Monday, August 19, 2013

ගුරු චිත්‍රය හා ගෝල චිත්‍රය

සමාව බජනය කරමි ,රිවිරැස පත්තරේ පොටෝ කෑල්ලක් හොයාගත නොහැකිවිය.


අපි පුංචි කාලේ අපේ අප්පච්චි ගෙදරට ගත්තේ "දවස හා රිවිරැස" පත්තරේය. ඒ කාලේ තව දිවයින , ලංකාදීප ,සිළුමිණ වගේ පත්තර තිබුණි, ඒ අතරින් පාට දෙකේ (බ්ලැක් ඇන් වයිට් ) පත්තරේ රිවිරැස පමණය . පාට පාට දිවයින ගේන්නේ නැතුව මොන මගුලකට බ්ලැක් ඇන් වයිට් රිවිරැස ගේනවද කියා මට මලේ මලය.

ඒත් මේ පත්තරේ මම ආසා කොරන කෑල්ලක් තිබුණි ඒ ගුරු ගෝල චිත්‍ර දෙකය.
 මමත් නංගීත් මේ ගුරු ගෝල චිත්‍ර වල වෙනස හොයනවාය. වෙනස් කම් දහයක් හොයා තැපැල් පතක් අලවා දවස කාර්යාලයට යැවිය යුතුය , දිනුම රුපියල් පනහකි. අයියෝ සල්ලි කියන්නේ කවදාවත් වෙනස් කම් දහයක් නම් හොයන්නට බැරිය. මුන් අපිට බොරු කියනවයි පස් පඩන්ගුවේ බැනවදිමින් වැඩේ අහවර කොරන්නෙමු.

මේක මතක් වුනේ ඊයේ පෙරේදා ඉඳන් හැමතැනම "ෂෙයාර්" වන පොටෝ කෑල්ලක් දැක්ක නිසාය. ඒ විපස්සේ කරපු රතුපස්වල වෙඩි තැබීමට විරුද්ධ උද්ගෝෂණයය. රතුපස්වල වතුර ඉල්ලූ අහිංසක ජනතාවට හතර අතේ වෙඩි තබා ඉස්කෝලේ කොල්ලෝ තුන් දෙනකුද මරා ආණ්ඩුව හත්පොලේ ගෑ ගත්තේය.
 ගාගත්තා මදිවට ඒවා තුන්වෙනි පාර්ශවයක ඇඟේද ගාමින් අනාගෙන නාමින් ඉන්න විට  විපස්සේ ලොකු අලියා සහ අනිත් ඉතුරුවෙච්ච සහ ලොම් හැලිච්ච අලි ටික කොටුවේ ස්ටේසම අසල විරෝධතාවක් කලෝය.

( පහුවදා අපේ හචිං සීයා නම් කීවේ "ගෙනාපු බනිස් ටික ඉවර වෙනකං කන්ඩ බැරි මුන් කොහෙ රට අල්ලන්ඩද" කියාය). අන්තිමට කොහොම හරි උද්ගෝෂණය ඉවර උනාට පස්සේ නයි.ටී. එන්. එකේ සහ ආණ්ඩුවේ පත්තර වල ආචාරී හර්ස දී සිල්වා  බුද්ධාගමට හා  හාමුදුරුවන්ට අපහාස කල බවට ලොකු උද්ගොෂනයක්ය.
හාමුදුරුවන් කෙනෙකුට  ඇඟට අත තැබීම ගිහියෙකු නොකළ යුතුලු. එතකොට අපායේ යනවාලු කියා විමල් වීරවංස මහතාගේ ලංකා සී නිව්ස්  එකේ උඩපනිමින් කියා තිබුණි. ටිකක් හොයලා බලනකොට ඒක 'ගෝල ෆොටෝ "එකය. "ගුරු ෆොටෝ" එක ඊට කලින් දවසක පිටවී තිබුනි.

ගෝල පොටෝ එකේ වෙනස්කම් , නොගැලපීම් එකී මෙකී නොකී දහසක් දේ රාජ්‍ය සහ නමට රාජ්‍ය නොවන විද්‍යුත්, මුද්‍රිත හා සයිබර් මාද්‍ය හැම එකකම පට්ට ගසා තිබුණි, එහෙත් ගුරු පොටෝ එක ගැන කවුරුත් හ්ම් නැත.

