Thursday, December 26, 2013

ආදරයේ අග්‍රඵලය

all pics from google

"ලොකු අම්මී ....ලොකු අම්මී ....දොර අරින්නකෝ හලෝ.... "

ලොකු නංගීගේ දියණියගේ හඬින් මා අවදි විය... අඃ හත හමාරත් පහුවෙලා .......නිවාඩු දවසනේ ..

"මොකද බට්ටි ..."

"දොර අරින්නකෝ...ඉතින් ......

මා දොර විවර කල සැනින් ..මගේ බෙල්ල බදාගත් කුඩා දැරිවිය ......"උම්මා ..හැපී බර්ත් ඩේ ලොකු අම්මී ...මේක ඔයාට .....මමයි හැදුවේ...ඉක්මනට ලැස්ති වෙන්න ,අම්මා එනවා කිව්වා ලොකු අම්මිව පහලට එක්කන යන්න කිරිබත් කපන්න ..."
කියා නැවත දිව ගියාය...තරප්පු පෙල දිගේ ය පහලට දිව යන හඬ මට තවමත් ඇසෙ .....'

මගේ සිත අතීතයට දිව ගියේ නිරායාසයෙනි.

*******

"නදී ...නදී......නදී.... මේ බලනවකො හලෝ.....මොකද මේ...."

සුමේධ මගේ ඇඟේ ඇතිල්ලෙමින් ...වැලමිටෙන් මට කිහිප වාරයක් ඇන්නේ මම කතා බහක් නැතිව සිටි නිසාම විය යුතුය. කතා කලයුතු වුවත් ..ඔහුගේ ප්‍රමාදයෙන් මගේ සිත ඒ වනවිට හොඳටම රිදී තිබුණි..

"නිකං ඉන්න සුමේධ........" මම හැඬුම් අතරින්ම පැවසුවෙමි.

"නිකන් ඉන්න ...මෙතන .........කමක් නැද්ද....?"

ඒ වදනට නම් මට සිනායන්නට ආවත් පෙර පැවති නුරුස්නා හැගීමෙන් මිදීමට එය ප්‍රමාණවත් නොවීය.

"ඔයාට හැදේම විහිළු.....බලන්න මම කොච්චර වෙලාද කියලා ඇවිත් .දැන් පැයකටත් වැඩියි....මිනිස්සු බලබල යනවා .....එහෙන් රස්තියාදු කාරයෝ වටේ කැරකෙනවා........මොකක්ද අනේ......තව ටිකක් වෙලා ගියානම් මං යනවා යන්න ..."

"ඔයා කීයටවත් මං එනකං යන්නේ නෑ කියලා මං දන්නවනේ පැටියෝ...."

"එක තමයි වැරැද්ද...? ඇත්තටම ඔයාට මගේ ගැන ඔයිට වඩා ටිකක වගකීමෙන් හිතන්න බැරිද සුමේධ..?"

"ඔන්න ඔන්න ඔන්න කෙල්ල සීරියස් වෙන්න හදනවා........මෙන්න මෙහාට එන්න ....."

"ඊයි ...මොකද අනේ වෙලා තියෙන්නේ ...මිනිස්සුත් බලාගෙන පිස්සුද ඔයාට ...."සුමේධ මාව තුරුළු කරන් මගේ කම්මුල මතට හාදුවක් දෙන්නට උත්සාහ කලෙන්...මට සියුම් ලැජ්ජාවක් ඇතිවිය ......."අඳුනන අයත් ඉන්නවාද මන්දා...?"

"ඉතින් අපි කාටවත් පෙන්නේ නැති තැනකට යමු........"

"කොහෙටද...

"අනේ අදනම් බා කියන්න එපා නදී , නිලන්ත මධු එක්ක ඇවිත් ඇති....නර්මදා බීච් හොටෙල් එකට ..."

"හොටෙල් එකට ....අනේ සුමේධ "

"අදට ඔන්න ඔහේ ගිහින් එමු.....අනේ යමු නදී...නැත්තන් අදත් අරුන් මාව බයිට් එකට ගනියි.

"අනේ සුමේධ ...අපි පාක් එකට සුමේධ යමු ?"

"පාක් එකට ...?"

"ඔව් ..ඇයි ......?"

"ඒ කියන්නේ ඔයාට බෑ ....හරි ......යමුකෝ ..."

******

"මොකද සුමේධ බුම්මගෙන ඉන්නේ .....හරිනම් මමයි කතා නොකර ඉන්න ඕනේ ..."

"ඉතින් කතා නොකර ඉන්නවා මට මොකද ......."

"සුමේධ........"............................. මාගේ අත ගසා දැමූ ඔහු බංකුවේ එහා කෙලවරදෙසට තල්ලුවිය.

" මොකක්ද සුමේධ ....පොඩ්ඩක් ලඟට එන්නකෝ......මොකද මේ බුම්මගෙන ....මම ඔයාට බැන්නේ නෑනේ පරක්කුවුනා කියලා"

එවර ඔහූ කට කොනකට නගාගත් අවඥාසහගත සිනාවක් සහිත බැල්මක් සමගින් මාදෙස බැලීය ...

"මෙතන ලඟට වෙලා ඉන්න බෑ ..ඔයා අඳුරන අය ඇතිනේ......අනික මිනිස්සුත් දකිනවනේ....හඃ .."

"ඉතිං අපි වැරදි දෙයක් කරන්නේ නෑනේ සුමේධ...."

"අනේ මේ නදී ...දැන් හිටියා ඇතිනම් යමු යන්න....'

"අයි අනේ මොකක්ද ඔයා කියන්නේ....දැන් මොකක්ද මං කරපුවරැද්ද?"

"වැරැද්ද...? මෙතන හිතේ හැටියට කතා කරන්න පුලුවන්ද නදී.... මිනිස්සු බලාගෙන.....අනික ඔයාට තමයි මම කොහේ හරි යන්න එන්න කිව්වම බැරි...."
ගිය බදාදා ට්‍රිප් එක යන කිව්වමත් බෑ... පෝය දවසේ සුමිතුයි නිශායි සුමිත්ලගේ ගෙදර ගිය දවසේ ආවෙත් නෑ ....."

"අනේ එහෙම ගෙදරින් එන්න දෙන්නේ නෑනේ සුමේධ ..."

"එහෙනම් නිශා ආවේ...මධු ආවේ .... ගෙදරට හැමවෙලේම ඇත්ත කියන්න ඕන නෑ නදී....'

"මටනම් බෑ සුමේධ ගෙදරට බොරු කියන්න ..අනික එදා වෙච්ච දේ ගැන නිශා දැන් ගොඩක් පසු තැවෙනවා ...."

"ඒ මොකටද......? කොහොමත් එයාලා මැරී කරන්න නේ ඉන්නේ... අනික  ආදරේ කියන්නේ ඔය ඔක්කොටම තමයි.......නැතුව මේ පාක් එකට වෙලා කුණු කුණු ගාන එකට විතරක් නෙවෙයි..."

මගේ ඇස් දෙකෙන් පලවූ විමතිය සුමේධ පැහැදිලිවම දැක ගන්නට ඇත.........

"සුමේධ ...........ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ ආදරයක්ද...?"

"ඒ වගේ කියන්නේ මොකක්ද ...? ආදරේ කිව්වම ඒකට අරක් හොඳයි මේක නරකයි කියලා නෑ .....අපි දෙන්නා කවදා හරි මැරි කරන්න හිතාගෙනනේ ඉන්නේ..................?"

"ඉතිං ඒ ලස්සන දවසට ඉතුරු කරගන්නොන දේවල් ගන්න දැන්ම හදිසිවෙන්න ඕන නෑ නේද...?"

"ඔයාට කොච්චරවත් මාව විශ්වාස නෑ එකනේ හේතුව කෙලින්ම කියන්නකෝ ...අනේ මේ යමු යන්න "

"සුමේධ...."

"ඔයාට බැරිනම් ඉන්න මම යනවා ..."

******* 

එදයින් පසු නැවත සුමේධ මාවෙත් නොආවා පමණක් නොව මාගේ ඇමතුමකට පිළිතුරු දීමට තරම් වත් කාරුණික නොවූයේ මට සියල්ල එපා කරවමිනි.....දිවි තොර කරගැනීමට සිතා උඩු මහලෙන් බිමට පන්න මා නොමැරී බේරීමට තරම් අවාසනාවන්ත වූයේ මන්දැයි මට නොතේරේ...අද වනවිට මා සියල්ලන්ටම බරක් වෙමින් රෝද පුටුවකට වී සිටීමට සිදුවූයේ මන්ද....

මා ප්‍රිය කල ගීයක හඬ ඈතින් මෙන් ඇසෙයි ....













143 comments:

  1. මම ආවෙමි,,,
    කියවා නැවත එමි...

    ReplyDelete
    Replies
    1. කෙටියි,හොදයි,රසයි.
      කියවද්දී කකාව මතක් වුනා.
      ගැහැණියකගේ හඩ පිරිමියකුගේ අකුරු තුලින්.....
      සුමේධයත් මම වගේ ලැජ්ජ බයට හැදිච්ච කොල්ලෙක් වගේ.
      ඇයි අප්පා දෙනෝ දාහක්ට පෙනී පෙනී ආදරේ කොරන්න ඇහැකිද?
      හොදම තැන කාමරයක් ඇතුල.
      හැබැයි ඉතින් මම වගේ ශිලාචාර දරුවෙක් ම වෙන්න ඕන.

      Delete
    2. හැබෑට එකත් ඇත්ත...ලජ්ජා බයට හැදිච්ච කෙන්ජයියා වගේ කොල්ලෝ...හැමෝටම පෙනි පෙනී ආදරේ කොරන්ට ලජ්ජා ඇති නොවැ...ශීලාචාර දරුවා.........පොඩ්ඩක් ඉන්ට හිනාවෙලා එනකං ......

