Thursday, September 17, 2015

හීන දිගන්තේ



"මොන මගුලක්ද ඔය අහන්නේ දානවා නිව්ස්, දාගත්තා උදේ පාන්දරම කෙහෙල් මලක් "

දිසානායකගේ සද්දෙත් එක්කම ඊළඟට ඇහුනේ රේඩියෝවේ නිව්ස් යන සද්දේ ...

"දැන් ඔයැයි ඔය නිව්ස් ඇහුවම රට හැදෙයි ..."

"නෑ තමුසෙගෙ අර ටොම් පචයා හීන විසඳන එක ඇහුවම තමා රට හැදෙන්නේ .... ඔය හීනයා කිව්වේ මේ අවුරුද්දෙත් ආපහු සුනාමියක් ඇතිවෙනවා කියලා ? ලැජ්ජ නැතුව තවත් අහනවා ..."

තිලකා ගෙනාපු තේ පුරපවපු මග් එක “දොහ්” ගාලා මෙසේ උඩින් තිබ්බ පාරට තේ ටිකක් මේසෙට වැටිලා බිංදු කීපයක් වටේට ඉහිරුනා .. නහය පුම්බලා පුස් පුස් ගාලා දෙතුන් පාරක් පිම්බපු දිසානායක  ඔරවාගෙන යන තිලකා දිහා බලං කට කොනකට හිනාවෙන ගමන් තේ එක තොල ගාන්න පටන් ගත්තා .

"නෑ ඒයි...."
 තමන්ගේ තේ එකත් අතේ අරං උළුවස්සට හේත්තු වෙන ගමන් තිලකා කතාවක් පටන් ගත්තා .

"මම දැන් දවස් තුනක්ම එකම හීනේ දැක්කා , එක මොකක්ද කියලා අහලා යවන්න් හිතාගෙන තමා අද ඔය අහන්න ගත්තේ ..."

"ප්ප් ප්රුහ්....."
ගාලා හිනාවකුත් එක්කම දිසානායකට කටේ තිබ්බ තේ ඩිංග එලියට විසි වුනා ..

මේ මොන විගඩමක්ද මොකක්ද මනුස්සයෝ ඔය තරං හිනා යන්න වෙච්ච කෙලිය .."

දිසානායකගේ කටේ තිබිලා තමන්ගේ ඇඟට විසිවෙච්ච් තේ බිංදු පිහිදාන ගමන් තිලකා ආපහු ගස්සාගෙන කුස්සියට ගියා ..



*******

"දිසා... කෑම එකක් ගේනවද ... මාළු නම් එපා චිකනුත් එපා ..බිත්තර එකක් ..ඉතුරුවට ගෝල්ලිප් දෙකක් ගේනවා.."

"දිසා මට බැංකුව ඉස්සරහ බයිසිකල් කාරයාගෙන් හැටේ කෑම එකක් ගෙන්න."

"රුවිනි මිස්ට අද කෑම ගේන්නේ නැද්ද ?"

" එයාට ඕනේ නැල්ලූ ..ඊයේ රෑට කෑවලු හෙටටත් එක්කම ..හස්බන්ඩ් වැකේෂන් ඇවිල්ලනේ
හැක හැක හක    ...."

හැමදාම කෑම පැය ලංවෙනකොට ඔය වගේ දෙබස් වලින් දිසානායකගේ කන්දෙක පිරිලා යනවා .

 "දිසානායක ඊයේ ටවුමේ හිටියේ කාත් එක්කද ?" කාන්ති මිස් එක ඇහුවේ නිකං රහසින් වගේ

"ආ... ඒ දුවයි පුතයි කාන්ති මිස්. මං දැක්කා මිස් මහත්තයා එක්ක කාර් එකේ .............. "ඒ කෑල්ල කියලඉවර කරන්න ලැබුනේ නෑ දිසානායකට , වටපිට බලමින් ටිකක් සද්දෙට කාන්ති මිස් කතාව පටන් ගත්තා ..

"ආ ඇත්තද ඔව් ඔව්... හැ හා ඔච්චර ලොකු  දුවලා පුතාලා එක්ක ඉන්න බව මං දන්නේ නෑනේ, කීයද වයස ළමයින්ගේ?"

 "පුතාට දහනමයයි දුවට දාහතයි ....ලබන පාර ඒ ලැවල්.. දුව ,පුතා ටෙක් යනවා .."

"ඈ ඕයි තමුසෙගෙ වයස් කීයද එතකොට .."හැම එකටම කන දාන ඇන්ටෙනාපාල  කියලා හැමෝම කියන කරුණාපාල මහත්තයා ඒ අස්සේ කතාවට හොට දැම්මා

"හතළිහයි සර්..."

"තමුසේ තොටිල්ලේදීම කසාද බැන්දාද අයිසේ ..මටත් බුලත් විටක් අරං එනවා ආ..."

"දැන් බුලත් විට හතලිහයි සෑර් පුවක් ගෙඩියක් රුපියල් විස්සක් වෙනවනේ .."

"මොනවා ඕයි තව ටික දවසකින් පුවක් ගෙඩියත් පොල් ගෙඩියක ගානම වෙයිනෙ"

"ශ්...ශ්...ශ්... දිසානායක දිසා දිසා .."

පස්ස හැරිලා බලද්දී කරුණාපාල මහත්තය පස්සෙන් ඇවිත් .

"මොකෝ සර්..."

"තමුසේ ඇත්තටම දැක්කද ඕයි කාන්ති මිස් මහත්තයා එක්ක කාර් එකේ යනවා ?"

"ඔව් සර් ඇයි ?"

"ඇයි අහන්නේ ඕයි ඒ ගෑනිගේ මිනිහ රටනේ, ඇවිත් ගීයේ ගිය දහතුන , රට ඉන්න එකා එක්ක කොහොමද ඕයි ඒ ගෑනි කාර් එකේ යන්නේ ?"

ආ....................... බාගෙට් අරුණු කරට වහ ගන්න දිසානායකට ටික වෙලාවක් ගියා ..

"අපිට මොකද නේද සර් .."

"ඔව් තමුසෙටනම් වැඩක් නෑ... ඒ වුනාට අපිට ඕවා හරියට වටිනවා ඕයි ... "

කුප්ප හිනාවක් දාපු කරුණාපාල මහත්තයා ආපහු හැරිලා යනකොට

“නෙද්දකින් ඇන්ටෙනා පාලයා” කියපු දිසා දොරෙන් එලියට බැස්සා.

 *******


"තිලකා ...තිලකා ....තිලකා ....."

"කෝ මේ ගෑනි ...තිලකා"

හැම තැනම හොයලා බැරිම තැන දිසානායක වතුර කේතලේ ලිපේ තිබ්බා ... කුස්සියේ දොරට තට්ටු කරනවා වගේ ඇහිච්ච දිසා දොර ඇරලා බලද්දී දොර ළඟ හිටපු ටොමියා වැසිකිලිය පැත්ත බලාගෙන නගුට වනනවා ,නගුට දොරේ වදිද්දී හරියට දොරට ගහනවා වගේ තමා ඇහෙන්නේ . ටිකකින් වැසිකිලියේ දොර ඇරිලා රේඩියෝවයි ,දිසානායකගේ හෑන්ඩ් ෆෝන් එකයි අතෙන් ගත්ත තිලකා එනවා දැකපු දිසාගේ ඇස්දෙක නළලේ ඉන්දවුනා .

"මොන සමයමක් වැහිලද අයිසේ තමුසෙට , මොන විගඩමක්ද මේ නටන්නේ උදේ පාන්දර .."

"කෑගහන්නේ නැතුව ඉන්න අනේ , මම හීන දිගන්තයට කෝල් එකක් දැම්මා ..."

"අනේ අම්මපා තමුසේ වගේ මැටි මෝල් ගෑනියෙක්.... ෆෝන් එකේ තියෙන තුට්ටු දෙකටත් කෙලවලා මොන සමයමක්ද ගෑනියේ ඔය නටන්නේ ?"

වෙනදා මේවගේ වචන දෙක තුනක් ඇහෙද්දී කෝපවෙන තිලකා එදා හිනාවකින් කට පුරවාගෙන ...

"මේ අහන්නකො අනේ ... මම අර දැකපු හීනේ"

"මොන ..?"

"ඇයි අනේ අර මම කිව්වේ දවස් දෙක තුනක්ම එකම හීනේ දැක්ක කියලා . අර බඩ ඉරිඟු පැලයක් ගේ මැද්දෙන් ඇවිත් මහවිසාල වෙලා කරල් වලින් පිරිලා ගියා කියලා ,ඇයි අනේ මම අර ඔයාට දවසකුත් කිව්වේ"

"හරි හරි ඉතිං කියනවකො ........මලවදේ .."

"යෝගී තුමා කියනවා එහෙම පේන්නේ වාසනවටලු , අපිට පොළොවෙන් ලැබෙන මහා ධනයකට හිමිකම් තියෙනවලු. තව ..."

