Tuesday, November 24, 2015

දෘෂ්ඨි රසය ??


ගීතයක් ගැන කතා කරන හැමවිටම වාගේ අපිට අහන්නට ලැබෙන්නේ සාර්ථක ගීතයක් නම් ශබ්ධ රසයෙන් හා අර්ථ රසයෙන් පරිපූර්ණ විය යුතුය කියලයි. ඒ අතීතයේ ගීතය ශ්‍රව්‍යමය සංසිද්ධියක් පමණක් වූ නිසාවෙන්. නමුත් ලංකාව තුල රූපවාහිනිය ප්‍රචලිත වීමත් සමගම ගීතය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සංසිද්ධියක් බවට ක්‍රමයෙන් පත්වෙනවා . ඒ අනුව ගීතයක් ශබ්ධ රසයෙන්, අර්ථ රසයෙන් සහ දෘෂ්ඨි රසයෙන් පරිපූර්ණ විය යුතුද?

ගීතයකට පියවරුන් තිදෙනෙකි (නෛතික අයිතිය පදරචකයාට සහ සංගීතඥයාට හිමි වුවත්)  . නැතිනම් ගීතයක් බිහි වෙන්නේ පදරචකයා , සංගීතඥයා සහ ගායකයා යන තිදෙනාගේ සාමුහික ප්‍රයත්නයක් ලෙසයි. නමුත් රූපවාහිනියේ විකාශනයත් සමග ගීත අසා රසවිඳීම වෙනුවට ගීත අසා බලා රසවිඳීමට රසිකයින් හුරුවිය.

ඒ අනුව රූපවාහිනී තිරය තුල පෙනෙන ගායකයාගේ හෝ ගායිකාවගේ රූපකාය දෙස එක එල්ලේ බලාසිටීමට හුරුවූ රසිකයාට ගීතය තුල අත්දකින ඒකාකාරී බැවින් මුදාගැනීමට යම් යම් නර්තනාංග ඉදිරිපත් කිරීමට වැඩසටහන් නිෂ්පාදකයින් උත්සාගත්හ.

නමුත්අද වනවිට ගීතය තුන්ඈඳුතු ප්‍රයත්නයක් වෙනුවට සිව්ඈඳුතු ප්‍රයත්නයක් බවට පත්වී ඇති තරම්ය. ගීත රචකයා , සංගීතඥයා සහ ගායකයා තරමටම රූපරචකයා ද ගීතයේ සාර්ථක බවට සම සමව හිමිකම් කියන අයුරක් දකින්නට තිබේ.

සමහරවිට ගීතයක සාර්ථක අසාර්ථකභාවය රූප රචනයෙන් තීරණය වන තරමටම රූපරචනය ගීතය අතික්‍රමය කර ඇති සෙයක් දැනෙයි.

" විෂුවල් එකනම් පට්ට ", විෂුවල් තමා සින්දුවෙනම් ගතයුත්තක් නෑ"  යන වදන් නිරතුරවම පසක් කරන්නේ රූපරචනයෙන් ගීතයේ මුඛ්‍යාර්ථ පරාජය කර ඇති බවකි . සමහර අවස්ථාවල රූපරචනය ගීතයට සාධාරණයක් කරන්නෙම නැත. ගීතයේ අරුත වෙනුවට රූප රචකයාගේ හිතේ ඇති වෙනත් මොකක්දෝ බහුබූතයක් තරයේ දෘශ්‍යමාන වෙයි.

මුල් අවධියේ රූපවාහිනියේ විකාශය වුනු සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ නිර්මාණයක් වූ  " යාත්‍රා " ("තාරුණ්‍යයේ ශ්‍රව්‍ය දෘශ්‍ය අරුමය " ) වැඩසටහනත් , "නඳුන් උයන" ත්  ගීතය මූලික කරගත් අගනා රූපරචනා බිහිවූ තිඹිරිගෙයක් විය . මේ වැඩසටහන් වලදී රවීන්ද්‍ර මුණසිංහ නම් වූ රූප රචකයා දැක්වූ දක්ෂතාවය අමතක කල නොහැක.

Monday, November 16, 2015

හාමිනේ(ට) කඩේ යාම ......... shopping with wife



මේ ...,මේ ....මේ ....
ඕයි නැගිටිනවකෝ ..... නැගිටිනවකෝ ... හැබැයි තේ එක නිවිලා කියලා කියනවකො බලන්න ..
නැගිටිනවා මිනිහෝ ...

මොකක්ද නන්දනී ... නිවාඩු දවසේ වත් .....

Monday, November 2, 2015

චරිත තුනක්



ග්‍රෙගරි වැව දෙසින් හමා ආ සීතල සුළඟ ගත දැවටෙද්දී, ඒ ගැන වගේ වගක් නැතිව කන්ද පාමුල දිග ගැරඬියෙක් වගේ පේන පාර දිගේ කුරුමිනියන් මෙන් පෙනෙන මිනිස්සුන් සහ ගිනිපෙට්ටි මෙන් පෙනෙන වාහන ගමන් කරන දෙස යශෝධා බලා සිටියේ හැඟීම් විරහිතව බව ඒ මුහුණ දකින ඕනෑම කෙනෙකුට සිතේ  .

නුවරඑළිය පරණ තැපැල්කන්තෝරුව ඉදිරිපිට දිනක් තමන් කුඩාකල  දෙමව්පියන් සමගින් නැරඹූ නයි නටවන්නා කල කතාව වරින් වර ඇගේ මතකයට  නැගුනේ දෑස් අගට කඳුලක්ද නගමින් ...

“ මේ නයා දැන් වයසයි මූ මැරෙන්න කිට්ටු වුනාම මූට අත්තටු එනවා .. ඊට පස්සේ මුගේ ඇඟේ තියෙන විස  ඔක්කොම එකතුකරලා මූ හදනවා මැණිකක් ඒක තමා නාග මාණික්‍යය කියන්නේ . ඒ මැණික වමාරලා මූ පියාඹලා යනවා ........ හැබැයි ඒ මැණික අපි හොඳින් පරිස්සම් කරගන්න ඕන . ඒක ළඟ තියෙනකන් අපිට සිතු පැතු සම්පත් ලැබෙනවා හැබැයි අපෙන් සුළු වැරද්දක් වුනත් ඒ මැණික අතුරුදහන් වෙනවා .......

