මිත්තරයෝ ටික

Monday, January 5, 2015

උමා


"උඩරට කඳුකරයේ ...බැසයන සුන්දරියේ
  සුකොමල දුන්හිඳ සුරතලියේ ඔබ
  හෙළයට සිරිය ගෙනේ "

බස් එකේ මම ඉඳගෙන ඉන්න සීට් එකට උඩින් තියෙන බෆල් එක මල වදයක් වෙලා තිබ්බේ , කොළඹ ඉඳන් බෙරගල  කිට්ටුවට  එනකම්ම මේ කැසට් එකේ දාපු අහන්න පිරියක් හිතෙන එකම සිංදුව මේකද මන්දා , පිට වෙන ගීපද තාලෙට මමත් තොල් මුමුනන්න ගත්තේ ඉබේම වගේ. ඇත්තටම බෙරගල - හපුතලේ කිට්ටු වෙනකොටම මේ සිංදුව ඇහෙන්න පටන් ගත්තම අමුතු ගතියක් දැනෙන්න ගත්තා .

මහත්තයා බෙරගල හංදිය ඉස්සරහ ,මහත්තයා බහින්න ඕනේ කිව්වා නේද ?
බෙරගල හංදියේ බස් එක නැවැත්තුව , ජනාකීර්ණ මහරගම හංදියේ ජීවිත කාලයෙන් තුන්කාලක්ම ගෙවා දැමු මට බෙරගල හංදියේදී දැනුන වෙනස වචනයෙන් කියන්නට බැරි තරම්. කොළඹදී කට කැපෙන්න පිරී තිබුණු බස් එක දැන් සීට් ගානට විතරයි තව ඉස්සරහට යනකොට තව අඩුවෙයි .

බෙරගල හංදියේ බැහැල වට පිට බලල තේ එකක් බීලම යනවා කියලා හිතලා කොයි කඩේට ගොඩ වෙන්නද කියලා ලතවෙවී හිටියේ පොඩියට පේලියට පාර අයිනේ තිබ්බ ඒ කඩවල් ඔක්කොම එක වගේ නිසා , ඒ අතර තරමක් ලොකුවට හදාගත්තු පෙනුමට තියෙන අලුත් කඩ කීපයකුත් තිබුනා .




*******

"මහත්තයා "

"ආ ...." බස් එකේ කොන්දොස්තර මගේ පස්සෙන් ඇවිත් , " මහත්තයා බෙරගල ප්ලෑන් ඔෆිස් නේද යන්න ඕනේ කිව්වේ ?

ආ....ඔව්...

එන්න ගනේෂ් මුදලාලිගේ  ගේ තියෙන්නේ ඔය කියන ඔෆිස් එක ළඟ .මහත්තයට නවතින්න තැනක් ...???

ඒ ප්‍රශ්නෙට උත්තර නොදීපු මම " කොන්දොස්තර මහත්තයා මේ පළාතේද"

"මම හපුතලේ මහත්තයා , මේ පැත්ත දන්නවා ... නවතින්නේ කොහෙද ..?"

"ඔෆිස් එකේම රූම් දෙකක් තියෙනවලු " කියන ගමන් මං අනාරාධිතවම කොන්දොස්තර පස්සෙන් වැටුනා .

"ගනේෂ් මුදලාලි ... එප්පුඩි සුහම් ...නල්ලමා ?"

"නල්ලම් ,නල්ලම්..... ....කියා මාදෙස බැල්මක් හෙළු ගනේෂ් මුදලාලි .....ප්‍රශ්නාර්ථයක් කැටිකරගත් මුහුණෙන් කොනොස්තර දෙස බැලීය.

"ගනේෂ් මුදලාලි මේ මහත්තයා අර මුදලාලිගේ ගේ ළඟ තියෙන ඔෆිස් එකේ වැඩට ඇවිත් යන පාර පොඩ්ඩක් කිව්වා නම් හරි."
එහෙනම් මහත්තයා මම ගියා ..

"මුදලාලි නාන් පොයිටු වාරෙන්"

"ආමා .... අයියා "

"මහත්තයා ගම කොළඹද ? ප්ලෑන් ඔෆිස් එකේ වැඩට අලුතෙන්ද ?"

ගනේෂ් මුදලාලිගේ සිංහල උච්චාරණයේ කිසිම දොසක් නොවීය , මෙතක් වෙලා රත්වී තිබුණු කන්පෙති යන්තම් සිසිල් වන්නට පටන් ගත්තේ .....යන්තම් ඇති මේ යකාට සිංහල පුළුවන් කියලා දැනගත්තම ...

"ඔ...ඔ...ඔව් ඔව්.. ප්ලෑන් ඉන්ටනැෂනල් එකට අලුතෙන් අපොයින්ට්ම්න්ට් "

මගේ සිතුවිලි තේරුම් ගත්තාක් මෙන් මුදලාලිගේ මුවේ සිහින් සිනා රැල්ලක් ඇඳී මැකී ගියා .

"ඉන්න තව ටිකකින් අපේ පුතා යනවා එයත් එක්ක යන්න "

"රන්ගේසු .....නීන්ගල් පෝර ඉල්ලෙයා ..."

ඒ සද්දෙට කඩේ පිටිපස්ස පැත්තේ තිබ්බ දොර රෙද්ද මෑත් කරලා ඔලුව දාලා බැලුවේ අවුරුදු දාසයක විතර කොලු ගැටයෙක් ... කඩේ ඇතුලේ තිබ්බ කැෂියර් කුඩුව ළඟ වාඩිවෙලා ඉන්න මගේ දිහා කොල්ලා බැලුවේ පුදුමෙන්.

"රන්ගේසු මේ මහත්තයාට ප්ලෑන් ඔෆිස් එක පෙන්නන ඔයා ගෙදර යන ගමන් .." ඒ ටික සිංහලෙන් කියපු මුදලාලි මගේ දිහා බලලා හිනා වුනා .
කිසිම දෙයක් නොකියපු කොලුවා ආපහු දොර රෙද්දෙන් ඇතුලට ඔලුව අරන් කෑ ගහන සද්දේ ආහුනා

" අක්කා නාන් පෝරේන් ... විරයිවිල් වාර "

කියලා කඩේ හරහා පාරට බැස්සේ මගේ දිහා ආපහු සැරයක් බලලා... මමත් බෑග් එක කරේ තියන් තැනක් යූ මුදලාලි ..'කියාගෙන නැගිටිනකොටම සාරියක් ඇඳගෙන දිග කොන්ඩේ ගොතාගෙන මාව පහුකරගෙන ගිය යුවතිය දිහා මට ඉබේම බැලුන ..

"හොඳයි මහත්තයා යන්න , ඔය මගේ දුවයි පුතයි ,දුව හල්දුම්මුල්ලේ කොම්පුටර් සෙන්ටර් එකක උගන්නනවා ... පුතා තාම ඉස්කෝලේ ..."


*******

 "මචං අපි කෑම ගන්න තැනක් තියෙනවා , උඹටත් එතැනින්ම ඔඩර් කරන්නම් රෑට . රෑ කිව්වට හවස හය වෙද්දී කෑම ටික රූම් එකේ. "

විජේසේන ...අවුරුදු හතලිස් අටක් පමණ වුනත් හැමෝටම මචං කියන මගේ කාමරේ අනික් සගයා , සඳුදා දවල් ගෙදර සිට ගෙනාපු උන්ගේ කෑම වලින් ගතකල මට හවස් වරුවේ කිව්වා .

"හා ..."


"මචෝ දොර ඇරපන් කෑම වෙන්න ඇති"

දොරට තට්ටු කරන සද්දෙ ඇහිලා වෙන්න ඕන විජේසේන බාත්රූම් එක ඇතුලේ ඉඳන්ම කෑගැහුවා .

"අහ්හ්......"

"ආ...ආ....මහත්තයා කෑම ..."

"මේ...මේ...මේ.. ගනේෂ් මුදලාලිගේ දුව නේද?"

අහිංසක වගේම විළිබර හිනාවකින් මට සංග්‍රහ කල ,,තරුණිය ආපහු හැරිලා දුවන්න ගත්තා. ..

"ආ...ආ...ආ.... කටට මැස්සෝ යයි දැන් ... දෙමල නෙවෙයි නම් ශෝක් කෙල්ල නේ .."
විජේසේන කොතරම් වෙලා මගේ දිහා බලන් හිටියද කියලා දෙයියෝ තමා දන්නේ , විලි ලැජ්ජාවේ පන යනවා .

"අන්න ෆෝන් එක රිං වෙනවා දැන් සෑහෙන වෙලාවක ඉඳන් ..."

"නෑ "

මම දුවගෙන ගියත් ඒ වෙනකොට රිංග්ස් නතරවෙලා , ඔහ sms දෙකකුත් තියෙනවා

hi ....hope you found the place ...

what happen to you .... you r not answering :(

මලා නිපුනි ..... දැන් ඉතිං ඉවරයි . මම මෙතනට ආවත් හරි නිකං වත් sms එකක් වත් යවන්න් බැරි වුනා නේ .

නිපුනිගේ නුම්බර් එක ඩයල් කරපු මම ෆෝන් එක කනේ තියා ගත්තා .

*******

"උඹ වරෙන් මං යනවා ..."

"හා "

"මතක ඇතුව ලෝක කරලා යතුර අරන් වරෙන් .."

මම පාරට බැස්සෙම ගනේෂ් මුදලාලිගේ දුව මුණ ගැහෙයි කියන බලාපොරොත්තුවෙන්, හිතුවා වගේම මාවත් පුදුමයට පත් කරමින් පාරේ ඉහල පැත්තෙන් එන අයව මං අඳුන ගත්තා .

ඇය මාව දුටු බව මට ප්‍රත්‍යක්ෂ වුනේ ඇයගේ ගමනේ වේගය බාල වූ නිසා . එත් ඇය ලඟට එන තුරුම මම බලාගෙන හිටියේ කොහොම හරි කතාවට අල්ල ගන්න ඕනේ නිසාමයි.

"ගුඩ් මෝනිං ... "

"ගුඩ් මෝනිං ... "
හොඳින් සිනාසී මදෙස බැලු ඇය පැවසුවේ , මා බලාපොරොත්තු වූ කුලෑටි කම කොහෙත්ම නොපෙනවා .කන්ද පහලට කිලෝමීටර් බාගයක් පමණ ගමන් කර අයාගෙන වෙන්වන තුරුම ඉතා සුහදශීලීව කතා බහ කළා ..

