Monday, December 30, 2013

වෙනස


ආදරයයි කැස්සයි හංගන්න බැරිලු. අපි ඉස්කෝලේ යන කාලේ ගෙවල්වලට ,ගුරුවරුන්ට සමහර විට යාලුවන්ට හොරෙන් පටන් ගන්න ප්‍රේමයන් ලැව් ගින්නක් වගේ පැතිරිලා යන්නේ ඒ නිසා වෙන්න ඇති. එහෙම වෙලා ගෙදරට එහෙම නැත්තම් ගුරුවරුන්ට අහුවුනාම අම්මා එහෙමත් නැත්තම් තාත්තා එහෙමත් නැත්තම් ගුරුවරු කියපු ජනප්‍රිය කියමනක් තමයි "උඹලා කොහෙද අපිව තම්බන්නේ " කියන එක.

 එයාල එහෙම කියනකොට මට හිතිච්ච් දේ තමයි මෙයාලා නොකියා කියන්නේ "අපි ඕව කලේ උඹලට කලින්" කියන එකයි කියලා .

ඇත්තටම සමහර දෙමව්පියෝ පාසල් වියේදී විතරක් නෙවෙයි , සරසවි ඉන්න කාලේදී හරි රැකියාවක් කරන කාලේදී හරි තමුන්ගේ දුව පුතා ප්‍රේමයක පැටලුනා කියලා දැන ගත්තම හැසිරෙන්නේ හරියට ළමයා මිනීමැරුමක් කරපු ගානට , මේ තත්වය සාපේක්ෂව වැඩිපුර දකින්න ලැබෙන්නේ මව් පාර්ශවයෙන් නමුත් මෙහෙම අනවබෝධයෙන හැසිරෙන පියවරුනුත් ඕන තරම්.

නමුත් අද බොහෝ මව්පියන් මේ සම්බන්ධයෙන් බොහොම සැහැල්ලු ස්ථාවරයක් දරනවා. සමහර වෙලාවට දරුවන් තමුන්ට කොලේ වහමින් මේ සැරසෙන්නේ මොනවගේ දෙයක් කරන්නටද කියන එක දිහා බොහොම උපේක්ෂාවෙන් බලන්නේ මුවගට නැගුනු සිනාවක් එක්කයි.

 එදා තමුන් ගිය මගම තමුන්ගේ දුව පුතා යන්නට සැරෙන් විට යුද්ධ ප්‍රකාශ නොකර අවබෝධයෙන් බුද්ධිමත්ව , උපේක්ෂා සහගතව ඒ දිහා බලන්නට සමත් මවුපියන් ඇත්තෙන්ම ඒ දරුවන්ටත් සම්පතක්.

බොහෝ වෙලාවට දෙමාල්ලන් මේ පිළිඹඳ එකිනෙකා කතාවෙන්වා, තමුන්ගේ සමාජ, අධ්‍යාපන තත්වයන් සහ තමන් නිවස තුල ගොඩ නගාගෙන තිබෙන ප්‍රතිරූපය අනුව මේ කතාබහ වෙනස් වෙනවා. එකම දේ ,එකම සිද්ධිය ගැන දෙවිදිහකට කතාවෙන්නේ කොහොමද?

ගීත සාහිත්‍යය ගත්තම එකම දේ දෙවිදිහකින් කතාවෙන අකාරය අපි දැකලා තියෙනවා. අපි ප්‍රබුද්ධ සහ සරල ගීත ලෙස එකම අර්ථය තියෙන ගීත දැකලා තියෙනවා. මේ ගීත දෙකත් මම මුලින් කී කාරනාව දෙයාකාරයකට කතාවෙන ගීත දෙකක්. තමුන්ගේ දරුවෙක්ගේ ප්‍රේම සම්බන්ධයක් ආරංචි වුනාම අපි මේ ගීත දෙකෙන් මොන ගීතය තෝරා ගනීවිද කියන්න .


ගීත අංක 1

  

ගීත අංක 2 







115 comments:

  1. අනිවා, ඒත් සමහර අය හිතන්නේ එහෙම කාලයක් තිබ්බේ නෑ කියලා. වේලාවට අපේ ගෙදර සැහැල්ලු පිළිවෙතක් අනුගමනය කරන්නේ

    ReplyDelete
    Replies
    1. අද ගොඩක් ගෙවල් වල මේ කාරනාව ගැන ඕනවට වඩා සීරියස් නෑ ,එත් ඉඳලා හිටලා එහෙම තැනුත් තියෙනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා පුමාට

      Delete
  2. දැන් උනත් කෙල්ලො ඉන්න අම්මල තාත්තල බොහොමයක් තමන්ගෙ දුව කොල්ලෙක් එක්ක පලහිලව්වක් තියනව කියල දැනගත්තම හැසිරෙන්නෙ බරපතල වැරුද්දක් කරපු විදිහට තමයි,හැබැයි ඉතින් කෙල්ලගෙ චරිතය රැකගන්න එහෙම පරිස්සම් කරන එකෙත් වැරැද්දක් නෑ ඔවුන්ගෙ පැත්තෙන් බලද්දි... හැබැයි ඉතින් කොල්ලො ඉන්න අම්මල තාත්තල බොහොමයක් නම් කෙල්ලගෙ පැත්තෙ විස්තර අලගිය තැන් මුලගිය තැන්වල ඉදල අහල හොයල බලල උබලට ඕන මගුලක් කරගනින් අපේ මූණුවල දැලි ගාන්නෙ නැතුව කියනතරමට කාරුණිකයි :D
    මමනම් හිතන්නෙ ලව් එකක් මාට්ටු උනාම කෙල්ලගෙ පැත්තෙනුයි කොල්ලගෙ පැත්තෙනුයි අම්මල තාත්තල එකට සෙට්වෙලා සම්බන්දෙ ගැන කතාකරල එයාලගෙ අනාගතේ ගොඩනගාගන්න උදව් කරන එකම තමා හොද... ‍:)

    ReplyDelete
    Replies
    1. //"මමනම් හිතන්නෙ ලව් එකක් මාට්ටු උනාම කෙල්ලගෙ පැත්තෙනුයි කොල්ලගෙ පැත්තෙනුයි අම්මල තාත්තල එකට සෙට්වෙලා සම්බන්දෙ ගැන කතාකරල එයාලගෙ අනාගතේ ගොඩනගාගන්න උදව් කරන එකම තමා හොද..."// එකනම් හොඳයි, ඒත් එහෙම කරන්න කවුරු හරි ඉස්සර වෙන්න එපයි. ගොඩක් වෙලාවට අපි මිකටද උන්ට සෙකන්ඩ් වෙන්නේ කියන මානසිකත්වය මුලින්ම එනවා අම්මලා තත්තලාට මම දන්නා තරමින් නම්.