ඔහු එදා කීවේ තම ජීවිත කතාව දැයි දැන් යශෝධා සිතන්නට විය . තමාගේ තිබු අසාමන්‍ය රූසපුව නිසාම ඩේවිඩ් තමන්ට ලංවූ අයුරු මතක් වනවිට වෙනදාට නම් ,එදා දැනුනු හදගැස්ම අඩුවක් නැතිවම දැනෙනවා යයි යශෝධාට සිතිනි . නමුත් අද......

බොහෝ බලාපොරොත්තු පැතුම් පොදි බැඳන් නෑ සනුහරේම විරෝධතා මතින් ඩේවිඩ් සමග කූඩු වන්නට තමන්ට සිතුනේ සංසාර ගත පුරුද්දක් නිසා වන්නට ඇත.

ඔයා  හරිම බ්‍රේව් ග..අ..අ..ල් ... කැඩිච්ච සිංහල මුසු ඉංග්‍රීසියෙන් කියූ පසු  ඔහු “I love you Yasho. I only want your love. Nothing else. It’s very simple” යැයි මිමිනීය.

ඔහු ඉංග්‍රීසියෙන් කියූ දේවල් ඇයට වැටහුනේ බොහෝ කාලයකට පසුවය. ඩේවිඩ් සමග ගෙවූ වසර පහ, ජීවිතයේ සුන්දරම අවධිය බවට සැක නැත. ... වසරක් යන්නටත් පෙර ඔහු ඇයට නාග මාණික්‍යයක් ලබා දී තිබුණි . කුඩා පුතු දෝතින් දරා සිටිද්දී ඇය නිරතුරුවම ඒ තුලින් ඩේවිඩ් මැවෙන අයුරු අත්වින්දාය . ඩේවිඩ් සමග තුරඟ තරග පිටියේ ග්‍රෙගරි වැව අසබඩ සැන්දෑ සුවය විඳිද්දී කුඩා පුතු ඔවුන් දෙදෙනා අතර විය . ජීවිතය කෙතරම් සුන්දරද කියා ඇයට සිතුනු වාර අනන්තය, අප්‍රමාණය ..

“You know what?” ඔහු ඇසීමට පුරුදුව සිටියේය.

“Life is great. It’s a gorgeous day, I’m with my family. What else could anyone ask for?” 

ලොවම ඉදිරියේ ඇය සිප ගනිමින් පැවසීමට ඔහු මැලි නොවීය. ඇය වෙනුවෙන්ම ග්‍රෙගරි වැව පෙනෙන මානයේ කන්ද උඩ නිමවූ ප්‍රීතිමත් නිවසේ ඔවුන් තිදෙනා ඇත්තන්ම සතුටින් විසූ බව සිහිවී නැවත නැගුනු කඳුල ඇය වියපත් පිටි අල්ලෙන් පිස දැමුවාය .

නමුත් නාගයා අත්තටු ලබා පියාඹා ගියේය , Strathdon (ස්ට්‍රැත්ඩන්) වතුයායේ භාරකරු වූ ඩේවිඩ්ගේ පියාගෙන් ඩේවිඩ් ට ඉන්දියාවට කැඳවීමක් ලැබුනේ වසරක කාලයකටය නමුත් ඉන්දියාව බලාගිය ඩේවිඩ් ගැන ඉන්පසු කිසිමදාක තොරතුරක් නොවීය . විමසා බැලීමට හෝ තොරතුරක් දැනගත් හැකි ආකාරයක් ගැන කිසිවක් තමන් නොදන්නා බව ඇයට සිහිවුනේ බොහෝ කල් ගතවීය. නෑදෑයන් කිසිවෙක් ඇය ගැන නොබැලු අතර අයටද නෑදෑයන් පිලිඹද හැඟීමක් නොවීය . ඇයගේ ලෝකය පිරී තිබුනේ ඩේවිඩ් ගෙන් සහ කුඩා පුතුගෙනි .

//” හැබැයි අපෙන් සුළු වැරද්දක් වුනත් ඒ මැණික අතුරුදහන් වෙනවා”// දෙවරකට ලැබුණු ලිපි දෙක අතෙහි තියාගෙන නැවතත් ඇය සිහි කලේ තමන් අතින් සිදුවූ ඒ මහා වරද කිමෙක්ද කියාය.
පියා අහිමි වූ පුතු , දැනුම් තේරුම් ඇති වියේ සිටම පාසල් යාම හරියාක්රව සිදු නොකිරීම නිසා ,වරින් වර පෞද්ගලික ගුරුවරියන්ගේ සේවය ලබා දීමට ඇය පසුබට නොවුනාය .ඒ මන්ද ඉංග්‍රීසි කතා කරන වැදගත් මහතෙකු බවට පත් කිරීමට ඇයට තිබු දැඩි උවමනාවයි. වතුයායේ ඔහුට හිමි කොටස් වල ආදායම් සියල්ල ඔහු ඇගේ නමට හරවා තිබිණි එය කවදා කෙසේ කළාදැයි ඇය නොදැන සිටි අතර මුදල් හදල් අතින් අඩුවක් නොවූ ඇය ජීවිතයේ තනිකම දරාගැනීමට හිත හදාගත්තාය .

ඩොනල්ඩ් කාවිංග වයසින් මුහුකුරා යද්දී ඔහුට තිබුණු ලොකුම හා එකම ප්‍රශ්නය වුනේ තම පියා කවුරුන්ද හා ඔහුට කුමක් සිදුවීද යන්නයිමේ ගැන කතා බහෙන් නිතරම සිත රිදවා ගත් යශෝධාගෙන් කිසිවිටකත් පැහැදිලි උත්තරයක් ලබා ගැනීමට ඔහු අසමත් වුවේය .

ඩොනල්ඩ් කාවිංගට වයස අවුරුදු දහඅටක් සපිරෙද්දී ඔහු සඳහා ඉංග්‍රීසි ඉගැන්වීමට ගෙන්වාගත් ගුරුවරිය, යශෝධා හැඳින්වුයේ මිස් ටෙරන්ස් යන නමිනි. ප්‍රීතිමත් දෑසක් හිමි නිතරම සිනහ මුසු මුහුණෙන් සිටින හඬ නගා සිනාසෙන විට දෙකම්මුල වල ගැහෙන ඇය වයස තිස් හතරක් පමණ වූ අවිවාහක කාන්තාවකි.

