Tuesday, November 24, 2015

දෘෂ්ඨි රසය ??


ගීතයක් ගැන කතා කරන හැමවිටම වාගේ අපිට අහන්නට ලැබෙන්නේ සාර්ථක ගීතයක් නම් ශබ්ධ රසයෙන් හා අර්ථ රසයෙන් පරිපූර්ණ විය යුතුය කියලයි. ඒ අතීතයේ ගීතය ශ්‍රව්‍යමය සංසිද්ධියක් පමණක් වූ නිසාවෙන්. නමුත් ලංකාව තුල රූපවාහිනිය ප්‍රචලිත වීමත් සමගම ගීතය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සංසිද්ධියක් බවට ක්‍රමයෙන් පත්වෙනවා . ඒ අනුව ගීතයක් ශබ්ධ රසයෙන්, අර්ථ රසයෙන් සහ දෘෂ්ඨි රසයෙන් පරිපූර්ණ විය යුතුද?

ගීතයකට පියවරුන් තිදෙනෙකි (නෛතික අයිතිය පදරචකයාට සහ සංගීතඥයාට හිමි වුවත්)  . නැතිනම් ගීතයක් බිහි වෙන්නේ පදරචකයා , සංගීතඥයා සහ ගායකයා යන තිදෙනාගේ සාමුහික ප්‍රයත්නයක් ලෙසයි. නමුත් රූපවාහිනියේ විකාශනයත් සමග ගීත අසා රසවිඳීම වෙනුවට ගීත අසා බලා රසවිඳීමට රසිකයින් හුරුවිය.

ඒ අනුව රූපවාහිනී තිරය තුල පෙනෙන ගායකයාගේ හෝ ගායිකාවගේ රූපකාය දෙස එක එල්ලේ බලාසිටීමට හුරුවූ රසිකයාට ගීතය තුල අත්දකින ඒකාකාරී බැවින් මුදාගැනීමට යම් යම් නර්තනාංග ඉදිරිපත් කිරීමට වැඩසටහන් නිෂ්පාදකයින් උත්සාගත්හ.

නමුත්අද වනවිට ගීතය තුන්ඈඳුතු ප්‍රයත්නයක් වෙනුවට සිව්ඈඳුතු ප්‍රයත්නයක් බවට පත්වී ඇති තරම්ය. ගීත රචකයා , සංගීතඥයා සහ ගායකයා තරමටම රූපරචකයා ද ගීතයේ සාර්ථක බවට සම සමව හිමිකම් කියන අයුරක් දකින්නට තිබේ.

සමහරවිට ගීතයක සාර්ථක අසාර්ථකභාවය රූප රචනයෙන් තීරණය වන තරමටම රූපරචනය ගීතය අතික්‍රමය කර ඇති සෙයක් දැනෙයි.

" විෂුවල් එකනම් පට්ට ", විෂුවල් තමා සින්දුවෙනම් ගතයුත්තක් නෑ"  යන වදන් නිරතුරවම පසක් කරන්නේ රූපරචනයෙන් ගීතයේ මුඛ්‍යාර්ථ පරාජය කර ඇති බවකි . සමහර අවස්ථාවල රූපරචනය ගීතයට සාධාරණයක් කරන්නෙම නැත. ගීතයේ අරුත වෙනුවට රූප රචකයාගේ හිතේ ඇති වෙනත් මොකක්දෝ බහුබූතයක් තරයේ දෘශ්‍යමාන වෙයි.

මුල් අවධියේ රූපවාහිනියේ විකාශය වුනු සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ නිර්මාණයක් වූ  " යාත්‍රා " ("තාරුණ්‍යයේ ශ්‍රව්‍ය දෘශ්‍ය අරුමය " ) වැඩසටහනත් , "නඳුන් උයන" ත්  ගීතය මූලික කරගත් අගනා රූපරචනා බිහිවූ තිඹිරිගෙයක් විය . මේ වැඩසටහන් වලදී රවීන්ද්‍ර මුණසිංහ නම් වූ රූප රචකයා දැක්වූ දක්ෂතාවය අමතක කල නොහැක.




එකල " ඉවාන් පවුලූශා" ගීතයට අගනා රූප රචනයක් නිර්මාණය වූවා එය අදටත් ඉතාම ජනප්‍රිය නිර්මාණයකි.



යාත්‍රා තුලින් බිහිවූ මීළඟ සාර්ථක නිර්මාණයක් ලෙස මා දකින්නේ "සඳ සාක්කී කියාපුදෙන්"  ගීතයට කල රූප රචනයයි. මේ කාලයේ රූප රචනා වල දකිනට ලැබුණු පොදු ලක්ෂණය වූයේ ඉතාම අඩු මට්ටමක වූ තාක්ෂණික හරඹයන්ය.



නඳුන් උයන තුලින් බිහිවූ " රුක්අත්තන  මල මුදුනේ" ගීතය සඳහා බිහි වූ රූප රචනය මා එදා මෙදාතුර දුටු සරලවූත්  සුන්දරවූත්  රූප රචනා වලින් එකකි


තාක්ෂණයේ අරුණළු රූපවාහිනිය හෝ දෘශ්‍ය මාධ්‍ය මතට නොවැටී තිබුණු කාලයක සීමිතවූ මානව සම්පතින් සහ සීමිත පහසුකම් මැද අසීමිත කැපවීමකින් බිහිකළ රූප රචනයක් වන "සකුරාමල් පිපිලා ගේ දොරකඩ නිල වන පියසේ" ගීතය තවත් සුන්දර නිර්මාණයක් විය . අප කුඩාකාලයේ ආසාවෙන් නරඹන්නට පෙළඹුණු නිර්මාණයක් ලෙස හැඳින්විය හැක .


මෙසේ ජන්ම ලාභය ලැබූ රූප රචනය අද වන විට අනෙක් කළා මාධ්‍යයන් හසුවූ වාණිජමය රැල්ලට හසුවී අවසන්ය . අද නව පරපුරේ ගීතයක් නම් අනිවාර්යයෙන්ම එය රුප රචනයත් සමගින් නිර්මාණය වන්නක් වී තිබේ. කෙසේ වෙතත් තවමත් රුපරචනය ගීතයට සාධාරණයක් කරන්නක් වන අවස්ථාද නැතුවම නොවේ.

රූපරචනය සඳහා දැරීමට වන වියදම සමහර අවස්තාවලදී දැරිය නොහැකි මට්ටමක වීම නිසා , යම් යම් රූප රාමු බද්ධ කිරීම මගින් රූප රචනයක් නිර්මාණය කිරීම අද වනවිට සුලබ වී තිබෙනවා. නමුත් මෙයින් වැඩි ප්‍රතිශතයක් කුමක් හෝ හින්දි චිත්‍රපටයක, ද්‍රවිඩ චිත්‍රපටියක එකිනෙකට නොගැලපෙන රූප රාමු බද්ධ කිරීමෙන් නිර්මාණය කරන රූප රචනා වේ.

මෙවන් නිර්මාණ වලින් බොහෝ විට ගීතයේ හරයට කරන්නාවූ හානිය ඇති මහත්ය.

තාක්ෂණික හැකියාව පමණක් නොව කලාත්මක වූත්, නිර්මාණශීලී වූත් ඇසකින් බලන්නෙකුට වඩාත් විශිෂ්ට නිර්මාණ බිහිකළ හැකි බව මේ නිර්මාණය සාක්ෂි දරයි , මෙහි රූප නිර්මාපකයා වන්නේ ගිබ්සන් පෙරේරායි.



රූප රචනා තුල මේ වනවිට දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ ආදර ගීත සඳහා නිර්මාණය වන්නාවූ බොහෝ රූප රචනා ඒකාකාරී ස්වභාවයක් ඉසිලීමයි. බොහෝ ආදර ගීත වලට රූපරචනය වන්නේ සුන්දර යුවතියක් සහ ඊට නොදෙවැනි කඩවසම් තරුණයෙක්, නේකවිධ කඩ සාප්පු, නවීන පන්නයේ ගෘහයක් සහ වාහන යතුරපැදි වැනි එකම ලැයිස්තුවේ අඩුම කුඩුම එක්කර තැනූ රූප රචනාවන්ය , 

මෙයින් ඔබ්බට යමින් ගීතයේ අර්ථය හා සැසඳෙන සම්මත ඒකාකාරී රටාවෙන් බැහැර වූ සුන්දර වූත්, සරල වූත් රූප රචනයක් මේ ගීතයේදී දක්නට ලැබෙයි. ඩබ්.ඩී. ආරියසිංහයන්ගේ හඬට මේ රූප රචනය නිර්මාණය කරන්නේ උදාරා ෆිල්මස් ආයතනයයි. 



ඉතින් ගීතය සහ රූප රචනය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද?







207 comments:

  1. මගේ සාන්දෘස්ඨිය බංග වෙලා බං..

    ReplyDelete
    Replies
    1. හැකිස්....!කොයි කාලෙයි බං බොට ඕක තිබ්බෙ..

      Delete
    2. ඕක විතරක් නෙමෙයි උඹේ අනික්වත් බංග වෙලා නේද බං. හැක්...

      Delete
    3. දේශා
      නාගලම් විදියේ මුදියන්සේ වෙද මහත්තයා ඔකට බෙහෙත් කරනවා..

      Delete
    4. හුටා ඒ මොකෝ දේශෝ.... ඒක නං හොඳ වැඩක් නෙවේ

      Delete
    5. අපි පොඩි දවස්වල "ඉවාන් පවුලුශා " යද්දී මන් හෙන ආසාවෙන් බැලුවා මතකයි ..

      මං හිතන්නේ මේකත් සාපේක්ෂ දෙයක් ..කෙනෙක් ආස රූප රාමුවකට කෙනෙක් මනාප නෑ ..අපි පජාතියි කියන ඒවා සුපිරියි කියන පිරිසක් ඉන්නවා ...ඒකයි එක වගේම කතා තේමාවල් මාර්කට් වෙන්නේ...

      Delete
    6. අම්මේ රෙහානි දැක්ක කල්, ඉතිං කොහොමද ලස්සන වෙලා ,සුදු වෙලා .:D ,
      කොහෙද බං හැංගිලා හිටියේ ,
      ඔය කතාව ඇත්ත , කොහොම වුනත් අනික් එක එක්කෙනා දකින විදිහ සාපේක්ෂයි . ඒ නිසා තමා හොඳ වගේන නරක කියලා සාපේක්ෂව සම්මත වෙන දේවල් පවා පවතින්නේ

      Delete
  2. මුලින්ම විෂුවල් සහිත ගීත ඉදිරිපත්කලේ ITN එකේ වගේ කියලයි මටනම් මතක.ඒ දවස්වල සෙනසුරාදා රෑ 9.30 විකාශනය වුන වැඩසටහනක එවනි ගීත තිබුනා.කරුනාරත්න දිවුල්ගනේගේ "කලාවැවේ නිල්දියවර අපේ අම්මා" සුනිල් එදිරිසිංහගේ "සකඩපහනක" වැනි ගීත වලට තිබුන විෂුවල් ගිතය හානියක් කලේ නෑ.ගීතයත් එක්ක ගැලපුනා.පස්සේ පස්සේ අවා විෂුවල් වල සිංදුව පැත්තක තියලා අඩ නිරුවත් කෙල්ලන්ගේ ඩාන්ස් මතුකරලා පෙන්වන්න පටන්ගත්තා.සමර විෂුවල්වල සිංදුවට තැනක් දුන්නෙම නෑ.කාලයක් එ රැල්ල තිබුනා.ඉන් පස්සේනම් ඒක ටිකක් වෙනස් වුනා.නමුත් දැන් නම් හැම විෂුවල් එකක්ම ඒකාකාරියි වගේ.

    ReplyDelete
    Replies
    1. වයිපරේ ගමේ ගිය දවසට විෂුවල් එකක් බලලා වැල පොයින්ට් එකක් හොයා ගත්තැහිකි

      Delete
    2. උඹට මතකද ජීප්සීස්ලා වැල ෂෝ එක.ඒ දවස්වල අද වගේ ලැප්.පොන්,නෙට් තිබුන කාලයක් නෙවෙයිනේ බං.අනික් වැඩිපුර තිබුනෙත් පීස් බලන ඩෙක්.ඔය ෂෝ එක පෙන්නලා දවස් දෙක තුනක් යනකොට ඕක අපේ එකෙකුට ලැබුනා.කොල්ලො එදා ඕක බලන්න සෙට් වුනේ සෑහෙන සැලසුම් කරලා.මොකද ගෙදරක කවුරුවත් නැති වෙන්න එපාය.ඒ කාලේ ඔය වගේ එකක් බලන්න මාර කට්ටක්නේ කන්න උනේ.දැන්නම් සිංදුවක් දාගත්තත් තනිකරම වැලක් බලනව වගේ තමයි බං.

