Wednesday, October 16, 2013

(සයිබර්) හොරු සමග හෙළුවෙන්


සයිලන්ට් සහන් ටිකදවසකට කලින් පළකරපු අකුණු සන්නායකයක් සාදාගන්නා ආකාරය කියන පොස්ට් එකේදී කියා තිබුනා ඔහු විසින් පේටන්ට් බලපත්‍රය ලබාගත හැකිව තිබූ සමහර නිර්මාණ නිකම්ම එළිදක්වා ඇති වග . නමුත් එහි පාඨකයන් වූ අප බොහෝ දෙනෙක් කියාසිටියේ එවන් නිර්මානයක් නම්
අනිවාර්යයෙන් එහි පේටන්ට් බලපත්‍රය ඔහු විසින් ලබා ගත යුතු බවයි. නැත්තම් කොහේ හෝ සිටින අපතයෙක් ,නිකමෙක් එහි බලපත්‍රය ලබාගැනීමට පසුබට නොවන නිසා.

මොකද ලංකාව කියන්නේ බුද්ධිමය දේපල කොල්ලකෑමටම උපන් මාර පොරවල් සෙට් එකක්ම සිටින රටක් නිසා. මේ බව හොඳට පැහැදිලි වෙනවා රිඟින් ටෝන් මගින් අතරමැදි පුද්ගලයන් කෝටිපතියන් වනහැටි දැක්කම නිර්මාණයට සම්බන්ධ පිරිස් හිඟන්නන් බවට පත්වෙද්දී ,

කතෘ අයිතිය සුරැකීම කියන කාරණය කෙරෙහි අපේ රටේ තාමත් ඇත්තේ ඉතාමත් අඩු අවධානයක්.

ප්‍රදීප් ගුණරත්න ගැන මම හඳුන්වා දෙන්න අවශ්‍ය නෑ ...මොකද ඒ සහෝදරයා ගැන නොදන්න කෙනෙක් බ්ලොග් ලෝකේ ඉන්න විදිහක් නැති නිසා , කාලෙන් කාලෙට බොහොම අපූරු, විස්තරාත්මක, වැදගත් සෞඛ්‍ය පිලිබඳ  විවිධ අකාරයේ පොස්ටු ප්‍රදීප්ගේ පිටුවේ වැටුනා.

ඔහුගේ අරක්කු කියන මේ පොස්ටුව කාටත් මතක ඇති . අද මම දැක්කා ඒ පොස්ටුව ගෙඩිය පිටින්ම උස්සලා මෙන්න මෙතන දාලා . මේක දාලා තියෙන්නේ රූ (your cyber world ) කියන පිටුවේ

ඒ පිටුවේ පහලින් මෙන්න මෙහෙම කතාවකුත් ලියලා තියෙනවා


අලුතෙන් පටන් ගත්ත රූ .lk වෙබ් සයිට් එක අන්තර්ජාලයේ ලොකු වෙනසක් ඇති කරපු සයිට් එකක් .
අනිත් අය ලිංගිකත්වය පෙන්නලා මාර්කට් වෙද්දී අපි හැමදාම අපේ අයට දුන්නේ වැදගත් දෙයක් .
ඒක නිසයි අපි වේගයෙන්ම ඉදිරියට ඇදෙන්නේ ..

ඔයාටත් පුළුවන් අපිත් එක්ක , ඒ කියන්නේ රූ පවුලත් එක්ක එකතු වෙන්න .
මේක forum සයිට් එකක් නිසා ගොඩක් අය දන්නේ නැහැ මේකේ තියන වැදගත් කම ..
මෙතනින් අපිත් එක්ක එකතු වෙන්න ..
ජිවිතයට අලුත්ම අත්දැකීමක් එකතු කර ගන්න ..



ඉතින් රූ වැදගත් දෙයක් දෙන්න ඔයාලා උත්සාහ කරනකොට ඔබවෙත ලැබෙන හැම පොස්ටුවක්ම තොරතුරකම නියම අයිතිකරුවන් ගැන සොයා බැලීම ඔබේ යුතුකමක් බවයි මා හිතන්නේ 

මෙම රූ.lk පිටුව කරවන අය තමන් වෙත ලැබෙන පොස්ටු වල සුජාත භාවය තහවුරු කරගෙන පබ්ලිෂ් කරනවානම් හොඳ බවයි මගේ හැගීම . 

මේක දාලා තියෙන්නේ SASIKI කියලා නමකින් ඔහුගේ (ඇයගේ) ප්‍රොෆයිල් පින්තූරේ ඉන්නේ චේගුවේරා මං දන්නා චේගුවේරා කියන්නේ හොරෙක් නෙවෙයි , ඔහු අනුන්ගේ යහපත වෙනුවෙන් වෙහෙසුනා පමණයි. අනුන්ගේ දේවලට තමන්ගේ ලේබලය ගහගත්ත කෙනෙක් නෙවෙයි. 

එසේම sasiki කියන නිර්මාණ හොරාට කියන්න තිබෙන්නේ යමක් උපුටා ගැනීම හා උපුටා ගෙන පලකිරීම වරදක් නෙවෙයි, හැබැයි නියමාකාර අවසරයකින් පසු. ඒ වගේම ගත්තේ මෙතැනින් කියලා සඳහන් කිරීමත් යුතුකමක් .

