Thursday, July 10, 2014

ඩයිවර් මං

උදේ පාන්දර හතරට ටර්න් එක පලවෙනියට 
ඒකට යන්නට ගෙදරින් එනවා තුනයි කාලට 
බයිසිකලේ පැදන් ඇවිත් මුදලාලිගේ ගෙදරට 
යතුර අරං බලලා තෙල් වතුරත් හරි හරියට 

හඳුන් කූරු පත්තු කරලා වැඳලා සුක්කානමටත් 
ස්ටාට් කරලා රේස් කරලා දාලා පොඩ්ඩක් සද්දෙත් 
කොන්දා මල්ලි මගින් අරන් යනවා බස් නැවතුමටත් 
ටර්න් එකට වෙලාවටම ගහනවා කවුරුත් නැතිවත් 

එතන ඉඳන් එක හැල්මෙට දුවනවා දවසම නැහෙමින්
ට්‍රිප් ඔක්කොම නොගහැව්වොත් කැපෙනවා ගානක් පඩියෙන්

එහෙන් මෙහෙන් රිංගාගෙන සමහරු යයි කපාගෙනම 
ඒකට ගානක් දුන්නම ශේප් වැඩේ ටයිමරයට
මගදී යන්නේ තව සමහරු මගේ ලෝඩ් එක කපාන 
එහෙම රේස් යන්න වුනොත් එන්නේ දඩ කොළ ඔතාන 

දඩ කොලේට මම ගෙවන්නේ ලොක්කා නෑ අත දාන්නේ 
ටික්කා මග හැංගි ඉඳන් රෙස්පට් පිට පගා ගන්නේ 
ඉරි කැපුවා මග දැම්මා කලර් ලයිට් වල පැන්නා 
එහෙම මොනවා හරි කියලා රාලහාමිත් ගැට කපුවා 

කකුල යටින් වමෙන් මැදින් ත්‍රී වීලර් යයි රිංගා 
ඊට හපන් මෝටර් සයිකල් එලවන පොඩි කොල්ලා 
ඔහොම ගිහින් හිටපු ගමන් බස් බොඩියත් කිස් කරලා 
හතර ගාතේ උන් වැටුනම කන්න වෙනවා ගස් බැඳලා

හයියෙන් අපි ටිකක් ගියොත් මගී ජනයා ඔරවාලා 
අපිට තවම ජීවිත නම් එපා වෙලා නෑ කියලා 
කියනවා නොව බෙරිහන් දෙයි මහා සද්දෙන් ඔරවාලා 
ඒ වුනාට හෙමින් ගියොත් තාත්තා ඉබ්බද අහනා 

ෆුට් බෝඩ් එකේ නැගලා නම් යන්න එපා යයි කිව්වම 
තරුණ ගැටව් එන්නේ මිරිකලා කන්න මගේ බෙල්ලම 
එහෙම ගිහින් අම්මප බොල එකෙක් දෙකෙක් දෙරි ගැහුවම 
යන්නේ ඇවිත් පොලොසියෙන් මිරිකාගෙන මගේ බෙල්ලම 

යුනිෆෝමය ඇඳලා නෑ කස්ටිය ගෙම්බර් දාන්නේ 
අඳිනා එක හෝද ගන්න කොහෙද යකෝ කල් තියෙන්නේ 
රෑ දොළහට ගෙදර ගිහින් ආපහු දෙක තුනට එන්නේ 
අඩු ගානේ මගේ ගෑනිගේ හැඩරුව වත් නෑ දකින්නේ 

පෝයට අවුරුද්දටවත් නිවාඩුවක් නෑනේ ගන්නේ 
එහෙම වුනොත් ටෙම්පරියට දුවන එකා මෙහි ලගින්නේ 
එහෙම වෙලා පාරට වැටුනොත් මට අබසරණ වෙන්නේ 
කාගේ වුනත් මගේ නමට දරුවොත් හතරක්ම ඉන්නේ 

කොයි තරමින් මොනාවුනත් ගාන ඕනේ අපේ ලොක්කට 
ඒ ගානින් අඩු වුනොතින් බනින්නේ මියගිය අම්මට
අතරමගදී හුලන් ගිහිං නවතුනොතින් මග ඔක්කොම 
බැනුම් අහලා මගේ හුළං යනවා වැඩියෙන් ටයරෙට

ඊපීඑෆ් ඊටීඑෆ්  බටා ඕටී නෑනේ අපිට 
අතපය පන නොමැති දාට වෙන්නේ පාරේ හිඟාකන්න
ප්‍රයිවට් බස් ඩයිවර් යයි කියන්න බෑ ඉස්කෝලෙට 
තාත්තේ වෙන ජොබක් හොයන් යන්නේ නැත්තේ ඇයි ඇත්තට 

පුතේ උඹල ඔය කිව්වට කවුද දෙන්නේ රස්සා අපිට 
කොහේ ගියත් ජොබ කිව්වම ඔක්කොම බැලුවේ හරහට 
එක මකුනෙක් කෑවා වුනත් එල්ලුම් ගස් හැම මකුණම
කවදද පායා එන්නේ හැමට නැගෙන ඉර අපහට



206 comments:

  1. මිනිස්සු දිහා වෙනම කෝනයකින් අනුකම්පාවෙන් බලන්න උඔ අපිට කියලා දෙනවා. චුං පං මල්ලි උදාහරන

    ReplyDelete
    Replies
    1. මෙන්ඩියා . අංගුලිමාල රහත්වුනෙත් වෙනම කෝණයකින් බලපු නිසානේ බං

      Delete
    2. කිසිම කවිත්වයක් නම් පේන්න නැහැ.ඒකට මොකද මේකෙ උන් එල එල කියනවනෙ.උබේ ''කතාව'' නම් ඇත්ත.ඒ වුනාට මොකද මන්දා මේ කතාව පද 4න් 4ට වෙන් කරල තියෙන්නේ..?

      Delete
  2. මවං මට නිකන් හිතට දැනුනා උඔ අලුත් දෙයක් ලියලා ඇති කියලා ඒනිසයි ඇවිත් ඉදගත්තේ පරිගනකය ඉස්සරහා.

    ReplyDelete
    Replies
    1. කෝ බං එලද බ්‍රා කෑල්ල

      Delete
    2. ගෙදර හින්ද ඒක ගලෝල වෙන්ටැති ඉන්න ඇත්තෙ.

      Delete
    3. ගෙදර ඉනනේ කොහෙමද මචෝ සුද්දියෝ ඒහේ හෙලුවෙන් පාරවල් දිගේ දුවනකොට, ඉතින් අපි මහනවා පටවනවා.
      එල ද බ්‍රා ඈ.

      Delete
  3. උපරිමයි.. එකක දෙකක එලිසමේද මොකක්ද එක එන්නේ නෑ.. බොක්කටම වැදුන කවි දෙක තුනක් තිබුනා..

    එහෙන් මෙහෙන් රිංගාගෙන සමහරු යයි කපාගෙනම
    ඒකට ගානක් දුන්නම ශේප් වැඩේ ටයිමරයට
    මගදී යන්නේ තව සමහරු මගේ ලෝඩ් එක කපාන
    එහෙම රේස් යන්න වුනොත් එන්නේ දඩ කොළ ඔතාන

    යුනිෆෝමය ඇඳලා නෑ කස්ටිය ගෙම්බර් දාන්නේ
    අඳිනා එක හෝද ගන්න කොහෙද යකෝ කල් තියෙන්නේ
    රෑ දොළහට ගෙදර ගිහින් ආපහු දෙක තුනට එන්නේ
    අඩු ගානේ මගේ ගෑනිගේ හැඩරුව වත් නෑ දකින්නේ

    පෝයට අවුරුද්දටවත් නිවාඩුවක් නෑනේ ගන්නේ
    එහෙම වුනොත් ටෙම්පරියට දුවන එකා මෙහි ලගින්නේ
    එහෙම වෙලා පාරට වැටුනොත් මට අබසරණ වෙන්නේ
    කාගේ වුනත් මගේ නමට දරුවොත් හතරක්ම ඉන්නේ

    තේ උඹල ඔය කිව්වට කවුද දෙන්නේ රස්සා අපිට
    කොහේ ගියත් ජොබ කිව්වම ඔක්කොම බැලුවේ හරහට
    එක මකුනෙක් කෑවා වුනත් එල්ලුම් ගස් හැම මකුණම
    කවදද පායා එන්නේ හැමට නැගෙන ඉර අපහට

    ReplyDelete
    Replies
    1. බලපන් ඉතින් මේ දුක තේරෙන්නෙත් කාර් එකක යන එකෙකුටනේ.. මමත් බොහෝම අනුකම්පා කරන පිරිසක් මචෝ, ඩැයිවර්ලයි කොන්දලයි. මට මතක හැටියට මම ලිව්වා මාරු කාසි අරගෙන බස් එකට ගොඩවෙලා කොන්දගෙන තමන්ගේ ගෞරවයයි ආත්මාභිමානෙයි රැක ගන්නය කියලා. ළිපියේ නම රුපියලද පතිවතද?

      Delete
    2. මාතලන්..මටනම් මේක කවි පද පෙළකට වඩා සිංහල rap එකක් වගේ feel වුනේ. එළිසමේ නැති උනත් මුල ඉඳන්ම rap ස්ටයිල් වගේ තම කියවෙන්නේ.

      Delete
    3. එළිසමය ගැන නම් වැඩිය හිතුවේ නෑ මාතේ . ඔය කියවෙන රටාව බලලා ලීවා , ඇත්තටම නරක පැත්ත ගැන විතරක් ගැන කතා කරන මිනිස්සුන්ගේ අපිට නොපෙනෙන පැත්ත ගැන කතා කරන්නයි මටත් ඕන වුනේ, ඇත්තටම එක හෝල්ට් එකක් යන්න බස් එකට නැගලා කොන්දොස්තරට රුපියල් සීය දික් කරලා කොකු දාගන්න් මිනිස්සු ගැන තමා අපි ඉස්සෙල්ලම හිතන්න ඕනේ මුන්ට පිස්සුද කියලා .

      තැනකුයි වේවා මාතලන්

      Delete
    4. ෂෙහාන් - ඇත්තටම කවියක්ම ලියන්න නෙවෙයි උත්සාහ ගත්තේ ටිකක වාද බයිලා ස්වරූපෙන් ලියන්න තමයි මටත් ඕන වුනේ

      Delete
    5. මාතලන් රුපියලද පතිවතද ලින්ක් එක දාන්නකෝ , පැය ගානක් දඟලලාත් හොයාගන්න බැරිවුනා එක

      Delete
    6. මාතා අයියන්ඞි අන්න ඒක තමයි පාර කාර් එකක යන එකෙකුට තමයි දුක තේරෙන්නේ.

