Monday, April 6, 2015

අවාරය


මේ ගුරු පාරේ , මේ දොළ අයිනේ ..අපේ රහස් ඇත සැඟවීලා ..අපේ රහස් ඇත ලියවීලා ..
ඉර බැහැගෙන යන තැඹිලි පාට එලිය කාමරේ ජනේලෙන් ඇතුලට පනින්නේ කාගෙන්වත් අවසර නොගෙනම වගේ. අමරදේව මාස්ටර්ගේ ඒ සිංදුව අහගෙන අලස විදිහට ඇඳ බදාගෙන ඉන්නකොට මට මතක්වුනේ සුරංගාව



**********

"කෝච්චිය යනවා මෙච්චර ලස්සනට පෙන තැනක් වෙන කොහෙවත් නෑ. " අමුණ ළඟ ගල් බැංකුව උඩ ඉඳගෙන මම සුරංගාට එහෙම කිව්වම

"ඔය කෝච්චියෙන් ඔයා නිවාඩුවට එද්දී මං මෙතන ඉඳන් අත වනන්නම් "

" මොකටද මැට්ටි මෙතන ඉඳන් අත වනන්නේ , ඔය අඩි දෙක දුවලා එනවකො ස්ටේෂමට , නැත්තං  මම එතනට වෙලා
" කොළඹ දුවන්නියේ ... මං පාන්දර ඇවිත් උඹ එනතුරු ස්ටේසමේම නැවතී ඉන්නං" කියා කියා ඉන්නවා .

" ඉඳා මෙන්න වැඩක් .... මමයැ කොළඹ යන්නේ ඔයානේ .....ඔයාට රස්සාවක් ලැබුනා කියන එක මටනම් හීනයක් වගේ ..." දැන් ඉතින් ලොකු කොම්පැනියක සුපවයිසර් මහත්තයෙක් ආ ආව් ආව් ...

"හ්ම්ම් හ්ම්ම් ඉතින් කාටද ආඩම්බර ....."

"ආඩම්බර වෙන්නවෙයිද දුක් වෙන්න වෙයිද දන්නේ නෑ..."

'"ඒ මොකෝ ...".

"නෑ ඉතිං.... මේ හැබැයි ... කොලොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ ..කිරිල්ලියෝ ඉගිලෙන්වලු නිදැල්ලේ ... අත වැනුවට නොවැටී මංමුලාවේ , හිත රැඳීයන් මගේ සෙනෙහෙ කැදැල්ලේ .."

"පිස්සි.... "

"අපි යමු .... හෙට උදෙන් මං ස්ටේෂම ලඟට එන්නං අයියේ...."

"මොකෝ මේ.... නොඑන්න යනවයි ඔහොම අඬන්නේ ...."

**********

"අලුත් සුපවයිසර් අපොයින්මන්ට් වලට ආපු කට්ටිය , දකුණු පැත්තේ දෙවැනි කාමරේ එච්.ආර්. එම්. ගාවට යන්න . දොර ළඟ ඉන්න එක එක්කෙනාට ඇතුලට කතාකරයි.  "

සීරුවට ඇඳපු චිත්‍රයක් වගේ ,ඇඟේ වැඩි හරියක් පේන විදිහට අමුතු විදිහට ඔසරියක් ඇඳපු , සිංහල නුහුරු හුරතල් විදිහට කතාකරපු ගෑණුළමයා පෙන්නපු දිහාවට අපි ඇවිදගෙන ගියා .

මම විතරද ටයි එකක් දාලා නැත්තේ , සුරංගා කිව්වා ටයි එකක් දාගෙන යන්න වෙයි කියලා .  කමක් නෑ , පත්වීම ෂුවර් කිව්වනේ.

ඒ.සී.ඩී. ඉංජිනීයරිං ප්‍රයිවට් ලිමිටඩ් ....හියුමන් රිසෝස් මැනේජර්

කාමරේ දොරේ තිබ්බ අකුරු ටික කියවලා මම ටිකක් ආඩම්බරෙන් වටපිට බැලුවට කවුරුවත් ගණන් ගත්තේ නෑ වගේ .

අජිත් මන්තිලක .. එන්න ඇතුලට .. අහ තවත් චිත්‍රයක් .. මේ විදිහට බලන බලන කෙල්ල ලස්සනද මෙහෙ ?

 කම් ..සිට් ඩවුන් ...

හිතාගෙන ගිය විදිහේ කෙනෙක් නෙවෙයිනේ මැනේජර්. මම හිතන් හිටපු සැර පෙනුමක් තියෙන උඩුරැවුල වවපු, කළු මහත කෙනක් වෙනුවට හිටියේ මට වඩා අවුරුදු තුන හතරක් වැඩිමහල් පෙනුමක් තියෙන සුදු උස තරුණ කඩවසම් කෙනෙක්.

" ඔයාව කටුනායක දිවුලපිටිය ,මගනැගුම ප්‍රොජෙක්ට් එකට තමා එසයින් කරලා තියෙන්නේ , මෙන්න අපොයින්ට්මන්ට් ලෙටර් එක. ඔයාගේ මම කියපු ඩොකියුමන්ට්ස් ඔක්කොම ගෙනාවද ?

" ඔව් , මහත්තයා .....ස්..ස්... සර්,

**********

"අජිත් , පෙරේරා මහත්තය එකමඩේෂන් එක පෙන්නයි හවසට , දැන් බෑග් එක ටී රූම් එකේ තියලා ,  මෙතනින් වාඩිවෙලා ඉන්න පී. එම්. මහත්තයා ආවම කතා කරලා සයිට් යවයි"

ඊට පස්සේ කනට ලන්වුනු බඩ මහත ටිකක් කොර ගගහ ඇවිදින ඒ මනුස්සයා ," පී. එම්. මහත්තය ඇහුවොත් කියන්න ඇඩ්මින් මහත්තයා  ඉන්න තැන ලෑස්තියි කිව්වා කියලා.හරිද "  කියලා කොර ගගහම ඇවිදගෙන දොරෙන් එලියට ගියා

**********

"ඔයාට එහම වැඩ කරන්න පුලුවන්ද අනේ .... අම්මේ රෑ දහය දොළහ වෙනකං??"

"එහෙම තමයි සුරංගා , සමහරු දවස් දෙක තුන , එකදිගට , තවත් සෙට් එකක් ඉන්නවා රෑ හතේ ඉඳන් උදේ හත වෙනකන්, එයාලා තමයි කාපට් දාන්නේ ."

"ඕ.ටී. කරාම තමයි ගානක් හොයාගන්න පුළුවන්, මේ මාසේ මටත් තිස්පන්දාහක් විතර ලැබුනා ,
.
"පුහ් සල්ලි කාරයෙක් නේ ? සල්ලි වැඩි වෙනකොටත් මිනිස්සු නරක වෙනවා , පරිස්සමින් "

"බම්බුව තමා ..............................නෑ සුරංගා "
"ඉකමනින් ගේ හදාගෙන ඉවර කරන්න ඕන, "
"ඒක නෙවෙයි ,"
"මම පාරේ වැඩ කරනකොට අන්තිමට"
"අජානේය ස්කූටර් තුරඟා පිට වඩිනා... කුමාරියෙනි වාතවේගයෙන් ඉගිලෙනු කොතැනා. වෙයිද දන්නේ නෑ..."

