Sunday, June 15, 2014

රැවටිල්ල


දෙන්නං හවසට හාෆ් බොයිල් කල බිත්තර තුන හතරක් 
හොඳ කොල්ලාවගේ ගහපං අම්මා කරනම් පහක් හයක්

හවසට දානවා අදනම් අප්පා එළකිරි ඩයට් එකක් 
ඒක නිසා දැන් ඕන්න බලන්න කරනම් ගහන තරම්
මේවාගේ හොඳ හාම්පුතාලා ලැබෙන්න පින් ඇත්නම් 
කැලේ අතෑරලා අපේ සනුහරේම ඇවිත් ගහයි කරනම් 


අවුරුදු ගානක් එකම කලිසමම ඇඳගෙන ඉන්නේ මං
ලොක්කා කිව්වනේ අදහවසට එය හෝදාලා දෙනකං
අලුත්ම ඇඳුමක් මහලා දෙනවා කොල්ලෝ මම අදනං
හැබයි ඉතින් ඒ කදමලු බැඳගෙන උඹ නෑගම් ගියොතින්

කදමලු බැනගෙන නෑගම් යනවා 
අස්පය මිය ගිය ජොකියා වෙනවා 
දළදා පෙරහරේ ගිනි කරකනවා 
දන්නා සෙල්ලං හැටම දානවා


බිත්තර දෙන්නම් - ඇපල් ගේන්නම් - මිදී යුෂ දෙන්නම් - කෙසෙල් ගේන්නම් 
ගහපං කරනම් පලයන් නෑගම් 
හැමදාමත් මම බල්ටි ගහනවා - හැමදාමත් මං නෑගම් යනවා
කෙසෙල් ඇපල් වත් මිදියුෂ බිත්තර කවදාවත් නෑ දැකලා මං

හැමදා හවසට පාන් කෑල්ලක්
එහෙමත් නැත්තම් කඩල ඇට දෙකක්
හඩු ගඳ ගහනා එකම කලිසමත්
ඉන තද කරාපු හීනි දන්වැල්ත්
වෙනසක් නෑ මේ ගෙවන ජීවිතෙත් 



පොරොන්දු දෙනකොට හුරේ දානවා
මුදුනෙන් වැඳගෙන අහන් ඉන්නවා
අපි රැවටී උන් තව තර වෙනවා
ආපහු සුපුරුදු දිවිය ගෙවනවා



134 comments:

  1. අවසාන පද පෙලි ටිකත් එක්ක අර කාටුන් එක නම් ගැලපිම සුපිරි ...

    ReplyDelete
    Replies
    1. එකනේ කියන්නේ ..... විශ්වාස කරනවා ඉවරෙකුත් නෑ, රැවටෙනවා ඉවරෙකුත් නෑ

      Delete
  2. අම්මෝ ඉවාන් මල්ලි උඹව දැකපු කල්.හරිම තංතෝසයි හරිම තංතෝසයි.

    ReplyDelete
    Replies
    1. ආ හැලපයියේ...... තේරුම් ගතිමි , තේරුම් ගතිමි හැක හැක හක්

      Delete
  3. අපිත් මෙහෙමම තමයි ඉවාන්. දේශපාලුවෝ අරවා දෙන්නම් මෙව්වා දෙන්නම් කියලා අපිවත් නටවනවා, පිනුම් ගස්සනවා, දක්කනවා, බර අද්දවා ගන්නවා. අනේ හැබෑටම අපි මොනතරම් කරුමක්කාරයෝද?

    ReplyDelete
    Replies
    1. අපි කරුමේ උරුමක්කාරයෝ වෙලා.
      නටනවා, කරනම් ගහනවා ඇරෙන්න මේක වෙනස් කරන්න උත්සාහ කරන්නේ නෑ ... !
      එකම බොරුවට හැමදාම රැවටිලා හැමදාම බලොප්පොරොත්තු තියාගෙන ඉන්නවා

      Delete
    2. ඒ වුණාට වෙනසක් කරන්න කියලා එන එවුණුත් කරන්නේ තියන ටිකටත් කෙළවලා යන දේවල්නේ. පහුගිය දොහේ වෙච්චි තරුණ සංහාරය එහි ප්‍රතිපල නේද? කවුද ඒවට වග කියන්නේ.

      Delete
    3. @නලින් - එක ඇත්ත ,අවංක වුවමනාවෙන වෙනස් කරන්න එන කෙනෙක් නැති පාටයි තාම

      Delete
  4. මාර රැවටිල්ලක් තමා ඒකත්..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා , හැමදාම හැමතැනම

      Delete
  5. ඒක හරි ඉවාන්...

    අපි තමයි හැමදාම කරනම් ගහන රිලව්ටික. මහඋන් තමයි අපිව අන්ද අන්ද අපිව කඩේ යවන අය. අපි ඉතින් ඔය හැම දේම අමතක කරලා හෙටත් කරනම් ගහන, නෑගම් යන, පෙරහැරේ යන රිල මොටයි ටික............

    නියම ගැලපීම ඉවාන්..... ඇත්ත කතාව...

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ අපි දැන දැනම ,හැමදාම එකම විදිහට රැවටෙනවා . ඒ විතරක් නම් මදැයි ... එක ඇත්ත වෙයි කියලා කටවල් අරගෙන බලාගෙනත් ඉන්නවා

      Delete
  6. අම්බෝ..කතිර ගහන එවුන්ම කොටනවද...... මෙහෙම සිතිවිලි......විලි වහගෙන ........ හෙක්...හෙක්..... මෑණියන්ගේ..... වස්තරෙන්.....

    ReplyDelete
    Replies
    1. කතිර ගහන එවුන්ගෙන් එකෙක් හරි මෙහෙමත් කොටන්න එපයි , නැත්තං මෑණියන්ගේ වස්තරෙත් නැතිව යනවා තව ටික දවසකින් නැද්ද කෙන්ජයියේ

      Delete
    2. ෙකායි පැත්තට කතිෙරි ගැහුවත් අවසන ඔ්කම තමයි. ෙමාකද කියන්ෙන් ෙකන්ජයිෙයා

      Delete
  7. ඉස්සෙලාම වෙනස් කරන්න ඕන බං ඔය රිලා පැටවුන්ගෙ මොළගෙඩි ටික.

    තමන් රැවටෙන බව දැන දැනත් රැවටිල්ලම උරුම කර ගන්න ගොන් කම.

    අදහස නම් නියමයි ඉවාන්. පට්ට.

