Monday, November 16, 2015

හාමිනේ(ට) කඩේ යාම ......... shopping with wife



මේ ...,මේ ....මේ ....
ඕයි නැගිටිනවකෝ ..... නැගිටිනවකෝ ... හැබැයි තේ එක නිවිලා කියලා කියනවකො බලන්න ..
නැගිටිනවා මිනිහෝ ...

මොකක්ද නන්දනී ... නිවාඩු දවසේ වත් .....

නිවාඩු ...නිවාඩු ඉතිං ඔහෙටනේ ...මට කෝ නිවාඩුවක් ,ආ මට කෝ නිවාඩුවක් .....සතියෙම තියෙන තරමක් රෙදි ඇඳලා ඇඳලා කිළුටු කූඩේ පුරවලා , අඩු ගානේ යට ඇඳුමක් හෝදගන්නවද ?
රෙදි කන්දම හෝදලා , සතියම කොස්සක් නොදැක්ක ගේම අතුගාලා හැරෙනකොට මට කෝ නිවාඩුවක් ආ ....
ඒගමන කන්දෙක වහ ගත්තා , ඔව් කියනකොට අමාරුයි ,....

එකනේ මම ඉතිං වොෂින් මැෂින් එකක් ගෙනත් දුන්නේ

මොකක්................. ගෙනත් දුන්න කිව්වේ කඩේ ඉඳන් ගෙදරට වෑන් කට්ටක දාගෙන ආපු එක වෙන්ටැති.අනේ මගේ කට මං ඔෆිස් එකේ දාපු සීට්ටුව නැත්තං ගෙනත් දෙයි මෙන්න කියලා ..

හම්මේ හිට්ලර්ගේ මස්සිනා වගේ මං .

මොකක්ද කිව්වේ , මොනවද ඔය කුටු කුටුගෑවේ ..කියනවා බලන්න කනට ඇහෙන්න ...

නෑ මං කිව්වේ වහින්න වගේ, නැත්තං අද කොහෙට හරි ගිහිං දවල්ට කාලා එන්න ශෝක් දවස කියලා ..

අනේ සිරිල් .... ඇත්තමද ............

මොකක්ද ?

ඔයා ඔය ඇත්තටමද කිව්වේ ... ඒ කියන්නේ ඔයාට අද දවස මතක තිබ්බද ?

ඇයි මොකක්ද ? මොකක්ද අද විශේශේ ..

අනේ යන්න හොරා ... මාව සප්‍රයිස් කරන්න නේද හැදුවේ , ඔයාගේ කටින් පැන්න වැරදිලා .. මම හිතුවා ඇත්තටම ඔයාට මතක නැතුව ඇති කියලා ..

.....හුටා ...මොකක්ද අද විශේශේ ... දැන් මොකක් හරි මේක මතක නෑ කිව්වොත් ඔලුවත් කයි .......
නෑ මට මතකයි ..මොකෝ මට මතක නැත්තේ ...

ඔයා හරිම ශෝක් අනේ ... අපේ ඔෆිස් එකේ අනික් අය නම් කියන්නෙම එයාලගේ හස්බන්ඩ්ලට එයාලගේ බර්ත්ඩේස් මතකම නෑ කියලා

මොකක් ? අද ඔයාගේ බර්ත් ඩේ එකද ?



මොකද මනුස්සයෝ හොල්මනක් දැක්කා වගේ ඇස්දෙක ලොකු කරගෙන ? තමුසේ එතකොට මෙච්චර වෙලා මොකක් ගැනද කියෙව්වේ ? මෙලහකට ඔෆිස් එකේ උඩැක්කියකගේ බර්ත්ඩේ එකක් වෙන්න ඇති .. අනේ අම්මේ මේ වගේ මිනිහෙක්

හා ඒවායින් කමක් නෑ දැන් වහාම ලැස්ති වෙනවා මගෙත් එක්ක ෂොපින් යන්න , අරං දෙනවා මට සාරියක් සඳුදා AGM එකට අඳින්න .

හෑ......... ඔයත් එක්ක සාරි ගන්න යන්න ..දෙවියනේ

හුප්ප් ... මේ මොකද වුනේ සිරි.... අනේ ඉක්මනට වතුර එකක් ගෙන්ඩෝ මේ ,මනුස්සයට සිහි නැති වුනෝඕඕඕ

*****

උපන් දිනය ළඟ එන හින්දා
මාවත් ඇදගෙන මගේ උන්දා
සාරි ගන්නලු අනේ මන්දා
සාප්පු ගානේ ගියා ...


