මිත්තරයෝ ටික

Wednesday, December 25, 2013

පික්පොකැට්


"විනීතා පොඩි සල්ලි රුපියල් හතක් තියෙනවද?  "

"ඔය කැබිනට් එක උඩ තියෙන මල් වාස් එකේ බලන්ඩෝ ..." විනීතා කාමරේ ඇතුලේ ඉඳන්ම බෙරිහන් දුන්නා .

වෙනදා පුරුද්දටම මං පර්ස් එකෙන් දහයේ කොළ දෙකක් අරන් උඩ සාක්කුවේ දාගත්තේ බස් එකේදී ලේසි වෙන්න ,

"මං යනෝ..."

*******

"එන්න එන්න උදේම වාසනාව උරගාබලන්න ....අද දිනුම කෝටි තුනයි ,කෝටි තුනයි..එන්න එන්න "

එන්න නෙවෙයි අම්මප යන්න හිතෙන්නේ ......

"සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල්..........

ඒ ගමන් දැම්ම සිංදුවක් ,කොහොමත් උඹලට නොකිව්වට පාරට  බැස්ස වෙලේ ඉඳන් මල අතේ අරන් තමයි අපි යන්නේ...අවුරුදු ගානක් තිස්ස්සේ බස් එකට නැග්ග හෝල්ට් එක ළඟ අලුතෙන් දාපු ලොතරැයි කූඩුවේ  මේ කන්කරච්චලේට හුරුවෙන්නනම් මට කොහොමත් බැරිවුනා ...

"උදේ පාන්දර හිනාවෙලා එන්න මහත්තයා එන්න නෝනා ,කෝටි තුනක් ඇදුනෝත් හැමදාම හිනාවෙලා තමයි....එන්න එන්න අද අදිනවා අද අදිනවා...."

මූ ඒ ගමන මටද කියන්නේ ,කිව්වත් වගේ ඇදුනොත් එහෙම ගොඩම නේද...? ටිකට් එකක් ගමුද ...? එක්කෝ ඕන නෑ.... ඕව ඇදෙන්වනම් බැරියැ.... ...

"බස් සුමිත් ගේ සින්දු නැති බස් එකකට ගොඩවෙන්න ලැබේවා කියා හිතාගෙන මම ආපහු පාර දිහා බැලුවා ...."

*******

"නැග්ග අය ටිකට් ගන්න ....." කොන්දොස්තර කොළුවා කියනකොට මට හැමදාම වගේ අදත් හිනායන්න ආවා ...

සල්ලි දීලා ටිකට් එක අතට ගත්ත මම සෙනග අස්සෙන් තෙරපීගෙන ඉස්සරහ දොර ගාවට කිට්ටු වෙන්න උත්සාහ කලේ පුරුද්දට වගේ, නැත්තම් බහින්න ගියාම හතරවටෙම ඉන්න එවුන්ගේ ගෙරවිලි පිප්පිලි බලන්න එපැයි. හැමදාමත් සාඩින් පැක්කරලා වගේ තියෙන බස් එකේ  මේ ගමන දිනචරියාවේ අංගයක්.

"මොන ඉස්සරහට යෑමක්ද ..? කිටිකිටියේ හිරවුණු මිනිස්සු ගෑනු අතරේ මගේ ගමන නිකම්ම නැවතුනා...

" නිකමට වගේ පිටිපස්සේ පර්ස් එක තිබ්බ සාක්කුවට මගේ අත යැව්නා...

"හත්දෙයියනේ......"  මගේ කන්දෙකෙන් පටන් ගත්ත ගින්දර පිටවීම ඇඟ පුරාම පැතිරෙන්න තප්පරයක්වත් ගියේ නෑ... බඩ පපුව පිච්චිලා ගියේ ....ඊයේ පෙරේදා කාපුවත් එක්කමයි.....

"පර්ස් එක නෑ....." කරන කියන දේ හිතන්නත් කලින් මගේ ඇස් දෙකටම කඳුළු පිරුණා.....

*******

" ඉස්සරනම් රුපියල් පනස් දාහක් ගෙනියන්න බෑග් එකක් ඕන ... එකට දැන්...පන්දාහේ කොළ දහයයි , මේ බලන්න විනීතා.. පර්ස් එකේ දැම්මට දැනෙන්නේවත් නෑ...."

"අනේ මේ පර්ස් එකේ දාගෙන ගිහින් ඕක නැති කරගන්නේ නැතුව ආරක්ෂා ඇතුව අරන් යන්න අනේ .....මල්ලිගෙන් වැඳලා වගේ සල්ලිටික ඉල්ල ගත්තේ ...නැත්තං අපරාදේ පරම්පරාගානක් තිබ්බ රත්තරන් බඩුටික නිකං සින්නවෙලා යනවා "

"නෑ විනීතා පර්ස් එකේ තමයි දාගෙන යන්න ඕන එතකොට කවුරුවත් සැක හිතන්නේ නෑ. මොකද මේ පඩි දවසුත් නෙවෙයි නේ.....මේ කාලේ කාගේවත් පර්ස් වල සල්ලි නෑ කියලා පොකට් කාරයෝ දන්නවා .."
අපි ඕනවට වඩා පරිස්සම වෙන්න් ගියොත් තමයි පොකට් කාරයොත් සැක හිතන්නේ ...නෝමල් විදිහට හිටියම ඉවරයි "

"ඕන එකක් ..සල්ලි ටික පරිස්සම් කරන් ගිහින් මගේ බඩුටික බේරගෙන එන්න..."

රෑ තිස්සේ වෙච්ච කතාබහ මගේ මතකෙට ආවේ ක්ෂණයෙන් ......දැන් මම විනීතට මොකද කියන්නේ දෙයියනේ...කොහොමඩ් මේ ණය ගෙවන්නේ ..බඩුටික බේරාගන්නේ......

*******

"මොකක්ද මිනිහෝ වෙලාතියෙන්නේ ....තියෙන වලත්තකම ......තොපේ ගෑනු දෙන්නේ නෑ කියලා අපේ පුකවල් පලිද ......"

