මිත්තරයෝ ටික

Tuesday, December 3, 2013

පිලිස්තීනුවා


"රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා..............."

කව්ද මේ .....අලුත් ෆෝන් එකට සිම් එක දාපු ගමන්ම .........

මගේ හීනයක් වගේ තිබ්බ "ඇපල් 5S" ෆෝන් එක ගත්තට පස්සේ එන පලවෙනි ඇමතුමේ තිරයේ දිස්වෙන අංකය දිහා බලාගෙන මම කල්පනා කලා. 

දන්නේ නැති නම්බර් එකකින් එන කෝල් එක ඉසිසේල්ලාම ගන්න හොඳ නෑ. කවුද දන්නේ ලෙඩක්ද කියලා , පලවෙනි කෝල් එක එන්න ඕනේ සුබ ආරංචියක්.........

1 missed call from 07XXXXXXXX  කියලා තිරයේ සටහන් වුනාට පස්සේ මම ආයෙත් පත්තරේ බලන්න හදන්කොටයි දැක්කේ දිල් මගේ දිහා බලන් ඉන්නවා 

"මොකද දිල්" මගේ ප්‍රයිවට් සෙකට්‍රි, නම ඩිල්ශානි එත් මම හැමවෙලාවෙම කිව්වේ දිල් කියලා 

"අනේ මොකක්ද සර් ඔය රිංග් ටෝන් එක ......, 5S එකකට කවුද සර් සිංහල සෝන්ගස් දාන්නේ ......"

"ඇයි මොකද වෙන්නේ....?"

"මොකද වෙන්නේ කියන්නේ අනේ ......හරිම ගොඩේනේ .....දාන්නකො හොඳ එන්ග්ලිෂ් සෝන්ග් එකක් .."
"ඉන්න මම ඩවුන්ලෝඩ් කරපු හොඳ එන්ග්ලිෂ් සෝන්ග්ස් ටිකක් තියෙනවා සර්ට දෙන්නං"

ඔලුව වනපු මම ආයෙත් පත්තරේ බල බල හිටපු ලිපිය දිහාට ඇස් යොමු කළා ...
"ගමේ බයියෙක් වුනු රන්බණ්ඩා සෙනවිරත්න ....."......පිස්සු,    ගමේ බයියෙක් කිව්වනං මිනිහව ඔය තරම් පිළිගනියිද රටේ මිනිස්සු.....එත් ඉතිං ආටිස්ට්ලට නම් ගමේ පොරක් කිව්වම හෙන මාකට් එකකුත් හැදෙනවනේ ....පත්තර විකුණගන්න මොනාහරි ලියන්නත් එපැයි .

මට ආයෙත් මගේ අලුත්ම ඇපල් ෆෝන් එක දිහා බැලුනේ නිකම්ම........අනේ අනේ යකෝ බස් එක අල්ලන්නත් කිලෝමීටර් දෙකක් විතර පයින් දුවලා බස් එකේ එල්ලිලා ඉස්කෝලේ ගිය උඹ දැන් පාවිච්චි කරන්නේ ඇපල් ෆෝන් ආ ......


*******

"ඒයි මෙහෙ වරෙන් .....තෝ කොහෙද..."

"බදුල්ලේ ...."

"අම්මට හුඩු .....එයි මචන් මෙන්න මූ බදුල්ලේ කියන්නේ "

"ආ ඇත්තද .....පොඩ්ඩක් හිටපන් බලන්න ....." 

"මොකක්ද ඉස්කෝලේ..."

"බදුල්ල සෙන්ට්‍රල්"

"අප්පට බොල සෙන්ට්‍රල්  .....මීට පස්සේ කියපිය බදුලු මැදි මහා විදුහල කියලා ...හරිද ඇයි තොට සිංහල කතා කරන්න ලජ්ජද ....?"

"හා අයියේ..නෑ අයියේ ..."

"අයියේ ....යකෝ කියපිය ජෙෂ්ට උතුමා කියලා .....ගලවනවා කලිසම ඔලුවෙන් .....මොකද අඬන්නේ තෝ ගෑනියෙක්ද ...?

"බදුල්ලේ කොහෙද....?"

"ක ..ක ... කන්දකැටියේ ........!"

""කන්ද කැටියේ.........? කන්ද කැටිය කොහොමද උලමෝ බදුල්ලේ වුනේ ....ඒයි මේ බලපන් මෙයා බදුල්ලේ කන්ද කැටියේලු .....තෝ දන්නවද බෝල කන්ද කැටියට බදුල්ලේ ඉඳන් කිලෝමීටර් තිස් හතරක් තියෙනවා කියලා ....."

පරයෝ .....කොහේ ගියත් තමුන්ගේ ජාතකේ කියන්න ලජ්ජා වෙන්න එපා. තොපි වගේ එවුන් තමා අම්ම තාත්තාත් එක්ක අමතක කරලා ලංකාවේ සල්ලි වලින් ඉගෙනගෙන රට රටවල් වලට පැනලා කඹුරන්නේ ...'

රැවුලා එදා කියපු ටික මට ආපහු මතක්වුනේ ෆේස්බුක් එකේ ආපු රැවුලගේ රික්වෙස්ට් එක කන්ෆර්ම්  කරනකොට ...."රවින්ද්‍ර දෙනිපිටිය , සිඩ්නි ,ඕස්ට්‍රේලියා . ඒ ටික කියවනකොට නම් මට පොඩි හිනාවකුත් ගියා . කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි .

*******
අර missed call එක ආයෙමත්
"මොකාද මේ"
ඒ නොම්මරේම ආපහු කෝල් එකක් ගත්ත මං " හෙලෝ හූස් පීකිං දෙයා ..අයි හැඩ් ත්‍රී මිස් කෝල්ස් ෆ්‍රොම් දිස් නම්බර්"
"මේ අයියේ බම්බුව නෙවෙයි පුළුවන් නම් ඇවිත් තාත්තව බලලා යනවා දැන්වත්, තාත්තාට හොඳටම සනීප නෑ" මගේ ෆෝන් එකෙන් ගත්තම තමුසේ උස්සන්නේ නැති නිසයි වෙන නොම්ම්රෙකින් කතා කලේ. නැත්තං තව ටික දවසකින් එන්න වෙන්නේ තාත්තගේ මළගමට තමයි."
 කියපු මල්ලි ලයින් එක කට් කළා

"වයි රමිත ....ඔහ් සොරි සර්.."

"නෝ මයි dad ඉස් නොට් වෙල් ...නීඩ් ටු සී හිම් සූන් "

"එහෙනම් ඔයා හෙට ගිහින් එන්න වැඩි වැඩක් නැති දවස්ක්නේ මතක් ඇතුව හවස අර සිනමන් එකේ තියෙන කොක්ටේල් එකට එන්න ."

"කීයටද ?"

"හතට"

*******

වාහනේ තනියම ඩ්‍රයිව් කරගෙන යනකොට මට ගෙදර දැන් කොහොම ඇතිද කියලා හිතෙන්න වුනා. ඇඳුම් බෑග් එකත් එල්ලගෙන පයින් ගිය මම අද අලුත්ම වාහනෙකින් ගෙදර යනවා. කොල්ලෝ කුරුට්ටෝ වාහනේ පස්සේ දුවගෙන ඇවිත් මේක හූරයිද දන්නේ නෑ.

ජීවිතයක් වෙනස් වෙච්ච හැටි.

"උඹේ ජීවිතේ වෙනස් කරන්න මම දාපු දහිරියට උඹ නියම වටිනාකම දුන්න පුතේ "
අප්පච්චි එහෙම කිව්වේ මම කැම්පස් තේරුනා කියලා දැනගත්තු දවසේ . ඇත්තටම කැම්පස් ගමනෙන් මගේ ජීවිතේ කවුරුවත් නොහිතපු විදිහට වෙනස් වුනා.ශානිකා මට හම්බ වුනේ ඒ කැම්පස් ගමනෙන්...

ශානිකාගේ තාත්තා , ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්......සල්ලි තිබ්බට සතුට නෑ කියන කියමන සනාත කරන්න වගේ ශානිකා මානසික ආබාධයකින් පෙලුනා. ඒ වෙලාවට එයා කරන්නේ මොනවද කියලා එයාම දන්නේ නෑ , මේක අහුවුනේ දවසක් ලෙක්චර් එකක් යද්දී ඉස්සරහම පේලියේ හිටපු ශානිකා ,ප්‍රොෆෙසර් කරන කරන එක අනුකරණය කරන්න පටන්ගත්තු නිසා. මේකතාව ෆැකල්ටිය පුරාම පැතිරුනේ ලැව් ගින්නක් වගේ. ෆැකල්ටියේ හැම ඉයර් එකේම වගේ එවුන් ශානිකා දිහා බැලුවේ අමුතු සතෙක් දිහා බලනවා වගේ.

එදා තමයි මම ශානිකාගේ සියලු විස්තර දැනගත්තේ , ලස්සන කෙල්ලෙක් වෙච්ච ශානිකාගේ වටේ කැරකිච්ච එවුන් සුටුස් ගාලා වාෂ්ප වෙලා ගියේ ඒ සිද්ධියෙන් පස්සේ, 

නමුත් මේ සිද්ධියෙන් පස්සේ මට ශානිකා ගැන තිබ්බ උනන්දුව වැඩිවුනා.......
ශානිකා ...ශානිකා.....දැන් කවුරුවත් උඹට ට්‍රයි කරන්න එන්නේ නෑ....ශානිකාව මතක්වෙන හැම මොහොතකම මගේ හිත අමුතු හැගීමකින් පිරිලා යනවා වගේ මට දැනෙන්න ගත්තා , එත් ඒ ආදරය නෙවෙයි කියලා මම හොඳින්ම දැනගෙන හිටියා.

