Monday, October 12, 2015

කොහේ හෝ




අන්තර් ජාලයේ ගීත අතර පිහිනමින් සිටින අතරදී අහම්බෙන් මෙන් සවන් වැකුණු අපූරු ගීත දෙකක් ගැන සටහනක් තබන්නට සිත්විය . මේ ගීත දෙක අපූරු ගීත දෙකක් යැයි සඳහන් කරන්නට සිතුනේ ගීත දෙක අතර ඇති අපූර්ව සමානතාවය නිසයි . 

ගීත දෙක ලියවෙන්නේ රවී සිරිවර්ධන සහ ශාමිලා හුසේන් යන ගීත රචකයා සහ රචිකාවිය අතින් , අපූර්වත්වය වන්නේ කාන්තා දෘෂ්ටිකෝණයෙන් ගැයෙන ගීතය රවී සිරිවර්ධන අතින් සහ පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ලියවෙන් ගීතය ශාමිලා හුසේන් අතින් ලියවීමයි .

ගීත දෙකෙහි සත්සර මුසු කරන්නේ රෝහණ වීරසිංහයන් සහ දර්ශන වික්‍රමතුංගයන් ..

ගීතයට ජීවය කවන්නේ දීපිකා ප්‍රියදර්ශනී පීරිස්  සහ කරුණාරත්න දිවුල්ගනේ යන ප්‍රවීණන් යුවලයි .



*****

කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත්..                   
මගේ විජිතේ අහිමි වී මට මං..                                      
ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා..
මැවූ සුන්දර සිහින මතකය මිසක්..

කොහේ හෝ නුඹ නතර වී 
කාට හෝ ජීවිතය දී 
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුනට කම් නැතී
නුඹ මගේ නොවුනට කම් නැති...

ජීවිතයේ එක අවධියක පෙම්වතුන් ලෙස ඊලඟ ආත්මය දක්වා සැරිසරන්නට සපථ කරගත්තද ,දෛවයේ කුමන හෝ අපසාරික බලයක් හේතුවෙන් දෙපසට වූ පසු , යම් දිනයකදී ඔබට මාත් මට ඔබත් නොලැබුණු නිසාවෙන් ,මතක අතරේ සැරිසරමින් හිඳිමු 

කොහේ හෝ හිඳිමින් කාට හෝ බිරිඳක සැමියෙකු වී හිඳිද්දී අතීත මතක පමණක් හද පාරවමින් මතකයට නැගෙයි , මේ වෙන් වීමෙන් ඔබටත් මටත් ලැබුණු සතුටක් නම් නැත. ඒත් මට හිමි නොවුනත් ඔබ සතුටෙන් ඇතැයි සිතා මා සැනසෙන්නම් .



සිහින රැකගෙන දිවාවේ ආදරෙන්..
ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්..
අපට අප නැති හෙට දිනක දුක අරන්..
හඬා කුමටද නොදරුවන් සේ ඉතින්..

උන්නු දා අපි අපේ වී නුඹ 
දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැති ...

එකට උන්නු දා එකිනෙකා කෙරෙහි වුනු නැවුම් අරුම සෙනෙහස අද මතක අතර පමණකි. දැන් ඉතිං කුමකට කම්පා වෙම්ද? , මටද මා අහිමි වුනු කල මියගිය සෙනහස ගැන කුඩා දරුවන් සේ කුමට වැලපෙමුද




සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්..
සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්..
සුභ අසුභපිරි සිහින විද තුන් සිතින්..
සදා හමුවෙමු මගතොටේ මදහසින්...

නුඹ ලඟත් මතකය ඇතී
නමුදු අප වෙන්වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇතී.....

දැන් අපිට උරුම අපි ගැනම සුසුම්ලෑම පමණද ? ජීවිතේ සුභ අසුභ සිහින අතරදි අහම්බෙන් හෝ මගතොට හමු වූ විටක මදහසක් පමණක් පා වෙන්වී යමු , මන්ද මතකයන් බොහෝ හිත තුල දරාගෙන අපි වෙන්වී ගියත් ගෙවන දිවියට මේ රිදවුම් ගෙන යන්නෙ කෙසේද අපිට අපි හිමි නොවුනත් අපිට හිමිවූ ජීවිත ඇති නිසාවෙන්


කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත්..                   
මගේ විජිතේ අහිමි වී මට මං..                                      
ලැබූ දිනුමක් ඇත්ද ඔබ මා..
මැවූ සුන්දර සිහින මතකය මිසක්..

සිහින රැකගෙන දිවාවේ ආදරෙන්..

ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්..
අපට අප නැති හෙට දිනක දුක අරන්..
හඬා කුමටද නොදරුවන් සේ ඉතින්..

කොහේ හෝ...//


සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්..

සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්..
සුභ අසුභපිරි සිහින විද තුන් සිතින්..
සදා හමුවෙමු මගතොටේ මදහසින්...

කොහේ හෝ...//


ගී පද - රවී සිරිවර්ධන 

සංගීතය - රෝහණ වීරසිංහ  
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී





කොහේ හෝ නුඹ නතර වී 
කාට හෝ ජීවිතය දී 
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුනට කම් නැතී
නුඹ මගේ නොවුනට කම් නැති...

උන්නු දා අපි අපේ වී නුඹ 

දුන්නු සෙනෙහස අරුමැති
ලෝභ නෑ හිත අහිමි දා අද
මමත් දැන් මට හිමි නැති ...

නුඹ ලඟත් මතකය ඇතී
නමුදු අප වෙන්වී ඇතී
එපා රිදවුම් ගන්න දිවියට
අපිට හිමි ජීවිත ඇතී.....

කොහේ හෝ නුඹ .....

ගී පද - ශාමිලා හුසේන්
සංගීතය - දර්ශන වික්‍රමතුංග
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ



වෙන්වුණු පෙම්වතුන් මේ ආකාරයෙන් දෙපලට වී සුසුම්ලත්දී ,ලූෂන් බුලත්සිංහලයන් ගේ කියමනක් මට මතකයට නැගෙනවා 
"සැබෑ පෙම්වතුන් කිසිදා එක නොවෙති , එක්වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවෙති " 




ප.ලි. - මේ සටහන ලිවීමේදී ගීතරචකයන් සහ සංගීතඥයන් ගේ නම් සොයා දෙමින් උපකාර කල අපේ කාලයේ ගීත විශ්වකෝෂය වන සිංදු ඇනෝ ට මාගේ ප්‍රණාමය 


134 comments:

  1. ඉවාන් මරු මේ දෙකම සුපිරි අහන්න අහන්න ආසයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියා , මටත් අහම්බෙන් අහුවුනේ මේ ගීත දෙක

      Delete
  2. මං අහලම නෑ මෙව්වා හිටං.. රවිගේ රේඩියෝ වැඩසටහන් දෙකක් විතර නං ඇහුවා..

    ReplyDelete
    Replies
    1. ඉඳන් හිටියනං ඇහෙන්න තිබ්බා දේශා... කෝ අර හැක් කෑල්ල ?

      Delete
    2. ආහ්.. ඒත කලු කමියා ඉස්සුවා.. හැක්

      Delete
    3. කමියට දෙනවනම් අඩුගානේ කතෘ භාගේ වත් ඉල්ලා ගනින් , නිකම්ම දීලා දන්නේ නැතුව

      Delete
    4. හැක් හැක්.. එහෙම තමයි අපේ ලඟින් ගියොත් ඇ'හැක්' නෑ..

      Delete
  3. අද දිගට හරහට පෝස්ට් වැටෙනවනේ බං

    ReplyDelete
    Replies
    1. ඒකනේ එ්කනේ.. කොහේද හිටපු හාල් කෑල්ලක් අද දිගට හරහට කමෙන්ට් දානවා හිටං.. හැක්

      Delete
    2. උඹ අද හිටං ඉන්නව වැඩියි හිටං.

      Delete
    3. කිව්ව්වත් වගේ අද අටමා කමෙන්ට්ස් දානවනේ හිටං

      Delete
    4. මං ක‍ෙමෙන්ට් දාන නිසාද ‍ෙකෙො‍ෙහෙද ‍ෙපෙොෝස්ට් වැ‍ෙටෙන්‍ෙනෙේ

      Delete
  4. ගීත දෙක කලින් අහලා නම් තිබුනේ නෑ.. කිව්වත් වගේ ඇත්තටම අපූරු ගීත දෙකක්...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තුශානි, එහෙනං අහන්නකෝ බලන්න ගීත දෙක

      Delete
  5. පුදුම පද ගැලපිල්ලක්... කොහෙන් හොයාගන්නවද මන්ද.. ඉස්කෝතුයි ඈ

    ( හා දැන් ලියාපන් කතාවක් ඔය හුස්මටම)

    ReplyDelete
    Replies
    1. ( හා දැන් ලියාපන් කතාවක් ඔය හුස්මටම)
      එල ද බ්‍රා

      Delete
    2. අඩෝ ටින් කබලා හෙවත් නොන්ඩි උපේක්ෂා ... හොයාගත්තේ යූ බටෙන් ......හිටින් කතාවක් ලියන්න .....

      මෙන්ඩ එනවා සාක්කියට

      Delete
    3. 'යූ බටෙන්' = උඹේ බටෙන්

      Delete
    4. කාගේ බඩෙන්..............????

      Delete
    5. නෙද්දකින් කුරුට්ටා

      Delete
    6. කොයි කුරුට්ටාද????

      Delete
  6. ඉස්තූතියි ඉවෝන්...