      Delete
    3. ගීතයකට විෂුවල් එකක් එන්න පටන් ගත්තේ කොහොමද කියන එකනම් මට හරියටම අමතක නෑ. හබයිගොදක් වෙලාවට විෂුවල් ගැන අදහස් එන්න ගත්තේ "යාත්‍රා" බලන්න ගත්තම තමයි.
      මටත් මතකයි ඔය ජිප්සීස් ලගේ සීන් එක, පට්ට ගේමක් දීලා බැලුවේ .
      //"දැන්නම් සිංදුවක් දාගත්තත් තනිකරම වැලක් බලනව වගේ තමයි බං."// බැලුවද කොත්තමල්ලි සිංදුව?

      Delete
  3. දැන් දකින්න තියෙන විෂුවල් ගොඩක තියෙන්නෙ, සිංදුව කියන්නෙ ගායකයෙක් නම්, හෙන අහිංසක කොල්ලෙකුයි නරක කෙල්ලෙකුයි අතරෙ තියෙන හුටපටයක්. ගායිකාවක් කියනව නං, අහිංසක කෙල්ලෙක් අමාරුවෙ දාන නරක කොල්ලෙක් දකින්න පුළුවං.

    උඹ දාල තියෙන යූටියුබ් මයෙ කොම්පියුටරේ පේන් නෑ. අපේ ඇඩ්මින් පෙරේත හොරෙක්. කොහොම හරි බලල වචනයක් කියන්නං...

    ReplyDelete
    Replies
    1. උඹ ඇඩ්මිංගෙ ලේ බීපං.

      Delete
    2. අනෙ ඩ්‍රැකී මෙහෙත් වේකන්සියක් තියෙයි.( අපේ ඇඩ්මින්)

      Delete
    3. හලෝ සබරෙ මල්ලී කොහොමද ? උඹේ පොඩි අක්ක තාම ඇවිත් නෑ

      Delete
    4. මේ ඩබල් වැටෙන එකට වග කියන්න ඕනි අපේ බොස්. නිතරම නෙට් එකේ හිටියොත් අන්චියක් අදිනවා ඒ නිසයි ෆෝන් එකෙන් ලොග් වෙන්නේ. එතකොට තමයි ඩබොල් වැටෙන්නේ..... ඒකයි මං ඩ්‍රැකීටත් අපේ ඔෆීස් එක පැත්තේ එන්න කිවුවේ...

      Delete
    5. සබරෙ මල්ලී පොඩි අක්කා කම්මලයාගේ ලොකු නංගි

      Delete
    6. අන්න ඒකට අනුත්තරා නඟා.වෙලාවකට කොමන්ටු හතරක්ම එක ලගින් දානවා.

      Delete
    7. මනෝ .. අම්ම්ටහුඩු "අනුත්තරා නඟා" . මේ බලහංලො මෙයා .. හැක හැක

      Delete
    8. සහෝදර ප්‍රේමයනේ බොළ....

      Delete
    9. මගෙයි කම්මලගෙයි සහෝදරීලු සහෝදර ප්‍රේමය මනොගෙලු අනේ හැබෑට

      Delete
    10. බොලා ඔක්කොටම උත්තර දෙන්න ඕනෙ... හිනාව නැවතුන වෙලාවක උත්තර දෙඤ්ඤං. (එතකං බොලා ඔක්කොම උඩුකුරුඤ්ඤං...)

      Delete
    11. ඊට කලින් හිනාවෙලාම බොලා උඩුකුරුඤ්ඤං

      Delete
    12. කේක් නුදුන් ඩ්‍රැකියා උඩුකුරුඤ්ඤං

      Delete
    13. ප්‍රසා,
      ඩ්‍රැක්‍යුලා ඉන්නෙ කලිම්ම උඩුකුරුඤ්ඤං වෙලානෙ බං කොහොමත්...

      නිදහසේ,
      කේක් කියන කෑම හොයාගත්ත එකයි, ඒක ලංකාවට හඳන්වා දුන්න එකයි දෙන්නම උඩුකුරුඤ්ඤං...
      (ඉඳපං. ගෙට්ටුවකදිවත් හම්බුවෙයිනෙ. එතකොට දෙඤ්ඤං ඕකේ එකක්වත්. ඉන්දුලවත් එක්ක වරෙං...)

      Delete
    14. ඩ්‍රැකී

      අනිව එහෙම හම්බුනොත් කේක් අරං දුන්නැත්තන් සත්තයි මතුරනවා උඩුකුරු මංතරේ..
      හුහ්.. ඉන්දුලව..ඒ යකා එපා. ඩ්‍රැකි අයියට මට විතරක් කේක් දීල මදි නම් මං ගම ම එක්කන් එන්නම් ඒකෙ ප්‍රශ්නයක් නෑ..

      Delete
    15. //අපේ ඇඩ්මින් පෙරේත හොරෙක්.//

      ඩ්‍රැකීයා අපේ එකත් ඒ වගේ බං.

      Delete
    16. ඇඩ්මින්ලා ලෝකේ කොහෙත් එකයි වගේ බැලුවම

      ඩ්‍රැකීයා ඔන්න් ඔය හැමෝම කියලා තියෙනව වගේ මතුරපන් උඹේ උඩුකුරුඤ්ඤං..මන්තරේ

      උඹ කිව්වත් වගේ අර සිංදුවල තියෙන ඒකාකාරී ගතියනම් එහෙමමයි බං. විෂුවල් ගොඩක් ඒවා එකින් එකට වෙනස් වෙන්නේ ඉන්න කෙල්ලගේ ලස්සනෙනුයි කොල්ලා අරං එන වාහනෙනුයි විතරද කොහෙද ?

      Delete
  4. Replies
    1. සිකේයියා මේ යකා මේක මෙතැන දාලා නේ. අයිතිකාරයා කියනවා මේවා අපේ යාලුවන් ට හැදුවේ.. තොපි බොරුවට ඩේටා ඉවර කරගන්න එපායැ කියලා. අහවල් එකටයැ.. හැක්

      Delete
    2. //අයිතිකාරයා කියනවා මේවා අපේ යාලුවන් ට හැදුවේ// අනේ මචෝ මට වුව මුණ ගැහෙන්න විදිහක් නැද්ද ? බලපන් යාළුවො වෙනුවන් මෙහෙම කරන එවුනුත් ඉන්නවානේ ....හැක් හැක්

      Delete
    3. මොකෝ බොල සිංදුවෝ අයින් කලේ

      Delete
  5. ඉවාන් මතකද ඒ දවස් වල අර ග්‍රැමෆෝන් මල යට ඉඳගෙන ගයක ගායිකාවෝ සින්දු කිවා ...පස්සේ බෑන්ඩ් එකක් පිටි පස්සේ ප්ලේ කරද්දී මිල්ටන් එහෙම හෙල්ලෙන්නෙවත් නැතිව සින්දු කිවා ,එම එස් නටනටා කිවා ...ඉතින් හැමෝටම ඒවා හොදින් මතක තිබුනා ගයක ගායිකාවගේ මුහුණත් එක්කම ...එත් දැන් ගායකයා අඳුන ගන්නත් බැ නළුවා අදුන ගන්නත් බැ ..අනික සින්දුවේ කියන්නේ එකක් රඟ පාන්නේ තව එකක්..මේකට හොඳම උදා : මේ දවස් වල ඉතාමත් ජන අප්‍රිය මෙන්න මේ විෂුවල් එක ...(අපේ උගත් මිත්‍රයෙක් මේක දැකලා කීවේ මචෝ ඒ බයික් ඇඩ් එකක්ද කියලා ...හැක් )

    https://www.youtube.com/watch?v=RIoOC1U3iE4

    https://www.youtube.com/watch?v=0ZQoX6T8X0k

    ReplyDelete
    Replies
    1. අරූ බයික් එක වැල්ලට දාල රෙන හැටි දැක්කම කීයක් හරි දීල ඌට ටූවීල් ඩ්‍රයිව් බයික් එකක් අරන් දෙන්න හිතෙනව.

      Delete
    2. http://www.divaina.com/2011/01/07/cineart02.html

      Delete
    3. Songs & fights never go together.

      Delete
    4. දුකේ බෑ බං ඒ සිංදු වලට කරලා තියන වියදම් අපරාදේ.

      Delete
    5. සිංදුවෝ.. කව්දෑ බං බයික් ඇඩ් එකක් කීව එකා :D

      Delete
    6. රෝමන් කාරයෙක් බන් ... හැක්

      Delete
    7. ඔය සිංදු දෙක උඹ මෙලක් දාපු වෙලාවේ මට හිනා යන්න ගත්තා ඕයි බඩ යනවා වගේ , පිස්සු පීකුදු .

      ඉස්සර මතකනම් නන්දන වින්දන බලද්දී මෙහෙම ගායකයා දිහා බලාගෙන සින්දු ඇහුව හැටි. පස්සේ ආපු මනෝහාරී වැඩසටහනෙන් ඒ ගතිය පොඩ්ඩක් වෙනස් වෙලා ප්‍රාසාංගික ආකෘතියක් හදුනා

      Delete
  6. මචන් සිංහල සින්දුවලට විෂුවල් දැන් බැලෙන්නෙම නැති තරම්..... එත් youtube එකේ සිංහල සින්දුවලට ඉංග්‍රීසි හින්දි දෙමල සිංදුවල රූපරාමු දාලා ගදලා තියෙන ඒවා දැක්කම පිස්සු හැදෙනවා එතනත් මාරම මාර පට්ට වැඩකාරයෝ ටිකක් ඉන්නවා උදාහරණයකට මේක බලන්න මේක මම හිතන්නේ තායි ෆිල්ම් එකක් කොටස්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. කොහොම උනත් සින්දුව අහන ගමන් එකට ගැලපෙන රුප රචනය තියෙනවනම් එකත් රස විදින්න මමනම් බොහොම මනාපයි..... මේ සන්දදිය දෙවුනා සේ ගීතයේ ඔය විෂුවල් එක මම දැක්කේ පලවෙනි පාරට ඇත්තෙන්ම ලස්සනයි යාලුවා

      මම ගියපාර උබට විහිලුවට වගේ කිව්වම මේ බහුබූත අතහැරලා සින්දු වීඩියෝවක් දෙකක් හදාගෙන ඉඳපන් කිව්වම ඇත්තටම උබ එක කරන්නද යන්නේ ???? ..... මෙන්නමේ එතනත් චා කොරන්නේ නැතුව හාමිනෙට කඩේ ගීහින් පාඩුවේ ඉඳපන්

      Delete
    2. සමහරු ඉන්නවා කොම්පුටර් වැඩ විතරක් දන්න උන් හිතන්නේ මොනවා හරි කෑලි ටිකක් වැඩ දාලා එල්ලුවාම ඔක්කොම හරි කියලා. ඉතිං ඒක බල බල සින්දුව අහන එකාට අබසරණ තමා .ගන්න දෙයක් නෑ. හැබැයි කලාරසය තියෙන එකෙකුට මේ දේවල් කරන්න හිතුනොත් හොඳ නිර්මාණයක් බලා ගන්න පුළුවන්.

      එහෙම පුලුවන්ද බං උඹ වගේ වියතෙක් කියන දේවල් අහන්න නැතුව ඉන්න පුලුවන්ද අපිට . හැක

      Delete
  7. පෝස්ට් එකටනම් මොනවත් කියන්න තරම දැනුමක් නෑ මට.
    මේ පිලිබඳ ඉයන්/මාතලන්/සින්දු ඇනෝ/PM/බස්සි ආදී විශාරදයන්ගේ (විශාල ගණනක් ඉන්නව බ්ලොග්වල) කමෙන්ට් එකකටවත් කමෙන්ට් එකක් දාගන්න පුලුවන් වෙයි මට සමහරවිට.
    ඉවාන් පවුලූශා සින්දුව රසවිඳින්න පුලුවන් වුනාට හිතෙන්නෙ "ඉවාන් පවුලූශා" කියල නමක් තියෙන්න බෑ නේද කියල (පවුලූශා කියන්නෙ පාවෙල් කියන එකේ සුරතල් වර්ශන් එක නිසා ). ඒ කියන්නෙ මං නියම philistine කෙනෙක් ගීත පිලිබඳව නේද? සිංහලෙන් ඒවගේ රසවිඳීම් ආබාධිතයෙකුට කියන්නෙ මොකක්ද IP?
    https://www.google.lk/?gfe_rd=cr&ei=Q5xFVtKREKTG8Ae4nYGoAQ&gws_rd=ssl#q=philistine+definition

    //ගීතයකට පියවරුන් තිදෙනෙකි//
    මව?

