Monday, February 2, 2015

සමකෝණී


'අරිනවා දොර ..'

"සැරයක් කිව්වම අරිනවා දොර, කඩන්න කලින් "

"ක්රාස් " හඬින් හඬ දෙමින්  අනෙක්සියේ දොර විවර වන්නටත් ප්‍රථම ,කාමරය ඇතුලට පැනගත් දැලි රැවුල යන්තමින් වැඩුන තරුණ පොලිස් ගැටව් දෙදෙනාගෙන් වඩා උස එකා මගේ බැනියමෙන් අදිමින්

"පරබල්ලා ....තොට කන් ඇහෙන්නේ නැද්ද? මෙහාට වර තොගේ මදන විසේ අරින්න .."
"ඕකා මැරෙයි බලාගෙන කියපු අනික් පොලිස් ගැටයා ..." මගේ පසු පසට වැරෙන් පයින් පාරක් දුන්නේ මාව අනපෙක්ෂිතවම දොරෙන් එලියට විසිවෙන්න .

විසිවී ගිය මා ,පාරට මායිම් වූ කුඩා මිදුල් කැබැල්ල මැද ඉන්දවුනා  . එසැනින් මා දුටුවේ අසල්වාසීන් කීප දෙනෙක් දෙපස තාප්ප වලට උඩින් එබිකම් කරන අයුරුයි. ගෙදර අයිතිකාරිනිය වූ නාලිනී කඳුළු පිරුණු ,එහෙත් කෝපාග්නිය දැල්වෙන මුහුණින් මාදෙස බලා සිටින අතර , ඇයගේ බාල දියණිය වන නිරාශාද සිටියේ කෝපයෙන් දැල්වෙන දෙනෙතින් .

" මොකද ,මට ගහන්නේ ..මොකක්ද මම කරපු වරද ?"

මගේ වචන කන වැකෙද්දීම ගස්සාගත් නාලිනී ගෙතුලට යනු මට පෙනුනි. තවමත් පුපුරමින් සිටින දහඅටවියේ පසුවන නිරාශා ලඟට කිට්ටු වූ උස පොලිස් ගැටයා

" මුන් වගේ උන්ට බෙහෙත් අපි ළඟ තියෙනවා ,ඔයා බලන්නකෝ අක්කට කරපු දේට ඕකට අපි කරන දේ "
කියනු මට යාන්තමට ඇසුනි..

නිරාශාගේ නෙතග බැල්මෙන් පොලිස් ගැටයා තවත් උද්දීපනය වූ බව මට වැටහුනේ
"වරද නේ ... වරද කියාදෙන්නම් සුප්පුවක් කටේ ගහලා ..වලත්ත බල්ලා " කියමින් තව පා පහරක් බිම වාඩි වී සිටි මගේ පිට හරහා වැදෙනවාත් සමගය,  මට කැස්සක් ඇතිවුයේ එක වරමය .

"මහ්...මහ්...මහ්...මම සුරාජිව බඳින්න කැමතියි  කියලා කිව්වනේ , ඉතිං ඇයි මෙහෙම කරන්නේ .."
"අනේ නාලිනී .... මම සුරාජිව බාරගන්න කැමතියි ..... මම කී පාරක් කිව්වද ?"

"වහපිය කට වනචරයා ..කෙල්ලෙක්ව රේප් කලාම හැම එකාම කියන්නේ ඕක තමා , ඉතිං තොට කලින්ම කෙල්ලව බාරගන්න තිබ්බනේ අහුවුනාට පස්සේ කෙබර හලන්නේ නැතුව .ඉඳා ....."

"බුදු අම්මේ ......"

බිම ඇදවැටුණු මට නිරාශා සහ සුරාජි මාරුවෙන් මාරුවට මෙන් බොඳ වෙමින් පෙනෙන්නට විය




**********

"මේ ඇනෙක්ස් එක මහත්තයා ඉන්න කාලේ කාටවත් දුන්නේ නෑ. එත් දැන් වන්දියෙන් විතරක් ජීවත් වෙන්න අමාරු නිසයි මම මේක දෙන්න තීරණය කලේ . පොඩි පවුලකට දෙන්න තමා අදහස තිබ්බේ  ඒත් ආපු ආපු හැමෝම කිව්වේ ඉඩ මදියි කියලා. "

"ඔයා මෙහෙට ආපු මුල් දවස් වල නම් හරිම උපාසකයා .. දැන් තමා නෝටියා වෙලා ඉන්නේ ...."

ඇනෙක්සියේ ඇඳ මත වැතිර සිටි නාලිනී මගේ නාසය මිරිකමින් , නැගී සිටියා .බිමට නැඹුරු වී තම ඇඳුම් එකිනෙක අහුලාගත් නාලිනී සියල්ල ඇඳ මත තබා කොණ්ඩය පසුපසට කර බඳින්න වුනා .... ඇඳ මත හාන්සිවී එදෙස බලා සිටි මට හැට්ටයෙන් දමාගැසූ ඇය.

" මොනවද කන්න වගේ බලන් ඉන්නේ ...?"
"අදට ...කාලා ඉවරනේ ආපහු හෙට ..."
"චික් හරිම වලෙක් වෙලා ......ලොකු දුව නැගිටලද දන්නෙත් නෑ සෙනේ .... මම යනවා .." .කියමින් ඇඳුම් ඇඟලන ගමන්ම දොර දෙසට පියමන් කළා ..

වයස අවුරුදු හතලිස් දෙකක් පමණ වුවත් නාලිනී සුන්දර රුවකට හිමිකම් කිව්වා, අකාලයේ මියගිය ස්වාමියා නිසා වැන්දබු වූ එහෙත් උත්සාහයෙන් දියණියන් දෙදෙනා සමග ජීවත් වූ ඇය. අනෙක්සියේ පදිංචියට පැමිණි මා සමග ඇසුරට වැටීමට සෑහෙන කලක් ගතවී තිබුනා . හතලිස් හතර වියට ආසන්න වුවත් විවාහය නමැති බන්ධනයට ඇතුළුවන්නට වගකීම් නිසා අතපසු වූ මටත් , සැමියා නොමැති වීම නිසා තනිවූ නාලිනිටත් දෙදෙනාගේ ඇසුර නැතිව බැරි තැනට මේ වනවිට පැමිණි තිබුනා .

නැවත දොර අරින හඬින් මම ආපසු පියවි ලොවට එද්දී
"සෙනේ ....තියෙනවනම් රුපියල් දෙදාහක් දෙන්න ..මම මේ මාසේ පඩිය ලැබුණු ගමන් දෙන්නම්....."

සිය මියගිය ස්වාමියාගේ පඩිය අතට ලැබුණු පසු දෙන පොරොන්දුව පිට නිතරම යම් යම් මුදල් ප්‍රමාණයන් ඉල්ලා ගත්තද කිසිම දිනක ඒවා නැවත දීමක් හෝ ඒ ගැන ඉන්පසු සඳහනක් වත් නොකිරීමට ඇය වගබලා ගත්තා . ඇගෙන් ලැබෙන සුවය හමුවේ අන්ධයෙකු වූ මාද ඒ ගැන කිසි දිනෙක විමසන්නට ගියේ නෑ.


**********

"ඉඳා හිටපිය ඇතුලට වෙලා .... " පොලිස් කුඩුවේ දොර හැර මාව ඒ තුලට තල්ලු කල උස පොලිස් ගැටයා මොහොතක් මා දෙස බලා සිට තම අසුන වෙත ගොස් වාඩිවුනා .

සුරාජි .....
විවාහවෙන බලාපොරොත්තුවෙන් ඇසුරු කල තරුණියන් දෙදෙනාම හැකි හැම විටකම ,කලේ කරදරයක්ම නොවේදැයි මට වැටහුනේ සුරාජි සමග සිටින විටයි, සුරාජි හෙවත් නාලිනිගේ විසි හැවිරිදි වැඩිමහල් දියණිය කෙරේ මට ආදරයක් ඇතිවන්නේ මන්දැයි මම හැමවිටම මගෙන්ම විමසා සිටියා .

ඇය කිසිදු විටක මගෙන් කඩල ඇටයක තරම දෙයක් වත් ඉල්ලා සිටියේ නෑ . මාගේ කිසිම ක්‍රියාවකට අනුබල නුදුන්නාක් මෙන්ම , විරුද්ධ වුයේද නෑ..

වෙනකක් තබා ඇයගේ නිර්මලත්වය මා හමුවේ පෙන්වා සිටි මුල්ම දිනයේදී පවා ඇය කලේ සිනාසීම පමණයි. සතියේ බොහෝ දිනයන්හිදී මා කාර්යාලයෙන් පිටවී ඇනෙක්සියට පැමිණි විට , සුරාජිව මගේ භාරයේ තබා නාලිනී නික්ම යන්නේ කණිටු දියණිය පන්තියෙන් කැඳවාගෙන ඒමටයි.

පසුව සති අන්තයේ ගෙදර යාම පවා අත්හල මා ,,නාලිනිගේ වැඩපල හමාර වනතුරු සුරාජි සමග ගත කිරීමට පුරුදු වුනා,

"ඔයා ලොකූව බලාගන්න එකනම් මට හරිම සහනයක් සෙනරත් . "
"නැත්තම් හවසට පොඩි දුවව එක්ක යන්න එයාවත් එක්කගෙන යන්න එපැයි."  නාලිනී මාගැන තැබූ විශ්වාසය නිසාම සුරාජිව මා ලඟට ගැනීමට කිසිදු බාධාවක් තිබුනේ නෑ.

"ඕවට ගෙවන්න වෙයි ...". මම සිනාමුසු මුහුණින් කී පසු..." ඉතින් ඒක තමයි මේ ගෙවන්නේ ..." කී නාලිනී තවත් මා තුරුලට වෙද්දී ඔරලෝසුවේ රාත්‍රී දොළහ සටහන් වෙනු මා දුටුවා .


**********

නාලිනී තුලින් ලබන සජීවී සක්‍රිය තෘප්තියට වඩා වැඩි තෘප්තියක් සුරාජිගේ නිහඬ , අජීවී වූ හැසිරීම තුලින් ලබන්නට මා තුල ආසාවක් හටගන්නේ කුමක් නිසාද කියා සිතන්නට මට වුවමනා වුනේ නෑ. මේ විකෘති ආශාවක්ද ? විකෘතියක් නොවන්නේ ලොව කවරක්ද ?

සවස් කාලයේ නින්දක සිටි මා අවදි වුනේ නාලිනී කෑගසමින් දොරට ගැසූ නිසාවෙනි

"සෙනේ .. සෙනේ .... ලොකු දුවව ඩොක්ටර් ලඟට ගෙනයන්න ඕනේ ..හවස ..යන්න ඉන්නේ .... ඔයා අදට එළියේ කොහෙන් හරි කෑම ගන්න පුලුවන්ද ? "

"මොකෝ නාලිනී හදිසියේ .."

"අනේ මන්දා සෙනේ ලොකූ දැන් ටික දවසක් ඉඳන් ගොඩක් වෙනස් .... මේ ලඟදි ඉඳන් එයාගේ අන්ඩර් වෙයාර් එක ගලවලා ඉන්න හදනවා දවස තිස්සෙම , හැම තිස්සෙම අත අන්ඩර්වෙයාර් එක ඇතුලට දානවා .ඉක්මනින් පෙන්නන්න කියල බැලුවේ, බෙහෙත් නවත්තලා දැන් කාලයක් වෙනවා . බයයිනෙ සෙනේ .."