"අප්පේ ඔව් .. කාටද දන්නේ නෑ, අඩුගානේ පොස්කාඩ් එකක්වත් එවන්න බැරිවුනේ මාසයක් යනකං. ...
මම හිතුවෙම කොළඹ නැටිච්චියෙකුට අහුවෙලා කියලා ,"

**********

"වරෙන් කෑම ගන්න වෙන තැනක් සෙට් වුනා , "

"කොහෙද ?"

"වරෙන්කො , එතන ඉස්සරහ ගාමන්ට් බෝඩිමක් . කෙල්ලෝ එකයි රෑට ...."

"යමන් හැබැයි මතක් ඇතුව , සේෆ්ටි හෙල්මට් එක දාගෙන යමන්, "

"ඒ මොකටද ?"

"නොදකින් රට හරක , කම්පනියේ නම තියෙන ඉබිකට්ට දැක්ක ගමන් කෙල්ලෝ දන්නවා අපි සුපවයිසර්ලා කියලා , එතකොට ෆුල් ලකුණු, නැත්තම් මේ ලේබර්ස්ලාත් සුපවයිසර් කියනවා කියලා උන් දැන් දන්නවා ."

"ඉතිං....."

"හපොයි මේ වගේ ගොබ්බයකේ .. උඹ වරෙන්කො , මගේ තනියට විතරක් ...ඒ ඇති .. ඕන විදිහාකට වරෙන් ."

**********

අපෝ ... කෝල් කරාම එකසැරේ ආන්සර් කරන්නකෝ.  ෆෝන් එකක් ගන්න තිබ්බ අමාරුව , දැන් ආන්සර් කරන්න අමාරුව , ඔයිට වඩා පොඩි පඩි ගන්න අපිත් මාසෙට කාඩ් දෙකතුන දානවා . කුනා .

"අපෝ මොකෝ ඔය කේන්තිය..."
 අලුත් මොබයිල් ෆෝන් එක දිගේ ආපු හිරුනිගේ කටහඬ ,මව මොහොතකට කුල්මත් කළා .  සුරංගාට වඩා ලොකු ආකර්ෂණයක් හිරුනිගේ තියෙන්නේ කොහොමද? ඇවිදින, කතාකරන විදිහ, පොඩි එකෙක් වගේ ඇඟේ ඇතිල්ලෙන විදිහ , වගේම. එයාට තිබ්බ අසීමිත නිදහස අපිව තවත් ලංකලා, රෑ දොළහට විතර හැමදාම එයාගේ බෝඩිමට ගිහින් අරලනකොට ,යාලුවන්ගේ විහිලු තහලුවලට ලක්වුනත් බොහෝ වෙලාවට බෝඩිමේ හිටියේ එක්කෙනක් නැත්තම් දෙන්නෙක් .

"අනේ යකෝ , බලෙන් ඇදගෙන ගියේ කෑම කඩේට, දැන් ෆෝන් එක කනෙන් බිම තියන්නේ නෑ, තෝව එක්කන් ගිය මට තාම හුප්පේ , හැබැයි පුතෝ උඹ හාවා වෙන්න එපා "
එහා ඇඳේ හිටපු සුජියා හැමදාම කෝල් එකක් ආවොත් ඔය ටික කියන්වාමයි ,. හිරුනිව මුලින්ම දැක්ක දවසේ මම එයා ගැන උනනදුයි කියලා සුජියට තේරුනේ ඉවෙන් වගේ , අන්තිමට හිතුවට වඩා ඉක්මනින් සුජිය හිරුනිට කතා කරන්න අවස්තාව අරන් දුන්නේ,

***********

"ගමේ එනවා තියා , හුස්මගන්න විදිහක් නෑ සුරංගා වැඩ. මම හෙට යන්නත් ඕන.."

"හෙට....????  ඊයෙනෙ ආවේ ..."

"ඔව්, එත් වැඩනේ , මං යන්නම් සුරංගා... හෙට උදේම යන්නත් එපැයි."

"අජිත්............අයියේ ?????

හිරුනිගේ වගේ ආදරයක් සුරංගගෙන් ලැබෙන්නේ නැත්තේ ඇයි.... හිරුනි වගේ දඟකාර ,ගති තියෙන ,කඩිසර ගෑනු ළමයෙක් තමයි මම හිතන්නේ මට ගැලපෙන්නේ . අනේ මන්දා , කොහොමද මේක සුරන්ගාට කියන්නේ ...??

*************

"මමත් ගිහින් එන්නං මචං... "

"ආයෙත් ,හම්බ වෙයිද කියන්න බෑ. අවුරුද්ද කටේම තියලා මෙහෙම වෙච්ච් එක තමයි බං දුක, මල්ලිලා දෙන්නට මේ සැරේවත් ඇඳුමක් අරන් දෙන්න කියලා හිතං හිටියේ, එත් අවුරුද්ද වෙනදා වගේම දුක විතරක් ගෙන එකක් වුනා ..."

සුජියගේ ඇස්වල කඳුළු, මට නංගිලා ,මල්ලිලා නෑ...අම්මට අප්පච්චිට කියලා එහෙම අමාරුකම් නෑ... ඒත් .. අනික් උන් ටික, විජිතයාට මාස තුනක පොඩි එකෙක් ඉන්නවා . ඌ අඬනවා... කොම්පැනි ඔක්කොටම එහෙමලු ...

ට්‍රින්... ට්‍රින්... ට්‍රිං. ..

"හෙලෝ ..හිරුනි '"

"අජිත් මොකද වැඩේ හරිගියාද .."

"නෑ.... හිරුනි.. අපිට යන්නම වෙනවා ...."

"මන් තියනවා අජිත් වැඩ..."

ඒත් ඊට පස්සේ හිරුනි ෆෝන් එකට ආන්සර් කලේ නෑ.... බෝඩිමේත් නෑ කියලා යාළුවො කියන්නේ .. කොහේ ගියාද ? මාස දෙක තුනක් ආශ්‍රය කලාට , හිරුනි කියලා මිසක්, ගම තියා නමවත් මට හරියට කියලා නෑ නේද කියල මතක් වෙන්නේ දැන් තමා
**********

කෝච්චිය ගමට ලංවෙද්දී  මට පෙනුනේ , සුරංගා එක්ක හැමදාම හවසට කතාකර කර හිටපු අමුණ ළඟ ගල් බැංකුව ,

//"" ඔයා ගමට කෝච්චියෙන් එනකොට මම මෙතන ඉඳන් අත වනන්නම් "//

ජයන්ත අයියගේ ෆෝන් එකෙන් අම්මා කතා කල වෙලාවේ කිව්වේ ..
"කමක් නෑ පුතේ ..සුරංගා ළමයත් ඊයේ ඇවිත් ගියා , විද්‍යා පීටෙට තේරුනා කියන්නේ ... "

ඒ කියන්නේ දැන් සුරංගත් ගමේ නෑ.

