Sunday, February 23, 2014

මේතරම්




               මේ තරම් අමනයිද මිනිසුන් 
            
සිතන්නටවත් බැරි නිසා 
             මම ගියා මිනිසුන් මැවූ ඒ         
             මහබඹා නම් ඔහු සොයා //

                         

                                                                                                             


               කොටුවේ පොළ ළඟ බැම්ම අයිනක 
        සන්ග්ලාස් එක ඔලුවේ දා       
ඉස්සිලා රිංගා බලයි ඔහු 
 දිලෙන මහා කටවුට් දිහා 





                     මේ තරම් අමනයිද මිනිසුන් 
                
සිතන්නටවත් බැරි නිසා 
                  මම ගියා මිනිසුන් මැවූ ඒ         
                  මහබඹා නම් ඔහු සොයා //








                       බුද්ධිමත් යැයි ලොව කියූ ඒ
                    මනුසතා කොතනද කියා
                    මා ඇසු විට පෙන්නුවා ඔහු
                    මොලය සවිකර නැහැ කියා 




151 comments:

  1. ඉතිං දැං උඹ මට මොකක්ද කියන්නේ.. ලැජ්ජ නැතිව.. හැක්

    ReplyDelete
    Replies
    1. අපි සැට් ඒකත් ඒ බෝට් එකේ තමයි කියලා

      Delete
    2. @ දේශක - උඹට මුකුත් කිව්වේ නෑනේ ඉතිං..උඹ විතරනේ මොලේ තියෙන එක්ක්නෙකුට ඉන්නේ හැක්

      Delete
    3. @ ඔමා - ඔන්න මොලේ ඇති කෙල්ලෝ

      Delete
  2. Replies
    1. දෙකයි නෙමෙයි තුනයි

      හෙහ් හෙහ්

      අම්මෝ කාකා මර උගුලක් අටවලා ,

      සමාවෙන්න කාකා

      Delete
    2. කාකා කියන එකත් හරි එක බාසාවකින්

      සමා වෙන්න කකා

      Delete
    3. ඕකට කොටන්න එපා යකුනේ ඕක උගුලක්

      Delete
    4. @කකා - බැලුවා ස්තුතියි

      Delete
    5. @ අටම් - මොකක්ද අටමෝ මේ දිගට දිගට කියවන්නේ ..?

      Delete
  3. උන්ට - බලය ඇති දින මොලය නැත, මොල‍ය ඇති දින බලය නැත.

    අපිට - කෙදිනකවත් ඔය දෙකම නැත.

    දෙක යනු මොලය සහා බලයයි. ;-)

    ReplyDelete
    Replies
    1. දෙක යනු මොලය සහ බලයයි කියල සුවර්ද? :D

      Delete
    2. සසිඳුවට බයේ මූ දෙක ගැන පැහැදිලි කිරීමකුත් දාල.... හික්ස්!

      Delete
    3. නැතුව බෑනෙ බස්සියෙ. ඔය පේනවානෙ පැහැදිලි කිරීම් දාලත් තවත් අහලා මූ. :-D

      ඔව් බන් සසිඳුවො ඔව්. ඒ දෙක තමා. අනික්වා ඔක්කිම ගානට තියෙනවා සුවර්. :-D

      Delete
    4. මට හිතෙන්නෙ බන් උබේ අනිත්වත් අවුල් වගේ කියල :D

      Delete
    5. ඇත්තටම මොලය නම් නෑ අපේ එවුන්ට කවදාවත් ..සහතික ඇත්ත ප්‍රියා

      Delete
    6. සසිඳුවා දුප් යන්න මෙතන කුණුහබ්බ පලන්නේ නැතුව

      Delete
  4. මහබඹාගේ නෝනා නම් ලස්සණයි. :D

    ReplyDelete
  5. සින්දුව ලස්සනයි ඉවාන්...

