Wednesday, August 14, 2013

අලුත් ඉස්කෝලේ


බිත්තියේ එල්ලලා තිබුන ලොකු ඉලක්කම් තියෙන කැලැන්ඩරේ දිහා බලපු ශම්මිට "හ්ම් මේ මාසෙත් ඉවරයි " කියලා කියවුනේ ඉබේටම.
ලඟ තිබිච්ච පුටුව කැලැන්ඩරේ තියෙන බිත්තිය ලඟට අරං ගිය ශම්මි කැලැන්ඩරේ පිටුව පරිස්සමට ඉරාගත්තා , බොහොම සීරුවට දෙකට නවපු කැලැන්ඩර් කොලේ අරං ගිහින් මේස රෙද්දට යටින් කලින් ඉරපු කොළ තියෙන තැනටම දැම්මා.

ඉරන කැලැන්ඩර් කොළෙත් පරිස්සම් කරන්න තරම් තත්ත්වයකට තමුන් පත් වුනේ දෛවයේ සරදමක් නිසාද කියල ශම්මිට හිතුනේ ඇහැට ආපු කඳුලකුත් එක්ක.

"පුතාගේ ඉස්කෝලේ ඉන්ටර්විව් එක අනිද්දා නේද දෙයියනේ"
 , දරුවට ඇඳුමක් ගත්තෙත් නෑ තාම,
දුර අනුවනම් ඉස්කෝලේ ලබෙන්නම ඕනේ ,
ජීවන්තලාගේ ගේ පැල්පතක් වගේ වුනාට ඉස්කෝලේ අතේ දුරින් තියෙන්නේ, ටවුමේ ප්‍රසිද්ධම ඉස්කෝල වලින් එකක්.

ඒ එක්කම මතක් වුනේ ,පුංචි කාලේ තමුන් ගෙවපු සෙල්ලක්කාර ,සැප පිරි ජීවිතයට කණකොකා හැඬුවේ ජීවන්ත එක්ක යාලුවුනා කියලා තාත්තා දැනගත්තු වෙලේ නේද කියලා .

දැක්ක ගමන් "ජෝන් ඒබ්‍රහම් " සිහි වෙන ජීවන්ත අල්ලගන්න ක්ලාස් එකේ කෙල්ලෝ රබර් ඇහැ දැම්මට ජීවන්ත කොයි වෙලේත් ක්ලාස් ඇරෙන වෙලාවට එයාගේ ලුමිනස් කොළ පාට දොර දෙකේ රේසිං කාර් එකෙන් සද්දෙට රවුමක් ගහන ගමන් ශම්මි දිහාට බැල්ම දානවා කියලා හැමෝටම තේරිලා තිබුනා.
මේ නිසාම ශම්මිගේ යාළුවො කීප දෙනක් ශම්මි එක්ක හිත නොහොදින් හිටියා කියලාත් ශම්මි දැනන් හිටියා.  
"Jeewa Arun, Marketing Executive " එක තමයි ජීවන්ත දීපු විසිටින් කාඩ් එකේ  තිබ්බ නම, ලංකාවේ විතරක් නෙවෙයි ලෝක ප්‍රසිද්ධ සුවඳ විලවුන් කොම්පැනියක්,

"අපේ කම්පැනි එකේ එක්සේකටිව්ලට මාසෙකට සැරයක් නිකම් හම්බවෙන ඒවානේ " ජීවන්ත එහෙම කිව්වේ එයා ශම්මිට තෑගී දෙන හැම සුවඳ විලවුන් බෝතලෙකම "නොට් ෆොර් සේල් " කියලා ගහලා තියෙන්නේ මොකද කියලා ශම්මි අහපු වෙලාවේ.

ගෙදරට සම්බන්ධෙ අහුවෙලා හිරකාරියක් වෙලා ඉන්නකොට ලැබිච්ච පලවෙනි අවස්ථාවේම ජීවන්ත එක්ක පැනලා ඇවිත් අවුරුදු විසිඑක වෙනකොටම අම්ම කෙනෙක් වෙන්න වුනු එකයි,
 ජීවන්ත පෙන්නපු පාට පාට ලෝකය , ජීවන්තගේ ලෙඩ ඇඳේම ඉන්න අම්මයි , තුන් දෙනෙකුට ඉන්න ඉඩ නැති  පුංචි ගේ කෑල්ලයි දැකපු ගමන්ම කඩා වැටුනේ අම්ම තාත්තාට දීපු ගින්දර නිසම්මයි කියලයි ශම්මිට දැන් හිතෙන්නේ, ඒ මදිවට මාකටිං එක්සේකටිව් නිකම්ම සේල්ස් රෙප් කෙනෙක් වුනු එකත් එකතුවුනා.


ඔෆීස් එකේ අලුතෙන් ආපු ගෑනු ළමයෙක් දූෂණය කරපු වරදට ජීවන්තයි තව තුන් දෙනෙකුයි අවුරුදු පහකට හිරේ ගිය දවසේ, එදා ශම්මිගේ මුළු ලෝකෙම කඩන් වැටුනේ ආයේ කවදාවත් හදන්න බැරි විදිහට, ඒ වෙනකොට පුතාට හරියටම අවුරුද්දයි,

ලස්සන රාජධානියක ඔටුන්න හිමි කුමරාගේ අගමෙහෙසිය වෙන්න ආපු ශම්මිට අන්තිමට ජීවන්තගේ ලෙඩින් ඉන්න අම්මව බලාගන්නත් වුනා, ඒ මදිවට ගාමන්ට් එක්ක මහා දුකක් විඳින්නත් වුනා.

මෙච්චර දේවල් වෙලත් ගෙදර කිසිම කෙනෙක් තමුන්ට කිසිම බුරුලක් නොදීපු එකෙන්ම ශම්මි ලොකු අමාරුවක් වැටුනා.

පුතා ඉස්කෝලේ දාන්න කට්ටිය කියන විදිහට තියෙන එකම ප්‍රශ්නේ පාසල් සංවර්ධන සමිතියට දෙන්න තියෙන ආධාර මුදල
"අඩුම රුපියල් දහදාහක් දෙන්න ඕනලු ශම්මි " අනෝමා අක්ක කිව්වේ අපිටනම් ඕක මොකක්ද කියන්න වගේ ,
ඇත්තටම ඒ ගාන දෙන්න වුනොත් නම් ඒ මාසේ නොකා නොබී තමයි ඉන්න වෙන්නේ. පඩියෙන් ගන්න පුළුවන් ඇඩ්වාන්ස් ඔක්කොම අරගෙන මේ වෙනකොට. ශම්මිට හීල්ලුනේ නොදැනීම ...

"අම්මේ ...අම්මේ...."
පුතා කෑගහගෙන දුවගෙන එන සද්දෙ ඇහුනු ශම්මි  ඉක්මනට කඳුළු පිහිදාගත්තා.

...................................................................................................................................................................

ඉන්ටවිව් එකට හැමෝම ඇවිත් හිටියේ අම්මයි තාත්තයි එක්ක , තමුන්ගේ පුංචි එකා මේ ළමයි අතර කොන්වෙයිද කියන එක ගැන ශම්මි හිටියේ නොසෑහෙන දුකකින්. අනෝමා අක්කත් එක්ක හිනාවුනාට නිකන් නොදන්නා කෙනෙක් එක්ක හිනාවෙනවා වගේ කට කොනකට යන්තම් හිනාවක් දාපු අනෝමා අක්කත් අහක බලාගත්තේ "උඹලා නිසා අපිටත් කැපෙයි" වගේ

වාරේ ආවාම ඉන්ටවිව් බෝඩ් එක ලඟට ගිය ශම්මිට ආපහු යන්න හිතුනේ එතන වාඩිවෙලා හිටපු අනිත් කෙනා දැක්කමයි , ප්‍රින්සිපල් සර් ලඟින්ම වාඩිවෙලා හිටියේ ජීවන්තගේ මාමා , ජීවන්ත හිරේ ගිය දවසේ .........
"තොපි කිසි එකෙක් මීටපස්සේ මට නෑකම් කියාගෙන එන්න එපා, තොපි වන්චාරියෝ වුනාට මම වැද්ගත් විදිහට ජීවත් වෙච්ච මිනිහෙක් , ඉස්කෝලේ එවුන් මේක දැනගත්තොත් හිතාවි මාත් තොපි වගේම වනචාරියෙක් කියලා,"

"බුදු මල්ලියේ ....මම ....."

