Tuesday, September 24, 2013

කොන්දක්කා - (Lady Bus Conductor)

අනුමැතිය ලැබේ… කාන්තා කොන්දොස්තරවරියන් වැඩ අරඹයි…



නංගී නිමල්කා - මට අත වනනවා දැක්කා
වගේ නොදැක්කා - මම අනේ ආවේ මක්කා
චේ  මාලේලා - කස්ත්‍රෝ හැමෝම එක්කා
ඉන්නා ටී ෂර්ට් එකක් ඊයේ ගත්තා

හෝල්ට් එකේ බස් - හිටගෙන නොකර කතා බස්
ඉන්නා විට ඇස් - පොට යනවා වී අන්දොස්
අන්න එනවා බස් - හැමෝම කන්න හදයි මස්
පුදුමෙකි අයියෝ  මේ ෆුට් බෝඩ් එකම හිස්

සී.ටී.බී. බස් - නිකං වගෙයි තඩි හුඹස්
පෙම් මුළුවල කිස් - කොරනා කපල්ස් නෑ ලොස්
ටික්කො පනියි බස් - මැද්දට ගහනවා දඩ සිස්
ගන්නේ මොකද රිස් - අකමැති මං ආණ්ඩු බස්

අම්මප සිරා අනික් බස් - ලස්සන පවුද්ගලික බස්
කෙල්ලොත් නෑ ලොස් - අඳින්නේ පේන්නම බනිස්
නැග්ගම මේ බස් - ඇතුලට එකෙක් නෑ උසස්
කොන්දා සස් සස් -  කඩයි ටිකට් වෙලා බොස්

හොරණෑ සද්දෙට - කොන්දගේ නටනව මගේ කට
ටිකට් මොටද මට - යන්නේ අදත් මාටියට
හිතුවට එහෙමට - හොරාට යන්නට බෑ මට
කිංකිනි හඬ කට - කොන්දට ලැබුනේ කොහොමට

හිමිහිට ඇතුලට - පැනලා ඉඳගත් විට මට
හිතුනා ඇත්තට - මේ සුරලොවක්ද මිහිබට
යන්නේ කොහොමට - හොරාට පව් කොන්දක්කට
ඉතුරු සල්ලි මට - එපානේ එය කොන්දක්කට

වෙනදා රුපියල - ඉතුරු නැතොත් තියයි උල
කොන්දා එක්ක මල - දුන්නේ නැත්තං රුපියල
ඒ වුනාට බොල - ඉතුරු රුපියල් පහලව
නැතෙයි කියා මල - නෑ අක්කා එක්කල

එන්ට මල්ලි වාඩි වෙන්ට - අක්ක කියනකොට
ටිකට් නැතුව මට - යන්නට බෑනේ මාටියට
පැටලෙන වලියට - හැමෝම ඇඳලා පූසට
අක්ක නිසා මට - නිදහස් ඩ්‍රයිව කනේ කට

වවල ඇඟිලි වල - නියපොතු පාටයි රතුවට
කොට හැට්ටේ කර - පෙනෙයි බොඩියත් ලාවට
සාය ඇඳල කොට - යනවා ගමන ලතාවට
අක්කා කොන්දට - ගත්තේ කවුද කියන මට

කාන්තාවෝ කොන්දොස්තර - කරපු එකා වෙයි පින්බර
මෙච්චර ලස්සන සුන්දර - අක්ක අපේ කොන්දොස්තර
හිත හිත ලඳ කොන්දොස්තර - දැක ගන්නට වී ඉස්සර
නැග්ගා බසයට පස්සර - අයියෝ මං දුටු විස්තර

ලස්සන හීනෙට - වැදුනා කටු කුඩු වෙන්නට
හිතුවේ විසි අට - අක්කට ඒත් පනස් අට
ලේඩිස් කොන්දට - අයියෝ ඇප නෑ අප හට
ගනිල්ලා බසයට - ලස්සන අක්ක කෙනෙක් හෙට.

වනිතා කොන්දොස්තරලා  - ගන්නවා කිව්වට
මම හිතුවේ ගනියි කියලා - ගැට අඩු විස්සට
ඒ වුනාට අරන් ඇත්තේ - ගෑනු පැනපු හැට
අපිව ඇන්දු සේරම උන් පලයව් නිරයට



100 comments:

  1. හේ හේ හේ මචන් මරු කවි සෙට් එක . . . එල ///

    ReplyDelete
    Replies
    1. තැනකුයි මගියෝ....
      කෙන්ජයියා තමයි අදහස දැම්මේ

      Delete
    2. මෙතන කොමන්ට් කරල සිටින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා,අපේ මැලේ රාල ළමයා විසින් ඉතා වටිනා කතා මාලාවක් ලියනව.එහි ගොඩ වැදී කියවා අකුරු දෙකක් කොටා ඔහුව දිරිමත් කරන ලෙසට.

