Thursday, September 18, 2014

කාලකණ්නියා..




ටක් ටක් ටක් ගාලා රටාවකට දොරට ගහන සද්දෙන් මම අඳින ගත්තා කවුද කියලා ......
කියව කියවා හිටපු පොත ඇඳේ අනික් පැත්තෙන් තියලා නැගිට්ටා . 

"අපරාධය සහ දඬුවම ...ෆ්යෝදර් දොස්තයෙව්ස්කි ..පොත පරණ වුනාට අකුරු දිලිසෙනවා කවරෙත් එක්කම . පොත දිහා ආපහු බලාගෙන ඉන්නකොට 


"ටක් ..ටක් ... දඩිස් දඩිස් .... "
දොරට ගහන සද්දේ වැඩියි .....


ක්රාස් ... ගාගෙන දොර ඇරෙනවත් එක්කම ...

"අංකල් ඔයාට සෑහෙන්න නින්දයනවානේ රෙන්ට් එක දෙන දවස ලං වෙනකොට ..මතකනේ දවස හෙට ...." කියපු කොලු ගැටයා ආපහු යන්න හැරුනා...

පුතා ..." මගේ වචනෙට ඔහු ආපහු හැරුනත් අස් දෙකේ තිබුනේ අමුතුම කුහුලක්...

"පු.....තා.......  හඃ කවදා ඉඳලද? "
  
හිටියනම් උඹේ පුතත් ඔය වයසේ තමා අවුරුදු දාසයක් කියන්නේ මහා වයසක් යැ..."

කවුද  කිව්වේ ! මං පුදුමයෙන් උඩබිම බැලුවා . වටේටම බැලුවත් කවුරුවත් පේන්න හිටියේ නෑ
හැබැයි .. කොලු ගැටයට ඒක ඇහුනු බවක් නම් පෙන්න තිබ්බේ නෑ .

 අතරේදී කිසිම කතාවක් නැතුවම මම දික්‌ කරපු දාහේ කොළ දෙක දිහා මොහොතක් බලපු ඔහු ගේ
ඇස්  පුදුමයෙන් ලොකු වුනා ... ආපහු සැරයක් මගේ මුහුණ දිහා බලපු ඔහුගේ ඇස් දිලිසුනා ... මගේ අතෙන්  සල්ලි උදුරාගත්ත කොලු ගැටයා .. සාක්කුවෙන්ගත්ත කුඩා පොත් පිංචේ පිටු දෙකක් විතර පෙරලලා  දිලිසෙන   පෑනකින් මොනවදෝ ලියාගන ආපහු හැරුනා .

අඩු ගානේ යන්නං කියන්නෙවත් නැතුව


****


කාලකන්නි වැස්ස .. තව ටිකකින් මේක ඇතුලත් තෙමෙන්න ගනියි.

"ඉතිං උඹ ඉස්සර වැස්සට හරිම ආසයි නේ."
අර කටහඬ ආපහු ඇහෙනවා ...

කවුද ඔය ...කොහේ ඉඳන්ද කතා කරන්නේ ...." මම ටිකක් කටහඬ ගැඹුරු කරලා උගුර පාදලා
ඇහුවේ ..

සද්දයක් නෑ.

උඹ ඉස්සර වැස්සේ තෙමෙන්න හරිම ආසයි නේ ... කොයි වෙලෙත් කටේ තිබ්බේ වැස්සනම් මරු 
කියලා නේද ?"

 ඉස්සර මං දැන් වැස්සට කැමති නෑ ,මට තෙමෙන්න බෑ ,පීනසේ වැඩිවෙනවා "

“කලුවර වැටෙන්න කලින් කෑමට මොනවා හරි ගෙන්න යන්න ඕන . කරුවලේ මෙලෝ මලදානයක්    පේන්නෙත් නෑ . මුන් පරණ කෑමත් ඔතලා දෙනවා ."

"එහෙනම් ඉස්සර කළුවරට ඔච්චර කැමති මොකෝ ... රෑ වෙනකොට හරිම රොමැන්ටික් කියලා නේද 
කිව්වේ."

"කවුද ඕයි තමුසේ??
කොහේ ඉඳන්ද කතා කරන්නේ ...? තමුසේ කොහොමද මං ගැන ඔය තරම් දන්නේ ,ඇරත් මම අමතක     කරන්න හදන දේවල් තමුසේ මොකද මට මතක් කරලා දෙන්නේ ."

ආපහු සද්දයක් නෑ ...

"මාව පිස්සෙක් නොකර ඉන්න තැනකින් එලියට එනවා ඕයි...  ..."

ජනේලෙන් පෙනුනා පාරේ ගිය ගෑණුලමයෙක් බයවෙලා වගේ කාමරේ පැත්ත බලනවා.. සද්දේ
එළියටත්   ඇහුනද ?



********



එලියට බහිනකොටත් පොද වැස්ස ..

"ඉස්සර උඹ ආසම හුළඟත් එක්ක එන පොද වැස්සට "

හ්ම්ම්ම් ..."
 මූ ගැන හොයලා වැඩක් නෑ ..කොහේ හැංගිලා කිව්ව්වත් ඇත්තනේ කියන්නේ ..මොකාද මූ ..හෙමීට හොයාගන්න ඕන .

"හැබයි ටීනා වැස්සට ආස නෑ නේද ?  
 වුනාට ජයනියි , නදීකයි ,ශේරෝනුයි තුන් දෙනාම වැස්සට ආසයි , මතකද දවසක් ,වැස්සේ උඹ ජයනිට  තුරුල් වෙලා යද්දී ..ශේරෝන් පේස්ට්‍රි ෂොප් එකෙන් එලියට එනවා දැකලා උඹ ජයනිගේ ශෝල් එකෙන්    ඔලුව වහගත්තා ...
හැබැයි උඹට අමතක වුනා උඹ ඇඳන් ගියේ ශේරෝන් අරන් දීපු කිට් එක කියලා ..ඊට පස්සේ නේද ඒක නැති වුනේ .."

ඇත්තටම තමුසේ කොහොමද ඔවා දන්නේ ... කවුද තමුසේ .. තමුසේ හදන්නෙම මගේ කේන්තිය    අවුස්සන්න "

 හැබැයි ඊට පස්සේ නදීකව දැක්කෙම නෑ.. සල්ලි අමාරුකම් තිබ්බට ටිකක් ආඩම්බර කෙල්ල . අම්ම   කැන්සර් එකකින් නැතිවුනා කියලා ආරංචි වුනා .. එච්චරයි ...  කාලේ අතින් අල්ලන්නන දෙන්නෙත් නෑ

“වනචර විදිහට හිතන එක දැන්වත් නවත්තාපන් මිනිහෝ "

"තමුසේ කොහොමද මම හිතන දේවල් දන්නේ ..තමුසේ නම් මාර ඇණයක් වීගෙන එන්නේ දැන් "



******


වැස්සත් එක්ක අඳුර එනකොට හරිම මූසලයි , කාමරේ තියෙන පරණ ගොඩනැගිල්ලේ කොරිඩෝවේ කොයි වෙලෙත් පියාඹන කිරි වව්ල්ලු  මූසල ගතිය දෙගුණ තෙගුණ කරනවා ..

වෙලාවට කුලිය විතරයි , අඩු ගානේ හුණු ටිකක් ගානවද සල්ලි ගත්තට .

ඉතින් උඹත්  කාලේ වැඩ කරලා දෙන්නම් කියා කියා පගාව ගත්තට කීයෙන් කී දෙනාටද වැඩක්     කරලා   දුන්නේ "

"තමුසේ නම් එන පොට හොඳ නෑ , තැනක් නොතැනක් නැතුව ඔහොම මගේ පෞද්ගලික දේවල් එලියට    අදින්න එපා යකෝ!!!" කෑ ගහලා කියන්න ඕන වුනත් කාට කියලා කෑ ගහන්නද ?




*******

"කොත්තුවක් කමු ... "

"උඹට හොඳ නෑ නේද ඔය බර කෑම රෑ තිස්සේ .. "

"තමුසේ ඉන්නවකෝ මළොත් මම නේ ..."

කෑමටද සර් ..."
කොත්තුව ඉල්ලුවම කැෂියර් කොලුවා අහනවා

"නෑ ගෙනියන්න  මල්ලි "

ඇයි ඉස්සර වගේ කියනවකො නෑ කුකුලන්ට දාන්න කියලා "

"ඉස්සර කිව්වට දැන් එහෙම කියලා ගුටි කන්නයැ. "

චිකන් කොත්තු නෝමල් එකක් පාර්සාආආල් ....... නෙද්දකින් මූ කෑගහන හැටි ..වටේටම ඇහෙනවා 


******


කවුද හුත් ..... ඔතන හුජ්ජ කරන්නේ ...."

අම්මප නිදහසේ ඒකවත් කරගන්න විදිහක් නැති හැටි .. හරියට මුන්ගේ අම්මගේ අප්පාගේ පාරවල් වගේ     මේවා
තව ටිකෙන් කුඩේත් වැටෙනවා කාණුවට මුගේ කෑ ගැහිල්ලට ...

අඩි හයක් විතර උස තඩි ත්‍රීවීල්කාරයා දැක්කම බයත් හිතුනා ..

"මොකෝ අංකල් ඕක එලියට අදින්න වෙන තැනක් තිබ්බෙම නැද්ද .."

මට බැලුනේ ත්‍රීවීල් එක දිහා ...

කවුද ගෑනියෙක් ඔලුව එලියට දාලා ආපහු ඇතුලට ගත්තා .

ත්‍රීවීල් එක දිහා බලපු කොල්ලගේ කට කොනට හිනාවක් ..

මොකෝ කියන්නේ .. දාහයි ..." ඇහැක් ගහපු කොල්ලා ආපහු මගේ දිහා බැලුවා ..

තමුසේ ගේ ඔය වලත්ත ගතිය තාම අඩුවක් නැද්ද "

හ්ම්ම් ... දාහ දික් කරන්නත් කලින් කොල්ල උදුරාගෙන

"ඇතුලට යනවා ...විසිල් පාර ඇහුනොත් දුවනවා හරිද ...
බය වෙන්න දෙයක් නෑ මේ වැස්සේ නම් මොකෙක්වත් එන එකක් නෑ .
පැය බාගයයි හරි."




******



"ඩීසල් ත්‍රීවීල් මේවටම හදපුවද මංදා "

ඇඳුම් ඔක්කොම ගලවපන් "

 මොකෝ මට බෑ ... මෙහෙම ඕනනම් ඉන්නවා ,නැත්තම් යනවා .."

කොහේ යන්නද ගෑනියේ ..රුපියල් දාහක් දුන්නට පස්සේ .."

ගෑනි කට අරියේ කෑ ගහන්න ... ඉනේ තිබ්බ පිහිය ඇදලා ගත්ත මම

කෑගහුවොත් තොගේ කෑලි කපනවා "
ශේරෝන් ගේ අයියලා ,මල්ලිලා සෙට් එකෙන්ම අම්බානට කෑවට පස්සේ කිනිස්සක් ඉනේ ගහන් යන    එක    පුරුද්දක් වුනා ...  පුරුද්දට දැන් අවුරුදු විස්සකට වැඩියි නේද...?

තමුසෙට හැදෙන්න උවමනාවක්ම නෑ වගේ .. එක අතකට දැන් මොකට හැදෙන්නද ...හොඳම කාලේ    විනාස වෙච්ච් මිනිහෙකුට "

අනේ නවත්ත ගනන්වා තමුසෙගෙ කියවිල්ල ... තමුසෙගෙ කියවිල්ලට මම නවතිනෙන් නෑ "

"ගලවපිය ඉතින් " 

තිගැස්සිලා පිහිය දිහා බලන් ඉන්න ගෑනිගේ අත් වලින්ම තමන්ව නිරුවත් වෙන්න ගතවුනේ සුළු    වෙලාවයි .

මොකෝ මේක ගලවන්නේ මමද ... ගලවපිය ..."

"ඔච්චර අමානුෂික වෙන්න එපා මිනිහෝ "

"පලයන් යන්න මොන මනුස්සකම්ද යකෝ වේසියොනට"

ඇයි උන් මිනිස්සු නෙවෙයිද ..?'

නෑ මිනිස්සු නෙවෙයි ගෑනු .. පලයන් මිනිහෝ යන්න "

“ගලවපිය ... "
තාමත් තිසර පටයට අත තියාගෙන ලතවෙමුන් ඉන්න ගැහැනියගේ මූණට කිනිස්ස ඉතාම ලං වුනා ..

“මට උඹ සම්පූරණයෙන් නිරුවතින් ඉන්නවා දකින්න ඕන ..ගලවපිය දැන් විනාඩි දහයක් ගිහින් "

පිහිය තව ටික ලං වෙද්දී ..ගෑනි තනපටය ගලවලා අතට ගත්තා ...

දෙයියනේ !

බ්රෙස්ට් කැන්සර් එකට බෙහෙත් ගන්න යන සල්ලි හොයන්න වෙන විදිහක් ඇත්තෙම නෑ මහත්තයා .."

පියවුරු නැති තැනිතලා පපුව උඩ අත තියාගත්තු ගැහැණිය කියපු දේ මට ඇහුනද මන්දා...

"කාලකණ්නියා ... "
ආපහු  හඬ

ඔව් උඹ හරි....






