Sunday, March 2, 2014

අවසන් සක්මන




හැම සම්බන්ධයකම අවසාන හමුවීම් බොහෝවිට ඉතාම හැඟුම්බරයි .සමහරවිට දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්වෙනවා ,සැමියා බිරිඳගෙන් වෙන්වෙනවා , සිසුන් ගුරුවරුන්ගෙන්,සේවකයා ප්‍රධානියාගෙන්,ආයතනයෙන්, මිතුරු පිරිසෙන් වෙන්වෙනවා

ඇතැම් වෙන්වීම තාවකාලික් වුනත් සදාකාලික තරමටම හදවත් හැඟුම්බර කරවනවා .

ලෝකය ගම්මානයක් බවට පත්වෙලා තිබෙන ,තාක්ෂනය ඉතාම දියුණු මේ යුගයේ සදාකාලික් වෙන්වීම් යනුවෙන් යමක් නොමැති බවට කෙනෙකුට තර්ක කරන්නට පුළුවන් .කෙනෙකුට තවත් කෙනෙකු හා තමුන්ට රිසි ලෙස සම්බන්ධ විය හැකි තරමට අද තාක්ෂණික මෙවලම් අද වනවිට පවතිනවා .

එහෙත් ඒ කිසිවකින් හදවතේ ජනිත වන හැඟුම් ඒ ආකාරයෙන්ම ජනිත් කරන්නට සමත් වේද?

පෙම්වතෙකුට පෙම්වන්තියකට කාලය යනු කොතරම් තිබුනත් මදිවෙන එකම දේ වන්නට පුළුවන්. තම ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සමග තුරුළු වී ගතකරන සෑම හෝරාවක්ම විනාඩි කිහිපයක් ලෙස දැනෙන්නේ ඇයි.....?

යම් යම් බාහිර හේතූන් නිසා පෙම්වතෙකුට පෙම්වතියකට වෙන්වී යන්නට සිදුවුනොත් ...? ඒ වෙන්වීයන මොහොතේ ඇති හැඟුම්බර බව වටහාගත හැකිද? ඒ අවසාන සැන්දෑව කොතරම් නම් කෙටි විය හැකිද?
 ඒ අවසන් මොහොත මේ විශ්වයේ වේගයෙන්ම ගතවුණු මොහොත ලෙස ඔවුන්ට දැනෙන්නට පිළිවන.

අවසාන සැදෑ සක්මන 
නොදැනීම ගෙවුණු ඉක්මන 
දැන් නික්ම යන්න කාලය අපි අපෙන් 
යලි හදාගන්න බැරිවුණු සිත් අරන්

වෙන්වී ගියත් හුරුපුරුදු ගහකොළ,මල්, මංමාවත් දකින දකිනා වාරයක් පාසා ඒ සොඳුරු මතකයන් ..හදවත් අඳුරු කරනවා ,,කුමන හේතුවක් උදෙසා වෙන් වූවද එහි දුක දැනෙන්නේ වෙන්වූවන්ට පමණි. ලෝකයට කාලයක් ගතවනවිට මේ සියල්ල අමතකව යයි.එත් අපට..?

අප සිනා සැලූ තැන්වල ගස් වැල්
මල් වරා හිඳීවිද අප එනකන් 
නැති වුනේ අපට අප මිස 
මේ ලොවට නොමැත එහි දුක 
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

කෙසේ අවසනදී අහිමිවූවන්ට පමණක් දුක උරුම කර තියා කාලය සුපුරුදු ලෙස ගලා යයි. ස්වභාව දහම සුපුරුදු ලෙස පවතියි...

අප දෙපා සැලූ වෙරළේ රළ වැල් 
කැටි ගැසී රැඳේවිද අප එනකල් 
නැතිවුනේ අපට අපමය  
කාලය යයි අප පසුකර  
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

හමුවීමක් නොමැති නම්  වෙන්වීමක් නොමැත ....හමුවූ සැවොම වෙන්වී යායුතුය ...ආවොත් යා යුතුය ...නොගොහින් යලි එන්නට බැරිය....


අවසාන සැදෑ සක්මන 
නොදැනීම ගෙවුණු ඉක්මන 
දැන් නික්ම යන්න කාලය අපි අපෙන් 
යලි හදාගන්න බැරිවුණු සිත් අරන්

අප සිනා සැලූ තැන්වල ගස් වැල්
මල් වරා හිඳීවිද අප එනකන් 
නැති වුනේ අපට අප මිස 
මේ ලොවට නොමැත එහි දුක 
නාඩන්න ඉතින් නොසලා කඳුළැල් 

අවසාන සැදෑ සක්මන............... 

අප දෙපා සැලූ වෙරළේ රළ වැල් 
කැටි ගැසී රැඳේවිද අප එනකල් 
නැතිවුනේ අපට අපමය  
කාලය යයි අප පසුකර  
නාඩන්න ඉතින් නොසලා කඳුළැල්  


Singer : Somathilaka Jayamaha
Lyrics : Ravi Siriwardana
Music : Rohana Weerasinghe

124 comments:

  1. අදමයි ඇහුවෙ මේ සින්දුව. තැන්කුයි ඈ බෙදා ගත්තට!