    ReplyDelete
    Replies
    1. මොලගෙඩි වෙනස් කරන්න මුන්ට මොළ තියෙන්න එපැයි බං. ඒකනේ එකම බොරුවට ආත්මයක්ම රැවටෙන්නේ .

      Delete
    2. චතුවා දාපන් පහක්... රුසියන් විප්ලවය පටන් ගත්තේ මොන්ටිසෝ්රියෙන්. ලෙනින් දැකලවත් නැති දුෂෙයින් දරුවන්ට උගන්නනවා. අන්න ප්‍රාෙයා්ගික කම. අපි මේ මොන දේ දෙසා බෑවත් ප්‍රාෙයා්ගික නැත්නම් වැඩක් නෑ. කවුද අපේ ප්‍රා යෝගික අය එහෙම අය ආ දවසක වෙනසක් ඇති වේවි.

      Delete
    3. අම්මටහුඩු පැරා .. ආ නෑ සොරි .. මේ නලින් අයිය නේ .. හැක්

      Delete
    4. මෙචා් මං කියන්ෙන් තියරිය ෙනාෙව් ප්‍රාෙයා්ගිකව ෙම් ෙද්වල් කරන්ෙන් කවුද කියන ඒකයි. පැරා වුණත් තියරි විතරෙන්.

      Delete
    5. අන්න නලින් අයියා කතාව් අ, අපිට කෙළවෙන්න තව හේතුවක් තමයි තියරි කාරයෝ. උන් ප්‍රායෝගිකත් නෑ. තියරියෙන් පිට කොච්චර හොඳ දෙයක් වුනත් කරන්නෙත් නෑ

      Delete
  8. එල එකක් ඉවාන්. සුපිරියි. ඔන්න මමනම් රිලවෙක් නෙමෙයි මං නම් චන්දෙ දාන්නෙ නෑල්ලු.

    උපහාසය උපරිමයි. සිකුරිටියාගෙ ස්ටයිල් එකට ලියවුන අති සාර්ථක ලියැවිල්ලක්. ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. තැනකුයි පික්සු බක්සි ..
      සිකුරුටියා ස්ටයිල් එකක් තමයි මේකත් .
      උඹත් කොයි වෙලාවේ හරි රිලවෙක් වෙයි ඔහොම් යනකොට . හැබැයි එතකොට චන්ද පෙට්ටිය ලඟින් බංකුවක් තියන්නවෙයි නේ .... :P

      Delete
    2. ජන්දේ දාන්නේ නැතිනම් බොලා රිලවෙක් නොවේ මොට්ටියෙක්...:D

      Delete
    3. බස්සි නම් ඡන්දේ දැම්මත් එහෙමලු නේද මනෝජ් :P

      Delete
    4. මළා,එක නම් හරියටම දැනගන්න වෙන්නේ අර අහිංසකයා බස්සාගෙන් තමයි බං..:D

      Delete
    5. චන්දේ දාන්නේ නෑ කියලා ඇඟ බේරගන්න තැනින්ම බස්සියේ කතාව අහවරයි. ඒ හන්දා මොකුත් නොකියා යමි. මං හිතන්නේ මනෝ උත්තරයක් දාල තියනවා.

      Delete
    6. දේශපාලනය ගැන නොට් ඉන්ටරෙස්ටඩ්. ගියත් කරන්නෙ කොලේ කපලා එන එක. එකෙක්ටවත් දාන්න හිත හදාගන්න බෑ...

      Delete
    7. ෙකාල්ෙලක් ෙකල්ෙලක් ලව් කරන ඒෙකත් ෙද්ශපාලනය තියනවා බස්සි. කියමනට කියන්ෙන් ෙබාන ෙත් ෙකා්ප්ෙපත් ෙද්ශපාලනය තියනවා. ඉතින් දැන උගත් බස්සි වෙග් අයත් ඒෙස් නම් ලංකාෙව් ෙද්ශපාලනය ගැන කවර කතාද?

      Delete
  9. රැවටිලිකාර චින්තනේම වෙනස් කරන්න ඕනේ නැතිනම් හැමදාම වෙන්නේ පිනුම් ගගහා ඉන්න තමයි අපිට.

    රිලවාගේ ඉණට දම්වැලක් දාලා තියෙනවා වගේ පාලකයෝ දම්වැලක් දාලා තියෙනවා ජනතාවගේ නිවහල් චින්තයට.එකයි අපි හැමදාම හරක් වගේ උන්ට මේ තරම් රැවටෙන්නේ.

    හැමදාම රවට්ටන්න බැහැ වගේම හැමදාම රැවටෙන්නේත් නැහැ.එකත් ඕකුන් මතක තියා ගන්නවා නම් හොඳයි.

    ReplyDelete
    Replies
    1. //""රිලවාගේ ඉණට දම්වැලක් දාලා තියෙනවා වගේ පාලකයෝ දම්වැලක් දාලා තියෙනවා ජනතාවගේ නිවහල් චින්තයට""// උඹ හරි තැනින් අල්ලාගෙන තියෙනවා , එත් මේ දන්වල දාලා තියෙනවා කියලා දන්නේ කීයෙන් කීදෙනාද?

      හැමදාම රවට්ටන්න බෑ කිව්වට අපේ එවුන් කැමැත්තෙන්ම රැවටෙනවා බං. පුදුමේ කියන්නේ එකම බොරුවට . බොරුව බව දැන දැනම රැවටෙනවා .

      Delete
    2. එක්කෝ උන්ට නැත්නම් මුන්ට රැවෙටනවා. ෙහ්තුව ෙපාඩ් ෙදාළ පිෙද්ණි. අයි යුනෙකා්ඩ් අවුල් ෙකාම්බු වදින්ෙන් රුයිෙතට

      Delete
  10. මේ කියන්නෙ බොරු කියල දැනදැනත්, අපිව රවට්ටනවා කියල දැන දැනත් තවත් ඒ බොරු පිළිගන්නවා නම් එතන වැරැද්ද තියෙන්නෙ අපේ අතේමයි...

    මං කලින් පෝස්ට් එකට දාපු කමෙන්ට් එක කෝ???? :(

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම වැරැද්ද අපේ අතේ තමයි චාමස් ...