"තව ..තව තියෙනවා අම්මගේ රෙද්ද ? තමුසෙගෙ දෑවැද්දට හම්බවෙච්ච අර මහාඉඩම් වලින් දියමන්ති මතුවෙයි , මගුල් කතා නොකර යනවා ඕයි යන්න .."

******* 

"මොකද දිසා නිකං....... කිම්බ කාපු එඩින්බරෝ වගේ බලාගෙන ඉන්නේ ... "

"ආ සුරේෂ් මහත්තයා .. නෑ මහත්තයා ඇඩ්වාන්ස් එකක් ගන්න විදිහක්වත් නෑ.... අතේ සතේ නෑ ඒකයි .."

"ආ ඒක ඉතිං අපි ඔක්කොටම තියෙන ලෙඩේනෙ දිසා .. මේ එක නෙවෙයි තමුසෙගෙ පඩිය කීයක් විතර වෙනවද හැබෑටම ."

"පහළොස් දාහයි සර් ඔක්කොම කරලා අතට එන්නේ , අනික තාම ස්ථිර කලෙත් නෑනේ , අනියම් සේවකයෝ ස්ථිර කරනවය කියා කියා ඡන්ද කාලෙටනම් යුනියන් එකෙන් එහෙට මෙහෙට දක්කාගෙන යනවා , එත් ඡන්දෙන් පස්සේ උන්ටත් එක මතක් වෙන්නේ ඊළඟ ඡන්දෙට . වචන නම් ලස්සන බලන්න එපැයි . අනියම් සේවකයින් ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය කරනු. බම්බුව .."

"හරි හරි ඕයි මම ඇහුවේ පඩිය කීයද කියලා විතරනේ , තමුසේ මේ වැල් බයිලා කියෝනව .
තමුසෙට රුපියල් තිස් දාහක් විතර හම්බවෙන වැඩක් සෙට් කරන්නද ?"

*******

"නරකනම් නෑ .. ඔය ගන්න සොච්චම වගේ දෙගුනයක්නේ, ඉතිං කොහෙයි ඉතිං ඔය යන්නෙයි කියෙන්නේ "

බෙදාගෙන ආපු බත් පිඟාන දිසානායක අතට දෙන ගමන් තිලකා ඇහුවා ,

"මාළු තාම තියෙනවද ?"

"හ්ම්ම් මම ඇඹුල් තියල් දාලා තියාගත්තා."

තිලකාගේ කෑම කවදත් රහයි කියලා දිසා ගෙන හිටියා .

“ අනේ උන්ගේ කෑම .. කොහොම හරි උඹ ගිහින් කර ගැහුවනෙ පාතයෙකුට ...අපිනං එන්නේ නෑ ඕකුන් එක්ක කලවමට .....උඹ බැඳගත්ත බෙරේ උඹම ගහගනින් ...”

තිලකා එක්ක සම්බන්දෙ ගෙදරට ආරංචි වෙච්ච් දවසේ දිසනායකලගේ අම්ම බැනපු හැටි තාම දිසාට මතක් වෙනවා. උඩරට පාතරට කියලා මිනිස්සු බෙදාගෙන ආස්සරේ කරපු දිසනායකලගේ අම්මගේ මරණේ දවසේ පාතරට එවුන් එක්ක පෑහෙන්න බැරි දිසානායකලාගේ නෑයෝ සියල්ලෙන් කර ඇරලා හිටපු හැටි ආයෙත් මතක් වුනා.

"ඔයැයි මොන ලෝකෙද අනේ ඉන්නේ ........?"

"ඇඹිලිපිටියේ ........ මට තියෙන්නේ පතලේ වැඩ ටිකයි ගණන් හිලව් ටිකයි බලාගෙන ඉන්න ."

"ඔහෙට මතකෙයි මම දවසක් කිව්වා ඔහෙට පොළොවෙන් වාසනාව පෑදෙනවා කියලා හීන පලාපල වලින් අහගත්තයි කියලා .. ඉතිං පේනවයි එකේ ඇත්ත නැත්ත දැන්..."

තිලකාගේ මූණ දිහා බලාගෙන හිටපු දිසා මොනවත් කිව්වේ නෑ.

******* 

"කෝ කියපං දිසානායක ..."

"තොපි ඔක්කොම මරනවා බලාගනියව් ..... වරෙත්තු පර බල්ලා .."

"අනේ දෙයියනේ මොකෝ මහත්තයෝ මේ ,මොන වරදක් කලාටද මේ..."

මහා පාන්දර  හීන දිගන්තය රේඩියෝ එකේ සද්දෙට දාගෙන හිටියත් ඒ සද්දේ වැහිලා යන මහා ගෝරනාඩුවක් දිසාලගේ ගේ පැත්තේන් ඇහෙන්න ගත්තත් කවුරුවත් ලඟට ආවේ නැත්තේ , වීරේ මුදලාලිගේ වාහනේ අඳුන ගත්ත නිසා වෙන්න ඇති.

"අනේ දෙයියනේ මගේ පුතාට ගහන්න එපා මහත්තයෝ ,අනේ බුදු මහත්තයෝ"

"කියාපිය කෝ උඹේ මිනිහා අවලං බල්ලා .."

"අනේ ඇත්තමයි මහත්තයෝ , දැන් සතියක විතර ඉඳන් කෝල් එකක්වත් දුන්නේ නෑ. ඇත්තමයි මොකෝ මහත්තයෝ මගේ අහිංසකයා හොයන්නේ  ඔයාකාර කේන්තියෙන් ."

"අහිංසකයා .. නල්ල මලේ අහිංසකයා .."
"හොදයි ඒකා ආවම කියාපන් ජීවත් වෙලා ඉවරයි කියලා , සුරේෂ් කියපු නිසා මම ඕකව විස්වාස කරලා ඔක්කොම කළා . අන්තිමට ඌ මෙච්චර කාලයක් හම්බවෙච්ච හොඳම ගල අරං මගේ පරණම ගෝලයා එක්ක මාරු වුනා . අම්මපා ඕකව මරණ එක මරනවමයි."

ඒත් එහෙම කියලා ගිය වීරේ මුදලාලිව ඊට දවස් දෙකකට පස්සේ පාලුවට ගිය පතලේම මරලා දාලා තිබ්බා කියලා ආරංචි වුනත් , ඒ මිනීමරුවා ගැනවත් ,දිසා ගැනවත් ඊට පස්සේ කාවවත් ආරංචි වුනේ නෑ.

දැනට අවුරුදු පහකට විතර කලින් සිද්ධ වෙච්ච් දේවල් සිතුවම් පටයක් වගේ මනසේ සටහන් වෙද්දී තිලකාගේ ඇස් දෙකේ කඳුළු පිරුනා .

"අම්මේ ළමයා මට දීලා මේ තේ එක බොන්න ."

පුතාගේ බිරින්දෑ වෙච්ච ජනිතාගේ හඬින් තිලකා ආපහු පියෙවි ලෝකෙට ආවා , දික් කරපු තේ කෝප්පේ අතට ගත්තු තිලකා උකුලේ හිටපු ලමයව සීරුවට අතට ගන්න ජනිතා දිහා බලාගෙන හිටියා .

""මයේ මනුස්සය කවදාවත් ඔහොම නොහොබිනා වැඩක් කොරන්නේ නෑ. අන්තිමට උන් ඒ අහිංසකයව මරලා ඌත් නැහිලම ගියා""
 එදා ඉඳන් අද වෙනකන් කවදාවත් හීන දිගන්තය නොඅහපු බව විතරක් නෙවෙයි හීනයක්වත් පෙනුණු බවක් තිලකාට මතක් නෑ.
පේන බලපු සාත්තර අහපු හැම තැනකින්ම කිව්වේ මනුස්සය ජීවතුන් අතර ඉන්නවය , බොහොම දුකසේ හිරකරලා තියෙනවය කියල, එත් වීරේ මුදලාලි මලායින් පස්සේ ,කවුරු මොකට ඒ මනුස්සයව හිරකරගෙන ඉන්නද කියලා හිතෙන්නේ , ළමයෙක් වත් නොහිටපු වීරේ මුදලාලිගේ හැම දේම ඇස් පනාපිට විනාස වෙලා යද්දී .

"ඔක්කොම බොරු කාරයෝ .. "තිලකා හෙමි හෙමින් මුමුණනවා ජනිතා බලාගෙන හිටියා .

*******

තිලකාගේ කල්පනා දැහැන ආපහු බිඳුනේ මහා සද්දෙට මිදුලේ නවත්තාපු මෝටර් සයිකල් සද්දෙට , කවදාවත් නැතුව මජං කිට් එක පිටින්ම ආපු පුතා තමුන් දිහා මහා අසරණ බැල්මකින් බලාගෙන ඉන්නවා දැක්කම මොකක්දෝ අමුත්තක් තිලකාගේ හිතට දැනුනා , තේ කෝප්පේ බිම තියපු තිලකාට නැගිටුනේ ඉබේටම වගේ .