    මහ බඹා තාම ඉන්නවද...? මං හිතුව උන්දැ මේ වෙනකොට දිවි නසාගෙන ඇතියි කියලා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මියුරු - මහබඹා ඉන්නවා හැබැයි දැන්නම් බබා වගේ ....මොකද මෑන්ටත් දැන් කරන්න වැඩක් නෑ

      Delete
  6. හි හි හි .. නියමයි ...

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආවාම මේක කියමු නේද තාලෙට

      Delete
    2. නලින් අයියටත් පිච්චුද මන්දා.... මහබඹා දුවයි! :P

      Delete
    3. @ ඕමා - හි හි හි තැන්කුයි

      Delete
    4. @ නලින් අයියා & බස්සි - එකනේ බස්සි නලින් අයියට එක තේරෙන්නේ නෑනේ ...ඊ ලඟට බ්ලොග් තහනම් කරයි මහබඹා බ්ලොග් නිසා සියදිවි නසාගෙන කියලාඅ

      Delete
    5. යකෝ අපේ හිරුවගේ හිහි එක නේදා බොලා මේ කන්නේ... හැක් හැක්..

      Delete
    6. ඇයි උඹේ හැක් හැක් එකත් කන්නේ කට්ටිය ලස්සනට

      Delete
    7. අපි කාගේවත් හි හි නෙමේ කරන්නේ ඔයා වගේ හැක් හැක් ගාන්න බෑනේ අපිට අපි හිනාවෙන්නේ ඔහොම තමයි

      Delete
  7. එලස් කවී ටික , , , මචෝ

    ReplyDelete
  8. ෂහ්...ඉවාන් මාර ගීත රචකයෙක් වෙලානේ...දැන් කාටද දෙන්නේ මේක ගයන්න...

    ReplyDelete
    Replies
    1. මේ පැත්තට එව්වොත් ගයලා දෙන්නම්...:D:D

      Delete
    2. ඕක හරියන්නැ , මේක හරියන්නේ මෙන්න මේ වාගේ දෙලොවටම නැති මළකඩ හඩකට

      Delete
    3. @ ඩයිවර් කොළු - උඹට බැරිද ගයන්න ....මං එන්නං වයන්න

      Delete
    4. ඈ පොඩ්ඩි පොඩ්ඩක් ඉන්න මේක යුග ගීයක් කරලා ගන්නකං :D

      Delete
    5. කවුද උඹේ හඬ මලකඩ හඬක් කියපු එකා ..උඹ මචං කොවුල් හඬක් තියෙන කොල්ලෙක්නේ

      Delete
  9. කයි පද ටික නම් පංකාදු පහයි. :D

    ReplyDelete
    Replies
    1. එහෙනං උඹේ අර ගිටාරේ අරං වරෙන්කො ගිටාර් ගගහ සින්දුව කියන්න

      Delete
  10. මේ දවස්වල තියන චන්ද රැස්වීම ළඟට ගිහින් ගායනා කරන්න හොඳයි.

    ReplyDelete
    Replies
    1. ගායනා කොරන්ටනම් හොඳයි ආපහු එන්න ලැබෙයිද දන්නේ නෑ

      Delete
  11. මේ දවස්වල ගයන්නෙ ජිනීවා ගීතය නේ

    ReplyDelete
    Replies
    1. වෙල්කම් සශා මේ පැත්තට , ඡන්දේ ඉවර වෙනකම් ජිනීවා ගීතය තමයි

      Delete
    2. වෙල්කම් කිවුවම මොකද්ද කියන්න ඕන හැබෑටම?මාතලං සර් වගේ "ගණන් ගන්නෙපා මචං කියන්නද?" මචජ කියන එක හරි නෑනේ..

      Delete
    3. හාහ් හාහ් මොකෝ මචං කියන එක හරි නැත්තේ ... එක තමයි මේ ලෝකේ තියෙන සුන්දරම වචනේ මචං

      Delete
  12. ඉස්තරම් කවි ටික (Y)

    ReplyDelete
  13. මල් 7යි. තාලෙට ගායනා කොරල විඩියෝ එකකුත් කරහන්...හැබැයි පුතෝ බොගේ සොහොන් ලකුණු මට පේනවා පේනවා වගේ ....හිකිස්..

