Tuesday, September 29, 2015

කාකි පාට හීන




මිහිකත නලවාලා , මග මල් ගන්වාලා 
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා 
මල් ඔසරිය ඇඳලා , පොත් මිට ඉනේ තියා 
යන්නට මමත් හිතූ , සොඳුරු කලක් තිබුනා 

අගහිඟ කම් දැනුනා , දෙවියන් සිනාසුනා 
එක්තැන් වුණිය පියා , මව් සුරලොව වැඩියා
මල්ලිට යන්න වුනා , රට රකිනටය කියා 
කහ පැහැ ගවුම ඇඳන් , නැගණිය අකුරු කළා 

හීනය පසෙක තියා , සරසවි දෙස නොබලා 
කාකි ඇඳුම ඇන්දා ,  සාමය රකිමි කියා 
ආදර බස් තෙපලූ , සිහිනයේ කුමාරයා 
කාකි ඇඳුම හන්දා , නොකියම යන්න ගියා 

තාත්තේ තව දවසක් , පනනළ රැක දෙන්නම් 
නංගියේ කවදා හෝ , ඔබ රජ කරවන්නම් 
කාකි පැහැති සිහිනේ , පටු මාවත් අතරින් 
මගේ හෙට දවස දිහා , නෙත් දල්වන් ඉන්නම් 

121 comments:

  1. සංවෙිදි සටහනක් ඉවාන්.
    සරසවියට පිවිසෙන්න තරමි හැකියාව තිබුනත් අධ්‍යාපනය අතරමග නවත්වලා කටුක රැකියාවල යෙදෙන අය ස්ත්‍රි පුරැෂ දෙපාර්ශවයේම ඉන්නවා.එහෙම තත්වයකට පත්වෙලා තියනවා පවුලක් ජීවත් කරවන්න සිදුවෙලා ඒ බර තමන්ට පැවරිලා තියෙන නිසා.තව සමහර දෙනෙකුට අගහිගකමි.ඉගනීමට ඉතාම දක්ෂ හොද මතක ශක්තියක් තිබුන කොල්ලෙක් ගෙදර ප්‍රශ්න නිසා අවුරැදු 18 වෙකොට SF එකට ගියා.දිගටම ඉගනගත්තනමි ඉදිරියටම යනවා.ඒ තරමි දක්ෂයෙක්.

    ReplyDelete
    Replies
    1. මනෝ , මේ විදිහේ කතා දහස් ගානක් මේ මහා පොලොව මත තියෙනවා, එත් වෙන වෙන දේවල් නිසා ඒවා යට ගිහිල්ලා , අපිට පෙන්නේ එකේම අච්චුවේ කතා ටික විතරයි. ඒ නිසා ඒවා මතු වෙන්නේ නෑ.

      Delete
  2. සමහරු කරන රස්සාවල් ආසාවෙන් කරන ඒවා නෙවෙයි තමා. කරන්න දෙයක් නැතුවට ජීවත් වෙන්න ඕනෙ නිසා අකමැත්තෙන් උනත් යනවා. ඒත් ඒ ඉන්නෙත් හැඟීම් දැනීම් තියෙන මනුස්සයෙක් කියන එක ඒ රස්සාවල ඉන්න ලොකු ලොක්කොත්, අනික් මිනිස්සුත් අමතක කරනවා. අන්තිමට ඒ මනුස්සයාටත් නිකන්ම අමතක වෙනවා තමනුත් මනුස්සයෙක් කියන එක.

    ReplyDelete
    Replies
    1. ඉවාන්ගෙ ලොක්කා කොහොමද?

      Delete
    2. ඔය ඉවාන්ගෙ ලොක්කා අපි දන්න කෙනෙක්ද ප්‍රා...? අර බඩ ලොකු රැවුල තියෙන කෙනා එහෙම නෙවෙයි නේද...?

      Delete
    3. ශ්‍රීනාත් හෙවත් කැමරා හොටා - බොහොම හරි මිනිසු සීයක් ගත්තොත් දෙතුන්දෙනෙක් විතර තමා ආසාවෙන් රැකියාව කරන්නේ , බොහෝ දෙනෙක් රැකියා කරන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා . ජීවිතය එහෙම තමා බං

      Delete
    4. @ ප්‍රා - ඉවාන්ගේ ලොක්කා නිකං සුද්දා වගේ පොර

      @ කැමරා හොටා - පිස්සුද බං උඹ එයාව දන්නේ නෑ ..ඕ යේස්

      Delete
    5. //ශ්‍රීනාත් හෙවත් කැමරා හොටා//
      ඒකනම් පට්ට.

      Delete
    6. ඔන්න මමනං නෙවයි හැදුවේ

      Delete
    7. තෝ තමයි.... අර මෙන්ඩා කටා කියලා හැදුවා... දැන් මූ හොටා කියනවා... මෙහෙම යද්දි අන්තිමට මොනවා කියයිද මන්දා...

      Delete
    8. පිස්සුද බං මම එහෙම කරනවද , අනික උඹට ? අම්මේ මම නෙවෙයි

      Delete
  3. ඔබේ පබැඳුම නියමයි ඉවාන්. මේ වගේ අය කීයක් කාකි ඇඳුම යට ඇතිද?

    ReplyDelete
    Replies
    1. දහස් ගානක් කසුන් , ස්තුතියි උඹට අහසෙන් එන්නා

      Delete
  4. දිවි ගැට ගසනා රැකියාවෙන්
    ගයනා දොඩනා භාශාවෙන්
    යදිනා පුදනා දෙවියන්ගෙන්
    මිනිසා මැණීම නවතාපන්

    ReplyDelete
    Replies
    1. රැවුලෙන් කොන්ඩෙන්
      අඳිනා ඇඳුමෙන්
      හමේ පාටෙන්
      උසෙන්
      මහතෙන්.....
      මෙහෙමත් අපි මිනිසුන්
      මනිනවා නේද ඉයන්?

      Delete
    2. //පාටෙන්//
      මොන පාටෙන්ද c-a?

