Tuesday, May 20, 2014

චූං පාන්

මෙන්න මල්ලි ගැනලා ගන්න 
පාන් තිහයි, බන් පනහයි, පේස්ට්‍රි හතලිස් නමයයි 
පහට වඩා ඉතුරු වුනොත් පඩියෙන් අඩු වෙනවා මල්ලි 
ඊයේ තුනක් ඉතුරුවෙලා මොකද පාන් ගන්නේ නැද්ද?
එහෙනම් ඇයි මොකද මල්ලි පේස්ට්‍රි විකිනෙන්නේ නැද්ද?

ත්‍රීවීල් එකේ චූං හෝන් එක තාමත් හැදුවේ නැද්ද?
හැදුව අයියේ ඒක නිසා තමයි උදේ රැයින් ආවේ 

මෙන්න මල්ලි නිව් අයිටම් 
මොකක්ද ඒ 
එග් බන් බං එග් බන් මේ 
ඕවා ඉතිං විකිනේවිද?
ඉතුරු වුනොත් පඩියෙන් යයි

උඹ ගැන එන ආරංචි දැන් එච්චර හොඳ නම් නෑ
මොකක් කිව්වා 
පුතෝ හොඳට මේ අහගන් 
ගිය මාසේ සර්විස් එක නොකර මාටියා ගැහුවද?
පෙට්‍රල් ටික හොරෙන් ඇදල විකුණන්නට හිතෙනවාද?
දන්නවනේ මුදලාලී යන්නට ආසද වැලිගං

ට්‍රින් ට්‍රින් ට්‍රින් ටොයිං ටොයිං
චූං පාන් හරි සද්දෙට

කියලා වැඩක් නෑ උදේම හොඳ බිස්නස් තියෙයි වගේ 
අම්මප මුගේ බඩේ සයිස් 
පාන් පහක්වත් ගනීවි
නොදකින් නෑ මූනේ කිසි හිනා කටක්
උදේම එන හැටි ඔරවන් බඩගෙඩියත් එළියේ දාන්
ළඟටම ගෙනවිත්දෙන මේ පාන්ගෙඩිය  ගන්න වුනත් 
හිනා පොදක් මූනේ තිබ්බානම් මුට මක් වෙනවද?

ගුඩ් මෝනිං සර් පාන් ,බනිස් පෙස්ට්‍රිත් තියෙනවා 

ගුඩ් මෝනිං හුහ් ඇටයා ...ගහනවා පොළොවේ අල්ලා 
කවුද යකෝ තොට කිව්වේ 
මෙතන පාන් විකුණන්නට 
තෝ උදේම මෙතන ඇවිත් පාන් විකුනලා ගියාම 
මගේ කඩේ තියෙන පාන් ,කන්නද බොල මම තනියම 
අදට තොගේ කකුල තමයි කඩන්නේ මේ දොර පොල්ලෙන් 
මීට පස්සේ ආවොත් හෙම සුදුකොඩි දානවා ගේ ළඟ
තොගේ ඔය ලොකු ත්‍රී රෝදය 
කරනවා වගේ විල්බැරෝව   

බුදු අම්මේ කකුල අනේ 
විසිවුණු පාරට බිම ඇනුනේ හොඳටම පස්ස මගේ 
කඳුළු පිරුණු ඇස් දෙකටම බොඳ වීලා වගේ පෙනේ
තුන් රෝදේ පිටිපස්සේ ලියු වැකිය

""දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී "'




127 comments:

  1. අද කාලෙ පාං විකුණන්නත් අහවල්ලුන්ගෙ පර්මිට් ගන්න ඕන . නැත්තං කේස් තමයි. අහවල්ලුන්ගෙ කෙනෙක් නං ඉතිං කවුරුත් මොකුත් කියන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. පාන් තියා ඉදිකට්ටක්වත් විකුනන්න බෑ අහව්ල්ලුන්ගේ අවසරය නැතිව . අවසරය තියෙනවනම් කුඩුත් වික්ක හැකි

      Delete
  2. හැබැයි ඉතිං මේක උඹට හොද රහට ලියනන් තිබුන කතාවක්.. ආකෘතිය වෙනස් උනාට රසේ වෙනසක් නැතැයි සිතමි.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා ... පොඩ්ඩක් ආකෘතිය වෙනස් කරලා බැලුවා

      Delete
  3. ඒකත් ටැක්සි රස්සාව වගේ ඊට දෙවෙනි නෑ වගේ. අද කාලේ හැම දේටම තරඟේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං. වැයික්කියෙන් පිට යාම තහනම් , නොගියොත් බිස්නස් නෑ, පඩියෙන් කපනවා ඉතුරුවුනොත්

      Delete
  4. අපේ පැත්තේ හැම පාරක්ම මේ චූන් පාන් ලා ආක්‍රමණය කළා. හැබැයි ඒ අවස්ථාවේ අදාළ ප්‍රාදේශීය සභාව ස්ථිර වෙළෙදුන්ගේ පැත්ත අරගන චූන් පාන් ලාට කොන්දේසි දැම්මා. ඒ මොනවා වුණත් ඒවා විකුණන්න එන එවුන් ගේ කඳුළ දැකපු එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් චූං පාන්ලා නිසා කඩ කාරයෝ තරහින් හිටියේ , අන්තිමට බැලුවම දෙගොල්ලොම අසරණයි , මුන් මහා පාන්දර තුනහමාරට හතරට සේවයට එන්නේ, රෑ ධය එකොළහ වෙනවා වැඩ ඉවර වෙනකොට , ඒ කරලත් ඉතිරි වුනොත් හුප්පේ

      Delete
  5. චූන් පාං සද්දෙට වටේම ඉන්න බල්ලෝ ටික ෆෝම වෙනකොට තමයි අාතල්...

