Monday, May 19, 2014

වරෙව් යකුනේ මෙන්න දොළ පිදේනි


අවුරුදු උත්සවේදී කතන්දර ගෙන් ලැබුණු කවිපොත කියවලා ඉවර වෙනකොටම ,තවත් පොතක් කියවන්න් අවස්තාව ලැබුනා , ඒ විතරක් නෙවෙයි ඒ පොත දොරට වැඩීමේ උළෙලේටත් සහභාගී වෙන්න ලැබීම ඉතාම සතුටට කරුනක්. පොතේ විශේෂත්වයක් තියෙනවා .ඒ තමයි පොත ලියලා තියෙන්නේ අපේ සහෝදර බ්ලොග් රචිකාවියක් වන නන්දිකා රණවීර සොයුරිය ...

හැමවිටම වාගේ නමින් කිව්වම අපි කවුරුත් නොදන්නා හැබැයි අන්වර්ථ නාමයෙන් හෝ බ්ලොග් අඩවියේ නමින් කිව්වොත් හැමෝම දන්න මේ උප සංකෘතියේ හැටියටනම් ඇය "තරු"

බ්ලොග් අඩවිය තමයි "තරු අරණ

පොතක් මුද්‍රණද්වාරයෙන් පිටතට ගෙනෙන මොහොත දක්වා කරන්නට ව කැප කිරීම ඒ හා සම්බන්ධයෙන් ක්‍රියා කල ඕනෑම කෙනෙක් දන්නා කරුණක්, කෙසේවෙතත් ඒ සියලු බාධා මැඩගෙන පිටු 376 කින් සමන්විත නවකතාවක් අප වෙත තිළිණ කරන්නට ඇය සමත්ව සිටිනවා .

අප නොදන්නවා වුනාට තරු අරණේ  තරු පරිඝනක තාක්ෂණ අංශයේ ලේඛිකාවක්

  • පරිගණක ඉඟි 
  • උසස්පෙළට තොරතුරු තාක්ෂණය
  • මයික්‍රෝසොෆ්ට් වර්ඩ් 2003 - පැය 24 න්
  • ප්‍රාථමික පරිගණක  - 1
  • මයික්‍රෝසොෆ්ට් වර්ඩ් 2010 
යන කෘතීන් රචනා කර තිබෙනවා ... 

ඉතින් එහෙනම් මේ නවකතාව මිලට ගෙන කියවා ගුණදොස් ඇය වෙත ලබා දෙන්න .. ගල් සහ මල් ද්විත්වයම සමසිතින් පිළිගැනීමට ඇය සූදානම් ... 

පොත දොරට වැඩීම ගැන සහ වැඩිපුර විස්තර මෙතනින් බලන්න .

එතනට ගොස් ඇයට සුභ පැතීමට අමතක කරන්න එපා ...

තරු අරණේ තරුට බ්ලොග් මිතුරන්ගේ සුබපැතුම් ............................!



79 comments:

  1. ස්තූතියි තොරතුරට... පොත හොයාගෙන කියවන්න උත්සාහයක් ගන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇයට දිරියක් වශයෙන් පොත අරගෙන කියවා අදහස් දක්වන්න

      Delete
  2. හදපිරි ප්‍රනාමය ඉවාන් අයියෙ. අනිවාර්යයෙන්ම කියවන්න උත්සාහ කරනවා විතරක් නෙමේ අර උඩින් කියපු විදියෙ ගල් මල් ප්‍රහාරයක්නම් අනිවා ැවනවාමයි හැක් හැක්

    ReplyDelete
    Replies
    1. පොතේ අන්තර්ගතය උඹට ඉතාම රසවත් වෙයි අනිවාර්යයෙන්ම

      Delete
  3. ඕ ගැන කලින් තරු එයාගෙ බොගේ කියල තිබ්බත් අපිට යන්න අවස්තවක් නැති වුණ හිංද යන්න බැරිවුණා...
    ඒත් පොත හොයාගෙන කියවන්නඕන

    ReplyDelete
    Replies
    1. වැව් ඉස්මත්තට දීපු උත්තරේම තමයි උඹටත් කියන්න තියෙන්නේ

      Delete
    2. මේක මට ගැටලුවක් පොත ගැනනම් නෙමේ ඉවාන් අයියෙ

      Delete
    3. එහෙනම් මොකක්ද බං???