    ReplyDelete
    Replies
    1. හ්ම්.. එහෙමත් එකක්ද?
      නෝ කමෙන්ට්

      Delete
    2. හෑ, ඩ්‍රැකියො උඹ අද බිව්වද, ඉවාන්ව ඉවෝන් විදිහට පෙනුනෙ? :)

      Delete
    3. ඉවෝන් ???? කවුද බොල ඉවෝන් ....

      ආ මතක් වුනා සයිලන්ට් සහන් ... සයිලන්ට් සහන් කියන්නෙත් ඉවෝන් කියලා


      @ ප්‍රා - හ්ම්ම් එහෙම එකක් තමා

      @ D.G.M.B. - ඩ්‍රැකිය පුස්ලෝඩං කාල

      Delete
    4. සයිලන්ට් සහන්ව මතක් උනා කාලෙකිං... නිවන් සැප ලැබේවා...! ආයෙත් අපි අතරම ඉපදේවා...!!

      Delete
    5. ඩ්‍රැකියා කොටදෙනියාව පැත්තෙ ගිහින් වගේ...

      Delete
    6. සයිලන්ට් සහන් සයිලන්ට් වුනා , එකනේ කේස් එක ඩ්‍රැකීයෝ

      උඹවත් යවන්න ඕන කොටදෙනියාවේ කැමරා හොටා

      Delete
  7. නයිස් සෝංග්ස් දෙකක්.

    ReplyDelete
    Replies
    1. යේස් තෑන්ක්ස් දෙකක් :D

      Delete
    2. උම්මා දෙකක්...................

      Delete
    3. ප්‍රසන්නයෝ ප්‍රවේසමෙන්

      Delete
    4. උඹේ රූපෙනේ මූණවල් දෙකක් තියෙන්නේ..... මචං ඔය ඉන්නේ චේයි විමලුයිද???

      Delete
    5. චේයි, ඒ වගේම සිරා පොරකුයි

      Delete
    6. ඒ ඉවාන් අයියා - ඇත්තටම කවුද ඉවාන් අයියේ අනිත් කෙනා ෆිදෙල්ද

      Delete
    7. ෆිදෙල් - හපොයි ? නෑ බං අහපං අටමගෙන්

      Delete
  8. ගීත දෙකම හදවතට හරියට දැනෙන ගීත දෙකක්. ඉවාන්. අපි කාගෙත් ඇත්දැකීම් මේ විදියට බෙදා ගන්න එක නම් මනසට සුවයක්. ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. වෙල්කම් ටු මයි ඒරියා චාන්දී ,ඇත්තෙන්ම ගීතමය බව දැනෙන ගීත දෙකක් තමා .... ස්තුතියි ඔබට

      Delete
  9. එල ද බ්‍රා
    ඒ ලියපන්කෝ බං කතාවක්

    ReplyDelete
    Replies
    1. එලද බ්‍රා ,හිටුකෝ ලියන්න

      Delete
  10. ..//තුටින් නම් මට ඒ ඇතී
    මගේ නොවුනට කම් නැතී
    නුඹ මගේ නොවුනට කම් නැති//..

    මේ හැම සිංදුවකින්ම අපේ ජීවිතේ යමක් ගැනත් කියවිලා තියෙනවා.
    ..කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත්..සිංදුවේ දේවල් මගේ ජීවිතේදිත් ඒ විදියටම වෙලා තියනවා.මේ සිංදු ඇහනකොට ආයෙත් යන්නේ ඒ අතීතයට.

    ReplyDelete
    Replies
    1. එහෙම නොවුනානම් තමා පුදුමේ , මොකද හැම ගීතයකටම පාදක වෙන්නේ අත්දැකීමක් කියනවනේ , එතකොට මේ අත්දැකීම තියෙන ගොඩ දෙනෙක් ඉන්න ඕන මනෝ, තැන්කිව් වේවා

      Delete
  11. //"සැබෑ පෙම්වතුන් කිසිදා එක නොවෙති , එක්වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවෙති " //

    :O එහෙනං ඉතින් පෙම් කරලා වැඩක් නෑනේ?

    ReplyDelete
    Replies
    1. අපොයි අපොයි, ලව් කරල පැරදෙන එක හොඳයි ලව් නොකර ඉන්න එකට වඩා කියල අහල නැත්ද? විවාහයෙන් කෙළවර වෙච්ච ලව් ස්ටෝරීස් වලට වඩා නොවිච්ච තමයි නියම.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. @ PK,
      //:O එහෙනං ඉතින් පෙම් කරලා වැඩක් නෑනේ?//

      නෑ මං හිතන්නෙ ඔය කියන්නෙ විවාහවෙලා වැඩක් නෑ කියල :-D

      Delete
    4. අඹත් ඩබල් ඩිස්ටිල්ඩ් වෙලාවගේ නේ ඉයන්?
      කම්මලකද හදන්නෙ?