මගේ ඉස්සරහම වගේ හිටපු කොට සායක් ඇඳගත්ත වෙස්මූණ වගේ මූණ පුරාම ලාටු උලාගත්ත ගෑනියෙක් කාටද මහා හයියෙන් බනිනවා ඇහිලා මම ආයෙත් පියවි ලෝකෙට වැටුනා.....

"මහත්තයා මේ මොකද තොට ඇම්මද ...? හැඩි දැඩි රස්තියාදු කාර පෙනුමක් තියෙන බෙල්ලේ පච්චයක් ගහපු මිනිහෙක් මගේ ෂර්ට් කොලට් එකෙන් අල්ලගත්තම තමයි මට තේරුනේ මේ බනින්නේ මටයි කියලා ...

"අනේ මං මුකුත් කරේ නෑ......"

'මුකුත් කරේ නෑ ...? මමත් බලාගෙන දැන් සෑහෙන වෙලාවක ඉඳන් උඹ ඇඹරි ඇඹරි ඉන්නවා ..පරයා දෙන්න හිතෙනවා මූණ සම්බල් වෙන්න ......" ඉහලට ගත්ත ඒ මිනිහගේ අත මගේ මූණ හරහා පත්වුණේ මට හිතන්න වෙලාවක් තියන්නේ වත් නැතුව ..

තරු විසිවෙන්නාවගේ දැනුණු මට ටික වෙලාවක් යනකන් කතා කරගන්න බැරුව හිටියේ .....

"හොඳ වැඩේ හම්පඩයට ...අනේ තැනක් යූ මල්ලි....මෙහෙම එවුන් එල්ලන්න ඕන ...ඒ ගමන අර ගෑණු මනුස්සයාගේ කටහඬ ආයෙත් ඇහෙද්දී ...

"ඇයි  ඇයි මොකද මොකද...කියාගෙන් කොන්ද්දෝස්තර මල්ලි එතනෙට ආවේ...

අනේ මං කාටවත් මුකුත් කරේ නෑ ...මගේ ...මගේ  පර්ස් එකට ගහලා ..."  මට ඇඬුම අතරින්ම කියවුනා....

"බස් එකම විනාඩියකට නිශ්ශබ්ද වුනාවගේ මට දැනුනා ...

"ඒක වැටිලද බලන්න මම හැරෙනේකොට මේ මිස්ගේ ඇඟේ වැදුනද දන්නේ නෑ ..අනේ මගේ පර්ස් එක ..."

මට ගහපු මනුස්සයා හිමින්ම ලිස්සලා වෙන පැත්තකට යනවා මට පෙනුනා....

"මහත්තයා කොහෙන්ද නැග්ගේ ..? සල්ලි ගොඩක් තිබ්බද ...?"

" කොට්ටාවෙන් .... පනස්දාහක් තිබ්බා ....."

මෙච්චර වෙලා නිශ්ශබ්දව තිබ්බ බස් එකෙක් සූ සූ සද්දයක් ඇතිවෙනවා වගේම
"පිස්සු යකෙක් පනස් දාහක් පර්ස් එකේ දාගෙන යන්නේ "
"දැන් ඉතින් ඕක හොයලා හමාරයි....""

"කොට්ටාවෙන් ....? මහත්තයා කොට්ටාවට පස්සේ කවුරුවත් බැස්සේ නෑ ...

"කවද්ද ඕයි තමුසෙලාගේ මේ ඉලව්වෙන්  මිනිහෙක් බැස්සේ ...මේකට පටවනවා විතරනේ බෑමක් නෑ ...ඒකනේ මෙහෙම වෙන්නේ ...අතපය හතර හොයාගන්නත් බෑ ....."  
ඒ අස්සේ තව කවුදෝ කෙනෙක් සියලු තරහා පිටකරා ...

එහෙනම් පර්ස් එක ගත්ත එකා ඇතුලේමයි ඇත්තේ ....ධර්මේ අයියා අල්ලමු පොලිසියට ...."

"ශික්..."  "අපෝ " "අදත් ඉවරයි දවසම"

*******

"ඕක ගත්ත එකා විසි කරන්න ඇති එලියට වැඩේ ලීක් වුනාට පස්සේ ..."

"ඔව් උන්ගේ එවුන් හැමතැනම ඉන්නවනේ ...."

"පව් "

"අදත් ඉතින් ෂෝට් ලීව් ...ඕවා කිව්වට පිළිගන්නෙත් නෑ අනේ ඔෆිස් එකෙන් හැමදාම පරක්කුවෙන එවුන් ඔයවගේ ඒවමනේ කියන්නේ ..."
 මිනිස්සු නොයෙක් කතා කියමින් පොලිසියෙන් පිටවුනේ කේන්තියෙන වගේ, වැඩි දෙනෙක් මගේ දිහාට හෙළුවේ තෝ අපේ දවසම කෑවා කියන්නාවගේ ..

"කරන්න දෙයක් නෑ මහත්තයා හැම කෙනෙක්ම චෙක් කලානේ ..."

"කමක් නෑ රාලහාමි බොහොම ස්තුතියි....."

මූණේ පැත්තක් රිදෙනවා ඉවසගන්න බැරුව .......

ගෙදර ආපු මට ගේට්ටුවෙන් ඇතුල් වෙනකොටම පෙනුනේ ඉස්තෝප්පුවේ පරණ පත්තර ගොඩක් තෝරන විනීතා ..දෙයියනේ මම දැන් මේ ගෑනිට මොනවද කියන්නේ ..මට ඊයේ රෑ තිස්සෙම කිව්වේ  රත්තරන් බඩුටික බේරගන්න එක ගැන ...

"ආ ඔයා ආපහු ආවද ......කොහෙද ෆෝන් එකත් ඕෆ් කරගෙන නේ ....ඔයා පර්ස් එක මල් වාස් එක උඩ තියලා ගියේ ඇයි ...? අමතකවෙලාද?

"ඈ පර්ස් එක මල් වාස් එක උඩ ...?"

"ඔව් ඇයි ..? ...දෙයියනේ මොකද මේ මූණට වුනේ ...?