      Delete
  4. පොත අරගෙන කියවනවා කියලා මුලදි හිතුණත් ඒකට අර පචකීර්තියාගේ සම්බන්ධයක් තියෙනවා කියලා කියෙව්වායින් පස්සෙ අදහස අත හැරලා දැම්මා.

    ReplyDelete
    Replies
    1. පොත කියවන්න අපේ සහෝදරියක් වෙනුවන්, ඒ මහතා පෙරවදන සපයලා තියෙනවා නමුත් පොතට සම්බන්ධයක් නෑ. ඔබේ අදහස් ඇයට දන්වන්නට පුළුවන් කිසිම සංස්කරණයකින් තොරවම

      Delete
    2. ඇනෝ කියන දේ ගැන මගේ අදහස:

      කීර්ති වැන්නෙකුගෙන් පෙරවදන ලියා දෙන්නට රචිකාවිය ඉල්ලා සිටියා නම් එයින් හැඟෙන්නේ ඇය ඔහු ගේ ජඩ මාධ්‍යවේදයට කැමති අයෙක් බවයි.

      ඒත් මං එනිසාම ඇයව හෝ ඇගේ මා නොකියවූ මේ කෘතිය විනිශ්චය කරන්න යන්නේ නෑ.

      නමුත් මට නං හිතෙන්නේ ඒක දේවදත්ත ගෙන් කමටහන් අරගෙන රහත් වෙන්න යනවා වගේ වැඩක් ය කියලයි.

      Delete
    3. මමනම් මේ අවස්ථාවේ බැලුවේ කීර්ති දෙස නොව තරු අරණ බ්ලොගය ලියන සහෝදර ලේඛිකාවගේ උත්සාහය දෙසයි, පොතේ අන්තර්ගතය පිළිඹඳ විවේචන තිබෙන්නට පුළුවන් , එකේම දේ සියල්ලන්ටම එකම ලෙස හොඳ නොවන්නට පුළුවන්, නමුත් කීර්ති දෙස සහ ඔහුගේ මාධ්‍ය භාවිතාව දෙස බලා අපේ සහෝදරියකගේ උත්සාහය විනිශ්චය කිරීම මට අනුව නම් සුදුසු ලෙස හැඟෙන්නේ නෑ .
      එසේනම් මෙහි ආරාධිත දෙසුම පැවැත්වූයේ මහාචාර්ය සෝමරත්න බාලසුරිය මහතායි, නරක පුද්ගලයෙකු නිසා යමක් නරක වනවානම් එහි විලෝමය සිදුවන්න බැරිද ?

      Delete
  5. මිලදි ගන්න පුලුවන් කොහෙන්ද? අපේ කෙනෙක් නිසා අනිවා හොයාගෙන කියවනවා.

    ReplyDelete
    Replies
    1. මෙය එලිදකින්නේ ගොඩගේ ප්‍රකාශනයක් ලෙස ගොඩගේ ප්‍රකාශන ඇති ඕනෑම පොත් සලකින් ලබාගත් හැකියි

      Delete
  6. මේ ගැන දැනගන හිටියේ නෑ පොත අරගන්නවා..... ස්තුතියි ඉවාන්

    ReplyDelete
    Replies
    1. නලින් අයියා එතන සිටිය යුතු චරිතයක් හැබැයි ...

