Wednesday, July 16, 2014

ස්ටාර්ලා සහ නිවේදනය ... Stars & Presenters


සිරස සුපර් ස්ටාර් සීසන් 01 ආරම්භ වන්නේ ශ්‍රීලාංකීය රූපවාහිනී කලාව තුල මෙතෙක් තිබූ රික්තයක් පුරවමින්. ප්‍රසිද්ධ රූපවාහිනී රියැලිටි වැඩසටහනක් වූ American Idol අනුකරනය කරමින් ශ්‍රී ලාංකීය රුපවාහිනියට එන මේ වැඩසටහන ඒ වකවානුවේ කාගේත් සිත් බැඳ ගැනීමට සමත් වන්නේ ඒ ආකෘතිය ලංකාවට අලුත් නැවුම් අත්දැකීමක් අත් කරදෙන බැවිනි. මීට පෙර  තුරුණු ශක්ති වැනි වැඩසටහන් පැවතියද ඒවායේ සංවිධායකයින් හෝ ප්‍රචාරකයින් එහි ජනගත වීම පිලිඹද සැලකීමක් දක්වුයේද යන්න පැනයකි .

කෙසේ වෙතත් මේ වැඩසටහන් හරහා සමාජයේ වටිනාකමක් හිමි කරගන්නට තරුණ අංකුර ගායක ගායිකාවන්ට ඉඩහසර ලැබිණි. නොයෙකුත් විවේචන තිබුනත් එහි සාධනීය පැත්තක් තිබූ බවද පිළිගැනීමට සිදුවේ .

ඉන්පසු සිරසින් දෙරණට පැමිණි වැඩසටහන පසුව විවිධ ස්ටාර්ලා සෙවීමට පමණක් උත්සාහ දරන රූපවාහිනී චැනල් බවට පත් වේදෝ යන අවිනිශ්චිත භාවය අප තුල ඇතිකරවිය .

කෙසේවෙතත් මේ රියැලිටි ගායන තරග හගන මෑත කාලයේ ලියවුනු හොඳම සංසන්දනාත්මක සහ විචාරාත්මක ලිපිය වන්නේ මාතලන් ලියූ හිස් ටින්, මාකටින් හා ලාමක ටින් ටින් ලිපිය බවට මම විශ්වාස කරමි.

සිරස පටන් ගත මේ රියැලිටි වැඩසටහන් වසංගතයක් මෙන් රූපවාහිනී චැනල් අතර බෝවෙද්දී ප්‍රේක්ෂකයන් තුල තිබූ උනන්දුවද හීන වන්නට විය . කෙසේවෙතත් මාතලන්ගේ ලිපියෙන් පසු පැරණි ස්ටාර් වැඩසටහන් කීපයක්ම අන්තර් ජලය ඔස්සේ නරඹද්දී දකින්නට ලැබුණු කාරනයක් ගැන සටහනක් තැබිය යුතු යයි සිතුනි.

සිරස සහ දෙරණ ස්ටාර් වැඩසටහන් සංසන්දනාත්මකව බැලීමේදී දෙරණ ස්ටාර් වැඩසටහන ඉහලින් තැබිය හැකි වුවත් එහි වේදිකාවේ නිවේදනය ගැන සෑහීමකට පත්විය නොහැකි බව මනාව වැටහෙන කාරණයකි. අඛිල ධනුද්දර, ජැක්සන් ඇන්තනි නම් වූ අසහාය කලාකරුවාගේ පුත්‍රයා වීම මෙවන් සුවිසල් වැඩසටහනක් මෙහෙයවීමට ප්‍රමාණවත් නොවන බව පැහැදිලිව පෙනුනි. මෙවන් වූ වැඩසටහනකදී වේදිකාව පුරා ආධිපත්‍යය පතුරුවලිය හැකි පෞරුෂයක් එම ස්ථානයේ සිටිය යුතු බව මගේ හැගීමයි .


නිවේදක යන වෘත්තීය ශ්‍රීලාංකීය සමාජය හඳුනා ගන්නේ ගුවන්විදුලිය හරහායි , එවක තේවිස් ගුරුගේ , තිස්ස ජයවර්ධන වැනි හඬ පෞරුෂයන් ජනතා සිත් සතන් තුලට පැමිණෙන්නේ ගුවන්විදුලිය හරහායි.  පසු කාලීනව නිමල් ලක්ෂපති ආරච්චි නම්වූ මාධ්‍ය විශ්ව කර්මයා සිදු කල පෙරළියත් සමග FM නාලිකා හරහා බිහිවූ නිවේදක නිවේදිකාවන් ගැන විවේචන බොහෝ විය . නමුත් ඒ අතරිනුත්  පසු කාලීනව කිංස්ලි , නිහාල් වික්‍රම, නුවන් ලියනගේ (පත්තර මල්ලි) වැනි සන්නිවේදකයන් ද භාරත ප්‍රභාෂණ වැනි තරුණ නිවේදකයින් ගුවන් විදුලිය හරහා බිහිවිය .

නමුත් රූපවාහිනිය හඳුන්වාදීමත් සමග මේ නිවේදක වෘත්තීය ඉදිරිපත් කරන්නා හෙවත් Presenter ලෙස වෙනස් වන්නට විය . ගුවන් විදුලියේ මෙන්ම රූපවාහිනී මුල් කාලයේද ප්‍රතාපවත් රූපවාහිනී ඉදිරිපත් කරන්නන්  අතර ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඉදිරියෙන්ම විය . ඔහු සමගින් රන්බණ්ඩා සෙනවිරත්නයන් ඉදිරිපත් කල සෙනසුරාදා ආයුබෝවන් වැඩසටහන කුඩා කාලයේදී ඉතා ආසාවෙන් නැරඹුවා මතකයට නැගේ .

මෙහිදී එළිමහන් සංගීත ප්‍රසංග නිවේදකයින්ගෙන් මේ රූපවාහිනී ඉදිරිපත් කරන්නන් අතර පැහැදිලි වෙනසක් දැකිය හැකි විය . මෙහිදී ප්‍රසන්න පෙනුමද වැදගත් සාධකයක් බවට පසුකාලීනව පත්වන්නට විය. හඬ පාලනය මෙන්ම වැඩසටහන් වර්ගීකරණය අනුව නිවේදකයින්ගේ දැනුම හා ඉදිරිපත් කිරීමේ විලාශය
අනුව ඔවුන් විවිධ ආකාරයෙන් ජනප්‍රිය / අප්‍රිය වන්නට විය.

දොරමඩලාවේ හසන්ත සහ අටපට්ටමේ හසන්ත , කදමල්ලේ අරුන් ඩයස් , නමයි පහේ හේම නලින්, ක්‍රීඩාවේ පාලිත පෙරේරා - කැලුම් ශ්‍රීමාල් , සිංහලයේ වංශ කතාවේ ජැක්සන් , ගඟ දිගේ සහ සලන්හන්තේ ජැක්සන් ,  ප්‍රවෘත්ති නිවේදනයේ හඩ්සන් , රොස්මන්ඩ් ,සුමනා නෙල්ලම්පිටිය, සමන් කුමාර රාමවික්‍රම .....වැනි,  එමෙන්ම යුධ පෙරමුණේ සුජිත් විදානපතිරණ, මනෝහාරී සමන් අතාවුද   වැන්නන් ජනතාව අතර මතකයේ රැඳෙන්නේ මේ වර්ගීකරණයන් සහ ඉදරිපත් කිරීමේ විලාශයන් අනුවය.

කෙසේවෙතත් රියැලිටි කලාව දෙසට එන විට මේ සන්නිවේදකයා වෙනස්ම ආකාරයක ආකෘතියකට පත්වේ. එය හුදෙක් රූපවාහිනී වැඩසටහනක නිවේදක කාරයභාරයක්ට වඩා ඔබ්බට ගිය තත්වයකි. ප්‍රසංග වේදිකාවේ තිබෙන කලබලකාරී  වටපිටාව සමග ගනුදෙනු කරන රළු ස්වභාවයෙන් ඔබ්බට යායුතුය. ශාලාවක් තුල කෙරෙන සම්භාව්‍ය සංගීත සුයාමයකින් ද ඔබ්බට යා යුතුය. එසේම රියලිටි තරඟයේ කුතුහලය සැමවිටම රඳවා ගතයුතුය. ප්‍රේක්ෂකයන් ,විනිශ්චය මණ්ඩලය ,සජීවී නරඹන්නන් ,රූපවාහිනියෙන් නරඹන්නන් මෙන්ම ආධාරකරුවන් සමග සුහදශීලී ගනුදෙනුවක නිරතවිය යුතුය.  මේ සියලු කාරණා සලකා බැලීමේදී රියැලිටි තරඟයක මධ්‍ය මෙහෙයුම් ලක්ෂය (The Hub) බවට පත්වෙන්නේ මේ සන්නිවේදකයා වේ.

ශ්‍රීලාංකීය රියැලිටි සංදර්ශන වලදී කමල් අද්දරආරච්චි, ධනංජය සිරිවර්ධන , අමිල පෙරේරා , යුරේනි නොෂිකා,දේවාශ්‍රී ද සිල්වා, දොන් ෂර්මන් , ලහිරු සහ මුදිත ,අඛිල ධනුද්දර , විශ්ව, සාරංග දිසාසේකර   වැනි සන්නිවේදකයින් මේ භාරදූර කාර්යයට අතගැසුවන් අතර විය.  නමුත් රියලිටි කලාවට ගැලපෙන ලෙස මේ කාර්යය කරගෙන යාමේ සහ එම වැඩසටහනට සාධාරණයක් ඉෂ්ට කල සන්නිවේදකයා ලෙස මා අදටත් දකින්නේ කමල් අද්දරආරච්චිවය.

ඔහු සතුවූ අත්දැකීම් , ජේෂ්ඨත්වය සහා අන්තර් සම්බන්දතා හරහා සියලු පාර්ශව කළමනාකරණය කරගැනීමේ හැකියාවක් ඔහුට නිතැතින්ම ලැබී තිබුණි.  මන්දයත් සමහර සන්නිවේදකයින් විනිශ්චය මණ්ඩලයේ ජේෂ්ඨ සාමාජික සාමාජිකාවන්ට ආමන්ත්‍රණය කිරීමේදී දක්වන සබකෝලය කැපී පෙනුනි. එසේම සමහර අවස්ථාවලදී මොවුන් අපහසුතාවටය පත්වූ ආකාරයන්ද පැහදිලි ලෙස පෙනුනි.
 කමල් ගෙන් පසු ඒ වෘත්තීය ධනංජය සිරිවර්ධන සාර්ථකව කල බවත් දොන් ෂර්මන් ඔහුටම ආවේනික සැහැල්ලු සන්නිවේදන රටාව මතින් වෙනස් දෙයක් කල බවත් දක්නට ලැබුණි.

කෙසේවෙතත් රියැලිටි තරු සෙවීම නොයෙක් මුහුණවර ගණනාවකින් තව බොහෝ කාලයක් අප අතරට පැමිණෙනු ඇත. එසේම එම තරග වල ප්‍රමිතිය සහ ගායක ගායිකාවන්ගේ දක්ෂතා පිලිඹද අප කතා කරනු ඇත.
නමුත් සැමට අමතක වන කරණය නම් මේ සා සුවිසල් කර්තව්‍යයක් මෙහෙයවන්නා කෙසේ වියයුතුද යන්නයි. වැඩසටහනේ ප්‍රමිතිය තීරණය කරන වැදගත්ම සාධකය වන්නේ මේ සන්නිවේදකයා ගේ හැකියාව සහ ප්‍රතිභාව බව මගේ මතයයි.

දෙරණ සියලු අංශ වලින් අදවනවිට සිරස පරදා රියැලිටි කලාවේ ඉදිරියට පැමිණියාක් මෙන මේ කාරණය පිළිබඳව අවධානයක් යොමු කලානම් මෙවර දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන සර්ව සම්පූරණ වීමට තිබුණි .



ප. ලි. මෙය නිවේදන වෘත්තීය ගැන ටියුෂන් දීමක් නොව රියැලිටි කලාව තුල සන්නිවෙදයේ අඩුපාඩු පිලිබඳ අවධානය යොමු කිරීමට තැබූ සටහනක් පමණි.. බොහෝ කාරනා මග හැරෙන්නට ඇත. ඒ සියල්ල ප්‍රතිචාර හරහා ගොඩ නැගෙන සංවාදයෙන් සම්පූර්ණ වේයැයි විශ්වාස කරමි .


