Wednesday, September 17, 2014

පුතේ ගෙදර එන්න ....



ලෝකය විශ්ව ගම්මානයක් වනවිට පුද්ගලයන් අතර දුරස්ථ බව බොහෝ අඩු වෙනවා . අතීතයේ තම මවුරටින් පමණක් නොව තම ගම්මානයෙන් පිටත ගියවුන් අතර පවා සම්බන්ධතා සිඳී යන්නේ සන්නිවේදනය සඳහා වූ පහසුකම් සීමිත වූ නිසාවෙන්.

 ඇත්තෙන්ම මේ සන්නිවේදයේ අඩුපාඩුව මෙතරම් යැයි මගේ මනසට වැටහී යන්නේ ගම්පෙරලිය කෘතිය කියවන අතරේදී .එහි ජිනදාස , නන්දා සහ පියල් යන ත්‍රිකෝණය නිර්මාණය වීමට මේ සන්නිවේදන රික්තය කොතරම බලපෑම් කලේද යන්න සිතමින් සිටින විටයි.

ඒත් අද වනවිට සන්නිවේදනය පුද්ගලයන් හඬින්, මෙන්ම රූපයෙන් ලං කර හමාරයි.. අද ඈත ගමක ගොවි ගෙදරක මව්පියන් යුරෝපයේ සිටින තම දුවණිය හෝ පුතා සමගින් දිනපතා මුහුණට මුහුණ බලාගෙන කතාබහ කරන්නේ ස්කයිප් හරහා , කොළඹ හතේ මහා ව්‍යාපාරිකයා තම පුතා දුවණිය සමග සම්බන්ධ වෙන්නෙත් ඒ ආකාරයෙන් .

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අධි නීතඥවරයෙක් , ලංකාවේ ප්‍රමුඛ පෙලේ සංගීතඥවරයෙක් සහ මේ සියවසේ ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ගායකයෙක් ..........මෛත‍්‍රි පනාගොඩ මහතා ඕස්ට්‍රේලියාවේ සිට ලියූ පදවැල් වලට මේ පුංචි රටේදී ජීවය ලැබෙනවා. ඇත්තෙන්ම සන්නිවේදන රික්තය අදත් තිබුනා නම් මේ පදවැල් හද පිනවන ගීතයක් නොවන්නට තිබුනා , නොඑසේනම් ලංකාව තුල වැඩි ප්‍රසිද්ධියක් නොමැති ගීතයක් බවට පත් වෙන්නට තිබුනා .

මේ ගීතය අසන විටත් මට හිතුනේ මේ සන්නිවේදන රික්තයේ කොතරම් නම් අපගේ ජීවිත වෙනස් කරනට අනුවේදනීය කරන්නට තිබුනාද කියා .

පියාට හිතට නැගෙන සිතුවිලි තම පුතු අභිමුවෙහි වචන බවට පෙරලන්නට හ්කියාවක් තිබුනානම් මෙසේ නොකිය වෙන්නට තිබුනා

හෙවණැලි මියයන හැන්දෑවේ
පිල උඩ ඉඳගෙන ඈත බලා ඉන්නේ
සීපද මුමුණන්නේ...... ඒ හඬ ඇහෙවදෝ........
නෙත් යුග තෙත් වෙන්නේ...... ඒ දුක දැනෙනවදෝ........




පියෙකුගේ සිතෙහි පුතෙකුට ඇති ආදරය මෙතරම් යැයි මනින්නට බැහැ. පාළුව තනිකම මෙතරම් යැයි කිසිවෙකුට වටහා දෙන්නට බැහැ. කොපමණ වියපත් වුවත් පියවරුන්ට මවුවරුන්ට තම දරුවන් හැමදාමත් හුරතල් කුඩාවුන් .. තමුන්ට සැලකීම කෙසේවෙතත් තම පුතා දියණිය මියයන්නට පෙර එක වරක් හෝ තමුන්ව දකින්නට පැමිණේවි යන අහිංසක බලාපොරොත්තුව හැම පියෙකුගේම මවකගේම හිතේ ඇතිවීම ස්වාභාවිකයි .

වැලි බත් ඉවු මිදුලේ
පළඟැටියන් රජවී
පුතු ගැන සිහි වෙනවා.
මතකය බොඳ වෙනවා

මගෙ හිරු මියෙන ලෙසේ
ඹබෙ හිරු පිබිදෙනවා
නෙතු පිය වෙන්න කලින්
එනවද මගෙ පුතුනේ


මේ ගීතය බිහි වන්නේ අමරදේවයන්ට අසූපස් විය සැපිරීම වෙනුවන් . අමරදේවයන් ගැන අටුවා ටීකා ලිවීමට කිසිවිටකත් අවශ්‍ය වන්නේ නෑ .

නමුත් අමරදේවයන් කෙරෙහි මා දකින සුවිශේෂත්වය වන්නේ නව පරපුර සමග ගනු දෙනු කිරීමට නොපැකිලීම ,
මීට වසර කීපයකට පෙර පේරදෙණිය සරසවි ක්‍රීඩාගාරයේදී රූකාන්ත ගුණතිලකයන සමග සංගීත ප්‍රසංගයකට සහභාගීවන ඔහු ,
මෑතකාලීනව උමාරියා සින්හවංශ සමග යුග ගීතයක් ගයනවා .
ඔහුගේ "සොඳුරු වූ මිනිසා අමර ගී රසෝඝය" නවතම සංයුක්ත තැටියේ සොඳුරු වූ මිනිසා නම් මහින්ද දිසානායකයන් රචනා කල ගීතයට සංගීත සංයෝජනය කරන්නේ නාලක අංජන කුමාර .
මෑත කාලයේ ඉහලම ජනප්‍රිය තලයට ලඟා වූ " ගිමන් හරින දියඹ දිගේ" ගීතයේ ඔහු සමග සම්බන්ධ වන්නේ ජානක සිරිවර්ධන සහ අරුණ ගුණවර්ධන සමගින් ..
මෙසේ ගීතකෙත පුරා විසිරුණු සෑම ස්ථරයක් සමගම නිර්ලෝභීව ගනුදෙනු කරන මේ අසූ හය වියැති ගාන්ධර්වයා මේ ගීතය ගැන පවසන්නේ මෙලෙස

"මං ඉන්දියාවෙන් සංගීතය ඉගෙන ගන්න ගිය කාලේ අද වගේ බහුලව විදෙස් ගතවෙන්න වාතාවරණයක් අපේ රටේ තිබුණෙ නෑ. 
මං යද්දිත් ඔහු හිටියෙ ලෙඩ ගණනේ. 
තාත්තා මිය ගිය දවසෙ රෑ මං හීනයක් දැක්කා. 
ඒ අපේ ගෙදර ලොකු කලබලයක්. 
නමුත් මට ඒ ගැන ඒ වේලේම සොයා බලන්න විදියකුත් නැහැ. 
ලංකාවේ ඉන්න මගේ තාත්තාට ඒ කාලේ දුරකතන පහසුකම් තිබුණේ නැහැ. 
මම ඒ හීනය දැක තිබුණේ මගේ තාත්තා අවසන් හුස්ම පොද පිටකරන වෙලාවේ බව දැනගත්තාම මට මහා වේදනාවක් ඇතිවුණා.
පොඩි පුතා මා බලන්න ඒවිද කියමින් ඔහු මගේ පැමිණීම ඔහු මියයන්නට පෙර බලා පොරොත්තුව ඉඳ තිබෙනවා. 
නමුත් ඒ බලාපොරොත්තුව ඔහු මිය ගිහින්වත් ඉටු කරන්නට මට බැරි වුණා. අද වගේ නෙවෙයි ඒ කාලෙ රටකින් රටකට යන්න හරි අමාරුයි. 
මේ නිසා මගේ අධ්‍යාපනය බිඳ වැටෙයි කියන බයට කවුරුවත් මට තාත්තාගේ මරණය ගැන දැන්වූවේ නෑ. මේ නිසා තාත්තාගේ අවසන් මොහොත නොදැක ඉන්න මට සිද්ධ වුණා. 
ඒ වගේම දහස්වාරයක් මම තාත්තාගේ ආදරය ගැන හදවතින්ම ඇඬුවා.

අපි නිතර මව් ගුණ ගී ඇසුවාට පිය ගුණ ගීවල අඩුවක් තියෙනවා. 
මේ වගේ පසුබිමක තමයි මට සෙවනැලි මිය යන හැන්දෑවේ ගීතය හමුවෙන්නේ.... මෛත‍්‍රි පනාගොඩ මහත්තයගෙන්.
ගීතය දුටු ගමන්ම මගේ අතීතය අවදිවෙනවා. 
රෝහණ වීරසිංහයන් මේ ගීතයට ලබාදුන් තනුවට සාධාරණය ඉටුවෙන්නෙ මගේ අධ්‍යාත්මය තුළින්මයි. 
මම මේ ඉන්නේ මගේ තාත්තා හිටපු තැන කියලා හිතාගෙනයි මේ ගීතය ගැයුවේ."

හදවතින් එන හැගීම නිර්මාණයකට කොතරම් නම් ජීවයක් ලබා දෙනවාද කියා මේ ගීතය අසන ඔබට වැටහේවි .

මේ ගීතයේ රචකයා පසුගිය වසන්තයේදී සිඩ්නි නුවරට නුදුරෙන් පිහිටි තෝන්ලී හි ප්‍රජා ශාලාවේදී ඔහුගේම ගේය පද රචනා වලින් සමන්විත ඔහුගේ කුළුඳුල් සංයුක්ත තැටිය "සුදුවැලි" නමින් ජනගත කරනවා . මෙහි සුවිශේෂී කාරණය වන්නේ ඔහු එය පිළිගන්වන්නේ ඊට දෙසතියකට පෙර මෙලොව එලිය දුටු ඔහුගේම කුළුඳුල් මුණුපුරාට .

එහිදී , කුඩා දරුවෙකු ලෙස වැලි සෙල්ලම් බත් පිසීමට යොදන අතත් එම වැලි සෙල්ලම් බත් මිතුරන් අතර බෙදා දීමට යොදා ගත් පිරිසිදු සිතත් අනාගතයේ වැඩිහිටියෙකු වූ පසුව ජනතාවගේ සේවය සඳහා කැප කරන්න යැයි  සමස්ත මුනුබරන් වෙනුවෙන්ම ,සති දෙකකට පෙර ඉපදුනු පුංචි මුනුබුරාගෙන් ඔහු ඉල්ලා සිටිනවා .

තවමත් අමරදේවයන්ගේ හඬ තරුණය ...හෙළ ගීත කෙත අර්ථවත්ය ...මේ ගීතය රසවිඳින්නට ඔබටත් හැකි වේවි .







ප.ලි. - මේ ගීතයේ පදමාලාව මට ලැබෙන්නට සලස්වන්නේ අප කවුරුත් "සිංදු ඇනෝ" ලෙසින් අප හඳුනන රසවතා . ස්තුතියි සිංදු ඇනෝ.
මෙහි අන්තර්ගත කරුණු සොයායාමේදී මූලාශ්‍ර ලෙස පිහිටට එන්නේ දිවයින සහ සරසවිය පුවත් පත්

200 comments:

  1. සුදු අයියා අදමයි මේ ගීතය ඇහැව්වේ....දෙමව්පියන්ට අපි කොච්චර ලොකු උනත් තාමත් පොඩියටමයි පේන්නේ.....හැබැයි බොහෝ දෙනාට ඔය කාරණේ අගේ දැනෙන්නේ කවදා හරි අම්මෙක්,තාත්තෙක් උන දාට එතකොට නම් පරක්කු වැඩි....අපේ ගෙදරින් හැමදාම සමු අරන් එන දවසට අහන්නේ කවදද ආයේ ලංකාවට එන්නේ කියලා..ඉතින් නික්මෙන දවසේ ඉදන් එන දවස වෙනකම් අම්මයි තාත්තයි බලන් ඉන්නවා...ඒක තමයි ආදරේ......තව ලිව්වොත් පෝස්ට් එකක් ලියවෙයි ....ගොඩක් ඉට්ටුටි මේ සිංදුව බෙදා ගත්තට....

    ReplyDelete
    Replies
    1. හෑ කිඹුලි එක වෙලා....හුරේ

      Delete
    2. ඇත්තමයි ශානුවෝ , ඔය අම්මලා තාත්තලා ගේ ආදරේ ගැන කියන්න ගියොත් පොස්ට් එකක් නෙවෙයි පොතක් ලියන්න පුළුවන්, ඒකට සීමා මායිම් නෑ . අනික උඹලා පිටරටවල ඉන්නකොට අම්මලා තාත්තලාට ඒ දුක දැනෙනවා ,හැගීම දැනෙනවා වැඩියි . මේ අපි හැමෝගෙම ජීවිතේ අඩු වැඩියෙන් නංගී

      Delete
  2. අමරදේවයන් සින්දු කියන්න ඕන නෑ.. කතාකලත් ඇති.. මොකක්දෝ අමුතු හිත නිවන ගුණයක් ඒ ස්වරයේ තියෙනවා..

    "ගිමන් හරින දියඹ දිගේ ..." නම් බොක්කටම වැදුනා.. අමරදේව මහත්තයගේ පෞදගලික කතාව හිතට දැනුනට.. ගීය නම් දැණුනේ නෑ.. නමුත් පිය ගුණ ගැන කතාකරන එකත් ළොකු දෙයක්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මාතලන්,
      ඇත්ත කිව්වොත් අර අමරදේවයන්ගේ කතාවේ තියෙන ගැම්ම ඒ සින්දුවේ ඒ තරම්ම් දැනෙන්නේ නා තමයි , සමහරවිට මේ රූප රචනය නිසා වෙන්න් ඇති, මොකද මේ ගීයට ඒ තරම්ම් සංවේදී වන්නේ නෑ රූප රචනය නම් මට හිතෙන්නේ . ඇත්තටම පිය ගුණ ගායනා වෙන්නේ නැත්තේ ඇයි....?