කෝච්චියේ මට ඉස්සරහ සීට් එකේ හිටපු පොඩි එකා පුම්බා පුම්බා හිටපු බැලුම් බෝලේ ඩෝං ගාලා සද්දෙට පිපුරුනා......පස්සේ පොඩිඑකා  අඬන්න කොට අම්ම පොඩ්ඩට බනින්න ගත්ත

"ඕක තමයි ගත්ත වෙලාවේ ඉඳන් කිව්වේ ඕනවට වඩා පුම්බන්න් එපා කියලා , දැන් නාඩා ඉන්නවා, "

මට ඉබේම ආපහු සැරයක් බැලුනේ , අතේ තිබ්බ හාෆ් ශීට් කොළ බාගෙක තරමේ ,ලියුම දිහා, දැන් කීසරයක් මේක කියෙව්වද ? අතටම දියවෙලා


අජිත් මන්තිලක මයා ,

මගනැගුම ව්‍යාපෘති යටතේ පවත්වාගෙන ගිය , මාර්ග සංවර්ධන ව්‍යාපෘති තාවකාලිකව නැවත්වීමට නව රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය නිසා කටුනායක දිවුලපිටිය A 19 ව්‍යාපෘතිය තාවකාලිකව නැවත්වීමට ආයතනය තීරණය කර තිබේ, වෙනත් වැඩබිම් ගණනාවක්ද අවලංගු වී ඇති නිසා . පරිවාස කාලය ගෙවා අවසන් කර නොමැති සේවකයන් තාවකාලිකව ඉවත් කිරීමට සිදුවී ඇති බව කනගාටුවෙන් දැනුම් දෙමි. ඒ අනුව මේ මස හයවනදා සිට ඔබගේ සේවය අවසන් කරන බව වැඩිදුරටත් දැනුම් දෙමි.

මීට

මානව සම්පත් කළමනාකරු

************
කෙටිකතාවක් ලිවීමට නොව ,ඉදිකිරීම් ක්ෂේත්‍රතුල වෘත්තිකයන්, සහ ශ්‍රමිකයන් මුහුණ දී ඇති අපහසුතා ගොන්න ගැන තවත් එක් සටහනක් පමණි. මෙය ලිවීමට සිත්වුනේ කලාහිතේ කල්‍යාණ මිත්‍රගේ මේ සටහන දුටු පසුවයි

119 comments:


  1. ආදරේට බ්‍රේක් නෑ - ජීවිතේට රිවස් නෑ !!!!!!

    ReplyDelete
    Replies
    1. දැන් නම් ආදරේ රිවස්මයි , ජීවිතේට නම් බ්‍රේක් නෑ

      Delete
    2. ගල් වලට ලිමිට් නෑ.

      Delete
    3. බයිට් ! බයිට්!! බයිට්!!!

      Delete
    4. සිත කැළඹෙයි
      මධු බදුන් පිරෙයි
      ගත නලියයි
      හිත හිස් වෙයි

      සංසුන් වන්න මිතුරේ
      මුළු ලොවම ඔබගේ
      සංසිඳුවන්න පිපාසේ
      ගිණිදිය පිරිලා දෝතේ

      නිවනු මැන ගත .. නිවනු මැන සිත ..
      නිවනු මැන ගත .. නිවනු මැන සිත ..
      සිසිලක් මවා... සැඩ සුළඟක් කඩා ..
      සිසිලක් මවා... සැඩ සුළඟක් කඩා ..

      (uputaa ganimaki )

      Delete
  2. දැං ඉතිං හිරුණි වෙන කොහේවත් ඉන්න ගල් තොප්පි කාරයෙක් අල්ලගෙන ඇති.
    කොහොම උනත් ඔය මග නැගුමෙන් හදපු පාරවල් වැඩි හරියක් වැඩි කාලයක් තිබුණෙ නෑ කියල තමයි ආරංචිය.

    ReplyDelete
    Replies
    1. අනිවා , හිරුනි වෙන අතක් බලාගෙන ඇති. එකත් මග නැගුමේ පාරවල් වගේ , කල් පැවැත්ම අන්තිමයි .

      Delete
  3. සුපිරි කතාව...
    වැඩිදුර කමෙන්ටුවක් හෙට දාන්නම්...

    ReplyDelete
    Replies
    1. එහෙනං හෙටම රිප්ලයි එකත් දාන්නම්

      Delete
    2. අජිත් මන්තිලක කියන නම මට හොඳට පුරුදුයි ඉවාන්
      ඩේටා බේස් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඕනේ

      අර බැළුමේ කතාව නම් පට්ටය...
      සමහරක් බැළුම් පුපුරන්නේ පිම්බි වැඩි වූ නිසා නොවේය, අධික උණුහුම නිසාද බැළුම් පුපුරති...

      Delete
    3. චිත්‍රා මන්තිලක + අජිත් කුමාර - ටොයි මන්ත්‍රීලනෙ හෙහ් හෙහ්

      Delete
    4. නිකම්ම මතක් වෙච්ච නම් බං ලොකුපුතා, ඔය පල්ලෙහා අර කුපාඩි සිංහයා උඹව නොමග අරින්නයි හදන්නේ ඕවට අහුවෙන්න එපා

      Delete
  4. පික්සු හැදෙනවා.. මං ගහපු ගල උඹ බෝම්බයක් කලා.. මේ අවුල කවද ලිහෙයිද බං?

    ඔක්කොමත් හරි උඹ මේක කතාවක් කල අපූරුව ගැන නම් නොලියාම බෑ.. අර බැලුම ඩෝං ගාල මගේ ඔලුවෙත් පිපිරුවා..

    ReplyDelete
    Replies
    1. මං ගහපු ගල උඹ බෝම්බයක් කලා
      +++++++++++++++++++++++

      Delete
    2. මේ අවුල ලිහෙන එකක්නම් නෑ බං, මුන් හත්පොලේ ගාගෙන ඉන්නේ , උන් ගාගත්තා මදිවට අනික් උන්ගේ ඇඟේත් ගානවා, ගානවා නෙවෙයි නානවා

      Delete
    3. කමියා උඔගේ පොස්ටුවට සිම්පල් කමෙන්ටුවක් දැම්මට සැහෙන දවසක් යනකන් ඒ කතාව ඔලුවට වද දුන්නා..