අර පාරෙන් මේ පාරෙන් රිංගා තවත් පාරකට ආවා
කෙයිසර් විදියේ තුං මං හන්දියේ තොමාගේ සාප්පුව දුටුවා
ඇතුලට පැන්නා පුටුවක් දුන්නා සාරි පෙරලුවා


ඇද්දා පැද්දා දැම්මා ගැහුවා ඇඳලා පැදලා බැලුවා
ඒකෙ මල් වැඩියි මේකේ තිත් ලොකුයි තව මොන මොනවද කිවා
මේවත් සාරිද ගෑනුත් අඳීන කටින් පිටවුනා


ඈනුම් ඇර ඇර හැන්දෑ වෙනකම් සාප්පු හැටකම බැලුවා
පුදුම සාරියක් මේක ලෝකේ නැ වෙන දවසක එමු කිවා
සාප්පු යාමත් සාරි ගැනීමත් එදා ඇතිවුනා ....


ගායනය - ප්‍රෙඩී සිල්වා
ගී පද - සිරිල් ඒ සීලවිමල
සංගීතය - ප්‍රැට්‍රික් දෙනිපිටිය



අපේ රටේ හැකියාවන් වලට නිසි ඇගයීමක් නොලැබුණු පුද්ගලයින් වර්ග කලේ නම් ඒ අතර ඉදිරියෙන්ම සිටින්නේ ෆ්‍රෙඩී සිල්වා කළාකරුවානන් බව නොකිවමනාය .  ඔහුගේ රංගන හැකියාව හැම විටම කවටයාගෙන් ඔබ්බට නොයන්නාක් විය , නමුත් කුසලතාවයන් අතින් ඔහු චරිතාංග නළුවෙකු බව ඔහුට් ලැබුණු එවන් සීමිත් අවස්තාවලදී මනාකොට ඔප්පු කර පෙන්වීය .

ගායන ලෝකය තුලදී ඔහු හැම විටම වැහි වලාවට මුවාවූ රිදී රේඛාවක්ම විය. නමුත් ඉඳහිට මහා අකුණු සැරයක් මෙන්  ගායන ලොව පුරා එලිය විහිදැවීය නමුත් ඔහු ප්‍රබුද්ධ ගණයට අයත් යැයි කිසිවෙකු නොසලකූ නිසාම ඔහු ට ලැබිය යුතු වූ ත නොලැබුණු බව මගේ මතයයි.

සමාජයට පණිවිඩයක් දීම ,ගීතයක අරමුණ වීනම් ඔහුගේ ගීත ගායනා තරම් ඒ ප්‍රකාශය අරුත් ගැන්වූ ගීත තවත් නොවීය .
උදාහරණ ලෙස
        පාන්කිරිත්තා , පරණ කෝට්, ගහපල්ලා තව පෙත්සම් සහ දවසක් දා කකුලුවෙකුට වැනි ගීත දැක්විය හැක, (තවත් විස්තර සඳහා මෙතන බලන්න ) එමෙන්ම එම පන්නයේ ගීත වලටම සරීලන උපහාසත්මක කටහඬින් ඒ ගීත වලට ලැබුණු  ආලෝකය මෙතරම් යයි කිව නොහැක. මේ සටහන ඒ සොඳුරු කළා කරුවාට උපහාරයක්ම වේවා


ප.ලි.

ෆ්‍රෙඩී සිල්වා විසින් ගායනා කරන මේ ගීතය මට එවන ලද්දේ අපේ ගීත විශ්වකෝෂය වන සිංදු ඇනෝ විසිනි. මේ ස්තුතිය සිංදු ඇනෝ සහෘදයාටයි.  ඔහු විසින් ගීතයේ සියලු විස්තර පද මාලාව සහ mp3 හඬ පටය මවෙත ඒවා තිබින. අන්තර්ජාලයේ ඇති පිංතුර ටිකක් එකතු කරගෙන මේ ගීතය සඳහා ඉතාමත් ආධුනිකමට්ටමේ වීඩියෝ පටයක් මවිසින් නිර්මාණය කෙරින. ඉහතින් දැක්වෙන්නේ සිංදු ඇනෝ එවූ mp3 ගොනුව සඳහා මවිසින් නිර්මාණය කල වීඩියෝ පටයයි.

154 comments:

  1. මං ඒත් බැලුවා සින්දු ඇනෝ පට්ටම උඹ ගන්නද හදන්නේ කියලා. හැක්

    හිටිං හිටිං වීඩියෝ එක මේ වෙලාවේ බලන්න බෑ.. සික් බං උඹට අර විදියටද පව්ල (???) කතා කරන්නේ. අපිට නං දෙයියන්ට වගේ බං කතා කරන්නේ. .හැක්

    ReplyDelete
    Replies
    1. //අපිට නං දෙයියන්ට වගේ බං කතා කරන්නේ//
      පඩි දවසට වෙන්ටැ.
      අනික් දවස්වලනං ගෙයින් එළියට දාලනෙ ඉන්නෙ.

      Delete
    2. දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍ ම‍ගෙ‍ කා‍රී‍ බෝ‍ සේ‍
      ගෙ‍න‍ පැ‍න්‍ ක‍ළේ‍ එ‍යි‍ දැ‍න්‍ ක‍ලේ‍
      පෙ‍ම්‍ පා‍ ලො‍ලේ‍ බ‍ත්‍ කා‍ මු‍ලේ‍
      දැන් බාරී තේරී

      නා‍කි‍න්‍ට‍ත්‍ මේ ලෝ‍කේ‍ සන්තෝසේ
      බෝදෙත් නාරී

      දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍..