162 comments:

  1. ඇත්තම කියනවා නම් දක්ෂයින් බිහි උනද මේ වන විට reality වැඩසටහන් එපා වෙලා තියෙන්නේ එක දිගට නාලිකා හරහා විකාශනය වීම නිසා හා අංක දම දමා අවුරුදු ගානක් එකම දේ යන එක, මං නම් බලන්නේ නිකන් TV එක ලග වාඩි උනොත් විතරයි.....

    ඉවාන්.... ලිපිය වැදගත්,,,, මාතලන් අයියගේ වගේ මොකද..... මේවා අනිත් ඇය දැකල හරි හිතාවිනේ අපි හෙම්බත් වෙලා ඉන්නේ කියලා , මේ දක්ෂයින් ඉස්සරහට ගේන්න දැන් වෙන අලුත් ක්‍රමයක් හොයා ගන්න කියල ලියන්න, මේ දේ ඇති දැන්.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මමත් හිතන්නේ රියැලිටි වල ආකෘතිය වෙනස් කරන්න දැන් කාලේ හරි කියලා . එත් මේ තුලින් පැහැදිලිවම දක්ෂයන් බිහිවුණා . ඒකට හොඳම උදාහරණය තමයි MG .. මං මෙහිදී කතා කරන්න උත්සාහ කලේ මේ රියැලිටි ෂෝ එක තුල නිවේදකයාගේ කාර්යභාරය .

      Delete
    2. @ නිහිංසා +++++++++

      Delete
    3. නිවේදක පැත්ත ගැන කතා කලොත්, කමල් හොදයි..... ඒ වගේම සාලිය....

      Delete
    4. අද ඔයා ඒක . මෙන්න තැග්ග ලෙස ලැබෙන පැලපිහි කුසලානය පැත්තකවෙලා කන්න

      Delete
    5. පැල්පිහි කුසලානය කන්නේ කුසලානයත් එක්කමද?

      Delete
    6. අටම් පළවෙනි කොමෙන්ටුවට කුසලානෙකුත් දෙනවද? :D

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. අහක යන palestine missile එකක්වත් තොගේ ඔලුවට වැටෙන්නේ නැනේ යකෝ ඉදගන

      Delete
    9. mokakda e misayil eka

      Delete
    10. AnonymousJuly 17, 2014 at 8:57 AM

      ඔබගේ කොමෙන්ටුවට පිළිතුරු සපයන අතර ඒ කොමෙන්ටුව ඉවත් කිරීමට සිදුවිය. මට බැනලා තිබ්බට කමක් නෑ මහත්තයෝ , එතන මගේ අම්මටයි තව බ්ලොග් සහෘදයෝ දෙන්නේකුටයි බැනලා තිබ්බ නිසා ඉවත් කරන්න සිද්ධ වුනා .
      කනගාටුයි ,කීබෝඩ් එක ඔබන්න් පුළුවන් වුනාට මනුස්සයෙක් වෙන්නේ නෑ කියන එක හැමෝටම පැහැදිලිවුනා . අනික අපි මේ ලියන්නේ විනෝදාංශයක් හැටියට . එහෙම නැතුව කහනවටවත් ,රස්සාවටවත් නෙවෙයි. එත් ඒවා බලන්න එන මිනිස්සු අතරට තමුසේලා වගේ අසහනකාරයෝ වැටුනම වෙන්නේ ඒ මිනිස්සුන්ට මේක එපා වෙන එක .

      ඒ විතරක් නෙවෙයි අපිටත් එපා වෙන එක

      Delete
  2. Replies
    1. වැරදුනා මම දෙක :(

      Delete
    2. මටනම් පහුගිය කාල වකවානුවෙ එහෙන් මෙහෙන් නෙත ගැටුන ස්ටාර් වැඩසටහන් තුලින් වඩාත්ම සිත් ගත්තෙ දේවාශ්‍රී ද සිල්වා සුපර්ස්ටාර් වැඩසටහන නිවේදනය කල ආකාරය. ඔය කියැවුනු පිරිමි නම් ගනනාවටම වඩා ඒකිට මාර පර්සනෑලිටි එකක් තිබුන බට්ටියෙක් වගේ හිටියට. ගායනයටත් සමත් නිසා වැඩසටහනට නියමෙට මැච් උනා ඒ නිවේදිකාව. ඒ නිසාම මම ඉඩ ලැබෙන හැම විටකම ඒ වැඩසටහන බැලුව අනිත් ස්ටාර් ශෝ වලට ආසාවක් නැතත්.

      මම තවත් ආසම නිවේදකයෙක් තමයි කමල් අද්දරාරච්චි. ජැකා දස්සය උනාට අකිල නම් පුම්බාපු කාඩ්බෝඩ් වීරයෙක්. හැබැයි ජකාගෙ බාල පුතා නම් අකිල වගේ නෙමෙයි ඇත්තම කලාකාරයෙක් කියල හිතෙනව ඔහුගෙ ඉදිරිපත්කිරීම් දැක්කාම.

      ප්‍රේමකීර්තිද අල්විස් මහත්තය අපි ඉපදෙද්දිත් ජීවතුන් අතර හිටියෙ නෑ නේද? ඔහුගෙ වැඩසටහන් බලන්න අවස්ථාවක් ලැබිල නෑ. එයාගෙ පුතා පූර්ණටනම් තාත්තගෙ හැකියාව උපරිමයෙන් තිබුන බව මතකයි නමුත් දැන් ඔහුත් නිවේදනයෙන් ඈත් වෙලා.

      ධනංජය සිරිවර්ධන, හිමාලි සයුරංගි එහෙම වැඩසටහන් මෙහෙයවන විදිය බලන් ඉන්න ආසයි.

      මම හසන්තටනම් ආස නෑ... අනේ මන්ද. මට එයාව පේන්නෙ පණ්ඩිතයෙක් වගේ.

      අහා මේ ළඟදි කවුද මන්ද හොර ඉන්ජෙක් රත්න ශ්‍රී මහත්තයයි, එඩ්වින් ආරියදාස මහත්තයයි එක්ක වැඩසටහනක් කලාලු ප්‍රේක්ශකයො තාම අඬනවලු ඒ ඉන්ජගෙ එනවුන්සින් අහල....... :

      Delete
    3. හොර ඉන්ජෙක්////
      ඒමොකෙද්ද
      ඉන්ජ කියන්නෙ ඉංජිනිර් කියන එක නෙවීද

      Delete
    4. ඕ යේස්, අන්න ඒ එකෙක් තමයි

      Delete
    5. @ බස්සි - දේවා ශ්‍රී ගේ නිවේදනය සැබවින්ම සිත් ගන්නා සුළුයි , නමුත් නිවෙදකයෙකුගෙන් එහාට ගිය කාර්ය බහරයක් රියැලිටි නිවේදනය තුල තියෙනවා . මතක තියාගන්න ඔබත් මමත් දකින්නේ රූපවාහිනිය තුලින් ඉස්මතු වන පැතිකඩ පමණක් බව. නමුත් එතන සජීවී ප්‍රේක්ෂක පිරිසක් ද ඔහු/ ඇය වටා සිටිනවා . එවිට ඔහුගේ හෝ අයගේ ඉදිරිපත් කිරීම ඒ සෑම කෙනෙකුම එකවර එකම විදිහට ආකර්ෂණය කරගත් යුතුයි. නමුත් මේ සඳහා අත්හදා බැලූ අනෙකුත් නළු නිලියන් ට වඩා ගව් ගානක් ඉදිරියෙන් දෙවා ශ්‍රී සිටිනවා

      ධනංජය ඉහලින් ඉන්නවා , හිමාලි සයුරංගි රියැලිටි සඳහා ගලපෙවිදැයි සැකයක් තියෙනවා

      Delete
    6. @ මහේෂ් - උඹ හරි මේ බස්සි දන්න බම්බුව

      Delete
    7. @ බක බුස්සි

      ඔයා ඊලග පැලපිහිය දිනාගැනීමට උත්සාහ කරන්න

      මොකක් කියුවා

      පේමකීර්ති මහත්තය මැරෙන කොට ඉපදිලත් නැ . දුප් කියුවේ හුජ්ජ කෙල්ලෝ ආවා මෙතන වැඩිහිටියන්ගේ කතාවලට කට දාන්ඩ

      හසන්තය ගැනනං කියල වැඩක් නැ බං . මට නං පේන්ඩ බැ පුබ්බඩය

      කමල් හොදයි පඩ පොඩ්ඩක් වැඩියි

      අර එනවුන්සිං ඉන්ජා ගැන මමත් අහල තියන , ඌ වගේම තමයි උඹත් ඉගිල්ලෙන්ඩ . උඩින් යන්ඩ දැගලුවේ නැති උනාට නිකම්ම මතු වෙනවා

      උඹලගේ ( සමාවෙන්න මේ වචනය පාවිච්චි කරනවට ) ගැට්ට නැති හින්ද අපි උඹලට ආදරෙයි

      පට්ට වැඩ්ඩෝ නැති පුක් ගැට්ටක් මවල පෙන්නන්නෙත් නැ , තියන ගැට්ට උලුප්පන්නෙත් නැ , එහෙම ගැටි කැඩෙන්නෙත් නෑ කඩන්ඩත් බැ

      Delete
    8. @ ඉවාන්

      අන්තිම වතාවට කියන්නේ

      හැමදාම කියන අර හුයන්න අයින් කරහං

      මේ කමෙන්ට් එකක් පෝස්ට් එකේ කැල්ලක් උපුටාගන්ඩ බැරි හුයන්නත් අයින් කරහං

      පලවෙනි වතාවට කියන හුයන්න

      මේ හුයනු බාසාවෙන් ආයෙත් ලියලා මට කියල හුයනු කියවගන හුයනු කරවගන්ඩ හදන්ඩ එපා

      ඔය හුයනු තුන ඉටු කරනකං මම ආයේ මේ හුයන්නේ කමෙන්ට් කරන්නේ නැ

      උඹ ඕන හුයන්නක් කරගනින්

      Delete
    9. මල්ලී ඔය එකෝ පොඩ්ඩක් ඇරහං.එනවුන්ස්මන්ට් එකක් දෙන්ඩ..ආ රයිට් . ඇති.. එළ. C දීපං හීනියට. .
      එදා උසස් පෙලල ල ල කඩ ඉමෙන් අනතුරුව සංගීත කන්ඩායමක නිවේදන ශිල්පියා ලෙස කටයුතු කරමින් ප්‍රසංග වේදීකාව ජයගත් ඔහු පේරාදෙනිය සරසවියේ කළා කටයුතු ඔස්සේ නිවේදන කළාව දිග්විජය කලා.. කුරුනෑගල නගර ශාලාවේ රත්නශ්‍රී මහතාගේ සොඳුරු සංවාදයකට නිවේදන කටයුතු භාරව කටයුතු කිරීම ඔහුගේ දිවියේ එක් සන්ධිස්ථානයක් උනා..

      කටු අකුල් ගල් බොරළු මග දිගේ ඔහු ආ මඟ සුන්දර උනේ නෑ, නවතම අත්දැකීම පසුගියදා එඩ්වින් ආරියදාස මහතා සමඟ රත්නශ්‍රී සමඟින් අපට සමීප කළ ඔහු තව ටික දිනකින් පත්‍තරයාගේ මුෂ්ටි ප්‍රහාරයකින් ජීවිතයෙන් සමුගන්නේ ජීවිතයේ අනිත්‍ය පසක් කරමින්,

      ආවොතින් යා යුතුමය .. නමට ඉංජිනේරුවකු වුවත් ඔහු ඒ සම්බන්ධව නම් දන්න ලබ්බක් නොමැති බව කියන්නේ පස්වනක් ප්‍රීතියෙනි හිතාදර මිතුරු මිතුරියනි.. එසේනම් මා දැන් වේදිකාව භාර කරන්නේ ඔබේ නිවේදක

      ඉ වා න් ප වු ලූ ෂා .… …

      ( මල්ලි එකෝ වහපං .. මූ ගොතයි .. මළ මගුලක් වෙයි නැත්තං.)