"පලයන් අක්කේ යන්න , උඹ ගැන හිතලා තමයි මෙච්චර දවසක් මෙහෙ ඉඳලා හිටලා හරි ආවේ, අදින්පස්සේ ඒකත් නෑ, තොපි මගේ නෑයෝ නෙවෙයි,"

එදා සිද්ධ වෙච්ච හැම දේම ශම්මිගේ හිතේ ක්ෂණයකින් ඇඳිලා පෙනී නොපෙනී ගියා, ශම්මි ඉන්ටවිව් බෝඩ් එක පැත්තට ඇවිදගෙන යන ගමන තමන්ගේ පුතා දිහා බැලුවේ කියාගන්න බැරි අසරණා කමකින් , කිසි  දෙයක් නොදන්නා පොඩි එකා වටපිට බල බලා යන හැටි දැක්කම  ශම්මිට ඇඩුම් ආවත් බොහොම අමාරුවෙන් ඒක නවත්ත ගත්තා.

ප්‍රින්සිපල් සර් නම් බොහොම කරුණාවන්ත තැන්පත් කෙනෙක්, ඇප්ලිකේෂන් එක දිහා බලපු ප්‍රින්සිපල් සර්

"ඇලිස්වත්ත පාරේ ..? බොහොම ලඟනේ .......අපි දෙමව්පියෝ දෙන්නටමනේ එන්න කියලා තිබ්බේ, කෝ මේ දරුවාගේ තාත්තා  "

"ම්..ම්..ම්ම්. එය ප්‍රින්සිපල් සර් මේ දවස් වල ඉන්නේ අබ්‍රෝඩ්   ඒකයි" ශම්මි ඒ ටික කියන ගමන් ජීවන්තගේ මාම දිහා යටහින් බැලුවේ උදුතොලට දාපු දාඩිය බින්දු ලේන්සුවෙන් පිහිදාන ගමන්, කට ඇදකරගත්තු මාමා යන්තම් උපහාස් හිනාවක් දාන හැටි දැකපු ශම්මිට පොලොව පලාගෙන යන්න හිතුනා.

"මොකද ආරියශීල සර්..."

"නෑ ප්‍රින්සිපල් සර් මම මේ අහන්න ගියේ මේ අම්මගෙන් මොන රටේද කියලා"

ආරියශීල එහෙම කියපුවාම ප්‍රින්සිපල් සරුත් ශම්මිදිහාවේ බැලුවේ  එකට උත්තරයක් බලාපොරොත්තුවෙන් වගේ...
"ම් ..ම් ..ම්ම් මේ  කටා......නෑ නෑ ඕමාන් "

බොරු කියන එක කොයි තරම් අමාරුද කියන එක මේ වෙනකොට ශම්මිට ඕනවටත් වඩා තේරිලා ඉවරයි. ඒත් එක්කම ඉස්කෝලේට ලමයව දාන අදහස ඉබේම අතඇරුනා වගේ ශම්මිට දැනුනා...

තව ප්‍රශ්න කීපයක්ම ප්‍රින්සිපල් සර් ඇහුවා වගේම ඒවාට උත්තර දෙනකොට ආරියශීල අපහාසාත්මක හිනාවක් දාගෙන තමුන් දිහා බලාගෙන හිටපු හැටිත් දරාගන්න බැරි මට්ටමට එනකොටම

"හොඳයි අම්මේ අපි දන්වල එවන්නම්, අනෙක් නීතිරීති ටික දන්නවනේ "
"ඔව් ප්‍රින්සිපල් සර්"

 ආපහු යන තමුන්ව ඔලුවෙන් පෙන්නමින් ආරියශීල ප්‍රින්සිපල් සර්ට මොනවද කියන හැටි ශම්මි හොඳට දැක්ක,

ගෙදර ආපුවෙලාවෙ ඉඳන් මහා රෑ වෙනකම්ම ශම්මි කලේ හොඳටම අඬපු එක. ළමයට ඉස්කොලුයක් නැතිවෙන එක ගැන ඉහිලුම් නොදෙන දුකක් වගේම ජීවන්ත ගැන පුදුම කේන්තියක් තමයි ශාම්මිට ආවේ.

................................................................................................................................................................
පහුවදා ලන්ච් ටයිම් එකෙදී ශාම්මිගේ ෆෝන් එක රිංවෙන්න පටන් ගත්තා ,

"හෙලෝ ..."

"හෙලෝ මිසිස් ශම්මි දුලන්ජනා ඒකනායක .."

"ඔව් කතා කරනවා......"

"මම .......................විද්‍යාලේ ඔෆිස් එකෙන් ..  , ඔයාගේ පුතා අපේ විද්‍යාලයට තේරිලා ඉන්නේ ,හෙට උදේ නවයට ඉස්කෝලෙට එන්න ලියුම් ගන්න , මතක ඇතුව පාසල් සංවර්ධන සමිතියේ අධාරමුදල ගෙවන්න ලෑස්තිවෙලා එන්න, ඒ රිසිට් එක ලඟ තියාගන්න අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන්න , ස්තුතියි,"

"මේ ... හෙලෝ ... හෙලෝ..."

ඇත්තටම මේක හීනයක්ද , කවදාවත් විඳලා නැතිසතුටක් ශාම්මිගේ හිත පුරා විහිදිලා ගියා. එදා දවසම ශම්මි ගතකරේ හරිම ප්‍රබෝධයෙන්...

..................................................................................................................................................................

පහුවදා උදේ හරියටම නවය වෙනකොට ශම්මි ඉස්කෝලේ ගේට්ටුව ලඟ ,
ඔෆිස් එකේ දොර ඇරලා තියෙනවා වගේම, ඔෆිස් එක ලඟ නවත්තලා තියෙන කාර් එකේ දොර ඇරගන අතට ගත්ත ෆයිල් මිටියෙන් මොනවදේ තෝරන විදුහල්පතිතුමාවත් ඇරලා තිබ්බ ගේට්ටුව ලඟට පැහැදිලිවම පෙනුනා.

"ගුඩ් මෝනිං සර් "

ඒ සද්දෙට හැරිලා බලපු ප්‍රින්සිපල් සර් කන්නාඩි දෙකට උඩින් ශම්මි දිහා බැලුවා,

"ගුඩ් මෝනිං  , මම ඒත් බැලුවා කවුද කියලා ... ඔෆිස් එකට ගිහින් වාඩි වුනානම්, මම රිසිට් පොත් අරං එන්නං"

ශම්මි ඔෆිස් එක ඇතුලට ගිහින් වාඩි වුනා විතරයි

දිඩිස් ගාලා ඔෆිස් දොර වැහුනා......

හැරිලා බලපු ශම්මි දැක්කේ තමුන් දිහාවට කෑදර හිනාවක් දාගෙන ලං වෙන ප්‍රින්සිපල් සර්ව......
මෙච්චර වෙලා තිබ්බ කරුණාවන්ත මූණ නෙවෙයි පෙරේත බැල්මක් තියෙන අමුතුම මූණක් තියෙන සතෙක් තමුන් පිටිපස්සේ හිටගෙන ඉන්නවා වගේ ශම්මිට පෙනුනා

ප්‍රින්සිපල්ට ඕනේ වෙලා තියෙන්නේ මොනවද කියන එක වටහා ගන්න ශම්මිට අමුතු බුද්ධියක් ඕන වුනේ නෑ.

"අනේ  අනේ සර්... මෙන්න සල්ලි ..මේ ඔක්කොම තියෙනවා....."
රුපියල් දහදාහ අතේ ගුලිකරපු ශම්මි සර් දිහාවට සල්ලි දික් කළා..........

"ඔයාගෙන් සල්ලි ගන්න පුලුවන්ද කෙල්ලේ ....... ඔන්න ආරියශීල කොච්චර විරුද්ධ වුනත් ඔයාගේ දරුවා මං ගත්තා, අපි ඉතින් ඔයාලා වගේ අමාරුකම් තියෙන අයටනේ උදව් කරන්න ඕනේ...නේ......ද පැටියෝ..."

ප්‍රින්සිපල් මෙහෙම කියන ගමන් ශාම්මිගේ මූණ අතගාන්න පටන් ගත්තා ...ඒ රැලිවැටුණු ගොරෝසු අතේ ස්පර්ශය ශම්මිට පිළිකුල් .....