      ඔයාගේ කලින් කොමෙන්ට් එක තියෙනවා . මම රිප්ලයි එකකුත් දාලා තියෙන්නේ , ඔය කොමෙන්ට් ඔක්කොම ඉවරවෙනකන් පල්ලෙහාටම ගියාම තියෙනවා "load more' කියලා තැනක් , අන්න එතන ක්ලික් කරන්න එතකොට පෙන්නේ නැති කමෙන්ට්ස් ටික පේනවා , ඕක blogger ලෙඩක් කමෙන්ට් 200ට වැඩි වුනාම

      මේ තියෙන්නේ කමෙන්ට් එක

      Delete
    2. වරද කාෙගවත් ෙනාෙව් පක්ෂ ෙද්ශපාලයන බදන් ඉන්න අෙප්යි. පක්ෂ ෙද්ශපාලනය අතහැර හරි ෙද්ට ඡන්දය දාන දිනක ෙම් ෙද් විසැෙද්වි. ෙජප්ෙපා් කරන්ෙනත් උන්ෙග් ෙද්ශපාලනය. ඒයිනුත් මිදිි අාෙවාත් හරි ෙද් ෙෙව්වි.

      Delete
    3. නලින් අයියගේ යුනිකෝඩ් අවුල තාම හරිගිහින් නැති හැඩයි.
      පක්ෂ දේශපාලනය ,ඔන්න් ඕක තමයි රටට හේනේ වුනේ , එක අපේ එවුන් ගත්තේ වඳුරා දැලිපිහිය ගත්තා වගේ

      Delete
  11. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල

    ReplyDelete
    Replies
    1. අන්න එක නොතේරෙන එවුන් ඉන්න එකනේ වැඩේ

      Delete
  12. ගහපං කරනම්........ තව තව සෙල්ලම්......
    බබා පෙන්නපන්....... තව තව නටපන්.......
    උඩ පැනල නටපු තරමට පස්ස රිදෙන්නේ අපේ.......
    අනේ මට එහෙමත් හිතුන.....

    ReplyDelete
    Replies
    1. පස්ස කොච්චර රිදුනත් , ගානක්වත් නැතුවා ආපහු රැවටෙනවා නේ , එකෙන්ම . එකනේ කාරණේ

      Delete
  13. රිලවා රිලවමයි, අහිගුංටකයා වෙනස් වෙනවා.. සුපිරි පිරි ඉතිරි.. මගේ ප්‍රියතම නේ...

    ReplyDelete
    Replies
    1. රිලවා රිලවමයි , අහිකුන්ඨිකයා වෙනස් වෙනවා , වෙනස් වෙනවා කිව්වා ට ඒ වෙනස් වෙන්නෙත් ඌ අඳින ඇඳුම විතරයි වැඩ එහෙමමයි

      Delete
  14. ඉවාන් මලෙයා් මට කියන්න තියන ෙදයක් කියන්න තරම් නිදහසක් නෑ. ෙකටිෙයන් නවතිමි. අද ෙකාම්බ්ු වදින්ෙන් නෑ මාර අවුලක මං අද ඉන්ෙන්.

    ReplyDelete
    Replies
    1. කම්පියුටරේ රී ස්ටාර්ට් කලා නම් වැඩේ අහවරනෙ මෙයා...

      Delete
    2. බලමු මලයා ස්තුතියි ඔත්තුවට

      Delete
    3. එකනේ මාත් බැලුවේ නලින් අයියා ග්‍රීක් වලින් ටයිප් කරන්නේ මොකද කියලා

      Delete
  15. පද පේලිය බොහොම රහයි ඉවාන්...පවු නේද මේ අහිංසක සත්තු...උන්ගෙ ජීවිත වල නිදහස අහිමි වෙලා තියෙන හැටි....ඊට වඩා පවු නේද දෙන දෙන පොරොන්දු වලට වැනෙන අපේ ඡන්ද දායකයො සැට් එක...

    ReplyDelete
    Replies
    1. දැනට රට පාලනය කළ ෙදෙගාල්ලම කෙළ් ඒක ෙදයයි. දැන් ඉනන ෙකනා යුද්ෙද්වත් අවසන් කර දුන්නා.

      Delete
    2. මචං සිරෝ .. ඔය සත්තුන්ට බොන්ඩ පුරුදු කරලා තියෙන්නේ..රිලව් හැන්දෑවට අයිතිකාරය එක්ක ගහනවා ෆ්ලැට් වෙන්ඩ ගහලා වැටිල ඉන්නව මචං පැත්‍තක.ඇබ්බැහි වෙලා ඌටත් ඒක ඕන හවසට.. අපි දේශ්පාලන ගුණ්ඩු කනවා වගේම තමා.. තඹුත්‍ය්හේගමට මෙහා ගමක් තියනවා ඔය නලිය දන්නවා.මුලු ගමම අහිගුන්ටික ගමක්.ඔය ඇවිදින ගොඩක් අයගෙ ස්ථිර පදිංචිය එහෙ.

      Delete
    3. තඹත්ෙත්ගමයි මැණික්හින්ෙනයි ගම් ෙදෙක්ම ෙම් අය ඉන්නවා.

      Delete
    4. ඔය යුද්ධ කථාව හැම ප්‍රශ්නෙකටම හරියන උත්තරයක් නෙමෙයි නළින් අයියා...එකම තැටිය දිගින් දිගටම වාදනය වෙද්දි ඒක නීරස වෙනවා...ආණ්ඩුවේ මහා පරිමාන දුෂන වංචා, වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවීම, කුඩු කන්ටේනර් ගෙන්නපු උන් නැති වීම, උපාධි කප්පාදුව කරන්න එපා කියලා උද්ඝෝෂණය කරන ශිෂ්‍යයන්ගේ ඇස් එළියට පනින්න පහර දීම වගේ වැරදි යුධ ජයග්‍රහණය කියන බයිලාවෙන් වහන්න දැන් අමාරුයි...

      Delete
    5. සිරා,සත්ත්ව හිංසාව කියන කරනෙත් එක්ක මමත් බොහොම අකමැති සෙල්ලමක් තමයි මේ රිලව් නැටවීම .
      ඒ වගේම මේක දේශපාලනයට ආදේශ කලොත් අපේ චන්දදායකයෝ කවදද රැවටෙන්නේ නැත්තේ

      Delete
    6. @ පත්තරේ - ඔය කතාව නම් මම අදයි ඇහුවේ . එතකොට උන් බොනවා ඇති නියමෙට නිකං හම්බවෙන්නේ එච්චරයිනෙ

      @ නලින් අයියා කියන කතාවට සිරා කියන කතාවත් එකතුකරලා ගන්නකොට නම් සම්පූරනයි

      Delete
  16. කවි ටික නම් කොහෙදිදෝ ඇහුව ගතියක් තියෙනවා...:)

    අනේ පව් අහිංසක රිලා පැටියා.