      Delete
    2. සුබ අලුත් අවුරුද්දක් වේවා සසිඳු මලයට .අලුත් අවුරුද්දේ ටිකක් මහත් වේවා

      Delete
    3. අයියටත් සියලු සිතුම් පැතුම් ඉෂ්ඨවෙන නව වසරක් වේවා...ඔව් ඔව් කෝමහරි මහත් වෙන්න ඕන :D

      Delete
  3. උදේම සුනිල්ගේ පට්ට සිංදුවක් ඇහුවේ. ගොඩක් වෙලාවට ඔහොම කලබල වෙන්නේ අම්මලානේ. තාත්තලා කෝමත් ඔක්කොම කරන ජඩ වැඩ ටික හිනා වෙලා උපේක්ෂාවෙන් බලා ඉන්නවනේ හඃ හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. දෙවෙනි එකත් ආතල් සිංදුව. හඃ හඃ හඃ

      Delete
    2. අම්මලා තමයි සිංදුවෝ ගොඩක් වෙලාවට කලබල වෙන්නේ . දෙවැනි සිංදුව මට අහම්බෙන් හම්බවුනේ. එක මම යූ ටියුබ් එකට අප්ලෝඩ් කළා.
      සිංදුවාට සුබ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  4. හොද ගවේශණාත්මක කරුණු දැක්වීමක්. උඹ කිව්ව වගේ දැන් දෙමව්පියන් ටිකක් විවෘතව ඒවා දිහා බලනවා. සිංදු අහන්න විදියක් නැහැ දුක තමා..

    ReplyDelete
    Replies
    1. දේශකය කාලෙකින්. දැන් දෙමවුපියෝ ඉස්සරට වඩා ටිකක් විවෘතයි , දෙවැනි සින්දුව කොහොම හරි අහන්න බලන්න. එක අලුත් එකක්. සුබ නව වසරක් වේවා දේශක තුමාට

      Delete
  5. හරි මග යෑම වැරදි මග යෑම, එදත් තිබුනා, අදත් තියනවා, හෙටත් එහෙමම තමයි. පොතේ දැනුමෙන් ලොකු විභාග පාස් කල පමණින්, ජීවිත පොතේ පාඩම් සමත්වීම එතරම් පහසු නැහැ. අද ඉන්න අය, අපේ කාලේ වගේ නෙවෙයි කියන සාම්ප්‍රදායික මොට්ට අදහසට මමත් එකඟ නැහැ. අද එදාට වඩා නිදහස තියනවා, අවස්ථාව තියනවා, එහෙත් ඒ නිදහස සහ අවස්ථාව, බුද්ධිමත්ව යොදාගැනීම තමයි බොහෝවිට අහන්නට දකින්නට නොලැබෙන්නේ. ආදරයේ සහ රාගයේ සීමාවන් මොනවාද යන්න අවබෝධ කරගැනීමට, තරුණ පරපුරට ඉඩ නොලැබෙන්නේ, විවිධ වෙළෙන්දන් විසින් ලාබ ආදරය, රාගය, කාමය, මාධ්‍ය මගින් තිරශ්චීන ලෙස උලුප්පා දක්වමින් තම මඩිය තරකරගන්නට උත්සාහ කිරීම නිසයි.

    තමන්ගේ දරුවන් සමග ඔවුන්ගේ ජීවිතය පිලිබඳ තීරණ සාකච්ඡා කිරීමට අකමැති දෙමවුපියන් වර්තමානයට ගැලපෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. //"එහෙත් ඒ නිදහස සහ අවස්ථාව, බුද්ධිමත්ව යොදාගැනීම තමයි බොහෝවිට අහන්නට දකින්නට නොලැබෙන්නේ."// ඇත්තටම විචාරකතුමා මේ අදහසට මම 100 % කම එකඟයි. විචාරක වැන්නවුන්ගේ අදහස් සමග ගැටීමට ලැබීම අපේ ආකල්ප සහ අත්දැකීම්වලට ලොකු රුකුලක්.ඔබට සුබ නව වසරක් වේවා විචාරක

      Delete
    2. මට හිතුන දේ එහෙම්ම විචාරක කියල තියෙන නිසා ඕං වැටක්.
      ++++++++++++++++

      Delete
    3. වීයා ටත් සුබ නව වසරක් වේවා

      Delete
  6. කාලය කියන්නේ බොහෝ දේ අතර තවත් එක් සාධකයක් මිනිසුන්ගේ ආකල්ප වලට යම් වෙනසක් කරන..නමුත් අධ්‍යාපනය, සංස්කෘතික වෙනස්කම් සහ මිනිසාගේ ශිෂ්ටාචාරගත සම්ප්‍රදායන් වෙනස්වීම තුලින් හිතන පතන විදිය වෙනස් කරනවා. මිත්‍රයා ඔබ ලියලා තියෙන්නේ එයින් වැදගත් එක සංසිද්ධියක් ගැන. බොහොම හොඳයි.

    ReplyDelete
    Replies
    1. ජනරංග සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. //"සංස්කෘතික වෙනස්කම් සහ මිනිසාගේ ශිෂ්ටාචාරගත සම්ප්‍රදායන් වෙනස්වීම තුලින් හිතන පතන විදිය වෙනස් කරනවා."// 100 % එකඟයි...සුබ නව වසරක් වේවා ඔබටත්.

      Delete
  7. විරුද්ධ ලිංකිකයන් කෙරෙහි ආකර්ෂණය වන වයස් සීමාවේදී දරුවන්ගේ ඒ හැඟීම් ඇති වෙන එක වලක්වන්න බෑ..ඒ ක ස්වාහාවිකයි.දෙමව්පියෝ ඒ කාල සීමාවේදී යම් යම් සීමා පනවනවාට වඩා ඔවුන් තේරුම් ගෙන යහපත්ව යහ මාර්ගය පෙන්වා දෙන එක තමයි සුදුසු.දරුවන්ට ඕන එකක පැටලෙන්න ඇරලා අහක බලන් ඉදලත් බැහැ.තද නීති පනවලා ආරක්ෂා කරලත් බැහැ....අර මධ්‍යම ප්‍රතිපදාවද මොකද්ද..................ආං ඒක තමයි මෙතෙන්ට හරියන්නේ........ :D

    ReplyDelete
    Replies
    1. *ලිංගිකයන් (ලිංකිකයන්) :D

      Delete
    2. දරුවන් පාලනය නොකර ඔවුන්ව විමසිල්ලෙන් අද්‍යනය කරමින් අවශ නිදහස ලබාදීම තමයි බුද්ධිමත් දෙමව්පියන් කලයුත්තේ මම හිතන්නේ.
      රෙහානිට සුබ නව වසරක් වේවා.

      Delete
  8. සාපේක්ෂව ගත්තම අද දෙමව්පියෝ (සමහර විට අකමැත්තෙන් හරි ) ළමයින්ගේ පෙම් සබඳතා ගැන දක්වන්නේ තරමක ලිහිල් ප්‍රතිපත්තියක්. ඒත් කුලමල එහෙම හොය හොය විකාර කරන දෙමාව්පියොත් තාම ඉන්නවා.

