Thursday, October 1, 2015

මචං....................





එකට පංතියේ අකුරු කෙරුවා
එකට ඕ එල් ඇණ වුනා
එකම බීඩිය එකට බීලා
එකම වලකට සෙට් වුනා

උඹට වැඩිවෙලා අපේ ගෙදරයි
මම වැටුනේ උඹලගේ පැලේ
එකම කමිසය එකම කලිසම
කෙල්ලෝ දෙන්නෙක්  එක්ක යයි

මගේ නම ඇති උඹේ අකුරුයි
මගෙ අකුරු වල උඹේ නමයි
ලියු පෙම්පත් වලින් ගිනි මැල
හදන්නට හිටියෙත් උඹයි

ගල් ද පොල් සහ හැලි කරිඤඤo
ණයට බිව්වට ඇනතියං
කොත්තු කාලා බඩෙන් බාගෙට
දුමක් ඇද්දේත් හවුලේ බං

සමරේ අයියගේ බයික් කටුවට
තෙල් ගැහුවේ පිං කැට බිඳන්
මියුසිකල් ෂෝ වලට ගියේ අපි
හවුලේ එක හෙල්මට් එකෙන්

කොහොම හිටියත් ජීවිතේ බර 
ටිකක් වැඩියෙන් දැනුනයින්
උඹ රටගියා මම වීල් පැද්දා
එගොඩ වෙන්නට මේ දුකෙන්

උඹ ආ වේලේ මට සතුටු හිතුනා
සිහිවෙලා පෙර මිතු දම
මිතු සිනහ නෑ වල කතා නෑ
මට පුදුම හිතුනා උඹ ගැන

රටින් ගෙන ආ දිගටි සිකරට්
වැදුනේ නෑ බීඩිය වගේ
විස්කි සැර මට උහුලන්න බෑ
නෑ රසට රා ටික වගේ

විස්කි හරියට ගණන් වෙන්නැති
ඒත් අපි ඈතයි වගේ
බීඩියේ තිබු රසය නැත්තේ
ඈත බව දැනිලා වගේ

ලිං ගැට්ට උඩ රස්ති කළු ගල
තාම තියෙනවා ඒ වගේ
පාර අයිනේ ගාඩ් ගල් උඩ
වාත වූ හැටි මැවී පෙනේ

ඒ ඔක්කොම එහෙම ඉද්දීම
මචං උඹ ඈතයි වගේ



පිදුම පත්තර මල්ලිට 

178 comments:

  1. පලවෙනි ඉඩ මට.. හිටාන් කියෝලා එනකම්

    ReplyDelete
    Replies
    1. කාඩ් පැක් එකේ එකට ඉඳලා
      බෙදිලා ගිය කොළ අත වගේ
      උඹ තුරුම්පුව මම සෙලෙක්කය
      අයි ඇනෙමුද පැක් එකේ..
      පත්තරයා එහෙම නොවුනත් ගොඩක් උන් එහෙමයි මයේ හිතේ.. ලොවෙත් වැදුනා බොක්කටම..
      //උඹ රටගියා මට වීල් පැද්දා// මට 'මම' කරපන්..

      Delete
    2. හරිනං මට ඕක කියන්නෙ අපේ ගෙදර එව්වො … යාලුවො නෙමෙයි :D හැක හැක

      Delete
    3. @ කල්ලා - ඔන්න උඹ පෙන්නපු වරද උදේම හැදුවා , තැනකුයි උඹට
      පත්තරේ එහෙම නැතෙයි කියන්නේ මොකෝ .. ඌ එහෙම තමා මහා අසමජ්ජාතියා

      @ පාද්රේ - උඹට ගෙදර ය එහෙමත් කියනවද .....??? අපි හිතුවේ ..........???? එක්කෝ ප්‍රා ගෙන්ම අහලා බලමු

      Delete
    4. //හරිනං මට ඕක කියන්නෙ අපේ ගෙදර එව්වො//

      "ඕක" කියල නවත්තන්නෙ නෑ නෙ. ඕක මෙහෙමයි අරෙහමයි කියනවනෙ.
      කමක්නෑ.. ඉතාලි පඬිවරයෙක් කියල තියනව "කන්න දෙන අතින් පාරක් කෑවාම හෙන ගානවද" කියල.
      අති විශිෂ්ඨ කෑමක්නෙ කන්නෙ ශොපින් යනකොට එහෙම.
      ඉතින් කමක් නෑ

      Delete
    5. ඒ පඬියම නේද කිව්වේ "මැස්සෙක් නැත්තනම් ඒක හෝටලයක් නෙවෙයි කියලා" ......
      තව....

      Delete
    6. ප්‍රා මතක නැද්ද ? අර කලන්තේ දාපු සීන් එක එහෙම

      සිංදු ඌ තව කීයක්නම් කියල තියෙනවද බං

      Delete
    7. ප්‍රා මතක නැද්ද ? අර කලන්තේ දාපු සීන් එක එහෙම

      සිංදු ඌ තව කීයක්නම් කියල තියෙනවද බං

      Delete
  2. මේක සිරා ඕයි! පිස්සු කොර උනි. හිටු ආයෙම කියෝල එන්නම්.

    ReplyDelete
    Replies
    1. මට ඉහිලුං නැතුව ගියා බොල..පට්ට කියන්නෙ හොඳම එක !!!

      Delete
    2. අඩෝ බට කොස්සි උඹ තාම කියවනවද ?

      Delete
  3. හම්මපා ඉවානයෝ මේව බොරු කියලා කියන්න පුලුවන් කාටද මං අහන්නෙ.

    ReplyDelete
    Replies
    1. //ඒ ඔක්කොම එහෙම ඉද්දීම
      මචං උඹ ඈතයි වගේ//

      මේ හැඟීම ඔලුවට ආවම ආයෙ කියන්න දෙයක් නෑ. ඈත ඉන්න එකට කාපු බීපු එකෙක් එක්ක කොහොමද බං ඉන්නෙ. ඒත් මේ විදිහට එකට ඉඳපු එකෙක් අතෑරලා දාන්නත් බෑ. දැන් මොකද කරන්නෙ?

      Delete
    2. උඔ දන්නවද කසුනා..එක දවසක් රතුපාට දඩි කාර් එකක් ඇවිත් නැවැත්තුවා අපේ ගෙදර ඉස්සරහා ඒකෙන් බැහැලා ආවා ඉරිච්ච ඩෙනිමක් ඇදලා රබර් සෙරෙප්පු දෙකක් දාලා පනාවක් දැකලාවත් නැති කොන්ඩේ උරහිස්සට වවපු පොරක්..ඇවිත් ගෑනිටයි මටයි කියනවා “මචං මෙන්ඩා මම පත්තරයා“ කියලා.
      “මට බඩ ගිනි ගනිං යකෝ අක්කා උයපු කිරි කොස් එකයි කරවල බැදපු එකයි..“
      වැරදි නේද කසුනා ඉතාලි ගිය පොරක් අතේ බත් පිගාන තියාගෙන කකුලකුත් නමාගෙන බත් ටික ඔක්කොම කලා පිගාන හෝදලා ටැප් එකට කට තියලා වතුර බොනකොට...