      Delete
  7. ස්තුතියි ඉවා.. ගෙන්වගන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ගෙන්වගන කියවලා feedback එක ඇයට ලබාදෙන්න

      Delete
  8. ස්තූතියි පව්ලූශා...යකුනේ කියලා අඬ ගැහුවේ අපිටද? :D

    ReplyDelete
    Replies
    1. ඔයාට යකා කියනවද මෙයා මම....? "හාමිනේ මේ ඇහුනද" කියලනේ කියන්නේ... :D

      Delete
  9. MALLIYE, //KATHANDARAGEN LABUNA// KIWWE ARA KAKKA KIYANA BLOG KARUDA?
    EYA CHOO, PADA, JEE, JOKKU , PUKA WAGE DEWAL GENA LASSANA KATHA LIYANAWA.
    EYAGE KAI POTHETH THIYENNE EWA GENADA? KAI LIYANAKOTA NAM LIYANNE KAI PAHA, PAHA.

    ReplyDelete
    Replies
    1. එක කවිපොතක් ඇනෝ ..එකේ කවි ලියලා තියෙන්නේ වෙන වෙන අය ඕස්ට්‍රේලියාවේ ඉන්න . කකාගේ එක කවියයි තිබුනේ

      Delete
    2. කකාගේ නම ගැවෙන්නේ කොතැනද එතැන මේ කැපිටල් ඇනෝ අනේ බං වරෙන්කෝ අනිත් එවටත් උඹ එළ බුවෙක්නේ. අනික දැන් ඔය හැමදාම කියන වචන සැට් එක මාරු කරමු නේද?

      Delete
    3. අප්පට බොල කැපිටල් අංකල් අනිත් බ්ලොග් වලටත් එන්න අරං , ගින්දර නේ !!!

      Delete
    4. තතෝ නං දුක්ඛමංවේති – චක්කං'ව වහතෝ පදං!

      Delete
    5. THE RENNE NEHE. SINHALEN KIWWANAM.

      Delete
  10. පොත අරන් කියවන්න ඕන ,ඔත්තුවට ස්තුතියි

    ReplyDelete
  11. ලින්ක් එකට ගියා ස්තුතියි මග පෙන්වුවාට..

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ගිහින් සුබපතන්න ,දිරියක් දෙන්න

      Delete
  12. හිටහංකෝ මේ පාරවත් එග්සෑම් එක පාස් උනොත් ගන්නවා පොත.නැත්තං ඉතිං ආයේ පාඩං කරන්ඩ එපායැ බං

    ReplyDelete
    Replies
    1. ඉස්සරවෙලා විභාගේ කරපං මලයා දෙවනුව බැරියැ අනිත්වා

      Delete
    2. පාඩම් කරන අතරේ වෙනසකටත් එක්ක කියවපන්..හැබැයි මේකේ තියෙන ඒවා විභාගෙට ලියන්න ඔට්ටු නෑ

      Delete
    3. මමත් එහෙනම් විබාගෙන් පස්සෙම පොත අරන් කියවනවා

      Delete
    4. විබාගෙන්ද? විවාහෙන්ද ?

      Delete
  13. ස්තුති අයියේ, මේවගේ පෝස්ට් එකක් දාපු එකට ස්තුති

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ඕමා ..මේ පොතත් අරන් අර මාමණ්ඩි දීපු පොත කියවලා ඉවර වුනාම කියවන්න ... :D

      Delete
  14. ඉවාන් මල්ලිගෙන් මේ ලැබුණ සහයෝගයට ගොඩක් ස්තූතියි. මල්ලි ගාව පොත තියෙන නිසා මුලින්ම ලැබෙන ගල් හා මල් බාරගන්න බලාගෙ ඉන්නෙ. නැවතත් ස්තූතියි...!