    දෙවෙනි සිංදුව අහලා තිබ්බේ නෑ. ඒකත් සෑහෙන හොඳ ගීතයක්. මගේ තේරීම නම් "මල් පිපිලා" ගීතය. ඒකෙ තියනවා "එදා අපෙ හීන මාළිග - මෙදා උන් තනාගත් කල - කඩා නොලන්ටයි" කියලා. එහෙම කිව්වට පස්සෙ ඉතින් මැණිකේගෙ තරහව නිවෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දුරට "අකමැත්තෙන් හරි" කියන කොටස හරි තිසර. මොකද මම හිතන්නේ අපි මොන තේරීම කලත් මව්පියන් ගේ හිතේ අපේ තේරීම සම්බන්ධව යම් කුකුසක් ඇතිවෙනවා. නමුත් තමන්ට තිබුණු තරුණ කාලය ළමයින්ට උදවුනාම ඒ මට්ටමෙන් හිතන්නේ පුළුවන් මවුපියන් ලැබීම දරුවන්ගේ වාසනාව. මමත් කැමති පලවෙනි සින්දුවට එත් දෙවැනි ගීතය රූප රචනයත් එක්ක හොඳ මට්ටමක තිබෙනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා තිසර.

      Delete
  9. සැහැල්ලු පිලිවෙතක් අනුගමය කරහමත් වැරදි පාරට වැටෙන දරුවො මං ඕනි තරම් දැකල තියනවා.. මං නං කියන්නෙ එයාලට බෙදන්න ඕනි හැන්ද එකිනෙකට වෙනස් ...

    ReplyDelete
    Replies
    1. ඔවු සමී. දරුවන් සඳහා ක්රියාකලයුතු හොඳම ක්‍රමය සොයාගැනීම දෙමව්පියන්ගේ වගකීම.අල්ලපු ගෙදර ලමයට් මෙහෙම නිසා අපේ එකාටත් මෙහෙම කරන්න ඕන කියන ප්‍රතිපත්තියට වඩා . සුබ අලුත් අවුරුද්දක් වේවා සමීට.

      Delete
  10. මේ දවස්වල පවුලූශාගේ වැඩේම ආදරේ ගැන කතා කරන එක. අනෙක සිංදු අහන එක. අර සාතන් ලස්සන කෙල්ලෙක් දැක්ක හැටියේ, හිංදි සිංදු අහනවා වගේ. හී හී...

    අද ඉතින් වැඩිහිටියෝ ඒ වගේ අවස්තාවකට මුහුන දෙන හැටි ලියලා. මම මේ කල්පනා කරන්නේ ඊලඟ පෝස්ට් එක මොකක් වෙයිද දන්නේ නෑ...:)

    දැන් කාලේ දෙමව්පියන් ගොඩක් වෙනස්. හැබැයි මම දන්න පිරිමි ලමයින්ගේ අම්මලා තමා ගොඩක් වෙලාවට එයාලා ගැන හොයන්නේ. කොහෙද යන්නේ? කවුද කෝල් කලේ? ඇයි රෑ ඇහැරගෙන මූනු පොතේ ඉන්නේ වගේ ඒවා....බය ඇති කවුරු හරි ඇවිත් එයාලගේ අහිංසක පුතාලා උස්සගෙන යයි කියලා. එයාලා අම්මලා ඉස්සරහ ඉන්නේ ඉතින් දහයට තියා පහටවත් ගනින්ට බෑ වගේනේ. :D

    ලබන්නාවූ, අලුත් අවුරුද්ද, මේ පැත්තේ ඇවිත් (ඉවානා පව්ලූශා එක්ක ) කේක් කන සුබම එකක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. අපොයි පොඩ්ඩිට මාව පෙන්නේ සාතන් වගේද..? දුකේ බෑ අප්පා. ඊළඟ පොස්ට් එක මොනවගේ වෙයිද කියලාද හිතන්නේ ...හා කියමු බලන්ට...?

      ඇත්තටම අම්මලා පිරිමි ළමයින් ගැන හොයනවා වැඩියි මොකද අම්ම බලන්නේ එන ලේලි එක්ක වසන්ට පුළුවන් වෙයිද කියන සැකෙන්නේ ..:D

      හාහ් හා පොඩ්ඩිටයි අහවලාටයිත් දෙන්නා තුන්දෙනා වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා .

      Delete
  11. සමහරු උගත් වුවත් බුද්දිමත් මනසකින් බලන්න කැමති නැහැ එකයි අවුල

    ReplyDelete
    Replies
    1. උගත් හැම දෙනාම බුද්ධිමත් නෑනේ කෝරලේ. අනික සමහරු තමන්ගේ තරුණ කාලය හිතාමතාම අමතක් කරනවා .වාසියට
      කොරලේටයි කෝරලේ හාමිනේටයි සුබ නව වසරක් වේවා.

      Delete
  12. Replies
    1. ඒයි මම හැමෝටම කියනවා මොකක්ද මෙතන තිබ්බේ කියලා ...:D

      Delete
    2. කී දෙනෙක් දැක්කද දන්නේ නැහැ. ඔබ ඒක දැක්කට කමක් නැහැ. ඩෝප් වෙලාවක වත් කට හොල්ලන්න එපා.

      Delete
  13. //නමුත් අද බොහෝ මව්පියන් මේ සම්බන්ධයෙන් බොහොම සැහැල්ලු ස්ථාවරයක් දරනවා. සමහර වෙලාවට දරුවන් තමුන්ට කොලේ වහමින් මේ සැරසෙන්නේ මොනවගේ දෙයක් කරන්නටද කියන එක දිහා බොහොම උපේක්ෂාවෙන් බලන්නේ මුවගට නැගුනු සිනාවක් එක්කයි.// මෙවැනි දෙමවුපියන් ලබන්න පිං කරලා තියෙන්න ඕන.

    මම මැකුව කමෙන්ට් එක දැක්ක කෙනෙක් ඉන්නවා නම් රහසක් ලෙස තබා ගන්නා මෙන් ඉල්ලමි.

    ReplyDelete
    Replies
    1. පිං කරලා තියෙන්න ඕන කියන කතාව ඇත්ත, එත් අදත් සාම්ප්‍රදායික අදහස් කරපින්නාගත් දෙමවුපියන් නැත්තේ නෑ විශ්ව. පිටට පෙන්නුවට සමහර විට ගෙදරට වෙනස් සමහර අයගේ ක්‍රියාව.
      විශ්වට සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරක් වේවා.

      Delete
  14. ගොඩක් වෙලාවට අම්මල තාත්තල දරුවන්ගේ ප්‍රේම සම්බන්ධ වලට විරුද්ධ වෙන්නේ, දරුවෝ දුක් විඳීවි කියල බයේ.
    හැම වෙලාවේම නෙවෙයි ඒත් ගොඩක් වෙලාවට, ගැහැණු ළමයෙක් ගේ දෙමවුපියෝ හොයන්නේ "පිරිමි ළමයා බොනවද", "දියණියට සැපෙන් ජීවත් වෙන්න පුළුවන් තරම් ආදායමක් ලබනවද" වගේ දේවල්.
    ඒ වගේම හැම වෙලාවේම නොවුනත්, ගොඩක් වෙලාවට පිරිමි ළමයින්ගේ අම්මලා හොයන්නේ "ගැහැණු ළමයා ගේ ගතිගුණ සහ ලස්සන."
    ඒකේ නම් ඉතින් අපට වරදක් දකින්න අමාරුයි.
    හැබැයි, "කුලය, පරම්පරාව" වගේ සාම්ප්‍රදායික දේවල් මත එල්බගෙන දරුවන්ගේ ප්‍රේම සම්බන්ධතා වලට විරුද්ධ වීම නම් නපුරුයි. පව්ලුෂා කියනව වගේ දැන් දැන් මේ ප්‍රවනතාව වෙනස් වෙමින් යනවා, සතුටුදායකයි.