    බල්ල උනත් එ්රියා එකෙන් පිට ගියාම බලුු වෙනවා.. හැමදේටම පොදුයි...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒරියා එකෙන් පිටට ගියොත් සබ්බුව තමයි , හැබැයි ඒරියා එක ඇතුලෙත් තරගේ ඕසේට

      Delete
  6. පාං චූං උනාට ජීවිතේ චූං නෑ බං

    ReplyDelete
  7. චූං පාන් සද්දෙ ඇහෙනකොටත් මගේ පපුව කුල් වෙලා යනව මල්ලි,උඹට එහෙම වෙන්නෙ නැද්ද ඈ .

    ReplyDelete
    Replies
    1. ඇත්ත හැලපයියේ, වෙලාවක් ලැබුනොත් උන්ගෙන් එකෙක් එක්ක කතාකරලා බලන්නකෝ ,වහල් වෙළඳාම තාම තියෙනවා කියලා හිතෙයි

      Delete
    2. මචං අපේ චුන් පාං මල්ලි කාරයා කියුවේ මෙහෙම සීන් එකක්

      පොරට ත්‍රීවිල් එක දීලා තියනවා , රෙපයාර් ලොක්ක කරනව , පෙට්රල් කොල්ල ගහගන්නව

      කැල්ලකට රුපියල් පහක් දෙනවලු , ඌ හැමදාම කැලි 500ක් විකුණනවලු ,

      ඌ හැමදාම ඔඩර් කරනවලු මට අරව මෙච්චරයි මේවා මෙච්චරයි කියල

      එහෙම බලනකොට නරක නැ වැඩේ

      Delete
    3. මේකයි සීන් එක ඔතන සියල්ලම නරක නෑ. එත් ලොකු බේකරි වැඩි හරියක් කරන්නේ සූරා කන එක. ඔය වගේ සාධාරණව කරන එවුන් ඉන්නවා , වැඩේ තියෙන්නේ කාලයක් යනකොට ඔය රූට් එකටම තව දෙතුන් දෙනෙක් වැටිලා පොරකන්න ගත්තම.
      දැන් කොළඹ නම් එකම පාරේ තුන හතර යනවා ඉස්සර වෙච්ච එකා දිනුම්. කලින් ගියා කියලත් වැඩක් නෑ. පුදුම කෙලියක්

      Delete
  8. අපේ පැත්තෙත් පට්ට පාන්දරට චූන් පාන් මල්ලිලා යනවා නෙව. වෙලාවකට ඒ අය ගැන දුකත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔව් බන් පාන්දර ඉඳන් මහා රෑ වෙනකන් නිදහසක් නැති රස්සාව , ඉතිරි වුනොත් පඩියත් ඉවරයි

      Delete
  9. බ්ලොග් එක අපේ සින්ඩියටත් දාන්න. අපේ ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. හා මචං,
      මීට ඉවාන් පවුලූශා

      Delete
    2. හැලපයියා උත්තරේ දීලනේ :D

      Delete
  10. ඉවාන් දැන් පානුත් විකුනනවද? පැණි පාන් ඇතිනේ. මට දෙන්ටකෝ ගෙඩි පහක් හයක් විතර....:D

    ReplyDelete
    Replies
    1. කෝ මට දාලා තිබ්බ උත්තරේ. පැණි පාන් ඉල්ලුවේ ඉවාන් පැණිලූශා හන්දා...

      Delete
    2. මිස් පාං ගෙඩි පහ හය කන්න පරිප්පු කිලෝ දෙක තුනක හොද්දකුත් එවන්ඩද ??

      Delete
    3. පැණි නැහ්ලු පොඩ්ඩියෙ,නිකං පාන් දෙන්නංලු,හාද.

      Delete
    4. @ පොඩ්ඩි - උත්තරේ පත්තරේ හොරකම් කරලා , මම ඔයාව කරකාර බඳින්න එනකොට පැණි පාන් ඇන්න එන්ඤඤන්

      Delete
    5. @පත්තරේ,

      ඔයාට පාන් ගෙඩි හයක් කන්ට පරිප්පු කිලෝ දෙක තුනක් ඕනිද? ඒ කියන්නේ පාන් පරිප්පු එක්ක කනවද? නැත්නම් පරිප්පු පාන් එක්ක කනවද? :D

      Delete
    6. පත්තරය වැඩිපුර කන්නේ පරිප්පු තමා

      Delete
    7. ඉවානයො ඔව් බං මං හොරකං කලා :D

      පොඩ්ඩි මිස් .. පත්තරය කොහොමත් කන්නෙ පරිප්පු තමා අටම කිව්ව වගේ .. ඒකත් සුලුවට නෑනෙ.. මහා පරිමාණෙන් ඉල්ලං කන්නෙ :D

      ආන්න අටමො. උඹයි මායි එක බෝට්ටුවෙ වෙච්චි.

      Delete
  11. චූං පාන් මල්ලිට රෑට නිදා ගන්නත් චූං පාන් මියුසික් එක නැතිව බැරිය කියලයි මට නං හිතෙන්නේ අර හංදිය මැද අත වන වනා විසිල් පිඹින රාලහාමි අය්යලා රෑට පුරුද්දට අත වන වනා නිදාගන්නවා කියනවා වගේ...