      Delete
    3. මම බැලුව අද අපේ පැත්තේ කට්ටිය වැහිවහල මොකද කියලා......... මෙහෙ පොට්ටර් ගහලනේ ...... පොට්ටර් ගැසූ කෙන්ජි සං ටත් පලකෙරු කවිකාර ඉවාන්ටත් ...... එහෙටත් මෙහෙටත් ගොදවදිච්ච හැමෝටමත් ටැංකුයි

      Delete
    4. උඹටත් ටැංකුයි , මොකද උඹ නොදන්නවා වුනාට උඹ ඔය කරන්නේ ලොකු සේවයක්, මේක පත්තර කැල්ලක පල කොරන්න බැරිනම් , ප්‍රින්ට් කරලා බෙදලා දෙන්න හරි වටිනා ලිපි පෙළක්.

      Delete
  2. කොන්දක්ක මරු නේ!

    ReplyDelete
    Replies
    1. තැනකුයි රාජ් ---- කෙන්ජයියා තමයි තරයේ කියා සිටියේ මේ ගැන කයියක් ලියන්න කියලා

      Delete
  3. හැමදාම කියන දේ තමයි කියන්න තියෙන්නේ ප්‍රගීත්.... අර අන්තිම පින්තූරේ නිසා ආතල් කැඩෙනවා බන්... කොහොමත් ඔය වැඩේට බජාර් අක්කලා තමයි ආවත් එන්නේ.. ඉබ්බා ගහලා බොරු..

    ReplyDelete
    Replies
    1. අපේ රවීගේ ලිපියෙන් තමා ඔය ඉබ්බ කතාව දැනගත්තෙ.

      Delete
    2. @සහන් - වෙන හොඳ පින්තූරයක් දාන්න වෙයිද? ...ඉබ්බා ගහන්න ගියොත් සොරි තමා

      Delete
    3. බජාර් අක්කල අවොත් ඉතිං දැන් ඉන්න කොන්දලටත් වැඩිය හොඳට වැඩේ කරයි.
      " ඉතුරු...? නිකන් පල ඩෝ යන්න" කිව්වොත් කොහොමද.?

      Delete
    4. @මොරබ්බා - ඒකනම් වෙනවා ෂුවර්

      Delete
  4. අර පාකින් වල වාහන වලට ටිකට් කඩන කෑලි වගේ ඒවා ගනී නේද බං බස්වලටත්,අමමප උඹගෙ කයි තමයි කයි

    ReplyDelete
    Replies
    1. මම නම් හිතුවෙ අර FM නාලිකාවල ගිරව් වගේ සුරතල් වොයිස් එකෙන් සිංහල මරණ,ගැට කිරිස් කෑලි බහී කියල.

      Delete
    2. @ හලපයියා - ඔව් හලපයියේ එහෙම ඒවා තමයි, අනිවා එන්නේ,මොකද මේ යන හැත්ත ආම්බාන් කොරන්න පුළුවන් ඩයල් එකක් වෙන්නත් එපැයි.

      Delete
    3. @ කෙන්ජයියා - ඇත්තටම නිව්ස් එක ඔයා කියපු ගමන් මාත් හිතුවේ එහෙම තමයි.

      Delete
  5. කාලයක් බස් වල කොන්දියෝ හිටියා.. පස්සෙ නැති වෙලාම ගියා.. ලස්සන කෑලිත් හිටියා.. කොහොමත් ඉතින් ලස්සන කෑලි අඩු රටක් නේ.. කුවේණිගෙ රට නේ..

    ReplyDelete
    Replies
    1. කොයි කාලේද මාතලන් කොන්දී යො හිටියෙ?
      මම ඊයේ නිව්ස් එක ඇහැව්වමයි.

      Delete
    2. ඇත්තටම මාතලන් කොයි කාලේද ? මාත් අහලවත් නෑ ඇත්තටම.