    ReplyDelete
    Replies
    1. දැන් මේ ප්‍රවනතාවය වෙනස්වෙමින් යනවා මානවි ...එත් වැදගත් වෙන්නේ අපි ඒ වයසට එනකොට් ආපේ දරුවන් දිහා අපිට ඒ අකාරයෙන්ම බලන්න පුළුවන් වේවිද කියනෙකයි. එහම පුළුවන් නම් බොහොම වටිනවා.
      මානවිකා ටත් සුබම සුබ නව වසරක් වේවා

      Delete
  15. ගීත දෙක අහලා බලන්න ඕන...
    ඇයි වෙලාවකට අම්මලා කියන්නේ,

    "පැහෙන්නේ නැතුව ඉඳිං !"

    "අපිව තම්බන්න උබලෑ ගොරකා මදි !"

    "අපි දන්නවා උබ හැරෙනකොටම මොකාටද එන්නේ කියලා..."

    ඔය වගේ දේවල් අහලා නැද්ද

    ReplyDelete
    Replies
    1. හප්පේ මොකද අහලා නැත්තේ ...?සින්දු දෙකම අහන්න .දෙවනිසින්දුවනම් අහලා නැතුව ඇති මං හිතන්නේ
      සුබ අලුත් අවුරුද්දක් වේවා මධුරංග

      Delete
  16. දරුවෙක් නුසුදුසු ආදරයක පැටලෙනවා නම් දෙමවුපියන් කෑගහන එක සාධාරණයි. අපි කාටත් අත්දැකීම් තියෙන දෙයක්.

    මම නවක බ්ලොග් කරුවෙක් මගේ බ්ලොග් එකට පැමිණ අදහස් දක්වා සහය පලකරන්න. මගේ මුල්ම ලිපිය ජනප්‍රිය මාතෘකාවක නොදුටු දෙයක් එය තමයි
    අපි කප් ගැසුවේ sex වලින් පමණද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබේ කරුණ හරි. මේ බ්ලොග් එකට මම ආවා , සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට. මට හිතෙන ලෙසට ඔබ ආධුනිකයෙක්ම නොවෙයි. සුබ අලුත් අවුරුද්දක් වේවා සිංහලයට

      Delete
  17. //ඇත්තටම සමහර දෙමව්පියෝ පාසල් වියේදී විතරක් නෙවෙයි , සරසවි ඉන්න කාලේදී හරි රැකියාවක් කරන කාලේදී හරි තමුන්ගේ දුව පුතා ප්‍රේමයක පැටලුනා කියලා දැන ගත්තම හැසිරෙන්නේ හරියට ළමයා මිනීමැරුමක් කරපු ගානට // ඒ අතින් අපේ ගේදර නම් එහෙමට අවුලක් නැහැ. ;) එත් මගේ යාළුවෙක්ට ඉන්නවා එහෙම අම්මෙක්. එයාම කෙල්ලව ජොඩු කරවල, එයාම ඒ දෙන්නව වෙන් කලා. පව් ඒ කෙල්ල. දැන් ඉතින් දෙන්නා දෙපැත්තේ, හූල්ල හූල්ල ඉන්නවා. :(

    ReplyDelete
    Replies
    1. ඔහොම දෙමව්පියන් ගැන නිතර අහන්නට ලැබෙනවා බුද්ධි. වඩාත් වෙන්නේ කවදා හරි අපි ඒ ආකාරයෙන් නොහැසිරී සිටීමට උත්සාහ ගැනීමයි මන් හිතන්නේ. බුද්ධිට සුබ නව වසරක් වේවා .

      Delete
    2. ඔයාටත් සුබම සුබ නව වසරක්... :)

      Delete
  18. කියන්න ඕනේ හුඟක් දේවල් කට්ටිය කියලා. මට ඉතුරු කරලා නෑ :'( හ්ම්ම්, මම නං කියන්නේ මේ වගේ අවස්ථාවක දී දෙමව්පියෝ බුද්ධිමත් විදියට මධ්‍යම පිළිවෙත අනුගමනය කරන එක තමයි වඩාත් හොඳ! මොකද අම්මලා තාත්තලා දරුණු වෙන්න ගියා ම ළමයි මුරණ්ඩු වෙනවා. ඒ වගේ අවස්ථාවක සිය දිවි නසා ගන්න, පැනලා යන්න තියෙන ඉඩකඩ වැඩි යි. කොල්ලා/කෙල්ල හොඳ නං (මම කියන‍්නේ ගති ගුණ), ජීවත් වෙන්න සරිලන ආදායමක් තියෙනවා නං කුලමල හොයන්නේ නැතු ව කැමති වෙන එක තමයි හොඳම දේ. මොකද කවදා හරි අම්මලා නෙමෙයිනේ බඳින එකා එක්ක ජීවත් වෙන්නේ. හුඟක් දෙමව්පියෝ මේ කාරණාව තේරුම් ගන්නවා නං ප්‍රශ්න අඩු යි.

    ReplyDelete
    Replies
    1. දැන් නම් මම හිතන්නේ ධාරා ගොඩක් දෙමව්පියන් මේ දේ තේරුම් ගන්නවා ,එත් අතරින් පතර එහෙම නැති කෙනෙකුත් ඉන්නවා. ධාරා කවදා හරි අම්මෙක් වුනු දාටත් මෙහෙම හිතන්න පුළුවන් නම් එක තමයි හොඳම දේ.
      සුබ නව වසරක් වේවා ධාරා නංගිට

      Delete
  19. මමනම් කියන්නෙ ආදරේට ඉඩ දෙන්න ඕනේ කියල...

    ReplyDelete
    Replies
    1. හාහ් උඹේ ආදරේට ඉඩදෙන්නේ මගේ මළකඳ උඩින් තමයි .......කියල කියයි කියාලා බයේද ඉන්නේ ...:D
      සුබ නවවසරක් වේවා උමේෂ්

      Delete
  20. අපිකෝමෙයි සිංදු අහන්නෙ. යූ ටියුබ් තහණම් එකේ. සිංදු දෙක මොකද්ද කියලවත් දැම්ම නං...

    ReplyDelete
    Replies
    1. @රාජ් & මදාරා - එකක් සුනිල් එදිරිසිංහ මහත්මයාගේ "මල් පිපිලා එදාවගේම බලන්න මැණිකේ" සින්දුව අනික් එකනම් අලුත් සින්දුව ....අපි දෙන්නව රවට්ටලා අපේ තරුණ පුතන්ඩි ..යනවා වගෙයි කෙල්ල එක්ක හරි හරියට සවාරි "කියල එකක් ..ඔයාල දෙන්නාටම සුබ නව වසරක් වේවා

      Delete
  21. කොහොමත් එකම දේ ගැන දෙන්නෙක් බලන්නේ දේවිදීයකට නේ.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත. මනොජ්ගේ බස්සිට ගෙදරින් කමතිවෙවා කියලා පතන්නම් අලුත් අවුරුද්දේ....