      Delete
    7. http://maathalan.blogspot.com/2012/03/one-rupee-fools.html

      Delete
  4. රියදුරන් ගැන බොහොම දයාර්දව හෙලන ලද බැල්මක්..... මොන තරම් බැනුම් කන්දරාවක් අහගනද මේ මිනිසුන් දිවි ගැට ගහගන්න මෙහෙ කරන්නේ... උපරිමයි ඉවාන්...

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් අයියේ අපි හැමදාම දකින්නේ බලන්නේ ඔවුන්ගේ කළු පැත්ත විතරයිනේ , එත් ඒ ඉන්නෙත් මිනිස්සු . අපි වගේම . බැනුම් ලියල දීලා වගේ හරියට

      Delete
  5. එල & මසුරං කොල්ලො ....

    ReplyDelete
  6. Replies
    1. හා..... බොන්නත් මොනව හරි අරගෙන......

      Delete
    2. කන්නත් මොනවා හරි හදන් වර ශානුවො. :D

      Delete
    3. ඒ ඒ අපිත් ඉන්නවෝ.....! :D

      Delete
    4. කිඹුලි .....,එහෙනං මටත් චොකෝ ඩ්‍රින්ක් එකක්... ;)

      Delete
    5. @ ශානුවා - කෝ බං උඹට තාම හවස් වුනේ නැද්ද ?

      Delete
    6. ඈ යකෝ තොපි හිතුවද මම රෙස්ටුරට් එකක් දාලා කියලා...දුප් යන්න පාප මිත්‍රයෝ......

      @ හවස එන්නම් කිව්වේ මේ කතාව එක්ක මට ඊයේ පෙරෙදා වෙච්ච දෙයක් මතක් උනා ඒක ගැන ටිකක් ලියන්න.....අපේ තාත්තා වැඩ කලේ කොළඹ ඹ්OC අවු.25 ට වැඩි ප්‍රමෝශන් එකකින් පහු ගිය මාස තුනම කුරුණැගල යනවා එනවා තමා.....තාත්තට තිබුන රාජකාරිය තමා සල්ලි බොක්පොඩි බැංකු වලට දාන එක ඔය යන,එන අතර තුර තාත්තා ඔය ඩ්‍රයිවර් එක්ක කතා බහ කරනවලු අවු32 ක විතර බැදලා ළමයි 3 දෙනෙක් ඉන්න කෙනෙක්ලු....ඉතින් තාත්තා ඕ.ටි. එහෙම වැඩිපුර දිලා පොත අත්සන් කරලා දෙනවලු......දවසක් ඔය කෙනා තාත්තගෙන් පොඩි එකෙක්ට අසනීපයි කියලා රුපියල් 2000 ඉල්ලගෙන.....හැමෝගෙන්ම ඉල්ලලා කවුරුත් දිලා නෑ....ඔහොම දවස් ගත වෙද්දි තාත්තට අම්මා උදෙන්ම උයලා දෙන බත් එකේ බාගයක් දවල්ට කද්දි අර ඩ්‍රයිවර්ටත් දීලාලු කන්නේ ඔන්න .....ගිය සතියේ තාත්තට මීගමු බොක් එකට මාරුවක් ලැබුනා....එන දවසේ තාත්තා ස්ටාෆ් එකේ කට්ටියට පේස්ටි ,කිරි තේයි සංග්‍රහ කරලා කතා එහෙම පවත්තලා....එන්න යද්දි අර ඩ්‍රයිවර් තාත්තගේ කකුල් දෙක ලග වැටිලා වැදලා." මහත්තයා කරපු උදව් වලට පිං "කියලා. තාත්තා ඔය කතාව අපිට ඒ වෙනකම් කිව්වේ නෑ....එදා හවස මන් ස්කයිපි අම්මලා එක්ක කතා කරද්දි තාත්තට ගෑණු කෙනෙක් කතා කරා...ඒ අර ඩ්‍රයිවර්ගේ නෝනා....තාත්තා කරපු දේවල් වලට ස්තූති කියන්න.... තාත්තා ඒ මනුස්සයට දැන් කොළඹ බොක්එකක ඩ්‍රයිවින් කරන්න යන්න උදව් කරනවා.......(හැමදාම හාල් මැස්සොයි බතුයි කාපු ඒ මනුස්සයට පිහිට වෙන්න ලැබුන එක ගැන තාත්තාගෙන් හාරලා ඔය කතාව අහ ගත්තේ)

      ඒ මිනිස්සු මාර අසරනයි අයියේ... මේ කතාව අගෙයි....

      Delete
    7. සුදු නංගී - මිනිස්සු හරිම අසරණයි බං, ඒත් කවුද කැමති හැමදේම හැමෝටම කියන්න . අපිම හොයලා කෙනෙකුට උදව් කරොත් ඇරෙන්න ඇත්තටම අසරන මිනිස්සු කාගෙන්වත් උදව් ඉල්ලන්න යන්නේ නෑ . තාත්තා කරපු සුළු දෙයත් ඒ මනුස්සයට මහමෙරක් වගේ වෙන්න් ඇති . ඇත්තටම මිනිස්සු සතුටින් තියන්න ලෝකේ පෙරලන්න් ඕනේ නෑ සුළු දෙයක් කලාම හොඳටම ප්‍රම්මන්වත් , අපේ නොසැලකිල්ල නිසා ඒ දේවල් අපිට මග ඇරෙනවා. ඒ අතින් උඹලගේ තාත්තා කරලා තියෙන්නේ ලොකු පිනක්

      Delete
    8. සුදු නංගි කවුද මේ කිඹුල් අක්කියාද ?:පී

      Delete
    9. මදාරා - නැතුව එහෙනං

      Delete
    10. @ ශානු
      මේ කතා කරන්නේ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක් ගැන කියලා ෂුවර්ද? මම නම් අත්දැකීමෙන් දන්න විදිහට කුණු ජරාව නාගෙන ඉරිච්ච ඇදුම් ඇඳලා හිටියට බස් ඩ්‍රයිවර් සහ කොන්දොස්තර සෑහෙන්න හම්බ කරනවා. ඒත් ඒ සල්ලි ඉතුරු වෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. (මේ කතා කරන්නේ හැම කෙනෙක් ගැනම නෙවෙයි ඒත් සියයට 80 මේ වගේ) හේතුව මේ මිනිස්සු සල්ලි පුදුම විදිහට අනවශ්‍ය දේ වලට වියදම් කරනවා. අරක්කු බොන්න, KG වලට, ගෑනුන්ට වියදම් කරලා ඉතුරු වෙන ඒවා තමයි ගෙදරට යවන්නේ. ඉතින් ගෙදර මිනිස්සු අමාරුවෙන් ඉන්න එකනම් ඇත්ත වෙන්න ඇති.

      Delete
  7. ඉවාන් මල්ල ගෙ ලිපිය ට අදාළ වැඩ සටහනක් ඇහැව්ව....
    ඔබ සැම නොදන්න කතාවක්.... තිබේ තව...............

    http://nethfm.com/article/25043 බලන්න....

    ReplyDelete
    Replies
    1. යන්න බෑ කියනවනේ..

      Delete
    2. එහෙනම්....nethfm balumgala ට යන්න...

      Delete
    3. අප්පටසිරි මාර කෙස් එක ,කප්පම්කරුවෝ සියසින් දැකගන්න

      Delete
  8. පද ටික පට්ටයි මචෝ.

    හැමෝම ජීවන අරගරේ, හැමෝම ජීවිතේ රැක ගන්න රේස් එකක.……

    ReplyDelete
    Replies
    1. ජීවිත ගමන් දුවන අපේ සහයට ඉන්න අපි අකමැති කොට්ටාසයක් ගැන තමයි මේ , එත් ඔවුන්ගේ අපට නොපෙනෙන පැත්ත

      Delete
  9. හැමදාම වගේ උපරිමයි ඉවාන්.
    ඔය මිනිස්සු විදින දුක දන්නේ ඒ මිනිස්සුම විතරයි.

    ReplyDelete
    Replies
    1. නිමෝ තමන්ගේ දුක හැමදාම දන්නේ තමන් විතරයි බං , අනික් මිනිස්සුන්ට එකේ වගක් නෑ

      Delete
  10. උබටටත් පෙන දෙවල්.ඔහොම දකින්න පුලුවන්කම ලැබෙන්නෙ පින්කල අයට.උබත් ඉතින් පින මුනෙන් අරන් ආපු එකානෙ.(උඩ තොලේ)

    ReplyDelete
    Replies
    1. දමියා - ඔය කිව්වේ ඉතිං .. අම්මප උඹටත් මතක් වෙන දේවල්

      Delete
    2. රෙහානියා උඹ අහුවෙයන්කෝ ගින්නට පැට්‍රෝල් දානවට

      Delete
    3. හිහිහි. අපි කිව්වේ.... හූ ඇද්ද අහගත්තා!

      Delete
    4. ආ උඹත් ආවද ඒ ගමන ... පිස්සු බස්සි ...

      Delete
    5. හා .. අර මදුරුව කාපු තැන වෙන්ඩැති !!!

      Delete
    6. නෑ පත්තරේ මෙන්න මේක මතකද?
      http://iwanpaulooshaa.blogspot.com/2014/02/birth-mark.html

      Delete
    7. හා හා.. හයියෝ ගම කනවා බස්සි .!!!

      බළල පැන්න මල්ලෙන් නෙමෙයි කෙලිය නේද තාප්පෙට !!

      වෙල් ඩන් මස්සිනා.. උඹේ උපං ලපේ මට දියංකො මාසෙකට දෙහෙකට . හුකෑස්

      Delete
    8. බස්සි & පත්තරයා තොපි දෙන්න අන්තිම කැමති පත්තරේ ලියලා හිටපියව්

      Delete
    9. @ ඉවාන්,
      අනේ පල යන්න... දැන් බොට වැඩේ දෙන්න පිරිස වැඩියි.. බොලන් පරිස්සන් වෙලා හිටු.

      Delete
    10. ඈ නිමෝ හෙවත් බයිසිකල් සර්කස් ඇවිල්ලා

      Delete
    11. ලපේ තමා ලපේ....

      Delete
    12. අ මෙන්න නලියත් පිදුරු දාන්න ඇවිත්

      Delete
    13. ඔන්න මමනම් මුකුත් කිව්වේ නෑ

      Delete
    14. ඔව් හොඳ වෙලාවට උඹ මුකුත් නොකිව්වේ

      Delete
  11. මේ මිනිස්සු කරුමයක් තමයි ගෙවන්නේ. මුළු සමාජයම විනයවත් වූ දවසක තමයි මේ අයත් හැදෙන්නේ. අපි කලයුත්තේ මේ වගේ අයගේ මිනිස්කම දියුණු කිරීම සඳහා සමස්ත සමාජයම වෙනස් කිරීමට උත්සාහ කිරීමයි.