"අම්මේ... අම්මේ..."

"මොකෝ පුතේ ..................."

දුවගෙන ආපු පුතා තිලකාව බදාගත්තේ ඉකි ගහමින්

"අම්මේ තාත්තා........."

"දෙයියනේ මොකෝ පුතේ ඒ මනුස්සයට .. කතා කරපං දෙයියනේ කතා කරපං ...."

*******

 "අපේ ගැරිජ් එකේ මහත්තයා මට කිව්වා එයා දන්න මහත්තයෙක්ගේ නෝනා කෙනක් යන වහනයක් මග නැවතිලාය ,මට ගිහිං බලන්නය කියලා . මම යද්දී ලස්සන සුදු නෝනා කෙනෙක් පාර අයිනේ වාහෙනේ නවත්තගෙන හිටියා . ටිකකින් ආව ලොකු ප්‍රාඩෝ එකක්, ඩ්‍රයිවර්ව එතන බස්සලා නෝනට නම කියල කතා කළා, මම හිටියේ බොනට් එක ඇතුල බලාගෙන , කටහඩ හුරු නිසා මම ඔලුව උස්සලා බැලුවා .  මාව දැක්ක ගමන් ,නෝනව ඇදලාවගේ ඇතුලට දාගෙන වාහනේ ඉගිල්ලුනා ....ඒ වාහනේ හිටියේ අපේ තාත්තා අම්මේ ... ඔව් අම්මේ ඒ අපේ තාත්තා......."




කතාව ලියන්නට අදහස තෑගී කලේ සහ ෆොටෝ සොයා දුන්නේ උසම උස බස්සි ය .

199 comments:

  1. මං එක

    හිටහං කියෝලා එනකං

    ReplyDelete
    Replies
    1. හීන දිගන්තේ බාගෙට ඇත්ත වෙලා එහෙනං..
      කියන්න දෙයක් නෑ ඉවාන්.. දෙබස් එක්ක වැඩිපුර යන සිස්ටම් එක.. මනරම්...
      ආ....
      ඇඹිලිපිටියේ ඉඳගෙන තමයි මං මේ කොමෙන්ට් කරන්නේ.. පතල තියෙන්නේ කොහෙද කියලා මෙල් කරපං.

      ජ ය වේ වා !!!

      Delete
    2. පුලුවන්නං මේල් එකට පතල ඇටෑච් කරපං..පතල ලොකු වැඩිනං දෝනාවක් හරි අවුලක් නෑ !!!

      Delete
    3. මේ මනරම් මොහොතේ......
      මට පතල් කවියක් මතක් වෙනවා..
      හැබැයි දාන්න ඕනේ මධාවියගේ එකේ...

      Delete
    4. තැන්කු විදානේ , උඹ ඇඹිලිපිටියේද දැන්? එතකොට නිට්ටඹුවට නැති සිග්නල් කොහෙද බොල ඇඹිලිපිටියට , කමක් නෑ කොයි ලෝකේ ඉඳන් හරි උඹ කියෝන එකනං සතුටක්

      Delete
    5. පත්තරේ ඇන්ඩ් විදානේ ...
      මේල් එකට පතලයි දෝනා ටිකයි පතල් ඉස්ටාප් එකයි ඔක්කොම ඇටැච් කොල්ලා එවඤඤන්

      Delete
    6. විදානේ, මේල දාපං මටත්. ඇහැක් දෙයක් කොරංට.

      Delete
    7. පල්ලෙබැද්දෙ හිටපු එකා ඇඹිලිපිටි ගියේ කොහොමද?
      ඒ මොක උනත් ඔය ඇඹිලිපිටියෙ තියෙන පතල් වල‍ට ඔබන්න යන්නෙ බලාගෙන. :D

      Delete
    8. ඔව් ඔව්. අතෑරල දාපු පතල් වල වීදුරු කටු තියනවා :D

      Delete
    9. ඕකා හැම පතලටම ඔබනවද ප්‍රසන්න් අයියේ ?

      Delete
    10. හම්මේ...ඇඔිලිපිටියේ පතල් මතක් වෙනකොටත් බඩ පපුව දනවා..

      Delete
    11. තොපි මඩවලවල් වලට පොල් කඩද දානඋංද බොලව් පතල් ගැන මෙච්චර කතා කරන්නෙ? නෙද්දකිං ඉතරක්...!!!!

      Delete
  2. එල ද බ්‍රා
    ඊට වඩා කියන්න වදන් නෑ

    ReplyDelete
    Replies
    1. ගහන්න බේරේක් නෑ...

      Delete
    2. ආදරේට බ්‍රේක් නෑ - ජීවිතේට රිවස් නෑ …

      Delete
    3. නෑ බං..

      මෙන්ඩලාගේ ගෙවල්ගාව - තාප්පෙට බ්රේක් නෑ..

      Delete
    4. උඹට හරියන්නෙ කාරෙකක් නෙවෙයි යුද්ධ ටැංකියක් :D

      Delete
    5. බැරිද ස්පොන්ච් වලින් තාප්ප බඳින්න???? ඩී..

      Delete
    6. මෙන්ඩා ,
      තැන්කු වේවා එලද බ්‍රා ...

      Delete
    7. මම ජනාධිපති වුනාම රබර් වලින් තාප්ප හදන්න නීතියක් ගෙන්වා හිටං

      Delete
    8. උඔ ඡනාධිපති වුනාම අපේ ගෙදර ඉස්සරහට සුනාමියක් ගෙනත් දියන්

      Delete
    9. තාප්පයි කාරුයි හදන්න ඕනෙ කාන්දමේ එකම ධ්‍රැවේ හිටින්න. එතකොට ලොවෙත් හැප්පෙන් නෑ.

      Delete
    10. ඔබතුමා ජනාදිපති වුනාම ලොකු බොස්ට පොලිටිකල් කලර්ස් පෙනෙයිද?

      Delete
  3. තව දෙපාරක්වත් කියවනවා

    ReplyDelete
    Replies
    1. කියවීමෙන් සැනසීම ලැබේ!!!

      Delete
    2. අර කිව්වත් වගේ කියවීමෙන් සැනසීම ලැබේ .. කියෝපන් මෙන්ඩො. විදානේ උඹත් කියවපන් ,උඹට කොයි වෙලාවේ සිග්නල් නැති වෙයිද කියන්න දන්නේ නෑනේ

      Delete
  4. මිට පස්සේ හින දිගන්තේ අහන හැම වේලාවකම උඔව ඔලුවට එයි..
    පට්ටයි ඉවානයා උඔ යකෙක්

    ReplyDelete
    Replies
    1. හීන දිගන්තේ ලින්ක් එක දාපංකෝ!!!

      Delete
    2. ඇහුවට කමක් නෑ කෝල් කරන්න එපා !!

      Delete
    3. කොහොම හරි කමක් නෑ මතක් වුනානං. එච්චරයි.

      විදානේ උඹටත් හීන පේනවද?

      පත්ත්රයා කොකෝ උඹ කෝල් කරන්න එපා කියන්නේ ?

      Delete
    4. පත්තරයද දන්නෑ ප්‍රෝග්‍රෑම් එකට උත්තර දෙන්නෙ.

      Delete
    5. ඕකට පුළුවන් එච්චර හරියක්

      Delete
    6. මං දුන්නනං කියනවා රෙදි ගැලවෙන්න ඉවානයගෙ.. මදිපාඩුවට ගේනවා අඳුනයි හනුමයිත් :D ඕ යේස්

      Delete
    7. පත්තරයා අපි එක්ක ඔරොප්පු වෙලාද?

      Delete
    8. මට හැමදාම රැට හිනෙන් පෙනෙන්නෙ අර කැමර කටාගේ අන්ඩක් කඩනවා මේකේ තේරැම කියලා දියන්

      Delete
    9. අනික් පැත්ත අපේක්ෂා කොරපං මෙන්ඩො

      Delete
  5. ජාති කතාව මචං , සිරා ඉස්ටයිල් එක.

    ReplyDelete
    Replies
    1. මේකට කියන්නේ සිිරා ඉට්ටයිල් නෙවෙයි ඉවාන් ඉට්ටයිල් කියලා...

      Delete
    2. ගබා වෙල්කම් කිව්වා මේ පැත්තට ,

      හෙක් හෙක් කිව්වත් වගේ ඉවාන් ඉට්ටයිල් හැක හැක

      Delete
  6. ඉවානයාගේ පරන පෝස්ටි අවානක් සේ දිගහැර බලා අදහසක් පලකරන්නනමි.උඹත් ගැණු ලමයි වගේ මාසේකට එකයිද දාන්නේ.

