Monday, September 23, 2013

අලි සිහිනය



මගේ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න
ලං නොවන්න //

සාගල මග අකිල යමින්
බොත රස මධු පාආආනේ
මංගල කොළ එලි දැල්වේ
බුද්ධික දෙන් නෑඈඈනේ
අනර්කලී ගීතා වගේ
කෑලි අපිට නෑඈඈනේ
හිටපු පබා මාරු වුනා
රෝසිත් වයසයිනේ

මගේ සිහිනය .........
















වැටත් කඩන් අලිත් පනිති
සාටකයේ  සාආආපේ
පලා බබා තුනත් කැලේ
වලිගේ වත් නෑඈඈනේ
ආණ්ඩුවට පැනපු එවුන්
ගහනව මඩ බෝඕඕ සේ
තවත් එකෙක් එලවමු අපි
තිස්ස ගෙනෙන් මේඒඒසේ

මගේ සිහිනය .........

මේ තියෙන්නේ ඔරිජිනල් ගීතය

76 comments:

  1. වශී බෝලේ බලය තමයි ඉවෝන්..

    ( එක්කෝ අපේ කරුමේ .. )

    ReplyDelete
    Replies
    1. මමත හිතුවේ නෑ වශී බෝලෙට මෙච්චර දෙයක් කරන්න පුළුවන් කියලා

      Delete
  2. නියමයි. සුපිරියි.

    දේශපාලන ප්‍රහසන අප්‍රසන්න වී සිටින මොහොතක මෙවන් දෙයක් දැකීම සතුටක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක ... දැන් දැන් අපිට දේශපාලනය ගැන කතා කරන්න තියෙන්නේ පොඩි "ආතල් එකක්" ගන්න විතරයි ඊට එහා දෙයක් දැන් දේශපාලනයේ නෑ .

      Delete
  3. පව් බන්, අම්මපා එජාපය මේ පාර ඡන්දෙට හිටියා ද?

    ReplyDelete
  4. උපරිමයි බං,සිංදුව ඇහෙනව ඇහෙනව වගේ

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා හැලපයියේ , මේ වෙන කේස් එක්ක මෙහෙම ඒවාමයි ලියවෙන්නේ

      Delete
  5. අලි සිහිනය අලි සිහිනයක්ම පමණි..

    ReplyDelete
    Replies
    1. දැන් අලින්ටත් එහෙම සිහිනයක් තියෙනවද දන්නේ නෑ

      Delete
  6. ඔය මොනවත් නෙමේ බන් මිනිස්සු හිතන විදිය ... එච්චරයි .... ඔය කවුරු මොනවා කිව්වත් ලංකාවේ තියෙන්නේ නිකන් උගන්නන ඉස්කොල . ඔව්වට ගිහින් අනික් උන කරන වැඩ ටික කරගෙන හිටියත් දැනුමක් ලැබෙනවා.එක නිසා මිනිස්සුනට දැනුම නැහැ කියන්න බැහැනේ.එහෙනම් මිනිස්සු තමන්ට ඕන දේ තමා තූරගෙන තියෙන්නේ.අනික අලි පාටිය ගම්මු.ඔය කොහොම කෙසේ වෙතතත් අලි පාර්ටිය නැති වෙනවද.ඔකේ ඉන්නවා බොහොම අරටු.ඉතින් මිනිස්සු රැල්ලක් හැදෙනකල් ඉවසගෙන ඉන්න බැරි උදවිය පැත්ත මාරු කරනවා.ඒ තරමට මුදල් හදල තියන උදවිය අල්ලාගෙන ඉන්නවා...කවදාවත් වෙන පර්ටියක් ලංකාවේ රජ වෙනවද නැහැ.. අනිවා අලි පර්ටියෙන් තමා.ඉතින් අලි ලොක්කට සල්ලි තියන නිසා ඉවසගෙන ඉන්නවා මිනිස්සු වෙනස් වෙනකල්.අපි හිතන ඔන්න අලියා මලා කියල ...