ස්තුතිය - කතාවේ පිටු සැකසීම කල සහ පිංතූර සොයා දුන් බස්සිට 

199 comments:

  1. හොල්මන් උනා බං! කරකවලා අත හැරියා වගේ. තාම හිතා ගන්න බෑ මොකද උනේ කියලා.

    ඌ නම් කාළකණ්නියෙක්ම තමා.

    උපරිමයි මචෝ. නියමයි ඉවාන්!! (y)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියා , මේක අප්ඩේට් වෙන්නේ නැතුව තිබ්බේ බං , උඹ කතා කලට පස්සේ නිමොට කතා කරලා ,හෙල්ප් එකක් ගත්තා , එහෙම තමයි මේ තරමින් හරි ගොඩ දා ගත්තේ , තැන්කු වේවා උඹට

      Delete
  2. කොහෙන්ද බං මෙව්වා එන්නේ

    හයියෙන් හයින් ගලාගන යන අපුරුව

    ReplyDelete
    Replies
    1. ඔහේ හිතෙන වෙලාවට ලියාගෙන ලියාගෙන යනවා බං. ඊට පස්සේ ටිකක් හදලා කරලා පබ්ලිෂ් කරනවා

      Delete
  3. පස්සෙ එන්නං. එක හුස්මට කියෝගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. කෝ පස්සේ ඇවිත් නෑනේ සිංහයා

      Delete
    2. මචෝ.

      කතාවෙ තියෙන වේගෙ, ජවය සහ අන්තිමට ඔලුවට පොල්ලෙන් ගහන්න වගේ සිද්ධිය උපරිමයි.

      ඇයි අරූ එක පාර අර ගෑණිට කිණිස්සක් දික්කරන්නෙ? මිනිහ සමාන්‍යෙං එහෙම කලබලකාර, දරුණු චරිතයක් නෙමෙයිනෙ!

      Delete
    3. ///""ඇයි අරූ එක පාර අර ගෑණිට කිණිස්සක් දික්කරන්නෙ? මිනිහ සමාන්‍යෙං එහෙම කලබලකාර, දරුණු චරිතයක් නෙමෙයිනෙ!""// මේකම නොවුනත් මේ වගේ ප්‍රශ්නයක් තමයි මම ඉන්දිකගෙන බලාපොරොත්තු වුනේ ,

      මෙහෙමයි . ඇතුලේ ඉන්න කාලකන්නියා අවදි වෙන්නේ කොයි වේලාවේද කියලා අපිට කියන්න බෑ. කලබලකාර නොවුනට කාමාශාව සහ අතීත අත්දැකීම් එක්ක එක්වරම තිරිසනා අවදි වීම, ඒ වගේම ගැහැණිය කෑ ගැහුවොත් කියන බිය . ක්ෂණික සිතුවිලි වලට ඔහුගේ මොලයෙන් ලැබෙන ප්‍රතික්‍රියාව ..

      Delete
  4. කියල වැඩක් නෑ... අටම් අහපු එකම තමයි මටත් අහන්න තියෙන්නේ කොහෙන්ද බන් මේවා එන්නේ.. සමාජයේ අපි නොදකින පැති දකින්න උඹ ට හොඳ ඇහැක් තියෙනවා. ඒ වගේම ඒවා කෙනෙකුට දැනෙන්න ලියන්න උඹට හොඳ හැකියාවකුත් තියෙනවා බන්.. සිරාවට

    ReplyDelete
    Replies
    1. ඒ බන් ,,,කාලකන්නියා කියලා පැතුම් අයියගේ ලොකු ෆොටෝ එකත් එක්ක මේල් එක ආවේ මං ඒකයි සින් ගාලා ඔලුව දාලා යන්න ආවේ, කියවුවේ නැහැ බන්,, රෑ කියෝලා කමෙන්ට් කරන්නම්,.. ;D

      Delete
    2. ඔව් ඔව් ඔය සීන් එකම තමා මටත් උනේ. මමත් ටිකක් ගැස්සුනා ඒක දැකලා. :)

      Delete
    3. @ පැතුම් - ස්තුතියි වේවා , හැබැයි පැතුම් ගේ විද්‍යා ප්‍රබන්ධ කතා පොත් ගැන ලියපු පොස්ට් එක නම් මට සිරාවට වැදුනා . ඒ වගේ ගටක් මටත් තිබ්බනම කියලා හිතුනා . ස්තුතියි පැතුම්

      Delete
    4. @ ඔමා & නිමා - මේ එහෙම මේලක් කොහොමද ආවේ , ගූගල් ප්ලස් එකෙන් එන මේල් එක ගැනද කියන්නේ මේ .

      Delete
    5. ඔව් ඔයා මේක ශෙයා කරද්දී අපිට එන මේල් එකේ පැතුම් අයියගේ ලොකු මුණක් ආවේ හම්මේ බය වුණා බන්

      Delete
    6. හෙහ් හෙහ් සිරාවට කොහොම මගේ මුණ මේකට ගෑවුනා ද මන්ද? අපේ පෝස්ට් වලට ගැලපෙන ෆොටෝ ඔටෝ හොයා ගන්න තරම් ගුග්ල් ඉන්ටෙලිජනට් කියල මම දැනගෙන හිටියේ නෑ නේ.. හෙහ් හෙහ්...

      Delete
    7. අඩේ ඇත්තටම ගූගලයා මේ තරම් ඉන්ටෙලිජන්ට් ද?

      Delete
  5. Wow..... Aadambarai aiyandi. ..

    Kiyanna wadan naa....

    Original kaalakanniyek...

    ReplyDelete
    Replies
    1. අම්මේ බකටුල්ලි දැක්ක කල් . කොහෙද හැංගිලා ඉන්නේ, උඹ තාම සිංහල හදාගත්තේ නැද්ද ? අයියෝ සල්ලි තන්කිව් වේවා රෙහා

      Delete
  6. ඉවාන් අයියේ වචන නෑ කියන්න පුදුම හැකියාවක් . අටම් කිව්ව වගේ කොහෙන්ද ඕව එන්නේ හැබෑට??

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිමා . ඔහේ හිතෙන වෙලාවට ලියාගෙන ලියාගෙන යනවා ඉතින්

      Delete
  7. උඹ නම් මාර පොරක් ඉවාන්.. පට්ට... කියන්න වචන නෑ..... පට්ට ස්ටොරිය...

    ReplyDelete
  8. ඉවාන් ඔයා හොද නිර්මාණකරුවෙක්. වෙන මට දෙන්න අර්ථකතන නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු අක්කේ ..මේ වචන ටික හයියක් ..

      Delete
  9. මගේ ජීවිත කාළය තුල මා කියවූ හොඳම කෙටි කතාව.

    වෙන කීමට කිසිවක් නැත.

    තිත්ත ඇත්ත, කිසිවකු ඇසුරු නොකල රටාවක්. ආත්ම කතනය තුලින් මතුවු නොමිනිස් කමේ උච්චතම අවස්ථාවක්. ගනිකාව දෙස සානුකම්පිත බැල්මක්.

    මේ පන්තියේ ගනිකාවන් සෑම කෙනෙකුටම මේ වගේ කතාවක් තියෙනවා. පිහිය දිය වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. මාතලන් . මටත් මේ කොමෙන්ටුව ගැන කීමට වදන් නැත. මේ සහතිකය මට රටක් වටිනවා . කොහොමත් මං ආපු මේ ගමනේ ,දිගටම අත දුන්නු මග පෙන්වන්නා ඔබයි, ස්තුතියි මාතේ .
      ගණිකාවන් බොහෝ දෙනෙකු පිටුපස මේ වගේ කතාවක් හැංගිලා තියෙනවා

      Delete
    2. \\\පිහිය දිය වෙන්න ඇති\\\\
      තවත් මොනවා කියන්නද?

      Delete
    3. චෙපාකි - හ්ම්ම්ම් ...ඇත්ත ...ස්තුති වේවා චෙපාකයියා

      Delete
  10. කාලීන සමාජ විවරණයක්. මීට කලින් මා කියවූ ඔබේ නිර්මාණය තරම් හොඳ නැහැ. නමුත් මේ වස්තුබීජයේ අගය වැඩි කරමින්, කතාව ගලායන වේගය අඩුකොට නාට්‍යානුරූපී බව තවත් වැඩිකළ හැකියි.

    දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක ,අවංක අදහස ප්‍රකාශ කලාට .සමහර තැන තවත් සුමට කරන්නට තිබුනා කියා ,කීපවරක් කියවනකොට මටත් හිතෙනවා

      Delete
  11. කියන්න දෙයක් නැහැ ඉස්තරම්

    ReplyDelete
  12. ///හැබැයි උඹට අමතක වුනා උඹ ඇඳන් ගියේ ශේරෝන් අරන් දීපු කිට් එක කියලා ..ඊට පස්සේ නේද ඒක නැති වුනේ .."////

    මේ කොටස කියවද්දී හිතුණා උබ කතාවේ කාලකන්නියගේ චරිතේ ඇතුලේ ඉදන් තමයි මේක ලියන්නේ කියලා,.... මං සාමන්යෙන් බ්ලොග් පෝස්ට් එකක් කියවන්න කලින් උඩයි යටයි බලලා දිග අනුව තමයි කියෝන එක හිතන්නේ ,,ඒත් බන් මේක කියවන් එද්දී කියවන්නම හිතෙනවා... ඒ වගේම කෙටිකතාවක් කියලා දන්න නිසා අවසානේ දකින කුහුලෙන් සූ ගාලා කියෙවුවෙ,, නියමයි පුතා .

    ඒත් බන් මේ ගෑණු කෙනා බ්‍රෙස්ට් කෑන්සර් එක හොද කරගන්නේ වෙන කෑන්සර් එකක් හදාගෙනනේ .....

    ReplyDelete
    Replies
    1. එයාගෙ එතනත් උයියද අනී ................. හෙක්......හෙක්....... මි යා කීන එව්ව .......

      Delete
    2. ඔමා - //""ඒත් බන් මේ ගෑණු කෙනා බ්‍රෙස්ට් කෑන්සර් එක හොද කරගන්නේ වෙන කෑන්සර් එකක් හදාගෙනනේ "// ඇත්ත ඔමා , එත් අපි එකට කියන්නේ ජීවිතේ හැටි කියලා . ස්තුතියි ඔමායා අගය කිරීමට , කෝ රකන්ටෝ

      Delete
    3. @ කෙන්ජි - "මීයා කියන එව්වා" ???? මොන මීයද?

      Delete
    4. kenji මොකෝ මේ හුරතල් වෙන්නේ ඉදගෙන :D ඇයි ඔබතුමා බබාද දන්නේ නැත්තේ ඈ

      ඉන්න මන් ලියන්නව,,,, අනේ මන්ද අයියේ ///ඇත්ත ඔමා , එත් අපි එකට කියන්නේ ජීවිතේ හැටි කියලා . /// මේක තමයි අයියේ මටත් කියන්න වෙන්නේ ,පුදුමාකාර දෙයක් අප්පා,

      Delete
    5. ඒක තමයි ඔමා ඇත්ත, ඉක්මනට ලියපං , ගුටි නොකා

      Delete
  13. ඔබේ දෑස දැක ගත්තෙමි
    සැදෑ කලෙක ළඳුනේ ..…

    දෙනෝ දහක් අත ගත්තද
    සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම් නො කියන 
    වීදි සරන ළඳුනේ ...

    තෙල් මල් ගෙන දෝත පුරා 
    මුනි කුටියට පිය නංවන
    ඔබේ දෑස දැක ගත්තෙමි
    සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

    බුදුන් දැක නිවන් දකිමැයි
    දෙව්රම යන පාර අහන
    ඔබ ද පටාචාරාවකි
    ඔබ ද කිසා ගෝතමියකි …

    පිරිමින්ගේ පාප කඳට
    දෝස විඳින ළඳුනේ
    රහසේ පව් කරන දනා 
    එලියෙ රවන ළඳුනේ
    ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නො පෙනෙන ළඳුනේ
    කුහුඹුවකුට වරදක් නැති
    වැරදිකාර ළඳුනේ …………

    පද -රන්බණ්ඩා සෙනෙවිරත්න
    සංගීතය -ප්‍රේමසිරි කේමදාස
    ගායනය  - අමරසිරි පීරිස්

    ReplyDelete
    Replies
    1. අඳුර වසා නුඹෙ සියුමැලි ඔය වත....
      සිහිලැල් සුළඟින් වෙලෙන සැටී.....
      දුහුල් සළුව වැතිරෙනා යහන මත...
      අකුරට නුඹ පෙම් බඳින සැටී.....
      අසරණයි...
      අසරණයි නුඹ....
      දුහුල් කන්‍යාවී....


      සියුමැලි දෙකොපුල් තෙමෙද්දී නුඹේ....
      නුරා ගින්නෙන් දැවෙද්දී නුඹේ....
      ගිනිගත් ඔය යහන මත සිට....
      සිහින දකිනවද නුඹ මැවූ...
      දුහුල් කන්‍යාවී.....


      නොකිළිටි හැඟුමෙන් අකුරු කරන්නට...
      කාසි සොයන්නට....
      පතිවත පුද දුන්....
      ඔබ තවමත් කන්‍යාවියක්මැයි...
      කන්‍යාවියේ....


      යුකිතියම පසඳලන්...
      නුඹ වැනි...
      කන්‍යාවියන් හට...
      ලොව දිනා මතු දා...
      නුඹ සෙවූ...
      කිළිටි කාසියෙන්....