    හම්මේ පලවෙනියට කොමෙන්ට් කොරද්දි දැනෙන සන්තෝසෙ. වෙනදට මම කොමෙන්ට් දෙසීයක් ඉතර පහු කොරන් පල්ලෙහාට යන්නෙ ත්‍රීවීල් එකක් හයර් කොරන්. :P

    ReplyDelete
    Replies
    1. තැනකුයි රෝස බස්සි.....බස්සිගේ ත්‍රීවීල් කතාව ඇහෙද්දී මටත් මාර සතුටක් නොවැ දැනෙන්නේ .....

      Delete
  2. සෝමතිලක ජයමහගේ හැම ගීතයක්ම වටිනාකම කිව නොහැකි මැණික් වගේ. ස්තුතියි මේ ගීතට හඳුන්වා දුන්නාට.

    ReplyDelete
    Replies
    1. සෝමතිලක ජයමහ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මගේ ප්‍රියතම ගායකයා විචාරක මහත්තයෝ

      Delete
  3. මාත් අහලා තිබෙනෙ නැති ගීතයක්. පද මාලාවනම් ලස්සනයි. ස්තූතියි ඉවාන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ෂතුරංග ..හිකිස් ...මේක අලුත් ඇල්බම් එකෙක් සිංදුවක්

      Delete
    2. බොලා ඔය නම රෙජිස්ටර් කරන්නද හදන්නෙ…?? කට කට. ;) ;)

      Delete
  4. සෝමතිලක ජයමහගේ අලුත් ඇල්බම් එකේ සිංදුවක්. මට මුලින්ම වැදුනේ..දමා යන්නට නොහැකි සිංදුව. මේක පස්ට.
    ඒකෙ පරණ සිංදු ටිකකුත් අලුතෙන් රෙකෝඩ් කරලා තිබුනා. රෝහණ බැද්දගේලත් පරණ සිංදු අලුතෙන් ගැහුවා ළඟදි... ඒ ටික හොයාගන්න නෑ නොවැ.

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ බඩු. සිංදුවා නොදන්නා සින්දුවක් තියෙනවයි මේ ලෝකේ ....:D

      උඹ අහලා තියෙනවද රෝහණ බද්දගෙයි නන්දා මාලිනීයි කියපු සින්දුව "වෙඬරු සොරා වෙඬරු සොරා..කවට කමට එන්න එපා.........." කියන එක

      Delete
    2. අහලා තියෙයි නේන්නම් :D ගොපලු කෙල්ල ඉන්න එකනේ :D

      Delete
    3. වෙඩරු සොරා එකේ ලයනල් අල්ගම මහත්තයාගේ සංගීතය කොහොමද ?

      Delete
    4. @ සිංදුවා -යැස් අන්න ඒක තමයි

      Delete
    5. @ මනෝජ් - මට සංගීතය කාගේද කියලා හරියටම මතක නෑ ..නමුත් එතන තියෙනවා ගීතයක් කියලා හැඟෙන විශිෂ්ට සංගීතයක්,.සංගීතයෙන් ගීතය යටපත්වෙලා නෑ

      Delete
    6. ඒ විශිෂ්ට සංගීතය ලයනල් අල්ගම මහතාගේ.
      පද සුනිල් ආරියරත්නයන්ගේ.

      Delete
  5. ///හමුවීමක් නොමැති නම් වෙන්වීමක් නොමැත ....හමුවූ සැවොම වෙන්වී යායුතුය ...ආවොත් යා යුතුය ...නොගොහින් යලි එන්නට බැරිය....///

    මාත් යාමට සැරසිලා ...අවසන් කොමෙන්ටුවත් ඔන්න අතෑරියා ..

    අයියේ මාතලන් සින්ඩියේ ඉමේජ් එකේ එඩිට් ගිහින් "shrink to fit" කියන එකට ටික් එකක් දාන්න ,, දැන් ඉමේජ් එක පාරට වැඩි.... බායි

    ReplyDelete
    Replies
    1. /මාත් යාමට සැරසිලා ...අවසන් කොමෙන්ටුවත් ඔන්න අතෑරියා ../

      :o

      Delete
    2. අවසන් කොමෙන්ටුව කිව්වේ ..ආපහු එනකං නේ...සුබ ගමන් නංගී ...have a safe journey ....good luck...

      මාතලන්ගේ ඉමේජ් එකත් මාතේ වගේමයි ..කියන දෙයක් අහන්නෙම නෑ ..ඕක ක්ලික් කරලා තියෙන්නේ .එත් ඔහොම තමයි වැඩ ..බායි ..නැවත එන්න ඉක්මනට

      Delete
  6. අද එක්කෙනෙක් බොහොම හැඟුම්බර වෙලානේ...:)

    මේකට තමා ඉතින් සමාන්තර විශ්ව තියෙන්නේ...:D

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ ....හැඟුම් බර වුනාම තමයි මෙහෙම ඒවා ලියවෙන්නේ ...
      මේ සමාන්තර ලෝකෙට යන්න ලැස්තිවෙන ගමන් ,

      Delete
    2. ඇයි මෙතන තිබුණු කමෙන්ට්ස් මැකුවේ? ඒවා තියෙන්න අරින්නයි තිබුණේ මොකද ප්‍රශ්නයක් තියේ නම් විසඳා ගන්න එපායෑ?