      Delete
    5. අඹත් ඩබල් ඩිස්ටිල්ඩ් වෙලාවගේ නේ ඉයන්?
      කම්මලකද හදන්නෙ?

      ++++++++++++++++++++++++++++

      Delete
    6. අම්මෝ...අපිට තවත් කම්මලක් නම් එපෝ!!!

      Delete
    7. ආතර් අයියට කියල රිමූව් කලා

      Delete
    8. @ පොඩ්ඩි - ඒකනං ඉතිං ලූෂන් අංකල් ගෙන තමා අහන්න ඕන , හැක හැක

      @ ඉයන් - අත්දැකීම් කතා කරයි නේ ...? හැක හැක හැක

      @ ප්‍රා - ඕවා දන්නේ වෙන කවුද ප්‍රා ජේ තරම්

      @ ප්‍රා & මාතේ - අඹ ඩබල් වෙනවා කියලා දැනගත්තේ අදයි

      Delete
    9. එක වල්ලෙ අඹ දෙක දෙක , මේ ලෙඩේ හැමෝටම හැදියං, වසංගතයක් වෙයං . එතකොටවත් කවුරුහරි බේතක් හොයා ගනියි.

      Delete
    10. එක වල්ලෙ අඹ දෙක දෙක , මේ ලෙඩේ හැමෝටම හැදියං, වසංගතයක් වෙයං . එතකොටවත් කවුරුහරි බේතක් හොයා ගනියි.

      Delete
    11. කම්මල, සාදු සාදු...

      Delete
    12. ආ ඩබල් ආදිපාද වැඩලා

      Delete
  12. දෙවෙනි සින්දුව නියමයි. මගේ ආදර කථාවටත් ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. මගේ විතරක් නෙමෙයි තව 80% විතර ගැලපෙන වා ඇති.

      Delete
    2. බූට් කාලා නැත්නම් ලව් කරලත් වැඩක් නෑ...

      මාතලන් නම් බූට් නෙමෙයි ලව් කරලා ගුටි පෝරියලුත් කාලා තියෙනවා..

      Delete
    3. @ ඉයන් - ඒ ආදර කතාව ගැන අපි ලියමු කෙටි කතාවක් , සින්දුවක් නම් ඉතින් ඉයන්ම ලියලා තියෙනවනේ ;),
      තව ගැලපෙන ය ඇති ඒ සින්දුවට ඕන තරං

      @ මාතේ - කිණිසි පිහි එහෙම කතාව තවත් රසවත් කළා නේ

      Delete
  13. මේ වගේද අවසාන ප්‍රේමයයි මාගේ හා පිළිතුරු ගීය...

    ඒකටම ඉන්දික ගුණවර්ධනයා අළුත් අර්ථකතනයක් සපයලා තිබුනා... හුදී ජන පහන් සංවේගය උදෙසා එය මෙහි පල කොරන්නම්

    අවසාන බෝතලේ මාගේ
    නෑ ගෙනෙන්නේ තවත් ආයේ
    සතපහක් නෑ සල්ලි ම'අතේ
    බයිට් එක කාලා උඹත් යන්නට ගියා

    කව්රුත්ම එන්නෙපා
    තව බොන්න ආයේ මා හා
    තනියම හොදයි පාඩුවේ
    මුං එක්ක බොනවට වඩා

    හීනි අඩියක්... හෙමින් ගහලා
    රසට හැපුවයි... වඩේ හදලා
    කව්රුත්ම නෑ.. බාධා කලේ
    මම ම විතරයි.. අද ජොලි කලේ

    ආයේ සෙට්වෙන්න බෑ... කව්රුවත් ඕනෙ නෑ
    තනිවෙලා බොන්න... හිතට පුළුවනි මෙදා

    කව්රුත්ම එන්නෙපා
    තව බොන්න ආයේ මා හා
    තනියම හොදයි පාඩුවේ
    මුං එක්ක බොනවට වඩා

    බීම මත්තේ...බදුත් ගහලා
    ගාණ දැක්කත්... වෙරිත් හිදිලා
    මම බොන්නෙ නෑ... ආයේ උඹ හා
    මගේ ළග නෑ... මමත් හිදිලා

    ආයේ සෙට්වෙන්න බෑ... කව්රුවත් ඕනෙ නෑ
    තනිවෙලා බොන්න... හිතට පුළුවනි මෙදා

    කව්රුත්ම එන්නෙපා
    තව බොන්න ආයේ මා හා
    තනියම හොදයි පාඩුවේ
    මුං එක්ක බොනවට වඩා

    අවසාන බොත්ලේ මාගේ.....

    ReplyDelete
    Replies
    1. ඉන්දිකගෙ "මැදමුලනට සමරු ගී" එකතුව කෝමද? ලොවෙත් පට්ට නේ?