      Delete
    3. ලැජ්ජා බයට හැදිච්චි තොත්ත බබා මේකා ඊයෙ දවසම හිටියෙ හෙලුවෙං.

      Delete
    4. උඹ කොහොමෙයි ඇනෝ මචං එක දන්නේ...? උඹ හිටියෙත් එතනද?

      Delete
    5. ඇනිය තොපවන් ගොබිලන් පෙනෙන තෙක් මානයේ මා සෙලුවෙන් නොසිටින්නෙමි.තෝ තොපවන් ගොබිලෙකුටම රැවටී ඇති සෙයකි.
      එසේ සිටීමට මා හට අවැසි නම් අසපු ඇත ඔනෑ තරම්.
      මෙහෙම ඇවිල්ල තියන්නෙත් අපේම එකෙක් නොවැ,
      ඒකත් එක චුං එකක් තමා අප්පා.

      Delete
    6. අප්පට සිරි කෙන්ජයියා හෙළුවෙන්ම වනලා තියෙන්නේ ...:D

      Delete
    7. කෙන්ජයියා දෙකක් දාගත්තාම හතරවටේටම වනනවා ඉවාන් මලයා.. දැක්කනේ මට වනපු වැනිල්ල.

      Delete
    8. හැක හැක හැක ආයේ මක්කයි නලින් අයියේ... තව ටිකෙන් සිව් වෙනි ලෝක මහා සංග්‍රාමය වෙනවා ඒක

      Delete
    9. ඒකෙ ප්‍රණාමය ඉවාන් මල්ලිට හිමි වන්න ඕන එකෙන්ම...
      පුද්ගලිකවම මේලයක් එවල .ඒ වගේම අටම් මට බැනල එවල තිබුන මේලක්.
      මේ විදියට තමයි මේකේ වෙන්න ඕන.
      නැතිව FB එකෙයි ,කොමන්ට් වලයි බෙරිහන් දීපු අය දැක්කම හරි අපුලයි.
      මගේ නලින් මල්ලගෙන් ඉල්ලා හිටිනවා ,ඔබගේ හිතවාදීන් ලෙස පෙනී සිටිමින් ඇන විදිය ට ඇවිල්ල මගෙන් ඇනගන්න එපැයි කියන්න කියල කියන ව ඔබට පැහැදිලිවම .
      අපේ නෙරන්ජ,අටම,ඕනය,බඩු කාරය,යට ලියන්න වගේ ගිනි කස කාරයෝ නොවන මහත්වරුන්ට මගේ ප්‍රණාමය.
      සේරමට ප්‍රශ්නේ කෙන්ජිය ඇත්තද /බොරුද කියන එක.
      පුදුම පිස්සු කතා.පිස්සු පුසෝ ඕන එකෙකුට මගේ බොග ඕපන් එහෙට එන්න.
      දෙන්නම් උත්තර.

      Delete
  2. රාගයත් ප්‍රේමයේ පලයක්ද?රාගය නොමැති ප්‍රේමය හෝ ප්‍රේමය නොමැති රාගය පලක් ඇති දේවල්ද?
    ඉවාන්ගෙ අදහස කොහොමද.

    ReplyDelete
    Replies
    1. කියන්න අමතක උනා මුලින්ම පටන් ගන්න සුරංග පස්සෙ සුමේධ උනේ කොහොමද බං

      Delete
    2. ඉස්සල්ලා ඉන්ට ඇත්තේ සුරංග. පස්සේ තමා සුමේධ එන්ට ඇත්තේ...:D :D

      Delete
    3. he is සුමේධ සුරංග වාසගම.

      Delete
    4. @ හැලපයියා - එක හැදුවා...පොඩි මිස්ටේක් එකක් ස්තුතියි.

      Delete
    5. @ පොඩ්ඩි & ඉන්දික - එවත් වෙන්න පුළුවන් දේවල් හැබැයි

      Delete
    6. @ හැලපයියා - //"රාගයත් ප්‍රේමයේ පලයක්ද?රාගය නොමැති ප්‍රේමය හෝ ප්‍රේමය නොමැති රාගය පලක් ඇති දේවල්ද?"// මගේ අදහස හලපයියේ මේ දෙකම සමාන්තරව යන හැගීම් දෙකක්.....මේ දෙකේම බන්ධනයෙන් තමයි ප්‍රේමය ශක්තිමත් වෙන්නේ... එත් රාගය කියන්නේ ලිංගිකත්වයම නෙවෙයි....සම්බන්ධය ලිංගික ක්‍රියාවලට විතරක් ලඝු වෙනවනම් හෝ එකම බලාපොරොත්තුව ලිංගික පහස ලැබීම පමණක් නම් එතැන් ආදරයක් නෑ. ආදරණීය හැගීම් තුලින් මතුවන රාගය (මේ වචනේ හරිම නෑ) සුන්දරයි ...

      Delete
    7. ආදරය කියන්නේ සිත් තුල ඇතිවන බැඳීම. රාගය කියන්නේ කායික බැඳීම.

      Delete
  3. මොනා උණත් වෙලා තියෙන දේ පව්. සුමේධ ගාව හරි ආදරයක් තිබිලා නෑ. එකතු වෙන බව දන්නවා නම් ඔහොම කරන්නේ මොකටද?

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත..මෙතැනදී දෙපැත්තටම තර්ක කරන්න පුළුවන්.... කොහොම වුනත් ආදරයයි ,රාගයයි...ලිංගිකත්වයයි කියන්නේ සමාන්තරව යන අපි අපේ ණුවනින් පැහැදිලිව වෙන්කරලා හඳුනා ගතයුතු කාරනා තුනක්...හැගීම් වලට වඩා බුද්ධියට තැන දීමෙන් මේක වලක්වාගන්න් පුළුවන්...හැබැයි කියන තරම් ලේසි නෑ ...

      Delete
    2. අනේ පොඩ්ඩි එහෙනං එකතුවෙලත් ඕව කරන්නේ මොකටද?

      Delete
    3. හප්පේ මේ පොඩි ළමයාගෙන අහල තියෙන කතාව නලින් අයියා

      Delete
  4. මේ කතාවට මුකුත් කියන්නෙ නෑ.

    හේතුව උඹට මොකටද :D

    ReplyDelete
  5. මොනවා කියන්නද හිතා ගන්න බෑ... ඔය වගේ හේතුවකට තමන් හැර ගිය අයෙකු වෙනුවෙන් දිවි නසාගැනුමට උත්සහ කිරීම මෝඩ කමක් කියලා විතරක් කියන්නම්...

    ReplyDelete
    Replies
    1. 100% ක්ම එකඟයි.. එත් ඒ සරල සත්‍යය තේරුම් ගන්න බැරි කීදෙනෙක් මේ සමාජයේ ඉන්නවද..?

      Delete
  6. පවුලූශෝ අදත් වෙනදා වගේම පෝස්ටුව බොහොමයක් බ්ලොග් රචකයන්ගේ (මමද ඇතුලුව.) පෝස්ටු වලට වඩා ඉදිරියෙන් ඉන්නවා. සතුටුයි ඒ ගැන.

    ඒත්, මට හිතෙන විදියට ඔයාගෙ අනිත් කෙටිකතා සහ ස්වනිර්මාණ වලට වඩා සුට්ටක් පහලින් තමයි මේ පෝස්ටුව තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ ටිකත් එකතු කොරන්නංකො. ඕවගෙ දෙයක් වෙනුවෙන් උඩතට්ටුවෙන් පල්ලෙහාට පනින එක නම් මෝඩ වැඩක් නේ ද? හැබැයි ප්‍රේමය පවතින්ට වුවමනා වෙන සාධක දහස් ගානක් අතරෙන් රාගයත් එකක් කියලයි මට හිතෙන්නෙ. ඒක ඔය හෝටල් කාමර අස්සෙ හොයන්ට පුලුවන්ද කියලානම් දන්නේ නැත. :)

      Delete
    2. ++++++++++++++++

      හලේ මංදා...........

      බස්සිට වැට ගහලා සද්ද නැතිව ඉන්නවා මම අද :D

      Delete
    3. @ බස්සි- බස්සි නංගී... මුලින්ම කියන්න ඕනේ මේක කෙටි කතාවක් නෙවෙයි ....මට ඕන වුනේ සින්දුවට පූර්විකාවක් ගොඩ නගන්න ..එත් එක හිතපු තරම් ලේසි නෑ ..වගේම සාර්ථකත් නෑ කියලා අම්ටත් තේරුනා.

      පැහැදිලිවම මේ වගේ දෙකට දිවි නසාගන්න හදන එක මහා ගොන් කමක් ඒත් ඒ සරල සත්‍යය තේරුම් ගන්න බැරි කීදෙනෙක් මේ සමාජයේ ඉන්නවද..?

      //" හැබැයි ප්‍රේමය පවතින්ට වුවමනා වෙන සාධක දහස් ගානක් අතරෙන් රාගයත් එකක් කියලයි මට හිතෙන්නෙ"// එකඟයි.... හැබැයි ලිංගිකත්වයයි ..ප්‍රේමනීය රාගයයි කියන්නේ දෙකක්... හෝටල් කාමරවල හොයන්නේ ලිංගිකත්වය මිසක් ආදරය නෙවෙයි කියලයි මටනම් හිතෙන්නේ...