    ReplyDelete
    Replies
    1. //මව?//

      සින්දුවක් අයිති කාටද ..
      ටි වී රේඩියෝ වල ඒ ගැන කරයි විවාද
      ගියක අයිතිය ගැන නිතරම පත්තර වලද
      කරනවා වාද විවාද ...

      සංගීත වේදියෝ රචකයෝ ගායකයෝ එක්වෙලා
      අතීත කාලේ ලස්සන ගීත බිහිකලා
      ඒ ගී රසිකයන්ට අහන්න දුන්නා
      අයිතිය බදාගන්න සිතුවේ න එදා ...
      ටීටර් ජනප්‍රිය වෙලා - යද්දී ඔවුන් තුන් දෙනා
      ඒ ගැන සතුටු වුනා එකට එක්වෙලා
      කාලය හෙමින් ගෙවිලා ගියා
      සියල්ල වෙනස් වී ගියා ..

      සින්දුවක් අයිති කාටද ..
      ගීත රචකයා කල්පනා හසුරුවා ගීයක් ලියුවට
      සංගීතවේදියා තනුවක් ඊට යෙදුවට
      ගායකයා නොගයුවොතින් ගීතය රහට
      ගීතය යාවිද ජනතාව අතරට
      හරියට කනප්පුව වගේ - එකේ කකුල් තුන වගේ
      අර තුන්දෙනාට එහි උරුමය සමය
      යුගයෙන් යුගේ බිහි වුනාම
      අයිතිය රසිකයන්ටය ....


      සින්දුවක් අයිති කාටද ..

      ගායනය - නිහාල් නෙල්සන්

      Delete
    2. චූටි මාමට තේරුනේ නෑද මේ ෆූසා ලියල තීන ඒවා....අයියෝ පව්...

      මව තැටිය වෙන්නැති..කැසට් එක වෙන්නත් ඇහැකි...තව තව ඒවා වෙන්නැත් ඇහැකි...

      Delete
    3. එතකොට පියවරු තැටිය ...
      අනේ එක්කො ඕනෙ නෑ සීයේ, නොදන්නාකමට ඉන්න එක හොඳයි වගේ

      Delete
    4. ප්‍රා කියන කතාව මටත් කල්පනා උනා.

      1. පරණ බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක්ගෙ රැවුල් කට් එකක් තියෙන කොලුවෙක් අල්ලගෙන, රුසියන් ඉවාන් කෙනෙක් කියලා.
      2. මෂූර්කා නැටුම ගැන කියනවා. ඒ වුනාට නටන්නෙ වෙන මොකද්ද මගුලක්.
      3. බැලලයිකාව ගැන කියනවා. ඒ උනාට ගහන්නෙ ෆ්ලැමෙන්කෝ ගිටාර් එකකුයි, එකෝඩියන් එකකුයි.
      (එකෝඩියන් එකත් රුසියානු සාහිත්‍යයෙ තියෙනවා. ඒ ූනාට මේ සිංදුවෙ ඒක කියන් නෑ.)
      4. අනික තමා ඉවාන් කියන්නෙ එක පුද්ගල නමක්, පවුලුෂා කියන්නෙ පාවෙල් කියන තවත් පුද්ගල නමක සුරතල් නම.
      (රුසියන් නමක් හැදෙන්නෙ කොටස් තුනකිං. පුද්ගල නම + තාත්තගෙ නම අනුවහැදෙන නම + වාසගම. උදාහරණ - අලෙක්සේයි මක්සිමෝවිච් පෙෂ්කෝව් (මක්සිම් ගෝර්කිගෙ නියම නම) එයා‍ගෙ නම අලෙක්සේයි. තාත්තගෙ නම මක්සිම්. පරම්පරා නම පෙෂ්කෝව්. - වාසගම කෙළවර වෙන්නෙ "ව්" හෝ "ඉන්" කියන කෑල්ලකින්.

      Delete
    5. වරහන වහන්න අමතක උනා.

      නියම මෂූර්කා නැටුම තියෙනවා, මකාර් චුද්‍ර කතාවෙන් හදපු ෆිල්ම් එකේ. gypsy camp vanishes into the blue තමා ඒකෙ නම...

      Delete
    6. ගස්ලබ්බා අහල තියෙන විදිහට නම් සාහිත්‍යයේදී භාෂා/සමාජ නීති රීති වලින් කට්ටි පැනීමේ නිදහස නිර්මාණ කරුවෙකුට තියෙනවා කියලා පිලිගැනීමක් තියෙනවා නේද?

      Delete
    7. නිදහස තියෙනවා. ඒ වුනාට මේ සිංදුව අහන කොට තේරෙනවා, රුසියන් සාහිත්‍යය ඇසුරින් නෙවෙයි, නිකම් උඩිං පල්ලෙං නම් ගම් ටිකක් අරං හදල තියෙන්නෙ කියලා. ඒ කරල ඒ හදපු ප්‍රඩක්ට් එකට ඉළක්ක කරන්නෙත් රුසියන් සාහිත්‍ය ලොලීන්වනෙ. එතකොට අතේ කෝට් කරපු මගඩිය...

      Delete
    8. ප්‍රා ජේ - philistine කියන එකට සිංහල වචනේ තමා පිලිස්තීනුවා කියන එක , ඔය වචනේ ඔහොම් කිව්වට තේරුම දැනෙන්නේ නෑ. මහාචාර්ය ජේ.බී. දිසානායකගෙන් ඇහුවම කිව්වේ පිලිස්තීනුවා කියන වචනේ සරම තේරුම තමා " මෙලෝ රහක් නැති එකා " කියලා . ඉතින් ප්‍රා එහෙමද? :P

      අනික තමා ඔය ඉවාන් පවුලූශා කියලා නමක් තියෙන්න විදිහක් නෑ සහ එහෙම එකක් නෑ, ඔය නම මේ ගීතය නිසාම හදිච්ච් එකක්.

      ගස් ලබ්බා & ඩ්‍රැකී - අත්තෙන්ම් මාත් විශ්වාස කරනවා නිර්මාණ කරුවෙකුට නිස්දහස තියෙනවා නිර්මාණයකදී රීති වලින් කට්ටි පනින්න

      අනික තම අමෙ ගීතය නිර්මාණය වෙන්නේ අපේ විෂුවල් කලාවේ ප්‍රාථමිකම අවධියේ. අනික මේ නිර්මාණය කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක්. මේකට ඇඳුම් නිර්මාණය කරන්නේ කරන්නේ නිල්හාන් සෙනවිරත්න , නිලහාන් කියන්නේ ඒ වෙනකොට ලංකාවේ හිටපු ප්‍රමුඛතම ඇඳුම් නිර්මාණ ශිල්පියා . වැරදුනේ එතනින් වෙන්න් පුළුවන්, මොකද ඔහුට රුසියානු සාහිත්‍යය හෝ ඒ ජීවන රටාව පිළිඹඳ අවබෝධයක් නොතිබුනා වෙන්න පුළුවන්.

      ඒ වගේම අඩු වියදම් තාක්ෂනය කියන හැම දේම මේ නිර්මාණයට බලපාල තියෙනවා, හැබැයි ඒ කාලේ හැටියට මේක "බලා ඉන්න පුළුවන් විදිහේ නිරමාණයක් "

      Delete
  8. මේ සම්බන්ධයෙන් මහා ලොකු දැනුමක් නෑ. ඒත් මට නම් රූපවාහිනියෙන් සින්දුවක් බලලා අහනවට වඩා රේඩියෝ එකෙන් හරි ෆෝන් එකෙන් හරි අහන ඕඩියෝ එක හිතට දනෙනවා.

    අපි රූප රාමු එක්ක බලද්දි ඇස් දෙක රූප රාමු එක්ක මැවෙන කතාව පස්සෙ දුවනවා මිසක් සින්දුවෙ අර්තයටවත් සංගීත රසයත් හිතින් විදින්න පුලුවංකම අඩුයි වගෙයි මට නම් දැනෙන්නෙ. ඒත් ගීතයක් රස විදිද්දි මූලිකම කරුනු දෙක ගීතයේ අර්ථය හා සංගීතය කියන දෙය. ඒකත් බොහෝ දුරට මම බැදෙන්නෙ සංගීතය එක්ක. පද මාලාව අනිවාර්‍යෙන්ම වැදගත්. ඒත් සංගීතය අවුල් නම් පද මාලාව අහන් ඉන්න තරම් වත් හිත දෙන්නෙ නෑ මට. අනික වෙනත් බාශාවල ගීත රසවිදින්න පුලුවන් වෙන්නෙ ඒ සංගීතය නිසා මිසක් ඒ වචන වල තේරුම් හොයලා බලලා නෙමෙයි නෙ.. විශේෂයෙන්ම ගීතයක් පළවෙනි පාරට අහද්දි නම් ඕඩියෝ එක අහන්න ඕනෙ නිදහසෙ සද්ද බද්ද අඩු තැනක ඉදන්.. මට නම් එහෙමයි..

    හැබැයි සමහර සින්දු වලටනම් රූප රාමු බලද්හ්ඩි ආස හිතෙන විදියට අහදලා තියෙනවා. අලුත් ගීත හුගකම රූප රාමු පෙළ හදන්නෙ එක්කො විරහ ගීතයක් නම් ඒකට අදලාව තරහ වුනේ ඇයි කියලා කතාවක් මවල පෙන්නන එක. ඉතින් එතකොට වෙන්නෙ විරහ රසය විදින එක පැත්තක තියා උන් දෙන්න තරහ වුනේ ඇයි කියලා කට ඇරන් බලන් ඉන්න එක නෙ..

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දිග වැඩි ද මංද.. සමා අවසර..

      Delete
    2. ඔව් නේන්නං දිග වැඩියි. ආතර් ට දෙන්න.. අපේ පත්තරයට නං ඔය ටික ඇති බ්ලොග් සීයක විතර දාන්න.. හැක්

      Delete
    3. මංගල අවමංගල අධ්‍යක්ෂකවරු ඉන්න රටේ සංගීත රෑප රචනය සඳහාත් විවිධ ආයතන, අධ්‍යක්ෂවරු ,නිෂ්පාදකවරු අද බිහිවෙලා තියනවා .අනූව දසකයේ අපි නරඹපු යාත්‍රා වාගේ රෑප රචනයන්ට වඩා අද බිහිවෙන රෑප රචනයන් හාත්පසින්ම වෙනස් වෙලා. එදා රෑප රචනයේ දී වැදගත් උනේ ගීතය උනත් අද බිහිවෙන රෑප රචනා දැක්කම හිතෙන්නේ තනුවට ගැලපෙන ගීත ලියනවා වාගේ , රෑප රචනා වලට ගැලපෙන්න ගීත ලිව්වාද කියලා.....අනික අද තියන ගීතයක් ජනප්‍රිය කරන්න හොඳ පද රචනාවක් ,හොඳ තනුවක් ,හොඳ කට හඩක් වුවමනා වෙන්නේ නැ ...පට්ට සෙක්සි කෑල්ලක් කොටට ඇඳලා පොඩ්ඩක් එහාට මෙහාට වුනා නම් හොඳටම ඇති ඒක හිට් වෙන්න .මොකද දැන් තියෙන්නේ "මියුසික් ඉන්ඩස්ට්‍රී " එකක් නේ .....

      Delete
    4. ඇත්තටමද දෙශෝ ආතරයට දෙන්න කිව්වෙ?

      ආතරයට දුන්නම මං ආයේ කොටන්න එපායි අප්පා. කම්මැල්යි. ඔන්න ඔහෙ ඉවාන් අයියට කියවල ආතරයට දෙන්න කියමු

      Delete
    5. දේශො. ඔය කොමන්ට් එක දීපිය ළමයෙකුට :D

      Delete
    6. එතකොට පත්තරේ ආතරයට තරහ වෙයි ද දන්නෙ නෑ දේශා එක්ක..
      :P

      Delete
    7. චණ්ඩි නංගි - //"අපි රූප රාමු එක්ක බලද්දි ඇස් දෙක රූප රාමු එක්ක මැවෙන කතාව පස්සෙ දුවනවා මිසක් සින්දුවෙ අර්තයටවත් සංගීත රසයත් හිතින් විදින්න පුලුවංකම අඩුයි වගෙයි මට නම් දැනෙන්නෙ."// එතනින් පටන් අරං උඹ මේ කියලා තියෙන හැම කාරණයක්ම එක්ක මමත් එකඟයි. එත් අද වෙනකොට රූප රාමු නැති ගීතයක් කරන්න ප්‍රවීණ ශිල්පීන් පවා මාලි වෙනවා , එකට හේතුව තමා ඉල්ලුමට සැපයුම න්‍යාය.

