කිව්වේ.. උබ ඒක මතු කරපු නිසා...

      Delete
    6. ඔව් මාතල්න්ගේ ඒ ගුණය තමයි මමත් හුඟක්ම අගය කරන්නේ, හුඟ දෙනෙකුට ඔය වැඩේ බෑ , මොකද හැමවෙලේම හිතනවා අනිකා මොනවා හිතයිද කියලා. අනික යමක කිව්වම එක තේරුම ගන්න විචාර් බුද්ධියක් හුඟක් එවුන්ට නෑ. උන් හිතනවා කොමෙන්ට් එකකින් කිව යුත්තේ හොඳ පමණයි කියලා , විචාරයක් බාර ගන්න විඳගන්න ශක්තියක් ගොඩ දෙනෙකුට නෑ, එහෙම වුනාම ඒවාට පිළිතුරු දෙන්නේ ද්වේශයෙන්, එහෙම නැත්තම් අපහාස කරලා.

      Delete
  2. කථාවනම් සුපිරි මචං , උබේ කෙටි කතා කියවන්න ආසයි හරිම නිර්මානශිලියි ,
    වැඩිය කියන්න දෙයක් නැහැ සාර්ථකම නිර්මාණයක් අනිත්වා වගේම ,
    මම කැමතිම විදියේ කෙටිකථා ලියන බ්ලොග් රචකයන් කිහිප දෙනා අතර උබත් ඉන්නවා.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා චමී....සටහන් දිරියක් හැම විටම.

      Delete
  3. නියමයි! එක දිගටම කියෙව්ව

    ReplyDelete
  4. සිංහබාහු සිංහ සීවලි අයියා නගෝ ඉපැරණි කතා පුවත බොහොම අලංකෘතව වත්මනට යොදා ඇති ආකාරය හරිම සුන්දරයි. වත්මන් සමාජ කතිකාවේ තවත් පැතිකඩක් ද මෙයින් හෙළි පෙහෙලි කොට ඇති අන්දමත් කදිමයි.
    //" සිංහබාහුයි සිංහසීවලියි කසාද බැන්දට හැබෑ ලෝකෙදි අයියලා නංගිලා කසාද බඳින සිරිතක් නෑ මගේ පුතේ........................................"// මේ වැකියෙන් ඒ හැම දේම කියැවෙනවා මනාව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා... ඔයාලගේ සහයෝගය නොවන්නට මෙතරම් දේවල් නොකරන්න තිබුනා.

      Delete
  5. නියමයි ඉවාන්. මම උඹේ කෙටිකතා එකතුවම කියවලා තියෙනවා.

    ReplyDelete
  6. මාතලන් කිව්ව වගේ මුලදිම මීටර් උනා.
    ලියවිල්ල අති විශිෂ්ටයි.
    හැබැයි මම ෆාදර් කාරයනම් මුලින්ම "පුතේ ඔය කෙලි මගෙ හොර ෂොට් එකක්.වැඩේ අල්ලල දාපන්"කියල කියනව.
    පස්සෙ පපුවෙ අමාරු හදන් නැහෙන්න ඕනැය.

    ReplyDelete
    Replies
    1. අන්න තාත්තලා....එහෙම නෙවෙයි කියන්න වෙන්නේ "පුතේ උඹට මේ ගමෙන් නම් කෙල්ලෙක් හොයාගන්න එක සුම්මා තමයි කියලා"

      Delete
    2. පිස්සුද යකෝ යාලුවො එක්ක ගමට ම ගහපු කතා කිව්වට,මගේ රත්තරං පුතාට කියන්නෙ දෙකක් එක ලග නවාගත්ත වෙලාවක,මොර සුරන වැස්ස සමග අකුණු ගහන රාත්‍රියක ගොඩ වෙච්චි ගෙදරකදී සිදු වුන හදිසි අනතුරක් ලෙසට ගොතලනේ.

      Delete
    3. පුතාට නම් කියයි,වෙන එකෙකුට කිව්වොත් අහයි , ඈ බොල උඹට හදිසි අනතුරු වෙලා තියෙන තරමට ඕක ඉතුරුවෙලා තියෙන එකත් පුදුමයක් කියලා :D

      Delete
    4. පිස්සුද යාලුවො දන්නව බුවා රා කට්ට ගහන කාලෙ ඉදල ලුනු කැටය,රතු ළූනු සහ දෙහි වගේ දේශීය විෂ බිජ නාශක වල දැනුමක් තිබුන කියල.