හැබැයි ඉස්සර ගුරු චිත්‍රයේ හා ගෝල චිත්‍රයේ වෙනස් කම් හොයන්නට බැරිවූවා සේම මට මේ "ගුරු පොටෝ " එකේ හා "ගෝල පොටෝ "එකේ  කිසිම වෙනස් කමක් දැකගන්නට බැරිවිය. (එය පවක් නම් පව් වල වෙනසක්) බලන්න ඔබට පුලුවන්ද කියා..........


 ගෝල ෆොටෝ එක 





ගුරු ෆොටෝ එක 


72 comments:

  1. ගෝල ෆොටෝ එක වල බසින කොල්ලෝ දෙන්නෙක් සිහි ගන්වන අතර ගුරු ෆොටෝ එක ආදරෙන් බැඳුන කපල් එකක් සිහි ගන්වයි.

    තැපැල් පතක ලියා එවන්නැයි ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං එක තමයි එකම වෙනස , ඔන්න උඹ රුපියල් පනහ දින්නා...

      Delete
    2. එයි මට ණයට දියන් විස්සක් , ලබන සුමානේ දෙන්නං

      Delete
    3. දැන් විස්සට බෑ නේද ....පොඩිම ෂොට් එකත් තිහක් වෙනවා.

      Delete
  2. ගෝල පොටෝ එකේ රජවෙන්නට විදියක් නැති මුණු පෙනේ
    ගුරු පොටෝ එකේ කිච්වෙන බව දන්නේ නැති මුණු පෙනේ

    ReplyDelete
    Replies
    1. ගෝල ෆොටෝ එකේ ඉන්න එවුන් රජ වෙනකොට තව කල්පයක්වත් යයි මචෝ.

      Delete
  3. //විමල් වීරවංස මහතාගේ ලංකා සී නිව්ස්// ජාතිවාදය වපුරන වෙබ් එකක් තමයි.
    ```````````````````````````````````````````````````````
    ෆොටෝ එක ගැන කියනවනම් ගුරුන්ට උනත් අකුරු වරදි කියා අතැරලා දාතහැකි.
    ඒ උනාට ගෝලයන්ට වරදින්න පුලුවන්ද බං...

    ReplyDelete
    Replies
    1. http://srilankamirror.lk/sinhala/news/11380-harsha-de-silva-says
      මේ තින්නේ කතාව.

      Delete
    2. මෙහෙනම් ගෝලයෝ තමයි නිතරම වරද්දගන්නේ මනෝජ්.

      Delete
  4. රෙදි ගැලවෙච්ච විමල් ඇතුලු අණ්ඩුවේ ජොකත් ගැලවෙනවා...........

    ReplyDelete
    Replies
    1. උන්ට රෙදි නැතුව ඉඳලා පුරුදුයි, ජනතාවටත් උන් රෙදි නැතුව ඉන්නවා දැකල පුරුදුයි.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මට නං මේ දෙකේම කිසි අවුලක් පේන්නෙ නෑ...

      උඩ ෆොටෝ එකේ කරට අත දාගෙන ඉන්න බවකට වඩා ‌පේන්නෙ වෙන කල්පනාවකින් උරහිසට උඩින් අත ඉස්සරහට දාගෙන ඉන්නවා වගේ.. දෙවනි එකේ ටිකක් වයසක වැඩිමල් කෙනෙක්ව තරුණ කෙනෙක් ( සීයෙක් මුණූබුරෙක් වගේ) පොඩි ස‌ෙපෝට් එකක් දෙන්න අල්ලගෙන ඉන්නවා වගේ... මේකට මෙච්චර නටන්නෙ මොකටද කියලා මට නං තේරෙන්නෙ නෑ.. අනේ මන්දා මගේ පෙනීමේ අවුලක් වෙන්නැති..

      මෙතන ප්‍රශ්නෙ සිවුර නම් මට හිතෙන්නේ ඒක අපිට පෙනුනට ෆොටෝ එකේ ඉන්න අයට නොපෙනෙන්න නොදැනෙන්න ඇති කියලා.. අවස්ථාවට අනුව...