      Delete
  22. ''උඹලා කොහෙද අපිව තම්බන්නේ'' මොකෝ අංකල් අම්මා ඊයේ පෙරේදා මෙහෙම ඇහැව්වද?''''''
    අනේ ඉතින් සමහරක් දෙමව්පියෝ,ගුරුවරු ඉපදුන ගමන් දෙමව්පියෝ,ගුරුවරු වෙච්ච ගානට හැසිරෙනවනේ එතකොට නම් දරුවන්ට දෙවියන්ගේම පිහිට තමා..........සමහර හොද වැඩිහිටියොත් ඒ අතර ඉන්නවා ඕං....

    ReplyDelete
    Replies
    1. "ඇහුවා නේන්නං ආන්ටි .....
      එකනේවෙයි උඹ කොහෙද හැංගිලා හිටියේ පහුගිය් දවස්වල ගෙම්බියේ..මම එත් බැලුවා මොකද කාලෙකින් මේ පැත්තේ ආවේ නැත්තේ කියලා බක බක ගාන්න ..:D

      සුබම සුබ නව වසරක් වේවා ශානු නඟා ...

      Delete
  23. හොඳ විග්‍රහයක් ඉවාන්,නමුත් සමහර අය නං ඔය සම්බන්ධයෙන් දවල් මිගෙල් රෑ දනියෙල් ප්‍රතිපත්තියකුත් අනුගමනය කරනවනේ,බොහොමයක් අයගේ න්‍යාය සහ භාවිතය එකිනෙකට හාත්පසින්ම වෙනස් බව ඉවාන් දැකල තියෙනවද.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපයියේ ..එලියට කියන්නේ "අපේ දරුවටනම් එයාට ඕන දේ තෝරාගන්න අපි නිදහස දීලා තියෙන්නේ " කියලා.
      එත් ගෙදරදී..."උඹ ඔය ගෑනිව මේ ගෙදරට ගෙන්න වෙන්නේ මේ අම්මාගේ මළකඳ උඩින් කියලා හිතාගනින් පුතේ " කියල කියන ය ඕන තරම්.
      හැලපයියට සුබම සුබ අලුත් අවුරුද්දක්වේවා ..

      Delete
  24. සිංදු දෙකම අහන්න වුණේ නෑ ඉවාන්.. කාර්යාලයේ නිසා. එත් මෙවන් අවස්ථාවකට මම කොහොමද මුහුණ දෙන්නේ කොහොමද කියල නං දැන්ම ඉදන් සැලසුම් සහගතවයි ඉන්නේ. අපි විදි කටුකත්වය දරුවන්ට දිය යුතු නැ..

    ReplyDelete
    Replies
    1. සිංදු දෙකම පුළුවන් නම් අහන්න නලින් අයියේ ,දෙවැනි සින්දුව අලුත් එකක්. ඇත්තෙන්ම හැම මවක් පියෙක්ම මේ විදිහට හිතනවානම් දූදරු දෙමාපිය ඝට්ටන ගොඩක් අඩුවෙයි මම හිතන්නේ.
      නලින් අයියට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  25. අපි කවිරි කොහොම කීවත් අපේ ළමයින්ගේ අනාගතේ අවුල් වෙනවට අපි හැමෝම බයයි.
    ඒ වුනාට ඉතින් ඕනෙවට වඩා මැදිහත් වෙලා සම්බන්දතාවයන් කඩන එක නම් මම ඇක්සෙප්ට් කරන්නෙ නෑ. මම නම් කියන්නේ හරි දැන් ඕනේ කෙනෙක් අඳුනගෙන ඉන්න 30 වෙනකම් බඳින්න එපා කියලා. අනේ එතකොට මහන්සිවෙලා ඉගෙන ගෙන විභාග පාස් කරන් , කැම්පස් ගිහින්, රස්සාවක් කරන්න හෙම පටන් ගත්තට පස්සේ උන් ජීවිතේ ගැන ගොඩාක් දේවල් ඉගෙනගෙන. එතකොට අර ලව් කතාත් ඉතිරි වෙලා නෑ නේ. ඒ වගේ දහයක් විතර පාස් වෙලා ඇති. බොහෝ මෙහේ අයගේ කතා නම් ඒ වගේ. එතකොට හොඳම වයසට එද්දි තම්න්ගේ ජීවිතයට වැඩියම ගැලපෙන කෙනා එයාලම දන්නවා.

    ReplyDelete
    Replies
    1. අඳුනගෙන ඉන්න 30 වෙනකම් බඳින්න එපා එතකම් ඔක්කොම පරීක්ෂණ කරලා බලනවා ගැලපෙනවාද කියලා. එතකොට අර සමකය වටේ ලියන නලීන් වගේ අය මේ වගේ සමීක්ෂණ කරලා කියයි. අය්යෝ තරුණ පරපුරට හැදියාවක් නැහැ රටක් බදින්න කලින් ලිංගිකව හැසිරෙනවා කියා.

      Delete
    2. රටක් යනු වැරදී වැටුන වචනයකි.

      Delete
    3. @රංගි - මමත් හිතන්නේ 30 කියන්නේ බඳින්න හොඳ වයස. එත් ගෑනු ළමයෙකුට නම් ඒ වයස තිකක් වැඩියි වගේ නේද, මොකද අනෙක් සෞඛ්‍ය ගැටළු වගේම ළමයින් පිළිඹඳ ගැටළු එන්න පුළුවන් නිසා. එත් කුමන වයසෙන් බැන්දත් ගැලපෙන කෙනා තෝරාගැනීම අත්‍යවශ්‍ය දෙයක්. කොහොමත් අම්මලා තාත්තලා ඔහොම හැසිරෙන්නේ බයට තමයි.

      Delete
    4. @ විශ්ව - පෝරමේ පිරෙව්වද?

      Delete
    5. ඔවු ඔවු මම නම් පිරෙවුවා.
      මම නම් කියන්නේ බඳින්න හොඳම වයස 25. එහෙම බැඳලා අවුරුදු දෙකතුනක් ජොලියේ ඉඳලා ළමා ලපටි හදනවා.

      Delete
  26. අත්දැකීම් නැති බැවින් අදහසක් ප්‍රකාශ නොකරමි. කාටවත් ප්‍රේම කර හෝ කාගේ වත් ප්‍රේමයකට ලක් වී හෝ නොමැත.
    පාසල් ප්‍රේමයට විරුද්ධ නැති නමුත් එතනින් එහාට නොයා යුතුය යන ස්ථාවරයේ සිටිමි.
    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් නොමැති වීමත් හොඳම නැත. පාසල් වියේ ප්‍රේමයේ සුන්දර ආශ්වාදය විඳීම වරදක් නොවේ නමුත් එයට ගැලපෙන ආකාරයට .ඔබට සුබ නව වසරක් වේවා අඟහරුවා ......

