Thursday, January 23, 2014

ඔක්කොම ඉවරයි


"මොකද සර් අප්සෙට් එකෙන් වගේ "

 "අයිසේ මම ඉවරයි අයිසේ ....අයියෝ සුමනයවත් මේක කලින් දැක්කේ නෑනේ අම්මපා අඩු ගානේ අර     ශිෂ්‍යත්ව කොල්ලවත් මේක මට කිව්වේ නෑනේ ..."

"මොකක්ද සර් අවුල ......ඇයි අගමැති තුමා අස්වෙනවද ...?

" පිස්සුද මනුස්සයෝ දැන් කියලා ඉතින් වෙනසක් තියෙනවද ..? හිටියත් නෑ වගේනේ ..."

" හරි මම හිතුවා ...කෙහෙළිය ඇමති තුමා අස් වෙනවලු නේද....?

"ඔල්මාදෙද අයිසේ .......මිනිහා මලත් ජනමාධ්‍ය ඇමති කම දාලා යන්නේ නෑ... මටත් වෙලාවකට හිතෙනවා ඕයි මේක නැතුව ජන මාධ්‍ය ඇමතිකම තිබ්බනං කියලා "

"එහෙනම් සර් තව කුඩු කන්ටේනරයක් අල්ලලද ...."

"හැක් හැක් හැක් ......ඔලුගෙඩිය , ඔය අහුවෙච්ච එක පෙන්න පෙන්න තව කීයක් ඇතුලට ගෙනාවා කියලද තමුසේ හිතන්නේ....බැරිම වුනොත් කරන්න තියෙන්නේ අර එතනෝල් ගෙන්වීම නීතිගත කරා වගේ මේකත් නීතිගත කරන එකනේ අයිසේ ...අනේ තමුසෙලා වගේ උපදේශකයෝ......."

"එහෙනං එස්.බී. යයි වගේද සර්..."

"ආ මිනිහා ඉන්නවද...? මිනිහ කැසිනෝ ගැහුවා කියලා කිව්වට පස්සේ ලඟදි ආතල් එකක් දුන්නෙත් නැති නිසා මාත් බැලුව මොකද කියල "

"කේ.පී ගේ ප්‍රශ්නයක්ද සර්."

"මිනිහට දැන් මගෙන් විතරයි අයිසේ පිහිටක් තියෙන්නේ..මිනිහ කියන්නේ මිනිහට ප්‍රභාට කලින් මාව හම්බ වුනානම් කියලා ....."

" එහෙනම් සර් බන්දුල ....."

"අයිසේ මිනිහනම් අදහන්න වටිනා පොරක් අයිසේ ....බලනවා මිනිහා නිසා අපි කොච්චර ප්‍රශ්න වලින් ගැලවෙන්වද කියලා ...දෙදාස් පන්සීයෙන් හතරදෙනෙක් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු එකම මදැයි ඔයි....අපි එකෙන් මාසයක් විතර මීඩියා ටික ඇදගෙන ගියානේ ...දැන් බලනවා ඔය ශිෂ්‍යත්ව කතාව වුනත් ..."

"විමල් ඇමති තුමාගෙන් නම් වරදක් වෙන්න විදිහක් නෑ නේද සර්...මිනිහා සර් කියන දේට පිටින් මුකුත් කියන්නේ නෑනේ.....?"

"හ්ම්ම්...එත් මිනිහා මේ දවස වල හුලාගේ නෙත්තියත් එක්ක පැටලෙන්න යනවනේ ....උසේ හැටියටද වැඩ "

"එහෙනං සර් මොකක්ද ප්‍රශ්නේ...බඩුමිල වැඩියි කියනවද ...?

"හෙක් හෙක් හෙක් මිනිස්සුන්ට බඩුමිල ගානක් නෑ ඕයි මේදවස්වල ..? මිනිස්සු කනවට බොනවට වඩා කරන්නේ මංගල සමරවීරගේ කොල්ලට මොකද වුනේ  කියලා හොයන එක  ...."

"එහෙනම් සර් විපක්ෂ නායක තුමා ආණ්ඩුව පෙරලන්නවත් ගේමක් ගහනවද?