      කමෙන්ට් කපන්න ගියාම ඔහේ ඉවාන් පවුලූෂා නොවෙයි ඉවාන් ද ටෙරිබල් වගේ නේ!

      ;-)

      Delete
    3. මොකද්ද මේ කතන්දරේ? මොනාද අවුල බං?

      Delete
    4. @ කකා - හේ හේ මං එයාලට කිව්වා අනේ ළමයි නේ ඔන්න් ඔය පුරස්න ගෙවල් වලට ගිහිල්ලා විසඳගනිල්ලා මේක අපේ ගෙදර නොවැ.. අපේ ගේ අස්සේ ඔහෙලා රණ්ඩු වෙනකොට මිනිස්සු මටයි පද හදන්නේ කියලා :D

      "ඉවාන් පවුලූෂා නොවෙයි ඉවාන් ද ටෙරිබල් වගේ නේ" හේ හෙහ් එකත් මාරු කෑල්ල "ඉවාන් ද ටෙරිබල්" නියමයි (y)

      Delete
    5. @ ඉන්දික - මුකුත් නෑ මචෝ .. හෙහ් හෙහ් හෙහ්

      Delete
    6. @කකා,

      මට නම් එයාව පේන්නේ ' Ivan III the Great ' වගේ...:D

      Delete
    7. තෝ මම දාපු කොමෙන්ට් දෙකක් මැකුවා ...පර බල්ලා ,මේකත් මකලා තිබ්බොත් තොගේ අවසානේ . තොපි වගේ ලාබෙට ඉන්ටනෙට් ලැබිච්ච පරයි හින්දා තමයි මේක නැතිවුනේ . වැදගත් මිනිහෙකුට යමක් ලියන්න බෑ..වැදගත් කෙල්ලෙකුට යමක් ලියන්න බෑ පස්සෙන් කැරකෙනවා .....මේ හුත්ටිගේ පුතෝ තෝ දැනගන් තොට ලියන්න බැරිබව , මේ එක එක පකයි උඹව උස්සලා තිබ්බම පොර කියල හිතේ

      Delete
  7. ///වෙන්වී ගියත් හුරුපුරුදු ගහකොළ,මල්, මංමාවත් දකින දකිනා වාරයක් පාසා ඒ සොඳුරු මතකයන් ..හදවත් අඳුරු කරනවා /// ඒකනම් ඇත්ත :)

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි ...සසිඳු මලයා බොක්කෙන්ම දාපු කොමෙන්ට් එකක් වගේ පෙන්නේ මේකනං ...

      Delete
    2. @ ප්‍රියා - බලපන් මම බොරුද කිව්වේ .වෙනදා තුන් හතර සැරේ ඇවිත් පඩත්තල කතා කියලා යන එකා අද පැත්තේ ඇවිත් නෑ.. ඌට බොක්කටම වැදිලා තියෙන්නේ ..අනන් අරෙහෙ ගල් බාගයක් ගෙනත් තියන තනියම ගහනවලු

      Delete
  8. හ්ම්ම්.... පොඩ්ඩක් ඉදිං ...මමත් යනවද...නැත්නම් .... ?????????

    ReplyDelete
    Replies
    1. කොහෙද කෙන්ජයියේ යන්න හදන්නේ ....?

      Delete
  9. කොපමණ තාක්ෂණ මෙවලම් තිබුනත් මුහුණට මුහුණ බලාගෙන කරන කතා බහක් වගේ නැහැ ඉවාන්

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත කෝරලේ ...පෙම්වතුන්ට නම් කොහොමත් නෑ

      Delete
  10. මේ ගීතය අදයි දැක්කෙ.මීට කලින් රස විඳලා නැහැ.ස්තුතියි ඔබට............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබටත් ..ඒ කියන්නේ ගී පවුරේ කුරුටු ගාලා නැති ගීතත් තව තියෙනවා ...ආඩම්බරයි නොවැ ...ස්තුතියි කුරුටු ගෑ ගී පවුර

      Delete
  11. සෝමතිලක් ජයමහ මා ඉතාමත් ආස කරන ගායකයෙක්..
    මේ ගීය කලින් ඇහුනාට ඇහුවේ අදයි...
    ලස්සන විවරනයක්..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ ස්තුතියි ඔබටත්..ඔහුගේ අලුත් ඇල්බමයේ තවත් සුන්දර ගීත කීපයක්ම තියෙනවා

      Delete
  12. මේ පද ටික නම් හිතට වැදුනා.......

    ''අවසාන සැදෑ සක්මන
    නොදැනිම ගෙවුණු ඉක්මන
    දැන් වෙන්ව යන්න කාලය අපි අපෙන්
    යලි හදා ගන්න බැරිවුණු සිත් අරන්''

    ලස්සන සිංදුවක් ගෙඹිලුසා මම කලින් අහලා තිබුනේ නෑ....තැන්කියු වේවා!