    ReplyDelete
    Replies
    1. ලැජ්ජ බයට කොන්වන්ට් එකේ හැදිච්ච කොල්ලෙකුට අපහාස කරන්ඩෙපා .… චැහ් .අපිට කකියනවා !! ඕ යේස්

      Delete
    2. මම කිවවෙ අර එයාලගේ මාසයකට වරක් එක බං.එවා කියන්න මට ලජ්ජයි බං

      විදානේ
      ඒ කියන්නේ වගේ නෙවෙයි තමයිද ? ..මුල්ම පෝස්ටි නම දාල තියෙන්නේ ප්‍රගීති අනුරැද්ධි සමරසිංහ කියලා තමයි .සන්තැසියයි...

      පත්තරේ
      ඉවානා බයයි කියන්නනමි දන්නවා වෙලාවකට කලිසමෙ චූ යනවා.ලජ්ජාව ගැන කිවිවොත් ඉවානට ඒක තමයි නැත්තේම.

      ඉවානෝ ටිකක් තදින් හුස්මක් අරගෙන මෙ ටික පලපං මගේ අප්පා.

      Delete
    3. @මනෝ -
      මාසෙකට වරක් මොනවද බං එන්නේ ,මන් මං දන්නේ නෑනේ අම්මප ... විහිලු නෙවෙයි . ඇත්තටම මම එහෙමද බං නම දාලා තියෙන්නේ හිටහන් බලන්න ... උඹලා මඩගහනවා මෙතන මේ අහිංසක මට

      Delete
    4. විදානේ - මොකක්ද අලුගුත්තෙරුවෝ කිව්වේ ?

      පත්තරේ - ඉතිං උඹයි මායි දෙන්නම එක පන්තියෙනේ හිටියේ

      Delete
    5. ඔ..යෙස් ඔකට මාසේකට සැරයක් ටැප් ලික්..

      Delete
    6. මෙන්ඩො, පෑන්ටියක් ඩිසයින් කරහං ඇතුල් පැත්තෙ නෝලීක් ස්තරයක් ආලේපිත...

      Delete
  7. හිතං හිටපු විදිහට නෙවෙයිනෙ කතාව ඉවර උනේ... ලස්සනයි ඉවානයෝ... සිරාවටම...

    ReplyDelete
    Replies
    1. මේවට කියන්නෙ යතාර්ථ වාදී රීතිය ගුරුකොට ලියන හැටපහයි තිස්පහේ හොල්මන්ද පොල්කොළ ස්වයං චරිතාපදාන කියලා..අංගොඩින් පැනපු ගමන් හින්දා තාම බේත් බොනවා.තව දෙවේල බොද්දි නුහුගුණ ගතිය හරියයි .ඊට පස්සෙ ඉතිං මේව් කියෝල හමාරයි !!!!

      Delete
    2. ස්වයං කිව්වම ටිකක් ලැජ්ජ හිතෙනවා.. අපි ඒකට සතත කියලා දාමු?

      Delete
    3. මං මේ නිකමට වගේ අහන්නෙ අර ඇන්ටෙනාපාල කියන්නෙ ඉවානයටද බං...?
      (මං මේක ඇහුවයි කියලා ඉවානයට කියන්න එපා)

      Delete
    4. @කැමා - හිතං හිටපු විදිහට ඉවර නොවුනානම් ඒක තමයි මට තියෙන සතුට

      Delete
    5. @ පත්තරේ - අප්පට හුඩු... මුගේ සාහිත්‍යකරණය , හැටපහයි තිස්පහේ ස්වයං චරිතාපදාන කියන එක කෙටියෙන් කියන්නේ පොලියෙස්ටර් චරිතාපදාන කියලා හැක

      @ විදානේ - සත්ත එපා , ඉස්පිලි පාපිලි වැටුනොත් එහෙම පට්ට කුනුහරුපයක් වෙනවා , අපි ඒවාට කැමති නෑනේ ... ;)

      @ කැමා- මට ඇහුනේ නෑ බං

      Delete
    6. මට හැමදාම රැට හිනෙන් පෙනෙන්නෙ අර කැමර කටාගේ අන්ඩක් කඩනවා මේකේ තේරැම කියලා දියන්

      Delete
    7. /මේවට කියන්නෙ යතාර්ථ වාදී රීතිය ගුරුකොට ලියන හැටපහයි තිස්පහේ හොල්මන්ද පොල්කොළ ස්වයං චරිතාපදාන කියලා..අංගොඩින් පැනපු ගමන් හින්දා තාම බේත් බොනවා.තව දෙවේල බොද්දි නුහුගුණ ගතිය හරියයි .ඊට පස්සෙ ඉතිං මේව් කියෝල හමාරයි !!!!/
      මේක පට්ට...

      Delete
    8. මෙන්ඩො,

      පරණ සඟිස්කුරුත පොතක මෙහෙම තිබ්බා.

      “අණ්ඩං ඛණ්ඩං කැමරා ධාරිං - මරණං නියතං යථාමතඃ“

      ඒ කියන්නෙ කැමරා කාරයෙක්ගෙ අණ්ඩක් කැඩුවොත් අනිවාර්යෙං වරු තුනක් ඇතුළත උඹ මැරෙනවා...

      Delete
    9. අම්මට හුඩු යකෝ මුගේ පාලි , උන් දෙන්නම් මැරෙන්වනම් හොඳයි හැබැයි මොනවා වෙලා හරි

      Delete
    10. PM තාම උපේක්ෂාවෙන්ද වැඩ?

      Delete
  8. මේක මේ යෝගියා කනපිට ගහල නෙව කියලා තියෙන්නේ. මොකක්ද බං ඔය චැනල් එක? මටත් ඒක අහන්න හිතුනා.

    ඒක නෙවෙයි ලොක්කා. එඩින්බරෝ මොනවද අර කනවා කියන්නේ?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් එංගලන්තේ කෑමක් වෙන්න ඇති ... මම මේ කොමෙන්ට් එකෙන් අහන්න හැදුවේ..

      Delete
    2. එංගලන්තෙ කෑමක් වෙන්න ඕනෙ, මේ හැන්දෙන් ගෑරුප්පුවෙන් කන, නැද්ද?

      Delete
    3. ඩූඩ් අයියටත් ලෑංකූසරේක යන්න හිතිල වාගෙ :D

      Delete
    4. හීන දිගන්තය කියන්නෙ හිරු එෆ් එම් එකේ සඳුදා පාන්දරට යන ඇත්ත වැඩසටහනක්. දවසක් උදේ මාතර ඉඳන් කොළඹ එද්දි, අහන්න සිංදු නැතුව රේඩියෝව කරකවද්දි අහම්බෙන් අහුවුනා. :D

      Delete
    5. ඇට් යස්,
      ඔහේ මාතර ගියේ මක්කටෙයි ?

      Delete
    6. බස්සියෝ මට හිතෙන්නේ මාතර ඉදලා කොලඹටම දිග හින්ද තමයි හීන දිගන්තය කියලා දාලා තියෙන්නේ.

      Delete
    7. අඩේ බස්සියෝ යන්තං හීනෙන් වගේ මතක් උනේ මීට අවුරුදු පහකට කලින් ඔය ප්රෝගෑරෑම් එක ගියාද?????

      Delete
    8. @ ඩූඩ් - මේක ඇත්තටම හිරු එෆ් එම එකේ යන ප්‍රෝග්‍රෑම් එකක්, ඔය බස්සි කියලා තියෙන්නේ විස්තරේ , අර කනවා කියපු එක අස්සෙන් ගහලා දැම්මේ, මට ඒ වෙලාවෙත් හිතුනා , මේක ඩුඩයියට නම් අනිවා මාට්ටු වෙයි කියලා

      Delete
    9. ඇට් විදානේස්
      නැන්දම්මා බලන්න ගිහිං :D හැක හැක

      Delete
    10. . කිම්බ කාපු එඩින්බරෝ මේ කැල්ල මමත් තද වුනාම මගේ කෙල්ලන්ට කියලා බනිනවා

      Delete
    11. //මගේ කෙල්ලන්ට//
      මෙන්න සඳුවෝ මුගේ හොරයක් හැක්.

      Delete
    12. අඩෝ මෙන්ඩා මෙන්න වාක් ලිංගික හිංසා කරනවෝ!

      Delete
    13. ඔව් ඔව් නඩු දමියහැකි වරදක්...කාන්තා හිංසනය යටතේ

      Delete
  9. උඹට ඉතින් නරකයි පණිවිඩයක්වත් එවන්න ලිව්වයි කියලා! අපිම හොයන් ඇවිත් කියවන්න ඕන.මම හිතුවේ උඹ ආයේ මාස 3-4කින් ලියාවිද කියලා..මේක නම් මාර සර්ප්‍රයිස් එකක් ඕයි..ඒ ගැන මගේ හර්දයාංගම සතුට..:D
    ඔය හීනලන්ත කතා නම් ඇත්තද මන්දා බං..මට අවස්ථා කීපයක් වෙලා තියෙනවා පෙනිච්ච හීන ඇත්ත වෙච්ච..සිරාවටමයි කියන්නේ..මන්දා කොහොමද කියලා..ඉතින් ඔය තිලකා දැක්ක හීනෙන් අන්තිමට කාටද හරි ගියේ විශ්වාස නොකරපු එකාටනේ..බලපංකෝ ඒකෙත් හැටි..
    කතාව හැමදාම වගේ සජීවියි..සහ උඹේ ලියන ස්ටයිල් එකට මම හරි කැමතියි (දැන් බිමට බැහැපං) :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මං සිහිනේන් මුදු සුවඳක් ගානවා දැක්කා !!