121 comments:

  1. කෙටි කතාවක් කියන්නේ පොඩි සරල සිද්ධියක් කියලා පොඩි කාලේ කෙටි කතා පොත් වල පෙරවදනේ තිබ්බ කතාව මතක් උණා. හැබැයි මට නම් හිතුනා අනිවා ගෙදර දාලා ඇවිත් කියලා. මොකද මට වෙන්නෙම ඔය වැඩේ

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් මටත් ඔය වැඩේ නිතරම වෙනවා බං ,ඇත්තටම කෙටි කතාවකට වස්තු වෙන්නේ ඉතාම කුඩා සිද්ධියක් තමයි.

      Delete
  2. කබලෙන් ළිපට වැටීමක් නේද ඉවාන් ... ඇස්වහක් කටවහක් වදින්න නම් එපා මේ වෙනකම් මට පික්පොකට් වැදිලා නැහැ.... සල්ලි නම් මහා ගොඩක් පොකට් එකේ නැහැ ඒත් එපා වෙන්නේ ID ටික ආයේ හදන්න ගියාම.. පුදුම නවනින්ගිරාවක් විඳින්න ඕනේ ඒවා හදන්න ගියාම ..

    " සෑර් මගේ පර්ස් එකට ගහලා .. ID ටිකත් ඒකෙ තිබ්බේ සෑර් "

    ඔහොම කියන්න වෙනවට වඩා හොඳයි වහ ටිකක් කාල කැලේකට රිංගන එක ...

    ReplyDelete
    Replies
    1. පර්ස් එක නැතිවුනා කියන්නේ නම් ඕනේ නෑ ඉතිං , මොකද ඔය ID ,ලයිසන්, බැංකු කාඩ් හදන්න ගියාම අර කිව්වා වගේ වහ කාලා කලේ රිංගන එක හොඳයි.

      Delete
    2. ඒකට කාර්ඩ් පැක් එකක් වෙනම තියාගන්න.ලයිසන් එකත් ඒකෙම දාතැහැකි, ඒක මහා ලොකු එකකුත් නෙවේනේ, ෂර්ට් සාකුවේ දාන්න පුලුවන් පොඩි පොතක් වගේනේ...එතකොට පර්ස් එකේ සල්ලි විතරක් දාන්න පුළුවන්නේ..සල්ලි නැති උනත් කමක් නෑ අර ටික ප්‍රවේසම් කරගන්ට එපැයි ;)

      Delete
    3. මම කීවේ ID කාර්ඩ් පැක් ගැන :D

      Delete
    4. හොඳ වෙලාවට කිව්වේ ID කාඩ් පැක් කියලා , මම මේ බැලුවේ රෙහානි අපිට බූරු ගස්සන්න හදනවාද කියලා ..:D

      Delete
  3. හී හී...මට නම් කියවගෙන යනකොටම හිතුණා...මීට පස්සේවත් විනීතා කියන දේ අහන්ට පව්ලූශා...

    ReplyDelete
    Replies
    1. හා හා මට පෙන්නේ පොඩ්ඩි අහවලාට පර්ස් එකක් දාන්න දෙන්නෙම නැද්ද කොහෙද?

      Delete
  4. මරේ මරැ පව්ලූෂා මලේ එළ කිරි උඹේ කථාව. මට නම් හිතුනෙම සල්ලි නැතිවුනා කියලා. උඹත් එක්ක දුක බෙදා ගන්න හිත හදාගෙන අන්තිම ටික කියවනකොට මට සතුටත් සමඟ ආපු හිනාව නවත්තා ගන්න බැරිවුනා. ලස්සනයි!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතිය් වේවා සඳුන් අයියේ .... මම ගොඩක් වෙලාවට ට්‍රයි කරනවා හිතන්නේ නැති අවසානයක් ඇති කරන්න සමහර වෙලාවට සාර්ථකයි ,සමහර වෙලාවට අසාර්ථකයි.

      Delete
  5. බස් සුමිත් නෙවෙයි බස් අජිත් නේද,දැන් ප්‍රයිවෙට් බස්වල ටිකටුත් දෙනවද.පොඩි සිද්දියක් මුල්කරගෙන කුතුහලය ඇතිවෙන විදියට කතාව ලියල තියනවා හොඳයි,ලස්සනයි.
    හැබැයි අපි උඹෙන් බලාපොරොත්තු වෙන්නෙ නං මීට වඩා බරසාර දෙයක්.හැමදාම ටොපි චොකලට් කතා ලියල ෂේප් වෙන්න හදන්න එපා.

    ReplyDelete
    Replies
    1. බස් අජිත් තමයි ,එත් එහෙම ලිව්වේ නැත්තේ මිනිහගේ හොඳ සින්දුත් තියෙන නිසා සහ එහෙම කියන එක හරි මදි වගේ කියලා හිතුනු නිසා....ඇයි හලපයියේ දැන් ලංකාවේ ආශ්ච්ර්යේ නේ ඉතින් ටිකට් දෙනවා ඔයා දන්නේ නැද්ද? ටිකක් සීරියස් කතාවක් ලියනවා එත් එක තාම ඉවර නෑ

      Delete
    2. ඔව් ! බස් අජිත් කිව්වම තමයි ගාණට වර නැගෙන්නෙ., අනික ඒක මිනිහගේ අයි ඩී එක. මිනහට ඒකෙන් අපහාසයක් වෙන්නෙ නෑ. ඒ වගේම හරිහමං කෙටිකතාවක ආඛ්‍යානයේ හීනිටයට ගලාගෙන යන කවියකුත් තියෙනවා.,ඒ ගැනත් සැලකුවාම බස් අජිත් තමයි හරියන්නෙ.