    ReplyDelete
    Replies
    1. ඒ මොකද ඒ පද ටික විතරක් හිතට වැදුනේ ....? අනේ පලයන බං යන්න ගෙම්බියෝ අහන සිංදු...හිකිස්...තැනකුයි ශානු

      Delete
  13. ස්තිතියි "ගායනයක්" රසවිඳින්ට ! ලබාදුන්න‍ාට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුණසිංහ ,මේ පැත්තේ ආවාට ගීතය රසවිඳින්නට ....

      Delete
  14. ඔෆීසියෙ ඒකිලව විශ්වාස කරන්න බැහැ බං .... තමං ගෙ බොක්කෙ ලව වගේ....
    හතරයි කාලට අපේ නළලට උම්මා දෙන එකී ...බඩ දෑතින් බදාගෙන බයික් එකේ ගිහිල්ල 4.35 වෙද්දී වැල්ලවත්තෙ රැලි පාගන්නෙ වෙන බුවාලා එක්ක...
    දුක තමයි කොල්ලො ....
    තනමල් විල අතේ ඇලෙන දළුවලින් ඔතපු එහෙක දුම්රසය විද විද අහන්න තමයි ඔහොම වුනොත් වෙන්නෙ ..

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි හරිම සංතෝසයි කාලෙකට පස්සේ ඔරිගීනල් කෙන්ජා කොමෙන්ට් එකක් දාලා ..ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඔරිජිනල් කෙන්ජිස්ටයිල් එකක් දැක්කමයි.
      දුක තමයි අප්පා..හැබැයි බුදු අම්මේ මං නම් මේ ඔපීසියේ කෙල්ලෝ ගැන නෙවෙයි කිව්වේ හොඳද?

      Delete
  15. Replies
    1. මෙලෙස නිවරද කරන්න

      1. දැන් නික්ම යන්න කාලය අප අපෙන්

      2. නැතිවුනේ අපට අපමය

      3. කාලය යයි අප පසුකොට

      (සින්දුව අහලා නොවෙයිද පද ටයිප් කෙරුවේ?)

      Delete
    2. මටත් ආව ඔය ගැටලුව ....
      කොහොමත් ඔබ අපිට වඩා විමසිල්ලෙන් ඉන්න නිසා වේලපහම තේරිල ...

      Delete
    3. මෙහි ඇති පද පේලිය බලාගෙන මාත් අමරසිරි එක්ක සින්දුව කියන්න ගියාම තමයි නොගැලපීම අහුවුණේ.

      මං හිතන්නේ සමහරු බයිට් යන නිසා යු ටියුබ් ක්ලිප් එක එක බලන්නේ නෑ.

      මට ආපු ප්‍රශ්නය ඉවාන් ට වැරදුනේ කොහොමද කියන එකයි.

      මං කලින් දවසක ලිව්වා "අහෝ ඇගේ බෙල්ල! එය තක්ෂිලාවෙන් ගෙනා සේලයක් වැනිය" කියා කතන්දරයක්. මෙන්න ඒක.
      http://kathandara.blogspot.com/2011/05/oh-shit-her-neck-looks-like-long-cloth.html

      ඒකේ තියෙන කේස් එක මීට වඩා සිය ගුණයක් අවුල්.

      Delete
    4. //මෙහි ඇති පද පේලිය බලාගෙන මාත් අමරසිරි එක්ක සින්දුව කියන්න ගියාම තමයි නොගැලපීම අහුවුණේ.//

      කවුද මේ අමරසිරි?

      Delete
    5. @ කකා - ස්තුතියි කකා සියල්ල නිවැරදි කරා ....සිංදුව අහලා තමයි ටයිප් කෙරුවේ ..එත් කකා මේ වගේ දේවල් ලියන්න යනකොට ලියවෙන්නේ හිතේ තියෙන දේනේ ..:D එකයි කෙස් එක

      හැබෑටම කවුද මේ අමරසිරි ...මේ සින්දුව කියන්නේ සෝමතිලක ජයමහ ..

      Delete
    6. @ කෙන්ජි -ඉතිං කලින් කියන්න එපයි කෙන්ජයියා ....

      Delete
    7. @ තිසර - ඒක තමයි මටත් ප්‍රශ්නේ ..?

      Delete
    8. සෝමතිලක නේන්නම්! දෙන්නම තට්ටයෝ නේ, පොඩ්ඩක් ටැපලිලා!

      Delete
    9. කකා කියන්න හැදුවේ 'තුන් දෙනාම' කියලා නේද? :D

      Delete
    10. හරියට හරි තිසර තුන්දෙනාම තුන්දෙනාම :D

      Delete
  16. ලන්කාවෙන් පිට ඉන්නකොට කොච්චර හොන්ද දෙවල් අපිට මග හරෙනවද අප්පා....

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මඩ ගොළුබෙල්ලෝ වාගෙද බං ඔහේ උඩින් ගහක් දෙකක් වැවුන චුට්ටන් කඩරොඩු මල්

      Delete
    2. @ මැලේ රාල - එකනේ කියනේ දැන් බලපන් උඹට අපි වගේ සිරා ඩයල් ආශ්‍රය කරන එක මගෑරිච්ච එකම දුකක් නෙවෙයි ද කියලා ...:D

      Delete
    3. කෙන්ජයියා - ඒ මොකෝ පික්ෂු කියන්නේ ..බලන්න ඔයාට වුනත් අපි වගේ බුලට් පොරවල් ආශ්‍රය කරන්න ලැබෙන්නේ නෑනේ ..