      Delete
  27. මමත් හිතන්නේ දැන් මේ සම්බන්දව දෙමව්පියෝ ටිකක් ලිහිල් කියලයි. මගේ ලගම මිතුරෙකුයි මිතුරියෙකුයි අතර තිබ්බ ප්‍රේම සම්බන්දෙකට ගැනු ළමයාගේ අම්ම සැහෙන්න විරුද්ද උනා. හේතුව තාත්ත දැනගත්තොත් ගිනි විජ්ජුම්බරයක් වෙලා අම්මවයි දුවයි දෙන්නම කන්න හදයි කියන බය. ටික කාලෙකින් ගනු ළමය සම්බන්දෙ නතර කරන්නත් හැදුව. එත් කොල්ල ගෙදරට ගිහින් තාත්තට කතා කලා විතරයි වැඩේ නිකම්ම ගොඩ ගියා. අම්මල තාත්තල කෙසේ වෙතත් කොහේවත් ඉන්න සාස්තර කාරයෝ නම් තාමත් ප්‍රේම සම්බන්ද වලට අකුල් හෙලනවා හොදටම.
    කොහොම හරි අපේ පව්ලේ කොල්ලෝ 4න් 3ක්ම (මමත් ඇතුළුව) ප්‍රේම සම්බන්දතා ඇති කර ගත්තත් දෙමව්පියන්ගෙන් නම් කිසි අව්ලක් උනේ නෑ.
    සුනිල් එදිරිසිංහගේ මල් පිපිලා සින්දුව මම ගොඩක් ඇස සින්දුවක්.

    ReplyDelete
    Replies
    1. දැන් දෙමව්පියන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ සඳහා එතරම් දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ. නමුත් සමහර විට තාමත් මේ සඳහා අනුකූලතාවයක් නොදක්වන ය ඉන්නට පුළුවන්. චාමින්දට සුබ නව වසරක් වේවා .

      Delete
  28. මටනම් තාම හිතා ගන්න බෑ පව්ලූෂා මලේ. ඒත් මට හිතෙනවා දැන් කාලේ අපියි දරැවොයි අතර සම්බන්ධය ඉස්සරට වඩා වෙනස් කියලා. අපිට කථා කරලා හොඳ සම්මුතියකට එන්න හැකිවෙයි කියලා හිතෙනවා.

    ඒ කොල්ලා හෝ කෙල්ල ගැන හොයා බලලා ඒ දෙමාපියන් හම්බ වෙන්න යනවා. කතිකාව ගොඩක් ප්‍රශ්න වලට හොඳම විසඳුමයි.

    උඹ දාපු සිංදු දෙකෙන් සුනිල් එදිරිසිංහයන්ගේ ගීතය මගේ ප්‍රියතම ගීතයක්. ඒක මටමයි කියන්නේ කියලා හිතෙනවා. අනික නම් අදමයි ඇහුවේ ඒත් ඒකෙන් කියන්නෙත් ඒකමයි නේ. ගීත 1 වැඩ වුනේ නෑ.
    ඉතිං සහෝදරයා උඹට සුභම සුභ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. අපි ඔය තත්වයට මූනදෙන කාලෙක අපිට වඩාත් ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී වන්නට සිද්ධ වෙනවා සඳුන් අයියේ, මොකද ලෝකේ වෙගයෙන් වෙනස් වෙන නිසා අපේ දරුවන් අපෙන් බලාපොරොත්තු වෙන එකක් නෑ පැරණි හැසිරීම. දෙවැනි ගීතය අලුත් එකක්.
      ඔබටත් සුබම සුබ නව වසරක් වේවා

      Delete
  29. පාසල් ප්‍රේමයට කඩු පොලු අතට ගත් අම්මා සරසවි ප්‍රේමය දෙස බැලුවේ කඩු බිම තබා උදාසීනවය. ඒ මොකද දන්නෑ නේද? එක්කො "එයා දැන් ලොකු ළමේක්" නිසා වෙන්ට ඕනෙ. නැත්තං, "ඕකි හදන්ට බෑ මකලාවත්, කිවුව නහන එකා ඉහල ගියත් එකයි-පහල ගියත් එකයි" නිසා වෙන්ට ඕනෙ.

    කෙසේ වෙතත් ඔවුවා දෙස උපේක්ෂාවෙන් බැලීම ළමයාගේත්, දෙමවුපියන්ගේත් යන දෙපාර්ශවයේම සරීර සෞඛ්‍යට යහපත් බව නම් සැබැවි.
    ;)

    ReplyDelete
    Replies
    1. "පාසල් ප්‍රේමයට කඩු පොලු අතට ගත් අම්මා සරසවි ප්‍රේමය දෙස බැලුවේ කඩු බිම තබා උදාසීනවය." පාසල් ප්‍රේමයට එරෙහිව කදුපොලු නොගත්තානම් සමහර විට බස්සිට කැම්පස් යන්න වෙන්නේ නැතිවෙන්නත් තිබුනා. එහෙම වුනානම් බස්සව හම්බ නොවෙන්නත් තිබ්බා. එකනේ අම්මලා මොන දෙකරත් හිතන්නේ ළමයි ගැන කියන්නේ.

      කොහොම වුනත් බස්සිගේ අම්මා අවශ්‍ය තැනදී අවශ්‍ය ලෙස කටයුතු කර තිබෙන හැඩයි.
      බස්සිටත් බස්සටත් සුබම සුබ නව වසරක් වේවා

      Delete
  30. සින්දු දෙකම ගෙදර ගිහින් දැම්ම දාලා තිබ්බොත් ඉස්සරහට හොදයි වගේ

    ReplyDelete
    Replies
    1. අනේ යකෝ....හැබැයි උඹට නම් හොඳ දෙවනිසින්දුව නේද යකා ...
      යක්ෂයාට සුබ නව වසරක් වේවා

      Delete
  31. ආදරේ ඉතින් හංඟන් ඉන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ.. ආදරේ නොකරපු මනුස්සයෙක් කොහෙත්ම නෑ.. ඒත් වැඩේ තියෙන්නේ සමහරුන්ට තමන් ආදරේ කරලා බැන්ඳද කියලා තමන්ගේ දරුවෝ ආදරේ කරනවා කියලා දැනගත්තම අමතක වෙන එක..

    සිංදු දෙක ඇහුවෝ..

    ReplyDelete
    Replies
    1. අන්න ඒ අමතක් වීන නොවිච්ච් දෙමවුපියන්ගේ ගීත දෙකක් තමයි මේ දිනේෂ් ..දිනේෂ්ට සුබම සුබ නව වසරක් වේවා.

      Delete
  32. ඒ උනාට දෙමාපියන් හිතන්නෙ දෙමාපියන් වැටුන වලේ ළමයි නොවැටෙන්න කියලනේ. ළමයි ගැන දරදඬු තීන්දු ගන්නෙ ඒකයි . සිංදු දෙක ලියලා දැම්මනම් ඉවරනේ මේක ලෝඩ් වෙන්නෙ නෑ මගෙ එකේ

    ….