      Delete
    10. @ අටමා - හරි හරි උඹේ පලවෙනි හුයන්න අයින් කරගන්නම් , දෙවැනි හුයන්න අයින් කරගන්න කියලා දීපංකො අර එටිසලාට් සසිඳුවා කරපු මගුලක් ඔය. මට දැන් ඒ HTML කෝඩ් එක දාපු තැනක් හොයා ගන්න බෑ . තුන්වෙනි හුයන්න වෙනුවට වෙන බාසාවක් කියපන්කො එහෙනං .. හිටපං හොයාගන්න

      Delete
    11. @ පත්තරේ - පඩත්තල පත්තරයා උඹේ !#%@#$@##@#%$#@!@$#%^$!@

      Delete
    12. @ පත්තරේ

      යකෝ පොදු ප්‍රවාහන සේවයේ එන ගමන් කියෙවුවෙ.... හිනා වෙලා පණ ගියා ඕයි. වටේ උන්නු මිනිස්සු බලනව මට පිස්සුද කියල. මල් හතයි ඈ..... පත්තරයා දාපු හොඳම කමෙන්ට් එකද කොහෙද මේක.
      ++++++++++++++++++++++++++++++++++++++

      Delete
    13. @ අටම්

      ඒ මොකෝ ප්‍රේමකීර්ති මහත්තය ගැන කියන්න අපි ඉපදිලාම ඉන්න ඕනෙද? මම ඉපදුන අවුරුද්දෙ තමයි එයාව මරල තියෙන්නෙ.

      සන්තූසයි සන්තූසයි..... ඉස්කෝතුයි ඈ....

      Delete
    14. @ බස්සි & පත්තරයා තොපිට හිතෙන් නැද්ද අපි මූට සලකනවා මදි කියලා....

      Delete
    15. යශෝ කියලා තියෙන විදියට ප්‍රේමකිර්ති මහත්තයාගේ පුතා පුර්ණගේ නිවේදන හැකියාව මටත් මතකයි.ඉස්සර ස්වර්ණවාහිනියේ ගිය හපන් පැදුර එහෙම හරි අපුරුවට කෙරුවා.ඒ යුගයේ අපිත් පුංචියි.එත් පුර්ණගේ ඉදිරිපත්කිරීම් හොඳට මතකේ තියෙනවා.

      Delete
    16. දවසේ කමෙන්ට් එක පත්තර මලයෝ......

      Delete
    17. හා හා බස්සි මචං .. උඹට ඉතිං කොහොමත් ට්‍රැක් නේ :D පව් බස් වල යන මිනිස්සු බං .. ඊට වඩා අර රත්තරං කොල්ලා බස්සා පව් බං.

      ශානු මචං
      මං මූට සලකන්න ඉන්නේ.. අටමගෙ ගෙදරදි අතටම අහුවෙලා අර අටමයි නලියයි මූව බේරගත්‍තනේ . චැහ් .බලහංකො . ශෝක් වැටමාර පොල්ලකුත් තිබුණා අතේ මගේ. :D

      නලින් අයියා.. ෆිට් තමා ඈ.. අපි මේ එනවුන්ස්මන්ට් දෙනවා :D

      Delete
    18. මෙන්න අලුත බැඳපු ජෝඩුවේ පලවෙනි වලියද කොහෙද

      Delete
    19. පල යන්න ,උඹ තව ප්ලේන් එකකට දුන්න නේද ගේම

      Delete
    20. ගිය පාර එකේ කෑලිත් නෑ.... මේ පාර එකේ කෑලි තිබිලත් නෑ වගේ .... කොමද අපේ වැඩ

      Delete
    21. මම දන්න විදිහට පූර්ණ අන්තිම සවුත්තුවෙලා. දන්න කෙනෙක් කිව්වා...මහා අපරාධයක් කියලා.

      Delete
  3. දෙරණ, නයි ටී ඇං, ජාතික රූපවාහිණි...
    මේ මොකේ කෝම ගියත් සිරස කරන වැඩේ අල වුණත්
    උංගෙ එක දෙයක් තියේ ඒ තමයි පළවෙනිය වෙන එක මොකා වුණත් ෆයිනල් දොලොස් දෙනාම දාල ගීත කරන එක... ඒකෙන් උංට කික් එකක් එනව කියල මට හිතෙන්නෙ ක්ෂේත්‍රයෙ රැදෙන්න ඕන උං දිගටම සිංදු කරනව...
    සංඛ, ගයනි මධූෂා, මහේෂිකා, තීක්ෂණ.. වගේ
    හැලිච්චච උං ඉන්නව ඊට වඩා ප්‍රදීප් රංගන, ල වගේ(මතකත් නෑ) අෘ චංචලාට (මලිත්) වෙච්ච දෙයක් දන්නෙ නෑ
    සිරස කරන වැඩෙන් පළවෙනිය වෙන එකාට කෙළ වෙනව...
    බලන්න දෙවනිය වෙන එකාගෙ ආතල් එක...
    අජිත් බණ්ඩාර කෝම හරි එල්ලිල ඉන්න බලනව...
    ඒත් ඒ දවස් වල මලිත් නැගල ආව..අනික ශිහාන්... තීක්ෂණ, සංඛ...
    උං ඉන්නව...
    සීසං ටූ එකේ මොකා ආවද මතක නෑ..
    කෝමත් පස්සෙ තිබ්බ ඒවයි උනත් ශානිකා හැර අනෙක් උංට කෙලවුණා...
    කෝමත්
    සිරස සුපස්ටා සීසං වන් වලිං ආපු උන් හැර වෙන එක්කින් ආපු උං නෑ වගේ...
    ඒක හංද
    දමිත් අසංක
    චාමික සිරිමාන්න
    එහෙම ගොඩගියා...

    දෙරණෙ
    අර්ජුන රූකාන්ත
    උපේකා
    උදේශ්
    ඇර වෙන උං ඉතුරු වෙලාඉන්නවද සැකයි...
    කෝමත් හුගක් අය තරගකාරී මානසිකත්වයෙන් හිටිය මිසක් සිංදුවක් කියන්න නමක් හදාගන්න බැලුවෙ නෑ...
    ඒ.් සිරස සීසන් වන් එකේ තරගකාරීත්වය තිබ්බට උං මොන ඉලව්වක් හංද හරි තමංට තැනක් හදාගත්ත නේහ්

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කාරණා බොහොමයකට එකඟයි , මේ ලිපියේදී මගේ අරමුණ වුනේ එහිදී නිවේදකයාගේ කාර්යභාරය ගැන විචාරයක් ලබා ගැනීම , මහේෂ්ට ඒ ගැනත් යම් අදහසක් දක්වනන් පුළුවන් නම් අගෙයි මහේෂ්

      Delete
    2. අර්ජුන සිරසේ දෙවෙනියා උන කෙනෙක්... දෙරණේ නෙවෙයි නේද?

      Delete
    3. @ උපේක්ෂා - අර්ජුන සිරසේ තමයි මටත් මතක විදිහට

      Delete
  4. තාත්තගෙ සිවිල් බලය නිසා ස්ටේජ් එකට ආවට තමන්ට වැඩ බෑ කියල අකිලට තේරෙනකොට ප්‍රේක්ෂකයෝ දෙරණෙන් ඈත් වෙලා ඉවරයි.ඔයිට කලින් ඔතන හිටපු අමිලගේ පෞරුෂයෙන් නියපොත්තක ප්‍රමාණයක්වත් මෙයාට නෑනෙ.නිකං බොරුවට ස්ටේජ් එකේ වැනෙනව විතරයි ඔන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපයියේ , ඇඟයි පාටයි තිබ්බට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක . ඒ බව උඋට තේරෙන්නේ නැත්තම් උගේ තාත්තටවත් නොතෙරෙන එකනේ පුදුමේ

      Delete
  5. රි‍යලටි වැඩ සටහන් නිවේදකයො අතාරින් නම් මගෙත් පළමු කැමැත්ත කමල්ට තමා.

    ඒත් සිරසට නැති මොලේ කමල්ට තිබුනා. කමල් අයින් උනේ (මට මතක හැටියට) සුපර් ස්ටාර් ඉතාම ජනප්‍රිය කාලෙක. සමුගැනීමක‍ට ඒ තරම් සුදුසු කාලයක් නෑ. උපරිම තලයට ලඟාවූ පසු මුල් සීසන් එකෙන් දෙකෙන් 'සුප‍ර් ස්ටාර්'ත් නවතා දැමුවානම් (වෙන නමකින් අලුත්ම් මුහුණුවරකින් පටන් ගැනීමට බලාපොරොත්තුවෙන් හො) අදටත් සුපර් ස්ටාර් අංක එක වෙන්න ඉඩ තිබුනා.

    සිරසෙ තවත් එක මෙගා නාට්ටියක් වෙච්ච සුපර් ස්ටාර් එකේ රඟපෑමෙන් කමල්ලා ඉවත් උනා. අනෙක් මෙගා නාට්ටි වල වෙන විදිහටම ඒ චරිතෙට වෙන නළුවො දානවා. නළුවත් පල් වෙනවා. නාට්ටියත් පල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අනන් හරි කමල් තමන්ව මාකට් කළා ගානට , සුපර් ස්ටාර් ජනප්‍රිය වෙන්න කමලුත් බලපෑවා . කමල් නිසා වැඩසටහන බලපු පිරිසක් හිටියා. කමල්ට බනින්න එක බලපු පිරිසකුත් හිටියා .

      ///""අනෙක් මෙගා නාට්ටි වල වෙන විදිහටම ඒ චරිතෙට වෙන නළුවො දානවා. නළුවත් පල් වෙනවා. නාට්ටියත් පල් වෙනවා.""// අnna හරියටම හරි

      Delete
  6. ෂා ....ඉතා හොද නිදිමත ලිපියක් මල්ලි......
    අර නුවන් කිව්වෙ අපේ PM මල්ලිය ගැනද ඩෝ .......
    මැදා දුවගෙන ආව ...... කියවන්න....

    ReplyDelete
    Replies
    1. නිදිමතේ හරි ඔක්කොම කියවලා වගේ ...
      එහෙනම් දැන් දොයි දොයි දොයි දොයිය කෙන්ජි බබා :D

      Delete
    2. හා හා .. කෙන්ජි මාමා .. නුවන් බොස් වගේදෑ මං පත්‍තර මල්ලි.. :D
      මට තැනක් දෙන් නැහැ නෙවැ මුං . හැක්

      Delete
    3. අඩෝ නුවනට මොකුත් කියන්ඩ එපා හරි

      Delete
    4. අප්පට සිරි නුවන්ට තියෙන ආදරේ අටමගේ බලහන්කො පත්තරේ

      Delete
    5. අටං .. මම උඹ ඒ සීන් එකේ කියල දන් නෑනෙ බං.. :D

      Delete
  7. ඇයි ඔය සිරස සුපර් ස්ටාර් එකේ බ්ලයින්ඩ් ඔයිඩිෂන් සීන් එක කොපි කරගත්තෙත් UK වල පෙන්නපු The Voice එකෙං..
    ඕක ජනප්‍රිය වෙන්න ප්‍රබලම සාධකයක් වුනේ කමල් අද්දරආරච්චි.. කමල්ට පස්සෙ ආපු එක ප්‍රසන්ටර් කෙනෙක්වත් වැඩේ හරියට කරේ නෑ..
    ඔය රියැලිටි තරඟ දෙකට පස්සෙ තවත් ජනප්‍රිය වුණු එකක් තමා රූපවාහිනියෙ රණවිරු රියල් ස්ටාර්..එකේ නිවේදකයා වුණේ සාරංග දිසාසේකර.. දැංනං කවුද දන්නෑ..
    බලහංකො ඉතිං සිරස සුපර් ස්ටාර් එකේ තිබ්බ සීසන් වලින් පළවෙනියා වෙච්ච එවුන් කෝ කියල..ඕකෙ ශිහාන් තරං එකෙක්වත් ජනප්‍රිය වුනේ නෑ.. :D
    දැංනං සිරස පල් වෙනවා..
    මගෙනං ඉතිං ප්‍රියතම නිවේදකයා ජැක්සන් තමා ඉතිං..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මමත් හිතනවා සුපර් ස්ටාර් ජනප්‍රිය වෙන්න කමල් ලොකු දායකත්වයක් දුන්නා කියලා, රියැලිටි නිවේදකයෝ තාමත් යන්නේ කමල් පෙන්නපු පාර දිගේ , සාරංග දිසාසේකරත් නිවේදනයට හැකියාව පෙන්නපු කෙනෙක්. එත් රියැලිටි කලාවට ආවම කමල්ට ගේමක් දෙන්න තරම් නම් මදි.
      අනෙක් සාධක ඉවත් කරලා බැලුවම ජැක්සන් තමයි හොඳම නිවේදකයා . හැබැයි මයික් ටයිසන්

      Delete
  8. මදෑ කොමෙන්ට් එකක් කොටන්න ආව. මම ඕව එකක්වත් බලල නෑනෙ. හොද හඩක් තිබ්බ නිවේදකයෙක් හිටිය සෝමවාහිනියෙ.දැන් කාලෙකින් දැක්කෙ නෑ. නම මතකෙට එන්නෙ නෑනෙ. අරූන් ඩයස් තමයි මගේ ප්‍රියතම නිවේදකය ඒත් රියෙලටි වලට හරියන්නෙනම් නෑ.