      Delete
    3. දැන් මේ බ්ලොගේ ඇඩ්මින් විදානයද?

      Delete
    4. මට ඒ සුවඳ දැනී දැනෙනවා …

      - ඉවාන්

      Delete
    5. ඇට් මිස්ටර් හැලපේ.....

      ඕල් මවුන්ටන් ඉස් මයි...

      හැක් හැක්...

      Delete
    6. මොකද බොල විල් වදානේ මක මක ලියන්නේ? මොකද්ද බං ඒ කිව්වේ මට නැහැ නෙව වැටහුණේ..(මොකක් හරි නොහොබිනා කතාවක් වෙන්ටැති ඉතින් ටෝ කිව්වා නම් හිටං) :D

      Delete
    7. හැලපේ ++++++++++++++++++

      පත්තරෙයි ඉවානයයි නිවුන්නු :P :P :P

      Delete
    8. අඩේ මේ තනි තරුව තනියම බීලා !!!!

      Delete
    9. @ තනි තරුව - හෙක් උඹට පණිවිඩ කියක්නම් එව්වද? අන්තිමට උඹලයි ගෙදරින් කිව්වා ආගිය අතක් නෑ පත්තරේ දැන්වීමක් දාන්න ඉන්නේ කියලා , මම කිව්වා ඉතිං පත්තරේට දානවානම් පරණ යකඩ ගොඩක් අතුරුදහන් වී ඇත කියලා ලියන්න කියලා ..හැක තැනකුයි උඹට .... ඔන්න මේ සරේනම් උඹ දවස ගානේ බනින්න කලින් එකක් ලිව්වා ,,ඕ ...යේස් .. පත්තරෙයි මැයි නිවුන්නු කියලා උඹ මට කරපු අපහාසෙට අම්මප දානවා ඉහල උසාවියේ නඩු. මගේ ජීවිතේට කවුරුවත් ඔහොම අපහසයක්නම් කොරලා නෑ.

      Delete
    10. @ හැලපයියා- විදානේ දැන් උතුවන් කන්දේ සුර සරදියල් මහතා වගේ

      @ විදානේ - තරුවා කොහොමත් දවස ගානේ විස්සක ගහනවා ...

      Delete
    11. විදානේ : නැතුව ටෝ කියන්නේ ටොපි හැත්ත වරිගෙම එක්කහු කරන් බොනපාට් වෙන්න කියලද? බාර් වහන්න වෙයි..:D

      ඉවාන්: අන්න ඒකනේ කියන්නේ පරණ වුණත් යකඩ නේ බං..කාටද ඉතින් ආඩම්බර..මටම මිසක්...
      ඔව් ඉතින් දවස ගාණේ බණින්න කලින් ලිව්ව එක සෑහෙන්න ප්‍රගතියක් නේන්නම්..! ඒකට උඹට රතු තරු පහක් දෙනවා..:D
      ඉහළ උසාවීය කිව්වේ නඩුකාරයා අතුරේ යන වෙලාව වෙන්ටැ..හැබැයි පරිස්සමින්..උඹේ අඳෝනාව අහන් ඉඳලා ඌ පය ලිස්සා බිම පතිත වුණොත් ඍජු ලෙසම නඩුකාරයාගේ ඝාතනයට සම්බන්ධයි කියලා උඹේ ලැයිසොම කැන්සල් කොරාවි..ගස් අයිතිකාරායගෙත් එක්කම..:P :P

      Delete
    12. //තරුවා කොහොමත් දවස ගානේ විස්සක ගහනවා .//
      ඔව් බං පොල් ටොෆි..! :P :P

      Delete
    13. අඩෝ තරුවා, මගේ ලයිසොම කැන්සල් කෙරුවොත් උඹ කොහොමෙයි දවස ගානේ රා කට්ට ගහන්නේ ? හැක

      Delete
    14. විදානය ඔය වගේ වැඩ කරන හින්ද තමයි ඕකට මාස ගානක් සිග්නල් නැතිවෙන්නෙ.

      Delete
    15. තව ඩිංගෙන් යූනියන් ප්ලේස් එකේදි ලයිසොම කැන්සල් 1500ක් දඩ :D :D

      Delete
    16. කැන්සල් වෙන්ව නේන්නං ඉස්සරහා සීට් එකේ හිටපු එකාගේ මූනේ හැටියට

      Delete
  10. උඹ දැන් ලියන කතාවල තියෙන අමුතුම අවසානයට මම කැමතියි.(විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් පොඩි පොඩි ආරවුල් තිබුණත්)

    ReplyDelete
    Replies
    1. //(විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් පොඩි පොඩි ආරවුල් තිබුණත්)//


      රයිට් එහෙනං විස්වාස බංගයක් ගෙනෙමු !!!
      2/3 න් නෙවෙයි 4/6 කින් සම්මත කරලා ඉවානයට කෙළවලාම දාමු...

      Delete
    2. @හැලපයියේ -
      ඇත්තටම මට මේ කතාවේ ගැන පොඩි විචාරයක් මේල් එකට දාන්නකෝ prageeth99236@gmail.com,
      සමහර අවස්ථා වලදී නම් හිතලම අවිස්වාසබල් වෙන විදිහට ලියන්න වෙනවා, ලියාගෙන ලියාගෙන ඇවිත් ,කරගන්නේ දෙයක් නැතිවුනාම . තැනකුයි වේවා හැලපයියේ

      Delete
    3. වෙල් විදානේ - හිතං ඇති

      Delete
    4. //විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් පොඩි පොඩි ආරවුල් තිබුණත්//
      පිස්සු කෙලින්නෙපා හැලපයියෙ. මේ කතා සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොරයි.



      ප.ලි. (මොකක් හරි වැරදුනාද මන්ද)

      Delete
    5. ///"මේ කතා සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොරයි"// හැක හැක හැක

      Delete
    6. මේ කතා සම්පූර්ණයෙන් අසත්‍යයෙන් චොරයි...

      Delete
  11. කතාව අන්තිම වෙනකන් කුතුහලයක් මොකක්ද අවසානෙට වෙන්නේ කියල කියවල ඉවරවෙනකන් හිතාගන්න බෑ .මේ ලියවිල්ල නියමයි

    ReplyDelete
    Replies
    1. ආ හංසි නඟා .......... දැන් විබාගේ එහෙම ඉවරවෙලා ෆුල් ෆ්‍රී එකේ ඉන්නවා වගේ නේ. තැන්කු වේවා . ලියන්නේ එහෙම නැතෙයි මොනවත්

      Delete
  12. නිකන් එකපාරට ඉවර උනා වගේ දැනුනා.. හැබැයි ඉතින් බලාපොරොත්තු නොවිච්ච අවසානයක්... තිලකයි දිසානායකයි හොඳින් හිටපු නිසා දිසා එක පාරටම වෙනස් වෙච්ච එක අවුල් වගේ.. මොනවා උනත් ක්‍රියේටිව් ..

    ReplyDelete
    Replies
    1. ඉවානය කතාව බාගෙට ලිය ලිය ඉද්දි පබ්ලිෂ් වෙලා … ඕ යේස්

      Delete
    2. මට තියන ප්‍රස්නේ දිසානායකයා ආයේ ගම් පලාතට ආවේ මක්කටෙයි කියන එක!!
      මැරිච්ච එකා මැරිච්ච විදියට ඉන්න එපායැ..
      රෙද්ද..

      Delete
    3. @ පැතුම් - වෙනස් වෙච්ච් එක අවුල් වගේ තමා , එත් ඉතින් සල්ලි වැඩි වුනාම ,කරපු අපරාද වහගන්න ඕන වුනාම මිනිස්සු වෙනස් වෙනවා නේ පැතුමෝ. තැනකුයි උඹට . උඹ එහෙම මැණික් හොයන්න යන්න එපා ඔන්න

      Delete
    4. @ පත්තරේ - දුප් නරියා

      @ විදානේ - ගම පළාතේම නෙවෙයි ටිකක් දුර , පුත්තරයා මොටෝ ස්සයිකලේ නෙව වැඩට යන්නේ ... අනික ලංගම ඉන්නකොට හොයනවා අඩුයි නේ

      Delete
  13. මේ ඇත්තම කියහං ඉවාන් … උඹ අර ගල වික්කේ කොහාටද ??

    සිරිකොතට කියල නං කියන්ඩෙපා ඈ :D

    ReplyDelete
    Replies
    1. කිරි සුදු පාට එකද?.. නැත්තං නිල ද?