    ReplyDelete
    Replies
    1. කවි ටික කලින් අහලා තියෙනව නම් ඔයත් අහිංසක රිලවෙක්ව නටවනවා ඇති :D සත්ත්ව හිංසාව .....!
      හැබැයි සමහර රිලව් රැවටුනා වගේ පෙන්නනවා ඒත් රැවටිලාම නෑ ...

      Delete
    2. මෙච්චර හැන්ඩි කොල්ලෝ ඉන්දෙද්දි රිලා පැටව් නටවන්නේ මොකටද පැණිලූශා...:D:D

      Delete
    3. හැක් ඒක හොඳයි , රිලවට උගේ පාඩුවේ ඉන්න දීලා එයින් එක්කෙනක් අල්ලගන්න

      Delete
  17. අහිකුණ්ටිකයට කීව කවියටත් එහා ගිය තේරුමක් මට නං පේන්නෙ...
    ඇස්වල අවුලක්දච හිතේ අවුලක්ද නැත්තං ඉවාන් අය්ය එහෙම හිතල ලිවද කියන්න දන්නෑ..
    හැබැයි පට්ට
    පට්ට කියන්නෙ පටේ පට්ට...
    උං හැමදාම අපිව අන්දනව...
    අපිත් ඉතිං හොදම එකෙන් ඇදගන්නව....
    හැමදාම ඒකමයි
    අදින එකේ ඉවරෙකුත් අන්දන එකේ ඉවරෙකුත් නෑ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. එහෙම තේරුමක් තියෙනවා තමා මහේෂ්,
      අනික දේශපාලනය විතරක් නෙවෙයි අනෙක් ඕනෑම තැනකදී මිනිස්සුන්ව රවටන්න , අන්දන්න තමයි හැමෝම බලන්නේ , එත් රවටෙනවද නැද්ද කියන එක තමුන්ට අයිති කාරණාවක්

      Delete
  18. දැන දැනම රැවටුන් නැත්නම් .. නිකං කෑවේ නෑ වගේ අප්පා...

    සපිරි ලියැමන

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. //""දැන දැනම රැවටුන් නැත්නම් .. නිකං කෑවේ නෑ වගේ අප්පා""//

      සුපිරි කියමන

      Delete
  19. මේවගේ ඒවා වලට කියන්නේ වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා කියලනේ බන්...........

    අර දෙවැනි පොටෝ එකේ උබවනම් ටක් ගාල හදුනා ගත්තෑකි ... කැප් එකක් දාගෙන ඉන්නේ උබේ නෑයෙක්ද

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අත උස්සගෙන ඉන්න කෙනා තමයි මම හිතන විදියට ඉවානයගෙ නෑදෑයා...කැප් එක දාගෙන ඉන්නෙ පත්තරයා වෙන්න ඕනෙ...

      Delete
    2. සුවර් එකට ඉරිද දවසක වෙන්ඩෝනැ ඕක අරං තියෙන්නෙ, දෙකක් දාගෙන ඔය ඉන්නෙ පපුව පෙන්නගෙන දුමින්ද සිල්ව වගේ .හැක්

      Delete
    3. //""වඳින්න වඳින්න ගහන මිනිහත් මෝඩයා ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩයා""// එක ඇත්ත .

      //""කැප් එකක් දාගෙන ඉන්නේ උබේ නෑයෙක්ද""// අනේ අනේ මැලේ රාළ උඹට උඹව අඳුනගන්න බැරි හැටි අම්මපා

      Delete
    4. @ සිරා - අන්න සිරාට තේරුනා ... ඕකනේ කියන්නේ සත්‍යය ජයගනී කියලා

      @ පත්තරේ - බීලා හිටියත් සිහිය තියනවානේ

      Delete
  20. ඒ අර රිළවා ලස්සනයි ඈ....

    ReplyDelete
    Replies
    1. ඕ යේස්.. ඔය ඉවාන් රතු කිට් එක ගහගෙන ඉන්නෙ හෝම් කමින් එක දවසෙ..

      Delete
    2. ශ් ශ් ඔ්වා කියන්න ඒපා බස්සිත් ඉල්ලයි බස්සටත් ඔ්ක ඔ්න ඒදාට කියලා. ඒ්ත් ෙකාෙහාම අදින්නද ඒ්ක අැන්ෙදාත් ෙහලුෙවන්ෙන් ේම් ෙදන්නා. ෙමාකද ඒල්ලිලාෙන් ඉනෙන්

      Delete
    3. හුකෑස් නලින් අයියා. දවසේ කතාව .. බස්සි මචං මම නං වහ කනවා අයියෝ !!!

      Delete
    4. මට සාරියක් දීපියාව්..... >_<

      ඇඳුම නෙමෙ අයියෝ රිළව හෙන අසරණ/අහිංසක මූඩ් එකක් දාන් ඉන්නෙ.

      Delete
    5. ඉතිං බස්ස මලයත් ෙහන අහිංසකයෙන්. මං කියන්ෙන් ෙබාරුද?

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. @ පත්තර - ඔය කිට් එක ගහගෙන මම ගියා පත්ත්රයාගේ හෝම් කමින් එකට :D

      @ නලියා - අහිංසක බස්සා අන්න දත් නැතුව ඉන්නවලු ඒ ගමන ...

      @ බස්සි - ඇත්තටම බස්සි උඹලා දෙන්නා ඔය කිට එක ගහපල්ලා හෝම් කමින් එක දවසේ

      Delete
  21. මේ රිලා මොටාට මෙහෙමත් යිතෙනව ඇති

    බිත්තර ගෙඩියට ඇපල් කෑල්ලට කරනම් ගැහුවත් මං
    වෙනදා වාගෙම පානුත් කහෙලුත් එකවගෙ ලැබෙනව බං
    කසිප්පු බාගෙට රුපියල් දාහට ඡන්දය දීපු එවුන්
    වාගෙයි නොවේද ඇටි කෙහෙලක් අමු අමුවෙන් කෑ රිලවුන්

    ReplyDelete
    Replies
    1. ඒ් රිලව ෙනාෙව් බන් උගුඩුව.

      Delete
    2. උගුඩුවට හොඳා නම් රිලවා කෑවම මොකෝ බං..
      ඔන්න ඔහේ පාඩුවේ හිටපං..