    ReplyDelete
    Replies
    1. අනන් හරි විචාරක ඒ මනුස්සය ඔය තත්වෙට පත්කරපු සමාජය ගැන කවුරුවත් කතා කරන්නේ නෑ ඒ මනුස්සයෝන්ට බනිනවා විනා , සමජයේ කොටසක් විතරක් තනියෙන් හැදෙන්නේ නෑ , සමාජයම එකවිට තමයි මනුස්සයෝ වෙන්න් ඕන

      Delete
  12. ,අනේ අම්මේ මම දවස් හතක බෝධි පුජා කොලා මුට අර නසරානි පත්තර කොල්ලගේ මදුරුවාගෙන් කරදරයක් නොවේවා කියලා ...
    කලින් වගේම උපරිමේට ලියලා තියෙන පද පෙලිටික බැලුවම ඇස්වහක් කටවහක් නෑ කොල්ලෝ ........... ලෙසටම පේනවා මගේ බෝධි පුජාව වැඩ කොරලා කියලා................... පරණ ඉවානයම ඉන්නවා

    ReplyDelete
    Replies
    1. උඹේ බෝධිපූජාව වැඩ කරලා තමයි , තැන්කු වේවා , බෝධිපූජාව ගැන දැනගත්තට පස්සේ මම උඹව මරණ අදහස අතැර ගත්තා. තන්කුයි මැලේ රාළයෝ

      Delete
    2. ලබන පාර එවන්නේ කොට්ටෝරුවෙක් වගේ එකෙක් ඩෙංගු අරන්.. හිටපියව්. මදුරුව බුලක් කෙලියනේ.. නැත්තං මෙලාට අද උඹේ බණ . චැහ්

      Delete
    3. මා...ව ......... මරන්න .......... මු.....
      කාපු බීපු වේලාවට පුංචි විහිළුවක් කෙරුවට

      Delete
  13. පොලිස් ලොක්කට ගැහැව්වෙ කණ පැලෙන්නට
    සිංදු දමන් යමු කන් බීරි වෙන්නට
    පාරේ කොට කොටා මග පැළ වෙන්නට
    කොහොමද සොමිය මගෙ බස් එකෙ යන අයට

    ReplyDelete
    Replies
    1. ඔය ටික ඉතින් ඔය මිනිස්සු ගැන හැහෝම හැමදාම හැමතනම කියන එකම කතාවනේ, එත් එතනින් එහාට ගිහින් ඒ මිනිස්සු මේ තත්වෙට පත් වෙන්න හේතුවයි, ඒ මිනිස්සු විඳින දුකයි ගැන කතා කරන්නේ කීයෙන් කීදෙනාද? ඔය සිල්ලර කාරනා ටිකට ඔය මිනිස්සුන්ට හැමදාම බනින එකනේ හැමෝම කරන්නේ .

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මගේ මාමා කෙනෙක් ඉන්නවා අවු.17ක් තිස්සේ බස් ඩ්‍රයිවින් .....කවදා වත් අහලා නෑ පාරෙදි ලෙඩක් දාගත්තා කියලා .මං මේක කියෙවුවෙ එයාගේ ජිවිතේට ආදේශ කරගෙන ....නියමයි හොදේ...ගොඩක් සමීපව දැනුණා චිත්ත රූප මැවුණා ....මගේ මාමා යන එන - වැඩ කරන විදිහ..සති ගණන් පඩි නොදී ඉද්දි නැන්දා මුදලාලි ට කෝල් දෙන හැටි එහෙම... ;)

    ReplyDelete
    Replies
    1. ඔයාගේ නම දාගන්න රෙහානි @ KOREA කියලා :P ,ඔන්න් ඔය කාරණාව තදින්ම තියෙනවා රෙහානි සමහර වෙලාවට මාස තුනක් විතර වදක්ලාම සතියක පඩිය දෙනවා , එකත් අන්ගෙන් ඇටයක් යනවා වගේ, ඕනවට වඩා ඉල්ලුවොත් ඊළඟ දවසේ ඉඳන් වෙන එකෙක්ව වැඩට ගන්නවා. ඇත්තටම සමහරු නිශ\දාගන්නෙත් බස්සේකෙමයි සතිය දෙක

      Delete
    2. ඇයි නැත්තං උඹට කා එක්ක හරි මාව පටලැවෙනවද ? හික්ස්....:P

      Delete
    3. හෙක් නෑ බං, උම්බ්ලා හිටි ගමන් අන්තර්ධාන වුනාම ඉන්ටර්පෝල් එකෙන් දාන්න එපයි හොයන්න . උඹේ මේලක් වත් දීලා තියහන් අපිට

      Delete
    4. උයාගේ මේල් එක මට දෙන්නකෝ එහෙනම් ...

      Delete
  16. කවි ටික උපරිමයි මලේ! තව හැඩ වැඩ ටිකක් දාන්න තිබුණා. ඒත් හිතලම මේ ආරට ලියපු බවක් තමයි දැක්කේ. මාතලන් උපුටා දක්වපු කවි ටිකම මගෙත් හිතට වැදුණා. ජය!

    ReplyDelete
    Replies
    1. ශා සඳුන් අයියා වගේ කවියෙක්ගෙන් ඇගයීමක් ලැබීම අප්‍රමාන් සන්තෝසයි, මේ ආරට හිතලම තමයි ලිව්වේ ,නිකන් එක දිගට කියවගෙන යන්න වගේ හිතලා

      Delete
  17. ඉවාන්..නියමයි..අපි කළු චරිත විදියට අඳුනගන්න කැමති අපේම කොට්ට්හාශයක්ක් දිහා අමුතුම ඇහැකින් බලල ඒ ය අපි හිතන තරම් කළු නැහැ කියල කියල දීල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ෂෙහාන් මිනිස්සුන්ව කළු කරලා තියෙන්නේ අපිමයි, මේ මිනිස්සුන්ගේ ඇතුලාන්තය මේවගේ තමයි හැමෝටම හැන්ගුනු දුක්බර කතාවක් තියෙනවා

      Delete
  18. >>කාගෙ වුනත් මගේ නමටත් දරුවන් හතරක්ම ඉන්නේ<<
    එළ!
    හැමදාම දකින කෝණයට වෙනස් කෝණයක්!
    ඒ වුනාට මගේ නම් කිසිම පැහැදීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ්... මේ මිනිස්සු අපිට රකුසෝ වගේ පෙනුනට ,ඒ මිනිස්සුත් පිටතට එහෙම පෙන්නුවට , ඇතුලාන්තය හරිම දුක්බරයි .

      පැහැදීමක් නෑ කිවේ මං ගැනද ? :o

      Delete
    2. උඹ ගැන නෙවෙයි බං. ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා ගැන.

      Delete
    3. අප්පටසිරි එක මිසක් ... මමත් එහෙම පැහැදීමකින් හිටියේ නෑ ,දැනටත් නෑ එත් ඒ මිනිස්සුගෙ අපිට නොපෙනෙන පැත්ත තමයි ඩූඩ් ඔය , අපිට පෙන්නන්න බැරි රකුසු මූණු ඇතුලේ තියෙන්නේ,අපේ උඩින් පිටවෙන්නේ මෙන්න මේ පීඩනය

      Delete
  19. මතකද බස් එකේ දොරේ ගහල තිබුණ මේ කයිය විල්බට් අඹතලාවගෙ ,,,

    අප හට සිදු වේය ලොකු ලොකු දඩ කන්න
    සෙසු හැම දෙනා හට සිදුවෙයි තෙරපෙන්න
    ඔබගේ පසුම්බිය ඉඩ ඇත නැති වෙන්න
    පාපුවරුවෙ නොසිට කරුණාකර ඇතුලට යන්න …

    හරි යං…හරේ … !!

    ReplyDelete
    Replies
    1. ප්‍රයිවට් බස් නම් විල්බට් අඹතලාව අමතක කරන්නේ කොමද බං?

      උඹ පත්තර මල්ලිද කොන්දොස්තර මල්ලිද?

      Delete
    2. නාල්ල, රාජගිරිය,බොඇල්ල ,මරදාන,පංචිකාත්ත,ආමර්වීදිය ,කොටඒන,එට්ටියාවත්ත, එට්ටියාවත්ත ,එට්ටියාවත්ත ,එට්ටියාවත්ත … … … හැත්තෑය හැත්තෑය හැත්තෑය .… යා … රේ . හරි යං හරේ …
      !!!

      ඔය දැන් නැගපු අය සල්ලි ගන්ඩ.. :D

      Delete
    3. [ 176 - කරගම්පිටිය - හෙට්ටියාවත්ත] :D

      Delete
    4. නැගපු අය සල්ලි ගන්ඩ??????

      ඒ මොකටද ...අනික මේ නගින නගින වෙලාවට උඹට සල්ලි දෙන්න ගියොත් මුලුසේසතම පැය දෙක තුනෙන් උඹට දෙන්න වෙයි

      Delete
    5. පිස්සු නං කෙලින්ඩෙපා සර් ,, නඩුව පරදින්ඩයි යන්නේ ..

      මීට ඇම්ඩා :D ඕ යේස්.

      Delete
    6. නෑදෑකමට මිතුරැකමට නිලබලයපිට
      නොමිලේ යන්නෝ නැත්තේ නැත කලක සිට
      දැන්කාලේ වියහියදම් බලනකොට
      බස්හිමියාගෙනුත් අයකල යුතු වෙනවා හෙට

      ඡපානේ..මැලේසියාව...ඉතාලිය...කොරියාව...
      නගින්ඞෙ..නගින්ඞෙි එයාපොට්...එයා..පොට්.එයාපොට්

      Delete
    7. ඔය නෝනලා ටික ඉස්සරහහෙන් සල්ලි ගන්න..
      අරේ යං අරේ
      දැන් ඔය මහත්තරැ ටිකත් පස්සෙන් සල්ලි ගන්න

      Delete
    8. ආ බොල මෙන්ඩියෝ නොනලයි මහත්තුරුයි මැජික් කාරයෝද ඉස්ස්රහිනුයි පස්සෙනුයි සල්ලි ගන්න කියන්නේ

      Delete
    9. සුදු ෂර්ට් එක ඇඳං ඉන්න මල්ලි පොල්ල අල්ලං ඉස්සරහට යන්ඩ.. ඉස්සරා ඉඩ තියනවා.

      යා … රේ …

      Delete
    10. පස්සෙන් සල්ලි ගන්න පුලුවන් නම් අපි බස්වල යනවද මල්ලි?