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත , එත් මචෝ උඹට හිතෙන්නේ නැද්ද විපක්ෂයක් හැටියට මීට වඩා උද්යෝගයෙන් කටයුතු කරන්න ඕන කියලා. රතුපස්වල සිද්ධියම මදිද ආණ්ඩුව පෙරලනවානම් විපක්ෂයට ,වෙනත් රටවල ඔයිට වඩා සුළු දේවල් වලට රජයන් වෙනස් වෙනවා , මිනිස්සු හිතන විදිහනම් තව අවුරුදු විස්සකටවත් වෙනස් වෙන්නේ නෑ කියන එක මේ චන්දෙන් පැහැදිලි වුනානේ. එතකොට තව අවුරුදු විස්සක් යනකං මෙහෙම ඉන්නද ?
      එහෙම නෙවෙයි මිනිස්සුන්ව නැගිට්ටවලා ගන්න විපක්ෂයට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. මිනිස්සු හිතන් විදිහ ඉබේ වෙනස් වෙනකන් බලන් ඉන්නේ නැතුව එක කරන්න ඕන , නිකං වෙනස් වෙනකම් බලන් ඉන්නකොට අවුරුදු විස්සක් යනවනං ,වෙනස් කරන තැනට මනස හැදුවම අවුරුදු පහකින් ඒක කරන්න පුළුවන්,
      හැබැයි මෙහෙම දෙයක් තියෙනවා . ගසාකෑම හා අවනීතිය රජවීම නවත්තන්න පුළුවන් නම් මේ ආණ්ඩුව තමයි දැනට ලංකාවේ බිහිවුන හොඳම ආණ්ඩුව වෙන්නේ

      Delete
    2. මචන් ජනමතයක් හදන්න බැහැ.හැදෙන මතය වැඩි කර පුළුවන් ඒ මතයේ නැගල යන්න පුළුවන්.එක නිසා තාම ජන මතයක් නැහැ ආණ්ඩුව මාරු කරන්න.අනික මුළු රජයම නියෝජනය කරන්නේ කවුද? මහා රජ.එක පාරක් ලොකු පුටුවයි පුඩු පුටු ටිකයි දෙපැත්තකට දුන්න මතකද? ආපහු මිනිස්සු එහෙම කරන්නේ නැහැ.ඔය ඔක්කොම බලපුවාම මචන් මේ වෙලාවේ කිසිම බ්රේක් ඊවන් පොයින්ට් එකක් තියේද කියහන් ජන මතයක් හදන්න.
      අනික රතුපස්වල සීන් එක කවදාවත් පාවිච්චි කරන්න බැහැ බන් ජාතික ප්‍රශ්නයක් විදියට... නැහැ බන් මිනිස්සු වෙනස් වෙනවා.ඕක තාම වෙන්න පරක්කුව තමා කළු සල්ලි.මිනිස්සුත් මේ සිස්ටම් එකේ පංගුකාරයෝ වෙලා ඉන්න නිසා.එක නිසා තමා ආණ්ඩුව මේක ගහගෙන යන්නේ.ඔය මෙගා ප්රෝජක්ට් වල වැඩ කරන එකෙක්ගෙන් අහල බලහන්.ඌට මචන් සල්ලි කොහෙන් ආවත් කමක් නැහැ ඌට වෙන තැනකින් නොලැබෙන පැදියක් ගෙවනවා එකේ.ඉතින් මිනිස්සු වෙනස් වෙන්න නැඹුරුවක් එන්න ඕන රැල්ලක් හදන්න මචන්.