      Delete
  3. නියමයි ඉවාන් අයියේ... විතරය ලියලා තියෙන විදිය මරු,,
    ඔයා කොහේ හරි ලියලා කොපි පේස්ට් කලාද මේකේ,, ? අකුරු ටික ආයෙම එඩිට් ගිහින් සිලෙක්ට් කරලා ෆොර්මැට් එක වෙනස් කරන්න එතකොට හරි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔමා .... කාලෙකින් ලියන්න බැරිවුනා සින්දුවක් ගැන, එහෙම ඉන්නකොට තමා මේක හම්බවුනේ ,ඔව් මේක වර්ඩ් වල ලියලා කොපි පේස්ට් කළා , ඔන්න ඔයා කියපු විදිහට වැඩේ ගොඩ දාගත්තා , ස්තුතියි නැවතත් ...

      Delete
  4. මේ දවස්සල තියෙන පෝස්ට් හිඟකමට උත්තරයක් හැටියට දැම්ම මිසක සුදානම් වෙලා ලියපු පෝස්ට් එකක් නෙවෙයි මයෙ හිතේ.

    ReplyDelete
    Replies
    1. මේක කොච්චර හොදට ලියලද අප්පා,

      Delete
    2. හැලපය ලගකදී ඉදල බලන්නෙම රුයිතෙට අනී ...... හෙක්.....හෙක්....

      Delete
    3. මේ අපි මුලින් දැක්ක හැලපය නෙමේ.....
      හැලපයක් කන්නත් අප්පිරියයි.....

      Delete
    4. එහෙනං දෙකක් දාල ඇවිත් නෙලපන්.

      Delete
    5. මං නෙලන්නෙ අකුරු ඔලින් බව උඹ දන්නවනෙ මචං .....
      ඕක කෙටුවෙත් 4 ක් දාල බං .... හෙක්.......හෙක්........
      වෙන රටවල ඉන්න අපිට .....මෙහෙමවත් වලියක් යන්න නැත්නම් මොකක් ද යකෝ ඇති වැඩේ.... හෙහ්....හෙහ්....

      Delete
    6. @ හැලපේ - ඔව් මේ වගේ වෙලාවක මොකක් හරි ලියලා හිට්ස් ටිකක් මරාගතොත් මිසක ,මොකෝ වෙන වෙලාවක අපේ පොස්ට් කවුරුවත් කියවනවා කියලයි .

      Delete
    7. @ ඔමා & කෙන්ජි - සමහරුන්ට හොඳ දේවල් තවත් අයට නරකට පේනවා , හොඳ සාපෙක්ෂයිනේ

      Delete
    8. දෙකක් දානවා නම් බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
    9. මම එහෙම දෙයක් අදහස් කලේ නෑ ඉවාන්.කොයි වෙලාවක ලිව්වත් ඉවාන්ට හිට්ස් කමෙන්ට්ස්වලින් අඩුවක් නැහැනෙ.මට කින්ඩියක් දැම්ම නේද?

      Delete
    10. හැලපයියේ - අයියෝ මමත් එහෙම දෙයක් අදහස් කලේ නෑ. හිත රිදුනානම් සමාවෙන්න , ඇත්තමයි මම හිතුවේ ඔයා මට කින්ඩියක් දැම්ම කියලා ,

      Delete
    11. හි හි .. ..කට්ටිය එක්ක බොමුද,,?බ්‍රෑන්ඩ් එක ගල් නෙමේ සිලෝන්ටා තේ...

      Delete
    12. ආදරේ සමග හැලිබොරේන්ජ් ෂැන්ඩි වලට ගල්

      Delete
    13. අයිස් කැට දෙක දියවෙනකං කමෙන්ට් කියවල ගල් නරකද

      Delete
  5. අමරදේව කියන්නේ බොහොම මනුස්ස ගුණ තියෙන කලාශිල්පියෙක්. මට මතක විදියට මීට සති කීපෙකට කලින් මාතලන් එහෙමත් මේ සොඳුරු මිනිසා ගැන සටහනක් ලියල තිබුනේ. මාලුකාරයෝ ගානට කලාකාරයෝ වැහි වහල ඉන්න මේ රටේ කට ඇරලා බය නැතිව කලාශිල්පියෙක් කියල කියන්න පුළුවන් බොහොම නිහතමානී පුද්ගලයෙක්.

    අන්තිමේදී ඉවාන් ලියල තියෙනවා වගේම ...
    තවමත් අමරදේවයන්ගේ හඬ තරුණය ...හෙළ ගීත කෙත අර්ථවත්ය ...මේ ගීතය රසවිඳින්නට ඔබටත් හැකි වේවි

    ReplyDelete
    Replies
    1. //"මාලුකාරයෝ ගානට කලාකාරයෝ වැහි වහල ඉන්න මේ රටේ කට ඇරලා බය නැතිව කලාශිල්පියෙක් කියල කියන්න පුළුවන් බොහොම නිහතමානී පුද්ගලයෙක්.""// දැන් ඔය ඉන්න කළා කාරයොත් වැඩි දෙනක් නලා කාරයෝ , ඒ අතින් අමරදේව ශ්‍රේෂ්ටයි ... ස්තුත්යි විභීෂණ

      Delete
    2. ඒ උනාට බං අර මැජික් සායි වන්දනාවනං දැක්කහම අපෝ වෙනවනේ
      අර නන්න වැට්ටුවත් එහෙමයි දවසක් පෙන්නුවනේ බං ටීවි එකේ රත්තරන් මාලයක් මවල දුන්නා කියල

      Delete
    3. නන්න චැට්ටුවා හයියෝ

      Delete
    4. උන්ට නටන්න මොකක් හරි තියෙන්නත් එපැයි බං

      Delete
  6. පිය සෙනෙහස ගැන කියවෙනවා ගොඩක් අඩුයි. ගී පවුර වෙනුවෙන් මමත්( අසංක ) පියෙකුගේ සෙනෙහස ගැන අල්පමාත්‍ර වශයෙන් කවියක් ලිව්වා මතකයි. පියෙක් මවකට වඩා සෙනෙහස පිටතට පෙන්වනවා අඩු නිසා ඒක වෙනවා වෙන්නත් පුළුවන්. ඒත් ඔහුගේ හදවත කාටද පේන්නේ...ඔබේ උත්සාහය හරිම අගෙයි ඉවාන්...

    ReplyDelete
    Replies
    1. පියෙකුගේ සෙනෙහස පිටා පෙන්නේ නෑ. එත් ඒ සෙනහස මහමෙරක් තරම් . ස්තුතියි අසංක

      Delete
  7. සැහ් ලැජ්ජාවේ බෑ ඉවාන්, අදමයි මේක ඇහැව්වේ...
    ස්තුතියි එකතුකලාට...
    සින්දු ඇනෝටත් ස්තුතියි


    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. උදේ පාන්දර කටට කෙල උනනවා යකෝ දැක්කහම..උම්මා උම්මා උම්මා.

      Delete
    2. මට එහෙන මෙහෙන් ඇහිලා තිබ්බට්ට සිංදු ඇනෝ පද මාලාව එව්වම තමයි මේක හොඳටම වැදුනේ විදානයෝ

      Delete
    3. පත්තරයා & මෙන්ඩියා මොකෝ මේ උඹල දෙන්න මෙතන කරන්නේ , ඔය කාටවත් නොපෙනෙන තැනකට ගිහින් ඕවා කරගනිං

      Delete
    4. අඩෝ... වල් ඌරා..
      මම කිව්වේ ගල් බෝතලේ ගැන.

      Delete
    5. වල් ඌරු මස් සමඟ ගල් … අහෝ !!!!!

      ප්‍රීතියි … මහරජ ප්‍රීතියි …

      Delete
    6. සැරද මහරඡ..!!!
      නෑ..නෑ..පුරෝහිත වතුර චුට්ටක් කලවං.

      Delete
    7. වල් නං නැ

      බෙහෙත් ඌරා

      කහ චුට්ටයි ගම්බිරිස් ලුණු අතගාල අයිස් පෙට්ටියේ දවසක් තියල අරගන ගැඹුරු තෙලේ බැදල හැනපියර් එක්ක නරකද

      Delete
    8. බෝතලය උඹෙන් ගෙන....
      ආදරයෙන් සිඹ.......
      ටිකක් දමාගෙන, අමෘත්තයක් ලෙස....
      මගෙ උගුරෙන් රිංගන එක උගුරක් ලෙස....
      මිහිර විඳින්නම්.....
      ගලේ දයාබර.....

      (ගත්තේ මෙතනින් -මෙන්න ගල් වලක් )
      http://gal-arakku.blogspot.com/2009_10_01_archive.html

      Delete
  8. ස්තුතියි ඉවාන් මචෝ පුංචි ඉල්ලීමකට කෙටි කාලයකින් හොද පොස්ටුවක් කෙටුවට.(මමයි පත්තරෙයි දින ගැන ගැන හිටියා බෝල මේක බලන්න )
    පත්තරේ මචෝ බොටත් ස්තුතියි මේක ඉවන්ට දුන්නාට ...

    නැවතත් ස්තුතියි - බ්‍රෑන්ඩ් එක ගල්

    දරු දුක උහුලා
    තනිව වැළපෙනා
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    පූජා වේවා

    මහ මෙර වැනි බර සිතින් උහුලනා
    කඳුළැලි සමුදුර නෙතින් සඟවනා
    දරු දුක උහුලා
    තනිව වැළපෙනා
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    පූජා වේවා

    මව් ඇතිදාටත් සෙනෙහස පුදලා
    මව් නැතිදාටත් තුරුලේ රකිනා
    සසර ගෙවෙන තුරු දරුවන් රකිනා
    බුදු බව ලබනා
    පියවරු වෙසෙනා
    පූජා
    පූජා වේවා

    ගායනය - අමරදේව
    ගීපද - ධර්මසිරි ගමගේ
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස.
    (පූජා චිත්‍රපටයෙන්)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      - බයිට් එකට මෙන්න මූ ...-

      Delete
    2. පිතු සෙනෙහේ පිදු පියකු නොමැති ලොව
      දූ දරුවන් හිනැහී ඇතිදෝ
      උන්ගේ සිත රැඳි තනිය මකන්නට
      මවුනට කවදා හැකි වේදෝ

      හිරු මඬලක් සේ කිරණ බෙදාදී
      නුග සෙවණක් සේ සිසිල සදා දී
      ජිවිතයේ බර උරින් දරා
      පියවරුමයි ලොව මහ සයුරක් වී
      ලොවම නිවා ලන්නේ

      මෙත් මුදිතා ගුණ සිතෙහි දරා
      පෙරුම් පුරා එන සසර පුරා
      අම්මාවරු මතු බුදු වන්නේ
      පියවරුමයි ලොව බුදු වන මවුනට
      ඒ විවරණ දෙන්නේ

      ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
      සංගීතය: රෝහණ වීරසිංහ
      ගායනය: දීපිකා ප්‍රියදර්ශණී

      Delete
    3. සියක් උල්පත් මවා දී නිසලව ඉඳිනා
      නමක් නැති මහ කන්ද ඔබ
      අප්පච්චි..අප්පච්චී....

      ඔබෙන් දිය ලැබ සාරවූ
      තුරුණු කෙත් වතු දෙස බලා
      නොපෙනෙනා තරමින් සිනාසී
      නිසලවම ඉඳිනා
      අප්පච්චී..අප්පච්චී

      මෙහෙවරට ආලයේ සිතා
      වෙහෙස නොබලා වෙහෙසෙනා
      තෙත් ගුණය මෙත් ගුණය සඟවා
      අකම්පිත වත් පා
      අප්පච්චී අප්පච්චී

      සියක් උල්පත් මවාදී නිසලව ඉඳිනා
      නමක් නැති මහ කන්ද ඔබ
      අප්පච්චි අප්පච්චී

      ගායනය: කසුන් කල්හාර..

      Delete
    4. අන්දර යායේ වැව්  තාවුල්ලේ
      සක්මන් කරනා අප්පච්චී
      දොළේ දියයි මට කෙතේ නිලයි
      ගහ වැලේ මලයි මට අප්පච්චී…

      වලාකුළේ දා බිඳු තවරා
      මහ පොළොවට මහ වැසි ගෙනෙනා
      දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
      පුතු සෙනෙහේ කඳුළැලි සලනා…

      තුරු හිස මුදුනේ මල් පලඳා
      කැකුළු මුවට පලවැල නෙළුවා
      ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
      සිදාදියට එන මං තැනුවා…

      පද - කුමාර ලියනගේ
      තනුව - රෝහණ ධර්මකීර්ති
      හඬ - කරුණාරත්න දිවුල්ගනේ

      Delete
    5. මහ කනදරා වැව ඉස්මත්තේ......
      සොහොන් සුළං ඉකි බිදින කනත්තේ......
      මහ බැත කන්දක් රකින තාත්තේ......
      දෙනෙතට නින්දක් නැතිද දැනෙන්නේ......//

      රං කොත වාගේ ගං මැංඩිය මැද.......
      පිං හිත කවදාවත් නැත පෑරී.......
      මතු බුදු වෙන් බෝධියක් අසල නොව......
      මහ කනදරා වැවේ......
      නිසසල ඉස්මත්තේ.......


      මහ කනදරා වැව ඉස්මත්තේ......
      සොහොන් සුළං ඉකි බිදින කනත්තේ......
      මහ බැත කන්දක් රකින තාත්තේ......
      දෙනෙතට නින්දක් නැතිද දැනෙන්නේ......//

      ගායනය - සනත් දේවප්‍රිය
      පද සහ සංගීතය - සුනිල් දයානන්ද කෝනාර

      Delete
    6. පැන්සොන් දිනය වැටෙනවා මාසේ අගට
      විය පැහැදම් වැඩියි පැන්සොමෙ දෙගුණෙකට
      අඟ හිඟකම් වලින් හිත තැලුණත් බරට
      මා අද බරක් වී නැත මගෙ දූ දරුවන්ට

      තිස්පස් වසක සේවය අවසන් වන දවස
      මා සේවය කලේ පඩියට නොව දැයට
      කාසිය වලංගුද නැත අගයක් නැතුව
      දෑත සවිබලයි හිත හයියයි තවම

      පාළුව තනිකමෙන් දුක දැනෙනෙවා දිවියේ
      වතුපිටි ඉඩකඩම් නැත මා සන්තකයේ
      දරුවන් අසයි මොනවද උන්ටත් කෙරුවේ
      මං හෙළු දහදියයි උන් මිනිසුන් කෙරුවේ …

      සුනිල් එදිරිසිංහ.

