Monday, September 2, 2013

අසරණ සරණ


collect 10,000 likes to help them "1 like = 1 dollar"


දෙපා පණ නැති කුඩා දරුවෙක් 
......................යදියි පිහිටක් යන්ට පාසල්.....................

දෑස් නොපෙනෙන තරුණ යුවලක් 
.................යදියි පිහිටක් හිසට සෙවනක්................

මව් පියන් නැති පුංචි දරුවෙක් 
...............යදියි පිහිටක් පතා සතුටක්..............

වැඩු දරුවන් මග දමාගිය මවෙක් පියෙකුත් 
.................යදියි පිහිටක්................

මගේ දෑසට නැගෙයි කඳුලක් 
හොඳ වෙලාවට ඇත ෆේස් බුක් 
සියලු දෙනටම පිහිටවෙමි මං 
නැත මසුරුකම්-- නොපමාව කරමි   

 "ලයික්"







63 comments:

  1. සිරාවටම බං මමත් දැකලා තියෙනවා සමහරක් ෆොටෝස් දාලා කියලා තියෙනවා ලයික් කලොත් ඩොලර් ලැබෙනවා කියලා.ඇත්තෙම්ම එහෙම දෙනවාද.?නැත්නම් මේකත් එක්තරා විදියක දුක මාර්කට් කිරීමක්ද...?

    ReplyDelete
    Replies
    1. මාත් මේ කාගෙන් හරි අහන්ඩ හිටිය ප්‍රශ්නයක්

      Delete
    2. එක තමයි මටත් ප්‍රශ්නේ, හැබැයි සාමාන්‍ය ජීවිතේදී විසිකරන දෙයක් වත් කාටවත් දෙන්නේ නැති අය මහා දානපතියෝ වෙන අවස්තාවක් තමයි මේ.

      Delete
    3. නැහැ ලැබෙන්නේ නැහැ. හොඳටම විශ්වාසයි.ඒ පේජ් කරන ඇඩ්මින්ලාගේ ලයික් උපායක්.

      Delete
  2. හොඳයි හොඳයි අන්න බං අටමත් අසරණියෙකුට පිහිටවෙන්න ගිහින් නූලෙන් වැළකිලා තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකට අතට ලැබිච්ච දේ කටට දාගන්න පින නැහැ.

      Delete
    2. ඔය කිව්වට කවුද දන්නේ ...අටමා....
      නෑ ඌ එහෙම නැතුව ඇති සමහර විට

      Delete
  3. මමත් ඕක දැනගන්නමයි හිටියේ ඇත්තටම සල්ලි ලැබෙනවානම්
    කොච්ච්ගර අප්පිරිය උනත්
    අදම අරිනවා බුකියේ ගිණුමක්

    ReplyDelete
    Replies
    1. අම්මපා බං කියන්නේ අපි දැන් දන්දීලා තියෙන තරම් අනේපිඬු මහා සිටනනන් වත් දීලා නැතුව ඇති

      Delete
  4. මං මේ නිර්මාණයට ලයික්

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා නලින් අයියේ...

      Delete
  5. හෑක් හෑක් හෑ පට්ට පට පට
    මමත් අනන්ත දකිනව අරකට ගරු කරනව නම් ලයික් කොරන්න.මෙක කරල තියෙනව නම් ලයික් කොරන්න කියලතියෙනව.තව අර පෑත්තෙනම් මෙ පෑත්ටෙනම් කියල.මම නම් ඔවට මුකුත් දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේකේ තේරුම මොකක්ද කියලා හොයලා බලන්න වටිනවා බං.

      Delete
  6. දැන් දාපු ලයික් වල හැටියට අපිත් මහා දානපතියෝ!!!

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කයි අනේපිඬු සිටාණෝ කවුද...?

      Delete
  7. fb කියන්නෙ දැන් ගොන් ආතල් එකක් වෙලා ඉවරයි. ලංකාවට කොහොමත් ඔය වගේ සංකල්පයක් දරාගන්න ආමරුයි තමා.

    ReplyDelete
  8. සම්පූර්ණ ඇත්ත අපේ මේ ඉන්න posh බූරු හැත්ත facebook යන්නෙ පේන්න මිසක් සතපහක වැඩක් නෑ මේ වගේ ගොන් ආතල් මිසක්

    ReplyDelete
    Replies
    1. ඔව් චින්තක ...මේක අද මාර මෝස්තරයක්. පට්ට පකිස් බූරු දේශයක්

      Delete
  9. සත්‍යකි..! සැබවින්ම නොවටිනා මුත්..!

