Monday, November 25, 2013

මං ආයේ ලියන්නේ නෑ


මං ලිව්වා සමාජ සාරධර්ම ගැන
උන් මට හිනා වුනා ...
ඒ මොනවද කියලා ඇහුවා

මං ලිව්වා චේ ගැන, කස්ත්‍රෝ ගැන, මාටිං ලූතර් ගැන
ඒ මොක්කුද කියලා ඇහුවා .
උන් මට හිනාවුනා....

මං ලිව්වා හිට්ලර්, මුසෝලිනී ,ඉඩි අමීන් ගැන
කවුරුවත් කියෙව්වේ වත් නෑ ,
දැක්කේ නෑ වගේ හිටියා ..

මට එපා වුනා ..

ඊට පස්සේ

මං ලිව්වා සාහිත්‍යය ගැන
උන් හිනාවුනා
සාහිත්‍යය කන්නද කියලා ඇහුවා ...

මං ලිව්වා ඉහිහාසය ගැන
උන් හිනාවුනා...
මහාවංශය ලියන්නේ අපිට ඕන හැටියට ..උන් කිව්වා

මං ලිව්වා යුද්ධයේ සැබෑ විරුවෝ ගැන
උන් මට ඔරවන්න පටන් ගත්තා ...
ඇඟිල්ලේ තරමට ඉදිමියන් උන් මට කිව්වා ...

මං හැදුවා ජනතාව දැනුවත් කරන්න...
උන් හැමදාම රැවටෙන හැටි උන්ටම කියලා දෙන්න ...
උන් මාව හංවඩු ගැහුවා අධිරාජ්‍යවාදී බලල අතක් ....

මං ලිව්වා වංචාව ගැන ,දුෂණය , නාස්තිය ගැන ..
උන් මාව හොයන් ආවා...
කැඩුවා මගේ අතපය...

මං ලිව්වා ජනතාව පෙළගස්සන්න ...
අවදි කරන්න නිදි බරිත මනස .....
ආවා ශ්වේත වර්ණ දඬු මොනරයක් ....
අවසාන නිවේදනය ........එකඟවුනා ගිවිසුමකට
ලැබුනා කොම්පියුටරයක්, වාහනයක් ,ගෙයක්...
ආවා මං නැවතත්, කිසිදා නැවත දකිනට නොලැබේයයි සිතු මේ බිමටම

එතැන් පටන් ලිව්වා මං
එකතුවුණු හැටි අජේ දෙව්ගනුයි කාජලුයි ....
වෙන්වුණු හැටි ඇන්ජලීනා ජොලි බ්‍රැඩ් පීට්ගෙන් ...
නිරුවත් වුනු හැටි ලේඩි ගාගා ප්‍රසිද්ධියේ ...
අහා ....දශක ගණනක් නොතිබූ රැල්ල මාවෙතට
සම්මාන ලැබුවා මා ..ලෙසින් ජනතාවගේ කළා කරුවා ..යුගයේ මාධ්‍යව්දියා ....

ලැබූ ගම්වර බෝමයි .....
මදිවට උපදේශක පට්ටම රාජරාජ මහාමාත්‍යාදීන්ගෙන්....
මොනවයින්ද අඩු මට ......
කිම්ද ඇති පල අවදි කරවන්නට යාමෙන් මෝහනය වූ ජනයා

ඉතින් මින් මනත, උන් කියන දේ නැවත ලියනවා ඇර
කවදාවත්
මං ආයේ "ලියන්නේ" නෑ .....................!



98 comments:

  1. ඇති යන්තන් මොලේ පැදුනා...........

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඒකනේ මැලේ මලේ කියන්නේ ...!

      Delete
  2. වැල යන පැත්තට මැස්ස ගහන එකයි තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න අයියේ දැන් වැඩි දෙනෙක් කරන්නෙත් එකනේ

      Delete
  3. :) රැල්ල රැල්ල :)

    ReplyDelete
    Replies
    1. සමී කාලෙකින්, දැන් බිසී යුගය අවසන්ද?

      Delete
  4. හ්ම්, ඒකත් එහෙමද?