      මට බුලත් කොටාලා දෙන්නේ
      කර පෙම් පෙම් පෙම්
      මට බතුත් බෙදාලා දෙන්නේ
      හුරතල් ලොල් ලොල්
      මහලු උනත් මම්
      විඳිමි සැපාකම්
      සිත් තොස් වෙන්නා මේ කාරෙන්
      බෝ වී මාගේ වාසනා

      දැ‍න්‍ බා‍රී‍ තේ‍රී‍..//

      (නා‍ට්‍ය‍ය‍ - වෙස්සන්තර)

      Delete
    3. //අපිට නං දෙයියන්ට වගේ බං කතා කරන්නේ//

      මට කොයිල් වාගෙ :D

      Delete
    4. //අපිට නං දෙයියන්ට වගේ බං කතා කරන්නේ//

      දෙයියම්පා

      Delete
    5. @ දේශා - දෙයියා වැඩම්මවන්නේ ගෙයින් එළියේ හදලා තියෙන පාන් පැලටලු නේ ..... හිනා වෙලා මලා

      @ ප්‍රසන්න - නැතුව නැතුව ..ගෙදර යකඩ ඉන්නක් තියාගන්නේ නැතිලු දේශා ඉන්නකං.

      @ පත්තරේ & මාෂල් - අපි නොදන්නා චෙස්

      @ සිංදු - සිංදු වැස්සක්

      Delete
    6. පොඩි දේශාගෙන් ඉස්කෝලේ ටිචැර් ඉන්නෙ කොහෙද කියලා..
      “නාන කාමරේ“ කිව්වලු..ටිචර් අහපුවාම ඇයි පුතා එහම කියන්නෙ කියලා...තාත්තා උදේට නාන කාමරයට ගියාම අම්මා හැමදාම කෑ ගහනවා...
      “දෙයියනේ...ඔයා ඔකෙන් එලියට එන්නෙ නැද්ද කියලා,,,,?“

      Delete
  2. කාන්තාවන්ට මෙහෙමත් අපහාස කරන සිරිතක් තියෙනවද.

    ReplyDelete
    Replies
    1. පිස්සුද සඳමාලි අපි එහෙම කරනවද? ඔන්න වැරැද්ද ෆ්‍රෙඩී සිල්වාගේ ... නැද්ද හොඳයි

      Delete
  3. මං නං මචං... ඔය වැඩේට යනවානම් මං යන්නේ ලංකාදීප හරි දිවයින හරි පත්තරයත් අරං.... අම්මපා පැය ගානක් ඒකම රෙද්ද දිහා අායෙම අායම බල බල ඉන්නේ කොහොමද????? අනික හැම කඩේකින් ම ගණං අහලා අායෙම පළවෙනි කඩේට ම බඩගාලා ඒකෙන් රෙදි ගන්න ඒකනේ........ ඔය පත්තරේ නැතුව ගියොත් මචං අපිට වෙන්නේ හැගර් ටිකක් ඒල්ලගත්තු රැක් ඒකක් වගේ අර කඩේ පුරා අැවිදින්නයි..... ඔයිට ලේසියි උපන්දිනේ ෆෝන් ඒකේ රීමයින්ඩර් දාගෙන ඉදලා කලින් දවසේ කෝටි ගාණක හරි තෑග්ගක් ගිහින් දීපං..... ඒක ලේසියි.... අම්මපා

    ReplyDelete
    Replies
    1. //අනික හැම කඩේකින් ම ගණං අහලා අායෙම පළවෙනි කඩේට ම බඩගාලා ඒකෙන් රෙදි ගන්න ඒකනේ//
      ++++++++++++++++++++++++++++++++++++
      සියලුම සැමියන්ගේ ශෝකාලාපයි මේ ....
      //ඔය පත්තරේ නැතුව ගියොත් // උඹ මොකද මේ පත්තරයා එක්ක ෂොපින් යන්නේ ...

      Delete
    2. පත්තරය එක්ක ගියොත් නෝන රෙදි තෝරල ඉවරවෙනකොට කුරුට්ට හරහ වැටිල ඉඳියි අඹ බීල.

      Delete
    3. පත්තරයා තමා ඒකම පිහිට සින්දුවෝ.............. නැත්තං අපි අනාථයි........ පත්තරේ පත්තරේ ඔබ කොහිද???

      Delete
    4. ඌට මෙහෙ ෂොපින් යන්න බෑ කියලා ඉතාලියට පැනලා ඉන්නේ ...හැක්

      Delete
    5. ඉතාලියේ ෆැෂන් බග්, තිලකවර්ධන, කොටුවේ කඩේ, ශ්‍රියානි, වගේ කඩවල් තියෙනවාද කියලා මේකා බැලුවාලු.... ඒවා නැහැ කියලා තමා යන්නේ.... පත්තරයා දන්නෑනේ ඉතාලියේ වෙනනම් වලින් රෙදි කඩ තියෙනවා කියලා...

