Saturday, September 21, 2013

පුංචි පහේ මං

                 
                
                             අම්මා

පුතේ මගේ හොඳ දරුවෙක් වෙන්නබලන්න
අනාගතේ අපි සැමගේමදිදුලවලන්න
අප්පච්චියි මමයි මියෙන දවසකඔන්න
අපිට ඕන ඔයාව ලොක්කෙක්කරවන්න


පුතා
  
ලොක්කෙක් නම් අම්මෙ කොහොම බැරිවද වෙන්න
දැන් ඒවට ක්‍රම සහ විධි තියෙයි නොදන්න
මගේ අනාගතෙ ගැන නම් එපා හිතන්න
මම දන්නවා තියෙන ඉහල තැනටම යන්න


අම්මා
  
ඔයා හිතන් ඉන්නේ ඩොක්ට කෙනෙක්ම වෙන්න
ඉංජිනේරු කෙනෙක් වෙන්න බැරිද බලන්න
එකවුන්ටන් කෙනෙක් වුනත් කම් නෑ ඔන්න
ගුරුවරයෙක් වීලා විදුහල්පති වෙන්න


පුතා
  
ඩොක්ට කෙනෙක් ඉංජෙක් විදුහල්පති වෙන්න
කැම්පස්වල කොච්චර කල් වේවිද ඉන්න
එහෙම ඉඳල අවුට් වෙලා ජොබක් හොයන්න
මටනම් බෑ පාරේ උපවාස කරන්න


අම්මා
  
එහෙනං උඹ හිතන් ඉන්නේ ක්‍රිකට්ගහන්න
රගර් බෝලේ අතේ තියන් ප්‍රැක්ටිස්යන්න
ටෙනිස් කැරම් බේස් බෝල් දිගට ගහන්න
ක්‍රීඩාවත් හොඳයි ඉතිං තැනකට එන්න


පුතා
  
පිස්සුද මට නම් බෑ ඉස්පෝට් කරන්න
මට ඕනේ ඇස්ට්‍රොලොජර් කෙනෙකුන් වෙන්න
එතකොට පුළුවන් ප්‍රසිඩන්ට් වුනත් නවන්න
මට ඕනෑ හැටියට පාලනේකරන්න
  
කැන්ගරු දේශේ අගමැති ගෙදර යවන්න
ලෑන්ඩ් කෲස් එකේ නැගලා රවුම් ගහන්න
සුනාමි එන දවසක් හරියටම කියන්න
එහෙම අයට මොනවද බැරි කියල කියන්න
  
කඳ සුරිඳුන් එක්ක වුනත් ෆිට් එකෙ ඉන්න
එයා උපන් දවසට පාටියක් දාන්න
කතරගමට දාස් ගණන් සෙනග යවන්න
ගේමට එන හැමටම පිලිකා හදවන්න
  
ගණිතය විද්‍යාව දැනන් කුමක් කරන්න
ඉස්කෝලේ ගිහිං බෑනේ කාලය කන්න
ජෝතිෂ ග්‍රහ විද්දියාව ගැන දැනගන්න
ජුන්මල පීරිසිය ලඟට ක්ලාස් යවන්න
  

62 comments:

  1. අපේ රටේ අනාගතේ...පුංචි අපි තමයි! අපි හැදෙනවා තොපි නහිනවා! ඒක ඇත්තමයි!

    ReplyDelete
    Replies
    1. නෑ බං අපි නහිනවා තොපි හැදෙනවා එඒක ඇත්තමයි.

      Delete
  2. ලියලා වස් කවි මංජුල මහතට ඔන්න
    කැන්ස හදන් උඹටත් වෙයි රෝහලෙ ඉන්න
    දෙයියො එක්ක හැන්දෑවට චැටක් දාන්න
    කොලෝනියල් එක පැත්තේ ඇවිල්ලා යන්න

    ReplyDelete
    Replies
    1. සිරාවටමද මාතලන්..... මටත් කියපාන් කොලෝනියල් එන දවස

      Delete
    2. මංජුල මහතා වාගේ මිනිස්සු ඔන්න
      දහයක් හිටියොත් නම් රට ගොඩයි මෙන්න
      රෝහල් යන ගමන ටිකක් පස්සේ කරන්න
      කොලෝනියල් එන දවසට මතක් කරන්න

      Delete
    3. මංජුල පී රිසා, එතකොට පිංජුල මා රිසා

      කැන්ස වලට බ්ලෙස් කොරනවා
      ගිරියෙන් කෑ ගසා...//

      අල්ල ගනිං ඕකව මම,
      දමමි පොළොවෙ ගසා....//

      මංජුල පී රිසා, එතකොට පිංජුල මා රිසා

      Delete
    4. පිංජුල මාරිසා ...හැක් හැක් ++++++++

      Delete
  3. මලු හලෝ.........