      ~ මධූ ~

      ගත්තේ මෙතනින් ....(http://nihandasithuwili.blogspot.com/2014/01/blog-post_4007.html)

      Delete
    2. මෙන්න අපේ ඩබල..
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    3. පට්ටයි ඉවානයෝ කියන්න දෙයක් නැතුව මොහොතකට නැවතුනා............ ඒ නිසා පත්තරයා වගේ සින්දුවක් දාලා මාරු වෙන්නම්
      මේ වගේ කාලකන්නියන්ගේ තවත් අවසානයක් තමයි මේ
      මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා..
      නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා..
      බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා..
      හතුරෙකුටවත් මට වන් දුකවෙන්ට එපා..

      දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා..
      කල පව් මතක්‌ වී දෑසම තෙත් වෙනවා..
      සියක්‌ වාරයක්‌ මැරි මැරි උපදිනවා..
      තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..

      ලැබුවේ අවවාද නොහොබින ආරකය..
      දුදනන් නිසා විය හෙනහුරු මාරකය..
      මං පෙර ගියේ වරදින් පිරි පාරකය..
      ඒ ගිය මගේ අවසානය පෝරකය..

      ගායනය : සුනිල් එදිරිසිංහ
      පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න

      Delete
    4. @ පත්තරේ - ඔන්න ඔතන තියෙන්නේ තිත්ත ඇත්ත

      Delete
    5. @ සිංදු ඇනෝ - ඒ සිංදුවක් ද නැත්තම් නිසඳසක්ද ? මොකක් වුනත් අපූරු පද මාලාව බං .

      Delete
    6. @ මැලේ රාළ - ස්තුති වේවා මචෝ...ඔය සින්දුව තමයි අපි ඉස්සෙල්ලම කාලකන්නියෙක් ගැන ඉගෙන ගත්තු සින්දුව

      Delete
    7. තණ්හා ආශා ඔලගු කරේ ලා
      මග තොට නොබලා වගතුග නොසොයා
      එළිය දකින්නද මේ යන්නේ
      සැපත සොයන්නද මේ යන්නේ
      කතරේ ගිනිගත් වැලි තලයේ
      තණ්හා ආශා

      උතුරන ගංගා නියඟය ආදා
      වියළී යනවා ගහකොල මැළවී
      මල් හට ගන්නා වසන්තයම නෑ
      හැමදා අප යන මේ ගමනේ
      තණ්හා ආශා

      අඳුරෙන් ගැලවි එළිය සොයන්නෝ
      හැමදා අඳුරේ අඳුර දකින්නෝ
      අඳුර දකින්නෝ
      දිවියේ සාරය.....දිවියේ සාරය මෙපමණි ඇත්තේ
      අඳුරේ අප හැම වල්මත් වී
      තණ්හා ආශා

      සැපත විනෝදේ උපත කදුළ වේ
      විපත පියා වේ මේ ලොව සැපතේ
      පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
      කිසිදා....නැත උන් වෙන් වන්නේ

      තණ්හා ආශා ඔලගු කරේ ලා
      මග තොට නොබලා වගතුග නොසොයා
      එළිය දකින්නද මේ යන්නේ
      සැපත සොයන්නද මේ යන්නේ
      කතරේ ගිනිගත් වැලි තලයේ
      තණ්හා ආශා....

      Delete
    8. බජාර් එකේ ලලක්කා
      කොල්ලො හිත හොඳ අක්කා
      සුර සැප වික්කාකා
      ගෙත් වත ගොත රැක්කා ……

      සිල් අරගත්තා පෝයට සීලෙත් රැක්කා
      සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා
      මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා
      කාහුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා

      මයියොක්ක පිපිඥ්ඤාවම්බටු පොඩි බණ්ඩක්කා
      කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා
      නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
      දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා

      අක්කගෙ අම්ම ඉසක්කා ඉස්සර එලවළු වික්කා
      කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා
      නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා
      වික්ක නොවික්කා ගානයි පාඩු මිසක්කා

      ගායනය, සංගීතය - චන්දු ද සිල්වා (ජොලි සීයා)
      ගී පද - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

      Delete
    9. සිංදු කාමරේ ලෙසටම වැඩ . තැන්කිව් වේවා ,සිංහයා, පත්තරේ සහ සින්දු ඇනෝ

      Delete
    10. කන්‍යා නොවේය මා ...
      බිරිඳක් නොවේය මා...
      මවකදු නොවේය මා ...
      තනිවූ ගැහැණිය මා ...

      නාටක පුරවරය අප නලුනිලියො කලා ..
      ආදර අනදරය සැමදා වෙනස්වුනා ...
      දුවිලි නගරය දෑස වසා
      හද සිතුවිලි සුනුවිසුනු කලා....

      ජීවන කම්පනය සිත් රඟහලේ පුරා 
      රැවුදෙන වින්දනය විඳවීමක්මවෙලා 
      සුදු කෙහෙරැලි සුලඟේ යනවා 
      මතකය ශේෂව වැලපෙනවා .....

      ගායනය -ජනිදු ප්‍රවීන්
      පද -ලසිත ජයනේත්තිආරච්චි
      https://www.youtube.com/watch?v=JAaQoZC3WMY

      Delete
  14. ඇත්තටම කාලකණ්ණියෙක්!!!

    කතාව අවසානය කරා එනකල් මේ විදියට ඉවරවෙයි කියලා හිතුණේ නෑ. අපූරුයි ලියවිල්ල පවුලූශා...

    මේ වගේ වෙනස් මාර්තෘකා තෝරගෙන ලියන්ට දක්ෂම කෙනා ඔයා කියලා හිතෙනවා ලඟදි ඔයා අතින් ලියවෙච්ච කෙටිකතා දැක්කාම.

    හිත ගමන් කරන්නේ පුදුම විදියටනේ. :)

    ReplyDelete
    Replies
    1. ""ඇත්තටම කාලකණ්ණියෙක්"" හත් ඉලව්වයි පොඩ්ඩි මටද කිව්වේ ?
      ස්තුත්යි ඇගයීමට ,
      හිත ගමන් කරන්නේ පුදුම විදිහට තමා , ගමන් කරගෙන යන ගමන් ඔය පැත්තටත් එයි ඔන්න , පරිස්සමින් ඉන්"ට"

      Delete
  15. කෝ බං මම දැම්ම කමෙන්ට්.......?

    ReplyDelete
    Replies
    1. අනේ වෙන කොමෙන්ට් නෑනේ කෙන්ජයියේ , හැම තැනම බැලුව , ස්පෑම් එකත් නෑ

      Delete
  16. දොස්තයොව්ස්කිගෙන් පටන් අරං එයාගෙම විදිහට ගිහිං ඉවර කලා නේද ? උපරිමයි.. ‍රැස්කොල්නිකොව් වගෙ ඒ ගෑණිට වැඳලා මං මේ වඳින්නෙ උඹට නෙවෙයි උඹ ඇතුලෙ හිරවෙලා දුක් විඳින ආත්මෙට කියලා ඌට කියන්න තිබ්බා..

    ReplyDelete
    Replies
    1. සරත් අයියා - ස්තුතියි මේ අගය කිරීමට සහ කමෙන්ටුවට . ඔය කියන කතාව මම කියවලා නෑ මම හිතන්නේ . මොකක්ද පොත ??

      Delete
    2. ඒක මචං මධ්‍යතන චීනයේ ලියවිච්ච පොතක්.. අපචාදං චහ ජජුවංචං

      Delete
    3. මධ්‍යතන යුගයේ චීනයේ හොවැන්හෝ ගඟ අසබඩ ඉඳන් ලියපු එකක්ද දේශා

      Delete
    4. ඒයි.. ඒක තියෙන්නෙ අපරාධය හා දඬුවමේ ! ඹං කියෙව්වෙ දශක ගනනාවකට කලින් ..එතකොට මං පොඩි එකා. ‍රැස්කොල්නිකෝව් ශිෂ්‍යයෙක්.. සෝනියා කියන්නෙ කුඩම්මයි දරුවනුයි රකින්න සිරුර විකුණපු ගණිකාවක්. එයාගෙ දෙපතුලේ වැටිලා ‍රැස්කොල්නිකෝව් අරෙහෙම කියනවා. කියවියයුතුම පොතක්. ඒ පොතේ නමෙන් කතාව පටන් ගත්තම මං හිතුවනෙ ඔයා කියවන්න ඇති කියලා.

      Delete
    5. හැක හැක ඔන්න දවසේ කොමෙන්ටුව , ගෙදර මහා පොතක් ඇත එකක්වත් මතක නැත. අපරාධය සහ දඬුවමයි , වානේ පන්නරය ලැබූ හැටි සහ පෙරලුනු නැවුම් පස කියවනකොට මම හිතන්නේ අවුරුදු දහතුඅනක් විතර ඇති . ඊට පස්සේ නම් කියෙව්වේ නෑ, ඇත්තමයි හාන්කවිසියක්වත් මතක් වුනේ නෑ මේ කියනකම් . ශිකේ ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා. ඔන්න් මතකේ

      Delete
    6. අනේ යකෝ ඉවානයෝ තෝ ඇත්තටමද ඔය කිව්වේ.. ?? අපරාදේ මගේ වෙලාව... හැක්

      Delete
    7. සිරාවට දෙශෝ .. විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා . දැන් මේ කියනකොට තමා මතක් වුනේ හත් ඉලව්වේ නාගත්ත් නාගැනීම කියලා . ඒ තරම් මතකය අතිවිශිෂ්ටයි . දැන් නම් කතාව මතකයි . පොඩ්ඩක්වත් මතක තිබ්බේ නෑ රැස්කොල්නිකෝව්වයි සොනියාවයි ..ශිකේ ලැජ්ජාව උතුරනවා

      Delete
    8. ඕනෙ නම් කමෙන්ට් ටික මකමුද ?

      Delete
    9. මගෙ ජීවිතේ මං හිතන විදිහ වෙනස් කරන්න හේතු වෙච්ච ‍රැස්කොල් නිකෝව්ලා සෝනියාලා කොහොම අමතක කරන්නද ?

      Delete
    10. ඇත්තටම සරත් අයියේ ,මට මේ ගැන මතක් වුනේ අද උදේ කිව්වමයි, මාර ලැජ්ජාව , ඇත්තටම අමතකම වෙලා තිබ්බේ, එකට හේතුවක් වෙන්න ඕන මට හිතෙන්නේ මම වානේ පන්නරය ලැබූ හැටි පොත හය හත් පාරක් කියෙව්වා, මගේ ලෝකේ ඒ කාලේ වීරයා පාවෙල් නේ , මට මේ පොත් දෙකම අමතක වෙලා තියෙන්නේ ඒ නිසා, අද ගෙදර ගිහින් ආපහු දෙකම කියවනවා කියලා හිතාගෙන ඉන්නේ , කමෙන්ට් මකන්න බෑ ... මතකයේ හැටි

      Delete
    11. ​සරෝ.. මම ඉස්ලෙලම අපරාදය සහ දඩුවම කියෙව්වේ ඕ ලෙවල් වලදී.. හිතින් මාස ගාණක් මම රැස්කොල් එක්ක හිටියා.. සමහර වෙලාවට මම හීනෙනුත් බය වෙනවා.. ඇත්තටම ඒ ක්‍රෙඩිට් එක යන්න ඕන පරිවර්තනය සාර්ථකව කරපු කෙනාට. කරුමෙට මට නම මතක නෑ බං. සුගතපාල වගේ නමක් වගෙයි මතක...

      Delete
    12. ඔය ටික මට වුනේ වානේ පන්නරය ලැබූ හැටි කියවලා , මම හීනේන්නුත් පාවෙල් එක්ක ජීවත් වුනා, මට හිතට තදින්ම වැදුනේ ඒ පොත. ඊයේ ආපහු අපරාධය සහ දඬුවම කියවන්න් පටන් ගත්තා . සම්පූර්ණයෙන් ම මතකයෙන් අයින් වෙලා වගේ තිබ්බේ , ඒකයි පෙරලුනු නැවුම් පස පොතයි .

      දේශා අපරාධය සහ දඬුවම පරිවර්තනය කලේ මුනිදාස සෙනරත් යාපා

      දේශා කියවලා තියෙනවද බිම්ගෙයි සිරකරුවා සිංහල පරිවර්තනය පරිවර්තනය කලේ කේ. ජී. කරුණාතිලක

      Delete
    13. කේජිගේ පොත කියෙව්වා. උඹ දන්නවනේ උඹට තියෙන රෝගයම තමා මටත් තියෙන්නේ.. මෙලෝ මලදානයක් මතක හිටින්නේ නෑ..

      Delete
  17. මේ කතාව නම් ආයෙ කියන්න දෙයක් නෑ සුපිරියි පවුලූශෝ. මං හිතන්නෙ අප්ඩේට් නොවීමේ අවුල ආවෙ කතාව දැකල ගූගලයත් හොල්මන් වෙන්න ඇති. මේ උඹ ලියාපු වෙනස්ම විදියේ සුපිරිම කෙටිකතාවක්. පට්ට එකේ හොඳම එක.

    මම කොහොමත් ආසා හිටිගමන් ඔලුවට ගැහැව්වා වගේ ඉවර කරන මේ වගේ කතා වලට. ඒ නිසා මේකත් බොක්කටම වැදුනා.