      Delete
    5. ඒක තමයි මේ දිගුකල් පැවැත්මේ රහස...!

      Delete
  7. ඇගේ හිරිගඩු පිපුණා වගේ උණා

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ සාර්ථකයි ....තැන්ක වේවා

      Delete
  8. අගෙයි.. වට පිට කැරකෙන කොට හිතුනා.. ඕවා සමාජයේ තියෙන දේවල් නෙව බං. අර ළගදි කෝචිචියට හැප්පිල දෙන්නෙක් මැරුනේ. මිනිස්සු හිතනවා මේවා කතා කරන එක අර සංස්කෘතියද මොකක්ද එක බල්ලට දාන එකක් කියලා. ඒ උනත් මේවා කතා වෙන්න ඕන.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔව් බං... සංස්කෘතියට හොඳ නැත්තේ මේවා කතා කරන එක තමයි...කොරන්න හැමෝටම හොඳයි. එකනේ බැල්කනියෙන් වැටිලා කකුල කඩාගන්න හොඳයි ..ඒවා ලිව්වම උන්ට දානවා අචාර් ධර්ම.

      Delete
  9. වෙන්නේ මොකක්ද කියල මගදීම තේරුම්ගියා බන්.
    උඹ මේක ලියලා තියෙනවා හොදයි.හැබැයි උඹට මිට වඩා හොදට ලියන්න පුළුවන් බන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...දැන් මොකද කියන්නේ කියලයි කල්පනා කෙරුවේ..

      Delete
  10. හරිම සාර්ථක කතාවක් . අවසාන වැකිය තුලින් පාඨකයාගේ සිත ඇද බැද ගැනීමට සමත් වන අතර නැවත මුල සිට කතාව කියවීමට සිතේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වැවා... බැරිද ඕක කවියෙන් කියන්න.

      Delete
  11. කතන්දරේ තේරුනාට හැමදාම වෙන ටික උනත් අන්තිම වෙනකම් කියෝගෙන ගියා... ඇත්තටම යාලුවෙච්ච කොල්ලෙක්ට කෙල්ලෙක්ට ඔය වගේ සිද්ධියක් උනොත් මොනවා හිතෙයිද... අයියයි නංගියි කියලා පස්සේ දැනගත්තොත්... තමන්ට කරන්න කියලා කිසිම දෙයක් ඉතුරුවෙලා නෑ කියලා තේරුණාම... පිස්සු නොහැදි ඉඳියිද....

    ReplyDelete
    Replies
    1. ඒ ගැන අයෙ කියලා වැඩක් නෑ. පිස්සු හැදිලා බේරුනොත් ඇති.

      Delete
  12. ඔයා තරම් හොදට පද ගලපලා ලියන්න පලුවන් උනානම් මට....මම ඒ හැම වචනයක්ම දාලා ඔයාව අගය කරලා කොමෙන්ට් කොටුව පිරෙන්න කොමෙන්ටුවක් කොටනවා.
    වදිනවා අය්යන්ඩි බොක්කට

    ReplyDelete
    Replies
    1. ඔය ගලපලා තියෙන තරම මදෑ සංජීව. තැන්කු වේවා බොහොම.

      Delete
    2. කෝ අද "ජය වේවා" කියන්නෙ නැත්ද?

      Delete
    3. ඇනෝ
      "ජයවේවා" කියන්නේ හොද දෙයක් එක නිසා ඔයාටත් ජයවේවා

      Delete
  13. බාගයක් වගේ කියවද්දී මටත් තේරුනා.. හැබැයි අන්තිම පේලිය දැක්කහම මේක මෙච්චර ලස්සනට ටක්කෙට කිව්වේ කොහොමද කියලා හිතා ගන්න බැරි උනා!

    ReplyDelete
  14. නවකතා කරුවා අභිබවා කම්මැලියා ඉස්මතු වෙලා,
    කතාවක අවසානය මුලින්ම හිතාගන්න පුලුවන් උනාම රස ටිකක් අඩු වෙනවා.