      Delete
    3. //"මචන් ජනමතයක් හදන්න බැහැ.හැදෙන මතය වැඩි කර පුළුවන් ඒ මතයේ නැගල යන්න පුළුවන්"//
      අන්න ඒක තමයි මචන් මාත් කිව්වේ. ජනතාව අතර පලවෙගෙන එන ඒ මතය උත්තේජනය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද විපක්ෂේ..?
      විපක්ෂේ ජනතාව වෙනුවෙන් මොනවද කරන්නේ....?
      පුද්ගලික විශ්‍රාම වැටුප වෙනුවෙන් රොෂේන් බිලිවෙනකොට , ඉන්ධන මිල ඉහල යාම වෙනුවෙන් ඇන්ටනි බිලිවෙනකොට ,රතුපස්වල පාසල් ළමයි තුන් දෙනෙක් මැරෙනකොට , මාධ්‍ය වේදීන් 51 ක් රටහැර යනකොට මාධ්‍ය නිවෙදන නිකුත් කරනවා හැර විපක්ෂය මොනවද කලේ.
      අද ආසන කීයක් එක්සත් ජාතික පාක්ෂයේ ආසන සංවිධායකවරු නැද්ද..? ආසන බල මණ්ඩල කීයක් පිහිටුවලා නැද්ද ? වැඩිය ඕනේ නෑ , නායකයා වෙන්න උඩුබුරලන සජිත් හම්බන්තොට එක ආසන බල මන්ඩලයක්වත් පිහිටුවලා නෑ.
      එතකොට මචන් විපක්ෂයට සංවිධානය වෙන්නත් මිනිස්සුන්ට රැල්ල හැදෙන්නම ඕනෙද ..? සංවිධාන ශක්තියක් පේන්නවත් නැති, ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරයි කියලා හිතන්නවත් බැරි විපක්ෂයක් වටේ මිනිස්සු එකතු වෙන්නේ නෑ , මෙහෙම් විපක්ෂයක් හිටියොත් කවදාවත් ඔය කියන රැල්ල මිනිස්සුන්ගෙන් හැදෙන්නෙත් නා

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ගමන් මගියාගෙ කතාවට එකයි.
      ජනතා පිබිදීමක් ඇතිකර චන්දයක් තිබ්බොත් විතරයි දිනිය හැක්කෙ.
      මෙවර චන්දයේදී JVP බිංදුවට දාල යුද ලොක්කගෙ පාටිය ලාවට ඉස්මතු කිරීමත් එක්තරා මොත්තයක්.

      Delete
    2. එතකොට ජනතා පිබිදීමක් කවුද ඇතිකරන්නේ ... දැන් රනිල්,තිස්ස ඇතුළු අලි නඩේ බලන් ඉන්නේ අරාබි වසන්තය වගේ ජනතාවම නැගිටලා රජය පෙරලලා එයාලව රජ පුටුවේ වාඩි කරවලා දැන් රට පාලනය කරපියව් කියනකං.

      Delete
    3. එහෙම නෙමේ මචන්, කාටවත් පිබිදීමක් ඇති කරන්න බැහැ.ජන මතයක් තියේ නම් එකට මූනක් දුන්නකි.,අරාබි වසන්තේ උනේ කොහොමද? ජන මතයක් ඇති උන නිසා මිනිසුන්ට පිටින් ආධාර කළා, විපක්ෂේ නායකයෝ පත් උනා.මිනිස්සු ඉන්නේ "අපි ආණ්ඩුවට චන්දෙ දුන්නට විපක්ෂේ දැන ගන්න ඕන අපිව බලාගන්න" කියල නම් ඔය අරාබි වසන්ත කවදාවත් වෙන්නේ නැහැ මචන්.ලංකාවේ මිනිස්සු ගිහින් තමන්ගේ වැඩේ කර ගන්න ආණ්ඩුවට සහ එකේ ඉන්න මැරයින්ට කතිරේ ගහල විපක්සේට බනිනවා ආණ්ඩුව වට්ටන්නේ නැහැ කියල.විහිලුනේ බන් ....