    කතාවෙ එලයින්මන්ට් වෙනස් කරලා, පාටදාලා තියෙන විදියත් සුපිරි මචෝ...!!
    පින්තූරෙත්, කාළකණ්නියාගෙ හෘදය සාක්ෂිය කදිමට නිරූපණය කරනවා.

    ReplyDelete
    Replies
    1. //මං හිතන්නෙ අප්ඩේට් නොවීමේ අවුල ආවෙ කතාව දැකල ගූගලයත් හොල්මන් වෙන්න ඇති.//+++++++++++ එකෙන්ම අනිවා!! ඒකෙ ආයෙ දෙකක් නෑ.

      Delete
    2. @ බට කොස්සී - ගූගලය හොල්මන් වෙලාද මන්දා , කොහොම හරි හෙන කට්ටක් කෑවා , එත් හරි ගියේ නෑ , අන්තිමට ප්‍රියා කිව්වම තමා නිමොව මතක් වුනේ .
      කතාව ගැන උඹේ අගය කිරීමට ස්තුතියි .

      කතාව ඉදිරිපත් කරන මගේ සාමාන්‍ය රටාවෙන් වෙනස් කරලා , පාට වෙනස් කරලා , එලයින්මන්ට් හදලාදීලා උඹ කරපු උදව් වලට බොහොම පිං. ඒ වගේම උඹ මේ හොයලා දුන්නු පින්තූර ටිකත් නියමෙට ගැලපුනා . ඉතිං මේ කතාවේ ආකෘතියට ඒ වෙනස් කම් වල බලපෑමත් තියෙනවා , එකේ ගෞරවය උඹට . ස්තුතියි බට කොස්සී ..


      @ ප්‍රියා - අනේ මන්දා බන් , හැබැයි හොඳ වෙලාවට උඹ කෝල් කරලා නිමෝව මතක් කරලා දුන්නේ

      Delete
    3. අනේ ඕක මොකද්දෑ බං ඒව අපේ යුතුකං නෙවැ :D

      Delete
    4. පත්තරේ - නැතුව නැතුව

      Delete
  18. ලියපු ඉට්ටයිල් එකයි.........කතාවයි ............ගැන කියන්න කතාවක් නැත බං .......
    මගෙ බොක්ක කියපු කතාවම මම කීවොත් එයාව කොපි කලා කියාවි.......... එබැවින් නොකියමි.......කීවා කියා සිතා ගනුය........
    කියවන්න ගත්තාම මෙවැනි අවසානයක් ගැන නොසිතුවෙමි........
    උඹෙ .....අකුරු කොටන ඇගිලි ඔලට සම්මා සම්බුදු සරණයි''''''''''!................. ය........

    ReplyDelete
    Replies
    1. මෙන්න කමන්ට්...
      උඹෙ .....අකුරු කොටන ඇගිලි ඔලට සම්මා සම්බුදු සරණයි''''''''''!................. ය........
      එල ද බ්‍රා

      Delete
    2. කෙන්ජයියගේ කෙන්ජි ස්ටයිල් කොමෙන්ට් එකක් දැක්කම මාර සතුටක් දැනෙන්නේ , බොහොම ස්තුත්යි ඔය කරපු අවසන් ප්‍රාර්ථනාවට , ඕනන සිතා ගත්තෙමිය ...

      Delete
  19. මම කියවපු පරිවර්ථනයක ඡාතිවාදි කලබල ඇති රටක එක මිනිහෙක් තමන්ගේ නංගිගේ තනේ කපලා මරපු පලිය ගන්න අනෙත් ඡාතියේ ඔය වගේ ගැහැනු කෙනෙක් තමන්ගේ කාමරයට අරගෙන යනවා ඔහුගේ අරමුන කෙල්ලගේ තන්දෙකම කපලා පපුවට පිහියෙන් අනින එක. තර්ඡනය කර ඇදුම් ගැලවු පසු ඔහු දකින්නේ ඇයගේ තන් දෙකම තමන්ගේ ඡාතියේ අය විසින් කපා දමා ඇති අයුරැ.
    කෙටි කතාවකට එහයින් ගිය පනිවිඩයක් උඔ අපිට දෙනවා...
    එල ද බ්‍රා..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩියා - මොකක්ද බන් ඒ කතාව , පොතක කතාවක්ද? කොහොම හරි උඹ ඉස්සර ඉඳලම මගෙත් එක්ක බොක්කෙන් ඉන්න එකානේ , උඹේ හදවතින්ම එන අකුරු මේවා

      Delete
  20. ඉවාන්, ඔය උඩ කමෙන්ට් එක දැම්මෙ මං. කලින් දාපු කමෙන්ට් එක ස්පෑම් වුනා වගෙ. පොඩ්ඩක් බලන්න,

    ReplyDelete
  21. කියන්න දෙයක් නෑ. උපරිමයි!

    ReplyDelete
  22. ලොවෙත් සුපිරිය. අර හිරේ ගිය අයගේ ගොඩක් ඉන්ටර්විව් වල මේ වගේ ආත්ම කථන තියෙයි. අර ළමයෙක් උස්සලා මරපු කෙනා බැලුම්ගලට ඉන්ටර්විව් දුන්නා. මිනිහා කිව්වෙත් මේ වගේම මිනිහා දුක් විදිනවා කියලා. මේක සුපිරි.... පැතිකඩ වල් ගොඩක් කවර් වෙලා තියෙනවා... ලොවෙත් පස්ට !

    ReplyDelete
    Replies
    1. සිංදුවා කාලෙකින් මේ පැත්තේ , බොහොම සන්තෝසයි ,, ස්තුති වේවා මචෝ

      Delete
  23. මචං හදිස්සියේම ආවේ මේ පැත්තේ.කතාව මැක්ස්ම මැක්ස් !
    මම මුලින් හිතුවේ පුතාත් නැතිවෙලා සියළු දේ අහිමිවුණ අසරණ තාත්තෙක් කියලා..ඒත් ඉතින් බොහොමයක් මිනිස්සුන්ට ඔය වගේ අතීතයක් තියෙනවා..ඒවා වයසට ගිහිං අසරණවුණාම තමන්ගේ මනසම මෙනෙහි කරනවා ඇතිය කියලා මට හිතෙනවා..එක්තරා විදියක පශ්චාත්තාපවීමක් එක්ක ඒවා නැවත හිතන්න ලැජ්ජාවකුත් ඇතිවෙනවා ඇති.
    සමහර මිනිස්සු හුඟ වෙලාවට හිතන්නේ ගණිකාවෝ උපතින්ම එහෙමයි කියලා..ඔය වගේ අසරණකම් නිසා මිනිස්සුන්ට කරන්න වෙන දේවල් කොච්චරක් ඇතිද?පත්තරවල පිරිලා තියෙන්නේ උපකාර ඉල්ලලා.ඒවාට පුළුවන් හැටියකට පිහිටවෙන්න අයිස් බකට් නනා අමු මිරිස් කන්න ඕන නෑ බං..සුපිරිම කෙටිකතාව මම බ්ලොග් එකක දැක්ක..ජය!! :)

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි තනියා නංගි , අපි හිතුවේ උඹට තනි අලියෙක් ගහලා කියලා . ෆුල් බිසී අවස්ථාවකත් ඇවිත් කියවලා යාම පිලිඹද මගේ හදපිරි මෙව්වා එක ඔන්න . මිනිස්සු හිතන්නේ හැම මිනිහම මේ තත්වෙට එන්නේ උපතින්ම කියල , කාටත් අමතකයි මිනිස්සුන්ව මේ තැන්වලට පත් කරන්න අපි හැමෝම අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන බව, එහෙම දැනගත්තත් එහෙම හිතන්න කැමති නෑ , තමුන් සුදනා වෙච්ච අනික් හැමෝම නරක් වෙච්ච තැනක් හීයට තමයි ගොඩක් අය හිතන්නේ ,

      Delete
    2. දැන් ලංකාවේ අලි වඳවෙලා බං..හැක් හැක්...හඳුන්පොත කීං ගානවා බ්ලොග් පොජ්ජට මංගඡ්ඡන්නැතුව...මේ සතියෙවත් බලමු බං...මට හුඟක් පහුගිය මාසෙකම වගේ කට්ටියගේ පෝස්ට් මිස් වුනා..එව්වා නම් කවදා කියවන්න ඇහැක් වෙයිද මංදා මේ යන විදියට...කොහොම කොහොමහරි කියෝනවා...

      Delete
    3. ඇහැක් බැරිනම් කනක් වෙලා හරි කමක් නෑ , මොනවා හරි ලියපං . උඹ අර චිත්‍රපටිය රූගත කරනකොට මතක් කරලා මගේ චරිතේ දීපං හරිද ? ඔන්න් එක වැඩි ගානකට වෙන එකෙකුට දෙනවා එහෙම නෙවෙයි

      Delete
    4. පිස්සුද මචං එහෙමත් කරනවද?දැන්ම ඉඳන් දෙබස් පුහුණුවීම් පටන්ගත්තනම් හොඳා..එතකොට ෆිලුම්ෆෙයාර් එකක් දිනාගතහැකි නැගී එන යොවුන් (අනේ මංදා) නළුවා කියලා...හැක් හැක්...:P

      Delete
    5. යොවුන් නළුවා නෙවෙයි බං , ළමා නළුවා..... :P

      Delete
  24. පාදඩ ගතිය තාමත් තියාගෙන අලුත් පොරෝනාවකින් ගත වහ ගත්ත තවත් කාලකන්නියෙක්, කලී මාරු උනාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නති කතාව ඇත්තනම් මෙන්න එකට හොඳම උදාහරණයක්. ඔව් ඌ එසේ මෙසේ කාලකන්නියෙක් නෙවේ උගත් කාලකන්නියෙක්.ඌ පොත් පත් කියවන එකෙක්. කතාවේ ඌව උලුප්පා දක්ක්වන්නේ //පොත පරණ වුනාට අකුරු දිලිසෙනවා කවරෙත් එක්කම//. උගේ ගුබ්බෑයාමේ උආටම උරුම වෙච්ච ජීවිතයක් ගෙවන අපතයෙක්. ඌ හිතින් උගේ අතීතය ගැන විඳවනවා. එක අතකට ඌ සල්ලි කාරයෙක්. දාහේ දෙදාහේ කොළ එලි බහිනවා කිසි කිසි ගාල. කාමරේ අයිතිකාර උන්දැගේ කොලුවාට පුතා කියන්න උගේ උගුර නැමෙන්නේ හරිම අමාරුවෙන් වගේ. කතාව තුල ඔහුටත් ඔහුටත් නොහදුනන ඔහුගේම නමින් මියගිය හෝ අත්රුදන් වූ පුතෙකු සිටී, සමහර විට පාදඩ කමේ අතුරු ප්‍රතිපලයක් විය හැක, ගබ්සාවකින් ඌ ගාතනය වුනා යයි සිතිය නොහැකිද?

    ඌ උගේ පාදඩ ජීවිතයෙන් උගත් පාඩමක් නැති තරම් වගේ, ටීනා, ජයනිය , නදීක ,ශේරෝන් උගී අතීතයේ කොටස් පමණයි, පාදට කමත් එක්ක උඋට ලජ්ජාවත් තිබිලා තියෙනවා ද කොහෙද ටිකක් විතර//ශේරෝන් පේස්ට්‍රි ෂොප් එකෙන් එලියට එනවා දැකලා උඹ ජයනිගේ ශෝල් එකෙන් ඔලුව වහගත්තා ...// පාදඩ ජීවිතෙන් උගත් පාඩමක් නැති තරම් කිව්වට එහෙමමත් නොවෙයි, මොකද ඌ එකසැරයක් මට්ටු වෙලා අම්බානෙකට කාපු එකෙක්, ඉතින් එදා ඉඳන් කිනිස්සක් උගේ ඉනේ.

    උඋට උගේ ජීවිතේ ගැන වගේ වගක් නෑවගේ//තමුසේ ඉන්නවකෝ මළොත් මම නේ ..// උගේ හිත ඌත් එක්කම වාදෙක, වැඩක් නෑ ආරේ ගති නෑරේ නේ.

    පාදඩකුට බඩුවක් දැක්කම ගිශ්නයට ලේ පිරෙන්න මහලොකු කාලයක් යන්නේ නෑ, අහම්බෙන් හම්බවෙන ගෑනියක් සමග කම් සුවය විදින්න යන ඌට මේ ලෝකේ යතාව අවබෝධ වෙනවද මන්දා. ගැහැණියට පියයුරු පිළිකාවක්, අගේ තන ඇගෙන් සමු අරන්, මෙතුවක් වෙලා තර්ජනාත්මකව පොරකකා බලන්න හදපු ගහනියේගේ නිරුවත තුල මොහොතකට කලින් බලාපොරොත්තු වූ රසය එකපාරටම කොහෙද පලාගියේ, මොක උනත් උඋට හැමෝම වගේම මමත් කාලකන්නියා කිව්වට ඌ තරම් සංවේදී කාලකන්නියෙක් තවත් නැතිව ඇති.