      Delete
    3. @ සුමිත් අයියා - කතාව ඇත්ත. එත් මම බස් අජිත් කියලා එතැන් දාල තිබ්බ එක ආපහු මාරු කළා සුමිත් කියලා

      Delete
  6. බස් එකේ සිද්දි ටික නම් එල මචෝ.. . . පර්ස් එක පස්ස සාක්කුවේ නොදා ඉදං, , මම නම් දන්නෙම නැහැ එක පාරක් වෙච්ච දේ නිසා

    ReplyDelete
    Replies
    1. මමත් කව්දාවට් පර්ස් එක පිටිපස්සේ සාක්කුවේ දාන්නේ නෑ, හැබැයි දැම්මට සල්ලිත් නෑ :D

      Delete
  7. මට ඔය වගේ අමතක වීමක් සිද්ද වුන වෙලාවක් මතක් වුනා. ඒ වෙලාවේ ඒ ණයට ගත්ත සල්ලි 1000ත් අපි අමාරුවේ වැටිලා ඉන්නකොට 100000 කට වඩා වටිනවා. මම කොහොමත් පර්ස් එක සාක්කුවේ දාන්නේ නැහැ. මට හරිම නුහුරුයි වාඩිවෙද්දී ඒ නිසා මම පර්ස් එක නිතරම වාහනේ තියලයි තියන්නේ.

    ReplyDelete
    Replies
    1. මමත පර්ස් එක පිටිපස්සේ සාක්කුවෙනම් දාන්නේ නෑ ....හන්ටර් වෙලා ඉන්න වෙලාවට ඉල්ල ගත්ත රුපියල් සීයත් ලක්ෂයකට වඩා වටිනවා .

      Delete
  8. රස වින්දෙමි. අපූරු කෙටිකතාවකි.

    ඕ. හෙන්රිගේ, ගයි ද මෝපසාන්ට් ගේ සමහර කෙටිකතා ද මේ ආකාරයේ වින්දනයක් ලබා දෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කකා ... ගීද මෝපසාන් ගේ කෙටි කතාවලට මමත් හරිම කැමතියි. මම මේ උත්සාහ කලෙත් ඒ ආකාරයේ කතාවක් ගොඩනගන්න තමයි.

      Delete
  9. හරිම වැඩේ නේද වෙලා තියෙන්නේ ... කුතුහලයත් එක්ක හොඳට කතාව ලියලා තියෙනවා.. කොහොමහරි සල්ලි ටික ලැබුන එක ගැන නම් සතු‍ටුයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි, සල්ලි නොලැබුනානම් තමයි බලන්න තිබ්බේ,

      Delete
  10. මට ගොඩාක් වෙලාවට වෙන්නේ 4න් එක නැතිකරගන්න එක. දැනට 3ක්ම සාක්කුවේ තිබිලා නැති උණා.
    නියම කතාව අයියේ. සරලයි, ඒ වගේම රසවත්

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා යක්ෂයෝ. මම බැලුවා උඹට කොහෙද හතරක් කියලා හර්හාරෙන් එකක් නැති කරගත්තා කිව්වම , පස්සෙනේ තේරුනේ ෆෝන් එක ගැනයි කිව්වේ කියලා

      Delete
    2. හා හා පුරුද්දට ලියවෙලා

      Delete
  11. අනේ....මගේ ඉවාන් මල්ල පට්ට යකෝ.....
    හැම පැත්තක්ම කවර් කරලා ලියල තියෙන එක ලෙසටම සුපිරිය...

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා කෙන්ජයියේ ... කොහෙද ඉතින් ගෙට්ටුවකටවත් එනවැයි ආසාවටවත් දැකගන්න

      Delete
    2. එකසිය ගානට කොමන්ට් තියෙද්දී ආපහු උඩට දැම්මේ තව කොමන්ට් වට්ටගන්න නේ.ඔන්න උදෙන්ම කෙටුව.
      මම නලියට බාන්න කියල මට වට වෙලා දෙනවා කස්ටියක්.
      මම ඒවා බල බල ආතල් ගන්නවා බං වගේ වගක් නැතිව හැක්....හැක්....හැක්...
      උඹ වයි,Draki යයි අදුරගත්ත එල....

      Delete
    3. ශිකේ කියලා තියෙන කතාවේ කැත .... දැන් කවදද අපි ඔයාව අඳුරගන්නේ....?

      Delete
    4. එන දෙසැම්බර් මගේ වෙඩිම උඹලට කියනවනේ.එතකොට තමයි ඉතින්.

      Delete
  12. මොනවද හලෝ අපේ ආතල් එක කඩන්නේ? අන්තිමට කියෝගෙන ආවේ අනේ මුගේ පර්ස් එක නැති වෙලා පව් කියලා. මෙන්න එතකොටම ඒක හම්බ වෙලා.
    මෙහෙම බෑ. අපිට ඩුක් මූඩ් එකේම ඉන්න දෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි සංතෝසයි බූරුබබා , හැමදාම දුක් මූඩ් එකේ ඉඳලා හරියන්නේ නෑ ,හිනාවෙලත් ඉන්න ඕන.

      Delete
  13. බොහොම හොඳ කෙටි කතාවක්. ඊයේ පෙරේදා මම පර්ස් එක අමතක කරලා එක පැත්තකට කි.මී. 45 ක පමණ ගමනක් මගේ කාර් එකෙන් ගියා. ගමනාන්තයේදී තමයි දැනගත්තේ. රියදුරු බලපත සහ රක්ෂණ කාඩ් එකත් පර්ස් එකෙයි තියෙන්නේ. ආපහු ආවේ පැ.කි.මී. 40 ක වේගයෙන් බොහොම උනන්දුවෙන් මාර්ග සංඥා පිළිපදිමින්.

    1982 දී කොළඹ තිබුණු මහපොළ ප්‍රදර්ශනයේදීත්, 2010 දී රාගමින් මහනුවර දුම්රියට ගොඩවෙන තදබද අවස්ථාවේදීත්, මගේ පර්ස් එක පික්පොකට් ගහලා තියනවා.

    ReplyDelete
    Replies
    1. මගෙත් එක සැරයක් දළදා මාලිගාව ලඟදි සල්ලිටිකට වැඩක් දීලා තිබ්බා. ඔය ඕනවට වඩා හෙමින් යනකොටත් පොලිස් මහත්තුරු නවත්තලා බලනවා ,මූ මොකාටද එන්න හදන්නේ කියලා .

      Delete
  14. පවුලූශා....උඹේ කතා ගොන්නෙන් මේ කතාවට මම හරිම කැමතියි. ඉස්සරහට තව හොඳ ඒවා එයි වගේ.