      Delete
    4. මම කියන්නෙත් මචන් පිබිදීමක් ඇති කරන්න බෑ බලෙන්. මහින්ද 2010 දී පරද්දන්න ෆොන්සේකා නෙවෙයි සක්කරයා ආවත් බෑ. එතකොට මිනිස්සුන්ගේ ආණ්ඩුවේ ගමන් මග වැරදියි කියලා මතයක් තිබුනෙම නෑ..? එක තේරුම් ගත්ත නිසා තමයි රනිලුත් ෆොන්සේකාව ඉස්සරහට දාගත්තේ .
      මිනිස්සු ආණ්ඩුවට චන්දෙ දෙන්නේ දෙන්න විපක්ෂේ කෙනෙක් නැති නිසා , කාටද දෙන්නේ ? මද්යම පළාතේ අලි ලැයිස්තුව ඇරෙන්න වයඹ හිටිය මිනිස්සු අඩු ගානේ ගමේ මිනිස්සුවත් දන්නවද? දයාසිරි,ජොහාන්,හේරත්,යාපා,අතුල වගේ ය එක්ක හැරෙන්නවත් පුළුවන් කවුද හිටියේ.මිනිස්සු බලන්නේ කොහෙන් හරි තමුන්ගේ වැඩේ කරගන්න නිසා ඒ මතය බිඳින්න පුළුවන් අපේක්ෂක ලැයිස්තුවක් දාන්න පුළුවන් වුනාද විපක්ෂයට .

      Delete
    5. මෙලෝ එකෙක් නොදන්නා පොල් පිති වගේ එවුනුත් වැඩි චන්ද අරගත්ත කාලවලුත් තිබුනද මන්ද...

      Delete
  8. මගිය කියනව වගෙ සෙන්කොලය දයා සරි විම කියල ලිවුව වගෙ ඒක තමයි ඇත්ත

    ReplyDelete
    Replies
    1. එකත් ආණ්ඩුව විසින්ම ඇතිකරලා සමාජගත කරපු මතයක් දමිත්, එක කලේ විපක්ෂයේ පිබිදීමක් ඇතිවීම වලක්වන්න .අවුරුදු විස්සකින් වැටෙන ආණ්ඩුවක් පහකින් වට්ටගන්නේ නැතුව තියන්න .අපිත් දැන් හිතන් ඉන්නවා කවදා හරි රැල්ලක් ආවේ නැත්තං මේ ආණ්ඩුව වට්ටන්න බෑ කියලා. චන්ද්‍රිකා, ප්‍රේමදාස , ගාමිණී අතුකෝරල වගේ අය නැති ආණ්ඩු ඇති කරපු හැටි බලන්න

      Delete
    2. චන්ද්‍රිකා: ඒ වෙනකොට ජනාධිපති විජේතුංග..කොහොමත් ප්‍රේමදාසගේ ආණ්ඩුව එපාවෙලා හිටිය අයට අලුත් මුණක් නිසා චන්ද්‍රිකා තිබුන ජන මතයට මූනක දුන්න.එහෙම නැතිව චන්ද්‍රිකා අලුත් ජන මතයක් ඇති කලී නැහැ,.

      ප්‍රේමදාස:ඇත්තටම ජේ ආර් පත් උනේ ප්‍රේමදාසගේ කටින්.ඒ වෙනකොට සිරිමාවෝ නිසා ජන මතය හැදිලා තිබුන මචන්..ප්‍රේමදාස ඒ ටික එක්කහු කර ගත්තා.

      ගාමිණි අතුකෝරල: මේකත් එහෙමනෙ.චන්ද්‍රිකා එපා වෙලා ලංකාවේ විදේශ මුදල් සංචිතය සති දෙකකට විතරක් උන වෙලාවේ නිසා ඒ ජන මතය දැනගෙන කල නිවැරදි නොවන ක්‍රියාවක් ඒ වෙලාවේ ආණ්ඩුව පිහිටවපු එක...