    ReplyDelete
    Replies
    1. දෙමව්පියන්ගේ සමහර දේවල් අපිට නොඝලපෙනවා වගේ පෙනුනට එයාලා ඒ දේවල් කරන්නේ ළමයි ගැනම හිතලා තමයි. දෙවැනි සින්දුව ලියලා දැම්මට වැඩක් නෑ ජෝන් මොකද එකේ ගතිය තියෙන්නේ රූපරචනයත් එක්කම බැලුවොත් තමයි ,කොහොම හරි පුළුවන් වෙලාවක බලන්න. ජෝන්ට සුබම සුබ නව වසරක් වේවා .

      Delete
  33. දැන් නම් ටිකක් විචාරශීලි ව බලනවා තමයි! ඒත් වැඩේ කියන්නේ ඒ දෙන නිදහසත් වැරදි විදිහට පාවිච්චි කරන එකනේ!

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ උඹලට නිදහසක් දෙන්න හොඳ නෑ කියලා ...උඹට සුබ අලුත් අවුරුද්දක් නාඩි මලේ

      Delete
  34. ඇත්තටම ගොයියො ඔය දෙමාපියොත් බහුතරයක් ලව් කරලා බැදපු අය නොවැ...එහෙව් එකේ තමන්ගෙ දරුවො ලව් කරනවාට විරුද්ධ වෙනවා ඇත්තෙ ඒක හේතුවක් මත....කට්ට කාලා ගෑණිගෙ ගෑස් මුලින් බලලා දහ අතේ පීචං වෙලා වයිපරේගෙ ගෙදරට ගියාම මාමන්ඩියත් ගනන් උස්සලා උස්සලා හිස් අතින්ම දුවව බාර දෙනවා....ඊට පස්සෙ ඉතිං අහිංසකයා බර අදින්න එපායැ....අන්න ඒ නිසා තමයි // අනේ කොලුවො මම වැටුන වලේ බොලත් වැටෙන්නෙ නැතුව හොද අත්තක් අල්ලලා දෙනකං හිටිං කියලා නොකියා කියන්නෙ....//

    මම නිකං විහිලුවට වගේ මෙහෙම කිව්වෙ...නැත්තං තොපිලා මට බැනගෙන බැනගෙන යාවි...පිවිතුරු ආදරයට නිගා කොලා කියලා...අගහිගකම් එනකොට ආදරේ පෑල දොරෙන් පැනලා යන කථාව බොලා අහලා ඇති නොවැ...

    ReplyDelete
    Replies
    1. අන්න උඹ පරම පිවිතුරු ආදරේට නිගාකොලා. කොහොමත් අපිට වැරදියට පෙනුනට අම්මා තාත්තා එහෙම දේවල් වලට පෙළඹෙන්නෙත් දරුවෝ ගැන හිතලම තමයි. සිරාට සුබ අලුත් අවුරුද්දක් වේවා සිරා

      Delete
  35. print-out එකක් අරන් රාමු කරල බිත්තියෙ එල්ලන්න වටින ලිපියක්... :D ඇත්තටම වැඩේ අහු වෙච්ච ගමන් සම්බාධක දාලා, යුද්ධ ප්‍රකාශ කරනවට වඩා හොඳයි කතාබහ කරලා, කරුණු තේරුම් කරල දීලා විසඳන එක.. atleast අධ්‍යාපනය අතරමැද හිත වෙන පැත්තකට යන එකේ ප්‍රතිඵල කියල දීල තව ටික කාලයක් ඉවසන්න කියල සුහදව කියනව නම් බොහෝවිට ළමයා ඒක පිළිගනීවි..

    ReplyDelete
    Replies
    1. ඔව් අශාන් එක තමයි ක්‍රමය ,තර්ජන ගර්ජන දහසකින් කරන්න බැරි දේ එක මුදු වචනයකින් කරන්න පුළුවන්, මව්පියන් අතීතයේදී තේරුම් නොගත් (හැමෝම නෙවෙයි) දැන් තේරුම්ගත් (එත් හැමෝම නෙවෙයි) යතාර්ථය එකයි.

      ඔබට සුබ නව වසරක් වේවා අශාන්

      Delete
    2. ඇත්ත...
      ඔබටත් එසේම වේවා!

      Delete
  36. මම තොරගන්න එක උඹ දැනටමත් දන්නවනේ..

    සුභ අළුත් අවුරුද්දක් වේවා මලේ....!!!

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කයි ඔය දෙවැනි සින්දුව දැක්ක හැටියේ මතක් වුනේ මාතලන්ව තමයි . එසේම වෙවා මාතලන් අයියේ

      Delete
  37. කතාව නම් ඇත්ත. එක එක වයස් වලදි ජීවිතේ දකින විදි වෙනස්නේ ... ඒක වෙන්න ඇති හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම එයාලා තරුණ කාලේ දැක්ක විදිහට වයසට ගියහම ජීවිතේ දකින්නේ නැතුව ඇත්තේ ..

    ලැබුවාවු නව වසරට මෙගෙනුත් සුබ පැතුම්...

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා තුශානි. කාලෙන් කාලෙට අදහස් වෙනස් වුනත් සාධාරණ ආහස් ඇත්තෙකු බවට් පත්වන්නට නව වසරේදී ඉටාගනිමු

      Delete
  38. සුබ 2014ක් වේවා!

    ReplyDelete
  39. දරුවන්ගේ කටයුතුවලදී අම්මලා ගොඩක් සංවේදියි.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත, එයාලා බලන්නේ තමනේගේ දරුවා ගේ අනාගතය ....ඒ අතින් එයාලා වැරදි නෑ

      Delete
  40. අතීතය අමතක වීම හුඟක් වැඩිහිටියන්ට වැලඳිලා තියෙන අසාධ්‍ය රෝගයක්, ඉවාන්.
    උඹට සුභ 2014ක් වේවා.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ඩූඩ් අයියේ ... තමන් හිටපු හැටි තමන්ට මතක් නෑ ...ඩූඩ් අයියාට ,අක්කට සහ පවුලේ සැමට සුබ නව වසරක් වේවා

      Delete
  41. මං ලව් කරපු ගෑනිගේ දෙමව්පියොත් ඔහොම හිතුවනම්... !!!!!

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වයි ....ඉතින් මොකෑ වුනේ ..? වැඩේ අතාරියද ..? හඳපානේ වහන් වුනාද ..?

      Delete
  42. පවුලිස්......අපි කරපු ආදරනීය ප්‍රේම ජවනිකා මතක තියෙනවානම් අපි කොහොමද හරස් වෙන්නේ...මග පෙන්වීම් නම් කරත හැකි. අනවශ්‍ය අත පෙවීම් නම් කැතයි හොඳේ.....
    අපේ ගෙදර ඔක්කොම වගේ ප්‍රේම විවාහ..ඉන් සමහරක් හරි රැඩිකල්...මම ඉතා රැඩිකල් විවාහයක් කරේ. සියල්ලෝම සතුටින් සිටිති.