      Delete
    3. @ ඉයන් - කවිය අගෙයි , ජීවිතේ ඔහොම තමා, අපි අකමැති වුනාට මිනිස්සු මනින්නේ එහෙමයි දැන් කාලේ

      Delete
    4. @ c-a - රැවුලෙන් කොන්ඩෙන්, අඳිනා ඇඳුමෙන්, හමේ පාටෙන්, උසෙන්, මහතෙන් තව ය වගේ කියලා p-c කියලා හිතලා c-a ට රැවටෙන එක ... :D

      @ ප්‍රා ජේ - ඔය පහල සිංදු කියලා තියෙන්නේ පාට

      @ සිංදු - මේ තියෙන්නේ මේ ලින්ක් එක කියවලා බලන්න

      http://maathalan.blogspot.com/2012/03/tan-colour-sexy-girls.html

      Delete
    5. මාතගේ පොස්ට් එක මතක් වෙලා තමයි මචෝ මම කිව්වේ ...හැක්

      Delete
  5. සාමාන්‍යයෙන් අප්‍රසාදයට ලක්වන රැකියාවක යෙදෙන්නෙක් දිහා වුණත් සංවේදීව මානුෂීයව බලන්න උඹට තියෙන හැකියාවනං ලොවෙත් නෑ දයබර ලව් පූසෝ.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම උබත් එක්ක එකඟයි මදාවියෝ ....
      ++++++++++++++++++++++++++++

      Delete
    2. හතුරා උනත් කතාව ඇත්ත එකෙන්ම !! ඕ යේස්

      Delete
    3. ඒක ඇත්ත බං.මාර කටිටක් කන සේවයක් පොලිසියේ රැකියාව කියන්නේ.ඒ නිසාමද මන්දා ඔය තරමට කර්කශවෙලා තියෙන්නේ.මහත්මා ගතිගුණ ඇති අය පොලිසියේ නැතිවම නෙවෙයි.කාන්තාවකටනමි හමුදාවල පොලිසිවල රස්සා කටුක වැඩි කියලයි හිතෙන්නේ.

      පොලිසියටවත් අල්ලන්න බැරි හොරැ වගයක් අපි අල්ලගත්ත විදිය මෙන්න තියනවා
      කවුද හොරැ ?

      Delete
    4. පත්තරයෝ
      මේලක් දැම්මා බලපිය..

      Delete
    5. @ මධු - තැන්කිව් වේවා වල් මදාවියෝ .. මොන රස්සාව කලත් මොන ඇඳුම ඇන්දත් ඇතුලේ ඉන්නේ පි වගේම මනුස්සයෙක් කියලා හිතුවම හැම දේම හරි බං.

      Delete
    6. @ සිංදු , මෙන්ඩ, පත්තරේ , මනෝ - තැන්කිව් වේවා ...හැක

      Delete
  6. නියමයි ඉවාන් .එත් මචෝ මේ කිට් එක ඇන්දම ගැහැණු පිරිමි බේදයකින් තොරව වෙනස් වෙනවා නේද ?මගේ යාලුවෙක් (WPC) ඉන්නවා සාමාන්‍ය ජිවිතයේ පට්ට අහිංසක චරිතයක් .කිට් එක දැම්මම අම්බ @#$%ක් .මුණවත් බලන්න හිතෙන්නේ නැ .මම ඒකිට කියලත් තියනවා මේ ගැන ..
    මට මතක් උනේ පොඩි කාලේ ඇහුන ළමා ගීයක් ..

    "හන්දියෙ ඉඳගෙන නිසි මග පෙන්වන
    පොලිස් හාමිනේ මං
    එන්න නංගිලා එන්න මල්ලිලා
    ඔබේ හිතවතිය මං "

    ReplyDelete
    Replies
    1. //මගේ යාලුවෙක් (WPC) ඉන්නවා සාමාන්‍ය ජිවිතයේ පට්ට අහිංසක චරිතයක් //

      ඔය එන්නේ පිපී පිපී …… හැක හැක

      Delete
    2. තව එකෙක් ඉන්නවා මචෝ ...ඒකා ගැන කියන්න මේ දවස් වල විස්තර හොයනවා ..හැක්

      Delete
    3. @ සිංදු - ඔතන වෙන්නෙත් අර දෙපැත්තට වැටිච්ච ගිරව් දෙන්නට වෙච්ච වැඩේ වගේ එකක්, යන තැන ඔලුව ගහගෙන ඉන්න පුළුවන් විදිහට උන් හැඩ ගැහෙනවා බං. මොනවා කරන්නද ?

      Delete
    4. @ පත්තරේ - හා හා හොරේ දැනුනා දැනුනා ...නේ

      Delete
  7. පොලිස්
    මේ වගේ කවියක් නැත්තං සටහනක් කියවද්දි උං ගැනත් පොඩි අනුකම්පාවක් හිතෙනව ඒත්
    පොලොස්
    පාරෙ යද්දි විසේසයෙන්ම මොකක් හරි වරදක් නැතිව වුණත් කුප්ප ටෝක් දෙනකොට ඉතිං අර හොද සිතිවිලි ඔක්කම ඉවරයි
    ට්‍රැෆික් නෙවී නිකං පොලොස් වුණත් එහෙමයි

    කවිය නං අපූරුයි ඉවාන් අය්ය.. කියවද්දි ඇත්තටම අප්සට් ගියා...
    ඔය කියන ජාතියෙ යාළුවෙක් මටත් ඉන්නව හැබැයි මිනිහ ටිකක් අමුතු වැඩක් කලේ
    නේවි එකට ගියා ඒ ලෙවල් ලීව ගමන්ම. රිසල්ට් එනකල් වත් හිටියෙ නැ.. නේවි එකෙනුත් ඒ දවස් වල තිබ්බ තත්වෙ හින්ද ඒ නැතත් මිනිහගෙ සුදුසුකම් අඩුවක් නැති හන්ද ගත්ත පොරට ෂුවර් එකක් තිබ්බ පාස් වෙනව මයි කියල.. ඇතුලෙ ඉද්දි රිසල්ට් ආව. මිනිහ සබ්මිෂන් එකක් දැම්ම. ඇපෘෘ වුණා.. අවුරුදු හතර හිටිය. කෝම හරි නේවි එකෙන් තව අවුරුද්දක් මෙඩිකල් දාල දෙන්නං ඉදල වරෙන් කීව. බෑ කීව ආයෙ ස්මිෂන් එකක් දාල එළියට ආව.. දැං උගන්නනව
    කෝමද ටිකිරි මොළේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් පොලිස් කාරයෝ කියන්නේ මගෙත් අප්පිරිය ලිස්ට් එකේ ඉහලින්ම ඉන්න අය තමා , එත් ගොඩක් එවුන්ගේ පෞද්ගලික ජීවිත ගත්තම බොහොම දුක්ඛිත තත්වෙක තියෙන්නේ බං. වැඩේ තියෙන්නේ පෞද්ගලික ජීවිතේදී හමුවෙන ඒ මනුස්සයා රාක්ෂයෙක් වෙලා තමා නිල ඇඳුම ඇතුලේ ඉන්නේ . මොනවා කරන්නද ? අර හොරු රැල ලඟට වැටිච්ච ගිරවා වගේ

      Delete
    2. ඔය කතාවේ කීප පැත්තක් තිබෙනවා. පොලිසිය ලව්වා මිනිස්සුන්ට ගස්සවන්නෙත් මිනිස්සුයි දේශපාලකයොයි. බනින්නෙත් ඒ ගොල්ලමයි. අඩු පඩියට වැඩ කරන්නෙත් ඒ ගොල්ලමයි. පගාව දෙන්නෙත් මිනිස්සු මයි.