    කතාව ගලාගෙන ගියපු විදිය හොඳයි, මුල සහ අවසානය කියවන්නාගේ ඔළුවට පොල්ලකින් ගැහුවත් ඌ උගේ හිතත් එක්ක කරන වාදය ඒකාකාරියි, ඒ ගතිය පලවා හරින්න උගේ අථීථය මැද්දට ගෙනත් දාල සුන්දර ගැටුනක් නිර්මාණය කරලා උගේම හිතත් එක්ක, නොකියා කියනවා මොනම එකෙකුටවත් උගේ හර්ද සාක්කියෙන් ගැලවෙන්න බෑ කියලා. අපුරු අකුරු සටහනක්, ජය වේවා.

    මමත් ලිව්වා මෙහි අවසන් ප්‍රස්තුතය තෙම කරගත් කතාවක්, ඒ කාලේ මම කෙටිකතාවට නවකයෙක්, ඒ මගේ දෙවෙනි කෙටි කතාව, පුලුවන්නම් කියවලා යන්න එන්න.

    ඈ නාමලීය

    http://sonduruminisa.blogspot.com/2012/03/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. සොමියෝ ..උඹ කෙටි කතාවට නවකයෙක් කියලා උඹ කිව්වට , උඹ විචාරයට ප්‍රවීනයෙක් මටනම් පේන්නේ. කතාව ගොඩ නගන්න අපි ග්‍රහණය කරගන්න තැන උඹ ලෙසටම අල්ල ගන්නවා . උඹ කතාවට බැහැල විචාරය කරන කෙනෙක්, මං ඒ ගතිය තදින්ම දැක්කේ ,උපේක්ෂාගේ කලබල කෙටි කතාවක් එකේ උඹ කරපු විචාරය දැකලා. අනිවා උඹේ කතාව කියවනවා . හැබැයි උඹ වගේ විචාරයක් දෙන්න නම් අමාරුයි , හිතට දැනෙන දේ කියන්නම් ස්තුතියි උඹට

      Delete
    2. සොමියෝ
      එල ද බ්‍රා
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    3. ගල් කියන්නේ සංජීව අයියේ කළු ගල් :D

      Delete
    4. සොමියා … මල් හතයි ඈ !!!!

      Delete
  25. ! ! !
    (ඉවාන්, බ්‍රෑන්ඩ් එකේ ප්‍රශ්නයක් නොව, Impressive, thumbs up, striking etc වලට symbol එකක් නොදන්න නිසා) )

    ReplyDelete
    Replies
    1. ප්‍රා - දැන්නේ දැනගත්තේ මේකේ තේරුම ,ප්‍රා හැමදාම වගේ අලුත්ම වැඩක් කරලා , ස්තුතියි ප්‍රා ජේ ..

      Delete
    2. සිතුතියි සොමියා. OK (y)

      ඒත් ‍(y) කිව්වහම ප්‍රශ්නයක් ඇහුව වගේනෙ

      Delete
    3. අපිට ප්‍රශ්න තිබුනා නැතා

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
  26. ඉවානයෝ.... පිස්සුද බං ?
    මෙහෙමත් එව්වා ලියනවද? දෙබස් වලින් වටපිටාවේ තියෙන දේ විස්තර කරන එක මම ආස ගතියක්. ඒ කතාවේ ඒ ගතිය තියෙනවා හොඳටම. මේ විදියට ලියපු කතාවක් සාර්ථක වෙන්නේ අඩුවෙන්. මොකද ඒ කතාව ඇතුලේ ජුගුබ්සාජනක බව හංගන්න අමාරුයි සිතුවිලිත් එක්ක. පොත කියවීමෙන් ඇතුලේ උන්නු අනිත් එකා කතාකරන්න පටන් ගන්න එක ඇත්තටම හොඳ ප්‍රවිශ්ටයක්.

    රසවින්දනය වගේම අපේ ඔලුව පොළවේ වද්දවන තේමාවක්. දැන් මේ වගේ ජිවිත ගෙවන මිනිස්සු මේක කියෝනවා නම්, යමක් තියෙනවා උකහාගන්න, මොකද මේ නිර්මාණය ඒ පණිවිඩයට හොඳ පණිවිඩකරුවෙක්!

    මේ ඉවාන්: මමත් මෙහෙම ඇතුලේ එකෙක් කතාකරන චරිත දාල කතාවක් ලියන්න හිතල දැනට දවස් 6ක් වෙනවා. කොහෙද බ්ලොග් එක කියෝන උන් මට බල්ලෙක්ට වගේ බනිනවානේ ලියනවා වේගේ වැඩියි කියල.. හි.. හි... ටෙලිපති වෙන්නත් ඇති!

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා , තැන්කිව් වේවා ඔන්න් මුලින්ම . කතාවක් ලියනකොට අමාරුම දේ තාමයි සිතුවිලි වචනයට නැගීම . උඹ කියනවා වගේ එහෙම වුනාම කතාවේ කුතුහලය රඳවාගන්න අමාරුයි . මේ වගේ ජීවිත ගෙවන මිනිස්සු ඕන තරම් ,ඉන්නවා, අතේ සල්ලිත් තියෙනවා , එත් පසුතැවීම හැමදාම පස්සෙන් එනවා .

      ඇත්තටම උඹේ කතාවත් ලියපන් බලන්න . මොකද උඹේ සමහර අලංකාර සහ , සංකේත අභාවිතය අතිශයින්ම ඉහලයි . හැබැයි උඹ ලියනවා කියන්නේ , යකෝ අපිට කියවන්න වත් වෙලාවක් දියණ අඩු ගානේ . ටෙලිපති තමං මට දැනුනා උඹ මෙහෙම එකක් ලියන්න හිතනවා. ඒ නිසා මම ඉකමනට ලිව්වා :P

      Delete
  27. සැක්.ලිස්සල වැටිල ඔලුව ගලක වැදුන වගෙ වුනා.මොනව ලියන්නද කියල හිතා ගන්න බැ.
    කෙටියෙන් කියනව නම් පට්ටම පට්ටයි

    ReplyDelete
    Replies
    1. දමියා තැන්කිව් වේවා ඔන්න, ඔලුව වැදුනේ මොන ගලකද? :P

      Delete
    2. මාත් හරි ආසයි බං ඔලුව ගලක ගහගන්න :D

      Delete
    3. පත්තරේ -ගහ ගන්නද නැත්තම් ඔලුව තියාගෙන නිදාගන්නද?

      Delete
  28. පාව්ලුශා
    මෙතන ඇත්තටම කාලකන්නියා කව්ද?
    තම්න්ට හරියට කල නොහැකි සෙවාවක් සපයන්න උත්සාහ ගන්නා
    ගහැනියද?
    එවන් ගැහනියක් විකුනන ත්‍රීවීල් රිටදුරුද?
    තමන් ගෙව්ව මුදලට හරියන සෙවාවක් ඉල්ලන පුද්ගලයාද?
    හදවතින් නොමැතිව මොලයෙන් කතාව කියෙව්වොත් ඉහත ප්‍රශ්න මතුවෙනවා.
    ඔබගෙ අදහස කුමක්ද?
    ඇන්න කොරොස්

    ReplyDelete
    Replies
    1. අන්න එ්කට තමා කියවීම කියන්නේ.. උඹ දක්සයි ඇනෝ මිත්‍රයා.. හිතින් ප්‍රශ්න කරන්න පුළුවන් නං නිර්මාණයක් ඒක අගෙයි.. (දැං උඹ උඩ දාගෙන ඇවිත් මට අනං මනං කියනව හෙම නෙයෙමි අරිය...) හැක්

      Delete
    2. @දේශක යා........ +++++++++++++++++++++++++++++++++++++++
      පැහැදිලි කිරීමට.........

      Delete
    3. ඇනෝ මිත්‍රයා - මටත් කියන්න තියෙන්නේ දේශා කියපු දේම තමයි , ඇත්තටම මේ කාලකන්නි කම උඹ කියන ඔය හැමෝටම පොදුයි ,ඇත්තටම මොලයෙන් අහන්න ඕන ප්‍රශ්නයක්

      Delete
    4. දේශකයා ස්තුතිය්. පාව්ලුශාගෙන් බලපොරොත්තු උනෙ ඔබ කතාව ගොඩ නගනවිට දෙන්නට හදපු පනිවිඩය කුමකද යන්නය.
      මෙතනදි ඔබ කතාව උච්ච අවස්තාවේදී නවතා තිබේ. ඉවත් කරපු පියයුරු දැක්ක පසු ඔහුගෙ කාර්ය්ය කොර ගත්තාද එහ්මත් නැතනම් අනුකම්පාව නිසා අත්හැර දමුවාද?
      ත්‍රීවීල් රියදුරා නිරූපනය කොරන්නෙ මිනිසුන් සූරා කන දූශිත ආන්ඩු සහ දූශිත වයාපර ස්මජයයි. ඔවුන් අපගෙ දුර්වල කම් වටහගෙන ජනාතව විනාශයට පත්කොරමින් ඔවුන්ගේ බ්ඩ වඩා ගනී.
      අසනීප ගැහනිය නිරූපනය කොරන්නෙ දූශිත ආගමික සහ සමජ සන්විදානයන්ය. ඔවුන්ගෙ කාර්ය බාරය අසාදාරනයන්ට එරෙහිව නැගී සිටින්නට පෙල ගැසෙන ජන්තාව අන් පැතිවලට යොමු කිරීමය. ආගම, අනුකම්පාව, ඉවසීම, මේ සදහා ඔවුන් පාවිච්චි කොරය්.
      කතා නායකයා නිරූපනය කොරන්නෙ බැට කා පීඩා විදින ජන්තාවය. විශේශනය වන්නෙ ඔහු පන්නරය ලබා ඇත්තෙක් වීමය. කිනිස්සක් තබා ගැනීමෙන් ඒය පෙන්නුම් කොරය්. අතීත සිදුවීම් තුලින් ඔහු මෙම පන්නරය ලබ ඇත.
      ඔහු සූරා කන්නන්ට විරුද්දව නැගී සිටීමට සහ සටන් කිරීමට ඉදිරිපත් වන තරමට මුහුකුරා ගොස්ය. ඔහු ඉන්න තැනට අප සමාජය තවම පමින නැත. අප සියලු අත්දැකීම් ලබා ඇතත් වෙසාවියන් වැනි පූජකයන් සහ සමජ සන්විදාන අප වෙන අතකට යොමු කොරමින් අසා දාරනයට විරුද්දව සටන් කිරීමෙන් අපව වල්ක්වාලය්.
      ඇන්න කොරොස්ය

      Delete
    5. ඇනෝ මිත්‍රයා - ඇත්තටම ඔබ හිතන ආකාරය නිවැරදියි . මට මෙතන වුවමනා වුනේ ,කතා නායකයා කාලකන්නියෙක් බව ඇඟවීමට පමණක් නොවේ , සමස්ත සමාජ ක්‍රමයම කාලක්න්නින්ගෙන් පිරී ඇති බව පෙන්වීමටයි . කාන්තාව යොදාගත්තේ ආර්ථිකමය හේතු නිසා අසරණ කම කාලකන්නි කමට පෙරලෙන ආකාරය පෙන්වන්න .
      ත්‍රීවීල් රියදුරා නිරූපණය කරාවියැයි මම අදහස් කලේ වැඩවසම් සමාජ ක්‍රමයේ නෂ්ටාවශේෂ තවත් සමාජය තුල හොල්මන් කරන බව. දුබලතාවයකින් පෙළෙන්නකු වුවද යොදාගෙන තම මදිය තරකරලීමේ ශ්‍රමිකයෙකු හැටියට යොදාගැනීම ගැන කතා කරන්න .
      කිනිස්සේ කතාව ඇත්තම අත්දැකීමක් , ඔය ආකාරයෙන් කාන්තාවන් ආශ්‍රය කරපු මම හඳුනන පුද්ගලයෙක් නිතරම කිනිස්සක් ළඟ තබාගෙන ඉන්න පුරුදු වෙලා හිටියා . ඔහු කාගෙන් වත් ප්‍රහාරයකට ලක්වෙලා තිබ්බේ නෑ. එත් ඔහු තුල බියක් තිබ්බා ඔහුට එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න වෙයි කියලා .
      ඔබගේ මේ කමෙන්ටුවේ අවසන් කොටස ගැන සම්පූරණයෙන් එකඟ වෙමි .

      ඔබට නැවතත් ස්තුතියි මේ කතාවට වටිනාකමක් එක්කලාට සහ ඇනෝ සංකල්පයට වටිනාකමක් එක්කලාට

      Delete
  29. මොනවා ලියන්නද කියල හිතාගන්න බෑ
    කියවල ඉවර උනාම උන ගත්ත වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජීවන , අවසානය දක්වාම අවධානයෙන් කියවීම ගැන ඇත්තෙන්ම සතුටුයි

      Delete
  30. තමන්ගෙම හෘද සාක්ෂිය තමන්ට මෙහෙම මොරගානකොට ඒවා පපු කුහර වලට කිඳාබහින්නෙ කඩු තුඩු වගේ.

    මේ නම් කාළකණ්නිම ආත්මයක්. කාලකණ්නි මේ මනුස්සයා විතරක් නෙවෙයි, මේ මුලු සමාජ ක්‍රමයම. මේ මුලු රටම. කතාකරනවානම් කතාකරන්න කාරණා ගොඩයි මේ නිර්මාණය ඇතුලෙ.

    කියන්න වචන නෑ. අතිවිශිෂ්ඨයි..