පුටුව තල්ලුකරගෙන නැගිට්ට ශම්මි දබර ඇඟිල්ල දික්කරලා " තමුසේ මගේ ඇඟට අතක් හරි තිබ්බොත් මම කෑ ගහනවා මුළු ගමටම ඇහෙන්න."

" හෝ හෝ .... මමත් කැමතියි ටිකක් වැඩ පෙන්නන ගෑනුන්ට පැටියෝ....."හොඳයි හොඳයි ඔයා අකමැතිනම් අපි මේ වැඩේ නවත්තමු"
"ඔහෙට පුළුවන්නේ ලමයව වෙන ඉස්කෝලෙකට දාගන්න නේද? "
"හැබැයි මතක තියාගන්නවා තමුසෙගෙ මිනිහා රේප් කේස් එකකට හිරෙඉන්නේ කියලා මම හැම ප්‍රින්සිපල් කෙනෙකුටම කියනවා"

" එතකොට තමුසෙට පුළුවන්නේ ළමයත් ඒ වගේම දාමරිකයෙක් කරන්න ඉස්කෝලේ යවන්නේ නැතුව."

ළමයත් ඒ වගේම දාමරිකයෙක් කරන්න ඉස්කෝලේ යවන්නේ නැතුව."

ළමයත් ඒ වගේම දාමරිකයෙක් කරන්න ඉස්කෝලේ යවන්නේ නැතුව."

ඒ කතාව ශම්මිගේ ඔලුව ඇතුලේ දිගින් දිගටම දෝංකාර දෙන්න ගත්තා.....ශාම්මිට මහා අසරණ කමක් දැනෙන්න ගත්තා ........
ජීවන්ත ,අම්ම තාත්තා, ආරියශීල අනෝමා අක්කා... මේ හැමෝම තමන්ව වටකරගෙන හිනාවෙවී බලාගෙන ඉන්නවා වගේ ශාම්මිට හැඟුනා,.....
ප්‍රින්සිපල් සර් තමන්ගේ ලඟට ඇවිත් තමන්ව බදාගෙන  ඉඹිනවා දැනේද්දීම ශම්මි හැගීම් දැනීම් නැති කෙනෙක් වගේ ඔහේ බලාගෙන හිටියේ ප්‍රින්සිපල් සර්ට ඕන දෙයක් කරගන්න ඉඩ දීලා ,
ප්‍රින්සිපල් සර් පිස්සුවෙන් වගේ ශම්මිගේ ඇඟ උඩ දඟලන හැම මොහොතකම ශාම්මිට පුතාගේ මූණ මැවිලා පේන්න වුනා.


එදා කොහොම ගෙදර ගියාද කියලා ශම්මිට මතක නෑ, ගෙදර යනකොට පුතා කඩදාසි ඔරුවක් තුරුල් කරන් හොඳටම  නිදි. පුංචි එකා නින්දෙන් හිනා වෙනවා.
ඉස්කෝලේ ලියුම පුතා ලඟින් තියපු ශම්මි පුතා ලඟින්ම ඇඳේ වැතිරුණා........
පුංචි එකාගෙ ඔලුව අතගෑව ශම්මි දැක්කා පොඩ්ඩා තාම හීනෙන් හිනාවෙනවා ,
පපුව ඇතුලේ මොකක්දෝ හිරවෙනවා වගේ දැනුනු ශම්මි හයියෙන් කෑ ගහලා පුතාව බදාගත්තා ...

"පුතේ උඹේ අම්මා වේසියක් නෙවෙයි මගේ රත්තරන් පුතේ "



99 comments:

  1. අඩුම තරමේ ශම්මිට ඒක හරි දීලා ළමයව ඉස්කෝලෙට දා ගන්න අවස්ථාවක් තිබුනා..තව කොයිතරම් අසරණ අම්මලා ඉන්නවද එහෙම චාන්ස් එකක් වත් නැති...සියල්ලම තීරණය වෙන්නෙ සීමිත පිරිසක් අතේ රැඳිච්ච බලය වන සමාජයක මේ වගේ දේවල් සුලබයි...

    ReplyDelete
    Replies
    1. ඔව්, මේවගේ දේවල් අද සමාජයේ ඉතාම සුලබ දේවල් වෙලා ඉවරයි, සමාජය අද මේවගේ දෙයක් දිහා බලන්නේ තවත් එක සිද්ධියක් දිහා බලන විදිහට විතරයි, මේ ඇතුලේ තියෙන සමාජ ව්‍යසනය කවුරුවත් හිතන්නේ නෑ.

      Delete
  2. සිරා ම කතාවක්. පොදු සිද්ධියක් ලොකු කෝණෙකින්. මම කැමති යි මේ වගේ කතාවලට. කතාවේ හැමෝම වැරදිකාරයෝ. අහිංසක පොඩි උන් මේ නිසා දුක් විඳින එක නං පව්! මහ උන්ගේ වැරදිවලට අහිංසකයෝ දුක් විඳිනවා. ඒත් මේක වෙනස් කරන්න අපිට බැහැ මොනවා කළත්. හැමදාමත් මේක මේ විදිය ම තමයි!

    ReplyDelete
    Replies
    1. //"මහ උන්ගේ වැරදිවලට අහිංසකයෝ දුක් විඳිනවා."// අපේ රටේ හැමදාම වුනෙත්, වෙන්නෙත් මේකම නෙවෙයිද ධාරා ,

      Delete
    2. හ්ම්ම්, කොයි පැත්තෙන් බැලුවත් ඒක එහෙම ම තමයි.

      Delete
  3. බලහන් ප්‍රගීත්,පිනා ශම්මිව කොච්චර අසරණ කලාද කියලා.දරුවව වෙන ඉස්කෝලෙකට දාගන්න බැරි වෙන විදිහට අනිත් ප්‍රින්සිපල්ලටත් කියනවා කිව්වා මේ සිද්ධිය.

    එතකොට ඒ දරුවගේ අනාගතය?

    හදවත් සසල විය!
    පොඩි චේන්ජ් එකකටත් එක්ක මේක කියවපන්.

    ReplyDelete
    Replies
    1. ඔව් බං, මිනිහෙක් අසරණ වුනාම එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් හැම විදිහකටම එක කරන එක අද පුරුද්දක් වෙලා, මිනිහෙක් මාලත් එකෙන් වාසි ගන්න තත්වෙට හැමෝම පත්වෙලා. ධර්මද්වීපය නොවැ,
      අනිවා කියවනවා...

      Delete
    2. ඉවාන්,
      දරුවගෙ තත්ත හිරෙ ඉන්නව කියල ඉස්කොලෙට බාර නොගෙන ඉන්න පුලුවන්ද?මට තේරෙන්නෙ නෑ. අත්තටම ලන්කවෙ එහෙම නිතියක් හෝ මොකක් හරි තියන්වද?

      Delete
  4. ඕව සුලබ සිද්ධි කියල අපි හිතුවට ඒවායින් පීඩා විඳින අය ලක්ස ගානක් මේ සමජයේ ඉන්නව. අම්ම කෙනෙකුගේ හැඟීම් ඔබ ලස්සනට ප්‍රකාශ කරල තියෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ,සමාජය හුරු වෙලා ඉන්නේ මේවා අද සාමාන්‍ය සිද්ධි කියලා සලකන්න,ඒ තත්වෙට සමාජය හැඩගැහිලා , පාදඩකරණය කියන්නේ මේකට තමා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  5. කතාවක් විතරක් නෙවෙයි... ගෑණියෙක්ට හරි ලේසියෙන් පිහියෙන් අනිනවා වගේ දමලා ගහතෑකි වේසි කිව්වම... හැබැයි මේ කතාවේ ඉන්න පිරිමි තුන්දෙනාටම හරියන ඒ වගේ තද වචනයක් අපේ ශබ්ද කෝෂයේ නෑ... වලත්තයා කිව්වම ඒක හරි නම්බුකාරයි වගේ දැනෙන්න උන්ට..

    ReplyDelete
    Replies
    1. වේස බල්ලා, නැත්නම් වේසාවා.. තව තියෙනවා ඒවා මෙතන ලියන්න බෑ..