      Delete
  8. හිතට දැනුනු පද පේලි ටිකක්.

    අනිත් අයගේ හීන වෙනුවෙන් තමන්ගේ හීන බොඳ කරගන්න අය කොයි තරම් නම් අපි අතරේ ඉන්නවද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුශානි. එහෙම අය ඕන තරම්, එත් අපි හැම දෙයක්ම මනින්නේ බාහිර පෙනුමෙන් සහ හැසිරීමෙන් නිසා ඒ දේවල් අපි දන්නේ නෑ.

      Delete
  9. සංවේදියි.හුඟක් පොලිස් ලගෙ අතීතය ඔහොම තමා. ඒත් සංවේදී සිතිවිලි ඉක්මනින්ම පහව යනව. මුන් බොරු නඩුදාන හැටි මතක් වුනහම.ඕනම එකෙකුට රාජකාරියට බාධාකිරීමෙ ඉදන් කුඩුපැකට් දාන එක දක්වා මොකක් හරි චෝදනාවක් මුන්ට දාන්න පුළුවන්නෙ. මුන්ගෙ එකෙක් වැරැද්දක් කළොත් ඔක්කොම ගන්නෙ තමන්ගෙ එකාගෙ පැත්ත.හොරා කාන කෑම. මුන්ගෙ වැඩ දකිනකොට සංවේදී සිතිවිල්ලක් ආවත් අනෙක් සිතිවිලි ඒ සංවේදී සිතිවිල්ල එලෝ ගන්නව දුප් පරය කියල.

    ReplyDelete
    Replies
    1. කොලඹ ට්‍රැෆික් පොලිස්කාරයො කරන අසීරු දුක් විඳින සේවය දැක්කහම මටනම් ලොකු ගෞරවයක් හිතෙනව. ඒක තවම පවතින්න හේතුව පොලිස්කාරයන්ගෙන් මන් ඒතරම් හිරිහැර විඳින්නෙ නැති නිසා වෙන්න ඇති. ඒත් උන් සමහරුන්ව අල්ලන විදිහ හා කතාකරන විදිහ ඇහුවහම ඒක නැතිවෙනව. කොහොම වුනත් කොලඹ නගරය ඇතුලත ට්‍රැෆික් ඩියුටි ඉතා අසීරු, පීඩනයක් ඇතිව කරන එකක්. පිටපලාත්වල පාරවල්වලනම් හම්බකරනව.

      Delete
    2. @ මධ්‍යස්ථ - ඔව් බං එක ඇත්ත , මටත් බහුතරයක් පොලිස් කාරයෝ ගැන තියෙන්නේ නොපහන් හැගීමක් තමා , එත් ඔතන වෙන්නේ මම කීප සැරයක් කිව්වා වගේ අර හොරු රංචුව අස්සට වැටිච්ච ගිරවට වෙච්ච දේ . උන් ඒ තැන්වල ඉන්න ඔඅනේ නිසා ඒ විදිහට හැඩගැහිලා . මොනවා වුනත් පොලිසියේ කිව්වම අපේ හිතට අනුකම්පාවක් එන්නේ නැත්තේ ඒ නිසා

      Delete
    3. @ ප්‍රා - පිට පලාත්වල පාරවල් දිගේ පොලිස් කාරයෝ ඉන්නේ කීයක් හරි හම්බක්රගන්න් තමා , කොළඹ ඇතුලේ නම් පොලිස් මහත්තුරුන්ට ඒ හැටිම චාන්ස් නෑ. ඇත්තටම ලොකු පීඩනයක් තමා . හැබැයි බොරුවට අල්ලලා ලොකු පාට දානකොටනම් හෙන ගහපිය කියලා හිතෙන අවස්ථා නැතුව නෙවෙයි,
      මම නම් වැඩිපුර ගමන් බිමන් යන්නේ "මැතිවරණ කොමසාරිස් තුමා " එක්ක නිසා වැඩිය පොලිසියෙන් කරදරයක් නෑ.

      Delete
  10. ඉවානයෝ................ මේ ජරමර අස්සේ නිකං අැඩෙන කතා කියන්න ඒපා හරිය.......

    ReplyDelete
    Replies
    1. හත් ඉලව්වයි මේ ජරමර අස්සේ උඹත් අඬන්න තියාගන්න එපා බොල

      Delete
  11. මේ අයගේ සිත ඇතුළට එබිලා බලන්න පුලුවන්නන්ම් අපිට වෙඩි තියාගෙන මැරෙන්න හිතෙනවා ඉවාන්. 2000 වර්ෂයේදී නැගෙනහිර පළාතේ සේවයේ නියුතුව සිටි කාන්තා පොලිස් කොස්තාපල් වරියන් විඳින දුක්, මා මගේ ඇස්දෙකෙන් දැක්කා හොඳටම. පොලීසිය දෙපාර්තමේන්තුවක් නිසා, එහි සේවය කිරීම, වාසි වලට වඩා අවාසි වැඩි බවයි මටනම් පෙනෙන්නේ.

    මා දන්නා විස්තර මෙතන ලිවීම සුදුසු මදි. මේ අයගේ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේත් ගෞරවය රැකිය යුතු නිසා.