      Delete
    11. අරි අරි නෝනා එනං දෙපැත්තෙන්ඉඞ දිලා ඉස්සරහෙන් සල්ලි ගන්න.

      Delete
    12. මේ.. මල්ලී.. මේ බස් එකේ මයියංගනේට යන්න පුලුවන්ද?

      Delete
    13. මල්ලී .. යන්න පුලුවන්. ඉතුරු සල්ලි බහිද්දි ඉල්ලගන්න :D

      Delete
    14. යන්ටයි තනන්නේ යන්ටයි තනන්නේ ගම්පොල ගම්පොල.

      Delete
  20. පට්ටම පට්ටයි ඉවානයො.. බොහෝ මිනිසුන්ගෙන් බැනුම් අහන පිරිසක් ගැන වෙනස් රාමුවකින් ලියපු පද ටිකක්..!

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා සංචාරකයෝ .. හැමදාම අපි බාන්නට මේ මිනිස්සු දුවන්නෙත් අපි දුවන තරඟය මැ තමයි බං

      Delete
  21. ඉවානෙයො .. උඹ මේ රියදුරෝ දිහා බලපු විදිය සංවේදියි..සාධාරණයි.. ඒ උනාට මගේ හිතේ තියන එකත් ලියන්ඩෙපෑ.. ඇත්‍ත කතාව !!!

    ඔය බස් ඩ්‍රයිවර්ල ඉන්නව නේ මචං.. මට ඩ්රයිවිං සීට් එකේ ඉඳගත්‍ත්ත වෙලාවෙ ඉඳං මාලු නටනවා ඇඟේ..
    පාරක යන පිලිවෙලක් තියනවනේ මචං..ප්‍රශ්න රැකියාවෙ පීඩනය අරක මේක අපි හැමෝටම තියනවනේ..

    ත්‍රීවිල් එකක් ඔබන්ඩ බැරි තැනින් බරස් ගාල බස් එක ඇතුලට දානවා.. අනේ අපි ඉතිං දුක්මහන්සි වෙලා ගත්‍තවාහනේ නිසා කාණුවටම දාල බේරගන්නවා.

    බ්‍රේක් ලයිට් නෑ සිගනල් නෑ මෙලෝ $#@ක් නෑ මේ යන ගමං එහෙම්ම නවත්තවා පාර මැද. බ්‍රේක් ලයිට් බල්බ් පිච්චිලානං කමක් නෑ .. අඩුගානෙ සිග්නල් එක දාපං .. ඒත් නෑ.

    ඕවටේක් කරද්දි කපන්නේ එන්නේ ඉස්සරහ එන එකාගෙ මූණට ඔන්න මෙන්න තියලා..වැරදීමක් උනා.. /අනිත් වාහනේ එලවන්නෙ ගෑණු කෙනෙක්/වයසක කෙනෙක්..කලබල උනා කියපං .මළගෙයක් නේ..

    බස් එක ගන්නේ අඹරලා ..එතකොට ඉස්සරහ කෑල්ල ගියාම පස්ස එන්නෙ වලිගෙ වගේ ඇඹරිලා.බස් එකේ මූණ විතරයි ඩ්‍රයිවර්ගෙ.පස්ස කොහේගියත් එයාට අවුලක් නෑ... ආයෙ වලිගෙ කොනකවත් බයික් එකක් එහෙම ගෑවුනොත් ඌ යන්නෙ උඩින්..

    ඔය යන ස්පීඩ් එකට බ්‍රේක් කරාට අහන්නෙ නෑ.. කහ ඉරි අදාලම නෑ.. වයිෆ්ගෙ යාලුවෙක්ට හම්බෙන්න හිටපු ට්වීන්සල නැති උනා, ඔහොම කැ# යෙක් ෆුට් බෝඩ් එකෙන් අඩිය තිබ්බ විතරයි බස් එක ඇදලා .. බස් එක ඇතුලෙ ඩෝං ගාල වැටිලා . ඒ ගෑනිගෙ අදටත් හූල්ලනවා.. පපුව පත්තුවෙනවා මචං..

    කියන්න දාහක් නං තියනවා.. ඒව ඕන් නෑ. මිනිස්සු තමා.ඒත් පාරක යන පිලිවෙලක් තියනවනේ මචං. සෙල්ලං කරන්නෙ ජීවිත එක්කනේ..
    ඉවසන්නම බැරිනුනාම කරන්නේ පාර හරස් කරගෙන එන්න නොදී ටිකක් දුර අරං එනවා.. .ඊට පස්සෙ යන්න දෙනවා.. :D
    හොඳ රියදුරු මහත්තවරුනැතුව නෙමෙයි..එයාලට මේක අදාල නෑ.

    නරක වගේම හොඳත් කියන්න එපැයි.. ඉස්සරහින් පොලිසිය ඉන්නවනම් ලයිට් පාරක් ගහල කියන්නෙත් බස් මචංල තමා.. ඒ ගුණේ තියනවා .

    ReplyDelete
    Replies
    1. මේව තනිකරම ඒ රියදුරන්ගෙ වරද නෙමෙයි..අනිත් සාධකත් බලපානවා.ඒත් මේවයින් 50% ක්වත් එයාලට තනියම නිවැරදි කරගන්න පුලුවන්.. උවමනාවක් නැතිකම.. .!! වෙන ලබ්බක් නෙමෙයි. !!

      Delete
    2. උඹ ඔය කියන පොදු වැරදි ටික හැමෝම හැමදාම හැමතැනම උන්ගෙන් දකින ඒවා. එත් ඒවාට බැන බැන හිටියා මිසක් අපි නිකමටවත් බැලුවද ඒවා නිවැරදි කරගන්න ක්‍රමයක්.ඔන්න ඔතන තමයි ප්‍රශ්නේ . මුළු සමාජෙම පිස්සු කෙලිනකොට එක ස්තරයකින් විතරක් හික්මීමක් බලාපොරොත්තුවෙන්න බෑ . අපි කෙලින් පිස්සු අපිට පෙන්නේ නෑ වගේම උන් කෙලින් පිස්සු උන්ට පෙන්නේ නෑ .
      //"එක මකුනෙක් කෑවා වුනත් එල්ලුම් ගස් හැම මකුණම
      කවදද පායා එන්නේ හැමට නැගෙන ඉර අපහට"//

      Delete
    3. හැම මකුණම කවද හරි කනව නේද? නැත්නම් උන් බඩගින්නෙ මැරෙයි.
      මකුණො ගැන කිව්වෙ , බස් ඩ්‍රයිවර්ල ගැන නෙමෙයි :-D

      Delete
    4. ඔව් ප්‍රා හැම මකුනම කවද හරි කනවා , එත් කතාවට අපි කියන්නේ එහෙමනේ

      Delete
    5. ප්‍රා :D උඹත් මරු බං .. කවදහරි කනවා :D

      Delete
  22. මගේ බාලම මල්ලිත් කාලයක් ලංගම බස් රියදුරෙක් ( මම ඌව ඕමාන් උස්සනකන් ) . රත්නපුර බදුල්ල කලේ කාලයක්. ඒ දවස්වල (ඔය ලටෙක්ද් මොකක්ද එක එන්න ඉස්සර ) තිබුන ඔය පාන් ගෙඩි වගේ බස් වල පවර් ස්ටියරින් නෑලු. ඌ හැමදාම ගෙදර ආවාම නංගි සිද්ධාලේප ගගා කොන්දයි අත් දෙකයි තවනවා තියෙන අමාරුවට. ඒ නිසාම ඌ බීලා බීලා ලිවර් එකෙන් භාගයකට විතර සාධාරනය ඉෂ්ට කරා. දැන් නං ඌ යහතින් ඉන්නවා. උඹේ රැප කියෙව්වාම මට මතක් උනේ මගේ බාල මල්ලියා...තැන්කූ ඉවාන්...

    ReplyDelete
    Replies
    1. ඔය ලටෙක් බස් වල එලවන ඩ්‍රයිවර් මහත්තුරු ඇඹරෙන ඇඹරිල්ල දැක්කම කොන්දක් ඉතුරුවෙනවද කියලා හිතෙනවා . අනික රත්නපුර බදුල්ල කියන්නේ ඇඹරිල්ලේ හොඳම එක . ඔය රූට් එකේ මං දන්න තරමින් පොඩ්ඩක්වත් බොන්නේ නැති ඩ්‍රයිවර් කෙනෙක් ඇත්තෙම නැති තරම් .
      තැනකුයි ආකි

      Delete
  23. ගෙදර ගිහින් කොමෙන්ට් කොරන්නං කිව්වට ගෙදර ආවෙ දැනුයි ගෙබිස්. හෙට උදේටම දෙන්නං විචාරේ ඈ. ඕන් හවස දාපු ගමන්මයි කියෙව්වෙ හොඳේ. :)

    Zzzzzzzzzz.........

    ReplyDelete
    Replies
    1. දැන් උදේ වෙලා බොල, කෝ උඹේ විචාරේ ... උඹව ඉස්ටු දානවා බලාගනිං

      Delete
    2. මෙන්න මගේ විචාරේ...

      බස් ඩයිවරේද, කොන්දොස්තර මහත්තයාද මනුස්සයෝය. ඔය කියන විදියේ බොහෝම හොඳ ඩයිවර් මහත්තුරුද, කොන්දයියලාද බොහෝ වෙත්. නමුත් ගොන්පාර්ට් දාන ඩයිවර් හාමුලා සහ ඊටත් ඉහලින් ගොන් ඇඩ් එක දෙන පිස්සු කොන්දලා නිසා මේ වෘත්තියේ ගෞරවය හෑල්ලුවට ලක්වී ඇත. හරියටම අර මාතලන් ඊයේ ලිවුව මැදපෙරදිග රැකියා කරන බොහොම අතලොස්සකගේ නරක කල්කිරියාවෙන් ඒ මුලු ශ්‍රම බලකායටම වැදුන හංවඩුව වාගේමය.

      පාරේ ඉගිල්ලෙන්න හදන ඩයිවරලාටත්, ඉබි ගමනින් යන අයටත් මම එකහෙලා විරුද්දය. නමුත් මෙහෙම කියමනක්ද ඇත; when you are driving, anyone who is faster than you is a BIGHEAD and anyone who is slower than you is a MANIAC. ඒ නිසා ඔය ඩයිවර් මහතැන්ලාටත් තමන්ගේ රිය ධාවනයේ වරදක් නොපෙනෙනවා වෙන්නත් පුලුවන්ය.

      ඔය ඇති නේ. ඩයිවර්ල ගැන අනිත් අයත් ඇතිවෙන්න කියල තියෙන්නෙ.