      Delete
    7. සාර විටක් දී ව්‍යාජ මුවින්
      ඔබඋන් පිනවා හිනැහෙනවා
      අපේ දිළිඳු නිවසේ අණ සක්විති
      ගෙජ්ජි හඬවමින් විකට මුවින්
      දෙනෝ දහක් මැද විනෝදයක් වී
      අප ජිවත් කරවනවා
      මගේ තාත්තේ වැලපෙන මා හිත
      ඔබ පය පාමුල හඬා වැටී හිඳිනා
      පාට පාටින් පාර පුරා පාන රැඟුම
      මා කඳුලු අතරින් බලා හිඳින්නෙමි
      නොපෙනෙන මානෙක මුවා වෙවී
      නැති බැරි කම් දුක හිත පටවාගෙන
      කහට බැඳුනු මුව දත් විදහා ...

      අජන්තා රණසිංහ/කේමදාස/ අමරසිරි පීරිස්

      Delete
    8. වන්නි වන පෙතේ
      ගම් දනව් පුරා නිවහන
      වංක ගිරි වනේ වෙසතුරු
      සදිසි පියවරුන්
      අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..…

      කන්ට බෑ කියා තනියම එන්ට යයි කියා ගමටම
      බත් බුලත් නිතර දන් දුන් පියවරුන් වෙතින්
      ජාත වී ඇතත් පූරුවෙ කරන ලද පවක් පලදී
      බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

      කල්ප කාලයක් පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
      මාසෙකට වරක් ලැබෙනුයෙ සොච්චමක් බැවින්
      කන්ට ගත් ගමන් බත් පත කවුරුවත් එතැයි බිය වැද
      දොර ජනෙල් වසා තනියම බුදිති බෝ දුකින්

      ගායනය : සුනිල් එදිරිසිංහ
      පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ

      Delete
    9. අරින්නෙපා පත්තරේ...එළ එළ

      Delete
    10. https://www.youtube.com/watch?v=be2RwnEl9tA

      Delete
    11. ඉහල සිට පහලට ගලා එන පිය ගුණ ගී මුතු වැල් අතරට මෙන්න මගෙනුත් සෙනෙහෙබර පිය ගුණ ගීයක්...


      අප්පච්චී මට තැළුවට දිගට හරහට,
      සන්තකටම මට තිබුනේ ඔබගේ දයාව,
      පුන්චි අම්මා කැන්දාගෙන ආපු දසාව...
      හැඬුවා කන කොකා මගේ දිවිය පුරාම.....

      පාඩම් පොත අකුරක්වත් බෑ මතකයේ තියාගන්න..
      බැල මෙහෙවර කොතෙක්කලත් බෑ මට ගුටි නොකා ඉන්න..
      දෙපා වඳින්නම් වැතිරී අප්පච්චී සමාවෙන්න..
      අවසර දෙනවද පුතාට ගෙදරින් පිටවෙලා යන්න..

      අම්මේ හීනෙන් ඇවිදින් මගෙ පැදුරේ නිදාගන්න..
      ආදරයෙන් පුතා කියා හිමිහිට හිස අතගාන්න..
      අප්පච්චී ගැන අම්මේ එපා වෛරයෙන් බලන්න..
      ඒ ඇති දිවිතිබෙන තුරා මේ මගෙ හිත හදාගන්න..


      ගායනය :
      සංගීතය :
      පද :


      බු දු ස ර ණ යි !!!!

      Delete
    12. කිරි කැටියකු සමඟ මෙලොව තනිවුනු පියෙකුගේ ශෝකාලාපය.. මං ආසම සිංදුවක් .

      මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ
      ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ
      ඔබෙන් සිඟිති පුතේ මගෙ පාළුව මැකේ..

      හිතේ තියෙන පාළු ගතියමගහරින්න පුතේ
      සුර කුමරුන් සමගින් ඔබ හි‍නැහෙනවද පුතේ
      අප දෙන්නා අඳුරු ලොවක තනි කර දා පුතේ
      නුඹෙ අම්මා දිවිය ලෝකෙ ගියා පුංචි පුතේ...

      මා හට දී ඔයා - ඈ සු‍රලොව ගියා
      සුර විමනක වැදී - මගෙ රන්කද නිදී
      තවමත් කිරි සුවඳ දැනේඔබේ සිඟිති මුවේ
      ඔබ නැති නම් මම දැනටත් මැරී ඇතැයි සිතේ..

      පුතු‍ගෙ උපත ම‍වගෙ විපත එක දිනයෙම උනේ
      කොහොම ද මම සිහිකරන්නෙ පුතුගෙ උපන් දිනේ
      මා හට දී ඔයා… ඈ සු‍රලොව ගියා

      ලොකු උනාම අම්මා ගැන අහන්නෙපා පුතේ
      එතකොට මගේ දෙනෙත් වලට කඳුළු පිරෙයි පුතේ
      සුර විමනක වැදී… මගෙ රන් කඳ නිදී.…

      ගායනය - කේ. සේන

      Delete
    13. අද තේමාව මව් පිය සෙනෙහස...
      දැන් අපි කෙටි විරාමයකට යොමුවෙමු අපගේ අනුග්‍රාහක භවතුන්ගේ වෙළඳ දැන්වීමකට...

      Delete
    14. රන්මැලිසෑය විය දිවි අඹරට නැගුණ
      සුදොවුන් පියා විය සක්විති මග තනන
      සමනළ පවුව විය දුක සැප සම දරණ
      පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන

      අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ
      සිවුමහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
      හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ
      බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ.....

      බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා
      පැල ඉනි වැටෙත් ගණපති රූපය ඇඳලා
      තුසිතෙක ඉසුරු පැලවට සිවුකොණ තබලා
      ලොවුතුරු සුව විඳි අප රජවනු දැකලා ......

      ගී පද :- පුජ්‍ය කිරඹ සුමංගල හිමි
      ගී තනු : - මනෝරි උග්ගලගේ
      ගායනය :- සුනිල් එදිරිසිංහ
      https://www.youtube.com/watch?v=FCWWhZchLJE

      Delete
    15. @Visitor V
      දැන් අපි කෙටි විරාමයකට යොමුවෙමු අපගේ අනුග්‍රාහක භවතුන්ගේ වෙළඳ දැන්වීමකට..
      අාඩම්බර ඡාතියක අභිමානවත් පානය ගන්න අපේ දේ..
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතිය-
      @විදානේ
      වනචර ඌරාත් හොදයි
      සින්දු අැනෝ.පත්තර මලයන්ඩි.
      ආඩම්බරයි පුතේ..සිගරට් 5ක් අරන් වරේන්.

      Delete
    16. ස්තුතියි සින්දු ඇනෝ... උඹ මේකේ පදටික එව්වවේ නැත්තම් මේ පොස්ට් එක නොලියවෙන්න තිබ්බා ...

      Delete
    17. ස්තුතියි සිංදු, පත්තරේ , ඉන්දික, විසිටර් ,විදානේ & මෙන්ඩා

      Delete
    18. ගෙඩි සියයක් බිම හෙළුවත්
      අපප්චිට එක ගෙඩියයි...//
      අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුණලයි හන්දියේ..
      පුංචි ලිදේ වතුරට නාඩන්න නංගියේ..//

      ගස් සොලවා හමා ඇදෙන
      සුළඟ තවත් මුරණ්ඩු වෙයි
      හයියෙන් නම් හුස්ම ගන්න එපා නංගියේ
      අප්පච්චී තුරු මුදුනේ හිඳින වංගියේ...

      ගෙඩි සියයක්...//

      පියෙන් පියට ඉහළට යන
      හැටි බලන්න බය හිතුනොත්
      පුංචි දෑස තදින් පියාගන්න නංගියේ..
      මමත් එහෙම කලා මගේ පුංචි සංදියේ...

      ගෙඩි සියයක්...//

      ගායනය : නන්දා මාලිනී
      පද රචනය : සමන් ප්‍රියදර්ශන
      සංගීතය : ආනන්ද ගමගේ

      පද වැල ගත්තෙ

      http://geepadura.blogspot.com/2014/07/gedi-siyayak-nanda-malani.html

      Delete
    19. දණ ගාද්දී ඇවිදින්නට මට අත දුන්න
      ගුරු හරු කම් හොඳ නොහොඳ ත් කියලා දුන්න
      මහළු ව බැරි වුනාම ඔබ හට ඇවිදින්න
      අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න......//

      ලෙඩක් දුකක් හැදුනාමත් ළඟම දැවටෙන
      උකුල් තලේ උරේ තබා නටා නළවන...
      සුරංගනා කතා කියා කතා පවසන
      අතත් හිසත් මොටද මගේ ඔබට නොවඳින......

      වැල් ඇඳ උඩ වාඩි වෙලා රැවුල පැහෙන දා
      මම තරුණෙකි කවදා හෝ එය ඉටුවෙන දා...
      දෙපා නැමඳ බුලත් අතින් තෑගී ගෙනෙන දා
      ඔබේ ඇසට කඳුළු නැගෙයි එදා නොවරදා.....


      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව හා සංගීතය: පුණ්‍යසිරි මහවත්ත
      ගායනය: සිසිර කුමාර ප්‍රනාන්දු

      Delete
    20. අඩේ කැලෑ පූෂ මම සිංදු ඇනෝට කියල මේ සිංදුව ඉල්ලගන්න හැදුවෙ. මේ සිංදුවට ලැයික්.
      - ස්තූතියි-
      ආදරය සමග හැලිබොරේජ් -

      Delete
    21. අව්වේ මුතු කැට වපුරා
      ඒ මුතු පණමට හරවා
      අපේ කුසේ ගිණි නිවලා
      නුඹ කුස ගින්නේ
      ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චි
      නුඹ කුස ගින්නේ අපේ අප්පච්චි

      අපා දෙපා සිව්පාවුන්
      ගෙන එන වින වලකන්නට
      සනසා නුඹ අප වටකර දඬු වැට වෙද්දී
      මහා කැළේට ඇස් මානා අපේ අප්පච්චී

      ජීවිතයේ බඹර වෙලින්
      පැණි හොයලා රූටන්නේ
      හිත හයියට කල වැල් පොට වර පොට වෙච්චී
      විරිය පාරමිත පුරන අපෙ අප්පච්චී

      ගායනය ක්‍රිෂාන්ත එරන්දක

      පද වැල ගත්තෙ
      http://umanda.wordpress.com/2011/04/28/%E0%B6%89%E0%B6%AF-%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A-%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%A0%E0%B7%8A/

      Delete
    22. ටෙලිපති, මෙන්න අනික
      - ස්තූතියි -
      සන්තෝසෙට සංස්ථා ගල්

      Delete
    23. ජැන්ඩි පහට නොඇන්දාට
      ගෙදර චන්ඩි කම් කලාට
      මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ
      මල් පැණි ඩිංගක් තොල ගෑවට
      කඩ මණ්ඩියෙ ඇල වුනාට
      මගේ ලෝකෙ රජ්ජුරුවෝ නුඹයි තාත්තේ……

      පාන්දරින් පිට වුනාම හැන්දෑවට නුඹ නාවම
      මොකද මන්ද මේ හැටි හරියට දුක එනවා
      අතින් කටින් බඩු අරගෙන ගෙයි පඩියට ගොඩ වෙනකොට
      මගේ හිතේ සින්නක්කර මල් පූදිනවා ……

      හරි සතුටියි මට නුඹ ගැන මගෙ අතපය දැඩි කරගෙන
      ඒත් මදිද හීනෙන් මං ගැන දොඩවන්නේ
      තාමත් සලකන්න බැරුව නුඹ් දුක් විඳිනව බල බල
      කඳුලුත් නෑ මැරෙන්නමයි මට හිත් දෙන්නේ ……

      ගායනය - චාමර රණවක

      Delete
    24. දිවියම වාගේ දියකර ප්‍රාණේ..
      දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි..
      මේ මනු ලෝකේ සුරිදුනි මාගේ..
      දෙවියොත් මගෙ ආදර තාත්තයි..

      පපු ගැබිනා දරු පෙමිනා
      උතුරණ තාත්තා..
      බිම වැටිලා වදිනෙමි මා
      මගෙ බුදු තාත්තා...//

      දිව රෑ දෙකේ වෙලිලා දුකේ
      සැනසීම දන් දී ඔබේ..
      දරුවන් නිසා විදිනා සොවේ..
      දෙවියන් ද පුදුමෙන් සැලේ..
      මේ සංසාරේ පිං වැස්සාවේ
      වදිමී සැමදා රජුනේ...

      පපු ගැබිනා දරු පෙමිනා
      උතුරණ තාත්තා..
      බිම වැටිලා වදිනෙමි මා
      මගෙ බුදු තාත්තා...//

      සිතුසේ නොබී සිතුසේ නොකා
      දරුවන්ට දුන්නා සුවේ..
      බෝසත් ගුණේ පුරනා නිසා..
      නිවනින්ම සැනසුම් ලැබේ..
      මේ සංසාරේ පිං වැස්සාවේ
      වදිමී සැමදා රජුනේ...