ශානිකාට මේ වෙච්ච ඇබැද්දිය මගේ වාසනාවට වෙච්ච දෙයක් හැටියටයි මම දැක්කේ...මේ සිද්ධියෙන් පස්සේ ශානිකා කැම්පස් එන එක අඩුවුනා ..ටික ටික අඩුවුණ ගමන සම්පූර්ණයෙන්ම නවතින තැනට වැඩ සිද්ධ වුනා.....ඒත් මම හැම සති අන්තයකම ශානිකාව බලන්න එයාලගේ ගෙදරට ගියා.
 මම එන එක ගැන මුලින්ම එයාගේ තාත්තයි අම්මයි ගොඩක් සතුටුවුණා...ශානිකා ආපහු කැම්පස් යවන්න එයාගේ අම්මලාට ලොකු උවමනාවක් තිබ්බත් මට ඒ වුවමනවතිබ්බේ නෑ, ඒ විශාල මන්දිරෙන් එලියට බහින හැම වෙලාවකම මට පෙනුනේ එකම හීනයයි.

*****

ෆයිනල් එග්සෑම් ඉවර වුනු දවසට පහුවදා උදේම මම නැගිට්ටේ මගේ අරමුණට යන පලවෙනි පියවර තියන්න ...

"ගුඩ් මෝනිං පුතා.."

"ගුඩ් මෝනිං අංකල්"

"අද උදේම ....?"

"ඔව් අංකල් .....

ඒ දෙබසින් පස්සේ තමයිමගේ ජීවන පෙරලිය ආරම්භ වුනේ......

උදේ ආහාරයෙන් පස්සේ කතාව ඇදිලා යන අතරේ .....

"අංකල්....."

"ඔව් පුතා "

"ඇත්තටම අංකල් මම ආවේ වැද්ගත් කාරණයකට, අදින් අපේ කැම්පස් ලයිෆ් එකත් ඉවරයිනේ"

"මොකක්ද?.....කියලා ඇහුවත්  මම කියන්න යන කාරණේ දැනටමත් තෙරුම්ගත්ත් බවක් ඒ ඇස දෙකේ තිබුනා

"මම කැමතියි ශානිකාව කසාද බඳින්න ..."

ඒක ඇහුවම මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ගැන මම හිතලාම තිබුනේ නෑ.

අංකල් ඇස්දෙක පියාගෙන කවිච්චියට හේත්තුවුනා.......

හද්දා පිටිසර ගමක ලියිට් එළියක් දැකලා නැති. හැතැප්ම ගණන් පයින් යන බඹ හත අටක් ගැඹුර ළිං වලින් වතුර ඇදලා බීපු ...... මේ ඉහල සමාජයේ අහුකොන් වල එල්ලෙන්න හිතන්නවත් බැරි මන් වගේ කොලුගටයෙකුගෙන් මෙහෙම යෝජනාවක් එන්න තරම් තමන් අසරණ වුනාද කියලා ඒ ලක්ෂපති ව්‍යාපාරිකයාට හිතෙන්න ඇති.

කඳුළු පුරවාගත්ත ඇස දෙක ඇරලා මගේ දිහා බලපු අංකල්....

"මට මේකට කමතිවෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ පුතා" කියලා එතනින් නැගිටලා ගියා......
එත් ශානිකාගේ අම්ම එතනම නැවතුනා
"අපි බලාපොරොත්තු වෙච්ච ලස්සන ලෝකය අපේ දුවට ගොඩ නගන්න බැරි බව අපි දැනගෙන හිටියා පුතා "

"එත් අපි නැති කාලෙක මේ දරුවට කෑම ටිකක් දෙන්න හරි කෙනෙක් ඉන්න ඕන කියලා අපි දන්නවා පුතා . අපි පුතාගෙන් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. මගේ කෙල්ලට අඩුවක් පාඩුවක් කරන්නේ නැතුව කන්න බොන්න අඳින්න ටික දෙන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ ." එහෙම කියපු අම්මත් අතින් කට තද කරන් කාමරේට දිව්වා.

මට පුදුම සතුටක් දැනුනේ...

එතැන් ඉඳන් අවුරුදු හතක් යනකොට ඒ හැම ව්‍යාපාරයක්ම දුවන්න පටන් ගත්තේ මට ඕන විදිහට ....ශානිකාගේ තාත්තගේ අභාවයත් එක්කම මම ඒ සියල්ලේ තනි අයිති කාරයා වුනා....තාත්තා සියලු දේ ශානිකාගේ නමට ලියලා තිබුනත් ශානිකාගේ මානසික තත්වය මත සියලු දේ පාලනය කිරීමේ බලය මට හිමි වුනේ නිතැතින්ම....ශානිකාගේ අම්මයි ශානිකයි එයාලගෙම ගෙදර කාමරේක කොටුවෙද්දී ,එයාලගෙම ගේ ඇතුලේ එයාල මගෙන් යැපෙන්නෝ බවට පත්වෙද්දී ශානිකාගේ අම්මා ඒ සේරම විඳගෙන ඉන්න හැටි මටම පුදුමයි.

******

පහුගිය කාලේ පුරාවටම මට බිරිඳකගෙන් වෙන්න ඕන යුතුකම් ඔක්කොම ඉටුකළේ ඩිල්ෂානි . හස්බන්ඩ් ගෙන් දික්කසාද වෙච්ච දිල් මගේ නොවන මගේම බිරිඳ වුනේ ශානිකා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න පිළිමයක් වගේ වෙන්නත් ගොඩක් කලින්...

මේ ගමනට එන්න කිව්වට දිල් අකමැති වුනේ

"අපෝ ඔයාලගේ මමියි ඩඩියි මාව දකින්න කැමතිවෙන එකක් නෑ " ලොකු දෙයක් හදිසියෙවත් එන්න ලාස්තිවුනානම් මං හද්ද අමාරුවේ.

මීගහකිව්ලෙන් කන්දකැටිය පාරට හැරෙව්වේ "ලෙක්සස් එකක් යන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ" කියලා මටම කියාගන්න ගමන්...එත් පුදුමෙකට වගේ ලේන් දෙකට හදපු කාපට් පාරේ අලුත්ම වාහන කීපයක්ම යනවා දැක්කම මට නොරිස්සුමක් ආවේ ඇයිද කියන එක මටම ප්‍රශ්නයක්. ඉඳහිට පහුවෙන ගමේ මිනිස්සු, කොල්ලෝ කුරුට්ටෝ වාහනේ දිහා නොබලා "අපිට ඕවා ලොකු නෑ" කියන්නා වගේ යන එක ගැන මට ඇතිවුනේ ඇත්තෙන්ම කේන්තියක්.

ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ මම ගෙදර ආවේම නෑ , ඉඳ හිට මල්ලි දෙන කෝල් එකක් හැරුනම මම ගමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා දැන් අවුරුදු හතක් වෙනවා නේද?

කොච්චර ගමට ආගන්තුක වුනත් අලුත් වෙලා වෙනස් වෙලා තියෙන ගමේ අනික් ගෙවල් අතරේ කිසිම වෙනසකට ලක් නොවුණු අපේ ගෙදර අඳුනගන්න මට නම් අමාරුවක් වුනේ නෑ.

*******

ගෙදරට හැරෙන දෙවැට ළඟ වාහනේ ටිකක් නවත්ත ගත්ත මම කල්පනාකරේ ගෙදර මිනිස්සුත් එක්ක කතාව පටන් ගන්නේ කොහොමද කියලා.
"වැඩිවෙලා ඉන්න බෑ වැඩ ගොඩගැහිලා කියලා "ඉක්මනට යන්න ඕන , ස්ටියරින් වීල් එකට අත තියෙනකොට ආයෙත් මතක් වුනේ බිස්කට් පෙට්ටියක් වත් ගෙනාවේ නෑ නේද කියලා...

"මෙන්න මයේ පුතාලට බූන්දි ගෙනාවා ....අපි ලොකු වෙනකම්ම් මල්ලිටයි මටයි බූන්දි අරන් එන එක තාත්තා කරපු දෙයක්...."

"උඹලයි තාත්තා උඹට හරි ආදරෙයි පුතේ .....උඹ පුංචි කාලේ දවසක් උඹව බඩ උඩ තියන් හුරතල් කරනකොට උඹ හුලිජ්ජ් කොලේ නැතයි ඒ මනුස්සයාගේ කටටම ...අනේ ඒ මනුස්සයා උඹ හුජ්ජ කොරලා ඉවර වෙනකම්ම කට අල්ලන් හිටියා හෙලෙව්වොත් දරුවට අමාරුවක් වෙයි කියලා"  අම්ම දවසක් මට කියපු ඒ කතාව මේ වෙලාවේම මතක් වුනේ ඇයි.?

"හරි ඉතින් දැන් ආපහු ගිහින් මොනවත් අරන් එන්න බෑනේ...අනික මෙච්චර වැඩ තියෙද්දී මම ආව එකම මදැයි .." කොහොම හරි සිතුවිලි සාධාරණීකරණය කරගත්ත මම ගේ දිහාවට වාහනේ හැරෙව්වා. මිදුලේ වාහනේ නවත්තනකොටම එලියට ඇවිත් බලපු මල්ලි මාව අඳුන ගත්තා .... වාහනෙන් බැහැපු මාව නොදැක්ක ගානට කමිසේ බොත්තම් පියවමින් මාව පහුකරගෙන ගියේ  "අම්මේ මං රන්ජිලයි දිහා යනවා " කියාගෙන .
"ඉරිසියාකාරයා "

"කවුද පොඩි පුතේ ආවේ " කියාගෙන පොල් අඩලයකුත් අතේ තියාගෙන ගෙයින් එලියට ආපු අම්මගේ අරුණු කට වහගන්න අම්මට සෑහෙන වෙලාවක් ගත වුනා...
 අන්තිමට අමාරුවෙන් කීප සරයක් උත්සාහ කරලා "ලොකුපුතේ " කියපු අම්මගේ ඇස දෙකෙන් කඳුළු කඩාවැටෙන්න ගත්තේ දුන්හිඳ ඇල්ලෙන් වගේ....

අම්මට වඳින්න ඕනේ කියලා හිත කිව්වට එකට මගේ කොන්ද නැමුණේ නැත්තේ ඇයි කියලා මම දන්නේ නෑ. මුළු පරිසරය පුරාම මට අමුතුම ආගන්තුක බවක් දැනෙන ගත්තේ ඒ අතරේදී. වාහනේ බොනට් එකට වැටුන අව්ව මගේ ඇස් දෙකට වැදිලා ඇස් නිලංකාර වෙන්න ගත්තා.