      Delete
    3. උඹට හොදයි ඔය , එක දවසක් මට කන්ඩ තිබ්බ බත් එක මේකා බෙදාගන කෑවා ,
      පස්සේ මං දංකුඩ ටිකවත් කන්ඩ කියල ගියා කෝ , එක කරවල කෑල්ලක් ඉතුරු කරල නැ බං .

      හැබැයි ඉවානය කියන කතාවනං හරි , කවදාවත් රට සිකරැට් එකක් විස්කි ජුන්ඩක් ගෙනත් දීලා නැ

      Delete
    4. ගන්න තියන ආදර්ශය පත්තරයා ගෙදරට එන්න කලින් බත් එක කාලා ඉන්න ඕන කියන එකනේ ...හැක්

      Delete
    5. එහෙනමි පත්තරයා එනකොට ගෙදර ඉස්සරහ දොරේ මෙහෙම බෝඩි එකක් ගහමු.

      අද අපේ ගෙදර කිසිම දෙයක් උයා නැ.අපිව කාල පල
      *****************************************************

      Delete
    6. @ ආකාස කසුන් - මේවා බොරු නීවෙයි ඔය කියන්නේ හැමෝම පහල කමෙන්ට් වල

      Delete
    7. @ මෙන්ඩෝ - පත්ත්රයා එහෙම කලාද බං , පුදුමයි , ඕකා හෙන ආඩම්බර කාරයා ...

      @ අටං - ඇත්ත බං මටත් විස්කි ටිකක් ,සිගරට් එකක් කවදාවත් දීලා නෑ.

      @ සිංදු & මනෝ මා - අන්න උඹලා කතාවේ ආදර්ශය ගත්තා

      Delete
    8. ඈ යකෝ ඕව මේස වලට ඇරලා සුට්ටං දීසි වලට දාලා පොෂ් එකට කනව වාගෙද බං අහුවෙන ලොකුම පිඟානට බෙදාගෙන බැමි කෑල්ලක් උඩිං ඉඳගත්තාම සැප :D චැහ් .. මයෙ ගෙදර මොකෑ වෙන ගෙවල් මොකෑ. එන්ඩ කීවෙ කන්ඩනෙ.ඕං මං කෑවා :D :D හුකෑස්

      Delete
    9. සුට්ටන් දීසි වලට දැම්මම දීසි ටිකත් නැතුව යනවා උඹ කන කෑමට

      Delete
    10. යකෝ පත්තරයා එල පොරක්නෙ බං. මමත් කැමති ඔයවගේ කිසි ආඩම්බරකමක් නැති ඕන තැනක ගිහින් ඉන්න පුලුවන් එවුන්ට.

      මෙහෙම කිවුවා කියල අපේ ගෙදර එනව එහෙම නෙවෙයි තේරුනාද පත්තරයෝ.

      ඉවාන්,
      පරිස්සමෙන් හිටු.

      මෙන්ඩො,
      උඹට හොඳ යාලුවෙක් හම්බෙලා කියලා කියන්න පුලුවන්.

      Delete
    11. කසුනා
      පත්තරි නිවාඩුවකට ගිහින් පත්තරයා බලලා එන දවසේ එයාපොර්ට් එකෙන් බැහැලා පාන්දර 5.30 ට අපේ ගෙදරට ඇවිත් පොඩි මෙන්ඩට සෙල්ලං බඩුවක් ගෙනත් දිලා ගියා පත්තරයාගේ අගය වැඩි වෙන්නෙ ඒ නංගා නිසා..

      ඒ ඩබල දකින්න වටින දෙන්නෙක්
      එල ද බ්‍රා ඒකේ හොදම එක

      Delete
    12. පත්තරි නම් හොඳයි තමා , පත්තරයා මොක්කේද හැක

      Delete
    13. කවදහරි බලාගන්න බැරියැ මෙන්ඩො. අපි කොහොමහරි හම්බේවි නොවැ.

      Delete
  4. සිංදු ඇනෝ ගානේ සිංදුවක්.. පම්පපාං

    ReplyDelete
    Replies
    1. මේ වගේ කේස් එකක් නේද දේශෝ ????

      පලංචියේ ලී ඉරුවේ අපි එකට
      මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
      එක වාඩියේ කල් ඇරියත් හිත හොඳට
      ඇයි මස්සිනේ පෙම් කළෙ අපි එක මලට

      විරසක වී රුපුන් ලෙස යුද වදින්නද
      කුළුඳුල් පෙම මෙයයි ඉන් අත් මිදෙන්නද
      පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද
      හොඳ හිත නුඹෙ තරම් ලොවකින් ලබන්නද

      දොඩමළු කතා නෑ අද වාඩිය හෙවනේ
      නිදි නැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ
      හොර රහසින්ම එක සුවඳක් පැතු පවිනේ
      නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ

      ගී පද - වසන්ත කුමාර කොබවක
      ගී තනු - රෝහණ වීරසිංහ
      ගායනය - සුනිල් එදිරිසිංහ සමග එඩ්වඩ් ජයකොඩි

      Delete
    2. හරියට හරි සිංදුවෝ ඔය දේශාටයි ප්‍රසන්නටයි වෙච්ච සීන් එකක්

      Delete
    3. //හරියට හරි සිංදුවෝ ඔය දේශාටයි ප්‍රසන්නටයි වෙච්ච සීන් එකක්//
      නැතුව නැතුව, මෙන්න බලහංකො සීන් එක වෙච්ච තැන.

      Delete
    4. අන්න බලාපල්ලා සාක්කි ,

      Delete
  5. මෙකනමි නියමටම හිතට වැදුනා මචං

    ReplyDelete
    Replies
    1. වදින්න ඕන බොක්කේ යාලුවෝ ඉන්න එකෙකුට

      Delete
  6. හිතට දුකයි තමයි මචං , ඔවුව ඔහොම තමයි.......

    ReplyDelete
    Replies
    1. ඔව්ව ඔහොම තමා මචෝ , සහතික ඇත්ත

      Delete
  7. පිස්සු හැදෙන සඳ....

    යාලුවො...හිටිගමන් මාලුවෝ....එකට උන් අපි අද කොහෙද,කොතනද..