      Delete
    6. ඉතාලි ගියා කියලා වෙනසක් නෑ..බැග් මලු එල්ලගෙන පිටිපස්සෙන් ගියාලු

      Delete
    7. කොටුවේ කඩේ, ශ්‍රියානි කියන කඩ කොහෙද බං තියෙන්නේ? මම අහලා නෑ ඒ නම් දෙක.

      Delete
    8. කොටුවෙ කඩේ නං තියෙන්නෙ මාතර, ශ්‍රියාණි ඩ්‍රෙස් පොයිට් නං ගොඩක් ටවුන් වල තියෙනව.

      Delete
    9. කොටුවෙ කඩේ ශාකාවක් පුංචි බොරැල්ලෙ තියනව වෙන නමකින්. ශ්‍රියාණි කියන එකනම් කුරුට්ට බියුටි සැලෝන් එකක් ඉස්සරහ ලකා ගහගෙන හිටපු තැනක්.

      Delete
    10. හුරේ … මං ආවා
      මං එදාවේල හොයාගෙන කාල ඇඳල ඉන්නවට ඉරිසියාකාර හැතිකරේ .. හෙනම ගහලා අකුලෝගෙනම පල .හැක හැක ..ලබන ආත්මෙ තොපිට ගෑනු දෙන්න දෙන්න ලැබෙන්න ඕන. කාල වරෙව් :D

      Delete
    11. අනේ ඉතිං තුෂෘරයා මාස ගානකින් උගත් පාඩං

      Delete
    12. @ කුරුට්ටා - ඔය පත්තරේ ගෙනිච්චම උඹ ලහි පිට , මංගල දැන්වීම් එහෙම ඔක්කොම කියවලා ඉවර කරලා අන්තිමට මුද්‍රණ දෝෂ හොයන්වලු නේ ..

      @ කුරුට්ටා, ප්‍රසා , මෙන්ඩ, සිංදු - මොකෝ බං මේ අහිංසක පත්තරයාව කන්න හදන්නේ

      @ පත්තරේ - යකෝ ඔය තරං දරුණු සාප කරන්න එපා බං මිනිස්සුන්ට

      @ මාෂල් - එහෙම සීන් එකක්ද බං. අහිංසක තුශාරයා

      Delete
    13. //අහිංසක පත්තරයා//

      මං හිතන්නේ මේකේ මොකක් හරි අවුලක් තියෙනවා.... අායෙම බලහං

      Delete
    14. කුරුට්ටෝ , ඉවා නයා ට කවදාවත් නැතුව මෙන්න අද පත්තරයා අහිංසක වෙලා ... මෙතන මොකක් හරි දෙයක් තියනවා මචෝ ..ෂොපින් සිද්දියක් වාගේ ..හැක්

      Delete
  4. රොම්බ තැන්ක්ස් ඉවාන් ...ඇත්තටම මචෝ සිරිල් ඒ සීලවිමල හා ෆ්‍රෙඩි සිල්වා එකතුව මේ වාගේ හැංගුන ගීත ගොඩක් තියනවා අර "ප්‍රේම් ෆ්‍රෙඩි " වාගේ ...මේ ගීතයේ තවත් විශේෂයක් තියනවා.මේ ගීතය නිකුත් වෙලා තියෙන්නේ 1961 ෆ්‍රෙඩිගේ විවාහය දවසේමයි ... "සිරිල් ඒ සීලවිමල හා ෆ්‍රෙඩි සිල්වා එකතුවක් දෙන්නම් ළඟදීම ....
    මටත් පෙන්නන්න බැරි වැඩක් ගොයියෝ මේ ෂොපින් යන එක ....අයියෝ ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මචං උඹ මේ දන්න විස්තර දන්නා කෙනෙක් ගුවන් විදුලියේ වත් නැති බව නම් ෂුවර්. උඹ තමයි ගීත ලෝකේ ති.නා.

      Delete
  5. ඔහොම කීවට ඉවාන් අය්ය තව දවසක් සොපින් ගියාලු...
    ගිහිං ආවෙ කෝමෙයි දන්නවද...
    සොපිං උරේකලු... හැක්...
    අර වීඩියෝ එක.. හැක් එහෙං මෙහෙං පොඩි පොඩි පැිලි තිබ්බත් පොඩි පහේ කික් එක්කුත් නැත්තෙම නෑලු... හිහි
    ඉතිං සොපිං උරේ ගමන සැප පහසුයිද ඉවාන්නය්යෙ...
    හිහි

    ReplyDelete
    Replies
    1. ෂොපින් උරේ ගමන දාහකින් සම්පතයි බං. වීඩියෝ එකක් හැදුවමයි බං මම. පොඩි පොඩි නෙවෙයි ලොකු ලොකු අවුල් ඇති ඒකෙ, තැනකුයි වේවා මහේෂ්

      Delete
  6. ගිය සතියේ වෙඩිං ඇන්වසරි එක අමතක වුනා..හිතා ගන්න පුලුවන් නේද ආතල් එක..?
    හිත පිරිලා ගියා බං උඔ කෙටි කතාවක් ලියලා කියලා...
    සින්දුවා කියන්නෙ ෆ්‍රෙඩි වගේම වැඩ්ඩෙක්..