Monday, October 26, 2015

සියය



සුක්කානම මත දකුණු අත තබාගෙන ඩ්‍රයිව් ගියරයට මාරුවෙමින් සෙමින් පාරට ගත රියේ ප්‍රධාන ලාම්පු දල්වා ගනිමින් ඉදිරියට ඇදෙන විට , මීට ටික වෙලාවකට පෙර වැටුණු වැස්සේ න් තෙත් වූ මාර්ගය දුම් දමමින් තිබෙනු දකින විට අද්භූත සිතුවිලි නැගී ආවේ මටත් හොරාය ..

ප්‍රධාන මාර්ගය දෙපස විදුලි එලි වහා නිවී යද්දී එක්වරම හාත්පස ආලෝකමත් විය .ඒ සැනින් කන් බිහිරි වන හෙණ හඬ ඇහෙන විටම ඇස්දෙක මොහොතකට පියවුනාක් මෙන් මට දැනුනි . වායුසමීකරණය හැකිතාක් ඉහල උෂ්ණත්වයකට ගෙන ආවත් ඇට මිදුළු කාගෙන යන සීතලක් දැනෙන්නේ කෙසේදැයි සෙවීමට මම නැවතත් සියලු දොර වීදුරු දෙස බැල්මක් හෙළුවේ ඉවසිය නොහැකිම තැනදිය.

ප්‍රධාන මාර්ගය දෙපස කළුවර වූ ගෙවල් අතරේ අතරින් පතර මලානික එලි වැටුණු ජනේල අතරින් එහා මෙහා යන අඳුරු පැහැ හෙවනැලි වලින් අද්භූත හැගීම තවත් තීව්‍ර වන්නට විය . සෙමින් සෙමින් ගස් අතු සෙලවෙමින් ආරම්භ වූ සුළඟ දැඩි වූයෙන් මග දෙපස ගස් අතු මාවම ගිලගන්නට බලාසිටින රාක්ෂයන් මෙන් මට දිස්වනන්ට විය .

Tuesday, October 20, 2015

ප්‍රතිලෝම



මේවා ෆෑන් නෙවෙයි නිකං රූං පෙති වගේ ,

වදින හුළඟක් නම් නෑ , කැරකෙනවා කියලා දැනෙන්නේ හිටපු ගමන් ඇහෙන ටක ටක සද්දේ නිසා .. ආණ්ඩුවේ කන්තෝරු කියන නමටම ගැලපෙනවා

දවසක ඔලුවට කඩන් වැටෙනකං දන්නේ නෑ... ශික් විතරක්...

ටක් ටක් ටක් ....

දොරට දෙතුන් පාරක් තට්ටු කරද්දී විනිවිද නොපෙනෙන බොඳවී ගිය වීදුරුව හරහා මට පෙනුනේ තැඹිලි පාට සාරියක් . ඒ සැනින් පුටුවේ හරිබරි ගැහී කොන්ද කෙලින් කරගත්ත මං ඉක්මනින් කොණ්ඩය අතින් හදාගෙන ළඟ තිබුණු ෆයිල් එකත් පෙරලගෙන ,

ඇතුලට එන්න

Monday, October 12, 2015

කොහේ හෝ




අන්තර් ජාලයේ ගීත අතර පිහිනමින් සිටින අතරදී අහම්බෙන් මෙන් සවන් වැකුණු අපූරු ගීත දෙකක් ගැන සටහනක් තබන්නට සිත්විය . මේ ගීත දෙක අපූරු ගීත දෙකක් යැයි සඳහන් කරන්නට සිතුනේ ගීත දෙක අතර ඇති අපූර්ව සමානතාවය නිසයි . 

ගීත දෙක ලියවෙන්නේ රවී සිරිවර්ධන සහ ශාමිලා හුසේන් යන ගීත රචකයා සහ රචිකාවිය අතින් , අපූර්වත්වය වන්නේ කාන්තා දෘෂ්ටිකෝණයෙන් ගැයෙන ගීතය රවී සිරිවර්ධන අතින් සහ පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලියවෙන් ගීතය ශාමිලා හුසේන් අතින් ලියවීමයි .

ගීත දෙකෙහි සත්සර මුසු කරන්නේ රෝහණ වීරසිංහයන් සහ දර්ශන වික්‍රමතුංගයන් ..

ගීතයට ජීවය කවන්නේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්  සහ කරුණාරත්න දිවුල්ගනේ යන ප්‍රවීණන් යුවලයි .

Thursday, October 1, 2015

මචං....................





එකට පංතියේ අකුරු කෙරුවා
එකට ඕ එල් ඇණ වුනා
එකම බීඩිය එකට බීලා
එකම වලකට සෙට් වුනා

උඹට වැඩිවෙලා අපේ ගෙදරයි
මම වැටුනේ උඹලගේ පැලේ
එකම කමිසය එකම කලිසම
කෙල්ලෝ දෙන්නෙක්  එක්ක යයි

මගේ නම ඇති උඹේ අකුරුයි
මගෙ අකුරු වල උඹේ නමයි
ලියු පෙම්පත් වලින් ගිනි මැල
හදන්නට හිටියෙත් උඹයි

ගල් ද පොල් සහ හැලි කරිඤඤo
ණයට බිව්වට ඇනතියං
කොත්තු කාලා බඩෙන් බාගෙට
දුමක් ඇද්දේත් හවුලේ බං

සමරේ අයියගේ බයික් කටුවට
තෙල් ගැහුවේ පිං කැට බිඳන්
මියුසිකල් ෂෝ වලට ගියේ අපි
හවුලේ එක හෙල්මට් එකෙන්

කොහොම හිටියත් ජීවිතේ බර 
ටිකක් වැඩියෙන් දැනුනයින්
උඹ රටගියා මම වීල් පැද්දා
එගොඩ වෙන්නට මේ දුකෙන්

උඹ ආ වේලේ මට සතුටු හිතුනා
සිහිවෙලා පෙර මිතු දම
මිතු සිනහ නෑ වල කතා නෑ
මට පුදුම හිතුනා උඹ ගැන

රටින් ගෙන ආ දිගටි සිකරට්
වැදුනේ නෑ බීඩිය වගේ
විස්කි සැර මට උහුලන්න බෑ
නෑ රසට රා ටික වගේ

විස්කි හරියට ගණන් වෙන්නැති
ඒත් අපි ඈතයි වගේ
බීඩියේ තිබු රසය නැත්තේ
ඈත බව දැනිලා වගේ

ලිං ගැට්ට උඩ රස්ති කළු ගල
තාම තියෙනවා ඒ වගේ
පාර අයිනේ ගාඩ් ගල් උඩ
වාත වූ හැටි මැවී පෙනේ