      Delete
    2. හිරු කිව්වා හරි.අකුරු දෙකේ වචනෙ සැරටම වදිනව.
      වේස බල්ල කිව්වම හරි හුරතල්,අනුකම්පා ගතියක් එන්නෙ.මොකද ඔටාර දඩාවතේ යන බල්ලන්ට කරන දැඩි සත්කාරය නිසා.

      Delete
    3. @හිරු
      කතාව ඇත්ත, ඒ වගේම තමයි කෙල්ලොන්ගේ පතිවත හොයනවා,එකට සමානව කොල්ලන්ගේ මොකක්ද හොයන්නේ ...අඩුගානේ ඒකට වචනයක්වත් තියෙනවද අපේ භාෂාවේ....?

      @මාතලන්
      ඒවා සැරමදී නේද..?

      @ කෙන්ජි
      ඔටාරා ,පබා එහෙම බල්ලන්ට පෙන්නන ආදරෙන් දශමයක්වත් මිනිස්සුන්ට පෙන්නනවානම් මොකද?

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  6. කොහෙන්ද බං උබේ හිතට මෙව්වා එන්නේ

    ReplyDelete
    Replies
    1. ආ අහන්න බැරි උනා අර චිත්තරේ ඇන්දේ උඹද

      Delete
    2. හිතට එනවට වඩා ඇහැට පේනවා මචෝ ...
      චිත්තරේ ගූගල් දෙයියාගෙන් ගත්ත එකක්.

      Delete
    3. මචං උඹේ බෙහෙත හරිගියා, දැන් බ්ලොගර් අවුල් නෑ, තව ...ත්තක් එල්ලන්නද ස්තුති කරලා.... :D

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  7. ෆොරෙස්ට් ගම්ප් ෆිල්ම් එකේ ඔහොම සිද්ධියක් තිබ්බ නේද...? en.m.wikipedia.org/wiki/Forrest_Gump
    en.m.wikipedia.org/wiki/Forrest_Gump හැබැයි මේකෙ ඉන්න ළමයට ලාවට වගේ සීන් එක තේරෙනව...

    ReplyDelete
    Replies
    1. ෆොරෙස්ට් ගම්ප් එකේ තියන සිද්දිය දකින්නේ පුංචි ළමයාගේ කෝණයෙන් නේ. එකේ තියන භයානක කම තමයි ළමයාට තේරෙන්නේ නෑ එතන වෙන්නේ මොකක්ද කියලා වත්

      Delete
    2. @සංචාර කැමරාව
      මං ඒ ෆිල්ම් එක බලලා නෑ නේ මචෝ...දැන් ළමයින්ට නොතේරෙනවා කියලා දෙයක් නෑ,

      @Black Puma
      එහෙම නොතේරුනාට ඒවගේ දේවල් වලට නිරාවරනයවෙන ළමයි පහුකාලීනව ඉතාම දරුණු සමාජවිරෝධීන් බවට පත් වෙනවා නේද?

      Delete
    3. යකෝ අනිවා ඒක හොයාගෙන බලපන්. එකේ ඉන්නේ සාමන්‍ය ප්‍රමාණයට වඩා IQ අගය අඩු ළමයෙක් ගැන. IQ අගය 5 කින් වැඩි කරන්න ඕන වෙනවා ඉස්කෝලෙට යන්න නම්. අම්මාට ඒ දේ කරන්න උණේ ඒකයි.

      Delete
    4. අනිවා හොයාගෙන බලනවා මචං

      Delete
    5. ඉවාන්... ෆොරස්ට් ගම්ප් කියන්නේ 1995දි හොඳම චිත්‍රපටියට ඔස්කාර් සම්මානය දිනාගත්ත, විශිෂ්ට ගණයේ චිත්‍රපටියක්....

      Delete
    6. ශික් අම්මප දැන් නම් ලැජ්ජයි වගේ එක බලලා නෑ කියන්න ... අනිවා හෙටම බලනවා තිසර.

      Delete
  8. මේ මනුස්සයනම්, එක පැත්තකින් හොඳටෝම අසරන වෙලා, අනෙක් පැත්තෙන් තනිකර බ්ලැක් මේල් කිරීමක්, බලහත්කාරකමක්, කොටින්ම රේප් කේස් එකක්. ඒත් දුක මේවා තනිකර ඇත්ත. සමහර නෝනලනම් කැමැත්තෙන්ම් ඉදිරිපත් වෙනවා. ඒත් මේවා දැක්කම ඇඟේ මාළු නටනවා. අපේ බන්ධුල ගුණවර්ධනයට මේක යවන්න ක්‍රමයක් නැද්ද...? "රස විඳින්න"

    ReplyDelete
    Replies
    1. බන්ධුලයා කියයි,
      "අද සමාජයේ හැමදේටම වෙළඳ වටිනාකමක් තියෙනවා, එතනදී ඒක තමන්ගේ ශරීරයද කියන එක නෙවෙයි වැදගත් , ඒ වෙනුවෙන් ලැබෙන මිල " කියලා. හැබැයි එස්.බී.නම් කියයි රසවිඳින්න කතාව නෙවෙයි "ශම්මිව" එවන්න කියලා

      Delete
  9. කාලකන්නි සිදුවීමක්..!

    ReplyDelete
  10. ගොඩක් ප්‍රින්සිපල් ලා ජරාව කනවට වගේම මේ දේටත් පුරුදු වෙලා දැන්. විෂම රාගය ඇති උණාම අනිත් කිසිම දෙයක් ගැන සිහිවෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං, ජරාව කනවටත් වඩා මේකට පුරුවෙලා කිව්වොත් තමයි වඩා හරි, 100% කම එකඟයි.

      Delete
  11. ක්‍රිකටි කෝචිගෙ ඉඳන් ප්‍රින්සිපල් දක්වා කොස්සගෙ ඉඳන් ඕඅයිසී දක්වා ග්‍රාම සේවකගෙ ඉඳන් රටෙ ඉහලම තැන දක්වා ලිංගික අල්ලස කියන එක අද ෆස්ටි චොයිස් එක වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් ,සහතික ඇත්ත, ක්‍රිකට් කොච්ලාට මේ අවස්තාව ප්‍රින්සිපල්ටත් වඩා ගොඩක් වැඩියි, ලිංගික අල්ලස අපේ රටේ නම් තාම බොහොම ආරක්ෂාකාරී අල්ලසක්. මොකද ඕක ඉල්ලන්නෙත් බෑ කියන්න බැරිම දේවල් වලටනේ.