නාලිනී ගේ ප්‍රකාශයෙන් පසු මගේ කන් දෙක හිරිවැටීගෙන එන අයුරක් දැනුනත් ,ඒ බවක් නොපෙන්වූ මම

"නාලිනී .."

"සෙනේ "

"ඔයා කැමතිනම් මම කැමතියි සුරාජිගේ වගකීම බාරගන්න ..."

ඇස්දෙක ලොකු කරගත් නාලිනී නැවත නැවතත් මා දෙස බැලුවේ විශ්මයන් මෙනි

"ඒ කිව්වේ ...?"

"ඒ කිව්වේ මෙතනින් එහාට එයා මගේ ළඟම තියාගන්න ..".

"සෙනේ .... මොලේ නරක් වීගෙන එනවද ? මොකක් ගැනද කියවන්නේ ...? බාරගන්නවා කිව්වේ මොකක්ද?  යමු පොඩි දූ ...".
එකෙනෙහිම පැමිණි ත්‍රීරෝද රථයට දියණියන් දෙදෙනා නංවා ගත නාලිනී තාමත් විශ්මය පිරුණු දෑසින් මා දෙස බලා සිටිනු දකිනට ලැබුණි .


***********

නැවතත් උස පොලිස් ගැටයා කුඩුව ඉදිරියේ පෙනී සිටින්නට විය ..

" මෙහාට එනවා ...."

" මූද මිනිහා ... අර උඹ කිව්ව කෑල්ලගේ මන්ද බුද්ධික අක්කව රේප් කරපු එකා "

"ආදරේ කරද්දී සිද්ධ වෙන දේවල් රේප් එකක් වෙන්නේ කොහොමද මනුස්සයෝ  ,ආදරවන්තයෝ දෙන්නෙක් අතරේ සිද්ධ වෙන ...........

"කට වහපිය ...... අවලමා "




පින්තුර බස්සිගෙනි

181 comments:

  1. මේවට කිසිම සමාවක් දිය යුතු නොවේ.කිසිම සදාචාරවත් නැති ඇත්තටම අවලං වැඩක්.තිරිසංම තිරිසංම වැඩක්.ඇත්තටම මේ කතාව මේ රටේ බහුලව සිදු වුවද එය සමාජය තුලට විවෘත වන්නේ ඉතාමත්ම මද වශයෙන්.
    නියමයි ඉවාන් අයියා...එක දිගට කියවගෙන ගියා...මේක මුළු මහත් සමාජයටම ආදර්ශයක්

    ReplyDelete
    Replies
    1. කතාව අද සමාජයේ හැටියට ගත්තොත් නම් ඉතාම සාමාන්‍ය දෙයක් හැටියට තමා පෙන්නේ , ඒ තරම් පාදඩ වෙච්ච සමාජයක් මේක. කවදා හෝ හැදෙයිද කියන්න බෑ. හැදෙයි කියලා හිතමු

      Delete
  2. මම දැන් ටික වේලාවක ඉදලා කල්පනා කරනවා උඔට මෙහෙම කියන එක හරිද කියලා..හොද වෙනකාට තව ටිකක් හෙදට ඉල්ලන එක අසාධාරනයි මචං..ඒ වුනාට එක හුස්මට ඉවර කරන්න එපා බං.. ටිකක් ඇදගෙන පලයන්. පපුව හිර වෙන්න ඔිනේ කකුල් දෙක ගැහෙන්න ඔිනේ කතාව මැවෙන්න ඔිනේ ඒ වුනාට අවසානය අපි බලාපොරෝතතු නොවුන දෙයක් වෙන්න ඔිනේ..
    පත්තරේ මුල් පිටුව කියවලා “ඉතිරි කොටස සදහා 12 වෙනි පිටුව බලන්න“ කියලා දකිනකොට උඔව මතක්වෙනවා
    පිස්සු හැදෙයි, අල වගේද ගෝවා වගේ වැකියක් කවුරැහරි කියනකොට ලෝක්කා කවුරැ හරි කැල්ලකට වැඩි අවදානය දෙනකොට උඔව මතක් වෙනවා.. කකුලෙක් මරන්න කෑ ගහනකොට උඔව මතක් වෙනවා
    කමක් නෑ එල ද බ්‍රා..දැනට

    ReplyDelete
    Replies
    1. //කුකුලෙක් මරන්න කෑ ගහනකොට උඹව මතක් වෙනවා//
      මටත් ඕයි. අර නැව් වගේ බයික් දකිද්දිත් මතක් වෙනවා.

      Delete
    2. //කුකුලෙක්// කියල නෙමෙයි ලියල තියෙන්නෙ. :-D

      Delete
    3. මෙන්ඩෝ..

      කකුලක් දැක්කම මාව මතක් වෙන්නේ මොකෝ බොල. :P
      උඹ බලාපොරොත්තු වුනු ආකාරයේ අවසානයක්නම් මෙතන නෑ තමා . බලමු ඊළඟටවත් ,කොහොම හරි හැම තිස්සෙම උඹට මාව මතක් වෙන එක ගැන නම් මට සතුටුයි
      එලද බ්‍රා

      බස්සි - පල යන්න බට කොස්සි

      ප්‍රා - ඔව් මේ යකා කියලා තියෙන්නේ කකුලක් දකිද්දී මාව මතක් වෙනවා කියලා :P

      Delete
    4. කුකුලෙක් කෑ ගහන කොට අජන්තව මතක් වෙනවා...

      Delete
    5. උඹට මොකද අජන්තව මතක් වෙන්නේ , මටත් දැන් මතක් වෙන්නේ නැති කොට

      Delete
  3. වෙනස්ම විදියකට හිතලා තියෙන නිර්මාණයක්. මේක ලියැවුනේ අහපු/දැකපු/කියවපු ඇත්ත සිදුවීමක් නිසාවත් ද?

    හැමදාම වගේ අදත් කතාව බොහොම ඉහළයි ගෙඹිස්! (හැම එකටම පට්ට කියල කියලාම පට්ට කියන එක සාමාන්‍යකරණය වෙලා. මාර අවුල.)

    ReplyDelete
    Replies
    1. එල ද බ්‍රා එහම නෑ නේද මචං?

      Delete
    2. බස්සි - අහපු දැකපු එක සිදුවීමක් නිසා නෙවෙයි මචං. එහෙම සිදුවීම් ගණනාවක් දැකලා දැකලා මේ කතාව සෑහෙන කාල් ඉඳන් ලියවී ලියවී තිබුනේ .. ඔව් බං දැන් පට්ට කියන එකට වචනයක් හොයාගන්න් ඕන ආපහු .

      Delete
    3. //මේක ලියැවුනේ අහපු/දැකපු/කියවපු ඇත්ත සිදුවීමක් නිසාවත් ද?//
      විකාරද බදුල්ලෙදි මූ කරපු වැඩක් දැන් ඒ පැත්තට යන්න බැරි හින්දා කුරුණැගල පැත්තට පැනලා ඉන්නවා.. හැක් හැක්

      Delete
    4. මකක් කිව්වා ..පල යන්න හොර විදානේයා

      Delete
    5. මං බොට කිව්ව නේ පට්ට කන්න එපා කියලා.. හැක්..

      Delete
  4. ඉවාන් ස්ටයිල් එක නම් නොඅඩුව තියෙනවා.. පොලීසියෙන් කන එකා ගැනත් ප්‍රශ්ණයක් තියෙනවා. සිඳුවීම් ගැනත් ප්‍රශ්ණ තියෙනවා. මම හිතන්නේ නිර්මාණයක් කියන්නේ ඒකයි. මිනිස්සුන්ට හිතන්න යමක් තියෙන්න ඕන. නැත්නම් ප්‍රවෘත්තියක් විතරනේ. රහයි.. වින්දා..

    ReplyDelete
    Replies
    1. හැම තැනම හැම එකෙක් ගැනම ප්‍රශ්න ඇතිවෙන්න ඕන කියලා මටත් හිතුනා, එත් වෙලාවකට හිතුනා ඒකෙන් අසාර්ථක වෙයිද කියලත්. කොහොම වුනත් කතාව අද දමලා ගහන අවසානයකට නම් ගෙනියන්න හිතුවේ නෑ. සිදුවීම් ගැන තියෙන ප්‍රශ්න රසිකයාට බාරයි ... ස්තුතියි මාතලන් ..

      Delete
    2. අපේ ප්‍රවෘත්ති ඔබේ ජීවිතය කියලා දාන්නේ ඒකද මාතා..........????

      Delete
  5. මන්ද බුද්ධික, ගොලු සහ අන්ධ අය මේ ඉරණමට ලක්වෙනවා. වෙනදා වගේම අගෙයි.
    බස්සිගෙ පින්තූර තෝරන්න ගිහාම තමා අවුල.

    ReplyDelete
    Replies
    1. බස්සිගෙ පින්තූර තෝරන්න ගිහාම තමා අවුල X 2 :P

      Delete
    2. මදාවියෝ - ඒ කතාව ඇත්ත , ඔය මන්ද මානසික, ගොළු, බිහිරි කාන්තාවන් අතවරයට ලක්වීම ලංකාවේ වැඩියි තමා, වෙන එකක් තියා මානසික රෝහල තුලත් මේ තත්වය අඩු වැඩි වශයෙන් තියෙනවා .

      මදාවි & කළා - ඒ කියන්නේ පින්තුර සම්භාව්‍යයි

      Delete
  6. මේ කතාව ලියලා ඉවාන් තුච්ච ලිංගික සතුටක් ලැබුවා වගේම, මේක නියමයි කියපු බස්සි ත් මේකෙන් තෙමා ගත්තා.මේක මානුශිකව සහ සද්භාවයෙන් ලිව්වා නම් ලියන්නේ මෙහෙම නෙවෙයි.මාතලන් තමයි මෙතනට අඩු.උගේ බ්ලොග් එකේ තිබුනා මෙන්න මෙහෙම.
    //සජ්ජාගේ පඩංගුවJanuary 31, 2015 at 8:59 PM

    කෙලවිලා ඉන්නකොට
    අතතියල පපු මතට
    බලාපන් වැටෙනවද
    "නාඩි" ඒ ඇතිය මට...
    Maathalan - Priyantha HewageJanuary 31, 2015 at 9:05 PM

    නිවන් ගියත් මොකෑ බන්... සංසර්ගයට පස්සේ... බැලුවයි මංගල තෑග්ග ෂෝ එක//..