      Delete
    4. @ රෙහානි - මේ වැටවල් ගහන්නේ නැතුව මොනවා හරි කියපන්කො බං ....එහෙනම් බස්සිට දීපු උත්ත්රේම් බලන්ට රෙහානිත්

      Delete
    5. ඈ බස්සියේ තෙල්බැම්මවල් ලව්ලේන් ජම්නේසියම් තියන උඹලට නං හෝටල් කාමර ඕන නෑ තමා. ඒත් ඒවගේ තැන් ඕන වෙන අයත් මේ සමාජේ ඉන්නවා. අපේ සංස්කෘතික බැම්ම නිසානේ මේ තහංචිය. අර මොකද්ද එක පරිස්සං කොරං එන්න පුලුවන්නං ගොඩ තමා දෙන්නම.
      අද ඉන්න කොල්ලො කෙල්ලෝ ගත්තාම විවාහයට කලින් ඔය අද්දැකීම් නැති එකෙක් එකියක් හොයාගන්න පුලුවන්ද බලන්න. ලෝකෙට පේන්න මෙහෙම හොද නැ අපි යන්නේ නැ කිව්වට අඩුම තරමින් තංගලු ගලේවෙල නොගිය කෙල්ලෙක් කොල්ලෙක් හොයාගන්න ඇහැකි ද.වැඩිය ඕන නෑ පාර්ක් එකකට ගියත් මොනවද වෙන්නේ.
      මේ හැම දෙයින්ම පේන්නේ අවශ්‍යතාව රාගය බව නොවේද? කාමරයකට නොගිහින් වුව මේ රාගී මිහිර කී දාහක් නම් විදිනවද?

      Delete
    6. //"සංස්කෘතික බැම්ම නිසානේ මේ තහංචිය"// අපිට කොච්චර උවමනා වුනත් මේ සංස්කෘතික බැම්ම බිඳින්න පුලුවන්ද ..? විශේෂයෙන් කෙල්ලෙකුට .අපේ පසුගාමී අදහස් තියෙන සමාජයේ ගර්හාවට කෙල්ලෙක් ලක් නොවී ඉන්නනම් කොච්චර වුනත් මෙතනදී පරිස්සම් වෙන්න වෙනවා නේද? අනික ඕක හොයන්නේ අන්තිමට පිරිමිමනේ.

      Delete
    7. //අනික ඕක හොයන්නේ අන්තිමට පිරිමිමනේ.//

      රන් කහවනුවක් කටේ දාන්ට ඕනේ ඒ කතාවට නං :D

      Delete
    8. කටට එපා සාක්කුවට දාන්ට... අතේ සල්ලිත් නැතිවෙලාවේ .....:D

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. @නලින් අයියා :
      දැන් මොන තෙල් බැමි ද අයියා, ආන් ඒකෙ අපේ හිටපු ඩීන් ලොක්කා බෝධියක් හිටවලා හැමදාම හැන්දෑවට බෝධි පූජා තියනවා. සික්කෙක්වත් දාල බෝධිය ආරක්සා කොරන්ඩ. සයිබාව එලි කොරල පේරෙ වගේ එළිමහන් රංග භූමියක් හදනවා. දැක්කම ඇඬෙනව අනේ. :)

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ගයාන් හැමෝගෙම හිතේ අඩුවැඩි වශයෙන් මේ වරදකාරී හැගීම තියෙනවා බං. එත් අතරමං කිරීමේ අරමුණින්ම මේ සඳහා පෙළඹීම බොහෝ වැරදි සහගත දෙයක්.

      Delete
  8. ප්‍රේමය මුසු ආදරයේ සීමාවන් තියෙනවා වගේ නේද..? ඒ කියන්නෙ පුංචි හාදුවක්,කම්මුලක් ආදරෙන් සිපගැනීමක්, කනක් දතින් විකීමක්...අතක් සිප ගැනීමක්...වගේ දෙයක්...ආදරයද...රාගයද..?
    හැබැයි උඹ කියන්නෙ ලිංගිකත්වය ගැන..!

    ReplyDelete
    Replies
    1. අන්න හරි වීයෝ....උඹ කියන්න ඕන දේ ලෙසටම කියලා තියෙනවා....රාගය ලිංගිකත්වය එක්ක පටලවා ගැනීම නොකලයුතුයි.

      Delete
    2. සියල්ලේ උපරිමය සංතෘප්තියයි.

      Delete
  9. මට නම් දැනෙන්නේ පිරිමි ළමයා ඉතාම සාමන්‍ය හැසිරීමක් තියෙන කෙනෙක් ,, සාමාන්‍ය ආදරවන්තයෙක් ...ඒත් ගැහැණු ළමයා ඔහුට අවශ්‍ය ආදරේ දෙන්නේ නැහැ ,,ඉතින් ඔහු ඈත් වෙච්ච එක වරදක් නෙමේ ...උඩ තට්ටුවෙන් පැන්න එක ඉතාම බොළද වැඩක් මේ වගේ අය කොතෙක් ඇද්ද මේ සමාජේ..

    ඉවාන් ,, පටන් ගන්න තැන තියන් "සුරංග "කියන තැන සුමේධ කියලා එඩිට් කරන්න,

    ReplyDelete
    Replies
    1. සුරංග සුමේධ පලහිලව්ව හැදුවා...ස්තුතියි ඔමා ..

      මෙතන දී එක එක පුද්ගලයා සමාජය එක්ක ගනුදෙනු කරන ආකාරය අනුව තත්වය වෙනස් වෙනවා. කාලයක් තිබුනා මනමාලිගේ මුහුණ පෝරුව උඩදී තමයි ඉස්සෙල්ලම දකින්නේ.... ඉතින් අද වෙනකොටත් සමහරු සුළු දෙයක් හැටියට දකින දේවල් සමහරු මහා පාප කාර්ම හැටියට දකිනවා.

      උඩ තට්ටුවෙන් පැනපු එකනම් බොළඳ වැඩක් තමා...එත් එක නොතේරෙන සෑහෙන දෙනෙක් මේ සමාජේ ඉන්නවා ඕමා

      Delete
    2. මට නම් දැනෙන්නේ පිරිමි ළමයා ඉතාම සාමන්‍ය හැසිරීමක් තියෙන කෙනෙක් ,, සාමාන්‍ය ආදරවන්තයෙක් ...ඒත් ගැහැණු ළමයා ඔහුට අවශ්‍ය ආදරේ දෙන්නේ නැහැ ,,ඉතින් ඔහු ඈත් වෙච්ච එක වරදක් නෙමේ ...//

      මම නං මෙතන ඔමා කියල තියෙන දේට පොඩ්ඩක්වත් එකඟ වෙන්නෙ නෑ.. මේ කතාවෙ පිරිමි ළමයා එයා ගැනම හිතනවා මිසක් ගෑණු ළමයගෙ පැත්තෙන් පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ.. යාලුවො විහිළු කරන හින්ද හෝටල් වලට යමු, ගෙදරට බොරු කරන්න කියන එක ගෑණු ළමයගෙ පැත්තෙන් හරිම අසාධාරණයි... මේ කතාවෙ ඉන්නෙ සාමාන්‍ය “ආදරවන්තයෙක්” නෙවෙයි... තමන්ගෙ පෙම්වතියට මෙහෙම අනවශ්‍ය විදියෙ පීඩනයක් දෙන්නෙ ඇගෙන් තමන්ගෙ අවශ්‍යතා සපුරගන්න හදන පිරිමියෙක් විතරයි....

      Delete
    3. ගෙදර බිත්ති හතරට කොටුවෙච්චි ගෑනු ඉන්නෙම සමාජය ගැන පිරිමි ගැන වයිරෙන්

      Delete
    4. හිරු - මම දකින විදිහනම් එහෙම ඉල්ලීම් කිරීම සුදුසු නෑ.... නමුත් තමුන් ගනුදෙනු කරන සමාජය අනුව ඒ දේවල් සාපේක්ෂ වෙන්න පුලුවන්.

      Delete
    5. @ ඇනෝ - ගෙදර බිත්ති හතරට කොටුවෙච්ච ගෑනු ගැන නම් ඔයා කියලා තියෙන දේ හරි

      Delete
    6. හිරු @ ඉවාන් ලියපු කොටසට අදාලව පමණයි මං කමෙන්ට් කලේ මගේ හිතෙන් චිත්‍රපටියට වැඩිපුර කොටස් එකතුකරලා නෙමේ ///"අනේ අදනම් බා කියන්න එපා නදී , නිලන්ත මධු එක්ක ඇවිත් ඇති....නර්මදා බීච් හොටෙල් එකට ..."/// මෙතන අදහස් වෙන්නේ මොකක් කියලාද ඔයා හිතන්නේ ?? මේ පුංචි කතාව කියවල මං කොමෙන්ට් කලේ ...කොහොම නමුත් පිරිමි ළමයාගේ හැසිරීම මටනම් සාමනයයි ඔහුගේ සමාජ මට්ටම අනුව ,,

      Delete
    7. ඉවාන් මල්ලි ලේසියට පාසුවට කියවන්න පුළුවන් ඉන්ගිරිසිය්යෙන් ලියන බොගක් ගැන දන්නවම් කියහන්කො දැන් මේ අඩවිය අපිට අවහිර කරන පොල්මක්කාර තොටළග අම්මණ්ඩි ල දෙන්නෙකුයි,යටි කුට්ටු නස්රානි බලු කුක්කෝ 4 දෙනෙකුයි අයිති කරගන්න හදන නිසා.