      Delete
    2. ඌ පට්ටෙත් හොඳම එක වල්ලා පට්ට... ඔහෙත් ඒ ඉට්ටැයිල් එකටත් එකක් දෙකක් ලියනවකො...

      Delete
    3. ලින්ක් එක දාපන්

      Delete
    4. ඉන්දික ගුණවර්ධන කිව්වෙ මැරිච්ච ඇමතියද බං?

      Delete
    5. කවුද ඩො ඉන්දික ගුණවර්ධන , එන්න කියාපියු එලියට අපිට අපහාසෙට සිංදු ලියන්නේ /////බයිට් එක කාලා උඹත් යන්නට ගියා//// හුහ් හරියට බලන් හිටියා වගේනේ , එව්වා කොහෙද

      Delete
    6. අවසාන බෝතලේ මාගේ
      නෑ ගහන්නේ තවත් ආයේ
      සතපහක් නෑ සල්ලි ම'අතේ
      බයිට් ටික කාලා උඹත් යන්නට ගියා

      කව්රුත්ම එන්නෙපා
      තව බොන්න ආයේ මා හා
      තනියම හොදයි පාඩුවේ
      මුං එක්ක බොනවට වඩා

      හීනි අඩියක්... හෙමින් ගහලා
      රසට හැපුවේ... වඩේ හදලා
      කව්රුත්ම නෑ.. කරදර කලේ
      මම ම විතරයි.. අද ජොලි කලේ

      ආයේ සෙට්වෙන්න බෑ... කව්රුවත් ඕනෙ නෑ
      තනිවෙලා බොන්න... මටත් පුළුවනි මෙදා

      කව්රුත්ම එන්නෙපා
      හෙට බොන්න ආයේ මා හා
      තනියම හොදයි පාඩුවේ
      මුං එක්ක බොනවට වඩා

      බීම මත්තේ...බදුත් ගහලා
      ගාණ දැක්කත්... වෙරිත් හිදිලා
      මම බොන්නෙ නෑ... ආයේ උඹ හා
      මගේ ළග නෑ... මමත් හිදිලා

      ආයේ සෙට්වෙන්න බෑ... කව්රුවත් ඕනෙ නෑ
      තනිවෙලා බොන්න... මටත් පුළුවනි මෙදා

      කව්රුත්ම එන්නෙපා
      හෙට බොන්න ආයේ මා හා
      තනියම හොදයි පාඩුවේ
      මුං එක්ක බොනවට වඩා

      අවසාන බොත්ලේ මාගේ.....


      මාතා තරහා නෑනේ............ පොඩි අැඩ් කිරීම් ටිකක් කරා.... මචං උඹේ නිර්මාණය පට්ටයි.... සුපිරියි.... අපි මේක කියමුකෝ..... නිකං අහන්න හරි කාටහරි කියලා කියවමුකෝ... අර පංති ගිහින් සින්දු කියන නංගිට හරි... ඒ නංගිගේ බෟෙද්ධ ශිෂ්ටාචාරය සර්ට හරි කියලා වැඩේ ගොඩදාගමුකෝ මචං...

      Delete
    7. මොකෝ කුරුට්ටෝ ඒ සින්දුවම ආපහු දැම්මේ

      Delete
    8. උඹලට ඔල්මාදේ...... කියවලා බලහං..... ඒකේ වචනයක් දෙකක් වෙනස් කරලා ඒක අපේ සින්දුවක් කරගත්තා....... මාතා අහුවුණා මචං

      Delete
    9. උඹට තමා ඔල්මාදේ , කොහෙද බොල ඒක වෙනස් කරලා තියෙන්නේ

      Delete
  14. ///බයිට් එක කාලා උඹත් යන්නට ගියා////

    ReplyDelete
    Replies
    1. ඔය හොයාගත්තේ හරියටම එකක් ,

      ප්‍රාගේ කැමතිම සින්දුවත් මම දන්නවා මේ දවස් වල හැක හැක

      Delete
    2. ඉවාන් මෙහෙමයි මචං... ඔය බොන්නැති උන් ඉන්නවා නේද??? උං කරන්නේම බයිට් කකා ඉදලා සද්ද නැතුව මාරු වෙන ඒකයි... අම්මපා උන්ව නං පේන්නම බැහැ..

      Delete
    3. මටත් පෙන්නන්න බෑ තව බොන්නති එවුන් ඉන්නවට මම ඉන්න වෙලාවට , මගේ බයිට් ඩයට් එකටනේ කෙලවෙන්නේ

      Delete
    4. ඔව් බං උන් බයිට් මරුවෝ

      Delete
    5. කවුද ඩෝ බොන්නෙ නැතුව බයිට් විතරක් කන්නේ...? තූඃ නොදකින්...