      Delete
    4. @ ඇනෝ - මොකක්ද බං ඒ කිව්වේ ...?

      Delete
  17. මමත් මේ සින්දුව කලින් අහලා තිබුනේ නෑ.. හිතට හුඟක් දැනුන සින්දුවක් ..

    // හමුවීමක් නොමැති නම් වෙන්වීමක් නොමැත ....හමුවූ සැවොම වෙන්වී යායුතුය ...ආවොත් යා යුතුය ...නොගොහින් යලි එන්නට බැරිය.... // ජීවිතේ නවාතැන් පලක් නිසා කවදාක හරි අපි හැම කෙනෙක්ම වෙන් වෙනවා ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි ..සහතික ඇත්ත

      Delete
  18. අදමයි මේ සින්දුව ඇහුවේ.. අපුරුයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මොනරි ...එක නෙවෙයි කෝ අපේ ධාරා නගා

      Delete
    2. ධාරා කියනවා ආයේ බ්ලෝග් ලියන්න බෑ ලු.. කම්මැලි වෙලා එයා :(

      Delete
  19. මම නම් ඔය සින්දුව ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. නමුත් වෙන්වීම ගැන දන්නවා. එක අතකට ඒ වෙන්වීම් වල එක්වීම් වලටත් වඩා සදාකාලික රසයක් තියෙනවා කියලත් මට වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. "ඒ වෙන්වීම් වල එක්වීම් වලටත් වඩා සදාකාලික රසයක් තියෙනවා කියලත් මට වෙලාවකට හිතෙනවා." ඒ කතාවෙත් ලොකු අත්තක් තියෙනවා කියලා මටත් සමහර සිද්ධි මතක් වෙද්දී හිතෙනවා ඩුඩයියේ

      Delete
  20. මේක කලින් අසා නැත.. ස්තුතියි (මට) අලුත් සිංදුවක් ගැන කිව්වට ඉවාන්.

    //කැටි ගැසී හිඳීවිද // රැඳේවිද.. ?

    ReplyDelete
    Replies
    1. මේක ගහලා තියෙන්නේ උඹ පිටසක්වල ඉන්න කාලේ මචෝ එකයි උඹට අහන්න බැරිවෙන්න ඇත්තේ ..:D
      ස්තුත්යි චන්දන නිවැරදි කළා

      Delete
  21. මේ සිංදුවනම් මමත් අදමයි ඇහුවේ ඉවාන්.. උඹේ කතාවත් ඒකට නියමෙටම මැච් වෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචං ..හැබැයි මම දන්නා විදිහට සින්දුවත් උඹට ටිකක් මැච්වෙනවා ....:D

      Delete
  22. මේක කලින් අහලා තිබුණේ නෑ. දවල්ට අහන්නම් දැන් වෙලා මදි. මොනවා වුනත් ලස්සන් සිංදුවක් වගෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තම නිදහසේ අහන්න ඕනේ සින්දුවක් සුදීක... වෙලා තියෙන වෙලාවක අහන්න

      Delete
  23. මීට කලින් අහලා නොතිබුණු සිංදුවක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර ...සෝමතිලක ජයමහගේ අලුත් ඇල්බම් එකෙක් සින්දුවක් මේක

      Delete
  24. bokkatama wadinawa...niyami ( ubai, somatilakai denama )

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා මචන් ,මම ආසම ගායකයා සෝමතිලක ජයමහ

      Delete
  25. මමත් අහලා නැහැ බං මේක.
    මේ වගේ තවත් සින්දු කොයි තරම් තියේද?හැබැයි ඒ හැම එකක්ම එකකට එකක් වෙනස් රස.

    ReplyDelete
    Replies
    1. මේ අලුත් ඇල්බම් එකේ සින්දුවක් මචං , තව තියෙනවා .. විරහ දුකින් පෙලේනම් සෝමතිලක ජයමහගේ අලුත් ඇල්බමයේ සින්දු අහන්න

      Delete
  26. කවදා හෝ ආයෙත් දකින්න ලැබෙයි, කථා කරන්න ලැබෙයි කියල යන්තමින් හරි හිතන්නවත් ඉඩක් තියෙන වෙන්වීමකට වඩා, ආයෙත් ජීවිත කාලෙ පුරාවට කිසිම දවසක (හීනෙන් මිස) දකින්න, කතා කරන්න ඉඩක් නැති වෙන්වීමක දුක දරාගන්න එක තරම් අමාරු දෙයක් මේ ලෝකෙ තවත් නැතුව ඇති....
    අහපු නැති ගීතයක් ඉවාන්...මගේ ගීත එකතුවට අද ඉඳන් මේ සිංදුවත් එකතු උනා

    ReplyDelete
    Replies
    1. අනිවා චාම්ස් ..ස්තුතියි .පුළුවන් නම් සෝමතිලක ජයමහ ගේ අලුත් ඇල්බම් එකෙක් සින්දු ටික ඔක්කොම අහන්න .ආයේ සුපිරියි .