ඒ ඔක්කොම එහෙම ඉද්දීම
මචං උඹ ඈතයි වගේ



පිදුම පත්තර මල්ලිට 

Tuesday, September 29, 2015

කාකි පාට හීන




මිහිකත නලවාලා , මග මල් ගන්වාලා 
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා 
මල් ඔසරිය ඇඳලා , පොත් මිට ඉනේ තියා 
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා 

අගහිඟ කම් දැනුනා , දෙවියන් සිනාසුනා 
එක්තැන් වුණිය පියා , මව් සුරලොව වැඩියා
මල්ලිට යන්න වුනා , රට රකිනටය කියා 
කහ පැහැ ගවුම ඇඳන් , නැගණිය අකුරු කළා 

හීනය පසෙක තියා , සරසවි දෙස නොබලා 
කාකි ඇඳුම ඇන්දා ,  සාමය රකිමි කියා 
ආදර බස් තෙපලූ , සිහිනයේ කුමාරයා 
කාකි ඇඳුම හන්දා , නොකියම යන්න ගියා 

තාත්තේ තව දවසක් , පනනළ රැක දෙන්නම් 
නංගියේ කවදා හෝ , ඔබ රජ කරවන්නම් 
කාකි පැහැති සිහිනේ , පටු මාවත් අතරින් 
මගේ හෙට දවස දිහා , නෙත් දල්වන් ඉන්නම් 

Monday, September 21, 2015

දමනය 3



පෙ.ලි.

මේ කතාව ඇත්තෙන්ම ලියවෙන්නේ බස්සිගේ නවාතැනේ ,බස්සි විසින් ලියු දමනය නම් වූ කෙටි කතාව නිසයි. එහි ජෝෂුවා සහ මෙලීසා නම්වූ චරිත ද්විත්වයේ, ජෝශුවාගේ ඇසින් බස්සි අතින් ලියවුනු එම කතාවට දිගුවක් ලෙස මෙලිසාගේ ඇසින් ලියන්නට සිතුනු නිසා කතුවරියගේ අවසරය පිට මේ දිගුව මෙසේ මෙතැන පලකරමි .

දමනය 1

දමනය 2

*******


එදායින් පස්සේ ජෝෂුවා මට ඕන කරන විදිහට හසුරුවාගන්න මට කිසිම අපහසුවක් වුනේ නෑ . හැබැයි මට තිබ්බ එකම ප්‍රශ්නේ මේ යතුරු පුවරුව මගේ යටතේම තියාගන්නේ කොහොමද කියන එක. හැමදාම රෑට ජෝශුවාව නින්දට යවලා ආපහු පාන්දරම දුවගෙන ඇවිත් ජෝෂුවා ඇහැරෙන්න කලින් මෙතන වාඩිවෙන එක ටික දවසක් යනකොටම මට එපාවෙලා තිබ්බේ . ඊටත් වඩා ලොකුම ප්‍රශ්නේ වුනේ මිසිස් හන්ටර් මම නැති එක ගැන පැමිණිලි කරලා තිබ්බ නිසා .

එදා ගෙදර ගියාම “මෙලීසා ඔයා රසායන විද්යාාව පංතිය මග අරින්නේ ඇයි” අම්මගේ ඒ ප්ර්ශ්නය මට එක අතකට සැනසීමක් වුනා , ඒ කියන්නේ මම ඉස්කෝලේ ගිහිං රසායන විද්යාාව පන්තියට විතරයි ගිහිං නැත්තේ . කොහොමත් මිස්ටර් ඩේවිඩ් වත් , මිස්ටර් ඉයන් වත් ළමයි ඉන්නවද නැද්ද කියන එකගන කවදාවත් සැලකිලිමත් වුනේ නෑ. එයාලට ඕනවුනේ ඇපෙන් බේරෙන්න වගේ කොහොම හරි මොනවා හරි ටිකක් කියවලා යන්න විතරයි.

“ මෙලීසා.................. මෙලීසා...................... ඔයාට ඇහුනද මම ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා ?”

“ඔ....ඔව් අම්මේ ම..ම....මං බෑන්ඩ් ප්‍රැක්ටිස් වලට හිටියා “

“ආ ඒත් ඔයා කවදාවත් මෙලෝඩිකාව ගෙනිච්චේ නෑනේ ...”

“ ඒ....ඒ...එකනේ අම්මේ මට හැමදාම අමතක වුනා , මම...... මම බලං ඉඳලා ආපහු ආවා “

අම්මගේ මූණ හොඳටම නරක් වුනා , එයා මොකක්ද කියන්න හදද්දිම ,හොඳවෙලාවට තාත්තා ගෙදර ආපු නිසා ඒ කතාව එතනින් නැවතුනා , මොකද අම්මා කැමති නෑ තාත්තා ඉස්සරහ අපේ ඉස්කෝලේ වැඩ ගැන කතා කරන්න , වෙන මොකවත් නෙවෙයි තත්වය අසතුටුදායක වුනොත් බැනුම් අහන්න වෙන්නේ අම්මටම නිසා .ඒ ඇසිල්ලෙන් මම කාමරේට පැනගත්තා .

Thursday, September 17, 2015

හීන දිගන්තේ



"මොන මගුලක්ද ඔය අහන්නේ දානවා නිව්ස්, දාගත්තා උදේ පාන්දරම කෙහෙල් මලක් "

දිසානායකගේ සද්දෙත් එක්කම ඊළඟට ඇහුනේ රේඩියෝවේ නිව්ස් යන සද්දේ ...

"දැන් ඔයැයි ඔය නිව්ස් ඇහුවම රට හැදෙයි ..."

"නෑ තමුසෙගෙ අර ටොම් පචයා හීන විසඳන එක ඇහුවම තමා රට හැදෙන්නේ .... ඔය හීනයා කිව්වේ මේ අවුරුද්දෙත් ආපහු සුනාමියක් ඇතිවෙනවා කියලා ? ලැජ්ජ නැතුව තවත් අහනවා ..."

තිලකා ගෙනාපු තේ පුරපවපු මග් එක “දොහ්” ගාලා මෙසේ උඩින් තිබ්බ පාරට තේ ටිකක් මේසෙට වැටිලා බිංදු කීපයක් වටේට ඉහිරුනා .. නහය පුම්බලා පුස් පුස් ගාලා දෙතුන් පාරක් පිම්බපු දිසානායක  ඔරවාගෙන යන තිලකා දිහා බලං කට කොනකට හිනාවෙන ගමන් තේ එක තොල ගාන්න පටන් ගත්තා .