      Delete
    6. එකනේ කවුද එහෙම කරන්නේ කියාපන් කැමරා හොටෝ

      Delete
  15. මතකය 1970 දශකයට ගියා. කියවා කමෙන්ට් එකක් ලිව්වා. ආයෙත් එක කපුවා. අතීතය එහෙම්ම තිබුණාවේ. මේ වගේ අතීතාවර්ජන ගැන..........................

    ඔය ඇති.

    ඉතුරු ටික හිතාගන්න.

    ReplyDelete
    Replies
    1. ඉතුරු ටික හිතාගන්න් කිව්වම සෑහෙන දේවල් හිතෙනවා , ඔය කතාව මට කියන්න විචා මාමේ , අම කාටවත් කියන්නේ නෑ. ඕනෙනම් කතාවක් ලියයි , නැත්තං කවියක් ලියයි , ඕනෙම නම් ඒවා " මේ ගැන විචා මාමා කිසිම සම්බන්ධයක් නැත" ඉයලා පොස්ට් කරයි , එච්චරනේ, රහස් රකිනවා උපරිමෙන්

      Delete
    2. මධාවියාගෙ කනේ තිබ්බනම් හරි...

      Delete
    3. //අම කාටවත් කියන්නේ නෑ//ඉයලා පොස්ට් කරයි //
      මොකද ඉවාන් අමුතු වචන ... වික්ටර් ගේ සින්දුව වාගේ ..

      පඳ සහනයි - සඳ පහනයි
      පද මවනයි - මද පවනයි
      වසර සසන තුරු - සසර වසන තුරු
      අම මාදරෙයි - මම ආදරෙයි

      Delete
    4. අඩෝ ඒ සින්දුව මරු සින්දුවෝ මම අසම එකක්

      Delete
  16. හ්ම්ම්ම් හ්ම්ම්ම්....
    අර ලූෂන් බුලත්සිංහලගෙ කතාවනම් සහතික ඇත්ත.

    ReplyDelete
    Replies
    1. :O, උඹට මොකෝ හිටි ගමන් එහෙම හිතුනේ ??

      Delete
  17. සින්දුවෝ....................

    මේ වගේ සින්දු දැක්කොත් කෙලින් ම අපිට ම කියහං..... ඒතකොට මේ කරදරේ නැහැනේ....

    ReplyDelete
    Replies
    1. ෂුවර් එකටම මේ අර කඩප්පුලි තුශාරයා වෙන්න ඇති , අහුවෙයන්කෝ උඹ

      Delete
    2. අනේ මම ලොකු දෙයක් නැ කුරුට්ටෝ ..ගීතයක රචකයා හොයලා විතරයි හිටන් .හිටපන්කෝ මේ වාගේ සින්දු ටිකක් එවන්නම් .හැබැයි පුතෝ එකකට එක ගානේ මේ වාගේ පොස්ට් ඕනෑ .හරිය ..

      Delete
    3. නෑ සින්දුවෝ.................. (මේක රහසින් කියන්නේ) ඉවාන්ට දීපං.... කමක් නැහැ...... අපි ඔය විහිලුවට කියන්නේ.....

      Delete
    4. හැක හොඳ වැඩේ , යවපන් සිංදු වෝ සිංදු හැටක් විතර කුරුට්ටෝන්ට

      Delete
  18. සමුගන්නට අවසරයි
    අවසරයි අවසරයි
    මගේ හිත මට දෙන්නකෝ
    ඔබෙ හිත අරගන්න අවසරයි

    තව ළඳකට මේ හිත පුද දෙන්න - අවසරයි
    අත් හැර ඔබෙ අත් ඇගෙ අත ගන්න අවසරයි - අවසරයි
    ඒ ලොව හිඳ මා හිත රිදවන්න අවසරයි....
    ලස්සන යුග දිවි පෙවෙතක යන්න අවසරයි - අවසරයි අවසරයි

    පෙම් ලොව විසිතුරු ඇය හා විඳිමි - අවසරයි
    රන් සමනල ලෝකයකට යන්න අවසරයි - අවසරයි
    තුන් හිතකින්වත් ඔබ නොපෙනෙන්න අවසරයි - අවසරයි
    මග වැරදුණු දා මා වෙත එන්න අවසරයි....

    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
    යුග ගායනය - නිරංජලා සරෝජිනී

    ReplyDelete
    Replies
    1. අප්පට බොල කොහෙන්ද බං මේවා හොයාගන්නේ එලද බ්‍රා තමා

      Delete
  19. අනේ බොල අයියේ අපි නම් ආදරය ගැන දන්නේ නැතිය. ඒ නිසා වැඩි යමක් නොකියමි.

    ReplyDelete
    Replies
    1. බොල මල්ලියේ , ඒක දැනගන්නට දඟලන්නට එපාය, කලකදී දැනගනන්ට ලැබෙයි ඕනෑවටත් වඩා ,

      Delete
    2. අගහරුවෝ........... ඔය කෑ ගැහුවාට ඉවානයා දන්නා කෙංගෙඩියක් ද නැත.....