ඉතින් අනුන්ගේ පොස්ටුවක් තමුන්ගේ වගේ පලකරන් එවුන් ඉන්න රටේ සහන් වගේ මනුස්සයෙක් හොයාගන්න වටිනා නිර්මාණයකට පේටන්ට්එක වෙන එකෙක් ගන්නේ නැතිවෙයි කියලා කියන්න පුලුවන්ද? 

මීට කලින් අටමගේ පොස්ටුවකුත් ඔය වගේ උස්සලා වෙන තැනක දාලා තිබුනා එදා ඒ උස්සපු එකාට අටමා කියපු කතාව ඉතාම උචිතයි 

"යකෝ ඔයිට වඩා හොඳයි ලැට් වලක් කඩාගෙන කෑවනම් " 


102 comments:

  1. මම දාපු වින්ඩෝස් එයිට් ඩීවිඩී එකත් හොර එකක්ය කියල කියන්නේ.. අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. මොකක්ද බන් ඒ කතාව මට තේරුනේ නෑ

      Delete
    2. ඉවාන්.. දිය යුතු උත්තරයයි මම දුන්නේ. හිතා බැලිම ඔබ සතුයි...

      Delete
    3. හෙන ගහන්න එපැයි බං.

      Delete
    4. ඒකට වැරදි කාරයා ආදම් සහ එයාගේ එක්කෙනා ...

      Delete
  2. ඔය වගේ දේවල් වෙනවා හරියට. විවිධ තැන්වල මගේ කතන්දර දාලා තිබුණා. නමුත් උපුටා ගත් තැනත් වෙන අයෙකුට හෝ සඳහන් කරන්න ඉඩ තියෙනවා.

    ලඟදී මා ලියු ලිපියක් අපේ රටේ දේ ගන්න ද මොකක්ද තැනකයි, තවත් ඒ වගේ තැනකයි ගියා. ඒ අය කොහෙන්ද ගත්තේ කියා සඳහන් කර නොතිබුණත්, මගේ කතන්දරවල බොහෝවිට ඇතුලේ එම්බෙඩඩ් ලින්ක් තියෙන නිසා ඒ ඔස්සේ පිරිස් කතන්දර බ්ලොගයට එන්න පටන් ගත්තා.

    ReplyDelete
    Replies
    1. අනන්ත වෙනවා. එම්බෙඩඩ් ලින්ක් කතාව මම දැනුයි ඇහුවේ. එහෙම එකක් කරන්න් පුළුවන් නම් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි හැමෝටම.

      Delete
    2. everything perfect if you are using everything genuine, by the way are you using every things genuine?

      Delete
    3. even though it is not happening, we should try to minimize those. everything is not perfect in this world but if we can understand where the fault is ,that is better.

      Delete
  3. අමු හොරුත් ඉන්නවා.

    ඒ එක්කම උගත් හොරුත් ඉන්නවා. ඒ අය අපිට බෝලේ බස්සලා අපේ කන්ටෙන්ට් ඩැහැගන්න බලනවා. මේ කතන්දරේ මං කියන්නේ තරුණයා ඩොට් කොම් එකේ අධ්‍යක්‍ෂක (මොරටුව සරසවියේ උපාධිඃාරිණියක්) මට බෝලේ බස්සන්නට ඇවිත් ඇණගත් හැටියි.

    http://kathandara.blogspot.com/2012/04/invitation-to-kk-from-manamalaya-dot.html

    කෙසේ නමුත් ඒ අය මගේ කතා හොරකම් කෙරුවේ නම් නෑ, මා දන්නා තරමින්.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව දැනුයි කියෙව්වේ ... කොහොමවුනත් අපූරු පාඩම. කෙසේවෙතත් ඔවුන් යම් සදාචාරාත්මක සීමාවක සිට කටයුතු කර ඇතිබව පේනවා . මොකද හොරකම් නොකරපු නිසා. නමුත් උත්සාහ කරලා තියෙන්නේ කොල්ලකන්න.

      Delete
    2. මොරටුව කැම්පස් එක කියන්නෙ citation උපරිමේට බලන තැනක්. උපුටා ගැනීම් වලදි ඒ පිළිබඳව බොහොම තදින් බලනවා. මම බාහිර උපාධියක් කළත් එහිදිත් මේ ගැන ඉගැන්වීම් කළා.
      professors ලා එක්ක ප්‍රොජෙක්ට් එක කරද්දි ඒ අය පැහැදිලිවම කීවා citation බලන බව. ඉතින් කොහොමද එතැන උපාධි ගත්ත අය කතෘ අයිතිය විනාශ කරලා තමන්ගෙ දෙයක් ප්‍රෙමා්ට් කරන්නෙ හදවතට එකඟව.

      Delete
  4. පවුලූශා........මටනම් තේරෙන්නේ නැහැ මේ දවස්වල සිද්ධවෙන කුණුහරුප මොනවාද කියලා. අප්පිරියයි බන්. අපිටත් කුණුහරුප කියවෙනවා. ප්‍රදීප් මේ සිද්ධිය ගැන දැණුවත්ද? මේ ඔක්කොටම මුල ලැජ්ජ නැතිකම සහ ප්‍රසිද්ධියට ඇති අසීමිත කෑදර කම.

    ReplyDelete
    Replies
    1. ඔව් අරූ මම ප්‍රදීප්ට දැනුම් දුන්නා ,ප්‍රදීප් එහි කොමෙන්ටුවක් දමා තිබෙනවා මං දුටුවා.