    ReplyDelete
    Replies
    1. මේ කොල්ලව බය කරන්න එපා නගෝ...හැම එකාම බය කරලා ඔය ගමන ලියන්නේ නැතුව ඉඳීවි

      Delete
    2. කෝකටත් පුතේ රුසියාවෙ ip address එකක්ම දාලා තියාගනින්.
      දිගටම ලිව්වේ මෙව්වමනේ....

      Delete
    3. අනේ පව් හා පැටියා

      Delete
    4. @ ශානු - ස්තුති වේවා ශානු නගෝ ..හැබැයි පුතෝ වැරදිලාවත් මට ලෙඩක් වැටුනොත් උඹ තමා වග කියන්න ඕන

      Delete
    5. @ කළු සහ සුදු - එකනේ අකේ ඔය ගෙඹි ඔහොමමයි

      Delete
    6. @ දුලා - එකනේ බන් මේ දවස් වල ලියවෙන්නෙම මෙවමනේ ...

      Delete
    7. @ අටමා - උඹ තමයි බං මං ගැන හරියට දන්නේ

      Delete
  14. ඉස්සර චන්ද රැස්වීම් වල කියපු සින්දු වගේ අපි මේකත් තාලයක් දාල විපක්ෂෙට දෙමු....

    ReplyDelete
    Replies
    1. විපක්සෙත් ඔය ගොඩේම තමයි....

      Delete
    2. තාලේනම් තියෙනවා --- විපක්ෂේ වඩාත් අපිට කරන්න වෙලා තියෙන එකේ එකත් අපිටම තමයි කරන්න වෙන්නේ

      Delete
    3. @ දුලා - දුලා හරි දුලා

      Delete
  15. මං හිතන්නේ මේ ඉවාන්ගේ දිගම පෝස්ට් එක......

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා , මේ තමයි දිගම එක

      Delete
  16. පද ටික නම් තාලෙට කාලෙටම ගැලපෙනවා....

    ReplyDelete
    Replies
    1. තැනකුයි තරු....මේ ඔයාගේ පොත එනකං මේ තාම බලන් ඉන්නේ අපි

      Delete
    2. මං ගොඩගේ එකට කතා කරලා බැලුවා. එයාලා කියන විදිහට තව මාස 2/3 ක් විතර යාවි වගේ...

      Delete
    3. කවදාහරි කරන දවසට අනිවා අපිට කියන්න හොඳේ

      Delete
  17. දේශපාලකයෝ එක්ක බලන බලන අය තරහයි. හැමෝම කියන්නේ උන් මැට්ටෝ කියලා. එත් උන් පත්කරන ජන්ද දායකයෝ හොද නුවනක් කාරයෝ. දැන් ලංකාවෙන්ම හොදයි කියලා අද පත් කරන එකාටත් හෙට කියන්නේ ඔය ටිකමයි. මෙතැන තියෙන්නේ ඇරියස් එක පිළිබද ගැටලුවක් නේද ඉවාන්

    ReplyDelete
    Replies
    1. නලින් අයියා හරි, ලංකාවේ මිනිස්සු ,ඡන්ද දායකයෝ තමයි මාර බුධ්ධිමත්තු ,ඇත්තටම මිනිස්සු හරියට දැනුවත් නම්, බුද්ධිමත් නම් මේ වෙන දේවල සෑහෙන ප්‍රමාණයක් සාර්ථකව පාලනය කරන්න පුළුවනි. මිනිස්සු බුද්ධියෙන් කටයුතු කරනතාක් කල් මේ සිස්ටම් එක මෙහෙමම තමයි

      Delete
  18. මරු මරු!!! බලාගෙන ගියාම මහබඹා ගෙ නොවැ වැරැද්ද!