    ReplyDelete
    Replies
    1. විචාරක අපිට වඩා බොහොම කාරනා දන්නවා ඇති. ඇත්තෙන්ම අපි වෘත්තීය ගෞරවය සහ ආත්ම ගෞරවය යන දෙකම රකින්න ඕන නිසා ඒ කරුණු හෙළි කරන එක හරි නෑ තමා . මටත් පෙන විදිහට පොලිසියේ අයට තමන්ගේ වේතනයේ ඉඳලම සාධාරණයක් වෙන්නේ නෑ. ඉතින් ඒ පීඩනය අපේ පිටින් යවනවා ඇති

      Delete
  12. මෙහෙම නිමිති අල්ලාගෙන මේ තරම් සංවේදීව ලියන්න පුලුවන් ඉතින් උඹටම තමයි.

    අති විශිෂ්ඨයි සර්!!

    ReplyDelete
    Replies
    1. හැක හැක විශිෂ්ට කිවිඳියකගේ මේ වචන උද්දාමයට කරුණකි ....
      ස්තුතියි බට කොස්සි

      Delete
  13. සාමාන්‍යයෙන් මිනිස්සු නොදකින දෘශ්ඨි කෝණයක් ඉවාන්. මට මතක් වුනේ අර මම පොලිස් බැ‍රැක්කෙ හිටපු කාලෙ. උඹ කියන දේ ඇත්ත. නමුත් අර මංකොල්ල කාරයෝ එක්ක හැදුනු ගිරා පෝතකයට වෙච්ච දේම ටික දවසකින් මේ අයටත් වෙනවා ක‍ටුක පරිසරය නිසා. පැමිණිල්ලක් ලියන්න පොලීසියට ගියාම තේරෙනවා ඒක හොඳහැටි.

    ReplyDelete
    Replies
    1. //"නමුත් අර මංකොල්ල කාරයෝ එක්ක හැදුනු ගිරා පෝතකයට වෙච්ච දේම ටික දවසකින් මේ අයටත් වෙනවා ක‍ටුක පරිසරය නිසා"// සහතික ඇත්ත ඩූඩ්. මමත් දන්නා එපා කරපු පොලිස් චරිත බොහොමයක් තනි තනිව ගත්තම ඇත්තන්ම හොඳ මිනිස්සු , මිත්‍රයෝ... ලෝක ස්වභාවය

      Delete
  14. “කාකි කෝට් කාරයෝද මනුෂ්‍යයෝය“

    ReplyDelete
    Replies
    1. කාකි කෝට් කාරයෝ නොවන සියල්ලද මනුෂ්‍යයෝය කියලා එයාලටත් කියලා දෙන්න ඕන ,ස්තුතියි පරී...........

      Delete
  15. මම කරන රස්සාව මගේ කෙල්ලෝ ගැනත් ඔය විදිහට හිතන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා..

    ReplyDelete
    Replies
    1. උඹේ ඉල්ලීම නිසාම අපිත් එහෙම හිතනවා මෙන්ඩෝ

      Delete
    2. සප්ත සයුරෙන් එහා
      දේශ දේශාන්තරේ
      සිරිලක් සළු පිළියෙන් පිදු
      මව් බිම ධන නිධාන බඳු
      සියල් සිරිලක පරසිදු
      සළු වියනා කුමාරී //

      අම්මා බඳු පෙම්මාදර
      සම්මා ගුණ පිරිපුන්
      එම සන්නාලිය නංගා
      දෙස නොබලන් වපරැසකින්


      කම්හල තුල පවර විපුල්
      හුරු දෑතින් කොමල නිමල්
      කරමි එවර සොඳ මනකල්
      ඉසුරු ගෙනෙයි එතරින් දුල් //

      දෙන්නේ ඇය මව්භුමිය
      රක්නා රන් මසුරන්
      එම සන්නාලිය නංගා
      දෙස නොබලන් වපරැසකින්

      කැලුම් උදුල යව්වනයේ
      සිරිත් දහම් රැක පිරියේ
      සළු වියනා රැජින දැයේ
      ඉඳුවම් සිංහාසනයේ //

      නන්දා අනන්දා
      කරවන්නා ලංකාවෙන්
      එම සන්නාලිය නංගා
      දෙස නොබලන් වපරැසකින්

      සප්ත සයුරෙන් එහා ...

      ගායනය : වික්ටර් රත්නායක

      Delete
    3. සින්දු
      මම හොය හොය හිටපු සිංදුවක්
      එල ද බ්‍රා

      Delete
    4. මෙන්න මෙන්ඩෝ - https://www.youtube.com/watch?v=wzYRDua7vLI

      Delete
  16. මේ සංවේදි කව කියොනකොට මට ඉබේම වගේ මතක් වුණේ ඩිෆෙන්ඩර් අනතුරින් මිය ගිය ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරිය.

    ReplyDelete
    Replies
    1. ඕං දවසක් මං වයඹ පොලිසියකට ගියා පාන්දර 3ට විතර.. එක wpc නංගියයි පොලිස් අයියලා හය හතක් හිටියා.. මෑන්ස්ලා හැම එකාම කර්ටි කැඩෙන්න ගහලා .අර කෙල්ල එලිවෙනකම් පට්ට කට්ටක් කනවා තනියම කාලකන්නිංගෙ මළවිකාර බහුරූ කෝළං අස්සේ !!

      Delete
    2. පාන්දර 3 ට කහට කෝප්පයක් බොන්න වෙන්නැති යන්න ඇත්තේ ..හැක්

      "දෙමට පොතු කකා කට හම ගියා නොවේ
      හිතේ අමාරුවටයි මේ දෙඩවිල්ලත්
      බහුරූ කෝළං දකින්ට බෑ තව ඇස් දෙකට
      මගේ දුකට නුඹ නාඩන් කිල්ලෝටේ"

      Delete
    3. කට කහන එක වෙනත් තලයකට ගෙනයනව මේ පත්තරතුමා, ඒත් මං කාටවත් අපහාසයක් හීනෙකින්වත් මෙතෙක් කරල නැති නිසා නෝ කමෙන්ට්.

      ( ශ් ශ්.....පත්තරතුමාට අපහාස කිරීම ඉතා අසීරු බව සලකන්න. එතුමා ගැන මොනව කිව්වත් ඇත්ත වෙන්න තියන චාන්ස් එක අතිශයෙන්ම වැඩියි. )

      Delete
    4. //එතුමා ගැන මොනව කිව්වත් ඇත්ත වෙන්න තියන චාන්ස් එක අතිශයෙන්ම වැඩියි.// හික්ස්

      Delete
    5. //එතුමා ගැන මොනව කිව්වත් ඇත්ත වෙන්න තියන චාන්ස් එක අතිශයෙන්ම වැඩියි.//
      චැඃ , මෙහෙමත් ගහනවද අම්මප මේ අහිංසකයට. ඌ පාන්දර 3 ට කූඩුවේ ඉදන් අර wpc නංගිව පරිස්සම් කරපු එක මදිද ?