      දිවියම වාගේ...//

      ගායනය : චාමර වීරසිංහ
      පද රචනය : ශෙහාන් ගලහිටියාව
      සංගීතය : ප්‍රියන්ත නාවලගේ

      Delete
    25. නිල් අහස පුරා උණුසුම සදලා  
      සැමදා මගේ තාත්තා 
      සෙනෙහස වපුරා මහමෙර උතුරා සැමදා
      මගේ තාත්තා 

      සිහිනයේ සැබෑව මට පහදා 
      සෙවනැල්ලෙත් නුඹ මා ළඟ උන්නා 
      නිදි නැති කප්තුර බොහො සේ ගෙව්නා 
      ඔබ හින්දා මං ලෝකය දිනුවා 

      සිනහව කැන්දා  කඳුළැල් සඟවා 
      නුඹ උන්නා මගේ තාත්තා 
      දෙවිවරු පරදා නුඹ මට සැනසුම සැදුවා
      මගේ තාත්තා 

      නෙතු වෙහෙසා බලමින් උන්නා 
      මා දිනු ලෝකය දෝතට රන්දා 
      දෙපා මුලින් තවත් නුඹ හිඳුවා
      ආයෙත් නොයෙන්න නුඹේ නෙතු වැසුනා

       කොහෙදෝ නුඹ ඈතක ඇදුනා
       සැනසී හිඳින්න මා දැන් දිනුවා ……

      ගායනය - රොමේෂ් /ලක්ෂාන්

      Delete
    26. යකෝ පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී කියන්නේ බොරුනේ ...

      Delete
    27. පිණි වැටී මල් පිපෙනා මහ පොළොවේ
      අත් අල්ලාගෙන ඇවිදින්නට සංසාරේ
      බලා ඉන්නවා තව දවසක් එනතුරා
      පියාණනි මං ඔබේ ආදර දෝණි

      සීතල පින්නක සඳ එළියෙන් නාවා
      මල් පෙති රැඳිලා මල් කුමරියවීලා
      සඳ ළඟ තරුවක්වී දිලිහෙන්නම් මා
      ඔබ තුරුලේ තරු එලියක්වීලා

      සුවඳ හමයි සුදු මල් පිපිලා
      කඳුලු සලා පොළොවේ තනිවීලා

      ගායනය - අශාන්ති

      Delete
    28. සුදු මල් පොකුරක් අතින් දරා මා
      ඔබේ සොහොන ලග තනි වී
      රහසේ සැලෙනා කදුලැලි තවරා
      සිහි කරනෙමි මගෙ පියාණනි...//

      බාල වියේ ඔබ තුරැලේ
      නැලවී සෙනෙහස ඔරැවේ
      සිතුවිලි අතරේ මා තනි කෙරැවේ
      නැවත නොයෙන්නට ගිය ගමනේ...//

      සුදු මල් පොකුරක්.......

      කැඩපත හමුවේ ඉදිමි
      නිරතුරැ ඔබෙ රැව දකිමි
      කලා ලොවේ දොර අභියස සිටිමින්
      ඔබ සිටියා නම් සතුට දැනේ...//

      සුදු මල් පොකුරක්......

      ගායනය - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

      Delete
    29. ඇරැ ඉන්දික අයියන්ඩි ඇරසෝලෝ..
      බලපන් ඉවාන් උඔගේ පෝස්ටුවට දෙන වටිනාකම..
      දාගන්න තව ෂෝට් එකක්.

      Delete

    30. පමා නොවී සමාව දී
      බලා කියාගත් හැම සේරමත් පිදූ
      ජීවිතයේ බැරි අමාරුකම්
      කොයි කාටවත් නොපෙන් වූ
      තාත්තේ මම ඔබගේ එකම පුතු
      තාත්තේ මම ඔබ ගේ පොඩිම පුතු .

      ගායනය - සුරේන්ද්‍ර පෙරේරා
      පද -කැලුම් ශී‍්‍රමාල්
      සංගීතය - සරත් ද අල්විස්

      (ලස්සන සින්දුවක් .මට දැන් වචන ලියන්න වෙලා මදි .අහලා බලන්න )
      https://www.youtube.com/watch?v=tBSZ9lmgFlM

      Delete
    31. අපේ තාත්තා තණතිල්ලේ රෝල අදිනවා
      කඩුළු දෙක අතරෙ කහවණු දෝරෙ ගලනවා
      නැති බැරි කම හොඳින් ඔතා කඩදහි පන්දුවක් හදා
      අපි ඉඳගෙන පොල් පිත්තෙන් එයට තලනවා
      ඒ පන්දුව ගෙයි දොරකඩ තාම වැටෙනවා ……

      තාත්ත හැදු තණතිල්ලේ පන්දුව දඟ කැවී ඇවිත්
      සුපිරි පිතිකරුගෙ කඩුල්ල බිඳිලා යනවා
      හැමදාමත් නොදැවි ඉන්න මාන් බලනවා
      කුස ගින්දර මැද අපි හැමදාම තැවෙනවා…

      කහට උගුරකින් තොලකට තෙමාගෙන අපේ තාත්ත
      කුසරැලි දඟ කැවෙන් අයුරු බලා හිඳිනවා
      ඔල්වරසන් හඬ මැද මධු සාද මැවෙනවා
      දුනුවත් පැරදුනත් අනේ සල්ලි ලැබෙනවා…

      ගායනය . අසංග ප්‍රියමන්ත

      Delete
    32. පියානනේ ඔබ මෙතේ බුදුන් ලෙස
      මතු බුදු වන දවසේ
      සුජාතාව මා වේවා.…

      පියානනේ ඔබ මතු බුදු වන දා
      පළමුව දානය පිලිගන්වමි මා
      කසාවතින් හොල ඔබෙ සෙවනැල්ලේ
      ආලෝකය වේවා …

      බෝ මුළ විදු රශ්මියෙ වැඩ හිඳගෙන
      දෙසන දහම අසනා උවැසිය වී
      අඳුරු කතර මැද පහන් ටැඹක් වී
      ආලෝකය වේවා ………

      - මාලනී බුළත්සිංහල -

      Delete
    33. සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
      දහඩිය හෙලා මහ සාගරේ වගේ
      ඔවදන් දෙවා අගන මුතු මැණික් වගේ
      ඇති දැඩි කල අප සමනල පැටවු වගේ . .

      ආ . . ආ . . ආ . . ආ . .

      අක්කන්ඩියේ . . පොඩි කාලේ . . පොඩි කමට .. . //
      කල වරදකට වත් තැලුවේ නැත අපට . .. //
      සෙනෙහස තිබුනි උතුරා මහ මෙර උසට . . .
      පියෙකුගෙ කඳුලු මුතු ඇට වුනු දරු පෙමට . .

      ආ . . ආ . . ආ . . ආ . .

      පියවරු සිටින දරුවන් හට තනි නැතුවා
      මවුවරු සිටින දරුවන් හට තනි නැතුවා
      මවුපිය වරුන් ඉර හඳ මෙන් ලඟ හිඳුවා
      දරුවන් පාන හසරැලි අප හට නැතුවා

      සෙනෙහස පුදා . . .

      පද වැල ගත්තෙ
      http://dukaa.blogspot.com/2009/10/blog-post_4101.html

      Delete
    34. පිය ගුණ ගීත මේතරම් ප්‍රමාණයක් එක තැන තියෙනවා දැක්කමයි , මාරයි සිංහයා , පත්තරේ , සිංදු ඇනෝ ,තිසර , මාතලන් සහ විසිටර්

      Delete
    35. පුංචි දවස් වල නින්දට යද්දී
      පීතුපදම් නමා මහං කියලා
      වැන්ද දෙපා යලි අදත් වදින්නම්
      මංගල ගමනට යන්න අවසරයි පියාණෙනි ......

      මල් බෝනික්කන් පුසී පැටව් ටික
      පාට ගුවුම් පොඩි අද තනි වෙනවා 
      පියාණෙනි ඔබේ අසිරි විද විද
      ඉරණම ගමනක් යන්නට යනවා ……

      පියාණෙනි ඔබේ පුංචි කුමාරිය
      පුංචි මනාලිය මේ යන ගමනේ
      එපා හඩන්නට පුංචි මුනුබුරෙක්
      කැන්දන් එන්නම් මා හෙට දවසේ ......

      - සුජාතා අත්තනායක -

      Delete
    36. රුක් අත්තන මල මුදුනේ
      ඹමරු නටන හැන්දෑවේ
      සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
      පුතුනි බලන් යොමා නුවන්
      කවුරුද එන්නේ...

      මුතු පිණි දැල් සැලෙන ඔබේ
      උදා දිමුතු හිරු එලියේ..
      පුතුසවනට රහස් කියා - පියමන් කරලා
      අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ

      රුක් අත්තන මල මුදුනේ...//

      පතොක් වැටිය උඩින් වැදී
      දිවයුරු මිය යන මොහොතේ
      පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ..
      පුතුනි බලන් යොමා නුවන් කවුරුද ‍එන්නේ..

      රුක් අත්තන මල මුදුනේ...//

      ගායනය: විශාරද නන්දා මාලිනී
      පද රචනය: මහින්ද අල්ගම
      සංගීතය: නන්දා මාලිනී

      පද වැල ගත්තෙ
      http://geepadura.blogspot.com/2010/12/blog-post_475.html

      Delete
    37. පිය ගුනෙන් පිය සෙනෙහසින්
      මේ මිනිස් මුර සෑදුනා
      ළය උණුසුමින් පිය වදනකින්
      මේ මහ පොළව නිවුනා ………

      දූ පුතුන් සිහසුන තබා
      එකත් පස් වී හිඳ බලා
      සියල් දුක් ගිනි උහුලනා ඔබ
      මිනිස් දෙවොලයි අපේ අප්පච්චී

      පෑ මෙතින් දරුවන් හදා
      තමන් දිවි උන් වෙත පුදා
      නෙතින් කඳුලක් නොහෙලනා ඔබ
      සද නිවනයි අපේ අප්පච්චී ……

      මහා මෙත් ගඟ ඔබයි අපෙ අප්පච්චී ……


      - සහේලි ගමගේ -

      Delete

    38. මන්නාරම් බස් එක නැ තාමත් ආවෙ
      පිරිත් කියා නතරවුනා රජරට සෙවේ
      අප්පච්චි ඇයි තව නාවෙ
      මෙ මැදියම් යාමෙ

      කරුණාරත්න දිවුල්ගනේ

      Delete
    39. හපොයි මාධ්‍යවේදියෝ වත් දන්නේ නැතුව ඇති මෙච්චර ගීත තියෙනවා කියලා

      Delete
    40. //යකෝ පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී කියන්නේ බොරුනේ//

      එකනේ බං.මෙච්චර පිය ගුණ ගීත තිබිලත් හැමදාම කියන්නේ මදීයි කියලා නේ .:D

      Delete
    41. This comment has been removed by the author.

      Delete
    42. සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි
      සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ..
      මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
      දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
      පියාණනේ.. පියාණනේ..
      පියාණනේ.. පියාණනේ..

      ආශිර්වාද ඇසේ ලොවෙන් නින්දා වරුසාවන් අතරේ
      මට දැනුදු දැනේ.. ඔබේ අගේ දිවා ‍රැයේ
      නින්දා අභියස මහමෙර වන් පියාණනේ..

      මල් මාලා ගෙලට ඇතී අවමන් වරුසාවන් අතරින්
      මට දැනුදු ඇසේ.. ඔබේ අගේ දිවා ‍රැයේ
      අවමන් අභියස නොසැලී හුන් ඔබේ සෙනේ..

      සුමුදු කුමුදක් පිපී පුරුදු සුවඳක් ගෙනෙයි
      සොලොස් කලා පිරි සඳක් සිනාසෙන මේ රාත්‍රි යාමයේ..
      මං බාලේ උර තලයේ රන්දා අනන්ත ආදරයෙන්
      දුන්න ඔවා මට තාම ඇසේ රහසේ
      පියාණනේ.. පියාණනේ..
      පියාණනේ.. පියාණනේ..

      ගායනය: ගුණදාස කපුගේ

      Delete
  9. මමත් මේ සිංදුව අදම තමයි ඇහෙව්වෙ..ඇත්තටම හිතට වදින සිංදුවක්..අමරදේවයන්ගේ කටහඩ හැමදාමත් තරුණයි..ඒ ජවය පුදුමාකාරයි..

    ReplyDelete
    Replies
    1. උමේෂ් කාලෙකින් , මොකෝ පේන්න නැත්තේ දැන්, ස්තුතිය් මේ පැත්තට ගොඩ වැදුනට . අමරදේව - සදාකාලික තාරුණ්‍යය

      Delete
  10. සැහ්..අදනෙ බං මේ සින්දුව ඇහුවෙ..
    බොටයි සින්දු ඇනෝටයි දෙන්නටම ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා , තව සින්දු කොච්චර ඇත්ද මෙහෙම

      Delete
  11. hmmm......
    http://www.youtube.com/watch?v=I7SH9eP7Q_o

    ReplyDelete
    Replies
    1. අප්පා කෙන්ජයියගේ ටේස්ට් එක , මාර රසිකයෙක්නේ ඔයා

      Delete
  12. /* ඉර උඩ ඉඳගෙන */

    පිච්චිලා අළුවෙලා යයි නේද?

    ඉර උඩ නොවෙයි පිළ උඩ!

    ReplyDelete
    Replies
    1. හෙක් හොඳ වෙලාවට කිව්වේ තව ටිකෙන් පස්ස පිච්චෙනවා ...
      ස්තුතියි කකා ඔන්න හැදුවා

      Delete
  13. ඇඟේ හිඉගඩු පිපුනා ඒ තරම් පපුවට දැනුනා...ඉවාන් අයියටත් සින්දු ඇනෝ ටත් ගොඩක් ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සින්දුවට ත් වඩා අමරදේවයන්ගේ කතාව හිතට සාහෙන්න් වැදෙනවා නේද ? ස්තුතියි දිලිනි

      Delete
  14. ඔබට බොහොම ස්තුතියි ඉවාන් මේ ගීතය හඳුන්වාදීම ගැන. මේ ගීතය මා තුළ දැඩි කම්පනයක් ඇතිකළා ඇස්දෙක පියාගෙන ගීතය ශ්‍රවනය කිරීමෙන්.

    අමරදේව ශූරීන් තරම් නවීනත්වයට අනුගතව තම සම්ප්‍රදාය පවත්වාගන්න ගායකයකු තවත් නැතිතරම්.