      Delete
  10. කට්ටිය හැමෝටම සුමේධ-සුරංග ප්‍රශ්නය තියෙනවා වගේ. හ්ම්ම්, කියන්න නං කොච්චර දේවල් තියෙනව ද මේ ගැන! කතාවක් තියෙනවා ගැහැනිය කැමති ආදරයට පිරිමියා කැමති රාගයට කියලා. ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා මම දකින විදියට. මේ කතාවේ පිරිමි ළමයා කරන ඉල්ලීම හරිම සුලබ දෙයක්. ඒත් ගැහැනු ළමයෙක් තමන්ගේ සීමාව දැන ගන්න ඕනේ. මොකද අපි තාමත් ඉන්නේ සාම්ප්‍රදායික සිතුම් පැතුම් තියෙන රටක. එහෙම රටක මේ වගේ දෙයකට ගැහැනු ළමයෙක් එකඟ වීමේ ලොකු අවදානමක් තියෙනවා. බඳින්න ම හිතාගෙන හිටියත් කවුද දන්නේ අන්තිම මොහොතේ මොනවා වෙයි ද කියලා. එහෙම වුණොත් අසරණ වෙන්නේ ගෑනු ළමයා නේද? මට හිතෙන දේ මම කිව්වේ. හැබැයි, ගෑනු ළමයෙක්ට මොළේ පාවිච්චි කළොත් හෝටල් ගානේ රිංගන්නේ නැතු ව කසාද බැන්දට පස්සේ කරන දෙයක් කර ගන්න කොල්ල ව ‍නම්මා ගන්න පුළුවන් :) අනෙක ඇයි දෙයියනේ ටිකක් ඉවසලා ඉන්න බැරි? මේ ජීවිතේ කොච්චර නං දේවල් තියෙනව ද සතුටින් ඉන්න!

    ඒක නෙමෙයි, මුදියා නොහොත් සමියා ඔයාගේ පින්තූරයක් මට ලබා දෙන්න තරම් කාරුණික වුණා :) හිතාගෙන හිටියට වඩා සෑහෙන්න වෙනස්නේ, අෆ්ෆා!

    ReplyDelete
    Replies
    1. මහා කළු සිංහලයෙක් නේද මුදියා කියන්නේ?

      Delete
    2. @ ධාරා - //"මේ කතාවේ පිරිමි ළමයා කරන ඉල්ලීම හරිම සුලබ දෙයක්. ඒත් ගැහැනු ළමයෙක් තමන්ගේ සීමාව දැන ගන්න ඕනේ. මොකද අපි තාමත් ඉන්නේ සාම්ප්‍රදායික සිතුම් පැතුම් තියෙන රටක."// අනන් අඑක තමයි ධාරා අවබෝධ කරගත යුත්තේ... අපි ඉන්නේ බටහිර රටක නෙවෙයි. කොච්චර රැඩිකල් වෙන්න හැදුවත් අන්තිමේදී අපිට සමාජය එක්ක ගනුදෙනු කරන්න සමාජයේ ජීවත් වෙන්න වෙනවා. සමාජය කුහකයිද නැද්ද කියන එක වෙනම කාරනාවක්....අකමැත්තෙන් හෝ ඒ සත්‍යයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා...

      හෑ- අයි දෙයියනේ මොනවගේ කියලද හිතාගෙන හිටියේ....හිතුවට වඩා ගොඩක් කැතද ..:D

      Delete
    3. @ පුමා - යකෝ තෝ මිස් වුනානේ

      Delete
    4. @ පුමා අයියා : විහිළු කතා කියන්න එපා, අෆ්ෆා! මහ කළු සිංහලයා :D අඩි පහක් උස, දවස ම මූණුපොතේ එල්ලිලා ඉන්න නිසා බෝලයක් වගේ මහත් වෙච්ච අපේ මුදියා කොහොම ද බොලව් මහ කළු සිංහලයා වෙන්නෙ? වළගම්බා රජතුමා හිටියා නං වහ කාල මැරෙන්නේ.

      @ ඉවාන් අයියා : මම හිතුවේ අඩි හයක් විතර උස, කෙට්ටු, කළු, උරහිස ගාවට දිග කැරළි කොණ්ඩයක් තියෙන, රැවුළක් එහෙම තියෙන ‍පොරක් කියලනේ. හෆොයි! ළඟින්වත් යන්නේ නෑ :'(

      Delete
    5. ධාරා ආදී හයක් නම් උස තිබ්බේ නෑ ..එත් මම කාලයක් හිටියා කොන්ඩෙයි රැවුලයි දෙකම වවාගෙන ...ඊට පස්සේ තට්ටේ ගාලා හිටියා කාලයක්..ගියසරේ සයිබර් බක්මහ උළෙලට එනකොට තට්ටේ ගාලා හිටියේ... කළු නැද්ද ඇදෙ ඒ කියන්නේ මම සුදුයිද ....නියමයිනේ ...කිව්වමයි කවුරු හරි එහෙම .....හික් හික්

      Delete
    6. ඉවාන් අයිය ලස්සන කොල්ලනෙ ධාරා, ඔයා හිතන් ඉදල තියන විදිහ අයියෝ :D

      Delete
    7. එකනේ බං බලහන්කො සසිඳුවා

      Delete
    8. පොඩිද අපහාසේ .. >_<
      ධාරා - හිටහංකො මං ඇරියසුත් එක්ක ගන්න උබෙන් .. ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්!!

      Delete
    9. අම්මපා ධාරා කිව්ව කතාවේත් ඇත්තක් තියෙනවා නේ.. අපි දෙන්න හිතාන වුන්නේ ඉවාන් කියන්නේ අවුරුදු 20ක 24 විතර ලස්සන අයියෙක් කියලා/// මුදියා 4තො එක පෙන්නුවාම නෙ දැන ගත්තේ මෙච්චර කල් අයියා කියලා තියෙන්නේ අන්කල් කෙනෙක් ට කියලා.. :D

      Delete
    10. මොකක් කිව්වා ..අම්මපා මලම පනිනවා ඇත්තට ... මන්වගේ (16*2) කොල්ලෙකුට කියන කතාද ඕවා ,එකනේවෙයි කෝ ධාරා ,මොකද වෙලා තියෙන්නේ එයාට කාලෙකින සද්දයක් නෑ

      Delete
    11. ඉවාන් කොල්ලා අන්කල්ට ඉතින් 32ක් වුනාට අපි තාම 19 පුංචි ළමයි නේ :p

      ධාරා මේ දවස් වල පොඩි නිවාඩුවක්.. ලගදීම එයි ආයෙත්.. :)




      Delete
  11. මේ ගැන අපි ලොකු කතාවක් ගියා මතකයි මාරයගෙ පෝස්‌ට් එකක.. මටත් තියෙන්නෙ ලෙහන්න තියෙන මල්ල ඔබලා බලන්න දඟලන්නෙ, මල්ලෙ වැඩක් ගන්න පුළුවන් දෙයක් අරගෙන, මල්ල මඟ දාලා යන්න හදන අය කියන හැඟිම තමයි....

    ReplyDelete
    Replies
    1. ++++++++++++++ එකෙන්ම එකඟයි හිරු අක්කෝ...

      Delete
    2. හිරු කාලෙකින් මේ පැත්තේ
      හිරු කියන කතාව තමයි වෙන්නේ 99%ක්ම

      Delete
    3. මේ ටිකේ වැඩ ඉවාන්... ඒකයි... හි හි

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
  12. මට නම් හිතෙන්නේ තමන්ගෙන් ආදරේට වඩා එහා ගියපු දෙයක් නුසුදුසු කාලෙකදි බලාපොරොත්තු වෙලා, ඒක නොලැබුණාම අතෑරල යන්න තරම් දරුණු වෙන්න පුළුවන් කෙනෙක්ගෙන් වෙන් වීම බැල්කනියෙන් පනින්න නෙමෙයි සතුටු වෙන්න ඕන දෙයක්.. හිටියොත් සමහරවිට ඉස්සරහට ඊට වඩා දුක් විඳින්න වෙන්නත් පුළුවන්.. :)

    ReplyDelete
    Replies
    1. welcome අශාන් මේ පැත්තට . ඔය තර්කය තමයි හරියටම හරියන සහ ගැලපෙන තර්කය....නමුත් ඔය සරල සත්‍යය තේරුම් ගන්න බැරි කීදෙන්ක්නම් ඉන්නවද?

      Delete
    2. ආයිබෝං වේවා..! :D පැහැදිලිවම. අද පත්තරේ යයි මෙහෙම දෙයක් වුණා කියලා. හැබැයි හෙටත් ඒ දේ ඒ විදියටම ආපහු වෙනවා.

      Delete
    3. සහතික ඇත්ත ...ඔච්චර කියලත් සක්විතිලට රැවටෙන්නේ අනන්ත තාමත්

      Delete
    4. කියල වැඩක් නෑ..... :D

      Delete
  13. අද කාලේ කොල්ලෙක් සහ කෙල්ලෙක් අතර ආදරයක දී මේ ඉල්ලීම සාමාන්‍ය දෙයක්. හැබැයි පරිස්සමින් වැඩ කරනවා නම් කාගේවත් හිතක් රිදවෙන්නේ අවැඩක් වෙන්නෙත් නැතුව හැම දෙයක් ම කරගන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇක්ස්පීරියන්ස් එකඟද කිව්වේ..:D .. ඇත්තම නම් එක තමයි විදිහ.....බාගෙන කන්න තියෙන වල ඉහගෙන කන්න එපා කියලා කතාවක් තියෙනවනේ නේද

      Delete
    2. බ්ලැක් පූමා මල්ලි කියන කතාව ට මාත් එකඟයි. ඕනැම දෙකදි අදාළ සියලුම පාර්ශවයන් ශේප් කරගෙන ඉන්න පුලුවන් කෙනා තමයි දිනන්නෙ. ඕකටම තමයි කියන්නෙ ගාගන්නෙ නැතුව වැඩ කිරීමේ හැකියාව කියල.

      Delete
  14. සුරංග සුමේද ප්‍රශ්නේ මටත් ආවා ...

    ගීතයේ අර්ථය හොඳින්ම දැනුනේ අද කිව්වොත් හරියටම හරි... ආදරය කියන්නේ තේරුම් ගන්න ටිකක් අමාරු ගැඹුරු දෙයක් කියලයි මම හිතන්නේ ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ ප්‍රශ්නේ විසඳුවා...