    ReplyDelete
  5. කොච්චර කිව්වත් හැදෙන්නේ නැති එකා හැදෙන්නේ නැහැ ඉවාන්

    ReplyDelete
    Replies
    1. එකනේ බං ,නැත්තන් මේ අපේ මිනිසුන්ට ඇස පනාපිට පෙන දේවල් ගැනවත් හිතන්න තිබුනා

      Delete
  6. ඕක තමා හරි ...දැන් නාරාහේන්පිට ගොඩ කරපු ඉඩමකින් පර්:20 ක ඉඩම් කෑල්ලක් ඉල්ලගනින්.
    දුර ඉදන් කඩේ යන්න බැහැ කියල...
    කම්මැලිය...
    තව දවස් හතකින් තව එකක් දාපන්...
    තැන්ක්ස් මල්ල ඔහොම ...
    සෝට්...ඊට්...එකක් දාපන් ...රසයි...

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා කෙන්ජයියේ ... කඩේ යනවනම් ඉතින් ඉල්ලන්න කලින්ම දෙයි 20ට 40ක්

      Delete
  7. පැන පාවා දෙන්න හොඳ නෑ බං මොනවා උනත්! (දැන් ඕක කී බෝඩ් එක කියලා වෙනස් කර ගන්න වෙයි)

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත නාඩියෝ එහෙම නොවිච්ච කීපදෙනෙකුත් තාම ඉන්නවා අපි අතර

      Delete
  8. මැලේ රාළ කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ ඉවාන්..නිර්මාණයක් ලෙස නියමයි..අපේම නිරුවත මේ.. මේවා තේරුම් යන දාට තමයි සියලු දෙනාට දුම් දාන්නේ...

    ReplyDelete
    Replies
    1. තැන්කු සහන් , මේවා තේරුම් යන දවස කවදා එයිද කියලා තමයි හිතාගන්න බැරි

      Delete
  9. අපේ සහන් මල්ලි කිව්වදේම තමයි මටත් කියන්න තියෙන්නේ. ඕක තමයි අපේ නිරැවත. ඒත් මම තාමත් එක විශ්වාසයක ඉන්නවා. සත්‍යය කවදා හරි ජයගන්නවා. අපේ ප්‍රතිපත්තියයි වැදඟත් වෙන්නේ. ඒ දවස කවදා හරි එනකං අපි අළුයටවූ ගිනි පුපුරැ සේ බලා ඉදිමු.
    පව්ලූෂා මලේ උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. "ඒ දවස කවදා හරි එනකං අපි අළුයටවූ ගිනි පුපුරැ සේ බලා ඉදිමු. " ඔව් සඳුන් අයියේ ඒ දවස අපේ ජීවිත කාලය තුල දකින්න ලැබේවා කියලා පතමු.

      Delete
  10. එහෙමද ඉවාන් ,,උබ නොලියම ඉදින් උන් ඉල්ලන දේ ලියලා උන්ව සතුටු කරලා දුක් වෙයන් ..

    දැන් දැන් ඔයාගේ නිර්මාණ හරිම උසස් ,.. දේශක තුමා ගේ සහ ඔබගේ නිර්මාණ වල මං අමුතු රසයක් විදිනවා ඉවාන් ,

    ReplyDelete
    Replies
    1. උන් ඉල්ලන දේ ලියලා දුක් වෙන එවුන් කීදෙනක් නම් ඉන්නවද සතුටින් ඉන්නවා වගේ පෙන්නුවට .
      "දැන් දැන් ඔයාගේ නිර්මාණ හරිම උසස්" අම්මෝ බොක්කෙන්ම තැන්කු ඔමා

      Delete
  11. මචං . . . .වෙල්කම් . . . . .

    ReplyDelete
  12. මමත් හොඳ ආමි හරුප ලිව්වානම් කොමෙන්ට් වැහි වැහැලා මාව යටවෙන්නත් තිබුනා. නමුත් කාට හෝ ප්‍රයෝජනවත් දැනුමක් ලබාදීලා එක කොමන්ට් එකක්වත් නොලැබුනත් මට කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් යම් සංවරයකින් ලිවීම වඩා වැදගත් බවයි. නැත්නම් අපි එක එකාට දොස් කියමින් ඉස්සරහට යන්න හදන කකුළුවෝ ගානට වැටෙනවානේ. රට හදන්න කලින් තමන් හැදෙන්න ඕනේ කියලාත් කියලා තිබ්බා නේද කව්ද නේද විචාරක.