"අයිසේ මේ පොඩ්ඩක් ලඟට එනවකො........"

"ඇයි සර්....."

"කවුද ඕයි මේ රටේ විපක්ෂ නායක......"

"අයි සර් රනිල්නේ ..අර හිටපු ගමන් ඇවිත් කෝපි බීලා යන කොන්ඩේ සුදු පොර..."

"ඔව්නේ යකෝ ..මම මෙච්චර දවසක් හිතන් හිටියේ මිනිහා එංගලන්තේ විපක්ෂ නායක කියලා ..."

"සර් ගණන් ගන්න එපා සර් ඕවට ඉතින් සර් මොනා කරන්නද? "

"මොනවටද?"

"සර් මේ කම්පනා කරන්නේ නොරොච්චෝලේ ආයේ කැඩිච්ච එකනේ ..."

"ඉට්ට .....ඒක කවද්ද ඕයි වැඩකරේ ...හාහ් අන්න බලනවා මේ සැරේ දුන්නේ ගේම රන්දෙනිගල රන්ටඹේ ..කැලණිතිස්ස ඔක්කොම හිටින්න...."

"දැන්නේ සර් මීටර් වුනේ  සර් බයේ ඉන්නේ ජිනීවා කේස් එකට නේද ?

"හෙහ් හෙහ් හෙහ් .....හිනා වෙලා චූ යන්නත් ආවා ඕයි.....ඡන්ද දෙක දිනාගන්න ඔයිට වඩා දෙයක් තියෙනවද අයිසේ. ඕවට තමයි අයිසේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන්නේ ...අපිට ඡන්ද අරන්දෙන කුමන්ත්‍රණ හැක හැක හැක ........"

"අනේ මන්දා සර් මටනම් තේරෙන්නේ නෑ ...අර ගෘහ සේවිකාවෝ ඩුබායි අරින ප්‍රශ්නේ වත්ද ?"

"තමුසෙලාටත් පෙන්නේ ඔය ගෑනියෙක් දෙන්නෙක් රටයන එක තමයි . ඇයි අයිසේ බලනවකො රට පුරා ඇවිදලා දැන් මෙහෙ බදාම අනන්නෙත් චීන්නුනේ ...අපේ කොල්ලෝ ක්ලබ් ගිහින් නයිට් රේස් බලලා මත්තලින් කටුනායක එන අපූරුව චීන්නු අපේ රටේ පාරවල් වල තාර දාද්දි "

අනේ මන්දා සර් මට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ...."

"නැතුව ...යමක් කමක් තේරෙන එවුන් නම් මම තමුසෙලාව උපදේශකයෝ කියලා බඳවා ගන්නවයි ...
මෙන්න බලනවා නිව්ස් එක වාසු සන්ධානයෙන් වෙන් වෙයි ? දැන් ඉතින් කොයි වෙලේ ආණ්ඩුව වැටෙයිද  දන්නේ නෑ ඕයි


94 comments:

  1. තව ටික දවසකින් ඉවාන් අයියාවත් සුදු වෑන් එකකින් උස්සලා තියේද දන්නේ නෑ.. (y)

    ReplyDelete
    Replies
    1. බය කරන්න එපා අප්පා ...! කාපු ටිකත් පිච්චිලා ගියා :D

      Delete
    2. සුදු වෑන් මේ ගෙම්බව උස්සන් යන එක කෙසේ වෙතත් ඔළුව කුඩු වෙන්ට හුරුබුහුටියට හදපු බුලට් දෙකක් ඔළුවට බස්සලා යයි.

      Delete
    3. හෙහ් ගෙම්බියේ,මේ මම සුදු වැන් ආපු ගමන් කියනවා මම මේවා ලිව්වට අදහස අර ශානු කියන ගෙම්බිගේ කියලා .එතකොට හම්බවෙයි උඹටත් .....හැක හැක හැක

      Delete
  2. //අනේ මන්දා සර් මට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ ...."//

    මටත් කියන්ට තියෙන්නේ මෙච්චරයි...:D:D

    ReplyDelete
    Replies
    1. ගොඩක් අයට එහෙම තමයි පොඩ්ඩියේ ගණන් ගන්න එපා

      Delete
  3. නියම ප්‍රහසනයක්.. වාසු සන්දානෙන් ඉවත් වෙයි.. ඇදපංකෝ ඉතිං මාසයක් ඒක.. එළටම ලියවිලා ඇත..

