Friday, January 31, 2014

ලොකු දෝණී



"කොහෙන්ද උඹට පෝන් එකක් ...ඇත්ත කියාපන් ....."

"මගේ යාලුවෙක් තාත්තේ දුන්නේ ..."

"කවුද යකෝ මේ ගමේ හතරමහා නිධානෙ පහලවෙච්ච මං නොදන්න උඹේ යාලුවා .......ලොක්කියේ ඇත්ත කියාපන් ...මගේ යකා අවුස්සන්නේ නැතුව......."

"යාලුවෙක් යාලුවෙක් යාලුවෙක්....කිව්වට තාත්තා දන්නේ නෑනේ... මැහුම් පන්තියට එන යාලුවෙක්..."

"තාත්තේ ඕක අක්කට ජනක අයියා දුන්නේ ...."

"යනවා පොඩ්ඩි  යන්න මෙතන දන්නේ නැතිදෙවල් වලට හොට දාන්නේ නැතුව...."

"කවුද පොඩි පුතේ ජනක අයියා කියන්නේ....."

"අර හැමදාම මෙතනින් බයිසිකලේ යන්නේ ...තාත්තේ ....ඒ අයියා හරි හොඳයි තාත්තේ ..මට හැමදාම මුරුක්කු ගෙනත් දෙනවා .......අක්කට ෆෝන් එක දෙද්දී මට චොක්ලට් එකකුත් දුන්නා .....මේ එකේ තිබ්බ ස්ටිකරේ ..."

තාමත් අවුරුදු හතක පමණ වූ කුඩා දියණිය ගිරවියක මෙන් කියවද්දී   රත්නසේන බාස් ගේ කන්දෙකෙන් ගින්දර පිටවෙන්නාක් මෙන් විය . 

බුදු පින්තූරයට පහලින් එල්ලා ඇති තම බිරිඳගේ පින්තූරය දෙස රත්නසේනට බැලුනේ ඉබේටමය.. 

"අයි හත් දෙයියනේ ඔයාට මං ඔච්චර එපා කියද්දීත් මේ ගමන ගියේ..අවුරුදු තුනක් කියන්නේ සුළුපටු කාලයක්ද..? මේ ලමිස්සියෝ දෙන්නෙක් එක්ක මම මේවා කොහොම කරන්නද.....?"

මීට මාස හතකට පමණ පෙර යස ඉසුරු සොයා තම දැඩි විරුද්ධත්වය මැද්දේ විදේශ ගත වූ තම බිරිඳ කෙරෙහි ඔහු තුල ඇතිවූයේ කෝපයකි..

"මෙහෙ දීපිය ඔය බඩ කඩුත්තුව ...."

*******

දිනකට හත් අට සැරයක් තම ගේ ඉදිරිපස පාරෙන ට්‍රේල් වර්ගයේ යතුරුපැදියක් සැර දමමින් යන තරුණයා රත්නසේන බාස්ට හොඳටම මතකය......

"කවුද නිමල් මේ පෝරිසාදයා .....අරෙහෙ ලොකු කෙල්ල විභාගෙට පාඩම් කරනවා ......දැන් හතර සැරයක් විතර මෙතනින් ගියා ..මහා සද්දෙට...."

වට පිට බැලූ නිමල් රත්නසේන බාස් වෙත ලං වූයේ රහසක් කියන්ට මෙනි......

"බාසුන්නැහැ ...ඔය තමයි අර ජනක කියන එකා ....අර කුඩු අබ්දුල්ගේ ගෝලයා.....ඔන්න ඔහේ යන දිල්ලියක ගියාවේ නිකං ඕකුන් එක්ක පැටලෙන්න යන්න එපා ...මහා තිරිසන්නු....." 

ගේ ඉදිරිපිට පාර අද්දරට වන්නට ඇති වඩු මඩුවේදී තම ගෝලයා වන නිමල් සමග මීට මාස කීපයකට පෙර ඇතිවූ දෙබස රත්නසේනට මතකයට නැගෙන්නට විය........
එදා ඔය කියන බයිසිකලේ සද්දෙට පාරේ යනවිට නිකමට ගේ දිහා බලද්දී ලොක්කි ජනෙල් තිරය පහත දමා ජනේලය ලඟින් මෑත් වෙන හැටි දුටුවිට ඒ පිලිබඳ විශේෂ හැගීමක් එවෙලේ ඇති නොවුනත් දැන් රත්නසේන බාස්ට සියල්ල සක් සුදක් සේ පැහැදිලි වන්නට විය . 


*******

"මට තිබුනේ පාරක් දෙකක් ගහලා හරි ගෑනි රට යන එක නවත්තගන්න ....දැන් මොනවා කියල කොරන්නද දෙයියනේ....."

කොහොමටත් ලොක්කි මුරණ්ඩුයි කියලයි .නොගැලපෙන පෙම්හබ වල පැටලෙනවායි  කියලනේ කේන්දරේත්  තිබ්බේ... කේන්දරේ තිබ්බ ඒ කතා ව ඇත්තයි කියලා රත්නසෙනට හිතුනු දෙවැනිවතාව..

විභාගෙට මාස දෙකකට විතර කලින් ඉස්කෝලේම පිරිමි ළමයෙක් එක්ක තිබ්බ සම්බන්දෙ ප්‍රින්සිපල් හාමුදුරුවන්ගේ අතටම අහුවෙච්ච වෙලාවේ ...ප්‍රින්සිපල් හාමුදුරුවෝ රත්නසේනට කියපු දේ තාම ඇහෙන්නා ඇහෙන්නා වගේ ..

"රත්නසේන බාසුන්නහේ ...විභාගේ ළඟ හින්දයි මම මේ සමාව දෙන්නේ...දෙමව්පියෝ වුනාම මීට වඩා වගකීමෙන් ළමයි ගැන හොයලා බලන්න ඕනේ .."

රත්නසේන පියවිලොවට ආවේ ලී ගේට්ටුව ඇරෙන කිරි කිරි සද්දේ ඇහුනු නිසා ...
"කොහෙද උඹ යන්නේ ..."

"මැහුම් ක්ලාස් ....ඇයි...?

"නෑ ඕනේ නෑ .....උඹේ පන්ති යැවිල්ල දැන් ඇති.."

"අනේ තාත්තේ...."

"අනේ පනේ ඕනේ නෑ ...පලයන් ගෙට මම නරක මිනිහ කරගන්නේ නැතුව.....අර රස්තියාදු කාරයා එක්ක රවුං ගහන්න......උඹලා අම්ම හිටියනං උඹව ඇහේ ඉඳන් පට්ට ගහනවා...."

"හහ අම්මා හිටියනං......?"
"අම්ම හිටියනං හොඳයි තමයි.... අම්ම ජනක අයියව දන්නවා......අම්මට රට යන්න ඒජන්සිය හොයලා දුන්නෙත් ජනක අයියා .....හහ්.. අම්ම ආපුවාම බලාගමුකෝ කවුද දිනන්නේ කියලා ......."

ලොක්කි ගස්ස්ගෙන හැරිලා යන හැටි බලන් ඉන්නකොට රත්නසේනගේ ඇස දෙකට කඳුළු උනන්න ගත්තේ නිකම්ම.......රටේ ලෝකේ මිනිස්සු වහෙන් ඔරෝ කියන දේවල්  කනට වැටිලා තිබුනත් ඒ දේවල් වල තමුන් නොදන්නා තව ගොඩක් දේවල් තියෙනද කියන සැකේ රත්නසේනට ආවා .

"ඉතින් අම්ම වගේම නැතා දූ පොඩ්ඩත්....මං උඹට හූනා කියන්නහේ කිව්වා මලේ... උඹ ඒකිගේ පොත්තට රැවටුනා...දැන් ඉතින් බැඳගත්තා නම් බෙරේ ගහපං.... පොට වරද්දගත්තම එන්න විතරක් එපා හතර මායිමේ .."
 ලොකු කෙල්ලගේ ඉස්කෝලේ පලහිලව්ව ආරංචි වෙච්ච දා සමූපෙදී හම්බවෙච්ච අක්කා කියපු කතාව රත්නසෙනට ආයෙත් මතක්වුනා.

ඇත්තටම මල්කාන්තිට තිබුනේ තමුන් වගේ මනුස්සයෙකුට නොගැලපෙන ලස්සනක්ද කියලත් රත්නසෙනට දැන් හිතෙනවා ..

රත්නසේන මල්කාන්තිව බලන්න ගිය පළවෙනි දවසේ ඉඳන්ම මල්කාන්තිව රත්නසේනට බන්දලා දෙන්න මල්කාන්තිගේ අම්මට තිබ්බේ පුදුම හදිසියක් කියලයි ඒ දවස්වල අක්ක නම් කිව්වේ....
"කොහොම හරි අන්තිමට අපේ හරකා කෝම්බයක් කරගහුවා....." අක්කගේ කතාවල තේරුම හොයන්න ඒ දවස්වල උනන්දුවක් නොතිබුනේ තමුන් මල්කාන්තිගේ රූපෙට වහ වැටිච්ච නිසාද කියලත් රත්නසේනට හිතුනා...

අනේ දෙයියනේ......කර කියා ගන්න දෙයක් හිතා ගන්න බැරුව රතන්සේනට තමන්ගේ  ඔලුව තෝන්තු වෙනවා වගේ දැනුනා ...

*******

"පොඩ්ඩියේ ....."

පොඩි දුව පාසල් ඇරී ..නිවසට පැමිණෙනු දුටු රත්නසේන වෙනදා පුරුද්දට මෙන් ඇයට ඇමතුවේය....

"තාත්තේ......"

ඇගේ දත්වලත් උඩු තොලේ හා නහය මැද වියලී ගිය චොකලට් ලාටු තැවරී තිබෙනු දුටු රත්නසෙන සැබවින්ම හිනාවියයුතු වුවත් ......එය දැකීමෙන් ඔහු තුල ඇති වූයේ කුතුහලයකි.

"මෙහාට වරෙන් දුවේ...., මොනවද පුතේ  ඔය මූණ පුරාම ගෑවිලා තියෙන්නේ....?"

"ජනක අයියා මට චොකලට් එකක් දුන්නා .."

"ඒ මොකටද ...?"

"නිකං .....අක්කට මේ පොත ගිහින් දෙන්න කිව්වා ..."

ඇය පෙන්වූ පොත අතට ගත රත්නසේන එහි පිටුවක් නෑර පෙරලා බැලුවේ ලියුමක් දකින අටියෙනි. නමුත් එතුල කිසිවක් නොවීය.....

"හා දීපංකො එහෙමනං " කියා පොඩ්ඩි දෙසට පොත දිගු කල රත්නසේන....

"පොඩ්ඩක් හිටපං....කියා නැවත පොත පෙරලන්නට විය .....එකින් එක පිටු පෙරලන විට එකට අලවා තිබූ පිටු දෙකක් අතර තිබූ ලියුම දුටුවේය.