      Delete
    3. චන්ද්‍රිකා අලුත් ජනමතයක් ඇති කලේ නෑ කියන්න බෑ මගියෝ. චන්ද්‍රිකාට ජනතා ආකර්ෂණයක් තිබුනා , එක චන්ද්‍රිකා හොඳට තමුන්ගේ වාසියට යොදාගත්තා, සූරිය කන්ද හාරලා, ජාතික ප්‍රශ්නය වෙනුවෙන් විසඳුමක් ඉදිරිපත් කරලා ජනතාවගේ මනස අවදි කළා. එපාවෙලා හිටපු මිනිස්සු තමන්ට් අඔන තැනට චන්ද්‍රිකා මෙහෙයව්වා. එක නා කියන්න බෑ.

      ඔව් එදා ප්‍රේමදාස ලබාගත්තේ යන්තං 50.04% ක ප්‍රතිශතයක් ජනාධිපතිවරනේදී. එදා සිරිමාවෝ නැතුව ආකර්ශනීය නායකයෙක් ශ්‍රී.ල.නි.ප.යෙන් දැම්මනං මොකද වෙන්නේ , ප්‍රේමදාසට ඇපත් නෑ. එක තමයි කියන්නේ විපක්ශේ ඉන්න නායකයා සහ විපක්ෂ ක්රියාකාරීත්වය වැද්ගත් වෙනවා අනිවාර්යයෙන්ම.

      "විදේශ මුදල් සංචිතය සති දෙකකට විතරක් උන වෙලාවේ " කවුද ජනතාවගෙන් දැනගෙන හිටියේ ඒ වෙලාවේ විදේශ මුදල් සංචිතය සතිදෙකකටයි තිබුනේ කියලා. ඈත ගම්වල මිනිස්සු දැනගෙන හිටියද ,අපේ අම්මලා තාත්තලා දැනගෙන හිටියද , දැනගත්තත් ඒ මිනිස්සුන්ට එකේ තේරුමක් තිබුනද ? නෑ ජනමතය ,ජනතාවගේ ඔලු වෙනස් වෙච්ච වෙලාවේ එක උත්තේජනය කරලා ගන්න කෙනෙක් හිටියා. අද ඒකටයි කෙනෙක් නැත්තේ . ඒ වෙලාවේ ආණ්ඩුවක් පිහිටවිය යුතුද නැද්ද කියන එක පසු කාරණයක්.

      Delete
    4. //ජනතාවගේ ඔලු වෙනස් වෙච්ච වෙලාවේ // ජනතාවගේ ඔලු වෙනස් වෙලා නැහැ ඉවාන් . . .

      Delete
  9. හිහී හී ඕන් ඒ සිහිනෙ ආයෙ බොද වුනා මේ ජන්දෙනුත් .

    ReplyDelete
    Replies
    1. සදා බොඳවූ සිහිනය .......පව් අනිල් පරාක්‍රමසිංහ

      Delete
  10. අඩේ මරු බං.! දුකට නොවේනෙ කිව්වෙ..!

    ReplyDelete
    Replies
    1. දුකට නෙවෙයි බන් කේන්තියට

      Delete
  11. අලි බලන්ට එන්ට කියලා ඒ එක්කම අලි ෆොටෝ එක්ක කවිත් දාලා තියෙන්නේ.
    කවි ටික ලස්සනයි. අලියා ඊට වඩා ලස්සනයි. :D:D

    ReplyDelete
    Replies
    1. එකනේ මං කිව්වේ අලි බලන්ට එන්ට කියලා. හැබැයි අපේ රටේ අලින්ගේ වැඩනම් සතපහකට වැඩක් නෑ

      Delete
  12. ආඩෝව් අලියට කින්ඩි දාන්න එන්න එපා අරි ......