මම ගෙට ඇතුල්වුනේ උළුවස්සේ වදියි කියලා බයට වගේ ඔලුව නවාගෙන. ඒ යනකොට තාත්තා බිම වාඩිවෙලා සෙල්ලං කරත්තයක් ලණුවකින අදිනවා..

"තාත්තේ.."

"ඇයි ...කරත්තේනම් දෙනෙන් නෑ රජෝ....දැන් අපේ ලොක්කා ඉස්කෝලේ ඇරලා එනවත් ඇති. ලොකු කොල්ලා හරිම ආසයි මං හදන කරත්ත වල‍ට. ඌ ඉගෙන ගන්න රුසියා ,මේ සැරෙත් පන්තියේ පළවෙනියා වුනාම ඌට කරත්තයක් හදලා දෙන්න මම පොරොන්දු වෙලා තියෙන්නේ."

මට අම්මා දිහා බැලුනේ ඉබේම. අම්මගේ ඇස් වලින් සට සට ගාලා කඳුළු වැටෙනවා.
"පහුගිය කාලෙම තාත්තා උඹ ගෙදර එයි කියලා බලන් හිටියා මයේ පුතේ...උඹ එනකම් කියලා බලන් ඉඳලා ,කල්පනා කරලම දැන් තාත්තගේ සිහිය හොඳ නෑ පුතේ .....උඹට මේවයේ වසන්ට බෑ කියලා මට තේරෙනවා පුතේ ...උඹ නාවා කියලා අපේ අමනාපයක් නෑ මයේ පුතේ." මේ ටික කියන්න අම්මට සෑහෙන වෙලාවක් ගතවුනා, වචනයක් වචනයක් ගානේ උගුරේ හිරවුනා ...එත් මගේ ඇහෙන් කඳුලක් ආවේ නෑ..මට කිසිම හැගීමක් දැනුනේ නෑ....

මට මගේ අලුත් 5S ෆෝන් එක දිහා බැලුනේ ඉබේටම .... 1 unread message -- "darling don't forget ,the cocktail is on 7-00 o'colck -Dil "

"වැඩ ගොඩක් දාලා ආවේ අම්මේ මං යන්නොන"

135 comments:

  1. පොඩ්ඩක් ඉදින් මල්ල ...
    සතුටුයි..

    ReplyDelete
    Replies
    1. "ඇපල් S5"
      "ඇපල් 5 S " කොරහන් මල්ල.

      Delete
    2. නියමයි ...බං..
      පේනවා නේද සිහල කරුමයට හැදෙන දරුවෝ....
      ලිව්වට මල් පොකුරකින් ටොකු.....

      Delete
    3. තැනකුයි කෙන්ජයියේ ....ඔන්න එක හැදුවා.
      කෙන්ජයියගේ තුන්වෙනි තර්ජනය එන්න කලින් ලිව්වා. මේක ටික දවසක් ඉඳන් ලියන් යන එකක් ඉවර කරගන්න විදිහක් හිතාගන්න බැරුව හිටියේ

      Delete
  2. කතාවක් දුන්නැත්තං උල තියන්න හිටියේ..

    සල්ලි වලට යට වුණ ජීවිත...හැඟීම් දැනීම්, නෑදෑකම්,හිතවත්කම් මුකුත්ම නැති සල්ලි විතරක් ජීවිතේ කරගත්තු මිනිස්සුන්ගේ ජීවිත..හ්ම්ම්..

    නියමයි ඈ

    ReplyDelete
    Replies
    1. ඇයි මේකට පිලිස්තීනුවා කියලා නම දැම්මේ?

      Delete
    2. ඒක මටත් අහන්න හිතුනා ඒත් බොහොම තදින් හැඟීම්බරවුන නිසා ඒක අහන්න අමතක උනා...

      Delete
    3. තොපි හරස් ප්‍රෂ් අහල ඒක මෙහෙම හරි ලියන එක නවත්තන්නද හදන්නේ...?
      මෙකගෙන් ඊයේ ඉල්ලුව යමක් ලියපන් කියල .
      tq මල්ල ...

      Delete
    4. අප්පේ උල තියන්න...! සාලි වලට හැමදේම යටවෙලා රෙහානි අදකාලේ ..!

      Delete
    5. @ රෙහානි & සඳුන් අයියා - පිල්ස්තීනුවා කියන්නේ බයිබලයේ පරණ ගිවිසුමේ එන වචනයක්....එකෙක් තේරුම තමයි - අශිෂ්ටයා , අව රසිකයා එහෙමත් නැත්තම් සමාජය පිළිගත් සමුතීන් වලට හරයන් වලට ගරු නොකරන්නා කියන අදහස ....

      Delete
    6. @කෙන්ජි - කෙන්ජයියා තග දැම්මේ නැත්තම් මේක තව දවස් කීපයක්ම පරක්කුවෙනවා. හි හි

      Delete
  3. හැමදාමත් වගේ කතාව නං සුපිරි යි, ඉවාන් අයියේ. කතාව කියවගෙන යද්‍දී මට මෙහෙම දෙයක් හිතුනා. මේ කතා නායකයා ගම අමතක කරලා කොළඹ විදියට ඉන්න හදන ඉංග්‍රීසි තාලෙට කතාබහ කරන සල්ලිවලට කෑදර මනුස්සයෙක්නේ. ඒ වගේ කෙනෙක් අලු‍තින් ම ගත්ත ඇපල් ෆෝන් එකේ රින්ගින් ටෝන් එකට ගුත්‍තිලේ එන කවියක් දායි ද? එතන මට පොඩි නොගැළපීමක් දැනුණා. සමහර විට ඉංග්‍රීසි විදයට ඉන්න ගියාට ගමේ ගතිය මතු වෙනවා කියලා කියන්න දරපු උත්සාහයක් ද දන්නේ නෑ. හැබැයි මම හොඳින් අත්විඳපු කාරණයක් තමයි ඉංග්‍රීසි තාලෙට ඉන්න උත්සාහ කරන උදවිය පොඩි දේවල් ගැනත් හුඟක් සැලකිලිමත් වෙනවා. ඒ නොගැළපීම අමතක කරොත් කතාව මල් හත යි :D

    ReplyDelete
    Replies
    1. කොච්චර අමතක කරන්න , වලදානා හැදුවත් තමන්ගේ උපන් ගති අයින් කරන්න බෑ .... මමං හිතන්නේ ඉවාන් එක තමයි පෙන්නන්න හදලා තියෙන්නේ

      Delete
    2. මැලේ කියපු කතාව හරි ධාරා - අපි කොච්චර හංගන්න හදුවත් අපේ මුල් වහන්න බෑ. අපිටත් නොදනිම කොහෙන් හරි මතුවෙනවා. එකනේ සෙකට්‍රි කියනකම්ම මිනිහට එක නොගලපෙනවයි කියලා නොතෙරුනේ.

      Delete
  4. උඹ මාව ඇඬෙව්වා පව්ලූෂා මලේ. අනතිම හරිය මට පෙනුනේ බොඳ වෙලා. මොකද මගේ ඇස් දෙකම කඳුලින් පිරිලා තිබුනේ.
    මම ඒ පුතා වගේ නැතිව අම්මයි තාත්තයි ගැන හොයලා බැළුවත් මමත් ලංකාවෙන් පිනට ඉගෙන ගෙන මේ රටට කඹුරනවා නේද කියලා හිතුනා. මම මාසෙකට සැරයක් අම්මලාට සල්ලි ඇරියත් මම දැන් ලබන සැප සම්පත්ම අම්මලාට ලැබෙන්නේ නෑ නේද කියලා හිතුනා.
    අම්මා මම මෙහාට එනන පිත්වුන පළමු දවසේ ගුවන් තොටුපලේදී මගේ අත තදින් මිරිකලා අල්ල ගත්තු හැටි මගේ මතකයට ආවා......

    ReplyDelete
    Replies
    1. සඳුන් අයියේ ..අපි හැමෝම ඔහොමයි, ඔයා පිටරට මම ලංකාවේම කොළඹ ව්වෙනසකට තියෙන්නේ මම මාසෙකට සැරයක් අම්මලාව බලන්න යන එක විතරයි .එත් ජීවිත කළෙම හැදුව අම්ම තාත්තා බලන්න මාසෙකට සැරයක් ගිහින් ඇතිද? අපි අසරණවෙලා

      Delete
    2. ඒ කතාවට නම් කඳුලු එනවා අයියා.. සිරාවටම මම මේක කියවන්නේ ගෙදර යන ගමන්..ලංකාවෙ හිටියත් අද මම ගෙදර යන්නෙ නත්තල් නිවාඩුවට ගියාට පස්සෙ. අද පෙබරවාරි 1

      Delete
    3. අපි හැමෝම ඔහොම් තමයි මලයා ..වඩාත් එක්ක කාලය ගත වෙන එක අපිට දැනෙන්නේ නැතිවුනාට අම්මට තාත්තට ඒ කාලය ගතවෙන හැම දවසක්ම කල්පයක් වගේ දැනෙනවා මලේ.

      Delete
  5. " ඇයි ... කරත්තෙ නම් දෙන්නෙ නෑ රජෝ "

    අන්න එතන නං හිතට පොඩ්ඩක් අප්සට් ගියා මචං !!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් පත්තර මල්ලි මේ පැත්තට. ලියද්දි මටත් අප්සෙට් ගියා මචං

      Delete
  6. අම්මප මම එහෙම නම් ගහනව පෝන් එක එවෙලෙම පොලවේ

    ගොඩක් සංවේදියි කතාව ඉවාන්. රටේ අවාසනාව සහ මිනිස්සුන්ගෙ කරුමෙටද මන්ද මෙහෙම වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මනෝජ් මේ පැත්තට . මිනිස්සු අද දන්නේ නෑ තමුන් ජීවත් වීමේ අරමුනවත් එක තමයි වෙලා තියෙන්නේ, ඔහේ තරන්ගේ දුවනවා, කවදාවත් දිනුමක් නෑ

      Delete
  7. අරුට වගේ මේ වගේ කතා කියෙව්වම අපිට දැනෙනවා වැඩි බන් ... අපි මේ වගේ නොව්නත් දෙමව්පියන්ගේ හිත හැදෙන්න අත්දෙක අල්ලන් වචනයක් දෙකක් කියන්න විදියක් නැනේ...... කතාව පට්ට මචෝ

    ReplyDelete
    Replies
    1. ඔව් බන් උඹලා රට ,අපි මෙහෙ කොළඹ. එත් අපි ගෙවල්වල යන්නෙත් මාසෙකට සැරයක්. පොදුවේ අපි හැමෝම දෙමව්පියන්ට දෙන්න ඕනේ දේ දෙන්නේ නෑ මචං

      Delete
  8. රවින්ද්‍ර දෙනිපිටියට හිනා වෙන රමිත උඹත් නිරුවතින් ඉන්නේ බං සල්ලි කියන ඒ මහා පුදුම සාධකය ඉදිරියේ,
    මුල අමතක වුන්ට පැවත්මක් නැහැ.රමිත උඹේ නැග්මට වඩා වේගවත් වේවි උඹේ බැස්ම.එක නිසා පරිස්සමින්.