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. මං කාල ඇඳල ඉන්නවට ඊරිසියයි .. ආං ඒකයි.ඕ යේස්
      අනික කන්න උයල දෙන අතිං පාරක් කෑවම හෙනගානවයෑ … චැහ් . මේ කූර ලෝකෙ :D

      Delete
    8. @ නලින් අයියා - ලස්සන ගෑනු ළමයා නේද? උපන් දිනේට කලින් දවසේ අවසන් ගමන් යන්න වීම , දෛවයේ සරදමක්

      Delete
    9. @ පත්තරේ - පාන්දර තුන වෙනකම්ම උඹට ඇප දෙන්න කවුරුඅත් ආවේ නැද්ද? කියන්න එපැයි බං ලජ්ජා නොවී .. අපි පැනලා එන්නේ ඇප දෙන්න , ඇවිත් ඕනනම් පොස්ටෙකක් දාන්නත් තිබ්බා

      @ සින්දු - නෑ එතන හිටපු උන්ට කහට හදල දුන්නලු

      @ ප්‍රා - අත්දැකීම කතා කරයි

      @ කම්මල - කූඩුවේ ??? පිස්සුද ඕකා පොලිසියට යන පාරවත් දන්නේ නෑ. (ගහලා කුදලාගෙන නේ යන්නේ කොහේ පාර පේන්නද?)

      @ පත්තරේ - එක පාරක් කෑවනම් මොකෑ??? හැක හක

      Delete
  17. ලස්සනයි ඉවාන් අයියේ.... පොලිසියේ හමුදාවේ කෙල්ලන්ට හරියට මඩ වදිනවා....තාමත් ජොබ් එකෙන් මිනිස්සු මනින රටක් අයියේ මේක

    ReplyDelete
    Replies
    1. සබරේ - එක තම වරද ඒ කරන්නේත් රස්සාවක් , එත් එතනට හරියන විදිහට හැඩගැහුණම ඒ මිනිස්සු අපිට පෙන්නේ රාක්ෂයෝ වගේ

      Delete
  18. ගිලීමලෙත් ඇත දත සුදෝ කියනවනේ බන්??

    ReplyDelete
    Replies
    1. "ගිලීමලෙත් දත සුද්දන් ඇති සේමා
      පොලී කොමිස් වල වගතුඟ නම් බෝමා
      කෙළී සියොළඟම අපුලක් වෙද කෝමා
      පොළීසියත් වලිගය නැති ගොනු සේමා"

      http://wihagageethaya.blogspot.com/2010/08/blog-post_08.html

      Delete
    2. @ රූපේ - මොනවා කියනවද බං, මේ ලංකාව නොවැ

      Delete
  19. ඇයි පොලිසියේ වැඩ කරන එක නරකද?

    @ඉවාන්,

    ඔයා කාකි පාට හීනද දකින්නේ?
    පොඩ්ඩි නම් රෝස පාට ඒවලු...:P

    ReplyDelete
    Replies
    1. අපිත් රෝස පාට හීන දැක්කා :D
      ටොපිය කෑවට පස්සෙ හොඳඋණා … හැක්

      Delete
    2. @ පොඩ්ඩි - මොන පාට හීනේ දැක්කත් ඒ හැම එකේම ඉන්නේ ඔයා අනේ ;)

      Delete
  20. කාකි පාට හීන වගේම තවත් පාට හීන අපි හැමෝගෙම තියනවනෙ. ඒම උනත් ඔය කිසිම පාටකින් උන ගැනෙන එක නම් අවුලක්.

    කාකි පාටට ආදරේ කරපු කෙල්ලෙක් අපේ පන්තියේ හිටිය ඒකි 7 පන්තියේ ඉදන් කියපු සිංදුවක් තමයි 'පොලිස් හාමිණේ මං', ඒකිගෙ කාඩ් එකත් පොලිස් හාමිණේ. පස්සෙ කාලෙක තරු දෙකක් තියෙද්දි මම එයාගෙ රාජකාරි වෙලාවෙ හම්බ උනා අප්පා කතා කරන බාසාව පට්ට අවුල්. මම කිවුව ඒ ගැන , " ඔව් බං මම දැන් පොලිස් බාසාවට පුරුදු වෙලා " කිව්ව.

    ReplyDelete
    Replies
    1. පාට වලින් උන හදාගන්න් එක නම් ඒ ඒ මිනිස්සුන්ගේ අවුලක් තමා , නමුත් තනි තනිව ගත්තම ඒ මිනිස්සු සාමාන්‍ය අපි වගේම ප්‍රශ්න වලින් මිරිකුණු මිනිස්සු තමා . නරක ආශ්‍රයේ වරද ? ඒ බාසාවෙන් හරි උම්බට කතා කරපු එකත් මදැයි , පොලිස් උන ඔලුවට අරං ගස්සාගෙන යන්නේ නැතුව

      Delete
  21. කාකි පාට හීන වගේම තවත් පාට හීන අපි හැමෝගෙම තියනවනෙ. ඒම උනත් ඔය කිසිම පාටකින් උන ගැනෙන එක නම් අවුලක්.

    කාකි පාටට ආදරේ කරපු කෙල්ලෙක් අපේ පන්තියේ හිටිය ඒකි 7 පන්තියේ ඉදන් කියපු සිංදුවක් තමයි 'පොලිස් හාමිණේ මං', ඒකිගෙ කාඩ් එකත් පොලිස් හාමිණේ. පස්සෙ කාලෙක තරු දෙකක් තියෙද්දි මම එයාගෙ රාජකාරි වෙලාවෙ හම්බ උනා අප්පා කතා කරන බාසාව පට්ට අවුල්. මම කිවුව ඒ ගැන , " ඔව් බං මම දැන් පොලිස් බාසාවට පුරුදු වෙලා " කිව්ව.