    ReplyDelete
    Replies
    1. අපි අපි නේ අක්කේ .... මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි මේ අවස්ථාවේ කරන්න පුළුවන් දෙයක් විතරයි

      Delete
  15. Replies
    1. පොත බලන්න හැකියාවක් තිබේනම් බලන්න ඇයට සහයෝගයක් ලෙස

      Delete
  16. ඔබගේ සියලු තාක්ෂණික ගැටලු,නිරාකරණය කර ගැනීමට අදම අප හා එකතු වන්න http://lktips.com/discussions

    ReplyDelete
  17. හොයන් කියවන්න ඕන ඉවාන්. විස්තරේට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් කියවන්න හැකියාවක් තිබේනම් අගෙයි

      Delete
  18. තොරතුරු දැක්වූවාට ස්තුතියි. ගන්න පුලුවන් තැනක් හොයල බලන්නං.

    ReplyDelete
    Replies
    1. ගොඩගේ පොත් තියෙන තැන්වලින් ගන්න පුළුවන්

      Delete
  19. මං යකාත් පොත් නං කියෝනව බං,දහ අතේ කල්පනා කරන්නෙ කොහොමද ගන්නෙ කියලයි

    ReplyDelete
    Replies
    1. දහ අතේ කල්පනා කරන්න දෙයක් නෑ හැලපයියේ address එක මෙලක් දැම්මොත් මං අරන් එවන්නම්

      Delete
    2. ටැංකිව් ඉවාන් මල්ලි,උඹට පොත ගන්න යන ගාන වගේ දහ පහළොස් ගුණයක් තැපෑලට යාවි.ගෙදර උන්දැ හෙට අනිද්ද එනකොට ගෙන්නගන්න බලන්නං.

      Delete
    3. ඔන්න ඔහෙ එහෙනං කට්ටියම මෙතන ඇඩ්‍රස් එක විතරක් ලියල පලයල්ල. ආයි මොනාට කරදර වෙන්නද.

      මටනං ඇඩ්‍රස් නැති වෙලා ඉන්නෙ මේ දවස්වල.

      Delete
    4. දාන්ඩද රත්තරං ඇඩ්‍ර්ස් එක , :D

      Delete
    5. @ ඉන්දික - හුටා කෙලවෙන්නයි යන්නේ

      @ පත්තරේ - උඹට මොන ඇඩ්‍රස් ද

      Delete
    6. මගේ එකත් දෙන්නම් හොඳේ. පුස්තකාලයක්ම මේල් කලානම් හොඳයි. :D

      Delete
    7. ඔයාගේ එක ඉල්ලා ගන්න තමයි හිටියේ කොහොමත් , එහෙනම් එවන්න් බලන්න

      Delete
  20. ස්තූතියි මලේ තොරතුරට! ඇයට මම සුබ පතමි!

    ReplyDelete
  21. ස්තූතියි මලේ තොරතුරට! ඇයට මම සුබ පතමි!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුම් ඇයව දිරිමත් කරාවි සහෝ ස්තුතියි

      Delete
  22. හොඳයි මරදානේ ගිය වෙලාවක අරන් බලන්නම්.

    ReplyDelete
  23. තරුට සුභ පැතුම්.බොට් ස්තුතියි.පොතක් කියවපු කාලයක් මතක නැ.මෙකවත් අරගන්න ඔන

    ReplyDelete
    Replies
    1. අරන් කියවපිය ... බිබී ඉන්න වේලාවේ :P

      Delete
  24. ස්තූතිියි තොරතුරට..................... යන්නම් තරුගේ පැත්තටත්...................

    ReplyDelete
  25. දැනුවත් කිරීමට ස්තූතියි පවුලූශා...! ගිහින් බලන්නම්.

    ReplyDelete
    Replies
    1. බලලා මදි අරන් කියවපිය ..හැබැයි පොත උඹට වඩා ලොකුයි :P

      Delete
  26. දැනන් හිටියේ නෑ නොවැ... ඔන්න මගෙත් සුබ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. හා හා එතනට ගිහින් කියන්න

      Delete
  27. උඹට ස්තූතියි. මගේ අදහස එතන දැම්මා!!