    මෙන්න උඹලාගෙ නිරුවත. බ්ලොග් කරනෙයි කියලා උඹල මේ සයිබර් අවකාශයට එකතු වෙලා කරන්නෙ උඹලාගෙ ඉශ්ට සිද්ද කරගන්න බැරි ලිංගික අවශ්‍යතා අසහනය වක්‍රව ප්‍රකාශයට පත් කිරීමයි. බොරුද බලපං මම කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. //"බොරුද බලපං මම කියන්නෙ"// නෑ උඹ කියන්නේ සහතික ඇත්ත . හැබැයි උඹ ඔය කියන්නේ කවුරු ගැනද කියලා කියවන ය තීරණය කරයි. නිර්මාණයක් රසවිඳින්න පුරුදු කරන්න අපේ අධ්‍යාපන ක්‍රමය යටතේ හැකියාවක් නැති එකත් මේ වගේ කමෙන්ට් වලට බලපානවා මම හිතන්නේ

      Delete
    2. AnonymousFebruary 2, 2015 at 9:04 AM

      ඇනෝ මචං, Constructive Criticism කියන එක නිර්මාණයක් කරන එකෙකුට හුඟක් වැදගත් ඔක්කොම හොඳයි හොඳයි කියන්නේ නැතුව අඩුපාඩු පෙන්නල දෙන්න ඕනි ඒ වගෙම ලියන එකා ඒවයින් යමක් ඉගෙන ගන්නත් ඕනි. ඒක තමයි සාර්ථක නිර්මාණකරුවෙකුගේ රහස.

      උඹේ මේ කොමෙන්ටුවේ මං දකින වැරදි දෙකක් තියෙනවා.. පළවෙනි එක උඹ මේකෙ 'කුණුහරුප' විතරක් තේරුම් අරන් කියන එක.. මානව සම්භන්ධතා ගත්තම ඔය 'කුණුහරුපත්' එවායින් ප්‍රධානම එකක්.. ඉතින් මාතෘකාව හා ඒකේ රාමුව තිරණය කිරීමේ නිදහස ලියන එකාට දීලා ඌ ලියපු එකේ අඩු පාඩු තියෙනවනම් පෙන්නල දීපන්..

      අනිත් වැදගත්ම එක.. මේ වගේ කොමෙන්ටුවක් දානකොට බය නැතුව ප්‍රොෆයිල් එකෙන් ඇවිත් ලියපන්.. එතනදි එකක් උඹේ පෞරුශය අනික උඹ ලියන එකේ credibility එක රැකෙනවා. නැත්නම් නිකං ද්වේශ සහගතව ලියපු එකක් විතරයි වගේ.

      කවුරුහරි බනින්න හරි තමන් ලියන එකක් කියවනව කියන එක යමක් ලියන ඕනෙම එකෙකුට සතුටක්.. ජය ශ්‍රී!

      Delete
    3. අඩේ පැත්තක හිටපු මාවත් ගාවලා! ද්වේස කරන්ට එපා දරුවා දැන් තියෙන්නෙ මෛත්‍රී පාලනයක්. ඇනෝ ඔහේ හිතුවද මට මේ කෙටිකතා කියෝල තෙමාගන්න මං ඉන්නෙ සහරා කාන්තාරෙ කියල? පව් ඩාලිං ඔයා වගේ අසහනකාරයො. ඇනෝ කමෙන්ට් දදා ඉන්නැතුව කසාදයක් බැඳගන්ට අන්න ගාස්තුත් අඩු කරල පස් ගුණයක්ම.

      Delete
    4. AnonymousFebruary 2, 2015 at 9:04 AM
      //මේ කතාව ලියලා ඉවාන් තුච්ච ලිංගික සතුටක් ලැබුවා වගේම......//

      මට හිතෙන්නෙ කාටත් කලිං ඔහේ තෙමාගෙන! ඕකට බේත් ගන්න වෙනව. නැත්තං බැඳපු කාලෙක ඇඳට එද්දිම........

      Delete
    5. ඔන්න මටත් කට වහගෙන ඉන්න බැරි නිසා පැන්නා මැද්දට
      @ඉවානයා ඇනෝ වහන්න නම් එපා මේ වගේ අයියලා ඉන්නම ඔනේ එතකොට මම ගැන ටිකක හරි සතුටුයි ඇයි දන්නවද? බ්‍රා පෑන්ටි අතරම හිරවෙලා හිටියත් ගෙදර ටිවි රෝඩියෝ නැතත් මට ඇනෝට වැඩිය චුටි හරි රසවින්දනයක් තියනවා කියලා..
      @Anonymous
      සමහර තැන් උපුටා දක්වලා උඔ දලා තියන කොමෙන්ටුව අනුව උඔ මෝඩයෙක් නෙමෙයි කියලා තේරෙනවා ඒත් මචං උඔ වෙන තරහක් පිරිමහන්න ගිහින් ගූ හත්පොලේ ගාගෙන.
      @කමියා
      උඔ රියල් උත්තරයක් දිලා. එල ද බ්‍රා
      @බස්සි
      මචං..මම හිතුවේ උඔ ඉන්නෙ සහරා වල කියලා. චැහැ..නැද්ද?
      @රාඡ්
      මු බැදපු දවසක ලග පාතින් අපි ගෙයක් ගමු

      Delete
    6. නිරමාණයක් කර ගන්න බැරි පොන්න පරණ බ්ලොග කාරයෝ අද අනාත් වෙලා. අළුත් උන්ගේ පඩයක් වත් වටින්නේ නැතො ගොබ්බ හරක් හිතාගෙන උන්නේ උන් මහ පොරවල් කියලා. මේවා අයිති කරගෙන පොල්මඃක්කාරයෝ වෙන්න හිතාගෙන උන්නේ. උන් දන්නේ මිනිස්සුන්ට මට ගහන්න විතරයි. ඔව් යකෝ අපි සංසර්ගයේ යෙදෙනවා තමයි. ඒකෙත් විවිධ රසත් ලබනවා. තොපි වගේ ස්වයං වින්දනේ යෙදෙන්නේ නෑ. පොල්ලක් තියෙනවා නම්, කොන්දක් තියෙනවා නමෙන් නමෙන් වර. පොන්න කාළකන්නි.

      ඉවාන් මේ කොමෙන්ට් එක මකන්න එපා. මැකුවොත් හිරේ..

      Delete
    7. @ඉවාන්,
      constructive criticism විතරක් නෙමෙයි intended-to-be- destructive criticism වුනත් constructive විදිහට ගන්න පුලුවන් ඔබටනම් නේද? :-DDDDDDDDDD

      Delete
    8. ඇනෝ,
      මොනවද බං මේ කතා.බොලාට හැම තිස්සෙම සදාචාරේ සදාචාරේ.උඹ නවනළු රස ගැන අහල නැද්ද?එයින් එක රසයක් වෙන ශෘංගාර රසය ගැන අහල නැද්ද?මේ වගේ කමෙන්ට් වලින් පෙන්නන්නෙ උඹලගෙ නිරුවතයි.බ්ලොග් අවකාශයේ ඉන්නෙ මේවගේ කතා කියවල තෙමාගන්න උන් කියලද උඹ හිතන්නෙ.

      Delete
    9. යකොඩෝ , මම ඔය කැල්ල ලිව්වේ අදාළ කවි පන්තියට ගැලපෙන්න. ඔහොම කිව්වම උඹ මටත් කියයි නෙ "මූට නාකි ආච්චේයේ උනත් කමක් නෑ " කියල. පවුලූෂා මේක ලිව්වා කියල ඌ අම්මට හේත්තුවෙලා දුව ගන්න ජාතියේ එකෙක් කියන්න පුලුවන්ද?? මාතලන් සහෝදරයා ඒ උත්තරේ දුන්න කියල ඌවත් හංවඩු ගහනවා... හැබැයි මම එක දෙයක් හූනා කිව්වා වගේ කියන්නම්. බුරන බල්ලෝ හපාකන්නේ නෑ..හපන බල්ලෝ බුර බුරා ඉන්නෙත් නෑ...බුරල හපන එවුං වගේම හපලා බුරන එවුනුත් අඩුයි. හපන්න බැරි නිසා බුර බුර ඉන්න එකද ඔය කරන්නෙ??

      Delete
    10. අර --- අස්සෙ අත දාගෙන ඉන්න එක තමයි මේකෙ කූඨප්‍රාප්තිය.මේ වගෙ ඒවා තව ලියන්න ඉවාන්. බ්ලොග් ලෝකයෙ දියුණුවට මේ වගේ නිර්භීත ලිපි අවශ්‍යයි.
      සජ්ජා කියැන්නැහේ , නාඩි වැටුනත් ඇති තමයි.මාතලන් කියැන්නැහේ ඒ සංසර්ගයෙන් පස්සේ ගොදුර ''නිවන්'' ගියත් කමක් නැහැ. මෙතන තියන නිර්මානශීලීත්වයයි වැදගත්. ඇත්තටම අර ඇනෝ ට රස විඳීම කියලා මෙලො දෙයක් දැනෙන එකෙක් නෙවෙයි වගේ.මේ වගේ ලමයෙක් ඉන්න සරත් ලංකාප්‍රිය අයියා ගෙන් ඇහුවොත්, එයා උත්තර දේවි.
      තවත් මේ වගේ මන්ද බුද්දික ළමයින්ට අතවර කරන ඒව දාන්න, අතවර කාරයාගෙ පැත්තෙන් හිතලා.එතකොට තමයි ආතල්.
      මේක දාන තිබුනෙ අර අඩු මානසික ලමයගෙ දුක දැනෙන විදියට හෝ එහෙම නැත්නම් අම්මාගෙ ශෝකය, පසු තැවිල්ල ප්‍රකාශය ට පත් වෙන විදියටෙයි කියලා කවුරුහරි කිව්වොත් ඉවාන් ඔයාත් ඔයාගෙ සහයොගෙට ඉන්න මාතලන් ප්‍රමුඛ පශ්චාත් නූතනවාදී වීරයින් සමග බහිමු අපි පාරට.
      අම්මපා අර ඇනෝ නම් ගොං ගහක්.රස විඳනය දන්නෙම නැහැ.

      Delete
    11. @AnonymousFebruary 3, 2015 at 1:16 PM

      මෙන්න නිර්භීතම කමෙන්ට් එක , වෙන එකෙක් නම් මේක දාන්නේ ඇනෝ ඇවිල්ලා .ඒ අතින් උඹ මාර නිර්භීත පොරක්

      Delete
    12. මුන් අර උඹේ බ්ලොග් එකේ නමට යටින් තියෙන කෑල්ල කියවන්නේ නැතිවද දන්නේ නෑ කොමෙන්ට් දාන්නේ..

      Delete
    13. ඒ නමට යටින් '' මාලේ ගෙලේ චේ පපුවේ, කිසිම දෙයක් නැහැ ඔලුවේ'' කියල තිබුනට , ඉවාන් ගැන එහෙමම හිතන්න හිත දෙන්නෑ ආයිබෝං!

      Delete
    14. ගොං ඇනෝ, ඒක නෙවෙයි බොල මේ කියන්නෙ. '' ඉස්සන් වෙනුවෙන් නොව පුස්සන් වෙනුවෙනි'' කියන එක . තොට මොලේ නැතෙයි ?

      Delete
    15. අම්මපෙයි කියපං?

      Delete
    16. අදෝ.. කොමෙන්ත් ගොදායි...! ආතයි බොල!

      Delete
    17. ha ha ha. Thanks ano. you made my day.....! Hina yanawa bola nawaththa ganna baha.

      Delete
    18. @ මාතලන් - ඒක තේරෙන්න මුන්ට අඩු ගානේ උකුණු මොලයක් හරි තියෙන්න එපැයි මාතේ

      Delete
    19. අම්මපෙයි කියපං?