      Delete
  20. මීට කලින් නම් අහලා නෑ......... ඇත්තටම පුදුම සමානත්වයක් තමා.......

    ReplyDelete
    Replies
    1. මමත් අහනකන් අහලා තිබ්බේ නෑ බං :D

      Delete
  21. කොහේ හෝ දැන් ගීතය අහේතුක ව මා වේදනාවට පත් කළ ගීයක්.. විරහව කොපමණ කටුකද කියා හගිස්සවන්න මේ ගීත දෙක ම එකිනෙකට නොඉක්මවන සමත්කමක් දක්වනවා

    ReplyDelete
    Replies
    1. අහේතුකව වේදනාවට පත්වන්නේ සංසාර පුරුද්දට වෙන්නත් පුළුවනි , විරහව කොතරම කටුක වුනත් ලෝකයේ විශිෂ්ට නිර්මාණ බොහිඔමයක් බිහිවෙන්නට විරහව වස්තුබීජ වීම පුදුමාකාරයි නේද ? ස්තුතියි වැසි දැරිය . සාදරයෙන් පිලිගන්නවා මේ ඉසව්වට

      Delete
  22. හරි දෙකම ඇහුවා.දැන් ඒකට ඉතිං කතාවක් ලියපං.

    ReplyDelete
    Replies
    1. හුටා ලොකු සර් ඇවිත් ,, යේස් සර් ..මේ ලියනවෝ

      Delete
  23. ///"සැබෑ පෙම්වතුන් කිසිදා එක නොවෙති , එක්වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවෙති " /// ඇත්තද බං...? බයත් හිතෙනවා...
    මං සින්දු ගැන නම් මෙලෝ දෙයක් දන්නෙ නැති නිසා මේ ගැන් නම් කියන්නෙ නෑ. ඒත් උඹෙ සටහන නම් නියමයි...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව අැත්ත බං....................

      Delete
    2. "බඳින්න කලින් පුතා - බලන්න හොඳට හිතා නැත්නම් තොණ්ඩුව බෙල්ලේ"

      http://www.vijithaya.info/01_badinna_kalin_putha-walter_fernando_audio_song_484_10085

      Delete
    3. ඒකත් අැත්ත බං... ඒත් අපි කතා කරේ බදින්නැති ඒක ගැනනේ... ලිවින්ග් ටුගෙදර්........... හැක්

      Delete
  24. අම්මා කෙනෙක්
    බිරිඳක් වෙලා
    ලොව කාට හෝ
    නුඹ උරුමැති
    සතුටින්ද ඔබ
    පෙරටත් වඩා
    මගේ ඉපැරණි
    පෙම්වතී....

    මමද සැමියෙකි
    ඇයට අවනත
    දෙදරුවන් ලඟ
    නිවන සරතැස
    කාලයේ වැළිතලාවේ
    සබඳකම් සැඟවුනාවේ...

    අතරමග
    සුනුවිසුනු පැතුමක
    මතක මිහිරියි
    තාම හිත යට
    පරවුනත් මල් අතීතේ
    සුවඳ හදවත සමීපේ...

    මේ ඒ වගේ ගීතයක් නේද?
    දිවුල්ගනේ මහතාගේ ගායනය පද රචනය රවි සිරිවර්ධන (මම දන්න ලෙසට)

    මම හිතන්නේ මේ වගේ කතාවක් අපි ගොඩක් දෙනෙකුට තියෙනවා. ඒ මතකයන් සතුටු සිතින් මතක් කර අමතක කරනවා හැර අතීතයේ ජීවත් වීම හොඳ දෙයක් නොාවයි. මට හිතෙන විදියට ඔහුට/ ඇයට සුභ පතමින් තමන් දැන් හිමිවෙලා තියෙන කෙනාට ගොඩක් ආදරේ කරන එකයි වටින්නේ කියලයි මම හිතන්නේ. මේ කවිවලත් එවැනි අර්ථයක් ගැබ්වෙලා තියෙනවා..

    මෙවන් ගී විවරණ දිගටම පළ කරන්න ඉවානයියේ..
    ජයවේ ඉවාන්!

    ReplyDelete
    Replies
    1. ඔව් , ජීවිතේ සමහර වෙලාවට සමහර දේවල් අතැරලා අපිට ඉස්සරහට යන්න වෙනවා , කරන්න දෙයක් නෑ.

      some people come in to our life only to teach us how to live alone . කියලත් කියනවනේ

      Delete
  25. කලින් අහලා නැති සින්දු දෙකක්, ලිපිය කියෝලා ඇහුවම මාර ගති.