    ReplyDelete
    Replies
    1. සෝම වාහිනියේ ?? කවුද ? හරින්ද්‍ර ජයලාල්ද? ක්ලෝඩ් ගුරුබැවිලද? , අරුන් ඩයස් හරියන්නේ නැත්තේ මේක තරුණ පිරිස ඉලක්ක කරගත්තු වැඩසටහනක් නිසා .

      මේ එක නෙවෙයි මොකෝ කම්මල තාම වහලා

      Delete
    2. හරින්ද්‍ර ජයලාල් තමයි. මේ කම්මල කියල දාල තියෙන්නෙ අපේ ඔබා මාමගෙ යෝජනාවකට. මට උඹලට වගේ ලියන්න හැකියාවක් නෑ බං. කොමෙන්ට් එකක් කොටාගෙන ඉන්නව තෝරාගත් බ්ලොග් කිහිපයක.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  9. මෙතන කතා කීපයක් තීනව. මුලිම්ම ගත්තොත් ඇයි සිරස චා වෙන්නෙ කියන එක, ඒකට හේතුව නිලේන්ද්‍ර අයින් වීම. සුපර්ස්ටාර් කියන්නෙ සිරසෙ හිටපු නියම වැඩ්ඩෙක් වෙච්චි නිලේන්ද්‍ර දේශප්‍රියගෙ වැඩක්. මිනිහගෙ තමයි කන්සෙප්ට් ස්ටේජ් ඩිසයින් සේරමත්. නිලේන්දව දෙරණ රේඩ්යෝවට ඉස්සුවට පස්සෙ සිරස සුපර් ස්ටාර් හාන්සියි.

    නිවේදකයො ගත්තොත් කමල් තමයි එදා මෙදා ඕක නියමටම කරෙ. කමල් අයින් උනේ හේතු දෙකක් උඩ මම දන්න විදියට. එකක් තමා කමල් විත් සුපර්ස්ටාර් කියන ඔය දිනපු සෙට් එක අරන් මිනිහ සිරසෙන් පිට කරපු ෂෝ එකට සිරස බකට් එක දැමීම. අනික එක දිගට හැම අවුරුද්දෙම එකම දේ කියල චා වෙලා මිනිහගෙ ඉමේජ් එක වැටෙන එක නවත්තගන්න එක. ඔය දෙකෙන් ප්‍රභ උනේ කෝකද කියල දන්නෙ කමල්ම තමා.

    කමල් ඇරෙන්න වෙන කිට්ටු කරන්න පුලුවන් මිනිහෙක් ඉන්නවනම් ඒ සමහරවිට චන්දන සූරිය බන්ඩාර. හේතුව වේදිකාවෙ තරඟ කාරයො සහ විනිශ්චය මන්ඩලය එක්ක ෆ්ලර්ට් කරන්න පුලුවන් වෙන එකෙක් මම දකින්නෙ නෑ. ජැක්සගෙ පුතා නිකන් අවුරුදු උත්සව වල බයිසිකල් රේස් වල ඉස්සරහ යන ලවුඩ්ස්පීකර් වල කෑ ගහන්න හොඳා "ඔව් මෙන්න එනවා.... මේ පළවෙනියා...." ගගා යටිගිරියෙන්.

    හිමාලි සයුරන්ගි කියන්නෙ කොයිතර් දක්ෂ ඉදිරිපත්කරන්නියක්ද කියල මම දැක්කෙ කොපිචැට් සීය වැඩ සටහනේ ඒකි තමන්ගෙ කන්ඩායම හඳුන්වා දුන්න වෙලාවෙ. දුන්නොත් අනිව ජැක්සගෙ පුතාට වඩා හොඳට ඒකි කරනව වැඩේ.

    සාරංගයගෙ තීන පොඩි ගෑණු ගති නිසා මට ඌව හොඳ ප්‍රසන්ටර් කෙනෙක් විදියට පේන්නෙ නෑ.

    අන්තිමේ බැලුවම මෙහෙම දෙයක් හරියට කරගෙන යන්න මිනිස්සු නෑ! ඒ කියන්නෙ දෙරණ සිරර, ඔය ඇති.

    ReplyDelete
    Replies
    1. නිලේන්ද්‍ර දේශප්‍රිය අයින් වීම සෑහෙන්න සිරසට බලපෑවා . ඒ කතාව සහතික ඇත්ත. නිලේන්ද්‍ර අයින් වීමට එක හේතුවක් වුනේ සුසාර දිනාල් . නිලේන්ද්රත් එක්ක සිරසේ නිර්මන්ශීලීත්වයත් යනවා .

      චන්දන සූරියබණ්ඩාර ගේ තියෙන ප්‍රොෆෙෂනල් ලුක් එක සහ ප්‍රොෆෙෂනල් කතා ස්ටයිල් එක නිසා රියැලිටි වැඩසටහනක් කරන්න කොයිතරම් ගැලපෙයිද කියන ප්‍රශ්නය මට එනවා. හැබැයි දේශපාලන සහ ලක්ෂපති වැඩසටහන් වල නම්බර් වන් චන්දන .

      හිමාලි සයුරංගි එන්නේ මුතුහර වැඩසටහනෙන් , ඒ කාලේ ඉඳන්ම හිමාලි දක්ෂ ලෙස ඉදිරිපත් කිරීම කළා . හිමාලි ලංකාවේ සුපිරි නිවේදිකාවක් වෙයි කියලා ඒ දවස්වල ටයිටස් තොටවත්ත මහත්තයා පවා කිව්වා. නමුත් මොකක් හරි හේතුවකට කාලෙකට පස්සේ හිමාලි යටගියා .

      රියලිටියට හරියන ප්‍රසන්ටර්ස්ලා අපිට නෑ , අන්තිමට එක තමයි පෙන්න ඇත්ත

      Delete
  10. රියැලිටි වල නිවේදක ජොබ් එකට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ කැමැත්ත නම් කමල් අද්දරආරච්චි .

    ඊට පස්සේ ආපු කාටවත් වැඩසටහනේ ජීව ගුණය තියාගෙන වැඩේ කරගෙන යන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. ශෙහාන් හරියටම හරි . මටත් එතනි එහාට කෙනෙක් හිතාගන්න බැරිවුනා. ළඟින්වත් යන්න හිටියේ ධනංජය .

      Delete
  11. මට නම් කමල් ඇර එකෙක්වත් වැඩක් නෑ. මම ඕවා බලන්නේ වෙනින් වැඩක් කරන ගමන් ගොඩාක් වෙලාවට. එක්කෝ පත්තරයක් බලනවා. එහෙම නැත්නම් ජාලේ සැරිසරනවා.

    මෙහේ තාම පටන් ගත්ත ගමන් නේ. සිරස දැන් වැඩ සටහන පැයකට සීමා කරලා තියෙනවා. ඒක බොහෝම හොඳයි. ප්‍රතිඵල වැඩසටහන විනාඩී 30 කට සීමා කරානම් ඇති. ඒ අතින් සිරස ඉස්සරහින් ඉන්නවා. මොකෝ ඕක වැඩි වෙලාවක් ප්‍රචාරය කළා කියලා ලැබෙන එස් එම් එස් ප්‍රමාණය එකමනේ.

    ප්‍රසන්ටර්ස්ලා දෙන්නම මෙළෝ රහක් නෑ. ඒ නිසයි මම ඒ ගැන සඳහනක් වත් නොකලේ. ජැකාගේ පුතා වර්ස්. ජැකා කැමති වෙලත් නෑ. කොහොමත් හොඳ නිවේදකයෙක් ඇත්තෙම නැති තරම්.

    කොච්චර කරත් ඉඳලා හිටලා දැක්කත්, හසන්තයා යුනීක්. ගම් වල මිනිස්සු ඌට පට්ට ආදරෙයි. ඒක හොඳ දෙයක්. එහෙම වෙනස් මිනිස්සුන්ට මම හරි මනාපයි.

    ඒ වගේම ඉවාන් මේ වගේ කාලීන ළිපි ලියන්න ගත්ත එක ගැනත් මට තියෙන්නේ අප්‍රමාණ සතුටක්. කීප් ඉට් අප් පෑල්..

    ReplyDelete
    Replies
    1. වෙනම පැත්තකින් ජනතාව අතරට ගිය ප්‍රසන්ටර්ස්ලා ඉන්නවා . හසන්ත එක්කෙනක්. හසන්තට ඕනෙනම් ගමකිඔන් ඡන්දේ ඉල්ලලා දිනන්න වුනත් පුළුවන් තරමට මිනිහා ජනප්‍රියයි. ඒ වගේ තව කෙනෙක් තමයි හරින්ද්‍ර ජයලාල්. අමාදහර හරහා විශාල ජනප්‍රසාදයක් ගොඩනගාගෙන ඉන්නවා .

      යම් යම් අඩුපාඩු තිබ්බට කමල් ඇරෙන්න වෙන කෙනෙක් හිතාගන්න් අමාරුයි, එත් ආපහු රියැලිටි වලට කමල් එන්නේ නෑ . කමල්ගේ මාකටිං හොඳ නිසා .

      ස්තුතියි මාතලන් (ගණන් ගන්න එපා මචෝ කියන බව දන්නවා )

      Delete
  12. කමල් ගැන කිවුව ටිකට මාත් පට්ටම ලයික්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ වගේම මම කමල්ටත් හෙනම ලයික්

      Delete
  13. මාතලන්ගේ පෝස්ටුව බලල දෙරණේ අන්තිම ෆයිනල් ෆිනාලේ ෂෝ එක යු බටෙන් බැලුව මම..එකත් අන්තිම ටික... අර ජැකාගේ පුතා ගැන නම් ඉතින් සංසාරේ කියල හිතුනා... උඹ මේ ලියපු ටිකම මටත් ඒක බලද්දී හිතුනා.. මම ඉතින් හිතල නිකා හිටියා.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය ටික නොහිතෙන්න විදිහක් නෑ.. අච්චර කොලිටි ෂෝ එකේ අර පුබ්බඩයා නානවා

      Delete
  14. මගෙත් අදහස කමල් තමයි ඔක නියෙමෙටම කලේ.මාතෙගෙ ලිපියෙ කොමෙන්ටුවක් දාන්න බැරිවුනා.නමුත් එක නියම ලිපියක්.සුපිරියට වටෙම කවර් කරල තිබින.ඔය පනාපුත්‍රගෙ පුතානම් මෙලො රහක් නැ.

    ReplyDelete
    Replies
    1. වන් ඇන්ඩ් ඔන්ලි කමල් ... පනාපුත්‍රගේ පුතා මිනිහගේ නමත් කනවා නැතිවෙන්නම .පේනවනේ අර දම්සාරි සින්දුවේ අඬන හැටි

      Delete
  15. පව් බං මම ඔහොම එක එකාගෙ අවුල් පේන හින්දා ටීවී එක බලන්නෑ.කවුරුවත්ම සෙට් උනේ නැත්තං කියහං ඔය නිවේදන වැඩේට මම එන්නං.

    ReplyDelete
    Replies
    1. //''පව් බං මම ඔහොම එක එකාගෙ අවුල් පේන හින්දා ටීවී එක බලන්නෑ""// එක හොඳයි ... මමත් බැලුවේ නෑ ,කොහෙද මේ මාතලන් පොස්ට් එකක් දාලා ඊට පස්සේ බලන්න හිතුනනේ . අන්න වැඩේ උඹ වරෙන් , එතකොට අනිත් එවුනුත් ටී.වී බලන එක නවත්තයි :P

      Delete
  16. කමල් කියන්නේ ඔතනට හිටිය ගැලපෙනම නිවේදකයා, මතක හිටින යමක් කරල අයින් උනා... අනික් අය ගැන නම් දන්නෑ දැනගන්න බැලුවේ නෑ.. ආයේ ඉදිරියට කවුරු ආවත් හිතේ රැදෙන විදියට යමක් කරලා යයි කියලා හිතන්න අමාරුයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අපි රියැලිටි අත්දැකීම මුලින්ම වින්දේ කමල් එක්ක නිසා අපිට කමල් එක්ක අනික් අයව සංසන්දනය වෙනවා වැඩියි මං හිතන්නේ , අපි බලන්නෙත් මෙයා කමල්ට සාපේක්ෂව හොඳයිද කියන ආකාරයෙන්. කොහොමත් ඒ තියපු සලකුණ අභිබවා යන්න තරම් කෙනෙක් නම් ආවේ නෑ තමා

      Delete
  17. ඇඳුම සහ උඩ පැනීම දැඟලීම, යන කරුණු වලට මුල්තැන දී භාෂා ඥානය හෝ සාහිත්‍ය ඥානයකින් තොරව, වෙනකක් තබා ඔය ඉස්ටාර් ද මොකක්ද මිසක් ගායකයන් නොවන අය කියන පරන ගීතවල හරය අර්ථය එහි ඉතිහාසය පවා හරියට නොදන්නා ලාමක බහුබූතයන් මටනම් කවදත් අපුලයි.