හාහ් මුන්ගේ ගොරක මදි අපිව තම්බන්න .."

"හත් දෙයියනේ..........."

                            "ආදර නිමන්ති..!
                        
                              ඔයාගේ තාත්තා ඉන්නකං අපි දෙන්නට මෙහෙම දුරින් ඉන්න තමයි වෙන්නේ 
                              ඔයාගේ තාත්තාට ගේමක් දෙන එක මට මහා දෙයක් නෙවෙයි ..ඒත් ඒකට ඔයා 
                              අකමැති නිසා....දැන් අපිට කරන්න ඉතුරුවෙලා තියෙන්නේ එක දෙයයි.

                               තාත්තා පොඩ්ඩක් එහෙමෙහෙ වෙනකං ඉඳලා ඔයා කෙලින්ම දුවන්න 
                               පොලිසියට. ගිහින් කියන්න ,තාත්තා ඔයාට හැමදාම අතවර කරන්න හදනවා
                                ..ඔයා මේ බේරිලා පැනලා එන ගමන් කියලා. අම්මත් රට නිසාත් 
                                 ගෙදර වෙන ගෑනු අය නැති නිසාත් පොලිසිය 
                               ෂුවර් එකටම ඕක විශ්වාස කරනවා. ඔයා චාන්ස් එක ආපු ගමන් යන්න 
                                 යද්දී තීන්ත කඩේ ජයනාත්ට පණිවිඩේ දීගෙන යන්න. 
                                මම එන්නම් පොලිසිය ගාවට , පොලිසියේදී වෙන්න ඕන ටික අබ්දුල් අයියා කරයි .
                              
                                 ජනක 

 රතන්සේනගේ කඳුළු පිරුණු දෑසට  නැවතත් පෙනුනේ  බුදු පින්තූරෙට පහලින් එල්ලා ඇති තම රූමත් බිරිඳගේ ඡායාරූපයයි.....

190 comments:

  1. මේ වගේ ඛේදවාචක ඇත්තට ම මේ රටේ වෙනව ඇති ඕනෙ තරම්. පවුලක් තුළ තම තමන් ගෙ වගකීම් හරියට ඉටු වෙනව නම් මෙහෙම දේවල් වෙන එකක් නෑ. ජීවිතේ කියන්නෙ සල්ලි හොයන එක ම නෙමේ නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම වෙනවා දිලිනි. මේකට ප්‍රස්තූත වෙච්ච කාරණේත් පත්තරේක තිබ්බ ප්‍රවෘත්තියක්. ජීවිතේ කියන්නේ සල්ලි නොවුනත මේ පාරිභෝගිකවාදී සමාජයේ සල්ලි නැතුව මිනිස්සුන්ට ජීවිතයක් නැතිවෙලා

      Delete
  2. පරණ ඉවාන් නැවතත් රිදී තිරයේ. වැඩියෙන්ම සතුටු වෙන එකා හැලපයා.. එළ මාර ෆීලින්ග් එකක් ආවා.. නිකන් පපුව කඩාගෙන වැටුනා වගේ එකක්. මිනිස්සු දුප්පත් වෙලා ඉපදෙන එක ඇත්තටම පවක්ද බන්. උඹ අද පත්තරේ දැක්කද කරවිල කතාව. මොකටද බන් මෙහෙම රටක ජීවත් වෙලා..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සතුටුයි මාතලන්,පරණ ඉවාන් ආපහු ඇවිත්.වැරද්දක් කියන්න තැනක් ඇත්තෙම නෑ කිසිකෙනෙක් හිතන්නෙ නැති අවසානයක්.
      ඉඳපන් ටිකක්, මම මොකක් හරි හොයල මූට ටිකක් බනින්නත් එපැයි.නැත්නං කමෙන්ට් වලට වශී වෙලා කොල්ල ආපහු ට්‍රැක් පනින්න ගනී.

      Delete
    2. ළොකු දෝනී කියන නම හොඳ නැතෙයි කතාවට.. නමක් නැති නිසා කිව්වේ.. අදහසක් පමණයි..

      Delete
    3. @ මාතලන් - මාතලන්ට ස්තුතියි කියන්නේ නෑ... මොකද එහෙම කිව්වම ගණන් "ගන්න එපා මචෝ" කියනවනේ. එක නිසා මට දීපු සහයෝගෙට උඹට පිං . කරවිල කතාව මම දැක්කා. කියෙව්වෙත් බොහොම අමාරුවෙන්. ලක්ෂ දෙකේ සපත්තු දාන පුතාල ඉන්න ආඩම්බරකාර තාත්තගේ රටේ අසිරිය දැකලා පිස්සු හැදුනා .

      Delete
    4. @ හැලපයියා - හැලපයියේ මම මේ බයේ හිටියේ ඔයාගේ කොමෙන්ටුව දකිනකන්.....දැන් මොකක්ද ඔය හොයන්න හදන්නේ......? හික් හික්.....ඔබටත් පිං ...ඔයාලා තමයි නියම "විචාරකයෝ"

      Delete
  3. මේ කතා ඇත්තටම අද අහන දකින කතා ,මගේ යළුවෙක් ගේ තාත්තා කෙනෙක්ට තවම නඩු දැන් නම් හිරේ මම හිතන්නෙ එත් ඔය වගේ දෙයක් නිසා මේ වගේ කතා ඇහෙන්න අපේ කනුත් පවු කරලා ඇති .

    ReplyDelete
    Replies
    1. අපි තමයි ලෝකේ වැඩින්ම පව් කරලා තියෙන ජාතිය සහෝ......

      Delete
    2. අපි රටක් හැටියට මේ වගේ දේවල්ම අහ අහා දැක දැක ඉන්න හිතන්නේ නැතුව මේ තත්වයෙන් ගොඩෑන්න ක්‍රමයක් ගැනත් හිතුවොත් තමයි හඳ.

      Delete
  4. මෙන්න මෙව්වගේ එව්වානම් බ්ලොග් වල විතරක් නෙවෙයි පත්තර වලත් යන එක වටිනවා....

    ReplyDelete
    Replies
    1. පත්තරවලට දැම්මට කවදාවත් එකක් පලකරේ නෑ ඇනෝ ... ඒක නිසා තමයි බ්ලොග් එක පටන් ගත්තේ බං

      Delete
    2. බයවෙන්න එපා ඉවාන්. බ්ලොග් කාරයෝ පත්තර කාරයන්ට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නවා. දාන්නේ නැත්තේ ඉරිසියාව හා කුහක කමට.

      Delete
  5. අරූට හෙන ගහනවා නෙව ඒ වගේ දෙයක් කියන එක ! ශික් ඉතරක් !

    ReplyDelete
    Replies
    1. අරූ කිව්වේ අපේ "අරූ"ටද ......
      ඇත්තටම ඔහොම් දේවල් වෙනවා බං , අයි දුවෙක් අම්මට ඇසිඩ් ගහලා තිබ්බේ ..මතකද ?

      Delete
  6. ඇත්තටම හොද කතාවක්..අමාරුවෙන් තමන්ව ලොකු මහත් කරන තමන්ගේ දෙමව්පියන්ට වඩා පස්සේ හොයාගත්ත කෙනෙක් නිසා තමන්ගේ දෙමව්පියන්ට දුක් දෙන අය අද සමාජයේ කොච්චරනම් ඉන්නවද..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ..... ආලය අන්ධයි කියනවනේ.... එහෙම අන්ධ වුනාම අම්මා තාත්තාවත් පෙන්නේ නෑ බං

      Delete
  7. ඇත්තටම මේ වගේ දේවල් කොච්චර වෙනව ඇත්ද ලන්කාවේ. මාසයකට විතර කලින් තමුන්ගෙ අම්මට ඇසිඩ් ගස්සපු සමලි0ගික දුවෙක් ගැන විස්තර තිබ්බෙ.

    ඉවාන්.. කවද්ද ඔබගේ කෙටි කතා පොත එලි දකින්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇල්බන් අයියේ ...ඔය කතාව මම කියෙව්වා.....ඔය ඉතින් මේ ධර්මද්වීපේ නොවැ .... කෙටිකතා පොතක් ගහන්න දැන්නම් මටත් හිතෙනවා

      Delete
  8. පබ්ලිෂ් කරන්න හදිස්සියට කතාවෙ නමත් අමතක වෙලා නේද,ඉස්සෙල්ල කතාවට නමක් දාල ඉඳින්.මේ ප්ලොට් එක උඹගෙ හිතට ආව හැටි මම දන්නව.

    ReplyDelete
    Replies
    1. නෑ හැලපයියේ මම නමක් දැම්මා. එකට මොනවා වුනාද දන්නේ නෑ. හැබැයි එකෙන් හොඳක් වුණා . කතාවට ගැලපෙනම නම හම්බවුනා ඒකෙන් . මාතලන් යෝජනා කලේ. ..හත් ඉලව්වයි ඒකත් හොයාගත්තද ඒ පාර ..

      Delete
  9. Replies
    1. තැන්කු වේවා ඉන්දිකයෝ...එම්බල සිංහ පුත්‍රය මා නුඹට නීල වර්ණ පත්‍රයෙන් සැදී ඒ නුඹේ ප්‍රියතම පානයේ බෝතලයක්ම ලබාදෙමි.

      Delete
    2. මම සාමාන්‍යෙන් නිවාඩු දාට බ්ලොග් බලන්නෙ මේල් බලන්නෙ නෑ. ඒත් ඊයෙ ෂොපින් උගුලක හිරවෙලා කරන්න දෙයක් නැතිකමට කෝපි කඩේක නිකන් ලැබෙන නෙට් එකෙන් මේක දැකල ඒ වෙලාවෙම යමක් කොටල ගියා දැනුන සතුට නිසා.

      මමත් ඔය විචාර කළාව ගැන මහ ගොඩක් දන්නෙ නෑ. ඒත් මේක විශිෂ්ඨ නිර්මාණයක් කියන්න හදිසි වෙන්නෙත් නෑ.

      එකක් මතක තියාගනින්. යන්තන් එහෙන් මෙහෙන් දන්න හෝ මුකුත් නොදන්න උදවිය "මේක යුගයේ විශිශ්ඨතම, මා බ්ලොග් තුල කියවූ සුපිරිතම" වගේ අදහස දෙන කමෙන්ට් කරල ගියාට ඒවයින් අඳින්න එපා. එහෙම උනොත් අර හැළපෙ කිව්ව දේ තමා වෙන්නෙ.

      Delete
    3. මම එහෙම අඳින එකෙක්ද නැද්ද කියලා උඹට මේවෙනකොට තේරුම් ගිහින් තියෙන්න ඕනේ මම දන්නා විදිහට. නේද?