    ReplyDelete
    Replies
    1. //ගිය සතියේ වෙඩිං ඇන්වසරි එක අමතක වුනා..හිතා ගන්න පුලුවන් නේද ආතල් එක.//
      ඒක තමා පහුගිය ටිකේ වැඩිය පේන්න නොහිටියෙ නේද?
      ඉතිං, දැං සනීපද තුවාල ටික.

      Delete
    2. මෙහෙමනේ ප්‍රසා....... මෙන්ඩාට තෑගි දෙන්න ඒච්චර අමාරු නැහැනේ...... කම්පැනියෙන් ම බඩු ටිකක් ඔතලා දෙන ඒකනේ.... අපිට ඒහෙම බෑනේ... අපි තමා තුවාල කරගන්නේ....

      Delete
    3. @ මෙන්ඩා.- හිතාගන්න් පුළුවන් විතරක් නෙවෙයි මැවිලා පේනවා ආතල් එක . ඉතිං ඇඳ යට තාම මකුළු දැල් එහෙම තියෙනවයි

      Delete
  7. හැක්... පවුලත් එක්ක ෂොපිං යන එක පිරිමි හැමෝටම තියෙන භයානක ප්‍රශ්නයක් වගෙයි.

    ගායකයගෙ සමාජ තත්වෙ අනුව, කියන සමහර සින්දු අනුව ඒ ගාය‍කයො පීචං කරන එක ඒ කාලෙ තිබ්බ තත්වයක්. ප්‍රෙඩී, ජෝතී, නිහාල් ල පීචං උනේ ඒ නිසානෙ. හැබැයි ඒ මිනිස්සු කියල තියෙන හොඳ සින්දුවලට ප්‍රසිද්ධියක් දෙන්න ඒ කවුරුවත් ඉදිරිපත් උනේ නෑ.

    අර වීඩියෝ එකේ ලස්සනට තියෙනව උඹ පවුල පස්සෙං පෙට්ටි ටික උස්සගෙන යනව. :D

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න අයියගේ ලිස්ට් එකට එන්න ඕන තව කීප දෙනෙක්ම ඉන්නවා , ඇත්තෙන්ම සදා අමරණීය ගීත වල උරුමක්කාරයෝ බොහොමයක් නිසි ඇගයීමට ලක් නොවුණු ඈයෝ තමා .

      ශිකේ ඒ කෑල්ල දැක්කද ප්‍රසා ...

      Delete
  8. මොකද මනුස්සයෝ හොල්මනක් දැක්කා වගේ ඇස්දෙක ලොකු කරගෙන ? තමුසේ එතකොට මෙච්චර වෙලා මොකක් ගැනද කියෙව්වේ ? මෙලහකට ඔෆිස් එකේ උඩැක්කියකගේ බර්ත්ඩේ එකක් වෙන්න ඇති .. අනේ අම්මේ මේ වගේ මිනිහෙක්


    මරු මරු මරු කන්ට ඇති අම්බානෙට..... ඒක තමා මේ දවස් ටිකේ අයියණ්ඩි පේන්ට නොහිටියේ.

    ReplyDelete
    Replies
    1. කෑවද කියන්නේ කෑවා නිකං මෙන්ඩා කෑවා වගේ ...

      ස්තුතියි වර්ණේ

      Delete
  9. මතක් වෙනකොටත් කකුල් කකියනවා .......!

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතින් අර ස්කුටි එකක් පැදගෙන යන්න එපැයි !

      Delete
    2. ස්කූටි දෙකක් එපැයි..එකක මම... අනිකේ මගේ බඩගෙඩිය...හෙක් හෙක්....

      Delete
    3. මොන ස්කූටිද? ලේටස්ට් මොඩල් එකේ ලෑන්ඩ් රෝවර් එකක් තියෙනවා නේද?

      Delete
    4. //ලේටස්ට් මොඩල් එකේ ලෑන්ඩ් රෝවර් එකක් තියෙනවා නේද?//
      සැක් ...තියනව නේන්නම් ඒත් වැඩක් නෑ. ස්කූටිය හොදයි එයිට වඩා නියරක් , වක්කඩක් උඩින් යන්ඩ බැරි ලෑන්ඩ් රෝවරේ.
      හැබැයි දෙකක් දාල දොයියන්ඩ කියාපු බාන්ඩෙ ගැස්සෙන් නෑ , පැද්දෙනව විතරයි.

      Delete
    5. ඔය උපේක්ෂා කියන්නේ ෂොප් එක ඇතුලේ යන්න ස්කූටියක් ගන්න කියලා....ඔයාලට ඒකවත් තේරෙන්නේ නෑනේ..