    ReplyDelete
    Replies
    1. එකෙක් නං ඉන්නවා කළුතර සෑර් කෙනෙක් වෙන්න ඉගනගන්නවා :D

      Delete
    2. යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍
      මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
      යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍
      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍

      පණ දෙන්නට කියා ඇවිත්
      හුස්ම ඩිංග හිර කරතී
      වලකින් ගොඩලන්න කියා
      ගල් ගෙඩියක් දමා යතී

      අවුලට ඇවිදින් ලංවී
      රැවුලට ගිනි තියා යතී
      උණු හින්ඳා බොන්න බැරී
      කිරි හින්ඳා හලනු බැරී

      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍

      ඉස්සරහින් යන්න එපා
      පිටිපස්සෙන් ඇවිත් අනී
      පිටිපස්සෙන් යන්න එපා
      බොරු වළකට දමා පනී

      අත්වැල් බැඳ යන්න එපා
      විපතක් දුටු මතින් පනී
      ඇතුවත් බැරි නැතුවත් බැරි
      දෙයියො දනී කුමක් වැනී

      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍
      මා‍ලු‍ න‍සී‍ උ‍ඩි‍න්‍ වැ‍ටෙ‍න‍ ඇ‍ම‍ ක‍න‍ හි‍න්‍ඳා‍
      යා‍ලු‍ න‍සී‍ මේ‍ මං ව‍ගෙ‍ ල‍ණු‍ ක‍න‍ හි‍න්‍ඳා‍
      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍
      යා‍ලු‍වෝ‍ මා‍ලු‍වෝ‍ යා‍ලු‍වෝ‍

      නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති

      Delete
    3. අප්පට බොල මනොශයා ... උඹ දැන් අතුරුදහන් වූවන්ගේ ලයිස්තුවේ ඉන්නේ

      ඔය සිංදුවා කියන්නේ පත්ත්රයා වගේ යාළුවො ගැන

      Delete
  8. ඉවාන්,පිස්සු බම්ප් වෙනවා බං.සුපිරියි.හරිම නිර්මාණාත්මකයි.මම ලංකාවට ගියාමත්ය් යාළුවො ඔහොම කියාවිද මංදා.

    ReplyDelete
    Replies
    1. කියාවිදත් අහනවා … රාගම ලයින් එකේ ඔයා ගිහිල්ලත් හයමාසයක් විතර යනකං කොල්ලො ඕකමයි කතාවෙන්නේ. හැක හැක :D බොරුනං ඩෝලයගෙං අහල බලන්ඩ …

      Delete
    2. පත්තරේ,
      මොකෝ,උඹ මගෙත් එක්ක නොරොක් වෙලාද බං.

      Delete
    3. ඔබ වෙනස් වෙලා.....
      ඔබ වෙනස් වෙලා....
      සිත දුරස් වෙලා.....
      මට නපුරු වෙලා.....

      ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

      Delete
    4. නොරොක්වෙන්න ආයෙ උඹ මට අහවල්.එකක් කරායැ හැලපයියෙ.. කෝ බං මං හැමදාම එද්දි පරක්කුයි .දැං පෝස්ට් තුනක්ද කොහෙද පහු උනා බං බලහංකො.

      Delete
    5. @ හැලපයියා - මිනිස්සුන්ට එක එක දේවල් දැනෙන විදිහ තමයි නේද හැලපයියේ. සමහර විටක අර යාළුවගේ හිතේ තුන් හිතකවත් එහෙම දුරස් වීමක් ගැන නැතුව ඇති, එත් පුරුදු දේවල් වල මොකක් හරි වෙනසක් දකින්න මිනිස්සු පුරුදුවෙලා .. තැන්කුයි හැලපයියේ

      පත්තරයට දැන් නුහුගුණේ.

      Delete
  9. මෙහෙම යාළුවෙක් මටත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. අනිවා හැමෝටම එකෙක් හරි ඉන්න ඕන තමා

      Delete
  10. ඔහොම එකට එක වලේ ඉඳල ඈත් උනාම දැනෙන දුක දරාගන්න අමාරුයි තමයි.

    ReplyDelete
    Replies
    1. දුක කියන්නේ එක මහා හිස්කමක් ප්‍රසන්න අයියේ ...

      Delete
    2. සහෝදරයො දෙන්නෙක් වගේ ආශ්‍රය කරපු දෙන්නෙක් මේ දවස්වල මාව මගෑරල ඉන්න නිසා මාත් ඔය කියන හිස්කමෙන් තමයි ඉන්නෙ. එකෙක්නං දැන් කාලෙක ඉඳන්.
      අද හවස් වෙනකොට එකෙක්ගෙන් මෙකක්හරි ප්‍රතිචාරයක් ලැබුනෙ නැත්තං වැඩේ තවත් අප්සෙට් යනව.

      Delete
    3. ඉතිං මොකෝ ඇනෝ වුනේ අරුන් දෙන්නා කතා කලාද උඹට

      Delete
    4. ඇනෝ නෙමයි බං ඒක දැම්මෙ.

      ඔවු, එදා හවස අයිය කතා කළා.
      මලය තමයි කතා කරන්නැත්තෙ දැං අවුරුදු එකහමාරක විතර ඉඳල.

      Delete
  11. ඕක කාටත් පොදු දෙයක් බන්. මගෙත් ඔය ජාතියෙ යාළුවො ඕනි තරම් ඉන්නව. ඒත් වෙලාව නැති වෙද්දි වැඩ වැඩි වෙද්දී පරන යාළුවො එක්ක නිතරම ඉන්න අමාරු වෙන්න පුළුවන් හැබැයි දැක්ක තැනක කතා කරලා යන්න නම් පුළුවන් වෙන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඔව් ලහිරු - ඒක ඇත්ත මොකද හැම දෙයක්ම කාලයත් එක්ක සුළු හරි වෙනසකට ලක් වෙනවා , ඒක ඇත්ත . එත් හිතා මතා එහෙම දේවල් කරන්නයි නරක

      Delete
  12. වෙනස් වීම... මොනවා කියන්නද හිතාගන්න බෑ මේකට..

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් නෑ බං .... ඕක තමා ජීවිතේ

      Delete
    2. ලෝකයේ වෙනස් උනේ
      මිනිහදෝ දෙවියාදෝ
      ආදරේ නමින් මා තැවේ තැවේ
      ලෝකයේ වෙනස් උනේ
      මිනිහදෝ දෙවියාදෝ
      මෙවන් මහා පොලෝ තලේ
      මටත් හිමි යමක් ඇතේ
      ඒ වෙනුවෙන් මා ජීවත් වන්නේ
      ලෝකයේ වෙනස් උනේ..
      සිතක් ගොසින් සිතක් වෙලයි
      යමෙක් ඉපි අකුල් හෙලයි
      ආදර ගඟ නැ ඉන් නැවතෙන්නේ
      ලෝකයේ වෙනස් උනේ..

      ගායනය : එච් ආර් ජෝතිපාල

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  13. //පිදුම පත්තර මල්ලිට //

    අනේ වාසනාවං … නොකීවත් ඉතිං අන්තිමට ටොපිය කැරකෙන්නෙ මට නෙවැ :D හුකෑස්
    මේ ඒක නෙවෙයි.. ගෙදර කස්ටිය එහෙම සනීපෙං වෙන්ටැ … හච්චිං ගියෙ නැතෙයි ??? :D :D

    ReplyDelete
    Replies
    1. හැබෑට පත්තරේ ආවහම පරණ යාළුවො (අ'පුරේ ) හම්බවෙන්න යනවද ? කොච්චර උනත් දරු මල්ලො එක්ක ඉද්දි ඒක කරන්න අමාරුයි නේද ?