    අජිත් වෙනුවට බස්වල සිංදු කියන්නේ සුමිත් කියලා බුවෙක්ද දැන්? පික්පොකට් ගහන සෙට් එකක් ඉස්සර මම දන්නවා...කාලකන්නි යක්කු බං...පස්සේ ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒක තමා අරුවෝ මමත් හොයනවා කවුද බොලේ සුමිත් කියලා.... පවුලූශාගෙ ලාලුවෙක්ද මන්දා...

      Delete
    2. @ අරූ- තැනකුයි අරූ අයියේ , පික්පොකට් කාරයන් ගැන කෑල්ලක් අරූගේ අඩවියේ යයි කියලා මම නිකමට හිතුවා. අජිත් කියලා දාන්න හිත දුන්නේ නෑ එකයි සුම්ත් කියලා දැම්මේ.

      Delete
    3. @ බස්සි - සුමිත් නෙවෙයි බං අජිත් තමයි යාලුවා ඉතින් යාලුවා හොඳ නෑ කියන්න බෑනේ

      Delete
  15. සිකුරුටියා ගැන වගේම මේ කතාවත් ගොඩක් ආසාවෙන් කියවුවේ..

    ReplyDelete
    Replies
    1. තැනකුයි ඔමා.... ඔය රටේ නැද්ද පික්පොකට් කාරයෝ ..?

      Delete
    2. මේ රටේ ටෙලවිව් කියන නගරයේ දැන් ගොඩාක් ඉන්නවා කළු ජාතිකයෝ අප්‍රිකාවේ රටවලින් ආපු එයාලා අතර ගොඩක් හොරු ඉන්නවා ,, පර්ස් එක නෙමේ හෑන්ඩ් බෑග් එක පිටින් කපාගෙන යනවා ;)

      Delete
  16. ලස්සනම ලස්සන කෙටි කතාවක් ඉවාන් ස්තුතියි.

    ReplyDelete
  17. අදත් කතාව අන්තිමේදි ලෙසටම කනපිට ගැහුවා එහෙනම් ඈ....

    මටත් බස් එකේදි බකස් ගාලා හිනා යනවා කොන්දොස්තර "පස්සෙන් සල්ලි ගන්න කියද්දි." පස්සෙන් සල්ලි ගන්ට පුලුවන් නම් අපි බස් වල කටු කනවයැ.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා . කොන්දලා මාර කතා කියන්නේ ....පස්සෙන් සල්ලි ගන්න, ඉස්සරහින් සල්ලි ගන්න , නැග්ග අය සල්ලි ගන්න , බහින අය සල්ලි ගන්න ...එක දවසක් මම බස් එකෙක් යද්දී කොන්දා බෙරිහන් දෙනවා "ඔය දොර ළඟ හිටගෙන ඉන්න නෝනට හේත්තුවෙලා ඉන්න කහපාට ෂර්ට් එකක් ඇඳන් ඉන්න මහත්තයා සල්ලි දෙන්න" කියලා . ඌට වහ කන්න හිතෙන්න ඇති.

      Delete
  18. අදත් කතාව සුපිරි.. නියමයි මචං.. මට මුලදී සැක හිතුනේ අර ගහපු මිනිහා. කොහොම හරි කතාව අනිත් පිට ගැහුවා නේද.. නියමෙට රස වින්දා.. සුපිරි..
    හැමදාම වගේ අදත් මාර ආසාවෙන් කියෙව්වේ...

    මම බෙන් බොර දියක ඉඳුවර

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි බෙනා නම මාරු කරලා ,හැබෑ නමින් ඉන්නකොට උඹ හෙන අහිංසකයි වගේ හිතෙන්නේ. තැනකුයි බෙන් ..මටනම් සමීර කියන්න හිතෙන්නෙම නෑ බෙනා කියන්නමයි හිතෙන්නේ

      Delete
  19. කතාව නම් පියෝ එළ කිරි.. හැබයි බස් අජිත්ගෙත් ලස්සන සින්දු තියෙනවා.. ඒකට මට දුකයි..

    මේ කතාවේ තියෙන්නේ අමුතුම රසයක්.. එහෙම කතා කාරයෝ ගැන වෙන්න ඇති අර අපේ කතන්දර උන්නැහේ ලියලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මාතලන්

      බස් අජිත්ගේත් ලස්සන සින්දු තුන හතරක් තියනවා තමා !!

      Delete
    2. @ මාතලන් - බොහොම තැනකුයි මාතලන්...බස් අජිත්ගේ සමහර සිංදු වලට මාත් කැමතියි , එත් පොදුවේ සලකන්නේ ඒවා මහා කන්දොස්කිරියාවක් හැටියටනේ, මම අජිත් කියලා ලියන්නේ නැතුව සුමිත් කියලා ලිව්වෙත් ඒක නිසාමයි.

      Delete
    3. @ පත්තර මල්ලි - අඩෝ නිව්ස් පේපර් මල්ලි උඹ ඒ ගමන මෙහෙටත් කැකුණ අරං ආවද?

      Delete
  20. මමනං මෙහෙම එකක් හිතුවේ නෑ බං සිරාවට අයියේ!

    ReplyDelete
    Replies
    1. එකමයි මටත් ඕන වුනේ ,තැනකුයි බන් නාඩි මලේ

      Delete
  21. කමක් නෑ බං !!

    මදාවියගෙන් ගුටි කාපු එක සැපයි !!

    පර්ස් එක නැතිවුනේ නැතුව !

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත බං ,පර්ස් එක නැතිවුනාම කන්න වෙන කට්ට කියලා වැඩක් නෑ . එක නෙවෙයි මොකක්ද මේ උඹේ ප්‍රොෆයිල් පින්තූරේ..?

      Delete
    2. ලොකු අයියා !!

      මං ඊයෙ පෙරේද කසාද බැන්ද එකා නොවැ බං !!

      ඒකෙ පොටෝ කෑල්ලක් ඔය !