      Delete
  27. ජයමහගේ හැම සින්දුවකටම මම ආසයි මේ සිංදුව නං ඇහුවමයි.වෙන්වීම හරි ශෝකජනකයි ඉවාන් සමහරවිට දරාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හැලපයියාට ඉතින් වෙන්වීමේ ශෝකය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...ඇත්තටම මගේ ප්‍රියතම ගායකයා තමයි සෝමතිලක ජයමහ ...

      Delete
  28. මේක අළුත් සින්දුවක් වගෙයි..සෝමතිලක ජයමහගෙ පරණ සිංදු ටික නම් සේරම වගේ තියෙනවා..මගේ ෆේවරිට්ම එක තමයි..සැඳෑ අඳුර ලොව වැටෙන වෙලාවට.. තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් වෙනි අයියේ අලුත් සින්දුවක් තමයි , සෝමතිලකගේ අලුත් ඇල්බම් එකේ.. එකේ මාරු සින්දු ටික තියෙනවා. පුළුවන් නම් හොයාගෙන අහන්න ....

      Delete
  29. බොහෝම හැඟීම්බරයි පවුලූෂා මලේ.... උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳුන් අයියා .....ඔබටත් ජයම පතමි.

      Delete
  30. අලුත් සිංදුවක්ය කීවා........ ඒත් බැලුව මෙයාගෙ මං අහල නැති එකක් මේ කොහෙන්ද කියල... අදම බාගන්නව...
    මං අද වෙනකං කැමතිම සිංදුව තමා මුතු කුඩ ඉහලන මල් වරුසාවේ...
    ඒකට ගහන්න පුළුවං වෙයිද බලමු

    ReplyDelete
    Replies
    1. අහලම නැති සිංදුවක්... සෝමතිලක ජයමහගෙ හැඟීම්බර කටහඬත් එක්ක ඒක දැනෙන්නවා වැඩියි...

      Delete
    2. සොරි මහේෂ්... වැරදි තැනකින් උඩ කමෙන්ට් එක වැටුනෙ... මට මෙතැන කියන්න ඕන උනේ මේකයි... ඔය 'මුතු කුඩ ඉහලන' සින්දුවට මාත් හරිම ආසයි... ඒක අහනකොට හිතෙනවා රෝහණ වීරසිංහට තව කොච්චර සින්දු කියන්න තිබ්බද කියලා...

      Delete
    3. @ මහේෂ් - ඒ සින්දුව මරු ..මාමත් ආසම සින්දුවක් ..හැබැයි මම ආසම ගායකයා සෝමතිලක ජයමහ

      Delete
    4. @ මියුරු - ඇත්තටම රෝහණ වීරසිංහයන් ගීත රසික රසිකාවියන්ට කරේ අසාධාරණයක් බව මටත් හිතෙනවා .ඔහු තව බොහෝ ගීත කිවයුතු කෙනෙක් බව මගෙත් හැගීමයි

      Delete
  31. මගේ හදවතේ පැත්තක් අයිතිකරගත් ගායකයෙක්...ඒත් මේ ගීය ඇහැව්වෙ අද.

    "අපි ආයෙත් හමු නොවුනා නම්
    ඉස්සර දවසක මියගිය සෙනෙහස
    යලි ඉපදී මා හද හඬවන්නට
    අපි ආයෙත් හමු නොවිනානම්"...........!!!!

    වෙන් වීම සොඳුරු නොවුනත් හමුවීම තරම් දුකක් නොවේ...! මෙවන් වූවිට.

    ReplyDelete
    Replies
    1. "මගේ හදවතේ පැත්තක් අයිතිකරගත් ගායකයෙක්" මගෙත් ඉස්කෝලේ යන කාලේ ඉන්දන්ම් අද දක්වාම එකවිදිහට කැමති ගායකයෙක් මම නම් ..ඔය කියන් ගීතයත් මාරයි. ඇත්තටම විරහ ගීනම් සෝමතිලක

      Delete
    2. ඔබ නාදුනනා විරහ වේදනා පෙරදා වින්දේ මා පමණයි....
      දිගු කලකින් හමුවී සෝ ලතැවුල් අදත් විඳින්නේ මා පමණයි..

      Delete
  32. මේ සිංදුව ඇහුවමයි ඉවාන්..ලස්සන හිතට වදින සිංදුවක්..ගායකයා ගැන කතා කරනවානම් ඉතින් ප්‍රබුද්ධ ගනයේ කියල තමයි කියන්න තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ආයේ නෝ වර්ඩ්ස් ..උමේෂ් ...කියන දෙයක් නෑ කොලිටිය ගැන

      Delete
  33. පුදුමෙකට වගේ මම මේ සින්දුව අහල නෑ. ගොඩක් වෙලාවට අපෙ හිත් වලට සිංදු සමීප වෙන්නෙ අත්දැකීම් එක්ක කියලයි මට නම් හිතෙන්නෙ. මේ සිංදුව නිසා මට මීට අවෘද්දකට කලින් දිනයක් මතක් උනා. තාක්ෂනේ කොච්චර දියුනු උනත් ඒ නගර වලට නේ. අපේ වගේ ඩොටේ කැලෑ වලට ඒකෙ පිහිටත් නෑ නේ. කොහොමත් ඉවාන් කීව වගේ තාක්ෂනේ තිබ්බ කියල හැගීම් දැනීම් ඒ විදිහටම සංනිවේදනය වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං තාක්ශනෙට බෑ හැම හැගීමක්ම ඒ විදිහට දෙන්න. අවුරුද්දකට කලින් මේ වගේ දවසක් උදාවුනා ඒ කියන්නේ ..ජීවිතේ ඔහොම තමයි