      Delete
    2. ඇත්තම කියනවනං ඒකටම කියල පුරේ යැවෙන්නෙ නං නෑ බං.හැබැයි ගිය ගමං පුරේ ගෙදරිං කට්ටිය බස්සලා සුරුස් ගාල මං මාරු වෙනවා මගෙ යුතුකං ටික ඉෂ්ට කරල එන්න :D මං හැමදාම පුරේට ණයයි බං...

      Delete
    3. පත්තරේ උඔ මට හිතවත් වුනෙත් මම උඔට මෙච්චර ආදරේත් උඔගේ මේ පුරේ කමට..
      පුරේ එවුන් කොළඔ කුරැදුවත්තේ වගේ හැසිරෙනකාට උඔ ආඩම්බරෙන් “මම පුරේ“ කිව්වා..

      Delete
    4. සයුරේ රළ සේ අහසේ තරු සේ..
      මිතුදම් පවතී ලොව සැමදා..
      සත්සර නැගෙනා නාදය කොතැනා..
      එතනයි සැමදා අපි සැවොමා..
      සත්සරයේ සෙවනැල්ලේ..
      නද දෙන්නේ කොවුලන් සේ..
      ගයනා ජය ගීයයි මේ හඬගා..
      අමරස රොන් දෙන මල් වෙමු අපි මල් සමයේ..
      ගුමු ගුමු නද දෙන බඹරුන් අපිමයි මිතුරේ..
      විඳ විඳ රොන් සුව තනනා තනුවයි ඇසුනේ..
      සත්සර මුසුකර ගයනා ගීයයි ගැයුවේ..
      විහඟුන්ගේ ගී රාවේ හද ඔකඳ කලේ..
      ඒ සිහිනේ සැබෑ වුනේ..
      උන් මුමුණයි හොර රහසේ මේ ගී අසමින්..
      සියොතුන් එක රෑනෙ අපි..

      ගායනය: නෙළු ආධිකාරි සහ කපිල පූගලආරච්චි

      Delete
    5. සින්දු ඇති හුත්තො

      Delete
    6. මේකෙන් ඉවරයි මචෝ ..ඔන්න අහපන්
      හුත්තේ හුත්තා...

      https://www.youtube.com/watch?v=fALjrGoqF1A

      Delete
    7. හුකැස් :D

      ආතල් ලොවෙත් නෑ … හැක හැක

      Delete
    8. හචිං යනවලු අපේ පරම්පරාවටම ... පුදන්නේ නැතුව වුනත් උඹට ටොපිය හම්බවෙන බව මං දන්නවා හුකෑස්...

      Delete
  14. මම මේකට එකග නෑ...
    ඉවානයා උඔ කියන මේ රට ගිහින් ආපු යාලුවා පත්තරයාට සම කරනවා නම් මම උඔ එක්ක ගේම ඉල්ලනවා..
    මේකට කොටනවා නම් පොතක් පිරෙන්න කමෙන්ටුවක් කොටන්න පුලුවන්..අවශ්‍ය නෑ හිතට එකගව උඔ දන්නවා පත්තර මල්ලි කියන්නෙ සරල සුන්දර චරිතයක් කියලා.

    ReplyDelete
    Replies
    1. ඌ ඒකමයි කීවේ.. ඒකමයි. ඕ යේස්
      ඇරු මෙන්ඩෝ ඇරු :D …

      Delete
    2. @ මෙන්ඩෝ - උඹ මොනවද බං පත්තරයා ගැන දන්නේ . උඹලා හිතං හිටියට ඌ අහිංසක සරල සුන්දර මනුස්සයෙක් කියලා ,මම මගේ ජීවිතේට දැකලා නෑ ඒ වගේ අවස්ථාවාදියෙක් . ඇත්තමයි

      Delete
    3. "රත්තරනේ...රත්තරනේ ඔබ පොඩියක් අහක බලන තුරැ ඉදලා..
      හොරැහින් මට ඉගි කරනව ඔබේ ලගම යාලු මිත්‍රයා..
      මොකද අනේ, එහෙම උනේ..
      ලග ඉදගෙන අගේ ඉදන් කන කනවා මිත්‍ර ද්‍රෝහියා.."
      හුකැස්

      Delete
    4. මචං ඔය උඩ ඉන්න උන් තුන් දෙනාගෙන් කී වෙනි එකාටද උඹ ඒ ක කීවෙ.

      Delete
    5. අඩෝ ඉවානයා..
      උඔ වගකිමෙන්ද කියන්නේ..
      එහනම් මම පැත්තක් තට්ටේ ගාලා පුරේ ඉදලා උඔ ඉන්න තැනකට පයින් එනවා..

      Delete
    6. මනෝ මචං. අහන්ඩත් දෙයක්‍යෑ. තුං වෙනියට කීවෙ :D

      මෙන්ඩෝ මුංට නුහුගුණේ :D පෝය පහු උනානෙ..හෙට අනිද්ද දිහාට හරියයි.ආයෙ ලබන පෝය වෙනකං ෂේප්. හැක්

      Delete
    7. මෙන්ඩෝ එහෙනම් උඹට තට්ටේ ගානනම වෙනවා .. පත්තරයා එක්ක මගේ දැන් කිසිම ඇයි හොඳයියක් නෑ.

      Delete
    8. ඉවානයා
      මම සදුට කිව්වා උඔ මෙන්න මෙහම පත්තරයාට කයියක් ලියලා කියලා
      “අනේ...අපේ පත්තරේ අයියා එහම නෑ...“ උඔගේ විසා කැන්සල් අපේ ගෙදර

      පොඩි මෙන්ඩා--
      “ගලක් අරන් ඔලුව පැලෙන්න දෙන්න ඔනේ ඉවාන් මාමට“

      Delete
    9. හුහ් පත්තරේ අයියා / මාමා ගැන දන්නේ නැතුව උඹලා ඔය ,බලාපන්කෝ උඹලට වෙන්දේ ඉකව විශ්වාස කරලා

      Delete
  15. ///උඹ ආ වේලේ මට සතුටු හිතුනා
    සිහිවෙලා පෙර මිතු දම
    මිතු සිනහ නෑ වල කතා නෑ
    මට පුදුම හිතුනා උඹ ගැන////

    පදවැල් ටික පත්තරයාට පිදුවාට, අනේ අපේ පත්තරයා එහෙම නෑ බොස්...පෙට්ටි කඩවලටමයි රිංගන්නේ තාමත්...ඌ වෙනස් වෙලා නෑ..අපි තමයි වෙනස් වෙලා තියෙන්නේ..බොරු නං 8MRaft ගෙන් අහන්න...