"ඔයාගේ නම "

"උමා ... උමා කමලිනි සෙල්වරාජා ...මහත්තයා ...?"

"මහත්තයා නෙවෙයි මම සුමිත් ...සුමිත් කල්‍යාණ "

"හි හි හි  සුමිත් කියන එක ඊසි අප්පා ... අනික මට ප්‍රනවුන්ස් කරන්න අමාරු වගේ "

අමුතුම ඌරුවකට සිංහල කතා කරන ඇගේ කතා විලාසය මට මහත් ආකර්ෂණයක් අහ්ටිකරන්නක් වුනා .


*******

"මල්ලි මම කොහොමත් ටිකක් උදෙන් යන්නං නේ හැමදාම ..හැක හක හක් "

"අනේ නිකන් ඉන්න විජේ අයියා ."..

ට්‍රින්....ට්‍රින්... ට්‍රින්...

"ආ...ආ..ආ.. ඔන්න ගමේ කෑල්ල බලපන් බලපන් ... "
රෙදි මදිමින් හිටපු විජේසේන එහෙම කියලා අයන් එක පැත්තකින් තියලා කාමරෙන් එලියට ගියා ..

"මොකක්ද කලණ වෙලා තියෙන්නේ ..කෝල් එකක් නෑ... මැසේජ් එකක් නෑ....ඔයාට ඔයතරම් වැඩද?"

"නෑ නිපුනි මේ ...."

"මේ නිපුනි තමා ..ඔයා මේ වීකෙන්ඩ් එකේ ආවෙත් නෑ .. ...."

පැය බාගයක පමණ මහා වෙහෙසක් දර යන්තමින් නිපුනි සමග එකඟතාවයකට එන්න හැකිවුණේ මේ සති අන්තයේ නොවරදවාම කොළඹ එන බව පවසමින් .


*******

ඉන් පසු හැම උදයකම ඇය එන මග බලා හිඳීම මගේ දින චරියාවේ අංගයන් අතරට ඉක්මනින් එකතු වුනා .
කිසිම ආලේපනයක් නොගැල්වූ පැහැපත් සුන්දර මුහුණ , පිච්ච මල් දෙකක් නිතරම රැඳවූ දනිසටත් පහලට වැටෙන කළු ඝන කොණ්ඩය . සාරි හැට්ටයක්ට සමාන හැට්ටය සමගින් හැඳි විලුඹ දක්වා දිගු වූ සාය හැඳි ඇය ඇත්තෙන්ම සරල සුන්දරත්වයකට හිමිකම් කීවා .

පේෂල් කරන්න , ඇහි බැම හදන්න වගේම තව බොහෝ දේවලට නිපුනි සමගින් සැලෝන් වල රස්තියාදු වීමට හුරු වී සිටි මට මේ සරල සුන්දරත්වය සැබවින්ම ආශ්වාදයක් වුනා .

නිපුනි මට පණ මෙන් ආදරය කලත් , මමද ඇයට එලෙසින්ම ආදරය කලත් , මොකක් හෝ අඩුවක් ඒ සම්බන්ධය තුල සඟවා තිබෙන බව දැන් දැන් දැඩිව දැනෙන්නට වුනා .

ඉන් පසු හවස් වරුවේද ඇය පැමිණෙන තුරු රැදී සිටින්නට මා පුරුදු වුනා . මෙසේ හමුවුණු හැම දිනකම කතා කරමින් කිලෝමීටර් බාගයක් පමණ දුර සෙමෙන් ඇවිදීම හැර අන් කිසිදු යමක් සිදුවුනේ නෑ. නමුත් ඇය මගෙත් , මම ඇයගෙත් සමාගමය අතිශයින් ප්‍රිය කරන බව දෙදෙනාටම වැටහුනා .

මේ නිසාම මට දෙමල වචන යම් තරමකට භාවිත කරන්නට හුරුවක් ඇතිවුනා, මම කැඩීච්ච් දෙමලෙන් සහ ඇය නුහුරු සිංහලෙන් කතා කිරීම අපි දෙදෙනාටම ලබා දුන්නේ නොමද ආශ්වාදයක් .


*******

"ආ හොරා වගේ පාර අයින ඉටගෙන ඉන්නවා නේ ..."

"මම නිකං මේ යාලුවෙක් එනකං .."

"ආ ..ආමා ... ඒනම් මම යන්නං අයියා ....හි හි ......."

"ඒයි දුවන්න එපා ... කොඥඥාන් ඉරිංග ....."

"හි  හි හි  මොකක්ද කිව්වේ ......."

"ඔහ්.... අනේ............. ආන්ඩවනේ...... ඉහි ඉහි ඉහි "

"අයියෝ වැටුනා නේද ...එක තමා කිව්වේ ....."

*******


මම ලඟට යනකොටත් උමාගේ කකුලේ දණහිසට පහලින් ලේ ගලනවා , පොළොවේ උඩට මතුවෙලා තිබ්බ ගලක දිගට තිබුණු පිහි දාරයක් වගේ කොටසකට වම් කකුල හොඳටම කැපිලා ...

"මොකද කරන්නේ ? "

උමා අඬනවා නොනවත්වා ,  දෙපාරක් නොහිතපු මං උමාව හරහට ඔසවා ගත්තා ... ඇයත් අනාරධිතවම මගේ බෙල්ලේ එල්ලුනා , නමුත්

"මොකක්ද මේ කරන්නේ මහත්තයා .. එපා බිමින් තියන්න ..කවුරු හරි දකී අනේ ප්ලීස් ... තියන්න තියන්න ..."

ඇයව අපේ කාමරය අසලට එන තුරුම ඔසවාගෙන ආපු මම , එළියේ තිබුණු ගාඩ්න් බෙන්ච් එක උඩ ඉන්දවලා ඇතුලට ගිහින් අපේ ෆස්ට් ඒඩ් බොක්ස් එක අරන් ආවා , කකුලට බෙහෙත් දාලා ප්ලාස්ටර් එක දාල මම බෙන්ච් එක ලඟින් නැගිටිනකොටම දැක්කේ මගේ දිහා ඔරවාගෙන බලාගෙන ඉන්න විජේසේන ..

කිසිම කතාවක් නැතුව මිනිහා , ගියා කාමරේ ඇතුලට

මේකෙන් ගොඩක්ම බයවුණේ උමා .

"මම යන්නම් සුමිත්"
කොර ගගහ යන උමා නොපෙනී යනකම්ම බලන් උන්න මම කාමරේ ඇතුලට ආවා

"විජේ අයියේ"

" මොකෝ "

"විජේ අයියේ ..උමා ..................."

" මල්ලි මේ , මම දැන් අවුරුදු හතරක් මේ රූම් එකේ , මේ ජොබ් එක කරගෙන වැදගත් විදිහට හිටියා හරි, උඹ හදන්නේ එක කන්න නම් මට තවත් මේකේ ඉන්න බෑ. එක්කෝ උඹ පලයන් නැත්තම් මම යන්නම් "
මගේ ජීවිතේට මෙහෙම ගෑනු වැද්දගෙන නෑ තනියෙන් ඉන්න තැන්වලට ... කුපාඩියෙක් වෙන්න එපා යකෝ .... උඹට ගමේ කෙල්ලෙක් ඉන්නවා නේද ? මොකක්ද ඔය කුලප්පුව "

"විජේ අයියේ මේ ..."

"පලයන් යන්න ...උඹත් එක්ක මට කතාවක් නෑ ... මේ අන්තිම වතාව, මීට පස්සේ මෙහෙම දෙයක් වුනොත් උඹට රස්සාවත් නැතිවෙයි හරි ..."

ටීවී රිමෝට් එකත් පොළොවේ ගහපු විජේසේන නැගිටලා කාමරේට ගිහින් දොර වහගත්තා .

*******

තුවාල සිද්ධියෙන් පස්සේ සතියක් පමණ යන තුරු මට උමා මුණ ගැසුනෙම නෑ. ඊළඟ සඳුදා නිවාඩු දිනයක් නිසා , දීර්ඝ සති අන්තයට ගෙදර යන්න හිතුවත් විජේසේන සිකුරාදා හවස පිටත්ව යද්දී මං නැවතුනේ සෙනසුරාද උදෙන් යන්න හිතාගෙන .

පරිඝනක පුහුණු ආයතනයක සේවය කල නිසා උමා සෙනසුරාදත් සේවට යන බව මං දැනගෙන හිටියා . උදෑසන ගෙදර යන්න සුදානම් වී පාර දිහා බලාගෙන සිටි මට උමා අතින් එනවා දුටුවිට ඇතිවුණු සතුට කියන්නට බැරි තරම් . කන්දේ ඉහලින් වූ තරමක් උස බෑවුම් ප්‍රදේශයට වන්නට පිහිටා තිබු නිවසේ සිට පාරට තිබෙන කිලෝමීටර් දෙකක පමණ දුර ඇය සැමදා ඇවිදමින් තරනය කළා . කලින්දා රාත්‍රීයෙ පවතී තද වර්ෂාව නිසා පාර තරමක් මඩ සහිත වූ බැවින් ය ගමන් කලේ සෙමින්,

"ගුඩ් මෝනින් උමා"

"ගුඩ් මෝනින් සුමිත් .... එදා විජේ මාත්තයා ඔයාට බැන්නද?"
 කිසිම වෙනසක් නොපෙන්වා ඇය කතා කිරීම මට ලොකු අස්වැසිල්ලක් වුනා .

"අනේ නෑ ..."

"නැත්තේ මොකද ? කෑම අරන් ආපු වෙලාවේ ඔයාට මොනවදෝ කියලා බනිනවා ඇහුනා කියලා රන්ගේසු කිව්වා ."

"එකෙන් කමක් නෑ ඔයාගේ කකුල මොකද ?"

"අනේ මේ බලන්න" ,
හැඳ සිටි සාය මදක් එසවූ ඇය තුවාළය මට පෙන්වූවා , අඟලක පමණ කැපුම් තුවාලය එලියට ගැටිත්තක් මෙන් පැමිණ තිබුනේ සුවවුවත් කැළල සදහටම ඉතිරි කරමින් .

"අයියෝ ... කකුලේ හූනෙක් අලවලා වගේ දැන් .."

"අනේ යන්න විහිලු නොකර ඔයා නිසා තමයි මං වැටුනේ , බලන්න දැන් මේක කවදාවත් මැකෙන එකක් නෑ. ඒ මදිවට එතන නිකන් ගෙඩියක් වගේ ..... "

බොරු තරහක් මවාගත් උමා ,නෝක්කාඩු බැල්මක් හෙලුවා .