      Delete
  12. කතාව කියවද්දි මේ අදහස මගේ හිතට ආවත් ඒක නොලියා ඉන්නයි හිතුවෙ..ඒත් කමෙන්ට් කියවද්දි මට හිතුනා මෙහෙම ලියන්නත් ඕනි කියලා..
    ඔව් පිරිමි තමයි වල් වේසාවො..වලත්තයො..කුපාඩි ! ගෑණු බොහොම සීලවන්ත ගුණවන්ත කුලවන්ත...
    ශම්මි තමන්ගෙ පවුලෙ ධනවත් කම පැත්තකට දාලා ජෝන් ඒබ්‍රහම් වගේ ඇඟක් තියෙන ජීවන්ත එක්ක අහුවෙන පළමු වෙනි චාන්ස් එකෙන්ම පැනලා යන්නෙ..ඒ වෙනකම්ම ජෝන් ඒබ්‍රහම් ගැන හිත හිතා ඒ විදියටම ජීවන්ත කොරයි කියලා මවා ගත්ත හීනෙන් එළියට එන්න තරමෙවත් මොලයක් නොතිබිච්ච ගොන් ගහක් නෙවෙයිද ?ජීවන්ත රැවැට්ටුවා කියමුකො..පොඩ්ඩක් හොයලා බලන්න තිබ්බෙ නැද්ද ? නෑ තමන් එක්ක ඉන්න අනිත් කෙල්ලන්ට ලොකුව පෙන්නන්නත් එක්ක උවමනාව තිබ්බෙ නැද්ද ශම්මිට ? අනික ජෝන් ඒබ්‍රහම් වගේ !..
    එච්චර හැන්ඩියෙක් වෙන්න ජීවන්තගේ තාත්තත් ඒ වගේම හැන්ඩියෙක් වෙන්න ඇති..තව ළමයි තුන් දෙනෙක් හදන්න සහ හදලා ලෙඩ ඇඳට වැටෙන්න තරමෙ හැන්ඩියෙකුට රැවටුනු ජීවන්තගෙ අම්මගේ ජානමය සහ චර්‍යාත්මක බලපෑම ජීවන්තට එන්න ඇති..අම්මා ලෙඩ වෙලා නම් අම්මා ජීවන්තගේ තාත්තගෙ ලිංගික අවශ්‍යතා හරියට බලලා තෘප්තිමත් නොකරන්න ඇති..එතකොට ජීවන්තගේ තාත්තා අයාලෙ යන එක වලක්වන්න පුළුවන්ද ?ඒ ගති ගුණ ජීවන්තට තියෙන්න ඇති..ශම්මිත් මේ දුප්පත් ගෙදරට ආපු ගමන් අහසින් පොළවට කඩා වැටිච්ච හීන එක්ක කළකිරීමෙන් හිටියා මිසක් ජීවන්තගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නත් නෑ..තමන්ගෙ ජානමය ගති ගුණ වලින් ආපු ජෝන් ඒබ්‍රහම් වගේ ජීවන්ත ලිංගික අසහනයෙන් නොහිටියා වෙන්න බෑ..ඒකට ශම්මි වග කියන්න ඕනි නැද්ද ?
    කාර්යාලයට ආපු කෙල්ලෙක්ව තව කට්ටියක් එක්ක දූෂනය කරලා නෙ ජීවන්ත හිරේට ගියා කියන්නෙ..සුවඳ විළවුන් කම්පැණියක වැඩට එන කෙල්ලෙක් නේද ? ලිංගික හැඟීම් ඇවිස්සෙන්න සුවඳ වලින් කරන්න පුළුවන් උත්තේජනය ගැන කාටවත් කියලා දෙන්න ඕනිද ?\ඔය කෙල්ලව දූෂනය කරන්න ඉස්සෙල්ලා කවුරු හරි එක්ක දූෂනය වෙන තැනට ගිහින් තියෙන්නෙ ඇතිනෙ..මහ රෑ වැඩ කරන ඔෆිස් එකක් වෙන්න බෑනෙ සුවඳ විලවුන් ආයතනයක් නම්...ජීවන්ත ජෝන් ඒබ්‍රහම් වගේ නම්..කෙල්ල ජීවන්තට පිස්සු වැටිලා නොඉන්න ඇති කියලා හිතෙන්නෙ කොහොමද ? යාළුවො සෙට් එකත් සෙට් වෙන්න තරමෙ බඩුවක් කියලා හිතලා වැඩේ උනාට පස්සෙ..මෝල් අමාරුව සනීප උනාට පස්සෙ කෙල්ලට පොඩ්ඩක් මොලේ පෑදිලා..පොලිසියට ගිහින් තමන්ව දූශනය කලා කියලා ඔප්පු කරලා ශේප් වෙලා වෙන්න බැරිද ? "කමල්" ගේ කේස් එකෙදි හොඳටම ඔප්පු උනානෙ තමන්ව දූශනය කලා කියලා රට දෙවනත් කරපු කෙල්ල කොහොමද කමල් එක්ක කැමැත්තෙන් හිටියෙ කියලා..ජීවන්තලා දුප්පත් නිසා ලොකු ලෝයර් කෙනෙක් අල්ලලා නඩුව දිනවා ගන්න බැරි උනා වෙන්න පුළුවන්..ඔව් පිරිමි තමයි වලත්ත !
    ඔය පහු ගිය කාලෙම ශම්මිත් තමන්ගෙ පතිවත රැක ගෙන හිටියමයි කියලා හිතන්න පුළුවන්ද ? බිඳ වැටිච්ච ජෝන් ඒබ්‍රහම් හීනෙ කේන්තියෙන් හිටි ශම්මි ජීවන්තට ද්‍රෝහි වෙන්න ඕනි වෙන්නෙ තත්පරයයි..එක ජෝන් ඒබ්‍රහම්ද අවට සමාජයේ ඉන්නෙ ?
    ඔය ප්‍රින්සිපල් ගමු ..ඕනිම මිනිහෙකුට ලිංගික අවශ්‍යතා තියෙනවා තමයි...තමන්ගෙ හීනෙ ගෑනි දුටු තැන අන්ධ වෙනවත් තමයි..ඒත් ප්‍රින්සිපල්ගෙ බිරිඳ තමන්ගෙ සැමියගෙ තියෙන අවශ්‍යතා තේරුම් අරගෙන ඒ ටික කොරලා තිබ්බා නම්..ඕනි කුකුලෙක්ගෙ පවර් බැහැලා තියෙන්න ඕනි..ඔය විදියට ඔෆිස් එකට ගෙන්න ගෙන මේසයක් උඩ පෙරලා ගෙන වැඩේ කොරන්න තරමෙ ..අතෘප්තියක් !..
    ප්‍රින්සිපලුත් ජෝන් ඒබ්‍රහම් වගේ උනා නම් ! ශම්මි ?!
    ඔව් පිරිමි තමයි වලත්ත උන්ගෙ වලත්ත කම් තමයි නැති කොරන්ඩ ඕනි ලෝකෙ ලස්ස්න , හොඳ තැනක් වෙන්ඩ !
    ගෑණු , පිරිමි භේදයක් නැතුව මනුස්සයා කියනා සතා අධික ලිංගික ආශාවකින් ඉන්නෙ..මම නෙවෙයි කියන්නෙ..අහන්ඩකො ඩෙස්මන්ඩ් මොරිස්ගෙන් මනුසත් උයනෙ..
    නිර්මාණය වෙච්ච කතාව ඇතුලෙ තියෙන සංවේදී බවෙන් අපි කම්පනය වෙන්න ඕනි තමයි..ඒත් ඒක අස්සෙ අහල පාහල ඉන්න සේරම පිරිමි එල්ලන්න ලේස්ති වෙන්න ඕනිද කියන එකයි මගේ පුදගලිකව මගෙන්ම අහන ප්‍රශ්නය

    ReplyDelete
    Replies
    1. එහෙම කම්පනයක් එන්නෙත් අපි මිනිස්සු නිසා. මැෂින් නම් එහෙම ෆීලින්ග් එකක් එන එකක් නෑ...

      කොලිවින්ගේ ගෝලයෙක්ද උඹ. නඩු කතාකරානම්, හේමන්ත වර්නකුළසූරියලා කැලේ...

      Delete
    2. වෙනි අයියගේ විචාරේ සාමාන්‍ය හැගීම් වලින් එහාටගිය බුද්ධිමය විචාරයක්, හදවතට වඩා බුද්ධියෙන් බලපු බවක් මට දැනෙන්නේ...එත් මේ වගේ දේවල් දිහා අපි බලන්න පුරුදු වෙලා ඉන්නේ හදවතින්නේ වෙනියියේ,
      මම හිතන් විදහට තර්කානුකූලව ඕනෑම් දෙයක්ඕනෑම පැත්තකට හරවන්න පුළුවන්,
      පිරිමි වලත්තයෝ, ගෑනුන්ට විතරයි හැම නීතියක්ම කියනකොට .....කාන්තාව වරද යොමු වෙන්නේ නෑ පිරිමියා වරද කරලා කාන්තාවට මඩ ගහනවා වගේ හැගීමක් එනවා.
      එත් වෙනි අයියා අන්තිමට කියලා තියෙනවා වගේ //"ගැහැණු පිරිමි භේදයක් නැතුව මනුස්සයා කියනා සතා අධික ලිංගික ආශාවකින් ඉන්නෙ"// ඒ කතාව සහතික ඇත්ත.
      හැම දෙකම දෙපැත්තක් තියෙනවානේ ගොඩක් වෙලාවට අපි දකින්නේ ජනප්‍රිය පැත්ත, වෙනි අයියා අපිට නොපෙනෙන තව පැත්තක් පෙන්නලා දුන්න , ඒ දේත් නොවිය හැකියි කියලා කාටවත් කියන්න බෑ.