    උඩ රෙහානි ගේ ප්‍රශ්නේ මටත් ආවා බං.මොකෝ මේකට මේ නම දැම්මේ..?

    ReplyDelete
    Replies
    1. //කොල්ලෝ කුරුට්ටෝ වාහනේ දිහා නොබලා "අපිට ඕවා ලොකු නෑ" කියන්නා වගේ යන එක ගැන මට ඇතිවුනේ ඇත්තෙන්ම කේන්තියක්.//

      මෙන්න බං තවත් ඇත්තක්.හැමතිස්සෙම උඩින් යන්න හදන වුන් දන්නේ නැහැ සමාජයේ බහුතරයක් අය තමන්ව සතපහකට ගණන් නොගන්නා බව.ඒ වාගේ උඩින් යන වුන් ගාව දෙකට නැමෙන වුනුත් දෙකට නැමෙන්නේ තමන්ට කිසියම් වැඩක් කරගන්නට මිසක් වෙන හිතවත් කමකට නොවේ.

      Delete
    2. මෙන්න රෙහානිට දීපු උත්තරේම //"පිල්ස්තීනුවා කියන්නේ බයිබලයේ පරණ ගිවිසුමේ එන වචනයක්....එකෙක් තේරුම තමයි - අශිෂ්ටයා , අව රසිකයා එහෙමත් නැත්තම් සමාජය පිළිගත් සමුතීන් වලට හරයන් වලට ගරු නොකරන්නා කියන අදහස ...."//
      මම පස්සේ දැක්කේ සුමිත් අයියා පිළිතුර දීලා තියෙනවා පල්ලෙහා

      ගොඩක් වෙලාවට මිනිස්සු හිතන් ඉන්නවා තමුන්ගේ ලොකුකම් වලට සමාජය ගරු කරනවා, පුදුම වෙනවා කියලා.එත් උන් දන්නේ නෑ අද කාලේ කෞව්රුවත් කාවවත් ගණන් ගන්නේ නෑ කියලා . කොහොමත් මෙහෙම එවුන්ගේ නග්මට වඩා බැස්ම වේගවත් මනෝජ්

      Delete
  9. සංවේදී, ලස්සන, ඇහැට කදුලක් එකතු කරන කතාවක් ඉවාන්. මේ තරම් නපුරු නොවුනට අපේ අතිනුත් කොච්චර අපේ දෙමව්පියො තනි වෙනව ඇද්ද කියල හිතුන...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිඟිත්තෝ .... ඇත්තටම අපේ අතිනුත් මේ තරමටම නැතිවුනාට මෙහෙම වෙලා තියෙනවා

      Delete
  10. කොහෙන්ද බං මෙව්වා හිතට එන්නේ , මචං මේ කෙටි කතාටික පොතක් කරහං ,

    ReplyDelete
    Replies
    1. කොහෙන් හරි ආවාම ලියාගෙන ලියාගෙන යනවා මචං. පොතක් ගහන වැඩේ ගැනත් හිතන් වෙනවා ගොඩ දෙනෙක් කියන නිසාම

      Delete
    2. ඉක්මනටම හිතපන් පවුලූශා!!

      Delete
    3. ස්තුතියි අරූ .... ඒත් කාගේ හරි උදව්වෙන් මේවා තව මටසිලුටු කරලා ගන්න ඕන

      Delete
    4. පොතක පිටපතක් බුක් කරන ලදි -_-

      Delete
  11. සන්සාරෙ සන්සාරෙ.ජිවිතෙ විකුනපු කෙනෙක්ගෙන් දෙමව්පියන්ට මිටවඩා දෙයක් ලැබෙන්නෙ නැ

    ReplyDelete
    Replies
    1. දෙමවුපියන්ට විතරක් නෙවෙයි දමියෝ ඌට වත් උගෙන් කිසිම වැඩක් නෑ

      Delete
  12. ඔන්න තුශානිත් මේ පැත්තට ගොඩවුනා ...

    හරිම අපූරු කතාව .. ඒ වගේම සංවේදීයි ...

    ReplyDelete
    Replies
    1. වෙල්කම් තුශානි දිගටම එන්න.....බොහොම ස්තුතියි කතාව කියෙව්වාට

      Delete
  13. මචාන් . . . නියම කතාවක් ඉවාන්. . . මෙහෙම එකෙක් අපේ පවුලෙම ඉන්නවා.උබ කියා ‍තියන ලක්සන ටිකයි අඩු
    . . නියම කතාවක් ඉවාන්

    ReplyDelete
    Replies
    1. ටැංකුයි මගියෝ කොහොමත් ගොඩක් පවුල්වල මෙහෙම එවුන් එකෙක් දෙන්නෙක් ඉන්න්වාම තමයි.

      Delete
    2. හික්ස්..... අපේ නෑදෑ පවුලකත් සිටී එහෙම පොරක් සහ පොරියක්. :) උන්දෑලගෙ අම්මව බලාගන්නෙත් අපි නෑදෑ ලමයි ටික තමයි.

      Delete
  14. අද සමාජයට කෙලවෙලා තියෙන්නේ මේ වගේ මුල මතක නැති කාළකන්නි නිසා. උන්ගේ ජීවීත අවසාන වෙන්නේ ඔයිට වඩා කෲර විදියට. මම ඒවා මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. මම හිතන්නේ වෙන තැනකත් කොමෙන්ට් එකක මේ ගැන ලිව්වා. උන් මගේ හොඳම යාළුවෝ. ඒත් කාළකන්නි.

    ReplyDelete
    Replies
    1. අනිවා එකඟයි, අවසානය බොහොම දුක්බරයි මෙහෙම එවුන්ගේ. අපෙත් යාළුවො විතරක් නෙවෙයි මෙහෙම නාදෑයොත් අනන්ත ඉන්නවා.

      Delete
  15. මෙහෙම අය ඕනතරං ඉන්නවා. සති දෙකකට කලින් ඔයවගේ එකෙක්ගේ අම්මා නැතිවෙලා..මූ ගියේ නෑ. පාස්පෝර්ට් එක expired කියලා.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කැන්ඩියන් ,රට රස්සාවලට යන අයට නම් ඔයවගේ මිනිස්සු ගැන බොහොම අත්දැකීම් තියෙනවා, ඒ වෙලාවට හිතෙනවා මේ මිනිස්සුද කියලා

      Delete
  16. මට මතක්වුණේ මේක විතරයි එකපාරටම

    උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
    කවදා දූ පුතුන් ඒදැයි අසාගෙන
    වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
    මං ඉන්නවා නෙත කඳුළැලි දරාගෙන

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක , මේ කතාවටම ගැලපෙන පැදි පෙළ. අම්මට තාත්තට වටින්නේ දරුවෝ මිසක් සල්ලි නෙවෙයි

      Delete
  17. ඉවාන් අංකල් ......මෙහෙම මිනිස්සු හෘද සාක්ෂියට හොර කරලා ජිවත් වෙන්නේ කොහොමද? කියලා හිතා ගන්න බෑ,මට නම් හිනෙන්වත් ඔහොම නපුරු වෙන්ට බෑ.......සල්ලි වලට ආත්මෙම විකුණන ඔය වගේ කාලකණ්නි මිනිස්සුන්ට කවදාවත් හරි යන්නේ නෑ, :0

    ReplyDelete
    Replies
    1. හා හා ශානු ආන්ටි.... මිනිස්සු මෙහෙම ජීවත් වෙන්නේ හිතින් විඳව විඳව තමයි. එත් එක එලියට දාන්නේ නෑ. අවසානේ බොහොම දුක්බර වෙනවා මෙහෙම මිනිස්සුන්ගේ.

      Delete
  18. සිතන්නට ඇති හැම පැත්තක්ම ස්පර්ශ කරමින් නිර්මාණය කළ අගනාම නිර්මාණයක් ඉවාන්. බොහෝ දෙනකුට අත හැරෙන තැන් පවා නුඹ මනාව ස්පර්ශ කොට තියනවා. ඇතැම් කමෙන්ට් වල විමසලා තියෙන්නෙත් ඒ සියුම් තැන්ම තමා. දෙවරක් හිතුවොත් ඒ ගැන වැටහේවි. මේ එවන් තැන් දෙක තුනක් පමණයි
    /රැවුලා එදා කියපු ටික මට ආපහු මතක්වුනේ ෆේස්බුක් එකේ ආපු රැවුලගේ රික්වෙස්ට් එක කන්ෆර්ම් කරනකොට .../

    // කන්දකැටිය පාරට හැරෙව්වේ "ලෙක්සස් එකක් යන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ" කියලා මටම කියාගන්න ගමන්...එත් පුදුමෙකට වගේ ලේන් දෙකට හදපු කාපට් පාරේ අලුත්ම වාහන කීපයක්ම යනවා දැක්කම මට නොරිස්සුමක් ආවේ //

    /// වාහනේ බොනට් එකට වැටුන අව්ව මගේ ඇස් දෙකට වැදිලා ඇස් නිලංකාර වෙන්න ගත්තා///

    මෙවන් සුපිරි නිර්මාණයක් කරන්නට මනා පරිකල්පන ශක්තියක් හා බොහෝ අද්දැකීම් තිබිය යුතුමයි. ඒ සියල්ලෙන්ම ඔබ පිරිපුන්. අති සාර්ථක නිර්මාණයක් ඉවාන්.