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද වීයෝ...අනේ කාලේ වනේ වාසේ....!

      Delete
  10. නිර්මාණය අපූරුයි.

    ReplyDelete
  11. ඔය ලැයික් ගිහිල්ල ඒ අයට බෙදපු පින්තුරයක් මම දැක්කා ෂෙයාර් කරලත් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. එක දැකලා තමයි මට මේක හිතුනේ දේශා

      Delete
  12. ඇයි අප්ප මාක් කාරයට ඔය ලයික් දැම්ම වගේම අන්ලයික් කියල එකකුත් දාන්න බැරිඋනේ.

    ReplyDelete
    Replies
    1. එකනේ ප්‍රසන්න අයියේ.... කියලා වැඩක් නෑ, හැබැයි එහෙම එකක් තිබුනානම් අපේ පුතාලා දෙකම ඔබයි කියවන්නෙත් නැතුව.

      Delete
  13. මල්ලිය,උඹේ නිර්මාණ හැකියාව අති විශිෂ්ටයි යකෝ..!!

    ReplyDelete
    Replies
    1. වෙරිම වෙරි ස්තුති වේවා කෙන්ජයියේ

      Delete
  14. ලයික් කිරිල්ලෙන් වෙන සෙතක් නම් නෑ ඒත් දුක හා දුකට අදාළ පේජ් එක, ගෘප් එක ප්‍රමෝට් වෙන කතාවක් නම් වෙනවා. හැමෝම අතරේ ශෙයා වුනාම බැරි වෙලාවත් උදව් කරන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්, එහෙම වෙන එකේ ප්‍රතිශතය දශම ගානක් හැබැයි.

    නිර්මාණය සුපිරිය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැතුම්, කොහොමත් ග්රූප් එක හෝ පේජ් එක ප්‍රමෝට් වීම නම් සිද්ධ වෙනවා, මේක කරන්නෙත් ඒ ගැන බලාපොරොත්තුවෙන් තමා මං හිතන්නේ .

      Delete
  15. මම දැක්ක ලඟදි අපූරු පිංතූරයක්. කවුදෝ කෙනෙක් ළමයෙක් වඩාගෙන ඉන්න අම්ම කෙනෙකුට මොනවදෝ දෙනව. බැලින්නං ඒකෙ ගහල තියනව ෆේස්බුක් එකේ අසරණයන් වෙනුවෙන් එකතු කල ලයික් එයාලට දෙනව කියල. ඔය යට තියන අතක රූපයක් තමයි පෙට්ටියකින් අරගෙන දෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් එක දැකලා තමයි මට මේක ලියන්න හිතුනේ, ඇත්තටම එක වත් හම්බවෙන්වනම්, පොඩි එකාට සෙල්ලම් කරන්න හරි දෙන්න තිබුනා.

      Delete
    2. ඔන්න ඕක තමයි ෆොටෝ එක

      Delete
    3. හනේ ඉදකින් මෙහෙමත් ලයික් කිරිලි...ෆොටෝ එකට තැනකුයි ප්‍රසන්න අය්යේ..

      Delete
  16. අනේ ඔය බුකිය සමඟ මගේ ඇති ඇයි හොඳැයියක් නැත. මට කාගෙවත් උදව් අවශ්‍ය නැති උනාට තවත් කෙනෙක්ට දැනෙන තරමෙ උදව්වක් කරන්න තරම් ලොකු ආර්ථික ශක්තියක් මට නැහැ. ඉතිං මම ගිහින් මේ ජංජාලෙ කොහේ හරි කෙටුවට ඒ අසරණ වෙච්ච මිනිස්සුන්ට ශත පහක වැඩක් නෑ. ඒත් ලක්ෂෙ රුපියලට නාස්ති කරන සල්ලිකාරයොත් අපේ රටේ ඉන්නව. එහෙම නැත්නම් සැබෑ මානව දයාවෙන් තමන් සතු ධනය අසරණයින්ට පිහිට වෙන්න යොදවන්න කැමති සත්ගුණවත් දානපති මිනිස්සුත් අපි අතර ඉන්නව. ඉතිං එහෙම කෙනෙක්ට ඔය විදියට අසරණ වෙච්ච අයව අහම්බෙන් හරි දකින්න අවස්ථාවක් සැලසෙන එක විතරයි ඕකෙන් වෙන්න පුළුවන් එකම සෙතේ මට හිතෙන විදියට.