      Delete
    3. මාරයි.... මේක ආවේගයෙන් ලිව්වා උණත් වෙනි අයියා කියලා තියන දේවල් බොරු කියලා කියන්න බෑ

      Delete
    4. ඇත්ත ..වෙනී අයියා බොරුවක් කියලා නෑ,අපි හිතන්න ඕන තවත් පැතිකඩක් ඒ

      Delete
    5. ඉස්කෝලෙ යන කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හැඟීමක් එන්නේ ඒ මනුස්සයාගේ මොකක් හරි ආකර්ශණයක් හින්දා.. ඒක ජෝන් ඒබ්‍රහම් වගේ හින්දා වෙන්නත් පුළුවන්... නැත්තං හොඳට කවි ලියන්න පුලුවන් හින්දා වෙන්නත් පුළුවන්... එහෙමත් නැත්තං හැමදාම උදේට ගුඩ් මෝනිං කියන හින්දා වෙන්නත් පුළුවන්... ගෑණියෙක් මිනිහෙක් ගැන හිතන විදියට කෙල්ලෙක් කොල්ලෙක් ගැන හිතන්නේ නෑ කියන ටික තේරුම් ගත්ත නං වෙනීයගේ පළවෙනි ප්‍රශ්නෙට විසඳුම ලැබෙනවා...

      සාමාන්‍යයෙන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඉන්දැද්දි හිත ඇතුලෙ හරි තියෙනවා ලිමිට් එකක් තියල එකක්... එක කෙල්ලෙක්ට කොල්ලෙක් එක්ක බස් එකේ නැඟලා යන එක නං ලිමිට් එක, තව කෙල්ලෙක්ට රූම් එකකට ගිහින් ඉන්ටකෝස් එක විතරක් කරන්නේ නැතුව අනිත් හැමදේම කරන එක වෙන්න පුළුවන් ඒ ලිමිට් එක... රේප් කියන එකේ තේරුම “ අකමැත්තෙන් සේවනය කිරීම” වගේ දෙයක්... කැමැත්තෙන් එකට ඉදීමත් අයිතියි ඒක බ්ලැක්මේල් කිරීමෙන් හෝ රැවටීමෙන් කළා නං.. අනිත් එක එකෙක් එක්ක කැමැත්තෙන් හිටියත් ඌ තව එකෙක්ට ඒ කෙල්ලව දුන්නනං ඒකත් රේප් එකක් තමයි...

      අනිත් හැම එකම ගැන පොඩියටම කියනවා නං මිනිස්සු සත්තු වගේ ස්වාභාව ධර්මයෙන් ඕනෙ කරන අවශ්‍යතා ටික සපුරගත්තම හරි...එහෙම නං මිනිස්සුන්ට හිතන්න මොළයක් තියලා එකක් ඕනේ නෑ.. ඒත් කරුමෙට හරි අපිට මොළයක් කියලා එකක් තියෙනවා.. අන්න ඒකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ මට හිතෙන්නෙ...

      Delete
    6. මේ කමෙන්ටු ටික නම් සුපිරි යි. ඒක යි මම කියන්නෙත් හැමෝම වැරදි යි.

      Delete
    7. සිරා කමන්ට් ටික ඈ

      Delete
    8. \\ගෑණියෙක් මිනිහෙක් ගැන හිතන විදියට කෙල්ලෙක් කොල්ලෙක් ගැන හිතන්නේ නෑ කියන ටික තේරුම් ගත්ත නං වෙනීයගේ පළවෙනි ප්‍රශ්නෙට විසඳුම ලැබෙනවා... \\
      මම ඔතන කිව්වෙ මට තියෙන ප්‍රශ්න ටිකක් නෙවෙයි හිරුවො..ඔය නිර්මාණාත්මක සන්දර්භය ඇතුලෙ යන්ඩ පුළුවන් ප්‍රායෝගික සමාජයේ සිද්ධ වෙන අහුමුළු කොන්...
      මිනිස්සුන්ට මොලයක් කියලා දෙයක් නම් තියෙනවා තමයි..
      ඒත් පොඩ්ඩක් සිද්ද වෙන දේවල් දිහා හොඳින් බැලුවොත් ..සතියක් දිනපතා පත්තර ටික කියෙව්වා නම්.. මොලේ තියෙන්නෙ කොතනද කියන ප්‍රශ්නෙත් එනවා..මිනිහා කියන්නෙත් සතෙක්ම තමයි..පරිනාමය වෙච්ච..මහ ආඩම්බරෙන් කියන්ඩ දැඟලුවට පරිනාමයේ ඉහලම වර්ධනය කියලා..තාම තියෙන්නෙ ස්වභාව ධර්මයෙන් දීපු අවශ්‍යතා ටික ඉෂ්ඨ කර ගන්න එක විතරම තමයි...

      Delete
    9. මොලේ තියෙන්නේ කොතනද කියන ප්‍රශ්නේනම් එනවා එක හරි,
      හිරු මම හිතන්නේ වෙනි අයියා මේ සිදුවීම විය හැකි වෙනත් මානයක ප්‍රායෝගික මාර්ග පෙන්වූවා විතරයි ,මොකද මුලින් හැමෝම හිටියේ එකම මතයක. නමුත් මේ දෙයත් විය හැකියි කියන දේ වෙනියියා පෙන්නුවා .

      Delete
    10. This comment has been removed by a blog administrator.

      Delete
  13. ඕක මේ රටේ නිරුවත් ඇත්ත. අපි කැමති උනත් අකමැති උනත්.

    ReplyDelete
    Replies
    1. අනිවා රස්තා, මේ අපේ උආර වූ මාතෘභූමියයි කියනවනේ, මේ උදාර මාතෘභූමියේ ඉන්න උදාර මිනිස්සු හැසිරෙන්නේ මෙහෙම තමා.

      Delete
  14. ඔන්න මහා සුද්ධවන්ත මිනිස්සු අපේ රටේ!!

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කයි නාඩි මලේ... උපාසක බළල්ලු...

      Delete
  15. Replies
    1. පව් ....හොඳටම පව්... එත් කාගේද වරද..?

      Delete
  16. ඉවාන් මේකත් සමාජයේ හුදකලා නොවු එක් ඇත්ත පැතිකඩක්.. උඹ ලියන ඒවට මම එකපයින් කැමතියි... ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා දේශකයාණෙනි, සමාජයේ තවත් හැඟුණු දේවල් බොහොමයි, අවාසනාවකට ඒවා එලි වෙන්නේ නෑ,

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  17. ගෑනු දරුවෝ අසරණ වෙන්නේ කසාද බැදපු මිනිස්සුන්ගේ වරදින්ම තමයි.. ගෑනුන්ට ඒ තත්වෙට වැටෙන්න වැඩ සලස්වලා අන්තිමේදී ඒ ගෑනිටම _සි කියන එක පිරිමින්ට හරි පහසු දෙයක්.. මේවා තමයි බං නියම කතන්දර උබ සුපිරියට ලියලා තියෙනවා ..

    ජයවේවා !!

    ReplyDelete
    Replies
    1. ඔව් චමියෝ. ගොඩක් වෙලාවට එක තමයි වෙන්නේ, එහෙම නැති වෙලාවලුත් නැත්තේම නෑ, කොහොම හරි හතරවරන් දාලා ගැනියෙක් අල්ලගත්තම ,ඊට පස්සේ එකී ..සි කියා කියා ප්‍රචාරය කරන එවුන් වැඩියි තමා.

      Delete
  18. මේ වගේ දේවල් වෙන්නෙ තම තමන්ගේ පුද්ගලික වැරදි හින්ද කියන එකයි මගේ නම් අදහස. හැම වැරද්දක්ම කරල සමාජයට බනින එක නෙවේ හරි දේ. තමන්ට හැදෙන්න උවමනාවක් නැතුව තියෙද්දි සමාජයට බනින එකත් මුව හමට තලනවා වගේ වැඩක්.
    ගෑණියෙකුට වේසී කියන නම නිකන්ම හැදෙනෙ නෑ.තමන් අකමැති අය එක්ක නොවුනත් කැමති අය එක්ක වේසා කම් කරන්න ගොඩක් අය කැමතියි සහ කරනව. කෙල්ලො නලුවන්ගේ photos එකතු කරන්නෙ gossip හොයන්නෙ හීන ලෝක වලදි උන් එක්ක රමණය කර කර (එහෙම නැති අයත් ඇති) ඉතින් හැබෑ ලෝකෙදි හොයන්නේ හීන ලෝකෙ ඉන්න එකාට ටිකක් හරි ලඟින් ‍යන එකෙක් , වරදින්නෙ මෙතනදී. එහෙම උන්ට වේසි කියන එකේ වැරැද්දකුත් නෑ.
    කතාව වෙනද වගේම සුපිරියි.