      //"ඉතින් එතකොට වෙන්නෙ විරහ රසය විදින එක පැත්තක තියා උන් දෙන්න තරහ වුනේ ඇයි කියලා කට ඇරන් බලන් ඉන්න එක නෙ."//

      හිනාවෙලා පන යනවා ඕයි. කතාව නම සහතික ඇත්ත .

      Delete
  9. මෙතන තියන විෂුවල් ටික පේන්නෙ නෑ . මම සිංදු අහන්න කැමති විෂුවල් නැතිව. එතකොට නියමෙට සිංදුව රස විදින්න පුළුවන්.
    මට ආස හිතුන විෂුවල් එකක් තිබ්බ හින්දි සිංදුවක කොපි ෂොප් එකක වැඩ කරන කොල්ලෙක් ගැන. ආයෙ හොයාගෙන බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විෂුවල් නැතුව රසවිඳින්න පුළුවන් නම් එතන තමා නියම ගීතය තියෙන්නේ කියලා මමත් තාම විශ්වාස කරනවා . එත් දැන් ඉල්ලුමට සැපයුම. ඒ නිසා විෂුවල් එක අනිවාර්ය අංගයක් වෙලා කෝ අද ඩබල

      Delete
  10. ඔය වගේ හිතට වදින ගීයක් එක්ක තිබුන විෂුවල් එකක් මතකයි....මාලනී බුලත්සිංහල මහත්මියගේ.."රජමැදුරක ඉපදී සිටියානම්" කියන ගීතය....රචනය ලූෂන් බුලත්සින්හල..සංගීතය මම හිතන්නෙ මාලනීගෙ මහත්තයගෙ වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. වීයා දැක්ක කල් ...මොකෝ වුනේ

      ඔය ගීතයේ සංගීතය කාගේද කියලනම් මටත් මතක නෑ. සමහරවිට අපේ සිංදුවා දන්නවා ඇති. ඒ විෂුවල් එකත් හොදන් උසස් මට්ටමේ එකක් බව මතකයි

      Delete
    2. ගී පද: ලුෂන් බුලත්සිංහල
      සංගීතය : එච්. එම්. ජයවර්ධන
      ගායනය : මාලිනී බුලත්සිංහල

      Delete
  11. යාත්‍රා ඒකාලෙ මාත් නොවරදවා බලපු ප්‍රෝග්‍රෑම් එකක්.
    මොනව උනත් දැං තියෙන ගොඩක් විෂුවල් සින්දුවට කීයටවත් ගැලපෙන්නෙ නැති ඒව වගේ තමයි පේන්නෙ. හොඳ ඒවත් නැතුව නෙමෙයි. මේකට ප්‍රධාන හේතුව මම හිතන්නෙ කොල්ලයි බල්ලයි හැම එකාම ස්ටාර් ල වෙලා සින්දු කියන්න යන එක. අන්තිමට කොහෙවත් නැති විකාර රූප ටිකකුයි කනට ගහනව වගේ සංගීතෙකුයි විතරයි තියෙන්නෙ. සින්දුව නෑ.

    ReplyDelete
    Replies
    1. බලන්න තිබ්බ ප්‍රෝග්‍රෑම් අඩු වුනාට තිබ්බ හැම එකකම ගත යුත්හ්ටක් තිබුනා , ඒ අතරිනුත් යාත්‍රා කියන්නේ ඉහිල මට්ටමේ තිබ්බ වැඩසහනක්. දැන් හැම දෙයක්ම තෝරාගෙන අහන්න බලන්න වෙලා , මොකද එතරම් දේවල් හැබැයි කොත්තු රොටි වගේ

      Delete
  12. මෙතන තියන විෂුවල් ටික පේන්නෙ නෑ . මම සිංදු අහන්න කැමති විෂුවල් නැතිව. එතකොට නියමෙට සිංදුව රස විදින්න පුළුවන්.
    මට ආස හිතුන විෂුවල් එකක් තිබ්බ හින්දි සිංදුවක කොපි ෂොප් එකක වැඩ කරන කොල්ලෙක් ගැන. ආයෙ හොයාගෙන බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. විනාඩි 22 කට පස්සෙත් බොට පේන්නෙ නැද්ද? වෙන්න බෑ.

      Delete
    2. දැනුයි දැක්කෙ , මේක හොයාගන්ඩ බැරි ලෙඩක් , අපේ සබරෙ මල්ලි කිවුව බ්‍රවුසරේ ලෙඩක් කියල . ඒත් එතනත් නෙමේ ලෙඩේ.

      Delete
    3. කම්මලේ.. අර කොෆී ෂොප් එකේ වැඩ කරන කොල්ලෙක් කොෆී බොන්න එන කෙල්ලෙක් බීල විසි කාන කප් එකතු කරල ලොකර් එකේ දාන්න හින්දි සීන් එක නේ. ආයෙත් මොනවත් ලියන්නෙ නෑ උඹ වෙනුවෙන් සංගීත්ගෙ සිංදුවට කරපු එක. පට්ට බං ඒක !!

      Delete
    4. පත්තරේ, ඒකෙ හිංදි එක තමයි මම ආස. පුළුවන්නම් ලින්ක් එක හොයල දියං.

      Delete
    5. කම්මලයාගේ දෙක පස්සේ වැටිලා

      Delete
  13. මේ විෂුවල් ටික බලපුවහම හිතුනේ අපි කොහෙද ඉන්නේ කියලා තමා.

    ReplyDelete
    Replies
    1. මාත් මේ හොයන්නේ උඹ ඉන්නේ කොහෙද කියලා තමා :P

      Delete
    2. මේන් ඉන්නවා ....



      "වෙරි මට හොඳටම වෙරි කෙලින් යන්න බෑ
      මොනවද පෙව්වේ කෝ පාර පේන්නෑ
      කොක්ටේල් කියලා කලවම් කොරලා
      පොවලා මගේ ඔළුව නෑ "

      https://www.youtube.com/watch?v=teplgpmXhDg

      Delete
  14. මේ රූප රචනා නිසා වැඩිපුර විනාස වෙලා තියෙන්නෙ ගීතය. ඉවාන් අයියේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත , ගීතයේ මුඛ්‍යාර්ථ වලින් බැහැරට ගෙනියනවා සමහරවිට රූප රචනා අපිව

      Delete
  15. Replies
    1. මේකට බේතක් හොයාපන්කො, බ්‍රවුසරේ නෙමෙයි ලෙඩේ. මට මේ කොම්පීතර් සාත්තරේ බෑ. ප්‍රොෆයිල් නේම් එක හින්ද කාටවත් දීල හදාගන්නත් බෑ.

      Delete
    2. නම වෙනස්කරගන්න .... වින්කලේ හරි මොකක් හරි දාගන්න
      කේතලේ? මයිනහම? කුළුගෙඩිය?බෝතලේ?

      Delete
    3. කම්මල සිග්නල් අඩු වෙද්දි කොමෙන්ට් කරද්දි තමයි ඩබල් වැටෙන්නේ. කේබල් ලයින් එකක මේ දේ වෙනව අඩුයි. මට නම් තේරෙන්නේ එහෙම.. අනේ මන්ද . මං කොම්පීතරෙන් යද්දි අවුලක් නෑ එතකොට සිංගල්. ෆෝන් එකේන් ඩබල්

      Delete
    4. පබිලිස් බටං එක එකපාරක් ඔබල බලාහිටහං පබිලිස් වෙනවද කියල. සමහර වෙලාවට ඒක ඔබපු හැටිය කොටුවෙ ටයිප් කරල තියෙන ටික නැතිවෙලා යනව එ්ත් පබිලිස් වෙන්නෙ නෑ. ආයෙ පේජ් එක රී ප්‍රෙෂ් කරපුවම කොමෙන්ට් එක තියෙනව. ඒත් පබිලිස්ට දෙපාරක් එබුව කියල දෙපාරක් වැටෙන එකක්නං මට වෙලා නෑ.

      Delete
    5. එකපාරක් පබිලිස් කොරල බලාගන ඉන්ඩ බැරි අමාරුවට තව පාරක් ඔබපුවහමයි ඒක වෙන්නේ , පබිලිස් කරල ටිකක් බලාගන හිටපං

      Delete
    6. ප්‍රා , මයින හමා - ඒක මෙන්ඩට හොද නම.
      සබරේ, සිග්නල් මට හොදටම තියනව ඔෆිස් එක ඇතුලෙ. මගෙ රවුටර් එකෙන් ලොග් වෙන්නෙ මම විතරයි.
      ප්‍රසා, මම කමෙන්ට් කරල පබ්ලිෂ් උනාද බලල ආපහු යන්නෙ, ඒත් පස්සෙ අනික් කමෙන්ට් එක වැටෙනව.

      Delete
    7. අටං, දෙපාරක් ඔබන්නෙ නෑ බං.

      Delete
    8. අද ප්‍රා එල ද බ්‍රා ආතල් එකක් දෙනවා..
      කම්මලයා..
      උඔව කටුගෙයි තියනවා මතු පරපුරට බලා ගන්න..ඩබල් ආදිපාද උතුමානන්..
      අර නිරැත්තරයි සබරේයි තියනවා අගසව් දෙපල කියලා

      Delete
    9. හයියෝ මාව ගන්ට එපා මෙන්ඩයියේ....

      Delete
    10. මෙන්ඩා අයියෙ , පස්සේ දවසක රණ්ඩු වෙන්න එන්නම්...අම්මා ටිකක් අසනීපෙන්.මට පෝන් එක අතට ගන්නවත් වෙලාවක් නැහැ..බුදුසරණයි ..!

      Delete
    11. ඔබ නැති මේ රැයට
      පුරසද එළිය කුමටද... 
      ඔබ නැති මේ බිමට
      නළමුදු සුවඳ කුමටද...

      මහ කනදරා වැවට සඳ වැටිලා 
      දියේ ගිලේය විකල්වී... 
      තුරු හිස හාදු දිදී උන් කිරලුන් 
      කොහේ ගිහින්ද ඉගිල්ලී..

      .හමුවී ඇසට ඇසක් නැගූ පහන් 
      නිවී ගියාද නො කල්හී... 
      සුන්දර රාත්‍රියම මවිත සිතින් 
      බලා හිදීවි නොසෙල් වී...

      --- එල ද බ්‍රා මෙන්ඩා ---

      Delete
    12. මෙන්ඩා අයියෙ , පස්සේ දවසක රණ්ඩු වෙන්න එන්නම්...අම්මා ටිකක් අසනීපෙන්.මට පෝන් එක අතට ගන්නවත් වෙලාවක් නැහැ..බුදුසරණයි ..!

      Delete
    13. සමාවෙයන් නංගා..ඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ගේ පිහිටෙන් අම්මට ඉක්මනට සනිපවෙයි..

      Delete
    14. අනුත්තරා
      අම්මව බලන්න එන්න බැරි උනත් මේකේ ඉන්න එයාගේ යාලුවෝ අපි ඔක්කොම ඔයාගේ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

      Delete
    15. අනුත්තරා
      අම්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!

      Delete
    16. අනුත්තරාගේ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම

      Delete
  16. ඉවාන් දැන් තියෙන තවත් ට්‍රෙන්ඩ් ඒකක් මේ සංවාදයට ම ඒක් කරන්න කැමතියි... දැන් තියෙන දෙයක් තමයි ගීතය තියෙන්නේ වෙනම දෙයක් ගැන..රූපරචනය තවත් දෙයක් ගැන... මේක විකාරයක්..... දැන් අපිව පුරුදු කරගෙන යන්නේ ගීත අහන්න නෙමෙයි... රූප බලන්නයි.... මේ නිසා ගීතය මොකක් වුණත් ඔවුන් රූපරචනය තුළ වෙනම කතාවක් ගොතනවා.......

    අනික් අතට රූප රචනය මගින් ගීතයක් තමන්ට ඔ්නෑ විදිහට අරගෙන අත්විදින්නට තිබූ නිදහසත් නැති කරනවා... ඉස්සර විරහා ගීතයක් ගත්තා ම හැමදෙනාම ඒකට තමන්ගේ ම රූප රචනයක් කරලා රසවිදිනවා.... දැන් ඒක නැති කරලා ඉවරයි.....