      Delete
    3. කෙන්ජයියා තමයි මේ සීන් කෝන් එක ගැන ලියමු කියලා අයිඩියා එක දැම්මේ

      Delete
    4. හි හි නියමෙට තියෙන්න ඇති ඈ

      Delete
    5. නියමෙටම තියෙන්න ඇති.

      Delete
    6. අපොයි කොන්දියෝ හිටියා.. කාකි සූට් එකකුත් ගහලා, කලසමකුත් ඇඳගෙන. ඔය කාලේ තමයි පස්සෙ දොර ගාවා. ඉස්සරහට තියෙන සීට් එක ගලවලා ඒක එයාලට වෙන් කලේ.. මට හරියටම කාළේ මතක නෑ.. ඒත් කතාට, වෙද මහත්තයට නම් ෂුවර් එකට මතක ඇති. සමහර විර හෙන්‍රි, අරූ, රවිටත් මතක ඇති. හැලපයට අමතක වෙන්නෙ විදියකුත් නෑ..

      Delete
    7. දැණුයි දැක්කේ ඔය පල්ලෙහා ලියලා තියෙන්නේ කාලේ.. ඒ කාලේ නම් කිසි අවුලක් උනේ නෑ.. මේ වගේ වනචර හැත්ත නෙමෙයි උන්නේ.. මල් වගේ සත්තලන් කොල්ලෝ.. උන් ඉතාම විනීතව හැසිරුනා බස් වලදී, දැන් ඉන්න උන් සංසර්ගයේ යෙදෙන්නේ නැති එක විතරයි කරන්නේ..

      Delete
    8. හැබැයි දැන් කාන්තාවෝ දානවනම් බස් වලට අර ගිනි නිවන හමුදාව අඳින ජාතියේ ඇඳුමක් වත් දෙන්න වෙනවා මාතලන්, අනික නයිට් බස් වල නම් ජීවිතේට වැඩ කරන්න ලැබෙන එකක් නෑ.

      Delete
    9. ඔව් මාතලන් කියන කතාව ඇත්ත. සීටීබී වල කොන්දොස්තරවරියන් හිටියා තමයි. මට මතක 103 කො‍ටුව/පිටකො‍ටුව - බො‍රැල්ල/නාරාහේන්පිට, 171 කො‍ටුව/පිටකො‍ටුව - බත්තරමුල්ල රූට් වල එයාලා හිටියා වගේ. ඒ කාලෙත් ඔය විහිළු කොලම් වල හෙන හිට් එකක් වෙලා තිබ්බා ඕක. පස්සේ ඔය කියන විදියට කාන්තා සේවය බස් වලට එයාලා දාන්න ඇති. නමුත් ඊටත් පස්සේ එයාලා කෙලින්ම කාර්යාල රාජකාරි වලට අනුයුක්ත කලා කියලා නම් මතකයි.

      කොහොමද බං අපේ බාසා වෙල්ලොත් එක්ක ගෑණියක් ඔයවගේ රස්සාවක් කරන්නේ.

      Delete
    10. ඒයි ඩූඩ් .... බාසාවෙල්ලා කිව්වේ මට නෙවෙයිනේ ......? කාලෙකින් ඩූඩ් මේ පැත්තේ ...? මම හිතුවේ තරහා වෙලාවත්ද කියලා

      Delete
    11. හැත්තෑ ගණන්වල මුල කාලෙ කොන්දොස්තරවරියෝ හිටිය මට හොඳට මතකයි,කාකි සූට් එක ඇඳගෙන පිටිපස්සෙ දොර ලඟ තියෙන සීට් එක මද තමා හිටියෙ,සීට් එක ගලවල හිටගෙන ඉන්න ඉඩ හදල තිබ්බා අර මාතලන් කිව්වා වගේ .
      කිසි කරදරයක් නැතුව ඒ ගොල්ලො රාජකාරිය කරන් හිටිය ඒ දවස්වල බස් ඇතුලෙ පොර මාන්දම් කාරයොයි බස් එක ඇතුලෙ සංසර්ගයේ යෙදෙන ජෝඩුයි හිටියේ නැති නිසා.

      Delete
    12. මොකද හැලපයියේ ඔයාලා හැමෝම මේ අහිංසක අපේ නව පරම්පරාටම චෝදනා කරන්නේ...? අපි කොයි තරම් අහිංසක ලෙස ද බස් වල යන්නේ .......:D

      Delete
    13. හිටියා...හිටියා.....ඔක්කොම මූණ කචල් පුක හුරතල් කෑලි....අපේ රූට් එකේම හිටියේ එක ලස්සන කෑල්ලයි. ඒකත් පොලිසියේ ට්‍රැෆික් සාජන් කසාද බැන්දා .මට මතකයි ලොකු කොල්ලෝ ඒකිට කොන්-සාජන් කිව්වා පස්සේ.හුඟ කාලෙකට පස්සේ දැක්කා පොලිසියට බැඳිලා ඉන්න බව.