    ReplyDelete
    Replies
    1. වෙනි අයියාගේ කොමෙන්ටුවට ලඟින් යනවා ගයාන්,....ඔබ කියන දේ කිසිසේත්ම බැහැරකළ යුත්තක් නෙවෙයි. ඒ වගේම මේ තත්වෙට තමන්ගේ උවමනාවෙන්ම පත්වෙන අයත් නැතිවා නොවෙයි. නමුත් වැඩිදෙන්ක් අසරණ කම නිසා එහෙම වෙන ය කියලයි මට හිතෙන්නේ.
      //".තමන් අකමැති අය එක්ක නොවුනත් කැමති අය එක්ක වේසා කම් කරන්න ගොඩක් අය කැමතියි සහ කරනව."// සහතික ඇත්ත.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  19. ඔච්චර දඟලන්න ඕනෙ නෑ බං ප්‍රින්සිපල් කෙනෙකුට,කොහොම හරි ලමයව ඉස්කෝලෙට දාගන්න කැමති අය ඕනෑ තරං.ප්‍රින්සිපල් පට්ට ගහල වැඩක් නෑ මේක තමා යතාර්ථය.
    කොහොම උනත් මේක ප්‍රබන්ධයක්නෙ,ඒ නිසා කේන්ති ගන්න දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපයියේ ... ජනප්‍රිය පාසලක ප්‍රින්සිපල් කෙනෙක් නම් තෝරලා තමයි ඒකටත් ගන්නේ , ඒ තරම් ඔප්ෂන්ස් තියෙනවා , මේ තමයි යතාර්ථය.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  20. ශම්මිත් මේ වරදේ එක කොටස්කාරියක් බං.
    මේ උඹට කාන්තා සංවිධනායකින් ගෙවනවද බං මෙහෙම කතා ලියනවාට..:D
    අර උඹ එක වංගියකත් මේ වාගේ කාතවක් ලීවා මතකයි. ඒ නිසායි මෙහෙම ඇහුවේ...:D

    ReplyDelete
    Replies
    1. ඔව් බං ශම්මි මුලදීම රූපෙට රැවටුනේ නැත්තං මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ, ඒක නිසා එය මේකේ මුල් වැරදි කාරී ශම්මි. ඒත් අසරණ කමෙන් ප්‍රයෝජන ගන්න අනිත් අය..?
      බලපන් බං මෙහෙම් ලිව්වට එක සන්විධානේකින්වත් සතයක් වත් දෙන්නේ නෑනේ

      Delete
  21. එහම කැපකිරිමක් කරන්න පුලුවන් අමිමා කෙනෙකුට අපේ සමාඡය දෙන්නෙ එහම භැදින්විමක්නමි???

    ReplyDelete
    Replies
    1. අකමැත්තෙන් හරි ඒ කැපකිරීම කරන තැනට ශාම්මිව ගෙනාවේ කවුද ...? අයි මිනිස්සුන්ගේ අසරණ කම් වලින් මෙහෙම ප්‍රයෝජන ගන්නේ..?

      Delete
  22. ඉවාන් සාර්ථකව ලියලා තියෙනවා.කියවන අයට මේ වගේ සිදුවීම් අලුත් නැතුව ඇතැයි මම හිතනවා.මේක තමයි තිත්ත ඇත්ත.පේමන්ට් එකේ ඉඳන් රජ මැදුර දක්වා සිදුවන බියකරුම මංකොල්ලය.මොන කෝණයකින් විග්‍රහකරත් අවසානේ තවත් ජීවිත අවශ්‍යතාවයක් ඉෂ්ඨ කරගන්න අකමැත්තෙන් හෝ කැමැත්තෙන් සිදුකරන්න වෙන මානසික වද වේදනාවක්.(කායික වේදනාව හෝ ඒ ක්‍රියාවලිය මොහොතකට අමතක කරන්න.)එතනින් එහාට ඇතිවෙන මානසික අසමතුලිතාව සදාකාලික ප්‍රශ්ණයක්.ඒවාට සහනකාරී උපදේශයක්,ඒ කම්පනයෙන් මිදීමට ඇහුම්කන් දෙන්නෙක්?????????????

    ReplyDelete
    Replies
    1. මේක කවදාවත් අලුත් සිදුවීමක් නෙවෙයි මේ ධර්මද්වීපයේ. සමාජය පාදඩකරණයට ලක්වෙලා. මේ ආශ්චර්යමත් සමාජයේ ජීවත් වෙන්න ඕනෙනම්, පිරිමියෙක් නම් පාදඩයෙක් වෙන්න වෙලා, ගෑනියෙක් නම් ගණිකාවක් වෙන්න වෙලා.

      Delete
  23. සුපිරි ලියවිල්ල . .

    බොහෝම ඉස්සර ජනතා පත්තරේ කියෙව්වට පස්සේ ඒකේ ගිය කතා තරම් උසස් විදිහට ලියවිච්ච කෙටි කතාවක් කියෙව්වා කියලා දැනුනා . . . .

    මේක පුලුවන් නම් පත්තර කීපෙකට යවපන් ..

    මේ බ්ලොග් වලින් කියවන්න ලැබෙන්නේ බොහෝම සීමිත කොටසකට විතරනේ බන් . .

    මේ වගේ කතා හැමෝටම කියවනන් ලැබෙන්න ඕන . .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දුකා මහත්තයා මේ පැත්තේ ආවාට , ඔබගේ මේ කොමෙන්ටුවත් ජයක්. පත්තර වලට ඉස්සරනම් යැව්වා.. එත් පළවුණේ නෑ එකක් වත් ,ඊට පස්සේ තමයි මේ බ්ලොග පටන් අරං ලියන්න ගත්තේ කවුරුහරි කියවයිනේ කියලා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  24. තවත් සමාජ ප්‍රශ්නයක්.. හිතන්න ඕනෙ මිනිස්සු ඒ තත්වෙට පත් වෙන්නෙ ඇයි කියන එක.. ප්‍රින්සිපල් ගෙ පැත්තෙන් බැලුවොත් මිනිහට ඒ තරම් දෙයක් කරන්න බය සැක නැතුව පෙලඹෙන්නෙ ඇයි කියන එක. ඒව කල්පනා කරගෙන යනකොට අපි බොහෝ විට එන්නෙ එකම තැනකට.

    හොඳ නිර්මානයක් ඉවාන්.. උඹ මේ එක් එක් මානයන් ස්පර්ශ කරමින් ලියන ලිවිල්ල පංකාදුයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දන, අපේ සමාජය අදවෙනකොට මේ පැත්තෙන් යන්න ඕන උපරිම තැනට ගිහින් , සමාජයීය සාරධර්ම පිරිහිලා කියන දේ ගැන අපි හැමෝම නිහඬයි,

      Delete
  25. ලිංගික අල්ලස්... ඔහොම එවුන්ට තමයි අධ්‍යාපන අධ්‍යක්ෂකලා වෙන්න උසස්වීම් පවා හම්බවෙන්නේ.