      Delete
  5. මේ ප්‍රදීප් ගුණරත්න කියාගෙන දෙතුන් තුන් දෙනෙක් ඉන්නවද ඉවාන්

    ReplyDelete
    Replies
    1. Pradeep Gunarathne
      Occupational Therapist
      Forensic Psychiatry Unit
      National Institute of Mental Health
      Angoda
      Sri Lanka

      Delete
  6. අනේ පලයන් පිස්සෝ යන්න. බොලා හිතාන ඇති මහ ලොකු කෙරුමෝ කේප්ප පොරවල් කියලා හුජ්ජ කොල්ලෝ ටිකක් නේ මුන් මොක්කුද අපිට

    ReplyDelete
  7. මේ වගේ වැඩ අනන්තවත් සිද්ධවෙනවා. ඒවා නවත්තන්ට ක්‍රමයක් තමා නැත්තේ. ප්‍රදීප්ගේ නමින් මේ දවස්වල කරන කමෙන්ට්ස් දැක්කද? හැම කෙනෙක්ම වගේ ප්‍රදීප්ව දන්න හන්දා හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඇයි පොඩ්ඩි මීට වඩා අසික්කිත විදිහට හොරකම් කරන නිර්මාණ වලින් ලක්ෂ ගණන් හම්බ කරන්නේ, ඔන්න අපේ කමක හැටි.

      Delete
  8. රටේ ජනගහනයට වඩා හොරු ඉන්නවා වගෙයිනේ බං..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් රටේ උඩ ඉඳන් යටට යනකම්ම හොරු තමයි.

      Delete
  9. ඇත්ත අටමගෙ පෝස්ට් එකක් උස්සනවට වඩා හොදයි ලැට් වලක් කඩන් කන එක..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්තමයි අයියේ .

      Delete
    2. ඇනෝගේ කතාවත් ඇත්ත,

      Delete
    3. අටම ආවා කියන්නෙත් ඉතින් කැඩිච්ච ලැට් වලක් ආවා වගේ තමයි....

      Delete
    4. අඩෝ අටම්ට පහාස කරන්න එපා හරිද ? (හැබැයි පලවෙනි ඇනොගේ කතාවට තාම හිනා )

      Delete
    5. අපූර්වි නංගි ඇයි නංගි ඔයාට පඩයක් ගියාද ?

      Delete
    6. ඇයි ඇන්ටි ඔයාට අවුල් වගේද

      Delete
  10. හපුයි................එහෙමත් එකක්ද?

    මොනවැයි ඉතිං මුන්ට කොරන්නෙ අපි ?

    ReplyDelete
    Replies
    1. මොනවත් කොරලා වැඩක් නෑ....මුන්ව මොන්ටිසෝරි යවන්න ඕන ආයිමත්.

      Delete
  11. Replies
    1. ඔව් බං මුන් යටට අඳින්නෙත් අනුන්ගේ ඒවා වෙන්න ඇති

      Delete
  12. මේ වගේ දේවල් සිද්ධවෙන්නේ ඇත්තටම තාක්ෂ්නය නූගතුන් අතට ගියාම. වඳුරන්ට දැලි පිහි හම්බවුනා වගේම හැම තැනම කපාගෙන කපාගෙන යන මේ මිනිස්සු නිසා ඇත්තටම දක්ෂ නිර්මාන කරුවන්ට නිර්මාන කරන්න එපා වෙනවා. මේ දේවල් නවත්තන්න ඇත්තෙන්ම ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. වඳුරන්ට දැලිපිහිය ගියාම ඔහොම තමයි , කහාව ඇත්ත. මන් හිතන්නේ පුංචි කුමාරිහාමි මේවා නවත්තන්න ක්‍රමයක් කොහොම හරි හොයාගන්න ඕන. සුලුදෙයක් කියලා අතාරලා දාන්න පුළුවන් , මන් හිතන්නේ තාක්ෂනික දැනුම තියෙන යට මේක නවත්තන්න ක්‍රමයක් හොයාගන්න් බැරිවෙන් එකක් නෑ. විශේෂයෙන් බ්ලොග් වල

      Delete
  13. හොරෙන් අරන් දාන තැන්වල ගිහින් නියම කතෘගේ විස්තර දැම්මහම මේක අධෛර්යමත් කරන්න පුලුවන්..නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රදීප් දොස්තර මහත්තයාත් කලේ එකම තමයි , ඒ සයිට් එකේ ඇඩ්මින් වැරැද්ද තේරුම්ගෙන තිබුනා .එත් ඒපිලිබඳ ඔහුට වගකිව නොහැකි බවයි ඔහු කියන්නේ

      Delete
  14. දක්ෂයෙක් නම් දක්ෂයා මැරෙන්න කිට්ටුව නැත්තං ඔය කොපිරයිට්ස් ගැන වැඩිය හොයන එක තේරුමක් නැහැ. මොකද ලිපිය හොරකම් කරන්න පුලුවන් වුනාට ඒ ලිපිය ජෙනරේට් වෙන මොලේ හොරකම් කරන්න බැහැ නෙව..

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත . ඒත් හොරකම් කරන එකාට මොලෙන් ඇති වැඩක් නෑ . මම කියන්නේ නිකම්ම පහලින් ගත්තේ මෙතනින් කියලා දාන්න පුළුවන් නේද?