    ReplyDelete
  15. කතාව නං හැමදාමත් වගේ ලස්සණට ලියලා තියෙනවා. හැබැයි මුල දී මටත් තේරුනා අන්තිමට වෙන දේ ගැන. තව දෙයක්, මේ කතාව විවිධ කෝණවලින් මම කිහිප වතාවක් කියවලා තියෙනවා. හැබැයි සිංහබාහු එක්ක සම්බන්ධ කරලා කියවපු පළවෙනි වතාව තමයි මේ! දිගට ම වෙනස් ආකාරයේ කතා ලියන්න ජයවේවා!

    ReplyDelete
    Replies
    1. කොහෙන්වත් කොපි කරේනම් නෑ ඔන්න, ඇත්තටම ධාරා මේ කතාව ටිකක් ජනප්‍රිය මාතෘකාවක්, පත්තර කීපයකම මේවගේ සිද්ධි කීපයක් දැකලා තමයි ලියන්න හිතුනේ. දිගටම ලියන්නනම්, දිගටම එන්න කියවන්න. ජයවේවා.

      Delete
  16. අදත් මට නව කතවක් මතක් උනා.නම මතක නෑ.එකෙ අම්ම සිද්දිය ලියල තියල සියදිවි නසා ගන්නව.සින්හබාහු කතවට සම්බන්ද කිරිම.අවසානය නියමයි.පොතක් එලියට දෑම්මොත් මොකද

    ReplyDelete
    Replies
    1. හිතලා බලන්න වටිනා යෝජනාවක්.... බලමු.

      Delete
  17. කතාව නං වෙනද වගේම සුපිරියි.

    බොහෝ කාලෙකට ඉස්සර මෙවැනි ඇත්තම සිදුවීමක් පත්තරයක් දැක්කා. ගෙවල් වලින් සත්‍යය පසුව හෙලිකලත්, ඔවුන් " දැන් ඒකට පරක්කු වැඩියි" කියා විවහා වුනා.

    ReplyDelete
    Replies
    1. ඔව එහෙම කතාවක් මටත් මතකයි.....ඔය හැමදේම වස්තුබීජ වුනා මේ කතාවට සහෝ....ස්තුති වේවා.

      Delete
  18. කතාව කලින්ම තේරුන නිසා කලින් කතා තරම්ම හොඳයි කියල කියන්න බෑ. මාතෘකාව විතරක් නෙවේ මේ වස්තුබීජය සහිත කතා බර ගනනක් කියවල තියනව. නව කතාවකුත් කියවල තියනව. කමක් නෑ ඊලඟ එක හොඳට ලියපං.

    ReplyDelete
    Replies
    1. හයියෝ......මේ අදහස පිළිගන්න වෙනවා. එහෙම වුනාම රසය අඩු වෙන බව හැබෑව.

      Delete
  19. උඹගෙ මෙ කතා ලිවිල්ල නම් සිරා බං. ඒත් මේකෙදි අනිත් අයට වගේම මටත් මුලින්ම සීන් එක මීටර් වුනා. ඒත් කතාව රස විඳින්න ඒක බාධාවක් නෙවෙයි ඉතින්.. තව හොඳට ලියමු..

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා චන්දන.. ඊළඟ සැරේ නම් මුලින් මීටර් නොවෙන්න ලියනවා.

      Delete
  20. කතාව මැදදී වෙන්නේ මොකක්ද කියල මටත් තේරුනා. නමුත් කතාව ලස්සනට ලියල තියෙනවා.
    අපොයි දෙයියනේ ඔය වගේ දෙයක් නම් කාටවත් සිද්ද වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ප්‍රාර්ථනා කරන්න වෙන්නේ, එත අද සමාජය විෂම වෙලා තියෙන තරමට මේ දෙඅවල් නොවී තියෙන්න විදිහකුත් නෑ.