    ReplyDelete
    Replies
    1. එකනේ මිනිහා මොලේ හයි කරලා නෑනේ මිනිස්සුන්ට

      Delete
  19. කුණු දේශපාලුවො නිසා තමයි ලංකාව නැත්තටම නැති වෙලා තියෙන්නෙ....දුකයි බන් අපේ රටට ගිය කල ගැන...

    ReplyDelete
    Replies
    1. දේශපාලුවෝ විතරක් නෙවෙයි මචෝ,උන්ව හැම චන්දෙදීම පත් කරලා යවන ,අලුත් බෝතලේට පරණ වයින්ම දාලා බොන අපෙත් වැරැද්ද

      Delete
  20. පිස්සු පීකුදු අහ්..

    ReplyDelete
    Replies
    1. ඈ මං හිතුවේ සුදීක කිව්වා වගේ "සිංහ පීකුදු" කියලා

      Delete
  21. අඩේ අප්පා ඔය කියන ලක්ෂණ අනුව මහබඹා මන් දන්නා එකෙක්නෙ. මරු!!

    ReplyDelete
    Replies
    1. අනේ තිලකයියේ එහෙනං අඩු ගානේ දෙතුන් දෙනකුගේ වත් මොළ ටික ඉල්ලගමුකෝ හයි කොරන්ට

      Delete
  22. බඹා චීනෙක්ද බං?

    ( නිකමට මම කිව්ව කියන්නැතුව අහපං බඹාට වයිෆ් කෙනෙක් නැද්ද කියල )

    ReplyDelete
    Replies
    1. චීනේ තියෙන දේවල් වල හැටියට මහබඹා මේඩ් ඉන් චයිනා එකකුත් ඇති බං . හැබෑට මෑන් බැඳලා නැද්ද බං ?

      Delete
  23. එහේ ලොක්කොයි මෙහේ ලොක්කොයි
    සේරෝම පච කිය කියා
    ඇන්දුවා මනු සතා මොලගෙඩි
    ගලවලා පැත්තක තියා
    නිදන මිනිසුන් නැගිටුවාලන
    විපක්සයකුත් නැති නියා
    දෙන දෙයක් ගිල වෙන දෙයක් දෙස
    බලා ඉන්නව මුව අයා

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ චන්දන ස්පෙෂල් ....පට්ටය සුපිරිය ..

      Delete
  24. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ලොක්කයියත් දැං මකන්ට ඇරං

      Delete
    2. ලොක්කයියා ගැන කතාවක් ලියන ගමන්...බලමුකෝ මකන හැටි ඒවා .

      Delete
  25. මට නම් හමු උනා
    ඇඟ පුරා මොළය ඇති
    ඔබ සෙවූ මහ බබා
    රුපියක් සියයක් හිඟනා..

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ ,ආයේ තව සාක්කි මොකටද මිනිස්සුට මොලේ හයි කරන්න බැරිවෙලා කියලා මහබඹාට . කන්න තියෙන රුපියල් සීයත් ඌට දීලා ඇරව ගන්නවා.
      ඌ දන්නේ නෑ කියන්නේ අමාත්‍යංශ ලේකම් කෙනෙක් ඡන්ද ව්‍යාපාරයට යොදා ගන්න එක වැරදියි කියලා...ඌ නීතඥයෙක් නේද ?

      Delete
  26. මේ ටික ආපහු හොයාගෙන හයි කරන කොන්ත්‍රාත් එක ගමුද?