      Delete
    14. අරූ අයියා එහෙම නිතර දෙවේලේ බස් එකේ ගෑටුවේ නැතෙයි ඉතිං ...?

      Delete
  6. අපි චූච්චං කලෙ 77 -78 -79 වගෙ මයි හිතෙ කොන්දක්කල හිටිය.. ඒකලෙ කිවුවෙ කොන්දොස්තර නංගී කියල නිහාල් නෙල්සන් සින්දුවකුත් කිවුවෙ "කොන්දොස්තර නංගී... කොන්දොස්තර නංගී.... මාරු සල්ලි ඔනෙද නංගී.." කියල.ගූගොල් දෙයියංගෙන් ඇහුවට ඒ සින්දුව පෙන්නුවෙනෑ......

    ReplyDelete
    Replies
    1. ඇත්තද X-Poter ඉතින් කොහේ දකින්නද ? ඔය කියන සින්දුව අහලාත් නා, දැන්ම ගුගල් දෙය්යන් ගාවට ගිහින් බලන්න ඕනේ. ස්තුතියි මේ පැත්තේ ආවාට. දිගටම එන්න .

      Delete
  7. හි හි ..මෙහෙ නම් බස් වල ඩ්‍රයිවර් විතරයි ,, පිරිමි සමානවම ඉන්නවා ගැහැණු .. ,,,කවි ටික නියමයි ,මටත් ඉගෙනගන්න ඕනේ ලියන්න ,, සමකය වටෙත් කවි දැක්කා ,,

    ReplyDelete
    Replies
    1. මමත් අහලා දැකලා තියෙන්නේ ගොඩක් බටහිර රටවල ඩ්‍රයිවර් විතරයි. ඉතින් ලියන්නකෝ කවි,ඔයාට කොහොමත් හොඳට ලියන්න පුළුවන් එකෙක් කවි ලියන එක වැඩක් නෙවෙයි ඔයාට .

      Delete
    2. මෙයාට ලියන්න නම් කේන්ති ගස්සන්න ඕන මචෝ.. මේකිට කවි බෑ බෑ බෑමයි. පුලුවන්නම් ලියල පෙන්නපන්.

      Delete
    3. "සමකය වටෙත් කවි දැක්කා"

      ඔන්න කනෝ පිණුම් කිව්වලු

      Delete
    4. අන්න නලී අයියා රහස දැනගෙන

      Delete
    5. ඉන්දික මලයෝ මගේ කවි වැරදි දැක්කේ උඹ විතරයි... අර යවහන් දෝස ටික. මං කවි ලියන්නෙක් නොවේ....

      Delete
    6. අදනේ කොමෙන්ට් ටික දැක්කේ ,, මට එළිසමය ගලපන්න තේරෙන්නෙම නැහැ ,, ස්තුති ඉවාන් අගය කිරීමට ,,එහෙම කීවාම අහිංසක මනුස්ස පරාණයක් විදියට සතුටුයි ඉදගෙන ,, නලීන් මල්ලි දන්නවා නේද ඒ රහස හි හි ,, මන් ලියනවා ,,ලියන්න අරමුණක් තමයි ඔලුවේ නැත්තේ ,,එත් මන් ලියනවා ,,

      Delete
    7. @ නලින් අයියා - යවහන් දෝසය කියලා එකක් තියෙන බව මම දැනගත්තෙත් සමියගෙන්

      Delete
    8. @ ඔමායා - එලිසමයක් ගැන කාරදර වෙන්න එපා. හිතට එන ටික ලියන්න . එක නිසඳැසක් වෙයි .කොහොමත් සංස්කරණය නොකල අව්‍යාජ සිතිවිලි නිර්මාණයක් හැටියට ගොඩක් සාර්ථකයි.