      Delete
  15. හ්ම්ම්ම්, ලංකාව කියන්නේ දැන් ඉතින් හොරුන්ට ගිය රටක්නේ. මෙතන දී අපේ දොස්තර මහත්මයා නියම අයිතිකාරයා නිසා ලිපි හිමිකම (බුද්ධිමය දේපළ පනත යටතේ) ඉබේ ම ලැබෙනවා. මේ වගේ අවස්ථාවක දී කැමති නං නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒත් ඉතින් හුඟක් අය ඒ වගේ දේවල්වලට මැදිහත් වෙන්න කැමති නැහැ. සහන් අයියට නං ඉතින් පේටන්ට් බලපත්‍රය ගත්තේ නැත්තේ සොරි තමයි. මොකද ඒක ඉබේ හම්බ වෙන්නේ නැහැනේ. මුලින් ම ඉල්ලුම් කරන කෙනාට යි ලැබෙන්නේ :(

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ,නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න කලින් මේ පරිඝනක සාක්ෂරතාව තියෙන බුද්ධිමතුන් පොඩි හරි සදාචාරමය සීමාවකට යටත්ව කටයුතු කරානම් හොඳයිනේද?

      Delete
    2. ඒක නං ඇත්ත, ඉවාන් අයියේ. ඒත් හැමෝම එක වගේ හිතන්නේ නැහැනේ. අනිත් එක තමයි මේ වගේ දේවල්වලට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නෑ කියලා දැන ගත්ත ම බය නැතු ව වැඩේ දිගට ම කරනවා. ඒ නිසා යි මම කිව්වේ කිහිප දෙනෙක් හරි මේ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත්තා නං (අඩු තරමේ ඒ වගේ දෙයක් වෙන බව ඇ‍‍ඟෙව්වා නං) මේක ටිකක් හරි පාලනය කරන්න තිබුණා. ‍හ්ම්ම්, අද උදේ පාන්දර අඟහරුවාත් මේ වගේ හොරු ගැන ලිපියක් දාල තිබුණා.

      http://angaharuwa.blogspot.com/2013/10/blog-post_16.html

      Delete
    3. ස්තුතියි ධාරා ලින්කුවට මේ දැන්ම ගිහින් බලනවා.

      Delete
    4. ඒක ඇත්ත ධාරා ... මම ඒවා ගැන හොයලා බලන්නම් ..මට පහු ගිය කාලේ ඕවා එපා වෙලා හිටියේ..ඒකයි කිසි දෙයක් ගැන හෙව්වේ නැත්තේ .. අපි බලමු ඉස්සරහට මොනවා හරි කරන්න... ලක්ෂ 400 ක් විතර ගන්නත් පුළුවන් මම දන්න විදිහට ........

      Delete
  16. හොරු සහ ඔලුව නරක් වූ අයවලුන් සමග බ්ලොග් කෙරුවාව....ඔය පේන්නෙ නැද්ද ඉහළින් ඇනෝ කමෙන්ට් කරලා තියෙන මෝඩ රිලවා...

    ReplyDelete
    Replies
    1. මටත් පෙන විදිහට තව තික දවසක් යනකොට හොරු සහ ඔලුව නරක වූ අය විතරක් බ්ලොග් කෙරුවාවේ ඉතිරිවෙයි වගේ

      Delete
  17. මගෙත් මෙන්න මේ ලිපිය
    ගෙඩි පිටින්ම මෙන්න මෙතන තියෙනවා අහම්බෙන් දැනගත්තේ. යටින් උපුටා ගත්ත තැනත් පොඩියට තිබුනා. ඒත් මට නම් අවුලක් නැහැ. මෙවා මගේ පුද්ගලික දේපල වගේ නෙමෙයි. මම ලියන්නේ මට බැබලෙන්න නෙමෙයි. ඉතින් එවා මොන විදිහට හරි මිනිස්සු අතරට යන එක වටිනවා අදහසක් විදිහට හරි.අපිත් අපේ අත්දැකීම් වලින් වගේම අන් අයගේ අත්දැකීම් වලිනුත් පෝශනය වෙලා තියෙනවා. ඒවා තමයි නිර්මාණ වෙලා එලියට එන්නේ. එවට අයිතිවාසිකම් කියන්න බැහැ. කොහොමත් මම අන්වර්ත නමකින් ලියන නිසා ඔන කෙනෙකුට තමන්ගේ වගේ පරිහරනය කරන්න පුලුවන් වග මම දන්නව. එහෙම කාට හරි උපුටා ගැනීම් වලක්වන්න ඔනි නම් මුලින් ප්‍රකාශන අයිතිය අවුරන්න ඕන. සදාචාරත්මක කාරනා ගැන කතා කරල වැඩක් නැහැ ඒක අකැපයි :D

    ReplyDelete
    Replies
    1. අන් අයගේ අත්දැකීම් වැලි පෝෂණය වෙලා නිර්මානයක් කරන එකෙයි ,ගෙඩිය පිටින්ම අනුන්ගේ නිර්මාණ හොරකම් කරලා පලකරන එකෙයි ලොකු වෙනසක් තියෙනවා මම හිතන්නේ. . "සදාචාරත්මක කාරනා ගැන කතා කරල වැඩක් නැහැ ඒක අකැපයි " එක ඇත්ත