      Delete
    2. @ විචාරක - සහතික ඇත්ත විචාරක. අපේ සමාජය හරසුන් දේවල් ඉක්මනින් වැළඳගන්නේ අයි කියනඑක ලොකු ප්‍රශ්නයක්. එත් වෙන්නේ ඒකමයි.

      Delete
    3. @ බූරු බබා - 100% කම එකඟයි

      Delete
  13. මල්ලි ලියන්න ලැබුනා නිදහස කියන්න ලැබුනා කියලා නන්දක්කා කීවා වගේ දැන් තියෙන්නේ නතර නොකර ලියන්න. ඔය සුදු වෑන් ආවම බේරෙන්න ඉතින් ටිකක් විතර කඩේ ගියාට කමකුත් නෑ ඔන්න.

    ReplyDelete
    Replies
    1. අපි හැමදාමත් හිතන් ඉන්නේ ඒ සින්දුවේ වගේ "එළිවෙනකොට නිදහස අහසින් ගෙට වැටෙයි "කියලා තමයි. වැඩේ තියෙන්නේ මුලින් ටිකක් විතර කඩේ යන එවුන් අන්තිම වෙනකොට කඩේ විතරයි යන්නේ

      Delete
  14. මමත් ආයේ ලියන්නේ නැහැ ඉවාන්... :/

    ReplyDelete
    Replies
    1. උඹ කොහොමත් ලිව්වේ නෑ තමයි මේ ටිකේම , මකාද වෙලා තියෙන්නේ , මොකක හරි ප්‍රශ්නයක්ද බෙනෝ

      Delete
  15. ඔන්න මචො උබ දැන්නම් අස්සරෙ කරන්න වටින යාලුවෙක්

    ReplyDelete
    Replies
    1. අන්න උඹට තේරුනා , මං හිතුවේ හය හතර නොතේරෙන ළදරුවා කියලා

      Delete
  16. බොහෝ දෙනා ඔය රැල්ලේ එතිලා ඉන්නේ....ඔය හිනා වුන උන්ට අඩන්න දවසක් උදාවේවි එදාට දත් පෙන්නලා හිනා වෙන්න හිනාවක් අලි ඇතුන් ලවා වත් මුවගට ඇදන් ගේන්න බැරි වේවි.

    ReplyDelete
    Replies
    1. ඔව් , රැල්ලෙන් අන්ධ වෙලා , අනික ශානු ඔය කුහකයෝන්ට කොහොමත් හැමෝම එක්ක එකතුවෙලා හිනාවෙන්න ඕනේ කමක් නෑ, උන් හදන්නේ තනියෙන් රජවෙන්න

      Delete
  17. සමාජය ඉල්ලන දේ නැතිව තමන්ට ඕන දේ ලියලා වැඩක් නැහැ.
    "එකතුවුණු හැටි අජේ දෙව්ගනුයි කාජලුයි ....
    වෙන්වුණු හැටි ඇන්ජලීනා ජොලි බ්‍රැඩ් පීට්ගෙන් ...
    නිරුවත් වුනු හැටි ලේඩි ගාගා ප්‍රසිද්ධියේ ..." ඕවා ලියනවටත් වඩා ඉදිරියට යන්න පුළුවන් මාතෘකාවක් තියෙනවා සිංහල වැල් කතා

    ReplyDelete
    Replies
    1. අපොයි, එකත් ඇත්ත හැබැයි. මම හිතන්නේ අපේ මිනිස්සු බොහෝ දෙනෙක් කුනුරසයට හරි කැමතියි. අනුන්ගේ ඕපා දූප හොයන්නත හරිම කැමතියි

      Delete
  18. මම හොඳ දෙහි ගෙඩියක් කපන්න හිතාගෙන මෙහාට ගොඩ වුණේ. කියෙව්වට පස්සෙනේ කාරණේ තේරුනේ :D ඔන්න ඕකට තමයි කියන්නේ මාධ්‍ය නිදහස කියලා! අශ්වර්යයනේ, ඉවාන් අයියේ. ඒක නෙමෙයි, මොකෑ මේ මල් වැටෙන්නෙ? අපිට කඩන්න ද? නැත්තං අයියා කඩපු මල් ද?