    වැදගත් නිරීක්‍ෂණයක් වගේම සාර්ථක ඉදිරිපත්කිරීමක් මචං.

    ReplyDelete
    Replies
    1. එහෙම මානව දයාවෙන් පිරිච්ච මිනිස්සු ,මේ වගේ ගොන් ආතල් ගන්න එකක් නෑ DDT යෝ . කොහොමත් කරන එකා ලයික් එක නොදැම්මත් කොරනවා, අනිත් එවුන් ලයික් දදා බලන් ඉන්නවා.

      Delete
  17. LIKE කියන්නේ කැමතියි කියන එකයි කියලා දන්නෙ නැති වුනුත් ඉන්නවා කියලා මටත් තේරිලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය FB එකේ ඉන්න එවුන් කියන්නේ කාටහරි ළිකාවක්,ලෙඩක්,මරණයක්, කරදරයක් වෙනවට උන් "කැමතියි "කියලා

      Delete
  18. සමහර උන් මළ ගෙවල්වල පෙටෝ දැම්මම, සම හරක් ඒවට ලයික් කියලා දානවා.. දාන උන්ගෙත් මොළ කචල්ද කොහෙද...

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ, මලත් ලයික්, නොමලත් ලයික්. දැන් ඇත්තටම ලයික් කියන එකේ තේරුම මොකක්ද ..?

      Delete
  19. අනේ බං පවුලූශා මම ඔය වේසබුක් එකෙන් අයින්වෙලා ගොඩක් කල්.කාලය විනාස වෙන එක විතරයි.ඒ වෙලාවට බ්ලොග් ටිකක් කියෙව්වාම නොදන්න දෙයක් හරි ඉගෙණගන්න පුලුවන් නහින දෙහින කාලේ.

    ReplyDelete
    Replies
    1. ඒ ඉලව්වෙන් නම් අයින් වෙච්ච එක හොඳයි, හැබැයි සමහර වෙලාවට එකත් සිගරට් බිව්වා වගේ කොච්චර නවත්තන හැදුවත් නවත්තන්න බෑ.

      Delete
  20. :D ඇන්න ටොක්ක නියමයි.. ඔය පේජ් කරන උන්ට ලයික් පිස්සුව හැදුනම දාන්න ඕනි මොනවද නැත්තෙ මොනාද කියල අව්බෝදයක් නෑ

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ, උන්ට හිතෙන්නේ නැද්ද දන්නේ නෑ මේකෙන් ඒ මනුස්සයා කොච්චර අපහසුතාවයකට ලක් වෙනවද කියලා

      Delete
  21. ඔය අනුන්ගෙ දුක ගැන, උදව් ගැන දාන පොටෝ වලින් සෙතක් නොවෙන්නෙම නෑ. ඒත් දකින් දකින මගුලට "ලයික්" දාල වචනෙ තේරුමත් නෝන්ඩි කරන එකනම් ගොන් වැඩක් තමයි.

    ReplyDelete
    Replies
    1. "ලයික් කියන වචනේ තේරුම මොකක්ද කියලා හිතාගන්න බැරි තරමට එක නොන්ඩි කරලා මේ යක්කු. සෙතක් වුනත් මෙහෙම මිනිස්සුන්ගේ දුක විකුණගෙන කන එක හොඳ දෙයක් නෙවෙයි.

      Delete
  22. අහන්න තිබුන ටික ඔක්කොම කස්ටිය අහලා. උඔගේ කවි හැකියාවට ලයික්

    ReplyDelete
  23. පරක්කු වෙලා පැමිණීම ගැන මාගේ කණගාටුව. ( අසනීප උණා )

    ඕකත් හරියට මචු බේබද්දා අරක්කු බොනවා වගේ වැඩක්.. ඌ සතුටත් බොනවා. දුකටත් බොනවා. ආයේ නිකනුත් බොනවා. කොහොමත් ඌ බොනවා. අන්න ඒ වගේ ලයික් කෙරිල්ලත්..