    ReplyDelete
    Replies
    1. ඔයත් එකක් බලන්ඩ ගියානේද අයියේ

      Delete
    2. මෙහෙම වෙලාවට දාන්නැති ලින්ක් බම්බු ගහන්ඩද දාන්ඩ අප්පා

      Delete
    3. එහෙමමත කියන බෑ විචාරක ,හොඳ මට්ටමෙ කීපදෙනක් හරි මේ තුලින් බිහි වෙනවනම් එකත් ලොකු දෙයක්. ඇත්තටම සංගීතය ගැන ලොකු දැනීමක් තියෙන පිරිස් මේ අතර ඉන්නවා .

      හැබෑට විචාරක මහත්තයත් එකක් බලන්න ගියාද ?

      අටමා දාපං බලන්න ලින්ක් එක

      Delete
    4. මේ තියෙන්නේ ලින්ක් එක

      මේකත් බලන්න

      ඔව්, ඔබ කියනවා වගේ සංගීතය පිළිබඳව දැනුමක් තියන අය මේ අතර ඇති නමුත් ඔවුන්ගේ ඉදිරිපත් කිරීමේ ශෛලිය හරිම බොළඳයි. වැඩසටහන ඉදිරිපත් කලයුත්තේ බාහිර පෙනුමෙන් හෝ විකාරරූපී අභිනයෙන් නොවෙයි. තමන්ගේ වාග් ශක්තිය තුළින් අසන්නා/නරඹන්නා ග්‍රහණයට ගැනීමෙන්, විශ්මයට, ප්‍රහර්ෂයට, ආනන්දයට, පත්කිරීමෙන්. උදාහරණයක් වශයෙන් ගතහොත්, වසන්ත රෝහණ වැනි නිවේදකයකු අද සිටින අති විශිෂ්ඨ තත්වයට පත්වී තිබෙන්නේ දවසකින් දෙකකින් හෝ අවුරුද්දකින් හමාරකින් නොවෙයි. ඉතා දීර්ඝ කාලයක් කියවීම සහ ඇහුම්කන්දීම වර්ධනය කරගැනීමෙන්. ප්‍රවීනයන් පෙන්වාදෙන අඩුපාඩු සම්පූර්ණ කරගැනීමෙන්. ප්‍රවීණයන්ගෙන් උපදෙස් හා මගපෙන්වීම් ලබාගැනීමෙන්. බලන්න ආරියසිරි විතානගේ නිවේදන කටයුතු කල කාලයේ ඔහු කොතරම් ප්‍රේක්ෂක ආකර්ෂණයක් තබාගත්තාද කියා. අද එළිමහන් ප්‍රසංග ඉදිරිපත් කරන බහුබූතයන් මෙන්න මෙහෙමයි කියන්නේ.

      අද.......හ්.........අපී......හ්..........මේ වේදිකාවට...............හ්..............ගෙනල්ලා.................හ්.............ඉන්නවා............හ්..........

      ඉතින් බලන්න, ඔක්කොටම කලින් මේකාගේ මේ කෝල සෙලෙස්මාවට බෙහෙත් දෙන්න එපැයි.

      ඉවාන්, බලන්න එක අවලම් මුග්ධයකු මේ අඩවිය පුරා කුණුහරප වපුරලා ගිහින්. ඒ වගේ මානසික රෝගීන් සමග තමයි අපිට මේ සංවාදය ඉදිරියට ගෙනයන්න වෙලා තියෙන්නේ. ඒ තමයි අර වර්ගයේ රසිකයෝ. අර පුස්සන්ට ආවඩන පුස්සෝ.

      Delete
    5. ''කෝලසෙලෙස්මා'' කියන්නේ හොද තෙලක් සෙමට එහෙම ගන්නව

      හක්කේ තියල සෙම අරින්ඩ කියාපු භාංඩෙ

      රෙදිපාංකඩයක තවරල ඒකෙන් උගුර කසල ටිකක් වෙලා පාංකඩේ හක්කේ තියාගන හිටියහම බඩු පැකට් වෙනවා

      සෙංගෙඩි එහෙම ලොවෙත් නැති වෙනවා


      Delete
    6. විචාරක - මේ කියන කතාව සමග එකඟයි , නමුත් අද තිබෙන්නේ එකරයින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැගීමේ ආශාවක්. නමුත් ඉක්මන් කොටයි කියන කාරණය ඔවුන්ට අමතක වෙලා

      Delete
    7. @ අටම් - එහෙම තෙලක් ගැන මාත් අහල තියෙන වා බං

      Delete
  18. සිරාවටම අඛිල දනුද්ධරගේ නිවේදනය නම් අජ පල්! මම හිතන්නේ විරාම ලක්ෂණ යෙදිය යුතු තැන් ගැනත් මිනිහට මෙලෝම හසරක දැනුමක් නෑ..මමත් බැලුවේ අන්තිමට ජයග්‍රාහකයා ප්‍රකාශයට පත්කරන කොටස යූටියුබ් එකේ..හයියෝ!!

    කමල් අද්දරාඅරච්චි ගැන 100% එකඟයි..මම හිතන්නේ කමල්ගේ ඉදිරිපත්කිරීමේ විලාශය තුළ ඔහුගේ පෞර්ෂය ඉතා වැදගත් සාධකයක් බවයි..කමල් මා දන්නා තරමින් ජැක්සන් ඇන්තනි,ශ්‍රියන්ත මෙන්ඩිස් සහ මහේන්ද්‍ර පෙරේරාගේ සමකාලීනයෙක් වුණත් හැමදාම තාරුණ්‍යයට අභියෝගයක් වෙන්න පුලුවන් මට්ටමේ ඉන්න ඒ පරම්පරාවේ එකම පුරුක..ඔහුගේ රංගනය වුණත් එහෙමයි..

    දේවාශ්‍රීගේ වැඩසටහන් කීපයක් උඩින් පල්ලෙන් බලල තිබුණත් අවංකවම මට ඇගේ විශේෂත්වයක් නෑ..හේතුව ඉංග්‍රීසි ඌරුවට සිංහල කතාකරද්දි නිකං ඒ සිංහල වචනේ නියම රසය නොදැනීම..හැබැයි ඉතින් කෙල්ල හැඩයි..සින්දුත් කියන්වාලුනේ..

    ඉවාන්ට තව අමතක වුණ කෙනෙක් අරවින්ද ලොකුගේ..සමහරු හැලුණත් ඒ මුල් පරම්පරාවේ රේඩියෝවට ආව කට්ටියට අද හොඳ තත්වවල ඉන්නේ ඔවුන්ගේ දක්ෂතා සහ මිනිසුන්ගේ පිළිගැනීම නිසයි..

    ReplyDelete
    Replies
    1. කමල් ගැන ඔබ කියලා තියෙන දේවල් වලට 200% කම එකඟයි . රංගනයේදීත් අවුරුදු 20 සිට 80-90 දක්වා ඕනෑම චරිතයකට එකසේ සාධාරණය ඉටු කරන්න පුළුවන් රංගන ශිල්පියෙක් .

      අරවින්ද ලොකුගේ අමතක වුනා තමයි .ස්තුතියි මතක් කිරීම ගැන .

      අන්තිමට අඛිල ධනුද්දර අයියෝ සල්ලි

      Delete
  19. අනේ දැන් ඔය ස්ටාර් බැලීම නවත්තලා නිසා මොකුත් මේ ගැන කියන්න බැහැ. ඒත් පොඩි කුතුහලයක් ඇවිස්සෙන කරුණක් තියෙනවා. දෙරණේ MG ගැන තියෙන විශේෂත්වය මොකද්ද? ආ... පොත කියෙව්වෙ නැද්ද? නැතිනම් කියවන්න බැරි තත්වයකද තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. MG ගැන තියෙන විශේෂත්වය තමයි ඔහු මාධ්‍ය මගින් පුම්බන්න් කලින් තරුවක් වීම . හැබෑවටම පොළොවේ පය ගහලා ඉන්න පුද්ගලයෙක් වීම . කිසිම තරු ලුක් එකක් නැතිව තරුවක් වීම .

      පොත ඒ දවස්වලම කියෙව්වා , අයි අප්පා මං කිව්වේ

      Delete
  20. මේවා දකින්නේ නැති නිසා කියන්න දෙයක් නෑ ඉවාන්. නමුත් ඉස්සර American Idol නම් බලලා තියෙනවා.

    ඒ චැනල් වල තවත් වැඩ සටහන් තියෙනවා අපේ උන්ට කොපි කරගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. තව වැඩසටහන් තියෙනවා වුනාට ඒක හරි හමන් විදිහකට කොපි කරගන්න වත් දන්න එකෙක් නා වගේ දැන් ඩූඩ්. යන වැඩසටහන් මෙලෝ රහක් නෑ

      Delete
    2. මගෙත් අදහස නම් American Idol වලට ළඟින්වත් තියන්න බැහැ මේ එක වැඩසටහනක්වත් කන්සෙප්ට් එකෙන්. නමුත් ඒකෙ ඔක්කොම දේවල් ලංකාවට ගැලපෙන්නේ නැහැ කියල හිතෙන හින්ද ලාංකීය මොඩල් එක මේ විදියට තමයි කියල හිත හදාගන්න වෙනවා.
      නමුත් ඉන්දියාවේ Indian Idol නම් මිට වඩා ගොඩක් හොඳයි කියලයි මගේ හැඟීම. පුදුම ලස්සන වොඉසස්!!!

      Delete
    3. American Idol ලංකාවට ගැලපෙන්නේ නෑ. දැන් කොහොමත් ලංකාවට ගැලපෙන ආකෘතියක් හදන්න කාලේ හරි , නැත්තම් මේක මිනිස්සු බලන්නේම නැතුව යාවි

      Delete
  21. හෆොයි මං නං ඔය ගැන මෙලෝ සංසාරයක් දන්නෙ නෑ. ඔය තරු සෝ එකක්වත් මං බලල නෑ. ටෙලිවිෂන් එකේ කාටුන් එකක් මැච් එකක් බැලුවොත් ඇරෙන්න වෙන නම් බලන්නෙම නෑ.

    ReplyDelete
    Replies
    1. එක අතකට එක හොඳයි බං. කාටුන් එකක් බලලා ආතල් එකේ හිටියම මේ ඉලව් ඕනෙත් නෑ තමා

      Delete
  22. බොහොම පරිණත විදිහට ලියලා ඒ ගමන. මම බැලුවෙත් දෙරණ අන්තිම ෆයිනල් එක විතරයි. ඒත් කට්ටියගේ බ්ලොග් පොස්ට් කියෙව්වට පස්සේ . තේවිස් ගුරුගේලා නිවේදකයෝ වුනේ බන් අපිත් පොඩි කාලෙනේ. මම කැමති දෙන්නා තමයි තිස්ස ජයවර්ධනයි ප්‍රේමකීර්තියි. ඇයි උඹ දන්නවද පේරාදෙණියේ ඉංජිනේරු උපාධියක් අරගෙන පුර්ණ කාලීනව නිවේදකයෙක් විදිහට වැඩ කරන එකෙක්. කිල්පර්ඩ් රිචර්ඩ්ස් .

    ReplyDelete
    Replies
    1. තේවිස් ගුරුගේ , සාගරිකා ගෝමස් වගේ පරණ අය කරපු වැඩසටහන් ගැන වැඩසටහනක් ඉස්සර ගියා සිටි එෆ්.එම්. එකේ . ඒ කාලේ තමයි ඔය වැඩසටහන් ඇහුවේ . ක්ලිෆර්ඩ් ව කවුද නොදන්නේ . තිස්ස ජයවර්ධන ගේ කටහඬ තාමයි මමත් අහලා තියෙන ගැඹුරුම වොයිස් එක

      Delete
  23. පලවෙනි සුපර් ස්ටාර් වැඩසටහන හැර අනික්වා බලල තියෙන්නේ අතරින්'පතර පොඩ්ඩයි. ඉතිං ලිපියේ කරුණු ගැන හරියටම අදහසක් කියන්න දැනීමක් නෑ. බලපු ටිකට අනුව නං,
    රියැලිටි වැඩසටහනකට හරියනම විදිහට වැඩේ කරේ කමල් විතරයි.
    කෙටියෙන්ම කිව්වොත් ;
    කමල් මල් හතයි. අකිල ගූ හතයි.
    අනිත් අය ඉන්නෙ ඒ අතරේ...