    ReplyDelete
    Replies
    1. //"රූප රචනය මගින් ගීතයක් තමන්ට ඔ්නෑ විදිහට අරගෙන අත්විදින්නට තිබූ නිදහසත් නැති කරනවා"// සහතික ඇත්ත කුරුටුස් , බොහෝ වෙලාවට ගීතයට ලොකු අසාධාරණයක් කරනවා රූප රචනය. ගීතයට සාධාරණයක් කරන්නේ එහෙමත් රූප රචනාවක් තමා. ගීතය රසවිඳීමේ අපේ අයිතිය ඔවුන් නිර්දය ලෙස පැහැරගෙන

      Delete
  17. මමනම් වැඩිය මනාප ෂේඩියෝ එකේ ෂින්ජු අහන්න...

    ReplyDelete
    Replies
    1. ඇයි බං රා කට්ටක් ගහලා එනගමන් මම කටුස්සයි පිටිපස්සේ සිට් එකේ ඉදන් කියපු සිංදු ටික කොමහද?

      Delete
    2. අම්මේහ්හ්හ්හ්හ්හ්හ්හ්......

      Delete
    3. ඔව් ඉතින් මෙන්ඩා කියන්නෙත් පරණ ෂේඩියෝවක්නේ...........

      Delete
    4. ශේදියෝ එකේ ශින්ඩු අහන එක තමා හොඳම ලොකු සන්

      Delete
  18. ඔව් කිව්වත් වගේ රූප රචනාවන්ට අද වෙනකොට වැඩි තැනක් ලැබිලා තියෙනවා. සමහර රූප රචනා නිසා ගීතය තව තවත් ප්‍රේක්ෂකයින් අතරට යනවා වගේම සමහර රූප රචනා නිසා ගීතයට හානි වෙලා තියෙන අවස්ථාවලුත් දකින්න තියෙනවා.

    " රුක්අත්තන මල මුදුනේ", " ඉවාන් පවුලූශා", "සඳ සාක්කී කියාපුදෙන්", "සකුරාමල් පිපිලා ගේ දොරකඩ නිල වන පියසේ" ගීත වල රූප රචනා, අපිත් හුඟක් කැමත්තෙන් අදටත් රසවිඳන රූප රචනා. අද වෙනකොට ඒ හා සමාන රූප රචනා හරිම දුර්ලභයි.

    ReplyDelete
    Replies
    1. අද වෙනකොට රූප රචනා දුර්ලභ වීම කෙසේවෙතත් වෙලා තියෙන්නේ කරන රූප රචනා මෙලෝ රහක් නැති ඒවා වීම , මොකද දැන් බොහෝ විට රූප රචනාවක් හදන්නේ වැඩ පෙන්නන්න මිසක් සින්දුවේ අර්ථය ගැන හිතලා නෙවේ ,

      Delete
  19. මතක විදිහට 'අංජලීකා' ගීතයට එකතු කරපු නර්තන අංගයකින් තම වැඩේ නැගලා ආවෙ.දැං නං වීඩියෝ එකක් කරන එක මාෆියාවක් වගේ වෙලා.වෙඩින් වලටත් සීන් එක එන්ටර් වෙලා නෙව.දෙරණ මියුසික් වීඩියෝ අවෝඩ්ස් වගේ වැඩසටහන් හිංදා මේක කර්මාන්තයක් විදිහට ස්ථාවර බව තහවුරු වෙනවා.මොනවා උනත් නිර්මාණශීලීත්වය එලියට එනවා නම් එච්චරයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ලබ්බෝ වෙඩින් වලටත් දැන් මියුසික් වීඩියෝ එකක් කරනවාමයි . ඔය අංජලීකා ගීතයට කරපු නර්තනය මටත් මතකයි. ඒ වගේම මනෝහාරී වගේ ප්‍රාසංගික සංගීත වැඩසටහන් වල තිබ්බ යම් යම් ඉදිරිපත් කිරීම නිසාම රූප රචනය කියන එක ඉස්මතුවෙලා ආවා

      Delete
  20. මේ තියෙන රූප රචනා කවදාවත් අමතක නොවන එවා. ඒකට හේතුව අපි ගීතයක් අහලා මවාගන්න සිහින සිත්තමට එහා ගිය දෙයක් මේ නිර්මාණකාරයෝ අපිට තෑගී කරලා තියෙනවා. එතකොට අපිට හීන මවාගන්න යන වෙලාව අඩුයි. එක එක වෙසිගෙ පුතාලා සුභාවිත ගීතයි, ජනප්‍රිය ගීතයි, බයිලයි කීවට මියුසික් එක්ක කියන පද රචනා මොන එකත් ගීයක්..

    මම මෑත කාලේ රහ විඳපු එකක් තමයි ජෝන් සීනා.. එකේ සියල්ලම සරළයි. ඒත් අරථයෙන් ගුණෙ අයියගේ කාමරේට සමානයි. ඒ වගේම මෑතකදි ඉතා ජනප්‍රිය උන සුනිල් එදිරිසිඥොගෙ "මේ තරම් සියුමැලිද කළු ගල්" ගීතයට රූප රචනයක් නෑ. ඒත් අමරසිරි පීරිස්ගේ "ඉකි ගසා හඬන" කියන ගීතයට ඒ සිනමා නිර්මාණයේ තියෙන අඩුම කුඩුම එකතු කරලා හදපු පට්ට විසුවල් එකක් තියෙනවා. ඒත් එක බැලුවේ නැතත් ඒ ගීය අර මා(තලන්) කියපු ගීය වගේම රහ විඳින්න කිසි අවුලක් නෑ.

    ජනප්‍රිය ගීත වල නම් හොටු පෙරාගෙන අඬන වේස කොල්ලෝ නව පරපුරේ කොල්ලන්ටත් නිග්‍රහයක්. ඒවයේ නම් ටෙලි නාට්ටි වගේම ගන්න දෙයක් නෑ. ඒත් මම එන්ජොයි කරපු පට්ට විසුවොල් එකක් තමයි, "මිසිස් පෙරේරා..."

    අද ගීයක් විඳින ක්‍රම දෙකක් තියෙනවා.. එකක් තමයි අහන එක. අනික නරඹන එක.. ඔය මොන ක්‍රමේට නිර්මාන කරත් කක්කා කරන්න, නාන්න ටොයිලට් එකට කියාම අපිට කියන්න පුළුවන් සින්දුවක් හදන එක තමයි ග්‍රේට්.

    තව එක දෙයක් තියෙනවා. අද ගූ ගොඩකට උනත් මිලක් තියෙනවා.. ඒක හොඳ දෙයක්. එදා කලාකාරයෝ කියන්නේ හිඟන්නෝ. ඒත් අද අපේ උනුත් ඉන්ටර්නැසොනල් ලැවල් එකේ ඉන්නවා. සැප ජීවිත ගත කරනවා. ඉතින් සියල්ල මුදල් මත තීරණය වෙනවා.

    මම උදාහරණයක් කියන්නම්, මම ලියපු ,මනා මියුසික් දාලා ඌම කියාපු "තුං මුල්ල ළඟ වංගුවේ..." අහපු හැම එකාම ඒක පට්ටයි කිව්වා. ඉතින් අපි දෙන්නටම හීනයක් තිබුනා මේක අමරසිරි පීරිස් ලව්වා ගායනා කරවන්න. චෙෆාකී ඒ හීනය සැබෑ කරන්න මාර සප් එකක් දුන්නා. ඒත් උන්නැහෙලා ඉල්ලපු ගාන සැරයි. චෙෆාකි ඒ ගන උනත් දෙන්න ලෑස්ති උනා. ඒත් මම එපා කිව්වා. ඒ මනුස්සයත් මැරි මැරි හොයපු සල්ලි නේ. ඒ නිසා ඒ හීනේ කොට්ට උරේක ඔතලා ඇද අස්සේ ගහලා දැම්මා. අවුලක් නෑ ඒක ඒ මිනිස්සුන්ගේ අගය. ඒක ඉතා හොඳ දෙයක්. අන්න ඒ වෙනසට මම නම් පට්ට ලැයික්...

    හැබයි ඊට පස්සේ සින්දු ලිවිල්ල එපා උනා... මනත් කොහේ ගියාද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. //ඒත් උන්නැහෙලා ඉල්ලපු ගාන සැරයි. //
      ඈ ...බං ඒ මොන වදුරු කුණුහරපයක්ද ? මම හිතන් හිටියෙ පද රචකයට ගානක් දීල සිංදු ලියා ගන්නව කියල. සිංදු කියල හම්බ කරගන්නෙ ගායකයනෙ. ඒ සිංදුව ආයෙත් ඌ සල්ලි වලට ඉල්ලුවත් දෙන්න එපා බං, ඒක අපි අවංකවම අපේ එවුන්ගෙ කියල රස වින්ද නිර්මාණයක්.

      Delete
    2. මම කියන්න ආපු දේ කම්මල කියලා.

      ඒක වඳුරු කුණුහරුපයක් නෙන්නම්. ලංකාවෙ පවත්නා නීතියට අනුව ගීතයක අයිතිය පදරචකයාට. අමරසිරි පීරිස් ඔයාගෙ පදරචනා සල්ලි දීලා ගන්න තැනට ඔයාට යන්න පුලුවනිනම් මාතා බොස්, අන්න එදාට ඔයාගෙ හීනෙ හැබෑ උනා වෙනවා. මමනම් කැමතියි ඔය කොට්ට උරේ ඔතපු හීනෙ එලියට අරගෙන ඔයා ඒ තැනට යනවනම්.

      Delete
    3. ඔවු මාතා අයියේ.... පුළුවන් දෙයක් කරල ඒ සින්දුව එළියට ගන්ට.

      Delete
    4. මාතලන්,

      bitch kiyawo dum dum dum dum !!!!!
      bitch kiyawo dum dum dum dum !!!!!

      ඔයයි මමයි !!!!!!

      bitch kiyawo dum dum dum dum !!!!!
      bitch kiyawo dum dum dum dum !!!!!

      Delete
    5. ලොකු අයියෙ... මටත් තියෙන්නෙ ඔය අදහසම තමා... මිසිස් පෙරේරා සිංදුව මගෙත් ප්‍රියතම විෂුවල් සහිත එකක්. විශේෂයෙන් මිහිඳුට තියන කැමැත්ත නිසා ඒ ආසාව වැඩියි. බොස් අහල තියනවද අමිල සඳරුවන්ගේ Girls සිංදුව. මට නම් පට්ට. ජෑස් ශෛලියට කියපු ඒක ඒ තියන විෂුවල් ඒකත් එක්ක නියමෙට ගැලපෙනව. ජෝන් සීනා සින්දුවටත් වැඩිය අමිලගේ ඒ සින්දුවට මම කැමතියි. මනා ජොබත් එක්ක පට්ට බිසී වෙලාද කොහෙද. ඕක තමයි වැඩේ. සල්ලි හොයන්නනේ ඔක්කොම කරන්නේ අපි හැමෝම. අර තුම්මුලේ සිංදුව අමරසිරි පීරිස්ට කියල කියෝගත්ත නං මරු තමා. හැබැයි ඉතින් ඩිමාන්ඩ් එකක් හදාගත්ත ඒ වගේ මිනිස්සු එක්ක වැඩ කරන්න ටිකක් අමාරුයි මං හිතන්නෙ. මිහිඳු ආරියරත්න චැනල් කරලා බැලුවේ නැද්ද? පට්ට වොයිස් රේන්ජ් එකක් තියන එකෙක්. දැන් ඉන්නෙ වායෝ එක්ක. ඉස්සර නෙමසිස් බෑන්ඩ් එක කළේ ඌ. උන්ගෙ "චකිතය" මතක ඇති. ගොරෝසු කටහඬක් තියෙන්නෙ. හැබැයි පිච් කරන්නත් පුළුවන් උපරිමයට. මම ඌව පුද්ගලිකව දන්නෙ නෑ. හැබැයි ලොක්ක ඌත් සජ්ජුලුවන්ගේ ඉස්කෝලෙට ගිය එකෙක්.

      Delete
    6. මාතලන් - ඇත්තෙන්ම ඔය කතාව අහපු දුක්බර කතාවලින් එකක්. හැබැයි බස්සි කිව්වා වගේ අපිට පුළුවන් නම් අමරසිරි පීරිස් මාතගේ පදරචනා හොයාගෙන එන තැනට පත්වෙන්න එච්චරයි . හැබැයි එක බොහොම දුෂ්කර ගමනක්. ජීවන ගමන අතරේදී එකට තවත් දුෂ්කර ගමනක් සාමාන්තරව ගෙනියන එකත් ලේසි පාසු දෙයක් නෙවෙයි .

      මම හිතන්නේ බංගලා හංදියේ ගීතය අපි කොහොම හරි උඩට ගන්න ඕන ගීතයක්.