      Delete
    20. හිකි හිකි

      Delete
    21. අම්මපෙයි .....

      ඔන්න කිව්වා ... හිකිස්

      Delete
    22. සෝක් ඉවාන්, විහිලු තේරෙනෝ හොඳ..ට. ලබන් සැරේ මා මැතිවර්ණෙට මං ඔහේටමයි චන්දෙ දෙන්නෙ.හැබැයී , මට...., යා පාලන...., බිබික්කමක් ..., ඕනිම ඕනි. හරිනෙ ඩීල් එක?මක් කිව්වා? බෑ,බෑ, ඩීල් නැතිව බෑ... ! මේ කාලෙ අපි ලැට් යන්නෙත් ඩීල් දාලා. මං මාතරනේ, ඒකයි.

      මාත..ලා...ං..! ඔන්න වතුර බාල්දිය දොර ලඟෝ..! අපි යනෝ! පෙරල ගන්නැතුව හොඳට හෝද ගනීං..!
      සරම එහා වත්තෙ දෙහි ගහේ..!
      ඈ...?
      ජොකා මං දන්නැතෝ. බස්සිගෙ කොට්ටෙ යට බලාපියෝ..!

      Delete
    23. මම සරම් අඳින්නේ නැතෝ...

      Delete
    24. මේ ටිකේ බයියෝ එක්ක හැප්පෙන මට.. ඇනෝ බයියෙක් දැක්කාම මොනාද වෙනවා අයියූ...

      Delete
  7. //සුරාජිව මගේ භාරයේ තබා නාලිනී නික්ම යන්නේ දෙටු දියණිය පන්තියෙන් කැඳවාගෙන ඒමටයි.// දෙටු නෙවෙයි කණිටු දියනිය.. ඒක හදපන්..

    සැක්.. උඹටමනේ මෙහෙම වෙන්නේ.. අර උස පොලිස් ගැටයා.. හම්මේ තාමත් කොන්ද රිදෙනවා කතාව කියවලා විතරක් වෙලත්.. සුපර් ඈ..

    ReplyDelete
    Replies
    1. ඔන්න රිප්ලයි දාන්න ගොඩක් කලින් ඒ වරද හදලා හිටියා . ස්තුතියි මචෝ.

      කොන්ද රිදෙන්නේ ගුටි කාලා නෙවෙයි උඹ අර සී.ඩී. පෙට්ටිය ගාව හිටගෙන ඉඳලා :P

      Delete
    2. හැක්.. එහෙනම් මට වැඩිය උඹට අමාරු වෙන්න එපැයි.. (මේ ඒක නෙවේ.. කාටවත් කියන්නේ නෑ.. එදා කීයක් ලාබද වැඩෙන්?)

      Delete
    3. හෙමින් රහසින් - ශ් ශ් ශ් ඕවා මෙහෙම අහනවද බොල.

      සද්දෙන් - අතින් පාඩුයි බං අතින් පාඩුයි :P

      Delete
  8. ඉවාන් මේ විදිහට සිද්ද උන කතාවක් මං දන්නව. හැබැයි වෙනස දුව මන්ද බුද්ධික නොවීම විතරයි. තමා එක්ක අනාචාරයෙ යෙදුන මිනිහාව කසාද බැඳගත්ත එයාට අවුරුදු දාසයක දුවක් හිටියා. අම්මට මොලේ කලඳක්වත් තිබ්බානම්,.. මොලේ තියෙන්න ඇත්තෙ අහවල් එකට පිටිපස්සෙන්

    ReplyDelete
    Replies
    1. සරත් අයියා මේක ඒ වගේ හැදිමිටේ මොලේ තියෙන ගෑනුන්ට දෙන ආදර්ශයක්.

      Delete
    2. සරත් අයියන්ඩි ඉවානයා බැදලා ඉන්න එකට අවුරැදු 16 ක දුවෙක් ඉන්නවද?

      Delete
    3. මේ විදිහ කතා එකක් නෙවෙයි සරත් අයියා ,දාස් ගානක් ඇති මේ ධර්මද්වීපේ . මේවා වැඩිය ප්‍රසිද්ධ වෙන්නේ නෑ. ආලය අන්ධයි කියන්නේ නිකම් යැයි. එත් අඩු ගානේ විය හැකි අපරාධ ගැන යන්තම් හරි ඉවක් තියෙන්න ඕන අම්මලා, තාත්තලාට .

      Delete
    4. මෙන්ඩා..පිස්සු කෙලින්න එපා යෝදයෝ..ඉවානයාටත් 16යි..

      Delete
    5. එකෙනේ චෙෆාකි , මේ යෝදයා දන්න බම්බුව

      Delete
  9. ඇතැමුන්ට මේව නිකං පුදුම කතා. ඇත්තටම මේව මේ රටේ බහුලව සිද්ධ වෙන දේවල් කියලයි මට හැගෙන්නෙ.උගත් වියත් පන්තිය හිතන්නෙ මේ වගේ දේවල් නූගත් ග්‍රාමීය පන්තිය තුල සිදුවන දේවල් ලෙසටය. නමුත් වර්ග බේදයකින් තොරව උගත් නූගත් හැම සමාජයේම මේ වගේ දේවල් සිදුවනු ඇත යන්න මගේ හැගීමයි. රහසක් ලෙසට සිදු වුනත් අවසානයේදී එය එළියට එන්නේ කාගේ හෝ මරණයක් සමගම යන්නද කිව යුතුය

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරුන්ට පුදුම කතා, සමහරුන්ට සාමාන්‍ය දේවල්. උගත් වුනත් නුගත් වුනත් මිනිසා තුල ඉන්න ඒ තිරිසනා මතුවුණු දවසට අවසන් වෙන්නේ ඛේදවාචකයකින්

      Delete
  10. ගෙතුම නම් රසවත්.. කතාව විදියට ගත්තම අපුලක් දැනුනට.

    මට මතක් වෙන්නේ ඉවාන් ලියපු 'කාලකණ්නියා' කතාව. ලොකු දරුවන් ඉන්න දෙමවුපියන් ( විශේෂයෙන් මවුවරුන්) අයුතු සම්බන්ධතා වලට යද්දී ගොඩක් වෙලාවට කෙලවර වෙන්නේ දරුවනුත් බිල්ලට දීමෙන්. එක්කෝ ජීවිතෙන්, නැත්තම් කාමුකව. වැඩේ කියන්නේ එවැනි තත්ත්ව වලට පත්වෙන්න ආරම්භයේදී කුහුඹියෙක් තරම්වත් මොළයක් පහල නොවෙන එක. අවසානෙදි පොලීසියට හෝ උසාවියට ගියාට පලක් තියෙනවද?

    දුකක්, කම්පනයක් දැනුනා. කවදත් වගේ හොඳයි. හැබැයි කම්මැලි කමට දාල කියලදෝ හිතුනා. හරියට ලිව්වා නම්, කීදෙනෙක් අඬවන්න තිබ්බදෝ කියලත් හිතුන. එක්කෝ මේ වගේ දේවල් තළුමරන්න තරම් සුදුසු නැති නිසා ඔහොම හොඳයි!

    ReplyDelete
    Replies
    1. //"අයුතු සම්බන්ධතා වලට යද්දී ගොඩක් වෙලාවට කෙලවර වෙන්නේ දරුවනුත් බිල්ලට දීමෙන්."// එක ඇත්ත උපේක්ෂා , මේ වගේ තාවකාලික සුවයක් නිසා ජීවිතෙන් වන්දි ගෙවපු කීදෙන්ක් නම ඇතිද ? කම්මැලි කමට දැම්මත් නෙවෙයි , එත් පොඩි අඩු පාඩු ටිකක් තියෙනවා .
      ස්තුතියි උපේක්ෂා , හැමදාම වගේ හොඳින් කියවලා සියල්ල ආවරණය වෙන්න දාන මේ කමෙන්ට් වලට

      Delete
  11. පොඩි නොගැලපෙන ගතියක මට තියනව.
    1.කෙල්ලගෙ මන්ද බුද්ධික බව අපි දැනගන්නෙ පොලිස් කතාවෙන්. බෙහෙත් ගන්න කතාවක් කිව්වට එහෙම සීන් එකක් හැ‍ෙඟෙන්නෙ නෑ. අන්තිම වෙනකල්ම අපි හිතන්නෙ "සාමාන්‍ය කෙනෙක්" ගැන.
    2.මේ තත්වෙ ඉන්න ගෑනියෙක් මේ ඔප්ෂන් එකට නොයාමේ සම්භාවිතාව වැඩියි.

    ස්ටයිල් එක නං හොඳයි.

    ReplyDelete
    Replies
    1. ලස්සනයි කතාව... මට ආසයි මේ කතාවට කෑල්ලක් එල්ලන්න.. ඒත් අද මහන්සි දවසක්... ඒ හින්දා කමෙන්ට් එකක්ම දාන්නම්...

      මට තියෙන අවුල ඉවාන් මේ මන්ද බුද්ධික ගෑල්ලමයාගේ පැත්ත අමතකම කරලා දාල තියෙන එකයි... මට හිතෙන්නේ මේ කතාවේ ඇඟහිරිවැටෙන පැත්ත තියෙන්නේ ඒ ළමයා ගාව... බොහෝදුරට විවාහයක්, පෙම්වතෙක් අහිමි ඒ ගෑල්ලමයට සමහරවිට ජීවිතකාලෙම ලැබුණ එකම සැනසීම ඒ විනාඩි ගාන වෙන්න පුළුවන්... මේ ප්ලොට් එකේ තියෙන ලොකුම කතාව ඒ අහිමිවීම නෙමෙයිද..?

      මම කැමතියි මේ කතාව මන්දබුද්ධික ගෑල්ලමයා ගෙදරින් පැනලා ගිහින් තමන්ව "රේප් කරපු" මනුස්සයාව හිරකරලා ඉන්න පොලීසිය හොයාගෙන යන තැනින් පටන් ගත්තානම්.. ඬ්රාමා ඕනි නම් ඉතින් ඒ ළමයාව වාහනේකට හප්පන්නත් පුළුවන්...
      ඒත් ඉතින් මම කැමති කතා හැමෝම කැමති කතා කියනන්ත් බෑනේ... ඒ හින්දා මෙහෙමත් හොඳයි... :)

      Delete
    2. කෙල්ලගේ මන්ද බුද්ධික බව අන්තිම වෙනකම්ම හංගලා තිබ්බේ නම් හිතලම තමයි . එත් එකෙන් මම හිතු තරම් කම්පනයක් ලබා දෙන්න බැරිවුනා .
      දෙවැනි කාරණය ගැන නම් මට එච්චරම හිතුනේ නෑ කතාව ලියද්දි . හැබැයි ඒ කතාවේ ඇත්තක් තියෙනවා .
      ස්තුතියි රාජ්

      Delete
    3. අප්පේ බීටලේ .... ඇත්තෙන්ම මේ කතාව ලිව්වේ සෙනරත් ගේ පැත්තෙන්, හැබැයි එහෙම නොකර තුන්වෙනි ඇහෙන් ලිව්වනම බීට්ල් ඔය කියන ආකාරයේ ඩ්රාමා කෑල්ලක් ගොඩ නගන්න තිබ්බා මන්ද බුද්ධික ළමයාගේ පැත්ත වැඩිපුර උලුප්පලා පෙන්නන්න නොගිය තව හේතුවක් තියෙනවා ඒ තමයි මට ඒ ළමයා මන්ද බුද්ධිකයි කියලා අවසාන වෙනතුරු හංගලා තියන්න ඕන වීම .
      ස්තුතියි බීට්ල් ..මම කතාවක් ලියනකොට හිතන තවත් දෙයක් තමා ,මේ ප්ලොට් එක බීට්ල්ට ලැබුණානම් කොහොම ලියයිද කියන එක . හැබැයි හැමදාම මම හිතනවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමා බීට්ල් හිතන්නේ . එකත් හරිම ආශ්වාදජනක වැඩක් ..