    ReplyDelete
    Replies
    1. //""කමල් මල් හතයි. අකිල ගූ හතයි.""// ඔය කියලා තියෙන්නේ සහසුද්දෙන්ම . කෙටියෙන් කිව්වොත් මුළු ලිපියේම තියෙන්නෙත් ඕක තමයි , ස්තුතියි තිලින

      Delete
  24. මම සිරසේ 1,2 ඇර කිසිම රියලැටියක් බලලා නෑ,,ඒත් වටින් ගොඩින් බටෙන් කෑලි බලලා තියනවා,,කමල් ඇර වෙන කිසිම එකෙක් හරි නෑ,,,ඔය රියලැටි ක්‍රමය අපේ රටට ඇති දැන්,,වෙනස් කරන්න කාලෙ හරි

    ReplyDelete
    Replies
    1. රියැලිටි ආකෘතිය දැන් වෙනස් කරන කාලේ හරි. බොහෝ දෙනා ඉන්නේ ඔය මතයේ. අන්තිමට හැමෝගෙන තේරීම කමල්

      Delete
  25. අද වෙනස්ම විදියේ ලිපියක්. මේවා බලන්නේ නැති හන්දා දන්නේ නෑ.

    නුවන් ලියනගේ (පත්තර මල්ලි ) මේ කියන්නේ අපේ පත්තරේද? :)

    අර ධනංජය කියන නලුවගේ පින්තූරේ දැක්කාම මට මතක් වෙන්නේ මනෝජ්ව. දෙන්නා එක වගේද? :D

    කවුද අර 'බස්සි' කියලා තියෙන පිස්සු ඉංජිනේරුවා?

    ReplyDelete
    Replies
    1. මේවා බලන්නේ නැති එකත් හොඳයි වෙලාවකට .

      අපේ පත්තරයා නෙවෙයි . අපේ පත්තරයාට ඔයිට වඩා ලස්සන නමක් තියෙන්නේ :P

      ඔව් මනෝජයත් ධනංජය වගේ හැඩ කොල්ලා ..... එක වගේ තමා .

      Delete
    2. මේ පොඩ්ඩි මිෂ් .. මාත් සුලු පටු මනුස්සයෙක් නෙවෙයිනෙ බලං ගියාම. චැහ්. :D

      Delete
    3. පත්තරේ... මොකෝ මේ ඉවාන් අර අන්තිම ප්‍රශ්නෙට උත්තර දීලා නැත්තේ? :)

      Delete
    4. හා හා .. ඒ තමා ඉවාන් කියන පිස්සා :D

      අනේ පව් අපේ ගමෙත් හිටියා ඔහොම මනුස්සයෙක්.. පොඩි මංඥං ගතියක් තිබුණා .. පස්සෙ අපි ගිහිං අංගොඩ නැවැත්තුවා. බේත් බොනවා දැං හොඳයි :D

      Delete
    5. අංගොඩ නවත්තලා දවස් දෙකෙන් මූ ඉස්පිරිතාලෙන් පැනල ඇවිත්. ආයෙ බොග් ලියනව. අපිට මලවදේ මෙතන ඇවිත් ඌට වැඩේ දෙන්න කොමෙන්ට් කොටන්න වෙලා. නැද්ද පත්තරේ?

      Delete
    6. මොනවද කියන්නේ බස්සි මචං.. එහෙම තියාගෙන එනවුන්ස් කරන්න ගිහිං රත්නශ්‍රී මහත්තයා හොල්මන්ද පොල්කොල වෙලා.. එතන ගිහිං මේකා ගම කාලා.. අපෙත් පටි රෝල්.


      ඔබතුමා ලියපු රම්බරි සිංදුවෙ යටිපෙළ අරුතක් තියනවද ඇහුවලු :D
      සහසුද්දෙන්ම දීලා පොරි හැලෙන්ඩ .. වටේ මිනිස්සු බේරගෙන තියෙන්නේ..ඕ යේස් !!!

      Delete
    7. //අර ධනංජය කියන නලුවගේ පින්තූරේ දැක්කාම මට මතක් වෙන්නේ මනෝජ්ව//
      අනේ පොඩ්ඩියේ ඔයාට ඔය මතක් වුණේ මාවද ?නැතිනම් මගේ නම තියෙන වෙනින් එකෙක්ද...:D?

      Delete
  26. මටත් ජැකාගේ පුතා නම් ඇල්ලුවේ නැහැ තමයි. රොබෝ කෙනෙක් වගේ. හැබැයි කමල් ගැනත් මට තියෙන්නේ වෙනස් අදහසක්. කමල්ගේ පෞර්ෂයක් තිබ්බා, හැබැයි ඒ කථනයේ නෙමෙයි, උගේ නළුකම සහ ප්‍රවීන බව එක්ක මාර කොන්ෆිඩන්ස් ඇතුව තමයි ඌ ස්ටේජ් එකේ හැසිරෙන්නේ. ඒ ඇරෙන්න උගේ වචන භාවිතය, කතා විලාසය නම් ඇති දෙයක් නැහැ කියලා මම හිතන්නේ. යමක් කියාගන්න ගියාම ඌ හරියට තටමනවා, ඒ වගේම වාක්‍ය වල අගක් මුලක් නෑ, ගලා යාමක් නෑ. ඌ හොඳයි කියලා අපිට දැනෙන්නේ ඌ ස්ටේජ් එකේ පතුරන නළු පෞර්ෂය කියන එකයි මගේ හැඟීම.

    රියැලිටි ශෝ එකක කථනය ගැන ඉවාන්ගෙ අදහස එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟ නැහැ. දැන් ඔස්කාර් සම්මාන උළෙල වගේ එකක කථනයට ගන්නේ හෙන ෆේමස්, ලොකු පෞර්ෂයක් තියන එවුන්. එතනදි සම්මාන ගන්න එන තරු වලට අලුතෙන් ලබාදිය යුතු අවධානයක් නැහැ. මොකද උන් කොහොමත් තරු නිසා. එතකොට නිවේදනයටත් තරුවක් දා ගත්තට අවුලක් නැහැ. නමුත් රියැලිටි ශෝ එකකදි කරන්නෙ අලුත් තරු නිපදවීමක් නිසා, නිවේදකයාට දැවැන්ත පෞර්ෂයක් තිබුණොත් ඒක බාධාවක් වෙනවා. තවත් ලොකු පෞර්ෂයක් අවශ්‍ය තැනක් තමයි දේශපාලන සංවාද. දයාසිරි-හරීන් සිද්ධියේදි නිවේදකයාට මීට වඩා හොඳ පෞර්ෂයක් තිබුණා නම් ඒ සිද්ධිය වලක්වගන්න තිබුණා.

    හැබැයි තව දෙයක් කියන්න ඕනේ, කමල්ගේ නළු පෞර්ෂය තියෙද්දිම, ඌ වැඩසටහනේ මුදුනා වෙන්න දැඟලුවේ නෑ. ඒ අතින් ඌ සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. තිසර කමල්ගේ කථනය ගැන කියපු දෙටනම් එකඟ වෙන්න වෙනවා . කමල් කතාවෙන් දක්වපු දුර්වලතා ඔහු පෙන්නපු ආතමවිශ්වසයෙන් යුතු හැසිරීම තුලින් වහගත්තා .
      //""නමුත් රියැලිටි ශෝ එකකදි කරන්නෙ අලුත් තරු නිපදවීමක් නිසා""// ඔව් මෙතැනදී පෞරුෂයක් කියන එකෙන් මං අදහස් කලේ සජීවීව විනිශ්චය මණ්ඩල සමග ගනුදෙනු කිරීමේදී ඇතිවෙන යම් යම් නොගැලපීම් සමනය ක්රගීමට තිබ්බ හැකියාව. කමල් එක සාර්ථක ව කළා. පසුව පැමිණි බොහෝ දෙනා එතැනදී සමහර වෙලාවට අසරණ වුනා වගේ හැගීමක් මට ආවා

      Delete
  27. එදා වඳ පීදුණු කෙසෙල් මොටයි සිද්ධියේ දී අපි දැක්කේ තාත්තා ගේ වරදට පුතාව මැරීම සාධාරණීකරණය කිරීමක්!

    අද මේ පුතාගේ වරද තාත්තා තරම් මුඛරි නැති වීම?

    තාත්තලා ගේ ඉනිමගෙන් නගින පුතාලා දේශපාලනයේ නම් එමටයි!


    ReplyDelete
    Replies
    1. //""අද මේ පුතාගේ වරද තාත්තා තරම් මුඛරි නැති වීම?""// මුඛරි නැති වීමම නෙවෙයි නේද කකා. අවස්ථාවට ගැලපෙන ලෙස ප්‍රාසාන්ගිකව ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැතිවීම .
      දේශපාලනයේත් ඔය ටිකම තමා . එත් මිනිස්සු ඡන්දේ දෙනවනේ

      Delete
  28. අපේ ගෙදර ටිවි නැති නිසා ලගකදි තිබුන රියලැටි ෂෝ ගැන කියන්න තරමක් දැනුමක් නෑ.
    අර්ථවත් ලිපියක් නිසා හොද සංවාදයක් ගොඞනැගි ඇත.

    ReplyDelete
  29. කමල් නම් නිවේදනයට සුපිරි..
    ජැකාගෙ පුතා ගූ..

    ඒත් අවසන් තරගෙ දවසෙ තාත්තා පුතාගේ ගුණ වැයුවා.. හොදම නිවේදකයෙක් කියල. කමල්ටත් වඩා..

    පුක තමා...

    ReplyDelete
    Replies
    1. කමල් හොඳයි , එත් අඛිලයා එතන නානවා . බලා ඉන්න යටත් පේනවා. තාත්තා නිසා හැමෝම කටවහගෙන ඉන්නවා ඇති .

      Delete
  30. ඔයා උලුප්පලා පෙන්නපු කාරණාවට මං එකඟයි අයියණ්ඩි ...

    සිරස සුපර් ස්ටාර් කමල් අද්දරආරච්චි මෙහෙයවද්දී පුදුම පෞර්ෂය ක් තිබ්බා ....සමහර වෙලාවට ඇඟේ හිරිගඩු පිපෙනවා....මාර විදිහට ඇගට දැනුණා ඔහුගේ පෞර්ෂය.මං පෞද්ගලිකව හිතනවා ඒ වගේ වේදිකාවක් මෙහෙයවන්න නිවෙදිකාවකට වඩා නිවේදකයෙක් සුදුසුයි කියලා .ඔයා කිවුවා වගේ කමල් ඇරෙන්න එවැනි දැවැන්ත චරිතයක් මෙහෙයවීමක් කරේ නෑ එක රියලිටියකවත්..අකිලගේ නිවේදනයට කැමැති පිරිසකුත් හිටියා හැබැයි ඉවාන්...මටම ඇහිලා තියනවා ඒ ගැන පැසසුම් දෙනවා...රියැලිටි වේදිකාව ට නෙවෙයි....,මං පෞද්ගලිකව කැමති නිවේදිකාවක් ඉන්නවා...ඈ ..ඉඳුනිල් දිසානායක....

    ReplyDelete
    Replies
    1. රෙහානි - සිරස සුපර්ස්ටාර් බලනකොට සමහර වෙලාවට කමල්ට ගහන්න හිතෙනවා . ඒ තරම් කුතුහලය ඇතිකළා , ඒ තමයි එයාගේ සාර්ථකත්වය .මමත් හිතන්නේ නිවෙදිකාවක්ට වඩා නිවේදකයෙක් සුදුසුයි කියලා තමා . ඉඳුනිල් දිසානායක කියන්නේ යුගයක්.

      Delete
  31. චුටි මල්ලි පොඩි මල්ලි හොඳ නැද්ද? අර UK වල Ant and Dec වගේ ඩබලක් :-)

    ReplyDelete
    Replies
    1. හැබැයි සමහර වෙලාවට හිතෙනවා ඒ දෙන්න හොඳයි කියලා මීට වඩා . මොකද මිනිසුන්ට අහගෙන බලාගෙන ඉන්න ආස විදිහකට ඉදිරිපත් කරනවනේ . මේ යක්කු පිස්සුනේ කෙලින්නේ

      Delete
  32. මචෝ .. මෑත කාලෙක දැකපු මං ආස කරන නිවේදකයෙක් තමා " වෙනස " කරන ඩිල්ෂාන්... ඌ හරි ලස්සනට සමහර වචන ගලපනවා බං.. ආසයි අහං ඉන්න !!!!!