      Delete
  18. මමත් ඒ අත්දැකිමට අද මුණ දිලා ආවේ. වර්ණ බ්ලොගයේ ලියවුණ ලිපිය ඊට පැයක් වත් යන්න කලින් zoom.lk කියන එකේ දලා. මේ ලිපි හොරකම දැන්ම නැවැත්තුවේ නැත්තන් ඉස්සරහට කිසිම කෙනෙක් බ්ලොග් වල වැදගත් ලිපි දාන එකක් නෑ කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මම දැනගෙන හිටියේ නෑ .... කොහොමත් වැදගත් ලිපියක් දාන්න කෙනෙකුට හිතෙන එකක් නෑ මෙහෙම ගියොත් . මට මතක් විදිහට අටමගේ පොස්ට් එක උස්සලා දාලා තිබ්බෙත් ඔකෙමද කොහෙද තමා

      Delete
  19. නිර්මාණ හොරකම නම් එදත් අදත් කවදත් අඩු වැඩි වශෙයෙන් සිද්ධ වුනා/වෙනවා/වේවි ඉවාන්. මට නම් මම ලියපු දෙයක් හරි මම ඇඳපු චිත්‍රයක් හරි, ගත්ත ඡායාරූපයක් හරි වෙන කෙනෙක් පාවිච්චි කලාට ප්‍රශ්ණයක් නෑ, අඩුම ගානේ මේක ගත්තේ අරූගෙන් කියලා කියනවානම්. මට මල පනින්නේ වෙන්නේ, ඔය සිය දෙනෙක් විතර හරහා ෆෝර්වර්ඩ් කරන මේල් වල මගේම දේවල් මටම එනකොට තමයි.

    ReplyDelete
    Replies
    1. එකම තමයි මාත් කියන්නේ ඩූඩ් , අපේ බැචෙක් හිටියා නියම චිත්‍ර කාරයා මිනිහා අනපු චිත්‍රයක් එක්ක කවියක් තිබුනා විවාහයට පෙර හා පසු කියලා . එකේ තිබුනේ ලස්සන කෙල්ලෙක් දරුණු සුනඛ රූපයක් බවට පරිවර්තනය වෙන චිත්‍රයක්. ඉතාම නිර්මාණශීලී. මිනිහා ඕක ෆේස්බුක් එකෙක් අපේ පේජ් එකේ අප්ලෝඩ් කලා ,මෙන්න බොලේ ටික කාලෙකට පස්සේ අපිට ඊ-මේල් එනවා ඒ චිත්‍රේ මොකක්දෝ ෆේස්බුක් ග්රූප් එකෙක නිර්මාණයක් විදිහට .

      Delete
    2. @Henry Blogwalker
      ++++++++
      කාලයක් "සුපිරි තරුවකගේ කතාවක් " කියන මගේ ලිපිය මගේ කාර්යාලීය ඊමේලයටම හතර වතාවක් ආව..

      Delete
  20. නිර්මාණ හොරකම එදා ඉදන්ම තිබබා. අදත් තියනවා. හෙට උණත් එහෙමයි. අපිට වලක්වා ගන්න අමාරුයි. එහෙම කියලා කට පියාගෙන ඉන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් මම හිතන්නේ තාක්ෂනය පැත්තෙන යමක් කරන්න ඕන කොපි කරන්න බැරිවෙන විදිහට .

      Delete
    2. http://lolelol.com/forum/viewtopic.php?f=20&t=60

      :Dමෙන්න වැදගත් හොරු අඩුගානේ අන්තිමට මගේ ලින්ක් එකවත් තියෙනවා ..

      Delete
  21. මම අද දාපු එකත් ඔය හොදට උස්සලා දාලා තිබ්බේ.. ටිකක් හිතා බලන්න ඕන දෙයක් වෙලා දැන්නම් මේක..

    ReplyDelete
    Replies
    1. ඔව් මේ සිහින් මදාරාගේ කොමෙන්ටුවෙන් තමයි එක දැනගත්තේ

      Delete
  22. ,මගේ ඒවා නම් එහෙම දාන තරම් මට්ටමක නැහැ ,,, එහෙම කරනවානම් මන් සතුටුයි ,, මගේ නම ගැන නැතුව උනත් ,, හැම ලිපියක්ම ලියන්නේ එක්කෙනෙක්ගේ හරි ජීවිතේට යමක් ලැබෙන්න ඕනේ කියන සිතුවිල්ලේ ඉදන් ,,එහෙම මගේ ඒවා ගත්තොත් මන් ගොඩක් සතුටුයි . ඇත්තමයි

    ReplyDelete
    Replies
    1. //" හැම ලිපියක්ම ලියන්නේ එක්කෙනෙක්ගේ හරි ජීවිතේට යමක් ලැබෙන්න ඕනේ කියන සිතුවිල්ලේ ඉදන්"// මම හිතන්නේ බ්ලොග් ලියන වැඩි දෙනෙක් ඔය සිතුවිල්ලේ ඉඳන් තමයි ලියන්නේ . ඔමයාට ඔය අත්දැකීමට මුහුණ දෙන්න වුනු දවසටත් ඔය හැගීමම දනෙයිද?