    ReplyDelete
    Replies
    1. //පෙට්ටි කඩවලටමයි රිංගන්නේ// හික්ස්
      මම මේක දැක්කේ පෙටිටි කඩලාමයි රිංගන්නේ කියලා ..හැක්

      Delete
    2. තෝරු මෝරු ඩිගිසි ඩිගා කරන කොට තැලෙන්නේ හාල්මැස්සොලු ...............පෙතිය පැතලි උනෙත් එහෙමලු , ඉස්සගේ ඇස් එලියට එන්නෙත් ඔව්වා දැකල කියනවනේ

      Delete
    3. චෙෆ් බොස් ඒ උනාට අටං සෑර් ඒවයිං කන් නෑ..
      එයාට සුද්ද වාගෙ පිරිසිදුවට මැස්සෙක් නැතුව දූවිලි පොදක් නැතුව කඩවල් ඕනැ.. මැස්සෙක් නැති කඩවල් කඩවල්ද බොලව්.. මයෙ බල්ලවත් යන්නෙ නෑ මැස්සො නැත්තං .චැහ්

      Delete
    4. @ චෙෆ් බොස් - ඒ වුනාට ඌ කියන්නේ ඌ බොක්කෙන් ඌට බෙලෙක්කෙන් කියලා. හැබෑටම මමත් දැක්කේ පෙට්ටි කඩලා මයි රිංගන්නේ කියලා

      Delete
    5. පත්තරේ - අටමා ඇවිත් පිරිසිදු කමේ උපතනේ

      Delete
  16. පදවැල ලස්සනයි . ඉවාන් ආයෙමත් ලයන්න පටන් අරන් තියෙන එක ගැන ගොඩක් සතුටුයි. ගිය මාසේ ලියපුවා අද තමයි කියවන්න පටන් ගත්තේ .

    ReplyDelete
    Replies
    1. අප්පේ අපේ තිලකයියව දැක්ක කල්... මොකෝ වුනේ ... පොත් ප්‍රදර්ශනේ පැත්තේ ඇවිත් ගියා කියලා ආරංචියක් ලැබුණු නිසා ඉතින් හිතේ බයක් නැතුව හිටියා

      Delete
  17. ඇත්ත බං. මට මතක් උනේ මිල්ලෙ සොයා...

    ඒකෙ කෂ්ටිය ඉතාලි යනවා. මගදි එකෙක් මැරෙනවා. පස්සෙ ආපහු ලංකාවට ආව මහේන්ද්‍රට හම්බෙනවා කමල්ව. ඌ, අර මැරිච්ච එකාගෙ කෙල්ල බැඳලා. කමල් කියනවා, ඒ කාලෙත් ඒ කෙල්ල එක්ක ඌ කොක්ක ගහගෙන හිටියෙ කියලා...

    ReplyDelete
    Replies
    1. //මට මතක් උනේ මිල්ලෙ සොයා...// මතත් +++++++++++++

      Delete
    2. මිල්ලේ සොයා පට්ට ෆිලුම ... ඇත්තටම ඒ වගේ ෆිල්ම් දැන් හැදෙන්නේ අන්ත්තේ ඇයි? බුධි කීර්තිසේනලත් දැන් නිහඬ මොකෝ

      Delete
    3. උනුත් මිල්ලෙ සොයාගෙන ඉවර ඇති පරම්පරාවකට විතර...

      Delete
    4. budee nihanda ne. eyage film ekak avurudu pahak vithara thisse veda ivara ne

      Delete
    5. සල්ලි පොකුරු මිල්ලේ අහුරු
      සිහින විලේ බඹර රැගුම් පානා
      පුංචි රටක පුංචි අපිට
      සිහින සැබෑ වෙන්න වරම් ඕනා
      සතුටු කඳුළු වැස්ස මතින්
      මුතුකුඩ ඉහලන්න අපිට ඕනා
      හිතේ සවිය ග‍තේ විරිය
      අපිට ඇතිම එකම හිරිය වීලා

      මුහුදු හතේ රළ රැල්ලේ
      පොර බදලා අපි ආවා
      නාග විමන් මකර කටින්
      රිංගාලා අපි ආවා

      රස්සාවට නගින උදේ
      මචෝ කියලයි පිලිගන්නේ
      කම්හල නැග බහින තුරා
      අපේ දාඩිය තමයි සුවඳ දෙන්නේ
      තියන විටදි අත දිග හැර
      මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ
      කඩිසර කම තිබෙන තුරා
      අපේ දවස කළ එළි වී එන්නේ

      හද කොහෙදෝ ගිහිල්ලා දෝ
      හීන් සැරේ මඟ ඇරලා
      අපි දන්නා හඳ මාමේ
      අපි නම් නෑ පැරදීලා

      කටු වටකර තිබුණත්
      අපි අතින් කරින් වස්තු අරන් එන්නේ
      එහෙම ඇවිත් ගමේදි මේ
      සේසත දවසින් වියදම් වෙන්නේ

      ආපු ගමන් ආයෙත් යං
      මිල්ලෙ සොයන් අපි එනවා
      අද යනවා හෙට එනවා
      එහා මෙහා ඔහෙ යනවා //

      අද යනවා හෙට එනවා
      එහා මෙහා ඔහෙ යනවා

      ගායනය, සංගීතය - ජය ශ්‍රී

      Delete
  18. පට්ට පට පට...... නිර්මාණයනම්
    එත් බලාං දැන් මේ හෙට අන්ද්දට මේ වගේ කෙනෙක් එක්ක සෙට් වෙන්න නේ ඉන්නේ. ඉතිං දුර වැඩි වගේ හිතේවිද? හැක හැක.... නැ එහෙම වෙනඑකක් නෑ බොක්කේ යාලුවෝ නිසා....

    ReplyDelete
    Replies
    1. මට මේ ලගදි රට ගිහින් ආපු යාළුවෙක් කතාකලා තාම ටයිමින් අප්සෙට් , සෙනසුරාදට බලන්න යන්න ඉන්නෙ හැබැයි දවල්ට නිදිමරගාතෙ ඉදියිද දන්නෑ.

      Delete
    2. එතනට ආවමනම් දුර වැඩියි කියල හිතෙන එකක් නෑ, ළඟ වැඩියි කියලා හිතෙයි නලියෝ

      කම්මලේ - නිදිමතේ නම් නෑ. දෙකට එන්න කිව්වේ ඒ තමයි එතුමා නැගිටලා උදේට කන වෙලාව

      Delete
    3. අද ගහනවා බල්ලට මචං කියන්න

      Delete
    4. ඒ බල්ලොන්ට මචං කියුවට වැඩක් නෑ බං.. මොනවද අමුතු නම් වගයක් තියෙනවා අන්න ඒවම කියල කතා කරන්නොනේ.. නැත්නම් තඹේකට ගණන් ගන්නේ නෑ..