      නිර්මාණය ගැන කියනවානම්. මෙය ඉවාන් ගෙඹිලූශාට ආවේණික රචනා ශෛලියක් වන අතර, "සිකුරුටියා, චූන් පාන් මල්ලි, අහිකුණ්ටිකයගේ රිළවා" වැනි සමාජයේ අපි නිතරම දකින, නමුත් සැබෑ ලෙසම නොදකින චරිත වල සංවේදී සියුම් තැන්, උපහාසාත්මක වදන් සමුදායකින් පාඨක දෙනෙත් මානයේ විදාරණය කරන නිර්මාණ රටාවේ තවත් එක් ඉදිරි පියවරකි. (මේම කිවුවම මිනිස්සු හිතයිද මන් බුඩ්ඩිමට් කියල?)

      අනායාසයෙන් ගලා යන සරල, සුගම වදන් සමුදාය පාඨක සිත් ඇද බැඳ ගන්නේ නිතැතින්මය. පොළවේ පය ගසා ජීවත්වන මිනිසුන්ගේ ජීවිත හා බැඳුනු, කටුක යතාර්ථයෙන් කවිකම් ගෙතුමට එළිසම, විරිත් හෝ සංකීර්ණ කාව්‍යෝක්තීන් යොදනු කිම. මට මහගමසේකරයන්ගේ පැදි දෙපලක් සිහිවේ,

      බිඳෙන් බිදේ ජලේ
      පයිප්පයෙන් වැටේ
      සුරංගනාවියෝ
      මුඩුක්කුවෙන් බසිත්

      සැබැවින්ම ගෙඹිලූශා මේ ගයන්නේ පොළවේ පය ගසා ජීවත්වන සැබෑ මිනිසුන්ගේ ජීවන ගීතයයි.

      ඇති බන්. වැඩත් තියනව. ඔය මදැයි නේද?

      Delete
    3. ///""when you are driving, anyone who is faster than you is a BIGHEAD and anyone who is slower than you is a MANIAC.""// ඔන්න ඔය කතාව සහතික ඇත්ත , වෙන් එකක් තියා වහනයක් ජීවිතේට එක සැරයක් එළවලා තියෙන ඕන එකෙකුට ඔය විදිහට හිතෙනවාමයි .

      අර කවියනම් දන්නේ නෑ ..හැබැයි විචාරේ කියෙව්වමනම් හිතුනේ ප්‍රබුද්ධ ලියලා තියෙන්නේ මහගමසේකර නෙවෙයි බස්සි කියලා .අනිවා මත හිතුව උඹ බුද්දීමට් කියලා මේක කියෙව්වම .

      සිකුරුටියා චූං පාන් අවගේම මේ ඉන්නෙත් අපි නිතරදෙවේලේ දකින ,හැබැයි අපි වැඩිය තැකීමක් නොකරන මිනිස්සු . අපි නොදන්න පැත්තක් හැමවිටම තියෙනවා මේ මිනිස්සුන්ගේ.

      //"' සැබැවින්ම "දෙවිලූශා" මේ ගයන්නේ පොළවේ පය ගසා ජීවත්වන සැබෑ මිනිසුන්ගේ ජීවන ගීතයයි.""// තැනකුයි බස්සි

      Delete
    4. මචෝ උඹට ඉප්පෙලින් මිට්ටේක් එකක්. දෙවි නෙමෙයි ගෙඹිලූශා. අයියූ කණ්නාඩි දාපම් ඩෙවිල්ලූශා....

      Delete
    5. බස්සි බොක්කෙන් එකගයි විචාරේට.
      එල ද බ්‍රා.

      Delete
  24. කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ
    සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ
    කන්ද වසා හිත රවටා බැල්මක් වැටුනිද කාගේ
    එක හිත නැති නුඹේ හිතත් දහ අට වංගුව වාගේ

    මැද නුවරින් මං එනකොට නැගගෙන මහ කන්ද දිගේ
    ඉස්සරනම් නුඹ උන්නා උඩුදුම්බර හිච්චි නඟේ
    දැන් නොදකින හේතුව මට අදවත් පවසන්න හොඳේ
    මගේ හිතත් සැලෙන්නෙ නෑ හුන්නස්ගිරි කන්ද වගේ

    කන්ද බැහැලා මහියංගන වෙහෙර වඳිමු අපි දෙන්නා
    කියූ වදන් ගොළු කරගෙන දුම්බර උත්පලවන්නා
    වාන් දමන්නට කලියෙන් බැෛම්ම උඩින් හිත පන්නා
    අලු නොගැසුනු මගේ හිතත් කුළු ගඟටම දන් දුන්නා…

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඌට මෙහෙමත් හිතෙනවා ඇති බං

      දිනෙක රන් සළු පළදා
      සඳ නැගි මේලාවෙන්
      පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ
      පෙම් දෝලාවෙන්...//

      ඇසුරු කළ කම්පන හා සැනසිලි පස මිතුරු
      ගෙවුනු යෞවන විය තනි නොතනියේ උන් අයුරු
      නැවත නොලිහෙන ලෙස රැහැනින් බැදලා පවුරු
      සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු

      දිනෙක රන් සළු...

      වියලි මග මහ වැලි කාන්තාර පසු කරවා
      පවස සන්සිදවන ලෙස දිය උල්පත් අරවා
      පරව ගිලිහෙනතුරු සියොලග කලු සළු පොරවා
      ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා

      දිනෙක රන් සළු...

      Delete
    2. සංජීව මචෝ

      දැං හිරු FM සිංදු කාමරේ වගේ . නැද්ද හා.. :D

      Delete
    3. අම්මට සිරි! මට හරියන පොට් එකක්.

      Delete
  25. කවි ටික නියමයි ඉවානයෝ.. උඹ සමහර දේවල් දිහා බලන විදිහයි ඒක අපිට පෙන්නන්න හදන විදිහයි ඇත්තටම නියමයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් , ඒ ආකාරයෙන් මිනිස්සු දිහා බැලුවම අපි දකින්නවත් කැමති නැති මිනිස්සු ගැන පවා ඇතිවෙන්නේ අනුකම්පාවක්

      Delete
  26. //රෑ දොළහට ගෙදර ගිහින් ආපහු දෙක තුනට එන්නේ
    අඩු ගානේ මගෙ ගෑනිගේ හැඩරුවවත් නෑ දකින්නේ//

    පව් අප්පා......

    ReplyDelete
    Replies
    1. පව්දත් අහනවා ..... අඬන්න හිතෙනවා නේ

      Delete
    2. ඒ උනාට නෑමං කවදාවත් දුක් වෙන්නේ
      අල්ලපු ගෙදර ගුණේ අය්ය එයා බලා ගන්නේ !

      Delete
    3. රයිටෝ.
      කපල් එකට ගැලරියෙන් ඇන්කෝර් එක..
      ලයිට් ඩිම් කරන්ඩ අයියා..

      අඬන්නෙ ඇයි සුදු මැණිකේ
      කියන්න පණ මාගේ
      හෙලන්නෙ ඇයි කඳුලැලි
      ආදර නිල්මිණි දෑසේ

      Delete
    4. එල එල....

      අඬන්නෙපා දැන්
      ළඟින් හිඳින්නම්
      නෙතින් බැඳෙන්නම්
      සිනාසෙන්න දැන්න්න්න්

      Delete
    5. කඳුල ඉතින් සමාවෙයන්
      අපි වෙන්වෙමු අද හවසට
      මගෙ කුටියට ඈ එනවා
      සිරියහනේ තනි රකින්න

      හුරේ . ජය වේවා !!
      අයියා ලයිට් ඩිම් කරන්ඩ එපා.මේන් එකෙන්ම ඕෆ් කරල දාන්ඩ..
      ඉවාන් අපි කැපුනා.. :D

      Delete
    6. අඞෝ ඔහේ හිටු කොහේ කැපෙන්නද
      සැදා අදුර ලොව ගලන වෙිලාවට
      කවුලු පියන් පත් වැසෙන වෙිලාවට
      සහසක් සොම්නස් සිහින පවුරැ මැද
      තනිවුන ඔබේ සුසුමයි...

      Delete
    7. නියම කවිය මෙන්ඩියගේ

      Delete
    8. දම් පාටින් ලා සඳ බැස යනවා
      ආකාසේ රන්වන් පාටයි
      සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
      නොදොඩා ඉන්නේ ඇයි...
      නොදොඩා ඉන්නේ ඇයි...

      දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
      වෙන්වී යන මොහොතක් නෑගෙයි
      දෑසට ලංව තවත් මේ මොහොතේ
      ගොළුවී ඉන්නෙමි මම්...
      ගොළුවී ඉන්නෙමි මම්..

      Delete
    9. ඉවාන් මම කැසට් පිස් එකකුත් කරපු කොල්ලේක් අෑ..අපේ ෂින්දු වලට කව් කියන්ඞ එපා. රොකා්ඞ් බාර් වල ඇති
      සංඡිව මෙන්ඞිස්ගේ අහලා ගල් ගහපිය
      අහලා ගල් ගහපිය අංක 2, ගහලා එලවපිය.
      රැවක් ඇදෙනවා...කවුදෝ එනවා..
      මිවිත ඇදිරිය දැස වසනවා..
      හදපොදි බැදි දුක දියකර පාකර
      ඔබෙි ලොවට මා.... මොහොතින් එනවා.

      Delete
    10. පට්ටයි ඈ සින්දු කාමරේ.. එකෙන්ම..

      Delete
  27. නියම විචාරයක් පසුවට...:)

    ReplyDelete
    Replies
    1. කෝ ඉතිං විචාරේ ..ඔන්න අද හවස් වෙනකන් බලලා විචාරේ දැම්මේ නැත්තං එනවා ගෙදර

      Delete
    2. විචාරේ දැම්මොත් ගෙදර එන්නේ නැති හන්දා විචාරේ නෑලු... :D

      Delete
    3. එහෙනං ගෙදර එන්නං , මම බයේ හිටියේ විචාරේ දායි කියලා... එහෙම වුනානම් එන්න වෙන්නේ නෑනේ ..... මේ .. කේන්දර කොපියක් අරන්ම එන්ටද..? :D

      Delete
    4. ඔයා යන, යන තැන්වල කේන්දර කොපියකුත් අරගෙනමද යන්නේ? :P

      Delete
    5. ඔයා යන, යන තැන්වල කේන්දර කොපියකුත් අරගෙනමද යන්නේ? :P

      Delete
    6. ඔව් මෙයා කොයි වෙලාවේ ඕන වෙයිද කියන්න බෑනේ, හැක හැක හැක බය වෙන්න එපා, මේකනම් මේ ඔයාට නෙවෙයි වෙන කෙනෙකුට දෙන්න යන ගමන් :P

      Delete
  28. මේක දෙන්නෝනි බස් ඒකේ නැගල විරිදු කියන අයියෙක්ට ... කෝමද සැප??