    ReplyDelete
    Replies
    1. හිකිස් ඒකනම් එහෙම වෙන්න් ඇති , උන්ගේ කන් ඇහෙන්නෙත් නැතිලු ඒ සින්දුව නැත්තම්

      Delete
  12. උන්ට කියවෙන නම චූන් උනාට උන්ගෙ ජීවිතේ දුක් ගිනි ගොඩක් බං.

    ඕවයෙ වැඩි හරියක් වැඩ කරන්නෙ ගම් වලින් එන අහිංසක කොල්ලො. පව්.

    වැඩිය නොදැකපු පැත්තක් පෙන්නුවට ස්තූතියි ඉවාන්.

    ReplyDelete
    Replies
    1. ඔව් බං ජීවිතේ චූන් වෙන්න උන්ට මේ කපේදී හම්බ වෙන්නේ නෑ ඒ තැන් වල වැඩ යන විදිහට

      Delete
    2. මං වගේ එකෙක් එලෙව්වොත් පොඩ්ඩක් හොඳට බලපං .. :D

      Delete
    3. ඒ මොකටද උඹ අහිංසකක් යැයි .. උඹ මදාවියෙක්නේ

      Delete
    4. මං මදාවි නෑ යකෝ , අපේ ඒරියල් එකේ ඕන කෙල්ලෙක්ගෙන් අහල බලපං මං කෝමද කියල..

      අනේ අර ලස්සන අයියද .. හරී හොඳයි අනේ කියයි.. අපිට චොකොත් ගේනව කියයි. ඕ යේස් ..

      Delete
    5. ඉතිං ඉතිං ...ඒ නංගිලාගෙන් "නයි කොච්චි"සාත්තුව එහෙම හම්බවුනේ නැතෙයි :P

      Delete
    6. නයි කොච්චි ??? වැඳලා පිලිගන්නෙ අපිව ඩෝ වැඳලා !!
      උඹලට තමයි අපි අගේ නැත්තේ.

      Delete
  13. නිකමටවත් හිතිච්ච නැති පැත්තක්. මම හිතුවේ චුන් පාන් වැඩේ ලේසි ඇති කියල.

    ReplyDelete
    Replies
    1. අපිට පෙන තරම් ලේසි නෑ මචන් ඒක, නම විතරයි චූන්

      Delete
  14. චූන් පාන් කාරයත් එක්ක තියෙන ඇරියස් එක පස්සෙ බලා ගම්මු. මට මතක් වෙන්නෙ සිංහරාජ අඩවියට පාලමක් කිායන පද්‍ය පන්තිය. හරිද මන්ද...... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ලජ්ජාවෙන් කියන්න වෙන්නේ ඒ කවි පන්තියනම් අහලා නෑ බං, ස්තුතියි

      Delete
    2. එහෙනම් එහෙම එකක් නැද්ද දන්නෑ

      Delete
    3. එහෙනං උඹ තියෙනවා කිව්වේ දැන් ....?

      Delete
  15. පාන්දරින් පාන් මාමා පාන් ගේනවා!

    https://www.youtube.com/watch?v=ijT11CJ12rU

    ReplyDelete
    Replies
    1. කුරුළු ලොවේ කුරුළු හඬට මා පිබිදෙනවා
      අඳුර මැකී දැන් ටික ටික එලිය වැටෙනවා
      "චූං පාන් සිංදුව" ළඟ ළඟම ඇහෙනවා
      පාන්දරම "පාන් මල්ලි" පාන් ගේනවා

      Delete
  16. ජීවිතේ දුකයි මස්සිනා . . . .

    රෝද තුනක් උඩ හීන ගොඩක්..

    ReplyDelete
    Replies
    1. හැබෑ වෙන හීන නෙවෙයි බං. සදාකල් හීන

      Delete
  17. දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී ///
    මේ කවියම අපිට කියන්නෙ ඒක... ඉවාන් අය්ය කොහොමත් දැනෙන්නම ලියනව නෙ...
    මේ පාර එකත් එහෙම්මම තමා.... පටේ පට්ට...

    හුගක් උං හිතං ඉන්නෙ මේක තමංගෙ අරක තමංගෙ මෙකට අරකට වෙන එකෙක් එන්න බෑ එහෙම කොහොමද මමයි පොර අරකද මේකද... ඒත් ඌ හිතන්නෙ නෑ නෙ අනිකගෙ බඩගින්න ගැන... ඔන්න ඔය වගේ සැට් එකක් ගෙනිහං දවස් දෙකක් කාන්තාරෙ මැද්දට ගොහිං අතාරින්න ඖන.... ලොවෙත් නැතිවෙන්න

    ReplyDelete
    Replies
    1. අනිකාගේ බඩගින්න ගැන හිතන්න තරම් මිනිස්සු සංවේදී නෑ දැන්. තමුන්ගේ බඩගැන විතරක් හිතන රටාව තමයි දැන් හුරු

      Delete
    2. නූතන ආර්ථිකය නූතන සේරිවාණිජ ලව යොමු කරල තියෙන පැත්ත නෙව...
      කා ගාව වත් මනුස්සකමක් නෑ

      Delete
  18. මේ ලගදි දවසක නාලිකාවක ඇහැව්ව පා දේශීය සබාවෙන් එපා කියල තියෙද්දිත්.....ඔය හඩ දාගෙන ...නවත්වාගෙන විකුනනවලු අයියලට කප්පං දිදී.....ඉස්කෝල ලග ටවුං වල....