      Delete
  5. කමියගෙ පෝස්ට් එකෙන් පස්සෙ මේ රස්සාවල් අනතුරකට ලක්වෙලා ඉන්න මිනිස්සු ගැන මතක්වෙන හැම වෙලාවකම දැනෙන්නෙ දුකක්, පොඩිඑවුන්ට කොහොමහරි ගැටගහල කන්න දෙන, ඇදුමක් අරන් දෙන තාත්තෙක් අනේ දරුවනේ මේ අවුරුද්දෙ මට ඔයාලට ඇදුමක් අරන් දෙන්න බෑ කියල කොහොම කියයිද ? හරිම කනගාටුදායක තත්වයක්.
    නීතියට පිටින් මහ එවුන් ( දේශපාලකයො ) වැඩ කරපු දේ වලින් වද විදින්නෙ අසරණ ළමයි සහ කාන්තාවො

    ReplyDelete
    Replies
    1. ඔව් බං අවුරුද්ද කටේ තියලා මෙහෙම වුනාම මිනිස්සුන්ට හිතාගන්න බෑ. මොකද මේ කර්මාන්තය වටේ ඍජුව වගේම වක්‍රව යැපෙන දාස් ගානක් ඉන්න නිසා. කාගේ වරද වුනත් අන්තිමට දඬුවම් ලබන්නේ අහිංසකයා .
      "පහත් තැනින් යයි ගලා ජලේ ...වේගයෙනි"

      Delete
  6. හප්පා පට්ටයි.. දැන් එතකොට සුරංගා...??>?

    ReplyDelete
    Replies
    1. තැනකුයි, සුරංගාට හොඳ කලක් යයි . ඔක්කොම වෙන්නේ හොඳටනේ

      Delete
    2. එකට එක කිරීමට හෝ පලිගැනීමට උත්සාහ නොගෙන ඇය ඈ වෙනුවෙන් බුද්ධමත් තීරණයක් ගත යුතුයි.

      Delete
    3. දැන් එතකොට සුරංගා ඉන්නෙත් උඹලගේ විද්‍යාපිඨයේද මනොෂ් ?

      Delete
    4. සුරංගාල මෙහෙත් ඇති බං අනිවාර්යයෙන්ම.

      Delete
    5. මොකක් ද බං මනෝෂ්ගේ විද්‍යාපීඨය...... ඔ්කා ඒ්කේ පීඨාධීපතිද????

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  7. මම ඉන්නේ මේ අහම්බේ අනිත් පැත්තේ...ඊයේ මාතර නගරය පහුකරනකොට දැක්ක අවුරුදු පොලවල් ගොඩ දැක්කම පපුව දාලා ගියා පවුල් කීයක අවුරුදු පාලු කලාද මම යහපාලනය දූෂණය පිටුදකින්න කියලා...ප්ලෑන් කරලා හදපු නැති, ස්වභාවයෙන්ම දියුනු උන නගර තියෙන අපේ මේ පුංචි රටේ සංවර්දනය තේමා කරගෙන පාරවල් පලල් කරපු තැන්වල මූන ගැලවුන ගෙවල් දැක්කමත් මේ වගේම කතා වලින් ඔලුව පිරිනෙවා ඉවාන්..
    හිතපන් අජිත් මන්තිලකට පොඩි දරු පැටව් තුන් දෙනෙක් හෙම හිටියනං කියලා...
    බැලුම් බෝලේ පිපුරුනා ගොඩාක් අයගේ...

    ReplyDelete
    Replies
    1. //"" පවුල් කීයක අවුරුදු පාලු කලාද මම යහපාලනය දූෂණය පිටුදකින්න කියලා..""// එක චෙෆාකි ගේ වැරද්දක් නෙවෙයිනේ . ඒ මිනිස්සු තියාගෙන මොකක් කරන්නද ? කරන්න දෙන්න වැඩක් නැත්තම්. ගොඩක් අයගේ බැලුම් බොලේ පුපුරලා තමයි තියෙන්නේ . ජීවිතේ දුකයි

      Delete
  8. මේ කතාවෙ මුල හරියෙ ඉවාන්ගෙ වෘත්තිමය අත්දැකීම් වල සේයාවක් පෙනෙන්න තියෙනව.ඉතුරු හරිය නං වර්තමානය නොවැ.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ මොකක්ද කියලා මටනම් තේරෙනවා, අපේ හැලපස්ටයිල් කමෙන්ට්ස් මම නොදනන්වයි. කාලෙකින්නේ ලිව්වේ හැලපයියේ. කේන්ති ගන්ට කාරී නෑ ඉතිං.

      Delete
  9. //ඕක තමයි ගත්ත වෙලාවේ ඉඳන් කිව්වේ ඕනවට වඩා පුම්බන්න් එපා කියලා , දැන් නාඩා ඉන්නවා//
    මෙන්න මේ පොඩ්ඩෙ මුලු කතාවම කැටිවෙලා තියෙනවා වගේ. ඒවා යොදන්නනං ඉතිං ඉවාන්ට වඩා කෙරුමෙක් නෑ.

    ReplyDelete
    Replies
    1. තැන්කුයි මදාවියෝ. අන්තිමට ගොඩ දෙනෙක් බැලුම පුපුරවාගත්ත .

      Delete
    2. ඉවාන්ට වඩා කෙරුමෙක් නෑ.//..(ලියන්න)
      එල ද බ්‍රා

      Delete
    3. //ඒවා යොදන්නනං ඉතිං ඉවාන්ට වඩා කෙරුමෙක් නෑ.//

      +++++++++++++++++++

      Delete
    4. ඔ්කගේ කෙරුවාව හෙට අනිද්දා ම මධාවිත් දැනගනීවි.... ඒදාට අපි නෑ ඔ්ං

      Delete
  10. අනේ මන්දා... වෙන කතාවක නම් ඉබි කට්ටාට හොඳ වැඩේ කියල කමෙන්ට් කරන්න තිබුන. ඒත් බැලුම් බෝලෙ පුපුරෝලා උඹ අපිව කරකෝල අතෑරපු විදියට මොනව කියන්නද කියල හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හොඳ වැඩේ කියන්න විතරක් ඉතිරු වුනානම් මේක කතාවක් වෙන්නේ නෑ බස්සි. හැමෝම ඉන්නේ කියාගන්න දෙයක් හිතාගන්න බැරුව .

      Delete
  11. හ්ම්.. මොනාවුනත් අජිත් කරපු දේ නම් වැරදියි.. හැමදේම තියෙනකොට ඉන්න අයට වඩා නැතිකොට ඉන්න අය තමයි ජීවිතේට වටින්නේ...

    කාලේකින් ඉවාන් ලියපු එකක කියෙව්වේ.

    ReplyDelete
    Replies
    1. තුශානි.. එත් වැඩේ තියෙන්නේ මිනිස්සුන්ට හැමදේම තේරෙන්නේ ඔක්කොම වුනාට පස්සෙනේ . තේරෙනකොට පස්ස බිම ඇනිලා ඉවරයි.

      Delete
  12. Replies
    1. සාධාරනයි , හොඳයි කියන මට්ටමේ නැතිබව මටත් තේරුනා. එත් නොලියම ඉන්නවට වඩා මොකක්හරි ලියන්න ඕන කියලා හිතුනා

      Delete
    2. නිකන් හිටපු මට අහලා ගියත් ඇති කිව්වලු

      Delete
  13. හප්පට සිරි. ඔය නෙලල ඇරල තියෙන්නෙ. ගී සංවේදනා දෙකතුනකුත් ලාවට ඇරල දාලා. කතාව සුපිරියි. දාන්න තිබුන සිංදු දෙක තුන පෝස්ට් එකේම දාලා. කතාවෙ මුල් හරියනම් පහුගිය දවස් වල මට උනා වගේමයි. විද්‍යාපීට ගියානම් සුරංගාටත් බඩුම තමයි.