      Delete
    2. ඔව් වෙන කෙනෙක්ගේ නමින් දාලා හරි ඒක පබ්ලිෂ් කරන්නේ ඒකෙ සාර්ථක කමක් තියෙන නිසා මගේ නම නැතුව වෙන කෙනෙක්ගේ නම දාලා කොහේ දැම්මත් මට කිසිම දුකක හෝ අමුතු හැගීමක් දැනෙන එකක් නැහැ අවංකවම ජීවිතේකට යමක් ලැබෙනවා නම් එච්චරයි ,, මන් කවදාවත් දුක් වෙන්නේ නැහැ ,, සතුටුයි ,මාත් කොමෙන්ට් එකක් දායි

      Delete
  23. ලිපියයි කොමන්ට් ටිකයි කියෙව්වම ළමිස්සියො දෙන්නෙක් එක මතයක ඉන්නව.
    ඒ දෙන්න කියන එකත් හරි කියල හිතනව.
    ඒත් අමාරුවෙන් කරුණු කාරනා රැස් කරල මහන්සියෙන් ලියපු ලිපි ගෙඩිය පිටින් තම නිර්මාණයක් ලෙස දැමීම නම් අනුමත කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. //"ඒත් අමාරුවෙන් කරුණු කාරනා රැස් කරල මහන්සියෙන් ලියපු ලිපි ගෙඩිය පිටින් තම නිර්මාණයක් ලෙස දැමීම නම් අනුමත කරන්න බැහැ."// අන්න ඒක තමයි ඇත්ත කෙන්ජයියේ ... අඩුගානේ ගත්තේ මෙතනින් කියලවත් දාපංකෝ

      Delete
  24. චිත්‍රපටි ටොරන්ට්ස් හරහා ඩවුන්ලෝඩ් කරන එක, MP3 සිංදු ඩවුන්ලෝඩ් කරන එකත් මේ වගේම තමයි.... ඒත් අපි සාමාන්‍යයෙන් එවා OK කියලා හිතාගෙන ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ විතරක් නෙවෙයි අපිට ගානක් හම්බ නොවුනට රිඟින් ටෝන් ජාවාරම්....! කොම්පුටර් සොෆ්ට්වෙයා ....! වැරැද්ද හැමවිටම් වෙනකොට එක සාමාන්‍යයෙන් ok කියලා හිතනවා. මේකටත් ටික දවසක් යනකොට එහෙම වෙයි.

      Delete
  25. හැම තැනම හොරු තමා ඉන්නෙ. ඉතිං වෙන මොනවද.

    ReplyDelete
    Replies
    1. හැමතැනම හැමදාම හැම එකාම වගේ හොරු වෙලා ප්‍රසා අයියේ ...! දැනුවත්ව කලත් නොදැනුවත් ව කලත් වරද වරදමනේ ...!

      Delete
  26. ඕව හිතන එක මම නං නවත්තල තියෙන්නෙ. පේටන්ට් එකක් වගේ දෙයක් නං හිතන්න වෙනව. මගේ බ්ලොග්පෝස්ට් කිහිපයකුත් එක එක තැන් වල ද0ාල තිබුන. හැබැයි ලින්ක් එක සහිතව. ලින්ක් එක ඇතත් නැතත් මම ලියපු එකක් ඕන කෙනෙක් ගත්තාවෙ කියලයි මම නං ලියන්නෙ. මගේ නම අැතුව හෝ නැතුව මගේ අදහස සමාජගත වෙනව නං එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඕවා හිතන එක නවත්තන තරමට හොඳයි තමා. මොකද අපිට තරහ ගියා කියලවත් පාඩුවක් වුනා කියලවත් ඕවා කරන එවුන් ඕවා නවත්තන්නේ නෑනෙ . හැබැයි මිනිහෙකුට හොරකම් නොකර ඉන්න නම් අඩුගානේ ලැජ්ජාවක් කියලා දෙයක්වත් තියෙන්න එපැයි නේද?

      Delete
  27. හොරුත් චේ ගුවේරා ගේ පිංතූර ගහගෙන ඉන්නව නං උඹ ගහගෙන ඉන්න පින්තූරෙ වහාම ගලවපන්.
    //මටත් පෙන විදිහට තව තික දවසක් යනකොට හොරු සහ ඔලුව නරක වූ අය විතරක් බ්ලොග් කෙරුවාවේ ඉතිරිවෙයි වගේ//
    එතකොට අපි දෙන්න හොරුද නැත්නං අනික් උන්ද?

    ReplyDelete
    Replies
    1. හැලපයියා මට බනිනවද ,නැත්තං ඇත්තටම කියනවද කියලා හිත ගන්න බෑ .
      "එතකොට අපි දෙන්න හොරුද නැත්නං අනික් උන්ද?" හැලපයියට මතකද ඔයාගේ බ්ලොගටත් මොකෙකේද පාහරයෙක් රිපෝට් කරලා අපිට කොමෙන්ට් දාන්න බැරුව තිබ්බා . එතකොට ඔයා මොනවද කිව්වේ ."මට දැන් තියෙන්නේ බ්ලොග් ලිවිල්ල නවත්තලා දාන්න තමයි" කියලා .
      ඒ ඔලුව නරක වෙච්ච කෙනා කරපු වැඩේ දිගටම ගියානම් ඔයා සමහර විට බ්ලොග් ලිවිල්ල නවත්තන්නත් තිබ්බා ,එහෙම එක එකා නැවතුනොත් මොකද වෙන්නේ ....අන්න එක තමයි මම කිව්වේ.
      වෙන සමහර වැඩ දැක්කම චේගේ පින්තූරේ විතරක් නෙවෙයි බ්ලොග් ලිවිල්ලත් ගලවලාම දාන්න හිතෙනවා හැලපයියේ .....! කොහොමත් මට හිතෙනවා නොලිය ඉන්න තරමට හොඳයි කියලා

      Delete
  28. ඇත්ත සදාකලිකයි..බොරුව තාවකාලිකයි...