"අනේ සොරි උමා .... මම කිව්වනේ දුවන්න් එපා කියලා , ඔයානේ දිව්වේ බොරුවට "

"දැන් කමක් නෑ අනේ .ඒක ජෝක් " මේක තියෙන එක හොඳයි ...ඔයාව මතක් වෙන්න "
ඇය කිව්වම කියන්න ඕනේ මොකක්ද කියලා මම කල්පනා කළා ...

"ඔයා ගෙදර යන්නද ?"

"ඔව්,උමා මන්ඩේ නිවාඩුනේ ....."

බෙරගල හන්දියට එන තතුරුම සෙමින් සෙමින් ඇවිදිමින් මඩගොඩවල් උඩින් පනිමින් ඇයට පනින්නට පහසු තැන්වලදී අතදිගු කරමින් ,පැමිණි ගමන අදටත් මට සුන්දර මතකයක් .


*******

බෙරගල හන්දියට පැමිණීමට පෙරම ඇයගෙන් සමුගත් මා ,ඉක්මනින් පාරට ආවේ , බෙරගල හන්දියේ ඇයගේ පියා හඳුනන බොහෝ දෙනා සිටින නිසාත් , ඒ වනවිටත් නැවත ඇදහැලෙමින් තිබු වර්ෂාවෙන් බේරී ඉක්මනින් බස් රථයකට නැගගැනීමට අවශ්‍ය වූ නිසාත්ය .


සති අන්තයේ වැඩි කාලයක් නිපුනි සමග ගත කලත් මට උමාගේ මතක අතර තනි වීමේ දැඩි වුවමනාවක් විය , නිපුනි සමග ආදර සම්බන්ධය පටන් ගත මුල් කාලයේ විඳි මිහිර, උමා ගැන මතක අවදි වන හැමවිට නැවතත් හදවත් තුල හොල්මන් කරන්නට වුනා.

 ඉරිදා හවස් වරුවේ ෆෝන් එක රිං වෙන්න පටන ගත්තා ... අප්පට සිරි ..විජේසේනයා .. මූ ආයේ බනින්නද දන්නේ නෑ. එක්කෝ මට රූම් එකට එන්න එපා කියන්නද දන්නේ නෑ.

" හෙලෝ විජේ අයියා "

" මල්ලි ,මාර කේස් එක බං , බෙරගල නාය ගිහින්ලු .. අපේ ඔෆිස් එක, රූම් එක එහෙම තිබ්බ තැනක්වත් නැල්ලූ ."

"නෑ කවුද කිව්වේ , "

" නිව්ස් වල පෙන්නුවා , මම හිතුවේ නෑ එච්චර දරුණු ඇති කියලා , මැඩම් කථා කරලා කිව්වේ සම්පූර්ණ ගමම ගිහින් කියලා"

" අයියෝ උමාලට මොකද දන්නේ නෑ" 

" ගිහිං බලා ගනින් රෙද්ද "
දඩස් ගාලා ෆෝන් එක කට් කරපු විජේසෙනට ආපහු රිං කලත් ආන්සර් කලේ නම් නෑ.

මට දැනුනේ කවුරු හරි ඔලුවට කුලුගේඩියකින් ගැහුවා වගේ හැගීමක් .


 ********

ගෙදර හැමෝගෙම විරෝධය මැද ,මම එවලේම යන්න පිටත් වුනා , බස් වැඩ කරන්නේ නෑ. බලන්ගොඩින් එහාට . බලන් ගොඩ ඉඳන් ආමි ට්‍රක් එකක යන්න ලැබුනේ මම සේවය කරන්නේ ප්‍රසිද්ධ NGO එකක වීම නිසා .

ඔක්කොටම කලින් මගේ වර්ක් අයිඩෙන්ටිය බෙල්ලේ එල්ල ගත්තා , කරන වැඩක් නැති වුනාට මොකක් හරි එහෙම එකක් එල්ලගෙන ඉන්න උන් තමා වටේ පිටේ වැඩිපුරම හිටියේ .

පැය බාගයක් විතර එහෙ මෙහෙ කැරකෙනකොට , ඒ වෙද්දී හොයාගත්ත මල සිරුරු යුධ හමුදා රථයකට ඇතුල් කරනවා දැක්කමම එතනට දුවගෙන ගියා .

ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි විශ්වාස කරන්න බැරි ඒ සිදුවීම මගේ ඇස දෙකෙන් දකින්න වෙයි කියලා මම මොහොතකටවත් හිතුවේ නෑ ........

ඒ වෙද්දී පටවමින් තිබුන කාන්තා මල සිරුර ..........................
නිරාවරණය වෙච්ච් කකුල ...........................................
මම දැක්කේ මොකක්ද උමාගේ වම් කකුලේ තුවාල කැළල. මගෙත් එක්ක දුවන්න ගිහින් ගලට කැපිලා කවදාවත් මැකෙන්නෙ නැතිවෙයි කියලා උමා දුක් වුනු කැලල.
මාව කවදාවත් අමතක නොවෙන්න තියෙනවා කිව්වා සිහිවටනය

උමා ආ ආ ආ ආ ආ ආ ........ ලෝකෙම මගේ වටේ වේගෙන කැරකෙනවා වගේ මට දැනුනා .....

ස්තුතිය - පින්තුර සොයා දුන් බට කොස්සිට

140 comments:

  1. උඔ මිට ඉස්සර ලියපු ලිපියත් නාය යැම ගැන..
    ටයිටැනික් නැව ගිලුනට මිනිස්සු දුක් වුනේ ඒක ඇතුලේ තිබුන ඡැක්-රෝස් ආදරය ගැන..ඒ වගේ උඔ ලියන කතාවල චරිත ඡිවමානයි..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. කඳු වලම ජීවත් වනු අපිට නාය යාම් කියන්නේ අමුතු දේවල් වුනේ නෑ බන්. ස්වභාවික විපත් වලින් ආදර කතා යටපත් වුනේ නෑ, මතුවුනා මිසක්
      තින්කුයි .එලද බ්‍රා

      Delete
    2. //කඳු වලම ජීවත් වනු අපිට නාය යාම් කියන්නේ අමුතු දේවල් වුනේ නෑ බන්//
      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  2. // මහත්තයා නෙවෙයි මම සුමිත් ...සුමිත් කල්‍යාණ// බුදු අම්මෝ.. හිටපං කියවලා ඇවිත් අල්ල ගන්න..

    ReplyDelete
    Replies
    1. කමිච්චි බ්ලොග් කියවනවද බන්?

      Delete
    2. අඩේ කමියා මටත් මතක් වුනේ උඹව

      Delete
    3. හා හා උඹ NGO එකක නේද වැඩ කලේ :D :D

      Delete
    4. ඔව් කමිය හිටපු NGO (Navy Great Officer) කෙනෙක්

      Delete
    5. මටත් කළණව මතක් උනා. ඒත් එක්ක තව එකෙක් හොඳටම මතක් උනා. බලමු පහලට ගිහින් ඌ ඇවිත්ද කියලා.

      Delete
    6. බලපන් මු කමියගේ නමින් මුගේ කථාව ලියන අපුරුව .....අතිවිශිෂ්ඨයි හැක්

      Delete
    7. හැක් අඩෝ සින්දුර් .. කමියගේ බං කමියගේ කතාව ඕක

      Delete
  3. අදනම් මේක කොහොම හරි කියවනවා....... ඇදයක් හොයාගන්න ........... ඉඳපන්කෝ කො කාම පැය හම්බ වෙනකම්

    ReplyDelete
    Replies
    1. කාම පැයට වරෙන්කො එහෙනං. දැන් ටියුෂන් එකේද?

      Delete
    2. ඕං මං එකක් හොයාගත්තා .. හුරේ

      බෙරගල හන්දියෙන් බැස්ස ගමන් ඉස්සෙල්ලම කරන්ඩෝනැ කඩේකට රිංගලා ප්ලේන්ටියක් ගහලා ගෝල්ලිප් එකක් පත්තු කරගන්න එක .. චැහ් . මූ ඒක කරලා නෑ ..
      එහෙම නැතුව බෙරගල ගියාට නිකං ගියෙ නෑ වාගෙ . ඕ යේස්

      Delete
    3. ගොල්ලිප් ඇනෝ කෝ බං , කාලෙකින් දැක්කේ නෑ

      Delete
    4. හුරේ අරින්ඩ එපා..ගෝල් ලිෆ් එකක් පත්තු කර ගන්නෙ නැතුව බෙරගල නෙමෙයි දිවියලෝකේ ගියත් වැඩක් තියනවද?

      Delete
    5. //බෙරගල හන්දියෙන් බැස්ස ගමන් ඉස්සෙල්ලම කරන්ඩෝනැ කඩේකට රිංගලා ප්ලේන්ටියක් ගහලා ගෝල්ලිප් එකක් පත්තු කරගන්න එක .. චැහ් . මූ ඒක කරලා නෑ ..
      එහෙම නැතුව බෙරගල ගියාට නිකං ගියෙ නෑ වාගෙ . ඕ යේස්//
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++පත්තරේ අන්න කරමේ ....විදානේ ඩන්හිල් ස්විච් එක නේද ? එකත් පට්ට .බාගයක් ඇදලා ඇටේ මිරිකලා කූල් කරගන්නවා ...

      Delete
    6. මේක කියවනකොට මට මතක් වුනේ. ඔය ලොකේ අන්තිම මොහොතවල් විඳීමේ ක්‍රමය මටත් තියෙනවා.
      අවුල කියන්න ඔය වගේ තැන් වල සිගරට් එකක් පත්තු කරගත්තම ඒක වටේ පිටේ එවුන්ට ඇස් උඩ තියාගෙන බලාගෙන ඉන්න සිදුවීමක් වීම..... !

      Delete
    7. රංගි - මේ තැන්වල සිගරට් බොනකොට කෙල්ලෙක් ඉතිං මැජික් බලනවා වගේ තමා බලන්නේ වටේ ඉන්න උන්. කම්මුලේ ඇත තියාගෙන අනේ අනිච්චං කියනවා ඇති ..

      Delete
  4. කළණ මිත්‍ර‍යට කෙලල වගේ! හිටහන් ඉතුරු ටිකත් බලලම කියන්න.