    ලයික් වලට එහා ගියපු සමාජ මෙහෙයන් බුකියේ නැතුව නෙමෙයි ඈ.. :D ^_^

    මාත් බුකියේ ඉන්නෝ. හැබැයි ඔය ගෝත්‍ර පටලාගෙන නම් නෑ.. හැබැයි සීන් එක සිරා අබිං කනවා වගේ ඇබ්බැහි උනොත්.. ආයේ ගොඩ එනවා බොරු. සෙට් උන එකාට සෙට්ම තමා ගැලවිලි බොරු. බුකියේත් එක එක විදියේ වීරයෝ ඉන්නවා නෙව එකේ රජ කොරන.

    සිරාවටම බුකියේ හොඳ දේවල් නොවෙනවා නෙමෙයි. මාත් ඒ වගේ වැඩසටහන් දෙක තුනකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒක නොකියා උන්නොත් අවුල වගේ...

    නිර්මාණය නම් යසයි. ගානට තාල මාත්‍රා ගැලපිලා..

    Bora Diyaka Induwara

    ReplyDelete
    Replies
    1. තැන්කු බෙනෝ...හොඳ මෙහෙවරක් කරන්න උත්සාහ ගත්ත සුළු පිරිසකුත් බුකියේ ඉන්නවා, එත් ගොඩක් වෙලාවට ඉන්නේ පඩ ෂෝ කාරයෝ තමයි බං, අර කිව්වා වගේ අබින් කෑවා වගේ තමයි.

      Delete
  24. හඃ! ඒ දුකට පත් ජනතාව වෙනුවෙන් දාපු ලයික් අරන් ගිහින් ඒ මිනිස්සුන්ට දෑතින්ම පුදන සංවේදී උත්සව අවස්ථාවකට දායක වෙන්න ලැබුනා නම් තමා තේරෙන්නේ ලයික් කොච්චර සැපත සන්තෝෂය ඒගොල්ලන්ට ගෙනාවාද කියලා! මේ සටහන හෙලා දකිනවා ඉවාන්!

    (තේරුනා නේ? ;) ) නියම සටහනක් ඉවාන්.අදයි මෙහෙ ආවේ, දිගටම එඥ්ඥන්කෝ ඈ.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා කරූ...ස්තුතියි ඔබට , ඇත්තටම ඒ අවස්ථාවකට දායක වෙන්න ලැබුණානම් මරු

      Delete
    2. ඇත්තටම හරිම හැඟීම්බර අවස්තාවක්, එක ඇහැකට එක පාර ගානේ ඇස් දෙකට දෙපාරක් ඇඩේ..නවා!

      Delete
  25. ෆෙස්බුක් නැති නිසා මේක නම් දන්නේ නෑ...හැබැයි බොරුවක් වෙන්න ඇති කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. හෑ ඔයා ෆේස් බුක් නෑ .....එකනම් හොඳයි ........මේක බොරුවක් තමයි රෙහානියෝ.

      Delete
  26. ඉවෝන් මේවා පත්තර වලට යවන්න.. නිර්මාණශීලී බව උපරිමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන් ....පත්තරවලට යවන එකනම් මට එපාවෙලා ඉන්නේ

      Delete
  27. මේකේ පෝස්ටුවට වඩා...කොමෙන්ටු ගොඩ කියවන්න වෙලාව යනවා ..ඉවාන්..ඒ නිසා කොමෙන්ටු ටිකක් කියවලා..මේ කමෙන්ටුව දාන්නේ...

    පහු ගිය දවසක මම දැක්කා...නියම දෙයක්...
    අසරණයන් වෙනුවෙන් එකතු වූ like බෙදා දීම කියලා පින්තුරයක්..මේකත් එක්ක මතක් වුනේ ඒකයි...

    අර උඩ හරියේ කවුද ලිව්වා වගේ...මිනිස්සු මලාමයි..අසනීපයි කිව්වත් අපේ මිනිස්සු like කියලා දානව...අනේ මන්ද නේද..?

    මේ අදහස හරි අපූරුවට ගලපලා තියනවා මල්ලි...

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ , ෆේස් බුක් නිසා අනුන්ගේ දුකට "කැමති" මිනිස්සු ටිකකුත් බිහිවුණා.

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]