      Delete
    2. ඇත්තටම මේකේ නටන්න දෙයක් නෑ තමයි හිරු, මොකද එකම දේ සිවුර වුනාට, එකට කන බොන අයට නම් එකත් ගානක් නෑ, ඒත් නයි.ටී.එන්. එකේ කිව්වේ හරියට ලෝක විනාසේ වුනා වගේ.

      Delete
    3. ගුරු ෆොටෝ එකේ කවුරු කාට සපෝට් එක දෙනවද කියන එක මට නම් ප්‍රශ්නයක්... :)

      Delete
    4. පවතින්නනම් දෙන්නගෙම සපෝට් දෙන්නටම ඕනේ වගේ තිසර.

      Delete
  6. උඹට පිස්සු ද බං? ගුරු-ගෝල වෙනස හොයනවට වඩා හොඳයි ඔළුව ගලේ ගහ ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ගහගන්න දෙයක් නෑ ධාරා දැනටම අපේ ඔලුව ගලේ වැදිලා, දැන් ඒකටත් අපි හුරුවෙලා බං

      Delete
  7. ඇයි බං රනිල්ට විතරයිනෙ කතා වලදි කට වරදින්නෙ. ‘මහල්ලා සහ මුහුද‘ ලිව්වෙ ගී ද මොපසාං කියල විමල් අයිය සැරයක් කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක්ද විමලේ කිව්වේ අංගුලිමාල බුදුහාමුදුරුවන්ට ගල් පෙරළුවා කියලා.

      Delete
    2. හි හි

      Delete
    3. මෙන්න තවත් හි හි කෙනෙක්

      Delete
    4. හිරු ලෙඩේ බෝකරලා වගේ...!

      Delete
  8. හයියො පිස්සු හෑදෙනව

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා බං, ඔව් ඔහොම තමයි. බලන් ඉමු.

      Delete
  9. පිංතූර ගැන කතා කරන්න දෙයක් නෑ. මම උඹ පෙන්නපු හඳ ගැන නැතිව ඇඟිල්ල ගැන කතා කරන්නම්.

    රිවි‍රැස දවස පත්තරයි දිවයිනයි එක කාලේ තිබුනද? මම කියන්නේ දිවයින පටන් ගන්නකොට දවස කන්තෝරුවට සීල් තියලා හුඟක් කල් නේද?

    ඔය ගුරු ගෝල වෙනස හොයන්න මාත් ආසයි. අද පවා. ඕක ඉංග්‍රීසි පත්තරේ ගියේ Printer's Devil කියලා. මට නම් ඔය දහය හොයන එක සිම්පල්. අම්මෘ දේ උන් අංක දාලා තියෙන පිළිවෙලට අංක දාන එකයි.

    ReplyDelete
    Replies
    1. රිවිරැස අනතිම කාලේදී තමයි දිවයින පටන් ගත්තේ, මට එක හොඳටම මතක අපේ ගෙදරට රිවිරැස ගද්දි අල්ලපු ගෙදරට ගත්තේ දිවයින. අපි දෙගොල්ලෝ මාරුකරගෙන තමයි පත්තර බලන්නේ.මම තමයි පත්තර මාරුකරන්න මේගෙදරින් අරගෙදරට යන පත්තර කොල්ලා, මොකද මම පාට පාට පත්තරේ බලන්න ආස නිසා අපේ ගෙදර කට්ටිය කියවන්නත් කලින් රිවිරැස දීලා දිවයින අරං එනවා.

      Delete
    2. මේක කියවද්දී මටත් ආව ප්‍රශ්නේ ඕකයි හෙන්රි. ඒත් ප්‍රගීත් කියන නිසා පිළිගමු. අපේ අයියා කෙනෙක් හිටියා දවසේ වැඩ කරපු. එයාව උපාලි විජේවර්ධන මහත්මයා දවස කාර්යාලේ පාරේ ඉඳලා තමයි අල්ලාගෙන තියෙන්න. දිවයිනේ මුද්‍රණ අංශයේ ලොක්කා හැටියට පත් කර ගත්තා.