    ReplyDelete
    Replies
    1. තැනකුයි දේශක ..ඕකත් ඇති සතියක් දෙකක් ඇදගෙන යන්න

      Delete
  4. මම හිතන්නේ නැහැ වාසු ආණ්ඩුවෙන් යාවි කියලා.මොකෝ ආණ්ඩුවෙන් ගිහින් වාසුලාට පැවැත්මක් නැහැ.එකනේ මොන කෙනෙහිලි කම් කෙරුවත් වාසුලා,තිස්ස විතාරණලා මේ ආණ්ඩුව එක්ක එකට නිදි වදින්නේ.සමහරක් විට මැතිවරණයට වෙනමම ඉදිරිපත් වේවි.ඒත් සන්ධනයෙන් ඉවත් නොවී ඉදගෙන.

    ReplyDelete
    Replies
    1. මේ නහින දෙහින කාලේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා මොන ඉටිගෙඩියක් කරන්නද? අඩු ගානේ මලගේදරවත් රාජ්‍ය ගෞරව සහිතව කරගන්න බැරියැ කියලා ඔන්න ඔහේ ඉන්නවා ඇති.

      Delete
  5. ඕවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මල්ලි ... නියමයි උදේම මතලන්ගේ පෝස්ට් එක කියෝලා අනිත් අතට මේක ,,, හොද ගණන් ඔයාලත් ගිහින් කියෝලා බලන්න... මල්ලි නියමයි කතාව

    ReplyDelete
    Replies
    1. කුමන්ත්‍රණ නිසානේ මෙච්චර කාලයක් ආණ්ඩුව තිබ්බේ කුමන්ත්‍රණ නැත්තනම් මෙලහකටත් ආණ්ඩුව ඉවරයි. මාතලන්ගේ එක මමත් කියෙව්වා ඉඳගෙන

      Delete
    2. ඈ බොලේ කවද්දි අපුර්වි අක්ක ප්‍රගීත් අයියට අක්ක උනේ? :D

      Delete
    3. ඈ සසිඳුවෝ ......මං වගේ හිච්චි එකෙකුට මල්ලි නොකියා පුතා කිව්වත් කමක් නෑ නේද අපූර්වී අක්කේ ....:D

      Delete
    4. අනේ මල්ලි කිවේ බයට අප්පා ,අර චතුරංගයට අයියේ කිවා බලද්දී බාලයි. ඒකයි අනේ ඔහේ කියලා දමෙම්,, අර දේශක තුමාගේ වයසේ ඔක්කොටම මල්ලි තමයි කියන්නේ :)

      Delete
    5. අනේ කමක් නෑ මෙයා මල්ලිම කියන්න ඉඳගෙන

      Delete
    6. හොද හිච්චි එකා, තව ටික කාලෙකින් 40ත් පනිනවා :D

      Delete
    7. අඩෝ ෆොටෝ ෂොප්පයා ... :D

      Delete
  6. හෙහ්... හෙහ්.... කවුද අයිසෙ මේ රටේ විපක්ෂ නායක, මේ රටේ විපක්ෂයක් කියල දෙයක් තියෙනවද.

    ReplyDelete
    Replies
    1. මේ සාමාන්‍ය ජනතාව වෙච්ච අපි තමයි හැමදාම විපක්ෂේ

      Delete
    2. @ ප්‍රසන්න - ආයෙත් අහලා විපක්ෂේ කියලා අපි හිතාගෙන ඉන්න එවුනුත් අපෙන් අහන්නේ මේ රටේ විපක්ෂයක් කියලා දෙයක් තියෙනවද කියලා

      Delete
    3. @ ඔමා - ඉතිං බං ආණ්ඩු පක්ෂෙත් අපිමනේ

      Delete
  7. ඔය සී නිවුස් කියන්නේ වීරවංශගේ එකක් නේද? ඇයි ඉතිං ඕවා බලන්නේ?