    ReplyDelete
    Replies
    1. දැන් මිනිස්සුන්ට ඔකේ වටිනාකමක් නා මලේ...තිබ්බ කියලා පාවිච්චි කරන්නෙත් නෑනේ

      Delete
  27. උබ ලොකු කතාවක් පුංචි කවි දෙකකින් කියන හැටි මාරයි බන්.ඔන්න මගෙනුත් උත්තරයක්

    මහ බඹා විය පොඩි බබා
    මොළය පිටුපසටම ඔබා
    සදහටම එය සඟවා තබා
    මැති සබට යයි මහ පබා

    ReplyDelete
    Replies
    1. අන්න ඔය තියෙන්නේ උදාහරණ ඕන තරං. ඇත්තටම පබාලා බබාලා විතරක් නෙවෙයි ඔය ඉන්න කුඩ්ඩො , මිනීමරුවෝ, දාමරිකයෝ එකෙක්වත් පාර්ලිමේන්තු යන්නේ නෑ මිනිස්සුන්ට මොලයක් තිබ්බනං

      Delete
  28. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. වැටුනේ වැරදි තැන , ( ලොක්කයියගේ ලෙඩේ නෙමෙයි )

      Delete
    2. උඹට නම් අද මොනවා හරි වෙලා ....බිව්වද?

      Delete
  29. ඉස්සෙල්ලම හප් කට

    දෙවනුව චියර්ස්

    ReplyDelete
    Replies
    1. අටම් අයියේ මොකෝ මේ ඈ ,, හැමතැනම කොමෙන්ට් හැලිලා :)

      Delete
    2. තැනකුයි වේවා අටම්පහුරේ අටම්තුමා ...

      Delete
    3. @ ඕමා - එක තමයි මාත් බැලුවේ

      Delete
    4. අටමා තැන තැන මිරිස් කුඩු හල හල කොහේ යනවද මන්ද

      Delete
  30. මහ බඹා මීට වඩා කලකිරිලා ඇති කියලයි මම හිතන් හිටියේ.. බලන් යද්දී තාම ටිකක් හරි හොදින් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. හොඳින් ඉන්නවා, හැබැයි ටිකක් මොලේ අවුල්. බැරිද අර උඹේ ඔපරේෂන් එක කරපු තැනට යවන්න මෙයාවත්

      Delete
  31. Replies
    1. තැන්කුයි හිකිස්...ත්‍රිභාෂා ප්‍රසන්න මයා

      Delete
  32. Iwan...apita ekatu wela mey kramye wensak karnna barida? (api kiyane Lankawama).

    ReplyDelete
    Replies
    1. පුළුවන් මචං , හැබැයි අවස්තාවදියෝ හරියටම අඳුර ගන්න ඕනේ ... පාවදෙන්නොත් එක්ක මේ ගමන යන්න බෑ , ස්තුතියි උඹට මෙන්ඩියා

      Delete
  33. පොර කට්ටියට මොළේ තියලා තියෙන්නේ බං.වෙලා තියෙන්නේ ලංකාවේ වුන්ට පොර හිතා,මතාම තියලා නැහැ.දැන් බලපන් අපේ වුන් මොළ නැතිවත් දෙන ගේම්.මොළ තිබුණානම් කොහෝම ගේම් දේවිද.?මහා බබාත් අසරණයි ඒ හෙම වුණානම්.

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත මනෝ , අපේ එවුන්ට මොළෙත් තිබ්බනම් මෙලහකට ... සුම්මා තමයි

      Delete
  34. කියන හැටියට මට හිතෙන්නේ මහබඹා පොඩි ආතල් එකක් ගන්නවා වගේ... නැත්තං පොර මොනව හරි විකුණනවද පොලේ?

    ReplyDelete
    Replies
    1. පොරත් පොලේ ගිහිං ට්‍රයි කරන්න ඇති පන්දාහේ බඩු පහේ කවරයකට දාන්න ...!

      Delete
  35. තේ හැන්දක ප්‍රමාණයකවත් එකක් හයි කරලා තිබ්බා නම්.....

    ReplyDelete
    Replies
    1. මේ යන විදිහටනම් පෙන්නේ මචං අඩු ගානේ කන් හැන්දක තරම වත් එකක් හයි කරලා නෑ වගේ

      Delete
  36. ඔය මහබඹා මම හොඳට දන්නා එකෙක් නෙ ඉවාන් මල්ලි,ඔය ගොඩට අපිත් අහුවෙනවද බං .