      Delete
    3. හප්පේ සුදීකයි ,ඩුඩ් ලොක්කයි මාව අලි අමාරුවක දැම්මේ, දැන් මම බොරු කාරයා වෙනවනේ, එක නිසා මහන්සි වෙලා මේක හොයා ගත්තා.
      දවස = (1961-1990)
      රිවිරැස = (1966.07.20-1990.12.26)
      දිවයින = (1982 todate)

      මෙන්න මූලාශ්‍රය. Newspapers in Ceylon

      Delete
    4. හරි හරි බං. අපි උඹව අමාරුවේ දාන්න ඇහුවා නෙවෙයි. බුද්ධිමත් සංවාදයක් ගොඩ නගන්න හැදුවේ. ස්තුතියි තොරතුරු හොයලා දැම්මට.

      Delete
    5. අවුලක් නෑ බං මම ඇත්තටම බයවුනා මම වෙන මොකක් හරි මතකෙකින් බුලක් කෙලියද කියලා. එහෙනං වස විලි ලජ්ජවයිනේ?

      Delete
    6. තොපි ඔක්කොම ගැන සතු‍ටුයි..බ්ලොග් වල වෙන්න ඕන මෙව්ව තමයි මෙයා..!

      Delete
    7. ඔව්, සහතික ඇත්ත වීයෝ

      Delete
  10. ගුරත් එකයි! ගෝලයත් එකයි! වෙනස නම පාට විතරයි!

    ReplyDelete
    Replies
    1. උනුත් එකයි , මුනුත් එකයි , අපිත් එකයි.

      Delete
  11. මේක මොකක්ද බං.....අර ගෝඨා ඉන්නේ නානසාරගේ කර උඩ නැගලා.ෆොටෝ එකක් විතරයි නැත්තේ.

    ReplyDelete
    Replies
    1. හා හා අරූ ඒවා අකැප නෑ හරිද..? ඔන්න කට වරද්දගන්නේ එහෙම නෑ මේ ආශ්චර්යමත් අඩවියේ හරිද...?

      Delete
  12. Lankaenews
    14 hours ago
    "මං භික්ෂුවකගේ කරේ අත දැම්මේ නෑ: කෙළේ මයික් එක ගැනීමයි: බුදු දහමට නිගා කිරීමක් කෙළේ නෑ" -ආචාර්ය හර්ෂ ද සිල්වා------

    ReplyDelete
    Replies
    1. හැබැයි ඔය වැඩේ මර්වින් සිල්වා එහෙම කලානම්,.....
      "ඇමතිතුමා මගේ කරට අත දැම්මේ නෑ , මමමයි දාගත්තේ....(භික්ෂුව කියයි-දිනමිණ වාර්තාවක්)"
      මොනාවුනත් කෙන්ජයියේ පොදුපෙරමුනේ පටන් සන්ධානය දක්වා සියල්ලෝම මාද්‍ය ඉතාමත් දක්ෂ විදිහට මෙහෙයවනවා

      Delete
  13. දවසම මැරෙන්න මහන්සි වෙලා ඇඟේ පතේ වෙහෙස නිවා ගන්න, පොඩ්ඩක් හිනා වෙන්න තියන නයි.ටී.එන්. නිව්ස් වලට මොකවත් එපා හරිය.

    ගෝල ෆොටෝ එකේ නම් පොර සිහියෙන් ඉන්න පාටක් නෑ.. වෙන කල්පනාවක ඉන්න ඇති.

    ගුරු පොටෝ එකේ කපල් ලුක් එකක් තිබුනට පොඩි සයිඩ් වාරුවක් වෙනවා වෙනවා වගේ පේනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා නයි.ටී.එන්. නිව්ස් එකයි, විමසුමයි නැත්තං හිනාවෙන එකත් අමතකවෙනවා අම්මපා.

      Delete
  14. ගුරු ගෝල ප්‍රහේලිකාව මාත් ඒ දවස් වල විසඳලා තියනවා...ඒ කාලේ පත්තර තමයි පත්තර..
    මම ත් කවදාවත්ම ඔය 10 හොයාගත්තේ නැහැ..