      Delete
    5. මූ අපිට මචං මචං කිව්වේ අපි බල්ලෝ කියල හිතාගෙනද දන්නේ නෑ

      Delete
    6. කන බොන වෙලාවට ඉවානයාට ලැප් අහුවෙන්න තියන්න එපා

      Delete
  19. මේ නිර්මාණයට ඇත්ත කතාවක සේයාවක් ගෑවිලා තිබෙන බව පෙනෙනවා. ඒ නිමිත්ත හොඳටම ප්‍රමාණවත් නවකතාවක් ලියන්න වුනත්.

    අද පරපුරේ නිසඳැස් නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතා ගෑවිලා තියෙනවා තමා විචා මාමේ . නවකතාවක් ලියන්න ???? හැබැයි බැරි කමකුත් නෑ. ස්තුතියි තුමනිඊඊඊඊඊඊඊඊ

      Delete
  20. එළ...
    වැඩිය ලියන්න වෙලාවක් නැහැ බං, අපි දැන් බිසී ළමෝලා...

    ReplyDelete
    Replies
    1. බිසී මෝලා ..????? ඒ මොකෝ උඹ මෝලා වුනේ

      Delete
    2. හතළිස් ඇඳිරිය කියන්නේ මේකටෙයි...

      Delete
  21. හ්ම්ම්ම්... ජිවිතේ බං ජිවිතේ....

    ReplyDelete
    Replies
    1. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි නේ

      Delete
  22. ගොඩක් අවස්තාවලදී මේක තමයි ඇත්ත ...එත් හැමෝම හැමදා එක විදිහට ඉන්නේ නැ නොවැ .
    හැමෝම පතන්නේ නම් මෙහෙම යාළුවො ..

    සකිසඳ නුඹමය කළණ මිතුරු සඳ
    කෙනෙකුට සිතුසේ ලබනු බැරී
    බිතු සිතුවම් රූ මිතුදම් මෙයමද
    සසර පුරා බිඳ දමනු බැරී

    නුඹෙ රුව දෙනෙතට රසඳුන් වේමය
    දුටු තැන ඇසිපිය හෙලනු බැරී....
    කුසුමකි නුඹෙ සිත සුවඳින් උතුරන
    රහසේ සඟවා තබනු බැරී

    අමයුරු තෙපුලද සුමියුරු ගීයකි
    නොඅසා මොහොතක් හිඳිනු බැරී.....
    නිරුදක කතරේ දිය දෝතයි නුඹ
    කෙලෙසින් වත් මිල කරනු බැරී

    ගී පද - පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි.
    ගී තනු - වික්ටර් රත්නායක
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. අප්පට බොල මේක අහලම නෑනේ බං. තැන්කුයි වේවා

      Delete
  23. මේක කියවලා ඇහට කඳුලක් ආවා බං සුරළොව ගිය බොක්කෝ දෙන්නෙක් මතක් වෙලා....

    ReplyDelete
    Replies
    1. එහෙම උන් අපි කාටත් ඉන්නවා මම හිතන්නේ මාතේ ... මතක සුන්දරයි වගේම දුක්බරයි

      Delete
  24. මේ කවිය නම් නියමයි ඉවාන් අය්යෙ ..මගෙත් ඔහොම රට ගිය යාළුවො එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මුල් කාලේ කිව්වා හරි පාලුයි හැමවෙලේම මතක් වෙනවා කියල හැබැයි මේ වෙද්දී නම් එහෙම කිව්ව අය හොයාගන්නවත් නෑ.

    ReplyDelete
    Replies
    1. හංසි - එහෙම යාළුවො එකෙක් හරි අනිවා අපේ ජීවිත කතාවේ ඉන්නවා , අන්තිමට ඔක්කොම අත්දැකීම විතරයි .
      ඒක නෙවෙයි කෝ අර කතාවේ ඉතුරු ටික ..?

      Delete
  25. නියමයි..... ඔහොම තමා ඉතින් මිනිස්සු වෙනස් වෙනවා........ දැනෙන්න ලියලා තියෙනවා.......... නියමයි..........

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කියන්නේ එකනේ බං.

      Delete
  26. මචං ඉවාන් හයර් ඒකක් තියෙනවා යංද??????

    ReplyDelete
    Replies
    1. හෑ................ හප්පේ බෑ... උඹ මගදී බෙල්ල කපලා වීල් එක අරං පනී ... මට නං බෑ

      Delete
    2. ඔන්න උඹලා අපි ගැන හිතන විදිහ...... උඹට මොනවා හරි කරන්න ඔ්නේ නං ඉතින් බෙල්ල කපන්න දෙයක් නැහැනේ.. පොලෝසියේ මාමා කෙනෙකුට කියලා උඹේ ලැප් ඒක මාට්ටු කරලා දෙනවානේ.....

      Delete
    3. ලැප් එකම නිල් පාටයි
      X අකුර විතරයි වැඩ

      Delete
    4. ලැප නම් ඔන් කරන්න ඕනෙත් නෑ, පියන රිනකොටම බඩු එළියේ

      Delete
  27. බොහෝ කවි නිර්මාණ වගේ මේක මට දෙපාරක් කියවන්න සිද්ද වුනේ නෑ ඉවාන්. එක පාරයි කියෙව්වේ. මටත් මේ වගේ අත්දැකීම් තියෙන නිසාදෝ මේක කොල බොක්කටම වැදුනා.

    සමහරවිට මගෙ අවුලක් වෙන්න ඇති බං. උං හරි ඇති.

    මාත් එක්ක එක පන්තියෙ හිටපු එකෙක් මට මේ ලඟදි FB එකේදි මුන ගැහුනා. ඌ මං වගෙ දෙකයි පනහෙ ගුරෙක් නෙවෙයි. ඔය ශ්‍රී ලංකන් එකේ හිටං වැඩ කරපු විධායක නිළධාරියෙක්. මම ඌට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යැව්වාම ඌ ඒක ඇක්සෙප්ට් කලා තමයි. පස්සෙ මම මේ උඹ නේද කියලා වචන ගණනාවක් ගහලා යැව්වාම උගෙන් උත්තරයක් නෑ. මම ඒ බව ඇහුවාම උගෙ උත්තරේ වුනේ "Yes, your assumption is correct."

    උගෙ පෝස්ට් වල තියෙන්නේ ධර්ම දේශනායි, පන්සල් වල තිබිච්ච පිංකමුයි වගේ දේවල්.

    ඌට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යැවීම ගැන මම දැන් ඇත්තෙන්ම කණගා‍ටුවෙනවා. උගෙ උත්තරේට මට හිතුනේ පුකට පයිං ගහ ගන්න.. මට මේ ඌව අන්ෆ්‍රෙන්ඩ් කරන්න බැරුව ඉන්නේ. ඌ මට කරපු වරදකට නෙවෙයි. උගෙ අර attitude plus cold shoulder එකට.