    ReplyDelete
    Replies
    1. සී නිව්ස් වීරවන්ස්හගේ තමා ..මොනාකරන්නද කකා නොමිලේ ආතල් දෙන වෙන වෙබ් සයිට් නෑනේ

      Delete
  8. නියම පෝස්ටුව මල්ලී! ඊයේ සෑම් කොල්ලත් මරැ ලිපියක් දාලා තිබුනා. මට මේවා දකිනකොට මතක් වෙන්නේ ඉස්සර දිවයින පත්තරේ ගිය පකිස්ලන්තය.
    ජයෙන් ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සඳුන් අයියේ ...දිවයින දැන් සම්පූර්ණයෙන්ම පකිස්ලන්තය වාගේ ....ඉස්සර ගතිය නෑ කඩේ යනවා විතරයි.

      Delete
  9. මහින්දගේ දෑත ශක්තිමත් කරන්න මෙදාපාර කෙලි නඩයක්ම ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා කාට චන්දෙ දෙන්නද කියලා හිතාගන්න බෑ. ජින්ජර්ට කොහොම හරි මනාපයක් දෙන්න ඕන

      Delete
    2. වැඩක් නැහැ මලයෝ.... ඉගුරු මේ දවස් වල හරි ලාබයි..!

      Delete
    3. @ ඇල්බන් අයියා - ආයේ අහලා මේ දවස් වල තමයි ස්ටේජ් එකෙක් උඩ නැගලා ඉඟුරු අක්කාගෙන් කිස්ස් එකක්වත් ගන්න තියෙන එකම වෙලාව

      Delete
  10. ඈත්තටම ආස ඈති වෙන්වෙලා වෙනම චන්දෙ දිනල පොරක් වගේ ආපහු එකතු වෙලා ලොකු ඈමති කමක් ගන්න. ඒත් තනියෙන් චන්ද කරන එක මේ මහලු කාලේ අමාරුයි නේ

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ වෙනම ඉල්ලලා දිනන්න ගියොත් වෙන්නේ තියෙන කුට්ටමත් නැතිවෙන එක නිසා ඔහේ ඉඳියි සද්ද නැතුව.

      Delete
  11. අම්මට හුඩු... කෙලියා නේද තාප්පෙට... දැන් නම් ඉතින් මහින්ද ලොක්කා ඉවරයි..

    මාර බලයක් නේ පොරට තියෙන්නේ.. තනියෙන් ඡන්දේ ඉල්ලලා කී සැරයක් නම් බලය පෙන්නුවද..?

    ReplyDelete
    Replies
    1. ආයේ මක්කයි ,ඒ වගේද සමාජවාදී රටවල් වලින් පොරට තියෙන සහයෝගේ චීනේ,රුසියාව, කියුබාව, වගේ රටවල් වලින් ඇවිත් මෙහෙ පිකටින් කරයි .
      මාතලන් දැක්කද දන්නේ නෑ "අද" පත්තරේක කාටුන් එකක් තිබ්බා
      පොදු වැසිකිළියක පොලිමේ ඉන්නවා ඩිව් ගුණසේකරයි, බාහුයි... වසිකිලියෙන් එලියට එනවා වාසු ,බාල්දියක් අතේ තියාගෙන, එන ගමන් කියනවා "දැන් වම පාවිච්චි වෙන්නේ මේ වගේ තැනකදි විතරයි " කියලා

      Delete
    2. වම රැඳිලා තිබුනේ අවංක, නිහතමානි ප්‍රභූ පැලැන්තියේ නායකයෝ නිසා.. මේ වගේ දෙකයි පනහේ කාළකන්නි තමයි වම විනාශ කලේ..

      Delete
    3. වම සහ කම්කරු බලවේගය කියන දෙකටම ඔය ඉරණම අත්වුණේ මේ වගේ හාල් කෑලි නිසා තමයි.