    වර්තමාන ගුරු ගෝල විහිලුව ගැන කතානොකර ඉන්න එක හොඳයි..ඉවාන්...වැඩකටම නැති දෙයක්....

    ReplyDelete
    Replies
    1. ඔව් ,එකනම් වැඩකට නැතිදෙයක් තමයි , ඒත් විමසුමේ මේක විකුනපු ලස්සන දැකලා තමයි මේක ලියන්න හිතුනේ.

      Delete
    2. විකුනපු ලස්සන නම් කියලා වැඩක් නැහැ..ඉවාන්...රෙදි සොදපු තරම් කට්ටිය එක එකාගේ...

      Delete
  15. ගෝල ෆොටෝ එක ගැන යමක් කියන්න හිතෙන්නේ නැහැ ,ගුරු ෆොටෝ එක නම් භික්ෂුන් වහන්සේට අකැප දෙයක් ඒත් එයානම් සිවුරක් ඇගේ පොරෝගත්තට ස්වාමීන්වහන්සේ කෙනෙක් නෙමේ මටනම් සාමාන්‍ය කපටි දේශපාලකයෙක් විතරයි ,

    ReplyDelete
    Replies
    1. ඇත්ත තත්වෙත් එකම තමයි ඔමායා .... නිකම්ම නිකම් දේශපාලකයෙක්. සිවුරක් දමාගෙන නිකම් රඟපානවා විතරයි.

      Delete
  16. මට නං ඕකුං දෙගොල්ලොම මොන මගුලක් කලත් කියන්න දෙයක් නෑනෙ ඉවෝන් කොල්ලො,අද මේ පැත්තෙ හෙට අනික් පැත්තේ

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් මොකට කියනවද හැලපයියේ...ඉස්සර හාමුදුරුවර දේශපාලනේට ආවා කියලා අපි හිතුවට වෙලා තියෙන්නේ දේශපාලකයෝ සිවුරු දාගන්න එකයි.

      Delete
  17. මාධ්ය කාරයො ඔහොම්මයි....පෙන්නගන්න එකක් නැති උනහම ලොකු කරලා පෙන්නන්න හරි දස්සයි :D

    මටත් මේ පින්තූර දෙකේ වරදක් පේන්නේ නෑ හිරූ අක්කට හිතුන දේ තමයි හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔඑ රෙහානි මේ දෙකේම වරදක් විතරක් නෙවෙයි කතා කරන්නවත් දෙයක් නෑ . එත් විමසුමේ මහින්ද මාමාට ඩොන් ගිහින් තිබුනේ හරියට සාසනෙම ඉවරයි වගේ

      Delete


  18. ඕක අයිටිඑං එකේ විමසුමේ පට්ට ගහපු හැටි බලන්ඩ ලස්සනයි.. මං කිව්වෙ ගෝල චිත්‍රෙ :D

    මචං බ්ලොගේ හදල තියෙන්නෙ LCD SCREAN එකට .. crt එකට ගැලපෙන්න හදහං.. දෙපැත්තෙන්ම එලියෙ :D

    ReplyDelete
    Replies
    1. ඔඑ බං එක දැකලා තමයි ලියන්න හිතුනේ මේක.
      අඩේ එහෙම අවුලක් තියෙනවාද බං. හිටහන් හදන්න ට්‍රය් එකක් දෙන්නම් .

      Delete
  19. ගුරැචිතුරයක්නැහැනේ ඉතින් කෙහොමද වෙනස හොයන්නෙ? (සුදු වැන් වලට බයයි)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බොලේ ගුරු ෆොටෝ එකක් නෑ නේන්නම්

      Delete
  20. ඒ මමනම් ඔය කිසිම ෆොටෝ එකක් දැක්කේ නෑ හොඳේ....

    ReplyDelete
    Replies
    1. අන්න සිස්ටෝන් එක අල්ලාගෙන මෙයා නම්.

      Delete
  21. හර්ෂ උන්නැහේ නන්..නයිටීඑන් එකෙට කියල සමාවත් ගත්තලු..!

    මිනිසුන් මැරීමට වඩා කොච්චර දරුණු වැඩක්ද අප්පා..!