      අපි සමහර වෙලාවට සමහර දේවල්වලට කොච්චර ආදරේද කියලා කවුරුත් දන්නේ නෑ .. ඒ හෙම වුනාම සමහරවිට අහිං නොදක තිබ්බත් ඈත්වෙන්න හරිම අමාරුයි.. එත් සමහරවෙලාවට අපි නොහිතන බාහිර බලපෑම් නිසා වෙන් වෙන්න සිද්ධ වෙනවා ...
      එතකොට අමාරුවෙන් හරි ඒ දේවල් විඳදරා ගන්න වෙනවා

      Delete
  34. මම නම් මේ සිංදුව අහලා නෑ.. අහලා බලන්ඩ ඕන.

    ReplyDelete
    Replies
    1. අහලා බලන්න හැබැයි අහලා අඬන්න එපා

      Delete
  35. ඉවාන් අපේ හිත් තවත් මෙව්ව කරන්න එපා මේ වගේ එව්වා දාලා...:-)

    නියම සිංඳුවක්....කලින් අහලා නෑ..

    ReplyDelete
    Replies
    1. මගෙත් හිත මෙව්වා වෙලා බං තියෙන්නේ ...කොහෙද ඉතින් කාට කියන්නද?

      Delete
  36. කනගාටුවට කාරනාව ඉවාන් දැන් සින්දු අහන්න වෙන්නෙ නැ.ඇහුත් තමයි.සොමතිලක මහතාගෙ සින්දුවක් නම් ඉතින් කියල වැඩක් නැ.මුලින්ම අහල ඉන්න ඔන.

    ReplyDelete
    Replies
    1. අහලා ඉඳපං ඇහුවට පසේ මට වගේ උඹටත් අඬ අඬ ඉන්න පුළුවන්

      Delete
  37. පුදුම සුන්දර ගීතයක්. මම කලින් අහලා තිබුනා. ඒත් උඹේ විස්තරය කියෙව්වට පස්සේ සින්දුවට තිබ්බ ආසාව දෙගුණ උනා

    ReplyDelete
    Replies
    1. එහෙම වුනානම් සන්තෝසයි තිලකයියේ .. දන්නවනේ සමහර වෙලාවට මේ වගේ දේවල් ලියනවා නෙවෙයි ලියවෙනවා

      Delete
  38. //හමුවීමක් නොමැති නම් වෙන්වීමක් නොමැත ....හමුවූ සැවොම වෙන්වී යායුතුය ...ආවොත් යා යුතුය ...නොගොහින් යලි එන්නට බැරිය....// හ්ම්.... නෝ කොමෙන්ට්ස් :(

    ReplyDelete
    Replies
    1. නෝ කොමෙන්ට්ස් :( තමා ......සමහර වෙලාවට හිතෙනවා හමුනොවී හිටියනම් හොඳයි කියලා

      Delete
  39. යස රස වින්දනයක් !

    ReplyDelete
    Replies
    1. රස විඳීම නෙවෙයි දුලා "දුක (රස) විඳීම "

      Delete
    2. දුකේත් එක්තරා විදිහක රසයක් තියෙනවා , හැබැයි ඒක කොයි විදිහේ රසයක්ද කියල කියන්න අමාරුයි....

      Delete
    3. ඇත්ත සොන්යා .....හැඟුම් සියල්ලම වචන වලට පෙරලීම හරිම අසීරුයි ...සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  40. අදමයි සිංදුව ඇහුවෙ.සුපිරි!
    //නැතිවුනේ අපට අප මිස මේ ලොවට නොමැත එහි දුක//

    ReplyDelete
    Replies
    1. Sasha - තැන්කිව් වේවා සශා --- නාඩන්න ඉතින් නොසලා කඳුළැල් ...

      Delete
  41. මචන් මේ ලිපිය මම හුඟක් රස වින්ද.ඇත්තටම මේ වගෙ එකක් මාත් දාන්නයි හිටියෙ. මම හිතන්නෙ වෙනස්වීම තමයි මේ විශ්වයෙ පරම සොභාවය.සියළු හැඟීම් අපේ සිත් වල ඇදෙන ඡායාවන් විතරයි.අපේ සිතිවිලි ඇත්තටම අපේ නොවෙයි.ඒත් අපි ඒව අපේ කියල හිතනව.අන්න ඒ මිරිඟුවටයි හැමෝම අහුවෙලා ඉන්නෙ.සියල්ල අපෙන් වියුක්තයි බන්.ආදරේ කියල මල ඉලව්වක් නෑ බන්.හැම බැඳීමක්ම සිත්වල ඇතිවන මතකයන් විතරයි.කිසිම දෙයක් අපේ කියල අල්ල ගන්නෙ නැතිව ඉන්නවනම් දුකක් නෑ.කොහොමටත් දුක් අතරින් ලොකුම දුක තමයි විරහ දුක.අපි අපේ සිත් දියුණු කර ගන්න ඕන අවිද්‍යාව තේරුම් ගනිමින්.මම ලඟදිම දාන්නම්කො ධර්ම ටෝක් එකක්