      Delete
    3. අප්පට බොල සුබ මංගලම් පත්තර මල්ලී

      Delete
  22. මරු කතාව අයියේ...
    බීච් පාටියෙදි අදුනගන්න ලැබීම සතුටක්... :)

    ReplyDelete
    Replies
    1. තැනකුයි සසිඳු ...හැබැයි උඹේ ෆොටෝ එක මහතයිඋඹට වඩා ගොඩක්...:D

      Delete
    2. ඇයි මහත විතරද, ෆොටෝ එක මට වඩා ලස්සනයිත් එක්ක..ෆොටෝෂොප් තමා අයියෙ පිහිටට ඉන්නෙ :D

      Delete
  23. මගේ කොමෙන්ටුව යකා ගිල ඇත. බඩේන් විමසා බලන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සිංදුවෝ ස්පෑම් එකෙත් නෑනේ ..?

      Delete
    2. සබ්මිට් වුනා පෙන්නුවේ නෑ.මම හිතුවේ ඇපෘව් කරන්න ඇති කියලා. දැන් ගහපු එකත් නිච්චි නෑ. කතාවනම් මීටර් වුනා මැද හරියක් යද්දී ෂුවර් ගෙදර තමයි කියලා. අර ගුටි කාපු එකනම් බලාපොරොත්තු වුනේම නැති එකක් :D :D

      Delete
  24. මට හිතුන මොකක් හරි බුලක් අන්තිමට ඇති කියල..හි හි

    ReplyDelete
    Replies
    1. අනිවා ... බුලක් වුනත් හොඳයිනේ පර්ස් එක නැතිවෙනවට වඩා .

      Delete
  25. මට නම් අන්තිමට එනකන් අමතක වෙලා ඇති කියලා හිතුණේම නෑ...නියමයි ඉවාන් නිර්මාණය... (අන්තිමේදි මට ඉබේම ඔලුවේ අත ගැස්සුනා...ටක් ගාලා වට පිට බැලුවා කවුරුත් දැක්කද කියලා හික්...) :D

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න තමයි මටත් ඕන වුනේ , අපරාදේ කවුරුහරි දකින්නයි තිබුනේ . මේ එක නෙවෙයි කෝ විශ්මිගේ කතාවේ ඉතුරුටික

      Delete
  26. පනස්දාහ නැතිඋනානං අරූ වහ බීල මැරෙයි ගෑනිට මූන දෙන්න බැරුව. එතකොට ගෑනි ඊට වඩා අනාත වෙනව. අපොයි....

    මගෙනං කවදාවත් පික් පොකට් ගහල නෑ. මොකද මම පර්ස් එකක් පාවිච්චි කරන්නෙ නැති හින්ද. :D

    ReplyDelete
    Replies
    1. එහෙම වුනානම් ඇත්තටම කර කියාගන්න දෙයක් නැතිවෙනවා. මගේ නම් එක සැරයක් පික්පොකට් ගහලා තියෙනවා ,පර්ස් නැතුවම තමා .සල්ලි ටිකට සොරි උනා දළදා මාලිගාව ලඟදි.

      Delete
  27. මැදැයි මමත් හිතුවා පව් අසරණයා කියලා. හැක් ඔහොම වෙනවා නේ ඇත්තටත්. හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඔහොම වෙනවා ගොඩක් අයට , හැබැයි ඔහොම ණයට ගත්ත සල්ලි නැතිවෙන්වාට වඩා හොඳයි මැරෙන එක

      Delete
  28. පිස්සු හැදෙනවා . ආශාවෙන් එක් දිගට මුළු කතාවම කියවගෙන ගියා. වස්තු බීජය මෙන්ම පරිබාහිර ලෝකය මනාවට විග්‍රහ කරල තියෙනවා හරිම සංවේදීයි. මුලින් සිතාගෙන හිටපු දේට වඩා වෙනස් දෙයක් අවසානෙට සිදුවීමෙන් පාඨකයා විශ්මිත ලොවකට ගෙනයාමට හැතියාව ඇ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වැව ඉස්මත්තට , හැබැටම මචෝ උඹ ලියන්නේ නැද්ද දැන්. වහාම ලියපන් ,නැත්තන් වැව ඉස්මත්තේ කැලෑ වැවෙයි

      Delete
  29. කථාව එළ,
    මටත් ඔය වගේ වැඩ වෙනවා බං.. කොහෙද කල්පනාව අඩුයි නෙවැ.. හැබැයි පර්ස් එකනම් දැන් අවුරුදු ගානක ඉදලම දාන්නේ ඉස්සරහ සක්කුවේම තමයි..

    ReplyDelete
    Replies
    1. මගෙ පර්ස් එකනම් වයිෆ්ගෙ හැන්ඩ් බෑග් එකේ තියෙන්නෙ

      Delete
    2. @ චමී4U - මටත් පික්පොකට් පාර වැදුනට පස්සේ දාන දෙයක් ඉස්සරහ සාක්කුවේ තමයි . කොහොමත් පිටිපස්සේ සාක්කුවේ පර්ස් දැම්මාම අපහසු හින්දා ඉස්සරහ තමයි පර්ස් එක නම් දාන්නේ .

      Delete
    3. @ වැව් ඉස්මත්ත - ඒ නම් මචෝ උඹ අතට සල්ලි දුන්නොත් වෙන දේ හාමිනේ දන්න නිසා තමයි. උඹ අටමගේ යාලුවනේ හික් හික් ..:D

      Delete
  30. කතාව අනිත් පැත්ත හැරිලා... වෙච්ච එකම දේ අරූ ගුටි කාපු එක.. හික් :)
    ලස්සනයි කතාව !!

    ReplyDelete
    Replies
    1. හැක හැක හැක දැන් උඹට අත්දැකීම් තියෙන්නේ පර්ස් එක නැතිවෙලාද ..නැත්තම් ගුටි කාලද...හැක්හක් ?