      Delete
    9. හ්ම්ම් ,,ස්තුති

      Delete
  8. මේක අලුත් දෙයක් නෙමෙයි.1980 ගනන්වල මුල විතර ලංගමට ඉස්සෙල්ලම කාන්තා කොන්දොස්තරල ගත්තා.http://www.sltb.lk/history.php .මෙන්න මේ වෙබ් පි‍ටුවට ගිහින් බලන්න තියන පොටෝ ටික.History ලින්ක් එක ක්ලික් කරන කොට පොටෝ මාරු වෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා අනෝ, ඇත්තටම නොදැන හිටපු

      Delete
  9. ඉස්සර ලංගමේ කොන්දොස්තර නෝනලා හිටියා. කොහෙද මේ ඉවාන් කියලා එකෙක් උගේ යාලුවොත් එක්ක බස්වලට නගින්නේ බහින්නේ කොන්දොස්තර හාමිනේව තෙරපාගෙන හිරකරගෙන. එයාටත් ඉතිං සබ්බියත්තේ සඟිස්කුරුතේ කියලා එව්වා තියනවනේ. මම හිතන්නේ ඒ දෙක පේන්න අඳිනවා කියලා තමයි ඔයත් මේ කවිවල කියලා තියෙන්නේ. අනේ ඔන්න ඉතින් මෙයාලා කියන්න ගත්තා අපිට 'ඉවාන්ලා' ගෙන් බේරෙන්න බැහැ කියලා. ඒ පාර කාන්තාවන්ට පමණයි කියලා බස් ජාතියක් දැම්මා. මෙයාලව ඒවාට දැම්ම. එත් බලන්නකෝ පුදුමේ කියන්නේ එහෙම වැඩ කරද්දීත් මෙයාලා බඩදරු අම්මණ්ඩිලා වුනානේ. අන්තිමට වැඩේ 'අස්පට්' වෙලා ඒ 'වියාපෘතිය' එතැනින්ම නතර වුණා.

    ReplyDelete
    Replies
    1. ඉතින් අපි කාන්තාවන්ට පමණයි බස් වලට නැග්ගේ නෑනේ , ඔය "වැරදිලා හදිසියෙන්" ගොඩවුනොත් ඇරෙන්න. ඒ වුනාට අපි නම් කැමතියි ඔය වැඩේට බස් වලි ගොඩක් අඩුවෙයි මයේ හිතේ. හැබැයි ගෙවල් වල වලි වැඩි වෙයි ද කියන්න නම බෑ

      Delete
  10. අපිටත් මේ අත්දැකීම දෙන්න ඕනේ මම කියන්නේ. අක්කා එකක් ෆුට් බෝඩ් එකේ යන්න දෙන්න ඕනේ අපිටත්.

    ReplyDelete
    Replies
    1. අන්න හරි පූමෝ ,මමත් කියන්නේ අපිටත් මේ ඇත දැකීම ඕනේ කියලා ...:D

      Delete
  11. ඕක තමයි ගොයියෝ කියන්නේ ගැනුන්ට දෙන්න ඕනේ සමතැන නෙමේ නිසිතැන කියලා.

    ReplyDelete
    Replies
    1. අන්න දවසේ කතාව. ඔක් හැබැයි හයියෙන් කියන්න එපා. විසේසයෙන් කාන්තාවන්ට ඇහෙන්න

      Delete
  12. ගෑණු කොන්දො දැම්මම ඒ බස්වලවත් ඇන්ටිල ඇවිත් ඇඟට හේත්තුවෙන කරදරේ නැතුව නිදහසෙ යන්න ඇහැක් වෙයි. මොකද ඉතින් කරට අත තියල නග්ගගන්න කොල්ලො නැති නිසා ඇන්ටිල නගින්නෙ නෑනෙ ගෑණු කොඳු බස් වල. අනේ හොඳයි!

    ReplyDelete
    Replies
    1. දවසේ කියමන ඉන්දික. අපි කොච්චර කරේ තියන් යනවද මේ ඇන්ටලව.

      Delete
    2. @ ඉන්දික - එහෙම වුනොත් ඉතින් පිටට අත තියලා බස් එකට ගොඩකරගන්න්වට කැමැත්තෙන් බස් වල යන අය වැඩිවෙයි හෝ ගාලා ,

      Delete
    3. @ නලින් අයියා - ඔයාට කියන්න දවසක් අපේ ඔෆිස් එකෙක් එකෙක් ඇවිත් කියනවා "මල්ලි අදනම් බස් එක ෆුල් ලෝඩ්. කිරි හට්ටි කරේ තියන් ආවේ කියලා ...:D

      Delete
  13. ඒ කියන්නේ ආපහු කෝච්චි වල යන ගමන් බිමන් අත ඇරලා බස් වල යන්න පටන් ගන්න කාලේ හරි කියන එකද? ;)

    ReplyDelete
    Replies
    1. අනිවා....උඹ දැන් කෝච්චියේ විරිදු කියන එක නවත්තලා ..පටං ගනිං බස් විරිදු.