      Delete
  21. දැනට නිර්මාණය කොට කලක් ගතවූ ගීතයකට රූප රචනය කිරීම ඉතා පරෙස්මෙන් කලයුතු දෙයක්. මොකද ඒ ගීතයට අදාළව, අපේ හිතේ රූප පෙළක් ඇඳිලා තියනවා. ඉතින් අලුත් රූප පෙළ, ඒ අපේ හිතේ තියන රූප පෙළ සමග ගැටුනොත්, එහි අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස, ඒ ගීතය අපිට ජීවිත කාලයටම එපාවෙන්න ඉඩ තියනවා.

    ගීතයක් නිර්මාණය කරන අවස්ථාවේදී හිතලා බලනවානම්, මෙයට රූප රචනයකුත් ඇතුළු කරනවා කියලා, රූප රචනය රහිතව ගුවන්විදුලියෙනුත්, රූප රචනය සහිතව රූපවාහිනියෙනුත් එකවර ප්‍රචාරය ආරම්භ කරනවානම් හොඳයි. එවිට අපි ඒ ගීතය රූප සහිතව හඳුනාගන්නා නිසා, අකමැතිනම් ඉවත දමන්න පුළුවන්.

    නමුත් පැරණි වටිනා ගීතයක, අපි විඳින ඉතා ඉහල අර්ථ රසය, විකාර රූප පෙලකින් විනාශ කිරීම නම්, අනුමත කරන්න බැහැ, කිසිසේත්ම.

    වර්තමානයේ 'සංගීත බිස්නස් කාරයන්' විසින් කරන විනාශය ඉතා බරපතලයි.

    ReplyDelete
    Replies
    1. අවාසනාවට වෙන්නෙම විචාරක අකැමති දේවල්ම තමා , දැන් පරණ සින්දු සමහර විට නව පරපුර තුලට යන්නේ ඔය කියන "පට්ට" විෂුවල් එකත් එක්ක . කොහොම වුනත් සංගීත බිස්නස් කාරයෝ බොහොමයක් කළා ව නැති කරලා ගොඩක් කල්. ඒ නිසා මේ පොළොවේ පවතින් නිර්මාණයක් කිරීමේ අභියෝගය සැබෑ කල කරුවන්ට තියෙනවා

      Delete
  22. කදිම විමසුමක්.. සුබ පතමි

    ReplyDelete
  23. එක දෙයක්... මේ කියන හැම සින්දුවක්ම වගේ මගෙත් ආසම. රූපවාහිනියෙන් කරපු විෂුවල් තමයි නියමෙටම නැගලා ගියේ. ඊට අමතරව මුල්ම මුල් කාලයේ සිරසෙන් කරපු විෂුවල් හරි නිර්මාණාත්මකයි. හොඳම උදාහරනේ තමයි සුනිල් එදිරිසිංහයන්ගේ 'මේ කඳුළු බිංදුව ' සහ 'වියෝ වූ පසුවයි දැනෙන්නේ' කියන ගීතවලට හදපු විශුවලස්. නමුත් වේගයෙන් ආපු රැල්ලකට අහු වෙලා ඒ ඔක්කොම සුන්නදුලි වෙලා ගියා.

    මගේ නම් හිතට වැඩිනම විෂුවල්ස් ( ක්ලැසික් වර්ගයේ) කලේ රූපවාහිනියෙන්. මට අදටත් මතකයි 'keep on counting' මම පැන්චෙක් කාලේ බලනකොට ජගත් වික්‍රමසිංහ 'Sealed with the kiss' ගීතය කියනකොට තිබ්බ විෂුවල් එක. මට ඒක ඔරිජිනල් එකට වඩා වැදුනා. ඒ වගේමයි අමාන් පෙරේරා සහ සමන්ත පෙරේරාගේ මේ සින්දු වලට හදලා තිබ්බ විෂුවල්ස් නම් හරිම ලස්සනයි. එතැනදී සුරංගනාවියක් වගේ කෙල්ලෙක් සහ මොඩ්ලින් කොල්ලෙක් කියන සංකල්පය බැහැර වෙලා තිබ්බ නිසාදෝ මට ඒවා හරිම සුන්දරයි. මෙන්න මගේ දැනට මතක් වෙන ලිස්ට් එක

    හිත මනමාලකම් කරයි - සමන්ත පෙරේරා
    ලස්සන නිළියේ / වසන්තයේ මල්/ සුවඳ මල් රේණු පිස එන ( මගේ ආසම සින්දුවක්) - අමාන් පෙරේරා
    මා ළඟටම තව ලං වෙලා - W.D. ආරියසිංහ

    දැනට වෙලා තියෙන දේ ගැන මම කියන්න ඕනේ නැහැ මම හිතන්නේ. මට තියෙන පුදුමේ, ඔක්කොම බනිනවා.. එහෙනම් කවුද බොලේ මේවට ආස? මෙච්චර ලක්ෂ ගණන් සල්ලි කාල මේවා කරන්නේ මොකටද එහෙනම්?

    ඉවාන්, මේ ගැන ලියපු එක ගොඩක් හොඳයි. තව අදහස් ලියන්නම් ඉස්සරහට. පොඩි හදිස්සියක් හින්ද අදට ඇති.

    ReplyDelete
    Replies
    1. රවීන්ද්‍ර මුණසිංහ ද කොහෙදො ඔව්ව කලේ.

      Delete
    2. උපේක්ෂා කියපු බොහොමයක් ගීත වල රූප රචනය රවීන්ද්‍ර මුණසිංහ , මටත් තියෙන ප්‍රශ්නේ උපේක්ෂා කවුරු බලනවටද මේ තරම් වියදම් කරලා මේවා කරන්නේ . ඉරාජ් ගේ මනමාලි සින්දුවට මිලියන දෙකක් වියදම් කරලා , ඉස්සරනම් සම්පූර්ණ චිත්‍රපටියක් හදන සල්ලි. ඒ මොනවා කලත් මේ වා පවතින්නේ උපරිමා මාසයක් දෙකක් වගර් කාලයක්,

      කවුරු මොනවා හැදුවත් ,බැලුවත් පවතින ගීත කියලා දෙයක් ඉතුරුවෙලා තියෙන්නේ රසිකයින්ගේ රසඥතාවය තාම හොඳ නිසා .

      අමාන් පෙරේරා නෙවෙයි ඉමාන් පෙරේරා නේද , ඒ තමයි මම හිතන්නේ නව පරපුරෙන් බිහිවෙච්ච් හොඳම ගායකයා . රැල්ලට යන්නේ නැති නිසා කැපී පෙන්නේ නෑ

      Delete
  24. සින්දු ටික බලලම කමෙන්ටුවක් දෙන්නම්කො මචෝ. සමහරුනම් ඔය විෂුවල් කෙරුවාවට බනිනව. මම හිතන්නෙ විෂුවල් එකක් කියන්නෙත් වැලිව් ඇඩිෂන් එකක් කියලයි. හැබැයි ඒක මත ගීතයක සාර්ථකත්වය රඳා පවතින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. බස්සි හරි. ගීතය කියන්නේ විෂුවල් එකෙන් එහාට ගිය දෙයක්, ඊක තේරුම් නොගෙන කරන නිර්මාණ අසාර්ථකයි

      Delete
  25. \\\ ඒ අතීතයේ ගීතය ශ්‍රව්‍යමය සංසිද්ධියක් පමණක් වූ නිසාවෙන්...///

    ලව් පූස්..මට මෙතන චුට්ටං අවුලක් තියෙනව...

    ගීතයේ අතීතය කියන්නේ ඉතිහාසය නම්...එක්කෝ සංගීතයේ අතීතයත් එක්ක ගාව ගන්නව නං...අපි රේඩියෝවන් රූපවාහිනියෙන් එහාට හිතන්න ඕනි කලා කරුවො හැටියට, මොකද නැත්නම් අපිව කොටුවෙනව වර්තමානයේ විතරක්...මේක දිග වැඩිවේවිද මන්ද..
    සංගීතය අතීතයේදී වින්දේ කොහොමද කියන එක, සංගීත භාණ්ඩ වල හැඩයන් සහ රටාවන් ධ්වනිය නිපදවන්නම කරපුවා නෙවෙයි කියල බැලුවම හිතෙන්නේ නැද්ද..

    නාද රටාවන් පදවැල් එක්ක ගලපන්නේ පදවැලෙන් මතුවන සංකීර්න නොවුනත් සරලම අදහස මතුකරගන්නනේ...මුල් කාල වල, සංගීතය, ගීතය නර්තනයත් එක්කමයි එකට ඉදිරිපත් උනේ..තොවිලයක්, යාගකර්මයක්, සෙත් ශාන්තියක් උනත් පදවැල, නාද රටාව සහ නර්තනයත් එක්කනේ ඉදිරිපත් වෙන්නේ...ඒවා සජීවව ඉදිරිපත් උනේ අප ඉදිරියේ...එහෙමත් නැත්නම රජ කෙනෙකු හරි ප්‍රභූවරුන් ඉදිරියේ හරි ගැමියන් ඉදිරියේ හරි...ඔය තුන් ඈඳුතු ආකාරයටයි එය උනේ..
    ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අලුත් ලෝකයට එන්න කලියෙනුත් අපි ගීතය රස විඳලා තියෙන්නේ එහෙමයි...අපි ආපහු යන්නේ එතනට..බටහිර සංගීතය වේවා, ඉන්දියානු රාගධාරී සංගීතය වේවා, හිප් හොප් වේවා, මේ සෑම සංගීතයකම ඇස කන පිනවීම වෙන්න ඕනි..
    ඔය මලක් එහෙම ගහල ඉන්න වෙලාවට, මමයි මාතයයි නම් මොන මාධ්‍යක් වත් නැතුව මනෝමෙන් විශුවල් හදාගන්නවා...අනික මල් විශුවල් තමයි රෙකොර්ඩ් කලොත් එහෙම පට්ට සක්සස්ෆුල් ආර්ට්වර්ක්ස් වෙන්නෙත්...බොරු නම් ඉයන්ගෙන් අහන්නකො..

    කිසි දාක කෝට්ටෙකක් ටයියෙකක් දාන්නේ නැති මට අයියගේ කොල්ලගේ මගුල් ගෙදරට මුන් එකතු වෙලා කෝට් බෑයක් එල්ලලා ඇරියාම මම වාහනෙන් බැහැලා මගුලට ගියේ කෝට්ටෙකයි ටයියෙකයි ඒකේ තියලා..ඒ වගේ තමයි ඔහේ මේ ප්‍රාජේට තේරෙන්නේ නැති මහ බරසාර වචන දාල ලියල තියෙන පෝස්ටුවට දාන මගේ කමෙන්ටු කෑල්ලත්...

    ගනන් ගන්න එපා හොඳේ...ෆූස්..!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකත් හරියට නොතේරේ

      ගනන් ගන්න එපා හොඳේ...c.a ..!

      Delete
    2. හම්බෙච්ච වෙලාවක දන්න ඉංග්‍රිසියෙන් කියලා දෙන්නං....!

      Delete
    3. පෝස්ට් එකටම ගැලපෙන් කොමෙන්ට්. ඇත්තටම් හිතන්න යමක් තියෙනවා.. බලාගෙන ගියාම අපි හිටපු තැන්වලටමයි ගිහින් තියෙන්නේ.

      හිස්ට්‍රී රිපීට්ස්ද මක්කද කියලා එකක් තියෙනවනේ.. ඒක ඇත්ත නේ යකෝ බලාගෙන ගියාම..

      Delete
    4. ටයි කෝට් නම් මටත් ඇලජික්...

      Delete
    5. වටිනා කමෙන්ටුවක් චෙෆාකි ගෙන් , ඇත්තෙන්ම අපේ පාරම්පරික ජන සංගීතයක් එක්ක ගත්තම අපි අද ඉන්නේ ඊට වඩා ගොඩක් පල්ලෙහා තැනක. නමුත් ගුවන් විදුලි සරල ගීතයත් එක්ක විකාශය වුනු අපේ ගීතය අද ආපහු යන්නෙත් එතනට තමා. ඒ අතින් බලනකොට අපේ ගීතය ජාත්‍යන්තරයට ගෙනියනවා ගගා උද පැනපු එවුන් කරලා තියෙන්න අපිව හිටපු ත්නිනුත් පල්ලෙහාට ඇදලා දාපු එක තමා

      Delete
  26. වෙනදට ලියන කසිකබල් කතාවක් හරි කයියක් හරි දාන්නේ නැතුව මොන හුයන්නක් දළදා මන්දා .... එකට වැටිලා තියෙන කොමෙන්ට් ටික කියෙව්වම ඔලුව රිදෙනවා ....