      Delete
  10. කතාව කියෙවුවාට පස්සේ ඒ දුප්පත් තාත්තා ගැන මහා දුකක් ඇති වුණා.දරුවෝ වෙනුවෙන් ජීවිතේ දුක් විඳිනවා මදිවාට, එයාලගේ නරුම ආදර කතා නිසා මැරුම් කන්න හෝ කල්දේරම් බත් ගිලින්නත් ඒ වගේ තාත්තලාට සිද්ධ වෙනවානේ.............

    ReplyDelete
    Replies
    1. ඔව් බට්ටි.තාත්තලාගේ ආදරේ නිහඬයි ප්‍රබලයි...එත් දරුවෝ එක තේරුම් ගන්නේ නෑ ගොඩක් වෙලාවට. එක දරුවන්ගේම අවාසනාව.

      Delete
  11. නියමයි ඉවාන්. නිර්මාණකරුවෙක් යම් කිසි ප්‍රවෘතිත්යකින් අළුත් දෙයක් දකින එක ඒකේ සිතුවිලි හා පරිකල්පනය ක්‍රියා කරවල මේ වගේ නිර්මාණ කරන එක හරිම අගෙයි... ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි දේශකයාණෙනි.....ඇත්තටම මේක ප්‍රවෘත්තියකින් ඩිවලොප් කරපු කතාවක්. හැබැයි ටිකක් පරණ ප්‍රවෘත්තියක්.

      Delete
    2. ඒක තමා බොල සුද්ද සිංගලෙන් කියල තියෙන්නේ මම

      Delete
  12. තාත්තා කෙනෙක්ගේ කඳුළු වලට කිරි උනනවා හරිම හොරයි බං

    ReplyDelete
    Replies
    1. පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී කියන්නේ එකනේ බං

      Delete
  13. යකෝ ඉවාන් මල්ලියා මේක කියවල කොමන්ට් එක කොටා ගන්න බැරිව හිටිය ටික වෙලාවක්.
    ඇත්තටම අද අපිට දවස ගානේ නිතර ඇසෙන කතාවල් රාශියකගේ කරුණු එක කතාවකට කැටිකොට ලිවිම ඉතා ඉහල අගයක් ගන්නවා.
    කෙටියෙන් කතාවක් තුල පණිවිඩයක් ගෙනහැර පෑම අතිවිශිස්ටයි පුත්‍රයා...
    ජය වේවා.....!

    ReplyDelete
    Replies
    1. බොහොම තැන්කිව් කෙන්ජයියේ.....ඔයාගේ කොමෙන්ට් වෙනස් වුනාට ඔයා වෙනස් වෙලා නැතිබව මේ කොනේටුව දැක්කම කියන්නපුලුවනි. ඔබටත් ජය.

      Delete
  14. mara lassanai. samajayata ithamath hoda paniwidayak deela thiyenawa.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුමා..... අපි නොහිතන පැති වලින් තමයි අපිට ප්‍රශ්න ඇතිවෙන්නේ කුමා

      Delete
  15. මේ වගේ කතා කොයි තරම් අපි අතර ඇතිද..?මේක පට්ටම,පට්ට නිර්මාණයක් බං.

    ReplyDelete
    Replies
    1. මේවගේ කියන්නේ මීට වඩා හිතාගන්න බැරි කතා ඕනෑතරම් ඇති මනෝජ්...ස්තුතියි උඹට

      Delete
  16. උඹේ කථා වලට මම බොහොම මනාප මුල මැද අග තියෙන ගැලපීමත්...කථාවෙ අග සාම්ප්‍රදායික අවසානයන්ගෙන් බැහැර වීමත් නිසා....සමහර කථා කියවගෙන යද්දි අවසානය ගැන අදහසක් එනවා. එහෙත් බොලාගෙ කථා වල අවසානය දක්වාම කියවන්න වෙනවා හැබෑටම මොකක්ද උනේ කියලා දැන ගන්න....පෝස්ට් දෙකක් අතර පරතරය අඩු කරලා ලියහං වස්තුවෙ...බොට ජය !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිරා ඇගයීමට....ඇත්තටම පොස්ට් දානවා ළඟ වැඩිද බං ...? මට ලියවෙන වෙලාවට ලියවෙනවා එකදිගට සමහර කාලවලට මෙලෝ දෙයක් හිතට එන්නේ නෑ බං

      Delete
  17. කිසිවකුත් නොසිතන පැතිකඩක් ස්පර්ශකරමින් ලියැවුණු අගනා කෙටි කතාවක් ඉවාන්... සෑම සිදුවීමකම අපි දකින්නේ නිවැරදිම පැත්ත නොවේ. ඔබේ පරිකල්පනයට තුති. මේ සිදුවීමටම අදාළ පොස්ටුවක් යකාගේ අඩවියේ තිබී කියෙව්වා....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියේ..මෙහි ප්‍රස්තූත සිද්ධිය පත්තරයක තිබ්බා කාලෙකට කලින්. ඔබ හරි හැම සිදුවීමකම අපිට පෙනෙන්නේ එක පැත්තයි. අනික් පසින් බැලීමට උත්සාහයක්වත් දරන්නේ නෑ සමාජය.

      Delete
  18. හිතුවෙවත් නැති විදිහටනෙ කතාව ඉවර උනේ, ඇත්තටම මේ වගේ සිද්ධිත් වෙනව ඇති නේද අයියෙ..

    ReplyDelete
    Replies
    1. වෙනවා බං අනන්ත..මේකත් "සත්‍ය සිද්ධියක් ඇසුරිනි"

      Delete
  19. සාර්ථක නිර්මාණයක් ඉවාන් සුභ පැතුම්!

    හීතාගන්න බැරි තැනකින් කතාව ඉවර උනේ. දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් විදියට පපුවෙ පැත්තක බරක් දැනුනා අන්තිම ටික කියවත්දිනම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියා .... උඹට විතරක් නෙවෙයි බන් හැම කෙනෙකුට ඒ බර ඔය විදිහටම දැනෙනවා .මොකද අද සමාජය ඒ තරම්ම පාදඩකරණය වෙලා. ළමයි නොමග ගෙනියන්න ඕන තරම් කට්ටිය.

      Delete
  20. මේ දවස් වල අහන්න දකින්න තියෙන දෙයක්..ලස්සනට කතාවට නන්වල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි උමේෂ්...මේදවස්වල ඉතින් ඇහෙන්නෙම මේවගේ දේවල්නේ

      Delete
  21. අනෙ මන්ද මචන්.මුලුඇගම බ්ලොක් උනා වගෙ එකක් උනා.මෙව වෙනව නේද කියල හිතෙනකොට මෙනව කරන්නද කියල හිතාගන්න බැ.ඔයවගෙ පැමිනිල්ලක් දාන්න ලොකු දුව වෙන්න ඔන හැමදෙම වෙලා තියෙන්නත් ඔන නෙ.පව් අසරන ජිවිත.
    නියමයි උපරිමයි

    ReplyDelete
    Replies
    1. තැනකුයි මචෝ....මේවා වෙනවා බන් ..කොහොමෙයි ඉතින් නවත්තන්නේ ..රාජ අනුග්‍රහ්යෙන්ම සමාජය පාදඩ වෙනකොට.

      Delete
  22. Replies
    1. කොහෙද බං ගිහිං හිටියේ

      Delete
    2. ඔව් මෙන්ඩිය...උඹේ කතාව හරි.

      Delete
    3. තැනකුයි මෙන්ඩියා ..උඹ කොහොම හරි හැම එකම කියවනවා වැඩ අස්සේ .එකට ස්තුතියි උඹට.

      Delete
    4. ඌ කොහෙවත් ගියේ නෑ අටමෝ... උඹ තමයි මේ කාලෙකින් මේ පැත්තේ ආවේ. මෙන්ඩ හැමදාම ආව.

      Delete
    5. Kenji / Atama Ayyandi...Iwan,
      oya name ahenkota mama aymat School yanawa wage.
      ikmantama enawa oyalage blog walth.

      Delete
  23. ඇ බං ඉවාන් අයියේ

    හැමදාම වගේ උඹගෙන් අහන්න තියෙන්නේ කොහෙන්ද මේව්වා එන්නේ කියලා

    කියවගන යනකොට මොනවද වෙනවා බං

    උඹ බ්ලොග්වල ලියන්ඩ ඕන එකෙක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නේ මූගේ පොත එළිදකිනකන්.. අනික වෙනම රටාවක්.. මෙච්චර දක්ෂ උන් ඉඳිද්දි තමයි කුහකයෝ බයිලා ගහන්නේ.. එජා චමයි උන්නේ.. අද ඤෑ... ගගා..

      Delete
    2. ඈ අටම් පුතේ ..ඉවාන් මාමේ කියහන් රත්තරං පුතේ .....
      එන වෙලාවට එනවා බං එකදිගට ..එතකොට එකදිගට ලියනවා...අනික් වෙලාවට මාස ගණන් මුකුත් නෑ ....බ්ලොග්වල නැතුව කොහේ ලියන්නද බං .ඉස්සර පත්තර වලට ලියපුවා එකක්වත් පළවුණේ නෑනේ බං

      Delete
    3. @ මාතලන් - ඔහොම් කියනවා ඇහෙනකොටනම් පොතක් ගහන්නම හිතෙනවා මාතේ.....මම එහෙන් මෙහෙන් පොඩ්ඩක් හොයලා බැලුවා කරන විදිහක්....ටික දවසකින් බලමු.

      Delete
    4. පොතක් කරනවනං කියන්න දැන්ම සුදානම් වෙමු එහෙනං ඔක්තොම්බරයේ එළියට දාන්න. අපි ප්‍රකාශකයෙක් හොයමු. වැඩේට උදව්වක් දෙන්නං.

      Delete
    5. ස්තුත්යි නලින් අයියා ...වචනෙත් ඇති. ඒත් වෙන සමහර දේවල් එක්ක කොච්චර ගණන් නොගෙන ඉන්න උත්සාහ කලත් කලකිරෙනවා.

      Delete
  24. නියමයි පුතා. දේශා වගේම බ්ලොග් ලෝකේ මං ප්‍රිය කරන කෙටිකතා කාරයා ඔයා. ඔයා කතාව අවසන් කරන විදිය හරිම ලස්සනයි,

    ReplyDelete
    Replies
    1. දේශා ......
      අප්පෝ...එයාගේ කතා ඔයාට හොද වුනාට මට නම් හොදම නැහැ...
      මම බලන්නෙත් නැහැ කමෙන්ට් කරන්නෙත් නැහැ..

      Delete
    2. හරි වැඩක්නේ මේක. මට මොකෝ :D

      Delete
    3. ජොඩුව දැන් එකටමය.........

      Delete
    4. @ ඔමා - තැනකුයි නැන්දේ..ඔබේ ඇගයීමට... හැබැයි දේශා කියලා මට අපහාස කරන්න එපා ඔන්න හරිද ..:D

      Delete
    5. @ කෙන්ජයියා - දේශා එක්ක වලිය තාම ඉවර නෑ වගේ... තාම ඇරියස් තියෙනවද?

