මිත්තරයෝ ටික

Friday, January 16, 2015

සාමාන්‍යයෙන් අසාමාන්‍ය දේවල් සහ ජනාධිපති රංජන් රාමනායක .. Common, Uncommon & President Ranjan Ramanayake

මම බුකියේ නැතත් බුකියේ පෙළහර පාන පිංතුර කෑලි නිතරම ඊ මේල් කරන හිතවතෙක් මේ ලඟදි එවූ ඡායාරූපයකි මේ .

.
මේ කතාව දැකපු ගමන් මටනම් හිතුන දේ තමයි සාමාන්‍යයෙන් විය යුතු දේකට මොකද මේ හැටි ප්‍රසිද්ධියක් දෙන්නේ කියන එක. වාහනයක් කහඉරක් අසලදී නැවත්වීම සාමාන්‍ය දෙයක් වුනත් අපේ රටේ මිනිස්සු ඒක එහෙම පිළිගන්නේ නැත්තේ ඇයි?

මේකෙන් කාරනා කීපයක් හිතන්න පුළුවන්.

  • ඉතිහාසයේ පළමුවරට කියන්නේ, අපේ රටේ ඉතිහාසයේ කවදාවත් රාජ්‍ය නායකයෙක් රටේ සාමාන්‍ය නීතියට ගරුකරලා නෑ කියන එක
  • මගී ජනයා ඔල්වරසන් නගයි කියන්නේ , අපේ රටේ ජනතාවට රාජ්‍ය නායකයෙක් නීතියට හෝ සම්ප්‍රදායට ගරු කිරීම සාමාන්‍ය දෙයක් නොවන බව .
  • අපේ මිනිස්සු තමන්ගේ ඡන්දයෙන් පත්වෙන ජනතා නියෝජිතයන් දෙස දේවත්වයෙන් බලන බව . 

 දෙවැනි එක තමා හිටපු ජනාධිපතිතුමා පරාජය පිළිගෙන නිහතමානීව අරලිය ගහ මන්දිරයෙන් නික්ම ගියාලු. (ඒ සම්බන්ධ අතුරු කතා පැත්තකින් තිබ්බම ) මට ප්‍රෙහෙලිකාවක් වෙන්නේ , පැරදුනාම නිල නිවසින් (නිල නිවසම නොවුනට ) ඉවත්වීම ඔය තරම් පුදුම උපදවන දෙයක් වුනේ කොහොමද කියන එක . එක බොහොම සාමාන්‍ය දෙයක් . පරාජිතයා ඉවත් වී ජයග්‍රාහකයාට හිමි තැන ලබාදීම ලෝකේ හැමතැනම සිදුවන දෙයක් . ඒ සා සාමාන්‍ය දේවල් මහා විශාල විශ්මයන් බවට අපේ රටේදී පත්වෙන්නේ අපේ මිනිස්සු සාමාන්‍ය දේවල් කවදාවත් දැකලා නැති නිසාද , නැත්තම් තමන්ගේ ඡන්දෙන් දේවත්වයට පත්කරපු පුද්ගලයන් සාමාන්‍ය ජීවිත ගත කරනවා දකින්න තියන නොකැමැත්ත ද ?.

එංගලන්ත අගමැතිවරයා දුම්රියෙන් ගමන් යාම , දඩයකට යටත් වීම වගේ දේවල් ඒ රටවල් වල මහා විශ්මයන් බවට පත්වෙනවද කියලා ඒ රටවල ඉන්න කෙනෙකුගෙන් අහලා බලන්න වටිනවා කියලත් හිතුනා .

Sunday, January 11, 2015

කෝ ඩො යහපාලනේ .. அங்கு ஐயா Good Governance



මෛත්‍රීපාල මහත්තයා වෙත



පිස්සු බම්ප් වෙනවා ලොක්කා , අපි ටෙන් ඉයර්ස් කට්ට කාලා , චා වෙලා, නනත්ත්තාර වෙලා ඉද්දි. බුලත් හපයෝ අපිව වට කරන් නෙලද්දී අපි බොක්කෙන් ලොක්කට සප් එක දුන්නා ලොක්කා .
ඉස්සරනම් අපිට ලොක්කව පේන්න බෑ ලොක්කා , එත් අලියා කටුස්සා වෙලා ඉන්නකොට කෝම අරි ලොක්කා ගේමට බැහැලා අපිවත් චූන් කරලා අපිටත් පොඩි ගැම්මක් ආවා ලොක්කා , ඒ නිසා තමා අපි වෙඩි කාගෙන , ගුටි කාගෙන ගේම දුන්නේ ලොක්කා . අපි කාලයක් තිස්සේ අතේ පයේ හිරි අරගන්න විදිහක් නැතුව හිටියේ ලොක්කා .

Monday, January 5, 2015

උමා


"උඩරට කඳුකරයේ ...බැසයන සුන්දරියේ
  සුකොමල දුන්හිඳ සුරතලියේ ඔබ
  හෙළයට සිරිය ගෙනේ "

බස් එකේ මම ඉඳගෙන ඉන්න සීට් එකට උඩින් තියෙන බෆල් එක මල වදයක් වෙලා තිබ්බේ , කොළඹ ඉඳන් බෙරගල  කිට්ටුවට  එනකම්ම මේ කැසට් එකේ දාපු අහන්න පිරියක් හිතෙන එකම සිංදුව මේකද මන්දා , පිට වෙන ගීපද තාලෙට මමත් තොල් මුමුනන්න ගත්තේ ඉබේම වගේ. ඇත්තටම බෙරගල - හපුතලේ කිට්ටු වෙනකොටම මේ සිංදුව ඇහෙන්න පටන් ගත්තම අමුතු ගතියක් දැනෙන්න ගත්තා .

මහත්තයා බෙරගල හංදිය ඉස්සරහ ,මහත්තයා බහින්න ඕනේ කිව්වා නේද ?
බෙරගල හංදියේ බස් එක නැවැත්තුව , ජනාකීර්ණ මහරගම හංදියේ ජීවිත කාලයෙන් තුන්කාලක්ම ගෙවා දැමු මට බෙරගල හංදියේදී දැනුන වෙනස වචනයෙන් කියන්නට බැරි තරම්. කොළඹදී කට කැපෙන්න පිරී තිබුණු බස් එක දැන් සීට් ගානට විතරයි තව ඉස්සරහට යනකොට තව අඩුවෙයි .

බෙරගල හංදියේ බැහැල වට පිට බලල තේ එකක් බීලම යනවා කියලා හිතලා කොයි කඩේට ගොඩ වෙන්නද කියලා ලතවෙවී හිටියේ පොඩියට පේලියට පාර අයිනේ තිබ්බ ඒ කඩවල් ඔක්කොම එක වගේ නිසා , ඒ අතර තරමක් ලොකුවට හදාගත්තු පෙනුමට තියෙන අලුත් කඩ කීපයකුත් තිබුනා .