    මට මේ වෙලාවේ කවියක් එන්නෙ නෑ අප්පා :D

    ReplyDelete
    Replies
    1. තැන්කු අලෝ ...
      කවියක් ආපු ගමන් ඇවිත් ලියලා යන්න ...:D

      Delete

  4. වෙල්කම් කම් ටු ද කැන්සර් ක්ලබ් ඉවෝන් ....

    ReplyDelete
    Replies
    1. තැන්කු සහන්, එහෙනං එහෙදි හම්බවෙමු ...

      Delete
    2. මොකද මේ ඉවෝන් කියලා ගෑණු නමකින් කතාකරන්නේ? ඉවාන්=අයිවන් කියන්නේ පිරිමි නමක් නේ?

      Delete
    3. මට පුරුද්දකට ගිහින් දැන් ඒක කකා.. මේ නිසාම මම දැන් කතා කරන්නේ ප්‍රගීත් කියලා... ඒත් හිටපු ගමන් මිස් ෆයර් වෙනවා..

      Delete
    4. @ කකා - ඔව් කකා සහන් කියන්නෙම ඉවෝන් කියලා මුල ඉඳන්ම. මම හිතුවේ යුනිකෝඩ් එරර් එකක් හරි ටයිපින් මිස්ටේක් එකක් හරි කියලා. කොහොමත් දැන් සහන් කියන්නේ prageeth කියලා

      Delete
    5. අවුලක් නෑ සහන් ..ඕවා ඔහොම තමයි

      Delete
    6. උච්චාරණය වෙනස් මගේ ටිකක්..මා එක්ක කතා කරලා තියෙන අය දන්නවා ඇති..:)
      July 13, 2013 at 9:34 AM

      Delete
  5. සහතික ඇත්ත..ඩොක්ට ඉන්ජො වෙන්න කොච්චර කට්ටක් කන්න ඕනද?
    හ්ම්..

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ , මොනවා හරි අනාවැකි කියලා දෙයක් කිව්වනම් මෙලහකටත් ගොඩ

      Delete
  6. බරක් නොගෙන කියනා වැකි මෙහෙව් හරක්
    වරක් වත් නොසිත පිළිගති සම වු හරක්
    දුරක් ගෙවන් ගොස් විඳ දුක් පිරුණු බරක්
    හරක් සැමගෙ සිදුවී ඇත මොළේ නරක්

    ReplyDelete
    Replies
    1. හරක් උනත් කෙලවුන කල වරක් දෙකක්
      එමග එලෙස ගමන් යාද යලිත් වරක්
      යන මග නොදැන රැල්ලට ගිය මිනිස් හරක්
      රැය වැටි වල තුලට පැන මියයති යලිත් හෙටත්

      Delete
    2. ඉන්දික නුඹ නම් සඳැස් කවට උපන් හපන්කමක් ඇත්තෙක්. පළමු පදයේත් එළිවැට සුරැක තිබේ. ඒත් මාත්‍රා අවුලක් නම් තිබේ. ඒ කොහොම වුවත් උත්සාහයට මගෙන් මල් මිටක්.

      Delete
    3. ඉන්දිකයා කොහොමත් මරු කවියා..... මචං ඉන්දිකයෝ දාපන්කෝ කවි පොස්ටුවක්....

      Delete
    4. ඇයි මේක දැක්කෙ නැද්ද?

      http://upashantha.blogspot.com/2012/02/blog-post_17.html

      Delete
    5. සිරාවටම එක මම දැකලා තිබුනේ නෑ බං, එල පට්ට

      Delete
  7. ගේමට එන හැමටම පිලිකා හදවන්න.
    නියමයි . ඇඩෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඇයි මිනිහා එදා හිරු ටී.වී. එකට කෝල් කරලා කිව්වේ ඌ කියන දේ පිළිගන්නේ නැති එවුන් නවතින්නේ මහරගම කියලා .