      Delete
    6. ඌ ව ඔරොප්පු කරන්න මිසක් වලියක් නැහැ බන්.
      ඒක මගේ හොද ගජයෙක්.

      Delete
  25. උඹ ලස්සනට එදිනෙදා පත්තරවලත් අහන්න ලැබෙන සිදුවීම් කීපයක සම්බන්ධ කරලා කතාව ගොතලා තියෙනවා. මෙහෙමත් වෙනවා ඇති නේද ඕනේ තරම් කියන එක තමයි මටත් එක පාරටම හිතුනේ. අනික හොඳම තැනින් නවත්තලත් තියෙනවා. ඒ කියන්නේ බ්‍රේකුත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මට හිතිච්ච එකම උඹටත් හිතිලා මචෝ...
      අපි දෙන්න පෙර ආත්මයක එක කුස උපන් සහෝදරයෙක් දැයි සැකයි...

      Delete
    2. තැනකුයි ඩූඩ්. මෙහෙමත් වෙනවා ඩූඩ්. මේක ගොඩනගුවෙත් සත්‍ය කතාවක් ඇසුරින් තමයි.

      Delete
    3. හැබෑවට මරු සහෝදරයෝ..හික් හික්..චූලෝදර මහෝදර වගේ ....:D

      Delete
  26. අර යාපනේ පැත්තේ දුවෙක් මීට ටික කාලෙකට කලින් අම්මවයි තාත්තවයි දෙන්නවම
    මැරෙව්වා නේද කොල්ලා ලව්වා සම්බන්ධෙට විරුද්ධ නිසා, අනිච්චේ සංසාරේ

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ඒ විතරක් ද අර අම්මට සිද ගස්සෙව්වේ දුවෙක් ... ලෙස්බියන් සීන් එකකට විරුද්ධ වුනා කියලා

      Delete
  27. වැඩිය කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ.. අනෙක් අය කියපු දේවල් වලට හ්ම්.. හ්ම්ම් කිය කියා හූමිටි දිදි මං පල්ලෙහාට ආවෙ.. අනගි නිර්මාණයක් කොල්ලා.. ජය..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුත්යි චන්දන මිත්‍රයා. උඹලගේ වචන හැමදාම හයියක්

      Delete
  28. නියමෙටම නියමයි මල්ලී!! උඹේ බස හැසිරවීම එළකිරි කොල්ලෝ. හැම ජවනිකාවක්ම මැවිලා පෙනුනා. ඉක්මනින්ම පොතක් කරපං. මිනිස්සු උඹේ ලිවීමට වහ වැටෙයි...
    ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. සඳුන් අයියා ස්තුතියි ඔබට....පොතක් කරන්න බයක් නෑ දැන් කියවන්න මේ කස්ටිය ඉන්න බව දන්නවනේ. ඔබටත් ජය

      Delete
    2. මේකට නං බොට උපදෙසක් දෙන්න ඕන.. පොත් ගහනවයි කියන්නේ බොට ඇති තරං සල්ලි තියෙනං එක්කෝ ප්‍රකාශකයෙකුට දීල හරි කතෘ ප්‍රකාශනයක් විදියට හරි කරන්න පුළුවන් දෙයක්. ඒත් අවංකව කියන්න ඕන මේ කතා පොත් වලින් එනවා නං මේ වයේ තව ඔපමට්ටමම් කිරීම්, අක්ෂර, වින්‍යාසය, භාවිතය ආදි දේවල් හි සිදු වෙන්න ඕන. පොතක් පල කරන්න හදිසි වෙන්න එපා. මේ කතාවට උනත් උඹ තව ටික දවසකින් හොදට කියවල බලහං මීට වඩා ලස්සනට ලියන්න බැරිද කියලා.. පුළුවන්. එක පාරම ලියපු දේ කිරිහගට ඇන්න වෙන්නෑ බං. උඹව පල්ලෙහාට දැම්මා නෙමෙයි ප්‍රාෙයා්ගික දේ ගැනයි මං කතා කරේ..

      Delete
    3. උඹ කියන දේ හින්දා තමයි මම තාමත් ඕකට ඉක්මන් නොවුනේ. මමත් කොතනකවත් කියන්නේ නෑ මේ සියල්ල උපරිමය කියලා. හැම කතාවක්ම ඔපමට්ටම් කරන්න ඕන. ඒ වගේම මේවා දැන් කියවනකොට මට හිතෙනවා සමහර තැන වෙනස් වෙන්න ඕන කියලා.අනිවාර්යයෙන් දෙතුන් සැරයක් කියවනකොට හිතෙනවා මේක මෙහෙම නැතුව මෙහම වුනානම් හොඳයි කියලා සමහර කතා වල.

      නෑ නෑ උඹ පල්ලෙහාට දාලා තමයි ..හිටපන් උඹට වැඩක් දෙන්න ..:D

      Delete
  29. මෙතෙක් කල් අහපු නැති විදිහෙ කතාවක්...සාර්ථක නිර්මානයක්, අතිවිශිෂ්ඨයි..

    ReplyDelete
  30. අදත් අමුතුම විදියේ කතාවක්. මේ වාගෙ කතා ඇත්තටම අද සමාජයේ දුලබ නෑ පවුලූශෝ.... බ්ලොග් කෙරුවාව ගැන කලකිරුන නිසා වැඩිදුර කමෙන්ට් නොකරමි. ජය!!

    ReplyDelete
    Replies
    1. ඒ මොකද බන් කලකිරිලා...? මොකද වුණේ ..හැබැයි වර්චුවල් ලෝකයයි හැබෑලෝකයයි ගැන හොඳට අවබෝධ කරගත්තු කෙනෙක් හැටියට උඹට එහෙම කලකිරෙන්න හේතුවක් නෑ ...පොඩ්ඩක් හිටහන් ඒ ගැන උඹෙත් එක්ක කතා කරන්න ඕන.

      Delete
    2. ඔව් ඒත් මේකෙ ඉන්න ඒ වෙනස නොදන්න එවුවොත් එක්ක ඔලුව බේරන් ඉන්න අමාරුයි.

      Delete
  31. ඉවාන් මේ කතා සැකිල්ලෙන් ඒකාංගික ටෙලි නාට්‍යයකට තිර රචනයක් ලියන්න පුළුවන්. තිර රචනා ලිවීම ගැන සිංහලෙන් පොත් තියනවා මම දන්නා තරමින්. ඔබ ඒ පැත්තටත් අවධානය යොමුකරන්න.

    ReplyDelete
    Replies
    1. අලුත් යෝජනාවක්. ඒකනම් හොඳ අදහසක්. උත්සාහ කරලා බලන්න වටිනා ඉන්ටර්ස්ටින් පැත්තක්. ස්තුතියි විචාරක

      Delete
  32. නියමයි කතාව. කතාවක් කියෙව්වට වඩා කතාවක් බැලුවා වගෙයි දැනුනේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චමින්ද .... ඒ කියන්නේ උඩ කොමෙන්ටුවේ විචාරක කියලා තියෙන දේ හරි. බොහොම ස්තුතියි උඹට

      Delete
  33. හරිම ලස්සන නිර්මාණයක් අයියේ.....කියන්න වචන නෑ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මල් මල් ...

      Delete
  34. තුන් පාරක් කියවලා මේ කොමන්ට් එක කෙටුවේ හිත ලොක් උනා මේවා කියවලා...මේවගේ කතා සමාජයේ කොච්චර තියනව ඇතිද.....අපි සලකනවා මදිද මන්දා මේ මහත්තයට......

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි ශානු.... සමාජයේ මේවගේ දේවල් අනන්ත වෙනවා. වාර්තා වෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්.
      ඇත්ත තමයි උඹලා මට සලකනවා මදි නේන්නම්....හිකිස්

      Delete
  35. මරු කතාව ඉවාන්... මේක කියවලා ආව කික් එකට මගේ කෙටිකතා කියන ලේබල් එක ක්ලික් කරල ඒකේ තියෙන සේරම කියෙව්වා... කම්මැලි නැතුව එක හුස්මට කියවාගෙන යන්න පුළුවන් මේ වගේ කතා ලියන්න ඇති හැකියාව නියමයි...

    මෙච්චර පෝස්ට් ගනනක් ලියලත් මට මේ බ්ලොග් එක හම්බුනේ අද ඊයේ... වෙලාව ලැබෙන විදියට ඉතිරි පෝස්ට් කියවමි...

    ReplyDelete
    Replies
    1. බීට්ල්ව සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට... ඉතිරි ටිකත් කියවලා බලන්න. බොහොම ස්තුතියි ඇගයීමට ..දිගටම එන්න මේ පැත්තේ

      Delete
    2. බීට්ල් මෙයාගෙ ඉස්කෝලෙ කාලෙ කතා සහ කවි ටිකත් මරු. මට එවුවායෙ ලේබල් නම් මතක නෑ ඒවත් එක හුස්මට කියවාගෙන යතෑකි.

      Delete
    3. එල... කියවන්නම්...

      Delete
  36. නියමයි මචං.. පුද්ගල හැඟීම් මේ විදිහට කතාවට එකතු කරන්න උබ සිරාවටම දක්ෂයෙක්..

    මම මේ කල්පනා කලේ අර ලියුමේ තිබුන විදිහට කලානම් අර තාත්තට මොනවා වෙයිද කියලා.. දරුවෝ ආරක්ෂා කරන්න ගිහින්ම ඒ මනුස්සයා නිරපරාදේ දුක් විදිනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් .....දරුවෝ ආරක්ෂා කරන්න යන මිනිස්සුන්ටත් ඔහොම වෙනවා....සමාජය විසින් ඉතාම් ඉක්මනින් දරුවන්ව නොමග යවනවා මචෝ.

      Delete
  37. පවුලිස්.........උඹ ඉතා වටිනා කෙටිකථා කරුවෙක්!!! උඹට දීර්ඝ ගමනකට හද පතුලෙන්ම සුබ පැතුම්. Keep it up my friend.. Keep it up!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ.......හැමදාම හයියක් වුනේ ඔබ සැම තමයි

      Delete
  38. ඔඳ මිනියාJanuary 31, 2014 at 9:56 PM

    හැම දෙටම ජාතිවාදෙ ගාව ගන්න එපා බං. උබ සමාජවාදියෙක් නේද.. යකෝ දැන් උබ කියන විදියට මේරටේ තාත්තල ලමයි දූශනය කොරන එකටත් අයිංශක අපේ මුනියා තමයි පලි..

    ReplyDelete
    Replies
    1. අඩේ ඔඳ මුනියාට එයි අප්පා තදවෙනවා.....! කවුද ඩා ශාමාජවාදියා කියනවා.....!