      Delete
  12. වාසු කියලා එක්කෙනෙක් ආණ්ඩුවේ ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. මෙන්න මරුම කතාව ....හිටියා අයි මතකනැද්ද අර දහඅට වෙනි සංශෝදනෙට සම්පූර්ණයෙන් විරුද්ධයි එත් අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරාගන්න ඕන නිසා පක්ෂව චන්දෙ දෙනවා කියලා දුන්නේ

      Delete
    2. වාසු.. හ්ම්ම් වාසු... හැත්තෑ ගනන් වල අසූ ගනන්වල නං එහෙම පොරක් හිටියා

      Delete
    3. @ සරත් අයියා - ඔව් ඒකාලේ හිටියේ "වාසුදේව" දැන් ඉන්නේ "වාසිදේව"

      Delete
    4. "වාසිදේව" හරියටම ගැලපෙනවා පවුලුශා.

      Delete
  13. වාසු කියන්නෙ අර ජාතියක් ජම්මයක් නැති එකාද බං..අර කොටියට කඩේ යන්නෙ..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් බෑ බං ,මං හිතුවේ මිනිහට එහෙම හරි තමුන්ගේ කියලා මතයක් ඇති කියලා බලනකොට එහෙම එකක්වත් නෑ ..පුස්

      Delete
  14. ඈ උට එච්චර පවර් එකක් තියනවද :D

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා, වාසු නැත්තං මහින්දත් නෑ

      Delete
  15. පුදුමයක් නෑ. මර්වින් ඇමතිතුමත් ආපහු ඇවිත්ලුනේ..

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ...? හැබැයි මර්වින් වගේද වාසු.

      Delete
  16. ඉවාන් ට හරි.. අනේ මන්දා.. කොහොම හිටපු එකෙක් ද..? :v
    සුදු වෑන් වල ආසාවට ලියපු එකක්ද කොහෙද..?

    සුපිරි,, රිදෙන උන්ට නියමෙට රිදෙනවා ඇති..

    ReplyDelete
    Replies
    1. අඩෝ එහෙම කියන්න එපා බං. අහිංසක මම මොකක්ද කරපු වරද සුදුවෑන් වල යන්න.

      Delete
  17. උබ මේවා ලියන්නේ අර ඇප්ලයි කරපු මැලේසියා විසා එක අතට හම්බ උන නිසාද

    ReplyDelete
    Replies
    1. ඒක හම්බවෙනකන් තමයි මාත් ඉන්නේ උඹව හොයාගෙන ඇවිත් බෙල්ල මිරිකන්න .... :D

      Delete
  18. අතිශය නිර්මාණත්මකයි. මේ තියෙන්නෙ විප්ලවවාදී අදහස්. කියන වචනයක් වචනයක් පාසා හාස්‍ය මුසුවෙලා මුළු කතාවම හාස්‍යෙයන් මුසපත් වෙලා .අනර්ඝයි. ඉවාන් ජයෙන් ජය වේවා

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා වැව් ඉස්මත්ත .....කොමෙන්ට් කර කර ඉඳලා හරියන්නේ නෑ. කවි කීපයක්වත් ලියන්න කාලේ හරි දැන්

      Delete
    2. ඇත්ත. ලියන්න ඕනෙ ඒත් මම ලියපුවා මටම තේරෙනව එච්චර නිර්මාණාත්මක නෑ කියල. ඒත් මම ලියනවා හොදයි කියල හිතුනොත් විතරක් ලියනවා.මම මේ කියන්ඩ උත්සාහ ගන්නෙ කොළඹ යුගයේ කවීන් වගේ නෙමේ. නමුත් සහෘදයාට ටිකක් හරි දැනෙන විදියට අපි කවියක් පළ කරන්න එපැයි නේද

      Delete
    3. උඹ අහලා තියෙනවා නේද සතත අභ්‍යාසය කියන එක. ඒක නිසා හොඳම කවිය ලියවෙනකන් ඉන්න එපා . කවියක් ලියලා දාපන් ,අඩුපාඩු තිබ්බොත් අනිවා පෙන්නා දේවි කට්ටිය.

      Delete
  19. //හුලාගේ නෙත්තියත් // මෙන්න මේ කෑල්ල තමයි මට අල්ලලා ගියේ.