"නෑ ඒයි...."
 තමන්ගේ තේ එකත් අතේ අරං උළුවස්සට හේත්තු වෙන ගමන් තිලකා කතාවක් පටන් ගත්තා .

"මම දැන් දවස් තුනක්ම එකම හීනේ දැක්කා , එක මොකක්ද කියලා අහලා යවන්න් හිතාගෙන තමා අද ඔය අහන්න ගත්තේ ..."

"ප්ප් ප්රුහ්....."
ගාලා හිනාවකුත් එක්කම දිසානායකට කටේ තිබ්බ තේ ඩිංග එලියට විසි වුනා ..

මේ මොන විගඩමක්ද මොකක්ද මනුස්සයෝ ඔය තරං හිනා යන්න වෙච්ච කෙලිය .."

දිසානායකගේ කටේ තිබිලා තමන්ගේ ඇඟට විසිවෙච්ච් තේ බිංදු පිහිදාන ගමන් තිලකා ආපහු ගස්සාගෙන කුස්සියට ගියා ..

Thursday, August 27, 2015

ස්වප්න සුවිසැරිය



ස්වප්නමය සුවිසැරිය ඇරඹිනි
මේ සුවැති නිද්‍රාවෙන්
මා වෙලෙන්නේ
සුවඳ කැවු නිද්‍රාවෙන්


නැතිරටේ චාරිකාවක් යමි
ටින්කර් බෙල්, පීටර් පෑන් සමගින්
දුෂ්ඨයා කැප්ටන් කුක් 
නපුරො නිතරම පැරදෙන එකම සුවයක්


තම්බලීනාය මම වසීලිස්සාට හොරෙන්
හත්පෙතිමලත් රැගෙන
මාෂා සමග  
වළහගේ කන්පෙත්ත උඩ ඔංචිලි පදින


පොපි ඇටයි සීනි කිරමයි
පාන් වළලූ කන්න ඕනේ එහෙමයි
ශේන්‍යා දැන් ඉරිසියාවෙන් පුපුරයි. 


කියන්නට ඕන ගාෆීල්ඩ්ට එන්නට කියා
ටොම් සහ ජෙරී සමගින්.
කන්නට සීනි
මිකී මවුස් එන්නට කලියෙන්  


ටොෆි හොරා ගැන ටිං ටිංට මම කිවුවොත්
ස්නූවි දේවි මට හොරු අල්ලන්න සතියක්
පිස්සු පූසා ඇයි අර එලවන්නේ කැප්ටන් හැඩොක් හේ පස්සේ  
බුබුළු නගියි බෙලිකටුවල මහ වැස්සේ


හිත මිතුරු කැස්පර්ට හාද්දක් දීලා
හා හා හරියි කියලා හාව පැන දිව්වා
වුඩී වුඩ් පෙකර් නම් - පරණ වඩු මඩුවෙමයි
පියාඹන හාද්දක් බෙන් ටෙන් ට යැව්වා


රෝඩ් රනර් ෂෝ වගේද අම්මේ
දුෂ්ඨය හැමතිස්සෙම පැරදෙන්නේ?
කවුද බෝයි වාගේමද අම්මේ
සාධාරණ යුක්තිය රජයන්නේ?


ඉතින් ඇයි 'නැගිටින්න ළමයෝ' කියන්නේ,
මේ සුවැති නිද්‍රාවෙන්
කටු ඇනෙයි - හිත තැලෙයි - මට බයයි
මේ ස්වප්න සුවිසැරිය මට සැපයි


පසු සටහන -

ගීතයක හෝ කවියක පසු කතාව ලිවීම සමහරවිට සමහරුන් නුරුස්නා දෙයක් විය හැක. එහෙත් මේ කවි සිතුවිල්ල උපදින්නේ අහම්බයක් නිසාය.  තාක්ෂණික තොරතුරු බ්ලොගය ලියන දයාබර නිමෝ හෙවත් "කොම්පියුටර් ඛාන්" නොහොත් "කොම්පියුටර් කන්නා" දුම්රියේ උදෑසන වැඩට යද්දී දුටු නිදා සිටින මේ දැරියගේ පින්තුරය වයිබරය තුලින් එව්වේ ,මෙන්න මේකට කවියක් ලියහන් කියාය.

සිතේ ඇතිවුණු සිතුවිලි අපිළිවෙලට කුරුටුගා කවිය පොලිෂ් කිරීමේ වගකීම මෙන්න මේ කවි බ්ලොගය ලියන , කවියටම උපන් පරපුරක කොටම පුරුකක් වන මෙන්න මේ ප්‍රතිභාපූර්ණ  කවි කාරියට පැවරීමි . ඉදින් කවිපද  කපා කොටා රණ්ඩු වී අවසානයේ මෙය පබිලිස් කිරීමට 3/3 ක ඡන්දයෙන් හැකි විය .
ස්තුතියි  නිමෝ සහ බස්සි

Thursday, August 6, 2015

කරුමය ,අරුමය සහ උරුමය




"කොහොමත් ලොක්කා කැමතියි බං පුරුදු නැති උන් ගන්න , මොකෝ පුරුදු කාරයෝ අරං ගෙවන ගානෙන් බාගයකට ගත්තෑකිනේ .. අනික කොල්ලෙක් නම් කමක් නෑ... ඕයි ගෑනු බාගයක්නේ මේකා "

"ඔව් ඉතිං ,මේ වගේ පකයි ගත්තම , අපි එපැයි නහින්න . අනික... හුග් .....මොකෝ යකෝ අනින්නේ .."

ඒ ටික කිව්වේ රංග , මම ඒ පැත්තට එනවා දැකපු කසුන් රංගට අනිනවත් මම බලාගෙන , එත් කිසිදෙයක් දැක්කෙත් නෑ. ඇහුනෙත් නෑ වගේ ඒ පැත්තට ඇවිදගෙන ගියා . එතකොට තමයි දැක්කේ අරක්කු බාගේ බෝතලේ ...

" ආ .. අලුත් මල්ලි .. සිට් පුතා ..."

" මොකෝ උඹ ඔච්චර හොඳ රස්සාවක් දාලා මේ බෑග් කරගහන්න ආවේ,  රූංසවිස් කියලා කිව්වට ,තේරෙන බාසාවෙන් මේක නාටාමි ජොබ් එක . ඔෆිස් බෝයි වුනත් රට කොම්පනියක්නේ යකෝ ,නැද්ද කසුවෝ ."