      Delete
  21. මචං තරහ වෙන්න එපා මෙහෙම කියනවට, මේ කතාව නම් මෙලෝ රහක් නැහැ, ඔය කමන්ට්ස් දාලා තියෙන එවුන් බොරු කියලා තියෙන්නේ,
    මේක නිකන් බාල වර්ගයේ හින්දි ෆිල්ම් එකක් වගේ

    (මිහිරි වූ බොරුවට වඩා කටුක වූ සත්‍ය උතුම් බව සලකන්න)

    ReplyDelete
    Replies
    1. මොකටද තරහ වෙන්නේ, විචාරය යනු හොඳ කීම පමණක් නොවේ.
      කොමෙන්ට්ස් දාලා තියෙන අනිත් අය බොරු කියලා තියෙනවද කියන්න මං දන්නේ නෑ. එත් ඔයා කියලා තියෙන්නේ ඇත්ත කියලා හිතනවා, මොකද රසවිඳීමේ හැකියාව හා රසවිඳින ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නිසා.ඔයාට හොඳ දේ තව කෙනෙක්ට නරක වෙන්නත් ඔයාට නරක දේ වෙන කෙනෙක්ට හොඳ වෙන්නත් පුළුවන්.

      Delete
    2. ඇනෝ මචං
      අනිත් එවුන් බොරු කියලා තියනවා කියලා කියන එක වැරදි..අපි හැමේගම හැමෝගෙම රසවින්දනය එක වගේ නැහැ නේද?

      Delete
    3. එක තමයි සංජීව මමත් කිව්වේ....

      Delete
  22. කතාව කියවගෙන යනකොට මට හිතුනා මෙහෙම අවසානයක් ඇති කියලා. මම සතුටුයි මොකද මම බලාපොරොත්තූ උන අවසානය තියන නිසා

    … ……මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු ජෝන්, සමහරු බලාපොරොත්තු වෙන අවසානය තියෙනවට කැමති නෑ.

      Delete
  23. මම සෙංකෝලයා වෙමි. අමාරුවෙන් බ්ලොගක් හදාගත්තත් කිසිවකු එය කියවන්නට එන්නේ නැ. ඊයේ රෑ ලක්මාල් කන්දේවිතාන අයියා උපදෙස් ටිකක් දුන්නා ඒ ගැන. මේවා සින්ඩිවලට දාන හැටි කවුරු හෝ කියලා දෙන්න මට.
    ඒ වගේම පොඩි වෙලාවකට හෝ ගොඩ වැදිලා මගේ අඩුපාඩුත් කියල දීල යන්න. ප්‍රියන්ත මාතලන් මහතා කියනවා සහන්ගෙන් හෝ හිරැගෙන් උපදෙස් ගන්න කියලා. තාම ඒ අය මට සෙට් උනේ නෑ. හැකි කෙනෙක් උදව් කරන්න. මේ ලක්මල් අයියගේ උපදෙස් පිටයි මේක දාන්නේ.
    සෙන්කෝලය 3වැනි ලිපිය මෙතැනින්

    ReplyDelete
    Replies
    1. කන්දෙවිතාන නෙවෙයි කන්දෙවිදාන...
      අඩෝ සෙන්කොලයෝ .... මම උඹේ රෙද්දේ ගූ කතාවත් කියෙව්වා. ඒත් එකේ එල්ලෙන්න ෆලෝ විජට් එක දාලා තිබ්බේ නෑ, නැත්තම් මම කියවන හැම බ්ලොග් එකම ෆලෝ කරනවා. මගේ බ්ලොගයට ආවත් නැතත් මම කියවපු හැම එකක්ම මගේ බ්ලොග් රෝලේ තියෙනවා. මගේ එකේ කොමෙන්ට් කලත් නැතත් මම කියවන හැම එකකම කොමෙන්ට් එකක් දානවා.
      බ්ලොගේ කියවන්න කට්ටිය එන්නේ නෑ කියලා දුක් වෙන්න එපා, හැලෙන්නත් එපා. මම බ්ලොග් එක ලියන්න අරන් දැන් අවුරුද්දකටත් ළඟයි. ඒත් තාම 50 ක් වත් ෆලෝ කරලා නෑ. මගේ මුල් පොස්ට් වල කොමෙන්ට් ඇත්තෙම නැති තරම්. කොටින්ම කිව්වොත් මම හරිම හෙමින් ගමනක් යන්නේ. ඒත් හදිසි වෙන්න, කොමෙන්ට් 100 ක් 200 ක් අරගන්න උණක් නෑ.
      මම විශ්වාස කරන්නේ අපි හරි සහ වැදගත් දෙයක් කරනවානම් කට්ටිය එයි. මාතලන් , අටමා මට හොඳ සහයෝගයක් දුන්නා. මටත් අටමා තමයි බ්ලෝග හදන්න උදව් කරේ. නලින් අයියා ඇතුලු කීපදෙනෙක් හැර බ්ලොග් ලෝකේ නිතර සැරිසරන ප්‍රවීනයෝ ගොඩදෙනෙක් මගේ බ්ලොගට ආවේ මාතලන් නිසා තමයි.
      කලබල වෙන්න එපා හදිසි වෙන්නත් එපා. සින්ඩි වලට ඇප්ලයි කරපු ගමන වැටෙන්නෙත් නෑ, කාලයක් යනවා. ජීවිතේ ගොඩක් දේවල් වලදී වගේ මට හිතෙන්නේ හදිසි වෙන්න හොඳ නෑ කියලා. අපි බ්ලොග් ලියන්නේ සතුට සහ තෘප්තිය වෙනුවෙන්. අපේ බ්ලොග් එකට කොච්චර ආවත් හිතේ සතුට නැති වුනොත් ඒකෙන් වැඩක් නෑ. අනික් බ්ලොග් ලියන අයත් මම හිතන්නේ එහෙමයි.