    ReplyDelete
    Replies
    1. ඔව් කැන්ඩියන් ඒ වුනත් මේ කෙටි ජීවිත කාලය ඇතුලේ ඒ තාවකාලික කාලයත් හරිම දිග කාලයක්.

      Delete
  29. මගේ අකුණ පෝස්ට් එක දැනට තැන් දෙකක තියෙනවා එයාලගෙම නම් වලින්... කාට කියන්නද ...? ගත්තට කමක් නැහැ ගන්න තැන කියලා.. ඒ අයට ඕනේ තමන් ලිව්වා කියලා කියාගන්න විතරයි.. හැබැයි කමෙන්ට් එහෙකින් ප්‍රශ්නයක් අහලා බලන්න ඕනේ.. එක තැන ඇඹරෙනවා උත්තර දී ගන්න බැරුව...

    මම ගැනත් මතක් කිරීම ගැන ස්තූතියි ඉවාන්.. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා මම නිකම්ම නිකම් අතෑරලා දාපු.. ඔයාලා මෙහෙම කියද්දී හිතෙනවා මොනවා හෝ දෙයක් ඒ සම්බන්ධයෙන් කරන්න ඕනේ කියලා... මට පහුගිය කාලේ හැමදේම එපා වෙලා හිටියේ ...ඒකයි ඔක්කෝටම මුල ...

    ReplyDelete
    Replies
    1. සහන් මම ඔයාව දැකලත් නෑ, දන්නෙත් නෑ , දන්නේ ඔයාගේ පොස්ට් වලින් විතරයි ,එත් මට හිතෙනවා ඔයා මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් හැකියාවක් තියෙන මිනිහෙක් වග. ඔය වගේ දේවල් නුසුදුස්සන් අතට පත්වුනාම වෙන්නේ මහා විනාශ.
      ඇල්ෆ්‍රඩ් නොබෙල් ඩයිනමයිට් හොයාගත්තම එයා හිතුවෙත් නෑ මෙහෙම විනාශකාරී දේවල් වලට එක පාවිච්චි කරයි කියලා . ඔයාගේ නිර්මාණ වල වටිනාකම ,භාවිතා කලයුතු ආකාරය දන්නේ ඔයා , කොහේ හරි ඉන්න මැටි මොලෙක් ඕක හොරකම් කලොත් ඌ කරන්නේ විනශයක්මයි. එකට ඉඩ තියන්න එපා .

      Delete
    2. මම දන්නවා ප්‍රගීත් කියන දේ..දැනටමත් එවැනි දේවල් කීපයක් අනර්ථකාරී දෙයක් සඳහා යෙදවෙනවා.මම ඒකට සෑහෙන විරුද්ධයි. ඒ වගේම මම කරලා තියෙන සමහර දේවල් ගැන මට කියන්නත් බැහැ මේ හේතුව නිසා..මම දන්නේ නැහැ කව්රු කොහොම පාවිච්චි කරාවිද කියන්න. බොහෝ විට මගේ මරණය එක්ක ඒ දේවල් පිච්චිලා යාවි. ඉතුරු කරලා ගිහින් විනාශයක් කරනවට වඩා හොඳයි මා සමග අළු කරලා දාන එක.. මම දැනටමත් ඒ තීරණය අරන් ඉවරයි.. මගේ ශරීරය අනුරාධපුරයේ ඇති ප්‍රසිද්ධ අරණ්‍යයකට ලියලා ඉවරයි භාවනානුයෝගී භික්ෂූන් වෙනුවෙන් ප්‍රයෝජනය පිණිස. බොහෝ විට මාව එතැනදී දකින්න ලැබේවි ඉවාන්ට සබැහින් මුණගැසීමට නොහැකි උනොත් ..

      Delete
  30. මේ වගේ දේවල්වලට කරන්න දෙයක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැනට නම් කරන්න දෙයක් නෑ. නඩුවක් දාන්න තමයි තියෙන්නේ. එත් කාටද ඕවට රස්තියාදුවෙන්න පුළුවන්.

      Delete
  31. මම කැමති මගේ පෝස්ට් ඕනෑ එකෙක් කොපි කරගන්නවාට . මගෙන් කොපි කරපු පෝස්ට් එකක් මගේ නම නැතිව හෝ ඇතිව වෙන තැනක තියෙනවා නම් මට ඒක ආතල් එකක් .

    හැබැයි මම නම් ඉස්කෝලෙදි ඇරෙන්න ..වෙන කිසිම තැනකින් කිසිම දෙයක් කොපි කරලා නෑ ..