    ReplyDelete
    Replies
    1. උඹ මාතලන් සින්ඩියෙන් අයින් කර්නව කියල කලබලේට හිතේ තිබ්බ ප්ලොට් එක ගහල දැම්ම මිසක් කැටයන් ගැන හිතල නෑ. මේක මටනං බොහොම මදි පුතා. කළණයට කෙලපු ටිකට විතරයි ලැයික් ( සහ උඹ ආයි ලියන්න ගත්තු එකට )

      Delete
    2. මට කෙලියත් කමක් නෑ මූට මේක මීට ලස්සනට ලියන්න තිබ්බ කියන එකට මාත් එකඟයි.. ඒත් කතාවේ බර නිසා මං ආලවට්ටං නැති එක ගැන බැලුවේ නෑ. අනික මෙහෙම හරි මුගේ අයිස් කන්ද කඩා ගන්න එක ලොකු දෙයක් නේ.

      Delete
    3. ඉන්දික & කමියා

      කෙලියේ කොහෙද මම ඌට උදව්වක් කලේ .
      කතාව හොඳටම මදි කියලා මුලින්ම තේරුනේ මට , නොලියා ඉඳලා ඉඳලා අපහු ලියන්න පුදුම කම්මැලි කමක් තිබ්බේ, ද්‍රාෆ්ට් එකේ ලඟදි පටන් ගත්ත කතා තුනක් තියෙනවා . එකක්වත් දිගට ලියන්න හිතෙන්නේ නෑ . කම්මලි කමට . ඕන මගුලක් වෙද්දෙන් කියලා මේක පබ්ලිෂ් කළා අන්තිමට . මදි නම් තමා

      Delete
  5. 70 දශකයේ සුන්දර සිනමා පටයක් වගේ නැරඹුවා.... එහෙම ලියන එක ලේසි නෑ.. හැබයි මීට රහට ලියන්න තිබුනා... කොහොම හරි බොග දාපු එක ළොකු දෙයක්.. හැලපයා නම් බනිනවා පලු යන්න ආයේ දෙකක් නෑ...

    ReplyDelete
    Replies
    1. ආයේ අහන්න දෙයක් නෑ. මම මේ හැලපයියා ඇවිත් යනකම් හැංගිලා ඉන්නේ . ආපු ගමන් මම කියන්න ඉන්නේ " යන්කො ගෙදර" කියලා .

      මේ කතාව තව සුමට කරන්න තිබුනා තමා..... තැනකුයි මාතේ

      Delete
    2. මටත් පරන ෆිල්ම් එකක් වගේ දැනුනේ. ඉවාන් අයියේ ඒත් අවසානේ එහෙම වෙයි කියලා හිතුවෙ නෑ. ඔයා ලියන්නෙම ට්‍රැජඩිනෙ අප්පා.

      Delete
    3. ඔමා මොකෝ නිල් පාට වෙලා , නිල් බලකායේද ?

      ට්‍රැජඩි ලියන එකෙත් තියෙනවා පොඩි ගතියක් , දැන් ඔයාගේ අර දිගම පොස්ට් එක ලියලා ඉවර වෙන්නේ කවද්ද? දැන් ඔමාගේ හීන පේන්නේ හීනෙන් විතරයි වගේ :P

      Delete
  6. හ්ම්ම්.. දැන්නම් මොකුත් කියල බනින්න හිතෙන්නේ නෑ උඹට.. මගේ නම උනාට මගේ කතාව නොවේවා කියල ප්‍රාර්ථනා කරනවා..

    කන්ද උඩ රුවින් දිදුලන
    කන්ද කදිර දේවාලය
    අපට පිහිට වෙයි කියලා හිතෙනවද උමා
    අප වටා නැගෙන උවදුරු
    ඈත්වී නොබෝ කලෙකින්
    පිච්ච මල් සුවඳ විතරක් ඉතිරි වෙද උමා..

    ReplyDelete
    Replies
    1. උඹේ කතාව නම් නෙවෙයි තමා .

      ඔය සින්දුවත් හිතේ කොනක තිබුනා මේ කතාව ලියනකොට , මොකද ඔය සින්දුව ලිව්වේ හාලි ඇල විද්‍යා මහා විද්‍යාලයේ සුදත් ගාමිණි බණ්ඩාර ගුරුතුමා, කියන්නේ සමන් ජයනාත් බණ්ඩාරවෙල ඉඳන් පේරාදෙණි ආපු සහෝදරයා .. ගීතයත් ,කතාවත් උඹේ නමට උඩට සමපාත වෙන ආකාරය පැහැදිලිනෙ :P

      Delete
    2. සමන් ජයනාත් ජිනදාස සහ රසික සූරියආරච්චි
      http://kathandara.blogspot.com/2012/12/saman-jayanath-jinadasas-latest-song.html

      Delete
  7. ඇති යාන්තම් ලියන්න ගත්තා. අපේ කල්‍යාණ (කලණ) ට මඩකුත් එක්ක.
    ස්ථාවර සම්බන්ධය හැම විටම යට යනවා අලුත් ආකර්ෂණයන් (කාලීන අවශ්‍යතාවන්) සමගින්.
    අනෙක් පැත්තට දාපු හරියක් වගේ නමලා.

    ReplyDelete
    Replies
    1. කවුද බොල කලයට මඩ ගැහුවේ, එහෙමත් කරනවද මං මේ ගමේ එකාට ....

      සම්බන්ධතා ගැන උඹ මේ කියන කතාව සම්පුර්ණ ඇත්ත. . සම්බන්ධයක නැවුම් බව කල්පැවැත්ම රඳාපවතින්නේ දෙදෙනා අතර අන්තර් සම්බධය ක්‍රියාත්මක වෙන විදිහ අනුව.

      Delete
    2. කලණගේ නමින් ඉවාන් මඩ ගැහුවෙ වෙන එකෙක්ට බොලන්. හොඳට කල්පනාකරල බලහං.

      Delete
    3. ම්හු... මීටර් නෑ..

      Delete
  8. මටනම් පේන්න තරම් වැරද්දක් නෑ මේකේ.උපරිමය නොවෙන්න පුළුවන්.ඒත් එක දිගට කියවගන යන්න පුළුවන් කම්මැලිකමක් නැතුව.ජය වේවා ඉවාන්..............

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කටුසු ...

      මේ කතාව මටත් ඒ තරම් ගැම්මක් ආපු එකක් නම් නෙවෙයි, එත් හිතේ තිබුණු දේ කොටලා දැම්මා . ජව වේවා උඹටත්

      Delete
    2. අපි මාටින් වික්‍රමසිංහලවත්, ජයසේන ජයකොඩිලවත් නෙවෙයිනෙ බොලන්. මටනම් මේ ඉහටත් උඩින්.

      Delete
  9. නියමයි නියමයි !
    මේ කතාව කියෙව්වට පස්සේ බෙරගල හන්දියේ පොඩි රවුමක් දාලා එන්න හිතුනා. :)

    ReplyDelete
    Replies
    1. සක් මොණරාලට කොළඹ ඉඳන් බස් එකේ ගියානම්, බෙරගල හරහා යන්න තිබ්බා .. ඔය මොනරාගල ගිය එකේ, ඔය ටිකත් ඇවිත් ගියානම් මොකද ?

      Delete
    2. 98, 99 මාරු වෙන්න ඕන. මොණරාගල කොළඹ බස් මේ පැත්තෙනුත් යනව.

      Delete
    3. ඕ...යේස් 99 - බදුල්ල , 98 - මොනරාගල

      Delete
  10. අඩෝව් … මෙන්න බ්ලොග් එක හැක් කරලා … හුකෑස්

    ඒ යකා හැක් කරල මදිවට පෝස්ට් එකකුත් දාල . මල හත්තිලව්වයි :D මේ නං ඉරිසියාවටම කරපු වැඩක් . ඕ යේස්

    ReplyDelete
    Replies
    1. මමත් බැලුවේ කවුද යකෝ මේ පොස්ට් එක දාපු එකා කියලා. උල තියන්න ඕන ,ඕ..යේස්

      Delete
  11. උමා මැරුණේ සුමිත් ගැන ඇත්ත නොදැන. දැනගත්තා නම් හෙළකින් පනින්නත් තිබ්බ!

    //....ඇයට පනින්නට පහසු තැන්වලදී අතදිගු කරමින්// කොටස මට පොඩ්ඩක් හැප්පුනා.

    බොරුවට විචාර කරන්න බැහැ මට. එහෙම විචාරයක් ලියන්නේ කොහොමද මම වගේ නොදරුවෙක්. ඒ උනාට මීට වඩා ටෙන්ෂන් එකක් අපිට දෙන්න ඔබට පුළුවන්කම තියෙනවා ( වෙලාවට එහෙම නොදුන්නේ. අම්මේ.. නැත්තම් මට අද නින්ද යන්නෙත් නැහැ.. හි.. හි..)

    ReplyDelete
    Replies
    1. හුටා පනින්නට පහසු නෙවෙයි අපහසු, තැන්කු වේවා උපේක්ෂා....

      අනේ අම්මප නොදරුව ,

      කතාව එච්චරම සාර්ථක නැති බව මම දන්නවා, එක්කෝ එහෙම වෙච්ච එකත් හොඳා , නැත්තම් උඹ රෑ තිස්සේ ඇහැරගෙන ඉඳියි .. හැක හැක හක

      Delete
  12. කතාව නියමයි.
    බෙරගල හන්දිය කියන්නෙ නියම පොට් එකක් තමයි. හැබැයි ඔතනත් කොයි වෙලේ නාය යයිද කියන්න බැරි තත්වෙක තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. හැමදාම ඔන්න යයි මෙන්න යයි කියලා පේන්න තියෙන බෙරගල හංදිය ගැන මටත් දකින හැම වෙලාවකම බයක් ඇතිවෙනවා . හැබැයි දන්නා කාලේ ඉඳන්ම ඔහොම තමයි
      තැන්කු වේවා ප්‍රසන්න අයියා .

      Delete
  13. මට එකපාරටම මතක්වුණේ ජයනාත් ජිනදාස ගායනා කරන තුමුල නමුනුකුල ගිරි හිස ගීතය.

    https://www.youtube.com/watch?v=i8RbxddBdZQ

    ඒකාංගික ටෙලි නාට්‍යයකට කදිම කතාවක්. ඉහලින්ම අගය කරනවා. මටත් තරමක් හුරු පුරුදු පරිසරයක් බෙරගල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක, මේ කතාව ලියද්දි බොහෝ සෙයින් මතක් වුන ගීතයක් තමයි ඔය, ඔය ගීතයේ නිර්මාපකයෝ දෙන්නත් මේ පළාතෙමඋදවිය . ටෙලියකට ගන්න කතාව හොඳයි තමා, එත් මෙතන මගේ දුර්වල කම් ගොඩක් තියෙනවා .