    ReplyDelete
    Replies
    1. ප්‍රේම ජවනිකා මතක් තිබ්බට අරු අයියේ ගොඩදෙනෙක් කියන්නේ අපි කලාට තොපි කරන්න එපා කියලනේ....ඇත්තටම් රැඩිකල් විවාහයක් කරාම එකේ ගතියක් තියෙනවා තමයි. මොකද නිකම්ම අවසර ලබුනමත් නිකං කිසිම ගෝ එකක් නෑ

      Delete
  43. ඇත්ත කතාව.. අද කාලේ ඉන්න සමහර දෙමවුපියෝ ආදර සම්බන්දතා ඉස්සර හැසිරෙන විදිය දකිද්දී හිතෙනවා.. තවත් ලෝක යුද්දයක් ද කියලා//

    ReplyDelete
    Replies
    1. ඔව් සමහර ය එහෙන්ම තමයි. එත් අද කාලෙනම් ගොඩක් අය එහම හිතනවා අඩුයි, අකමැත්තෙන් හරි තෙරීමට ඉඩ දෙනවා

      Delete
  44. Replies
    1. අප්පට බොල මෙන්ඩියා.....උඹ කොහොම හරි එනවා නේද? දකින්න ආසයි වරෙන්කො ගෙට්ටුවකටවත්

      Delete
  45. පෝස්ට් එකේ මැදක් හරියට කියවද්දි මට මතක් උනේ මල් පිපිලා එදා වගේම කියන සිංදුව. බලන කොට ඒකත් පෝස්ට් එකේම තියෙනවනෙ. පාසල් කාලේ වගේ නම් අම්මල කලබල වෙන එක සාමාන්‍යයි මං හිතන්නෙ. මොකද එයාල හිතන්නෙ පාඩම් වැඩ අතපහු කරගෙන අන්තිමට ජීවිතයම නැති නාස්ති කරගනී කියලනෙ. එහෙම නැතුව සුදුසු වයසකදි ගැළපෙන කෙනෙක් තෝරගත්තමත්, අර විරුද්ධ වෙන්නන් වාලේ විරුද්ධ වෙන එක නම් වැරදියි.

    ReplyDelete
    Replies
    1. කොහොම වුනත් පාසල් කාලෙදිනම් අම්මලා තාත්තලා ටිකක් කලබල වෙනවා තමයි එත් එකෙන් සමහර විට ප්‍රශ්නේ ඔඩු දුවන්නත් පුළුවනි..නමුත් කලබල වීමම පස්සේ පසුතැවීමට හේතු වීමත් වෙන්න පුළුවනි. කොහොම වුනත් දෙමව්පියන් ගේ ආදරය වැඩි කම නිසාම මේ කලබල වීම වෙන්නත් පුළුවන්

      Delete
  46. මට නං කාවවත් තම්බන්න ඕන වුනේ නැතිය. මොකද එයාලා නිකංම තැම්බුණ නිසාය. ඒ හිංදා ඒ ආතල් එක මට හම්බුනේ නැත. ඒත් මොන මසිරි වැඩේ කලත් අම්මලා මොන බාල්දි දැම්මත් උවමනා කම් ඇත්තෝ ඒවා හීන් නූලෙන් කරගනී. ඒවා එහෙමය.
    අහපු හිංදා කියන්නෙ මං කැමති මල් පිපිලා සිංදුවටය
    ඇයිද අහන්න එපාය
    කියන්න දෙයක් නැතිය
    මංද යත් මං බැදලා නැත
    ඒත් අනාගතේ නං මං මේක කියනවාමය
    මොකද මගෙ උං මාව තැම්බුවොත් මට ඇඩුස් නැතිවෙන හිංදාය

    ReplyDelete
    Replies
    1. හැබැයි කිසිම කචල් එකක් නැතිව ලව් එක මල්පල ගන්වුනාමත් කිසි ගැම්මක් නැතිය. හරිනම් කප්පරක් බාල්දි වැටෙන්න ඕනෑය .ලව් එකේ වුනත් ගතියක් තියෙන්නේ එවිටය. කොහොම වෙතත් අනාගත් එන එවුන් නම් අපිව ඇඩ්රස් නැතිවෙන්නෙම තම්බනවාය.

      Delete
  47. මචං,
    මේ ඊමේල් ඇඩ්‍රස් එකට,
    මේල් එකක් දාපං...
    ceylonerana@gmail.com

    ReplyDelete
  48. මල් පිපිලා එදා වගේ සින්දුව මම සුනිල් එදිරිසිංහ මහත්මයා ගේ සඳකඩපහණ සංගීත සුයාමයෙන් ඇහුව මුල් දවසේ මගේ ඇස්වලට කඳුළු ආවා..ඇත්තටම ඒ සින්දුවේ තියෙන්නේ අමුතුම රසයක්...
    මල්ලි....ඔයා ලියන ඒවයෙත් තියෙන්නේ..අන්න ඒ රහ ම තමයි....හිතට දැනෙන රහ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කලුසුදු අක්කේ . ඔබත් අම්ම කෙනෙක් නිසා මේ අතද්කීම විඳින්නට සිදුවෙනවා ඇත. එදාට උපේක්ෂාවෙන් සහ ඉවසීමෙන් තම දරුවන්ට යහමග කියා දීමේ ශක්‍යතාවය ඔබට ඇති බව මං හොදාකාරවම දනිමි.

      Delete
  49. //එදා තමුන් ගිය මගම තමුන්ගේ දුව පුතා යන්නට සැරෙන් විට යුද්ධ ප්‍රකාශ නොකර අවබෝධයෙන් බුද්ධිමත්ව , උපේක්ෂා සහගතව ඒ දිහා බලන්නට සමත් මවුපියන් ඇත්තෙන්ම ඒ දරුවන්ටත් සම්පතක්.//

    අනිවා... දරුවන් තරුණ වියට එළඹෙන කොට දෙමව්පියන් ඔවුන් සමග වඩාත් මිත්‍රශීලි වෙන එකයි වැදගත්...අනික මං හිතන්නේ සමහර දෙමව්පියෝ තමන්ගේ හිතේ දරුවන්ට තියන ආදරේ පෙන්නන්නේ නෑ. එතකොට දරුවන්ට ඒක දැනෙන්නේ නෑ. එහෙම වුනාම දරුවෝ වුනත් අර වාගේ සංවේදී ප්‍රශ්න දෙමව්පියෝ එක්ක කතා කරන්න පැකිලෙනවා කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම දරුවෝ දෙමව්පියන් එක්ක මේ ප්‍රශ්න කතා කරන්න පෙළඹෙන්නේ නෑ බහුතරයක්. එත් ඒ ගැන වටහා ගැනීමේ හැකියාව දෙමව්පියන්ට තිබිය යුතුයි කියා මා නම් විශ්වාස කරමි. "අනික මං හිතන්නේ සමහර දෙමව්පියෝ තමන්ගේ හිතේ දරුවන්ට තියන ආදරේ පෙන්නන්නේ නෑ. එතකොට දරුවන්ට ඒක දැනෙන්නේ නෑ." ඒ කොටසටනම් කොන්දේසි රහිතවම එකඟ වෙමිය.

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]