රංග දිහාට ඇහැක් ගහපු කසුන් , "මොකක්ද ජෙමා කිව්වේ .මේ...මේ.....මේ....මැනේජර් මහත්තයා ?" ටික දවසක් වැඩ බලලා , රෙස්ටුරන්ට් එකට හරි කිචන් එකට හරි දාන්නම් කිව්වද වැඩ ඉගෙන ගන්න, දිගටම හිටියොත් චෙෆ් කෙනක් කරන්නම් කිව්වද ?
හැක හැක හැක හැක හැක හැක ......

"හැබැයි කසුවෝ මූට ඉහල යන්න සුදුසුකම් තියෙනවා ... සුදු කොල්ලනේ ... නිවාඩු දවසටත් වැඩ කරහන් ... ජෙමා ගෙදර යන්නෙත් නෑ... හැක හැක හක හක.. චෙෆ් වෙයි චෙෆ් කෙසේ වෙතත් ඔෆිස් බෝයි ප්ලේ බෝයි නොවී බේරෙනවා ........ අනේ හුකේ නන්නානේ"

*******

Wednesday, July 15, 2015

Humpty Dumpty







Humpty Dumpty sat on a wall




Humpty Dumpty had a great fall




All the king's horses and all the King's men





Couldn't put Humpty together again




**********



London Bridge is falling down,
Falling down, falling down.
London Bridge is falling down,
My fair lady.



Build it up with wood and clay,
Wood and clay, wood and clay,
Build it up with wood and clay,
My Stupid men



Wood and clay will wash away,
Wash away, wash away,
Wood and clay will wash away,
My fair lady.


Friday, April 10, 2015

පෙර පිං


"යන්නේ නැත්තං අයින් වෙයන් හුත් .... ඔතන හිටගෙන ඉන්නේ "

මගේ ඇඟේ හප්පෙගෙන වතුර බාල්දියත් අරං ටකරං වලින් වටකරපු ලැට් පේලියේ කෙලවරේ ඉඳන් දෙවනියට තියෙන ලට් එකේ දොර ඇරගෙන ඇතුලට රිංගපු එකා , දොර වහගන්න්වත්, එක්කම වගේ "හම්මේ" ගාන සද්දේ හොඳට එලියට ඇහුනා....

දොරට පයින් ගහපු බණ්ඩාර අයියා .... "මොකද ..තෝ බෙට්ට අල්ලේ තියාගෙනද නැගිට්ටේ ... " කියලා ඇහුවට ඒකට උත්තරයක් බලාපොරොත්තු වුනේ නෑ මං හිතන්නේ ... දත් බුරුසුව උගුර ඇතුලටම ඇනගෙන දෙසැරයක් විතර ඔක්කාර සද්දේ දාලා කෙල තලියක් ගැහුවට ඒකට වතුර පාරක් ගහලා කාණුවට යවන්න මිනිහා වගබලාගත්ත ,

හැමදාම , වගේ උදේට , මේ ටකරං මඩු ටික අස්සේ මේ ජරමර ටික නම් දැන් හුරුයි වගේ, උදේ හතේ මනිය ගහන්න කලින් වැඩපලේ ගේට්ටුව පනින්න තමයි ඔක්කොමලා ගේ ට්‍රයිඑක. නැත්තම් පැය දෙකක් කැපෙනවා .

" අම්මප මට ලොක්කගේ අම්මට හමන්නන්න හිතෙන්නේ ඔය වෙලාවට තමා , කීසරයක් මම කිව්වද දෙමෙල්ලු මේක අස්සට දානං එපා කියලා, බලපන්, වේසිගෙ පුතාලා ,නාන්නෙත් නෑ, ඒ මදිවට විටගඳයි, තල තෙල් ගඳයි. "

බණ්ඩාර අයියා කියන්නෙත් ඇත්ත අප්පා, මේ වතු දෙමලු ටික නම් මහා අපිරිසිදු ජාතියක්.

"මොකද කොටා යන්නේ නැද්ද අද?  බබා හුකුන් නැතුව වරෙන් පකෝ යන්න .. "

ඒ සද්දෙට එකපාරටම බැනියම දාගත්ත මම , කහපාට හේදිලා ගිය ගල් තොප්පිය අතට අරං එලියට ආවා.

"දක්ෂිණ අධිවේග මාර්ග ව්‍යාපෘති සේවක නවාතැන ... " කියන ලොකු බෝඩ් එකට යටින් පාරට ආපු අපි ටිපර් එකේ පිටිපස්සට නැග්ග්ගේ වැඩපලට යන්න.

බණ්ඩාර අයියා කියන්නැහේ තාප්පෙටයි, බෝඩ් එකටයි වියදම් කරපු ගානෙන් බාගයක්වත් වියදම් කරානං , අඩුගානේ වැසිකිලි ටික හරියට හදන්න තිබුනා . අමු අපායවල්,
මුන්ට ඕනේ වැඩ විතරයි, විනාඩිය එහාමෙහා වුනොත් පැය දෙකතුන කපන්නේ ... හෙනම ගහපං.

Monday, April 6, 2015

අවාරය


මේ ගුරු පාරේ , මේ දොළ අයිනේ ..අපේ රහස් ඇත සැඟවීලා ..අපේ රහස් ඇත ලියවීලා ..
ඉර බැහැගෙන යන තැඹිලි පාට එලිය කාමරේ ජනේලෙන් ඇතුලට පනින්නේ කාගෙන්වත් අවසර නොගෙනම වගේ. අමරදේව මාස්ටර්ගේ ඒ සිංදුව අහගෙන අලස විදිහට ඇඳ බදාගෙන ඉන්නකොට මට මතක්වුනේ සුරංගාව

Friday, April 3, 2015

හතරරියන් , දෙරියන් , නෙලුම් සහ නියඟලා


හතරරියන් සහ දෙරියන් එකම ගමේ යහළුවන්ය
මේ දෙන්නා කලක පටන් බොහොම එකමුතුයි.


එකමුතු වෙන්න ඕන නැතිය. එහෙම ඒවා අපේ ජාතියේ උත්කෘෂ්ට භාවයට කැළලක්ය. එත් ලඟකදී හතරරියන් සහ දෙරියන් එකම ස්ටේජ්ජුවක දැක්කෙමිය. ඒ නෙලුම් යාය සම්මාන උළෙලේදීය.