      (හැක් හැක්... ඇටි කෙහෙල් කාපු රිලවා වගේ කියලත් කියනවා මං අහල තියේ. ඕකට ඉතිං ආයේ උඹයි මමයි කෙල ගන්න ඕන නෑ. නැත්නම් අපි දෙන්නට ඇටි කෙහෙල් ගිල්ල රිලවයි උගුඩුවයි වගේ ඉන්න වෙයි. හැක් හැක් හැක්..)

      Delete
    3. @ තෙ.වා. - ඔන්න ඕක තමයි සිද්ධිය කෙටියෙන් , ආයේ ඌන පූර්ණ අවශ්‍ය නෑ නොවැ. මමත් ඇටිකෙහෙල් අහලා තියෙන්නේ උගුඩුවා ගැන , රිලවා කෑවා කියන්නේ අර අර අර අරවනේ ...:D

      Delete
  22. අඩෝ මේකෙ මගෙ පොටෝ දාන්ඩ මගෙන් අවසර ගත්තෙ නෑ හරී !!!!!!!
    ඕව තහනං වැඩ . :D

    ReplyDelete
    Replies
    1. ඇයි බං හොඳ ෆොටෝවක් ඉල්ලුවම උඹමනේ මෙන්න මේක දාපං කියලා එව්වේ මතක නැද්ද?

      Delete
  23. ඇංජින් රෝල බුල් ඩෝසරේ මහා මේරුව වංගෙඩිය වේරම්භ වාතෙ උත්කෘෂ්ට රාජයුවරාජමහාමාත්‍යාදී අධිවේගී භානාගාරික විදග්ධ ධනුර්ධර මහාරාශ්ට්‍ර විභීෂණ විෂයානුබද්ධ .. !!!

    මචං මගේ අදහස මම කෙටියෙන් කිව්වා. ඔයිට වඩා සරළව කියන්න අමාරුයි මචං.. බර වචන නං පොඩ්ඩක් වැඩියි..සමාවෙයං.

    ReplyDelete
    Replies
    1. මමත් කියන්න කියන්න ගියේ ඔය ටිකම තමයි

      Delete
    2. මචං ගැට ප ෙද්ත් ඒවපන්ෙකා්

      Delete
    3. අන්න මැලෙයො දැක්ක නේද .. ඕක තමයි ඇත්ත.මුන් තේරුං ගන් නෑ.

      නලින් අයියා.. ගැට නං දුන්නහැකි. :D

      Delete
    4. මේ වගේ ප්‍රබුද්ධ පීචං කොල්ලෙක් ආශ්‍රය කරන්න ලැබීම මොන තරම් භාග්‍යයක්ද කියලා හිතෙනවා අම්මපා

      Delete
  24. තාත්තේ තාත්තේ.....
    මොකෑ පුතේ......?
    ආං බලහංකො රිළවා අර මනුස්සයා කියන විදියට නටන හැටි
    හී හී.....ලොකු පුතේ හොදට බලාගනිං, අපිත් ඔහොම තමයි අපිට ඡංදේ දීපු රිළව් නලවන්න ඕන..නැත්තං උං වටේ ගිහිං පිටයනවා

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහොම හිතනවා ඇති නේද අපි ගැනත් ඔය දේශපාලුවෝ කියන සෙට් එක

      Delete
  25. අත්තෙන් අත්තට පැන පැන නටනා
    රිලවා තෙයි තෙයි තෙයි..
    අස්වනු නෙළනා කාලය ළග එයි
    රිලවා ඉවකරතෙයි

    රඹුටන් ගස්වල කරනම් ගැහුහැටි
    අායෙත් මතක් වෙතෙයි..
    කුරහන් දැන් ඇති රඹුටන් ඕනා
    රිලවා රෙදි කඩතෙයි...

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++ සුපිරි ඈ....

      Delete
    2. පට්ට පට පට ....

      කුරහන් දැන් ඇති රඹුටන් ඕනේ රිලවා රෙදි කඩතෙයි .....සුපිරි පිරි ඉතිරි

      Delete
  26. අසාවෙන් නටන කොට එපා කියන්නෙ මක්කටෙ,යි.හෙට වෙනකොට මතක තිබුනොත් වෙන අහිගුන්ටිකයෙක් ගාවට ගිහින් නටනව.එච්චරයි.සරලයි

    ReplyDelete
    Replies
    1. අන්න හරි එච්චරයි සරලයි , ආසවෙන්නේ රැවටෙන්නේ , ඉහින් මක්කයි කොරන්නේ

      Delete
  27. යකඩ කෑල්ලක් ස්කිරි්ඤ්ඥයක් කරලා කවලා, මරු!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශ්මන් ,..සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තටත් ....

      Delete
  28. උඹ දන්නවද අප්‍රිකාවේ වඳුරෝ අල්ලන හැටි?
    ඉස්සෙල්ලම උනට ෂුගර් ලම්ප්ස් (සීනි කැට කියමුකෝ) විසි කරලා උන්ව පැණි රසට ඇබ්බැහි කරනවා. ඊට පස්සේ පොඩි වලක් හාරලා ඒක ඇතුලට ෂුගර් ලම්ප් එක දාලා තියනවා. වඳුරා ඇවිත් අර වලට අත්දාලා ෂුගර් ලම්ප් එක ඩැහැගෙන අත එලියට අදින්න හැදුවත් වලේ කට මිට මෙලවූ අතක් එලියට අදින්න බැරි තරමට ප‍ටුවටයි හදලා තියෙන්නේ. දැන් ඔන්න වඳුරට පේනවා දඩයක්කාරයා එනවා දැලත් අරගෙන. ෂුගර් ලම්ප් එක අතහැරියොත් වඳුරට පුලුවන් අත එලියට ඇදගෙන පැනලා දුවලා බේරෙන්න. නමුත් වඳුරගේ ඇබ්බැහිය සහ කෑදරකම නිසා ඌට හිත දෙන්නේ නෑ අතට ගත්ත පැණිරස අතෑරලා දාන්න. අන්තිමේදි දඩයක්කාරයා දැල දාලා වඳුරව අල්ලා ගන්නවා.

    මේකම කරන තව විදියක් තමයි වල වෙනුවට බෝතලයක් පාවිච්චි කරන එක. ඒත් ඔය කතාවමයි. ඉංග්‍රීසියෙන් paw in the bottle කියලා කියන්නේ ඒ අවස්ථාවට.