      Delete
  39. ඉවාන් ඇත්තටම නිර්මාණය හොඳයි.නමුත් ඔබේ වෙන නිර්මාන වල නොතිබුණු යම් අඩුපාඩුවක්,අසම්පූර්ණ බවක් මේකෙ දැක්කා.ඒක නිසයි වෙනද වගේ "අති විශිෂ්ටයි,උත්කෘෂ්ටයි" කියල නොකියන්නේ.

    මේකයි ගැටලුව. දැන් මේ කතන්දරය ආරම්භ වෙන්නේ ලොකු දෝණිගේ ජං.දුරකතනයක් පියාට හසු වීමෙන්.ඒකයි සජීවී ප්‍රස්තුතය.ඊට පස්සේ සියල්ල අතීත ආවර්ජනා.මොකටද ලොකු දෝණි ඇය හ ආශ්‍රිත සිදුවීම විස්තර කිරීමට.එනම් ගම්මුන් පෙර කියූ දේ , රත්නසේන හා බිරිඳගේ වියෝව ,ඔහුගේ අක්කාගේ ප්‍රකාශ සහ ප්‍රධාන වශයෙන්ම ලොකු දෝණිගෙ පාසල් පෙම හසුවීම. මේ සියල්ල ඇගේ ''කැරට්ටුව'' හැඳින්වීමටයි.

    වත්මන් සජීවී සිදුවීමට අදාළ නැවතත් කතාව ගලායන්නේ පියා දියණියට මැහුම් පන්ති නොයන ලෙස අණ කිරීමෙන්.(එතන සිද්ධිය අනර්ඝයි ) කතාවේ ගලා යෑමක් ඉන් පසුව සිදු වියයුතුව තිබුනත් ඔබ ඊළඟ මොහොතේ අනපේක්ශිත ලියුම ඉදිරිපත් කිරීමෙන් අවසන් කරනවා.

    සාමාන්‍යයෙන් බහුලව භාවිතා වන කෙටිකතා රීතිය නම්
    initial confict => development of action => climax => falling action => conclusion

    නමුත් ඔබගේ රටාව නම් උච්ඡතම අවස්ථාවේදීම(conflict) කතාව අවසන් කර පාඨකයාට හිතන්නට යමක් ලබා දීම.එය ඉතාම හොදින් කිදිරිපත් කිරීමට ඔබ දක්ශයි.ඒකටයි මම වඩාත්ම කැමති.

    ඉතින් මෙහිදීත් ලියුමෙන් කතාව අවසන් කිරීම කිසි වැරද්දක් නැහැ.එයයි විය යුත්තේ.

    වරද නම් සජීවි සිදුවීමේ ගලායාම හෙවත් කතාව උච්ඡතම තැනට ගෙන ඒම නිසි පරිදි නොකොට තිබේයි.ලොකු දෝණිව හා කතාව පැහැදිලි කරන අතීත සිදුවීම් රාශියක් සහ එකවරම අවසානය.

    මේ විචාරකයෙකු වශයෙන් මගේ මතය.නමුත් එය නිවැරදිමැයි කියා කිසිවෙකුටත් කියන්න බැහැ.ඉතින් ඔබේ ප්‍රතිතර්කයක් තිබේ නම් ලියන්න.

                                  දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. කතාවක සජීවි සතත ගලා යාම් තිබෙන්නම ඕනැ බවට නීතියක් හෝ රීතියක් නෑ. නමුත් කෙටි කතාවක රාමුව කෙටියි. ඒ තුල මුල මැද අග ගැලපීමේ අවශ්‍යතාවයක් නෑ.

      Delete
    2. දුලා - මේ ආකෘතිය ගැන මම ඒ තරම් ලොකු දැනුමක් ලබා තිබුනේ නෑ. බොහෝ විට සිද්ධ වුනේ මගේ සිතැඟි අනුව කටාවක් අකුරු කිරීමයි. ඇත්තෙන්ම ස්තුතියි ඔබට . මින් ඉදිරියට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට මා සූදානම්. එසේම දේශයා කියා ඇති පරිදි සම්මත රටාවෙන් බැහැර වෙමේ වරදක් මා දකින්නෙත් නෑ . හැබැයි ඒ කිසිවකින් කතාවේ රසයට හානියක් නොවිය යුතුයි ඔබ කියන පරිදිම.
      ඔබ කියූ පසු තමයි මට වැටහුනේ වර්තමානය පිලිඹද මේ කතාවෙන්දී මා දක්වා ඇති ප්‍රමුඛතාවය මදි බව. ස්තුතියි ඔබේ අදහසට .

      Delete
    3. උච්චතම අවස්ථාව-climax ඔය මම වරහන් ඇතුළේ "conflict" කියල දාලා තියෙන්නෙ වැරදිලා.
      singlishවලින් කොටල පස්සේ අන්තිමට තැනින් තැන ඉංග්‍රීසි වචන දානකොට වැරදෙනව බන්.
      sorry හොඳේ

      Delete
    4. මම නම් කැමති සම්ප්‍රදාය කඩන උන්ට..

      උන් තමයි ළෝකය වෙනස් කරන්නේ..

      Delete
    5. දේශක තුමා,
      ඇත්තටම සාහිත්‍ය නිර්මාණ ස්වාධීනයි.මං කිව්වෙ බහුල භාවිතය.ඉවාන් වගේ උච්චතම අවස්ථාවේ නතර කිරීමක් තිබෙන කෙටි කතා ඕනෑ තරම් තිබෙනවා.ඒක තමන්ගේ කැමත්ත මතයි.අලුත්ම රීතියක් ගොඩනගන්නත් පුලුවන්.ඒකයි සාහිත්‍යය .

      නමුත් අද ඒ උච්චතම අවස්ථාව එකවරම වගේ ගෙනල්ල.කෙල්ලගාව ෆෝන් ඒකක් තිබිල අහුවෙනව,පන්ති යන්න එපා කියල අණ කරනවතව.ඊට පස්සෙ අර ලියුම.තව ටිකක් ගලාගිහිල්ලා එකට ගෙනාවනම් මීට වඩා රහ වැඩියි.

      සිංහල බ්ලොග් අවකාශේ ඉන්න ප්‍රතිභාපූර්ණම රචකයා ඉවාන්.ඒකෙ ආයෙ දෙකක් නැහැ.

      දැන් බලන්න
      "බුදු පින්තූරෙට පහලින් එල්ලා ඇති තම රූමත් බිරිඳගේ ඡායාරූපයයි"
      .ආදී වශයෙන් ඔය බුද්ධ පින්තූරෙට පහළින් කතාව කතුවරයා පුනර්කරණය කරනවා.නිකම්ම බිත්තියේ එල්ලූ ඡායාරූපය කියන්නෙ නැතුව එහෙම කියන්නෙ ඇයි ඒ? රත්නසේන තම බිරිඳට දැක්වූ ගෞරවයයි ඔහු නිරූපනය කරන්නේ.නමුත් බිරිඳ විදෙස් ගත වූවායින් පසු ඇය ගැන කිසිම ආරංචියක් නැහැ.රත්නසේන වගේ තම බිරිඳට බුදුන්ට පමණක් දෙවනිව සලකන ,නිර්ව්‍යාජ මිනිසුන් ඉන්න සමාජයක ඇය වගේ කාන්තාවනුත් ඉන්නවා කියන දේත් කතුවරයා එතුළින් ධ්වනිතාර්ථවත් කරනව.

      ඉතින් ඒ සාර්ථක සාහිත්‍යකරුවා ඉවාන් තුළින් පේනවා නේද?
      ඉතින් අපි ඔහු ධෛර්යමත් කිරීම ප්‍රශංසාවෙන් විතරක් කරල හරියන්නෙ නැහැ.මේ වගේ සාහිත්‍යමය අයුරින් නිර්මාණය විවරණයට ලක් කරන්න ඕන.

      ආ තව දෙයක්.
      //කෙටි කතාවක රාමුව කෙටියි. ඒ තුල මුල මැද අග ගැලපීමේ අවශ්‍යතාවයක් නෑ.//
      මොකද්ද මනුස්සයෝ මේ ගොන් ප්‍රකාශය.කතාවක් කියන්නේ සිදුවීම් මාලාවක හොඳ ගැලපීමක්.ඒක වෙනස් වෙන්නේ නෑ.ඇතැම් ඒවයි මුල අවුල් සහගත වුනත් අගට යනකොට ඒ සියල්ල පැහැදිලි වෙන්නේ සිදුවීම් වල ගැලපීම නිසා.
      මුල- මැද - අග නොගැලපෙන ඒවට කියන්නේ අණ්ඩර දෙමළ කියල.

      Delete
    6. @Maathalan Lokka
      ඉවාන්ගේ, සම්ප්‍රදාය කඩල අනපේක්ශිත මොහොතක කතා ඉවර කරන රීතියට තමයි මාත් කැමති.

      Delete
    7. ඔබ යම්කිසි රාමුවක කොටු වී කතා කියවන වගක් පැහැදිලි වෙනවා. කෙටි කතා ප්‍රෙභ්ද විවිධයි වගේම නිතරම කෙටි කතාවකින් අළුත් ශෛලීන් ඇති වෙනවා. කෙසේ වෙතත් කෙටි කතාවක ආරම්භයක් හා අවසානයක් තිබිය යුතුමයි. එහෙම තිබුනා කියා මුල මැද අග ගැලපීමක් කරන්න අවශ්‍යම නැහැ. ඔබ කිව්ව වගේ මුල මැද අග ගලපන කතා තමා වැඩි. මොකද ඒක ප්‍රායෝගිකව ලේසි අපි හිතන්නෙත් එහෙම නේ. යාළු වෙනවා බදිනවා, ළමයි හදනවා අන්න ඒක තමා අපි හිතන පිළීවෙල. නමුත් ඒ පිළිවෙලට පිටින් හිතල රාමුවක් තුල අපිළිවෙලට වුවත් ඒ රසය ගොඩ නැගුවොත් එය අරුමයක් නෙමෙයි. ඒක දක්ෂ කමක්..

      Delete
    8. දුලා කට වහගෙන ඉදින් බන්.
      ඒක ලියන විදියට ගොඩක් එවුන් ආසයි.
      කොමන්ට් කර කර පොර ටෝක් දෙන්නෙ,
      තෝ ලියකො ඇට්ටි හැලෙන එල කතාවක්.