    මචං.. අපේ පැත්තෙ කොල්ලෙක් ඉන්නව ඌට කියන්නෙ ඩ්‍රැයිවර් කියල. හැබැයි පොරට ලයිසන් නැහැ. දවසක් පුරුදු වෙන්න කියල ලොරියක් පදින්න ගිහින් ඌ ලොරිය දැම්මා වෙලට.. එදා ඉදන් තමා පොර ඩ්‍රැයිවර් වුනේ..

    ඩ්‍රැයිවර් මං ටොපික් එක දැක්කම ඌව මතක් වුනේ :)

    ReplyDelete
    Replies
    1. නියමෙට තියෙයි , එහෙම එකෙක් දන්නවනම් දීපන්කො ...

      හැබැයි ඌ නියමම ඩ්‍රයිවර් , ඌ පුරුදු වෙන්න හොයාගෙන තියෙන වාහනේ බලපන්කො ,මරු , ඇති ඔයින් ගියා

      Delete
    2. සෑම්,
      අපේ ඉස්කෝලෙ කොල්ලෙක් එක මීට් එකකදී චැම්පියන් වෙන්න කියල ඉවෙන්ට් තුනක් කරලා තුනම පරාදයි.එදා ඉඳල උගෙ නම චැම්පියන්.

      Delete
    3. ඉස්සර ලංගමේ ඩ්‍රයිවින් ස්කූල් එකක් තිබ්බ කටුබැද්දෙ. එකේ බස් එකක් එක පාරක් ඔය පානදුර පැත්තෙ වෙලකට පෙරලිල, කවුද කඩප්පුලි පත්තර කාරයෙක් ෆොටෝ ගහල දාල තිබ්බ රිවිරැස හරි දවස හරි දෙකෙන් එහෙක. බස් එක වෙලේ. පිටිපස්සෙ අලි අකුරින් ගහල තීනව "ඔබටද මෙලෙස පුහුණුවිය හැක" කියල.

      Delete
  29. අපේ රටේ වෙන බොහොමයක් දේ වගේම ප්‍රයිවට් බස් සංස්කෘතියටත් දොස් පැවරෙන්නෙ ඩයිවරයාටත් කොන්දාටත් උනත් ඇත්ත නම් කෙල ගැසිය යුත්තේ මේ අසමජ්ජාති සංස්කෘතිය බිහි කරන්න උර දුන්න අයටත් කිසිම නීතියක් රීතියක් සංවරයක් නැති විදිහට ඒකට ඉස්සරහට දසක ගනනක් යන්න දුන්න අයටත්.. අපි දකින සංවරයක් හැදියාවක් නැති අසමජ්ජාති ඩයිවරයාත් කොන්දාත් අර අසමජ්ජාති සංස්කෘතියෙ නිශ්පාදන.. ලෝකෙ කොය්ම රටකවත් අපේ රටේ වගෙ අසමජ්ජාති පොදු ප්‍රවාහන සේවාවක් මං දැකල නෑ. මෙහෙම කියන්නෙ මං රටවක් විසි තිස් ගානක පොදු ප්‍රවාහන සේවා දැකපු කෙනෙක් නිසයි.. අපේ රටේ පොදු ප්‍රවාහන සේවාව විශෙෂයෙන්ම පුද්ගලික බස් සේවාව දුවන්නෙ කැලේ නීතිය අනුව..

    ReplyDelete
    Replies
    1. //"අපි දකින සංවරයක් හැදියාවක් නැති අසමජ්ජාති ඩයිවරයාත් කොන්දාත් අර අසමජ්ජාති සංස්කෘතියෙ නිශ්පාදන"//අනන් හරි සරත් අයියේ ඔන්න් ඕක තමයි අපි අමතක කරන තිත්ත ඇත්ත . සමාජයම අසමජ්ජාති වෙලා එක පිරිසකගෙන විතරක් හික්මීමක් බ්බලොප්රොත්තු වෙන කවුද කුහක කියන දේ තමයි තේරෙන්නේ නැත්තේ

      Delete
  30. මට නම් කොහොමත් ඔය වගේ මිනිස්සු ගැන තියෙන්නේ අනුකම්පාවක්... බස් රියදුරු, කොදොස්තර, එතකොට ත්‍රිවිල් එලවන අය, ඔය නාටාමි ල, ඊට පස්සේ කම්කරුවෝ ගැන, ඒ වගේම තමයි පොලිසිය ගැනත්.. ඔය ඉවාන් කියල තියෙන දේවල් ඒ මිනිස්සුන්ගේ පවුල් පැත්තෙන් නම් සම්පුර්ණ ඇත්ත.. දුක් විඳින රැකියා කරන මිනිස්සු. හැබැයි ඉතින් මිනිස්සු මොන රැකියාව කලත් ටිකක් වගකීමෙන් කරන්න ඕනේ. එකට පවුලේ ප්‍රශ්න වත් ළමයින්ගේ ප්‍රශ්නවත් ගාව ගන්න බෑනේ බන්... සාමාන්‍ය ජනතාව විදියට අපි හැමෝම ඔය රස්සාවල් කරන්නේ ඔය වගේ ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙන. ඉතින් තමන්ට තියෙන ප්‍රශ්න අනුන්ගේ ජිවිත වලට කරදරයක් සිද්ද වෙන විදියට වැඩ කරන්න නිදහසට කාරණයක් කර ගන්න ඔට්ටු නෑ නේ..

    හැබැයි ඔය මිනිස්සු ගැන අනිත් අය ටිකක් සංවේදීව බලල කටයුතු කරනවනම් ඒ මිනිස්සුන්ගේ ජිවිතත් වෙනස් කරන්න පුළුවන් වෙයි. උඹේ මේ සටහන එහෙම බලන්න පුරුදු වෙන්න ලොකු උදව්වක් වෙයි.

    මේක අපි හැමෝම එකතු වෙලා ගොඩ ගන්න ඕනේ රටක් බන්.. ඉස්සෙල්ල අපි අපේ ආකල්ප වෙනස් කරගන්න ඕනේ. ඔය රැල්ලට ගිහින් ඔහේ විවේචනය කරන්නේ නැතුව. ඊට පස්සේ අනිත් අයටත් ඒ ආකල්ප වෙනස නිසා සෙතක් ඇතිවෙන විදියට වැඩ කරන්න ඕනේ...

    “You must be the change you wish to see in the world.” - Mahatma Gandhi

    ReplyDelete
    Replies
    1. //''හැබැයි ඉතින් මිනිස්සු මොන රැකියාව කලත් ටිකක් වගකීමෙන් කරන්න ඕනේ. එකට පවුලේ ප්‍රශ්න වත් ළමයින්ගේ ප්‍රශ්නවත් ගාව ගන්න බෑනේ''// හරි පැතුම් , ඒවුනත් එහෙම වගකීමෙන් කටයුතු කරන්න තරම් ඒ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම ඉහල නෑ, යම් තරමක හෝ අධ්‍යාපනයක් නෑ . ඒ හේතු එක්ක ඒ මිනිස්සුන්ට මේ දේවල් කළමනාකරණය කරගැනීමේ හැකියාවක් නෑ . ඒකට තමයි අනිත් පිරිස් උදව් කරන්න ඕනේ. වැඩේ තියෙන්නේ මේ අනවරත තරඟයේ දුවන කාටවත් ඒ කැපකිරීම කරන්න වෙලාවක් නෑ

      Delete
  31. මේකනෙ ඉවාන් අය්ය කතාව...
    ඔය හුගක් අය බස්වල යනව.. ඒ තරමට කොන්දට ඩැයියට බයිනව... පැණිය කියනව අරක කියනව මේක කියනව...
    තව ගං කබරය කියනව... කතා ගොඩයි...
    ඒ විතරක්යැ ඕක මගෙ රුපියලටත් විද්ද...
    පට්ට වේසාව...
    අර ඩැයිවරය මහ වේ** ගුතෙක් බලකො හු***
    ඔන්න ඔහොම නෙ කියන්නෙ...
    එහෙම කියනඅය තමා වැඩි.... ඒත් කවදාවත් හොද විදියට බලල නෑ... මේක උංගෙ රස්සාව ඒක කරොත් තමයි උං ජීවත් වන්නෙ... ඒ මොනවත් හිතන්නෙ නෑ...
    මහ ලොකුවට බුද්ධාගම බුද්ධාගම කීවට කිසි එකෙක් දන්නෙ නෑ උපේක්ෂාවෙන් බලන්න..
    ඒ හැටි අපේ උංගෙ හැටි... ආකල්ප වෙනස් කරන්න ඕනෙ... ඒත් ඉස්කෝලෙක වත් එහෙම වෙන්නෙ නැ... මොකද ළමයින්නෙ ආකල්ප වෙනස් කරන්න ගියොත් තමන් ට ගෞරවයක් නැති වෙයි බයයි...

    මේ වගේ වෙනස්ම විදියට හිතල උංගෙත් හොදක් තියනව කියල හිතල ලීව වෙන කව්රුත් දැකල නෑ...
    ඇති ඒත් මං දැකල නෑ...
    පට්ට නියමෙට ලියල තියෙනව...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි මහේෂ් හැමෝම බලන විදිහට මේ හැමදෙයක්ම දිහා බැලුවොත් ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ. අපි අපිට පුළුවන් තැනකින් මිනිස්සු දිහා වෙනස් විදිහට බලන්න ඕනේ, අනිත් අයවත් ඒ විදිහට දකින්න පුරුදු කරන්න ඕනේ. එක තමයි සමාජ වගකීම කියන්නේ . මේ වගේ නෙවෙයි තව මීට අන්ත දුක් විඳින රැකියා කරන මිනිස්සු ඉන්නවා සෑහෙන්න

      Delete
  32. සිරාවට උඹ උන් එක්ක කතා කරල නේද මේක ලිව්වේ.. උපරිමයි..

    ReplyDelete
    Replies
    1. නිතරම කතා කෙරෙනවා දේශා .. ඔය ප්‍රයිවට් බස් කොන්දොස්තරලා ,ඩ්‍රයිවර් ලා ඉන්නවා මගේ යාලුවෝ අතරේ . ඒ මිනිස්සු විහිළුවෙන් තහළුවෙන් කාලය ගෙව්වට ඉන්නේ හිතේ අසහනෙන්

      Delete
  33. නියම නිර්මාණයක්. උබත් ඒ සංස්කෘතියට බැහැලා නිර්මාණය කරලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඒ සංස්කෘතියට බහින්නේ නැතුව පිට සමාජයේ සංවේදී කාරනා ගැන කතා කරන්න බෑ බං

      Delete
  34. කියන්න ඕන දේවල් ඔක්කොම උඩ අය කියලා ...නිර්මාණය ගැන කියන්න දෙයක් නෑ නියමයි මට නම් හොදම ටික මෙතන ඉදන් පහලට තියෙන පද ටික ....