    ReplyDelete
    Replies
    1. ඇත්තට ඔයා මහබඹාව දන්නවද හැලපයියේ ...අපි ඔක්කොම අඩු වැඩි වශයෙන් ඔය ග්දේ තමයි නේද? මොකද මේ දෙපක්ශේ තුන් පක්ෂේ ඉන්න අම්බරුවෝ කියන කතා වලට රැවටිලා අපිත් මුන්ට එක සැරයක් හරි චන්දෙ දීලා තියෙනවනේ අප්පා

      Delete
  37. මේ ටිකේ මනස අවුල් නිසාද මන්ද මේක ඊයේ මිස් වෙලා දනුඉය් දැක්කෙ ...
    කියන්න ඕන ඒවා පඩියෝ කියලනේ බං ..

    ReplyDelete
    Replies
    1. කෙන්ජයියාගේ මනස ඉක්මනින් සුවපත් වේවා...

      Delete
    2. එකනේ මාත් බැලුවා මොකද වෙනදා පලවෙනියටම එන කෙන්ජයියා නැත්තේ කියලා , දැන් ඔය මනස මොකද අවුල් වුනේ ...? මම හිතුවේ මගෙත් එක්ක තරහා වෙලා කියලා ....

      Delete
    3. රියදුරු මල්ලී - මාත් ඔය පැතුමට එකතු කර ගනිං

      Delete
  38. ඇත්තටම කිවොත් මලෙ එය
    අමතකම වුව නොවේ
    සවිකලෙ එය වැරදි තැනකයි
    මෑතකයි එය වැටහුනේ.
    _මහඹඹා-

    ReplyDelete
    Replies
    1. වැරදි තැනක් හරි තියෙනවනම් ලොකු දෙයක්. තොවිලයක් කරලාවත් හරි තැනට ගන්න බැරියැයි ..එක නෙවෙයි උඹ බ්ලෝග ලියන්නේ නැද්ද දැන් ?

      Delete
    2. නොලිය ඉන්නෙ නැ.එත් ලියන්න තියා බොලාගෙ එව බලන්නවත් වෙලව නැතුව ඉන්නෙ.

      Delete
  39. එළම කිරි මලේ! උඹේ නිර්මාණ ශක්තියට මගේ උපහාරය!!!

    ReplyDelete
    Replies
    1. සඳුන් අයියා , හැමදාම වගේ ඔබගේ අගය කිරීමට තැන්කිව් වේවා....!

      Delete
  40. මහඹඹා මේ බව දනී නම්,
    මියෙනු ඇත නියඟල කකා...

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ විදානේ ..මම හිතන්නේ ඇත්තටම මහබඹා මොලේ දීලා නෑ අපේ මිනිස්සුන්ට

      Delete
  41. පද රචනය මරු.....
    ඒත් මොකෝ මේ පොල් ගෙඩි සයිස් අකුරු? මේක කියවන ඔක්කොම ඇස් නොපෙනෙන අයද?

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා රංගි .... පොල්ගෙඩි සයිස් අකුරු නේද ..? අයි අප්පා හැමෝම බනිනවනෙ දැන් හැදෙන එවුන් වැඩිහිටියන්ට සලකන්නේ නෑ කියලා ..ඔන්න් අපිනම් එහෙම නෙවෙයි කියන්නයි පොල් සයිස් අකුරුම දැම්මේ

      Delete
  42. මේක දැකලා තමයි එහෙනම් අර ලොකු අයියටත් සිංදු මතක් වෙලා තියෙන්නේ,,, හොහ් හොහ් හොහ් පංකාදු සිංදුව

    ReplyDelete
    Replies
    1. හාහ් හහ සිඳුවා ඉතින් සින්දු ගැන දන්නවනේ ...! අනිවා මේක දැකලා තමයි එක මතක් වෙන්න ඇත්තේ

      Delete
  43. අන්න
    මහ බබා....??
    හම්බෙලා ඉවානයට..
    කිවිවලු මොලේ නෑ උට...
    අපිට මක්කද ඉතිං...
    අපිට ඒකක්
    තිබ්බමෙ නෑනෙ...
    නැත්තං දෙයිද
    මනාපයක් මුන්ට
    හිටගෙනම....