      Delete
    4. මාත් මෙතනටම සෙට් වෙනවා, මොකද ඔය රාජ් කියලා තිබ්බ කතාව තමයි මගේ හිතට ආවේ... සෙනරත් සුරාජිගේ තත්වය නොදැන හැසිරුණු බවක් ඇඟවෙන්නේ... ඒත් ඒකට පැහැදිලි කිරීමක් නෑ. ඒවා එහෙම තියෙද්දිත්, මේ කතාව තව ටිකක් විස්තරාත්මක වෙන්න තිබ්බා කියලා හිතෙනවා...

      Delete
    5. රාජ් කියපු පලවෙනි කාරනාව මටත් හිතෙනව. ඒවගේම ඉවාන් හිතලම ඒක හැංගුවානම්....ඒකෙන් බලාපොරොත්තු උනේ මොකක්ද කියල හිතෙනව.අනික මන්දබුද්ධික බව කලින්ම හෙලි උනානම්...අරූ මැදක් හරිය වෙනකොටම අපරාද කාරයෙක් වෙලා ඉවරයි...ඒ වගේම පොලිස් කාරයන්ගෙ..උරුම නොහික්මීම(නියම වචනෙ අමතකයි) ගැන අපට කියවාගෙන යන්කොට දැනෙන හැඟීම් නැතිව ගොහින් අපි හිට ගන්නෙ පොලිස් කාරයගෙ පැත්තෙ.

      Delete
    6. තිසර -

      සුරාජිගේ තත්වය මුල ඉඳන්ම කියන්න නම් බලාපොරොත්තුවක් තිබ්බෙම නෑ. නමුත් ඉන්දික පහල කියලා තියෙනවා වගේ යම් යම් තැන වලදී ඒ ගැන ඉඟි පලවෙලා තිබ්බා . විස්තරාත්මක මදි ගතිය හැමෝම කියලා තියෙනවා . ස්තුතියි තිසර ... කාලෙකින් තිසරව දැක්කේ

      Delete
    7. වීයෝ - ඒක හිතලම හැන්ගුවේ නම් සෙනරත් මුලින්ම පැහැදිලිවම වරද කාරයා කළා නම් කතාවේ කතාවේ අවසානයක් නැතිවෙයි කියලා හිතුනු නිසා . හැබැයි උඹේ කමෙන්ට් එක ඇතුලෙම උඹ උත්තරෙත් හොයාගෙන තියෙනවා . තැනකුයි වීයෝ

      Delete
    8. බීට්ල් බීට්ල්!! මට දෙන්න බැරිද ඔය අපූරු අදහස් පැලවෙන මොලේ සතියකට දෙහෙකට....

      Delete
    9. දුප් යන්න බට කොස්සි , ඒක මම ඉල්ලලා තියෙන්නේ බීටලේගෙන් කලින්ම

      Delete
  12. හප්පා.. කිලිපොලා ගියා සරුවාන්ගයම. අවුල් මාතෘකාවක් උනත් කථාව ලිවිල්ල නියමයි සහො.....

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි දිලිනි. කාලෙකින් දිලිනිගේ නිර්මාණයක් ආවේ නෑ. මොකෝ බිසී වෙලාද ?

      Delete
  13. මචන් ඒ බෝඩිම දැන් ආයෙත් රෙන්ට් කරයිද දන්නේ නෑ නේද අරු හිරේ නිසා ............ මට නෙවෙයි බන් ඉතාලියේ ඉඳලා ලංකාවේ පත්තර බිසිනොස් එකකට එන අදුනන එකෙක්ට

    ReplyDelete
    Replies
    1. මේ දැන් ගොඩ බැස්සා අපේ ගල් බලකායේ කැදවුම්කරැ..

      Delete
    2. කෙල්ල ගෙට ගං !!

      Delete
    3. එහෙනම් ගල් ගහන්න සැරසෙව් !!!

      Delete
    4. පව් කොල්ලට ෆෝන් එකවත් අල්ලන්න දන්නෙ නෑ පත්තරි, ස්පිකර් දාලා කට ගාවට අල්ලනවා..

      Delete
    5. මැලේ - උඋට අනෙක්සිය වැඩක් නැතිලු . ඔන්න් ආපු වෙලාවේ ඉඳන්ම හිරේ . ගොඩ බැස්සා කියලා දන්නේ වත් නෑ අපිනම් . හැබැයි කරන්නේ පත්තර බිස්නස් නෙවෙයි මල් බිස්නස් ලු

      Delete
    6. මම නම් EK 96යි EK 348යි ට්‍රැක් කලා ඕකා ගොඩ බහිනකන්..
      බලමු ඉතාලියෙදි දුන්න පොරොන්දු ගොඩ බැස්සමත් ඒ විදියටම ඉටු කොරයිද කියලා,

      Delete
    7. අනේ උගේ බොරු පොරොන්දු , අන්න තාම ගේ ඇතුලේ , නිවාස අඩස්සියේ

      Delete
    8. ඊයේ පෑක්ට්‍රිය වැහැව්වා කෙල්ලෝ නිවාඩු ඉල්ලනවා පත්තර අයියව බලන්න යන්න..
      (ඉතාලියේ ඉන්නකන් මෙතන නටන්න තියන දහඅට නැටුම් ඔක්කොම නටලා..කඩනවා කකුල් එලියට බැස්සොත්...
      අර මෙන්ඩා කියන එකෙක් ඉන්නවා යන්නෙ එහම නෑ ඔකා හම්බ වෙන්න..බය නැතුව යවන්න පුලුවන්ද ඇහැව්වෙත් බ්‍රා පෑන්ටි කරේ දාගෙන කෙල්ලෝ පිරිවරාගෙන ඉන්නේ..අනිත් අපාය සහයක මිත්‍රෙයා් ටික අරක්කු පිපාසේවෙන් පෙලෙනවා..)
      මිට
      පත්තරි..

      Delete
    9. ඇත්තටම මු ලංකාවට ඇවිත්ද

      Delete
    10. ඊයේ ගුවනතොටුපල ආසන්නයේ දැඩි මාර්ග තදබදයක දකින්න ලැබුනි..සමරැපොත් අතින් ගත් ගැහැනු ළමුන් කිසියම් කෙනෙකුගෙ පැමිනිම බලාපොරෝත්තුවෙන් දැඩි අව් රෂ්මිය පවා නොසලකා රැදි සිටිනු දක්නට ලැබිනි..
      නිලනාලත් ආරංචි වලට අනුව මෙම යෞවනයා පත්තර බෙදිමට සම්භන්ද බවත් යම්කිසි පානයකට සම්භන්ද බලකායක කැදවුම්කරැ බවත් දැන ගන්නට ලැබිනි.
      කිසිම මාධ්‍යකට හෝ පුද්ගලයයෙකුට මුනගැසිමට ඉඩ නොදි ඔහුගේ කායආරක්ෂකයන් මොහුව ගුවන්තොටුපලින් රැගෙන ගොස් ඇත...මෙම යෞවනයාගේ ප්‍රධාන කාය ආරක්ෂක වශයෙන් නිලධාරනියක් සේවය කරන බව දැන ගන්නට ලැබි ඇත..හැකි ඉක්මනින් මධුපාන උත්සවයක් පවත්වන බවටත් බ්‍රෑන්ඩ් එක ගල් ලෙස දැනුම් දෙන ලෙසත් ඔහු විසින් දැනුම් දි ඇත..

      Delete
  14. වේගය වැඩියි. වචන භාවිතයේදී නොසැලකිලිමත් වෙලා. මේ කතාව ඇ ෙඬ න්න ලියන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. හුටා ..

      අනේ සර් අනුකම්පාවෙන් සලකන්න ....

      පොඩ්ඩක් අවුල් තැන තියෙනවා තම විචා මාමේ ....

      Delete
    2. උත්තරේ හා අංකල් කියලයි මං නං හිතුවෙ..

      Delete
  15. ඉවාන් පවුලූශාගේ ආදර කතාවලට මම කැමති. ඒත් මේ කතාව හොඳට ලියලා තියෙන හන්දද මන්දා මම මේ කතාවට කැමති නෑ.:)

    i am sorry :(

    ReplyDelete
    Replies
    1. මගේ ආදර කතාවට ඔයා නැතුව වෙන කවුරු කැමති වෙන්නද පොඩ්ඩි.... එහෙනම් මම ලියන්නම්කො අපි දෙන්නගේ ආදර කතාව :D

      හැබැයි පොඩ්ඩි අකමැති වුනා කියන්නේ කතාව ලියද්දි මම සාර්ථක වෙච්ච් නිසා වෙන්නත් පුළුවන් නේද ?

      Delete
    2. සාර්ථක හන්දා තමයි අකැමැත්තක් ඇති වුනේ. ඔන්න 100 දැම්මලු. :D

      Delete
    3. හුටා එතකොට අකමැති වුනේ මටද :(

      Delete
  16. අර අන්තිම පින්තූරේ තමා මට තේරුනේ නැත්තේ. මොකද්ද බස්සි ඒකෙන් කියවෙන්නේ ???

    ReplyDelete
    Replies
    1. අඩෝ බස්සි ඇවිත් උත්තර දීපං

      Delete
    2. කතාව අවසානයේ මටත් ආවේ ඔය ප්‍රශ්නේ .. අම්මට හුඩු මොකක් ද මේ පින්තුරේ කියල ... කොයි අතට කරකවල බැලුවත් තේරුම් ගන්න බෑනේ ..

      Delete
    3. පැතුම් - ඔන්න බස්සිව අල්ල ගනිල්ලා ඕවට

      Delete
    4. ඔව්..අන්තිම පින්තූරේ නම් මටත් තේරුම් ගන්න බැරි වුනා..

      Delete
  17. මචං කතාව සිරා..මුලදි නම් මට හිතුනෙම නෑ ඔහොම කේස් එකක් කියලා..උඹ අපිව කරකවලා කතුරු ඔංචිල්ලාවකට අතාරිනවා...නාලිනී තමන් සුදනා වෙලා මිනිහව පොලීසියට අල්ලලා දුන්නේ දුව ගැන උපන් දුකකින්ද නැත්නම් තමන්ගේ දෙයක් අනුන්ගේ වීම දරාගන්න බැරි පෘතග්ජන ගතිය හින්ද ද කියලා ආයේ හිතන්න වෙන විදියටත්, සෙනරත්ගේ අසාමාන්‍ය කැමැත්ත ඔහුගේ අසරණකම ද කියලා කුපාඩිකම ද කියලා හිතෙන විදියටත් උඹ ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. එහෙමත් පැත්තක් තියනව හැබෑටම!