    තව තොපිට තේරිලා තියෙනවද මේ එකට සිගරට් එක ගහගෙන පිස්සු කෙල කෙල ඉඳලා රට ගිය උන් අපිට බය බව? ඒ වෙන මුකුත් නෙවෙයි. උන් බයයි අපි උන්ගෙන් sponsor letters ඉල්ලයි කියලා. :D

    ReplyDelete
    Replies
    1. WTF! Mine is the longest fucking comment. Seems like I was a bit carried away. :)

      Delete
    2. හැක හරියට හරි ඩුඩයියා ඒ මිස්සුන්ගේ මානසිකත්වය. උන් බයයි අපි උන්ගෙන් උදව්වක් ඉල්ලයි කියලා .මොකද උන්ට පිව පෙන්නේ මේ පිරමිඩ් එකේ පල්ලෙහාම අඩියේ ඉන්න එවුන් හැටියටනේ , එකයි හේතුව . රට ගිය එවුන් ස්පොන්සර් ලේටර්ස් දෙන්න වෙයි කියලා බය වෙනවා වගේ තමයි.

      your one is the most beautiful too dude

      Delete
    3. Dude +++++++++++++++++
      ලෝකේ සමහරක් මිනිස්සු ඉන්නේ "මුන්ව ළංකරගත්තොත් උදව්වක් ඉල්ලයි, ඇණයක් වෙයි" කියන මානසිකත්වයෙන්..:)

      Delete
    4. ඩුඩ් අයියන්ඩි පත්තරයා සම්බන්දයෙන් නොවුනත් සමහර රට ගිය යාලුවෝ ගැන මේ කමෙන්ටුව එල ද බ්‍රා

      Delete
  28. වැඩි හරියක් උන් ඔහොම තමයි ඉවාන්. ඔය ඩූඩ් කියනවා වගේ උන් බයයි අපි උන්ගෙන් ඉල්ලයි කියලා. ඒ දෙන්න වෙනවට ඔහොම මග අරිනවා. මං නම් කෙලින්ම ඔහොම වැඩක් කරපු ගමන් ඌට දැනෙන්නම හලලා දානවා. අන්තිමට කොයි වෙලේ හරි ඌටම අපිව ඕනෙ වෙලා අපෙ දෙපතුලටම එන්න වෙනවා.
    මගෙ ජීවිතේටම එකම එකයි නියම යාළුවෙක් කියන්න මුණ ගැහුනෙ. ඌ තාමත් එදා වගේමයි. යාළුවෙක් නෙවෙයි සහෝදරයෙක් වගේ. එහෙම උන් නැති කරගන්න ලෝබයි බං.

    ReplyDelete
    Replies
    1. මම එත් බැලුවා මේ හොටා කොහෙද කියලා ? :P

      අයි යකෝ මේ අපි වගේ හොඳ යාළුවො ඉන්නේ උඹට, බලපන් මම , අනික් උන් උඹට ඔච්චර නම් හදද්දී මමනේ උඹව එයින් ගලවගන්න ඉන්න ප්‍රාණ සම මිත්‍රයා ..හා නැද්ද?

      Delete
    2. නෙද්දකින් කැමා , ඇයි යකෝ අපි මොක්කුද ?

      Delete
    3. නෙද්දකින් කැමා , ඇයි යකෝ අපි මොක්කුද ?

      Delete
    4. තනියෙන් පාර්ටි කන උන් මොනුන්ද බං... චැඃ...

      Delete
    5. උඹලා හොඳ යාළුවො තමයි බං. ඒක මට එදාම තේරුන හින්දා තමයි මෙහෙම ඉන්නෙ...

      Delete
    6. මං හිතන් හිටියෙ යාලුවො ඉන්නෙ බයිට් කන්න කියල

      Delete
    7. හැක නැත්තං බයිට් ඉතුරුයි නේ ප්‍රා

      Delete
  29. මම මොකක්ද බන් කියන්නේ...

    ඒ තරමට බොක්කටම වදින්න ලියලා නේ,,

    ReplyDelete
    Replies
    1. ඔය මොනවා හරි කියහන් බං. ආයේ මොකෝ .... රාවණ මල්ලි

      Delete
  30. කවුද පත්තරේ කියන්නේ?

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නේ නියම යාළුවො :P

      Delete
    2. තාප්ප
      බෆර්
      ඇපල් බුලත් විට
      ඩැයිවර් මල්ලි

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. කවුද විදානේ කියන්නේ..............????

      Delete
    5. මෙන්න තුෂාරයා හැව ඇරලා ..

      කවුද තුෂාර කියන්නේ ????

      Delete
  31. අර බොක්කෙටම වදිනවා කියන්නේ. අන්න ඒ සයිස් එකට වදිනවා මේක

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි CE මහත්තයා

      Delete
  32. Replies
    1. හලෝ මචං... කොහොමෙයි ඉතිං කාලෙකින් ?

      Delete
  33. ඕව ඔහොම තමයි මචන්, ඌට මූ දුරයි මූට ඌ දුරයි

    ReplyDelete
    Replies
    1. අපි අපිටම දුරයි ඒ කියන්නේ

      Delete
  34. ලස්සන කවි ටික ඉවාන්.

    කියලා තියෙන්නේ පත්තරේ ගැන නේද? :P

    ReplyDelete
    Replies
    1. පිදුම=උපහාර
      ඒත් මේ ඌ නෙමෙයි පොඩ්ඩි

      Delete
    2. @ පොඩ්ඩි - නැතුව නැතුව ඌනේ මගේ පරම්පරාගත හතුරා

      Delete
  35. //පිදුම පත්තර මල්ලිට // ඇඬුණා මචං.. :P

    බොලා වගේ නොහොබිනාකම් නොකලට මොකද :P එක බඩවැල කඩන් ආවා වගේ උන්නු උන් හරි ගියාම "කවුද බං උඹ?" කියලා බැල්මෙන් අහන අවස්ථාවල් හැමෝටම තියෙනවා.මිනිස්සු කියන්නේ 'වෙනසකටම' උපන් ජාතියක් කියලා දැන් නම් ඕවා දිහා උපේක්ෂාවෙන් බලනවා බං.ඇත්තම කියනවා නම් සමහරුන්ට ඒ දුරස්කම පියවන්න තේරෙන්නෙත් නැහැ මම හිතන්නේ.එක්තරා කාලෙක පිස්සු කෙළපු බොක්ක හොඳ උන් පස්සේ කාලෙක මල් දුන්නෙන් වැඩි ඔළුව ටිකක් වැඩියෙන් වර්ධනය වෙච්චි කුමාරයෝ කුමාරිකාවෝ වුණාම මනුස්සකම, හිතවත්කම, ලෙංගතු හිතමිත්‍රකම දැක්කම "ඈයියා අනේ ජරාව" කියවෙනවා..ඒ හැටි..උඹ දුක් ගන්ට කාරි නෑ..