      Delete
    2. තුමුල නමුනු කුල ගිරි හිස - උඳුල සඳ මඬල දුටු නෙත
      රැවටුනා තමයි..
      කිම‍ ද මේ තරම් ඒ ගැන - හිනැහෙන්නට කාරණා
      මුහුණ රතු වෙලා දෙනෙතින් - කදුළු පනින තුරු එලියට
      ඔහොම හිනා‍වෙනකොට උඹ - ‍ලස්සනයි උමා...

      නුඹේ වත මඬල සඟවා - මුවා වෙන ලෙසින් අතුරන
      සීත පිණි නිසා තිලකය - පාළුවෙයි උමා..
      සීත මීදුමේ තිරපට - වළලු ලූ අතින් ඉවතට
      ඈත්කර හොරෙන් හෙමිහිට - බලාපන් උමා...

      කන්ද උඩ රුවින් දිදුලන - කන්ද කදිර දේවාලය
      අපට පිහිට වෙයි කියලා - හිතනවද උමා...
      අප වටා නැගෙන උවදුරු - ඈත්වී නොබෝ කලකින්
      පිච්ච මල් සුවඳ විතරක් - ඉති‍රි වෙද උමා...

      ගායනය : සමන් ජිනදාස
      පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර
      සංගීතය : ආනන්ද පෙරේරා

      Delete
  14. උඹට වගේ කතා ලියන්න ප්‍රතිභාවක් මට තියෙනවනං මම මේ කතාව ලියන්නෙ බ්ලොග් ලෝකෙම අඬවන්න.කාලෙකිං ආපු එකාට මොකුත් කියන්නත් බෑ හිතට අමාරුයි.නොකියත් බෑ.එකක් කියන්නං දුව දුවා ලියන්න එපා.අගේ ඇති ප්ලොට් එක බං.හැබැයි වැදුනේ නෑ.බෙරගල හංදිය ගැන කියද්දි කාලෙකට ඉස්සෙල්ල ඒ පාරෙන් නිතරම වගේ ගිය හැටි මතක් උනා එච්චරයි.ආ උඹේ දෙමළ හොඳයිනෙ මල්ලි.කාගෙන්වත් අහන්නෙ නැතුව ලිව්වනං අපූරුයි කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. අම්මේ , ඇති යාන්තං... මම මේ යන්කෝ ගෙදර කියන්න හිටියේ . කොහොමත් කාලෙකින් ලියද්දි කම්ම්ලිකම ඔලුවටත් උඩින් හැලපයියේ.
      දෙමල මට තරමක් පුළුවන්. අපේ අප්පච්චිට නම් දෙමල පුළුවන් දෙමල මනුස්සයෙකුටත් වඩා. කොහොමත් පොඩි කාලේ හිටපු යාළුවො බොහොමයක් දෙමල ,මුස්ලිම් වෙච්ච නිසාම දෙමල කතා කරන්න අමාරු වුනත් තේරුම් ගන්න පුළුවන් ගොඩක් වෙලාවට

      Delete
    2. ඔයින් ගියා මදැයි... ඌටත් මට වගේම දුක හිතිලා.. බලාගෙන ගියාම අපිත් අපේ නායකයා වගේම බොහෝම සංවේදි මිනිස්සුනේ...?

      Delete
    3. සංවේදී නායකයාගේ සංවේදී ගෝලයෝ .... යන්තම් බේරුනා තමයි, හැලපෙගේ කමෙන්ට් එක දකිනකන් පන බයේ හිටියේ ඔ..යේස්

      Delete
    4. සංවේදී කියන්නෙ කොච්චර සංවේදී ද කිව්වොත්....පොඩ්ඩක් හිටහල්ල පපුවට තඩි බා ගන්නකන්.

      Delete
  15. කාලෙකින් නේද ... නිර්මාණය නම් අපූරුයි... අනිතිම ටික කියවද්දී හිත නැවතුනා වගේ දැනුනා..

    ReplyDelete
    Replies
    1. තුශානිත් කාලෙකින් , ලඟදි ඔෆිස් එකේ රස කතාවක් එහෙම මතක් වුනේ නැද්ද ලියන්න . ස්තුතියි තුශානි...

      Delete
  16. අඩෝ උඹ දෙමළත් දන්නව ඒනං ඈ! මිස්ටර් ප්‍රභාකරන්ගෙ නෑයොද?

    අන්න කල්‍යාණයා ඇඳ යටලු. පව් ඕයි ගමේ එකාටඔහොමත් මඩ ගහනවද මං අහන්නෙ.

    කතාව ගැන නං මං පින්තූරු හොයද්දි විචාරෙ දුන්නනෙ. ඔහොම තමයි මාස දෙකක දීර්ඝ විරාමයකින් පස්සෙ එනකොට . මං කම්මැලි පෝස්ට් වලට ඇඩ්‍රස් නැතිවෙන්න බැනුම් අහන්නෙ. ඒ එක්ක බලද්දි විරාමයට පසුවත් උඹේ හැකියාව එලෙසමයි.

    දැං ඉතින් අර අසරණ කලයාට හොඳ හෙල්මට් එකක්වත් යවහං ඔලුව බේරගන්න.

    ReplyDelete
    Replies
    1. අඩෝ දන්නවා තමයි දෙමල ....මිස්ටර් ප්‍රභාකරන් අපේ නෑයෝ... ලංකා පවුලේ නෑදෑයෝ ....

      කල්‍යාණයා යටට දාන්න අඩි පනහක් විතර උස ඇඳක් හදන්න වෙනවා ,

      පින්තුරු හොයද්දි උඹ විචරේ දෙනකොටම මට හිතුනා මේක නම කන්න වෙන වැඩක් කියලා . අනිවාර්යයෙන් බනින උන් තුන් දෙනෙක්ම නොබැන ගියා දුක හිතිලා හැලපෙයි, මාතෙයි , ඉන්දිකයි ...මම ඉතිං අහිංසක මුනියා නිසා උන්ට දුක හිතෙන්න ඇති. අඩෝ සිරාවටම මේක ඒ තරම් ගෝ එකක් තියෙන මට්ටමට අවේ නෑ. මං එක තමයි උඹට උදෙත් කිව්වේ .

      ආ මේ කලනයාට හෙල්මට් ඕනේ නෑ. ඌ කොහොමත් විසිහතර පැයේම හෙල්මට් දාගත්ත ගමන් ඉන්නේ , කවුරු නැතත් ඌ හෙල්මට් දාගෙන

      Delete
    2. මිස්ටර් ප්‍රභාකරන් යුද්ධ කලේ මුන්ගෙන් උන්ගේ කෙල්ලෝ ටික බේරගන්න වෙන්න ඇති බස්සි. පේනවනේ....

      Delete
    3. උපයෝ - මිස්ටර් ප්‍රභාකරන්ව අතැරලා කෙල්ලෝ ටික එන්න ලෑස්තිවුනා , අපි එපා කිව්වා , අපි ඉතිං හොඳ හැදිච්ච ළමයි නේ ... හිකිස්

      Delete
  17. එක කෑල්ලක් සෙට් වෙලා ඉද්දි ඊට වෙනස් , වෙනස් කියන්නෙ ටිකක් අමුතුම ඩෑල් එකක් සෙට් වුනොත් නං ඌ කොයිල් වෙනවම තමා...
    ඒකනෙ හැමදාම පළවෙනි එක කැඩිල යන්නෙ...
    ඉස්සරෝම කෙල්ලට ලව් කරල ඒකම බැදපු කොල්ලොත් ඉස්සරෝම කොල්ලට ලව් කරල ඒකම බැදපු කෙල්ලොත් හොයාගන්න දුර්ලභ ඒකනෙ...
    අපූරු කතාව ඉවාන් අය්ය... මොනා වුණත් දෙවනියට වඩා පළ වෙණිය ගැන හිතක් තිබිල තියෙනව .. නැත්තං නාය පිට නාය හතක් ගියන් ඒ කෙල්ල බේරල අනිකිව නෙව ළිදකට වට්ටල හරි මරන්නෙ
    හෙක් හෙක්...
    පට්ට කතාව ඉවාන් අය්ය පට්ට කතාව...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. //"එක කෑල්ලක් සෙට් වෙලා ඉද්දි ඊට වෙනස් , වෙනස් කියන්නෙ ටිකක් අමුතුම ඩෑල් එකක් සෙට් වුනොත් නං ඌ කොයිල් වෙනවම තමා"// ඔය තියෙන්නේ ඇත්තම කියලා . ඒක මාර ත්‍රිල් හැගීමක් නේද බං.

      "නැත්තං නාය පිට නාය හතක් ගියන් ඒ කෙල්ල බේරල අනිකිව නෙව ළිදකට වට්ටල හරි මරන්නෙ" අඩෝ උම්බටාත් මාර අයිඩියාස් නේ එන්නේ , එකත් හොඳයි කතාවකට

      තැන්කු වේවා ,මහියා

      Delete
    2. නිහඬ මාවතේ පාළු නිවහනේ
      අවිහින්සක යුවති
      නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
      ඔබ රුව තුළ සඟවා
      එහි සිරගත කරවයි

      අතීතයේ එක් විරාමයක වෙන් වී
      යළි සමු ගන්නද මෙලෙසින් හමු වූයේ
      කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
      දින දින ඇයි අමතන්නේ
      දින දින ඇයි හමු වන්නේ

      ජීවිතයේ තව කඳුලක් වන්නට දෝ
      තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
      යුවතියෙ ඔබෙ මුදු වදන් අතර මා
      මුල් පෙම බොඳවී යන්නේ
      මුල් පෙම ගිලිහී යන්නේ

      ගායනය / තනුව - රූකාන්ත ගුණතිලක
      ගී පද - කලිප කුමාර කාලිංග

      Delete
  18. 22අඩෝ මගේ උපන් ගම හල්දුම්මුල්ල ..මමත් ඒ දවස් වල ඔය වගේ දෙමල ළමයෙක් සෙට් කරගන්න හෙව්වා ගමේ ගිය දවස් වල.. හරි ගියේ නෑ ... මහ බඹා වෙන ප්ලෑන් එකක් ගහල තිබිල ..