    ReplyDelete
    Replies
    1. "ඔන්න ඕකට තමයි කියන්නේ මාධ්‍ය නිදහස කියලා" අන්න එක තමයි ධාරා කෙටියෙන්ම කතාව . උඹලා කොහෙද මේ මල් කඩන්නේ දවසම මල් කඩන ගමන්නේ ඉන්නේ , ඔය දැනුත් ෆෝන් එක කනේ. මමනම් ඉතින් ඔය මල් කඩන්නේ නැති අහිංසක පරමාදර්ශී ළමයනේ බං

      Delete
  19. අන්න දේශහිත්‍යීෂී ජනමාධ්‍ය වෙදියෝ...ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. අනිවා දේශප්‍රේමේ නියම අරුත එක තමයි

      Delete
  20. හා...හා...හා.....ජනමාධ්‍යවේදියාගේ ඛේදවාචකය......එදා ගාමිණි සුමනසේකර ,සුගාර ලෙසත් කරුනාදාස සූරියාරච්චිලා කසුරිලා හැටියටත් රඟපාපු ඉතිහාස කතා පුවත තමයි උඹ මේ ලියලා තියෙන්නේ. මේ උන් දෙන්නා විතරක් නෙමේ බන්...සීයට 99ක්වූ ශ්‍රීලාංකික මාධ්‍ය වේදීන්ගේ ආත්ම කථනයයි. සුනිල් මාධව පවා දැන් අයිති ඔය කුලකයටයි. ලියන්නේ නැතිව ඉන්නවා කියන්නෙත් ඕකම තමයි. අර ජොනතන් මිලර් කියලා තිබුනේ අපේ මාධ්‍යවේදීන් දිගේලි කරපු එළුවෝ වගේ කියලා..ලෑටි ගගා බෑ බෑ කිය කිය ඉන්න එක තමයි කරන්නේ. ඇට දෙක පුස් කරගත් වස්සෝ!!

    ReplyDelete
    Replies
    1. අරු අයියේ ඉස්සර මම ආසාවෙන්ම කියවපු එකක් තමයි කසුරිගෙ සංචාරක සටහන දිවයිනේ ගියේ , සුනිල් මාධව ප්‍රේමතිලක , බූලිත ප්‍රදීප් කුමාරලාට ඇත්තටම මොකද වුනේ. ඉස්සර අබ්ලික් කොලම ලිඉවේ කවුද මට මතක් නෑ නම . එහෙව් ජනමාධ්‍ය වේදියෝ අද ..?

      Delete
  21. ඔය වැඩේ තමයි ගොඩාක් උන් කරන්නෙ....ඒකට තමයි වාසි... පිලට හෝයියා කියලා ඉස්සර මිනිස්සු කිව්වෙ...ඒත් බොහොම අතලොස්සක් ඉන්නවා තමන්ගෙ ජීවිතය පරදුවට හරි තියලා හෘද සාක්ෂියට එකගව ලියන....පවතින ආණ්ඩුව පෙරලුන කාලෙක ඒ අය ජීවතුන් අතර හිටියොත් ජනතා සම්මානයෙන් පුද ලබනවා...ඒත් ඉතිං ඒක කන්නයෑ...එහෙම හිතලම වැල යන පැත්තට මැස්ස ගහන අය තමයි වැඩි..

    ReplyDelete
    Replies
    1. "ඒත් බොහොම අතලොස්සක් ඉන්නවා තමන්ගෙ ජීවිතය පරදුවට හරි තියලා හෘද සාක්ෂියට එකගව ලියන" එහෙම අයගේ ආයුෂ බොහොම කෙටියි. නැත්තම් ජීවිතේ ඉතුරු කාලේ කොහේ හරි ඈත රටකට වෙලා ගෙවාදාන්න වෙයි

      Delete
  22. මොකටද ඒ ගමන එන්න හදන්නෙ?මටනම් තේරෙන්නෙ නැහැ..බලමු බලමු

    ReplyDelete
    Replies
    1. තාම නම් මොකක්වත් කරන්න හිතුවේ නෑ , බලමුකෝ ඉදිරියට ...! ශ් ශ් කාටවත් කියන්න එපා

      Delete
  23. ඉවාන් උඹ ඔය දුක හිතෙන කතා කොච්චර කිව්වත් වැඩක් නෑ,ඕක තමා ට්‍රෙන්ඩ් එක ඒකට අනුගත වෙයන් නැත්නං කුනුකූඩේට පලයන්,පේන්නෙ නැද්ද අමාරුවෙන් ලියන කතාවකටයි නිකං පිස්සු කතාවකටයි ලැබෙන ප්‍රතිචාර.