    හිතට වදින ලොකු කතාවක්. ඕක තමයි ඇත්ත. අන්තිමට කවුද වැරදි. උත්තර නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම්, වැඩියෙන් වැරදි කරන එකාට වැඩියෙන් වරදාන, වරප්‍රසාද...... අන්තිමට ව්‍යවස්ථාදායකයටත් යන්න වරම.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  26. ඉස්කෝලෙ ලොක්කගෙ චර්යාවෙන් අපි දකින්නෙ සමාජයේ එක පැතිකඩක් විතරයි.. හැම වයස් සීමාවකම හැම තරාතිරමකම අය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලනවයි කියන එක බ්ලොග් කියවනකොටම තේරෙනවානෙ.. අර ක්‍රිස්තුස් වහන්සේ අනාචාරයේ ගියයි කියල ගල් ගහන්න නියම උන ගෑණිට පලවෙනි ගල ගහන්න වරදක් නොකල කෙනක් එන්න කිවුවම කවුරුත් ආවෙ නෑ නේද ? පහුගිය අවුරුදුවිස්සතිහ ඇතුලත ලංකාව වනචාරෙ යුගයට යමින් .. දුවට තාත්තා විශ්වාස කරන්න බැහැ.. කුඩු ගහල ඇවිත් පුතා හැට හැවිරිදි අම්මව දූෂණය කරනව.. ලපටි මාස ගණනේ පොඩි එකාව දූෂණය කරනවා. බස් එකේ ගෑණියෙකුට යන්න බැහැ.. කෙල්ලෙකුට තනියම කොහෙවත් යන්න නිදහසක් නැහැ. අපි පුංචි කාලෙ තමයි මිනි ගවුම කොටටම කොට උනේ.. විහිළු තහලු ගීත පවා තිබුණට කෙල්ලෙකුට ඒක ඇඳගෙන බස් එකක යන්න පුළුවන් කම තිබුණා. අද සකල සරීරෙම වහගෙන ගියත් කරදර.. කොල්ලෙක් කෙල්ලක් එක්ක හාද උන පහුවදාම ඒකිව කාමරේකට ඇදන් යන්නයි බලන්නෙ. පෙම්වතා දූෂණය කල කතා එමටයි අදත් පත්තරේ දෙකක් තිබුණා නේද ? සියලුදේම යටපත්කරගෙන ලිංගිකත්වය ඉස්මතු වෙලා නේද ?කාමුකත්වය ඉස්මතු කරන ගැණියෙකුගෙ හෙළුවැල්ල වෙලඳ භාණඩයක් වෙලා තියෙන්නෙ ව්‍යාපාරිකයන්ට විතරද ? එතකොට හෙලුකු‍ටු පින්තූර දාන බ්ලොග් කාරයො ? හැමදේම පටන් ගන්නෙ ඔහොම නේද ? අපි කාටද ඇඟිල්ල දික් කරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට සරත් අයියව, අද ඇඟිල්ල දික්කරන්න තැන් නම් ගොඩයි, එත් මේ ක්‍රමය ගොඩ නගන්න අපිත් අනියමින් දායක වෙලා තියෙනවා. ලිංගිකත්වය තමයි අද මූලිකම දේ වෙලා තියෙන්නේ ,බොහෝ දෙනෙක් බලන්නේ "චෑන්ස්" එකක් ගන්න . එකට කිසිම භේදයක් අදාළ නෑ වගේ.

      Delete
  27. ගෙදර ඉන්ටනෙට් එකට කෙලවෙලා. මම මේ ඉස්කෝලෙට ආවා පේජ් ලෝඩ් කරගෙන යන්න. කියවලා කමෙන්ට් කරන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි එහෙමද..? එහෙනං කියවලා බලලම කොමෙන්ටුවක් දාමුකෝ බලන්න

      Delete
    2. කියෙව්වා බං. නමුත් මෙතන යන කමෙන්ට් දැක්කාම දැන් මට හිතෙනවා වැ‍රැද්ද මගේවද්ද කියලා. :-O

      Delete
    3. හිකිස් .... ඒ මොකෝ බං , මේ ක්‍රමය ඇති වෙන්න නම අපේ වැරදිත් බලපෑවා තමා.

      Delete
  28. ලමයිව ඉස්කෝලවලට දාද්දි ලිංගික අල්ලස් ගත්ත විදුහල්පතිවරු ගැන මේ ලගකදිත් කියවුනා. ඉතාම සංවේදී කාරණාවකදි මේ විදිහට "ලිංගය" මුල් කර ගන්න තරම් අපේ සමාජය පහත් මට්ටමට වැටිච්ච එක ගැන අපි කනගා‍ටු වෙන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අනිවා මචං, ළමයින්ට ඉස්කෝල හොයනකොට විතරක් නෙවෙයි, අද බොහෝ පොදු කාරනා වලදී මුලට එන්නේ ලිංගිකත්වය තමා, සමාජය ඒතරම් පාදඩ වෙලා.

      Delete
  29. ගඟේ මාලු ඇඟේ නටනවා ඉවාන්.. :D


    මිනිහෙක් නැති උනහම ගෑණියෙක් අන්ත අසරණ තත්වෙකට පත් වෙනවා.. අපේ හස්බන්ඩ්ලා රට ඉන්නකොටත් ටිකක් ටිකක් ඔය වගේ පෙරේත බැල්ම දාන උන් ඉන්නවා..උන්ගේ හිතේ අපිව අල්ල උඩ තියලා නටවගත්තැහැකි කියලා....ඒ බැරි උනහම කතන්දර හදනවා තරහට..!අරකි බඩුව බං කියලා...ඊට ප්ස්සේ එකා දෙන්නා වලත්තකමට බලපු උන තුන හතර පහ වෙනවා..ඒ වගේ ජරා සමාජයක තමයි අපි ඉන්නේ.. මම කියන්නේ අත්දැකීමෙන් මයි..වෙලාවට මං අපේ හස්බන්ඩ්ගේ අම්මා තාත්තා ලඟ ඉන්නේ.. ඒගොල්ලො එක්ක හැම ගමනක් බිමනක්ම යන්නේ...මේක මහා පුදුමාකාර සමාජයක් ඉවාන්....

    ReplyDelete
    Replies
    1. අනිවා රෙහානි ,ඔයා කියන කතාව 1000 % ක් ඇත්ත, හුඟක් මිනිස්සු හිතන්නේ රට ගිය, හිරේ ගිය සහ ඈත පළාත් වල ජොබ් කරන මිනිස්සුන්ගේ ගෑනු ඉන්නේ හෙනම ඇම්මෙන් කියලා, බලන්නෙම කොහෙන් හරි නටවගන්න. බැරිවුනාම කතන්දර ලෝකයයි.
      කතාවක් තියෙනවනේ "මේ ලෝකේ මිනිස්සු ගොඩක් කැමතියි තමුන්ගේ ගෑනි හැර ලෝකේ අනික් හැම ගෑනියක්ම ගණිකාවක් වෙනවනම් කියලා"

      Delete
  30. කියන්න දෙයක් නෑ මචන් හිත් තොන්තුයි.මෙව දිහ උපෙක්ශවෙන් බලලත් බෑ.එහෙම නොබෑලුවයි කියල අපිට කොරන්න පුලුවන් මගුලකුත් නෑ.මොනම විදියකින් වත් අල්ලසයි අසරනකම ප්‍රයොජනයට ගෑනිමයි නම් තිරිසන් කමක්

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත් , වෙලාවකට කලකිරෙනවා, අපිත් ඉන්නේ මෙහෙම මිනිස්සු එක්කද කියලා, මිනිසත් කමට වඩා අද මේ සමාජේ තියෙන්නේ තිරිසන් කම.

      Delete
  31. අන්තර්ගතය ගැන දරන මත වාද විවිධ විය හැකි වුනත්..වෙනදා වගේම කතා රසයෙන් පරිපුර්ණ සමාජ විග්රයක් ගෙනත් තියනවා ඔයා...

    ඉවාන්...මේ කතා ටික එකතු කරලා කෙටි කතා පොතක් ගහමුද..?

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ, මමත් උත්සාහ කරන්නේ තිත්ත ඇත්ත කතා කරන්න. එක සාර්තකයිද කියන්න නම් දන්නේ නෑ. පොතක් ගහන්න තරම් හොඳ මට්ටමේ තියෙනවාද කියන එකනම් මට සැකයි.

      Delete
  32. [im]https://plus.google.com/photos/101680151971352043823/albums/5770524745687118129/5916774179056997074?authkey=CJDJzKuviZn5PA&pid=5916774179056997074&oid=101680151971352043823[/im]

    ReplyDelete
  33. [im]http://4.bp.blogspot.com/-6uMGvIgqaRY/T-mX-QOfbFI/AAAAAAAAACk/7usbAZ2sUuo/s400/Frog-Funny-Girls.jpg[/im]

    ReplyDelete
  34. පට්ට පට පට!! කාලීනයි. සංවේදීයි. සුපිරියි!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි , තැන්කු ,නන්ඩ්රි බස්සි

      Delete
  35. මේ වගේ තරැණ අම්මල බිලී බා ගන්න මාෆියාවක් තියෙනව කියල පහුගිය කාලෙ පත්තර වල ගිය පුවත් වලින් පවා තේරැම් ගිය සුලභ දෙයක්. ප්‍රසිද්ධ පාසලක නාකි විදුහල්පතිවරයෙක් එහෙමත් මේකට අහු වෙලා හිරේ ගියා.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]