      Delete
  14. මරු බං...පොටෝ එක ඊට හපන්..!

    එතකොට දැන් ඉන්න කොන්දො වගේ තැලිලපොඩිවෙලා මැදින් නිතරම එහා මෙහා යනවනම් සෝක් නේ..

    ReplyDelete
    Replies
    1. එතකොට කට්ටිය දැන් වගේ ජනේලෙන් එලිය බලන් හිටගෙන යන එකක් නෑ, බස් එකේ ඇතුල් පැත්ත බලං සීට් එකට හේත්තු වෙලා ඉඳියි කොන්දක්කා මැදින් තෙරපීගෙන යනකං

      Delete
  15. නියමයි එළම කිරි .

    ReplyDelete
  16. පළවෙනි ෆොටො එකේ වගේ කොන්දක්කලා ඉන්නවනම් ඉතින්....... එක්කෝ ඒ හරිය ඕන නෑ..

    සිරා කවි ටික මොනා උනත්..

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ඉන්නවනම් ඉතිං ....ඔව් ඔව් ඒ හරිය ඕනේ නා තමයි....
      තැනකුයි දිනේශ්

      Delete
  17. ඔය එළකිරි ටිකට කවි පදවැල් බැදිල තියෙන්නෙ.
    බලන්න මල්ලි ඔබ මෙහෙම ලිව්ව නිසා කී දෙනෙක්,නොදැන හිටපු දෙයක් දැන ගත්තද?
    පැය 24 ක් යාමට මත්තෙන් මගේ ඉල්ලීම ඉටු කිරීම ගැන ස්තුතියි ඔබට.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා කෙන්ජයියේ ...
      එකනම් ඇත්ත ...
      ඔයාගේ අයිඩියා එක ටිකක් පොලිෂ් කරලා ලිව්වේ , තැන්කු වේවා අදහසට

      Delete
  18. ඔය ව්‍යෘපෘතිය කරන ඇත්තන්ටත් මේ කවි පන්තිය බලන්ඩ දුන්න නම් ඉස්සරහට වෙන්න තියෙන දේවල් සම්බන්ධයෙන් දැනට තියෙන අඩු පාඩුත් වහගන්ඩ හැකි වේවි. ඇත්ත තමා මේ ඉතුරු සල්ලි නම් ඉල්ලන එකක් නෑ. දැන් රැපියලක් නොදුන්නොත් කොන්දා කොලුවව මරන් කන් නැති එක විතරනෙ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඉතුරු සල්ලි වලට බස් එකේ මරා ගන්නේ නැතිටික විතරයි ,හැබැයි ලේඩි කොන්දෙක් දැම්මනම් පොඩි හිනාවක් දැම්මම වැඩේ ෂේප් ...........

      Delete
  19. එහෙමනම්, බස්වල වැඩිම පිරිමි සංඛ්‍යාවක් යන රට විදියට ලංකාව ලෝක වාර්තාවක් තියයි නේද? :D

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කයි ...දැනටමත් ගොඩ දෙනෙක් බස් එකෙක් යන්ට ප්ලෑන් කොරලා අහවරයිලු.

      Delete
    2. යකඩෝ මුල කවි ටිකයි පොට කල්ලි දැකල ..... රටක් වටිනා ජෝබත් දල මම ලංකාවට එන්න කියල හැදුවේ ..... අන්තිම හරියට එද්දී ...... ඒ කිව්වේ යටම පොට එක දැක්කට පස්සේ ..... අදහස චුන් උනා යකෝ............

      Delete
    3. ඇත්තත් එක තමයි රාළේ , අපිත් හිතන් හිටියේ පලවෙනි ෆොටෝ එකේ වගේ කියලා , අයියෝ සල්ලි කියන්නේ ඒ වුනාට කියලා වැඩක් නෑ

      Delete
  20. ඒ වුනාට අරන් ඇත්තේ - ගෑනු පැනපු හැට
    අපිව ඇන්දු සේරම උන් පලයව් නිරයට

    හූ......................... :D

    නියම කවි ටික ඈ... මට මතක් උනේ " බජාර් එකේ ලලක්කා සිංදුව :D

    ReplyDelete
    Replies
    1. තැනකුයි රෙහානි. ඔව් බොරුනම් බලන්ටකෝ.
      මේක ලියද්දි ඒ සින්දුවත් ලාවට ලාවට වගේ හිතේ තිබ්බා ආ

      Delete
  21. අඩේ සුපිරි කවිය....