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව් සුදීක ...ඔන්න ඕක අල්ලලා ගිහින් තමයි හුලයි ,වීරවංස ලොක්කයි දෙන්නම අමාරුවේ වැටුනේ

      Delete
  20. කන්ඳේ ලන්ඳේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ.........

    ReplyDelete
    Replies
    1. මන බැන්දේ වින්දේ සුව පාසේ "වාසූ සන්ධානේ "

      Delete
  21. හෙක් හෙක් මරු මරු... නිර්මාණාත්මක ව විවේචනය කිරීම සුන්දර යි.

    ReplyDelete
    Replies
    1. තැනකුයි ...කුරුටු දිලිනි :D

      Delete
  22. එලටම ලියැවිලා තියෙන්නේ.... අපූරුයි පවුලූශෝ. ඒ කතාව ඇත්තද වාසු සන්ධානෙන් යනවා කියන්නෙ? වල පයයි ගොඩ පයයි තියාන තාච්චි පනින්න ගිහින් මොන ඉට්ටක් කොරගනීවිද මන්දා මේ මනුස්සයා...

    ReplyDelete
    Replies
    1. තැනකුයි බස්සි. මොන පැනිල්ලක්ද ඔය නිකං සද්දයක් දානවා තමුන් ඉන්නවය තාමත් සමාජවාදීය අරකද මේකද කියන්න .

      Delete
  23. බලන්ටකෝ වෙන්ට යන අපරාදේ. අනේ වාසුටනම් මේක පෙන්වන්ට එපා හිත වාවන් නැතිව ගිහින් යන එක කල් දමාවි දැන් කීප සැරයක් කරා වගේ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මිනිහා මේක දැකලද කොහෙද? ඔන්න යන එක කල්දාලලු. මේ ආණ්ඩුව හරිමගට ගන්න තවමත් අවස්තාව තියෙනවා කියන්නේ

      Delete
  24. ඕකා සංධානෙන් වෙන්වෙලා..උතුරෙ මස්සිනාට හේත්තුවෙලා..එහෙන් චන්දෙ ඉල්ලන්නද දන්නෑ නෙ...!!

    ReplyDelete
    Replies
    1. හැබැයි මචෝ මිනිහට මෙහෙට වඩා ඡන්ද දහයක් විතර වැඩිපුර හම්බවෙයි උතුරෙන් නම්. එත් කියන්න බෑහැබැයි මොකද උතුරේ මිනිස්සු හිතන්නේ ඌ සිංහලයෙක් කියලනේ

      Delete
  25. ''මේ එංගලන්තේ ගැන නොවෑ කියන්නේ අලී තතුටුයි.......ලංකාවේ මෙහෙම වෙන්නේ නෑ මන් දන්නවා මට ෂුවර්...... ''හි..හි...හි.... මුන් නම් ගෙම්බන්ටත් අවනම්බුවක් නේද ගෙබි අයියා.....
    හා හා පුරා මේ අවුරුද්දේ ලිව්ව 1 වෙනි පෝස්ට් එකට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. තැනකුයි ශානු ගෙම්බි ....මේ මක්ක කියනවද ගෙඹි නගා මුන් අවනම්බුවක් නේන්නම් සනුහරෙටම. ඔව් ඔව් මේ එංගලන්තේ එංගලන්තේ .....:D

      Delete
  26. කාලෙකට ඉස්සෙල්ල රබර් රොටි පහක් දාන එක නැවැත්තුව මීගොඩ පැත්තෙ පොරක් නිසා ලෝක රබර් වෙලඳම කඩ වැටිච්චි හැටි ගැන බන්දුලය කිව්ව කතාවක් මතක් උනා!

    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික "සමාජවාදාදී" ජනරයෙ ඉන්න "සමාජවාදිය" තමයි වාසු. ආන්ඩුව එහෙම එකක් කියල පෙන්නන්න ඕන නිසා ලොක්ක වාසුව හලන්නෙ නෑ බං.