    ReplyDelete
    Replies
    1. "මහත්තය ඔහොම පොඩ්ඩක් අයිනට කරල බලපත්‍ර ටික අරං එන්න "කීවද බං … හැක හැක

      Delete
    2. දෙකේ ලෙඩේ තාම තියෙනවා වගේ නේ

      Delete
  22. මේ පුංචි කාලේ දැකපු පාට පාට මල් මල් හීන පස්සෙන් පහු වෙනකොට කාකි පාට, නිල් පාට, ගොම කොළ පාට හීන වෙලා කටුක දෛවයට අභියෝග කරන දියණියන් මමත් දැකල තිබුණත් මෙහෙම ලස්සනට පිළිවෙලට ලස්සනට ලියා ගන්න බෑ.. ඒක කරන්න පුළුවන් උඹටම තමයි.. එළ!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් කල්ලා - ජීවිතේ බොහොම පුදුමාකාර මිනිස්සු ගනනාවක් හම්බවෙලා තියෙනවා මේ රස්සාව නිසා, මිනිහෙක් මරල ඇවිත් ලේබර් වැඩ කරන JP ලා , දේශපාලනේ නිසා මේසන් බාස් කෙනෙක් වෙච්ච විදුහල්පතිලා , පුනුරුත්තාපන කඳවුරෙන් පැනලා ආපු කම්බි බාස්ලා , ඕනෑම බර වැඩක් කරන හමුදාවෙන් පැනලා ආපු රණවිරුවෝ ... මේ වගේ දිග ලිස්ට් එකක් කියවත හැකි මිනිස්සුන්ගේ ජීවිත පුදුම විදිහට වෙනස වෙච්ච දේවල් ගැන

      Delete
  23. මට එක පාරටම මතක් උනේ ඩිෆෙන්ඩර් ඇක්සිඩන්ට් එකෙන් මැරුණ ලස්සන පොලිස් කෙල්ල... ඊට පස්සේ මතක් උනේ කරාපිටිය ඉස්පිටිතාලේ ඇඳක් උඩ උන්න පොලිස් නෝනා..

    ReplyDelete
    Replies
    1. ඩිෆෙන්ඩර් WPC නම් මටත් මතක් වුනා මාතේ.

      පන නම් තණ අග පිනි බිදු වැන්නේ
      පින නම් නොපමාවම කරගන්නේ

      Delete
  24. ලස්සනයි...... දැනෙන්න ලියලා තියෙනවා.......... මතුපිටින් පේන දේට වඩා කොච්චරක්නං දේවල් හැංගිලා තියෙනවද මිනිස්සුන්ගෙ ජීවිත වල............ සුපිරි..............

    ReplyDelete
    Replies
    1. ආර්යන් ,ස්තුතියි -- මිනිස්සුන්ගේ ජීවිත මහා පුදුමාකාරයි තමා බං

      Delete
  25. හරිම ලස්සන සංවේදී අදහසක් මචෝ..මේ කවිය පුරාවටම 'ඉවාන් ලකුණ' අඩු නැතුවම තියෙනවා කියලා හිතෙනවා..හැමදාම වගේ මිනිස් ප්‍රාණියෙක් දිහා සංවේදීව කුලුණු ඇසකින් බැලීම උඹෙන් කවදාවත් කාටවත් කොපි කරන්න බැරි දෙයක් කියලයි මට හිතෙන්නේ..මොකද එහෙම ලියන්න තියෙන හැකියාව උඹටම ආවේණික නිසා..
    පොලිස් නිලධාරීන් නිලධාරිනියන් ගැන කොච්චර අපුල දනවන දේවල් අහන්න දකින්න විඳින්න ලැබුණත් කට්ට අව්වේ වේලි වේලි දුම් කකා උදේට හවසට විකාරයක් වගේ පේන කාලගෝට්ටියක් හසුරුවන එක බලන් ඉන්න අපට දැනෙනවට වඩා කොච්චර දුෂ්කර ඇතිද?වෙලාවකට අපි උන්ට බණිනවා තමා..ඒත් උනුත් මිනිස්සුනේ කියන එක මතක් කරවලා දෙන මේ වගේ ලියැවිලි මේ සමාජේට ඕන..සහකම්පනය අමතක වෙලා යන ලෝකෙක උඹලා වගේ උන්ගේ ලියැවිල්ල අතිශය වැදගත් වන්නේ ඒකයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ -- උඹ ඉතිං කොහොමත් සංවේදී මනුස්සය නිසා උඹට මේවා දැනෙනවා ඇති ,(අනේ උඹේ සංවේදී කම දෙන්න හිතෙනවා හොම්බට හැටක් ). ඇත්තටම තනි තනි මිනිසු හැටියට ගත්තම හැම කෙන්ක්ම බොහොම අහිංසක සවේදී මිනිස්සු නමුත් මේ විෂම රැල්ලට ගහගෙන යනකොට උන් හැමෝම අර ඇතුලේ ඉන්න අමනුශ්‍යයාව අවදිකරගන්න්වා

      Delete
  26. සමාන්‍යයෙන් අපි නොදකිනා පැත්තක්.( දැක්කත් නොදැක්කා වගේ ඉන්න). මේ වගේම , මගේ හඳුන් පොත උණුවෙනව , අර ගාමන්ට් කෙල්ලො ගැනත්.

    ඒක නෙමයි, කාටද මේ කස්ටිය ලව්පූස් කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. //"දැක්කත් නොදැක්කා වගේ ඉන්න "// අනන් එක තමා ඇත්ත බශ්ශෝ ....ඔය හඳුන්පොත උණු කොට්‍රගන්න් එපා ..මොකද දන්නවද සමහර වෙලාවට අනුකම්පා භූමිකම්පා වෙලා අහිංසක කොල්ලෝ තමා අමාරුවේ වැටෙන්නේ ..

      ලවු පූස් ...???? කෝ කොහෙද ? හුහ් මටනං නෙවෙයි ... {කෝ මේ ප්‍රා ජේ -- (කඩුවක් රැගෙන ප්‍රාජේව සොයමින් )}

      Delete
    2. අනේ පවු අපේ ලූශා.
      මං නම් ඔහොම මිනිස්සුන්ට අපහාස කරන්නෙ නෑ. ඔනෙ නම් අහල බලන්න පත්තරතුමාගෙන්

      Delete
  27. ඉවානයෝ, උඹ අල්ල්පු ටොපික් එක නම් මරු.. මම මේ කල්පනා කලේ උඹ මේක කතාවකට ගත්තනම් කොහොම ලියාවිද කියලා..