    සන්නිවේදනය තිබිලත් මට මගේ මවගේ අවමගුල දැනුම්දුන්නේ නැහැ, එවකට මා ඉන්දියාවේ ලබමින් සිටි වැඩිදුර පුහුණුව අතහැර එයි කියලා. අමරදේවගේ හීනය වගේම හීනයක් මමත් දැක්කා. කවදාවත් නැතුව අපේ අම්මා, තනි කොලපාට සාරියක් ඇඳන් ඇවිත්, මා එක්ක අපේ ගෙදර ළඟ කතාකරමින් ඉඳලා, එක පාරම පාරේ ගිය බස් එකක ෆුට්බෝඩ් එකේ එල්ලිලා ගියා, අම්මේ වැටෙයි කියලා මම කෑගහද්දී.

    ReplyDelete
    Replies
    1. මට මතක් උණේ මෙන්න මේ වචන ටික විචාරකතුමා...

      ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
      ලතැවුල් දරනා දිරිය ලබා දුනි
      ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
      මා සිපගන්නට ඔබ මා ලඟ නැත …

      Delete
    2. ඇයි පත්තරේ අමතක වුණාද...

      අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී
      එ ඉර හදෙන් නුබේ ලෝකය එලිය වුනී
      රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී
      පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී

      සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
      කුසයේ නොදැරුවත් දිවි පර මට දැනුනේ
      මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ
      පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නූනේ

      මවකට මුවා වී නුබ වෙත දිරි දුන්නේ
      මම වෙමි පුතුනි එය මා පමනයි දන්නේ
      පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ
      අම්මාවරුන් පමනද මතු බුදුවන්නේ

      පද රචනය - මාලනී ජයරත්න
      සංගීතය - රෝහන වීරසිංහ
      ගායනය - ටී ඇම් ජයරත්න

      Delete
    3. මහේෂ් එල ද බ්‍රා
      බ්‍රැන්ඩ් එක ගල්
      -ස්තුතය-

      Delete
    4. @ විචාරක - බලාගෙන ගියාම මේ හා සමාන අත්දැකීම් කාටත් තියෙනවා . ඒවා හරිම අනුවේදනීයයි , විචාරකගේ කතාව ඇහුණාම මට ආපහු මේ සින්දුව මුලින්ම අහපු වෙලාවේ දැනුනු සංවේදී බවම දැනුනා . ඒ හීනයේ අත්දැකීම හරිම සංවේදියි විචාරක

      Delete
    5. මහේෂ් . මෙන්ඩා …… එකෙන්ම !!!!!

      Delete
  15. සින්දු ඇනෝ..... නිකන්ම ඉදල ජනප්‍රිය වෙලා නේද.....? මං හිතුවේ..... මුලින්... ඔය දුරු රටක සිටින විට දුක ගැන ලියන්නයි හදන්නේ කියල, ඊට පස්සේ සන්නිවේදනය තාක්ෂනය ගැන කතා කරලා..... ගේය පද රචනා වලින් විචාරය කරලා. අමරදේවයන්ගෙන් අවසන් කලා....හොදයි.... ඉවාන් post එකක ආකාර තුනක විචාරයක්...... එකවර.

    ReplyDelete
    Replies
    1. @නිහිංසා
      සින්දු ඇනෝ සහ පත්තර මලයන්ඩි කියන්නේ හැකියාවන් තියන ඡොලි පොරවල් දෙකක්. දෙන්නගෙම බ්‍රැන්ඩ් එක ගල්.

      Delete
    2. සින්දු ඇනෝ සෑහෙන්න මහන්සි වෙනවා නිහිංසා , මොකද ඔහොම සින්දු මතක තියාගන්නත් ගැලපෙන තැනදී මතක් කරගන්නත් ලේසි නෑ . ස්තුතියි නිහිංසා මුළු පොස්ට් එකම වෙන වෙනම කියවා තේරුම් ගැනීම ගැන . මේ ගීතයත් එක්ක මට දැනුනු දේ තමයි ඒ .

      Delete
    3. මෙන්ඩියා
      එල ද බ්‍රා :D

      Delete
  16. ඉවාන් මේ කොමෙන්ටු ටිකත් කියවලයි මගේ එක දාන්නේ. පපුව නිකන් කිරි ගැහිලා ගිය මේ පෝස්ට් එකට. සින්දුව ඉවර වෙනකම් අහන්න බැරි ගතියකුයි දැනුනේ. නමුත් කොමෙන්ටු කියවන කොට මට වගේම තවත් අයටත් එම්ක මෙහමමයි කියන අදහස තුල දුක බෙදා ගැන්මේ කිසියම් සහනයක් තිබෙනවා. මටත් එන්න පුලුවන් කමක් තිබ්බේ නැහැ අසනීප වුන පියා බලන්න. නොයෙකුත් ප්‍රශ්න මත. අනික මම හිතන් හිටිය ඔහු සනීප වෙයි කියල. මම විතරයි වියදම් කරන්න හිටියේ. එක්තරා පෞද්ගලික රෝහලක වයිද්යවරයෙක් චැනල් කරලා ඔහුගේ රජයේ රෝහලේ දාල තිබෙද්දී ඔහු කල වරදකින් (එසේ kiyanava ) මගේ පිය මිය ගිය. මම ආවේ මළගමට විතරයි. තවමත් මම ඒ දුක විඳිනවා. ඇත්තටම ඇහැට කඳුළු උනන ගීයක් . හඳුන්වා දුන්නට ස්තුතියි. ඒ වගේම ගිය ලියපු සංගීතඥ මහතාටත් අමරදෙවයන්ටත්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම මේ මම බලාපොරොත්තු නොවුණු කමෙට් පෙළක් අජිත් , මීට කලින් තිබෙන විචාරකගේ ක්මෙන්ටුවත් මෙවැනිම අනුවේදනීය බවක් ඇති කළා මගේ හිතේ . අපි හැමෝගෙම ජීවිත කතා වල නොයෙක් විදිහේ නොකියවුණු කතාන්දර හැංගිලා තියෙනවා . ස්තුත්යි කොළඹ ගමයා

      Delete
    2. අඡිත්.. තාත්තාලා කවදාවත් දරැවෝ එක්ක තරහා වෙන්නේ නෑ. මටත් මගේ තාත්තා මැරෙන වේලාවේ ලග ඉන්න බැරිවුනා ඒත් මම හිතා ගත්තා එයාගේ පුතා කියලා ආඩම්බර වෙන්න පුලුවන් විදිහට පොඩි මෙන්ඩාට හොද තාත්තා කෙනෙක් වෙනවා කියලා.

      Delete
    3. එක ඇත්ත සංජීව. අපි අපේ ළමයිනට හොඳ පියවරු වෙන එක තමා තාත්තා වෙනුවෙන් කරන හොඳම දේ .

      Delete
  17. ඇත්තටම සාර්ථක පිය ගුණ ගීත අපිට තාමත් අඩුයි තමයි. උඹේ ලිපියෙන් මේ කළ හඳුන්වාදීම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකයියා , පියගුණ ගීතවල වෙළඳ වටිනාකම අඩුද කියලා වෙලාවකට හිතෙනවා

      Delete
  18. ලස්සණයි පව්ලූශා...

    //ලෝකය විශ්ව ගම්මානයක් වනවිට පුද්ගලයන් අතර දුරස්ථ බව බොහෝ අඩු වෙනවා .//

    මේ කතාව ඇත්ත. බ්ලොග් ලෝකේ ඉන්න අපිත් මේ වගේ සම්බන්ධ වුණු කොටසක්.

    //කුඩා දරුවෙකු ලෙස වැලි සෙල්ලම් බත් පිසීමට යොදන අතත් එම වැලි සෙල්ලම් බත් මිතුරන් අතර බෙදා දීමට යොදා ගත් පිරිසිදු සිතත් අනාගතයේ වැඩිහිටියෙකු වූ පසුව ජනතාවගේ සේවය සඳහා කැප කරන්න//

    හිතට තදින් වැදුනේ ගී රචකයාගේ මේ ඉල්ලීම. මොනතරම් සුන්දර නිහතමානී මිනිසෙක්ද කියලා තමයි හිතුනේ. අමරදේවයන්ගේ ගීය හැමදාම වගේ රසවත්.

    අන්තිමට තවත් හිතුවිල්ලක් හිතට ආවා. 'මෙයා ඔස්ට්රේලියාව ගැන දන්න ජාති' :P

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි.

      බ්ලොග් හරහා විතරක් නෙවෙයි ෆේස් බුක් , ට්වීටර් සහ තවත් සමාජ ජාල හරහාත් පුද්ගල දුරස්ථ භාවය අඩුවෙමින් ගිහිල්ලා අද වෙනකොට . ඇත්තටම ගීත රචකයාගේ ඉල්ලීම මටත් හොඳින් හිතට කාවැදුණු දෙයක් .

      ඔස්ට්‍රේලියාව ගැනයි ඉන්න අය ගැනයි තව ජාති දන්නවා .. කියන්නම්කො වෙලාවක :P

      Delete
  19. මාස්ටර්ගේ සිංදුවක් නම් ඉතින් ඒකේ ආයේ කියන්න දෙයක් මේ අපි වගේ එවුන්ට තියෙනවද බං.. සද්ද වහලා ඇස් පියාගෙන අහනවා මිසක..

    ReplyDelete
    Replies
    1. ඔව් බං එක ඇත්ත .. ඒ ගැන විචාරය කරන්න දෙයක් අපිට නෑ , අර කිව්වා වගේ ඇස්දෙක වහගෙන අහන්න තමයි තියෙන්නේ

      Delete
  20. ඉවාන්, උඹේ පෝස්ට් එක කියවන්න කලින් අද උදේ මම මේ සිංදුව ඇහුවා. පස්සේ මේක දැක්කහම මට පුදුමත් හිතුණා.

    මෛත්‍රී පනාගොඩ මගේ මිත්‍රයෙකුටත් පිය සෙනෙහස ගැන ගීයක් ලියලා දීලා තියනවා. ඒ මිත්‍රයාගේ තාත්තට ඇල්සයිමර් රෝගය වැළඳිලා, තමන්ගේ පුතාව වත් අඳුන ගන්න බැහැ. මේ ගීතය අහලා බලන්න...

    https://www.youtube.com/watch?v=jHPRqoffBYk

    මහමෙර සේ සිටි පියාණනේ
    බලා සිටින්නේ ඇයි ඔබ මා දෙස
    නන්නාඳුනනා ආගන්තුකයෙකු සේ

    වැටි වැටි ඇවිදින ළදරු වියේ
    ඔබෙ සුළැඟිල්ලයි පිහිට වුණේ
    මගතොට වැරදුන යෞවනයේ
    නුවණැස පෑදූවේ

    වියැලුණු නෙතු අග හිස් බැල්මේ
    මුමුණන වදනත් ගොළුවෙන්නේ
    සසරෙහි ඇවිදින දිගු ගමනේ
    යළි පිය-පුතු වේදෝ

    ගායනය - දුලිප් ජයකොඩි
    පද රචනය - මෛත්‍රී පනාගොඩ
    සංගීතය - ඉන්ද්‍රජිත් මිරිහාන

    ReplyDelete
    Replies
    1. //""උඹේ පෝස්ට් එක කියවන්න කලින් අද උදේ මම මේ සිංදුව ඇහුවා. පස්සේ මේක දැක්කහම මට පුදුමත් හිතුණා""// තිසර දානවද මම දවසක් සින්දුවක් අහ අහ ඉන්නකොට පත්තර මල්ලි කෝල් කරලා කිව්වා , මචං උඹට දෙන්න කියලා සිංදු ඇනෝ සින්දුවක් එව්වා , පොඩ්ඩක් බලපන් කියලා .. බලනකොට එව්වේ මේ සිදුව , ඇත්තම් කියන්න මම ඒ වෙනකොට අහ අහා හිටියෙත් මේ සිංදුව හරිම පුදුමයි . දැන් තිසර මේ කතාව කියනකොට මට ආපහු ඒ සිද්ධිය මතක් වුනා

      මේ සින්දුවනම් මම අදමයි ඇහුවේ ස්තුතියි තිසර

      Delete
  21. ලෙසටම ලියා ඇත.
    එහෙත් වීඩියෝව බැලීමට නොහැකියි. එහි කුමක් ඇතිදැයි නොමදැන මෙයද එක් කරමි.

    සුදු වැලි මතුපිට
    දිය බිඳු ඉස ඉස
    වැලි සෙල්ලම් බත් පිසූ අතින්
    සමව බෙදා දුන් නිමල සිතින්
    ................
    මතු මහ මිනිසෙකු වූ දවසේ//
    රට වැසි දන හට වැඩකල මැන මගෙ
    පුංචි පුතේ මගෙ පුංචි දුවේ
    ................
    එකම පිඟානෙන් බත් කලා
    එක පැදුරේ නිදියා
    එකට සිනාසෙන එකට හඬන ඔබෙ
    පුංචි මිතුරු පිරිසයි
    හෙට සොහොයුරු ජනතා වන්නේ//

    ගායනය- නිරංජලා සරෝජිනී
    පදරචනය- මෛත්‍රී පනාගොඩ
    සංගීතය- ලයනල් අල්ගම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විසිටර් .. මේ ගීතයත් ඉතාම දුලබව ඇහෙන ගීතයක් , කීප සැරයක් අසා තිබුනා , මාතලන් කියනවා වගේ බ්ලොග් වල වටිනාකම මෙයයි දැනටම කීදෙනෙක් නොදන්නා සින්දු කීයක් නම් ඇහුනද

      Delete
  22. පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී...

    කියල ටී එම් කියන්නෙ ඒ හන්ද හින්ද වෙන්න ඇති ඉවාන් අය්යෙ...
    අපූරු ගීතයක්... සෑහෙන කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්...