    ////පෝයට අවුරුද්දටවත් නිවාඩුවක් නෑනේ ගන්නේ
    එහෙම වුනොත් ටෙම්පරියට දුවන එකා මෙහි ලගින්නේ
    එහෙම වෙලා පාරට වැටුනොත් මට අබසරණ වෙන්නේ
    කාගේ වුනත් මගේ නමට දරුවොත් හතරක්ම ඉන්නේ /////

    ReplyDelete
    Replies
    1. තැනකුයි සහෝ ... ඔව් බං අපි නිවාඩු දවසට පාර ගිහින් බස් එකක් නැති වුනාම කොච්චර බන බැන ඉන්නවද එත් මේ මිනිස්සුන්ට නිවාඩු දවසක් වත් නෑ බං

      Delete
  35. හැම ඩ්‍රයිවර්ලම ඔහොම නෑනේ....
    කවුරු හරි නැග්ග ගන්න ඕන උනාම. "මල්ලි පොඩ්ඩක් පල්ලෙහට බැහැල ඉඩ දෙමුද?"
    ඊට පස්සේ බස් එක ස්ටාර්ට් කරපු වෙලේ ඉඳන්, "ඔය ෆුට් බෝඩ් එකේ ඉන්න මල්ලි උඩට නගින්න නැත්තං බහින්න"

    ReplyDelete
    Replies
    1. උකුස්සා ... ඔව් බං හැම ඩ්‍රයිවර්ලම ඔහොමත් නෑ ,මෙහෙමත් නෑ.. මම කියන්න උත්සාහ කලේ උන්ගේ අපිට නොපෙනෙන පැත්ත මචෝ

      Delete
  36. කාටවත් වැඩිය ඇස නොගැටෙන නමුත් කතා කල යුතුම සමාජෙ ඉන්න තවත් පීඩිත මිනිස්සු කොට්ඨාශයක් ගැන ඔබේ කවි සිත් අවදිවෙලා. සමාජෙ හැම කොටසටම සිංදු කියපු කපුගේ ශූරීන්ටත් මේ ගැන සිංදුවක් තිළිණ කරන්න බැරිවුනානේ.

    ඇත්තෙන්ම විශ්ෂ්ඨයි. තව මිනිහෙක්ගෙ දුකක් තවත් එකෙක්ගෙ හදවතට දැනෙන උන් අඩුයි අද.

    ReplyDelete
    Replies
    1. මනොෂ් - ඔබ වැන්නවුන්ට මිනිසුන්ගේ දුක අමුතුවෙන් කියාදෙන්නට දෙයක් නෑ කියලා මම හොඳින්ම දන්නවා, ඒ වෙන කිසිවක් නිසා නෙවෙයි ඔබ මේ මහපොළොවේ පය ගසා සිටින කෙනෙකු නිසයි ස්තුතියි මනොෂ්

      Delete
  37. පද පේලි ටික නම් අපූරුයි...

    දවස පුරාවට සුක්කානම අතට අරගෙන බස් එකේ යන මිනිස්සු, පාරේ යන මිනිස්සු, ගැන වගේම අතට කීයක් හරි හම්බකරගෙන ගෙදර එනකන් බලාගෙන ඉන්න ගෙදර උදවිය... ජීවිත කීයක් ගැන නම් හිතන්න ඕනේද..

    ReplyDelete
    Replies
    1. තමුන්ගේ ගෙදර මිනිස්සු වගේම පාරේ යන එන දාස් ගානකගේ ජීවිට ගැන වග කියන්න ඕන රැකියාවක නිරත වෙන මේ වගේ මිනිස්සුන්ගේ ම්මන්සිකත්වය යහපත් කිරීමට අපි හැමෝම දායක වෙන්න ඕන, ඒ වගේම රජයටත් ඒ පිළිඹඳ පැහැරහැරිය නොහැකි වගකීමක් තියෙනවා

      Delete
  38. මෙච්චර කල් බස් ඩ්‍රයිවර් කෙනෙක් ගැන මට අනුකම්පාවක් හිතිලම නැහැ. ඔන්න ඉවාන් අද ඒකත් ඔයා කලා ....

    ReplyDelete
    Replies
    1. අපිට රකුසන් වගේ පෙනෙන , කොටින්ම කිව්වොත් අපිට පෙන්නන්න බැරි මිනිස්සු බොහොමයකගේ ඇතුලාන්තය මේ වගේ ඛේදවාචකයක් සෝන්යා . මේ රැකියාවන් මීට වඩා විද්‍යානුකූල වගේම විනයානුකූල කිරීමට රජයට පහසුවෙන් මැදිහත් විය හැකියි . එත් ඔවුන් ඒ වගකීම සම්පුර්ණයෙන් කර අරිනවා

      Delete
  39. ඉවාන්,,,උඹට මිනිස්සු දිහා වෙනත් කෝණයකින් බලන්න පුළුවන් වීම ලොකු දෙයක්. හැමෝම රෙද්ද කරට අරන් එන තැන්වල උඹලා වගේ රෙද්ද පාතට දාගෙන ඉන්නවුන් සතුටක්. නියම කවි රැප.

    ReplyDelete
    Replies
    1. අපි හැම වෙලාවේම දකින්නේ සහ දකින්නට බලාපොරොත්තුවෙන්නේ අපේ රාමුව ඇතුලේ පමණයි , එයින් පිටත ලෝකය පුදුම විදිහට ඛේදනීයයි අරූ

      Delete
  40. ඉවාන් මේක පට්ටයි!
    සරලයි සුගමයි හැබැයි තේරුම බරයි!
    අපි මිනිස්සු දිහා වෙනස් කෝණයකින් බලන්න ගන්නකල් සමාජේ කචල් තමයි.
    හැබැයි ඒ වගේම අපේ ඒ වෙනස් කෝණය සහ අනුකම්පාව භූමිකම්පාව වෙන වෙලාවලුත් තියෙනවා.
    ලිවිල්ල නියමයි.ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අනුකම්පාව භූමිකම්පාවක් වෙන්නෙත් මේ මිනිස්සු නිතරම අවට සමාජය ගැන සැකයෙන් හිඳීම නිසා තමයි තනිතරු , කොහොමත් ඕනෑම තැනක හොඳ නරක මිනිස්සු දෙවර්ගයම ඉන්නවනේ , ස්තුතියි තනි තරුව

      Delete
  41. හා අනික් එක දැන් තමයි දැක්කේ "ඉස්සන් වෙනුවෙන් නොව මිනිස්සු වෙනුවෙන්" කියලා..ඒකත් හැබෑව අර කියමනක් තියෙන්නේ ඉස්සගේ ඔළුවේ ගූ කියලා..හී හී..අපේ සමාජේ ඉස්සෝ තමයි වැඩි..
    (දැන් මගෙන් අහන්න එපා ඇත්තද කියලා..මොකද මම සත්ව විද්‍යාව කරලා නැතෝ..)

    ReplyDelete
    Replies
    1. අහන්න දෙයක් නෑ එක ඇත්ත

      අනික දැක්කේ නැද්ද "මාලේ ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ "

      Delete
    2. ඒකට මම එකෙන්ම මනාපයි ඈ..කලින් කිව්වද මතක නෑ...:D

      Delete
  42. සමාජේ ඇතුලේ කොයි තරම් ඉන්නවාද තවත් ඔය වගේ අය.ඒ මිනිස්සුන්ට වුණත් කොයි තරම් ප්‍රශ්න ඇතිද?හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ රියදුරෙක් කියන්නේ කොයි තරම් ප්‍රශ්න තිබුණත් තමන්ගේ රාජකාරිය නිවැරදිව කල යුතු අයෙක් නිසා.තමන්ගේ ප්‍රශ්න නිසා මගී ජිවිත අනතුරේ නොවැටෙන විදියට සුක්කානම කර කැවීමේ අභියෝගේ ජය ගන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. උඹේ කතාවට 200% ක් එකඟයි , ඒ සඳහා අපිත් ඒ මිනිසුන්ට සහයෝගය දිය යුතුයි නේද මනෝජ්

      Delete
  43. කඳු අතරින් උදේ හවා රිය සක හසුරන මාගේ...
    සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ...
    කන්ද වසා හිත රවටා බැල්මක් වැටුණිද කාගේ..
    එක හිත නැති නුඹේ හිතත් දහඅට වංගුව වාගේ..

    ReplyDelete
    Replies
    1. ඈ මෙන්න උඹටත් පත්තරයට මතක් වෙච්ච එකම මතක් වෙලා

      Delete
    2. අඩේ සිරාවටම මම කොමෙන්ටු කියෙව්වෙ එහෙන් මෙහෙන් නොවැ

      Delete
  44. I am in fact happy to glance at this blog posts which includes tons of helpful
    data, thanks for providing these data.

    My web-site: Grow Taller

    ReplyDelete
  45. Hello! This post could not be written any better!
    Reading through this post reminds me of my old room mate!
    He always kept talking about this. I will forward this article to him.
    Fairly certain he will have a good read. Many thanks for sharing!


    Have a look at my web page Toe Pain Prevention

    ReplyDelete
  46. ඉවාන් අයියා නිසදැස් ලියනවා දැක්කමයි ..

    ReplyDelete
    Replies
    1. මොනා බොල උඹ අදද මේ බ්ලෝග කියවන්නේ .. මේ කෝ අපේ ධාරා

      Delete
  47. දුක දෝරෙ ගලනවා ඉවාන් අයියෙ. උන් විතරක් නෙමේ මේ ලෝකෙ තව කොච්චර නම් ඉන්නවද කියල හිතෙනවා. මං නම් හිතන්නෙ හැම කෙනෙක්ම දුක් විදිනවා. මේ කව් පන්තියෙන් ඒක ලස්සනට ඔප්පු කරල තියෙනවා. යථාර්තවාදි සමාජ දැක්මක්.