      ටිකක නෙවෙයි හොඳටම තේරුම් ගන්න අමාරු දෙයක් තමයි ආදරේ ...ස්තුතියි තුශානි

      Delete
  15. ඔක්කමත් හරි උඩින් පැනපු එක තමයි නරක -_-
    තමන්ට ආදරේ නැති කෙනෙක් වෙනුවෙන් මෙච්චර කැප කිරිමක් (මැරෙන්න තරම්) කරන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. එක නරක තමයි මදාරා---එත් ඕක ඔතනින් කෙලවර කරන කීදෙනෙක් ඉන්නවද
      දැන් කොහොමද අපේ දිනේෂ් මලයට .....? සියල්ල හොඳින් සිදුවෙන්න් ඇතැයි සිතනවා

      Delete
  16. මොකෝ බං ඒකි එක පාරට පැන්නේ?? තව ටිකක් ඉස්සරහට අරගෙන යන්න තිබ්බා story එක.

    ReplyDelete
    Replies
    1. කෙටි කතාවක්ම නෙවෙයි මලයෝ සිංදුවට පූර්විකාවක් ලියන්නන්යි ඕනවුනේ...

      Delete
  17. කොයි සියවසේ කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. මෙහෙ නෙවෙයි ...සමාන්තර විශ්වයක

      Delete
  18. ඕක ගෑවුණා කියන්නේ නම් ඉතිං ඉවරයි කියන එක තමා ලව් එකත්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්-- යකෝ යකෙක් වුනාට උඹටත් හිතෙන දේවල්.... උඹ කළුකුමාර යක්ෂයා නෙවෙයි නේද../

      Delete
  19. මේ වගේ සිදුවීම් සමාජය පුරා සිද්ධ වෙනව ඇති ඉවාන්. මේ ගීතය ගැන කිව්වොත් මම පුදුම විදිහට ආස කරන ගීතයක්.

    ReplyDelete
    Replies
    1. ගීතයට මමත් හරිම ආසයි..එක තමයි ගීතයට ගැලපෙන පූර්විකාවක් ලියන්න හිතුවේ

      Delete
  20. රාගයෙන් තොර ප්‍රේමයකුත් තියෙනවා බං, ඕන් මගේ එහෙම එකක් කාලෙක ඉදලා බාගෙට ලියාගෙන ඉන්නවා ඉතිරිය සම්පුර්ණ කොරලා දාන්නන් ..

    ReplyDelete
    Replies
    1. ඉහින් ඉක්මනට ලියලා දාහන්.... රාගයෙන් තොර ප්‍රේමයක් තියෙනවා ...ප්‍රේමයෙන් තොර රාගයත් තියෙනවා... ඒක බැලන්ස් කරගන්න පුළුවන් නම් තමයි හොඳ ...

      Delete
  21. ප්‍රේමය,රාගය,ලිංගිකත්වය මේවා එකකට,එකක් වෙනස් එත් එක තැනකදී එකට බැදිලා තියෙන දේවල් කියලායි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. //"එක තැනකදී එකට බැදිලා තියෙන දේවල් "// ඔබ හරි.. අන්න ඒ "එකතැන" වරදවා වටහා ගැනීම තමයි බොහෝ වෙලාවට සිදුවෙන්නේ. හැමදේටම වෙලාවක් තියෙනවා කියලා කියන්නේ එකනේ නේද?

      Delete
  22. ගීතයට සෙට් වෙන්නම පෝස්ට් එකත් දාල තියෙනව.පට්ට..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේක ගීතයට සෙට් වෙන්න් හදපු පොස්ටුවක් තමයි රජෝ ...තැනකුයි මචං

      Delete
  23. බොහොමයක් පළඟැටියෝ, අනික් එවුන් ගිනිදැල්ලට අහුවෙලා පිච්චුන බව දැක දැකත්, ඒ ගිනිදල්ලටම පනින එකනේ පුදුමේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කොච්චර අත්දැකීම් තිබ්බත් ඒක නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි නේද විචාරකතුමෝ ..?

      Delete
  24. වෙනදා වගේම පට්ට.. :) ප්‍රේමය ගැන දන්නේ නැහැ. කැමති නෑ කතා කරන්න.. ඇත්තටම ආදරේ කරන දාසක කමෙන්ට් එක කොටන්න පුළුවන්.
    :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් උඹ ප්‍රේම කරන්න පටන් ගත්ත දවසෙම මේකට කොමෙන්ටුවක් දාපං ,නැත්තන් බලාගනිං උඹට කොරන් දේ....:D

      Delete
    2. ඇයි අර මුසුලිම් ළමයා තාම එයාට ආදරේ කරන්නේ නැද්ද මලයා

      Delete
    3. ඈ එහෙමත් එකක්ද....? බෙනියෝ....

      Delete
  25. දෙපැත්තම ගැන සාධාරණයෙන් බලන්ඩ ඕන නිසා කිසිත් නොකියමි... :D

    ReplyDelete
    Replies
    1. හැබැයි ඉතින් දෙන්නටම ගැටලුවක් නොවන්න දෙන්න හොදට අවබොධයෙන් බාහිරින් ලිංගික සබදතාවක් වගේ දෙයක් පවත්වාගෙන ආදරේ බැදීම වැඩි කරගත්තනම් මීට වඩා සාර්ථක වෙනව ආදර සබදතා බොහොමයක්...

      Delete
    2. ඒ කියන්නේ සසිඳු මල්ලී මස්කෙලියේ යන්නැතුව ගලේ වෙළ පැත්තේ ගිහිං එන්න කියලානේ.....

      Delete
    3. @ සසිඳු - යකෝ මුකුත් නොකියමි කියලා මේකා කියලා තියෙන දේ...එක්කෝ උඹට මුකුත් නොකියම ඉන්න තිබුනා ....

      Delete
    4. @ සඳුන් අයියා - හොඳ වෙලාවට ලවර්ස් ලේන් එකේ ගස් ගල් වලට කතා කරන්න බෑ

      Delete
    5. එක්තරා විවාදයකදී මහැදුරු ගම්ලතුන් හා තරක කරගත නොහැකී වූ එක්තරා කණ්ඩායමකට නායකත්වය දුන් තැනැත්තෙක් ගම්ලතුන් අඩපණ කරගත්තේ පේරාදෙණියේ උණපඳුරු කියයි ඔබේ ෂුක්‍රාණු කොයිතරම් නම් මේ අස්සේ ඇතිද කියලා යන අතිශය පෞද්ගලික කියමනක් ගෙන හැර පාමින්. ඉතා බුද්ධිමත් සංවාදයෙන් ඉන්පසු මහැදුරුතුමා ඉවත්වුණේ අපේම අවාසනාවට..

      Delete
    6. ටොක්ක මම ම ඇනගන්නම් එහෙනං

      Delete
    7. @චන්දන අයියෙ ඔව් ඒක තමා අදහස් කලේ :D

      @ඉවාන් අයියෙ ඒ උනාට පස්සෙ හිතුන ඔන්න ඔහෙ කියලම දානව කියල සාධාරණ විදිහට :D

      @නලීන් අයියෙ මරු කතාව ඒකනම් :D

      Delete
  26. එළම එළ පව්ලූෂා මලේ උඹ හොඳ නවකථාවක් ලියලා පලකරොත් නරකද? හරිම තාත්විකයි! ඒ දෙබස් මම හිතෙන් කියෙව්වත් මට ඒ අයගේ හඩින් තමයි මොලයට ගියේ. කෙල්ලෙකුගේ කෝණයෙන් ලියනවා කියන එක ලේසි නෑ. මගේ අවංක සුභ පැතුම් සහෝදරයා!

    ReplyDelete
    Replies
    1. නවකතාවක් ලියන එකත් හිතේ තියෙනවා. එත් කෙටි කතා ලියනවා වගේ නෙවෙයි නවකතාවක් ලියන්න මානසික නිසහස උපරිමෙන් ඕන..මේ කරන රස්සාව එක්ක නැතිම දේ ඒක. බොහොම ස්තුතියි සඳුන් අයියේ ඇගයීමට.

      Delete
  27. කතාව නම් නියමයි. හැබැයි ඔය සින්දුවේ රාගයෙන් තොරයි කියන එකට එකග වෙන්න නම් නෑ.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් චාමින්ද මේ පැත්තට.... රාගයෙන් තොර වීම අතවශ්‍ය නෑ. ඒත් එකිනෙකාගේ හැගීම් වටහා ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ නේද..?

      Delete
  28. දෙන්නට දෙන්නා ගැලපෙන්නේ නැහැ.
    ඒ කිව්වේ, කොල්ලට ඕන දේ කෙල්ල දන්නේ නැහැ, කෙල්ලට ඕන දේ කොල්ලා දන්නේ නැහැ. ඔහොම එකක් නැති උන එකමයි හොඳ කියල, අවුරුද්දක් දෙකක් අඬල නොකා නොබී ඉන්නේ නැතිව, ඇයි මේ කෙල්ල මැරෙන්න හැදුවේ...
    හ්ම්. :-(

    ReplyDelete
    Replies
    1. මැරෙන එක ලෙසිම් විසඳුම් හැටියට හිතන ගොඩ දෙනෙක් තාමත් අපි අතර ඉන්නවා බුද්ධි. නොගැලපීම කියන දේත් මෙතැන යම් පමණකට තියෙනවා. සාදරයෙන් පිලිගන්නවා මේ ඉසව්වට ..