    ReplyDelete
    Replies
    1. දැන් අලි කියන්නේ වඳ වීගෙන යන ජාතියක් නේ :)

      Delete
    2. සිරාව‍ට ම! දැන් අලියෙක් බෙහෙතකටවත් හොයා ගන්න නෑනේ.

      Delete
    3. @ මැලේ රාළ - කින්ඩියක් දැම්ම නෙවෙයි බං වෙච්ච දේ කිව්වේ , ඔන්න අලින්ට ගිය කල

      Delete
    4. @ දිලිනි - කකුල් හටරේ අලි විතරයි ඉස්සර වඳවුනේ , දැන් කකුල් දෙකේ අලිත් වඳ වෙලා

      Delete
    5. @ ධාරා - බෙහෙතට අලි ගන්න නෙවෙයි දැන් අලින්ට බෙහෙත් දෙන්න වෙලා තියෙන්නේ

      Delete
  13. හිනා වෙන්න වෙන්නේ අලියට නෙමේ බං,අපේම ගොංකම් වලට තමයි.
    පක්ෂයක් කියන්නේ සාමුහික වගකීම් තියෙන තැනක්,එක කෙනකුට විතරක් ඇගිල්ල දිගු කරලා වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. "පක්ෂයක් කියන්නේ සාමුහික වගකීම් තියෙන තැනක්" සහතික ඇත්ත , එත් අද වෙනකොට හැමෝටම තියෙන්නේ පෞද්ගලික න්‍යායපත්‍ර. හොයන්නේ කෙටි මාර්ග. හැබැයි තමන්ගේ කණ්ඩායම ඒකරාශී කරගන්න බැරිවීම සම්බන්ධයෙන් නායකයා වගකිවයුතු වෙනවා .

      Delete
  14. හැමදාම වගේ ඉතින් මරු තමයි! දැන් ඉතින් අලි හයර් කරන්න තමයි වෙන්නේ. චීනෙන් නං බැරි වෙයි. වෙන කොහේ හරි රටක් අල්ලා ගත්තා නං පොඩ්ඩක් බලන්න තිබුණා අලි සිහිනය හැබෑ කර ගන්න.

    ReplyDelete
    Replies
    1. තැනකුයි ධාරා - අලි චීනෙන් ගෙනල්ල බැරිවෙයි මොකද චීනේ ඉන්නේත් සාටක අලිනේ .. දැන් සිරිකොතත් ටික ටික අලි අනාථාගාරය, වැඩිහිටි අලි නිවාසය වගේ නමක් දාගත්තා නම් හරි.

      Delete
  15. එළ කිරිස්.. දැන් අපි බ්ලොග් නොලිව්වත් අවුලක් නෑ.. මම හිතන්නේ අපි ගෙනියපු සටනේ සාර්ථකත්වය තමා මේ.. උඹ ග්‍රේට්... හැම දේ ගැනම ලියපන්.. උඹට ඒ ටැලන්ට් එක තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මාතලන් මේ කොමෙටුව මට ලොකු ගෞරවයක්. එත් මාතලන්ලා වගේ සමාජය දකින්න, බ්ලොග් ලියන්න අපිට තව අවුරුදු විස්සක් තිහක් යයි.

      Delete
  16. වැඩක් නෑ බන්. රනිල් ගියාට දුප්පත් ජාතික පක්ෂය ගොඩ ඒයි කියලා උඹ හිතනවද? අනික දුප්පත් ජාතික පක්ෂය ආවා කියලා මේ රට ගොඩ යයිද?

    ReplyDelete
    Replies
    1. උඹ හරි , රනිල් ගියා කියලා ඔකේ කරන්න වෙන එකෙක් නෑ. ඒ වගේම අමුතුවෙන් වෙන සෙතකුත් නෑ. එත් අඩු ගානේ මූණු ටිකවත් වෙනස් වෙන්නේ නැතයි

      Delete
    2. මම නම් කැමතියි ඔය විදිහට ඔය මගුල දියවෙලා යනවට. මේ රට කන්න මුලික වෙච්ච පක්ෂේ ඕක තමයි.