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා නලින් අයියේ...නලින් අයියා හොඳම අවධානයෙන් කතාව කියවා තියෙන හැඩයි. ඔයාගේ දහසක් වැඩ අතර මේක කියවලා දිගම කොමෙන්ටුවක් දාන්න වෙලාව වෙන් කරගැනීම ගැන සතුටුයි. නැවතත් ස්තුතියි ඔබේ දිරිගැන්වීමට

      Delete
  19. පුදුමාකාර ජීවිත.. පුදුමාකාර චරිත...
    පුදුමාකාර නිර්මාණශීලී හැකියාවක් :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මානවිකාවී මේ පැත්තට. මිනිස් ජීවිත් බොහෝ විට පුදුමාකාරයි ,එත් මේ තරම් කෲර වීම අනුමත කරන්න ට බැහැ.

      Delete
  20. ටික දවසකට පස්සේ තමයි අයියාගේ කතාවක් දැක්කේ. නියමයි අයියේ, සැරටම වැදුණා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුමා. දෙන්නට උත්සාහ කල පණිවිඩය වටහා ගත්තා නම් මට සතුටුයි.

      Delete
  21. මේ වගේ පුතාලා ගැන කියන්න වචන නෑ බන්..හැබෑටම මෙහෙම උනුත් ඉන්නවනෙ මේ ලෝකෙ....මේ වගේ උන්ට දෙමාපියන්ට නොසැලකීමේ දුක දැනෙන්නෙ ඒ අය වියෝ උනාට පස්සෙ....ඒ වෙද්දි ඉතිං හොදටම පරක්කුයි...

    වෙනදා වගේම සාර්ථක නිර්මාණයක්..ජය වේවා !

    ReplyDelete
    Replies
    1. මෙහෙම එවුන් සෑහෙන්න ඉන්නවා සිරෝ මේ ලෝකේ, අපි අතරේ. උන්ට සත්‍යය වැටහෙන කොට පෙරහැර ගිහිං. එතකොට සදාකල්ම විඳවන්නට තමයි වෙන්නේ

      Delete
  22. මේ කතාව මනරම් කෙටි කතාවක්. මම දන්නා චරිත කිහිපයක් ඉන්නවා උඹේ කතාවේ තැනින් තැනට පුරුද්දා ගන්න පුළුවන්.
    එතකොට මොකක්ද බන් පිලිස්තිනුවා කියන වචනේ තේරුම

    ReplyDelete
    Replies
    1. පිලිස්තීන කියන්නෙ අවරසික/රසහීන/ පොදුවේ සමාජය යහපත්යැයි පිළිගන්නා දේ ගරුනොකරන්නා.

      Delete
    2. එහෙමද සුමිත tq ...
      මම හිතුව මේකට අකුරු ටැපලිලා කියල.

      Delete
    3. @ තිලකේ- අනිවාර්යයෙන් හැම කෙනෙකුටම මෙහෙම පුද්ගලයෙක් ගැන අත්දැකීමක් තියෙන තරමටම මේක සුලබ වෙලා අද ..ස්තිත්යි තිලකසිත

      Delete
    4. @ තිලකේ & කෙන්ජි - මම හිතන්නේ පිළිතුර ලැබුනා සුමිත් අයියා කියලා තියෙන දේ හරි. පොදුවේ අශිෂ්ටයා

      Delete
  23. ඕක තමයි අපේ උන්ගේ හැටි! මුල අමතක කරන්න හරි දක්ෂයි!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අපේ ජාතියට පොදු තත්වයක් නාඩියෝ ..ස්තුතියි

      Delete
  24. කතාවේ සාර්ථකත්වය කියන්න වචන නැහැ.

    ReplyDelete
  25. හොඳ නිර්මාණයක්...! හැබැයි තවදුරටත් මේ කතාව සංස්කරණය කරන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි සුමිත් අයියේ.. සංස්කරණය කරන්න තිබුණු බව නම් ආපහු කියවනකොට මටත් හිතෙනවා. එත් ඒ වෙලාවේ මීට වඩා දෙයක් තේරුනේ නෑ .

      Delete
  26. මල්ලි මේ උඹ ලියන ලියවිල්ලට මම පට්ට ලයික් බං.
    ඉදල හිටලවත් බොලාගේ කතාවක් කියෙව්වෙ නැත්නම් දවසෙ ගානේ XX වෙ නැහැ වගේ.
    මේ කතාවත් කියවල ඉහල රසයක් ලැබුවා මල්ල.

    ReplyDelete
    Replies
    1. බොහොම ටැංකුයි කෙන්ජයියේ ... දවස ගානේ XXවේ නෑ වගේ ..? හපොයි දෙයියනේ .... ස්තුතියි කෙන්ජයියා නැවත පිරිසිදු සිංහලෙන් කියන්න පෙර තමයි කතාව දැම්මේ

      Delete
  27. මේ මං හොඳින් දැකපු දෙයක්.. අපි අතරේ බොහොමයි මේ වගෙ මිනිස්සු. අර එකෙක් ඔස්ට්‍රේලියාවෙ ඉඳල ගෙදර ගිහින් ලමයි එක්ක නැවතුනේ හෝටලේ.. අම්ම තාත්ත ඉන්න ගෙදර එයාර් කන්ඩිශන් නෑ කියල,

    ReplyDelete
    Replies
    1. ඔව් සරත් අයියේ , ඒ වගේ කතා බොහොමයක් තියෙනවා , ඒ වගේ සිද්ධි පත්තරේක තිබිලා කියෙව්වත් අද කතාවක් කියවනවා වගේ කියවලා නිකන් ඉන්නව ඇරෙන්න ,ඒවාට මිනිස්සු සංවේදී නැතිවෙලා. අද අම්ම තාත්තා සමහරුන්ට ලැජ්ජාවක් වෙන කාරණයක් වෙලා

      Delete
  28. අර වාත කාලේ සීන් එක මතක් වෙනකොට අපෙත් ඒ දවස්වල උන්නා මම දන්න කියන ජේශ්ඨ උත්තමයෙක්... නිලතල තානාන්තර දරපු කෙනෙක්.. උන්දෑ අපට ඉන්නකන්ම කිව්වේ ඉගෙනගෙන රටට වැඩක් කරන්න පුරුදු වෙයං කවදාහරි මේ රට දාලා යන්න එපා කියලා..

    ඒක කියලා ඕන් නං අවුරුදු 3ක් යන්න ඇති.. මෙන්න මුන්දෑ පවුල් පිටින්ම ඕස්ට්‍රේලියා ගිහින් !

    ReplyDelete
    Replies
    1. ඔහොම අපිට කියපු ගොඩක් එවුන් අන්තිමේදී නැවතිච්ච තැනක් තමයි ඒක. එක්කෝ පිටරටක් නැත්තම් NGO එකක. ජීවත් වෙන්න සල්ලි ඕන වුනාම අර හැමදේම අමතක් වෙනතනට වැටිලා

      Delete
  29. මචං.... කතාව සංවේදියි... ඒත් මට බැලන්ස් නැති ගතියක් දැනෙනවා. මේ එතරම් නැවුම් නොවන මාතෘකාවක උණත් උඹ නැවුම් සලකුණු තියලා තියනවා, රින්ග් ටෝන් එක, තාත්තා කරත්තෙත් එක්ක සෙල්ලම් කිරීම වගේ. නමුත් මචං මේ පුද්ගලයාගේ හැසිරීම ටිකක් "කළු" වැඩියි කියලා හිතෙනවා. මේක මීට වඩා බැලන්ස් කතාවක් වෙන්න කීප සැරයක්ම උත්සහ දරලා තියනවා.. ඒත් ඒවා ඩිවලොප් වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර ,මේ චරිතය කළු වැඩියි කියන එක මමත් පිලිගන්නවා .එත් මීටත් වඩා කළු චරිත අපි අතරේ ඉන්නවා නේද? බැලන්ස් නැති එක ගැන මම ආයෙත් හිතලා බලන්න ඕන.. එත් උඹ කියපු ඩිවලොප් නොවුණු තැනක් දෙකක් කිව්වනම් මට තව ටිකක් ගැඹුරින් බලන්න තිබ්බා .

      Delete
    2. මට පස්සෙ කොමෙන්ට් කියෙව්වහම හිතුනේ, කෙන්ජිගේ තර්ජනය නිසා කලබලෙන් ලිව්වද ලියන එක.. :)

      දැන් මචං අපේ කතානායකයට අතීතය අමතක නැහැ... ඒ වගේම ඒ අතීතයට පොඩි බැඳීමකුත් තියනවා... එහෙම එකෙක්, අවුරුදු 7 තිස්සේ ගෙදර නොයාම වගේම, මල්ලිගේ කෝල් එක නිසා මෙහෙම හදිස්සියේ ගෙදර යාමත්, කතාවෙදි සාධාරණීකරණය වෙන්නේ නෑ මට හිතෙන හැටියට. දේපොළ මුදල් තණ්හාව තිබුණා වුණත්, කැම්පස් අවුට් වෙච්ච ගමන්ම ව්‍යාපරික හිමිකම් ලැබුණු කෙනෙක්, තමන්ගේ අම්මට තාත්තට නොසලකා හිටියේ ඇයි කියන ප්‍රශ්නය මතුවෙනවා.. විශේෂයෙන් තාත්තා අසනීපෙන් බව දැනගත්තහම, තාත්තව ඉක්මනටම බලන්න යන පුතෙක්. මෙන්න මේ වගේ තැන් මීට වඩා විශ්වාසනීය විදිහට ගොඩ නැගුණා නම්... මීට වඩා සාර්ථකයි.

      Delete
    3. "අවුරුදු 7 තිස්සේ ගෙදර නොයාම වගේම, මල්ලිගේ කෝල් එක නිසා මෙහෙම හදිස්සියේ ගෙදර යාමත්" එතැන් පොඩි නොගැලපීමක් තිබුනා කියන එකනම් හරි තිසර ,මම ඕක මගහරවා ගන්න සෑහෙන කල්පනා කළා ,අන්තිමේදී අතරලා දැම්මා මොකද එකට මට දිග කොටසක් එකතු කරන්න වෙන නිසා ,එහෙම වුනානම් කතාව ටිකක් දිග වැඩි වෙනවා.