    ReplyDelete
    Replies
    1. මනෝෂ්... මාත් බැලුවේ පහුගිය ටිකේ උඹට මොකෝ වුනේ කියලා . ඇත්තම මොකෝ වුනේ. කොහොමින් කොහොම හරි උඹ ආපහු දකින්න අලබිච්ච් එක සතුටක්

      Delete
    2. ඇයි බොල කී පාරක්නම් කිව්වද, මාත් විද්‍යාපීඨ ඇවිත් ඉන්නෙ.

      Delete
    3. අම්මපා කියපං... යකෝ නොකියා ගියේ අැයි??? මොකක්ද බොල ඔය පීඨය......

      Delete
    4. මට මටවත් කියාගන්න වෙලාවක් උනේ නෑ බං. මං අන්තිමට දාපු සංවේදනාවෙ කමෙන්ට් කියවහං ගිහින්. ඒක දැම්මට පස්සෙ මෙහෙට ඇවිත් ෆෝන් කටුවෙන් කවි විතරයි දාන්නෙ.

      මං ඉන්නෙ කලුතර බං. පස්දුන්රට එකේ.

      Delete
  14. මට නම් වටින්නේ මේ කතාව නෙමෙයි.. ඒක ඇතුලේ තියෙන කතාන්තරය..

    මුන්ගේ අම්මගේ යහ පාළණය.. හොරකම් නවත්තනවා කියලා.. මේ මිනිස්සු හොරකම් කළේ නෑ නේ.. ඒ වෙනුවට එක්කෝ වෙන කාට හරි දීලා මිනිස්සුන්ගේ රැකියා යලි ලබා දෙන්න ඕන.. ඡන්දයකදි මිනිස්සු කියලා දෙයි යහ පාළණයට හොඳ පාඩමක්...

    දින 100 ක් දීලා ඉල්ලගෙන කෑවා... මිනිස්සු බොහොම කළකිරිමෙන් ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් අන්තිමට වුනේ අහිංසක මිනිස්සු ටික අමාරුවේ වැටිච්ච එක. මේක තේරෙන එක මීමෙක් නැද්ද හැබෑටම . ඡන්දයක් එන්න කලින් මිනිස්සුන්ට පාරට බහින්න වෙන තත්වයක් තියෙන්නේ. බලය සදාතනික නෑ කියන එක කවුරුවත් තේරුම් ගන්නේ නෑ වගේ මට පේන්නේ.

      Delete
    2. අර මැක්කගේ කතාව වගේමයි.

      Delete
  15. සුරංගනා කතාවක් ලියනවට වඩා මේක එල ද බ්‍රා..
    අපේ ආයතන වලත් අඡිත්ලාට හිරැනිලා හිරැනිලාට අඡිත්ලා මුන ගැහෙනවා අන්තිමට බැලුම් බොලේ පුපරනකොට සුරංගලාව අත ඇරිලා..
    මගේ කෙල්ලෙක් අනියම් සම්බන්දයක් පටන් අරගෙන
    මම- ඇයි පුතේ..ඔයාගේ මහත්තයා බොනවද?
    කෙල්ල- නෑ සර්
    එහනම් එයාට වෙන සම්බන්දයක් තියනවද?
    අනේ නෑ සර්
    එහනම් ඔයාට ගහනවා බනිනවද? සලකන්නෙ නැද්ද
    එහමත් නෑ සර්..
    එහනම් මොන හුතතටද ඔයි තමුසේ අර යකා එක්ක හැමිනේන හදන්නේ
    ඒ බොයි හරි ආදරේන් හුරතල් කරලා කතා කරනවා..
    ඔයාට ඇහිලා තියනවද ඒ කොල්ලා ෆෝන් එකෙන් වයිෆ්ට කතා කරනවා
    නෑ සර් ඇයි එහම කියන්නේ?
    හලෝ..ඇයි? වැඩ ඔයි..තමුසේ හිතුවද තමුසේ වගේ ගෙදරට වෙලා කකා බුදියනවා කියලා..මොකක්ද කිව්වේ? කට ගහගෙන එන්න එපා අද හිටපිය තෝග් කට තලනවා හුත්ති...අනේ පලයන්ඩ බැල්ලි තෝ හිතන්නේ ගෙදරට වෙලා ළමයි දෙන්නා බලාගන්න එක මහ ලොකු කඡ්ඡක් කියලද?...තෝට ඉන්න බැරිනම් පල...ළමයි දෙන්නා? මට ළමයි ඔනේ නෑ තෝ අරන් පල..
    මුල අමතක වෙන මිනිස්සුන්ට දෛවය හරි පනිෂ්මන්ට් දෙනවා..අඡියාටත් වුනේ ඒකයි..
    එල ද බ්‍රා උඔගේ ලියවිල්ල.

    ReplyDelete
    Replies
    1. හුරතලේට එකයි.. සිරාවට එකයි... කියන එවුන් වැඩි වෙනවා වගේ..

      Delete
    2. මෙන්ඩො - උඹ මාර ඇඩ්වාන්ස් බුවෙක්නේ, එක තමා උඹේ කෙල්ලෝ කොල්ලෝ උඹට පන ඇරලා ඉන්නේ . යථාර්තය පේනවා අඩුයිනේ කාට වුනත් .

      ගස් ලබ්බෝ - එහෙම උන් දැන් වැඩී තමා

      Delete
    3. ගස් ලබ්බෝ- පැය 9ක් 10ක් එකට ඉන්නකොට ඔය වගේ දේවල් සාමන්‍යයි බං..ඒත් සමහර අය ඇන ගන්නවා සමහරැ බැලන්ස් කරනවා.

      ඉවානයා- එහම ලොකු පොරක් නෙමෙයි..අපි යටතේ ඉන්න අය අපේ දරැවෝ වගේ බං වුන්ට හොද නරක කියලා දෙන එකත් මගේ රාඡකාරියේ කොටසක් වගේ බං.

      Delete
    4. මෙන්ඩෝ උඹ හින්දා හොඳ නරක කියලා දෙනවා..අම්මපා මම නං එලෝ එලෝ ගහනවා මට කීවනං. .… චැහ්

      Delete
    5. පත්තර මල්ලි වුන් පව් බං..උඔ කියව්වද කටුස්සාගේ කයිය?

      Delete
  16. කාලෙකින් බ්ලොග් ලෝකෙට එබිල බැලුවා. ජය වේවා...........

    ReplyDelete
    Replies
    1. හැබෑවට කාලෙකින් තමා ලිංගික නිදහස දැක්කේ ..

      Delete
    2. ඇයි මේ දවස් වල වාරකන්ද?