    ReplyDelete
    Replies
    1. //වඳුරට පුලුවන් අත එලියට ඇදගෙන පැනලා දුවලා බේරෙන්න. නමුත් වඳුරගේ ඇබ්බැහිය සහ කෑදරකම නිසා ඌට හිත දෙන්නේ නෑ අතට ගත්ත පැණිරස අතෑරලා දාන්න.//

      ඕනම ආණ්ඩුවක, එහෙම නැත්නම් බලවත් දේශපාලකයො හුග දෙනෙක්ගෙ අන්තිම කාලෙ ගැන හිතුවම මේ දෙකේ ලොකු සමාන කමක් තියෙනව හෙන්රි අයියා. එයාලත් මෝඩකමයි, උද්දච්චකමයි, බලලෝභයයි හින්දා තමන්ටම ලොකු හානියක් කරගන්නව නොදැනුවත්වම.

      Delete
    2. @ ඩූඩ් ඔය කතාව මම අදයි ඇහුවේ , හැබැයි ඔය විදිහේ වැඩ තමයි වඳුරෝ කරන්නේ නේද? අර බිම් වැටුණු කඩල ඇටේ හොයන්න අතේ තිබ්බ ඒවා විසිකරලා දුවපු එකේ අනික . පහලින් DDT ගැලපෙන ලෙස ආදේශ කරලා තියෙනවා

      Delete
    3. @DDT - ඔබ මේක ගැලපෙන ලෙසටම ආදේශ කරලා තියෙන නිසා ආයේ කියන්න දෙයක් නෑ... එල

      Delete
  29. ඕක ඉතිං ඉවාන් අඩුවැඩි වශයෙන් කොහෙත් එහෙමයි. ඉස්සරහින් පේන කැරට් අලේ පස්සෙ යන එහෙමත් නැත්නම් අර එළුවගෙ මොකක්ද එක වැටෙනකන් පස්සෙන් ගිය එකාට වෙච්ච දේ තමයි අන්තිමට. උන්ට එපා වෙන්නෙත් නෑ, මුන්ට එපා වෙන්නෙත් නෑ. ඇයි වදේ වඳිද්දි වඳිද්දි ගහන එකත් මෝඩය ගහද්දි ගහද්දි වඳින එකත් මෝඩයනේ.

    ReplyDelete
    Replies
    1. අපේ DDT මදුරු නාශක මිත්‍රයා කාලෙකින් දකින්න ලැබීම සතුටක් , ඩෙංගු වැඩි නිසා ආපහු එලියට බැස්සද?

      //"උන්ට එපා වෙන්නෙත් නෑ, මුන්ට එපා වෙන්නෙත් නෑ"// එක ඇත්ත එපා වෙනවාටත් වඩා , කරන්න දෙයක් නැති කමට ඉන්නවද මන්දා , කොහොම වුනත් අන්තිමට වෙන්නේ දැන දැන්ම රැවටීම

      Delete
  30. බ්‍රේන් වොෂ් එකක් අවශ්‍ය කර තිබේ!!!

    ReplyDelete
    Replies
    1. කාටද කියන එක තමයි ප්‍රශ්නේ නාඩියෝ

      Delete
  31. සැහෙන ලොකු කතාවක් නේ. අපි නටවන්න නම් ඉදල හිටලා මාරු කරනවා තමයි. එත්, හැමදාම උන්ට ඕන විදිහට නටනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මාරු කරගෙන ආපහු පරණ විදිහටම නටනවා , අලුත් බෝතලේ පරණ වයින්

      Delete
  32. මොන කරුමෙකටදෝ මන්දා වඳුරන්නේ
    අපේ උන්ගෙන්නෙ මේ හරකුත් පැවතෙන්නෙ
    මොකෙක්වත් නෑනෙ උන් බැඳගෙන ඉන්නේ
    හරකුන් වගේ හැමවිට පස්සෙන් යන්නේ

    කැලේ හිටිය මං අල්ලා බැඳගත්ත
    වද දීලා මට ඌ ඔය වැඩ ගත්ත
    එනමුත් ඔය නැටිල්ලට නැහැ කැමත්ත
    එනිසා සම නොකරනු මට ගොන් හැත්ත

    ReplyDelete
    Replies
    1. හැබයි ඇත්තටම සරත් අයියේ රිලවට වඩා හරකා නම්බුකාරයි වගේ කොයිපැත්තෙන් බැලුවත් ,නේද ?

      මොනා වුනත් රැවටෙනවා රවට්ටනවා ඉවරයක් නෑනේ ...

      Delete
    2. ඔව් ඔව් හරක වෙනුවෙන් ජීවිත් පූජා ඇතත් වඳුරා නොහොත් මිනිසා වෙනුවෙන් අර උදවිය කටක් අරින්නෙ නෑනෙ

      Delete
    3. එක තමා මාත් කිව්වේ,

      Delete
  33. අහිකුන්ටකයින් එක්ක ඉන්න නයිත් ගෙවන්නේ ඔය වගේම කරැමයක්. කුඩාගම තියෙන්නෙ අපේ එරියා එකේ ඒයාලාගේ තුන්වෙනි පරම්පාරාව ඔය රස්සාව කරන එකක් නැ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මෙන්ඩියා ඔය රස්සාව විතරක් නෙවෙයි බොහොමයක් පාරම්පරික රැකියාවලින් තුවෙනි පරම්පරාව ඈත්වෙලා , ඇත්තෙන්ම එක එහෙම වෙන්න ඕන. මිනිස්සු ඉපදෙන්නේ ජීවත් වෙන්න මිසක් , විඳවන්න නෙවෙයිනේ

      Delete
  34. මම අවසානයට බලාපොරොත්තු උනේ විමලෙගෙ කාටූන් එකක්

    ReplyDelete
    Replies
    1. විමලේගේ කාටුන් එකත් මෙතනට ගැලපෙනවා , එත් මේක සමස්තය දිහා බලලා දාන්න හිතුවේ .

      Delete
  35. ඉවාන්... මට නම් මේක ටිකක් පේන හැටි වෙනස්... උඹ අහලා තියනවද කපුගේ කියන 'නාකොල අන්දම් පෙණ නොවටින්නේ, බෝ කොල අන්දම් පෙණය දියන්නේ' කියන සිංදුව. නයි / රිලා නටවන්නොයි සතායි අතර තියන සම්බන්ධය අර මහජනයා සහ දේශපාලකයා අතර තියන සම්බන්ධයත් එක්ක ගලපන්න මට හිතෙන්නේ නෑ. අපි තියරිය අරගෙන බැලුවොත් රැවටීම තමයි කියලා කියන්න පුළුවන්. ඒ වුණාට නයෙක්, රිලවෙක් නටවන මනුස්සයෙක් කියන්නේ එදිනෙදා වේල හම්බ කරගන්න දඟලන දුප්පත් මනුස්සයෙක්. ඌ රිලවව නටවන එක පිටිපස්සෙ තියන කතාව, දේශපාලකයෝ මහජනයා නටවන එකට වඩා මානුෂිකයි කියලා මට හිතෙනවා. නැත්නම් මම එහෙම හිතන්න කැමතියි.