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් කොහොමත් නීතියක් කියලා දෙයක් නෑනේ ඉතිං

      Delete
  19. ඔය චුන් පාන් කියන නම් ලන්කාව පුරාම හැම සමාජ තලයකම භාවිතා වෙනව නේද.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නේ කියන තරම් චූන් එකක් ඔය වාහනේ අරන් යන එකාට නැති එකයි

      Delete
  20. සිකුරිටියාගෙ කතාව ලියපු ඉට්ටැයිල් එකට තව එකක් ලියල. කවුරුත් නොදකින පැත්තක්. ඔය චූන් පාන් සද්දෙ ඇහෙද්දි අපේ බල්ලට මාර චූන්! උඩ පැනගෙන දුවනව ගේට්ටුව ගාවට අපිවත් ඇදගෙන. :D

    ඒ උනාට මේකෙන් ලස්සන කතාවක් ගොතන්න තිබ්බ පවුලූශෝ.... සිරාවට!

    (කොහෙ කතා ලියන්නද නේ බං අර අලිය පස්සෙ යන්න එපැයි මෙමරි කාර්ඩ් එක ඉල්ල ගන්න!! එච්චර බිසී වෙලා ඉද්දිත් උඹ මෙහෙම ලියපු එකම මදැයි! :P)

    ReplyDelete
    Replies
    1. ඔය චූන් පාන් සද්දෙට කොහොමත් වැඩියම හුරු ගෙවල් වල ඉන්න බල්ලෝ තමයි

      අලියා...? හුහ්. උඹ කන්න හදන්නේ බස්සි කෑමක් ආයේ ශානුවාට උන හැදෙන්න

      Delete
    2. අනාආආආආආ....... මෙයාට අලිය කියල කිවුවත් ඇති තදවෙනවා.
      (@රහසින් : අලියට ගස්ලබු ටිකක් කන්න දීපන් මන් කියනවට! ඔච්චර මාන්සි වෙන්න ඕන නෑ...)

      Delete
    3. ඇඩෝ උණ ගැනෙන්නේ බොට....බස්සියා මම අලියා බීම බෝතලේට ගහපු සුප්පු බෝතලේ ගෙනාආආආ...... අලියා හු..

      Delete
    4. @ බස්සි - උඹට තමා දෙන්නේ ගස්ලබු ...කොට බස්සි

      Delete
    5. ආ උඹ ආවද අලි ශානුවා ...උඹට දෙන්න ගෙනත් තියෙන්නේ කිතුල් කොළ

      Delete
  21. චුං නැති චුං පාන් ...ඒ උනත් මං අහලා තියෙන කතා වෙනස් ඈ .......

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති ,මමං කියන්නේ බේකරිවල පඩියට වැඩකරන, චූං පාන් එලවන ඩ්‍රයිවර් මල්ලිලා ගැන

      Delete
  22. චුං පාන් ගේන ත්‍රී වීල් මම දැක්කේ ගිය අවුරුද්දේ ලංකාවට ආව වෙලේ...හැබැයි මේ කියනකම් මන් මේ දේවල් දැනන් හිටියේ නෑ......අපේ අම්මා නම් දෙයියනේ කියලා චුං පාන් ළමයගෙන් මදි නොකියන්න කෑම ගන්නවා .... දුක තමා බන් අයියණ්ඩි .....

    ReplyDelete
    Replies
    1. චූං පාන් ගෙනියන වාහනේ තමුන්ගේම එකක් නම් හරි ,බේකරිය තමුන්ගේම එකක්නම් හරි මිසක් කුලියට පඩියට ඕවයේ වැඩ කරන ඒ කොල්ලොන්ට මෙලෝ දෙයක් නෑ, දවසම නැහුනත් රුපියල් තුන් හාරසීයක් හොයා ගන්නේ හරි අමාරුවෙන්

      Delete
    2. කතාකරල බැලුවද

      Delete
    3. කතා කළා , බේකරියේ වාහනේ එලවන බේකරියේ පඩියට වැඩ කරන ඒකාල ගැන මම කියන්නේ

      Delete
  23. මම කෙටුවේ එක දවසක් ඔය තමන්ගේම චූන් පාන් පාරක් කරගෙන යන එකෙක් ගැන. ඌ ටනම් හොඳයි ලු

    ReplyDelete
    Replies
    1. තමුන්ගේම නිෂ්පාදන ,තමුන්ගේ වහනෙක යනවනම් ගොඩ, කුලියට පඩියට බේකරි වල වැඩ කරන එවුන් තමයි අනාත

      Delete
  24. චුන් පාන් කාරයෝ ගැන නම් මට හරිම දුකයි. එකම පාරේ 3,4 දෙනා යනවා.