      Delete
    2. අම්මාපල්ල තරැවෝ තෝ යකෙක්..අපිට හිතුනේ නෑනේ එහම දෙයක්.

      Delete
    3. තනියා අක්කේ :P

      කතාවේ මට මතු කරන්න ඕන පොයින්ට් ඔක්කොම උඹ අල්ලාගෙන තියෙනවා . එත් ඒවා අනික් යට ඒ විදිහටම මීටර් නොවෙන්නේ මගේ ලිවීමේ රටාවේ තියෙන මොකක් හරි අඩුවක් නිසා . අන්න ඒ අඩුව තමයි අවබෝධ කරගන්න ඕන. කොහොම වුනත් උඹ ඒ ටික දැක්ක එකට මට හරිම සතුටුයි . තැනකුයි උඹට . හිටපන් මාළු පාන් එකක් අරනං එන්න මම එන වෙලාවක.

      මෙන්ඩෝ - //"අම්මාපල්ල තරැවෝ තෝ යකෙක්"// උඹ දන්නේ නැද්ද බං ඌ යකෙක් තමා

      Delete
    4. ඈ යකෝ..ඉවාන් අන්කල් කවදා ඉඳන්ද මට අක්කා කියන්න ගත්තේ? :O දෙන්නම් බොට හිටුකෝ! :P :P

      මට නම් හිතෙන්නේ නෑ උඹේ ලිවීමේ රටාවේ ප්‍රශ්නයක් කියලා..ඒක සමහරවිට කතාවෙන් ඇතිවෙන කම්පනයට කට්ටිය සංවේදී වෙන හින්ද වෙන්නැති...හා මාළු පාන් නම් නැති උණත් කමක් නෑ, චොක්ලට් කේක් කෑල්ලක් ගැන වගේ නම් අනුමැතිය දෙන්න පුළුවන්..හික් හික්..:D

      -මෙන්ඩෝ : මම රීරි යකෙක්..උඹ නොදන්න..:P

      Delete
    5. ආ අක්ක නෙවෙයිනේ බොල වැරදුනා

      සොරි තනියා ආන්ටි :P

      චොකලට් කේක් ... හිටපන් උඹට එවන්න ගැටෝ එකක්... කාලා හකුරු එක්ක තේ බීපම් ... :P

      Delete
    6. ආන්ටි..! අනේ අම්මපල්ලා මේ අද හෙට පැන්ෂන් යන්න ඉන්න වලස් මාමා! :P
      ගැටෝ එපා...ස්පොන්ජ් එකේ තියෙනවා මචං මාරම මාර රහ නට් ඇන්ඩ් ෆජ් කේක් එකක්...අන්න ඒකක් වගේ එවපන්කෝ...:D
      හකුරු එක්ක තේ බොන්න නම් මාළුපාන් ඕන..:P

      Delete
    7. ආචිචිට හකුරු හපන්න පුලුවන්ද , කුඩු කරලා එවන්නද ? දත් සැට් එකක් එක්ක එවන්නද ? :P :P

      Delete
    8. උඹේ දත් සැට් එක එවහන් කොලුවෝ..හැබැයි හොඳට මැදලා එවහන් හොඳේ..:P

      Delete
    9. හැක හැක හැක ..මම උපන්තේකට දත් මැදලා නෑනේ තනියා ආච්චියෙ

      Delete
  18. ඉවාන් පවුලූශා30 January 2015 at 20:15
    සක් වෙලාවේ හැටියට කවියක් ලියාගන්න්න වෙලාව මදි. දැන් මදාවියාට පට්ට අභියෝගයක් තියෙන්නේ

    ReplyDelete
    Replies

    Pathum Herath31 January 2015 at 11:52
    මට නම් ඔලුවෙන් හිටං හිතුවත් කවියක් ඔළුවට එන්නෙම නෑ .. උඹේ කොමෙන්ට් එක අස්සෙම ඒක කියල දාගත්තම සුර වීර සරතාගේ උදහස දෙකට බෙදිලා උඹටයි මටයි බා ගේ බාගේ හම්බ වෙයි .. හෙහ් හෙහ් ..

    Delete

    සරත් ලංකාප්‍රිය2 February 2015 at 11:27
    ඔය විදිහට පැනලා යන්නට බැරිය
    ඉවාන් කවි කාරයෙකි එය පරසිඳුය
    මදාවියන් ගැනලියු බ්ලොග් ඔබ සතුය
    එබැවින් උගෙ පැත්ත ඔබ පෙන්විය යුතුය

    Delete

    සරත් ලංකාප්‍රිය2 February 2015 at 11:30

    ReplyDelete
    Replies
    1. මම ඕක දැක්කට මට ඔයා අපහු මෙතන කියනකම් එක එච්චර මීටර් වුනේ නෑනේ අප්පා.. ඔන්න කොහොම හරි කියපු විදිහටම වැඩේ වෙලා තියෙනවා . ස්තුතියි සරත් අයියා .

      Delete
  19. ගම් වල ඔය වැඩේ සිද්ධවෙනවා නිතර දෙවේලේ. නගර වල වෙනවා ඇති අනිවාර්යෙන්. ඕපදූප අඩුකමට ෆේමස් වෙන්නේ නෑ.. මන්දබුද්ධික කතාව නැතුව තිබ්බ නම් "නෝටි ඇමරිකා" කතාවක් සිංහලෙන් ලිව්වා වගේ.. හැබැයි රසවත්ව ව්‍යංගයෙන් අපුරුවට ලියල... ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. යකෝ මේවා අත්දැකිමෙන් ලියන කතා..

      Delete
    2. සජ්ජා - //""නෝටි ඇමරිකා""// සක් අම්මප .. ඒ කියන්නේ නුලෙන් බේරිලා . තැනකුයි වේවා .

      මෙන්ඩෝ - මොකක් කිව්වා ..දුප් යන්න

      Delete
  20. මොකක් කියන්නද! මේවා නොවෙනවා නෙවෙයි

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු නාඩි මලයා දැකපු කල් . තැනකුයි හොඳේ

      Delete
  21. මොකද කියන්නෙ?


    මේ කතාව සාර්ථකයිද? එක්තරා දුරකට ඔව්. ඒකනෙ ගොඩක් අයට සිද්ධියෙ අපුල දැනිල තියෙන්නෙ. හැබැයි, උඹ පෙන්වන කොන අල්ලගෙන නැත්තෙ ඒව උලුප්පන්න ඕන අමුද්‍රව්‍ය කතාවෙ අඩු නිසා. කොටින්ම අර පොළිස් කාරය සහ පොඩි කෙල්ලගෙ ඉඟිබිඟිය වෙනුවට අම්මගෙයි කොළුවගෙයි යම් අදහස් ප්‍රකාෂනයක් ඔබ්බල තිබ්බනම්, ඔයිට වැඩිය ඒ පැත්ත වදිනව.

    අනෙක් කරුන උඹ හිතුවට ලොකු දුවගෙ තත්වෙ වැහුව කියල, මට හිතෙන්නෙ එහෙම නෑ කියල. මම //"ඔයා ලොකූව බලාගන්න එකනම් මට හරිම සහනයක් සෙනරත් . "
    "නැත්තම් හවසට පොඩි දුවව එක්ක යන්න එයාවත් එක්කගෙන යන්න එපැයි." // කියන කොටසෙන් මට හිතුනෙ ඇයි මේ මිනිහ "ලොකු" දුවව බලාගන්නෙ කියල!

    උඹට හැළපෙ අන්නත මේ කතාව කියල තියෙනව. කතාවක් සාර්ථ වෙන්නෙ සමාජයෙ සුලභ සිද්ධියක් වෙනස් කෝණයකින් බලල කරන ඉදිරිපත්කිරීමක්දි. අන්න එතනදි මේක අවුල්.

    රාජකාරි බහුල, වෙලාව මඳ කාලෙ ජීවිත අත්දැකීම් ලියහන්. ඉඩ වෙලාව තියෙනකොට කෙටිකතා ලියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ලොකු දුව මන්දබුද්ධිකයි කියන එක ඉස්සෙල්ලම එලියට දාන්න හිතුවේ නෑ. එත් ඔය ඉන්දික කියන ඉඟි නොදී කතාව ලියන්නත් අමාරුයි . //""සමාජයෙ සුලභ සිද්ධියක් වෙනස් කෝණයකින් බලල කරන ඉදිරිපත්කිරීමක්දි. අන්න එතනදි මේක අවුල්.""// ඇත්ත මේක වෙනස් කෝණයකින් කියපු එකක් නම් නෙවේ තමා. මට ඕන වුනේ සෙනරත් ගේ පැත්තෙන් විතරක් කියන්න.

      //"රාජකාරි බහුල, වෙලාව මඳ කාලෙ ජීවිත අත්දැකීම් ලියහන්. ඉඩ වෙලාව තියෙනකොට කෙටිකතා ලියන්න පුලුවන්."//හපොයි එහෙම වෙලාවක් කොයි වෙලේ එයිද කියලා තමා ප්‍රස්නේ .වැඩක් නැත්තම් අනුන්ගේ වැඩක් හරි ඇඟේ ගහනවා ආයේ හුස්ම ගන්න බැරි වෙන්න

      Delete
  22. ඉවාන් කතව ටිකක් කලබලෙන් ලියලා කියලා හිතුනා.. බොරු කියන්නේ මොකටද මම සමහර තැන් දෙපාරක් කියෙවුවා ඔළුවට දා ගන්න.. හැබැයි උඹේ කතාවේ ලොකු අවුලක් නෑ හොදේ..

    අර අන්තිමේ තියෙන පින්තූරේ මට පොඩ්ඩක් පැහැදිළි කරපං කෝ.. හැම අතටම බැළුවට ඒක තේරෙන්නේ නැහැනේ බං..

    ReplyDelete
    Replies
    1. කලබලයක්ම නෙවෙයි , එත් එහෙම හිතෙනවා වගේ ගොඩක් දෙනෙකුට . ලොකු අවුලක් නැත්තම් එච්චරයි.

      මං දන්නේ නෑ ඔන්න පින්තුරේ ගැන අහගනින් බස්සිගෙන් .අපි නෑ ඕවට

      Delete
  23. පොඩි කෙල්ලගේ හිතෙත් සෙනරත් ගැන මොනවම හරි බලාපොරොත්තුවක් තිබිලා මේ සිද්දිය නිසා එකී තව පැත්තකින් අප්සට් ගියාවත්ද ?