    ReplyDelete
    Replies
    1. අයි උඹට මතකද එක සැරයක් හාල් වල මිල වැඩි වෙනකොට බන්දුලයා කිව්වේ දැන් බලශක්ති ප්‍රභවයක් හැටියට එතනෝල් භාවිතා කරනවය, එතනෝල් හදන්නේ හාල් වලින්ය, එක නිසා ලෝක වෙළඳපලේ හාල් මිල වැඩිවෙලාය. එනිසා මෙහෙ හාල්මිල වැඩි වෙන එක නවත්තන්න බැරිය කියලා.

      ඔව් අඩු ගානේ නාමික සමාජවාදියෙක් හරි ඉන්න එක ලොකු දෙයක් කියලා ලොක්ක හිතනවා ඇති.

      Delete
  27. පහුගිය දවසක ආයේ මේවා ලියන්නේ නෑ කියලා දෙපැත්තෙන් අරලිය මල් වැටෙන්න දා ගත්ත මිනිහා නේද මේ ආයෙම ලියන්නේ?

    දේශපාලනය ගැනනම් මගේ කිසි අදහසක් නෑ.. ඒත් මේ කෙල්ලෝ ටික හන්දා දැන් නම් උනන්දු වෙන්නම හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ලියන්නේ නෑ කිව්වට මේ යක්කු නොලියා ඉන්න දෙන්නේ නෑනේ බං . අනික උඹලා වගේ දේශපාලනය ගැන උනන්දු නැති තරුණයෝ දේශපාලනයට සක්‍රියව සහභාගී කරගන්න අපේ මාතලන් ලොක්ක එක්ක කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස තමයි ඔය නාරිලතාවෝ ටික මේ සැරේ තරඟෙට දාන්නේ .

      Delete
  28. සමාජවාදී ආණ්ඩුවට එරෙහිව අධිරාජ්‍යවාදී ඇමරිකානු සී.අයි.ඒ. රහස් ඒජන්තයින් විසින් මෙහෙයවන වාසුදේව සහෝදරයා පන්නා දැමීමෙ මහා කුමන්ත්‍රණය පරාජය කිරීමට ජාතිමාමක, දේශමාමක සියලුම ජනතාව එකාමෙන් නැගී සිටිය යුතු මොහොතක් පැමිණ ඇත.

    (මම ජාතිමාමක, දේශමාමක නොවන දේශදෝහියෙක් බැවින් මේ සටනට පැමිනෙන්නේ නැති බව කරුණාවෙන් සලකන්න )

    ReplyDelete
    Replies
    1. දේශමාමක ජනතාව එකසිතින් පැමිණ බුලත් කොලේට ඡන්දය දෙන්න බස්නාහිර දකුණ ඡන්දයේදී ඔබ රජය සමග බව පෙන්නන්න. ඔන්න අපේ ජනතාවගේ චන්දෙන් පත්වූ ය ජනතා සේවයට.
      එයාලා ජනතාවට සේවය කරනකොට ඇල්බන් අයියා වගේ දේශ ද්‍රෝහීන් ට කිසිදු සේවයක් නොකරනු ඇත.

      Delete
  29. ලොක්කගේ රූපෙට උඩින් අරලිය මල් වැටෙනවා දැක්කම මට මතක උනේ හෙලිකොප්ටරෙන් මල්/පොරි ඉහින එක.

    ReplyDelete
    Replies
    1. ලොක්කා තාම මැරිලා නෑනේ බං හෙලිකොප්ටරෙන් මල්පොරි ඉහින්න. ඔන්න උඹ කන්න හදන්නේ මෙච්චර හොඳට ඉන්න මිනිහාව මලා කියලා.

      Delete
  30. ඩැයිවර් කොල්ලත් ආවා ඕං...වාසු..වාසුට දැන් කියන්න තියෙන්නේ....මා මහලු වයසේ..බැරිය වෙණ ගායනා පෙරසේ...තමා..