    ReplyDelete
    Replies
    1. කතාවකට ගොඩනගන්න තරම් ප්‍රස්තුතයක් හොයා ගන්න බැරිවුනා බං.තැනකුයි වේවා උඹට . උඹ ලියාපන්කෝ එකක් බලන්න , උඹට පුළුවන් වෙයි ගොඩනගන්න

      Delete
  28. රස්සාවෙන් මිනිස්සු වෙන් කරලා නොසලකන, හැම රස්සාවකින්ම හොඳට ජීවත් වෙන්න පුලවන් ලංකාවක් දකින්න අපිට මේ කපේ ලැබෙන්නේ නෑ..........

    ReplyDelete
    Replies
    1. ඒක හීනයක් විතරයි රහස් පරීක්ෂක බණ්ඩා මහත්තයෝ

      Delete
  29. මෙතනින් 8 පාස් කතාව ගම්‍ය කරනවා එහෙම නෙවෙයි නේද ඉවාන් අයියේ. මොකද මට එහෙම දෙයක් හිතුනා

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ බං උඹට විතරක් එහෙම හිතුනේ ? :O

      Delete
    2. කතාවේ සංවේදී කොටස පැත්තකට දැම්මා ම එකෙන් කියවෙන්නේ වැඩි දුර ඉගෙන ගන්න බැරි වීම නිසා කාකි ඇඳුම ට බැස්සා කියන එක වගේ තේරුනේ

      Delete
    3. //"හීනය පසෙක තියා , සරසවි දෙස නොබලා "// එතකොට කැම්පස් යන්න තේරිලා ඒක අත හැරලා රස්සාවකට යාම අඩු අධ්‍යාපනයක් ලැබීම හැටියට මටනම් නොපෙනේ මචෝ

      Delete
  30. ඉවාන් ගත්තත් වෙන කවුරුහරි ගත්තත් පින්තුරෙ නම් පට්ට ක්‍රියේටිව් බං.හැබැයි පිංතුර දැක්කම ඒකට හරියන කවි සිතුවිලි පහළ වෙන්නෙ නං ඉවාන්ගෙ හිතේම තමා.ආසාවෙන් කියෙව්වා.ඊළඟ කවි කතාව ලියද්දි සඳැස් ලියමු පියදාස සිරිසේන වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හැලපයියේ.
      ඇත්තම කිව්වොත් පින්තුරේ ගත්තෙත් මමම තමා . ,ඒ දවස් වල තියෙන මල පනින ට්‍රැෆික් එකේ හිරවෙලා ඉන්නකොට ගත්ත එකක් වැඩට යද්දී .
      සතුටුයි අගය කිරීම ගැන .

      Delete
  31. මම අසංවේදී මනුස්සයෙක් නොවුනත් මේ නිර්මණය දැකලා,පින්තුරේ බලලත් ලොකු සංවේදී කමක් නොදැනුනේ ඔය කාකි ඇඳුම නිසා වෙන්ට ඇති.පොලිසියෙන් මට පුද්ගලිකව කිසිම හානියක්,පාඩුවක් හෝ අකටයුත්තක් වෙලා නැතත් පොලිසිය කිව්වාම මට ඇතිවෙන්නෙම නොපහන් හැඟීමක්.අනිත් අතට තමන්ගේ රස්සාව නොකර බැරි කමට හෝ වෙනත් කරන්න දෙයක් නැති කමට කරන අයගෙන් කොහොමද හොඳ සේවයක් බලාපොරොත්තු වෙන්නේත්.

    ReplyDelete
    Replies
    1. පොලිසිය කිව්වම නොපහන් හැගීමක් ඇති නොවෙනවා නම් ලංකාවේ වෙන්න බෑනේ. හැක . ඒ තරම් පොලිසිය අපේ අප්‍රසාදයට ලක්වෙච්ච තැනක්. රස්සාවක් ගත්තම කීයෙන් කීදෙනාද ආදරයෙන් රස්සාව කරන්නේ . ලකාවේ රැකියා කරන බහුතරයක් වෘත්තීය ගැන තෘප්තියක් නැතිව තමා වැඩ කරන්නේ . ඒ නිසා තමා බොහෝ තැන වල හොඳ සේවයක් බලාපොරොත්තු වෙන්න බැරි

      Delete
  32. මට මේ කවි පෙළ ගැන තියෙන්නේ මිශ්‍ර හැඟීමක්. wpc රස්සාව සවුත්තුයි ගුරිවරියකගේ රස්සාව හොඳයි කියල ඉවාන් කියන්නේ ඇයි? ඒ රස්සාව පහත් එකක් නෙමේනේ. අනික හැමෝම උපාධි කරලා හොඳ රස්සාවලට යන්නේ නැහැනේ. ගාමන්ට් එකක වැඩ කරපු පේරාදෙණියේ හිටි කෙනෙක් ගැන මම දන්නවා. ගාමන්ට් රස්සා නරකද? පහත්ද ? ඒවා ගැන ලියමුද. මිනිස්සුන්ට අනික් අයගේ රස්සා පහත් කරන්න එපා කියල. මේ නිලධාරිනියන්ට නරකටම සැලකුව පහුගිය කාලේ. ලිංගික පැත්තෙන් හෙම. උඩ ඉඳන් පහලට ආපු දෙයක්. යහපලානේ යටතේ වත් නැවතුනොත් හොඳයි. ඒ ඇරෙන්න ගොඩක් අය මේ රස්සාව තෝරා ගන්නවා. මේ රටවල පොලිසියට යාම උගන්වනවාට වඩා හොඳයි කියන අය ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සමවෙන්න් වැරදි impression එකක් ආවනම් , කිසිසේත්ම රස්සාව පහත් කියල මෙතන කියලා නෑ. මේ කවිය පුරාම කියවෙන්නේ සමාජය මේ රැකියාවට දක්වන අඩු සලකිල්ල් ගැන අහ එහෙම කරන්න් එපා අපිත් අනික් මිනිස්සු ගැන වගේ වැදගත් රස්සාවක් කියන එක .

      නිකම් හිතන්න , අජිත්අයියා යනවා මනමාලියෝ දෙන්නෙක් බලන්න , එක්කෙනක් ගුරුවරියක් එක්කෙනක් පොලිස් කාන්තාවක් , එහෙම වුනාම කාවද තෝරාගන්නේ . එක සමාන ලස්ස්සන දෙන්නෙක් ගෙන්. අනන් එක තමයි මේ සමාජයේ තියෙන තත්වේ, පොලිසියේ වීම නිසාම විවාහයක් කරගන්න බැරි ගානුලමයි කීදෙනෙක් නම් ඉන්නවද?