      Delete
  31. පිරිමින්ට සමාන්‍යන් වෙනව නෙද මේක.මම කිව්වෙ ගුටිකන එක නෙමෙයි අමතක වෙන එක.එල ඇ.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ උඹ මේ කියන්නේ ගුටිකන එක ගැන කියලා .... :D

      Delete
  32. මට නං ඉවර වෙනකං හිතා ගන්න බැරි වුණා මොකද වුණේ කියලා :) කතාව හරිම තාත්වික යි! මට හිතුනේ මමත් ඒ බස් එකේ යනවා වගේ. එපා වෙනවා ඔෆිස් ‍ටයිම් එකේ බස්වල යන්න සෙට් වෙනකොට!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධාරා ... අපේ මේ දෑහිතකාමී ,සුචරිතවාදී සමාජයේ ඔයාලා වගේ අයට විතරක් නෙවෙයි ,වයසක් කෙනෙකුටවත් බස් එකෙක යන්න බෑ ධාරා නංගී....., ඔෆිස් ටයිම්,ස්කූල් ටයම් වලට විතරක් බස් එකේ යන අයියලාත් ඉන්නවා ඕනෑතරම්...... මොකද අපි වසර දෙදාස් පන්සීයක විශිෂ්ට ඉතිහාසයක් තියෙන ,හික්මීමක් තියෙන, මාර සිරා ජාතියක්නේ

      Delete
  33. ප්‍රශ්නයක් ඉතුරු කරලා කතාව ඉවර කරලා නේද? මට නම් ගෑනු කෙනා සැක යි!

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඉතුරු වෙච්ච ප්‍රශ්නේ....? මොන ගෑනු කෙනාවද සැක ..? මොකටද සැක?

      Delete
  34. //වෙනදා පුරුද්දටම මං පර්ස් එකෙන් දහයේ කොළ දෙකක් අරන් උඩ සාක්කුවේ දාගත්තේ බස් එකේදී ලේසි වෙන්න ,//

    පොතේ හැටියටනම් පර්ස් එක අමතක වෙලා යන්න හේතුවක් නෑ. මොකද එහෙම මාරු සල්ලි උඩ සාක්කුවට දාගත්ත ගමන් පර්ස් එක යන්නෙ කලිසමේ සාක්කුවට.
    අන්න එතනදි පොඩි ඉෆෙක්ට් එකක් පාවිච්චිකලනම් කතාව තවත් තාත්වික කරගන්න තිබුණා.
    කෙටිකතාවක දී ඕනෑම සියුම් තැනක් වුනත් මගහැරීම සුදුසු නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මටත් ඕක නොහිතුනා නෙවෙයි මොකද පර්ස් එකෙන් මොනාහරි ගත්තා නම් පර්ස් එක අනිවාර්යයෙන් සාක්කුවටම යනවා ,එත් මම එතැන් වැඩිය දේවල් කියන්න ගියානම් කතාවේ අවසානය කියවන අයට එතනදීම වැටහෙයි කියන බයටයි එතන වැඩි යමක් නොකියා මාරුවුණේ

      Delete
  35. නොසිතපු අවසානයක්.මගේනම් මේ වෙනකම් පර්ස් එක පික්පොකට් ගහලා නැහැ.සමහරක්විට පික්පොකට් ගහන වුන් හිතනවා ඇති අපේ මොනා ගන්නද කියලාත්...:D

    ReplyDelete
    Replies
    1. මොනවත් නොතිබුනත් පර්ස් එකක් දාගෙන බස් වල යන්න බැරි කාලයක් තිබුනා මනෝජ්. ස්තුති වේවා මචෝ.

      Delete
  36. කකා ඉහළින් කියලා තියෙනවා වගේ ගී ද මෝපසාංගෙ කෙටිකථාවලත් මෙවැනි කථා වස්තු තියෙනවා...දියමන්ති මාලයක් අසල්වැසියෙකුගෙන් ඉල්ලගෙන උත්සවයකට යනවා කෙනෙක් නැවත පැමිණ දෙන පොරොන්දුව පිට...ඒත් එය නැති වෙනවා ආපසු එන ගමනේදි....අර කාන්තාව තමන් සතු සියලු වත්කම් මුදල් කරලා හිමිකාරිනියට මාලය ඒ විදියටම හදලා නැවත භාර දීලා පාරට වැටෙනවා...තවත් අවුරුදු ගානකට පස්සෙ හදිසියේම මාලෙ අයිතිකාරයා මාලෙ ඉල්ලගෙන ගිය කෙනාව මගදි මුලිච්චි වෙලා අහනවා ඇයි හොදට හිටිය ඔයා මේ විදියට පාරට වැටුනෙ මොකද කියලා.....සිද්ධිය කිව්වට පස්සෙ තමයි මාලෙ හිමිකාරිණිය කියන්නෙ එදා දුන්නෙ ඉමිටේෂන් මාලයක් කියලා....ඒ කථාව තමයි මට මේක කියවලා මතක් වුනේ....

    ReplyDelete
    Replies
    1. තැනකුයි සිරා... ඇත්තටම ගීද මෝපසාන් ගේ කතා මාත් ආසාවෙන් කියවා තිබෙනවා, ඔය කියන කතාව සිංහල පොතක තිබුනා මට මතකයි පාඩමක් හැටියට.

      Delete
  37. මගෙත් එක දවසක් පඩි පැකට් එකට ගහලා තියෙනවා කඩුවෙලදී. අප්පා හොඳටම කෝඩේ ගහල හිටපු කාලෙක. මට එදා දවසේ ඇති වෙච්ච කම්පනය මතක් වුනා මේක කියවද්දී .

    ReplyDelete
    Replies
    1. අප්පා කියලා වැඩක් නෑ ඒ සැප නම්.. මට වැඩේ දුන්නේ දළදා මාලිගාව ලඟදිමයි

      Delete
  38. අපුරුයි.. හරිම තාත්වික විදියට ලියලා තියෙනවා//

    ReplyDelete
    Replies
    1. බොහොම තැනකුයි මොනර සිතත්තී ... කොපි බොන්න එන්නත් තියෙනවා

      Delete
  39. එළ කතාව බං.බස්වල යන උං ගාව සල්ලි නෑ කියලා දන්න හින්දා දැං පික්පොකට් කාරයෝ වැඩිය නෑ මං හිතන්නේ

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත බං ,ඒ වගේම පොකට් එකකට ගහලා හම්බවෙන තුට්ටු දෙකෙන් කොරන්න දෙයක් නැති නිසා ..දැන් එක අල්ලලා දාලා ඇති,එකඟ දෙන කොටි ගණන් වල ගේම්ම දෙන්නේ