      දෙවැනි කාරණදී මට කියන්න ඕන වුනේ මිනිහා සරසවි කාලේදී දැකපු විඳපු අත්දැකීම් එක්ක මිනිහට ඕන වුනේ ඉක්මනින් පොහොසත් වෙන්න මිසක්, අම්මට තාත්තට සලකන්න නෙවෙයි කියන එක. එතනදී එක තව ටිකක විස්ටර කරන්න තිබුනානම් හොඳයි තමයි.

      බොහොම ස්තුතියි තිසර ....මෙහෙම අඩුපාඩු පෙන්වාදීම මම ලබන ජයක්. විවිධ පාඨකයෝ විවිධ කෝණ ඔස්සේ හිතන විදිහ දැනගැනීම තුලින් ඊළඟ නිර්මාණය සාර්ථක කරගන්නට (මීටවඩා) හැකිවන බව මගෙත් විශ්වාසයයි.

      Delete
    4. තිසර අයියා බොහොම හොද විචාරකයෙක් :)

      මම කියන්න ආව දේත් මෙතනම කියන්නම්.. මේ මාතෘකාව හරිම සුලබයි.. දියුනුව සමඟ මුල අමතකවීම කියන එක.. ඒත් මේ කතාව රසවිදින්න පුලුවන්.. ඒ ඇතුලෙ තියන කතාව නැවුම්..තිසර අයියගෙන් උපුටාගන්නවනම්
      //මේ එතරම් නැවුම් නොවන මාතෘකාවක උණත් උඹ නැවුම් සලකුණු තියලා තියනවා//

      මම කියන්න ආවෙ ඒක. ඒත් මේ කමෙන්ට් එක දැක්කම හිතෙනවා අපි ලියනකොට අපි නොදකින අඩුපාඩු මොනතරම් නම් තියනවද කියලා..

      මොන දේ උනත් කතාව රසවිදින්න නම් මට කිසිම බාදාවක් උනෙ නෑ ඉවාන්... හැමදාම වගේ උබෙ කතා කියන්න මම හරිම ආසයි

      Delete
    5. ස්තුතියි සමියෝ, ඇත්තටම මං පිළිගන්න දෙයක් තමයි කොච්චර සාර්ථකයි කියලා අපි හිතාගෙන හිටියත් ,හැම නිර්මානයකම අපි නොදකින අඩුපාඩු ගොඩක් හැංගිලා තියෙනවා කියන එක. එක උලුප්පලා පෙන්නන්න පුළුවන් නම් එතනින් එහාට ඒක හදාගන්න ලේසියි. කොහොම වුනත් රසවින්දානම් මම ඒ ගැන ගොඩක් සතුටුයි.

      Delete
  30. අපූරු යි. සිදුවීම් ඔක්කොම අපට හිතන්න්න දෙයක් ඉතිරි කරලා. මේකෙ දෙවෙනි කතාවට මම වඩාත් කැමති යි. //රවින්ද්‍ර දෙනිපිටිය , සිඩ්නි ,ඕස්ට්‍රේලියා . ඒ ටික කියවනකොට නම් මට පොඩි හිනාවකුත් ගියා . කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි .// මේ වගේ දේවල් මමත් දැකල තියන නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි..ඒවගේ දේවල් අනන්ත අපිට අහන්න දකින්න ලැබෙනවා. මොකද අපිට හම්බවෙන අපි පරමාදර්ශී චරිත හැටියට තෝරාගන්න බොහෝ දෙනෙක්ගේ ඇතුලාන්තය ඔහොම තමයි.

      Delete
  31. මම ඇත්තටම කඳුළු පුරවාගෙන මේ කතාව කියවලා ඉවර කලේ. විශේෂයෙන්ම මෙන්න මේ කෑල්ල
    //ලොකු කොල්ලා හරිම ආසයි මං හදන කරත්ත වල‍ට. ඌ ඉගෙන ගන්න රුසියා ,මේ සැරෙත් පන්තියේ පළවෙනියා වුනාම ඌට කරත්තයක් හදලා දෙන්න මම පොරොන්දු වෙලා තියෙන්නේ//

    අද අපි පියවරුන් වෙලා අපේ දරුවන් වෙනුවෙන් දුක් වෙනකොට, අපේ දෙමව්පියන් කොයි තරම් දුක් වින්දද කියලා හිතෙනවා. අන්න ඒ තැන් මේ නිර්මාණයෙන් හොඳට එලියට අරං තියෙනවා. කියලා වැඩක් නෑ. කාලෙකින් කියවපු හොඳම කතාවක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් පව් ඒ තාත්තා මූට ඒක අහලවත් හිත වුනු උනේ නැහැනේ

      Delete
    2. @ සුදීක - අපිට මතක් නෑ අපේ දෙමව්පියෝ අපි පුංචි කාලේ කොච්චර දුක් වින්දද කියලා. එත් අපිට ඒගැන හිතාගන්න පුළුවන්. අම්මලා තාත්තලා අපෙන් සුර සැප බලාපොරොත්තු වෙන්නේ නෑ .පුළුවන් හැම වෙලේකම ලඟින් ඉන්න කතාබහ කරන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ .

      සුදීකට ස්තුතියි. සංවේදී කොමෙන්ටුවක් , අගය කිරීමට නවතත් ස්තුතියි මිත්‍රයා

      Delete
    3. @ ඔමායා - ඔහොම ගල් හිත තියෙන එවුන් ඉන්නවා ඔමා

      Delete
  32. // මගේ අලුත් S5 ෆෝන්//
    5S

    ReplyDelete
    Replies
    1. මම එක හැදුවනේ..? තව තැනක තියේද කියලා ආයෙත් කියවලා බැලුවා අහුවුනේ නම් නෑ.

      Delete
  33. ඔන්න එහෙනම් ගොඩවෙලා කියෙව්වා..ගොඩක් සංවේදියි..කතාවෙ අවසානය තවටිකක් වෙනස් උනානම් මොකෝ..

    ReplyDelete
    Replies
    1. රජ වීඩිය මේපත්තට හැරෙව්වාට ස්තුතියි. මොන විදහට වෙනස් වුනොත් වගේද? පොඩි අදහසක් දෙන්න බලන්න

      Delete
  34. සුබ පැතුම් ඉවාන් ,, චරිතය තුල විශාල රළු ගතියක් තියෙනවා ,නමුත් ඒ වගේ චරිත අපි නොදන්නවට ඇති

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔමා, චරිතය රළු වැඩියි තමයි, එත් දෙන්න ඕන පණිවිඩය කට්ටිය අතරට ගියා කියලා හිතනවා.

      Delete
  35. තාත්තා ඉන්න විදිය කියවපුවම පපුව පිච්චිලා ගියා බං,ප්ලොට් එක ටිකක් පරණ වුනාට හැමදාම වගේ අදත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මගේ ඒකායන අරමුණ වන්නේ කවදා හෝ දවසක හලපයියා අසා නැති ප්ලොට් එකක් හොයාගැනීමයි. හැබැයි ටිකක් වෙලායයි නේද? :D

      ස්තුතියි හැලපයියේ.

      Delete
  36. කතා තේමාව ටිකක් විතර සුලභයි. නමුත් අවුලක් නෑ. උඹ පොල්පිත්තෙන් වැඩ ගන්න බුවා නෙව. මෑන්ගෙ ඔලුව වැඩකරන විදිය පෙන්වන්න දාපු රින්ග් ටෝන් එක තමයි මටත් හොඳටම වැදුනෙ. අනිත් තැන රැවුලාගේ මතකය

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා රාජ් , රමිතලා ,රවුලාලා අපි අතරම ඉන්නවා, මේකේ රමිත ටිකක වැඩිපුර කළු කලේ හිතාමතාම තමයි.

      Delete
  37. කතාව ලස්සනයි. ඒත් කියවපුවාම දැනුනේ ලොකු දුකක් හා කළකිරීමක්. ඔයා ගැන නෙමේ හොඳේ. මිනිස්සු ගැන. ඒත් එක අතකට කලු, සුදු චරිත හොයන්ට බැරි හන්දා අලුපාටත් තියෙනවා කියලා හිත හදා ගත්තා.

    ReplyDelete
    Replies
    1. හප්පේ එහෙනම් කමක්නෑ මම බැලුවා මං ගැන කලකිරිලාවත්ද කියලා ...පොඩ්ඩි හරි කළු මිනිස්සු ඉන්නවා, තනි සුදු මිනිස්සු ලෝකේ කොහෙවත් නෑ. අළුපාට අය ඉන්නවා කියලා හිතලා තමයි හිත හදාගන්න වෙන්නේ

      Delete
  38. රාජ් කියන්න වගේ ටිකක් සුලභයි..මාතෘකාව..හැබැයි උඹේ කථා කලාවට..නිර්මාණ වලට...මම කවදත් කැමතියි...^මමත් පට්ට කළු චරිතයක් හදල ලිව්ව කතා කෑල්ලක්..ඊයෙ පෙරේදා....&

    ReplyDelete
    Replies
    1. උඹට රිප්ලයි දාන්න කලින් උඹේ කතාව කියවලා ආවා. බොහොම ස්තුතියි කළු ජෙමෝ.

      Delete
  39. ඉතාමත් කාලෝචිත කතාවක්. මේ වගේ අවජාතකයෝ ඕන තරම් දැන් මේ සමාජයේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු .. සමාජයේ වැඩිපුර ඉන්නේ මේ වගේ උන් තමා. කෝ නවකතාව තාම නැද්ද?

      Delete
    2. පොත ප්රෙස් එකෙන් පිටවෙන තුරු ඉවසීමෙන් බලාගෙන ඉන්නවා.

      Delete
    3. එහෙනම් වැඩේ ලඟයි වගේ ,දිනේ කියන්න හැමෝටම

      Delete
  40. මේ පිලිස්තීනුවන්ගේ ලෝකය සහ කාලය බව පෙනේ...මුං වැපුරූවිට නෙලන්නේද මුංමය. රසවත් ලෙස ලියා තියෙනවා.....උඹ ගාව හොඳ කෙටිකතා එකතුවක් ඇතැයි හිතනවා.....පිලිස්තීනු අදහස් ඔඩු දුවන්න පෙර ඕවා ලියා පලකරපන්...නැත්නම් ඉදිරියේදී කියවන එවුන් නැතිවෙලා යයි.