      Delete
    9. බ්ලොග් තුල සිදුවිය යුතු දෙය මෙයයි .."හරවත් සංවාදයක් " යන්නට සැබෑ අරුතක් ගෙනෙන මේ සංවාදයට මාගේ ප්‍රණාමය

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. @ deshaka
      //කෙටි කතා ප්‍රෙභ්ද විවිධයි වගේම නිතරම කෙටි කතාවකින් අළුත් ශෛලීන් ඇති වෙනවා.//

      ඔව් ඒක තමයි මං කිව්වෙ //ඒක තමන්ගේ කැමත්ත මතයි.අලුත්ම රීතියක් ගොඩනගන්නත් පුලුවන්.ඒකයි සාහිත්‍යය .// කියලා

      ඔබතුමා මුල-මැද-අග බම්බුවක් කිය කිව්වට මම මේ නිර්මාණය සම්බන්ධයෙන් එහෙම නොගැලපීමක් අදහස් කරන්නෙ නෑ.අඩුම ගානෙ මම ඔය වචන පාවිච්චි කරෙත් ඔබතුමාගෙ කමෙන්ට් එකට උත්තර දෙන්නයි.කතාවක් කියන්නේ සම්බන්ධතා ගොඩක්.එකක් මත එකක් ගොඩ නැගෙන්නේ.ඒ කියන්නේ ගැලපීම්.මම කලිනුත් කිව්වා වගේ මුල-මැද-අග ඔබ කියන්න වගේ නොගැලපෙන දේවල් ඇවිල්ල අන්ඩර දෙමල.ඔබතුමා කියන ජාතියෙ ඔය අන්ඩර දෙමළයක් නෙවෙයි මේක.උසස් සාහිත්‍ය නිර්මාණයක්.දේශක බයිලා වල නම් ඔය කියන ජාතියෙ මුල-මැද -අග නොගැලපෙන අන්ඩර දෙමල තියෙනවා.ඒවා ඔය කියන්නා වගේ අලුත් ශෛලියක් විදිහට එලි දක්වන්න.

      Delete
    12. @Kenji
      ඔය උබලා ඔක්කෝන්ටම වඩා ඉවාන්ගේ කතාවලට ආදරේ මම.ඒකයි මෙච්චර කොටන්නෙ.
      නැත්තම් මට පිස්සුවක් ඇතිය.

      Delete
    13. ඔබ කියවා ඇති ප්‍රමාණය මදි බවයි තේරෙන්නේ කෙටි කතා පිළිබදව. මම කතා කරේ මේ ගැන නෙමෙයි ඒකත් එක්කම සියළු නිර්මාණ ගැනයි කතා කරේ..

      අජෝ මේ මගේ බයිලා ගැන නොකියා හිටිං.. හොදේ..

      Delete
    14. අර නිළි පිස්සුව ගහපු උනුත් ඔහොමම තමා. උන් හිතන්නේ ඒ නිළිය තරං දස්ස ලස්සන පස්ස තියෙන එකෙක් තවත් නැතිය කියලයි. ඒ වෙලාවට සියළු ප්‍රාථමික කාරණා අමතක වෙනවා.. මොකද මිනිහා තනිකර යැපෙන්නෙක් වෙලා නෙව..

      Delete
    15. ඔව් මෙච්චර කාලයක් මේ ලෝකෙ නිර්මාණය වුනු සාහිත්‍ය නිර්මාණ සාගරයක් නම් මම ඒකෙන් අරන් තියෙන්නේ දිය අහුරක් විතරයි.නමුත් මට දුක් වෙන්න ඕන නැහැ මොකද උබ එච්චර ප්‍රමාණයක්වත් අරගෙන නැති බව පේන නිසා.

      උබ කියන තරමට කියවලා තිබේ නම් මෙච්චර වෙලා තිබ්බා උබ කියන කාරණාවට උදාහරණයක් අරන් පෙන්නන්න.වැඩිය ඕන නැහැ මොකක් හරි උබ කියවපු වෙන එක කෙටිකතාවකින් දෙන්න තිබ්බා.(කොහොමත් එහෙම උබට කියන්න බැහැ.උබ ඔය කියන ජාතියෙ මුල-මැද-අග නොගැලපෙන කතා නැති නිසා)

      උබ එච්චර වෙලා කරේ මං කරපු විවරණයට බාධා කිරීම මිසක ඒකේ වැරැද්දක් තර්කානුකූලව ඔප්පු කරන එක නෙවේ.

      දැන් ඉතින් මම කියවලා නැතිය,නිලි පුකය අරකය මේකය කියමින් මේ සාකච්ඡාවෙන් කැපෙන්නයි උබ බලන්නේ.

      උබ මේවා බලන් ඉන්න,කියවන අනාගත බ්ලොග්කරුවන්ට දෙන ආදර්ශය මේකද බන්.

      Delete
    16. ලැජ්ජයි දැනුම් තේරුම් ඇති අයගේ විවාදසම්පත්තිය ගැන..

      Delete
    17. දේශා...උඹ හරි..
      දුලා සුස්තියක් ගහල කොටන ඒවා ගණන් ගන්න එපා බොක්ක..

      Delete
    18. හා හා ලමායි ..ට්‍රැක් පනින්නේ නැතුව ට්‍රක් එකට වරෙල්ලා..........................!

      Delete
  40. වරද ඉතින් හමොගෙම නේ බන් .. ඔය වගේ සිද්දි වල එක පාර්සවයක් වැරදි කියන්න බැහැ . . කොලේක්ටිව් එෆෝර්ට් එකක් නිසා ඔහොම වෙන්නේ ,

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත සමාජය මේ තැනට වැටීම ගැන අපි හැමෝම වගකියන්න ඕන. සියල්ල දැක දැක නොදැක්ක සිටීම අපේම වරද මිස වෙන කාගේද?

      Delete
  41. සමාජයේ තවත් ශෝචනීය පැතිකඩකට නිර්මාණාත්මක ඇසක් යොමු කරලා මේ කතාව ලියලා තියෙනවා කියලයි කතාව කියවගෙන යනකොට මට හිතුනේ.. වෙනදා වගේම අදත් හරිම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි. සමාජයේ අපිට නොපෙනෙන පැති ගණනාවක් තියෙනවා. ඒ ඇතුලේ මෙහෙම දේවල් සෑහෙන්න හැංගිලා තියෙනවා .

      Delete
  42. ඇත්තටම මචන් කියවලා ටික වෙලාවක් යනකම් බැරු උනා දාන කොමෙන්ට් එක මොකද්ද කියලා වත් ....... දුවලා ඉන්න තාත්තාලාට මේ කතාව හොඳට දැනෙන බව උඩ කොමෙන්ට් ගොඩකින් තේරෙනවා මචන් ..... ඇත්තට බලපන් මචන් කෙටිකතා ටික පොඩි පොතක ට ගෙන්න ... එකට ශක්තිය හා ජය පතමි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුවලා විතරක් නෙවෙයි රාළේ දරුවෝ ඉන්න කොයි අම්මා තාත්තාටත් අභියෝගයක් ථංඅයිඑල්ලෙවෙඑ මේ පාදඩ සමාජයෙන්

      Delete
  43. අවුරුදු ගානක් දුක් මහන්සියෙන් තමන්ව හදා වඩා ගත්තු අම්මා තාත්තටත් දුක් දෙන්න පුලුවන් කෙනෙකුට අනිත් මිනිස්සුන්ට ගින්දරක් දෙන එක ලොකු දෙයක් නෙවෙයි. නිමන්ති ඔය ලියුමෙ තියෙන විදිහට කලා නම් කවදා හරි ඔය ජනකටත් ඒ විදිහෙම දෙයක් කරන්න එයාට පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔව් චාම්ස් ... මිනිස්සුන්ට මිනිස්සුන්ගේ වටිනාකම දැනෙන්නේ නැති යුගයක් මේක. තිරිසන් ලෝකේ මනුස්ස ලෝකෙට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නේ දැන්

      Delete
  44. හරිම දුක හිතුනා.. මේක කෙටි කතාවක් උනත්, සැබෑ ජීවිතයේ මේවා සිදු නොවෙන බවට කාටද සහතික වෙන්න පුළුවන් ඉතින්...

    ReplyDelete
    Replies
    1. සැබෑ ජීවිතේදී මේවා වෙනවා මානවි . ඇත්තටම මේක සත්‍ය සිද්ධියක් ඇසුරෙන් කරපු නිර්මාණයක්. ඒ අපි දන්නා ඩේ විතරයි. නොදන්නා දේවල් ..?

      Delete
  45. වෙලාවට කෙල්ල අතට ලියුම නොලැබුනේ. නැත්තං රත්නෙ බාස් හිරේ...

    කතාව නම් රසයි..

    ජය !!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සෑම් ,මට දැනෙන විදිහට සෑම් මේ පැත්තේ ආවමයිද කොහෙද? ස්තුතියි මචෝ.

      Delete
  46. මේ දවස්වල බ්ලොග් කියවන්ට වෙලාවක් හොයාගන්නේ අමාරුවෙන්. ඒ ඇවිල්ලා මේක කියෙව්වාම ඇඟ හිරිවැටිලා ගියා. ඇත්තටම මෙහෙම ලමයිනුත් ඉන්නවනේ නේද?

    //'යනවා පොඩ්ඩි යන්න මෙතන දන්නේ නැති දේවල්වලට හොට දාන්නේ නැතුව'// මේක නිකං පවුලූශා පොඩ්ඩිට කියනවා වගේ ඇහුනේ...:D

    ReplyDelete
    Replies
    1. මම එත් බැලුව පොඩ්ඩි මොකද ආවේ නැත්තේ කියලා. මෙහෙම ළමයිනුත් ඉන්නවා පොඩ්ඩි.

      පිස්සුද අනේ ඔයාට බනිනවද මම එහෙමත් ..:D

      Delete
    2. ඒ කියන්නේ, ඔයා බනින්නේ ඔයිට වඩා සැරටලුද? :D :D

      Delete
    3. හිකිස්...අනේ නෑ පොඩ්ඩි ....කොහොම බනින්නද අනේ ඔයාට.....? ආදරේ කරන අයට බනින්න බෑලුනේ ....:D :D (තරහ යන්න ඔට්ටු නෑ හරිද?)

      Delete
  47. 98 නැත්නම් 99 වගේ කාලෙ තලවතුගොඩ හිටපු විශ්‍රාම පොලිස් ප්‍රධානියෙක් තමන්ගෙ ගෙදර හිටපු වැඩකාර ළමයව දූෂණය කරනවා. පවු ඒ ළමයා අම්මා තාත්තා නැතුව ආච්චි ළඟ හැදිච්ච ළමෙක්. දුප්පත් කමට මේ පොළිස් අධිකාරී ගේ ගෙදර වැඩට ඇවිත්. කොහොම හරි වැඩේ ලීක් වෙලා උසාවි පවා යනවා. ඔය කාලෙ ඔය දූෂණ කේස් එච්චර මාධ්‍ය වල නැති නිසා ඔය සිද්ධිය පත්තර වල යන්නෙ පිටු ගණන්. අන්තිමේ අර හිටපු පොලිස් ලොක්කා මැරෙනවා ඔය සිද්ධිය වෙලා මාස පහ හයකින් හෘදයාබාධයකින්. අවසානය මොකද්ද..මේ ගෑණු ලමයව දූෂණය කරලා තියෙන්නෙ අර බලා කියා ගත්ත ආච්චිගෙ ගෙදරම හිටපු ඥාතියෙක් අතින්. මේ තුන් දෙනා සැලසු කරලා තමයි අර පොළිස් ලොක්කව අල්ලන්නෙ. ඒ හිතේ අමාරුවට පොලිස් ලොක්කා මැරෙන්නෙ. එයාගෙ දරුවො ඇතුළු පව්ලම වින්ඳ නින්දාව ! මේ වගේ කතා ඇත්තටම වෙනවා..මේක නිර්මාණයක් නෙවෙයි ඉවාන්..