    ප්‍රායෝගිකව ගත්තත්, තමන්ගේ සතාට හොඳින් නොසලකා මේ අයට එදිනෙදා ජීවිකාව කරගන්න බෑ. සතා හොඳින් ඉන්නම ඕනේ. ගෙදර ළමයි අසනීපෙන් වැටුණත් සතා කෙලින් ඉන්න ඕනේ. අනික සතායි නටවන්නයි අතර මහලොකු වෙනසක් තියනවද? නටවන එකාවත් ඇපල් කනවද, මිදියුෂ බොනවද? ඌත් අඳින්නේ අර වගේම හම්පඩ කලිසමක් නෙමෙයිද? මේ ෆොටෝ එකේ උණත් මිනිහා අඳින ඇඳුමට වඩා හොඳයි නේද රිලවා අඳින එක? මේ මනුස්සයගෙ ළමයින්ට වත් සමහර විට ඔච්චර හොඳ ඇඳුමක් නැතුව ඇති.

    එක අතකින් සත්ව හිංසාව කියලා කියන්න පුළුවන් වුණාට මේ සත්තු නැටවිල්ල අස්සේ තියෙන්නේ සතාගේ දුක විතරක්ම නෙමෙයි, නටවන එකාගේ දුකත් එතන තියනවා. උන් දෙන්නම මිනිස්සු සතුටු කරන්න නටනවා. ඒ නිසා මට මේක දේශපාලන රැවටීම එක්ක එකට තියලා සංසංදනය කරන්න හිතෙන්නේ නෑ.

    මේ තියෙන්නේ රත්න ශ්‍රී ලියලා කපුගේ කියන අර කියපු සිංදුව.

    නාකොල අන්දම් පෙණ නොවටින්නේ
    බෝ කොල අන්දම් පෙණය දියන්නේ
    පෙණේ නැතිව අපි කොහොමද ඉන්නේ
    සමාවෙයන් නයි හාමි
    සමාවෙයන් නයි හාමි

    දරමිටි බඳිනා කඹය කියාවී
    දරණුව හදලා වළඳ තියාවී
    කැබිලිති අරගෙන ගැරඬි නටාවී
    පෙණේ නැතිව අපි අසරණ වේවී
    පෙණේ දියං නයි හාමී
    පෙණේ දියං නයි හාමී

    ඉහින් කණින් විස වැගිරෙන ලෝකේ
    විසෙන් උඹේ පල නැති වග තේරේ
    සුරම්‍ය වූ මේ සර්ප විමානේ
    හොඳින් ඉන්න අපටත් සන්තෝසේ
    පෙණේ දියං නයි හාමී
    පෙණේ දියං නයි හාමී

    ReplyDelete
    Replies
    1. තිසර හැමදාමත් වගේ මේ කාරණය දිහාත් වෙනස් ලෙස බැලීම ගැන මුලින්ම ප්‍රණාමය. ඔබ ගොඩනගන තර්කය හරි.
      //""දුප්පත් මනුස්සයෙක් රිලවව නටවන එක පිටිපස්සෙ තියන කතාව, දේශපාලකයෝ මහජනයා නටවන එකට වඩා මානුෂිකයි කියලා මට හිතෙනවා""// සහතික ඇත්ත.

      //""ප්‍රායෝගිකව ගත්තත්, තමන්ගේ සතාට හොඳින් නොසලකා මේ අයට එදිනෙදා ජීවිකාව කරගන්න බෑ. සතා හොඳින් ඉන්නම ඕනේ.""// මෙතනදී මේ කතාව පොඩ්ඩක් වෙනස් වෙනවා , ඇත්තෙන්ම මේ මිනිස්සු සතාට හොඳින් සලකනවා කියලා කියන්න අමාරුයි , එහෙම නැත්තම් බොහෝවිට නැහැ. තිසර දන්නවද මේ රිලව් නටවන මිනිස්සු බොහෝ විට මෙ සතුන්ට පහරදෙනවා, වේවැල් කොටුකෑලි වගේ දේවල් වලින්, මේ සත්තු බොහෝ විට ඔය පුරුදු කරපු දේවල් කරන්නේ ඒ පහරදීම්වලට බයේ .
      සර්කස් කණ්ඩායම් වල ඇතුලාන්තය ගැන පොඩි හැදෑරීමක් කලොත් පෙනෙයි ඒ ඉන්න සත්තුන්ට කොයිතරම් පහරදෙනවද කියලා .

      ඒ නටවන මිනිස්සුනම් බොහෝවිට ඔය කෑම කන්නේ නෑ තමයි ,

      මේ ගීතය නම් අදයි ඇහුවේ ..ලජ්ජාවෙන් වුනත් කියන්න ඕනේ එක නම්

      Delete
    2. හෑඇඇඇඇඇඇඇඇඇඇ උබ එක අහල නැ.යකො කපුගෙ ගෙ අන්තිම සිඩි එක මිරිවැඩිසගලක්.අහපන් අදම එකෙ තමයි නිර්මලා,මොනරමාලු,සිල්ප අරන් වගෙ සින්දු තියෙන්නේ.

      Delete
    3. ඔව් බං අහලා නෑ නේන්නම් , ලජ්ජව්වේ බෑ

      Delete
  36. කැරකෙන ලෝකේ ... පුංචි කරත්තේ..
    ඇදගෙන හැල්මේ අපි දුවනා ලෝකේ..................
    කොච්චර උපහැරණ දුන්නත් අපිත් කරන්නේ මේකම එකම නොවෑ..එළුවාගේ මොකක්ද වැටෙනකන් පස්සෙන් ගිය නරියා වගේ අද ලැබෙයි හෙට ලැබෙයි කියල බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. නරියා පස්සෙන් ගියා වගේ හැමදාම නෙවෙයි ජීවිත කාලෙම යන්න ලැස්ති වෙච්ච් එවුන් ඉන්නකන් ,මේ රැවටිල්ල නතර කරන්න රවට්ටන එවුන්ටත් ඕන කමක් නෑ

      Delete
  37. තිසරත් එක්ක බොහෝ දුරට එකග වෙන්න වෙනවා.