    කතාව ඉවර කරන්න මොකද බං කලබල.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් මාර පොයින්ට් එකක්නේ උඹත් ඇද්දේ , එහෙම එකක් නම් මට හිතුනේ නෑ හැබැයි .
      කලබලයක් නම් තිබ්බේ නෑ බං. ඔය ගිය විදිහ තමා හිටං

      Delete
  24. උඹ කියවලා තියනවද දන්නෑ කාලෙකට කලින් සිත්තර පට්තරේ චිත්‍රකතාවක් ගියා.. මට මතක නෑ ඇන්දේ කවුද කියලා.. ලොකු ගෙදරක බාප්පෙකුයි දුවෙකුයි තනියම හිටියා.. දවසක් අකුණු ගහද්දි දුව බය වෙලා බාප්පා ලඟට ගියා.. එදා ඉඳලා දුව හැමදාම බාප්පා අතින් කෙළෙසුනා දුවගේ කැමත්තත් ඇතුව... ගිනි ගන්න අවශ්‍ය මූලයන් තියන ඕනැම තැනක ඕවා බොහෝම් සුලබ දේවල් වෙන්න පුළුවන්.. මට අදත් ඔය ජාතියෙ ඇත්තම කතාවක් අහන්න ලැබුනා.. දුවලා ඉන්න අම්මලා හරිම පරිස්සම් වෙන්න වෙනවා.. නැත්නම් අම්මාගේ පහස හොයාගෙන එන බමරු දුවගෙත් රොන් අරගෙන තමා යන්නේ.. කාලෙකට කලින් අටමා ලියපු "අත පිච්චුන' කතාවෙත් එහෙම එකක් තිබුනා මතකයි..

    කතාවෙන් උඹ ගොඩක් දේවල් කියන්න උත්සහා කරණවා කියලා හිතෙනවා කමෙන්ට් වලට දිලා තියන උත්තර බැලුවම.. මට කීයක් ඒ විදිහටම තේරුනාද දන්නැ..

    චිත්‍ර දෙක මාරයි බන්.. දෙවෙනි එක දිහා සෑහෙන වෙලා බලන් හිටියා තේරුම් ගන්න බැරුව.. තාමත් එහෙම තමා.. හෙහ් හෙහ්..

    ජය !!

    ReplyDelete
    Replies
    1. සෙන්නා කියන සිත්තරා පත්තරේ කතාව නම් මට මතක නෑ. හැබැයි මේවා දුලබ සිදුවීම් නම් නෙවෙයි . ඔය අටමගේ ඇත පිච්චුන කතාව තමයි මම බ්ලොග් කියවන්න් පටන් ගත්ත කාලේ ඉස්සෙල්ලම කියවපු කතාව. හැබැයි ඌ එක ඇද්ද අදිල්ලට මුල මැද අග අමතක වෙලා ගියා .

      උඹට කාරනා එකක්වත් තේරුනේ නැද්ද බං. අයියෝ...

      හැබැයි පින්තුර ගැන නම් මට වග කියන්න බෑ ඔන්න :D

      Delete
  25. සිහි බුද්දිය තියෙන වෙලාවක කොමොන්ට් කරන බව කරුනාවෙන් සලකන්න...!

    ReplyDelete
    Replies
    1. උඹේ "අවසිහිය" මටත් ටිකක් දියංකො

      Delete
    2. ඒ මොකෝ අප්පා ඔය හැටි සිහි බුද්දිය නැතිවෙන්න තිබිච්ච නිමිත්ත මොකක්ද ?

      Delete
  26. නිර්මාණයක් වුනාට මේ වගේ සත්‍ය සිදුවීම් නොවෙනව නෙවේ මේ ලංකාවේ..
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සංචා .. මොකෝ උඹ සද්ද නැත්තේ ?

      Delete
  27. අද එළ.කුතුහළය,කම්පණය,සුදුරෙද්දෙන් වහන් ඉන්න ලින්ගික හෙළුවැල්ල අඩුනැතුව උඹ දීලා තියනවා.යන්තම්හරි අඩුවකට තියෙන්නේ නාලිනීගේ පැත්තෙන් හිතන විදිහ ගැන කතාවට ඉඩක් නැතිවීම විතරයි.
    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා කසුට්ටෝ ... නාලිනිගේ පැත්තෙන් වගේම සුරාජිගේ පැත්තෙන් කතාව කිය්ව්වෙලා නැති එක අඩුවක් වගේ කීප දෙනක්ම කිව්වා. එක ඇත්ත කියලා මටත් දැන් හිතෙනවා .

      Delete
  28. ඊයේ ගුවනතොටුපල ආසන්නයේ දැඩි මාර්ග තදබදයක දකින්න ලැබුනි..සමරැපොත් අතින් ගත් ගැහැනු ළමුන් කිසියම් කෙනෙකුගෙ පැමිනිම බලාපොරෝත්තුවෙන් දැඩි අව් රෂ්මිය පවා නොසලකා රැදි සිටිනු දක්නට ලැබිනි..
    නිලනාලත් ආරංචි වලට අනුව මෙම යෞවනයා පත්තර බෙදිමට සම්භන්ද බවත් යම්කිසි පානයකට සම්භන්ද බලකායක කැදවුම්කරැ බවත් දැන ගන්නට ලැබිනි.
    කිසිම මාධ්‍යකට හෝ පුද්ගලයයෙකුට මුනගැසිමට ඉඩ නොදි ඔහුගේ කායආරක්ෂකයන් මොහුව ගුවන්තොටුපලින් රැගෙන ගොස් ඇත...මෙම යෞවනයාගේ ප්‍රධාන කාය ආරක්ෂක වශයෙන් නිලධාරනියක් සේවය කරන බව දැන ගන්නට ලැබි ඇත..හැකි ඉක්මනින් මධුපාන උත්සවයක් පවත්වන බවටත් බ්‍රෑන්ඩ් එක ගල් ලෙස දැනුම් දෙන ලෙසත් ඔහු විසින් දැනුම් දි ඇත..

    ReplyDelete
    Replies
    1. අප්පට බොල උඹ මේ ඇඩ් එක පත්තර වලටත් දැම්මද ?

      Delete
  29. මම මේ වගේ සෙනරත් කෙනෙක්ව දන්නවා... හැබැයි
    තාම නම් හිරේ ගිහින් නෑ... විනාඩියක දෙකක වින්දනයක් වෙනුවෙන් හැම දේම අමතක කරන්න ගියාම අන්තිමට විඳවන්නෙ තනියෙම නෙමෙයි...
    කතාව ඉවරකරන්න හදිස්සි වෙලාද මන්දා....

    ReplyDelete
    Replies
    1. හදිසියක් නම් තිබ්බේ නෑ බං, එත් හැමෝටම එහෙම දැනෙනවා වගේ ... සෙනරත්ලා ඉන්න ඕන හිරේ තමයි මම නම් හිතන විදිහට . මොහොතක සුව දෙන චංචල ලෝකයේ

      Delete
  30. ඔක්කොම හරි කියමුකෝ.... ඒත් මොකක්ද බොල අන්තිම රූපේ.......

    මේ ඉවානයා අහන්නමයි හිටියේ... උඹ බ්ලොගයක දියතලාව ගමය කියලා දාලා තියෙනවා දැක්කා... ඒක අැත්තක්ද???????

    ReplyDelete
    Replies
    1. අන්තිම රූපේ වගකීම බස්සි විසින් ගතයුතුය .

      දියතලාවේ නෙවෙයි බං මම බදුල්ලේ . කොහොම වුනත් එකම පැත්තනේ

      Delete
    2. හරි හරි............ අපි හිතුවා දියතලාවෙවත් කියලා......

      Delete
  31. සත්තරනේ මේ ටිකට ආපු දුර ආයේ Home ගහල මුල ඉදන් කියවන්න වෙනවා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මචෝ දැං තමයි කතාව කියල ඉවර කළේ.. මේ ස්ටෝරිය මීට වැඩිය දැනෙන්න ලියන්න තිබුනා කියලා මට හිතුනා.. ඒත් මොනවත් නොලියා ඉන්නවට වැඩිය මෙහෙම හරි එකක් ලියන එක කොච්චර දෙයක්ද?

      ජ ය වේ වා !!!

      Delete
    2. අප්පට බොල... උඹට මොකෝ යකෝ වුනේ ... උඹ අපේ විදනේයව එහෙම දැක්කේ නැද්ද ?

      //""ඒත් මොනවත් නොලියා ඉන්නවට වැඩිය මෙහෙම හරි එකක් ලියන එක කොච්චර දෙයක්ද?"// එක කියන ලස්ස්සන විතරක් . උඹ ලියන්න ඉන්නේ නැකත එනකන්ද?

      Delete
    3. ඒ විදානෙය සමපෝෂ හිරවෙලා බලංගොඩ හොස්පිටල් ලු.

      Delete
    4. අඩේ පසන්න අයියා හෙට ඇවිල්ලා කඩේදිම අල්ලගන්නං//

      Delete
  32. අඩෝ මට නම් මේක අල්ලලා ගියා ද නැද්ද කියල සුවර් නැති වගේ ගතියක් තියෙන්නේ ... අනේ මන්ද බන් මට මේ තේමාව තියෙන කතා මොන තරම් සංවේදී සිද්දි දාල ලිව්වත් ඒ හැටි වදින්නේ නෑ .. උඹේ ලිවිල්ලේ අවුලක් නෙවෙයි මගේ අවුලක් ...

    ReplyDelete
    Replies
    1. ලිවිල්ලේ අවුලක් නෙවෙයි නම් ඒ ඇති. සමහර වෙලාවට මේ වගේ කතා වලට අපේ මනස නිර්වින්දනය වෙලා පැතුම්. මොකද මේවා එකක් දෙකක්නෙවෙයි නේ සිද්ධ වෙන්නේ අද වෙනකොට

      Delete
  33. මේ කථාව ඉවාන් කොලුවා හදිසියේ ලියපු බවක් මට දැනෙනවා...වෙනදා බොලාගෙ කථාවකින් දැනෙන රසය මේකෙදි ‍පොඩියක් අඩු වෙලාදෝ කියලත් හිතෙනවා...ඉහළින්ම තියෙන චිත්‍රය නම් පංකාදුයි...මේ කථාවෙ තේමාවට ලියවුන කථා නම් සුලභ නෑ...බොට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. සිරා ගොයියා - කතාවේ රසය පොඩි අඩුවීමක් තියෙනවා කියලා ගොඩ දෙනෙක් කිව්වා නිසා ඒගැන සැලකිලිමත් වෙන්න වෙනවා වගේ . එක නෙවෙයි උඹ අර කලින් දාල තිබ්බ පොස්ටුවට යන්න බෑනේ , මොකෝ වෙලා තියෙන්නේ එකට

      Delete
    2. ඒක වැරදීමකින් පබ්ලිෂ් බටොන් එක එබුන එකක්...ලොකු දුව බඳින්න තව කල් තියෙනවා හැක් හැක්...

      Delete
  34. මේ වගේ කතාවක් ගියා ඉස්සර ටෙලියක් විදියට. අද මගේ සර්වන්ට් මේ වගේම අවුලකට මුහුණ දීලා ඉන්නේ. ඇගේ මේ වගේ දුවක් අතුර්දහන් වෙලා. තවමත් හොයනවා. කමෙන්ට් බලලා කතාව අමතක වුණා. මේ කතාව මම රස්වින්දේ නෑ. මේ අස්සෙන් සර්වන්ට් ගේ කතාව මැවුනා.