      Delete
    6. //හැබැයි දෙකක් දාල දොයියන්ඩ කියාපු බාන්ඩෙ ගැස්සෙන් නෑ , පැද්දෙනව විතරයි.//

      මාත් සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ ගත්ත බූරු ඇඳක් :D ඕ යේස්

      Delete
    7. @ චෙෆ් බොස් - කකුල් රිදෙනකන් ඇවිදින්න එපා . ඔබ තුමා ඇවිද්දොත් අඩු ගානේ නියපොත්තක්වත් ගලවගන්නවා කියලයි 8M-Raft තුමා කියන්නේ

      @ උපේක්ෂා - අනේ උඹ දන්න ස්කූටි , ටින් කබලා

      @ ඉයන් , කම්මල - ලෑන්ඩ් රෝවරේ ගැන හරිම විස්තරේ දෙන්නේ ප්‍රා තමා

      @ පත්තරමල්ලි - නැතුව බූරුවෙකුට නිදියන්න ආර්පිකෝ මෙට්ටයක් ගන්නැයි

      Delete
  10. සැක් ඔය ෂොපිං කෙරුවාව ඉවසෙගෙන ඉද්දිත් අහනවනෙ ..." ඔයාට මාත් එක්ක යනකොට තමයි මූණ ඇද කරන් යන්නෙ " . යකෝ කඩවල් පහක විතර තට්ටු හතර ගානෙ අඩියෙන් අඩිය නැවතිලා , ආපහු පලවෙනි කඩේ ගාවට එද්දිත් හිනාවෙලා ඉන්ඩ බැරි බව මේ උන්දැලට නොතේරෙන හැටි.
    අපි සාප්පු යාම කරුමයක් කියල කිවුවට මේ ලගදි අපේ කැමා උදේ 10.00 ඉදං හවස 5.30 වෙනකම් ෂොපිං ගියා මීක් නැතිව . ඕඃ වෙන්ඩ හස්බන්ඩො. ඉගෙන ගනින් ඉවාං මල්ලි .
    පොඩ්ඩක් හිටිං වීඩියෝ එක බලල එනකම්.

    ReplyDelete
    Replies
    1. වීඩියෝ එක බලල ඇවිල්ලද ඩබොල දාන්නෙ.

      Delete
    2. යකෝ දෙමල නයන්නො ඒක හැමතැනම නෑ ,හැමදාම නෑ

      Delete
    3. දෙමල නයන්න නෙමෙයි බං ....කොනදෙමළා...

      Delete
    4. @ කම්මල - මට මතක් වුනේ අර සූර පප්පා එකේ සූර පප්පා ටයි ජිම් පප්පටයි සීසර් දෙන ටාස්ක් 12 ඇතුලේ තිබ්බ අර පිස්සු හැදෙන බිල්ඩිමට ගිය ගමන .. නිකං ඒ වගේ තියෙන්න ඇතිනේ

      Delete
    5. යකෝ දෙමළ නයන්න කියනවානම් ඉංග්‍රීසි ප්‍රයන්න කියලත් කියහල්ලා

      Delete
    6. අඩෝ කම්මලයා.... කේලම් කියන්න එපා බොල... ශික්...

      Delete
    7. ඒකනේ කුරුට්ටො, මුංට නොදන්න දෙමළෙමනෙ පේන්නෙ. අච්චර පොෂ් ඉංග්‍රීසි කෑල්ලක් තියෙද්දි

      Delete
    8. මමනං කියන්නේ සිංහල සන් කියලා

      Delete
  11. ෆ්‍රෙඩී ඒ කාලේ මමත් ආසාවෙන් අහපු ගායකයෙක්. මට මතකයි මම පොඩිම කාලේ ඉඳ හිටලා එයාගේ සිංදුවක් දෙකක් යනවා රේඩියෝ එකේ. ඔය ප්‍රබුද්ධ, සම්භාව්‍ය කියන එකෙන් මිනිස්සු අර්ථ දක්වන්නේ මොකාටවත් තේරෙන්නේ නැති, කුණුහරප වගේ පද වැලක් තියන සිංදු නේ (ගොඩක් වෙලාවට) ඒත් මේ වගේ සරල ගායකයෝ තමා හැම මිනිහෙක්ම අහන්නේ.
    ගෑනුත් එක්ක සාරි නෙවේ ඇල්පෙනිත්තක් ගන්න ගියත් ඔච්චර තමා. අපේ ක්ලාස් ඒකෙ සෙට් එක දවසක් අවුරුදු දවස් වල ඇඳුම් ගන්න ගියා ක්ලාස් ඉවරල. මමත් උන් එක්කම ගිහිං, ඩෙනිමයි ටී ෂර්ට් එකයි තෝරාගෙන, ෆිටෝන් බලලා, සල්ලිත් ගෙවලා එනකල් අනේ අනික් උන් ටික අර කෙල්ලොත් එක්ක ඇඳුම් තෝරනවා.. ඔන්න ඕකයි අපි තවම සිංගල්.