    ඒත් ඉවාන් අදහස් කල දේ වෙනස්.

    මන් හිතන්නේ දේශපාලන නායකත්වයයි, රිලා නටවන්නායි එකම දේ කලත්, ඉලක්කය වෙනස්.

    රිලා නටවන්නාට තියෙන්නේ ජීවිතය ගෙනයාම, ජීවත් වීම පිලිබද ප්‍රශ්නයක්.

    දේශපාලකයාට තියෙන්නේ බලය සහ සුඛ විහරණය පිලිබද ප්‍රශ්නයක්.

    මෙතනදි මට මතක් වෙනවා, අපගේ කාර්යාලයේ රියදුරු මහතුන්ගෙ පොදු ලක්ශනයක්. තමන්ගේ වාහනය කැඩුනම වෙන අලුත් වාහනයක් දෙනවා පරණ එක හදනකම් පාවිච්චියට. ඒත් පොරගේ හිත හොද නැහැ. තමන්ගෙ වාහනය ලැබෙනකන් "නයා මැරිච්ච අහිගුන්ථකයා" වගේ තමයි ඉන්නෙ. ඒ තමන්ගෙ පරණ වාහනයත් තමන් වගේමයි කියල හිතන හින්දයි.

    නයි නටවන්නත් ඔය රියදුරු මහතුන්ගේ කුලයේ තමයි. ඒත් දේශපාලුවෝ හිතන්නේ "මුන්ට හෙන ගහල ගියත් කමක් නැහැ" කියලයි.

    ReplyDelete
    Replies
    1. තිසර දැක්කේ වෙනම පැත්තක්, මම දහස් කලදේ වෙනස් , ඔබ හරි. දෙදෙනාගේ ඉලක්ක වෙනස් ඔබ හරි, හැබැයි සමාන්තරව දිවෙන ඉලක්ක දෙකක්, අපිට එදාවේල හොයාගන්නවා කියන දේ වැදගත් තරමටම දේශපාලකයාට බලය හා සුඛ විහරණය වැදගත්, ගෙම්බෝ වගේ එහෙට මෙහෙට පැනීමෙන් එක පෙන්නුම් කරනවා .

      ඔය ඩ්‍රයිවර් මහත්තුරු ගැන කතාවනම් ආයේ හෝදන්න දෙයක් නෑ , එක එහෙමම තමා

      Delete
  38. රිලා නැටුම අපේ දේශපාලන ක්‍රමයට ගැළපීමනම් අපූරුයි. ජන්දෙයක් ළංවෙන කොට කවුරු කවුරුත් පොරොන්දු දෙනවා. මේ පැත්තෙ එකා අර පැත්තෙ එකාට මඩ ගහනවා... මේ පැත්තෙ එනකත් ඒකම කරනවා. අපේ මෝඩ රැළ දෙපිළ බෙදිලා ගහගන්නවා. අර දේශපාලකයෝ හැන්දෑවට කොහේ හරි සෙට්වෙලා හො දට සතුටු වෙනවා.
    සමහර වෙලාවට කොමෙනට්ස් පබ්ලිෂ් වෙන්නෙ නැහැ. Error එකක් එනවා.

    ReplyDelete
    Replies
    1. දේශපාලකයෝ හැමදාම කලේ මිනිස්සු රවට්ටන එකනේ , මිනිසුත් හැමදාම කලේ රැවටෙන එකනේ, කොච්චර කාලයක් ගියත්, කොච්චර ඔගෙන ගත්තත් , දෙපිලම රවට්ටන එකවත් ,රැවටෙන එකවත් නැවැත්තුවේ නෑ.

      එහෙම Error එකක් එන්නේ මොකද කියන්න නම් දන්නේ නෑ. මට එහෙම එකක් මෙච්චර කල් අහුවෙලා නෑ. කෝකටත් මම බලන්නම් , මොකද කියලා

      Delete
  39. හැමදාම ඉතින් ඔය ටික තමයිනේ ඉවානයෝ.. අපි රිලවු වගේ උන් නටවනවා තියාගෙන..

    ReplyDelete
    Replies
    1. හැමදාම ඔය ටික තමයි, මොකෝ වෙනස් කරන්න රවට්ටන එවුන්ටවත් , රැවටෙන එවුන්ටවත් කාටවත් වුවමනාවක් නෑනේ.

      Delete
  40. Replies
    1. ඒ අරුත් මේ අරුත් හැර වෙනත් අරූලා සිටීද?

      Delete
  41. ඇත්ත තමයි ... අපි රැවටෙනවා කියලා අපිටම සමහර වෙලාවට තේරුම් ගන්න බැරි වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. තේරුම් ගන්න බරිවෙනවාට වඩා තේරුම් ගන්න උත්සාහ නොකිරීම තමයි තුශානි වෙන්නේ

      Delete
  42. රිලවගේ නැටීමයි අපේ මෝඩ කමයි ගලපන්න අමාරුයි කියල තමයි මටත් හිතෙන්නේ.. රිලවා නටන්නේ සමහරවිට බයට නැත්නම් පුරුද්දට.. ඒ වුනාට අපි නටන්නේ තනිකරම මෝඩ කමට, නැත්නම් ඔක්කොම ආණ්ඩුවෙන් පිනට කන්න හිතාගෙන. ඒ කියන්නේ කම්මැලිකමට.

    කොහොම වුනත් කවි පෙළයි කාටුන් එකයි මැච් වෙලා තියෙනවා නියමෙට..

    ReplyDelete
    Replies
    1. ඔව් පැතුම් , ඇත්තටම ගත්තොත් රිලවට වඩා අපි මෝඩයි, රිලවට කරන්න දෙයක් නැතිකමට කරන දේ ,අපි දැන් දැනම කරනවා . අපේ කම්මලි කමට , අඩු ගානේ යමක් හිතන්නවත් අපි කම්මැලියි

      Delete
  43. හම්මෝ.... මේ ටිකේ රිලව් හැම තැනම...
    කකුල් 4 සහ දෙකේ යන දෙගොල්ලොම දැක්ක.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්......... අපිත් ඇතුළුව

      Delete
  44. අර නටන අහිංසක රිලවුනුත් පව් , අපේ රටේ මෝඩ මිනිස්සුත් පව් ......

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත ,
      හැමදාම රැවටෙන රිලවුනුත් පව්, රිලව් වගේ රැවටෙන මිනිස්සුත් පව්.

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]