    ReplyDelete
    Replies
    1. ඩිල්ෂාන් කියන්නේ හොඳ නිවේදකයෙක්, ඒ වැඩසටහනට ගැලපෙන සංයමය තියෙන හොඳ පුද්ගලයෙක්.

      Delete
  33. අරුන් ඩයස්ගේ වයිල්ඩ් එෂියා බලන්නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ඇනෝ,
      පලයං බං ඩික්මන් රෝඩ් එකට. අපිට වද දෙන්නෙ නැතුව.

      Delete
    2. @ දේශා - අනේ ඒවා බලන්නේ නෑ බං. අපි දන්නවයි ඕවා

      @ රාජ් - ඌව යැව්වා බං

      Delete
    3. මගේ එකත් මකපං බං. ඇනෝගෙ එක මකල දැම්මම මගේ එක මොකටැයි අමුතුවෙං!

      Delete
  34. රියැලිටි ෂෝ ගැන නම් කතා කරන්නෙපා.

    මම කැමති money talks එකටයි, American Sex Star ekatatyi witharayi.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මාර ඒවටනේ උඹ කැමති

      Delete
  35. මෙහෙමයි, තේවිස් ගුරුගේලා ප්‍රේමකීර්තිලා දැං නෑ. එහෙම වෙන්න හේතු ගොඩයි.
    මට තියන අවුල තමයි මේ තරු වැඩසටහන් වල කථනය තාම දුවන්නෙ එකම ආකෘතියකට වීම. කමල්ගෙ වැඩේම තමයි කිසි වෙනසක් නෑ.

    ReplyDelete
    Replies
    1. අනන් හරි ,කවුරුවත් අනන්‍යතාවයක් ගොඩ නගාගන්න් ට්‍රයි කරන්නේ නෑ. හමොම හදන්නේ කමල්ට වඩා කමල් වෙන්න . කමල්ව අනුකරණය කරන ගිහිං තියෙන ටිකත් නැති කරගන්නවා

      Delete
  36. යකෝ කමෙන්ට් කරන්න එද්දී 130ක් පැනලානේ.. හා හා කමක් නෑ.. ඕනේ එකක්..
    මට නම් ඔය රියැලිටි ඉලව් ඒ දවස් වල ඉඳලම ඇල්ලුවේ නෑ.. සිරසේ පලවෙනි එකේ ෆයිනල් එක විතරක් බැලුවා. ඊට පස්සේ අවර්ණවාහිනියේ පටන් ගත්තනේ හැම එකෙන්ම ස්ටාර් එකක් තෝරන්න. ඕකෙන් තමා වැඩේ බල්ලට ගියේ.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් 130 පැනලා නෙවෙයි කොහේදෝ යන අනාත බල්ලෙකුට බඩගිහින් සුද්ද කරලා දැම්මා බං. ඔය ස්ටාර් වැඩේ අල කලේ ස්වර්ණවාහිනිය තමා . හැම එකෙක්ම ස්ටාර් කරන ගිහිං
      බ්ලොග් බැලිල්ල පැත්තක තියලා උඹ පාඩම් කරපං විභාගේ නේද?

      Delete
  37. අර ඇනෝට දීමට නොහැකි නිසා වෙන කිසිවක් නොකියමි

    ReplyDelete
    Replies
    1. ඒ ඇනෝ ඉල්ලපු තරමට ඌට කරගන්න පුලුවන්ද දන්නේ නෑ .. මං හිතන්නේ මිනිහා බඩ විරේකයක් බීලා ,

      Delete
  38. කාගාවවත් නැත්ද, අර "ඉන්ජිනේරුව" කරපු ප්‍රෝග්‍රෑම් එකේ ලින්ක් එකක්. බස්සි..තියෙනවා නම් දාන්නකො.

    ReplyDelete
    Replies
    1. හෝ හෝ අල්බයියා රවටෙන්න් එපා මේ පිස්සු බස්සිගෙයි ,මොට්ට පත්ත්රයගෙයි කතාවලට

      Delete
  39. සුදු අයියා මෑත කාලෙදි නිවේදන කටයුතු ගැන දැනුමක් නෑ....මෙහෙට ආවට පස්සේ ඔය ලංකාවේ ස්ටාර්ලා බලන්නේම නෑ.....ඒත් සිරස සුපර්ස්ටාර් 2 අදියර මට විශේෂයි....අපේ මව්තුමි කැටුව දඹුළු ගියා සින්දු කියන්න...ඒ දාස් වල ඔය කමල් අද්දරාඅරච්චි තරම් හොද නිවේදකයෙක් හිටියේ නැති තරම්.....මගේ මතය නම් නිවේදකයෙක්ට ප්‍රක්ෂකයින්ව වචන වලින් මෝහනය කර ඇද බැද ලග තැබිමේ හැකියාවක් තිබිය යුතුමයි.... (2006 වසරෙදි රෝම පුරාණය -ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වු...එහි නිවේදක ජැක්සන් ඇන්තනි මහතාගේ නිවේදන ප්‍රතිභාවය නිසාම මම රෝම පුරාණයේ දැකපු හැම තැනක්ම අදටත් වේලාවක් ලැබුනම බලන්න යනවා..ඒ හැම වෙලේම නිවේදකයා ඒ ස්ථාන ගැන විස්තර කල හැටි මතකයේ තියෙනවා)

    ReplyDelete
    Replies
    1. අප්පා ඒ කියන්න අපේ සුදු නංගි සිඟින් ස්ටාර් කෙනෙක් ..කවුද යකඩෝ දන්නේ , ජැකා මොන දේ තිබබත් හොඳ කතිකයෙක්, ප්‍රසන්ටර් කෙනෙක් . ඔය රෝම පුරාණය මටත් මතකයි , අයි ජැකා කරපු ගඟ දිගේ , සලන්හන්තේ පට්ට නේද ?

      Delete
    2. මට ෂින්ඩු කවි කරන්න පුළුවන් බොල සින්දු කිව්වේ අපේ අම්මා..... ;) ඔව් සලාන්හන්තේ පට්ට වැඩසටහන.....ජැකා සලාන්හන්තේ කියලා කෑ ගහනකොට හිතට මාරෙට දැනෙනවා...

      Delete
  40. මෙතෙක් කලක් සිතේ තෘප්තිය උදෙසා ලිවීමට ගත උත්සාහන්ට සහය දුන් සැමටම ස්තුතියි . සිතේ තෘප්තිය ඇතිකර ගැනීමට ලියන්නට එන අපි ,ඒ නිසාම තිබෙන තෘප්තියත් නැතිකර ගතයුතු නැතැයි කියා සිතේ

    ReplyDelete
    Replies
    1. මචෝ මේකේ ඉන්න හාතයි බූරුවන්ට අහු වෙලා ලියන එක නම් නවත්තන්න එපා. ඒ කියන්නේ උන්ට දිණුම හම්බ වෙනවා. මම නම් කුණුහබ්බව්ලට බැස්සෙත් ඒකමයි. මොකාට උනත් දැනෙ දෙන්නේ ඒකෙන් තමයි.

      Delete
    2. ඔන්න පකලූසගේ දෙයියා ඔවදන් දීලා ..එහෙම කරපං

      Delete
    3. බොරදියේ මාළු බාන්න හදන එකෙක්ගෙ වැඩක් වගේ. නොසැලී හිටපන් බං. මේ වගේ ජරා ඇනෝල හින්ද රාජ්ගෙ හොද ඇනෝ වගේ උන්ට තියන අවස්ථාව නැතිවෙනව.

      Delete
    4. මස්සිනා. ඒ කියන්නේ උඹ සාර්ථකයි. ඕවට අවුල් යන්ඩෙපා.. උඹ ලියහං . ඒක නං නවත්තන්ඩ එපා !!!

      Delete
  41. ආවෙමි කියෙව්වෙමි.. කිසිවක් ලිවීමට තරම් අත්දැකීම් නැති හෙයින් මෙසේ ලියා පිටවයමි..

    ReplyDelete
    Replies
    1. මමද ඔබ සමඟින් එකඟ වෙමි.

      Delete
    2. ආ නිසා සතුටුවෙමි. යමක් කියා ගියා නම් ඊටත් වඩා සතුටුවෙමි.

      මනෝජ් - ඔබටද එසේම කියමි

      Delete
  42. ඉවාන්,

    ඔබ මේ ගැන බොහෝ දුරට ගවේෂණය කොට ඇති බව පෙනී යනවා. ලිවීමට පෙර ඔබ විසින් සිදු කර ඇති අධ්‍යයනය ගැන විශේෂයෙන් අගය කළ යුතුයි..... රියැලිටි කලාව ගැන කතා කරන්න බොහොමයක් දේවල් තියෙනවා ඉවාන්..... ඒ ගැන බොහොමයක් දෙනා අතාර්කික චෝදනා කරන අතර තවත් පිරිසක් අතාර්කික ඇල්මක් දක්වනවා.... කොහොම වුණත් සංවාදශීලී මාතෘකාවක් ගැන ලියු ලිපිය ඉතා අගය කරනවා..............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටුස් ..

      මේ ගැන කාලයක් ලොකු උනන්දුවක් තිබ්බත් පස්සේ මේ වැඩසටහන් බලන්නේ ම නති තැනක තමයි මම හිටියේ . එත් මේ සැරේ ඩ්‍රීම් ස්ටාර් ගැන මාතලන්ගේ ලිපියෙන් පස්සේ යූ ටියුබ් එකෙන් පරණ වැඩසටහන් ගණනාවක් බැලුවා .ඒ අවස්ථාවේදී දකින්නට ලැබුණු අඩුපාඩුව තමයි මේ සටහන් කලේ. ඇත්තෙන්ම මටනම් ඒ දුර්වලතාවය පැහැදිලිව දැනුනා

      Delete
  43. සුපර් ස්ටාර් පළමු අදියරේ වැඩසටහන කොතරම් ජන හදවත් දිනා ගත්තද කියනවා නම් ඉවාන්...1996 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන තරගය නැරඹුවාට පස්සෙ වාර්තාගත ජනතාවක් රූපවාහිනී නරඹපු රාත්‍රිය උනේ පළමු අදියරේ අවසාන මහා තරගය පවත්වපු රාත්‍රිය. මම ඒ දවස් වල බොරුල්ලෙ කොටා පාරෙ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක සේවය කලේ...ඒ කාලෙ මරදාන ඉස්ටේසුමෙන් බැහැලා බස් නැවතුමට යද්දි සුපර් ස්ටාර් පළමු අදියරේ තරු වල ඡායාරූප එක් තරුණයෙක් බිම තියාගෙන විකුණමින් උන්නා...මුල් දවස් වල මේ දෙස බලා මිනිස්සු හිනා උනා විතරයි කවුරුවත් ගත්තෙ නෑ...එහෙත් කාලය ගත වෙලා අවසන් තරග කරුවො තුන් දෙනෙක් වගේ වෙද්දි මේ ඡායාරූප උණු කැවුම් වගේ විකිණී ගියා. ඊට පස්සෙ අදියරේ හිටිය සංඛ නිසා මට ලැබුනු උණුසුම් ප්‍රතිචාර වලින් මටත් යම් තරමකට දැනගන්න ලැබුනා ජනප්‍රිය චරිතයක් උනාම විදින වද වේදනා වල තරම. මම මේ ගැන ලිපියක් අතීතයේ දිනක ලියා තියෙනවා.

    දෙරණ පැත්තට හැරෙනවා නම්...දෙරණෙ ඔය තරගෙට අදාළව ලංජනය පවා නිර්මාණය කලේ මගේ අතිජාත මිතුරෙක්. ඔවුන් ඒ වැඩසටහන ආරම්භ කරද්දී සිරස ඔවුනට වඩා ගවු ගානක් ඉදිරියෙන් සිටින බව දැන උන්නත් එය අමතක කර ඔවුන් රියලිටි කලාවේ ප්‍රමුඛයෝ ලෙස සිතමින් වැඩට බැස්සා...ඔවුන්ගේ ඇතැම් තැන් වල සිරස අභිබවා යන හොද ප්‍රමිතියක් මම දැකලා තිබුනත්...දෙරණ ඩ්‍රීම්ස්ටාර් හරහා ක්ෂේත්‍රය තුල ගමනක් ගියා කියලා අත දිගු කරලා පෙන්වන්න කිසිවෙකුත් මේ අවස්ථාව වන තුරුත් නෑ...ඒ නිසා ඒ වැඩසටහනේ අභිමතාර්ථ ඉටු උනාද කියලා සැකයක් මතු වෙනවා.