    ReplyDelete
    Replies
    1. මේ කාලෙ එහෙම දෙයක් උනා නම් පොලිස් ලොක්කට චන්දෙ ඉල්ලන්න තිවුනා...

      Delete
    2. ඔව් වෙනි අයියේ නිර්මාණයක් නෙවෙයි.සමාජයේ සැබෑ තත්වය හෙළිදරව් කිරීමක්.

      Delete
    3. බස්සි කියන්නේ සහතික ඇත්ත

      Delete
  48. අකුරක් නෑර එක හුස්මට කියවගෙන ගිය හිතට වැදුන කතාවක්. අද අහන්න දකින්න ලැබෙන්නේ ඔය වගේ ඛේදවාචක තමයි. දුවෙකුට තාත්තා කෙනෙක් එක්ක තනියම ඉන්න බැරි තැනට සමාජයක් ඇදෙනවනම්, මිනිහා ගෙදර ඉඳලා ගෑනි පිටරට යනවනම් හෙළයන්ගේ අනාගතය කුඩු අබ්දුල්ලලාට බාර දෙනවනම්.... මේව දකිනවාට වඩා හොඳයි අර ඉවාන් පිංතූරෙට දාපු දේ කරගන්නවා. මෙච්චර බණ කියන රටේ මේ පිරිහීමට හේතුව මෙකද්ද?

    ReplyDelete
    Replies
    1. අද සමාජේ නිර්මාණකරණයට ඇතිතරම ප්‍රස්තූත ලබාදෙනවා තරු. එත් අවාසනාවට ඒ හැම එකක්ම වගේ යහපත් දේවල් නෙවෙයි. මිනිහා ගෙදර ඉද්දි ගෑනි පිටරට යනවා ..ජාති ආගම් මොක වුනත් කුඩු මුදලාලිලාටයි ,එතනෝල් අරක්කු මුදලාලිලාටයි රටේ අනාගතය බාර දීලා ඉවරයි. ඉස්සරහට වෙන්නේ වෙඩි තියාගන්න තමයි.

      Delete
  49. මට මේ ටිකේ ටයිප් කරන්න අමාරැයි. මේක කියෙව්ව මට හිතුනෙ ඊළගට මේ කතාව යන පැත්ත තීරණය කරන්නේ මාධ්‍ය නේ කියල...

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි මේ ටයිප් කරලා තියෙන්නේ ....ඇත්ත හිරුවෝ...ඊළඟ ටික හදන්නේ මාධ්‍ය . එයාලට හිතෙන විදිහට වැඩියෙන්ම මාකට් කරන්න පුළුවන් විදිහට කතාව ගොඩනගනවා විකුනන්න.

      Delete
  50. අනික ඉවාන් සමාජ ඛේදවාචකයක් කෙටි කතාවකින් හරි අපූරුවට ගෙත්තම් කරලා තියෙනවා. නිර්මාණකරුවෙක් තම නිර්මාණයන්ගෙන් සමාජය අවදිකළ යුතුයි. මං හිතනවා කෙටි කතාව ඊට සුදුසුම අවිය කියලා. මම මගේ බුද්ධියට වැටහෙන පරිදියි මේ කියන්නේ. ඉවාන් කෙටි කතාව නම් අවිය හොඳින් පාවිච්චි කරපු අවස්ථාවක් ලෙසයි මං මේ කතාව දකින්නේ... සුභ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු , සමජය අවදි කරන්න අපි උත්සාහ ගන්නවා , කොයි තරම් සාර්තක් වෙයිද කියන්න බෑ. එක සමහර විටක අපේ ගමනක අවසානය වෙන්නත් පුළුවන්.

      Delete
    2. //එක සමහර විටක අපේ ගමනක අවසානය වෙන්නත් පුළුවන්// නැහැ ඉවාන්, ඔයාලා ව‍ග‍ේ සමාජය යහමගට ගන්න උත්සහ දරණ තරුණයන් සිටින එක අපට ආඩම්බරයක්. ඉවාන්ල එක්ක අපිත් ඉන්නවා.

      Delete
    3. ස්තුතියි තරු ඒ වචනෙත් හයියක්

      Delete
  51. excellent....!!
    මම ඔබ ලියන බොහෝ කතා කියවලා තේරුම් ගත්ත දෙයක් තමයි තවමත් හොඳ ලියන්නෝ ඉතුරු වෙලා ඉන්නවා කියන එක.
    දැන් මෙතන කවුරු හරි ඇඳුම් උස්සගෙන එනවා නම් ඉස්සර අය ගැන හොඳ කියනවා දැන් ඉන්න අය ගැන අගේ කරන්නේ නෑ කියලා අද ඇත්තෙන්ම බ්ලොග් අවකාශේ මහ හිස් කමක් තියෙනවා. කලින් ලීවේ ටික දෙනෙක් වෙන්න පුළුවන්. ඒත් කියවන්න යමක් ලීවා. අව්‍යාජ ලිවීම් තිබුනා. දැන් වෙනකොට ඔක්කොටම (බොහොමයක් අයට) තියෙන්නේ බොහොම පහත් විදියට ලිංගිකත්වය හෝ පහත් මට්ටමේ භාශා භාවිතය කරපු ලිවීම්. බොහෝ විට ලියවිලා තියෙන භාශාව දැක්කම හිරිකිතයි. ( දැන් මේක මම කියන්නේ අවුරුද්දක් දෙකක් බ්ලොග් කියවලා නෙමෙයි 2007 ඉඳන් මම බ්ලොග් කියවන්නේ. මගේ සිංහල දැනුම බොහෝ දුරට මම ලබාගන්නෙත් බ්ලොග් කියවීමෙන්.)
    පුළුවන් තරම් මේ ලිවීම් බූන්දි වගේ නෙට් වර්ක් වලට යවලා කියවන ලියන මිනිසුන් අතරේ බෙදා ගන්නවා නම් ඔබට වටිනා කියන අදහසුත් ලැබෙයි.

    මේ කතා ව අස්සේ තියෙන කතාව ඇත්තෙන්ම බොහෝ අවස්ථා වල වෙනවා කියලා ලංකාවේ මගෙ යාළුවෝ එක්ක කතා කරාම තේරුනා. මේ ළඟදි අපේ යාළුවෙක් වැඩ කරන හොස්පිටල් එකකා මේ වගේ රේප් කරපු ළමෙක් ගෙනත්. ටෙස්ට් එක කරන්න යද්දි ගෑණු ළමයා කියලා (බය වෙච්ච පාරට) ඇත්ත විස්තරේ. එහෙම නොවුනා නම් අහින්සක මිනිහෙක් හිරේ යනවා.මේ දේවල් වලට ලංකාවේ ජන මාධ්‍ය වග කියන්නත් ඕනේ. හරියට පත්තර වල දැන් කියවන්න තියෙන්නේ මොකක් හරි ලිංගික අතවරයක් විතරමනේ. (බ්ලොග් අවකාශේ කියලා වෙනසක් නෑ.)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ... රංගි මේ අගය කිරීමට....මම උත්සාහ ගන්නවා හැමවිටම හොඳ දෙයක් කරන්න. එත් එක හැමවෙලාවෙම සාර්ථකද කියන එක නම් මම දන්නේ නෑ. නමුත් උත්සාහය ඇත අරින්නෙත් නෑ.
      අද මුදල් අස්සේ හඹා යනකොට තමුන්ගේ සදාචාරය බල්ලට දාලා මේ වගේ බොරු කරන ගෑනුත් සෑහෙන්න ඉන්නවා. මෑත කාලේදී ක්‍රිකට් ක්‍රීඩකයෝ,නළුවෝ කීපදෙන්කුටම මේ අත්දැකීම ලැබුනා.

      එක නෙවෙයි මොකක්ද ඔයාගේ බ්ලොග් එකට වෙලා තියෙන්නේ. එක බලන්න බෑනේ?

      Delete
  52. මෙහෙමත් දුවලා ඉන්නවා ද????? තාත්තලාට මෙහෙම කරනා මුන් ව මරලත් මදි නේ :(

    ReplyDelete
    Replies
    1. ඉන්නවා මොණරි ඔයා පත්තරවල දැක්කේ නැද්ද සමලිංගික සම්බන්දෙකට ඉඩ නොදීපු අම්මට ඇසිඩ් ගහපු දුවගේ කතාව..? එතකොට පෙම්වතා එක්ක එකතුවෙලා අම්මව මරපු දුවගේ කතාව?

      Delete
  53. මේ කතාව අමුතුම මානයකට යන එකක්. .උඹේ ලිවිල්ල ඔප වැටෙමින් යනවා . සතුටුයි !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකයියේ... වරදක් තියෙනවන්දම් පෙන්නාදෙන්න කියලත් ඉල්ලා සිටිනවා

      Delete
  54. මේ වගේම කතාවක් ලඟදි කියෙව්ව නිසා මට අර 'කික්' එක ආවේ නෑ. ඒ ඉතිං උඹේ අවුලක් නෙමෙයි. සමහර තැන් වලදි උඹ මීට වඩා සියුම් වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. අර පොතේ කොළය අලවලා තියන තැන දක්වලා තියන විදිහ වගේ. එකපාරට ලියුම හොයාගන්නේ නැතුව එහෙම කලාම ගතියක් තියනවා. මට පොඩි අඩුවක් වගේ දැනෙන්නේ මල්කාන්ති තනිකර කළු චරිතයක් ලෙස දැක්වීම පමණයි.