      Delete
  17. ඔන්න පුද්ගලික බස් රථ වල කොන්දොස්තර තනතුරට ස්ත්‍රී පක්ෂයටත් අවසර ලැබිල.

    ReplyDelete
    Replies
    1. ශා මාරුවට තියෙයි සෙනග අස්සෙන් රිංගලා ගිහින් ටිකට් කඩනකොට, මොකක්ද ඇඳුම ....කොට සායක්ද ?

      Delete
    2. ලෙගින්ස් ඇදල එයට උඩින් අගල් 3 ක ඩෙනිම් කෑල්ලක් ඉනට ඔතල කියල තමයි දැනට ආරංචිය.
      උඩ ඇදුම ගැන තාම මොකුත් කියල නැහැ.
      කොහොමද ලස්සන චිත්‍රෙකුත් එක්ක කවි/විරුදු පෙළක් ගැට ගැහැව්වා නම් ඉවාන් මල්ලියා.

      Delete
    3. මමත් මේ ඒක තමයි හිතුවේ .....!

      Delete
    4. හෙට පත්තරවල කාටුන් යන්න පෙර මල්ලිය ඇදපිය/ලියපිය පොරි හැලෙන්න.

      Delete
  18. [im]https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-prn2/1375752_413537172079491_550210589_n.png[/im]

    ReplyDelete
    Replies
    1. උඹට පොඩි ad එකක් දුන්නා FB එකේ. ඒක දැම්මේ :-(

      Delete
    2. අප්පට සිරි එහෙමද තැනකුයි වේවා කොල්ලෝ.....! සිර්ර්වටම සන්තෝසයි මචං

      Delete
  19. ඊයේත් සිරිකොත ගාවින් ගියා.

    ReplyDelete
    Replies
    1. ආයේ ගියොත් නම් මතක් වෙයි මේක

      Delete
  20. පට්ට නිර්මාණයක්නේ මලේ.. හෙට අනිද්දා බස්නාහිර පළාත් සභාව ආවොත් එදාට සජිත් සන්ධානෙන් මහ ඇමති කමට ඉල්ලනව කිව්වත් පුදුම වෙන්න දෙයක් නැතිවෙයි මගේ හිතේ.

    ReplyDelete
    Replies
    1. එකනං ළඟදීම වෙයි නලින් අයියේ ... බොහෝ විට ඊළඟ දකුණු පළාත් සභා චන්දෙදි සන්ධානේ මහා ඇමති අපේක්ෂකයා සජිත් වෙන්න පුළුවන්.

      Delete
  21. උරුමය සහ කරුමය වැලැක්විය නොහැක.
    We get what we deserve.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත, එත් නිකම්ම බලා සිටීමත් අනුමත කල නොහැක ...නේද?

      Delete
  22. අලි ප්‍රතිසංවිධාන මෙහෙයුම පටන් ගන්න කාලේ ඉතිං කවදා නම් උදා වෙයිද?

    ReplyDelete
    Replies
    1. ප්‍රතිසංවිධාන නම් ඔය හැමදාම තියෙන්නේ මලේ, සිද්ධවෙන කෙන්ගෙඩියක් නැති වුනාට

      Delete
  23. ///"විදේශ මුදල් සංචිතය සති දෙකකට විතරක් උන වෙලාවේ " කවුද ජනතාවගෙන් දැනගෙන හිටියේ ඒ වෙලාවේ විදේශ මුදල් සංචිතය සතිදෙකකටයි තිබුනේ කියලා. ඈත ගම්වල මිනිස්සු දැනගෙන හිටියද ,අපේ අම්මලා තාත්තලා දැනගෙන හිටියද , දැනගත්තත් ඒ මිනිස්සුන්ට එකේ තේරුමක් තිබුනද ? නෑ ජනමතය ,ජනතාවගේ ඔලු වෙනස් වෙච්ච වෙලාවේ එක උත්තේජනය කරලා ගන්න කෙනෙක් හිටියා. අද ඒකටයි කෙනෙක් නැත්තේ . ඒ වෙලාවේ ආණ්ඩුවක් පිහිටවිය යුතුද නැද්ද කියන එක පසු කාරණයක්.//////