    ReplyDelete
    Replies
    1. ඔව් හලපයියේ , අද ගොඩක් ප්‍රගතිශීලී ජනමාධ්‍ය වෙදියෝන්ට වෙලා තියෙන්නේ ඔන්න ඔය අනුගත වෙනවා කියන එක කොරන්ට තමයි. නැත්තන් කුනුකූඩේ, එහෙමත් නැත්තන් හතර රියනේ

      Delete
  24. උන් කියන දේම ආයෙම ලියල වැඩක් තියේවිය අයියේ??? කෝම වුණත් ඉතිං අද කාලෙ වැඩිපුරම සිද්ද වෙන්නෙ ඔය කියන දොර යන හැටියට ගහ උළුවස්ස වගේ දේවල් තමා...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා අසෙනි. ජීවත් වෙන්න ඕනේ නම් උන් කියන දේ ලියන එක තමා එකම විසඳුම අද

      Delete
  25. ආ බං, ලියන එක වෙනස් වුන හන්දද දැන් මේ උඩින් මලුත් වැටෙන්නේ.. ඒකත් මරු ඈ..

    ReplyDelete
    Replies
    1. හාහ් හාහ් හා , මට මල පැනලා මේක ලිව්වේ බං එකයි ..:D

      Delete
  26. නොලියවීම ගැන ලිවීමක්.... නොලියන එවුන්ගේ ආතල් කැඩීමක්...

    ReplyDelete
    Replies
    1. හැක හැක ... එහෙනම් දැන් ආයෙත් ලියහන් ...

      Delete
  27. මාත් මොනවහරි ලියන්නං මාවත් ඔය කොහාටහරි රිංගවල දියං

    ReplyDelete
    Replies
    1. මෙන්න මුව රින්ගවපන් ඔය බොක්කුවක් අස්සට

      Delete
    2. @අටමා - එදා අර නියපොතු රතු කරලා තිබ්බේ නැත්තන් උඹටත් රිංගලා බලන්න තිබුනා ..:D

      Delete
    3. @ දමිත් - කොහොමද බන් බෝක්කුවක් අස්සේ තව බෝක්කුවක් රින්ගවන්නේ

      Delete
  28. පට්ටම නිර්මාණයක් සහෝ..

    ReplyDelete
    Replies
    1. මචං ඉවාන්... කවුරු හරි උඹලයි අරලිය ගහ හොලවනවා.. ඉක්මනට නවත්තපන්. නැත්තන් කොලයක් ඉතිරි කරන එකක් නෑ..

      Delete
    2. තැන්කු වේවා මාතලන්..

      අපි මේ ආශ්චර්යයේ ගහ හොලවන්වා එතකොට ආශ්චර්යයේ මල් වැටෙනවා

      Delete
  29. හැබෑව හැබෑව ..'

    මේ.....................අපිට දැන් කතාවක් ඕනේ

    ReplyDelete
    Replies
    1. හැබෑව නේන්නං රෙහෝ

      ම්.....ම්.... කතාවක් නේද...ම්...ම්...ම්..

      Delete
  30. Replies
    1. අප්පේ සුදු මහත්තයා කාලෙකින්....එන්ට එන්ට ඈඳීගන්ට හත්අට පොළකින්

      Delete
  31. දැන් එතකොට මොනවද ලියන්න යන්නේ ?
    මට නම් හිතෙන්නෙම අනුන්ට ඕන විදිහට තමන්ගේ ලියවිලි වෙනස් කරන්න යනවයි කියලා.

    ReplyDelete
    Replies
    1. "දැන් එතකොට මොනවද ලියන්න යන්නේ "
      එකම තමයි මධුවෝ මාත් මේ කම්පනා කොරන්නේ

      Delete
  32. නිහඩව ඉන්නවා කියන්නේ මේවාට උත්තර නෙමේ බං.ඒ වුනාට හුගක් අය නිහඩව ඉන්නේ තමන්ගේ පුද්ගලික වාසි තකා හෝ ශ්වේත වර්ණ දඬු මොනර නිසාම තමයි.