    ලංකාවේ බනිස් , පේස්ට්‍රි මිලගණන් දකිද්දී අපේ රටේ ආර්ථිකය හොදයි ,උද්දමනය අඩුවෙලා කියන ආණ්ඩුව එක්ක මාර කේන්ති.. මෙහෙත් පේස්ට්‍රි එකක් ඔය ගානමයි.. මෙහෙ සාමාන්‍ය දුප්පත් මනුස්සයෙක් උණත් ලක්ෂ 3 කට වඩා පඩියක් ගන්නවා.. ඒත් එයාට පෙස්ට්‍රිය්ට යන්නේ 50 යි. ලංකාවේ මාසෙට විසිදාහක් හොයන්න බැරි මනුස්සයා කන පෙස්ට්‍රියත් 50 යි. අපි ඒ අතින් කොච්චර පහලද ඉන්නේ,

    ReplyDelete
    Replies
    1. ඕකට මෙහෙ කියන්නේ ජනතාවගේ ජීවන් තත්වය උසස්වෙලා කියලා . බලන්න එහෙ ලක්ෂ තුන ගන්න එකා කරන වියදම මෙහෙ විසිදාහ ගන්න එකා කරනවා කියන්නේ ඌට වෙන වියදම් නල්ලූ. සියල්ල රජයෙන් සුභසාධන ලෙස දෙනවලු,

      Delete
  25. ජිවිතේ හැම වෙලාවෙම චූං නැහැනේ බං.. කොහොම වුනත් පොඩි එකාට හැමදාම කරදර තමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් බං ,අන්තිමට තැලෙන්නේ පොඩි එකා තමයි කොහෙන් ගියත් .

      Delete
    2. පොඩි එකා නෙමෙයි බොල පොඩි එකාට බනිස් ගිල්ලන මහ එකාල මහ එකීල

      Delete
  26. විවෘත ආර්ථිකයේ කොතනත් ඔය සටන ඔහොමම තමයි.

    ReplyDelete
  27. අඩේ පාන් ගෙඩිට පට්ට ඩිමාන්ඩ් වෙලා නේ..

    චුන් පාන් වලට පර්මිට් ඕනෙද??


    සික් කාලකන්නි සමාජේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ,හැබැයි ඒ ඩිමාන්ඩ් එක පාන් ගෙඩිය පිටි පස්සේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත වලට ලැබිලා නෑ. කාලකන්නි සමාජේ

      Delete
  28. උන්ගේ ඡිවිත සටන පව් බං.. අපේ ගෙදර කිසි කෙනෙක් කවදාකවත් චුං පාන් කියලා කියන්නේ නෑ. මගේ පොඩ්ඩා කථා කරන්නේ පාන් මාමා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් පව් තමයි , එත් අද ජනගත වෙලා තියෙන නම තමයි චූං පාන් ,

      Delete
  29. චුන් පාන් සද්දෙයි, හඩ්සන්ගෙ උදේට බිරිල්ලයි දෙකම එක වගේම අරහං.

    ReplyDelete
    Replies
    1. චක් බන් හඩ්ඩා ගේ උදුබිරිල්ලට වඩා කොච්චර සොඳුරුද චූං පාන් සින්දුව

      Delete
    2. හඩ්ඩා .. නොදෝමකිං තුක් !!!

      මනුස්ස ආත්ම ලබපු බල්ලෝ !!!

      Delete
  30. මේ අකෘතිය මට අවුල් වගේ බං.ඇත්තම කිවොත් මට මේකේ චුං එකක් නැහැ බං.උඹ වගේ එකෙක්ට මේක මිට වඩා දැනෙන්න ලියන්න තිබුණා බං.මට නම් හිතෙන්නේ එහමයි.

    ReplyDelete
    Replies
    1. චක් ඒකත් එහෙමද? කමක් නෑ ,ඊළඟ එකේ එහෙම ට්‍රයි එකක් දාන්නම් ...ඇත්තටම මදි වගේ වගේ කියලා මටත් නොහිතුනාම නෙවෙයි

      Delete
    2. ඉවාන් බලපන් උබට තියන වටිනාකම

      Delete
  31. හ්ම්..ආකෘතියනම් පොඩ්ඩක් අවුල් වගේ තමා මටත්.හැබැයි මේ මාතෘකාව මරු.පවු නේද මොනව උනත්.දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි, කවුද මන්දා ඕකට චූන් පාන් කියල නම දැම්මෙ.මරු නම

    ReplyDelete
    Replies
    1. ආකෘතිය අවුල්ද? මොකා වුනත් මාර නමක් තමයි දාල තියෙන්නේ , දැන් එක නැගල යන නමක්

      Delete
  32. ඉස්සෙල්ලනං මේ පැත්තෙ ගියෙ ඒක වාහනයයි. ඒකත් පිටිං එන එකක්. දැන්නං මෙහෙම හත අටක් තියෙනව. වැඩකරන එවුවො ගැනනං අනේ මන්ද.

    ReplyDelete
    Replies
    1. අන්න ඕක තමයි කෙස් එක එකම රූට් එකේ දුවන වාහන ගාන අඩු නම් වැඩේ ගොඩ නැත්තම් කෙලියා , අන්තිමට ගහ මරා ගන්නවා

      Delete
  33. ඇත්තෙන්ම චූන් පාන් කාරයෝ ඔය හැටි කට්ටක් කන බව මම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ ඕක මේ නැගලා යන ගෘහ කර්මාන්තයක් කියලා.