    මේක ලිව්ව උඹටත්, අදහස දුන්න කෙන්ජි ටත් - සුප්පර්.......ආ....

    ReplyDelete
  22. බස් එකේ විතරයි යකෝ ගෑණු අණට යටත් නොවී ඉන්න තිබුනේ. ගෙදර...ඔෆිස් එකේ.....දැන් ඒකටත් කෙලවුනා. පොල්ල අල්ලන් ඉස්සරහටයි පස්සටයි යන්න තමයි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අරු +++++++++++++ කොමෙන්තුඑඅ කියවල හිනා වෙලා පන ගියා බන්

      Delete
    2. අරූ ඒකනම් ඇත්ත . ඊළඟට බස් වලත් කියන්න වෙන්නේ "රැජින මමයි රැජින මමයි අපේ රාජ්ජේ " කියලා .
      කොමෙන්ටුවේ දෙවැනි කොටස කියවලා විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුව ඉන්නේ

      Delete
  23. මෙහෙත් ඉන්නේ ඩයියර්ලා විතරයි එත් ගනු පිරිමි දෙගොල්ලොම ඩ්‍රයිව් කරනවා....... සමහර පළාත්වල ප්‍රයිවට් බස්වල කොන්දක්කලත් ඉන්නවලු ........ තාම මට සැට් උනේ නැ

    ReplyDelete
    Replies
    1. ඩ්‍රයිවර් නම් කවුරු හිටියට් අපි දන්නේ වත් නෑනේ රාළේ , එත් කොන්දියක් හිටියොත් නම් හැමෝම දන්නවා , උඹ මොකද ඒ අයව සැට් කොරගන්න යන්නේ , ගුටි නොකා හිටු

      Delete
  24. එල කිරි

    ReplyDelete
  25. කවි ටිකනම් පංකාදුයි.. ඇත්තටම කොන්දොස්තරීලා ඉන්නවද අපේ රටේ

    ReplyDelete
    Replies
    1. දැනට එක්කෙනක් ඉන්නවා. උතුරු මද පළාතේ. ඉස්සරහට තව වැඩි වෙයි ද දන්නේ නෑ

      Delete
  26. ඉවාන්.....ඊ..ඊ...මේ ළමයා එන්න එන්නම නරක වෙන පාටයි..

    විහිලු හොඳේ..කවි ටික පංකාදුයි...

    ReplyDelete
    Replies
    1. හික් හික් ....අපෝ නරක් වෙලා නෑ, ඇත්තටම කාන්තා කොන්දොස්තරලා ගත්තනං කොහොම වෙයිද කියලයි හිතුවේ ....තැනකුයි ඈ

      Delete
  27. මේ පැත්තට ඉස් ඉස්සෙල්ලාම ගෑටුව වෙලාවෙ ආතල් කවි පද ටිකක්නෙ කියවන්න ලැබුනෙ බොලේ...රස බේරෙනවා...ලංකාවෙ මම දැකපු එකම කොන්දක්කා හිටියෙ අඹේපුස්ස තලගම ගම මැද්දෙන් දුවපු බස් එකක...ඒක පැදවූවෙ එයාගෙම සැමියා..පා පුවරුවේ එල්ලිලා යන්න පොරකන උන්වත් ඇතුලට කරලා සද්දෙ දාගෙන තමයි කොන්දක්කා එල්ලිලා ගියේ...ඒකට කුපාඩි කොල්ලො කිව්වෙ අඹු සැමි ටුවර්ස් කියලා..

    මම දැන් ඉන්න මැලේසියාවෙ නම් කොන්දක්කලා විතරක් නෙමෙයි...බස් ඩැයිවර් නෝනලා වගේම කොච්චි එලවන ඇත්තියොත් ඇති පදම් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. කොච්චි නෙමෙයි කෝච්චි...එහෙමත් නැත්නම් දුම්රිය...යනුවෙන් නිවැරදි විය යුතුයි. මෙහෙ ගෑණු නොකරන දෙයක් නෑ බං...පිරිමි වැඩ කරන්න කම්මැලියිලු...ගෑණු තමයි දරුවනුත් හදාගෙන ගෙදර ආර්ථිකයත් ගොඩ දාන්නෙ...