    කො මේ පත්තරයා

    ReplyDelete
    Replies
    1. අපි දන්නවැයි මේවා.. දාන්ඩ පුතා කයියක් සුරුස් ගාල :D

      Delete
    2. ආ අයියයි මල්ලියි කාලෙකින් සෙට්වෙලා වගේ :P

      Delete
  27. ඉවාන් පවුලූශා" ගීතය මනහරයි

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව්. බලා ඉන්න පුළුවන් රූප පෙළක් සහ අහං ඉන්න පුළුවන් පද පෙළක්

      Delete
  28. සේරම වගේ ඒකාකාරී අවුල තමයි මටත් තියෙන්නේ... අපේ අයගේ හැකියාවක් නැතිකමට වඩා වෙනස් විදියකට හිතන්න උනන්දුවක් නැතිකම කියලා මටනම් හිතෙන්නේ...නිර්මාණශීලී වෙනවානම් ගීතයෙන් කියනවාටත් වඩා ප්‍රබල දෙයක් විෂුවල් එකෙන් කියන්න පුළුවන්..

    උදාහරණයක් විදියට මේ වගේ වීඩියෝවක රූප කතාව මොනතරම් ප්‍රබලද..?

    https://www.youtube.com/watch?v=yTCDVfMz15M

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම බීට්ල් මේ වගේ රූප රචනාවක් බැලුවම තේරෙනවා අපේ මිනිස්සු කොයි තරම් අඩුවෙන්ද හිතන්නේ කියලා , තාමත් අපි අසමත් වෙලා තියෙනවා ගීතය සහ රූප රචනය කියන දෙක සමපාත කරගන්න . ඒ නිසා ගීතය වෙනමත් රූපය වෙන්වමත් රසවිඳින්න වෙලා , නොගැලපීම ඉස්මතු වෙනවා

      Delete
  29. දෙකම සුපිරියි...... සින්දුවේ තාලෙට නියමෙටම ගැළපෙනවා විෂුවල් එක. අර ගින්දර පෙන්නන තැන පට්ටයි.

    ReplyDelete
    Replies
    1. //"අර ගින්දර පෙන්නන තැන පට්ටයි"// :O මොන ගින්දර ???

      Delete
  30. රූප රචනාවක් තියන එක හොඳයි. හැබැයි ඉතිං, මම නම් තාම සිංදු අහන්නේ එක්කෝ රේඩියෝ එකෙන්, නැත්තම් පොඩි mp3 ප්ලේයර් එකකින්. ඒ නිසා රූප රචනා ගැන මගේ ඒ හැටි සැලකීමක් නෑ. ගායක පිරිස සහ වාද්‍ය මණ්ඩලය පේන්න තියනකොටත් හොඳයි. අර ඩෙල් ස්ටුඩියෝ ඒකෙ වගේ. මට මතකයි ජාතික රූපවාහිනියෙනුත් ඒ වගේ සිංදු ගොඩක් දැක්කා ඒ කාලේ.
    මට හිතට වැදුන විෂුවල් එකක් තමා "සෙබලානනේ ඔබ මැරුණා නොවේ" ගීතයට තිබ්බ විෂුවල් එක.
    මේ පෝස්ට් එකට පිටිං දෙයක්- අර ජාතික රූපවාහිනියේ විකාශය උන "සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙල දෙන" ගීතයේ ඒ විෂුවල් එක හොයාගන්න පුළුවන් ද? මම 2007 විතර ඕක කැසට් එකකට රෙකෝඩ් කරා. ඒත් දැන් ඒක ඩිස්ටෝට් වෙලා.
    වර්තමානයේ හැදෙන සිංදු නම් සීයට අනූ නවයක්ම ගන්න දෙයක් නෑ. ආදර සිංදු කිව්වට ඒවා එක්කෝ මහා වල් සිංදු නැත්තම් මල ගෙවල් වල දාන්න හොඳ සිංදු. ඒවා ගැන කිසි දෙයක් නොකියමි.

    ReplyDelete
    Replies
    1. ඩෙල් ස්ටුඩියෝ මරු.. බලන වැඩසටහන් දෙක තුනෙන් එකක්.

      Delete
    2. සිංහල ගීතය විෂුවල් එක්ක විකාශය වුනේ නෑ. ඒ වෙනුවට වුනේ තවත් පල්ලෙහාට ගමන් කිරීම . ඒ අතරේ දැනට හොඳ වැඩසටහන් දෙක තුනක් තියෙනවා , කොහොමත් ගීතයක් විෂුවල් එකෙන් තොරව විඳින්න පුළුවන් නම් එකට තමා ගීතයක් කියන්නේ තාමත් , හැබැයි ජාත්‍යන්තරයේ තත්වය වෙනස්

      Delete
  31. ගීතයේ අර්ථය ඔප් නංවන රූප රචනාවක් නම් එය හොඳ දෙයක්. නමුත් ගීතය එකක් කියන, රූප රචනාව වෙනත් කතාවක් කියන විට ගීතය සමග රූප රචනය එක විට රසවිඳිය නොහැකියි.
    ජයවේ පවුලූෂා!

    ReplyDelete
    Replies
    1. උඹේ කතාව ඇත්ත, හැබැයි අවාසනාවට වෙන්නෙත් ඒ දේම තමා වර්ණයෝ

      Delete
  32. උඹ වගේ බහුශ්‍රැතයන් මේවා ගැනත් ලියන එක අපේ වාසනාව තමා. උඹේ ජාතික ගීය ප්‍රමුඛව මුල් 3 ම දැකලා තිබුණත් අනික්වා අහුවෙලා තිබුණේ නෑ. මෙන්න මේකත් බලාපං ලව් පූසෝ.
    https://www.youtube.com/watch?v=wqqY7uXRE0Y
    මෙතන පසුබිම් රූප රාමු උපුටාගත් චිත්‍රපටිය අමතක කලාම හොඳ භාවමය සංකලනයක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මේක බලපන් පට්ටෙට ගැලපෙනවා ...හැක් හැක්

      https://www.youtube.com/watch?v=O23WSjmZVGY

      Delete
    2. https://www.youtube.com/watch?v=BaEMlKdsFKg&feature=youtu.be

      Delete
    3. අඩෝ ඔය ලලක්කා සිංදුවේ outcast ලගෙ hey ya විෂුවල් එක දාපු එක මාත් මෙතන දාන්න හිටියෙ. පට්ට...

      Delete
    4. මාධවී - ඇත්තටම ඔය විෂුවල් එක කොහෙන් ගත්තත් ගීතයට යම් තාක් දුරකට හරි ගැලපෙන්න යොදාගෙන තියෙනවා , අද ඉන්න එවුන්ට නැත්තේ ඔන්න ඔය තේරීමේ හැකියාව .

      @ සිංදුවා - මරු ඔයි ලලක්කා

      Delete
  33. රුක් අත්තන ගහ මුදුනේ...
    මං හැමදාමත් අාස කරපු වීඩියෝ ඒකක්...
    කියන්ක තයන ගොඩක් දේවල් උඩ අෑයෝ කියලා තියනවා....

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. ඔන්න මම නං මුකුත් කීවෙ නෑ. අපි අනුංගෙ :D

      Delete
    2. අපි මොකුත් කිවුවෙ නෑ බොල.

      Delete
    3. උඹ ආඳා වගේ ලිස්සලා යන හදන්නේ නේ , මාෂල් ..

      Delete
  34. ඔව්...මටත් කියන්න තියෙන්නේ විදානෙ කියපු දේමයි.ඉහත දක්වා ඇති ප්‍රකාශයන් බොහොමයක් සමග එකග වෙනවා කියලා.මේ වගේ හරවත් මාතෘකාවක් කතාබහ කිරීම ගැන ඉවාන්ට ස්තුතියි.මීඩියා ගැනත් නොදන්නා දේවල් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. අනුත්තරා - ස්තුතියි ..නොදන්න දෙයක් දැනගත්ත නම් සතුටුයි

      Delete
  35. ගීතයට දැං එකතුවෙච්ච හතරවෙනි මානයත් අවශ්‍යයි. හැබැයි දැං තියන බොහොමයක් විශුවල් පට්ට පජාතයි. හොටු පෙරාගෙන අඬන එවුන්ගෙ ඒව නං පේන්න බෑ.

    ReplyDelete
    Replies
    1. වැඩිපුර තියෙන්නෙම කොල්ලෝ හොටු පෙරාගන අඬන එවමනේ බං. කෙල්ලෙක් අඬනවා නම් තව ඉවසුව හැකි

      Delete
  36. මචන් උඹ දැන් වැටුණු ට්‍රැක් එක ගැන මගේ හදපිරි මෙව්වා එක..! හේතුව උඹ දන්නවා..:)
    සඳ දිය දෙවුණු සේ කියන්නේ මම ඒ කාලේ ඉඳන්ම ආසම ගීතයක් නමුත් රූප රචනාව දැක්කේ අදමයි.නිලාර් එන් කාසිම් වගන්තියක් ලිව්වත් මම පිස්සුවෙන් වගේ ඇහුව කාලයක් තිබ්බා ඒ තරමටම ලස්සන නිසා..
    අළුත් ගීත රචනා ගැන නම් කතා කරලා වැඩක් නැහැ..සමහර ගීත ඇහුවම නම් හිතෙනවා අපි ඒක කලා නම් ඔයිට වඩා හොඳට කරයි කියලා..අර ලඟකදි සිංදුවක කරල තිබ්බ එක් ඒලියන් නංගිගේ අයියා..අයියෝ සල්ලි..!

    ReplyDelete
    Replies
    1. මම මේ උඹත් එක්ක තරහ වෙලා ඉන්නේ යකෝ :P

      හේතුව මම දන්නවා .එකෙන් කාරී නෑ. නිලාර් එන කාසිම්ගේ ගීත ගැන කතා කරන්න දෙයක් නෑ.
      හරි එහෙනං අපි කරමු විෂුවල් එකක් මොකෝ කියනේ :)

      Delete
  37. පහුගිය පොස්ට් එකේ දාපු වීඩියෝ එක සමගින් ඔබ මේ ක්ෂේත්‍රය ගැන කතා කිරීමට තරම් සුදුස්සෙකු බව මා අනුමාන කර සිටියෙමි. මගේ අනුමානය නිවැරදි කරමින් මෙසේ හරවත් ලිපියක් ඉදිරිපත් කිරීම ගැන මගේ ස්තුතිය පිළිගන්න.. (විහිලුවට නෙමෙයි යකෝ.. ඇත්තටම.. වැදගත් දෙයක් කියනකොට වැදගත් විදියට කියන්න එපයි..)

    රයිට්.. (දැන් වැදගත්කම ඉවරයි..) සමහර සිංදුවලට හදල තියෙන විෂුවල්ස් දැක්කම පුක හපාගෙන මැරෙන්න හිතෙනවා ඕයි.. මන් කියන්නේ නිකං එහෙන් මෙහෙන් අර උඹ හැදුවා වගේ කෑලි බඩ් කරලා නොමිලේ ස්ටෝර්ස් එකේ හදන ඒවා නෙවෙයි.. ලස්ස ගණන් වියදම් කරලා ඒ වෙනුවෙන්ම හදන ඒවා.. දැන් රුප මාධ්‍ය අනිවාර්ය නිසා මේක ඉතා වැදගත්.. ඒ වගේම හොඳ නිර්මාණශීලි ලෙස ඉදිරිපත් කරන්න පුලුවන්නම් තරඟකාරී වෙළඳපොල ජය ගන්නත් පුළුවන්.. මුල් දවස් වල wide angle ල ටිකක් හොඳ නිර්මාණ කරා.. දැන් දැන් උනුත් බංකොලොත් වෙලා කියල වගේ හිතෙන්නේ.. මන් පුද්ගලිකව ගොඩක් සින්දු අහන වෙලාවට ඒවාට ගැලපෙන විෂුවල්ස් 'හිතන' එක කරනවා.. ඒ සින්දුම 'බලන' වෙලාවට .. අයියෝ.. මගේ ඒ සිහින ඔක්කොම හොරු අරං ගිහින් වගේ.. වෙනමම බහුබුතයක් තමයි බලන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔබගේ අනුමානය ගැන මගේ හදපිරි ප්‍රණාමය පිළිගන්න සහෘදයාණෙනි :D

      සමහර විෂුවල් ගැන කතා කරන්න් දෙයක් නෑ බං. ඒ යන වියදමෙන් බල්ලොන්ට ආප්ප අරං දුන්නන්නම් ඊට වඩා හොඳයි. වයිඩ් ඈන්ගල් ලා ඉස්සරනම් හොඳ ගීත ගණනාවක් කළා, එත් දැන් උනුත් රැල්ලට අහුවෙලා. එක්කෝ හිටපු වැඩකාරයා වෙන තැනකට යන්න ඇති . සමහර ගීත වලට කරපු එඉශුවල් නිසා ගීතයත් නැති බනගස්ඨාන වෙලා ගිහිං

      Delete
  38. හොදයි..මචං..
    ඒත් උඔගේ කතාවක් තරම් වැදුනේ නෑ

    ReplyDelete
  39. මං කැමතිම සින්දු ටිකක් කාලෙකින් ඇහුවා. හුඟක් ස්තූතියි සින්දු වලට ඉවාන්..........