    ReplyDelete
    Replies
    1. වැඩේ මෙහෙමයි තමුන්ගේ වාහනේ හරි , තමුන්ගේ බඩු හරි නැත්තම් දෙකම තමුන්ගේ නම් ඔය වැඩේ න ගොඩ යාමක් තියෙනවා ,නැත්තම් අඩුයි , මම කියන්නේ කොළඹ තත්වේ ගැන , උදේට ගෙවල් වලින් මිනිස්සු වැඩට යන්න පිටර්හ් වෙන්න කලින් යන්න ඕන, හැබැයි ඒ කියලා මහා පාන්දර යන්නත් බෑ. අඩු ගානේ පහමාර වත් වෙන්න් ඕන .හතහාමාර අට වෙනකොට ගෙවල් වලින් මිනිස්සු ගිහින් , එතකොට ඔය පැය දෙක දෙකහමාර තුල ඔය ටික ඉවර කරන්නොනේ, හවසටත් එහෙමයි . ඉතුරු වුනොත් හරි , තමුන් යන්න කලින් වෙන එකෙක් ගියොත් හරි එතනත් හුප්පේ , ලඟදි දවසක් අපේ ගෙවල් ලනග එකෙක් ඔය චූං පාන් එකෙකුට නෙළුවා උදේ පාන්දර ඇවිත් ළමයා ඇහැරුනා කියලා . ඔය වගේ දාහක් දේවල්, කඩ මුදලාලිලාගෙන් එහෙන් බරේ .
      හැබැයි මේ ඔක්කොම තියෙද්දී ඔය වැඩේ සාර්ථකයි අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශ වල

      Delete
  34. අපේ පැත්තේ චුන් පාන් කාරයන්ගෙන් පාන් ගන්න තව ත්‍රීවිලර් 1ක් හයර් කරලා පස්සෙන් පන්නන්න ඕන ....

    ReplyDelete
    Replies
    1. එහෙම එවුනුත් ඉන්නවා තමයි , උන් ගොඩක් වෙලාවට ඔය ලොකු බේකරි කාරයොන්ගේ එවුන් , නැත්තම් වෙන් තැනක් ගෙදරක වැඩට ඉන්න කෙල්ලක් සෙට් කරගත්තු එකෙක්

      Delete
  35. උදේට හිනා වෙවී එන චූන් පාන් මාමා පිටිපස්සේ මේ තරම් අඳුරු කතාවක් ඇති කියලා අද තමයි හිතුනේ...

    ReplyDelete
    Replies
    1. හැමෝගෙම නෙවෙයි එත් නාගරිකව තත්වේ ඕක තමයි

      Delete
  36. චුන් පාන් හින්දා, ගෙදර පොඩි එකෙක්වත් දැන් හවසට ගෙයි නැ...... බෙල්ල තියෙන්නේ පාරේ. එකත් නරකම නැ......

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩි එවුන් තමයි ඔය චූං පාන් එකෙන් වැඩිම ෆන් එක ගන්නේ

      Delete
  37. අපේ ගමේ කඩ වලට අහල පහල බේකරි කීපයකින්ම පාන් ගේනවා ඉවානයො. ඔය චූන් පාන් එන්න කලින් ගෙවල් ගානෙ පෙට්ටියක දාගෙන පාන් අරන් ආපු කලාව තමයි තිබුනෙ සීනුවක් ගහ ගහ....ඊට පස්සෙ තමයි ඒ අයිඩියා එක තව මොඩ් වෙලා චූන් පාන් වලට ආවෙ...

    මේ මිණිගෙඩිය ගගහා මුල් කාලෙ අපේ ගමට පාන් ගෙනාවෙ එක බේකරියක කට්ටිය විතරයි...බොහොම අහිංසක පොඩි මනුස්සයෙක්...පාන්දර 6 වෙද්දි බයිසිකලේ පෙට්ටි පාන් ගේ ලග...සමහර දවස්වලට පාන්දර ගල් සීතලයි...ඒ මදිවට දාරාණිපාත වරුසාව....අනේ ඒත් මේ මනුස්සයා වැඩට යන උන්ට...ඉස්කෝලෙ යන උන්ට සේවය සලසමින් කොහොම හරි පාන් ගෙනාවා...හැමදාම පෙට්ටියම විකුණගෙන තමයි බේකරියට යන්නෙ. මේ දිහා බලා උන්නු තව බේකරි කාරයෙක් උගෙ එකෙකුත් බයිසිකලයක් එක්ක අපේ ගමට එව්වා...දැන් බයිසිකල් දෙකයි...ටික දවසකින් අලුත් එකා පරණ අහිංසකයට ගෙවල් නැති ඉසව්වකදි බඩ පුරා නෙලලා පාන් පෙට්ටියත් පෙරලලා...අර මනුස්සයා ඇඩූ කදුලින් සිද්ධිය අපිට කියද්දි...අපේ කැවුතු නැටුවා...

    ඊලග වතාවෙ අලුත් බයිසිකල් බුවා ගමට ආව වෙලාවක...අපි ඌට දුන්නා බඩකට පුරා හොද සාත්තුවක්...උගෙම කිඹුල් බනිස් තමයි මිනිහට එදා කැව්වෙ....ඒ සිදුවීමෙන් පසු නැවතත් ගමේ උන්ගේ කැමැත්ත අහිංසක බයිසිකල් කරුවාටම හිමි වූ බැවින් හෙතෙම තවත් කාලයක් පාන් පෙට්ටිය බැදගෙන ගමට ආවේය.

    ReplyDelete
    Replies
    1. දැන් වෙන්නේ ඔකේ අනිත් පැත්ත , බලේ තියෙන එකා අහිංසකයව සීන් එකෙන් එලියටම ඇදලා දානවා , ආයේ ඌට වෙන වැඩක්වත් කරගන්න බැරිවෙන ගානට . සල්ලියි බලයයි දෙකම තියෙන එකා කරන්නේ අර උගේ චූං පාන් ලොරි ත්‍රීවීල් හටරවටෙටම දාලා වෙන එකෙකුට එන්න නොදී ගේම ගහන එක

      Delete

  38. ගල්කිස්ස , වැල්ලවත්ත පැත්තෙ චූං පාන් කාරයො යනකොට කරදරයි කියල පැමිණි කරල ඔය සංගීතෙ නතර කරන්න කියල අණක් තිබුණ කියල පත්තරේ තිබුණ. ඒ වාගේ කණට අමිහිරි නැති සංගීතයක් නිසා අවහිරයි කියන මිනිස්සුත් අපි අතරෙ ඉන්න්වා . චූං පාන් කාරයන්ගෙ තව ශෝචනීය පැත්තක් තියෙන බව දැනගත්තෙ මේ ලිපියෙන්.