      Delete
  40. ලස්සන කෙටි කතාවක් මගෙත් පොකට් එකට වැඩ දුන්නා දළදා මාලිගාවේදී 1800 ක් විතර තිබුනා මට වැඩිපුරම සල්ලි නැති වෙන්නේ පොකට් එකට දාගන් නැතුව කලිසමේ සාක්කු වල ඔබා ගන්නවා කම්මේලි කමට ලේන්සුව එහෙම අදිනකොට වැටෙනවා දන්නෙම නැතුව මේ ලගදිත් 1000ක් නැති උනා

    ReplyDelete
    Replies
    1. දළදා මාලිගාවේදී තමයි වැඩියෙන් පරිස්සම් වෙන්න ඕන, මොකද සැදැහැවත් පොකට් කාරයෝ පිරිලා... ශික් උඹ ලේන්සුව අදින වෙලාට ලඟට වෙලා ඉන්න ඕන... හැබැයි නහය වහගෙන බිම බලාගෙන ...හැක හැක ...:D

      Delete
  41. සිරාගෙ කමෙන්ටුවෙ තියන්න වගේ..මෝපසාං කෙටිකතාවක තියෙනව තමා...උඹේ නම වගේම කතා ශෛලියත් රැසියානු උරැවක් තියෙනව...ඇත්තටම උඹ පොස්ටුවක් දානකම් බලන් හිටියෙ..කෙටි වුනාට..අගේ ඇති කථෘව...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජෙමෝ අගය කිරීමට ...මොපසාන්ගේ කෙටි කතාවක් ආකාරයෙන් ගොඩ නගන්න තමයි මම උත්සාහ ගත්තේ .

      Delete
  42. මටත් ඔය අමතකවීමේ ලෙඩේ උග්‍ර ලෙසම වැළඳිලා තියෙන්නේ.. වෙලාවකට මොනාහරි කොහෙන්හරි තිබ්බොත් ටිකකින් ඒක තිබ්බේ කොහෙන්ද කියලා මතක නෑනේ....

    ReplyDelete
    Replies
    1. ඔඅක නැති කෙනෙක් නෑ බං. එත් සමහර එවුන්ට තදින්ම තියෙනවා. ගෙදරදිනම් කමක් නෑ වෙන තැනකදී එහෙම අමතක වුනානම් සොරි තමයි.

      Delete
  43. මට හිතුණා ඔයාට සියවෙනි කමෙන්ටුව දාන්ට. :D

    ReplyDelete
    Replies
    1. හි හි තැනකුයි වේවා පොඩ්ඩියේ......(මේ මට හීනියට ටොක්කක් ඇන්න එහෙම නෙවෙයිනේ......?)

      Delete
  44. නිර්මාණාත්මකයි..! ආසාවෙන් කියෙව්වෙ.ඒත් ඇයි ෆොන් එක ඕෆ් වෙලා..?

    ReplyDelete
    Replies
    1. තැනකුයි වීයෝ... එක ටිකක් අනවශ්‍ය දෙයක් වගේ තමයි .... එත් නැත්තං කාට හරි හිතෙන්න පුළුවන් මෙච්චර බල්ලෝ පූසෝ ගාව ෆෝන් තියෙන කාලේ ගෑනි මූට කෝල් කරලා කිව්වේ නැද්ද කියලා

      Delete
  45. අම්මෝ.. ඇති යන්තම් පර්ස් එක හම්බුනා.. නැත්නම් පව් අහිංසක මනුස්සයා.

    ReplyDelete
    Replies
    1. පර්ස් එකනම් හම්බ වුනා එත් කෑවනේ ගුටි.

      Delete
  46. සරල මාතෘකාවකින් සරල කෙටි කතාවක්. . අගෙයි

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ලොකුජෝන් ..කෝ පෙට්ටගම අරින්නේ නැද්ද..?

      Delete
  47. සරළ සිද්ධියක් ඇසුරින් පාඨක කුතුහලය නිරන්තර රදවාගනිමි ලියැවුනු ලස්සන කෙටි කතාවකි..
    අද මගේ අඩවියේ දී ඇතිවුණු සිද්ධියේ දී ඔබ හා අරු ගෙන් ලද ඔවදන් කිසි ලෙද අමතක නොවේ.. එහිදී මට වුණේ ද මෙවන්ම අකරතැබ්බයකි අවසන සිනහත් යනවා... ස්තුතියි ඉවාන්... ඒ වගේම ඔබ දැක අදුන ගන්නට ලැබීමද සතුටට කරුණකි.

    ReplyDelete
    Replies
    1. මටත් එසේමයි නලින් අයියේ..ඔබ හඳුනා ගැනීමට ලැබීම අප්‍රමාණ සතුටක්. එතනදී ඔබගෙන් ලද උපදෙස් හා ඇගයීම් මට ඉතාම වටිනවා. ඔබගේ අඩවියේ වුනු සිද්ධිය විසන්දුනු ආකාරය නම් හොඳයි....හිත් පිරිසිදු කරගන්න ලියන අපි හිත නරක කරගත් යුතු නෑ නිරපරාදේ ..

      Delete
  48. මාත් අද දහ අතේ හෙව්වා මගේ පර්ස් එක... ඒක ගෙදරලු. ;)

    ReplyDelete
    Replies
    1. හැබැයි බස් එකේ ගුටි කාවේ නෑ නේද..? හික්ස්

      Delete
    2. නැහැ නැහැ. යන්තම් මොළේ කම්පනා කොරල අම්මගෙන් ඇහුවා. :D

      Delete
  49. මිස්ට ප්‍රගීත් දිස් ඊස් ඕසම් :)

    ReplyDelete
    Replies
    1. මිස්ට ප්‍රගීත් - කවුද යකෝ ඒ ...?

      Delete
  50. සුපිරි . . .ඇත්තෙන්ම සෑඩ් එන්ඩින් කතාවලට වඩා මම නම් ආසා හැපී එන්ඩින් කතාවලට . . . මේකත් නියමයි ඉවාන් . . .

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]