      Delete
    2. උගෙ මාර උජාරුවක් තියෙන්නෙ තමන් ගැන තමාවම වර්ණාකර ගන්නවා .
      මමත් දැක්ක හිරු එකේ වැඩසටහන :-)
      __________________
      නියමට ලියල තියනව (y)

      Delete
  8. අම්මෝ උඹට බය නැද්ද බං

    ReplyDelete
    Replies
    1. යකෝ බය කරන්න එපා බං .....උඹ මගේ යාලුවෙක්ද ? මංජුල ගොයියාගේ යාලුවෙක්ද ?

      Delete
  9. අම්මෝ මගේ පපුව!
    උපරිමයි ඉවාන් උඹ හරියටම හරියන ටොපික් එකේ ඉන්නේ.. ඇඩේන්න දීල අදත්..

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා කරූ ... කාලෙකින් පොස්ටුවක් දැක්කේ නෑ ..මොකෝ බිසීද?

      Delete
  10. මාසේ ආදායම මිලියන් වලින් ගනින්න
    අද්දීයාත්මය ඇස් ඇම් ඇස් කරල එවන්න
    හරක් ඉන්න කල් අහැකිය වරිගේ රකින්න
    මේවනෙ සල්ලි මල්ලියේ වර ගරන්න


    අතරින් පතර තස්තර වාදියෝ ඉන්න
    පන්දන්කාර යක් දෙස්සන් බලි ගිලින
    තුන්කාලකම මිසදුටුවන් උඩපනින
    මහා ජාතිය කවුරු සිංහල බොදු කිව්ව

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ කවි දෙකත් මේ පොස්ටුවට ඇතුල් කරන්න ඕන මොරබ්බා .... පට්ටයි උපරිමයි ...

      Delete
  11. අපිට කවි බෑ නොවැ...

    ReplyDelete
    Replies
    1. කවි බැරි වුනාට ඔය කතාවක් ලියලා තියෙන්න එලට. මේ ගිහින් කියවලා ආවා විතරයි . උඹේ ප්‍රොෆයිල් පින්තූරේ නම් මරේ මරු

      Delete
  12. රටේ මිනිස්සුන්ගේ අසරණකම් විකුණගෙන කන මරණවාහිනිය වගේම ඒ අසරණකම් තමන්ගේ පහත් මානසික රෝගය වෙනුවෙන් භාවිතාකරන මංජුල පීරිස් වගේ හරක් මේවගේ සිනහවට ලක් කරනවා ඇර වෙන මොනා කරන්නද?මේ මනුස්සයයි සක්විති රණසිංහයි අතර ලොකු වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං මංජුල හරකෙක් නොවේ. එදා කතරගම ගිය දාහත් ලක්ෂයක් හරක් පත්තුකළ එක අබ තෙල් පානකින් මූට ආ ගාන කියද කියලා හොයලා බලපන්. එතකොට ඌ හරකෙක් නොවේ කියා දැනේවි.

      Delete
    2. @ ඒන්ජල් - මරණවාහිනිය විතරක් නෙවෙයි රේ ටී.වී. චැනල් එෆ්.එම්. චැනල් ඔක්කොම කරන්නේ මිනිස්සුන්ගේ අසරනකම් විකුණගෙන කන එක. බලනවට සල්ලි දීලා ,අහනවට සල්ලි දීලා අඬන වොයිස් කට අරං විකුනනවා . අද ලංකාවේ වැඩි හරියක් සක්විතිලා තමයි.

      Delete
    3. @ නලින් අයියා - කතාව ඇත්ත මිනිහා නියම බිස්නස් එකක් කරේ, ඉතින් ලෑන්ඩ් කෲසර් නෙවෙයි නැව් වලින් යන්න බැරිය. කවදා මිනිස්සුන්ට බුද්ධිය පහලවෙයිද කියලා හිතාගන්න බෑ .

      Delete
  13. ලොක්ක ආවයින් පස්සෙ හදහන් කාරයො හැමෝගෙම කල්ල මරේ.
    හදහන් බලව ගන්න පිස්සු යක්කුන්ට වැලේ වැල් නැහැ.