    ReplyDelete
    Replies
    1. එක හරි
      ඔය කිව්වට
      දෙන්නේ නැද්ද බලාපං
      මේ සැරෙත් මනාපේ
      හිටගෙනම

      Delete
  44. හික් මරේ මරු ඈ ..දියවන්නා වේ ඇයෝ දැක්කොත් එහෙම මොනවා හිතෙයි ද ??

    ReplyDelete
    Replies
    1. උන්ට කොහෙන්ද බන් මේවා තේරෙන්නේ ....අනික උන් දන්නවා කොහොමත් අපේ දේශප්‍රේමීයෝන්ට මොලේ නෑ කියලා

      Delete
  45. මැලේසියාවේ ඉන්න සිංහල එවුන්ටත් සුවර් එකටම මොලේ හයි කරේ නෑ කිව්වද බන්

    ReplyDelete
    Replies
    1. උන්ට මොලේ හයි කරන්න තැනක්වත් නැතිලු බං. නැත්තං මේ ආශ්චර්යමත් රට දාලා මැලේසියාවට යයිද කියලා ඇහුවා බං

      Delete
  46. ඉවාන්.......මට උඹව අල්ලලා ඉඹගන්න හිතෙනවා බන්. උඹ නම් පොරක්.

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ අරූ බොගට නම දාලා තියෙන්නේ තේරුමක් ඇතුව. අරූ - gay අඩවිය හඃ හඃ හඃ හඃ

      Delete
    2. හාහ් හාහ් හා තැනකුයි අරූ ...,,

      Delete
    3. බලන්න අරූ අයියේ මේ කුපාඩි සිංදුවා කියන කතාව

      Delete
  47. මහ බඹා සාටක එහෙම දානවද?

    ReplyDelete
    Replies
    1. අහුවුනොත් නම් බලෙන් හරි දම්මවයි , මදිනම් මම කැමැත්තෙන් දාගත්තේ කියලා මාධ්‍ය සාකච්චාවකුත් තියයි

      Delete
  48. මැදැයි... ඒ නම අවුල්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. මොන නමද මදාරා මහබඹාද? මනුසතාද?

      Delete
  49. මිනිස්සුන්ට තියා මහ බඹාටත් මොලේ නැද්ද මන්දා

    ReplyDelete
    Replies
    1. ඕක නම් මටත් දැන් හිතෙනවා

      Delete
  50. කාලයේ තාලයට පබැඳුන ගීයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති ගුරු ..ඇත්තටම කාලයේ තාලයට තමයි

      Delete
  51. මේකට තාලයක් දාල, රංවල බලකායට දුන්නා නම් හරි. කාලයට ගැලපෙන එකක් :)

    ReplyDelete
    Replies
    1. තාලයක් නම් තියෙනවා බඩී ..කියන්න එකෙක් තමයි නැත්තේ /

      Delete
    2. තාලයක් නම් තියෙනවා බඩී ..කියන්න එකෙක් තමයි නැත්තේ /

      Delete
  52. උබටනම් සුදු වෑන් එකක යන්න පුදුම ආසාවක් බං තියෙන්නෙ..ඒ වෙනුවෙන් පුදුම කැපකිරීමක් තමයි කරන්නෙ..හි හි

    ReplyDelete
    Replies
    1. අම්මප උඹත් එක්ක මල පනිනවා ..ළඟ හිටියනම් බෙල්ල මිරිකන්නේ ...:D

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]