      Delete
    2. @ පත්තරේ - කාටවත් කියන්න එපා බං , මට ඒක විකුනලා දුන්නේ මාතලන්.. රත්නපුර පැත්තේ ලොකු හෝටලයක් අයිති ප්ලෑන් අඳින මහත්තයෙකුට වික්කා කියලයි කිව්වේ , උඹ කාටවත් කියන්නේ හෙම නෑ

      @ විදානේ - නෑ ගල

      Delete
    3. ඒ ගල විකුණන්ඩ ඒ මහත්තය බිසිනොස් ක්ලාස් එකේ රට ගියාළු,

      Delete
    4. ශ් ශ් ශ් ශ් ..... කෑගහන්න එපා යකු

      Delete
    5. ප්ලෑන් අඳින මහත්තයා ගල් …… ???? චැහ් :D

      Delete
    6. රට ගියා විතරක් නම් මදෑ අන්න ගල් වලින් අඔපු පිලිම වල පෝස්ට් එකකුත් දාලා

      Delete
  14. අඩේ මේ කතාව සුපිරි එකේ ඉහලම එක! මටත් උගන්නපන්කො මේ තරම් ජීවමාන විදියට දෙබස් ලියන විදිය. අනික තමයි හැමදාමත් වගේම උඹ ගේන අනපේක්ෂිත අවසානය.

    කියන්න දෙයක් නෑ මචං. මට අමුතුවෙන් පින්තූර හොයන්න හිතුනෙත් නෑ උඹ ඒ තරම් සුපිරියට රූප මැවෙන්න ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. /මටත් උගන්නපන්කො මේ තරම් ජීවමාන විදියට දෙබස් ලියන විදිය/
      මාත් කියන්න හැදුවේ ඔය ටිකම තමයි

      Delete
    2. //මම යද්දී ලස්සන සුදු නෝනා කෙනෙක් පාර අයිනේ වාහෙනේ නවත්තගෙන හිටියා //

      චිත්ත රූප මැවුනදත් අහනවා …
      ඒ මිස් ඇඳං හිටියෙ නිල් ඩෙනිමකුයි කහ පාට ස්කිනියකුයි..වාහනේ නම්බරේ WP CAA 6742 .. කලු පාට outlander එකක්.මාර ගහක් යට නවත්තං හිටියෙ .:D

      Delete
    3. @ බස්සි මචං - මුලින්ම උඹට තැන්කු වේවා මේ ගැන අයිඩියාවක් දුන්නට , නැත්තම් උඹ කියනකන් මම ඔය හීන දිගන්තය ගැන අහලා තිබ්බේ නෑ. ඊට පස්සේ බැලුවා ඔන්ලින් තියෙනවද කියලා එහෙමත් නෑ. උදේ පාන්දර යන බව දැනගත්තා සෑහෙන තරං හොයලා .

      හ්ම්ම්ම් දෙබස් නේද .ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් එහෙනං උඹයි විදානෙයි දෙන්නා මගේ දෙබස් පන්තියට වරෙන් , ගැන මාසෙට පනස් දාහයි ... හැක

      Delete
    4. @ පත්තරේ - ඇති ඇති ඔය ඇති ..උඹට තව මොනවා පෙනෙයි ද දන්නේ නෑ. ඒ නිසා දැම්මම නවත්තපන්

      Delete
    5. ජීවමාන දෙබස් ...හෙක් ඕව ඉතින් හෝඩියේ ඉදන් ටීචර්ගෙන් ටොකු කාල, ලොකු වෙලා කෙල්ලන්ගෙන් ටොකු කාල පස්සෙ යාළුවන්ගෙ බයිට් කද්දි ටොකු කාල ඉගෙනගත්ත දේවල් තමයි.

      Delete
    6. අර ඩෙනිම් ඇඳලා, මාර ගහ යට හිටපු කෙනා මාත් දන්නවා...:P

      Delete
    7. @පොඩි - ඉතිං ඔයාව ඔයා දන්නවනේ කොහොමත් ;)

      Delete
    8. ඔය මාර ගස් යට ඉන්න හොඳ නෑ එහෙනං. ඕව්වයි කාක්කො ලගිනවා :D චැහ්

      Delete
  15. නියමම ඉවාන් පවුලූෂා කතාවක්....
    පට්ටෙ හොඳම එක හෙවත් වල්ලා පට්ටෙත් හොඳම එක...

    දෙසරයක්ම එක හුස්මට කියෙව්වා මචෝ...

    ReplyDelete
    Replies
    1. තැනකුයි මාතේ - දෙසැරයක් එක හුස්මට හප්පේ .. ඒකනෙවෙයි අර ගල මම වික්ක බව කාටවත් කියන්න එපා , විශේෂයෙන් අර පත්තරයට

      Delete
    2. හෝටලෙත් විකුණපංකෝ....

      Delete
    3. එකත් අර මහත්තයටම විකුනන්න කියමු

      Delete
    4. ඉවානය ගල් සබ්ජෙට් එකට බැහැල වාගෙ :D

      Delete
    5. චැහැ...ගල් කිව්වාම මැණික් විතරමද මතක් වෙන්නෙ ඇයි ගල් අරක්කු

      Delete
  16. පරණ ඒවා වගේම ලස්සනයි. ඔය වගේම නැති ඒත් ටිකක් විතර ඔය වගේ මම දන්න ඇත්ත කතාත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තැනකුයි ඉකොනෝ............
      ඇත්තටම මෙහෙම කතා තියෙන්නත් පුළුවන්. අපි ප්‍රබන්ධ ලෝකේ කියලා හිතං හිටියට ප්‍රබන්ධ වලට වඩා පුදුම හිතෙන දේවල් වෙනවා හැබෑ ලෝකේ

      Delete
  17. එක හුස්මට කියෙව්වා. නියමයි. කඩුල්ල ටෙලි නාට්‍යයේ කුරුතේලිස් මුදලාලිව මතක් වුනා

    ReplyDelete
    Replies
    1. තැනකුයි D.G.M.B. කඩුල්ල ටෙලියේත් මේ වගේ සීන්කෝන් එකක් තියෙනවා නේද?
      ඇයි මතක් නැද්ද කඩවර ටෙලිය - නිහාල් ප්‍රනාන්දුයි , නිලන්ති විජේසින්හයි හිටපු මතක් විදිහට බර්ට්‍රම් නිහාල්ගේ

      Delete
  18. උඹේ කරකවා අතහැරීම ඉතිං ආයි ලොවෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. හැක තැනකුයි වේවා ,වලත්තයෝ :D

      Delete
    2. නෙදකිං ඒක කියපු කැත!

      Delete
  19. සත්‍ය වැඩසටහනක් මිත්‍යා ගුහාවක් ඒ මිත්‍යාව තුළ ඇළුණු කාන්තාවක් අැගේ ඉරණම තිරණය කළ අපූරු සිදුවීමක්. මේ සියල්ල ඇතුළත්ව ගොඩනංවපු අපූරු කෙටි කතාවක්.
    ආ අර එඩිම්බරෝ කන්නේ රාජකීය එකක්නේ නේහ්. මේ වස්තු බීජය හොයල දුන්නු උසම උස බස්සිටත් මගේ ප්‍රමාණය.. ආ නෑ නෑ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා , බුකියෙන් මිදිලා නිදහසේ ඉන්න නලින් අයියව දකින්නත් ප්‍රිය දසුනක්.
      එඩින්බරෝ කන්නෙම රාජකීය ඒවා තමා ඉතිං... හැක... ඔය උස බස්සිට පිස්සු නලියෝ

      Delete
  20. ඉවාන් අතිවිශිෂ්ටයි මචං. උඹ ලියන ශෛලිය මට මතක් කරන්නෙ ඇමරිකානු විශිෂ්ට කෙටිකතා ශිල්පියෙක් වන ඕ. හෙන්රි හෙවත් විලියම් සිඩ්නි පෝටර්. ඔහුගෙත් කතා වල තියෙන්නෙ 'ට්‍රික් එන්ඩින්/ට්විස්ට් එන්ඩින්' තියරිය. අන්තිමට පාඨකයා නොහිතන මානයකින් කතන්දරේ අවසන් කිරීම. ඔය හංගං ඉන්න දක්ෂතා එළියට දාපං මචං. (එළියට දාං ඉන්න ඒවා ඇතුළට දාගං ඈ)

    ReplyDelete
    Replies
    1. ඔය හෙන්රි කියන එකා මාලදිවයිනේ නෙමෙයි කියල ශුවර් ද?

      Delete
    2. තැන්කු වේවා ඩිලෝ... උඹ දීපු සහතිකේ බර වැඩිද මන්දා , කොහොම වුනත් අගය කිරීම ගැන සතුටුයි . එළියේ දාගෙන ඉන්න ඒවා චෑන්ස් එකක් හම්බ වෙච්ච් ගමන් ඇතුලට ඔබනවා කොහොම හරි ඕ......යේස් :P

      ප්‍රසා අයියේ ඔය කියන්නේ අර කිරිසුදු හෙන්රිද?