    වැව් තාවුල්ලේ, සිංදුවයි ටී එම්ගෙ අම්මා සදකි සිංදුවය පස්සෙ මං අහපු පට්ටම සිංදුවක්...
    ස්තූතියි ඉවාන් අය්ය මේක අහන්න සැලැස්සුවට...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි මහේෂ් . ඔය ඔබ කියපු ගීත මමත් බොහෝ සෙයින් රසවිඳින ගීත, ඇත්තටම මෙවන් නිර්මාණ බිහි වනවානම් , සිත් පහන් වේවි

      Delete
  23. සංවේදී ගීතයක් හඳුන්වාදුන්නට ඉවාන්ටත්, පත්තරේටත්, සින්දු ඇනෝටත් පින්.! මව්ගුණ ගී තොග ගානට තිබුනට පියගුණ ගී ඇහෙන්නෙම නැති තරම් නේ. ගීතය ගැන සෑහෙන්න හොයලා බලලත් තියෙනවා වගේ. හොඳ ගුණාත්මක ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පික්සු බක්සි - සින්දුව ගැන හෙව්වා , මොකද මේ විදිහේ දෙයක් ලියනවනම් කරුණු හොයල හරියට ලියන්න ඕන , මොකද මේ වගේ දේවල් පිලිඹද දන්න ,හොයන බොහෝ දෙනක් ඉන්නවා , තැන්කිව් වේවා , සිංදුව ගැන අමරදේව කතා කරන වීඩියෝ ක්ලිප් එකකුත් තියෙනවා , ලින්ක් එක එවන්නම්

      Delete
  24. ඉවාන් මචං.. මම හැමවේලාවකම උත්සහා කරන්නේ හොද තාත්තා කෙනක් වෙන්න.. මගේ පොඩි එක හිතන්නේ උගේ තාත්තා තමයිමේ ලෝකේ සුපර් මැන් ඒයාට කරන්න බැරිදෙයක් නැහැ. එයා කවදාවත් බොරැ කින්නේ නෑ.
    ඉවාන්.. මගේ පොඩ්ඩා ඉපදෙන්න ඉන්නකොට මාස 4දි බබා නැතිවෙලා කියලා වෝෂ් කරන්න Hospital අරන් ගියා ඒ වේලාවේ මම ඡය ශ්‍රි මහා බෝ හාමුුරැවන්ට බාරයක් උනා මගේ පොඩ්ඩව ඉල්ලලා.. විශ්වාස කරන්න ඩෝක්ටර්ස්ලා කිව්වේ 1000000 කට තියන එක අවස්ථාවක් ඒ වාසනාවන්තය මම.
    අදටත් මගේ ඡිවිතේ දුර්වල තැන් දෙකයි මගේ සදු පොඩි මෙන්ඩියා..
    තාත්තා ගැන ලියන ඔිනම දෙයකදි මම සංවෙිදි වෙනවා ඒ මම හොද තාත්තා කෙනක් නිසා.
    රෑකාන්ත අමරදේව සිංදු කියපු එකේ විඩියෝ එකක් තියනවනම් දාන්න.

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩිය මල්ලි කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉල්ලල කන්නලවු කරනව නේද මෙන්ඩො. නරකද ආයෙත් ප්‍රාර්ථනා ගල ගාවට (උඩට ) ගිහින් බාරයක් උනොත්.

      Delete
    2. @කම්මලේ
      මගේ වයිෆා ලේබර් රෑම් එකට අරගත්ත වේලාවේ ඉදලා මම දවස් 1 1/2 ක් ඉස්පරිතාලේ ඉස්සරහා ඉදගෙන හිටියා.
      බබා හම්බවෙන්න මාස 4 දි රස්සාවෙන් අයින්වෙලා පොඩි මෙන්ඩියාට මාස4ක් වෙනකන් එයා ලග හිටියා.
      ඇත්තටම ආයමත් ඒ වගේ දෙයක් විද දරාගන්න අමාරැයි මචං.

      Delete
    3. මෙන්ඩා - උඹ හොඳ තාත්තෙක් විතරක් නෙවෙයි හොඳ මිනිහෙක් , වටින්නේ ඒක . හිත හොඳ මිනිස්සු අවංක මිනිස්සු අඩු කාල් උඹ හොඳ මිනිහෙක් , ඒ ගැන අපිට සතුටුයි .

      Delete
    4. කම්මල මාර උපදෙස් නේ දෙන්නේ ..

      Delete
    5. බොසා …

      ගල් ගහන උංගේ බොක්ක හොඳයි !!! ඕ යේස්…

      Delete
    6. මෙන්ඩා මේක උඹට මගෙන් ...


      එකම නෑයා ඔබයි පුතේ මගෙ
      සසරෙ උපන් කුලේ...
      මා ලද ජීවිතයේ 
      අරුත ඔබෙන් දැනේ...
      අරුත ඔබෙන් දැනේ...

      මිදුලෙ වැලි මත උදේ හවා නැත
      දුම්රියක් එළවයි...
      ගෙදර බිත්තිය පුරා ලියා ඇති
      කුරුටු ගී කදිමයි...
      අණට කීකරු නොවී වරින් වර
      අම්මි ගෙන් ගුටි කයි...
      අඳුර යන්තම් ඇදී එතොත් ඇති
      නිදිමතේ මැළවෙයි...

      අඳින විට වැහි කබාය හැඩ කොට
      වැහි දවස් වලදී...
      පුතු පෙනෙන්නේ කුඩා ම දොස්තර
      කෙනෙකු ලෙසය ඇඳී...
      පණ පුදන්නට වගේ සිනාසෙන 
      මිනිස්සුන් මැද්දේ...
      දිවි ගෙවීමයි පුතේ ලොවේ ඇති 
      ඉතා ම වැදගත් දේ...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සහ සංගීතය : පුණ්‍යසිරි මහවත්ත
      ගායනය : වික්ටර් රත්නායක

      Delete
    7. @ මෙන්ඩො , ඒ ටික මම දැනගෙන හිටියෙ නෑ. උඹ හොද පියෙක් වගේම, ආදරනීය ස්වාමියෙක් වග ගම්පහ ගෙට්ටුව වෙලාවෙදි දැනුන.
      @ ඉවාන්, අපි ඉතින් හැම එකාගෙම දුක සැප බෙදාගෙන ඉන්න උන්නෙ.
      @ P.M , අනිවා අපේ බ්‍රෑන්ඩ් එක ගල්.
      @ සිංදු, ඇරපන් කට පුතේ වැල් මී කෑල්ලක් දාන්න

      Delete
    8. @කම්මලේ
      සිරා ගම්පහ ගෙට්ටුව ගැන ලියපු පොස්ටුවේ ලින්ක් එකක් දාපන් අපේ උන්ට පොඩි මෙන්ඩියා බලන්න. තව කාරනයක් කියන්නම් උඔලා වැරැදියට හිතන්නේ නැත්නම්.
      බබා නැතිවෙන්න ගියාහම ඩෝකාලා කිව්වා sex එපා කියලා බබා හම්බවෙලා මාස 6ක් යනකන් මම ඒක තදින්ම පිලිපැද්දා.
      සදුගේ යට ඇදුම් පවා හේදුවේ මම..එයාව නැව්වා කැව්වා බබෙක් වගේ බලා ගත්තා. පොඩි මෙන්ඩියාට මාස4 ක් යනකන් නැපි ඇන්දුවේ මම කක්කි රෙදි හේදුවා. අදටත් ඌ බුදියන්නේ කකුලක් ඇගට දාගෙන බෙල්ල බදාගෙන. මම කරපු කැප කිරිම් වල සතුට මම අද විදිනවා.
      @පත්තර මලයන්ඩි
      පුරේ මට ඡිවිතය දුන්නා බං.
      බ්‍රැන්ඩ් එක ගල්
      @සින්දු ඇනෝ
      පොඩි මෙන්ඩියා නිදාගන්න සිංදුවක් තියනවා පුලුවන්නම් දියන්.
      පුතුනේ මේ අහගන්න පුතුනේ
      මං පොඩි කාලේ හද මාමා කිව් කථාව මේ අහගන්න පුතුනේ.
      @ඉවාන්
      මගේ ගැනි මට වදින්න හදනකොට මම කියන්නේ ඔයත් මම වගේම කැපකිරිම් කරනවානේ එහනම් මමත් ඔයාට වදින්නම්.
      අපි කවුරැත් මිනිස්සු විතරයි බං..දෙවිවරැ යක්ෂයෝ අපිමයි.

      Delete
    9. මෙන්න්නෝ .....

      පුතුනේ මේ අහගන්න පුතුනේ
      පුතුනේ මේ අහගන්න//
      මං පොඩි කාලේ හඳ මාමා කිව්
      කතාව මේ අහගන්න පුතුනේ
      පුතුනේ මේ අහගන්න පුතුනේ
      පුතුනේ මේ අහගන්න//
      පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා
      ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා
      හිටි හැටියෙම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා
      ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා
      ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා
      අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනෙ දෙයියනෙ කියලා
      චුටි කුරුල්ලා ඉඹලා - මහා හයියෙන් විලාප දුන්නා
      කොයි කාගෙත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
      සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා
      හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා
      පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා
      ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ
      පුතුනේ මේ අහගන්න පුතුනේ
      පුතුනේ මේ අහගන්න//
      .
      ගායනය :- සුජාතා අත්තනායක
      http://youtu.be/gXzvva57gXU

      Delete
    10. @සිංදු ඇනෝ
      එල ද බ්‍රා.
      දවසක ගහමු සෙට් වෙලා පක්කං පදිරි සන්නහ සන්නද්ධ වෙන්න.
      බ්‍රැන්ඩ් එක ගල්.

      Delete
    11. ඩොල්කි බොංගො ඩ්‍රම්ස් ඔක්ටපෑඩ් දවුල් තම්මැට්ටං ගැටබෙර උඩැක්කි ගහල දෙමු බොසා පැණි බේරෙන්ඩ …
      බ්‍රැන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    12. දැන් වඩේ පහ මදිවෙයි, පත්තරේ කොරලි වැල් 5ක් බදිමු.

      Delete
    13. --පත්තර මල්ලි මාමගෙනුත් පොඩි මෙන්ඩාට --

      ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ
      රන්සළුපිළි වළලු කොයින්දෝ
      දොයි දොයි පුත ලපටි බිළින්දෝ
      රන් කඳ රැකදේවි සුරින්දෝ

      රුසිරින් සරු මල් පල පරදා
      නුවණින් ඝන පති ලෙස සැමදා
      තෙරුවන් වැඳ දෙවියන් පුදනා
      මිනිසුන් මැද මිනිසෙකු වේවා…

      හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වඳී !!!

      සලකණු පර පණ තම පණ සේ  
      හොර බොරු නොකරනු කිසි දවසේ  
      ඉපදුණ රට දැය සහ සමයයි
      රැක මල පසුවද නම නොමැරෙයි …

      Delete
    14. මෙන්ඩා.. කියන්න දෙයක් නෑ.. හොද තාත්තෙක් උනාම එහෙම තමයි.. දවසක එකතුවෙමු කථාකරමු හැමදේම..
      ජය !!!

      Delete
    15. Link දාන්ඩ දන්නෙ නෑ මෙන්ඩො, ඊයක් විදින්නම්.

      Delete
  25. එතුමාට දීර්ඝායුෂ ලැබේවා..

    තාත්තාගෙ අගේ දැනෙන්න පුතෙක් තාත්තා කෙනෙක් වෙලා ටිකක් පරිණත වෙන්න ඕනෙ.. තාත්තා කෙනෙක්ගෙ අගේ දැනෙන්න දුවකට තාත්තා නැති වෙන්න ඕනෙ.. තාත්තා හරියට අපි ආශ්වාස කරන වායුව වගේ.. පෙනෙන්නෙ නෑ හැබැයි දරුවන්ගෙ ලඟින් හැමදාම ඉන්නවා. අම්මාගෙ ආදරේ උල්පත ගලනවා වගේ පෙනෙනවා ඇහෙනවා දැනෙනවා. දරුවන් අම්මා ලඟට කිට්‍ටුවී තමාගෙන් දුරස්වෙලා ඉන්න හැටි තාත්තා උපේක්ෂාවෙන් දකිනවා. ඊට පරපුරකට කලින් තමාත් ඒ විදිහටම හිටි හැටි තාත්තාට සිහි වෙනවා. මුහුණට මද සිනාවක් ආවත් හදවතට සියුම් වේදනාවකුත් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ///""තාත්තා හරියට අපි ආශ්වාස කරන වායුව වගේ..""// මම හිතන්නේ මෙච්චර කාලෙකට තාත්තා ගැන මං පු හොඳම නිර්වචනය වෙන්න ඕන මේක . සරත් අයියගේ කතාවට 200% එකඟයි , මට වෙන කියන්න දෙයක් නෑ ඒ කතාව ගැන

      Delete
  26. අතීශය සංවේදී අත්දැකීම් ඇති අයගේ පන්හිඳෙන් තමයි අති සංවේදී නිර්මාණ බිහිවෙන්නේ. මෑතකදී හදවත්ට දැනුන ගීතයක් “ගිමන් නිවන දියඹ දිගේ...“

    ReplyDelete
    Replies
    1. //"අතීශය සංවේදී අත්දැකීම් ඇති අයගේ පන්හිඳෙන් තමයි අති සංවේදී නිර්මාණ බිහිවෙන්නේ"// සහතික ඇත්ත කතාව , එක තමයි තරු අරණේ අතිශය සාර්ථක නිර්මාණ බිහිවන්නේ . ස්තුතියි තරු අක්කේ .

      Delete
  27. අඩේ සිරාවටම අදමයි මේ සිංදුව ඇහුවෙ!!

    තාත්තා කෙනෙක්ගෙ අගේ තේරෙන්නෙ තාත්තා කෙනෙක් උනාමයි කියන කතාව සම්පූර්ණම ඇත්ත බං!

    ඉවාන්ටයි සිංදු ඇනොටයි දෙන්නටම ස්තූතියි!!