      Delete
  17. මේකද යකෝ යහපාලනේ ... ? අඩෝ සිරාවට මේ වගේ පැති ගැන අපට හිතෙන්නේ නෑ ... උඹල ඒ ෆීල්ඩ් එකේ ඉන්න නිසා මේවා කෙලින්ම දකිනවා ඇති .. මේ විදියට අනාත වෙන මිනිස්සු ආයේ දුර දිග හිතන්නේ නෑනේ .. එදා වේල වෙනුවෙන් ඊට පස්සේ ඉඳන් ඕනේ දෙයක් කරයි ... පව්

    උඹේ කතාවේ සිම්පල් ලස්සනක් මම දැක්ක. එකපාරටම ලොකු දුකකුත් එක්ක ..

    ReplyDelete
    Replies
    1. ආසියාවේ ආශ්චර්යයට පස්සේ වැඩියෙන්ම නැගලා යන වචනේ තමයි යහපාලනේ , මේ වගේ කතාන්තර සිය ගානක් පහුගිය දවස් ටිකේ ඇහුනා බං. මිනිස්සු ඔක්කොටම කලින් ජීවත් වෙන්න උත්සාහ කරනවනේ , එතකොට සිද්ධවෙන දේවල් වලට උන්ට විතරක් වැරදි කියන බෑ. තැන්කු වේවා පැතුමා

      Delete
  18. හොඳ මාළු පොල් හැදුන ගස් වල ඇට්ටි මෙහෙම පුහුවට වැටෙනකොට හිතට දුකයි බං. බලමු ඉස්සරහටවත් ආයි පොල් පීදෙයිද කියල!

    ReplyDelete
    Replies
    1. ඉඩෝරෙකට පස්සේ ඔහොම වෙනවා ඉන්දික...දැන් වසන්තයනේ..බක්මහෙන් පස්සේ ඉවාන්ට වහීවී..කරුමෙ තියෙන්නෙ හිටං අයිඩෙන්ටිටි කාඩ් ගත්තොත් මිනිස්ට්‍රියෙ ඇත්තොන්ට ඕනි ඒවා විතරයි ඕන් ලියන්න වෙන්නේ...

      Delete
    2. @ ඉන්දික - අම්මප යකෝ වැඩේ කෙලවුනා කියලා මුලින්ම හිතිච්ච් නිසා පලියක් දැම්ම ඇඟ බේරගන්න . එත් මේ කුප්ප කුපාඩි සිංහයා වගේ උන්ගෙන් බේරෙන්න බැරි හැටියක් :D. පීදෙන්න ඉඩ ලැබේවි මාත් හිතන්නේ .

      @ චෙෆාකි - මං හිතන්නෙත් වැහින්න් පටන් ගනීවි. ආපහු දළු දාන්න . මිනිස්ට්‍රියේ යට ඕන ඒවානම් මගෙන් ලියවෙන්නේ නෑ කවදාවත් , ID එක ආපසු බාර දෙන්න කියලා ලියුමක් නම් එවාවි ඕවා දුන්නොත් මට එහෙම .

      Delete
  19. යකෝ වර්තමානයට ගැලපෙන විදියට වෙනස් කරලා දැනමත් තේරෙනවා මේක බොට ඒ කාලේ වෙච්ච චා සින් එකක් කියලා ..........
    මොකද බන් මේ අල්ලපු වතු, පය ගහපු වතු ඔක්කොම උබටම නැති වෙන්නේ

    ReplyDelete
    Replies
    1. //""මොකද බන් මේ අල්ලපු වතු, පය ගහපු වතු ඔක්කොම උබටම නැති වෙන්නේ ""// එහෙම වෙච්ච් අනික් එකා මැලේසියාවට පැනලා ගිය නිසා ..ඕ.... යේස් :P

      Delete
  20. තාවකාලිකව ඉවත්කරනවා කියලනේ තියෙන්නේ :)

    කතාව රසවිඳින්න වෙන්නෑ කොහොමත් ප්‍රශ්නේ භයානක බව වැටහෙද්දී...

    ReplyDelete
    Replies
    1. තාවකාලිකව කියලා තමා හැමෝටම ලියුම් එව්වේ , එත් අපි දැන් දන්නවා ඒ තාවකාලික කිව්වේ සදාකාලික කියන එකටම තමා කියලා .

      බීට්ලේ ගේ හොඳ විචාරයක් මට මග අරුනා වගේ

      Delete
  21. කොල්ලෝ මෙහෙමමයි. හොඳ වැඩේලු...:P

    වෙන මුකුත් හිතන්ට වෙලා නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයා කොහොමත් වෙන මුකුත් හිතන්ට ඕන නෑ. මං ගැන විතරක් හිතන්ට .... මමත් එහෙම හිතන්නම් ..එතකොට හරිනේ පොඩ්ඩි. :D

      Delete
    2. අපි වෙඩිම ගැන හිතන්නං.. ඔයාලා වියදම ගැන හිතන්ඩ !!!

      Delete
    3. කරදර වෙන්න එපා අපි බොන එක ගැන බලාගන්නම් නැද්ද මචං

      Delete
    4. වෙඩිමට ගේන අරක්කුවලින් හදිස්සියකට බඩේ අමාරුවකට බොන්න මුඩියෙන් එකක් වත් ඉතුරු නොවෙන්න අපි වග කියනවා එකෙන්ම මෙන්ඩො.. ඕ යේස්.

      අපි කිව්වොත් කිව්වා !!

      Delete
  22. කතාව දකිනකොට මොලේ කොලොප්පන්.. තව පැය 48ක් විතර යනකොට ගස් ලබ්බ ත් ලියුමක් අස්සන් කරන්න ඕනෙ.මොකක් ලැබෙයිද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. අප්පේ දැන් ඔන්න උඹට තව පැය 36යි තියෙන්නේ , මොකද බන් ඔය ලියුම . තාවකාලික විසන්ධිකිරීමක්ද? එහෙම නොවේවා කියලා පතන්නම් . මේ උඹ ඔය නම සිංහලෙන් දාගත්තොත් නාකද ? නිකං ඇහුවේ

      Delete
    2. මමත් එකගයි ඉවානයා නිකං අහපු එකට

      Delete
    3. ඔන්න වෙනස් කලා.. ඔව් බන්..තාවකාලික නෙමෙයි..ඉවරෙටම.ජොබ්ලස් වෙලා ජොක් ලස් වෙලා ඉන්නෙ..

      Delete
  23. ඕක තමා කියන්නේ බැකප් එක කොඉ වෙලෙවත් අතාරින්න එපා කියලා..රස්සවලදී හම්බවෙන ඒවා රස්සා එක්කම යන්න යනවා

    ReplyDelete
    Replies
    1. ඔන්න අත්දැකීම කතා කරයි. හැදෙනවානම් ඔන්න උපදෙස් , එහෙ මෙසේ නෙවෙයි ආචාර්ය වීරකෝන් ගෙන්

      Delete
    2. සමහර ඒවා රස්සාව අතඇරෙන්නත් ඉස්සර අත ඇරෙනවා.