    මේ කතාව මට නම් ලස්සනයි බන් ..

    ReplyDelete
    Replies
    1. හෑ හල්දුමුල්ලලේ .... අඩේ බලන් ගියාම අපි ඔක්කොම "අවටියන්ස්ලා" නේ . ඔය දෙමල කෙල්ලෙක්ගෙ සීන් කොන් එකක් මටත් කියන්න තියෙනවා , වෙලාවක ලියන්න ඕන .

      තැන්කු වේවා පැතුම්

      Delete
    2. ඒ කෙල්ලන් බොහෝ පින් කරනලද කෙල්ලෝ වෙති. නැත්තම් මුන්ගෙන් එකෙක් හරි සෙට් උනා නම් නායේ ගිහින් මැරුණට හපන්! ආයේ මුහුදක් තියෙනවද හදිස්සියකට පනින්න?

      ඔය කාගේ කාගේත් කිල්ලෝටවල තියෙන්නේ හුණු!

      @ ඉවාන්: මමත් ඔහොම කතාවක් ( නවල් එකක්) ලිව්වා. හැබැයි දෙමල කොල්ලෙක් ගැන. මතක් වෙනකොටත් දුකයි වගේ. ( මල සමයන්) දැන් නම් පොත නැතිවෙලා. කවදාවත් අමතක නොවෙන කතාවක් මටත් ඒක. ආයෙත් ලියාගන්න දහිරියක් නැහැ මට.

      Delete
    3. මොකක්ද බොල ඒ කතාව , හුහ් නරක වෙලා තියෙයි කෙල්ලන්ට අපි වගේ උන් සෙට් වුනානම් නැද්ද පැතුමෝ.

      මොකක්ද බන් ඒ පොතේ නම. උඹට ඔච්චර වදින්න තරම් එකක් නම් , හොඳ කතාවක් වෙන්න ඕන

      Delete
    4. හැක් ! ලිව්වා කියල කිව්වේ.... කියෙව්වෙත් මමයි.. ලිව්වෙත්... කවුද ඉතින් මේ මමම තමයි... ( අදටත්, හෙටටත් රටේ ජනපති... මමමයි... හෝව් හෝව්.... පැන්නා කැලේ )

      කතාව ලිව්වේ මම තමයි හලෝ. හැක් .... සිරාවට ලිව්වා කියන්නේ ඉතින් කියල වැඩක් නැහැ ( ලු ) කවුරු දකින්නද, කවුරු බලන්නද? මමම කියෝලා මමම ඇඩුව මිසක්ක... මටවත් පොතේ නම මතක නැහැ අප්පා...

      Delete
    5. හුටා ලිව්වා කියලා නේන්නම් කියලා තියෙන්නේ , කෝ ඉතින් ඒක දැන්. දැන් එක නැද්ද ඉතින් හොයා ගන්න, උඹට තනියෙන් අඬන්න දෙන්න බෑනේ , එවපම් අපිටත් අපිත් බලලා අඬන්න හරි නටන්න හරි මොකක් හරි දෙයක් කරන්න . අඩෝ සිරාවට එක දාපංකෝ බ්ලොගේ කොටස් වශයෙන් .

      Delete
  19. . අර අහිංසක කෙල්ලව අමුවෙන්ම මැරුවා නේද ?බටහිරට ගැති එන්ජී ඕ කාරයා.. මෙව්ව විදේශ කුමන්ත්‍රණ.

    ReplyDelete
    Replies
    1. හැබෑටම එක කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්, මොකෝ මිනිහා වැඩ කලෙත් NGO එකකනේ. සරත් අයියා දැකපු කල්. කොහෙද හැංගිලා ඉන්නේ, රට අස්ථාවර කරන්න කුමන්ත්‍රණයක්වත් කරනවද? :D

      Delete
    2. සරත් අයියන්ඩි කාලේකින්..ඉතිං අලුත් මුකුත් ලියන්නෙ නැද්ද?

      Delete
  20. උමා නිපුණි ගැන දැනං හිටියෙ නැද්ද.......... නැත්නම් හිතා මතාම අහන්නෙ නැතුව හිටියද....

    ReplyDelete
    Replies
    1. දැනගෙන ඉන්න නැතුව ඇති, එක්කෝ දැනගෙනත් නොදනන්වා වගේ ඉන්න ඇති, කොල්ලා ඒ ගැන කියන්නත් නැතුව ඇති. කියන්න හිතන්නත් නැතුව ඇති. ... සමහර වෙලාවට තියෙනවනේ අපේ හිතේ තියෙන චිත්‍රෙ වෙනස් වෙනවට බයෙන් ඇත්ත දිහා නොබලන අවස්ථා

      Delete
    2. ගිවිසුමක් තියෙන්නැති....

      Delete
    3. නෑ උපේක්ෂා ඇහැව්වොත් ඒක නිත්‍යනුකුල වෙනවා ඒ නිසා දැනගත්තත් අහන්නෙ නෑ

      Delete
  21. වෙනදා වාගේම සුපිරි කතාවක්.

    ReplyDelete
  22. ශාන්තිනී තෙමා වැටෙයි නළල කුංකුමම්
    කුංකුමම් තෙමා අහසේ අඬන චන්දිරන්
    පහන් පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
    ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යං..

    කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
    උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
    බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
    බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්..

    සියල් සිරිත් දෑ කුළ ගොත් ඔබ ආපසු ගන්න
    මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
    තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
    මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න..

    පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - ගුණදාස කපුගේ
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

    ReplyDelete
    Replies
    1. රත්න ශ්‍රී නම් මනෝ.... මේක පොඩි කාලේ ඉඳන්ම ආස කරන සින්දුවක් මචෝ

      Delete
  23. වෙන මොකුත් කියන්නෙ නෑ. අතිවිශිෂ්ඨයි සර්!!

    මට කවදහරි පුතෙක් හිටියොත් මං උඩින්ම කැමතියි ඌ දෙමළ කෙල්ලෙක් එක්ක යාලුවෙනවනම්. ඒක මට ඉස්සර ඉඳල හිතුන දෙයක්.

    ReplyDelete
    Replies
    1. මනෝගේ අදහස නම් එල ...
      එහෙම වුනොත් උඹට මෙහෙම කියන්න වෙන්නේ නෑ

      දීපාවලී දාට දීපාවලී සඳ අරන්
      මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
      සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
      ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්

      වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන්
      මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්
      දැන් ගිනි අඩුවෙලා ගිහින්
      පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්

      කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින්
      නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැතිකමින්
      දැන් තරහා නිවී ගිහින්
      තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්

      දීපාවලී දාට දීපාවලී සඳ අරන්...


      ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
      සංගීතය - තිස්සසිරි පෙරේරා
      ගී පද - ආනන්ද හේවාරන්හිඳගේ

      Delete
    2. එතකොට මට හිතෙන්නෙ මෙහෙමයි..

      උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ
      දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ
      උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ
      දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ...

      කොතැනක සිටියත් ඉපදෙන - මියයන බිම එකනේදෝ
      ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ...

      එක මවකගෙ දරු කැල සේ එක්වී ඉන්නයි සැමදා
      නෙතු හමුවට කඳුලැල්ලක් ළං නොමවන්නයි කිසිදා...

      ගී පද රචනය - චන්ද්‍ර වාකිස්ට
      තනුව හා සංගීතය - ගුණදාස කපුගේ

      Delete
    3. සින්දුවෝ.. දෙමල කෙල්ලෙක් බැඳපු පුතෙක් ඉන්න තාත්ත කෙනෙක්ගෙ සතුට ගැන තියෙන සිංදුවක් දන්නවනම් කියහංකො..

      Delete
    4. ලබන ආත්මෙ උඹේ පුතෙක් වෙයං :D

      Delete
    5. දීපාවලී දාට දීපාවලී සඳ අරන්
      මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
      සිංහල හාලෙ බතට ආසම මාළු පිණි උයන්
      ගමේම නෑයො එක්ක අපි ඉන්නවා මග බලන්

      වෙඩි සද්දයට බයේ දරු කැක්කුමත් හිත දරන්
      මහ ගෙදරටම වෙලා අපි හිටියේම හරි දුකෙන්
      දැන් ගිනි අඩුවෙලා ගිහින්
      පුතුනේ ගෙදර එන්න පොඩි පැටවු අරන්

      කෝවිල ළඟදි දැකපු දේවී ගැනම හිත ගිහින්
      නොකියා ගියේ නුඹයි අපෙ අවසරය නැතිකමින්
      දැන් තරහා නිවී ගිහින්
      තල් පැදුරකුත් වියන් එන්න යාපනෙන්...

      ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
      සංගීතය - තිස්සසිරි පෙරේරා
      ගී පද - ආනන්ද හේවාරන්හිඳගේ

      Delete
    6. ඒ කියන්නෙ පත්තරයත් දෙමල කෙල්ලෙක්ට මනාපයි?? ඉඳහං පත්තරකාරි හම්බුනවෙලාවක ඕක ලාවට කියල තියන්නම්!!

      Delete
    7. නෑ මේ මං කීවෙ මං හරි ආසයි තෝසෙ කන්ඩ : D ඒකට .හැක්

      Delete
    8. ආ අවුලක් නෑ,, මේ සැරේ ආවම මම ගෙදරටම ගිහින් පත්තරීට කියන්නම් ,උඹේ ආසාව ගැන , අපි එහෙමවත් යාලුවොන්ට සලකන්නේ නැත්තම් වැඩක් නෑනේ

      Delete
    9. නෑ නෑ දැං අපි එහේ නෑ.. ගේ වික්කා :D

      Delete
    10. ඔ යෙස්...පත්තරේ මට ගල් බෝතලයක් දිපන් මම වැඩේ ෂෙප් කරන්නම්..