    ReplyDelete
    Replies
    1. ඔව් බං උඹ කියන කතාව සහතික ඇත්ත. හැබැයි තාත්තා අපි ළඟ ඉන්නකම් අපිට එක දැනෙනවා අඩුයි , ස්තුතියි ප්‍රියා

      Delete
  28. පොස්ට් එකයි කොමෙන්ට් ටිකයි කියවගෙන එද්දි මතකෙන් ඉතිරි උනේ අමරදේව මාස්ටර් සහ මගෙ තාත්ත. අපි සන්ෆලවර් සිංදු අහද්දි තාත්තගෙ ප්‍රියතම ගායකය උනේ අමරදේව මාස්ටර්.
    මම A/L කරද්දි මගෙ තාත්ත නැතිවෙලා කියල මට පුදුම විදිහට දැනුන. මම ගෙදර එද්දි අම්ම තාත්තව බලන්න ගිහින්. කෑම එක කන්න බෑ හිර උනා, ගෙදර හිටපු බලල දීපු කෑම එකවත් කෑවෙ නෑ, කෑරලෙක් බෙල්ල මිරිකල වගේ විලාප තියනව.
    මම හිත ගල් කරගත්ත, ටිකකින් මම අදුනන්නෙ නැති ලොකුතාත්තගෙ යාලුවෙක් ඇවිත්, මේ අසුභ ආරංචිය මට කියා ගන්න බැරිව වද වෙනව. මම අන්තිමට බැරිම තැන කිවුව මම දන්නව තාත්ත නැතිවෙලා කියල, මම ඒක නැන්දට කියන්ඩද කියල?
    මට තාමත් පුදුමයි මට ඒක දැනුනෙ කොහොමද කියල.

    ReplyDelete
    Replies
    1. මචං...ඉවාන්ගේ පෝස්ට් එක තරමට උඔගේ කොමෙන්ටුව දැනුනා.

      Delete
    2. උඹගේ තාත්තා හොඳ තැනක ඇති කම්මලේ …

      Delete
    3. @ මෙන්ඩියො, මට ලියාගන්න බෑ බං එදා සිද්ද උන දෙය.
      @ P.M අනිවා මචෝ , පිනට දුන්න තරම් අපි දැනගත්තෙ තාත්ත මැරුනම.
      අපි පොඩි කාලෙ හිටියෙ නානුඔය, මම ඊයෙ මගෙ පොඩිඋන් දෙන්නව හිටපු ගෙදර තාත්ත අපිව කරේ තියන් ඇවිද්ද පාරවල්, මාත් එක්ක ඉස්කෝලෙ ගාවට යනකම් ගිහින් වැට ගාව හිටපු බල්ල මලාම වලක් කපල බල්ල වලලන ගමන් අනිත්‍ය ගැන කියපු තැන, මේ ඔක්කොම එයාලට පෙන්නුව. ඇත්තටම මේ පෝස්ට් එක බලල කඳුළු පැන්න. ඒකයි අද කොමෙට් කලේ.

      Delete
    4. මගේ පුතා රජා කියා මං කර උඩ තියා
      යන යන තැන අරං ගියා මගෙ සිහසුන අරා
      ඒ ගිය තැන් පසුකරමින් මෙදා
      යලි නො එනා ගමන් ගියා මගෙ කර උඩ ඔයා ……

      - ඔන්න ඔහොම කියනවා බං නෙල්සන් සන්ෆ්ලව්‍ර් කන්ඩායමේ.… හරියට උඹේ අත්දකීම ඒ විදියටම අකුරු වලට පෙරලිලා …………

      Delete
    5. @කම්මල - තාත්තා ගැන මේ විදිහට මතක රැසක් අවදිවෙයි කියලා අමං මේ පොස්ට් එක ලියද්දි නිකමටවත් හිතුනේ නෑ. මේ තරම් සංවේදී ප්‍රතිචාර ලැබෙයි කියලා නිකමටවත් හිතුනේ නෑ ....

      Delete
  29. මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ, මාපිය සෙනෙහස හන කතා කිරීම හරියට සයුරක් ළඟ ඉඳගෙන දෝතට ගත්ත වතුර ටිකක ගුණ වනනවා වගේ වැඩක්, ඉතින් ඒ ගැන ඇත්තම කතාව අපි නිරුත්තරයි. අමරදේව මහත්තය ගැන උනත් එච්චාරයි කියලයි මගේ අදහස, මොනවා උනත් මමත් මේ සින්දුව අහන්නේ මුල් වතාවට, දැනෙන දේ කියාගන්න වචන එන්නේ නෑ, ඔබට ගොඩක් ස්තුතියි.

    හැබැයි සන්නිවේදනය ගැන ඔබ මුලදී කතා කරන කොට මට මතක් වෙන්නේ මගේ පළවෙනිම බ්ලොග් පොස්ට් එක

    "අන් අය පවසන දෙය
    පමණක් නොව
    ඔවුනට අපට පවසා ගත නොහැකි දෙය
    පවා
    තේරුම් ගන්නට
    අප සමත් වේ නම්
    අපි වෙමු ඒ
    සොඳුරු සන්නිවේදකයන්..........."

    ReplyDelete
    Replies
    1. සොමියගේ කවිය මාර පට්ට කවියක්නේ , මාපිය සෙනෙහස ගැන ගුණ නම් කියලා ඉවර කරන්න බෑ සොමියෝ . මේ සින්දුව අහන්න ලැබීම වාසනාවක් තමා

      Delete
  30. මස්ඉඹුල ගේ කවියක් මතක් වුණා. ‘ගස යට සිටි අම්මාට‘

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් දිලිනි හොඳ මතකයක් අවදි කලේ

      Delete
  31. මමත් මේ ගීතය ඇහුවේ අදයි.. හිතට දැනුනු ගීතයක්..
    ස්තූතියි සිංදු ඇනෝටයි ඉවාන් අයියටයි දෙන්නටම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි. ඔපීසියේ කතන්දර ඉවරද ?

      Delete
  32. මේ මගේ ප්‍රියතම ගායකයා...මම ලංකාවෙ හිටිය අන්තිම දවස් වල එතුමාගෙ ප්‍රසංගයක් කොහෙ හරි තියෙනවා කිව්වා නම් ප්‍රවේශ පත්‍ර නැති වුවත් පෝලිමේ තෙරපිලා....වලි දාගෙන එතුමාගෙ සින්දු අහන්න ගිය එකෙක් මම. අමරදේවයන් පිළිබද මා හදුන්වන්න කැමති ගායකයකුගේ භූමිකාව අතික්‍රමණය කල මහා ගාන්ධර්වයෙක් විදියට...එතුමා ගීතයක් ගයන විට සෘති ගත වීම පුදුමාකාර විදියට නිවැරදියි. සෘතියෙන් බැහැර වෙන්නෙම නෑ. අනිත් කාරණය එතුමා කරන්නෙ හැමෝම කරන විදියෙ සාමාන්‍ය ගායනයක් නෙමෙයි...හැගීම් ගායනයක්...ඒ හඩේ තියෙන හැගීම්බර ගතිය නිසයි පදවැලට ජීවය එන්නත් වෙන්නෙ....අපේ දෙසවන් ඒ හඩට ආශක්ත වෙන්නෙ.

    මම ඉස්සර වැඩ ඇරිලා ඇවිල්ලා නිදි මරාගෙන පුද්ගලික ග්‍රැෆික් වැඩ ගෙදර ඉදන් කරපු කාලෙ.....නිදිමතක් දැනුන ගමන් අමරදේවයන්ගෙ ගීත දෙක තුනක් අහනවා...ඒ ගීතවල තියෙන ජීවමය ගුණය නිසාම හිතේ ඇතිවෙන චමත්කාරය නින්ද පලවා හරිනවා...මේ මහා චරිතය මම කොටා පාරෙ මගේ පළවැනි සේවා ස්ථානයේ සේවය කල කාලයේ පාර වැරදීමකින් මගේ කාර්යාලයට ආවා. එදා එතුමා සමග බොහොම සුහදව කථා බහ කරන්න මට ලැබුනු අවස්ථාව සදා අමරණීය මතකයක්....
    චිරං ජයතු අමරදේවයාණෙනි !

    ReplyDelete
    Replies
    1. අමරදේවයන් ගැන අපිට කතා කරලා ඉවර කරන්න බෑ සිරා .. ඒ වගේ මනුස්සයෙක් දකින්න ලැබීමත් පිනක්, ඔබේ ඔය අත්දැකීම් පොස්ටුවක්ට නැගුවා නම් අගෙයි නේද ?

      Delete
    2. එතුමාව සම්බන්ධකරගෙන කරන්න සිරාටත් වැඩක් තියෙනවා....ඉදිරියේදි බලමු එය ඉටුවේවිද කියලා....දැනට එච්චරයි...

      Delete
    3. ඒක නම් අහන්නත් සන්තෝසයි සිරා , එහෙනම් ඒ වැඩේ කෙරෙන දවසට අපිටත් දැනුම් දෙන්න , ලංකාවෙනම් කොහොම හරි සහභාගි වෙන්නම්

      Delete
    4. වැඩේ කෙරෙන දවසට බ්‍රැන්ඩ් එක ගල් වලින් මල් වලට මාරැ කරන්න වෙයිද?

      Delete
    5. එදාට හැලිබොරේන්ජ් බොමු....හිල වඩයක් කාලා...

      Delete
  33. වාරන ඇනෝ සොරිවෙන්ඩ ඕන අදත් කමෙන්ට් එකකට වඩා දැම්මා , මොනව කරන්ඩද කොල්ලා හිත වැටුනොත් හත අටක් වැටෙනව

    බෑන්ඩ් එක හැනපියර් .....ඇයි අවුල්ද

    ReplyDelete
    Replies
    1. කවුද බං වාරණ ඇනෝ ? මොකක්ද වාරණය කලේ ?, ආ දැන් හැනපියර් ද බොන්නේ ... පුහ්...

      Delete
    2. අවුල් තමයි රටබිම වලට වමනේ යයිද?

      Delete
  34. මේකට මාත් සින්දුවක් දාන්ඩ ඕන , ඒත් මගේ ස්දුව තාම කවුරුත් ලියල නැනේ

    ReplyDelete
    Replies
    1. මම ලියලා තියෙන්නේ , පත්තර මල්ලිට දුන්නා තනුවක් දාන්න , කියන්න එකෙක් හොයාගන්න ඕනේ ... දෙමුද වැව් ඉස්මත්තට ?

      Delete
  35. මමනම් අහලම තිබුනේ නෑ. අර අමරදේව තාත්තා ගැන කියලා තියන දේවල් ටික හරිම සංවේදියි...මුළු සටහනම සංවේදියි...

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගීත වලට වානිජමය වටිනාකමක් එකතු කරන්න අමාරු නිසා බොහෝ විට මාධ්‍ය තුලින් ප්‍රචාරය වන්නේ නෑ. මමත් මුලින්ම මේ ගීතය ඇහුවේ දෙරණ එෆ්.එම්. හි හීන ඇහිඳින යාළුවො වැඩසටහනෙන්, කාලෙකින් යන ප්‍රශස්ත මට්ටමේ වැඩසටහනක් . රෑ ඉරපාන ඇහුවට පස්සේ අහපු හොඳම වැඩසටහන . ස්තුතියි සයුරි

      Delete
    2. ඉවාන් මගෙත් දැන් ප්‍රියතම වැඩසටහනක් තමයි හීන ඇහිඳින යාළුවො...
      රෑ ඉරපාන ගැන කවර කතාද....පට්ට

      Delete
    3. රෑ ඉර පානට මොකද උනේ කියල දන්නවද?

      Delete
    4. රෑ ඉර පාන නතරකලා මම හිතන්නේ , බන්දුල නානායක්කාරවසම් මහත්තයාම හිතුවා එක නවත්තන්න ඕන කියලා මං දන්නා විදිහට , හැබැයි නැවැත්තුවේ නැවත දිනක හමුවෙමු කියලා , සමහරවිට ආපහු පස්සේ කාලෙක පටන් ගනියි , එක දිගට යනකොට ඒකාකාරී වෙය් කියල හිතන්න ඇති (ඇත්තටම එහෙම නොවුනත් )

      Delete
    5. සිංදු ඇනෝ - දැනට තියෙන ව්දසටහන් අතර හොඳම වැඩසටහන "හීන ඇහිඳින යාළුවො" වෙන්න ඕන

      Delete
    6. එහෙමද, එහෙනං ඇත්ත දැනගන්න මගෙ ඊලඟ පෝස්ට් එක දානකල් හිටහන්කො. :D

      Delete
    7. තිරය පිටුපස මොනවා වුනාද කියලා නොදනිමි, හැබැයි එලියට ආවේ ඔය කතාව, ආපහු පටන් ගන්න බවට ඉඟියක් දීලා තමයි නැවැත්තුවේ .

      Delete
  36. Replies
    1. හෑ , කොමෙන්ටුවක් නෑ නේ බකටුල්ලි , මෙච්චරයි තියෙන්නේ

      Delete
    2. අනේ යකෝ කමෙන්ට් නොදා අහනවා කෝ මගේ කමෙන්ට් එක කියලා..:D

      Delete
  37. ඉදිරිපත් කරපු ගීත ගැනනම් කියන්න වචන නෑ. ඉස්තරම්. කොහොමත් ඉතින් සිංදු ඇනෝ කිව්වොත් ඒකෙ දෙකක් නෑ නොවැ.

    කොහොම උනත් මානව බැඳීම් ශක්තිමත් කිරීමේ හැකියාවක් තාක්ශනයට තියෙනවද කියල මටනම් සැක සහිතයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝෂ්
      //""කොහොම උනත් මානව බැඳීම් ශක්තිමත් කිරීමේ හැකියාවක් තාක්ශනයට තියෙනවද කියල මටනම් සැක සහිතයි"// ඒ අදහස විවාදාත්මකයි මනෝ ,, දෙපැත්තටම තර්ක ගොඩනගන්න් පුළුවන්

      Delete
    2. භෞතික බැඳීම් නම් ශක්තිමත් වෙයි. ඒත් ආධ්‍යාත්මික බැඳීම්??