    ReplyDelete
  40. මට වැඩියෙන්ම අල්ලල ගියෙ උඹේ මාතෘකාව.හරිම නිර්මාණශීලියි.දැන් තියෙන රූප රචනා ගැන කතාකරන්න දෙයක් නෑනෙ බං.හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ශබ්ධ රසය , අර්ථ රසය සහ දෘෂ්ඨි රසය හොඳයි නේද ? තැනකුයි හැලපයියේ

      Delete
  41. ඉවාන් පවුලුෂා නම ගැන draki කියල තියන කතාව හරි. නමුත් මම නම් ඒ සින්දුවට කැමතියි. දෙවෙනි සින්දුව මට නම් පෙන්නේ අර "ආචි තපර ලා හිලා කියන සින්දුවේ කොපියක් වගේ. අර pink ගැන දාල තියෙනේ කොමෙන්ටුවේ අදහසට මමත් එකඟ වෙනෙවා. සින්දුව සමග පෙන්වන රංගනය වද ප්‍රමබල නම් සින්දුව හිතටවඩා කවදිනවා. ලිපිය අගෙයි. හොඳ සංවාදයක් ගොඩ නැගිලා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නම ගැන ඒ කියපු කතා ටික හරි . ඔය නම හැදුනේ ලංකාවේ . එකත් ඔය ගීතයට.

      pink වගේ නිර්මාණ කරන්න අපේ ය පෙළඹෙනවා අඩුයි කියලයි මම හිතන්නේ මෙතැනදී ගීතයේ සියල්ල බිහිවෙන්නේ එකටම. නමුත් ලංකාවේ බොහෝවිට කෙරෙන්නේ ගීතය නිර්මානයක කරලා කොහෙන් හරි කාලි ටිකක් ඔබ්බවන එක , ඒ නිසා තමයි එකිනෙක සමපාත වෙන්නේ නැත්තේ

      Delete
  42. This comment has been removed by the author.

    ReplyDelete
  43. ඇත්තම කීවොත් පවුලූශා මම නම් කැමති ගීයේ රස විතරක් විඳින්ට. ගායකයා/ගායිකාව පෙන්නනවටවත් මම නම් කැමති නෑ. එතකොට ගීයේ රසය නැතිවෙනවා කියලා මට හිතෙන්නේ. වැඩක් කරනකොට, නින්දට යනකොට, ගීයක රස විඳින්ට පුලුවන්නේ ඇස් වහගෙන. කට්ටිය එහාට මෙහාට දුවන ඒවා බලනකොට ඒක දිහා බලනවා මිසක් ගීය අහන්ට බෑනේ.

    හැබැයි මෙහෙම එකක් තියෙනවා. කැමති කෙනෙක් ලඟ ඉඳගෙන ගීය ගායනා කරනවා නම් ඔන්න ඒක වෙනම දෙයක්ලු...:P

    ReplyDelete
    Replies
    1. ඔව් , රූප රචනා නිසා අද ගීතයට වෙලා තියෙන්නෙත් ඔය දේ තමා , ගීතයේ රසය අභිභවා රූපයේ චලනයන් ඉස්මතු වීම . ඒ නිසා රසවින්දනයට බාධා ඇතිවෙනවා .

      දැන් ඔය කැමති කෙනාට කිව්වද ළඟ ඉඳන් සින්දුවක් කියන්"ට " කියලා :P

      Delete
  44. කෝ මේ ලවු පූශ උඩුකුරුඤ්ඤං වෙලා ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තට කෝ මේ ලව් පූස් ලොකු අයියා
      උඩුකුරුන්ඤ්ඤං වෙලා නම් ඩ්‍රැකි අයියා මේවාට වගකියන්න ඕන.. ඕ යෙස්

      Delete
    2. ප්‍රසා & නිනා - ඉන්නවෝ එලොව ගිහින් මෙලොව ආව :P

      Delete
  45. මං දැකපු එක පට්ට විෂුවල් එකක් තමා, අර “පින් සිදුවන්නේ අනේ බාල ළමුන්නේ“ සිංදුව. ඒ වගේම එකක්, “මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා“ ඒ දෙකම කරල තිබ්බෙ ලොකු කොලාජ් චිත්‍රයක් හදලා, පද මාලාවට ගැළපෙන විදිහට ඒකෙ තැන් තැන් වලට කැමරාව යොමුකිරීමෙන්.

    දෙකම මං දැක්කෙ ජාතික රූපවාහිනියෙ, අපි චූටි කාලෙ...

    ReplyDelete
    Replies
    1. අයි උඹට මතක් නැද්ද අර... "සඳවට රන් තරු" ගීතයට තිබ්බ විෂුවල් එක අර කුරුටු බලි කාටුන් එකක් වගේ එකක් , එක මාරයි බං. තාම මතක් වෙනවා . එහෙව් නිර්මාණ ශීලී මිනිස්සුත් හිටියා

      Delete
    2. සිරාවට... උඹ කියන ඔය සිංදුව මට තාම පපුවට ගොඩක් බරට දැනෙනවා.

      Delete
  46. අඩේ අප්පේ මම හිතුවේ දිවයින කත්තුරු තුමා ලියපු එකක් කියල අර පළවෙනි රූප කාටුනය දැක්කම . ඉවාන්ට විවිධ තල වල ඉඳන් ලියන්න පුළුවන් බවට තවත් හොඳ සාක්කියක්

    ReplyDelete
    Replies
    1. තිලකයියගේ කොමෙන්ටුව මග අරිලානේ, කොහොම හරි දිවයින කත්තුරු තුමා කිව්වම නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ , ස්තුතියි තිලකයියේ

      Delete
  47. ලැප වහල දාල බුදියාගන්න තරම් කලකිරෙනවා අලුතෙන් හැදෙන සින්දුවක් බැලුවාම බන්... අපේ සංගීත කලාවට යන කල ගැනනම් බොහොම කනගාටුයි බන්.. තරුණ පරපුරේ රසවින්දනය බොහොම බාල වෙලා...

    ReplyDelete
    Replies
    1. ටීවී එක පොළොවේ ගහන්න හිතෙන විෂුවල් යනවා සමහර වෙලාවටා , එත් ඉතින් අපේ ටීවී එක නිසා ඉවසලා ඉන්නවා . හැම දේම ඩිජිටල් වෙච්ච් නිසා නිර්මාණ කාරණයත් රොබොටික් වෙලා

      Delete
  48. ඔය සමහර විෂුවල් නිසාම සින්දු එපා වෙලා තියෙනවා.කියලාත් තියෙනවා වගේ ගොඩක් සින්දු වල විෂුවල් ඇවිත් එකම අච්චුවේ එව්වා.අර ගොඩක් ටෙලි නාට්‍යය වලත් එහෙමනේ.එකම කතාව,එකම නළු නිලියෝ නම් ගම් විතරයි වෙනස්.

    සින්දු අහන්න මිසක් විෂුවල් බලන්න මගේ කැමැතක නැති නිසා මට නම් එච්චර අවුලක් නැහැ බං ඕකේ.හැබැයි සමහර සින්දු වල විෂුවල් වලට මමත් ගොඩක් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔව් විෂුවල් නැතිව ගීතයක් රසවිඳින්න පුළුවන් නම් එක තමා නියම ගීතය කියන්නේ .එත් දැන් විෂුවල් නැති ගීතයක් නිර්මාණය වෙන්නේ නැති තරම්. විෂුවල් වලට කැමැත්තක් නැත්තම් බොහොම හොඳයි , මොකද එහෙම වුනාම ගීතය රසවිඳින්න පුළුවන්

      Delete
  49. පරක්කු වෙලා හරි කියන්ඩ තියන දේ කියන්ඩ එපැයි... උඹ කිව්ව වගේ ගීතයේ පද රචනාව, තනුව, ගායකයා එයට එකතුකරන දායකත්වය වගේම විෂුවල් ඒකත් නූතනයේ සාධකයක් වෙලා. ඒකෙ ඇති වරදක් නෑ.. හැබැයි විෂුවල් නැති සිංදු ඒවායේ ගුණාත්මක භාවයත් එක්ක රසවිඳින්න කිසිම බාධාවක් නැතිව පුළුවන්. ඔය කාරනා හතරේඩි සමහර වෙලාවට එකක් දෙකක් ඉස්මතු වෙන්න පුළුවන්. ඒ ඉස්මතු වීමේ ගුණාත්ම සාධකය මත සමහර වෙලාවට සිංදු ජනප්‍රිය වෙනව. සමහර සිංදු තිඔයනවා පද රචනයේ මෙලෝ රහක් නෑ. ඒ උනත් ගායනය සහ සංගීතය නිසා අපි ඒව රසවිඳිනවා. සමහර සිංදු වල ලිරික්ස් පට්ට. ඒ උනාට මියුසික් මෙලෝ රහක් නෑ. තවත් සමහර සිංදු තියනවා පදමාලාවත් එක්ක සංගීතයේ මොලො ගලපිල්ලක් නෑ. ඒ උනත් ඒවත් අපි රසවිඳිනවා සමහර වෙළාවට. උදාහරණයක් ගත්තොත් "නොකියාම එදා ඇසල මහේ හඬ ඇත පායා..." සිංදුවේ තියන සික්ස් එයිට් බීට් එකට සංගීත වල කොල්ලො මඩ තලාගෙන නටනව. හරි නං ඒ යශෝධරාව දුක කියන සහ දුක හංගගෙන සිදුහත් තාපසතුමාට සුභාපතන සිංදුව ඒක...අපේ එවුන් නටනවා. බීට් එකට නටන්නේ නැතුවත් බෑ.. මේ කාරනා ඔක්කොම ගත්තොත් බොහොම සංකීර්ණයි...
    මම ආණ්ඩුවෙ කැම්පස් ගිය එකෙක් නෙවෙයි. ශිෂ්‍ය ව්‍යාපාරය සහ නූතනයේ උන්ගෙ ක්‍රියාකාරකම් අනුමත කරන එකෙකුත් නෙවෙයි . හැබැයි අද දවලුත් මම මේ සිංදුව පුදුම විදියට වින්දා.. මෙව්වට විෂුවල් නෑ... හැබැයි හදවත පතුලට කිඳා බහිනවා... ජය...

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් රසවිඳින්න ඒ අත්දැකීම විඳලා තියෙන්න ඕන නෑ. හොඳ පරිකල්පනයක් සහිත නිර්මාපකයෙක් උසස රසවින්දනාත්මක දේ තිලින කරනවා වගේම , හොඳ රසිකත්වයක් තියෙන රසිකයෙක්ට එහෙම නිර්මාණ තමන්ගේ කරලා වැළඳගන්න පුළුවන්. උඹ එහෙම එකෙක් නිසා උඹට ඕනෑම දෙයක් රසවින්දින්න් පුළුවන්, උඹ ඔය දාලා තියෙන සින්දුව මගෙත් ප්‍රියතම එකක්

      Delete
  50. කමෙන්ට් ටික නම් එල ද බ්‍රා

    ReplyDelete
  51. රසවත් හරවත් වැඩක්


    රූපවාහිනී මාධ්‍යයේ උවමනාවක් නේද රූප.
    ගීතය රූප පරිකල්පනය තාක්ෂණය සහ තවත් බොහෝ දේ හොඳට මිශ්‍ර වෙන්න ඕන නේද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයල් බතී. ඔව්, තාක්ෂනය සමග පදමට කලාව මුසු වෙන්න ඕන , නැත්තම් යාන්ත්‍රික වෙනවා විතරයි

      Delete
  52. අන්තිම සින්දු දෙකේම රූප රචනා අදයි දැක්කෙ මම වැඩ කරන ගමන් නෙ සින්දු අහන්නෙ රූප රචනා බැලෙනවා අඩුයි .'සඳ දිය 'සින්දුවේ රූප රචනය හරි ලස්සනයි අදයි බැලුවෙ :)

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]