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට මොකක් හරි නිර්මාණයක් රසවිඳින වෙලාවට ඒ තුලින් අපේ අත්දැකීමක් මතුවෙලා අපි එතනින් එහාට යනවා . එක නවත්තන්න බෑ. දුව ගැන ආරංචියක් නැද්ද සර්වන්ට්ගේ . සුදීක කාලෙකින් දැක්කේ

      Delete
  35. මේ කතාවෙන් අපිට හිතන්න යමක් ඉතුරු කරල තියෙනව වගේම හොඳ පණිවිඩයකුත් දීල තියෙනවා. වෙනද වගේම හොඳට ලියල. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. තැනකුයි මනා
      ඒකෙන මේකෙන් කමක් නෑ , කෝ ගිටාර් පාඩම ...උඹ ආපහු පේන්න නෑනේ ඒගමන

      Delete
  36. අපේ පැත්තේ ඔහොම ගෙයක් තියනව . තාත්ත රට , අම්ම අන්තිමට දුවව හොර මිනිහට බන්දල දුන්නා , දැන් ළමයිනුත් ඉන්නව , ඉස්සර සම්බන්දේ දැනුත් තියනවද නැද්ද මන්දා , හැබැයි අර බාප්ප දුවත් එක්ක දකිනවට වඩා දකින්නේ අම්මත් එක්ක ,

    ඔය සිසිටම් එකට කියන්නේ කොළඹ ක්‍රමය කියල

    ReplyDelete
    Replies
    1. යකාගේ කොළඹ ක්‍රමයක්නේ බං ඒක. අනික මාරු අම්ම කෙනෙක් ඒ . අම්ම කියන්න හිතෙයිද ළමයින්ට ඒ ගෑනිට .

      Delete
    2. නැහැ බං, ඔය සිස්ටම් එකට කියන්නෙ මයිත්‍රීපාලනය කියලා. පේන්නෙ නැද්ද මයිත්‍රීපාල ඔය රනිලුයි, නිමලුයි එක්ක එක සැරේ දීගකන්නෙ?
      නිමල් ට නම් බබා හම්බෙලා. ඔය යසට තාත්තෙ කියාගෙන ඉන්නෙ ළමයි ටික.රනිල්ට තාම නැහැ. (මම හිතන්නෙ උපං ගෙයි ප්‍රශ්නයක්.)
      ජවිපෙ තාම අන්ඩවෙයාර් එක අස්සෙ අත දාගෙන ඉන්නවා.

      Delete
  37. තව ටිකක දිගට කතාව ලියවුනා නම් හොඳයි කියලා මටත් හිතෙනවා. කොහොම වුනත් හැමදාමත් වගේ හිතට දැනුනු වෙනස්ම විදිහක නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. තුශානි ට ස්තුතියි . කතාව මීට වඩා දික් කරන්න හිතුනේ නෑ , එත් ටිකක් වෙනස් වෙන්න තිබුනා තමයි

      Delete
  38. මන්ද බුධ්දික නැතත් මෙවගෙ පවුලක් අපෙ ගමෙ ඉදල තියෙනව.අම්මටයි දුවටයි දෙන්නටම එක මිනිහගෙන් දරුවො හිටිය. කතාව මට අනුව නම් සාර්තකයි

    ReplyDelete
    Replies
    1. තැන්කුයි වේවා දමියා ..

      යකෝ ඒ කියන්නේ උඹත් ඉන්නේ අටමගේ ගමේද ?

      Delete
  39. අරූ කෙල්ල මන්ද බුද්ධික බව නොදැනද වැඩේට එන්ටර් වෙලා තියෙන්නෙ.
    පොලීසියෙන් ගුටි කෑවට පස්සෙවත් මොළේ පෑදුනාද දන්නෑ.
    මොනව උනත් කතාව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. කියන්න බැරි උනා අර රූපෙ ගැන...... නෑ ඒක ගැන කතා නොකර ඉන්න එක වඩා හොඳයි. :D

      Delete
    2. මන්දබුද්ධික බව නොදැන නෙවෙයි. එත් මට ඒ කතාව කලින්ම් කියන්න ඕන කමක් තිබ්බේ නෑ. කොහොමත් ගොඩක් උන්ට පොලිසියෙන් හරි වෙන කොහෙන හරි අම්බානට කෑවම මොලේ පෑදෙනවා
      ඒ පින්තුරේ ගැන නම මගෙන් අහන්න එපා ඕ ..යේස්

      Delete
    3. //අරූ කෙල්ල මන්ද බුද්ධික බව නොදැනද වැඩේට එන්ටර් වෙලා තියෙන්නෙ.//
      අප්පද බොල .දැන්නේ තේරුනේ .අපේ අරූ පේන්න නැත්තේ කියලා ....

      Delete
  40. // ඔය සිස්ටම් එකට කියන්නෙ මයිත්‍රීපාලනය කියලා. පේන්නෙ නැද්ද මයිත්‍රීපාල ඔය රනිලුයි, නිමලුයි එක්ක එක සැරේ දීගකන්නෙ?
    නිමල් ට නම් බබා හම්බෙලා. ඔය යසට තාත්තෙ කියාගෙන ඉන්නෙ ළමයි ටික.රනිල්ට තාම නැහැ. (මම හිතන්නෙ උපං ගෙයි ප්‍රශ්නයක්.)
    ජවිපෙ තාම අන්ඩවෙයාර් එක අස්සෙ අත දාගෙන ඉන්නවා.//
    EKENMA...!

    ReplyDelete
    Replies
    1. එතකොට ජානිපෙයි පිහෙඋයි මොකෝ කරන්නේ

      Delete
  41. මෙන්න මේ වගෙ උන්ව නම් එල්ලුම් ගහට යවන්නම ඕනෙ. ලෝකෙ ඉන්න අහිංසකම දරුවො තමයි මේ. මං ඒක දන්නෙ මගෙ පුතා ඒ වගෙ නිසා. ඒ අහිංසක කමෙන් ජඩ විදිහට ප්‍රයෝජන ගන්න පුළුවන් තිරිසනෙකුටත් අන්ත එකෙකුටයි මට ටිකක් තරහයි ඉවාන් එක්ක අරූගෙ ක්‍රියාව ඌටත් කියවන්නාටත් රස කිරීම පිළිබඳව.

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන සරත් අයියා , මෙතැනදී නිර්මාණයක් හැටියට පමණක් හිතපු එක ගැන වරදක් තියෙනවා කියලා මට හිතෙනවා ඔයාගේ මේ කමෙන්ට් එක දැක්කම . ඒ ගැන සමාවෙන්න .

      Delete
    2. මං නිකමට හිතල බැලුවා. ඒ මගෙ දුවක් උනානම් මං ඌව මරල කයි..

      Delete
    3. ඇයි මම එහනම් ඌව මරලා හංදියේ තියලා උයනවා...

      Delete
    4. ඇත්තටම එහෙම වෙන්න පුළුවන් සරත් & මෙන්ඩෝ

      Delete
  42. උඹේ කතාව අපිට හිතන්න යමක් ඉතුරු කරලා.

    මේ වගේ කතා නම් ඕන තරම් ඇති මේ මුතු ඇට රට ඇතුලේ. එලි වෙන්නේ නැති එක තමයි වැඩේ.

    මේ වගේ කතා කියවන්න ලැබීමත් වාසනාවක්.

    ----
    WELL DONE...

    ReplyDelete
    Replies
    1. අඩෝ සෙකන්ඩ් විභීෂණ . කොහොමද කාලෙකින් මේ පැත්තේ . තැනකුයි වේවා මචෝ.

      Delete
  43. මං කැමතියි කතාවට.. අඩේ ඇත්තට මේ මිනිස්සුන්ට රස වින්දනය පුරුදු කරන එක ලේසි වැඩක් නෙමෙයි කියල උඩ වලි බැලුවම පේනවා. මොක උනත් මට සන්තෝස උඹ දැං රිටක් වගේ අභිතව හිටගෙන ඉන්න එක ගැන..

    ReplyDelete
    Replies
    1. රසවින්දනය පුරුදු කරන්න බා දේශ් ... ඊට වඩා ලේසියි වඳුරෝන්ට අනුකලනය කියලා දෙනවා ,කොහොමත් අර උඹ එකසැරයක් කිව්වා වගේ බූරු පිටක් තියෙන්නම වෙනවා දේශෝ , තැනකුයි වේවා

      Delete
    2. අඩෝ අනුකලනය දන්න රිලව් ඉන්නවා ඩෝ. ඇයි මාතලන්?

      Delete
  44. අඩේ කථා කෑල්ල මරු ඒත් බොල අනේ මන්ද මයෙ රසවින්දන මෙව්ව එකේ අවුලක්ද කියල....... ඒත් මට දැනුණෙ එකපාට්ටම හෙන වේගෙන් ගිය බුගාටියක්අස්සෙ ඉඳල ඒක ක්‍රෑස් ගාල බ්‍රේක් ගහල ඔලුව ගිහිල්ල වින්ස්ක්‍රීන් එකේ වැදුන වගේ...........

    එකපාර ඕම නවත්තන්න එපා මිනියෝ ඉඳගෙන.......... තව මොලේ හිරිවැටෙන්න ලියහං අන්න ඒකයි මම කියන්නෙ
    @ මොලේ බාගෙට හිරිවැටිල

    ReplyDelete
    Replies
    1. අඩෝ අවලම් පක්සියෝ උඹ කොහෙද හැංගිලා හිටියේ මෙච්චර දවසක් . වැඩිය දිගට ලියන්න බෑ බං මුන් බනිනවා දිග වැඩියි කියලා , දැන් උඹ බනිනවා කොට වැඩියි කියලා ..අලේ මල් දැල් ලෑ

      Delete
    2. හැක හැක............... වැඩකොන්න ජහමනය උනාම වෙලාව ඔක්කොම හෙන අඩුයි ආයුබෝං....... මක්ක උනත් ඕක තව මෙව්ව වෙන්න ලියන්න ඕනි ඈ හිරිවැටෙන්නම මම කිව්වෙ මොලේ ඈ වෙන මක්කවත් නෙවී ඉඳගෙන......

      ජය වේවා..............

      Delete
  45. කතාව පටන්ගත්ත කියල හිතල තව ටිකක් මොනිටරේට මූණ ලංකරගෙන කියවන්න හරිබරි ගැහෙනකොටම පොල්ලෙන් ගැහුව වගේ ඉවරකරලත් හමාරයි. ඒත් පිටු දාහකින් ඉවරකරන්න බැරි දිගම දිග කතාවක් බොහෝම කෙටියෙන් නමුත් විශිෂ්ඨව ලියලා. ඉස්තරම්..

    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. මනොෂ් මේ දවස් වල පොඩ්ඩක් බිසී වගේ, වැඩිය පේන්න නැත්තේ එක තමයි මම හිතන්නේ , නැත්තම් මංගල්ලෙට ලාස්තිවෙන්වද? :P
      කොහොම වුනත් ස්තුතියි උඹ කියෙව්වට කතාව , උඹටත් ජයවේවා

      Delete
    2. වැඩකරන ගමන් වැඩ ටිකක් හිරවුනාම තමයි අවුල ඉතින්, ඒ වගේම නිවාඩුනම් බ්ලොග් එකටත් නිවාඩු වගේ තමයි!! පහුගිය ටිකේම නිවාඩු.

      හප්පා.. බැඳගන්නනම් තව සෑහෙන කාලයක් යයි අප්පා..

      Delete
  46. අලුත් දෙයක් ලියහන්කෝ.

    ReplyDelete
  47. හැමදාම එනවා උඔගේ කතාවක් බලන්න..ලියපිය

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]