    ReplyDelete
    Replies
    1. ලෝකේ තව සෑහෙන්න ඉන්නව බං අපිට නොපෙනී දුක් විඳින මිනිස්සු , අපිට් ඒ දිහා බලන්න වෙලාවක් නෑ, ඇත්තටම ගත්තොත් අපිත් තරඟය දුවනගමන් බලනකොට මේ දේවල් පෙන්නේ නෑ

      Delete
  48. ඉවාන් අයියෙ පව් බං ඒ මිනිස්සු...අපිත් බස් එකේ ගියොත් හිතිං හරි ඩයිවරයගෙයි කොන්දගෙයි අම්මා කොච්චරනම් මතක් කරනවද?පව් බං බලං යද්දි.ඒ මනුස්සයොන්ටත් කී දාහක්නං ප්‍රශ්න ඇද්ද

    ReplyDelete
    Replies
    1. මල් මල් ... අපි බස් වල ගිඔයත් නොගියත් ඒ මිනිස්සුන්ට නිතර දෙවේලේ බනින එක තමයි කලේ, එත් ඇතුලාන්තය මේ වගේ තමයි බං

      Delete
  49. ජීවත් වෙන්ට මිනිස්සු විඳින දුක !. මේ මිනිස්සු දිහා උඹ බලපු කෝනෙන් බලන්ට පුළුවන් වීම හමොටෝම නැති උසස් ගති ගුණයක් . මේක ප්‍රයිවෙට් බස් ඩ්‍රයිවර්ලා ගැනම තියෙන හින්දා කියන්නේ , මමනම් වැඩි හරියක් දැකලා තියෙන්නේ ඔය ජාතියේ මිනිස්සු නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රයිවට් ,සී.ටී.බී. ඔක්කොගෙම වගේ ඉරණම මේක තමයි . මෙතන ප්‍රයිට් කියලා කිව්වේ අපේ ක්‍රෝධය වැඩිපුර එල්ලෙවෙන්නේ එතනට නිසා

      Delete
  50. අදහසක් හැටියට ගත්තොත් බොහොම වටින දෙයක් උඹ මතුකරල තියෙන්නෙ. මම ඔය බස් කාරයො ගැන සෑහෙන්න දන්නව හේතු කිහිපයක් නිස. ප්‍රයිවට් බස් අපු කාලෙ සහ ඒසී ඉන්ටර්සිටි ආපු කාලෙ ඒවගෙ හිටපු ඩ්‍රයිවර්ල කොන්දල බොහොම හොඳට හම්බු කලා, වැඩිහරිය ගොඩ ගියා. ඒත් දැන් මේ ඉන්දියන් බස් එලවන මිනිස්සු පුදුම අපහසුවකින් ඉන්නෙ. ඒ වගේම තමයි බස් අයිතිකාරයො බස් වලට රියදුරෝ සහ කොන්දොස්තරල හොයා ගන්න විඳින දුක. ඔය කිව්වට දැන් ටෙම්පරියට ඩ්‍රයිව්‍රල ලේසියට හොයා ගන්න බෑ. අනික් පැත්තෙන් දවසෙ ගාන හොයා ගත්තෙ නැත්තන් තියගෙනත් බෑ.

    කිසිම අයිතිවසිකමක්, නිදහසක් නැති බස් ඩ්‍රයිවර් කෙනෙක් දාඩිය දාගෙන දවසෙම බස් එකක් එලෝන එක ලේසි වැඩක් නෙමෙයි. කොන්දෙක්ට උනත් එහෙමයි. ඒ හින්ද දැන් කොළඹ අවට බහුතරයක් බස් රියදුරෝ කොන්දො කුඩ්ඩො. ඒකයි ඇත්ත.

    ලංකාවෙ තියෙන නියමෙටම රයිම් වෙන බස් රූට් එක මම දන්න විදියට "කුඩා වැල්ල, මාවැල්ල හරහා තංගල්ල"

    තව අපි හදපුව තියෙනව.... අඹතලේ, කන්තලේ බගතලේ මිහින්තලේ...මිහින්තලේ...

    මඩකිස්ස, ගල්කිස්ස, ගල් අස්ස...කීඹිස්ස..කීඹිස්ස..

    ඉස්සර ට්‍රිප් යන බස් හිටපු ගමන් සෙනග ඉන්න හෝල්ට්වල නවත්තල ඕව කියල කෑ ගහනව.

    ReplyDelete
    Replies
    1. ඈ ඉන්දික දැක්ක කල්, නිවාඩුව ඉවරවෙලා ආපහු ගියාද?

      ""ප්‍රයිවට් බස් ආපු කාලෙ සහ ඒසී ඉන්ටර්සිටි ආපු කාලෙ ඒවගෙ හිටපු ඩ්‍රයිවර්ල කොන්දල බොහොම හොඳට හම්බු කලා, වැඩිහරිය ගොඩ ගියා"" ඇත්ත ඒවාට උදාහරණ මාත් ඕන තරම් දැකලා තියෙනවා . දැන් ටෙම්පරියට මිනිහෙක් හොයාගන්න් බෑ තමයි ,අනික ටෙම්පරියට එන එකත් එන්නේ කොහොම හරි එව්තන පදිංචි වෙන්න බලාගන .

      දැන් ඉන්න බස් කොන්දලා ද්රිවර්ලා වැඩි හරියක් කුඩ්ඩෝ තමා , මොකද අඩු පඩියට ගන්න ඉන්නේ උන් විතරයි

      Delete
    2. ///කොළඹ අවට බහුතරයක් බස් රියදුරෝ කොන්දො කුඩ්ඩො. ඒකයි ඇත්ත.////
      '@ඉන්දික.... ඇත්ත.... මම දැකපු දේ 1987 කාලය මම ලියන්නම්. සහසුද්ද ඇත්ත. ඒක සමාජ කතිකාවක් කරමු. මට පොඩ්ඩක් ඉඩ දියන් ඒ 84-87 යුගයට යන්න.

      Delete
  51. කවියකින් පිළිතුරක් ලියන්න ඕනේ කම තිබ්බත් සමාවෙන්න, දැන් නම් හිතට එන්නේ නෑ.. බස් විතරක් නෙවේ, අපි හැමදාම යන එන දුම්රිය රියදුරු මහත්තුරුත් ඔය වගේම, සමහර වෙලාවට ඔයිට වැඩිය කට්ටක් කනවා.. සමහර වෙලාවට සිග්නල් නැතුව ට්‍රේන් එක පරක්කු උනත් පලු යන්න බැනුම් අහන්නේ ඩ්‍රයිවර්ගේ අම්මල..
    එක දවසක් නුවරදී ගෑනු කෙනෙක් කෝච්චියට හැප්පිලා. ඒක බලන්න ආවලු ඒ ගෑනු කෙනා වැඩ කරපු තැන කට්ටියත්. එයින් එක ගෑනු කෙනෙක් ගිහිල්ල ඩ්‍රයිවර් මහත්තයට බැනල මෙන්න මෙහෙම- "ඔය ගොල්ලෝ මේවල යන්නේ හරියට මේවා ඔයාලට ලියල දීල තියනවා වගේ නේ.. මේවල මිනිස්සු යනවා පොඩ්ඩක් බලාගෙන හෙමීට යන්න බැරිද..."

    ReplyDelete
    Replies
    1. කොහොමත් වැඩි දෙනා තමුන්ගේ පීඩනයන් ඔය වගේ මිනිස්සු මතින් පිට කරනවා . තමුන් ගෙදරින් පරක්කු වෙලා වැඩට යන්න ආවත් එකේ වරද්දත් යවන්නේ මෙයාල පිටින් .

      Delete
  52. බස් ඩ්‍රැයිවර්ස්ලා බොහොමයක් තරඟය විතරක්ම හිතන එක නැත්නම් මනුස්සකම් අතින් නම් බොහෝම ඉහලයි.
    ඉස්සර මම ගෙදර යන්නේ බස් එකේ. අපේ කවුරු හරි ඇවිත් මාව පොඩ්ඩක් බලාගන්න කියලා අහවල් තැනින් බස්සන්න කියලත් යනවා. සමහර දවසට මාව බහින තැනට කවුරු හරි ඇවිත් හිටියේ නැත්නම් ටිකක් නතර කරගෙනත් ඉන්නවා. මනුස්සකම අතින් බොහොම ඉහලින් හිටිය මිනිස්සු ඉස්සර.

    ඉවාන්ලා කොළඹ ආවේ ලක්දාස් ද මොකක්ද බදුල්ලේ ප්‍රසිද්ධ බස් වල නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. අනන් ඒ මනුස්සකම අතින් ඉහල මිනිස්සු දැන් ටික ටික අඩුවේගෙන යනවා, එක බස් ඩ්‍රයිවර් විතරක් නෙවෙයි පොදුවේ මුළු සමාජයටම වෙන දෙයක් .

      රංගි ඔය කියන්නේ ලක්සිරි බස් ගැනද ? කාලයක් එකේ ආවා , ඊට්ස් පස්සේ අමාලි ට්‍රැවල්ස් ..එක තමයි ජනප්‍රියම වුනේ , ඊට පස්සේ ආවා සුපර් ට්‍රැවල්ස් . දිගටම තිබ්බ දැනුත් තියෙන ප්‍රයිවට් බස් එක තමා HPL ට්‍රැවල්ස් . එකේ යන්න මිනිස්සු කැමති නෑ වැඩිය .එත් බැන බැන හරි යන්න තියෙන්නෙම ඒ බස් තමා වැඩිපුර

      Delete
  53. එදිනෙදා සමාජ අත්දැකීමක් හොඳින් නිරීක්ෂණය කරලා ලියලා තියෙනවා. අඩුවක් පාඩුවක් නෑ සෑම අකුරක් ගානෙම ඇත්ත.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු ..මේ කතාවේ බොහෝ තැන ඇත්ත ...

      Delete
  54. අම්මේ පට්ට ඈ

    ReplyDelete
  55. කවි පන්ති කීපය තුල රියදුරෝ සැට් එක විදින වද වේදනා සියල්ල හොදින් ඇතුල් වෙලා තියෙනවා එකක් හැර....මේ අයට ටර්න් දෙන්න කප්පං ගන්න දේශපාලකයන්ගෙ අත් වල හුරතල් වෙන ලයිෂන් චණ්ඩි තමයි ඒ කොටස.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ලයිසන් චන්ඩි ගැන ලියන්න නම් අමතක වුනා තමයි . ඒ ගැන වෙනම පොස්ට් එකක් ලියන්න වෙනවා .

      Delete
  56. සහතික ඇත්ත. කොල්ලුපිටියෙ ස්ටේෂන් එක ගාවින් පාරට බැස්සානම් සියැසින් දැකබලා ගන්න පුලුවන් කිසිම හිරිකිතයක් නැතුව ටයි කෝට් දාගෙන ඉන්න කප්පම් හිවල්ලුන්ව.

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු.. කවුරුත් හිතනවද ඒ වැදගත් මිනිස්සු ගැන එහෙම

      Delete
  57. I am actually grateful to the owner of this web page who
    has shared this great post at here.

    My homepage ... legal party pills

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]