    ReplyDelete
    Replies
    1. ෆ්‍රෙඩී සිල්වා ගැන කියන්න තියෙන දේවල් ගොඩක් කියවුනේ නෑ කවදාවත් , ඒ මිනිස්සු මුළු රටක්ම හිනස්සලා අන්තිමේ කිසිම ඇගයීමක් නැතුව මැරිලා ගියා .

      Delete
  12. හප්පේ ඔය සොපින් යෑමත් හරියට
    සොපින් ගියත් තෝ නසී, ගෙදර හිටියත් තෝම නසී වගේ වැඩක් හැක්...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය වෙලාවට තමා තෙලිජ්ජ ටිකක් බීලා වැටෙන්න හිතෙන්නේ නැද්ද වාඩියෝ

      Delete
  13. ඒ දවස් වල මගේ ක්‍රමය නම් තනියම චෙන්නායි වලට ගොස් සාරි විස්සක් පමණ ගෙන දීමයි. ඒ කාලේ ටිකට් එකේ ගණනත් සාරී වල ගනනත් එකතුකරත් ලංකාවෙන් ගන්නවාට වඩා ලාභ සහ කාලය ඉතුරුයි. දැන්නම් චෙන්නයි කඩවල සාරී ගණන්ය. ඒ ඇර කවම කවදාවත් ඇය සමඟ සාරී ශොපිං නොගියෙමි. චෙන්නායි වලට ගියේ සාරී ගැනීම සඳහා පමණක්ද යන්න ඇසීම තහනම්ය? උපන් දිනය අමතක නොවූයේ මගේ සහෝදරයාගේ උපන් දිනයට පසු දින බැවිනි.

    ReplyDelete
    Replies
    1. නෝටි සාමිපුරුසයෙක්

      Delete
    2. ඇසීමට සිටි ප්‍රශ්නය කලිම ඇසීම තහනම් කර ඇති බැවින් ප්‍රශ්න ඇසීමෙන් වලකිමි . හොඳ වෙලාවට උපන්දිනය අමතක් නොවෙන කරුණක් දීලා තියෙන්නේ , නැත්තං අයියෝ ඉයන්

      Delete
    3. //ඇසීමට සිටි ප්‍රශ්නය කලිම ඇසීම තහනම් කර ඇති බැවින්//
      අැඩෝ ඒම පුලුවංද ඩෝ මේ ඒරියා එකේ.

      Delete
    4. අඩෝ..අපිට ඔනනම් අපි ප්‍රස්න ආනවා..දානවා..කඩෙන් කනාද? අපෙන් කනාද?

      Delete
  14. ෆ්‍රෙඩී සිල්වගේ සින්දු මම පොඩි කාලෙ සාහිත්‍ය සමිතිවල කියලා කාඩ් එකකුත් ගහගෙන හිටියා. ෆ්‍රෙඩීගෙ සින්දු වලට මම කැමතියි නමුත් චිත්‍රපටිවල විකට චරිත නම් ඔයිට වැඩිය හොඳට කරන්න තිබුනා කියන එකයි මගේ අදහස.

    ෂොපිං යාම ගැන කිව්වොත් අර උඩම තියෙන කාටූන් එකෙන් පට්ටාං ගම්මු.

    අර හාඩ්වෙයා එක හෙවන් කියලා තියෙනවා නේද? අම්මපා ඔව්. මටත් හාඩ්වෙයාවල පැය ගනං ගත කරන්න පුලුවන් එක එක ගැජට් බල බල අත ගගා, ගනං අහ අහ.
    ඒ වගේමයි පොත් සාප්පු, පුස්තකාල, වාහන ස්පෙයා පාර්ට්ස් කඩ, වාහන ඇක්සෙසරීස් කඩ, ඔය වගෙ තැන් හුඟක් තියෙනවා.

    දැන් මම උඹලව පුදුම කරන්නයි යන්නේ. ඒ වගේම උඹලගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ලට වයිෆ්ලට උඹලව එපා කරන්නයි යන්නේ.

    මට පුලුවන් මගෙ වයිෆ් එක්ක ඔය සපත්තු, ඇඳුම් ඕනෙම සාප්පු සවාරියක කෙඳිරි නොගා යන්න. ඇත්තෙන්ම මම තමයි සමහර විට බල කරන්නේ මේකෙත් බලමු. අර කඩෙත් බලමු, උඩ තට්‍ටුවටත් ගිහින් එමු කියලා. එයාගෙ හුඟක් ඇඳුම් ‍තෝරන්න මමත් උදව් වෙනවා.

    සිරාවටම.

    බෑ බෑ බං මට උඹලගෙ ගෑණුත් එක්ක ෂොපිං යන්න බෑ. දීප මොනවා හිතයිද? බෑ කිව්වොත් බෑමයි.