    ReplyDelete
    Replies
    1. අරූ මිත්‍රයාඔබේ කතාව ඇත්ත. සමාජය එන්න එන්නම පිලිස්තීනුවන්ගෙන් පිරෙන බව පෙනී යනවා , පල කරන්න කලින් මේවා යම් සංස්කරණයකට ලක් කරගන්න ඕන , මං හිතන්නේ අපේ බ්ලොග් පාඨකයෝම ඉන්නවා ඒ සඳහා උදව් ලබා ගත හැකි

      Delete
  41. උපරිමයි මචං,
    (කාලෙකට පස්සේ බ්ලොග් කියවන්න ආවේ ..පරණ ඒවා ඔක්කොම කියවන්න ඕනේ ..)

    ReplyDelete
    Replies
    1. තැනකුයි චමියෝ , කොහෙද ගිහින් හිටියේ, අපි බැලුවා මොකද අතුරුදහන් කියලා .

      Delete
  42. "Ranbanda" ponn #%^&&^* kar $^&*^%$#*. Uba maha Ballek yako...
    Sorry Iwan mata hamdamat amtaka wenawa meka katawak kiyala.

    ReplyDelete
    Replies
    1. අඩේ මෙන්ඩියා ...උඹ මෙහෙම බලලා මේවගේ කොමෙන්ට් කරන එක සතුටක් මචෝ. තාම හොඳටම බිසී වගේ ..?

      Delete
  43. මේ වගේ සැබෑ චරිත අද කොයි තරම් ඉන්නවද? හැමෝම තමන් ගැන විතරක් හිතන්න එම සමාජ ක්‍රමයම පුරුදු කරවලා කියලයි මට හිතෙන්නේ. ඔය තරමටම නැතත් සෑහෙන තරමේ කතා ඇහිලා දැකලා තියෙනවා මේ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බූරු බබෝ අද සමාජ ක්‍රමයට අනුව හැමෝම තමන් ගැන විතරයි හිතන්නේ , සමහර අයට එකෙන් මිදෙන්න ඕන වුනත් එක කරගන්න බැරිවෙලා. මේ කතාව අද හරිම සුලබ දෙයක් හැම සමාජ ස්ථරයකම

      Delete
  44. ඇත්තට වෙන දෙයක් ලස්සනට ලියලා එහෙනම් අපිත් දිගටම ගොඩ වදිනවා ;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ෂගියා , සාදරයෙන් පිලිගන්නවා. කෝ බන් ස්කූබි , ඌවත් එක්කන් වරෙන්

      Delete
  45. ඉවාන්,

    constructive criticism කියන දේ ගැන අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනෙ උඹට.

    දිල්ගෙ ආමන්ත්‍රණය සර් වෙලා පස්සෙ ඩාර්ලින් වෙන, රින්ග් ටෝන් එක "ගුත්තිලයෙ සින්දු" දාන ( අද කාලෙ විජමු වත් නොකරන වැඩක් ඒක ) විදියෙ අභව්‍ය කෑලි ටික අයින් කරල භාෂාව තව ටිකක් කපල කොටල ගනින් පොතකට ගන්නවනං. අර ගමේ නොගිය එක පරණ ඇත්ත සීන් එකක් උනත් ( මගේ පියා - ඇත්තටම ඔහු adoptive farther & i'm a lucky man to have four parents - එහෙම කෙනෙක්. 55 දි ගමෙන් ඇවිත් සල්ලි කාරයෙක් වෙලා ගමට ගියෙ 83 දි. එතකල් ලියුමකින්වත් ගම එක්ක ගණුදෙනු කරල තිබ්බෙ නෑ. අනික ඒ ගමනත් අහම්බයක්) තාක්ෂනේ දියුණු මේ කාලෙ එහෙම දුරස් වෙලා ඉන්න තියෙන අවස්ථාව ( අරෝවක් උනේ නැත්තන් ) අන්තිම අඩුයි. ඒ නිසා කතාව හැඟීම් බර කරන අතරෙ අසාමාන්‍ය සිදුවීම අයින්කරහන්. එතකොට රස වින්ඳින්න පහසුයි.

    ReplyDelete
    Replies
    1. ඉන්දික - constructive criticism ගැන උඹ කියපු දේ හරි. මම මෙතන රමිත කියන පුද්ගලයාව ඕන කමින්ම කළු චරිතයක් කළා, ඒත් මීටත් වඩා කළු චරිත අපි අතර ඉන්න බව පත්තරයක් බැලුවත් තේරෙනවා.

      රිංග් ටෝන් එක මේකේ භාවිතා වුනු සංකේතයක් ,කෙනෙක් තමන්ගේ මුල වසන් කරන්න හැදුවට එක අපි නොදැනුවත්වම උඩට එනවා කියන දේ පෙන්නන්න. අනික මිනිහෙක් හැම දේම කරන්නේ බුද්ධියෙන් නෙවෙයි ගොඩක් වෙලාවට හැගීම් වලින්.

      මෙතනින් එහා ටික ගැන කියනවනම් මට හිතෙන්නේ උඹ අවිවෙකී කම නිසා සමහරවිට උඩින් පල්ලෙන් කතාව කියවලා කොමෙන්ට් කරපු බවක් වගේ. මොකද
      1. //"දිල්ගෙ ආමන්ත්‍රණය සර් වෙලා පස්සෙ ඩාර්ලින් වෙන"// මේක කතාවේ කීප තැනකම පැහැදිලි වෙනවා
      //"අනේ මොකක්ද සර් ඔය රිංග් ටෝන් එක"//, //"වයි රමිත ....ඔහ් සොරි සර්.."//, //පහුගිය කාලේ පුරාවටම මට බිරිඳකගෙන් වෙන්න ඕන යුතුකම් ඔක්කොම ඉටුකළේ ඩිල්ෂානි . හස්බන්ඩ් ගෙන් දික්කසාද වෙච්ච දිල් මගේ නොවන මගේම බිරිඳ වුනේ ශානිකා ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න පිළිමයක් වගේ වෙන්නත් ගොඩක් කලින්"// නමුත් දෙන්න ඔෆිස් එකේදී ඒ සම්බන්ධය රහසක් හැටියට තියාගනන්න උත්සාහ ගත්තා "

      අනික මේ පුද්ගලයා ගමත් එක්ක සම්බන්ධතා හිතාමතාම නවතවා දැමූ පුද්ගලයෙක් කියන එක පැහැදිලියි.
      //"මේ අයියේ බම්බුව නෙවෙයි පුළුවන් නම් ඇවිත් තාත්තව බලලා යනවා දැන්වත්, තාත්තාට හොඳටම සනීප නෑ" මගේ ෆෝන් එකෙන් ගත්තම තමුසේ උස්සන්නේ නැති නිසයි වෙන නොම්ම්රෙකින් කතා කලේ. "//
      //ෆයිනල් එක්සෑම් එකෙන් පස්සේ මම ගෙදර ආවේම නෑ , ඉඳ හිට මල්ලි දෙන කෝල් එකක් හැරුනම මම ගමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා දැන් අවුරුදු හතක් වෙනවා නේද"// කියන තැන්වලදී මම ඒවා පැහැදිලි කරලා තියෙනවා,

      මෙතන අසාමාන්‍ය සිදුවීමක වෙන්නේ මෙච්චර කල් නොගියපු මිනිහා මල්ලිගේ අර කෝල් එක නිසා මොකටද ගමට යන්නේ කියන එක තමයි .

      උඹ ආයෙත් වෙලා අරගෙන කියෙව්වොත් මම මේ කියපු කාරනා ටික අහුවෙයි. ස්තුතියි උඹේ අදහසට. අනික මම තාම පොතක් ගහන්න හිතලවත් නෑ , ඒ ගැන හිතන්න වෙනවා කියන එක විතරයි මම කිව්වේ. අනිවා පොතක් ගහනවානම් මේක තව කීපදෙනෙකුගේ උදව්වෙන් මේක තවත් මට සිලුටු කරන්න ඕනේ .

      එහෙම නැතුව මම ලිව්වා නිසා මේක තමයි හොඳම එක කියලා මම හිතන්නේ නෑ.

      Delete
    2. ඉවාන්,

      "උඹ අවිවෙකී කම නිසා සමහරවිට උඩින් පල්ලෙන් කතාව කියවලා කොමෙන්ට් කරපු බවක් වගේ."

      මල නොතලා රොන් ගන්නෙ මෙහෙමයි ළමායි.. :)

      නෑ, මම ඒ කියපු පොයින්ට්ස් ටික දැක්ක. සමාන්‍යෙන් කෙටි කතාවක අභව්‍ය හෝ අමුතු චරිත ගොඩ නගන්න හරිම සීරුයි. ඒත් ගොඩ නගන්න ඉඩ තීන නව කතාවල ඒක වඩා පහසුයි.

      ඒතනදි මේ පොඩි කතාව ඇතුලෙ උඹ ගොඩ නගපු චරිතෙ ගුත්තිලෙන් පටන් අරන් මූසිලව පහුකරල දෙව්දත් වෙනව වේගෙ වැඩියි. ඒක කතාවට දරන්න අමාරුයි වගේ. අර එක කෝල් එකට ගමේ ගිය එක වෙන්න පුළුවන් දෙයක් උනත් ඒක එහෙම වෙන්න හරි හේතුවක් උඹ දීල නෑ.