    ReplyDelete
    Replies
    1. මනෝ - කාටවත් තමන්ගේ හෘද සාක්ෂියෙන් ගැලවීමක් නෑනේ ,ඇත්ත , තනියෙන් කාලකන්නි බිහිවෙන්නේ නෑ , අපි හැමෝම උන් බිහිවෙන්න දායක වෙලා නොදැනුවත්වම

      Delete
  31. කම්පනයක් තියෙනවා කතාවේ.. උඹට මතකද අර මම ලියපු බලුප් කතාවේදි මේ වගේ බෝම ඩිංගක් මම කරා. එතැනදී මිනිහට ඇහුනේ මිනිහගේ හෘද සාක්ෂියම තමා.. උඹ ඉදිරියට යනවා ඒකට සන්තෝසයි.. මේ කතාව තව බර කරන්න තිබුනා උඹ අඩුම ගානේ තව දෙපාරක්වත් කියෙව්ව නං.. අල්ල ගන්න ඕන තැන් උඹ මිස් කරල යනවා කතාව ඉවර කිරීමේ පරම අභිලාෂයෙන්..

    මොන එහෙකටද මං බොට හොද කියන්නේ... අර මාතා කිව්ව විදියට මම හිතුවේ ලොවෙත් නැති එකක් කියලයි.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. අනේ....පල යන්න.... මම තොගෙ පට්ට කතා .... ආස නැති...... බාස වෙල්ලෙක්..... ඩෝ ....

      Delete
    2. ආදර කෙන්ජි..

      ඔබගේ ජපන් නොමැතිව දුකින් සිටියෙමි. දැං මැලේ නිසා වෙනස් වී ඇතැයි සිතුවෙමි.. ඒත් තෝ නං තෝමය.. yela yela x 27

      Delete
    3. දේශෝ, කැලේ මාරු කලාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැනේ බන් .....

      Delete
    4. දේශා- පස්සේ කියවනකොට නම සමහර තැන මීට වඩා උලුප්පලා ගන්න තිබ්බා කියලා හිතෙනවා . කොහෙද ඉතින් උඹ ඒවා කලින් කිව්වේ නෑනේ , දැන්නේ මෙතන කියන්නේ .

      කෙන්ජි - ඇත්තටම කෙන්ජා කෙන්ජාමය යේලා යේලා

      Delete
  32. කාර්තික් කෝලින් කාර්තික්....
    ඒත් පිචෑර් එකේ කාර්තික් ඌ නොදකින ඌ හින්ද හැදෙනව.. ඒත් මේ කතාවෙ මූ නොදකින මූ හන්ද නෙවී මොකෙක් හන්ද වත් හැදෙන්නෑ වගේ...
    වෙනද වගේමයි ඉවාන් අය්ය හරිම අපූරුයි... උපරිමයි... ජයෙන් ජය...

    ReplyDelete
    Replies
    1. මහේෂ් - ඒ පිචාර් එකනම් බලලා නැත. ,එත් උඹ කියන හින්දා හිතෙන්නේ හොඳ ෆිල්ම් එකක් වන්නට ඇත . තන්කිව් වේවා

      Delete
  33. ඔව් චන්දන මල්ලි....උදේ පාන්දර..... මාත් උදේ පාන්දර ...කෝපි බොන ගමන්.....& පිරිත් අහමින් දැම්ම ....කමෙන්ට්.....ම්හු........;
    උඹ ලියවිල්ල ...නැවත්තුවද ......

    ReplyDelete
  34. @ චන්දන - අම්මේ අපේ කෙබර චන්දනයා දැකපු කල්, කොහෙද බන් හැංගිලා ඉන්නේ ...? උඹ ලියන්නේ නැද්ද ඇත්තටම . වෙන කමෙන්ට් එකක් තිබ්බේ නෑ බං, ස්පෑම් එකෙත් නෑ. අර ගූගල් අවුල වෙලාවේ කමෙන්ට් වලටත් වැඩේ වුනාද දන්නේ නෑ

    ReplyDelete
  35. රුසියන් කෙටි කතා වල තියෙන අභාසයක් දැක්කා.අපුරුයි බං.තමන්ගේ හෘද සක්කිය යටපත් කරන්න කාටවත් කවදාවත් බැහැ.
    ඕක ඌගේ පස්සෙන් එනවා.දිගටම මරණය දක්වාම.
    මෑත කාලයේ උඹ ලියපු කතා වලින් හොඳම එකක් මේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ් - ස්තුතියි මේ ඇගයීමට , අනිවා හැමෝගෙම හෘද සාක්ෂිය පස්සෙන් එනවා මැරෙන තුරාවට , එකෙන් ගැලවීමක් නෑ . ස්තුතියි කිව්වා ඔන්න

      Delete
  36. විචාරයක් ලියන්න වෙලාවක් නැහැ. නමුත් කතාව හොඳා . මට ගුණදාස අමරසේකරගේ 'යලි උපන්නෙමි ' මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අයියා , විචාරය විවේක වෙලාවක ලියනන , ඔය දීපු විචාරය මට ගොඩක් වටිනවා සහෝ

      Delete
  37. මම එද්දී ප්‍රමාදයි ඉවාන්,කියන්න තියෙන හැම දෙයක්ම කියවිලා තියෙනවා.කතාව හොඳයි.ඒත් කාලකණ්නියා කියල නම දැම්මෙ ඇයි.කවුද කාලකණ්නියා ඒ මනුස්සය ගෑණි ලඟට ගියෙ තන කපල තියෙනව කියල නොදැන නේද?සාමාන්‍ය ගෑනියෙක් ලඟට යන විදියටනෙ ගියේ.ඉතිං එහෙම යන ඔක්කොම කාලකන්නියෝද?
    මට ඇතිවුනේ ඒ ප්‍රශ්නෙයි.එහෙම නැත්නං කතාව හොඳයි.

    ReplyDelete
    Replies
    1. කාලකන්නියා කිව්වේ ඔය හැමදේම සලකලා, මිනිහගේ අතීත ජීවන රටාව , දැන් හිතන පතන ආකාරය , සහ අර උඩ ඇනෝ කෙනෙක් අහල තියෙනවා වගේ හැමෝගෙම කාලකන්නි කම් නිසා . ස්තුතියි හැලපයියේ ..

      Delete
    2. නෑ නෑ කාළකන්නියා කියන්නේ මේ බ්ලොග් එකේ අයිතිකාරයගෙ පෙට් නේම් එක..

      ඕ යේස් !!!!!!

      Delete
    3. තව පෙට් නේම් වලිනුත් අපි අයිතිකාරයට කතා රනවා ඒත් ඉතින් ඒවා මේ ප්‍රසද්ද තැන් වල කියන්න පුලුවන්යෑ..?

      Delete
    4. දුප් යන්න වනචර හැත්ත,,නොදෝමකින් මෙහෙම යාළුවො :P

      Delete
  38. හොඳ්යි රසවින්දෙමි

    ReplyDelete
  39. මේ කතාවේ ස්ටයිල් එක අල්ලලා ගියා ඉවාන් . අන්තිමට හොඳවයින් පාරක් ඔලුවට වැදුනා. මේ ආකෘතිය ඉතා හොඳයි මට අපරාධය සහ සොනියත් මතක් වුනා. පළමුවෙන්ම උඹ කෙටි කතා කලාවේ අළුත් ඉසව් හොයාගෙඅ අත පය දිග ඇරලා යන මේ ගමනට මගේ ප්‍රසංශාව

    ReplyDelete
    Replies
    1. තිලකයියා ,මට වුවමනාවක් තියෙනවා වෙනස් වෙනස් රටාවල කතා අත්හදා බලන්න , සමහර ඒවා අසාර්ථකයි ,සමහර ඒවා සාර්ථකයි , සමහර ඒවාට මොනවා කියන්නද කියලා මත හිතා ගණනත් බෑ. ස්තුතියි මේ අගය කිරීමට සහ කොමෙන්ටුවට

      Delete
  40. ඉවාන් මචං...මම (අසංක ) මේ කියන දේ වැරදියට හිතන්න එපා...මේ කතාව අන්තිමේදී මට හිතුණා මමත් කාලකණ්නියෙක් වගේ...ඒ තරම් සාර්ථකයි මචෝ...සුපිරියි...උඹ මේ කතා එකතුව පොත් බවට ප්‍රකාශ කරන්න අදහසක් එහෙම නැද්ද?...

    ReplyDelete
    Replies
    1. අසංක ..ඔය ඇගයීම ඉහටත් උඩින් බං. සන්තෝසයි මෙහෙම අහන්න ලැබීම, පොතක් කරන්න දැන් අදහසක් නැතුවම නෙවෙයි , බලමු ඉදිරියට

      Delete
  41. ඉවාන්, කියන්න දෙයක් නෑ.. කතන්දරේ උපරිමයි... ආයේ දෙකක් නෑ.... උඹට කියන්න මමත් ආස මේ වගේ පොල්ලෙන් ගැහුවා වගේ කතන්දර කියවන්න, ලියන්න.. තාම ඉතිං හරිහමන් එකක් ලියාගන්න බැරි උනා... ඉදිරියටත් ලෙසටම ලිය..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. සිග්නල් ආවැයි නිස්ටඹුවට ??

      Delete
    2. මේ දැනුත් සිග්නල් නෑ බොලව්

      Delete
    3. ඔය නිට්ටඔුවම කියලා උඔට ෂුවර්ද?

      Delete
    4. @විදානේ - ස්තුතිය් උමබට සිග්නල් නැතුවත් කොහොම හරි කියෙව්වට, සහ ඇගයීමට . උඹ ලියපු සුපියල් දහයේ කතාව නම් මටත් ඔලුවටම වැදුනා . ආයේ කියන්න දෙයක් නෑ

      Delete
    5. පත්තරේ & මෙන්ඩ - මූ නිට්ටෑවෙක් ද කොහෙද ප්‍රාජේට අල්ලලා දෙමු

      Delete
    6. ඇයි උඹේ රුපියල් දහය.. ඒකත් ඉස්තරන් කෙටි කතාවක්...

      Delete
    7. එක තමයි මාතේ මාත් කිව්වේ

      Delete
  42. ඉවාන්
    අදහස් , හැගීම් රැසක් ඔලු කුහරයේ තාම කරකැවෙනවා.වචන වලට හරවා ගන්න බැරි නිසා
    "අතිවිශිශ්ටයි " කියා පමනක් ලියන්නම්

    කාලෙකට පෙර කල්පනා සගරාවක කියවූ මේ නමම ඇති කෙටිකතාවක්ද මතක් උනා. එකේ හිටියේ පන්සලක ඇබිත්තියෙක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි JP ... ඒ අදහස්ද වචනයට පෙරලී අහන්නට ලැබෙනවානම් කැමැත්තෙමි .

      Delete
  43. හුටා.. දැන් ගහපු කමෙන්ට් එකටත් බඩු. හොඳ වෙලාවට කොපියක් ගත්තෙ. ඔන්න ඒක ආයෙමත් දානවා..

    ඒකනෙ කෙන්ජයියෙ, කාලෙකට පස්සෙ ටයිප් කරපු කමෙන්ට් එක මකර කටේ ගියා. දැන් මතකත් නෑ ලිව්වෙ මොනවද කියල. පහුගිය දවස් වල නම් බිසි බිසි බිසි බිසි නිසා ලිව්වෙ නැ. අපේ රස්සාවලට ඉතින් වෙලාවක් කලාවක් රැයක් දවාලක් නෑනෙ,. දැන් නම් වෙලාව ටික්ක් තියනව. ඒත් දැන් කම්මැලි වගෙ. ආපු ගමන් එකක් ලියන්න ගත්තට කිසි ෆිට් එකක් නෑ. බලමු ලිවිල්ල කෙසේ වෙතත් අනිත් අය ලියන එකක් කියවගෙන කමෙන්ට් එකක් දාගෙනවත් ඉන්න.
    ඉවාන්,
    කලින් ලියපු එක මතක විදිහට කෙටියෙන් ලියන්නම්. සමාජයේ සාමාන්‍ය සිද්ධියක් අරගෙන ඒ වටා, අපි සාමාන්‍යයෙන් නොදකින කතන්දරයක් ගොතන්න, පණිවුඩයක් දෙන්න ඉවාන්ට තියන හැකියාව ගැන ආයෙ කතා දෙකක් නෑ. ඒ අතින් උඹ බොහොම දක්ෂයෙක්. නමුත් මට හිතෙන්නෙ ඉවාන් ම් වූ බ්ලොග් රචකයා ට මේ කතාව මීට වඩා ඔප මට්ටම් කරන්න තිබුන කියල. මේක කියවගෙන යද්දි මොකක්දෝ අඩුවක් වගෙ එකක් දැනුන බං. උඹගෙ කලින් කතා ගණනාවක තිබුනු "පොල්ලකින් ඔලුවට ගැහුව" වගෙ ගතිය මේකෙ අඩුයි. හදිස්සියෙන් පබ්ලිශ් කලා ද කියලත් හිතෙනව.
    මේක නරකයි කියන එක හෙම නෙවෙයි මං අදහස් කලේ.. :)

    ReplyDelete
  44. චන්දන ආපහු ලියන්න එනවා කියලා ඇහෙන එකත් සතුටක් . කතාව පබ්ලිෂ් කරන්න නම් ඉක්මන් වැඩි වුනාද කියලත් හිතෙනවා. සමහර තැන් ඔපමට්ටම කරන්න හිතෙනවා කියලා මටත් වෙලාවකට හිතෙනවා . ඉස්තුතියි චන්දන බොහොම , අධික වැඩ අස්සෙත් ඇවිත් කියවව්ලා අපිව දිරිමත් කරන්න මෙහෙම කමෙන්ට් එකක් දාලා යනවට .