      Delete
  24. ඉවාන් අන්නේ රොම්බ නන්ද්‍රි ......එන්නේ නැ කියලා හිතාගෙන හිටියේ බොලොග් පැත්තේ මේ රෙද්ද ඡන්දේ ඉවර වෙනකල් .මනෝ තමයි කිව්වේ බලාපිය කියලා .හරියට කියවන්න බැරි උනා .පස්සේ එන්නම් හොඳට කියවලා .බස් එකේ ගෙදර යනකොට බෙරගල තේ බොන්න නවත්තනවා උදේට .බැස්ස ගමන් හෙමෝම කොස්ලන්ද පාරේ දුවනවා බර සැහැල්ලු කරගන්න .ඊට පස්සේ ප්ලේන්ටියක් ගහලා ගොලිප් එකක් බිලා හැක්ස් එකක් කාලා අයෙත් බස් එකට නගිනවා .මට මැවිලා පෙනුනා මචෝ .ඒ හිතල තවම දැනෙනවා .උඹට බොහොම ස්තුතියි ඉවාන් කියවන්න දෙයක් ලියුවට .පස්සේ එන්නම්

    ReplyDelete
    Replies
    1. නන්ද්‍රි සිංදු තම්බි .. නාන් නීන්කල් තේට්ටුම්.. මම බැලුවෙත් උඹ පේන්න නැත්තේ මොකෝ කියලා ...බෙරගල බැහැලා ඔය බර හෑල්ලු කරගත්ත එකෙක් නැත්තම් පුදුමයි ඔය පාරේ යද්දී. මම නම් ඔකර කොස්ලන්ද පාර දිගේ දුවන්නේ නෑ, මම ශේප් එක යන්නේ අර කොස්ලන්ද පාරට හැරුනම වම්පැත්තෙ බෑවුමේ හදලා තියෙන කඩේට එහායින් තියෙන පත මාරගහ ලඟින් පල්ලමට , මොකෙක්වත් එන්නේ නෑ , අනික් උන් එන්න කලින් කඩේට ඇවිත් රොටියක් කාලා ප්ලේන්ටියක් ගන්න වෙලාව ඉතුරු කරගත්ත හැකි . ආපහු වරෙන් ...ජය

      Delete
    2. ඉවාන් මට නම් මේක සුපිරි කතාවක් මචෝ ....අර දෙමල උරුවට සිංහල කතා කරන විදිහ ඇහෙනවා වාගේ .මගේ යාලුවෙක්ගේ ලව් එකක් නිසා එක දවසක් අපි දෙන්නා කනවා මුළු දෙමල ලයිමකින්ම .දැන්නම් උන් දෙන්න බැඳලා හොන්දට තමා ඉන්නවා ...මේ නායත් එක්ක කිදෙනෙක්ගේ බලාපොරොත්තු යට වෙලා ඇතිද ...

      කඳුළු දෙන්න මට හඞන්න
      සත් සමුදුරු ගොඩ ගලන්න
      සුසුම් දෙන්න මට හෙලන්න
      සක්වළ ගල සසල වන්න

      හිත උපන්න ආලවන්ත
      ඒ රුව කෝ මට කියන්න
      මගෙ තනියට මා පමණයි
      ඇය එවන්න මා බලන්න

      ලිහිණියනේ පියාඹන්න
      ඇය ඇති තැන සොයා යන්න
      මා මිය යන බව පවසා
      ඇය එවන්න මා බලන්න

      ගී පද - ජයරත්න ගමගේ
      ගී තනු - රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    3. සිංදු ඇනෝ . ඔය පැත්තේ හුලන් වැදිච්ච උන්ට අතීත මතක අවිස්සෙනවා මේ කතාව කිය්ව්වම , ඇත්තටම මේ දාපු සින්දුවත් ඉස්කෝලේ කාලේ පට්ට ආස විරහ ගීතයක්

      Delete
    4. මචෝ උඹ හපුතලේ ඉඳලා ඉදල්ගස්හින්නට පයින් ගිහින් තියනවාද ? අපි නම් ඒ දවස් වල ගියා ඩබල් එකේ .එඩිසම් බංගලෝ එක ලගින් තන්ගමලේ අභය භුමිය හරහා ගිහින් රේල් පාරට බහින්න ඔන්න .ඔතනට ගියාම වැලිමඩ සානුව හා කොස්ලන්ද සානුව අගේට බලාගන්න පුළුවන් හිටන් ...කොස්ලන්ද නාකැටිය නාය ගිය වෙලේ අපිත් එතනට ගියා .පණ්ඩිත වැඩක් කරන්න ගිහින් ඉන ගාවට එනකල් මඩේ එරුණා .යාලුවෝ ටික තමයි ඇදලා ගත්තේ .මට ලියන්න පුලුවන්නම් පොස්ට් එකක් ලියනවා ඒ කාලේ ගැන .එත් මට ලියන්න බැරියෝ ..

      Delete
    5. එදා මෙදාතුර කඳුලට විවරවු
      දෑස් පියන්පත් කවුළු වසා
      ළයේ ගලා ගිය සෙනේහයේ සුව
      සිනා පෙරූ රත් දෙතොල පියා...

      මිලාන වී ගිය රෝස කුසුම් පෙති
      කම්මුල් සුදුමැලි පාට පොවා
      දෑත ළයේ බැඳ අවසන් ගමනට
      සොඳුරිය මට නොකියාම ගියා...

      දෑස් කවුළුපත් පලා කඳුළු කැට
      වෑහෙද්දී මගෙ දෑස් අගින්
      කාත් කවුරුවත් වෙතත හිතයි මට
      පාත් වෙන්න ඔය මුවට උඩින්....

      ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
      ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
      මාත් මගෙ හිතටති ඔබ සුවඳයි
      ඈත්නොවේමෑයි ඒ සුවඳින්...

      ඊයේ ඉපදී අද මියයන්නට
      පෙරුම් පුරාගෙන උපන් ළයේ
      හීයේ වේගෙන් අහස උසට බැඳි
      ආදර ලෝකය හෙටත් තියේ...

      ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත...
      ඇයි මේ ලොව මා තනිව ගියේ...
      ආයේ දවසක එක හිත් ඇත්තන්
      වී අපි ඉපදෙමු එකට ප්‍රියේ.....

      ගායනය / තනුව: සනත් නන්දසිරි
      ගී පද : විමල් ජයශාන්ත

      Delete
    6. එඩිසම් ගිහින් තන්ගමලේ හරහා රේල් පාරට ගිහින් තියෙනවා , ආයේ හල්පේ අපේ යාලුවෙකුගේ ගෙදර ඉඳන් දෙමෝදර ආරුක්කු පාලමට බැහැලා , එතනින් පාලම යට ඔයෙන් ආරුක්කු පාලම යට නාලා. දෙමෝදර යකඩ පාලමටත් ගිහින් දෙමෝදර ඉස්ටෙසමෙන් මතුවෙලා පාරට ඇවිත් බස් එකේ නැගලා ගෙදර එනවා. පට්ට ආතල් ඕයි. පට්ටම අතල් එක බස් එක ඇතුලෙදි තමයි දන්නේ ජොකා ඇතුලෙත් කූඩැල්ලෝ

      Delete
  25. පට්ට කියන්න තරම් මේ කතාව මටත් හරියට වැදුනේ නැහැ බං.
    ඒ කොච්චර වුනත් කඳු නාය ගියත් ආදරේ නම් නාය යන්නේ නැති වේවි නේද ?

    ReplyDelete
    Replies
    1. පට්ට කියන්න තරම් කතාව පට්ට නෑ තමයි මනෝ ... කඳු වගේ නාය යන්නේ නෑ හැබෑ ආදරයක් නම්

      Delete
  26. කථාවයි , කමෙන්ට්ස් ටිකයි සේරම කියෙව්වා. එකිනෙකාගේ පරාසයන් වෙනස් නේ. ( නිර්මාණකරණයේදී වගේම රසවිංදනයේදිත් ) ඒ හින්දා මං නම් කථාවට පට්ට ලයික් .. මුලින් මං හිතුවෙ අත්දැකීමක් කියලා .. කාලෙකට පස්සේ නිසා, උපරිමය නැති එකට සමාව භාජනේකට දාන්න පුළුවන් ...

    @ ඉවාන්, සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!

    ReplyDelete
    Replies
    1. සඳරු , ස්තුතියි. කතාව තරමක් මදි බව මගෙත් හැගීම තමයි .උඹ කිව්වා වගේ නිර්මානක්රන්යේදී එක එක්කෙනාගේ පරාසයන් වෙනස්.
      උඹටත් සුබම සුබ නව වසරක් වේවා .

      Delete
  27. ලස්සනම ලස්සනයි...
    අනේ ඒකට සුවඳ දැනුනේ අඩුවෙන්නෙ මලේ..
    කාරි නැහැ..
    දුක දරාන ඉන්නං...
    ඊලඟ එක එනකං..

    ReplyDelete
    Replies
    1. සුවඳ කැව්වා මදි කියලා මට තේරෙනවා... ඔව් බලමුකෝ ඊළඟට එහෙනං. දැන් ලියන්න මොනවාහරි සෙට් කරගන්න වෙනයි චෙෆාකි .. අට වෙනිදා පහු වෙලා ලියනකං බලාගෙන ඉන්නේ අපි . ස්තුති වේවා

      Delete
    2. ඕ යේස්....කර්ෆිව් ඉවරවෙච්ච ගමන් ලිව්වා...හෙක් හෙක් හෙක්

      Delete
  28. ඉවාන්..
    බෙරගල කියන්නේ මට ගොඩක් හුරු පුරුදු තැනක්..
    ඒ තැන ඉදන් හපුතලේට නගින එකත්.. වැල්ලවායට බහින එකත් හරිම සුන්දරයි.. ඒ සුන්දරත්වය ඇතුලේ මාරාන්තික කටුකත්වය හංගගෙන.. උඹ ඒක ඉස්මතු කරල තියනවා..
    අනික් එක කොස්ලන්ද ඛේදවාචකය උනු දවස් වල එතැන ඉදපු එකෙක් විදියට තාමත් ඒ කම්පනය හිත ඇතුලේ තියනවා.. නිහඩ මිනිස්සුගේ ඇස් අග්ගිස්සේ මතුවෙන දුක්බර කඳුලු බින්දු ලොකු කථාවක් කිව්වා.. ඒ ගැන ලියන්න තරං හිත එකලස් කරගත්ත දවසක ලියන්න පොඩි කථාවක් හිතඇතුලේ තිබුනා. බලමු..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. බලමු නෙමෙයි ලියමු !!!

      Delete
    2. කොස්ලන්ද ඛේදවාචකය කියන්නේ මම දැකපු දරුණුම නාය යාම , එත් මම පුංචි කාලේ ඉඳන්ම ඔය නාය යාම් සෑහෙන්න දැකලා තියෙනවා, ඒ මිනිස්සු දුක් විඳින හැටි දැකලා තියෙනවා . මේ දුන්දරත්වයට යටින් හැමදාම තිබ්බේ කටුකත්වය.