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව් ඩයිවර් කොල්ලෝ ඔන්න ඔහේ අයිකොරලා නවත්තාපන්. වාසු දැන් වාසි පැත්තට හෝයියා

      Delete
  31. මට මේක දැක්ක ගමන් මව්බිමේ විකෘති මතක් වුණා...
    මොනා මළ දානෙ උණත් ඉවාන් අය්ය මං නං හිතන්නෙ නෑ ඔය ත්‍රී විලර් කාරයො සන්ධානෙන් කැඩෙයි කියල
    එහෙම උණොත් තමා බය
    මා හිතන්නෙ බුවා ඔය කතාව කියන්න ඇත්තෙ මේ දවස්වල රජ වාසල කවටයා වූද අපේ ලේ පිරිසිදු කිරීමට දායක වන්නා වූද අපේ සත් ගුණවත් විමල් ගොය්යාගේ අඩුව පුරවන්නට විය හැකි බවයි
    හිහි

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ් මලයා සන්ධානෙන් කැඩිලා ඉල්ලුවොත් මුන්ට වෙන්නේ ඇපෙත් රාජසන්තක වෙන එක. විමල්ගේ අඩුව පුරවන්න නම් අමාත්‍ය මණ්ඩලය අතර මහා තරඟයක් ඇති බව මටද පෙනේ දරුවා....

      Delete
  32. ඒක තමා මං බලවුවේ චීන්නු සෙට් එකක් අපේ ගමේ කාණු හදනවා ඒබව දැකලා මාව ආඩම්බරෙ බර වුණා . .. ඒමදිවාට සහෝදරයා වාසු මැරිලා කියලයි මම මෙච්චර කල් හිතාන හිටියේ .

    ReplyDelete
    Replies
    1. වාසු මැරිලා කියලා තමයි මාත් හිතන් හිතියේ මේ නිව්ස් එක දකිනකම්. හැබැයි මලා වගේ තමයි. පෙර රජ දවසට පස්සේනේ දෙයියනේ මෙහෙම ලෝකේ අනෙක් ජාතීන් අපිට යටත් වෙලා අපේ හැම වැඩක්ම කොරලා දෙන්නේ අප්පා

      Delete
  33. දැන් අපි මෙ විදියට බලාගෙන ඉදල හරියන්නෙ නැ.මෙ ජනතාවාදි ආන්ඩුව විදෙශ කුමන්ත්‍රනවලින් රැක ගන්න ඔක්කොම එකතුවෙලා වාසුගෙ ගෙ ඉස්සහට යමු සන්දෙශයකුත් ලියාගෙන ඉවත්විමට විරොදය දක්වල.

    ReplyDelete
    Replies
    1. මම මේ යන ගමන් ගාල්ලෙන උඹවත් ගන්නම්. මතක ඇතුව සුදු කොඩියක් අරන් වරෙන්. සතුට වැඩි කමට මිනිහා වලකජ්ජ ගැහුවොත් එතනම දාලා එන්න

      Delete
  34. මට නම් දිරවෙන්නෙම නැති චරිතයක්.

    ReplyDelete
  35. නිකම් පතෝල වගේ නේ බං! මොනවා කරන්නද ඉතිං නහින දෙහින කාලේ මොකක් හරි කියන්නත් එපැයි!

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් බන් අසරණයා ....! බලාපන් නැත්තම් වාසු නික්ම වසු පැටියා වෙනවා

      Delete
  36. නිර්මාණශීලීත්වය නම් උපරිමයි ඉවාන්...කතාව කියවගෙන යද්දි හිතුනා මෙච්චර විස්තර දැනගන්න ඉවානුත් උපදේශකයෙක් වෙලාවත්ද කියල ;)

    ReplyDelete
    Replies
    1. තැනකුයි චාම්ස් ....ඔන්න තද වෙනවා අරී....ජනාධිපති උපදේශකයා කියලා අපහාස කරන්න එපා අරී .....:D

      Delete
  37. ශිෂ්‍යත්ව කොල්ලා කිව්වේ? අර අනාවැකි කිව්වැයි කියපු ඒකාද? ලස්සන කෙටි කතාවක් දැන් ලිව්වා නම් හරි... :)

    ReplyDelete
    Replies
    1. අන්න මිනිහා තමයි. ඔන්න කෙටි කතාවක් ලිව්වා

      Delete
  38. This comment has been removed by the author.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]