      Delete
  24. මමත් අදමයි මෙතනට ආවේ...... පොස්ට් එක නෙවි සෙන්කොලයාගේ කොමෙන්ටුවට ලියල තියෙන කතාව දැක්කම එක මටත් ග්ලප්‍ර්නවා කියල හිතුනා මචෝ වෙලාවක මැලේසියාව පැත්තෙත් ඇවිත් යන්න
    http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මැලේ රාල බොහොම ස්තුතියි මෙපැත්තේ ආවාට. අනිවා මමත් එනවා.

      Delete
  25. මමත් අදමයි මෙහේ ආවේ. ඇත්තටම ලස්සන කතාවක්. සිංහබාහු කතාව තාමත් අපි අතරම තියෙනවා නේද? සුබපැතුම් ලිවීමට. ...

    ReplyDelete
    Replies
    1. පුංචි කුමාරිහාමිටත් බොහොම ස්තුතියි මෙහෙ ආවාට. දිගටම එන්න. ඉතිහාසය හැමදාම ආපහු සිද්ධ වෙනවා.

      Delete
  26. ඇත්තක්ද?
    ප්‍රබන්දයක්ද?
    මොකක් උනත් හොදින් ලියල තියෙනවා. :-) දිගටම ලියන්න දිරි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත සිද්ධියක් ඇසුරෙන් කල ප්‍රබන්ධයක්‌,
      ස්තුතියි උපේක්ෂා කොමෙන්ටුවට , දිගටම එන්න.

      Delete
  27. මම දැන් තමයි මේක දැක්කේ ඉවෝන්.. මොකද මේ දෙපාරක්ම කොටියා එනවා කියලා කෑගැහුවේ..? ඇත්තටම කොටියා ආව දාට මොකද කරන්නෙ?

    ReplyDelete
    Replies
    1. වෙන මොකෙකේ හරි ආවා කියලා කෑගහන්න තමයි වෙන්නේ....:D

      Delete
  28. පරණ පෝස්ට් ටික හෙමීට කියවන්න ඕනේ..

    ReplyDelete
  29. මොකෝ බන් උඹ දාන පොස්ට් බහිරවයා ගිලිනවයි.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං පබ්ලිෂ් කොරන්නේ නැතුව බ්ලොගරයා පාට් දානවනේ..

      Delete
  30. මේ කතාව ලියපු ආරයට බොහොම කැමතියි...හරි අපූරු කතාවක්...

    ReplyDelete
  31. අනේ ඔවු පවුලූශෝ... නම හින්දා කතාව මගදි ක්ලික් වුනා. ඒ නිසා කලින් කතාවල තරම් හොඳට ක්ලයිමැක්ස් එක හිතට වැදුනේ නැත.

    ReplyDelete
    Replies
    1. ශේහ් එකත් එහෙමද..? මටත් හිතෙනවා වැරදි නමක් දැම්මේ කියල

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]