    ReplyDelete
    Replies
    1. "කිසිම දෙයක් අපේ කියල අල්ල ගන්නෙ නැතිව ඉන්නවනම් දුකක් නෑ" එකනම් ඇත්තම තමයි යකා ..ඒත් එක කොයි තරම් අමාරුද කියලා ඉතිං මම උඹට කියන්න ඕන නෑනේ..දාපන්කෝ බලන්න ධර්ම ටෝක් එකක් මට මේ දවස්වල උඹ ලියන ඒවා තේරෙන්නේ නෑ බන් සිරාවටම

      Delete
  42. දවසක උඹ දාලා තිබුනා හැලපයගේ එකේද කොහෙද උඹ කැමතිම සින්දුව කියලා සින්දුවක්.. මම ඒ සින්දුව ඇහුවේ එදාමයි... ඒ වගේම තමයි මේකත්... අදමයි ඇහුවේ...

    මගේ ගාව සී ඩී තියෙන්නේ බොහොම ටිකයි.. ඒත් සෝමතිලක ජහමහගේ එකක් තියෙනවා.. බොහෝම නිහතමානි ගායකයෙක්.. කොන්දක් තියෙන කළාකරුවෙක්.. ඒවා ගොඩාක් වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් හලපෙගේ බ්ලොග් එකේ .."වලා අතුල සිරි යහනේ " ගීතය අමරසිරි පීරිස්ගේ ....මේ සෝමතිලක ජයමහගේ අලුත් ඇල්බම් එකෙක් සිංදුවක් ...

      සෝමතිලකජයමහ ගැන කියලා තියෙන කතාව ගැන ආයේ කියන්න දෙයක් නෑ... කිසිම අනුග්‍රහයක් නැතුව සාමාන්ය් විදිහට ඉන්න වෙලා තියෙන්නේ ,එක එකාට කඩේ යන්නේ නැති නිසා. මෙච්චර කාලෙකට රූපවාහිනියට ඇවිල්ලා නැතුව ඇති දෙතුන් සරයකට වඩා,,

      Delete
  43. ඉවාන්.......නියම ගීතයක්නේ. සෝමතිලක ජයමහ හරි නිහතමානි පුද්ගලයෙක්. ගොබ්බයෝ උඩ පනින කාලේ මෙහෙම මිනිසුන් නිහඬව සිටීම පුදුමයක් නොවේ.
    සෝමතිලකගේ ගීත ඇහුවාම එක වෙලාවකට හිතෙනවා බොහොමයක් ගීතවල තනු එක වගේ නේදත් කියලා. ඒ මට ඇහෙන හැටිද දන්නේ නැහැ. මොනවා වුනත් උඹ අහන ගීත මමත් අහන්න කැමති වර්ගයේ ඒවා.

    ReplyDelete
    Replies
    1. ""බොහොමයක් ගීතවල තනු එක වගේ නේදත්......."" ඒ කතාවේ ඇත්තක් තියෙනවා අරූ අයියේ, මොකද සෝමතිලක ජයමහගේ මුල් ගීත බොහොමයක ගීත රචක, තනු නිර්මාණය සහ ගායනය තුනම සොමතිලකගෙමයි , බොහෝ විට පදරචනය නැතිවුවත් තනුව හා ගායනය සෝමතිලකගේ .ඒ නිසා එකම රටාවක් ඔහෝ ගීතවල තිබුනා , නමුත් මේ අලුත් ඇල්බමයේ ගීත ඊට වඩා සෑහෙන ඉදිරියෙන් තිබෙන බව කිව යුතුයි ..මම අහන වර්ගේ ගීත අහන එක ගැන මටත් සතුටුයි ....

      Delete
  44. මේ තේමාව ඉතාමත් සංවේදී. අප වෙසෙන සමාජයේ මා ඇතුලුව මේ අත්දැකීම විදපු බොහෝ අය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ඉන්නවා. මේ ගීතයෙත් අමුතු චමත්කාරයක් තියෙනවා. නමුත් මම ඉතාමත් ප්‍රිය කරන්නෙ බන්දුල විජේවීර ගායනා කරන සමුගන්න මෙහොතකට පෙර එක වතාවක් හිනැහෙන්න පෙරදා වගේ කියක ගීතයට...

    ලක්සර වෙබ් රේඩියෝව කරන්නෙ මගේ හිතවතෙක්..ලංකාවෙ ප්‍රවීණ රූපවාහිනී සහ ගුවන්විදුලි නිවේදකයෙක්...

    ReplyDelete
    Replies
    1. සිරා ...මේ ගීතයේ විතරක් නෙවෙයි සොම්තිලකගේ මේ ඇල්බමයේ ගීත හැම එකකම වාගේ අමුතු මිහිරක් තියෙනවා . ඔය සමුගන්න් මොහොතකට පෙර එක වතාවක් ගීතයත් පට්ට එකේ උපරිම .

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]