      Delete
    2. සියදිවි නහගන්න එක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. අනේ මන්දා...
      ඔයාගේ කෙටි කථා ටික මරු... ආයෙත් ඇවිත් යන්න එන්නම් :)

      Delete
  29. ගීතයේ අරුත ඇසුරින් කතාවක් පෙළගස්වන්න ඔබ ඇරඹුම රැගෙන ඇත්තේ ඉතාමත්ම සූක්ෂම අයුරකිනි. ගීතයේ අදහසට අනුව නම් කතාව මැනවින් ගැලපේ...
    දැන් යමු අදහස දෙසට.. රාගය මත ආදරය ඇතිවෙනවද ආදරය මත රාගය අතිවෙනවද මෙය කලක පටන්ම අනුලෝම ප්‍රතිලෝම ලෙස දෙපැත්තට තර්ක කෙරුනු මාතෘකාවකි ඉවාන්.
    දෙදෙනකු අතර ආදර හැගුමක් මෝදුවන්නේ කොතැනද සිතට හොරා ඒ දෙහදේම රාගික හැගුම් ද නිරායාසයෙන් ගොඩ නැංවේ. එ අනුව ආදරය පවත්වාගන යන්නට රාගයද ඉවහල් වේ. මේ රාගි අවස්ථා පරිභෝජනය කරන්නට ඇති අවස්ථා විරල වන තරමට එහි අවශ්‍යතාවද වැඩිවේ. මෙය ගැහැනු පිරිමි භේධයකින් තොරව ඇතිවන දෙයකි. එහෙත් වික්ටෝරියානු යටත්විජිත හික්මවීමකට උරුමකම් කියන අපේ සංස්කෘතිකාංගයන් මත කෙල්ලකට නිදහසේ එම රාගික අද්දෑකීම් ලබන්නට ඇති ඉඩකඩට සීමා මායිම් වැටී ඇත. ඒ සීමා මායිම්වලින් රිංගායන්නට තරම් සූක්ෂමතා ඇත්තියෝ ගත හැකි හැම ආතල් එකක්ම ගෙන මොකද්ද එක බේරාගෙන පූසියන් සේ ගෙදර යති.

    මේ රාගී වින්දනයන් ලබන්නට ඇති ඉඩ කඩ ඇහිරෙන තාක් වැඩි වැඩියෙන් ආදරය ඇති වේ. එය අසීමිත ලෙද ලබන්නට අවස්ථා උදාවූ කල ආදරය අඩු වේ. ඒ මන්ද යත් ආදරය යනුද තවත් එක් ගනුදෙනුවක්ම නිසාවෙනි.
    මෙය මවගේ පුතුගේ ආදරයටත් අදාළය. දරුවන් කීපදෙනෙක් ඇති පවුළක ඒ ඒ දරුවන්ට දෙමාපිය සැලකිල්ල හෝ ආදරයද වෙනස් අගයන් මත ලැබේ...

    ReplyDelete
    Replies
    1. //"එහෙත් වික්ටෝරියානු යටත්විජිත හික්මවීමකට උරුමකම් කියන අපේ සංස්කෘතිකාංගයන් මත කෙල්ලකට නිදහසේ එම රාගික අද්දෑකීම් ලබන්නට ඇති ඉඩකඩට සීමා මායිම් වැටී ඇත. ඒ සීමා මායිම්වලින් රිංගායන්නට තරම් සූක්ෂමතා ඇත්තියෝ ගත හැකි හැම ආතල් එකක්ම ගෙන මොකද්ද එක බේරාගෙන පූසියන් සේ ගෙදර යති"//

      මේ කොටස අදාළ වෙන්නේ යුවතියකට පමණක් වීම තමයි අපේ පුරුෂ මූලික සංස්කෘතියේ තිබෙන ලොකුම වැරැද්ද......! ආදරය රාගය ගැන මොන තරම් විද්වත් අදහස් අපි ඵල කලත් ඒ අවස්තාවට මුහුණ දීමට පිරිමියෙකු ලෙස ඔබත් මමත් අසමත්..සරලව කියනවානම්...කෙල්ලන්, ගැහැණුන් හෝ ගණිකාවන් සමග ඉසේ කෙස් ගණනට නිදිවැද ඇති පිරිමින් විවාහ වීමට සොයන්නේ මැස්සෙකු වසානැති කෙල්ලෙකි. යම් හෙයකින් ඇය මින් පෙර එක අවස්ථාවකදී හෝ පිරිමියෙකු සමග යහන්ගතව ඇත්නම් එය මානුෂිකව පිළිගන්නට කිසිවිටක් පුරුෂයා කැමති වෙන්නේ නැත.
      එය ඔහුගේ අභිමානයට කැළලකි.

      යායුතු සීමාවන් ගැන දෙදෙනාටම අවබෝධය තිබිය යුතුය. අද කාලේ මේ අත්දැකීම නැති කෙනෙක් නැතිව ඇති. එසේනම් සියල්ල සමව දරාගැනීමට ස්ත්‍රිය හා පුරුෂය සූදානම් විය යුතුය. ඔබට මට නොපෙනුනාට එවන් අත්දැකීම ඇති කාන්තාවන් ගෙවන දිවියේ ඇතුලාන්තය කෙසේ විය හැකිද..?

      එසේනම් බටහිර සමාජය මෙන් අපේ සමාජයද ලිංගික ඊර්ෂ්‍යාවෙන් හැකිපමණ තොර විය යුතුය. එය එසේම වෙයිද...?

      Delete
    2. ඒ දේම තමා මම කියන්නෙත් බටහිර පිරිමියා එහෙම නෑ එසේවන්නට ඔහුට සමාජ බලපෑමක් නෑ.. නමුත් ඔවුන් අප කර මත දමා ගිය ශික්ෂණයේ මේ දේවල් තියනවා. බටහිරට නිදහස අපට සීමා.සමස්ථ සමාජයම දැනුම්වත් වු දාට නැන්දම්මලා රෙදි නොඑලන දාට පිරිමියාත් ඒ තත්ත්වයට ඒවි.

      Delete
  30. මේක නම් කොච්චර කතා කලත් විසඳගන්ට පුලුවන් ප්‍රශ්නයක් නෙමේ. :)

    සම්මානිගේ හොඳ කමෙන්ට්ස් දෙකක් මම දැක්කා.

    මෙන්න එකක්. කෙටියෙන් කීවොත් කියන්ට තියෙන ඔක්කොම මෙතන තියෙනවා.

    //හැබැයි ප්‍රේමය පවතින්ට වුවමනා වෙන සාධක දහස් ගානක් අතරෙන් රාගයත් එකක් කියලයි මට හිතෙන්නෙ. ඒක ඔය හෝටල් කාමර අස්සෙ හොයන්ට පුලුවන්ද කියලානම් දන්නේ නැත. :)//

    අනෙක මෙන්න. දාලා තිබුණේ නලීන්ගේ බ්ලොග් එකේ.

    //වර්චුවල් ලෝකයත්, සැබෑ ජීවිතයත් අතර වෙනස වටහා නොගැනීම මෙයට මුල් වන්නට ඇතැයි හිතුනා. //

    පොඩි උණාට හොඳ කල්පනාවක් තියෙන ගෑනු ලමයෙක්. සම්මානිට, සම්මානයක් දෙන්ට වටිනවා. :D

    පවුලූශාගේ කතාවෙන් විස්තරවෙන තත්වේ ආසියාතික හා බටහිර රටවල වෙනස් වෙනවා. බටහිර රටවල නම් දෙන්නා එකට ඉඳලා ගැලපෙනවානම් බඳින අවස්තාවල් තියෙනවා. විවාහයට කලින් කැමති විදියට ඉඳීමේ නිදහස තියෙනවා. ආසියාතික රටක ඔය නිදහස නැති හන්දා පිරිමි ලමයි ඉතින් ලිහන්ට තියෙන මලු ඔබලා බලන්ට හිතනවා ඇති. ඒත් ගෑනු ලමයෙකුටත් තේරෙන්ට ඕනි මෙයා එන්නේ මොකටද කියන එක. අර කතාවක් තියෙන්නේ හැරෙනකොට දැනගන්ට පුලුවන් කියලා. තමන්ගේ ගෑනු ළමයා, බඳින්ට ලෑස්ති පිරිමි ලමයෙක් නම් තමන් යායුතු සීමාව දැනගනී. නැත්නම් ඉතින් 'මධුසමයේ' සුන්දරබව සම්පූර්ණයෙන් නැතිවෙනවනේ. :)


    හෝටලේකට නාව පලියට තමන්ගේ ගෑනු ලමය අත් අරින කෙනාත්, එහෙම අත් ඇරිය පලියට උඩින් පහලට පනින කෙනාත් දෙන්නම පල් මෝඩයෝ වගේ මට නම් පේන්නේ. :D

    තවත් එකක් ගෙදර හිටියත්, වැඩට ගියත් ගැහැනිය ගැහැනියමයි. :D :D

    ReplyDelete
    Replies
    1. //හැබැයි ප්‍රේමය පවතින්ට වුවමනා වෙන සාධක දහස් ගානක් අතරෙන් රාගයත් එකක් කියලයි මට හිතෙන්නෙ. ඒක ඔය හෝටල් කාමර අස්සෙ හොයන්ට පුලුවන්ද කියලානම් දන්නේ නැත. :)//
      නිදහස අසීමිතව ඇති තරුණියකට හෝ තරුණියකට නං ඕක හොටල් කාමර අසසේ හොයන්න ඕන නැ තමා පොඩ්ඩි. එහෙත් නිදහස අන්තයටම සීමා වූ තරුණියකට තරුණයෙකුට ඕක හොයන්න වෙන තැනක් නැතිවාමත් යන්නෙ වෙනවා. අනින මෙතැන පැහැදිලිව පෙන්වා දී තිබෙනවා තම යහලුවන් ගේ හැසිරීම් රටාට ඒ පරිසරය අනුවත් කරන්න වෙන අවස්ථා තියනවා. දෙන්නා හරි අවබෝධයෙන් නං රැක ගත යුතු හැම දේම රැකගෙන ( අරක විතරක් නොවේ) සමාජයේ ලස්සනට ඉන්නත් පුළුවන්.
      //තවත් එකක් ගෙදර හිටියත්, වැඩට ගියත් ගැහැනිය ගැහැනියමයි//
      මේ ගැන කියනවනං ගැහැනිය ක් සංතෘප්තියට පත්කරන්න නං (ලිංගිකව පමණක් නොවේ හැම අංශයකින්ම) පිරිමි තව මේ ගැන උපාධි 10ක් වත් අරන් ආ යුතුයි. එයට හේතුව තමා ආදරය කරන කාලයේ තම නියම තත්ත්වයන් සඟවා ගෙන සිටීම. විවාහයෙන් පසු තමා නියම ගැහැනියගේ හැගුම් නිවැරදිව එළියට එන්නේ.