    ReplyDelete
    Replies
    1. මේ මක්ක කියනවයි වීයෝ, වතුර ඉල්ලලා මලත් මෙහෙම දේවල් නම් අන්තිම කැතයි හොඳේ.

      Delete
  22. @ Cristogallary
    පිහිය කොයි විදියේ,කොයි හැඩේ එකක් උනත් අවසාන කටයුත්ත කපන එක.පාට මොකක් උනත් පක්ෂෙ මොකක් උනත් දේශපාලනය කියන්නේ කිසිම විනයක්,හැදියාවක් තියෙන කටයුත්තක්.ඔය මිනිස්සු ඔක්කොමගෙ අවසාන අරමුණ හරිම පහත්.මේකට විවේචන තියෙයි.
    හැබැයි මටනම් දේශපාලකයො පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. Angel Siththaravi සාදරයෙන් පිලිගන්නවා, කාටවත් දේශපාලකයෝ පෙන්නන බෑ මං හිතන්නේ, එත් අද පෙ ජීවිතේ හැම දෙයක්ම තීරණය කරන්නේ මේ අපිට පෙන්නන්න බැරි රාලලා ටික තමයි.

      Delete
  23. පංච මහා බලවේගේ උරෙනුර ගැ‍ටුණාම මොකෝ අතිනත පටලවාගෙන ගියාම මොකෝ ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එකත් හරි තමයි.
      ඔක්කොම බන දෙසනවා එක නිසා ඔක්කොම සඟ
      ඔක්කොම ලෝක වෙද්දු ඒකනිසා වෙද
      ඔක්කොම එන්නේ අපිට උගන්නන්න ඒකනිසා ගුරු
      අපි වවමු රට නගමු ඒකනිසා ඔක්කොම ගොවි
      අපි ඉතින් කොහොමත් කම්කරුවෝ නේ කම්කරු.

      Delete
  24. ඔය පත්තරේ ගුරු ගෝල චිත්‍රය සීන් කෝන් එක ගැන නම් මටත් ලාවට මතකයක් තියෙනවා. අම්මා පත්තරවලින් කපලා අලවල තිබුනු පොතක් අපේ ගෙදර තිබුනා අපි පොඩි කාලෙ. චිත්‍ර ශිල්පියා නිකන් පැතලි අකුරින් වගේ අත්සන් කරල තිබුනා වගේ යන්තමට මතකයක් තිබුනත් ඒ කව්ද කියල මතක් කරගන්න අමාරු නිසා ඔන්න මම නිකමට සර්ච් පාරක් දැම්මම මේ කමෙන්ට් එක දැක්කෙ. ඒ අත්සන මොටාගෙදර වනිගරත්න‍ගෙ වෙන්න ඕන, මේ කමෙන්ට් එක කියව්වම තමා මතක් උනේ. ඒත් ඒකෙන් කියන හැටියට උඹ කියපු පත්තරේට ඇඳල තියෙන්නෙ වෙන කෙනෙක් වෙන්න ඕන. (ඒ සර්ච් කිරිල්ලෙන් තවත් කියවිය යුතුම අපූරු ලිපියකුත් ලැබුනා)

    //# 2010-02-22 16:43
    චන්ද්‍ර පාෂාණ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් තවත් කරුණක් මට මතක් වුණා.

    දැනට “සිළුමිණ” පත්‍රයේ පළ වන මොටාගෙදර වනිගරත්න‍ චිත්‍ර ශිල්පියාගේ “ගුරු ගෝල වෙනස” නම් සතිපතා තරඟය ගැන ඔබ දන්නවා යැයි සිතමි. එවැනි ගුරු ගෝල තරඟයක් එකල “රිවිරැස” පුවත් පතේ ද තිබුණා (චිත්‍ර ශිල්පියා කවුදැයි නම් මට මතක නැහැ).