    ReplyDelete
    Replies
    1. උඹේ කතාවම තමයි මම මේ සමස්ත නිර්මාණය පුරාවටම කියන්නේ .... සහතික ඇත්ත . 99% කගේම තත්ත්වේ ඕකයි

      Delete
  33. ඇත්ත ඇත්ත, මේ කතාව සම්පූර්ණ ඇත්ත. ඒ මධුර හඬ කුමකට ද මට - ගොළු ව බිහිරි ව සිනා සෙනු මිස... කියන්නෙ ඒක ම නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ...දිල් බීරි අලින්ට වීනා කුමකට ..?

      Delete
  34. රුවල් නැව සුළගින් විනා හබලෙන් පැදවිය නොහැක්කකි. දුර්වලයා සුළග නැතැයි මැසිවිලි නගන්නේය. ධනාත්මකවාදීයා සුළග එනතෙක් තම බලාපොරොත්තුව අත නොහරින්නේ ය.. එහෙත් යථාර්තවාදීයා සුළග හමන් දීශාවට තම රුවල සකසා ගන්නේ ය. එය උපයොගීතාවාදයයි.

    .එසේ උවද ඉතිහාසය ලියවෙන්නේ උඩුගං බලා පිහිනන්ගෙන් මිස, සුලග එනු පිණිස රුවල සකසන උපයෝගිතාවාදින්ගෙන් නොවේය.

    ජනරාල්ගෙ ' රූබිකොනය ' - Fonseka's Rubicon

    ReplyDelete
    Replies
    1. "එසේ උවද ඉතිහාසය ලියවෙන්නේ උඩුගං බලා පිහිනන්ගෙන් මිස, සුලග එනු පිණිස රුවල සකසන උපයෝගිතාවාදින්ගෙන් නොවේය. " ඒ මර්ධනයේ ඉලක්කය වන්නේද එවැනි උඩුගං බලා පිහිනන්නන් මිස අන් කවරෙකුත් නොවේය .

      සාදරයෙන් පිලිගන්නවා මයියා මෙපැත්තට

      Delete
  35. පොඩි පොඩි හිල්වලිං රිංගලා ලියපං රැවුලයි කැඳයි දෙකම බේරගනිං

    ReplyDelete
    Replies
    1. ඔව් නලී අයියේ දැන් තියෙන එකම විකල්පය එක තමා , කිසිවක් නොකර ඉන්නවාට වඩා උපායශීලී වීම වටිනවා

      Delete
  36. ඇත්ත ලියනවද...මාකට් එකට ලියනවද.....මාර ප්‍රශ්නයක් නේද..?

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි ප්‍රශ්නේ ...අක්කේ

      Delete
  37. උඹ බය නැතුව ලියහන් කොල්ලෝ. කියන තරං වැන් සුදු නෑ.

    ReplyDelete
    Replies
    1. එකත් එහෙමද? එහෙනම් කමක් නෑ ! වැඩේ තියෙන්නේ ඕක ළඟටම එනකන් දන්නේ නැති එකනේ ..?

      Delete
  38. හත්තිලව්වේ කියපු හැටියට මන් බය උනා.ආයි බ්ලොග් ලියන නෑ වගේනේ කියල තියෙන්නේ...
    ඔව්වා ගණන් ගන්න එපා...දිගටම ලියපන් මචෝ...

    ReplyDelete
    Replies
    1. හැක හැක ..අනේ නෑ බං බ්ලෝග ලියනවා.

      Delete
  39. නවත්තන්න එපා. ඔයාට හිතෙනදේ ලියන්න....

    ReplyDelete
    Replies
    1. ඔව් එක තමයි එකම විදිහ. එත් එහෙම ලියපු අයට වෙච්ච දේ දන්නවනේ නේද?

      Delete
  40. විශිෂ්ටයි....! උත්ප්‍රාසය අවසාන පදයේ දි තවත් තීව්‍ර කරන්න තිබුණා.