Friday, February 6, 2015

ගෑල්ලමයා මං


පවුලට මුලටම ආවම
වාසනාව ගෙනවාලු
පවුලට වාසනා ගෙනා
ගෑල්ලමයා මං
 
පව්ලේ පුතෙක් නැති වුනාම
කරුමෙට ඉපදුනාලු මම
පරපුර මග නතර කරපු
ගෑල්ලමයා මං
 
 
 ඉස්කෝලෙට යන එනකොට
පරිස්සම් කරන්න බැලූ
පුතෙක් වුනානම් ලේසිලු
ගෑල්ලමයා මං
 
ලොකු ළමයෙක් වුනාලු මම
නාන්න කන්නත් නැතිවම
ගේ මුල්ලේ හිර කරාපු
ගෑල්ලමයා මං
 
ඊට පස්සේ ආමරුයිලු
තනිව යන්න දෙන්න බැලු
කරදර දෙක තුන කරාපු
ගෑල්ලමයා මං
 
බස් එකේදී කෝච්චියේදී
බැංකුවේදී පෝලිමේදී
ඇඟට වැටෙන පිරිමි පැන්නු
ගෑල්ලමයා මං
 
ඔෆිසියේදී පොලීසියේදී ට්‍රිප් එකේදී පන්සලේදී
දෙපිට කැපෙන වචන වලට
ඇහෙන්නේ නෑ වගේ හිටපු
ගෑල්ලමයා මං
 
ආදරයේ නාමයෙන්ලු
විදලා පනින්නට හදාපු
හැමගෙන් ගැලවී සිටිනා
ගෑල්ලමයා මං
 
පොරුවේදී කලන්තේ දා
වැටෙනා තුරු බලා හිටපු
නෑදෑ මුණු ඇඹුල් කරපු
ගෑල්ලමයා මං
 
නැන්දම්මයි රෙදි නැන්දයි
නෑනලා හරි අඩ දුසිමයි
අදින්න ගිය වලිය නැවතූ
ගෑල්ලමයා මං.
 
බැඳලා දැන් අවුරුද්දයි
තාම නැද්ද ළමයි බමයි
අහනා හැමට හිනා වෙච්ච
ගෑල්ලමයා මං
 
හපොයි හරිම මුසලියක්
ගෑල්ලමයි මයි ලැබෙන්නේ
හැමෝගෙන්ම බැනුම් අහන
ගෑල්ලමයා මං
 
 

Monday, February 2, 2015

සමකෝණී


'අරිනවා දොර ..'

"සැරයක් කිව්වම අරිනවා දොර, කඩන්න කලින් "

"ක්රාස් " හඬින් හඬ දෙමින්  අනෙක්සියේ දොර විවර වන්නටත් ප්‍රථම ,කාමරය ඇතුලට පැනගත් දැලි රැවුල යන්තමින් වැඩුන තරුණ පොලිස් ගැටව් දෙදෙනාගෙන් වඩා උස එකා මගේ බැනියමෙන් අදිමින්

"පරබල්ලා ....තොට කන් ඇහෙන්නේ නැද්ද? මෙහාට වර තොගේ මදන විසේ අරින්න .."
"ඕකා මැරෙයි බලාගෙන කියපු අනික් පොලිස් ගැටයා ..." මගේ පසු පසට වැරෙන් පයින් පාරක් දුන්නේ මාව අනපෙක්ෂිතවම දොරෙන් එලියට විසිවෙන්න .

විසිවී ගිය මා ,පාරට මායිම් වූ කුඩා මිදුල් කැබැල්ල මැද ඉන්දවුනා  . එසැනින් මා දුටුවේ අසල්වාසීන් කීප දෙනෙක් දෙපස තාප්ප වලට උඩින් එබිකම් කරන අයුරුයි. ගෙදර අයිතිකාරිනිය වූ නාලිනී කඳුළු පිරුණු ,එහෙත් කෝපාග්නිය දැල්වෙන මුහුණින් මාදෙස බලා සිටින අතර , ඇයගේ බාල දියණිය වන නිරාශාද සිටියේ කෝපයෙන් දැල්වෙන දෙනෙතින් .

" මොකද ,මට ගහන්නේ ..මොකක්ද මම කරපු වරද ?"

මගේ වචන කන වැකෙද්දීම ගස්සාගත් නාලිනී ගෙතුලට යනු මට පෙනුනි. තවමත් පුපුරමින් සිටින දහඅටවියේ පසුවන නිරාශා ලඟට කිට්ටු වූ උස පොලිස් ගැටයා

" මුන් වගේ උන්ට බෙහෙත් අපි ළඟ තියෙනවා ,ඔයා බලන්නකෝ අක්කට කරපු දේට ඕකට අපි කරන දේ "
කියනු මට යාන්තමට ඇසුනි..

නිරාශාගේ නෙතග බැල්මෙන් පොලිස් ගැටයා තවත් උද්දීපනය වූ බව මට වැටහුනේ
"වරද නේ ... වරද කියාදෙන්නම් සුප්පුවක් කටේ ගහලා ..වලත්ත බල්ලා " කියමින් තව පා පහරක් බිම වාඩි වී සිටි මගේ පිට හරහා වැදෙනවාත් සමගය,  මට කැස්සක් ඇතිවුයේ එක වරමය .

"මහ්...මහ්...මහ්...මම සුරාජිව බඳින්න කැමතියි  කියලා කිව්වනේ , ඉතිං ඇයි මෙහෙම කරන්නේ .."
"අනේ නාලිනී .... මම සුරාජිව බාරගන්න කැමතියි ..... මම කී පාරක් කිව්වද ?"

"වහපිය කට වනචරයා ..කෙල්ලෙක්ව රේප් කලාම හැම එකාම කියන්නේ ඕක තමා , ඉතිං තොට කලින්ම කෙල්ලව බාරගන්න තිබ්බනේ අහුවුනාට පස්සේ කෙබර හලන්නේ නැතුව .ඉඳා ....."

"බුදු අම්මේ ......"

බිම ඇදවැටුණු මට නිරාශා සහ සුරාජි මාරුවෙන් මාරුවට මෙන් බොඳ වෙමින් පෙනෙන්නට විය

Friday, January 16, 2015

සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේවල් සහ ජනාධිපති රංජන් රාමනායක .. Common, Uncommon & President Ranjan Ramanayake

මම බුකියේ නැතත් බුකියේ පෙළහර පාන පිංතුර කෑලි නිතරම ඊ මේල් කරන හිතවතෙක් මේ ලඟදි එවූ ඡායාරූපයකි මේ .