      ලංකාවේ පොලිසියට තියෙන පිළිගැනීම වෙන රවලට වඩා බොහොම අවෙනස් , කතාවටත් මොනවත් කරගන්න බැරි මනුස්සයෙකුට කියන්නේ " හරියට පැන්ෂන් ගිය පොලිස්කාරයා වගේ" කියලා.

      Delete
    2. //අජිත්අයියා යනවා මනමාලියෝ දෙන්නෙක් බලන්න , එක්කෙනක් ගුරුවරියක් එක්කෙනක් පොලිස් කාන්තාවක් , එහෙම වුනාම කාවද තෝරාගන්නේ . එක සමාන ලස්ස්සන දෙන්නෙක් ගෙන්. අනන් එක තමයි මේ සමාජයේ තියෙන තත්වේ, පොලිසියේ වීම නිසාම විවාහයක් කරගන්න බැරි ගානුලමයි කීදෙනෙක් නම් ඉන්නවද? // මේක ඉතින් ලංකාවේ තියන ආකල්ප වල වැරැද්ද. මම නම් දෙන්නගෙන් එක්කෙනෙක් වත් තෝරා ගන්නේ නැහැ. මම කතා කරලා දැන හඳුනාගෙන යාලුවෙන්න ඕන කියන ක්‍රමයේ ඉන්නේ. ඔතනදි වුනත් එහෙමයි කරන්නේ. රස්සාව නම් බලන්නෙම නැහැ. හැබැයි පොත් කියවන්න කැමති අයට විශේෂයක් තිබුන .

      Delete
    3. අනන් එක තමයි මාත් කියන්නේ ලංකාවේ ආකල්ප වල තියෙන වරද , ලකාවේ මිනිස්සුන්ගේ ආකල්ප හදන්න පුළුවන් නම් ප්‍රශ්න ගොඩක් විසඳිලා ... එත් කවුද එක කරන්නේ ...? කොහොමද කරන්නේ

      Delete
  33. දෙකටම ස්තුතියි අජිත් අයියා

    ReplyDelete
  34. මේ මිනිස්සු කන කටු කියලා වැඩක් නෑ. මම ඒ ගැන ලියලා තියෙනවා. 98 දී තිබ්බ නිදහස් උත්සවය එක්ක ප්‍රදර්ශනයක්. ඒකෙ වැඩකළ පොලිස් නිලධාරීන් කෑම එකට අතවත් නොතියා කුණු කුඩේට දානවා. මම ඇහුවා ඇයි කියලා. නරක වෙලා. මම කිව්වා අපිට මුල දවසේ ඔහොම වෙලා අපි ඔක්කොම එකතු වෙලා කිව්වා එදා ඉඳන් හොඳ කෑම දුන්නා කියලා. අපි එහෙම කලොත් කෙලින්ම උතුරේ තමයි නවතින්න වෙන්නේ කියලා කිව්වා.

    ReplyDelete
    Replies
    1. අන්න සුදික, ඔන්න ඕක තමා වෙන්නේ.

      Delete
    2. ඇත්තම තමා සුදීකයියා , මේක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ , ඒ විතරක් නෙවෙයි ජනාධිපති , අගමැති ඇමතිලා එනකොට උත්සව වලට , නිදහස් උත්සවේ , දයට කිරුල , කාන්තා දින සැමරුම් හැම එකේදිම වෙන්නේ මේ මිනිස්සු තැලෙන එක . අන්තිමට බැනුම් අහන්නත් වෙනවා . තෘප්තියක් නැති රැකියාවලින් එකක් තමයි මේ

      Delete
  35. උඹ දැකපු ඔය පැත්ත මට කවදාවත් ටච් වෙලා නෑ බං. අවංකවම. උඹ මාර පොරක්...!!!

    ReplyDelete
    Replies
    1. හෑ මට මාර පොරක් කියපු උඹත් මාර පොරක් බං. මට හැම තිස්සෙම හිතෙන්නේ පෙන පත්තර විරුද්ධ පැත්ත බලන්න , සමහර විට එක නරක දෙයක් තමා , එත් දැන් එක හුරුවෙලා . ස්තුතියි බං උඹට

      Delete
  36. මේක කියවද්දි මගේ O /L පංතියෙ හිටිය හොඳම යාළුව මතක් උනා.එයාට හරි ලස්සන කටහඬක් තිබ්බෙ.පොලිසිය කියන වචනේ ඇහුවම මතක් වෙන සැර රෞද්‍ර ගති මොකුත් නැති නිවිච්ච හැමවෙලේම හිනාවෙලා හිටිය යාලුවෙක් එයත් දැන් කාකි පාට ඇඳුමක් ඇඳන්.යාලුවෙක් විදිහට මම සතුටු වෙනවා මොකද ආර්ථික අපහසුතා වගේම වෙනත් ප්‍රශ්න තියන ගොඩක් ළමයි ගාමන්ට් රස්සා වලට ගිහින් අඩු පඩිවලට ගොඩක් දුක්විඳිද්දී එයාට වැඩි පඩියකට හොඳ රස්සාවක් ලැබුන එක මොනවා නැතත් ජිවිතේ අන්තිම කාලේ කාටවත් අතපාන්නේ නැතිව ඉන්න විශ්‍රාම වැටුපක් හරි ලැබෙයිනේ.ආර්ථික අපහසුත තියන මිනිස්සු හොයන්නේ නම්බු නාම ගන්න පුළුවන් උසස් කියන රස්සා වලටත් වඩා කුස පුරවන්න ගෙදර මිනිස්සුන්ගේ හිත පුරවන්න පුළුවන් රස්සාවක් ..

    ReplyDelete
    Replies
    1. //ආර්ථික අපහසුත තියන මිනිස්සු හොයන්නේ නම්බු නාම ගන්න පුළුවන් උසස් කියන රස්සා වලටත් වඩා කුස පුරවන්න ගෙදර මිනිස්සුන්ගේ හිත පුරවන්න පුළුවන් රස්සාවක් ..// අනන් හරි හංසි නංග ඕක තමයි යතාර්ථය කියන්නේ , එක තේරුම් ගන්න පුළුවන් වීමම ඔයා සමාජය දිහා බලන අකාරය ගැන ගෞරවයක් ඇතිවෙන කාරණයක්

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]