    ReplyDelete
    Replies
    1. //"හැබැයි මම නම් ඉස්කෝලෙදි ඇරෙන්න ..වෙන කිසිම තැනකින් කිසිම දෙයක් කොපි කරලා නෑ"// හැමෝම ඔහොම නම් මෙහෙම ප්‍රශ්නයක් ඇතිවෙන්නෙත් නෑ සඳරූ

      Delete
  32. ඕවා නම් හිතන්න දෙයක් නෙවේ කියලයි මගේ අදහස! මොකද අපි මෙහෙම පෝස්ට් දැම්මයි කියලා පෝස්ට් උස්සන එක නතර වෙන්නෙ නැහැ හොඳම දේ ගණන් නොගෙන ඉඳීම! උස්සන්න තරම් වටිනා ලිපියක් කියලා හිත හදාගන්න එක හොඳයි!

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත ...නිශාන් මලයා කාලෙකින්....මොකද බන් වුනේ....කොහෙද ගිහින් හිටියේ ..

      Delete
  33. ඔන්න මමත් ආව හෙළුවෙන් ඉන්න හොර ගොබිලයට දෙකක් කියල යන්න කියල. සහතික ඇත්ත. තමුන්ගේ නිර්මාණයක් වෙන එකෙක් සල්ලි ගරන වැඩක් කරගන්න එක දැන් ලෝකේ විලාසිතාව වෙලාද කොහෙද. ඒ මදිවට මම දැක්ක අර පොඩ්ඩි අක්කගේ බ්ලොග් එකේ එහෙම අර ප්‍රදීප් ද කව්ද කමෙන්ට් කරලා තියන විදිය. අද ඉඳන් ඔන්න මමත් දිගටම මෙහෙටත් එනවා..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් අඟහරුවෝ , ඇත්තටම් නොදන්නවාට උන් හෙළුවෙන් තමා ඉන්නේ. හොරුන්ගේ හොරු කඹ හොරු.දිගටම වරෙන් මලේ මේ පැත්තේ .

      Delete
  34. ලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස් වාසීන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරමු...

    සියළු සිංහල බ්ලොග් රචික රචිකාවෙනි... මේ ඔබේ සහෝදර ශක්තිය අවශ්‍යම මොහොතයි..... ලැව් ගින්නෙන් විපතට පත් සියළු නිව් සවුත් වේල්ස් වාසීන්ට ආධාර උපකාර කිරීමේ මගගු පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න..... දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව ලැබීමට මග පෙන්නන්නා වූ ඒ දානමය පිංකමට ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්න....

    විපතට පත්වූවන් වෙනුවෙන් ඔබේ මූල්‍යමය ආධාර පහත සදහන් බැංකු ගිනුම් වලට යොමු කරන්න....

    මෙම මුදල් සෘජුවම ඔස්ට්‍රෙලියානු රජය වෙත දෙදිනක් තුල යොමු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.....

    E.A.A.U.B. Edirisinghe - Sampath Bank - 100653457423 - Kurunegala Branch
    E.A.A.U.B. Edirisinghe - People's Bank - 33518600569 - Nugegoda Branch

    ප. ලි. : ප්‍රවාහන අපහසුතා නිසා ද්‍රව්‍යමය ආධාර භාර නොගන්නා බව දැන්වීමට කමැත්තෙමි..... ලිංගික ආධාර භාර ගනු ලැබේ....

    ReplyDelete
    Replies
    1. මේ ක.සු.ජා.ස. එකෙන්ද?... මොනාද බං ලිංගික ආධාර කියන්නේ ..?

      Delete
  35. අපොයි මටත් අනන්ත සිද්ද වෙලා තියෙනවා... මක්කා කොරන්නද...?

    ReplyDelete
    Replies
    1. මාටහ්ලන් කාලෙකින්.....මක්කා කරන්නද කියලා තමයි හිතාගන්න බැරි.

      Delete
  36. Replies
    1. මකාද බන් උඹට වෙලා තියෙන්නේ. අම්බානක බිසීද? නැත්තම් ප්‍රශ්නයක්ද?

      Delete
  37. Roo, Elakiri වගේ ෆෝරම් පෝස්ට් කොපි කරන එක නවත්තන්නෙ නෑ. ඒවයි ඇඩ්මින්ලට කිව්වත් වැඩක් නෑ. මං කියවපු බ්ලොග් පෝස්ට් කීපයක්ම ගෙඩිය පිටින් උස්සල දාල තිබුණා උන්ගෙ වගේ

    ReplyDelete
    Replies
    1. ඇඩ්මින්ලට නම් කියලා සතපහක් වැඩක් නෑ. උන් නිකම්ම නිකම් ඔක් අටවාගෙන ඉන්නවා විතරයි. උන් දන්නෙත් නෑ එකෙ මොනොවා තියෙනවද කියලා. තැන්කු වේවා ඩොට් මේ පැත්තේ ආවට .දිගටම එන්න

      Delete
  38. Pradeep Kenneth mama wagema mage wruththiye yedena kenek..pradeep ge hakiyawan gana mama danne eyaa iganaganna kale indanmay....mada galmuhuru gonnak mada isaarahata yana hondama sahodarayek.....e wage kenek liyana deyak mehema horakam kalath.....eyage danuma nam katawath baha horen ganna.....eth..malli oya kiyanawa wagema..me de nawathwiya yuthuyi.....

    ReplyDelete
    Replies
    1. ස්තුති අක්කේ, මේක නවතියිද දන්නේ නෑ එත්,මේ දේවල් කරන අය එලි කරන්න පුළුවන් හැමදේම කරන්න ඕනේ

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]