    සිරස සුපර් ස්ටාර් මුල් කාලෙ අධ්‍යක්ෂණය කලේ නිලේන්ද්‍ර දේශප්‍රිය, ඔහුගේ සහායකයා උනේ විරාජ් වැලිවත්ත, නිලේන්ද්‍ර සිරස හැර ගියාට පස්සෙ...ඒ වගකීම කරට ගත්තෙ විරාජ්...දැන් ඔහු ඉන්නෙ හිරු ටීවී එක්ක....වැඩසටහන කරගෙන ගියාට...කෝටි ගනන් මුදල් තෑගි දුන්නට එහි තිබෙන නිර්මාණාත්මක ගුණය දැන් මොට වෙලා තියෙන්නෙ..අතීතයේ දිනක ඒ කාරිය කරපු දක්ෂයො දැන් එතන නැති නිසයි...

    ඔබ කියනවා වගේ කමල්ගෙ හැකියාව සුවිශේෂීයි. සුපර් ස්ටාර් තරග කරුවෙකු ලෙස මම තෙවන තරග වාරයේදී සහභාගි වෙලා තරගයේ යම් දුරක් ගියා. ඒ අතරතුර මේ කියූ බොහෝ චරිත ආශ්‍රය කරන්න ලැබුනා. රංගන ශිල්පියෙකු ලෙස කමල් සතු අත්දැකීම් නිසා ඒ දිනවල වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙස විශාලම ගෙවීමක් ලැබුවෙ කමල්...පස්සෙ කාලෙක DFCC Mind Star නැමති ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන ඉදිරිපත් කරමින් එය අභිබවා යන්නට රවීන්ද්‍ර රන්දෙණියට හැකි උනා.

    හැම නාලිකාවක්ම ජනප්‍රිය කෙනෙකු පූරකයා ලෙස යොදාගන්නෙ වැඩසටහනට තව තවත් ආකර්ෂණය ඇති කරන්න. අවසාන වසර දෙක තුල පැවති මේ වර්ගයේ වැඩසටහන් නරඹා නැති නමුත් සුපර් ස්ටාර් 4 වන අදියර ජයග්‍රහණය කල ගම්පහ තිසර චානකට එම කිරුළ කරා යන්න ඔහු අසලම සිට දර දිය ඇදපු මිනිහෙක් විදියට මේ වැඩසටහන් ඇතුලෙ තියෙන පිටතට නොපෙනෙන තිත්ත ඇත්ත මම හොදට දන්නවා....

    ReplyDelete
    Replies
    1. මුලින්ම ස්තුතියි සිරාගේ දීර්ඝ පැහැදිලි කිරීමට . මේ ශිල්පීන් කිසිවෙකු සමග මේ වැඩසටහන් අතරතුරේදී ආශ්‍රය කරන්නට ලැබී නෑ. කෙසේවෙතත් . කමල් ඇතිකළා ක්ෂේත්‍රයේ නවතම රැල්ලක් . ඒ රල්ල් ඔස්සේ පිහිනලා තමයි රවීන්ද්‍රටත් අවස්ථාව ලැබුනේ . මට මතක විදිහට ලකී ඩයස් මහතා පවා මේ ආකාරයේ තරඟයකට සම්බන්ධ වුනා .
      ඇලේ තියෙන පිටට නොපෙනෙන තිත්ත ඇත්ත ගැන පොස්ටුවක් සිරා ලියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා

      Delete
    2. ඒ ගැන ලිපියක් ලියන්න හැකියාවක් නෑ ඉවාන් කොලුවො...මම හෙළිදරව් කරන ඇතැම් කාරණා නිසා තිසරයා අපහසුතාවට ලක් වෙන්න පුලුවන්...එහෙම නැතිනම් ඒ ගැන ලියලා ගොඩාක් කල්....

      Delete
  44. මා හිතන විදියට, නිවේදකයෙක් සතුව ඒ ඒ විෂයයන් සම්බන්ධ පුළුල් දැනුමක් තියෙන්න ඕනෙ. දන්නැත්තම් ඒ ගැන අධ්‍යනය කරල හරි ඉගෙන ගන්න ඕනෙ.ඒ වගේම මිනිස් හදවත් ඇද බැද ගැනීමට තරම් පෙනුමක් මෙන්ම මනා කතිකත්වයක්ද තිබිය යුතුයි.ඒ සියල්ලන්ටම වඩා මනා පෞරුෂත්වයක් තිබිය යුතුයි...ඒ සියල්ල කමල් අද්දරආරච්චි ගාව තියෙනවා.ඒ නිසයි ඒ තරමටම කමල් ජනප්‍රිය....අනිත්එක පිරිමිකම තියෙන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. //""නිවේදකයෙක් සතුව ඒ ඒ විෂයයන් සම්බන්ධ පුළුල් දැනුමක් තියෙන්න ඕනෙ. දන්නැත්තම් ඒ ගැන අධ්‍යනය කරල හරි ඉගෙන ගන්න ඕනෙ.""// ඒ කතාව ඇත්ත , ඉස්සර රූපවාහිනී සහ ගුවන්විදුලි නිවෙදකයින්ට දිනකට පය දෙකක් පුස්තකාලය පරිහරණය කිරීම අනිවාර්ය කර තිබුනා . දැන් නම් ඒ නීතිය නෑ මම හිතන්නේ

      Delete
  45. ලොකුටෝක් කමෙන්ට් කෙටුවට කරපු සක්කිලිවැඩේ වහන්න බැ

    ReplyDelete
  46. එන්න ටිකක් පරක්කු වුනා..

    කතා ඇත්ත බං.. නිවේදනය කියන්නේ හිතන තරම්ම ලේසි පහසු දෙයක් නෙමෙයි.. මම නම් සුපර්ස්ටාර් 1 එක ඇරුනම අනික්වා හැම එකක්ම වගේ හරියට බැළුවේ නෑ.. ඒත් කමල් තරම් අනිත් කවුරුවත් ඒ අභියෝගය සාර්ථකව බාර ගත්තේ නෑ.. අනික මට මතකය හරිනම් කමල් ඉංග්‍රීසි සිංහල කවලං කරන් පිස්සු නැටුවෙත් නෑ.. අනික් අය ගැනනම් ඉතින් කියන්නට දෙයක් නැත..

    ReplyDelete
    Replies
    1. නිවේදන අපහසුයි , රියලිටි වේදිකාවේ මේ අපහසුව දෙගුණ තෙගුණ වෙනවා . කමල් වචන භාවිතය පැත්තෙන් සාර්ථක නොවුනත් පරිනත් සහ තැනට සුදුසු ලෙස ඉදිරිපත් කිරීමෙන් සාර්ථකව අභියෝගය ජයගත්තා .

      Delete
  47. මේ විස්තරේ ලියපු එකාට මඩ ගහනවා ඇරෙන්න පිටරැටියෝ වෙච්චා අපි මේ ගැන මොන ඉටිගෙඩියක් කියන්නද අප්පා

    ReplyDelete
    Replies
    1. මඩ ගහලා මඩ ගහලා කවදා හරි ලංකාවට වරෙන්කො .. ආයේ.. සොරි,com තමා

      Delete
    2. ගහමු ගහමු . මං බොක්කෙන් ෂපෝට් !!

      Delete
  48. මං හිතන්නෙ රවීන්ද්‍ර රන්දෙණිය මහතා ගැන කාටවත් මතක් වෙලා නෑ වගේ. එතුමාටත් නිවේදන කාලාවේ හොඳ පෞරුෂයක් තියෙන බවයි මගේ හැඟීම.

    මට ප්‍රේම කීර්ති ද අල්විස් මහතාට ගුවන් විදුලියෙදි සජීවී වැඩසටහනක් කරද්දි සිද්ද වෙච්චි ඇබැද්දියක් මතක්වුනා. ගීතයක් ප්‍රචාරය කරන්න ලෑස්ති කරල නිවේදනය කාර්යය අහවර කරල ඔන්න දැන් ගීතය වාදනය වෙන්න දැම්මලු. වැරදීමකින් නියමිත වේගයට වඩා වැඩි වේගයකින් තැටිය ධාවනය වෙන්න පටන් අරං. කලබල නොවූ ප්‍රේම කීර්ති මහතා, ටිකකින් වාදනය නවතා නැවතත් නිවේදනය කරල කීවලු," ගීත තැටියක් සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් ධාවනය කලොත් කොයි වගේද කියල ඔබ දන්නවාද? දැන් ඔබ ඒ අසා සිටියේ එම අවස්ථාවයි. ඒ තැටියම අපි දැන් සාමාන්‍ය වේගයෙන් අසමු" කියල. අත්වැරදීමක් වුනත් ඒක වැඩසටහනට බාධාවක් නොවෙන්න වගබලා ගත්තලු.

    ReplyDelete
    Replies
    1. තෙලි ..රවින්ද්‍ර රන්දෙනිය ගැන ඉහත සිරා කියලා තියෙනවා .

      ඔය ප්‍රේමකීර්ති මහත්තයාගේ කතාව සෑහෙන ජනප්‍රිය කතාවක්. ඇත්තටම නිවේදකයෝ වුනාම ඔය වගේ අකරතැබ්බ වලට අනිවාර්යයෙන් මුහුණ දෙන්න සිද්ධවෙනවා . එක තමයි මං කිව්වේ මේ සම්බන්ධීකරණය කොලේක ලියාගෙන ඇවිත් කියවන්න ගිහින් වැඩක් වෙන්නේ නෑ කියලා . එකට සහජ හැකියාවක් තියෙන්න ඕන . එහෙම නැත්තම් කැපවීමෙන් උත්සාහයෙන් ගොඩනගා ගත්ත හැකියාවක් තියෙන්න ඕන

      Delete
  49. හොඳ අදහසක් උඹ මතුකළේ. බල්ලගේ වැඩේ බූරැවට කීයටවත් කරන්න බෑ. ඕක ඒ දෙමාපියෝ හරි තේරැම් අරගත්තානම් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි සඳුන් අයියා .. මටත් හිතුනේ අඩු ගානේ ජැකාටවත් තේරෙන්න එපයි මේකට මේක කරන්න බෑ කියලා

      Delete
  50. සහෝ. අර කැම්පස් කොල්ලො කෙල්ලො ඉන්න රියලිටි එකේ කෙලී ගැන කථා නොකොලොත් අඩුවක් නෙමේද?

    ReplyDelete
    Replies
    1. ඇත්ත කවිතා වැඩසටහන ගැන මං කතා නොකළේ එක සාමාන්‍ය ස්ටාර් ආකෘතියෙන් බැහැරව කෙරෙන වැඩසටහනක් නිසා . හැබැයි ඒ ළමයා ගැන කතා නොකරපු එක අඩුවක් තමා . ස්තුතියි ඔබට

      Delete
  51. ඉතින් ඉවාන් හොඳ ලිපියක්....

    ලියන්න දෙයක් ඉතිරිවෙලා නැහැ. හැමෝම ලස්සනට කමෙන්ට් කරලා. මට ඉවාන් ප්‍රේමකීර්තිලා, බණ්ඩාර කේ විජේතුංගලා, අමරබන්ධු රූපසිංහලා, සමන් අතාවුද වගේ ඒ යුගයේ නිවේදකයින් දවසකටවත් හම්බවෙලා ඒ අය සෙට් වෙන තැන්වල ගැවසෙන්න ලැබිලා තියෙනවා. මේ අය එක් එක් නිවේදන අංශයන් ගැන අති දක්ෂයෝ..වැඩ සටහනකට පෙර සුදානම විශිෂ්ඨයි. උන් බුද්ධිමත් මිනිස්සු.

    අඛිලගේ වචන ශබ්ද කිරීමේ දුර්වලතාත් තිබුනා. සිහින තරු කියන්න බැහැ. කියවෙන්නේ සීන තරු කියලා. පව්. වැරදි හදාගෙන ඉදිරියට යන්න ලැබෙන්න කියලා පතමු.

    කාට හරි අව්ශ්‍යනම් පැරණි නිවේදකයින් සහ තවත් වැදගත් අයගේ කටහඬ අහන්න. මේ ලින්ක් එකට යන්න. මේක වටිනා සයිට් එකක්. පවත්වාගෙන යන්නේ ප්‍රවීණ ,ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්නයන්.

    VOICE ARCHIVE

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]