    ReplyDelete
    Replies
    1. හඳහන් කාරයෝ විතරක් නෙවෙයි කෙන්ජයියේ ඇයි - හොර වෙද්දුන්ගේ , කට්ටඩියොන්ගේ

      Delete
  14. හරිම අපූරුයි. මේ දවස්වල පුංචි ළමයි ලස්සන නිර්මාණ කරනවා. :D:D

    ReplyDelete
    Replies
    1. හෑ මටද පුංචි ළමයා කිව්වේ ... තැනකුයි අනේ .....ඒනම් ඇන්ති ආයෙත් සැලයක් එන්ත මේක බලන්ත අලිද ?

      Delete
    2. හා... හා... ආයේ පාරක් අලි බලන්ට එන්නම්...හී හී...

      Delete
    3. එන්ට එන්ට පොඩ්ඩියේ ...අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නෑ කියනවනේ ...:D

      Delete
    4. මේ මේ බැඳපු ගෑණුන්ට බලි පෙන්නෙ නැතුව ඉඳින්. දැක්කනෙ දස්කොන්ට උන දේ.

      Delete
    5. @ ඉන්දික උපශාන්ත
      බ්ලොග් පකීර්ල ඔක්කොම චීත්ත ළඟ ෆුල් සරෙන්ඩර්.. ඒකනේ ඔය තොත්ත බබා ටෝක් දෙන්න කුමාරිහාමිලාට..

      Delete
  15. එන්න එන්නම.....කවියි විරිදුයි නැගලා යනවා නේද මල්ලි..

    මේ කවි...විරිදු ඇතුලේ ඉන්න මනුස්සයා ....හරිම නාහෙට නාහන විප්ලවකාරයෙක් ද...?...හිහිහි...

    ReplyDelete
    Replies
    1. හි හි තැන්කු වේවා අක්කේ ...
      විප්ලවේ කෙසේවෙතත් ඉස්සර ඉඳන්ම මේ වගේ නසරානි වැඩ දැක්කම කටපියන් බලන් ඉන්න බැරි ගතියක් නම් තිබ්බා

      Delete
  16. ජුන්මල පීරිසියට වැඩිකල් නොගිහින් කියන්න වෙන්නේ 'කුනුවුන තසිමකි මා' කියලා තමයි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද අපේ මේ "බුද්ධිමත්" ජහමනයා ඒ වගේ උත්තමයෝ තනි කරන්නේ නෑ කවදාවත් .

      Delete
  17. බලාගෙන, ජුංමල අයිය සුදු පීරිසියක් එවයි.

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ ප්‍රසන්න අයියේ මිනිහට එහෙම බලයකුත් තියෙනවා නේන්නං , මාව බයකොරන්ට එපල්ලා අයියේ

      Delete
  18. මෙහෙමයි ඉවාන්,උඹගෙ කවි හොඳයි කියපුවම උඹ කවිවලට සීමාවෙලා කයියම පද බැඳගෙන ඉන්නව මිසක කතාවක් ලියන්න හිතන්නෙ නෑ එහෙම නෙවෙයි කවිත් කතාත් සමෝසමේ ලියන්න ගනිං.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ හැලපයියේ කතාවක් ලියාගෙන යන්නේ ,මේ දවස් වල යන කේස් නිසා ලියවෙච්ච එකක් මේක, කතාව දාන්න තව දවස් කීපයක් යයි. තව සින්දුවක් මොඩිෆයි කළා ඒකත් දානවද කියලා කල්පනා කලේ . අනිවා කතා ලියනවා ඒවා දානවා,

      Delete
  19. //ගණිතය විද්‍යාව දැනන් කුමක් කරන්න
    ඉස්කෝලේ ගිහිං බෑනේ කාලය කන්න
    ජෝතිෂ ග්‍රහ විද්දියාව ගැන දැනගන්න
    ජුන්මල පීරිසිය ලඟට ක්ලාස් යවන්න//
    නියම යි!!!

    ReplyDelete
    Replies
    1. හොඳයි බොරුද ..?අපිත් ඕක ඉගෙන ගත්තනං අද කල්ල මරේ...!

      Delete
  20. Replies
    1. කොහෙද්ද බොල යන්නේ ඔහේ හිටු

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]