    ReplyDelete
  45. ස්තුතියි සිඳු ටීචර් :P

    ReplyDelete
  46. ඉවාන්,

    මගෙ ජීවිතේටම යමක් එක දිගට දෙපාරක් කියවලා තියෙන්නේ එක පාරයි. ඒ "සැබෑ මිනිසෙකුගෙ කතාවක්" පොත.

    දෙවෙනි එක මේක.

    ReplyDelete
    Replies
    1. ඇල්බයියා කාලෙකින් , මේකනම් මට පට්ට ක්‍රෙඩිට් එකක් .. තැන්කු වේවා ... මොකෝ වැඩිය පෙන්න නැත්තේ

      Delete
  47. උස්සං ගෙහුං අතෑරියා නේද පොලොවත් හෑරිලාම යන්න?

    ReplyDelete
    Replies
    1. විසිටර් - ඔහොම් තම ජීවිත නේද? බලාපොරොත්තු නොවන දේ උනාම තමා හිතෙන්නේ ජීවිතේ පුදුමාකාරයි කියලා

      Delete
  48. කියවන්න ටිකක් පරක්කු වුනා... මටනම් වෙනස් දේ කොහොමත් ලස්සනයි... උඹේ ගොඩක් කතාවල වගේ මේකෙත් වෙනස් තේමාවක් හින්දා උපරිමයෙන් රසවින්දා...

    මේක කරන්නේ කොහොමද මමත් දන්නෑ... නමුත් මේ හෘද සාක්ෂියක්ත්, කතා නායකයාත් අතර ගැටුම මීට වඩා ප්‍රබල සහ ෂාර්ප් කරන්න පුළුවන්නම් මම කැමතියි... එතකොට පාඨකයා අවිඥානිකව ඒ දෙකෙන් එක පැත්තක් අරගෙන කතාව කියවන්නේ... සමහරු කතානායකයාගේ පැත්ත... සමහරු හෘද සාක්ෂියේ පැත්ත... හරියට වම් මොලකරායෝ සහ දකුණු මොලකාරයෝ වගේ... නමුත් කතාවේ අන්තිම ට්විස්ට් එකක් ගන්න පුළුවන්නම් තමන් මේ වෙනතෙක් ප්‍රිය කල චරිතය තමයි වැරදි කියලා දෙගොල්ලටම හිතෙන්න... මම හිතන්නේ ලෝක පූජිත කෙටිකතා වෙන්නේ ඒ වගේ ඒවා... ඒ වගේ කතා අභියෝග වුනත් ඉවාන්ගේ හැකියාව ඒ අභියෝග වලට මුහුණදෙන්න අවශ්‍ය සුදුසුකම් ඕනෑවටත් වඩා පෙන්නලා තියෙනවා කියලා මට හිතෙනවා...

    කවදාවත් සෑහීමකට පත්වෙන්නේ නෑ කියලා හිතන්න එපා... හැමදාම වැඩිදෙයක් ඉල්ලන පාඨකයෝ තමයි මම හිතන්නේ උබේ හැකියාව ඔප දමන්න උදව්වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. //""නමුත් මේ හෘද සාක්ෂියක්ත්, කතා නායකයාත් අතර ගැටුම මීට වඩා ප්‍රබල සහ ෂාර්ප් කරන්න පුළුවන්නම් මම කැමතියි""// මටත් පස්සේ හිතුනා ඒ දෙබස් ටික එකාකාරීද කියලත් , එතන තව නිර්මානාත්මක ලෙස හැඩ කරන්න තිබුනානම් හොඳයි කියලා හිතෙනවා , හැබැයි බීට්ල්ම කියන පරිදි මේක කරන්නේ කොහොමද කියලා තමයි මටත් තේරෙන්නේ නැත්තේ ,

      //""නමුත් කතාවේ අන්තිම ට්විස්ට් එකක් ගන්න පුළුවන්නම් තමන් මේ වෙනතෙක් ප්‍රිය කල චරිතය තමයි වැරදි කියලා දෙගොල්ලටම හිතෙන්න""// මමත හිතන්නේ එහෙම කලානම් මේ අවසානය තව උච්ච කරන්න තිබ්බා .

      සෑහීමකට පත් වෙන්නේ නෑ කියලා හිතන්නේ නෑ බීට්ල් ,මට හිතෙන්නේ මේ තමයි නිර්මාණකරුවෙකුට ලැබෙන්න ඕන සහය . විචාර කියන්නේ මේවට , ස්තුතියි බීට්ල්

      Delete
  49. ඊයේ කියවලා ගිහිං කමෙන්ට් කරන්නේ අද! සුපිරියි! එපමණයි!!!

    ReplyDelete
    Replies
    1. එපමණයි ???? අයියෝ ..
      එපමණද මට හිමී ...........................

      Delete
  50. බොලා ලගකදි ලිව්ව ඒවාගෙන් මට ගොඩාක් දැනුන කථාව මේකයි...අති සාර්ථකයි මිත්‍රයා...මේ කථා තේමාවට වතාවක් මගේ මිත්තරයෙක් මුහුණ දුන්නා. මිනිහා ගණිකාවකගෙ ඇසුර හොයාගෙන ගිය වෙලේ ඉගෙන ගන්න මුදල් නැති නිසා පාට් ටයිම් මේ රැකියාවේ නිරත වෙන සරසවි යුවතියක් මිනිහට හමු උනේ....එදා ඒකා ඇගට අතවත් නොතියා රුපියල් දෙදාහක් ප්‍රදානය කරලා ආපහු ඇවිල්ලා තිබුනා...බොලා කථාවක් ගොඩනගන්න වස්තු බීජයක් හොයාගන්න විදිය නම් හරිම අපූරුයි...

    ReplyDelete
    Replies
    1. උඹේ මිත්‍රයාගේ කතාවත් අපූරු වස්තු බීජයක්, පුදුමයි උඹට එකෙන් කතාවක් ලියන්න හිතුනේ නැති එක . හැබැයි පාට් ටයිඋම් කරන කැම්පස් කෙල්ලෝ කියලා වෙනම තැටියක් ගහගෙන ඔය ජොබ හැමදාම කරන එවුනුත් ඉන්නවා. ඔය විදිහේ හිත උණු වෙන එවුන්ගේ ගැන කඩා ගන්න. එහෙම එකෙකුට අහුවෙන්නත්පුළුවන් සමහර විට . ස්තුතියි සිරා .

      Delete
  51. එකපාරම මාව ඩිම් වෙලා ගියා මචන්.

    උඹ ඇත්තටම බොක්කටම වදින්න ලියල තියෙනවා..එකයි එහෙම වුනේ..

    මොනවා කියන්නද මචන්...පරණම රස්සාව කලත් එත් මිනිස්සු..වෙන කරගන්න දෙයක් නැතිම වුනාම තමයි ඔය රස්සාවට බහින්නේ. නැතිව එක එකා එක්ක බුදියාගන්න පතාගෙන ආපු හින්ද නෙමෙයි. අපිට හිතා ගන්නවත් බැරි ප්‍රශ්න වලින් ඒ මිනිස්සු මිරිකිලා...

    ReplyDelete
    Replies
    1. අනිත් කමෙන්ට් කියෝපුවම තමයි දැක්කේ ..සමහරු කියල තියෙනවා කතාව ඉවර කරපු විදිය වෙනස් වුනානම් හොඳයි කියල...

      එත් මම නම් කියන්නේ මේ කතාව ඉවර වෙන්න ඕන කරන එකම විදයට බොහොම අපූරුවට වෙලාවට කලාවට ඉවර කරලා තියෙනවා..

      එක තමයි මේ තාමත් කම්පනය වගේ දැනෙන්නේ...

      Delete
    2. විභීෂණ - ඔය විදිහටා කියනවා ඇහුණාම දැනෙන සතුට හරිම ඉහලයි . එක නේ අර සින්දුවේ කියන්නේ ... "අඳුරේ පව් කරන දනා එළියේ රවන ළඳුනේ , කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ " කියලා .

      කතාව ඉවර කරපු විදිහ ගැන නම් මටත් ප්‍රශ්නයක් නෑ. මට හිතෙන විදිහට මෙහෙම හොඳයි කියලා හිතුනා . ස්තුතියි විභීෂණ

      Delete
  52. මම ආවේ කෝච්චිය ගියාට පස්සේ. නමුත් ඒකෙන් කෙටි කතාවකට අමතරව පාඨක අදහස් ගොන්නකුත් දැකගත්තා.

    මමත් බොහොමත් පාඨකයන් හා එකඟයි. වෙනද වගේම හොඳ කතාවක් නමුත් තව කීප වතාවක් කියවලා පොලිෂ් කරන්නත් හැකියාව තියෙනවා මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩූඩ්.
      මං හිතුවේ බැන්නා කියලා ගියාට පස්සේ ආපහු එන්නේ නැතිවෙයි කියලා ,
      ආපහු පොලිෂ් කරන්න තිබ්බා කියන කතාවට නම් මම එකඟයි , එක හැමදාම හිතන අගේ අතින් කවදාවත් නොවෙන දෙයක් ,එකනේ වැඩේ .

      Delete
  53. කතාවනම් මරු! අද කොතනත් මේ සිද්ධිය වෙනවා. අපේ උන් සල්ලි වලට ඇඟ විකුනණ අය දැක්ක ගමන් කියන්න දන්නේ ඒක "බඩුවක්" කියලා විතරයි. ඒත් ඒ ගෑනි ඒක රස්සාවක් විදිහට කරන්නේ හිත සං‍තෝසෙන් නෙවෙයි කියලා ගොඩක් උන් දන්නේ නෑ. ඒ හැම ගෑහැනු කෙනෙක්ග්ගෙම ජීවිත වල ලොකු අඳුරු පැතිකඩක් තියෙනවා... ඇත්ත තිත්තයි.. ඒක තමයි ඇත්ත!

    ReplyDelete
    Replies
    1. රොහාන් - ස්තුතියි මේ අදහස් දැක්වීමට , ලේසියෙන්ම එක බඩුවක් කියන්න පුළුවන්, එත් එක බඩුවක් කලේ කවුද , වුනේ කොහොමද කියන එක තමා කවුරුත් හොයන්නේ නැත්තේ . ඇත්ත තිත්තයි , උඹ හරි

      Delete
  54. මාත් ආවේ කෝච්චිය ගියාට පස්සේ. සමහර වෙලාවට 'හොඳම කෙටිකතාව' කියන ලේබලයත් එක්ක, ඒ අතටම යන්න කමෙන්ට්ස් ගොන්න දැක්කහම, කතාව 'සුපිරි' නොවෙන්නේ මට විතරද කියන සැකයත් ඇතිවෙනවා. ඒ හන්දා වෙලාවකට සද්ද් නැතුව ඉන්න එක හොඳයි කියලා හිතෙනවා.

    බීටල්ගෙ කොමෙන්ට් එක දැක්කට පස්සේ මට හිතුණා මේකත් ලියලා තියන්න.

    මෙතන මිනිහගේ හෘදසාක්ෂිය එකපාරටම කතා කරන්න ගන්නේ ඇයි? ඒ සඳහා මූලික වෙන ප්‍රබල නිමිත්තක් දැක්වෙන්නේ නැහැ. මේ කොලුවා රෙන්ට් එක එකතු කරන්න එන එක සාමාන්‍ය සිදුවීමක් බව මුලින්ම දැක්වෙනවා. ඉවාන් කියවලා තියනවද ලියනගේ අමරකීර්තිගේ "අටවක පුත්තු" පොත? පොඩි කාලේ ඉඳලම ඔලුවට වැටුණු 'තමන් නිවුන් දරුවන්ගෙන් කෙනෙක්' විය යුතුව තිබුණාය කියන අදහස උඩ මේ වගේ දෙබසක් ඇති කරගන්න ළමයා සහ ඉන්පස්සේ කාලයක් තිස්සේ නැතුව ගිහින් තියන ඒ හඬ ජීවිතය සහ මරණය අතර තීරණාත්මක මොහොතක නැවත ඇහෙන හැටි.

    අනික අපි තුලින්ම ඇහෙන හඬක්, මුලින්ම තිගැස්මක් ඇති වුණත්, ඉතා ඉක්මනින්ම ඒ හඬ එන්නේ අපි තුලින්මයි කියලා තේරුම් ගැනීමේ හැකියාවක් මිනිසුන්ට තියනවා නේද? ඒ නිසා කතානායකයා සෑහෙන වෙලාවක් යනතුරු මේ හඬ එන්නේ පරිබාහිරව ඇත්තටම ඉන්න වෙනත් පුද්ගලයෙක්ගෙන් කියලා හිතන ආකාරයේ දෙබස් ටිකක් ගැලපෙන්නේ නැහැ නේද?