    චන්ද්‍ර පාෂාණ ප්‍රදර්ශනය පැවති සතියේ (මෙය සමහර විට 1969 දෙසැම්බර් 21 වන ඉරිදා රිවිරැස පත්‍රයේ විය හැකි යි) ඇඳ තිබූ කාටූනයේ දැක්වුණේ කෞතුකාගාර පරිශ්‍රයේ තිබූ වීදුරු ගෝලය තුළ තිබෙන චන්ද්‍ර පාෂාණය නරඹන සාවුන් තිදෙනෙක්!
    (චිත්‍ර ශිල්පියා සමහරවිට ස‍ෙඳ් සාවුන් අදහස් කළාදැයි නොදනිමි.)


    http://www.skylk.com/astronomy/articles/47-special/142-2009-07-20-17-24-11.html#comment-213 //


    වර්තමාන සීන් එකට බැස්සොත් නම් කොටින්ම මෙච්චරයි මචං.

    කන්න ඕන උනාම කබර ගොයත් තලගොයා වෙන සීන් එකක් දැන් තියෙන්නෙ. තමන්ගෙ ඇහේ පොල් පරාල තියෙද්දි අනුන්ගෙ ඇස්වල පොල් රොඩු හොයන එක මෙයාලගෙ විනෝදාංශෙ. එකම වැරැද්ද එයාල විනෝද වෙන්නෙ රටේ වැඩකරන අහිංසක මිනිස්සු බඩට නොකා ගෙවන බදුවලිනුයි, රටේ අනාගෙතේ උකසට තියල ගිනි පොළියට ගන්න ණයවලිනුයි.

    ReplyDelete
    Replies
    1. D.D.T. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට, රිවිරැස පත්තරේට අඬපු කෙනාගේ නම නම් මටත් මතක නෑ. එත් ඒ කාලේ මට හිතුනු විදිහට පත්තරේ වැඩකට ඇති දෙයක් කියලා තිබුබේ එච්චරයි.(ඒ කාලේ තේරිච්ච තරමට ඈ ...!)
      වර්තමාන් සීන් එක නැගලම යන්නේ ජනාධිපති තුමා මේ ලඟදි කතාවක් කරනවා,(ෆේස් බුක් එකේ වීඩියෝ එක තිබ්බ) "ඈ අපේ හාමුදුරුවනේ ළමයි හදනකොට හරියට හදන්න ඕන, ආපු ගමන් හාමුදුරුවන්ගේ කරට අත දාන දරුවෙක් හැදුවොත් කොහොමෙයි"
      ඔන්න වැඩේ මෙන්න ලින්කුව

      Delete
    2. රිවිරැසට ගුරු-ගෝල චිත්‍ර අඳින් ඇත්තේ ජයසිරි සේමගේ විය යුතුයි.

      ගුරු-ගෝල තිබුණු රිවිරැසයි, දිවයිනයි එක කාලේ තිබුණද?

      Delete
    3. ඔව් තිබුනා කකා ....මම ඉහල ඩූඩ් සහ සුදීකට දුන්නු පිළිතුර හා ලින්ක් එක බලන්න .

      Delete
  25. කට්ටිය නිකන් කලබල වෙලා... හැමෝම සහයෝගෙන් වැඩ කරන බවක් තමයි මට පෙනුනේ...

    ReplyDelete
    Replies
    1. එක ගැන නම් කියන්න දෙයක් නෑ , කිසිම ගිහි පැවිදි භේදයක් නැතුව තමයි මෙයාලා වැඩ කරන්නේ.

      Delete
  26. දේවාලේ අයිතිකාර කපුවට ඕන නම් ඒකේ රෙන්න උනත් ඇහැකිලු . .

    ඒත් අපිට සෙරෙප්පු දාගෙන වත් යනන් තහනම් . .

    අන්න ඒ වගේ ගුරු චිත්‍රේ ඉන්න එකාගේ මහ එකා රටේ නායකයා නිසා ඌ කරන ඒවා ශෝයි . .

    අනිත් උන් කරන එවා චා . . හික් හික් හික්

    කෝ මේ නලින් අයියලා මේවායේ හරි වැරැද්ද පෙන්නලා දෙන්නේ නැද්ද අපිට

    ReplyDelete
  27. ඔව් දුකා, දැන් මේ දේවාලේ හැමතැනම කපුවෝ රීලා . මම අර D.D.T. ගේ කොමෙන්ටුවට දාපු ලින්කුව බලන්නකෝ. කියලා වැඩක් නෑ. වටත් නියරත් ගොයම් කා නම්..............!

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]