    ReplyDelete
    Replies
    1. තිසර මෙපත්තේ ආවොත් කික් එකේ කතාව කියයි කියලා මට හිතුනා උදේ නලින්ගේ සමකය වටේ බැලුවම. "සමහර තැන් වලදි උඹ මීට වඩා සියුම් වෙන්න ඕනේ කියලා මට හිතෙනවා" අන්න ඒ සමහර තැන් ටික හොයාගන්න තමයි මට උඹලගේ උදව් ඕන වෙන්නේ .මොකද පොතක් හරියට මේ වා කවදාහරි එලියට එනවනම් ,ඔය කියන සියුම් තැන ගැන මීට වඩා ලොකු අවධානයක් යොමුකරන්න වෙන බව මං දන්නවා. එක නිසා ඒ උදව්ව මට ඔබෙන් ලැබෙයි කියලා මම හිතනවා

      Delete
  55. කතාව හොඳයි. ගෑනු රට යවල සල්ලි හම්බකරන්න යන එකනම් හොඳමදි. ඇත්තටම මේ රටේ පිරිමින්ටත් වගකීමක් තියෙනවා ටිකක් හිතල කම්මැලිකම පැත්තක තියලා රටට ප්‍රයෝජනවත් දෙයක් කරන්න. සාමහරු ඒ ටික කරන්න කැමති නෑ. ඒකත් තව ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත එත් සමහර ගෑනු ඉන්නවා රට ගියේ නැත්තන් මදිකම ක් වගේ සලකන. පොදුවේ ගත්තම තමන්ගේ ගෑනි රට යවලා නිකන් ඉන්න බලන පිරිමියි ,රට ගියාම තව්තිසාව පහළවෙනවා කියලා හිතන ගානුයි දෙගොල්ලොම මේ පරිහානියට වග කියන්න ඕන

      Delete
  56. රත්නසේනගේ කඳුලු බිඳුවට මගේ කඳුලු බින්දුත් එකතු කරපන් මචන් . .

    හ්ම්ම්ම් මේ තාත්තලා දූලා දූෂණය කරන කතාවේ විත්තිකාරයෙක්ගේ කතාව වෙන්න පුලුවන් මචන් සිරාවටම . . .

    අපූරුවට ලියලා තියෙනව . .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුකා ...! ඔව් මෙහෙම් විත්ති කාරයොත් ඉන්න පුළුවන් දුකා ....! අපිට පෙන පැත්ත ඒ කියන්නේ මාධ්‍ය වලින් පෙන්නන පැත්ත හරි පැත්තම නොවෙන්න පුළුවන්

      Delete
  57. සිරි ලංකාවේ හෙළ බොදු උත්තර සමාජයට පිළිලයක් වෙමින් වැඩෙමින් පවතින "ස්ත්‍රීවාදය" නම් වූ බටහිර ක්‍රිස්තියානි මර උගුල නිසා සිදුවුණු තවත් ශෝචනීය කතාවක් මෙන්න, අන්සතු දිනපොත බ්ලොග‍යෙන්.

    http://ansathudinapotha.blogspot.com.au/2014/02/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඒ කතාවනම් කියෙව්වා. ඇත්තටම මොකක්ද කකා ස්ත්‍රීවාදය කියන්නේ හරියටම...?

      Delete
  58. ඉවාන් මේ කතාවෙන් සමාජෙ පැතිකඩවල් කීපයක් මතු කරනවා. අර වගෙ වෙලාවකදි කෙනෙක් කොයිතරම් අසරණ වෙනවාද ? ඒ වගෙම ඕන අහිංසකයෙක් මරුවෙක් කරන්නත් මේ වගෙ බිත්තියට හේත්තු කලාම පුළුවන්..
    "බාසුන්නැහැ ...ඔය තමයි අර ජනක කියන එකා ....අර කුඩු අබ්දුල්ගේ ගෝලයා.....ඔන්න ඔහේ යන දිල්ලියක ගියාවේ නිකං ඕකුන් එක්ක පැටලෙන්න යන්න එපා ...මහා තිරිසන්නු....."
    හැම තත්පරේදිම අපේ රට යන්නෙ අර පාරෙම නේද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සරත් අයියේ....දැනටනම් හැමතප්ප්රේම අපේ රට යන්නේ ඒ පාරේ තමයි . ඒක ගැලව ගන්න පුළුවන් කෙනෙක් පේනතෙක් මානෙකවත් නෑ. මිනිස්සුන්ට කරවිල තම්බගෙන කන්න වෙලා තියෙන්නෙත් ඒ නිසා තමයි.

      Delete
  59. ආයෙමත් ලස්සන කෙටි කතාවක්. ලියනකන් හිටියේ...

    අම්මල රට ගිය නිසා විනාස උනු පවුල් දැකල තියෙනවා. ඒ වගේම තමා ඔය ආදරේ. නරකයි කියනවා නෙවි, එත් ආදරේ කරද්දි කොච්චරම මෝඩ වෙනවද. ඒවා මෝඩකම් කියල හිතේද්දි ඉතිං වැඩක් නැහැ.

    ඉවාන්, ඇත්තටම ලස්සනයි ඔයා ලියන විදිහ. හිතට දැනෙනවා කියවන් යද්දි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බඩී.... අම්මා තාත්තා පවුලෙන් ඈත වෙලා ඉන්න ඉන්න වෙන්නේ පවුල් ඒකකය බිඳ වැටීම. සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට ඒ බිඳ වැටුණු සම්බන්ධතා ආයේ ගොඩනගන්න බෑ. ඊට පස්සේ ඒ සල්ලිත් ඉවහල් වෙන්නේ අර බිඳවැටීම වේගවත් කරන්න තමයි.

      Delete
  60. යකෝ මේක කියවද්දි හික් ගෑවුනා... අනේ මන්ද? කියන්න දේවල් හිතට එන්නෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා ගාලු. කියන්න දෙයක් හිතට ආවේ නැතත්..මෙහෙම දේවලුත් වෙනවා

      Delete
  61. විභාගේ හින්දා මේ පැත්තේ එන්න බැරි උණා ඉවාන් අයියේ. කියන්න තියන සේරම ටික උඩින් කියලා. සුපිරි. ගොඩ දවසකින් හොඳ කතාවක් කියෙව්වේ

    ReplyDelete
    Replies
    1. මේවයේ කරක් ගැහුවේ නැති වුනාට කමක් නෑ මලේ ඉස්සෙල්ලා විභාගේ කොරගනින්...බොහොම ස්තුතියි උඹට වැඩ අස්සෙත් මේ පැත්තේ ආවාට

      Delete
  62. කතාව කියෙව්වට පස්සේ මොකක්දෝ වුනා වගේ...පැති කීපයක්ම කවර් කරලා නියමෙට ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඩයිවර් කොල්ලා පාරේ වම් මංතීරුවේම ඇවිල්ලා . තැන්කිව් කිව්වා ඔන්න

      Delete
  63. අන්තිම ටික කිය්වත්දී ඇහැට කඳුලක් ආවා මලේ. උපරිම ලියවිල්ලක්. කමෙන්ට් ටික නම් බැලුවේ නෑ. තව පොඩ්ඩකින් වැඩට යන්න ලෑස්ති වෙන්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක ...ඔබ වැන්නන්ගේ වචනෙත් ශක්තියක් ....!

      Delete
  64. හොඳට දැනෙන්න ලියපු කතාවක්. විශ්ෂ්ඨ නිර්මාණයක්. සාහිත්‍ය විචාර සහ රාමු අනුව ගැලපෙනවාද නැද්ද මට වැඩක් නැහැ. දන්නෙත් නැහැ හිතට වැදුනා නම් එක සාර්ථක නිර්මාණයක්.

    වත්මන් සමාජයේ විය හැකි සිදුවීමක්. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ම.ක.සි. මේක ඇත්තම සිදුවීමක ඇසුරෙන් ගොඩනගපු කතාවක් තමයි මචෝ.

      Delete
  65. මෙහෙම තමයි උඩින් සුන්දරව පේන ජීවිත වල යථාර්තය...හැමතිස්සෙම පේන දේ නෙවෙයි අන්තිමට වෙලා තියෙන්නෙ.....මාර්ග අනතුරු වලදිත් ඔහොම දේවල් වෙනවා...... ඒත් වාහනේ පැදන් ආපු එකා තමයි හැමදාම වැරදිකාරයා වෙන්නෙ......හරක් වගේ පාර පනින උන් බේරෙනවා......

    ඉවාන්ගෙ ලිවීම නම් විශිෂ්ටයි....මේ විදියට ලියාපුවාම තමයි කාටත් දැනෙන්නෙ මෙහෙමත් වෙන්න පුලුවන් නේද කියලා....පත්තරේ මේ වගේ නිව්ස් ගියාට මෙච්චර ඇඟට දැනෙන්නෙ නෑනෙ.....ඒ අතින් උඹ අති සාර්ථකයි....ජයෙන් ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අන්ඩ රයිටර් , ඇත්තටම අපේ මේ වගේ අදහාගන්න බැරි සිදුවීම් ගණනාවක් සිද්ධ වෙනවා. ඔය මාර්ග අනතුරු කතාව හරියටම හරි. එත් අන්තිමට වාහනේ තියෙන එකා වැරදි.

      Delete
  66. යාලුවෙක්ගෙන් ඉල්ලගත්ත ට්‍රේලකින් ( KDX ) මමත් ඔහොම රඟපෑව ඉවාන් අයියෙ නංගි කෙනෙක්ගෙ ගේ ඉසාරහ .. !!
    බොරු කියන්න ඕන නෑනෙ. ඒ කාලෙ ඕක හෙන ලොකු වැඩක් වගේ බං මට පෙනුනෙ.. :D

    ReplyDelete
    Replies
    1. ඉල්ලගත්ත බයික් වලින් වැඩ දාන්න යන්න එපා යකෝ. අන්තිමට බයිසිකලේට ගෙව්වම බෙහෙත් දාගන්නවත් අතේ සතේ නැතිවෙනවා කෙලවුනොත්

      Delete
  67. අන්තිම ටික කියවද්දි ගොඩක් සංවේදී හැඟීමක් දැනුණා.
    බොහොම ලස්සනයි. :)

    ReplyDelete
    Replies
    1. Thambaru Wijesekara ස්ථිති වේවා ... දිගටම් එන්න

      Delete
  68. මල්ලියේ ඇත්තටම මේ කතාවට මම හරිම කැමතියි...අනිත් හැම පොස්ටුවකටම වගේම වුනාට මේක ඇහැට කඳුලක් ගෙන්න තරම් සංවේදී එකක්..
    අදටත් මම කියන්නේ ...ඔයා ගේ පොතක් ගැන...
    ඇත්තටම මේ හැමදේම එකට එකතු වෙන පොතක් එනකල් මමත් මග බලන් ඉන්නවා...ඔයාට ඒක පුළුවන්...හිතුවොත්

    ReplyDelete
    Replies
    1. ස්තිතියි අක්කේ ... ඇත්තටම ඔයා තමයි මුලින්ම මේ පොතක අදහස ගෙනාවේ මම මේ ඒ ගැන හිතමින ඉන්නේ ... ඔයාගේ ඇගයීම මට ලොකු දිරියක් අක්කේ

      Delete
  69. අම්මෝ ... ඔලුවට පොල්ලකිං ගැහුව වගේ 😕

    මැදපෙරදිග කලාපයේ ගෘහ සේවිකා රැකියා වලට කාන්තාවන් පැමිණීමත් එක්ක දියුණු වූ පවුල් වගේම කඩා වැටුණු පවුල් කොයිතරම් නම් ඇද්ද ?

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]