      උඹ මෙහෙම හරි ලිව්වොත් සහ අපි හිත හොඳින් අපිට දැනෙන විදියට විවේචනය කරොත් තමයි තව හොඳ නිර්මාණ ඔය පෑනෙන් එළියට එන්නෙ. මේ කමෙන්ට් වලට වියදන් කරන් වෙලාවෙ අරමුණ ඒ මිසක් මිනිහෙක් අමාරුවෙන් ලියන එක විවෙචනය කරල හිත රිද්දල ඌව විනාස කරන එක නෙමෙයි ( මම මේක ලිව්වෙ උඹට නෙමෙයි - මේ වගේ විවෙචන කරන උන් දිහා කණෙන් බලන මහත්තුරුන්ට )

      Delete
    3. "උඹ මෙහෙම හරි ලිව්වොත් සහ අපි හිත හොඳින් අපිට දැනෙන විදියට විවේචනය කරොත් තමයි තව හොඳ නිර්මාණ ඔය පෑනෙන් එළියට එන්නෙ." අනිවා මම කැමතිම මේ කොටසට. ඒ වගේම උඹලා හිත හොඳින් කරන විවේචන නිසා තමයි මේ වගේ දේවල් කරන්න පන්නරය ලැබෙන්නේ. "උඹ දන්නවානම් මගේ පලවෙනි කෙටි කතාවට මාතලන් දාපු කොමෙන්ට් එක "මේක නිකම් කාලේ කා දැමීමක්, කාලේ නාස්තියක් ,ඔයිට වඩා හොඳට ලියන්න පුළුවන් කම තියෙද්දී අපේ කාලේ කන්න එපා " කියලා මට හරියටම කොමෙන්ටුව මතක නෑ එත් ඒ වගේ එකක්. එදා මම ඒක වැරදියට ගත්තානම් අද මේ කතා නෑ. මම කවදාවත් සාධාරණ විවේචන නොසලකා ඉන්නෙවත්, ඒවා වලියකට සෙට් කරගන්නේවත් නෑ. හැමෝටම එක විදිහට රසවිඳින්න මොකක් හරි බාධාවක් තියෙනවනම් එක ඊළඟ කතාවේදී ඉවත් කරගන්න එක තමයි මගේ අරමුණ. තැන්ක්ස් මචං,

      Delete
  46. I'm writing this not to split hairs or just to find fault but b'coz u seem to like constructive criticism
    "පිල්ස්තීනුවා කියන්නේ බයිබලයේ පරණ ගිවිසුමේ එන වචනයක්....එකෙක් තේරුම තමයි - අශිෂ්ටයා , අව රසිකයා එහෙමත් නැත්තම් සමාජය පිළිගත් සමුතීන් වලට හරයන් වලට ගරු නොකරන්නා" you are correct. But, in current usage the emphasis is more on an artistic and cultural (even there, more on arts -අව රසිකයා is 100% correct) sense than on social/ethical values. So, if you plan to use this word in a book, in this context, pl reconsider.

    ReplyDelete
    Replies
    1. i agreed with you up to some extent, actually i need to construct this character as a totally black character, it was done purposely. similarly in the word "පිල්ස්තීනුවා" the ,meaning of it i took not only from the bible, it was described by Prof J.B Dissanaayake not only the meaning that we are hearing but person who believe Marks & Engels also known by this name. how ever if i am publishing a book not only this name ,i will consider each & every thing that i have written. thank you my dear friend Pra Jay

      Delete
  47. ඈ පවුලූශෝ මේ කතාව මගේ බ්ලොග් රෝලෙ අප්ඩේට් උනේ නෑ නෙව. මම එනකොට පෙරහැරත් ගිහින් පෙරහැර බලන්න ආපු උනුත් ගෙවල්වල ගිහින් වගේ... හපුයි!!

    …වෙනදා වගේම කතාව එළ! තාත්තා කරත්තේ තල්ලු කරන කෑල්ල කියවද්දි නම් ඇස් දෙකට කඳුලු ආවා. ඒ වගේම, මමත් ගමෙන් වෙන්වෙලා කොළඹ ඇවිත් අනුන්ගෙ කොම්පැණි වල කඹුරන එකෙක් නේද කියලා ලැජ්ජාවක් දැනුනා තදින්ම. හැබැයි හත් අවුරුද්දකින් නොයා ඉඳලා නෑ සති දෙහෙකට සැරයක්වත් ගෙදර යනෝ... ඒත් දෙමවුපියො අපිට කරපු දේවල් වල ණය ගෙවන්න බෑ නේද සල්ලි කොල වලින්.....

    අනේ මන්දා බන් වෙනදා වගේම අදත් කතාව මාව හොම්මන් කලා ඕං...

    ReplyDelete
    Replies
    1. අපි නොදැනුවත්වම අපි අම්මලා තාත්තලාගෙන් ඈත්වෙලා බස්සි ,ඒ මිනිස්සු නොකියා හිටියට එයා අපෙන් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති සති දෙකකට හරි මාසෙකට හරි සරයක් ඇවිත් බලලා යන ළමයි , එත් අපිත් අසරණයි කියලා එයාලා තේරුම් ගත්ත නිසා තමයි ඔහොම ඉන්නේ, ඒ අතරේ මේ වගේ නරුමයොත් ඕනෑතරම් ඉන්නවා බස්සි.

      Delete
  48. මෙහෙම මිනිස්සු ඇත්තටමත් මේ සමාජෙ ඉන්නවනෙ ඉතින්...

    ReplyDelete
    Replies
    1. ඉන්නවා බන් අනන්ත. අපිඅතරේම

      Delete
  49. අනේ අපොයි............ :(

    ReplyDelete
  50. මේක කියෙව්වේ අදනේ බොලේ.... මම පොඩි අවුලක් දැක්කා... කියම්දෝ නොකියම්දෝ....?

    ReplyDelete
    Replies
    1. මොකක්ද අවුල , කියපං ආයේ ඕකට අවසර ඕනෙද බං

      Delete
    2. //ශානිකා මානසික ආබාධයකින් පෙලුනා. ඒ වෙලාවට එයා කරන්නේ මොනවද කියලා එයාම දන්නේ නෑ , මේක අහුවුනේ දවසක් ලෙක්චර් එකක් යද්දී ඉස්සරහම පේලියේ හිටපු ශානිකා ,ප්‍රොෆෙසර් කරන කරන එක අනුකරණය කරන්න පටන්ගත්තු නිසා.

      එතරම් මානසික ආබාධයක් තියෙන එකියක් කැම්පස් ආව කිව්වම ( උඹ වගේ එකෙක් සිලෙක්ට් උන එක වෙනම කතාවක්!) පොඩි අවුලක් වගෙයි දැනුනේ.

      Delete
    3. එක එහම් වෙන්න පුළුවන් බං. ඔය කොටස මම ගත්හ්ටේ සැබෑ සිද්ධියක් අනුසාරයෙන් කිව්වොත් උඹ විශවාස කරනවද?

      Delete
    4. එහෙනම් ඔතන වෙන්න ඇත්තේ මෙහෙම දෙයක්...

      කැම්පස් එකට ආවට පස්සේ හැදුන ලෙඩක් හින්දා ශානිකා ඒ තත්වෙට පතුන වෙන්න පුළුවන්.... මමත් ඔය වගේ කතාවක් ඇහුව අපේ ෆැකල්ටියේ. හැබැයි කෙල්ලට පිස්සු හැදුනේ පලවෙනි සෙමෙස්ටර් එකේ විභාග පිඩනේ දරාගන්න බැරුව. කෝස් එක අතරමග දාල යන්න උනා එයාට නම්.

      ඉවාන් කොහොමත් සත්‍ය සිද්ධි වැලි නේද කතා මවන්නේ... ඒ හින්දමයි මේ කතා එක්ක බැඳීම වැඩිවෙන්නේ. මම දැකල තියෙනවා හැම කතාවකම තියෙන ස්වභාවික ගතිය සහ දෙබස්. මගේ කෙටිකතා රචකයින් අතර ඉවාන් ඉන්නේ ලිස්ට් එකේ උඩම වගේ.. තව කීපදෙනෙක් ඉන්නවා. මම පතනවා සම්මාන උළෙලේ 'නිසි' ඇගයීමක් මේ පාරත් ලැබෙයි කියල.

      :-)

      Delete
    5. මම දන්නා කතාව මෙහෙමයි , ඒ කෙල්ල සාමානය පෙළ කරන කාලෙඩි ලව් එකක් බ්රේක් වෙලා මානසික ආබාධයකට ලක්වෙලා තියෙන්නේ . පස්සේ කොහොම අහරි ගෙදර මිනිස්සු බෙහෙත් වලින් ,වෙන වෙන ට්‍රීට්මන්ට් වලින් කෙල්ලව ගොඩ දාගෙන . කෙල්ල අවුරුද්දක් පහුවෙලා ඒ ලෙවල් කරලා කැම්පස් ඇවිත් . ඉඉට කලින් අවුරුද්දේ කොල්ලත් කැම්පස් ඇවිත් , හැබැයි වෙන ෆැකල්ටි එකක. දවසක් අහම්බෙන් කෙල්ලට මේ කොල්ලව හම්බවෙලා, හැබැයි කොල්ලා ඉදලා තියෙන්නේ වර්තමාන පෙමවතියත් එක්ක . එතනින් තමා කෙල්ලට ආපහු මේ අසනීපෙ උග්‍ර වෙලා තියෙන්නේ .


      මගේ කතාවලට ගොඩක් වෙලාවට සත්‍ය සිද්ධි තමා එකතු කරගන්නේ . මම දැන් අවුරුදු ගානක් තිස්සේ රස්සාව කරන්නේ විවිධාකාර මිනිස්සු එක්ක , එතන ඉන්නවා වැස්සකටවත් ඉස්කෝලේ නොගිය එකාගේ ඉඳලා පී එච් ඩී කරපු එකා දක්වා ඔක්කොමලා . කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක එහෙම තමා . ඒ මිනිස්සු අතරේ නානප්‍රකාර කතා තියෙනවා , සමහර කතා අදහගන්නත් බෑ .

      උඹේ මේ ඇගයීම ගැන මට බොහෝම සතුටුයි . ස්තුතියි උඹට . ඔය වචන ටිකත් ලොකු දෙයක්, සම්මාන උළෙලවල් ගැන මගේ බලාපොරොත්තුවක් නෑ බං.

      උඹට කියන්න මම පත්තරේකටවත් ලියන්නේ නෑ. මම ඉස්සර පත්තර වලට ලිව්වා, එකක්වත් පළවුණේ නෑ . මට එපා වෙලා ඉද්දි තමා මම බ්ලොග් ගැන දැනගත්තේ . බ්ලොග් වල ලියලා මම සතුටක් ලැබුවා , මට ඒ ඇති.

      පොතක් ගහන්න ,ම පත්තර වල පල කරන්න වගේ දේවල් ගැන මගේ හිතේ කොහෙවත් නෑ .

      බොහොම ස්තුතියි උපේක්ෂා :)

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]