    ReplyDelete
    Replies
    1. බණ්ඩයියා මේක අහලා නැද්ද ? පුදුමයිනේ බොල . තැන්කු වේවා

      Delete
    2. අහලා නෑ.... ඇහිලා ඇති. මේක කියෝලා ඇහුවම තමයි දැනුනේ.

      Delete
  26. මේ සින්දු දෙකම කලින් අහල නැහැනෙ දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය කියන සිංදුවට තමා ගොඩක් ආස :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසි. ගීත දෙකම එකවගේ හොඳයි. ගීතයක් අහනවා කියලා දැනෙන ගීත දෙකක්

      Delete
  27. //"සැබෑ පෙම්වතුන් කිසිදා එක නොවෙති , එක්වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවෙති " // හ්ම්ම්.. ඇත්ත නේන්නං.. මට කාජල් ව බඳින්න වුනේ නැත්තෙත් ඒකනේ..
    සින්දු දෙකනම් හොඳයි.. ඉක්මනට කතාවත් කියවන්න ලැබෙනවානම් හොඳා....යි.. :)

    ReplyDelete
    Replies
    1. හැබැයි කාජල් හොඳටම ගැලපෙන්නේ නම් උඹට තමා , නිකං තැඹිලි ගෙඩියේ කපුටා වැහුවා වගේ ලස්සනට තියෙයි . හැක්

      කතාවක් නේ....හ්ම්ම් හ්ම්ම්

      Delete
  28. හ්ම්ම්...විරහව කියන්නේ අපි කවුරුත් තදින් බදා වැලඳගෙන ඉන්න හැඟීමක්..කොටින්ම කිව්වොත් සදාකාලික ප්‍රේමන්තයන්/ප්‍රේමවන්තියන් ඉන්නේ අපි ඔය තදකර අල්ලාගෙන ඉන්න විරහව තුළ විතරයි..:( සිංදු දෙක ඇහුවේ බාගෙට..හොඳටම විඳින්න නම් නිස්කලංකෙ අහන්න ඕන..කවියක් ලියන්න හිතුණා උඹේ පෝස්ට් එක දැක්කම..

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ තනියා සීරියස් වෙලා , හැබැයි උඹ කියන කතාව සීයට දහදාහක් ඇත්ත මචං. ලියහන් බලන්න කයිය.
      ආ.... අමතක වුනා... මම උඹත් එක්ක තරහා වෙලා ඉන්නේ ..ඔව්.

      Delete
    2. ඇයි ඇයි ඩෝ අපිට සීරියස් වෙන්න බැරිද? මෙහෙම හිටියට අපි සීරියස් පොරවල් (තරු නේ ඒකයි) :D :D අන්න කයිය ලිව්වා..උඹ තරහ වුණාට කමක් නැහැ ඇවිත් බලහන්..:P

      Delete
  29. සින්දු අහන්න උනේ නැහැ බං...
    කනේ ගහන මෙව්වා එක ගෙනත් නැහැ...
    කමෙන්ට් බලල පොඩි ආතල් එකක් අරගෙන මාරු උනා...

    ReplyDelete
    Replies
    1. වහාම කනේ ගහන මෙව්වා එක අරන් ඇවිත් සින්දු දෙක අහපං. නැත්තං අලුත් වාහනේ යන ගමන් අහපං ;)

      Delete
  30. සින්දු දෙක හරිම ලස්සනයි. කලින් අහල නම් තිබුනෙ නෑ.

    //"සැබෑ පෙම්වතුන් කිසිදා එක නොවෙති , එක්වූ කිසිවෙක් සැබෑ පෙම්වතුන් ලෙස ජීවත් නොවෙති "//
    කිව්වත් වගේ මටත් බය හිතුනා මේක දැකලා නම්

    ReplyDelete
    Replies
    1. ආ නවාතැනේ චණ්ඩි නංගි කොහොමද ජීවිතේ , බය වෙන්න එපා ..ඕවා ඔහොම තමයි .... හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම තමයි

      Delete
  31. සුදු අයියා මේ මං ආසම ගීත දෙකක් නොවෑ.....

    ReplyDelete
    Replies
    1. ආ සුදු නංගී ... එහෙනම් හොඳයි . ආපහු අහපං.. සින්දු දෙකම

      Delete
  32. කලාත්මක අනුනාදයක්...
    ජයවේවා..!!

    ReplyDelete
  33. මං කැමතිම සිංදු දෙකක්. ඒ දෙකම අපේ හිත්වල මඟහැරුණ පෙම ගැන මතක් වෙනව.
    නියමයි ඔබේ ලියවීම.
    ස්තුතියි ඒ ගැන

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතාවක් ඕනෑම කෙනෙකුට ජීවිතයේදී තියෙන්න පුළුවන්, මතක අවදි වීම කියන දේ විටෙක වේදනාකාරී වෙන්නත් පුළුවන් . ස්තුතියි දිනිති

      Delete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]