    මං ආයේ "ලියන්නේ" නෑ .....................!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා සුමිත් අයියේ.... ඔන්න කියපු දේ කරා මටත් හිතෙනවා එකෙන් උත්ප්‍රාසය වැඩිවුනා කියලා ස්තිතියි උපදෙසට සුමිත් අයියේ

      Delete
  41. යකෝ පෝස්ට් එකකට ටයිට්ල් දාද්දි අනිත් මිනිස්සු ගැනත් පොඩ්ඩක් හිතපන්. බ්ලොග් රෝලෙ අනිත් සේරම කියවිල්ල පැත්තක දාල ආවෙ බොලා ලියන එක නතර කොලේ මොකද බලන්න. මදැයි.... හාට් පේශන්ට් කෙනෙක් උනානම් එහෙම.. ;)

    හැමදාමත් වගේ සුපිරි පද පේළිය පවුලූශෝ... කාලෙකින් පෝස්ට් එකක් ලියලා. පට්ට පට පට. අද කාලෙ බොහොමයක් මාධ්‍යවේදීන් ලියන්නෙ නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා බස්සියේ....අද ලියන්නෙත් නෑ ,මාධ්‍යවේදීනුත් නෑ, ඉන්නේ මාධ්‍ය කාරයෝ විතරයි.

      ටයිටල් එක සාර්ථකයි වගේ....බස්සි ඉතින් හාට් එක හොඳ පොරක් කියලා අපි දන්නවනේ

      Delete
  42. මං ඒත් බැලුවා මූට අමු කැවිලද කියලා.. කියෙව්වමනෙ තේරුනේ. දැන් කාලෙ වෙන්නෙම ඕකනෙ. ලියනව නෙවේ වෙන මොනවදනෙ දැං ඉන්න මාධ්‍යකාරයො කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හාහ් අමු කැවිලා තමයි බං. ඇත්ත සිඟිති දැන් ඉන්න මාධ්‍ය කාරයෝ ලියනවා නෙවෙයි මලවනවා. එත් එහෙම කරන්නේ නොකර බැරි කමටද නැත්තම් උවමනාවෙන්මද කියලා තමයි බලන්න ඕන

      Delete
  43. ඉවාන්ගේ නිසදැසෙන් කියවෙන දේ සම්පූර්ණ ඇත්ත. අද සමාජය ඇදෙන්නේ කුණු රසටමයි. මොන කරුමයක්ද දන්නෙ නෑ. සමාජෙ යහමගට ගන්න හදන එකා පිස්සා කියලයි හන්වඩු ගහන්නෙ. හැබැයි දවසක උන්ටම තේරේවි කාටද පිස්සු කියලා.
    අදයි ඉවාන්ගෙ බ්ලොග් එක හම්බඋනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් තරු සමාජය ඉල්ලන්නේ කුණු රසය, ඉන්න මාධ්‍ය කාරයෝ වැඩි දෙනෙකුත් දෙන්නෙම කුනුරසය. නමුත් හොඳ දෙයක් වටා රසිකයෝ එක වෙනවා කවුරු කොහොඅ කිව්වත්. ස්තුතියි තරු. දිගටම එන්න මේ පැත්තේ

      Delete
  44. මම ලිව්වා පූසි රයොට් ගැන
    උන් කිව්වා මම ස්ත්‍රීවාදියෙක් යැයි, උන් කිව්වා මම රාජ්‍ය විරෝධියෙකැයි
    මම ලිව්වා ප්‍රොෙටස්ට් ආර්ට් ගැන
    උං කිව්වා ලියාපිය ආර්ට් ගැන
    ර්‍පොෙටස්ට් නොමැතිව

    ReplyDelete
    Replies
    1. අන්න එක තමයි ජෙමෝ ඕනේ.. ලියාපිය ආර්ට් ගැන ප්‍රෝටෙස්ට් නැතුව

      Delete
  45. //මං ආයේ ලියන්නේ නෑ//
    මං ආවනේ. ආපහු ලියන්ට...හී හී...

    මොකෝ මේ මල් වැටෙන්නේ බ්ලොග් එකට ආපු ගමන්. කඩලා වැඩි උණු ඒවද? :D

    ReplyDelete
    Replies
    1. ඔයා ආව නිසා ඔන්න මම ආයේ ලියනවා .... හැබෑටම පොද්දී කොහෙද වහං වෙලා හිටියේ ....පැත්තම පාලුවෙලා තිබ්බේ...:D

      ඔයා එන ආරංචියට වැටෙන මල්වරුසා තමය ඉතිං

      Delete


  46. Here is my website; web site, ,

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]