    හැබැයි හිනායන කතාවකුත් මම අහල තියෙනවා චූං පාන් ගැන. ගොඩක් දෙනා මේ කතාව දන්නවත් ඇති. නොදන්න අය බලන්නකෝ.

    එක දොස්තර කෙනෙක් ලෙඩෙක්ගෙන් ලෙඩේ ගැන විස්තර අහන ගමන් එයා කන්නෙ මොනාද කියලත් අහල. ලෙඩා කිව්වලු පානුත් කනවකියල. දොස්තර අහල මොන පාන්ද කියල. ලෙඩා කියනවලු. රෝස් පාන් .රාත්තල් පාන් ඉඳහිට චූං පානුත් කනව කියල. දොස්තර අන්දුන් කුන්දුන් වෙලා චූං පාන් කියන්නෙ මොනාද කියල :)
    චූං පාන් කාරයා ගේන කෑම ජාති දැක්කම හරි ආස හිතෙනව මටත් නම් :D

    ReplyDelete
    Replies
    1. ඔය චූං පාන් සංගීතේ නම් ඇහුණාම නැටවෙනවා ,වැඩේ තියෙන්නේ සමහර එවුන් එන්නේ මහා පාන්දර හොඳට නින්ද යන වේලාවේ එතකොට නම් නටනවා හැබැයි ඇඟේ මාළු . :D

      චූං පාන් කාරයෝ එනේ වෙලාවට පාර බලන් ඉන්න එකත් දැන් පුරුද්දක් වෙලා සමහරුන්ට

      Delete
  39. හරිම ලස්සන රචනාවක්................

    ඇත්තට ම සමාජයේ දකින්න ලැබෙන චරිතයක් ගැන සහ සංවේදී තත්වයක් ගැන ලියලා තියෙනවා. දුප්පත්කමට අභියෝග කරන්න යන කෙනෙකුට මුහුණ දෙන්න තියෙන අපි නොදකින ගැටළු කොච්චර නම් ඇත් ද ????????????////

    ReplyDelete
    Replies
    1. දුප්පත් කමට අභියෝග කරන්න මුල ඉඳන් පටන් ගන්න එකාට තමයි ඔක්කොම හිරිහැර , අපිට මතුපිටින් පේන දේ ඇතුලතින් සෑහෙන වෙනස්

      Delete
  40. නිවාඩුවට ආවම චූං පාං කන්න ලැබෙනවා. එකම පාරෙ පැය බාගෙන බාගෙට හතරදෙනෙක් යනවා. එකෙක්ගෙ පාන් හොඳයි අනිත්වා අජ.. එකෙක්ගෙ කිඹුලා හොඳයි පාන් අනාතයි.. ඔන්න ඔහොමයි වැඩේ.. පාන් ගෙඩිය එකතින් මිරිකලා ගුලියක් හදන්න පුළුවන් තරම් සැහැල්ලුයි.. ගෙඩියක් කෑවත් බඩ පිරෙන්නෙ නෑ. අපේ ගේ ලඟට එනකොට හොඳ කිඹුලෝ ඔක්කොම ග‍ඟේ ගිහින්.. අනිත් චූංලගෙ කිඹුලො ගත්තොත් කන්න වෙන්නෙ මට තනියම. ඒ හින්දා අන්තිමට හන්දියට ගිහින් මංම ගේනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය සීන් එක නම් තියෙනවා ගොඩක් වෙලාවට එකෙක්ගේ හොඳ එක අයිටම් එකක් විතරයි , එකාගෙන් අයිටම් දෙක තුනක් ගත්තොත් කන්න නෙවෙයි ගුලි කරලා බෝල ගහන්න තමයි වෙන්නේ

      Delete
  41. ආපෝ අපේ පැත්තෙ තරඟෙට චූං වෑන් යන්නෙ. වෙලාවකට හරිම කරච්චලේ....

    ReplyDelete
    Replies
    1. තරඟෙ කියන්නේ වෙලාවකට මුන් හප්පගෙන අලි ජරමර කරගන්නවා , එකෙක් කලින් ආවොත් පාර හරස් වෙන්න නවත්තගෙන ඉන්නවා අනිකට ඒ පාරේ ඌට කලින් යන්න බැරිවෙන්න .

      Delete
  42. ඕකට යම් තරමක් මැර බලයකුත් ඕන..අපේ ගමේ එකෙක් රාගම පැත්තෙ කරනව බට්ටො 18ක්..ත්‍රී වීල් 15ක්ද කොහේද තියෙනව පට්ට බිසනස් එකක් බං හැබැයි දැං සද්ද අයින් කරල තියෙන්නෙ මිනිස්සු පෙස්සම් ගහල්..!