.
මේ කතාව දැකපු ගමන් මටනම් හිතුන දේ තමයි සාමාන්‍යයෙන් විය යුතු දේකට මොකද මේ හැටි ප්‍රසිද්ධියක් දෙන්නේ කියන එක. වාහනයක් කහඉරක් අසලදී නැවත්වීම සාමාන්‍ය දෙයක් වුනත් අපේ රටේ මිනිස්සු ඒක එහෙම පිළිගන්නේ නැත්තේ ඇයි?

මේකෙන් කාරනා කීපයක් හිතන්න පුළුවන්.

  • ඉතිහාසයේ පළමුවරට කියන්නේ, අපේ රටේ ඉතිහාසයේ කවදාවත් රාජ්‍ය නායකයෙක් රටේ සාමාන්‍ය නීතියට ගරුකරලා නෑ කියන එක
  • මගී ජනයා ඔල්වරසන් නගයි කියන්නේ , අපේ රටේ ජනතාවට රාජ්‍ය නායකයෙක් නීතියට හෝ සම්ප්‍රදායට ගරු කිරීම සාමාන්‍ය දෙයක් නොවන බව .
  • අපේ මිනිස්සු තමන්ගේ ඡන්දයෙන් පත්වෙන ජනතා නියෝජිතයන් දෙස දේවත්වයෙන් බලන බව . 

 දෙවැනි එක තමා හිටපු ජනාධිපතිතුමා පරාජය පිළිගෙන නිහතමානීව අරලිය ගහ මන්දිරයෙන් නික්ම ගියාලු. (ඒ සම්බන්ධ අතුරු කතා පැත්තකින් තිබ්බම ) මට ප්‍රෙහෙලිකාවක් වෙන්නේ , පැරදුනාම නිල නිවසින් (නිල නිවසම නොවුනට ) ඉවත්වීම ඔය තරම් පුදුම උපදවන දෙයක් වුනේ කොහොමද කියන එක . එක බොහොම සාමාන්‍ය දෙයක් . පරාජිතයා ඉවත් වී ජයග්‍රාහකයාට හිමි තැන ලබාදීම ලෝකේ හැමතැනම සිදුවන දෙයක් . ඒ සා සාමාන්‍ය දේවල් මහා විශාල විශ්මයන් බවට අපේ රටේදී පත්වෙන්නේ අපේ මිනිස්සු සාමාන්‍ය දේවල් කවදාවත් දැකලා නැති නිසාද , නැත්තම් තමන්ගේ ඡන්දෙන් දේවත්වයට පත්කරපු පුද්ගලයන් සාමාන්‍ය ජීවිත ගත කරනවා දකින්න තියන නොකැමැත්ත ද ?.

එංගලන්ත අගමැතිවරයා දුම්රියෙන් ගමන් යාම , දඩයකට යටත් වීම වගේ දේවල් ඒ රටවල් වල මහා විශ්මයන් බවට පත්වෙනවද කියලා ඒ රටවල ඉන්න කෙනෙකුගෙන් අහලා බලන්න වටිනවා කියලත් හිතුනා .

Sunday, January 11, 2015

කෝ ඩො යහපාලනේ .. அங்கு ஐயா Good Governance



මෛත්‍රීපාල මහත්තයා වෙත



පිස්සු බම්ප් වෙනවා ලොක්කා , අපි ටෙන් ඉයර්ස් කට්ට කාලා , චා වෙලා, නනත්ත්තාර වෙලා ඉද්දි. බුලත් හපයෝ අපිව වට කරන් නෙලද්දී අපි බොක්කෙන් ලොක්කට සප් එක දුන්නා ලොක්කා .
ඉස්සරනම් අපිට ලොක්කව පේන්න බෑ ලොක්කා , එත් අලියා කටුස්සා වෙලා ඉන්නකොට කෝම අරි ලොක්කා ගේමට බැහැලා අපිවත් චූන් කරලා අපිටත් පොඩි ගැම්මක් ආවා ලොක්කා , ඒ නිසා තමා අපි වෙඩි කාගෙන , ගුටි කාගෙන ගේම දුන්නේ ලොක්කා . අපි කාලයක් තිස්සේ අතේ පයේ හිරි අරගන්න විදිහක් නැතුව හිටියේ ලොක්කා .

Monday, January 5, 2015

උමා


"උඩරට කඳුකරයේ ...බැසයන සුන්දරියේ
  සුකොමල දුන්හිඳ සුරතලියේ ඔබ
  හෙළයට සිරිය ගෙනේ "

බස් එකේ මම ඉඳගෙන ඉන්න සීට් එකට උඩින් තියෙන බෆල් එක මල වදයක් වෙලා තිබ්බේ , කොළඹ ඉඳන් බෙරගල  කිට්ටුවට  එනකම්ම මේ කැසට් එකේ දාපු අහන්න පිරියක් හිතෙන එකම සිංදුව මේකද මන්දා , පිට වෙන ගීපද තාලෙට මමත් තොල් මුමුනන්න ගත්තේ ඉබේම වගේ. ඇත්තටම බෙරගල - හපුතලේ කිට්ටු වෙනකොටම මේ සිංදුව ඇහෙන්න පටන් ගත්තම අමුතු ගතියක් දැනෙන්න ගත්තා .

මහත්තයා බෙරගල හංදිය ඉස්සරහ ,මහත්තයා බහින්න ඕනේ කිව්වා නේද ?
බෙරගල හංදියේ බස් එක නැවැත්තුව , ජනාකීර්ණ මහරගම හංදියේ ජීවිත කාලයෙන් තුන්කාලක්ම ගෙවා දැමු මට බෙරගල හංදියේදී දැනුන වෙනස වචනයෙන් කියන්නට බැරි තරම්. කොළඹදී කට කැපෙන්න පිරී තිබුණු බස් එක දැන් සීට් ගානට විතරයි තව ඉස්සරහට යනකොට තව අඩුවෙයි .

බෙරගල හංදියේ බැහැල වට පිට බලල තේ එකක් බීලම යනවා කියලා හිතලා කොයි කඩේට ගොඩ වෙන්නද කියලා ලතවෙවී හිටියේ පොඩියට පේලියට පාර අයිනේ තිබ්බ ඒ කඩවල් ඔක්කොම එක වගේ නිසා , ඒ අතර තරමක් ලොකුවට හදාගත්තු පෙනුමට තියෙන අලුත් කඩ කීපයකුත් තිබුනා .