      Delete
  21. නියමයි ඉවානයො කියල වැඩක් නෑ.
    එහෙනං දිසානායකය මුදලාලියට ගේම දීල මදිවට ගෝලයත් ඇරන් පැන්න.
    මටනං ශුවර් එකටම හිතෙන්නෙ ඊ්ට පස්සෙ දිසා කාරයත් අර ප්‍රෝග්‍රෑම් එකට කතා කරන්න ඇති.

    ReplyDelete
    Replies
    1. තැනකුයි ප්‍රසා අයියේ ... මිනිහා ඊට පස්සේ දිගටම ඒ ප්‍රෝග්‍රෑම් එකනම් බලන්න ඇති තමා . වැඩිපුර විශ්වාස කරන එවුන් වැඩිපුර හානි කරනවා කියනවනේ

      Delete
  22. හීන බල බල හිටපු ගෑනි අතෑරලා දිසානායක හොඳ අත්තක් ඇල්ලුවා එහෙනම්..... එල කතාව.

    ReplyDelete
    Replies
    1. තැනකුයි වේවා බණ්ඩයියේ ..වෙල්කම් කිව්වා මේ පැත්තට

      Delete
  23. මේක නියමයි ඉවාන්.

    ඇත්තටම දෙබස් වලින්ම වටපිටාවේ තියෙන තත්වය කියන්න උඹට තියෙන්නේ මාරම හැකියාවක්. ඒ වගේම කතාවේ කොතනින් කොහොම කඩල ගන්න ඕනෙද කියන එකත් හොඳටම දන්නවා. සමහර දෙබස් ගලේ කෙටුවා වගේ මතක හිටින්නේ ඒකද මන්ද.

    නියමයි කියන්නේ මාරම මාරයි.

    ලියන්නේ නැතුව ඉන්නෙක නම් හරි අපරාධයක්. නැත්තම් අපි වගේ කනයෝ ලියන එව්වා දැකල මිනිස්සු හිතන්න බැරි නැහැ අපිත් ලියන්න දන්නා උන් කියල. පුළුවන් වෙලාවට ලියමු අප්පා... ( ඔය පිලුම් වල රඟපානවා වගේ බැරි වැඩ නොකර.. හැක් )

    ReplyDelete
    Replies
    1. උපේ මචං - උඹල වගේ දස්ස ලියන්නෝ මෙහෙම කියද්දී ලජ්ජත් හිතෙනවා බොල. තැන්කු වේවා මචෝ.

      පිලුමේ ප්‍රධාන නිළිය හැටියට උඹව ගන්නවා කිව්වම මම ඒ රඟපාන එක ගැන නැවත සමාලෝචනය කරන්න ඉන්නේ . ඇයි යකෝ ජෝන් සීනාගේ අක්කා එක්ක චිත්තරපටි රඟපෑව හැකියයි :P

      Delete
    2. හෑහ්... මේ මොන නව නින්ගිරාවක්ද? මම වගේ දක්ස ලියන්නෝ කිව්වේ මැල්ලුම් ලියන්නෝ වෙන්ටෑ... වෙන නම් ලියවිල්ලක් මම දන්නේ නැහැ නොවැ.. ලිව්වොත් එකක් අල වෙනවා..

      ආ බයවෙන්ට කාරණාවක් නැහැ නොවැ ඔය ප්‍රධාන නළුවා වෙන එක. ප්‍රධාන නළුවට , ප්‍රධාන නිළිය හම්බෙන්නේ එකම එක තැනකදී විතරයි. එතනදිත් ප්‍රධාන නළුවට වෙඩි කන්න වෙනවා වැඩි වෙලාවක් නොගිහින්.
      ආයෙත් අහල, මම ආවොත් දන්නවනේ වෙන දේ? ඒ හින්ද දෙය්යනේ කියල ඔය පිචෑර් එක අපිට ඕනේ හැටියකට කරගන්න දීල, දෙය්යනේ කියල පැත්තකට වෙලා මේ වගේ කතාවක් ලියනවද ඩබල්කැබ් මහත්තය?

      Delete
    3. අල කොහෙද බං ,උඹ ලියන්නේ ඔය හිටපු ගමන් හොල්මන්ද පොල්කොළ වෙලා යන්න .

      පැත්තකට වෙලා ඉන්න , එතකොට අර පිලුමේ ඩිරෙක්ටරියට මොකද වෙන්නේ , මන් හිටියොත් ඔය පිලුම් එක බොක්ස් ඔෆිස් ,සිලින්ඩර් ඔෆිස් ඔක්කොම රැකෝඩ් කඩනවා අම්මප ඔව්. උඹ පැත්තකට වෙලා හිටින්

      Delete
    4. අඃ ඒ කනා ෂොට්... එව්වා එතරම් ගණන් ගන්න එපා ඉවාන්. හෙක්.. හෙක්... මේ වගේ ඉලක්කයක් නැහැ. එපා වාහෙට හොදි වගේ

      Delete
  24. අර කුණුහරප යැයි සම්මත වචනය නොදා හිටියානම් හොඳයි. සෙමින් ආරම්භවී වේගවත්ව අවසන්වීම හොඳයි. ඒකාංගික ටෙලි නාට්‍යයක් දක්වා වර්ධනය කළහැකි වස්තුබීජයක්.

    ReplyDelete
    Replies
    1. ඒ වචනය නිකං ඔහේ හිතිච්ච් නිසා එබුව එකක්, ඒගැන සමාව භජනය කරමි මාමේ . තැන්කු වේවා

      Delete
  25. වහාම හීන දිගන්තය අහන්න ඕනෙ. මටත් හැම තිස්සෙම හීනෙන් මොණරෙක් පේනව.
    සතියකට සැරයක්වත් මේ වගේ ලස්සන කතාවක් ලියපං .

    ReplyDelete
    Replies
    1. හීනෙන් මොනරෙක් පේනවා කියන්නේ දරුවා ඔබගේ අතවශ්‍ය සහ වටිනා අවයවයකට අපලයි කියන එක , එහෙව් අවයව ප්‍රවේසම් කරගනු

      Delete
  26. හැබෑට මාර ගහ යට කතා කර කර හිටියට පස්සෙද තාප්ප පේන්නේ නැතුව ගියේ? :P

    ReplyDelete
    Replies
    1. ඔව් මෙයා ,එතන කතා කර කර ඉඳලා ඔයා මගේ ඇස්කන්නාඩි දෙක අරගෙන ගිහිල්ලනේ, ඉතිං කොහේ පේන්නද තාප්ප. අනේ ඕක ගෙනත් දෙන්න පොඩ්ඩි . :P

      Delete
    2. උඹ කීවෙ හදවත ඇරං ගියයි ඒක එයා ලඟෙයි කියලා. ඒ පාර තව කණ්නාඩි දෙකත් ඉනේ ගහං ගිහිල්ලද.. හත්තිලව්වයි පිප්පොකැට් කාරියෙක්ද කොහෙද එහෙනං. :D

      Delete
    3. ලංකාවේ සියලු තාප්ප තහනම් කරණූ !! !! !! !!!

      Delete
  27. සිහින කුමාරෙයක් බලං ගියාම
    බොහොම අගෙයි ඉවාන්

    ReplyDelete
  28. මළා...
    පව් අප්ප තිලක හීන දිගන්තෙත් අහන එක නවත්තලා.. දිගටම ඇහුව නං දිසා ඉන්න තැනකුත් ඉත්තේරුවෙන්ම අහගන්න තිබ්බ...
    අපූරු කතාව ඉවාන් අය්යෙ...
    දිග විස්තර වලට වෙලාව ැතෝ පස්සෙ එන්නෝ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මොකෝ උඹ පෙන්න නැත්තේ, කමක් නෑ මෙහෙම හරි ඇවිත් කියෙව්වා එක ට තැනකුයි වේවා

      Delete
  29. රූප පේලියක් මවාගෙන කතාව කියෙව්වා.. නියමයි...

    මාත් අහම්බෙන් දවක් ඔය හීන දිගන්තේ අහලා තියෙනවා.. සමහර අය කියන ඒවා ඇහුවහම නම් හිනහත් යනවා...