      Delete
  24. ///"ඕක තමයි ගත්ත වෙලාවේ ඉඳන් කිව්වේ ඕනවට වඩා පුම්බන්න් එපා කියලා , දැන් නාඩා ඉන්නවා, "///
    වැඩි පුරම හිතට වැදුනෙ මේ කතාව. ඕනවට වඩා පිම්බෙන එක නම් හොඳ නෑ තමයි. අර කතාවක හිටපු ගෙම්බට උනා වගේ.....

    ReplyDelete
    Replies
    1. ඕනවට වඩා පිම්බෙන එක කොයි දේටත් හොඳ නෑ බං. තැනකුයි වේවා උඹට

      Delete
  25. නියමයි. කතාවක් මැද්දෙ තවත් කතාවක් කියල. හැබැයි ඒ කතාව හරිම සංවේදීයි. බොලා කමියගේ ගල බෝම්බයක් කරලා අපිටත් ටිකක් එකේ කම්පනේ දැනෙන්න ලියපු එක ගැන සංතෝෂයි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මනා - මේ වගේ කතා මේ දවස්වල බොහොම සුලබයි. අහන අහන තැන මේ වගේ කතන්දර , මිනිස්සුන්ගේ දුක දැනෙන පාලකයෝ කවදාවත් හිටියෙත් නෑ. ඉස්සරහට ඉන්නෙත් නෑ.

      Delete
    2. සහතික ඇත්ත. හැමදාම මිනිස්සු පාලකයාගේ කතාවට අහුවුණා විතරයි.

      Delete
  26. කතාව ඉවර උනාම හැමෝම පව්, හැමෝටම සාදු වගේ අදහසක් ආව.අනේ මන්ද බං, මිනිස්සුන්ගෙ හිත වෙනස් වෙන ඉක්මන. දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි...
    ඇතුලෙන් දුවන කතන්දරේ පට්ටම සංවේදී.. වැරැද්ද කාගේද මන්ද.. මිනිස්සු පාරට වැටෙනවා.. මිනිස්සු දුක් විඳිනවා. දහසක් බලාපොරොත්තු මිනිස්සුන්ගෙම දෙපා මුල ඇදවැටෙනවා..

    ReplyDelete
    Replies
    1. උඹ අහල තියෙනවද සජ්ජෝ , ඡන්දය කියන්නේ " උන්ගේ සිහින සැබෑ කරවීම සඳහා අපේ සිහින බිල්ලට දීමය " කියන කතාව . එක තමා දැන් වෙලා තියෙන්නේ . පහත තැනින් යයි ගලා ජලේ

      Delete
    2. කියල වැඩක් නෑ බං.. උඹේ සමාජ වාදෙයි මගේ ධන වාදෙයි අත්දැකීමකුයි අල්ලලා ලියන්න තියනවා ලියමනක්.. ලඟදි දාන්නං..

      Delete
  27. ජීවිතේ කියන්නෙනම් සංකීර්ණ දෙයක්.ඒත් ඒ සංකීර්ණ කමින් විඳව විඳව ඉන්න මිනිස්සුන්ගේ ඔළුවට කළුගල් අතාරින එක ඉවසන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඉවසන්න බෑ. එත් මිනිස්සුන්ට දැන් ඉවසන්න වෙලා , මිනිස්සු දැන් ඒවාට හුරු වෙලා බං. දුක තමා .

      Delete
  28. සියල්ල දේශපාලනය මත තීරණය වන රටක පා පන්දු මෙන් එහෙ මෙහෙ විසිවන මිනිස් ජීවිත. බලාපොරොත්තු.... තවත් බලාපොරොත්තු..... තවත්............

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට තියෙන්නේ බලාපොරොත්තු විතරයි. ඒවා කවදාවත් ඉටුවෙන බලාපොරොත්ටු නෙවෙයි. ඒ බව දැන් දැනම මිනිස්සුන්ට ඒ බලාපොරොතු දිහා බලාගෙන ඉන්න වෙලා

      Delete
  29. කාලෙකින් ඉවාන්ගේ කතාවක්.. මොකද්දෝ හේතුවකට කතාවේ මදිකමක් දැනෙනවා.. උඹ හදිස්සි වෙලාද මන්දා..

    කතාවේ ඇතුල ගැන කියනවනම් ඉතින් දේශපාලන තීන්දු හන්දා කවදත් දුක් වින්දේ අසරණ මිනිස්සු.. මේකත් අන්න ඒ වගේ කතාවක්..

    ReplyDelete
    Replies
    1. හදිස්සි වෙලාටත් වඩා දැන් කම්මැලි වෙලා කිව්වොත් තමා බං හරි. බලමු මොනවා හරි කරන්න ආපහු. මිනිස්සු සැප විඳින දේශපාලනයක් මේ රටට කවදාවත් එන එකක් නෑ කියලයි මට හිතෙන්නේ

      Delete
  30. තරිඳු සේ නිළඹරේ ඈත්වී ඔබ ඉන්න
    නෑවිදින් මා ළඟට මගෙන් වෙන්වී ඉන්න...
    සඳ එළිය බලා මා පුබුදුවන විලාසෙන්
    දුර සිටින ඔබ බලා නොතැවී හිඳින්නම් ....
    ළඟා වූ සියලු දෑ නිසරු වී ඇති නිසා
    ඔබ ළඟා වනු එපා නොතැවී සිටින්නම් ...

    ගායනය - සුනිල් එදිරිසිංහ
    ගී පද - සුනිල් ආරියරත්න
    ගී තනුව -වික්ටර් රත්නායක

    ReplyDelete
    Replies
    1. සිංදු ඇනෝ ස්පෙෂල්. පට්ට පට පට , මේක අහලා තියෙනවා කියලා මතකයක් නෑ බං

      Delete
  31. අනික් උන් මොනවා කිව්වත් මටනම් මචං කතාව පට්ට

    ReplyDelete
    Replies
    1. අම්මේ ඇති යන්තං. තැනකුයි මචෝ

      Delete
  32. //ලොකු කොම්පැනියක සුපවයිසර් මහත්තයෙක් //

    පාරවල් වහගෙන කාණු හදන ජාතියෙ එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඕ යේස්.. ඔය පන දාගෙන හදන්නෙ අපිට කාණු පල්ලවල් වල ලගින්න නෙවැ.. මුං හැදුවට ඒවයින් වෑ ගන්නෙ අපි ..චැහ්

      Delete
    2. ප්‍රා- ඔය පත්ත්රයා වගේ උන්ට පාරවල් වලට වඩා වටින්නේ කානු. පාරවල් තිබ්බාට වැඩක්යැ කානු නැතිව , නැද්ද පත්තරේ

      Delete
  33. හ්ම්,එකත් එහෙමයි.අර බැලුම පුපුරුවා ගත්තු පොඩි එකා ඇඩුවාට අපිට එහෙම අඩන්න අමාරුයි බං.අර කාමියාගේ එකේ කිව්ව එකමයි බං මට මේකෙත් කියන්න තියෙන්නේ.
    මේ යහපාලනේ හිටං හිටිය තරම් හොඳ නැතත් මරාගේ අධම පාලනයට වඩා එක දශමයක් හරි හොඳයි මට නම් තවමත්.