    පවුලූශා....ජනමතය උත්තේජනය කිරීම, ඒකරාශි කිරීම විරුද්ධ පක්ෂයේ වගකීම. අද විරුද්ධ පක්ෂ එකතු කිරීම ජනතාවට පැවරිලා. පක්ෂ ප්‍රතිපත්ති කියන මලබෙරේ පැත්තක තියලා. ජනතාවගේ සැබෑ උවමනාවන් වෙනුවෙන් එකතුවෙන්න ඕන වෙලාවක යුඑන්පී, ජේවීපි මොකද කරේ? ෆොන්සේකා විතරයි ජනතාවත් එක්ක සැබවින්ම ගම් මට්ටමින් බද්ධවෙලා හිටියේ. මම අහගෙන චැනල් එකක කියනවා, වැඩසටහනකට ගෙන්න ගන්න දිනයක් ගන්න බැහැලු.කැම්පේන් එකේ මිනිහා. ජනතා ප්‍රශ්නයකදී එකතුවෙන්න බැරි විරුද්ධ පක්ෂ, බලය ලබා ගන්න එකතුවෙලා වැඩකුත් නැහැ.

    ReplyDelete
    Replies
    1. එක තමයි අරූ , මිනිස්සුන්ට විකල්පයක් නෑ, විරුද්ධ පක්ෂය කලයුතු දේ තියෙද්දී උන් බලන් ඉන්නේ ,මිනිස්සුන්ගේ ඔලු වෙනස් වෙලා ඉබේම උන්ට ආණ්ඩුව අතට වැටෙනකං .

      Delete
  24. නියමයි. වැටට උඩින් පනින්න පුළුවන් අලිත් දැං නෑ. දැං ඉන්න එවුන් මීයෝ වගේ රිංගල යන්න තරම් පුංචියි

    ReplyDelete
    Replies
    1. ඔය දැන් අලි නෑ, තියෙන්නේ අලි බෙටි විතරයි. උන්ට කොහොමත් යන එන මං නෑ.

      Delete
  25. නරකද රනිල් ලොක්ක පීරිස්ගෙන් කේන්දරේවත් බලාගත්තොත්.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියේ මේ ඇත්තමයි. අපේ බැචෙක් හිටියා මිනිහා ජෝතිෂ කෙළියට කරන එකෙක්. මිනිහා කියනවා රනිල්ට රාජ යෝගයක් තියෙනවලු, ඒත් එක නීච වෙලාලු. එක නිසා කවදාවත් රනිල්ට රටේ නායකයා වෙන්න බැරිලු. හැබැයි යන විදිහට එක ඇත්ත වගෙත් පේනවා

      Delete
  26. ඒ ගමන කවියි විරිදුයි ම ද...කතා නැද්ද..?

    අපුරුයි මල්ලියේ....

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා අක්කේ, කතාවක් ලියනවා, මේදවස්වල මාතෘකා ගොඩයිනෙ , ඒ නිසා කවි ටිකක් ලිව්වා

      Delete
  27. Replies
    1. ඇත්තටම මොකක්ද බන් උඹට වුනේ

      Delete
  28. ජවිපෙ හා එල් ටී ටිය දෙගොල්ලො බෙදාගෙන ඉවර කලා, දැන් ටිකක් හුස්ම ගන්න කාලේ. රනිල් ලොක්කට හදිස්සියක් නෑ.

    ReplyDelete
    Replies
    1. රනිල්ට හදිසියක් නෑ. අනිත් අයට ඉවසීමක් නෑ

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]