    ReplyDelete
    Replies
    1. එක මම නම් ඇහුවේ මේ බස්සි මේ ගැන කිව්වම තමයි. තැනකුයි වේවා තුශානි,

      ඔයා ඉතිං ඒවා අහගෙන ගිහිං ඔපිසියේදී හීනෙන් හිනාවෙනවා නෙ :P

      Delete
  30. අම්මෝ ..... සිහින දිගන්තේ ගියපු දුර ....... ඔය වගේ සිද්ධි අනන්ත අප්‍රමාණව වෙනවා ...... ඉවාන්...... මේවා හිතළු නොවේ ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම හිතළු වගේ පෙනේඋනට , මෙහෙම දේවල් වෙන්න ඕන තරං ඉඩ තියෙනවා , ස්තුතියි නිහිංසා

      Delete
    2. ප්‍රබන්ධයට වඩා සත්‍ය රසවත් කියන්නෙ ඒකනෙවැ නිහිංස මිස්.. මේව ඉවන්ගෙ අත්දැකීම්.ඕ යේස්

      Delete
  31. සල්ලි කියන්නෙ මහ පුදුම දෙයක්.. දිසානායක තෘප්තියකින් ජීවත් නොවුන කෙනෙක් විදිහට පොඩි පොඩි ඉඟි ලැබුන නිසා අති විශාල මුදලක් හමුවේ ෆෝමැට් වීම විය හැකි දෙයක් කියලයි ගස්ලබ්බට හිතෙන්නෙ.මනෝරූප මැවීම ඉස්තරම්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සල්ලි දෙයියන්ගේ මල්ලි. ඔයිට වඩා සාධු චරිතමෙතරම් විශාල නොවූ මුදල් ප්‍රමාන හමුවේ ෆෝමැට් වීම ගැන උඹටත් අත්දැකීම් ඇති, විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ නම් වාසි දායක තත්ත්ව හමුවේ මිනිස්සුන්ගේ මේ ෆෝමැට් වීම කොතරම්ද කියලා හොඳට වැටහෙනවා

      Delete
  32. පස්ටම කතාව ඉවානයෝ. මම මේ ඉට්ටැයිල් එකට හරි මනාපයි.

    ReplyDelete
    Replies
    1. අහසෙන් එන්නා තැන්කිව් වේවා , අපි ඉතිං‍ ඉට්ටයිල් කොල්ලොනේ හැක හැක

      Delete
  33. අවසානය අසාර්ථකයි

    ReplyDelete
  34. කාලෙකින් උඹේ කතාවක් කියවන්න හම්බුනේ.. ඒ හන්දමද මන්දා ආයේ ලෙසටම ලියලා තියෙන්නේ.. උඹ අවසන් කරපු විදිය ගැන මම මේ තාම හිතන්නේ.. එල..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් වේවා දිනේෂ්, හැබැයි මම තාම හිතන්නේ උඹේ කතාව ගැන, ඒක නම් මාරයි

      Delete
  35. කතාව එළය...
    ටික කලකට පට්ට බිසී වීමට සිදු වී ඇති බැවින් කමෙන්ටු සීමා සහිතය...

    ReplyDelete
    Replies
    1. උඹලා පට්ට බිසී වී ඇති බව පෙනේය. කල්ලානයා පැත්තේ එන්නේ නැතිය . මොකද කියලා හොයා බලන්න වටීය. හිටුය මම වහාම දුරබනු ඇමතුමක් දී වී ඇති සංගදිය සොයා බලමිය ... තැන්කිවුය.. ජයවේවාය .

      Delete
    2. අරූ බිසී නැහැ බං... ඌ බොරුවට බිසී වගේ පෙන්නන්නේ... ඕ යේස්...
      මමත් බිසී කියලා හිතාගෙන ඉඳලා පස්සේ හිතුනා එක්කෝ ඕනේ නැහැ කියලා...

      Delete
  36. කාලෙකින් ආවේ බං.... බ්ලොග් කියවෙනවා අඩුයි මේ දවස් වල... සෑහෙන ඇරියර්ස් තියනවා.... උඹේ පරණ ස්ටැයිල් එක එහෙම්මම තියනවා.... අලුති කතාව වලට වස්තු බීජ හොයා ගැනීම අතින් නම් උඹ පට්ට... හැමදාම ට්විස්ට්ස් දෙන එකත් ලේසි නැහැනේ.... හැබැයි ලිවීම සම්බන්ධයෙන් නම් පොඩි පොඩි හදිස්සි ගති, කම්ප්ලීට් නැති ගති වගේ ඒවා තාම තියනවා...

    ReplyDelete
    Replies
    1. අම්මේ තිසරුන් දැක්ක කල්,( හැක මම කිව්වේ මේ තිසර ගැන :D), ලිවීම සම්බන්ධයෙන් තියෙන ඔය කියන කේස් තමා වැඩේ තිසර , හැලපයියත් ඔය ගැන කියලා තිබ්බා. වෙන වෙන වැඩ අතරේ එහෙං මෙහෙන් ලියන නිසා වෙන්නත් ඇති, කොහොම වුනත් තිසර කාලෙකින් මේ පැත්තේ ආව එක ගැන සතුටුයි . තුති වේවා ..ජයවේවා

      Delete
  37. උඹේ කතාව එක හුස්මට කියවන්න ඇහැකි බං. මට මතක් උනේ ජී බී සේනානායක. පොරගෙ කතාවල අයින් කරන්න පුළුවන් එක වචනයක් වත් නෑ. ඒ වගේ මේකත්.

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔච්චර උඩින් තියන්නැ එපා බෝල දොන්ත පදං අත්ත කඩන් මම බිම වැටුනා වෙයි,
      කොහොම වුනත් තන්කුවෙවා උඹට ... ගජබින්නයා

      Delete
  38. උඹේ කතාවේ චරිත අස්සේ ඉන්නේ අපි දන්න අඳුනනම උන්.. එක නිසා බොක්කටම වදිනවා..

    හීන තෝරපු සාමි කෙප්ප සුමනේ වගේ එකෙක්.. මහින්ද මහත්තයට ජයයි කියාපු නැකත ජයවුනේ මයිත්තිරි මහත්තයට.. තිලකට උනෙත් මහින්ද මහත්තයට වෙච්චි දේ වගේ එකක්.. අනේ අම්මේ අපේ අප්පොච්චි.. වැරදුනා.. තාත්තා.. කියල කියවෙන්නේ ඔහොම වෙලාවට ඉබේම වගේ.. :)

    විශේෂ ස්තුතිය උස බස්සිට ඉවාන් ව ෆෝම් කරලා කතන්දර ලියවනවට.. :)

    ReplyDelete
    Replies
    1. කල්ලාන මොකෝ නැත්තේ කියලා මං මේ බැලුවේ. උඹටත් අධික වැඩද? ඉස්කොතුයි වැඩ අස්සේ පැමිණීම සහ කියවීම ගැන .

      බස්සිට ස්තුති කරන්න එපල්ලා බං , මම යි කිව්වේ ඔය ප්ලොට් එක මට එවපන් කියලා . ඕ.. යේස් :P

      Delete
  39. උඹේ කතාවක් කියෝල ඉවර වෙද්දි මට ඊයං බරුවක් ගිල්ල වගේ දැනෙනවා බන්. නියමයි උඹට ජය

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා ලහිරු, ස්තුත්යි කියෙව්වට , උඹලා එහෙම කියනකොට සතුටක් දැනෙනවා ...මචං

      Delete
  40. වෙන කියන්න දෙයක් නෑ පට්ටම පට්ටයි............. කතාව ලියලා තියෙන ස්ටයිල් එක හින්දා නියමෙටම තියෙනවා............... එල.

    ReplyDelete
  41. නියමයි . කෙටි නාට්‍යයක් වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දී, කාලෙකින් මේ පැත්තේ ,

      Delete
  42. ඔය තියෙන්නේ වාසනාව පෑදිලා....

    ReplyDelete
  43. ඉක්මණටම කියවල අදහස් දාන්න හිතාගෙන හදිස්සියෙන් ඇවිත් ගියා විතරයි.
    ජය වේවා!!!

    ReplyDelete
  44. පරක්කු වෙලා හරි මේක මගෑරෙන්නැතිව කියවන්න ලැබුනු එක ලොකු දෙයක්.මැණික හම්බෙලා දිසා මාරුවුන ගමන්ම මට අවසානෙ තේරුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනොෂ් . උඹ යකෙක්නේ බොල

      Delete
  45. "සල්ලි"වලින් කරන්න බැරි කොයි තරම් දේ තිබුනත් සමහර මිනිස්සු සල්ලිත් එක්කම ජිවිත වෙනස් කර ගන්න හැටි ගැන පුදුම වෙන්න දෙයක් නැති නමුත් පුදුම නොවිත් බැහැනේ.සමාජ,පවුල් සම්බන්ධකම් පවා මුදල් ඉස්සරා අත්හරින්නේ මහා ආත්මර්ථකාමී මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ එක ලක්ෂණයක් තමා ආත්මාර්ථකාමී කම ,දැන් වෙනකොට එක මූලික ලක්ෂණය වෙලා , එක තමයි ඇත්ත

      Delete
  46. ත්‍රී විල් එකක් හයර් කරන් එන්න උනා කියහන්කො ඉතින් කමෙන්ට් බොක්ස් එක හොයා ගන්න.....
    කතාව ඉවර කරන්නේ එහෙම් පිටින්ම උස්සලා පොලොවෙ ගහලා නෙව....
    කතාව නම් උපරිමයි....

    ReplyDelete
  47. රසයි......ඒත් කතාව අන්තිමේදි කාත් එක්කද මං හිටියේ කියලත් අමතක උනා...එකපාරටම කතාව වෙනස් කරපු හැටි නියමයි...

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]