      Delete
    2. මේ ටික අමතක වුණා
      //නැත්නම් ඉතින් 'මධුසමයේ' සුන්දරබව සම්පූර්ණයෙන් නැතිවෙනවනේ// අනේ ඕක එදාට කරන්න ගියාම තමා මධු සමය අසුන්දර වෙන්නේ.. හොදම දේ බඳින්න සතියකට විතර කලින් නිදහසේ ඔය වැඩේ කරගන ඉතා සැහැල්ලුවෙන් මධුසමයට මුහුණ දෙන එකයි.. අද්දැකීමෙන් කියන්නේ... එදා කරන්න හිටියනං අපේ පෝරිසාදයෝ එක්ක මං මාර අමාරුවක තමා.

      Delete
    3. @ පොඩ්ඩි & නලින් -
      //"මේක නම් කොච්චර කතා කලත් විසඳගන්ට පුලුවන් ප්‍රශ්නයක් නෙමේ"// එකනම් ඇත්ත.

      //"පවුලූශාගේ කතාවෙන් විස්තරවෙන තත්වේ ආසියාතික හා බටහිර රටවල වෙනස් වෙනවා."//
      ඒකත් ඇත්ත . අපි මේ දූපත තුල ඉඳන් කතාකරනකොට මේ ආසියාතික (විශේෂයෙන් දකුණු ආසියාව) මානසිකත්වයෙන් ස්වායත්ත වෙලා කතා කරන්න අමාරුයි පොඩ්ඩි. මේක ආදරය රාගය අතර ප්‍රශ්නයකට එහා ගිය සංකීර්ණ ප්‍රශ්ණයක්. මේ හා බද්ධව තවත් අතුරු ප්‍රශ්න ගණනාවක් තියනවා සමාජයීයව. විශේෂයෙන් ආසියාතික සමාජය පුරුෂ මූලික සමාජයක් වීම තවත් කාරනාවක්.

      //"එහෙත් නිදහස අන්තයටම සීමා වූ තරුණියකට තරුණයෙකුට ඕක හොයන්න වෙන තැනක් නැතිවාමත් යන්නෙ වෙනවා."// එතන තියෙන්නෙත් අපේ සමාජයේ තියෙන පසුගාමී දැක්ම නිසා දෙන්නම අසරණ වීම . අන්තිමේදී එහෙම ගියාම අසරණ අතරමං වෙන්නේ කාන්තාව වීම තමයි ශෝක්ජනක් තත්වය.

      //"හෝටලේකට නාව පලියට තමන්ගේ ගෑනු ලමය අත් අරින කෙනාත්, එහෙම අත් ඇරිය පලියට උඩින් පහලට පනින කෙනාත් දෙන්නම පල් මෝඩයෝ වගේ මට නම් පේන්නේ. "// පෙන්නේ නෙවෙයි එක එහෙම තමයි .ඒ කියන්නේ තිබිලා තියෙන්නේ වෙන අරමුණක්. එහෙම වෙලාවට තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්නේ ඊටත් වඩා මෝඩයෙක්.

      //"නැත්නම් ඉතින් 'මධුසමයේ' සුන්දරබව සම්පූර්ණයෙන් නැතිවෙනවනේ"//
      //" ඕක එදාට කරන්න ගියාම තමා මධු සමය අසුන්දර වෙන්නේ"//
      එතනදීනම් පොඩ්ඩිගේ අදහසට මාත් එකඟයි .සුන්දර බවට වඩා එතැන් තියෙන්නේ නැවුම් බවක්.(මේ කියන්නේ කන්‍යාභාවය ගැන නොවේ) .නැත්තන් ඉතිං වෙන්නේ ගොහින් හැමදාම කොරන දෙයක් කොරලා එන්ට නොවැ.

      //"මේ ගැන කියනවනං ගැහැනිය ක් සංතෘප්තියට පත්කරන්න නං (ලිංගිකව පමණක් නොවේ හැම අංශයකින්ම) පිරිමි තව මේ ගැන උපාධි 10ක් වත් අරන් ආ යුතුයි. එයට හේතුව තමා ආදරය කරන කාලයේ තම නියම තත්ත්වයන් සඟවා ගෙන සිටීම. විවාහයෙන් පසු තමා නියම ගැහැනියගේ හැගුම් නිවැරදිව එළියට එන්නේ."// නලින් අයියා බොහොම මේ ගැන අත්දැකීම බහුල මනුස්සයා නිසා ඔන්න මේකටනම් මම නලින් අයියටත් එක්ක එකඟයි පොඩ්ඩි....:D

      Delete
    4. නලීන් අයියට උත්තරයක් දෙන්න වෙනව.. හැබැයි ඒක මේ පෝස්ට් එකට නං එච්චරම අදාල වෙන්නෙ නෑ ... ඒක ගැන සොරි....

      නලීන් අයිය කියන පළවෙනි පාර වර්ජිනල් ඉන්ටකෝස් එක කියන එක බැන්දට පස්සෙ කෙල්ලෙක්ට කරුමයක්.. මොකද එතන දරාගන්න අමාරු මානසික පීඩනයක් තියෙන්නෙ ලංකාවෙ සමාජයෙ.. මං අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ.. දැං ජපන් කොඩි හොයන්න නැන්දම්මා ආවේ නැති උනාට ගොඩක් පිරිමින්ගෙ හිතේ ඕක ගැන බලාපොරොත්තුවක් තියෙනව.. අපෝ අපිට ඕවා ගානක් නැහ් ගෑවට ඒකෙ අඩුව දැනෙනව.. නමුත් නලීන් අයියා කිව්ව වගේ ඇත්තටම මධුසමය තියෙන්නෙ ඊට පස්සෙ තමයි... ඒ පීඩනයවල් නැති වෙලා සතුටක් දැනෙන්නෙ පස්සෙ... එතනදි ශාරීරික සතුට හා සමානවම මානසික සතුටත් බලපානව... නමුත් ඉතිං ඒක බඳින්න කලින් කරන්න ඕනෙ කියල දෙයක් මම නං හිතන්නෙ නෑ .. ඒකත් පිරිමියට කෙසේ වෙතත් ගැහැණියට මානසික පීඩනයක් බොහෝදුරට... වෙඩිම දවසට පස්සෙ දවසෙ හෝම්කමින් නං මධුසමය කියන එක හෝම්කමින් එකෙන් පස්සෙ නිදහසේ කරගන්න එක හොඳයි... ඔන්න මට හිතෙන හැටි....

      Delete
    5. මෙතැනදී මා කියන්නේ වර්ජිනිටි එක ගැනම තමයි හිරු..වර්ජින් රැකගත් කෙල්ලක් කෙටි මධුසමයකට නම් යන්නේ ඇයට ඒ දිනය හරිම පීඩාකාරියි. ඒ වගේ අවස්ථෘවක් ගැනයි මා කිව්වේ...
      මෙතැනින් ආයිමත් තර්ක ගොඩනගන්න එපා මමත් තාම වර්ජින් හොයනවා කියා. එය වෙනස් විය යුත්තේ සමස්ථ සමාජයේ ම ආකල්පත් එක්කමයි.

      Delete
    6. +++++++++ හිරු & නලින් අයියා.....

      Delete
  31. නේද ඉවාන් පනින්න දෙයක් වෙලා නෑනෙ එහෙනම් මොකටද පැන්නෙ

    ReplyDelete
    Replies
    1. එක තමයි බං දැන් මටත් ප්‍රශ්නේ ...:D

      Delete
  32. ඉවාන් මචන් උබ ඉන්නෙ රිවස් ගියර් එකෙ.උබ බිසි නම් ටිකක් ඉදල ලියපන්.උබ මිට වඩා ගොඩක් ක්‍රියෙටිව්.

    ReplyDelete
    Replies
    1. මචෝ මේක කෙටි කතාවක් නෙවෙයි ... ගීතයට පූර්විකාවක් විතරයි... කොහොමත් මේ ටිකේ බිසී තමයි ...එහෙනං උඹ මාව ඉන්ෂුවරන්ස් කරපං .....

      Delete
  33. නියමයි පෝස්ට් එක !
    ගීතයට ගානට සැට් වෙන කතාවක් ලියලා තියෙන්නේ !

    ReplyDelete
    Replies
    1. තැනකුයි මධුරංග... ගීතයට සෙට් වෙන්න ලියපු කතාවක් තමයි මේක......

      Delete
  34. ආදරය කියන්නේ දිගු කාලීන බැඳීමක්. රාගය කියන්නේ තාවකාලික බැඳීමක්. දෙදෙනෙකුගේ ආදරය unconditional වෙන්න ඕනේ. එහෙම වුණොත් රාගයේ යම් යම් අඩුපාඩු සිදු වුණත්, ඒක දරා ගන්න පුළුවන්. රාගය මත ආදරය මනින්න ගියොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.