    ReplyDelete
  28. හොඳ වැඩක් ඉවාන් . හිතවත් බ්ලොග්කාරියක් පොතක් ලිව්ව ආරංචිය සතුටක් . ඒ වගේ වැඩකට දයාබර තල්ලුවක් දීම අගේ ඇති වැඩක්

    ReplyDelete
  29. තරු පොත ලියන බවනම් මමත් දැන ගෙන හිටියා.. ඒත් ඉතින් කියවන්න පුළුවන් කමක් දැන්ම එන්නේ නැති එක ගැන නම් කණගාටුයි

    ReplyDelete
    Replies
    1. පුළුවන් වෙලාවක කියවන්න් දිනේෂ්

      Delete
  30. කීර්ති වර්ණකුලසූරිය නම අහපුවහම පොඩි විචිකිච්ඡාවක් දැනෙනවා. නමුත් කෙනෙකුට යම් දෙයක් උදෙසා මූලික අඩිතාලම දමාගැනීමේදි සිදුවෙන සමහර දේවල් වලට අනවශ්‍ය බරක් නොදී අමතක කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම පොත කියවලා සිටිය යුතුයි. ලබන මාසය වෙනකොට පුළුවන් වේවි.

    ReplyDelete
    Replies
    1. දැන් මේ උඹලා ඔක්කොම කතාකරන කීර්ති වර්ණකුලසූරිය කවුද කියලා ඇහුවොත් ගොං ප්‍රශ්නයක්ද? මට මතක් වෙන්නේම නෑනේ.

      Delete
    2. @ තිසර - ඔය මතයේ තමයි මාත් ඉන්නේ තිසර

      @ ඩූඩ් - කීර්ති වර්ණකුලසූරිය තමයි දිවයින පත්තරේට ආරක්ෂක කොලම ලියන්නේ , එයාගේ ලිපිවල ස්වභාවය ගැන නොයෙක් මත තියෙනවා , සාමාන්‍යයෙන් රජයට අතිශය පක්ෂග්‍රාහී ලෙස ලියනවා කියලා චෝදනාවක් තියෙනවා .

      Delete
    3. කීර්ති ගැන මට තියෙන්නේ රජයට අතිශය පක්ෂපාතීවී ලිවීම ගැන පමනක් අපුලක් නොවේ. කිසිම විමර්ශනයකින් තොරව කෙරෙන ඒක පාක්ෂික වාර්තා. කිසිම වැඩකට නැති ඉංග්‍රීසි වාක්‍යය උපුටා දැක්වීම් වරහන් තුල (ඒ සිංහල ලිවීම හොඳටම ඇති. ආපහු ඉංග්‍රීසියක් එතනට අවශ්‍ය නැහැ ) ඕක බොහෝවිට කරන වැඩක්. ඒ මොන හේතුවකටද කියලා දන්නේ නැහැ. බලන් ගියාම වෙන තැනකින් උපුටාගෙන එයාගේ විමර්ෂන වගේ ලියනවා. පිටරට මාධ්‍ය සංචාර ගැනත් අහලා තියෙනවා.

      Delete
    4. //""බලන් ගියාම වෙන තැනකින් උපුටාගෙන එයාගේ විමර්ෂන වගේ ලියනවා.""// මෙන්න මේ අඩු පාඩුව නම් කීර්තිගේ තදින්ම තියෙනවා , ඔහුගේ බොහෝ ලිපි අතිශයෝක්තියෙන් පිරිලා , ඒකනිසා ඔහු ගේ වාර්තා හෝ ලිපි සම්බන්දයෙන් විශ්වාසයක් කිසිවෙකුටත් නැහැ

      Delete
  31. මම ඒ අඩවියට ගිහිල්ලාවත් නැහැ බං.හොයා ගත්තොත් කියවලා බලන්නම්.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]