    ReplyDelete
    Replies
    1. //"බොලා වගේ නොහොබිනාකම් නොකලට මොකද"// කවද්ද යකෝ අපි නොහොබිනාකම් කලේ .. දුප් යන්න . දුකක් නෑ මචං. ඔහොම තමා ජීවිතේ , හැමෝම මවලා පෙන්නගෙන ඉන්නේ . එක තේරුම් නොගන්නැ එකා තමයි දුකේ වැටෙන්නේ . සිස්ටම් එකම බොරුවක් වෙනකොට සිස්ටම් එක ඇතුලේ ඉන්න එකා ඉබේම බොරුකාරයා වෙනවා මචෝ

      Delete
  36. ඒ ඔක්කොම එහෙම ඉද්දීම
    මචං උඹ ඈතයි වගේ///

    මටත් තියෙනව මෙහෙම කතාවක් කියන්න මගෙ යාළුවෙක්ට.. ආයෙ මොනවත් කියන්න ඕන නෑ.. මේක උසස්ලා අට නව.. ඒත් උෟ තේරුං ගනීද දන්නැ. මොකද සමහර අය සල්ලි උඩ දගලන්න ගත්තම සියළු රස භාවයෝ ප්‍රහීන වෙනව නෙ..
    අත් විදග අත්දැකල තියෙන දෙයක් නිසා බොක්කටම දැනුන ඉවාන් අය්ය...
    ජයවෛ්වා

    ReplyDelete
    Replies
    1. කොහොමත් යාළුවො ඉන්න ඕන එකෙකුට මෙහෙම අත්දැකීමක් තියෙනවා මහේෂ් . ආයේ එකේ දෙකක් නෑ.

      Delete
  37. මේ පෝස්ට් එක පත්තරේ ගෑන කියන කියලා හිතෙනවා.
    මොකද මේ දවස් වල මට මේකවත් වෙන යමක්වත් කියවන්න වෙලාවක් නෑ.
    ඒත් පත්තරේ උතුමා කෝල් කරලාම කිව්වා අක්කේ මේක බලපන් කියලා ඊයෙ උදේ පාන්දරමද කොහෙද.

    පත්තරේ ගෑන ලොකු කියවීමක් මට තියෙනවා. ඒක මේ වගේ පොස්ට් එකක කියන්න අදහසක් නෑ. පොලවේ පය ගහලා ඉන්න ඕන දේකට ඕනෙම ලෙවල් එකකදි සෙට් වෙන්න පුළුවන් මැචුවර් කොල්ලෙක් කියලා අමුතුවෙන් ඌ ගැන කියන්න ඕනේ නෑ.

    thanks machan for tolerating me and assisting me in my needs. u are really admired.
    Luv U pattare.

    ReplyDelete
    Replies
    1. ඩබල් පුෂ්-අප් එල ද බ්‍රා

      Delete
    2. රංගි අක්කේ - පත්තරේ ගැන කිව්වට මේකේ පිදුම පත්තරේට දැම්මේ මොනවත් නිසා නෙවෙයි මේක ලියන්න අදහස් දුන්න එකා පත්තරේ නිසා , උඋට වෙච්ච් සිද්ධියක් ගැන බොහොම හැගීම් බර කතාවක් කිව්වම මට හිතුනා මෙහෙම ලියන්න ඒ නිසයි කවිය ලියවුනේ ඇත්තටම .

      Delete
    3. අන්න එහම වරෙන් මට අඩ්ඩක් ගහන්න තියාගෙන හිටපු බයිට් පිරිසියත් උඔට දෙනවා..

      Delete
  38. ගැඹුරු අදහසක් සරලව ලියවුනු පද පෙලක් වගෙයි මට දැනුනේ.

    ReplyDelete
    Replies
    1. එහෙම කියලා මාරු වෙන්නද හදන්නේ ,?

      Delete
  39. මුදල් සොයන්න යෑම තුළ මිත්‍ර දම අහිමි වීම මොන තරම් දුක්බරද ? එදා අද අතර පරතරය ඔබ දෙපළ ගැන අපූරුවට ගලපල. සමාජයේ බහුලව දකින්න තියෙන යථාර්ථයක් මේක.

    ReplyDelete
    Replies
    1. සමාජයේ යාලුවෙක් ඉන්න ඕනෑම කෙනෙකුට මේ අත්දැකීමට එක සැරයක් හරි මුහුණ දෙන්න වෙලා ඇති , එක ඇත්ත දිනිති , ස්තුතියි

      Delete
    2. සමාජයේ යාලුවෙක් ඉන්න ඕනෑම කෙනෙකුට මේ අත්දැකීමට එක සැරයක් හරි මුහුණ දෙන්න වෙලා ඇති , එක ඇත්ත දිනිති , ස්තුතියි

      Delete
  40. කාලයක් ගියාම අපිව දුරස් කරන පරණ යාළුවො වගේම කාලයක් යද්දි අපි දුරස් කරල දාන පරණ යාළුවොත් ඉන්නව නේද?

    ReplyDelete
    Replies
    1. අනිවා , එකනේ මේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම කියන්නේ

      Delete
    2. අනිවා , එකනේ මේ ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම කියන්නේ

      Delete
  41. පහලට ආවම උඹේ අගනා කවි පෝස්ට් එක අමතක වුනා මේ සින්දුවා එහෙම කොරන මගුල් හිංදා. වෙනස කොච්චර හොඳද බං? යාළුවා වුණත් වෙනස් වුනු එක ගැන සතුටුවෙයං. අඩන්නැතිව...හැක් හැක්.

    ReplyDelete
    Replies
    1. යාළුවා වුනත් වෙනස් වෙච්ච් එක ගැන සතුටු වෙන්න් පුළුවන් තරමට අපි ශක්තිමත් වෙන්න් ඕන , නැත්තම් දුක අපටමයි , තැනකුයි වලත්ත මධුවා

      Delete
  42. යාළුවෝ වෙනස් වෙනවා ඉවාන්අයියේ........

    ReplyDelete
  43. එළකිරි කවි පන්තිය.

    කාටත් ඉන්නවා වගේ කවී ටික කියනකොට මටත් මේ වගේ යාළුවෙක් ගැන මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. මතක් වෙන්නම ඕන , නැත්තම් යාළුවො ඉඳලා නෑ. ස්තුතියි මනෝජ්

      Delete
  44. පලංචියේ.... ලී ඉරුවේ අපි එකට, වගේ නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. හප්පේ එහෙම එකක් නෙවෙයි තරු අක්කේ

      Delete
  45. මිස් වෙච්ච ලස්සන කවි පෙළක් ඉවාන්
    http://sinhala.lankanewsweb.net/featured/cyber-wall/item/1147-2015-10-14-20-02-42

    ReplyDelete
  46. සුප්පා එකේ කොර නිර්මාණයක් යකෝ......

    ReplyDelete
  47. ඩොලරයක් එකසිය හතලිස් අටයි
    උඹ රට ගිහිනුත් අවුරුදු අටයි
    ඒ අටේ මට රුපියල් අට අටමමයි
    කොතන හෝ අවුලක් එමටමය

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]