      Delete
  38. අමරදේව කියන්නේ මගෙත් ප්‍රියතම ගායකයෙක්.සින්දුව දැන් අහන්න විදියක් නැහැ පස්සේ අනිවාර්යෙන් අහන්නම්.
    හැබැයි කොයි තරම් ගීත ලියවුනත් මදි ගතියක් තියෙනවා පිය සෙනෙහස,මව් සෙනෙහස ඉදිරියේ.එක පුරවන්න පුළුවන් රික්තකයක් නෙමේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ් - සිංදුව අහන්න , ඒක ඔබව තවත් හැගීම් බර කරාවි , මව් සෙනෙහස පිය සෙනෙහස කියන්නේ ගීතයකින් ආවරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ , එකයි අපට එහෙම දැනෙන්නේ

      Delete
  39. මම රැකියාවක් බලාපොරොත්තුවෙන් ගෙදර ඉන්නකාලෙ තාත්ත ලෙඩ වුනා.දොස්තරල කිවුවෙ පිලිකාවක් කියල.තාත්ත බලාගෙන ඉදිද්දි දුර්වල වුනා.කක්ක යන්න බඩෙන් සිදුරක් හදල එකට බැග් එකක් සවිකරන්න වුනා.මම ගෙදර ඉන්න නිසා හැම වඩෙම පහසු වුනා.ඔක්කොම වගෙ මම කලා.ඔය අතරෙ මට රැකියාවකට කැදවිමක් ලැබුන.මොකක් කරවද කියල හිතා ගන්න බැරුව ඉන්නකොට අම්මයි අයියයි මට බලකරලම කිවුව යන්න කියල.රැකියාවට යන්න කලින් දවසෙ මම ගෙදරින් ආව.තාත්තට වැදල ජොබ් එකෙ විස්තරත් එක්ක යනව කිවුවම කතාකරන්න බැරිවුනත් හිනා වුනා.ඇස්වල කදුලු තිබුන.පහුවෙනද ජොබ් එකට ගිහින් වැඩබාරගෙන හවස බොඩිමට ආව.එතකොට අපි යාලුවො සෙට් එකක් එක්ක උයාගෙන කන බොඩිමක හිටියෙ.හවස 7 විතර රැට කනදෙයක් හදද්දි කොල් එකක් ආව.තාත්ත නැතිවුනා කියල.
    ලබන 13 වෙනිදට හරියටම මගෙ ජොබ් ලයිෆ් එකට අවුරුදු 10.එ කියන්නෙ තාත්ත නැතිවෙලත් අවුරුදු 10ක්.

    ReplyDelete
    Replies
    1. මල්ලී ඔයා තාත්තට වැඳලා හරි ගියානේ. අපි වගේ පවු කාරයන්ට පිට රට හිටි නිසා ඒකත් බැරි වුණා . ඒ නිසා සතුටු වෙන්න ඔයාට රස්සාව ලැබීම ගැන ඔයාගේ තාත්තා හුඟක් සතුටු වෙන්න ඇති.

      Delete
    2. දමිත් - ඇත්තෙන්ම මම මෙතැනදී කලේ මේ ගීතය හඳුන්වාදෙන්න උත්සාහ කිරීමක්, එත් අවසානයේ අමරදෙයන්ගේ කතාවත් එක්ක , බොහෝ දෙනකගේ ජීවිත ඇතුලේ තිබුණු මේ හා සමාන අනුවේදනීය කතා රැසක් එලියට ආවා , ඇත්තෙන්ම මේක බලාපොරොත්තු නොවුණු සංවේදී වීමක් . ඒ කියන්නේ අමරදේවයන්ගේ මේ ගීතයත් ඒ හා සබැඳුනු ඔහුගේ කතාවත් බොහෝ දෙනෙකුගේ අනුවේදනීය මතකයන් අවදි කරලා . අපි දමිත් ගේ තාත්තාට නිවන් සුව පතනවා ...

      Delete
    3. අජිත් - ඇත්තටම ඒ අවස්තාව අහිමි වීම හිම ඛේදජනක තත්වයක් තමා. එත් ඔබේ පියා කවදාවත් ඔබ ගැන අහිතක් හිතන්නේ නෑ. පිටරටක හිටියත් ඕන හදවතින් පියා සමග සිටියා. ඔබ වෙහෙසුනේ ඔහු වෙනුවෙන් . ඒ ගැන සිතා ඔබට සතුටුවෙන්න පුළුවන්. ජීවිතය හැම දෙයක්ම අපිට ලබා දෙන්නේ නෑ.

      Delete
  40. මේ සින්දුව සාර්ථක නෑ බං. කිසිම ගැඟීමක් එන්නෙනෑ. වචන වල අර්ථය සංගීතයෙන් එන්නෙනෑ. දරුදුක උහුලා කියන සින්දුව අහනකොට ඒ සංගීතයෙන් දැන හැඟීම කොහො මද. පද මාලාවයි අමරෙගෙ කතාවයි මසුරං ඒත් සින්දුව ගූහතයි.

    අඩෝ සිංඳු වලියට පරක්කු උනානේ. ඕං ඔහෙ පස්සෙං ඇවිල්ල මේං මේක දානව.

    පියානනී මා නැවත උපන්නොත්
    අපාර වූ මේ සංසාරේ
    ඔබේම පුතු වේවා

    ශිල්ප සතර දී සිහසුන හිඳුවා
    ඔබට අහිමි ලොව මාරජ කරවා
    ඈත ඉඳන් ඔබ බලා සිටින්නේ
    නෑ ඔබවන් පියවරු හමුවන්නේ

    හිත මිතුරන් මා
    හැරගිය දවසේ
    ලොවම එරෙහිවී
    තනිඋනු මොහොතේ
    ඔබේ පැලේ නැත දොරගුලු ලන්නේ
    ඔබේ සෙනේ ගඟ නැත වියැලෙන්නේ

    ReplyDelete
    Replies
    1. ගායනය - අබේවර්ධන බාලසූරිය
      සංගීතය - වික්ටර් රත්නායක
      ගී පද - සුනිල් ආරියරත්න

      Delete
    2. බ්‍රැන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
  41. අඩෝව් ඔක්කොම කාල බීල ගිහිල්ල.. ඔන්න ඔහේ කඩේ වහන වෙලේ ඉතුරු වෙච්චි ගල් කොට ටික ගගහ අපි තනියෙං ආතල් එකක් ගන්නව හරිය. සික් විතරක් බස්සෙක මේ රෙද්දෙ පරක්කු උනානෙ. නැත්තං කලින්ම ඇවිල්ල පුල් ආතල් එකක් ගන්න තිබ්බ.

    සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
    දහඩිය හෙලා මහ සාගරේ වගේ
    ඔවදන් දෙවා අගන මුතු මැණික් වගේ
    ඇති දැඩි කල අප සමනල පැටවු වගේ . .

    අක්කන්ඩියේ . . පොඩි කාලේ . . පොඩි කමට .. . //
    කල වරදකට වත් තැලුවේ නැත අපට . .. //
    සෙනෙහස තිබුනි උතුරා මහ මෙර උසට . . .
    පියෙකුගෙ කඳුලු මුතු ඇට වුනු දරු පෙමට . .

    පියවරු සිටින දරුවන් හට තනි නැතුවා
    මවුවරු සිටින දරුවන් හට තනි නැතුවා
    මවුපිය වරුන් ඉර හඳ මෙන් ලඟ හිඳුවා
    දරුවන් පාන හසරැලි අප හට නැතුවා

    සෙනෙහස පුදා . . .

    ReplyDelete
    Replies
    1. මව් වෙස්සන්තර දේවිය වාගේ
      අප වෙනුවන් දුක් උහුලනවා
      දඟ කෙරුවෝතින් පැටියෝ නුඹ මම
      ජූජක බමුණට දන් දෙනවා

      අම්මා එතකොට විලාප දේවී
      නුඹේ ඇඳුම් පොඩි කරපින්නා
      මතකද දවසක් පැටියෙක් නැති වී
      කුරුළු මවක් කෑ මොර දුන්නා

      අම්මෙක් අප්පෙක් දඬුවම් දෙන්නේ
      ලෝකෙට දෙන්නයි හොඳ ළමයින්
      මගෙ පොඩි පැටියා හොඳ ළමයෙක් නම්
      අපි බුදු වෙනවා නුඹටයි පිං...

      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව සංගීතය හා ගායනය: වික්ටර් රත්නායක

      Delete
  42. තොටිල්ලෙ ලී වැටෙන් එහා
    තව වැටවල් ගොඩක් ඇතී
    තොටිලි වැටෙන් පනින පුතා
    ඒ වැටවල් බිඳිනු ඇතී..

    තොටිල්ලෙ ලී වැටෙන් එහා....

    බුදුන් දවස මර දූවර මපුතනුවන් මුන ගැසෙතී
    උන්ගේ සිවු සැට මායම් මගේ පුතුට අරුම නැතී.....

    තොටිල්ලෙ ලී.......

    බිතුසිතුවම් රූමෙන් සිටි මිතුරෝ හෙට සතුරු වෙතී
    උන් සදනා මලපුඩුවෙන් මගේ පුතා බැ‍ඳෙනු නැතී....

    ReplyDelete
    Replies
    1. අප්පා X- Porter ත් හොඳ සිංදු කරයෙක්නේ , තන්කිව් වේවා

      Delete
    2. @X-Porter
      දාගන්ඩ තව ෂෝට් එකක් පරක්කු වෙලා ආවට කමක් නැ ගහමු පක්කං පදිරි සන්නහං සන්නද්ධ වෙන්න.

      Delete
  43. This comment has been removed by the author.

    ReplyDelete
  44. කලා වැව ළඟ ඔහොම ඉඳගෙන
    ඈත අහසට සිහින තවරන...
    දුක දැනී වැව ඉරි තැලීලද
    කොපුල් තල උණුසුම්ද අප්පච්චී....

    හදේ සුසුමන් දුර අනන්තෙට
    හැමට රහසින් විසික් කරමින්..//
    මුවේ ලතැවුල් නිතින් හංගන්
    සිනාකැන් බෙදනවද අප්පච්චී...

    උඩ මළුවෙ මල් තියා ඉල්ලන
    සිහින දකිනා බැතිමතුන් මෙන්..//
    නුඹේ සිරිපා කමල සිපගෙන
    සුවඳ මල් දස අතේ අප්පච්චී...



    මේ පියා ගැන මා අතින් ලියවුන ගීතයක්. ඇත්තටම මං දන්නැ පිය සෙනෙහසක්. මා උපදින්න සිටින විටම මට අහිමි වෙච්ච දෙයක්. ඒත් සයිබරයෙ සැරිසරණකොට දැක්ක පින්තුරයක් නිසා මේ ගීතයට අකුරු එකතුවුනේ මගෙන්. මේ ගීතය අහන්න පුලුවන් මෙතනින්
    https://www.youtube.com/watch?v=VprrHDU8Zr4

    ReplyDelete
    Replies
    1. දිනිති ස්තුතියි මේ ගීතය එක් කලාට මෙතනට , ඇත්තෙන්ම දිනිතිගේ ගීත හැම එකක්ම වාගේ ලස්සනයි . දිනිති ,අපිට ලබන්න පුළුවන් උතුම්ම සෙනෙහස තමි මවගෙයි පියාගෙයි සෙනෙහස. ඒත් ඒ සෙනෙහස අහිමි වීම නම් දුක්බරයි . නමුත් හැමටම ජීවිතය එක ලෙස සතුට ලබා දෙන්නේ නෑ . පිය සෙනෙහසේ නාමයෙන් බිහිවුණු මේ ගීතය ඉතාම සුන්දරයි .

      Delete
    2. හොඳ ලස්සන ගීතයක්

      Delete
  45. තත් තත් තත් තාර පැටිය
    තාත්ත ගෙනා තාර පැටිය
    පුතා මගේ තාර පැටිය
    තාත්ති අතේ දොයි
    තාත්ති අතේ දොයිය පුතේ
    තාත්ති අතේ දොයි
    තාත්ති අතේ දොයිය පුතේ
    තාත්ති අතේ දොයි

    කිරට ගියා අම්මි පුතේ
    කිරි එරවා එන්ට පු‍තේ
    කිරි මුට්ටිය අතින් පුතේ
    ගඟේ වැටි දොයි
    අම්බිලියෝ පිනෝ පිනෝ
    වළං කදක් ගෙනෝ ගෙනෝ
    අන්න පුතේ මුවා වෙලා
    වලාකුළේ දොයි
    අන්න පුතේ මුවා වෙලා
    වලාකුළේ දොයි

    තත් තත් තත් තාර පැටිය...

    ඔන්න බබෝ ඇතින්නියා
    ගල් අරඹේ සිටින්නියා
    ගලින් ගලට පනින්නෙ නෑ
    බබුට බයේ දොයි
    චූටි බබා කෝ කියා
    පුතාට දොයියන්න කියා
    කෝකිලයා අන්න පුතේ
    දිවුල් ගහේ දොයි
    කෝකිලයා අන්න පුතේ
    දිවුල් ගහේ දොයි

    තත් තත් තත් තාර පැටිය...

    දොමි තරිකිට තාන් කියා
    කරිකිට තක දෝං කියා
    වැල ගෙඩියක් ආන් පුතේ
    ගහින් වැටී දොයි
    ඔන්න බබෝ බිල්ලො එනවෝ
    අඬන ළමයි අල්ලනවෝ
    අනේ මෙහේ එන්න එපෝ
    අපේ පුතා දොයි
    අනේ මෙහේ එන්න එපෝ
    අපේ පුතා දොයි

    තත් තත් තත් තාර පැටිය
    තාත්ත ගෙනා තාර පැටිය
    පුතා මගේ තාර පැටිය
    තාත්ති අතේ දොයි

    තාත්ති අතේ දොයිය පුතේ
    තාත්ති අතේ දොයි


    ගායනය, සංගීතය, ගී පද - හෙන්රි කල්දේරා

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]