      Delete
    2. තැනකුයි වේවා සිරෝ ... සාදරයෙන් පිලිගනිමි. දිගටම එන්ට හොඳේ .....සැමියා ඩ්‍රයිවර් නම් වැඩේ පොඩ්ඩක් ෂේප් , නැත්තන් කොහෙද අපේ අයියලා එක්ක. හැබැයි මටනම් මතක නෑ කොන්දක්කලා ගැන . එත් මේ ලඟදි උතුරුමැද පළාතේ බස් එකක එක්කෙනෙකුට අවසර ලැබිළලු , එක දැකලයි කෙන්ජයියගේ ඉල්ලීමකටයි තමයි මේටික ලිව්වේ .
      ඔය මැලේසියාවේ ගෑනු තමයි මැච් එක ගහන්නේ කියලා මාත් අහලා තියෙනවා. හැබැයි වැඩිය නොපෙනුනාට ලංකාවෙත් ගොඩක් පවුල් වල ගෑනු තමයි බර අදින්නේ, මොකද මිනිහා හම්බ කරන තුට්ටු දෙක බීමටනේ වැය කොරන්නේ.

      Delete
    3. එයි මෙන්ඩියෝ මොකද උඹට වුනේ.....!මොකද හිටපු ගමන් අතුරුදහන් වුනේ

      Delete
  28. කොහොමද ස්වීට් කෙල්ලෝ ටිකක් කොන්දොස්තර උනා නම් මෙහෙම තමා කියන්නේ..
    එන්න අනේ නගින්නකො.... ඔය ඉතින් කෝලං කරන්නේ නැතුව ඉස්සරහට යන්නකෝ අය්යා.... ලග බහින අය නගින්න එපා හොඳද? එක පාරක් කිව්වම අහන්නකෝ.... ඉතුරු පස්සේ දෙන්නම් හොඳේ ...

    ReplyDelete
    Replies
    1. උඹ මේ කියපු ටික දැකලත් නිකං ඇඟ කුල්මත් වෙලා ගියා වගේ. කොහෙද තව එහෙම වුනා නම්.

      Delete
  29. හප්පේ ඉවාන් විස්සේ කෙල්ලෝ කොන්දා වැඩේ අක්රන්න ආවොත් රටේ තියෙන ට්‍රැෆික් එකට හොඳ විසඳුමක් වේවි. අනෙක එහෙම උනොත් මමත් ලෝකෙට නය වෙලා හරි බස් එකක් අරන් බස් එකේම යනවා සිරාවට ::P

    ReplyDelete
    Replies
    1. ආයේ මොනවා කියනවද කෝරලේ මහත්තයා ....මොකක කිව්වා බස් එකක් අර්න්ම බස් එකේ යනවා ......? එකත් මරු වැඩේ

      Delete
  30. මාතලන් අයියා හරි මීට කලිනුත් කොන්දොස්තර වරියො ඉදලා තියෙනව.
    මං නම් හිතන්නෙ මේ කාරනය ගැන අපි අපහාසෙයෙන් නොව මානුශීයව බැලිය යුතුයි. විශේෂයෙන්ම කාන්තාවො රට ගිහින් ඇණ ගස්සන් එනවට වඩා ලංකාවෙම තමන්ට හැකි රැකියාවක් කිරීම වටිනවා.
    කොහොම වුනත් කවි ටිකනම් හරිම නිර්මාණශීලීයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුරංග. ඇත්තටම උපහාස අපහාස කිරීමේ අරමුණක් නොව හුදෙක් විනෝදය සඳහා පමණයි . ඔබ කියූ කාරණාව 100% ඇත්ත. නමුත් සමාජය අද පිරිහී තිබෙන තරම අනුව කාන්තාවකට ගෞරවණීය ලෙස මේ රැකියාවේ නිරත් විය හැකි වේද යන්න ගැටලුවකි.

      Delete
  31. මේ තීරනයට අපි ප්‍රමාද වුනා වැඩියි.හුඟක් රටවල කාන්තා බස් කොන්දොස්තරවරියන් දකින්නට ලැබෙනවා.කාන්තා බස් කොන්දොස්තරවරියන් බඳවා ගැනීම නිසා බස් රථවලදී කාන්තාවන් මුහුණ දෙන අපහසුතා අවම කර ගත හැකියි

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]