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් නාගරිකව ඕක මාෆියාවක් ,අලුතෙන් නැගිටින්න් හදන එවුන්ට ඔය බිස්නස් එක කරන්න බෑ. කරොත් බඩුම තමා

      Delete
  43. චුං පාන් ගැන නම් ඩිග්‍රියක් ලියන්න පුළුවන් උනත්. ඒක උඹ මේ පෝස්ට් එකේම ලියලා තියෙනවා. බිස්නස් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හැබයි මූට තියෙන්නේ ඉඩ කඩං විකනලා හරි දිවි නැගුම බට්ටෙක් ගන්න. අරෙගෙන ලොක්කගේ පොටෝ එකයි නෙළුම බලයි ගැහුවාම පොලෝසියෙන් අල්ලන්නෙත් නෑ. මුදලාලි ලෙඩේ අදින්නෙත් නෑ. එකයි කට්ට වෙට්ට පිත්තල නැතුව බිස්නස් බෑ කියන්නේ. ඔය අටමට වෙලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය දිවි නැගුමයි, නෙලුම් මලයි, ලොක්කයි ස්ටිකර් වැඩේ ජයටම නැගලා යනවා. අපිට එකෙක් කාලයක් වැලි ගෙනාවා හේන් අඩුවට,පර්මිට් නෑ . ලොරියේ ඉස්සරහම ගහලා තියෙනවා ඔය ස්ටිකර් ටිකයි මර්වින් සිල්වාගේ පොටෝ එකකුයි , දැන් නම් පෙන්න නෑ මොනා වුනාද දන්නේ නෑ. සමහරවිට ම්ර්වියා දැන් කැපිලා නිසා වැඩේ කිරිමෙල් වෙන්න ඇති .
      අටමට වෙලා තියෙන්නෙත් ඕකම තමයි කට තිබ්බට කොරන විදිහට කොරන්නේ නෑ

      Delete
    2. අටමට වෙලාතියෙන්නෙ ඕක නෙවෙයි.. අටමා දවල්ට තනියෙං ගෙදර ඉන්න නෝනලාගෙ මැෂිමුයි ට්‍රෙඩ් මිලුයි හදන්න යනවා.

      Delete
    3. ඒ වුනාට ඌ නියපොතු පාට කලාම කැමති නෑ කියන්නේ

      Delete
    4. අටමද , ඕක බිස්නස් කරන්න අවංක වැඩියි.. ඌ ඕන්නං උගේ පොටෝ එකක් ගහගනී. පොලිසිය නවත්‍ය්හන්නෙ එලෝගෙන ඇවිත් ..

      ඔන්න නඩුකාර පට්ටමක් වගේ දෙනවනං කොරයි අපූරුවට උගෙ ගෙම්බර් රැස්පොට් සේරම පෙන්නල.. වෙන නං මං හිතන් නෑ.. මිනිස්සු මැශින් හදෝගන්නෙ මූට බයටද මන්ද :D

      Delete
  44. මේ චූං පාං මල්ලිලගෙන් ගමට සේවයකුත් වෙනවා. සමහර ගම්වල ආරක්ෂක කමිටුවේ ඉහල තනතුරු දරන්නෙත් මේං මේ මල්ලිලාම තමයි. එයාලට හොඳ ඔත්තු සේවයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ගමපුරා වැඩිපුරම දුවන්නේ එයාලානේ

      Delete
  45. මේ කවිසෙට් එකේ ටෙම්ප්ලේට් එක තව පොඩි තැන් ටිකක් වෙනස් කරානං ගීත නාට්ටියක රයිම් එක ලෙසටම එනව. බලපන් උඹට ඒ කාලෙ හැලපෙල බැනපු හින්ද දැන් පුලුවන්තරම් සුලභ නැති ටොපික් අල්ලනව වගේ. එළ!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් සුමට කරන්න ඕන තැන් ටිකක් තියෙනවා , කියලා වැඩක් නෑ ,හැලපයියා ඒ කාලේ බැනපුවා නිසා තාම කැලෑ පනින්න හදනකොට බය හිතෙනවා .

      Delete
  46. චූං පාන් එවුන්ගේ වගේම තමයි නේද උන් නිසා බිස්නස් නැතිවෙන කඩකාරයෝ. අනේ මන්දා බන් මේක ගානට කරගෙන යන්න පුළුවන් නම් කාටත් අවුලක් නැහැ. වැඩේ තියෙන්නේ එකෙක් පටන් ගත්තාම හැමෝම බහිනවානේ වැඩේට.ඉස්සර වෙසක් කාඩ් කාරයෝ වගේ.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි ත්‍රීවීල් ,වෙසක් කාඩ්, චූං පාන්, සිල්ලර කඩ තව ගොඩක් දේවල් එකෙක් පටන් ගත්තම තව පෝලිමක් පටන් ගන්නවා අන්තිමට ඔක්කොටම හුප්පේ

      Delete
    2. මතකද කාලයක් ඉඳිආප්ප කඩ කෙරුවාව. එකෙක් දැම්මොත් දෙපැත්තෙ ගෙවල් දෙකෙත් ඉඳිආප්ප කඩ දැම්මා කාලයක්. ඒකත් ටෙලි නාට්‍යයක් බලල වෙච්ච සිද්දියක්.

      @ඉවාන් - චුන් පාන් හොඳ වගේම නරකයි.

      Delete
  47. අය්යෝ මෙහෙම්ත් වෙනවද..? හැම තැනම ප්‍රශ්න නේද..? හැම තෙන්ම හයි කාරයොනේ

    ReplyDelete
    Replies
    1. හයි කාරයෙක් නොවී ලංකාවේ බුලත්විට කඩයක් වත් කරන්න බෑ

      Delete
  48. නියමයි ඉවාන්... හරිම අපූරුයි...

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]