    මේ කියන කාරණාවල් අඩු වැඩි වශයෙන් වෙණ අවස්ථා තිබෙනවා. එදා කෙල්ල කාමරයට යන්න එකග වෙනවා. නමුත් පිරිමියා හිතන තරම් ආත්මාර්ථකාමී නෑ. එහෙම ගිහින් ආත්මාර්තකාමේ වෙනවා. පිරිමියා මේ ලක්ෂණ පෙන්වන්නේම නැති වෙනවා. එතකොට කෙල්ල භය වෙනවා. දෙදෙනාගේ මිතුරු පාර්ශව එක්ක වන සාකච්ඡා නිසා මේ තත්වයන් උඝ්‍ර වෙනවා. සාපේක්ෂව වැඩ කරන්න ගිහින් තමයි බොහෝ ප්‍රශ්න ඇති කර ගන්නේ. මේවා සංකීර්ණයි. එක්-එක අයගේ මානසික තත්ව මේවාට බලපානවා. අපි මේවට නිර්ණායක සොයන්න යාම කොයි තරම් සාධාරණද ?

    මොනවා උනත් හොඳ කථිකාවක් ඔබ ඇති කර තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක , ඇත්තෙන්ම බලාපොරොත්තු වුනෙත් මේ පිලිබඳ කතිකාවක් ඇතිකරන්න තමයි. ඔබ කියන්න වාගේ මේවා සංකීර්ණයි. ප්‍රේමයද, රාගයද, ප්‍රේමයෙන් තොර රාගයද, රාගයෙන් තොර ප්‍රේමයද කියනවාට වඩා සමාජ සංස්කෘතික බැඳීම ගොඩක් මේ වටා තියෙනවා. එක සර තැනකට මේ ක ලඝු කරන්න බැහැ. අපි මේවට නිර්ණායක සොයන්න යාම කොයි තරම් සාධාරණද කියන පැනය මටත් තිබෙනවා.

      Delete
  35. මිනිස්සු ආදරේට දීල තියෙන අර්ථකථන හරිම වෙනස්.ආදරේ කියන එක මොකක්ද කියල තේරුම් ගන්නේ නැතුව ආදරේට ආදරේ කොරන එක තේරුමක් නැහැ...එතකොට තමයි මෙහෙම දේවල් වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ආදරේට හැමෝටම පිළිගන්න පුළුවන් ,කවුරුවත් එකඟ වෙන ආකාරයේ අර්ථකථනය දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? එක මට නම් ප්‍රශ්නයක්. හමෝම එක අර්ථ දක්වන්නේ තමුන් විඳින ආකාරය මත මිසක් නිරපේක්ෂව නෙවෙයි.

      Delete
  36. ආදරයේදී ගොඩක් අයට තියන පොදු ප්‍රශ්න.. ඇත්තටම ආදරේට මිනිස්සු දීලා තියෙන එක එක විදියේ අර්ථ කතන නිසා මෙහෙම වෙන්නේ.. පාර්ක් එකකදී කරන්න බැරි ආදරයක් බිත්ති හතරක් ඇතුලේ කරන්න පුළුවන් කියනවා නම් එකට කියන්න ඕනේ ආදරය නෙවේ වෙන නමක්..

    ඒ වගේම විවාහය තෙක් තමන්ගේ පෙම්වතිය ගේ පිවිතුරු කම රකින්න බැරි පිරිමියෙක් ව නම් මගේ හැගීම හැටියට විවාහයට සුදුසු නෑ.. ආදරය කියන්නේ ආදරෙන් රැක ගැනීම මිසක් ආදරෙන් විනාස කිරීම නෙවේ..

    අපුරු නිර්මාණයක් ඉවාන්.. හිතන්න යමක් දෙන ලිපියක්...


    ReplyDelete
    Replies
    1. //"පාර්ක් එකකදී කරන්න බැරි ආදරයක් බිත්ති හතරක් ඇතුලේ කරන්න පුළුවන් කියනවා නම් එකට කියන්න ඕනේ ආදරය නෙවේ වෙන නමක්" සහතික ඇත්ත මගෙත් විශ්වාසය එසේමයි. නමුත් යම් යම් පුද්ගලයා නිරාවරණය වෙන සමාජය අනුව එය වෙනස් විය හැකියි.
      ආදරය කියන්නේ ආදරෙන් රැක ගැනීම මිසක් ආදරෙන් විනාස කිරීම නෙවේ.. හොඳ කියමනක්

      Delete
  37. කථාව වෙනදා වගේම ලස්සනයි රහයි....ඒ තත්වය මේ කථාවට උදා කර දිලා තියෙන්නෙ බොහොම සජීවී ආකාරයෙන් ලියවිලා තියෙන දෙබස්...

    සුනිල් ආරියරත්න ඔහොම කිව්වට ප්‍රේමය කවදාවත් රාගයෙන් තොර වෙන්නෙ නෑ...ඒක තමයි මගේ අදහස...එහෙම උනානම් කොහොමද ජෝඩුවක් ලිංගිකව එකතු වෙලා අලුත් ජීවියෙක් මේ ලෝකෙට ගේන්නෙ...

    කොළඹ මහජන පුස්තකාලයේදි සුනිල්ගෙ පොතක් දොරට වඩින අවස්ථාවක නැසී ගිය මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන් මේ කාරණය ඉතා ප්‍රසිද්ධියේ කථා කලා.....සුනිල්ට ලෙඩක් තියෙනවා ඇති මෙහෙම ලිව්වෙ...නැත්තං ප්‍රේමය කවදාවත් රාගයෙන් තොර විය නොහැකියි. එතුමාගේ අදහස වුනේ එය.. රාගයට අමතරව ප්‍රේමය කියන්නෙ බොහොම ආත්මාර්ථකාමී සිතුවිල්ලක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිරා. ප්‍රේමය රාගයෙන් තොර වෙන්නේ නෑ කියන එක මාත් පිලිගන්නවා එත් ප්‍රේමය ලිංගිකත්වය මත පමණක් පදනම්වෙන්නෙත් නෑ නේද?

      Delete
  38. අපි ආදරය කරනවා කියලා හොයාගන්නේ අපිට ලිංගිකව හැසිරෙන්න පුළුවන් කෙනෙක් නේද හැමවෙලාවෙම. සමලිංගික නොවන අය ආදරය කරන්නෙ විරුද්ධ ලිංගිකයන්ට. සමලිංගිකයෝ ආදරය කරන්නේ තමන්ගේ වර්ගයේම අයට. ආදරය කරනවා කියන මූලික අවධියේදිම ලිංගිකත්වය ඉස්මතු නොවුනට, ආදරය කියන එක බිහි වෙන්නෙම ලිංගිකත්වය මුල් කරගෙන.

    තමන්ගේ ලිංගික ආශාවන් කියන්නෙ මට නම් අතිශය පෞද්ගලික දෙයක්. ඒ අතිශය පෞද්ගලික දේ වෙනුවෙන් එකතුවෙන කෙනා එක්ක ඒක බෙදාගන්න ඔහු ඇය එක්ක සෑහෙන දුරට ගිය මානසික බැඳීමක් තියෙන්නෙ ඕනේ. ලිංගික ක්‍රියාව කියන්නෙ මිනිස්සු සාමූහිකව හිඳීමේදි ආරෝපණය කරගන්නා සභ්‍ය හැසිරීම් රටාවෙන් මිදීමක්. ඒ නිසා මගේ නම් හැඟීම ආදරයේ කොටසක් විදිහට ලිංගික ක්‍රියාවේ යෙදෙන්නට නම් දෙදෙනා අතර සෑහෙන තද අවබෝධයක් සහ බැඳීමක් තිබිය යුතුයි. පූර්න ලිංගික ක්‍රියාව කරන්න ඕනේ විවාහයට පසු කියන එකට මම එකඟ නැතත්, කාන්තාවන්ගේ පැත්තෙන් ඒකට සාධාරණ හේතු තියනවා අපේ සමාජේ. දෙන්නගේ අවබෝධයෙන්, ප්‍රශ්නයක් ඇති නොවන සේ ඔය දේ කරගත්තට කමක් නැහැ කියන අදහසේ මම ඉන්නේ.

    දැන් මේ කතාවෙ ඉන්න ජෝඩුව නම් ඕක නොකර ඉන්න එකමයි හොඳ... අනිත් අය කරන පලියට හෝ යාලුවන්ගේ විහිලු වලින් බේරෙන්න එහෙම කරලා වැඩක් නැහැ. සමාන්‍යයෙන් ලිංගික එක් වීමක වැඩි රිස්ක් එක තියෙන්නෙ කාන්තාවට නිසා හරි හමන් පෙම්වතෙක් නම් කරන්නේ, පෙම්වතියට ඒකට විශ්වාසනීයත්වය ඇතිවෙන ආකාරයෙන් වැඩ කිරීමයි.

    ReplyDelete
    Replies
    1. //"ඒ අතිශය පෞද්ගලික දේ වෙනුවෙන් එකතුවෙන කෙනා එක්ක ඒක බෙදාගන්න ඔහු ඇය එක්ක සෑහෙන දුරට ගිය මානසික බැඳීමක් තියෙන්නෙ ඕනේ."// තිසර මට ඕන තැනට ඇවිල්ලා. අන්න එක තමයි මාත් කියන්නේ මොකද ලිංගික ක්‍රියාව සඳහා පමණක් තම පෙම්වතිය භාවිතා කිරීම ආදරය නෙවෙයි. ඔන්න් ඔය මානසික බැඳීම තමයි ආදරය කියලා අපි කියන්නේ නේද?
      අනික අපි කොයි තරම රැඩිකල් වුනත් අවට සමාජය හා සංස්කෘතිය නොසලකා වැඩ කරන්න අපිට බෑ

      Delete
  39. තමංගෙ ජීවිතේට වඩා තමන්ගෙ කන්‍යාපටලෙට ආදරේ කරන කෙල්ලෙක් :D
    ඒකනේ මැරෙන්න ගියෙ :D

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ හරුපයක්..සමියා.... එකටත් ආදරේ කොරන්න් ඕනෙනේ බං කෙල්ලෙක් වුනාම

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]