    ReplyDelete
    Replies
    1. ඔව් එකනම් එහෙම තමා මනෝජ්. එත් මීට වඩා මිනිස්සු ගැන තේරුම් ගන්න වෙනවා මොන දේශපාලකයා රට කලත්, රටේ ජීවත් වෙන්නේ දේශපාලකයෝ විතරයි කියලා හිතාගෙන ඉන්න දෙශාපාලකයෝ තවදුරටත් රටට අවශ්‍ය නෑ.

      Delete
  34. මිනිස්සු රස්සාවල් කරන්නේ ජීවත් වෙන්ඩ....
    දේශපාලකයෝ දේශපාලනය කරන්නේ බලේ රැකගන්ඩ....
    අන්තිමට දුක් විදින්නේ ජහමනයා....

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය ඇත්ත නොතේරෙන අපේ උන් හිතන්නේ , මිනිස්සු රස්සාවල් කරන්නේ ආතල් එකට, දේශපාලකයෝ දේශපාලනේ කරන්නේ ජනතාවට සේවය කරන්න . ජහමනයා ආතල් එකේ ඉන්නවා කියලා

      Delete
  35. මුලදි නම් හිතුණේ නෑ නූල් පිච්චීගෙන පිච්චීගෙන ඇවිල්ල මෙහෙමත් පුපුරයි කියලා..පව් බං සිරාවටම...අවුරුදු කටේ තියෙද්දි රස්සාවක් නැතිවුණාම මිනිස්සු පණ නහගන්නේ නැතුව ඉන්න එක ලොකු දෙයක්..තනිකඩයෙක්ටවත් ජීවත් වෙන එක ලේසි නැති කාලේ කොහොමද දරුවෝ ඉන්න මිනිස්සුන්ට ගෙදර ගෑණු රස්ස නොකරන මිනිස්සුන්ට..ඒ ඔක්කොමත් තියන් වැටිල ඉන්න තමන්ගෙම කියලා ගෙයක් දොරක්වත් නැති මිනිස්සුන්ට..මාසේ පඩියෙන් ණය බේරගෙන යන්තමට බඩට කාලා නෙවෙයි ලෙව කාලා වගේ ජීවත්වෙන මිනිස්සුන්ට..රස්සා හොයන්න ගියාම තියෙන අමාරුව..වනේ වන හතුරෙකුටවත් වෙන්න නරක දෙයක් බං සිරාවටම...

    උඹ අර බැලුමේ පිපිරීම නියම තැනට නියම විදියට දීලා තියෙනවා..එළ!

    සීරියස් කතාව ඉවරයි..
    වධෙන් පොරෙන් යාන්තම් මේකේ දැකුළුමල් කඩවාගත්ත එක නම් සන්තෝෂයට කාරණයකි..ඒත් අමතකවීමකින් වගේ "කතාව ලියපියකෝ" කියා පණිවිඩයක් ලැබුණොත් අර ණයපත්වලට එන මැසේජ් එක වගේ ලිව්වා නම් නොසලකා හරින්නය..:D

    ReplyDelete
    Replies
    1. සීරියස් රිප්ලයි එක - මේ කතා සිය ගානක් මේ වෙනකොට ඇහිලා තියෙනවා අපේ කම්පනිය ඇතුලෙම. වැඩේ තියෙන්නේ ආයතනය හැටියට කරන්න වෙන දෙයක් ඇත්තේ නැතිඑකයි. මොකද අඩුගානේ ඉන්නටිකදෙනත් පාරට නොවටෙන්න්න ආයතනය වගබලාගන්න ඕන. අනික එක ශේත්ර්යක රස්සාවට හුරු වෙච්ච මිනිහෙකුට වෙන ක්ෂේත්‍රයකට යනවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. අනික එහෙම ගන්නෙත් නෑ ,පළපුරුද්ද නැතුව .

      ෆුල් සීරියස් කමෙන්ට් එක - මෙතන දවස පුරාම ලියපං ලියපං කියලා අන්තිමට පැත්ත පළාතේ එන්නේ නැතුව ඉන්නකොට මම හිතුවේ උඹව හොයාගන ඇවිල්ලා හක්ක පන්නන්න. ආය පණිවිඩයක් ආවොත් , අවුලක් නෑ තව එකක් ලියලා තියෙන්නේ ...ඕ.. යේස් . හැබැයි ඒකට එහෙම පරක්කු වෙලා ඇවිත් කමෙන්ට් කලොත් මම නරක මිනිහ කියන්න එපා .... (කොහොමත් ඉතින් මම හොඳ එකා නිසා එහෙම කියන්නත් බෑනේ :P)

      Delete
    2. හී හී! පොඩ්ඩක් පරක්කු වුණා බං එන්න...ඒකට ඉතින් ඔච්චර පුපුරන්න ඕනයැ?:P
      අනේ එහෙනම් ඊලඟ කතාවත් මේ සතියෙම දාපන් ඈ..පබ්ලිෂ් කොරන්න කලින් පොඩි පණිවිඩයක් එවහන් මම පළවෙනියට මෙතන එහෙනම්..! :D

      Delete
    3. ඕ.... යේස් පබිලිස් කොරන්න කලින් මම හංසයා ගේ පයේ ගැට ගැසූ පයින්ඩයක් එවන්නෙමිය .

      Delete
  36. හිතක් පපුවක් නැද්ද මේ අවුරුදු කාලෙ... ඔහොම කරන්ඩ..ඇ

    ReplyDelete
  37. ඉදිකිරීම් ප්‍රොජෙක්ට් වල වැඩ කරන දන්නා කියන සියල්ලන්ගේම කල දවස අවුල් වෙලා මේ වෙනකොට . මේ අබග්ගය ගැන කතා කරන්න මුල පුරපු එක හොඳයි. ඒත් නිර්මානේනම් උඹගේ තරමට මදි

    ReplyDelete
    Replies
    1. //"ඒත් නිර්මානේනම් උඹගේ තරමට මදි,// එකනේ මේ පලියක් ලියලා ශේප් වෙන්න හැදුවේ , කොහෙද ඔයාලත් එක්ක බෑනේ :D. ඉදිකීරීම් කර්මාන්තය තමයි මේ වෙද්දී ප්‍රශ්නයට ලක්වෙලා තියෙන්නේ ,බරපතල විදිහට . බලා ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ වගේ .

      Delete
  38. නියමයි නියමයි....!!

    ReplyDelete
  39. අවසාන වුන ආකාරයට කැමති නැත

    ReplyDelete
  40. කියෙව්ව.......... ඒත් මුකුත්ම ලියන්නෙ ඈ ඉඳගෙන........... අන්න ඒකයි මම කියන්නෙ

    ReplyDelete
  41. ආණ්ඩු පාලනය දෙකොන පත්තු වූ විලක්කුවක් වගේ අප්පා.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]