    ඒ වගේම මෙතනදී තව තාක්ෂණික උපක්‍රමයක් පාවිච්චි කලා නම් හොඳයි කියලා හිතෙනවා. දැන් මේ මනුස්සයා ඇත්තටම කියන දෙබස් සහ තමන්ගේ හෘදසාක්ෂිය එක්ක සංවාදය දෙකම දක්වලා තියෙන්නේ එකම ආකාරයකින්නේ. නමුත් කතාවේ ඉන්න අනිත් චරිතවලට මේ දෙබස් ඇහෙන බවක් දක්වලා නැහැ. ඒ නිසා මේක හිතින් හිතන දෙයක් කියන අදහස එනවා. එක්කෝ එක වෙන පාටකින්, එහෙමත් නැතිනම් ක්වෝටේෂන්ස් ඇතුලේ නොදැම්ම නම් හොඳයි වගේ හිතුණා. හැබැයි ඒකෙන් පැටලුමක් ඇතිවුණේ නැති බවත් කියන්න ඕනේ.

    උඹේ අර කලින් කෙටිකතාවක් තිබ්බේ "ප්‍රේමය නම්" කියලා. ඒ වගේ කතාවක් කියෙව්වට පස්සේ, මේ වගේ කතාවක් කියවන කොට මොකද්දෝ අඩුවක් පේනවා. ගණිකාවකට පියයුරක් නැහැ කියන එක හංගන්න පුළුවන් දෙයක්ද? එතනදි පිහිය අරගෙන ඇඳුම් ගලවන්න කියලා තර්ජනය කරන්න අවශ්‍යතාවයක් තියනවද? අනික ඔය වීදි ගණිකාවන්ට ඒ වගේ තර්ජනයක් දාලා මේ මිනිහට බේරිලා යන්න පුළුවන්ද? ගණිකාව වටේ තියන ජාලය ගැනත් ඉඟි කෙරෙනවානේ කතාවෙම. //අඩි හයක් විතර උස තඩි ත්‍රීවීල්කාරයා දැක්කම බයත් හිතුනා //. පිහියක් ඉණේ ගහගෙන ඉන්න දක්වන හේතුව තාත්වික නැහැ කියලා මට හිතෙන්නේ. මේ මනුස්ස්යාට තරමක 'කළු' ඉතිහාසයක් තිබ්බට අවුරුදු 20 තිස්සේ පිහියක් ඉණේ ගහගෙන ඉන්න චරිතයක් නම් නෙමෙයි හිතේ ඇඳෙන්නේ.

    ඔන්න ඉවාන් මගේ හිතේ තිබ්බ දේවල් ටික එළියට දැම්මා. මගේ නමත් කතාවේ තැනක සඳහන් වෙලා තියනවා දැක්ක :) ... දකින්නේ වැරදිම කියලා හිතන්න එපා... හැබැයි උඹ මෙච්චර කල් පෙන්නපු දක්ෂතා එක්ක මේ කතාව තියෙන්නේ තරමක් පිටිපස්සෙ කියන එකයි මට නම් හිතෙන්නේ.... කතාවක් ගැන මෙහෙම අදහස් දක්වන්න හිතෙන්නේ, ඒ කතාවේ රචකයා කලින් පෙන්නපු දක්ෂතා එක්ක අපි බලාපොරොත්තු වෙන මට්ටමට සාපේක්ෂවයි. ඒ නිසා මේ කතාව හොඳ නෑ කියන එක නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ, උඹෙන් මීට වඩා දෙයක් අපි බලාපොරොත්තු වෙනවා කියන එකයි.

    ReplyDelete
    Replies
    1. මේකට තමා තිසර ඉන්න ඕන.. වෙල්ඩන් තිසර.. මාතාාගේ දෘස්ඨි කෝණයෙන්ම එන අය හොද කියල ගියාට මේ කතාවේ සාර්ථක බවක් නෑ කියල මම කෙලින්ම ව්‍යංගාර්ථයෙන් කිව්වා. වැඩේ තියෙන්නේ උඹට වගේ හරබර දේශන තියන්න මට බැහැනේ බං...

      Delete
    2. තිසර - හැමදාම වගේ සාධාරණ සහ සමබර විචාරයක් , විචාර කියන්නේ මේ වගේ දේවල් වලට ,

      //"මෙතන මිනිහගේ හෘදසාක්ෂිය එකපාරටම කතා කරන්න ගන්නේ ඇයි? ඒ සඳහා මූලික වෙන ප්‍රබල නිමිත්තක් දැක්වෙන්නේ නැහැ""// ඇත්ත ,නමුත් මට මෙතැනදී ඕන වුනේ ,මේක කතාවක් කියන හැගීම දෙන්න, එකට තමයි මම මේ අධි තාත්වික රීතිය යොදාගත්තේ . කතාවට පිටින් ඉඳලා කතාව කියවන්න දෙන්න වුවමනා වුනා .

      //"ගණිකාවකට පියයුරක් නැහැ කියන එක හංගන්න පුළුවන් දෙයක්ද? "// මේක මම දන්නා හඳුනන කෙනෙක්ගේ ඇත දැකීමක් , මිනිහා දවසක් ඔෆ්ෆිචේ එකේදී කතාව කියලා කියනවා .' මාර කේස් එක බං ඒ ගැනිගේ තන දෙකම නෑනේ කියලා .

      පිහිය සම්බන්ධ කතාව ගැන කියනවනම් මම ඉහලින් ඇනෝ ට දුන්න පිලිතුව බලන්න ,//"කිනිස්සේ කතාව ඇත්තම අත්දැකීමක් , ඔය ආකාරයෙන් කාන්තාවන් ආශ්‍රය කරපු මම හඳුනන පුද්ගලයෙක් නිතරම කිනිස්සක් ළඟ තබාගෙන ඉන්න පුරුදු වෙලා හිටියා . ඔහු කාගෙන් වත් ප්‍රහාරයකට ලක්වෙලා තිබ්බේ නෑ. එත් ඔහු තුල බියක් තිබ්බා ඔහුට එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න වෙයි කියලා"// ඔන්න ඕක . මින්ස්සුන්ගේ අත්දැකීම විවිධාකාරයි , ඒ දේවල් ගැන ඔවුන් හිතන පතන විදිහත් විවිධාකාරයි .

      තිසරට කියන්න මං සමාජයේ හැම ස්ත්රයේම මිනිස්සු ආශ්‍රය කරලා තියෙනවා. දැනටත් ආශ්‍රය කරනවා , සමහරුන්ගේ සමහර අත්දැකීම් ඇහුවම මටත් හිතෙනවා මේ ලෝකේ මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද කියලා

      //"දකින්නේ වැරදිම කියලා හිතන්න එපා..""// එහෙම හිතන්නේ නෑ කීයටවත්. අඩුපාඩු ද්කීම තුලින් තමයි ඉදිරිය සාර්ථක වෙන්නේ , එකට ලුකු සහයක් තමයි උඹල මේ දෙන්නේ, ඒ සහය නැති කරගන්න මට අවශ්‍ය නෑ. මේ වගේ දුර්වලතා ගැන කියලා දෙන එක තමයි මං උඹලගෙන බලාපොරොත්තු වෙන්නේ , බොහොම ස්තුතියි තිසර



      Delete
    3. << වැඩේ තියෙන්නේ උඹට වගේ හරබර දේශන තියන්න මට බැහැනේ බං...>>

      එහෙනම් වහාම ඔය නම මාරු කරගනින්... හොඳින් කියන්නෙ මේ... :)

      Delete
    4. සෙන්නා - දේශකයා වෙනුවෙන කියමු අපි

      "පිං මාළු වලේ කුසල් හාමි මාළු බානවා " :P

      Delete
  55. උඹට මහ ලොකු විචාරයක් දෙන්න මට ඒ හැටි දැනුමක් නෑ. තිසර කියලා තියන සමහර දේවල් මටත් හිතුනා... පිහිය ඉනේ ගහන් ඉන්න එක එහෙම ටිකක් අතාත්විකයි කියලා හිතුනා ඒ චරිතයේ මුල බැලුවම..

    ඒත්.. උඹ පාඨකයා නොහිතන මානයකට අරගෙන ගිහින් කතාව නතර කරනවා.. මම ඒ ගතියට කැමතියි...

    ReplyDelete
    Replies
    1. සෙන්නා .. මේ දීලා තියෙන විචාරය ඉහටත් උඩින්, පිහිය ඉනේ ගහන ඉන්න එක අතාත්විකයි කියලා හිතෙන්න ඕන , ඇත්තටම එක අතාත්විකයි , එත් ඔෆිස් කිට් එක ගහගෙන සපත්තු පොලිෂ් කරලා ,බෙල්ට් දාලා ඉන්න මනුස්යෙක් පිහියක් ඉනේ ගහන ඉන්නවා කිව්වාම උඹ විශ්වාස කරනවද? මම තිස්රට දීලා තියෙන උත්තරේ ඇති මම ඔය පිහිය ආදේශ කරන්න හේතුව . මිනිස්සුන්ගේ සමහර හැසිරීම් රටා නම් අමුතුයි බන්, ඒවා අතාත්විකයි වගේ පේනවා තමා.

      උඹේ මේ ඇගයීමට ස්තුතියි . කියවීම මට සතුටක්, මෙහෙම ගුණදොස් ආවාම තමයි තව අපි දියුණු කරගන්න ඕන පති ගැන දැනුමක් ලැබෙන්නේ

      Delete
  56. This comment has been removed by the author.

    ReplyDelete
  57. නියමයි. දැන් ඉතින් ඔක්කොම වැඩ නතර කරලා කාලකන්නියගේ අතීත කතාව ගැන හිතන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා කුසූ .... ඔක්කොම වැඩ නවත්තන්න එපා , ඔයා වැඩ කරන ගමන්ම හිතන්න ...ඕඕ යේස් ...

      Delete
  58. [im]http://farm8.staticflickr.com/7148/6830548951_412fdca81d_m.jpg[/im]

    ReplyDelete
  59. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. උඩ කමෙන්ට් එක දැම්මෙ මොබයිල් විව් ඇවිත්. සොරි ඈ ! :)

      Delete
    2. මොකක්ද බං මේ කියල තියෙන්නේ , මොකක්ද වුනේ , තේරුනේ නෑ තවම :O

      Delete
    3. මම පලවෙනි කමෙන්ට් එක (October 2, 2014 at 7:31 PM) දැම්මෙ ෆෝන් එකකින් එන විදිහට ඇවිත්. ඒ කියන්නෙ මේ පෝස්ට් ලින්ක් එකේ අගට ?m=1 කියන කොටස එකතු කරල. ඒ කියන්නෙ මෙහෙම.

      http://iwanpaulooshaa.blogspot.com/2014/09/blog-post.html?m=1

      එහෙම ආවම පේජ් එක ඉක්මණින් සම්පූර්ණ වෙනවා. වටේ තියන ගැජට් එහෙම මොකුත් එන්නෙ නෑ. පෝස්ට් එකයි කමෙන්ට්ස් ටිකයි විතරයි. ඉතින් එහෙම එද්දි ඉවාන් දාල තියන //September 29, 2014 at 11:08 AM// කමෙන්ට් එක පෙන්නන්නෙ නිකම්ම ලින්ක් එකක් විදිහට විතරයි.

      ඒ මොබයිල් විව් එකේ හැටියක්. මට ඒක අමතක වෙලා තමයි පින්තූර කමෙන්ට් පහසුකම තවම වැඩ කරන්නෙ නෑ කියල කිව්වෙ.

      Delete
    4. ඇත්ත නේන්නම් , මොබයිල් වීව් එකෙන් පෙන්නේ ලින්ක් විතරයි.

      Delete
  60. සොරි හොඳම එක

    ReplyDelete
  61. පරක්කු කෝච්චියෙ ආවෙ...

    කාලෙකට කලින් කියෝපු පොතකත් මෙහෙම සීන් එකක් තිබ්බ මතකයි... ඉවාන්ට තියෙන ලෙඩේ හෙවත් පොත් වල නම් මතක නැතී වීම මටත් එහෙමම තියෙන නිසා පොතේ නම මතක නෑ.. හැබැයි හෙන ප්‍රසිද්ධ පොතක්.. තමන්ගෙ හින්දු නංගිට කරපු දේට පලි ගන්න මුස්ලිම් කෙල්ලෙක්ව දූෂණය කරන්න යන හින්දු කොල්ලෙක් .... ( පොතේ නම අන්තිම දුම්රිය ද ? )

    බ්‍රෙස්ට් කැන්සර් කිව්වම මතක උනේ.. මහරගම පිලිකා රෝහලේ වැඩිහරියක් ප්‍රතිකාර ගන්නෙ බ්‍රෙස්ට් කැන්සර් තියෙන අය කියල අපෙ අම්ම කිව්ව...

    ReplyDelete
    Replies
    1. ඔය පොත ගැන වෙන්න ඇති ,මෙන්ඩිය උද කියලා තියෙන්නේ , කොහොම වුනත් එක හොයාගෙන කියවන්න් හිතෙනවා දැන්,
      බ්‍රෙස්ට් කැන්සර් ගැන කතාව ඇත්ත වෙන්න ඕන හිරු, මොකද මාත් ඔය කතාව ඔය විදිහටම අහලා තියෙනවා . ස්තුතියි හිරුවා

      Delete
  62. [im]http://i1.wp.com/listverse.com/wp-content/uploads/2013/09/swordsman-e1380195008206.jpg?resize=632%2C395[/im]

    ReplyDelete
  63. මේ style එක නම් අපූරුයි...weldone මල්ලි...

    ReplyDelete
  64. එන්න ටිකක් ප්‍රමාද වුනා... වචන නෑ විස්තර කරන්න... ලියලා තියෙන විදිහනම් උපරිමයි..

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]