      අර කිව්වා වගේ බලමු නෙවෙයි ලියමු. උඹට බැරි නම් අර මගේ යාලුවෙක් ඉන්නවා විදානපතිරණ කියලා ඌට කියමු ලියන්න කියලා

      Delete
    3. ඔය නම තීන උන්ගෙ මුල තංගල්ල, මහවෙල ඒරියා එකනෙ. එතකොට මූ ඒ පැත්තෙද?

      Delete
    4. ඉන්දික බොසා හරි. ඔය නං ෂැට් එක වැඩිහරියක් ඉන්නෙ බෙලිඅත්ත ,ගැටමාන්න,තංගල්ල,කිරින්ද ,හක්මන ඒරියල් එකේ… මොකෑ මං අනුරාධපුරේ කරක් ගැහුවට ගම බෙලිඅත්ත මගෙත්..

      Delete
  29. මචං අම්මෝ ගල් බෝර දාලාද අයිස් කන්ද කඩා ගත්තේ?? :P :P
    මොනා නැතත් උඹ ආයෙත් ලියන්න ගත්තු එක ලොකූ සතුටක්! :) :)

    උමා නේද? ;)
    කතාව මීට වඩා බොකු බඩවැල් කඩන් යන්න ලියන්න තිබුණා කියා නොසිතුණාම නොවේය..ඒ වුණත් එහෙම හිතෙන්නේ සමාන්‍යයෙන් උඹේ කතාවල තියෙන සජීවි ගතියත්, සංවේදීත්වයත් නිසාම වෙන්ට ඕනෑය..ඒ ගතියේ පොඩි අඩුවක් දැනේ ය..ඒ වුණාට නරකක් නැත්තේය..

    මචං මේ සති අන්ත පත්තරයක මම දැක්කා නාය ගිය තැනක මුණුබුරා හොය හොයා අඬන සීයා කෙනෙක් ගැන..ඒ සීයා මල් කඩන්න එහා කන්දට යද්දි දැක්කලු කන්ද කඩන් වැටෙනවා..පවුලම ඒ මනුස්සයගේ ඇස් පනාපිටම වැලලිලා..සිරාවටම මට කඳුළු ආවා ඒ ලිපිය කියෙව්වම...

    ReplyDelete
    Replies
    1. උඹලාගෙන් දිනපතා ගලා එන තර්ජන හමුවේ අයිස් කන්ද කඩා ගත්තා අමාරුවෙන්.

      උඹ දැක්කද මේ අන්තිමට බදුල්ලේ නාය ගිය සිද්ධියේදී බෙරගන්න් කියලා කෝල් දීපු නර්ස් ගේ කතාව. එත් එයාවයි දරුවවයි බෙරගන්න් බැරිවුනා. ඔය වගේ අධි සංවේදී කතා බොහොමයක් තියෙනවා ඔය සිද්ධි ආශ්‍රිතව .

      මම බැලුවේ ලියපිය ,ලියපිය කියලා බැනපු එවුන් කෝ පොස්ට් කලාම පැත්ත පළාතේ නැත්තේ මොකද කියලා . :P

      Delete
  30. අඩේ අපේ අයියගේ හොඳම යාළුවෙක්ගේ ඒරියා එක බෙරගල. ඉස්සර මාත් බෙරගල හන්දියෙන් අනිවා නැවතිලා මොනවා හරි දේවල් ටිකක් දිහා බලා ඉන්නවා. කොහෙද ලස්සන කොල්ලෝ හිටියද කියලා බලන්න වෙලාවක් තිබුනේ නෑ වටේ පිටේ සුන්දරත්වයෙන් වශී වෙලා හිටපු හින්දා. අර පහලට බහින පාරේ ටික දුරක් ගියාම රාවනා ඇල්ල නේද තියෙන්නේ. (ඒ පාරෙන් ගියාම පැනි දොඩම් තියෙනවා මතකයි.) මම හිතන්නේ මේ ළඟ කාලයක් වෙනකම් එතන බෙරගල ප්ලේන් ටී හදන්න වතුර රත්කරන්නේ බැරල් වල. ටින් එකකට ලීයක් ගහලා ඒකෙන් වතුර ගන්නෙත් තේවලට. එතන තව රුලං ස්ලැබ් තියෙනවා. මොනවා නැතත් ඒවයින් එකක් දෙකක් නම් මාත් එතනින් අරන් තියෙනවා වෙන්න ඇති. ඒ හරියේ නාය යෑමක් ඇත්තටම වුනා නේද අනූ ගණන් වල හෝ ඊට පස්සේ?

    ReplyDelete
    Replies
    1. රංගි අක්කා තැන් එකක් පටලවාගෙන මම හිතන්නේ , රාවනා ඇල්ල තියෙන්නේ කුම්බල්වෙල හංදියෙන් පහලට බැස්සම . බෙරගල හන්දියෙන් පහලට බැස්සම අහුවෙන්නේ දියළුම ඇල්ල. ඒ පැත්තේ තියෙන සුන්දරත්වයත් එක්ක වෙන දේවල් නම් මතකෙට එන්නේ නෑ තමයි. නාය යාම් කීපයක් වුනා , බොහෝ විට පාර ආශ්‍රිතව නාය යනවා මේ හරියේ . අර බෙරගල තේ උණු කරන විදිහ මතක් තියෙනවා කියන්නේ ඇත්තටම ඒ පැත්තේ හොඳට රස්තියාදු පාරක් ගහලා තියෙනවා වගේ

      Delete
    2. ඔව් අප්පා ඇලි මාරු වෙලා. මට ඔය හැම තැනක්ම මතක තියෙන්නේ ඔය මොකක් හරි මඩ වලක්, කැලයක්,වතුර පාරක් එක්ක තමයි.

      Delete
  31. ලියන්න තියා කියවන්නවත් හිතෙන්නැති දවස් ටිකක් බං මේක..

    ReplyDelete
    Replies
    1. එකනේ බං බාගෙට පොලිෂ් කරලා තිබ්බ මේක දැම්මේ. නැත්තම් දේසේ පලනවා හැමතැනම

      Delete
  32. දින කීපයක අාදරයට ඔච්චර දැනුනනම් දුකක්
    අෙහා්
    ලස්සනයි ඉවාන් අයිෙය විශිෂ්ඨයි

    ReplyDelete
    Replies
    1. ආදරයට වයස ගණන් හදන්න දින වලින් බෑ වැවෝ .. උඹව කාලෙකින් දැක්කේ

      Delete
  33. ඉවාන් අය්ය කාලෙකින් ඇවිල්ල :D ..කතාව නම් නියමයි හැබැයි දුක හිතෙන අවසානයක් ..:(

    ReplyDelete
    Replies
    1. හංසිත් කාලෙකින් මොනවත් ලිව්වේ නෑ නේද? ස්තුතියි . ඔය වගේ කතා ගොඩක් හුඟක් තැන වල හැංගිලා ඇති හංසි

      Delete
  34. ඔය වගේ කතා කීයක් ඔය පස් කන්දට යට වෙන්න ඇතිද!

    ReplyDelete
    Replies
    1. ඒ ගැන කියලා වැඩක් නෑ නාඩියෝ. මනුස්සයෝ ජීවත් වුනු හැම තැනකම මෙහෙම කතා ගොන්නක් තියෙනවා , සමහර දේවල් කවදාවත් කවුරුවත් දැනගන්න එකක් නෑ

      Delete
  35. නියමයි ඉවානයෝ.. අපිට නොදැනෙන අපි නොදන්න මේ වගේ කතා අපි අවටම ඕන හැටිය හොයා ගන්න බැරි වෙන එකක් නෑ බං..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් දැකීමත් සතුටක්, කාලෙකින්, ඉතින් කොහොමද වගතුග. අර සිංදුවකුත් තියෙන්නේ

      මේ ප්‍රේම කතා නවතා ම්හොතක්
      අපි අවට බලමු ඇස ඇරලා කියලා

      අපි අවට තියෙන දේවල් වලට සංවේදී වෙනවනම් කතා බොහොමයක් අපි වටා තියෙනවා

      Delete
  36. කලබල ගතියක් තියෙනවානම් තමයි... ඒත් ඉතින් මොනවත් නොලියනවාට වැඩිය කලබලෙත් හොඳයි...

    මම පුද්ගලිකව කැමති නම් ඉතින් තව ඩ්‍රාමා තියෙනවානම්... අඩුමගානේ උමාට එදා ගෙදර ඉන්න වුනේ කල්‍යාන හින්දා හරි, උමාට සතිඅන්තේ බෙරගලින් පිට ඉන්න තිබුණු දෙයක් කල්යාන හින්දා වෙනස් වුනානම් හරි...

    ඒත් ඉතින් එක අතකට ඒ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මොන ඩ්‍රාමාද... එක්කෝ මෙහෙම හොඳයි...

    ReplyDelete
    Replies
    1. මං දන්නවා බීට්ල් ලිව්වනම් මෙකතව තවත් ගොඩක් වෙනස් වෙන බව. එහෙනම් ගොඩක් ඩ්‍රාමා තියෙයි , කොහොම වුනත් මේ කතාව් ටිකක් කලබලෙන් ලියපු බවත් කියන්න ඕන. එහෙම වෙනස් වුනානම් කතාව අතාත්වික් වෙයි ඩ කියන බය නිසාමයි උමාව මරලා දාන්න සිද්ධ වුනේ.
      ස්තිතියි බීටලේ

      Delete
  37. Welcome back.there is a problem with sinhala Unicode.hence couldn't,t tell much.

    ReplyDelete
    Replies
    1. හේ හේ හේ මටනම් නො ප්‍රොබ්ලම් .. තන්කිව් වේවා

      Delete
  38. සෑහෙන්න පරක්කු උනා මේ පෝස්ට් එක කියවන්න. කතාව හරිම ලස්සනයි ඒ වගේම හැඟුම්බරයි. මේ කතාව තුළින් ඔය කතාවට අමතරව තව දේවලුත් නොතේරෙන්න කතා කරල තියෙනව කියල හිතෙනව. ජය වේවා!!!

    ReplyDelete
  39. ඒ ආදර කතාව පටන් ගන්නත් කලින්ම
    පස් වලට යටවුනා නේද.....
    නියම නිර්මාණයක්... එල

    ReplyDelete
  40. ඔන්න මම ආපහු ආව...කියවන්න....එක හුස්මට කියෙව්වා....හරිම අගෙයි මල්ලියේ....

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]