    Dude the Chick Magnet

    ReplyDelete
    Replies
    1. මට හැඟී යන විදියට මෙතන තත්වෙ අනික් පැත්තට වගෙයි තියෙන්නෙ. දීපත් එක්ක ඇඳුං ගන්න ගියාම එයැයි රෙදි ගන්න යන වෙලාවට වඩා වැඩි වෙලාවක් ඩූඩ් එක්ක හාඩ්වෙයා ගානෙයි, වාහන ස්පෙයා පාට් කඩ ගානෙයි, වාහන ඇක්සසරීස් කඩ ගානෙයි වගේ ගෑනු කට්ටියට කිසිම සම්බන්ධයක් නැති ඒව තියෙන කඩ ගානෙ රස්තියාදු ගහන්න වෙනව වගෙයි.

      Delete
    2. ඕක තමයි වෙන්නෙ ප්‍රසා... හි හි... අපෙ මහත්තය එක්ක හාඩ්වෙයාර් එකකට ගියත් ඔය ඩූඩ් වගේම තමයි... හාඩ්වෙයාර් නෙවෙයි ආර්පිකෝ එකකට ගියත් එච්චරයි.... හාඩ්වෙයාර් කෑලි තියෙන හරියෙන් ඇඳගෙන එන්න හරිම අමාරුයි... හි හි...

      ඒ වගේම තමයි මාත් එක්ක ඇඳුමක් ගන්න ගියත් ක‌ඩේ තියෙන තරමක් ඇඳුම් මට අන්දල බලයි.... තියෙන තරමක් කඩ ඔක්කොටම මාව ඇඳගෙන යයි... මටයි ෂොපිං එපා වෙන්නෙ එතකොට... හැබැයි එයාට ඇඳුමක් ගන්න ගියාම මට ජිවිතේ එපා වෙනව... හරිම අමාරුයි ඇඳුමක් අරන් දෙන්න.. දැං එපා.. පස්සෙ ගමු ... ගාන වැඩියි... අරක මේක....

      Delete
    3. අපොයි ඔව් අපි නොදන්න ඩූඩ්

      Delete
    4. @ ඩූඩ් - දවසේ කොමෙන්ටුව , අම්මප මට හිතෙන්නේ ඩූඩ් එක්ක හාඩ් වෙයාර් එකකට යන්න කිව්වොත් මේ ටික කියනවා ඇති දීපඅක්ක . අනිවා

      @ ප්‍රසා - අන්තිමට නිවාඩුව දවස් දෙකයි ෂොපින් දවස් තුනහමාරයි

      @ හිරු - මහත්තයා සිස්ටම් එක අල්ලාගෙන වගේ, එතකොට හිරුවා කවදාවත් ෂොපින් යන්න කතාකරන්නේ නැතුව ඇති අපේ මහත්තයට

      Delete
    5. @හිරු
      මොනවා! අපේ මහත්තයා යි ඔයාගේ මහත්තයයි නිවුන්නු ද මන්දා ! :D

      Delete
    6. ඔය දෙන්නත් නිවුන්නු වෙයි එහෙනං

      Delete
  15. මාතෘකාව දැක්කහම මට හිතුනෙ අපේ නිර්භීත රෝමන්කාරය ගැන ලියල ඇති කියල

    ReplyDelete
    Replies
    1. //අපේ නිර්භීත රෝමන්කාරය// ප්‍රා මේ අර ප්‍රියම්භිකාගෙන් හැම වෙලාවේම කනෙන් ඇදලා ටොකු පාර කන පොර නේද ?...කොන්ඩෙන් අදිනවා කියලා කොන්ඩේ කැපුවේ මූ නේද ? ...හැක්

      Delete
    2. අර සපත්තුවල ලේස් ගැටගහන එක්කෙනාද?

      Delete
    3. ඔය කියන්නේ අර කාර් එකෙන් බැහැල අඩි දහයක් ගියහමත් , ‘‘ රිදෙනවද බබී කියල අහන ගමං දෙනෝ දාහක් මැද්දේ හරි කකුල් මිරිකන එක්කෙනා ගැනද ‘‘

      Delete
    4. මංදන්නෙ එකදෙයයි.
      එතුමා ස්ත්‍රී පාර්ශවයට කිසිම බයක් නෑ........ කිලෝමීටර් දෙතුන් දාහකට එහා ඉන්නකොට.

      "කන්න උයල දෙන අතින් ඕනැ කෑමක්" කියන එක එතුමාගේ පාඨය

      Delete
    5. හරියට හරි එකා තමයි ............

      Delete
    6. එහෙම තමයි බොලව් අන්‍යෝන්‍ය අවබෝධය සහජීවනය එක්ක පවුල් කන්නෙ .. චැහ් . මං දිහා බලල හැදියව් :D වරදින් නෑ සංසාරෙකට .

      Delete
    7. ඒ රෝමන් කාරයානම් ඇත්තම අර සූර පප්පා එකේ රෝමන් කාරයෝ වගේමයි

      Delete
    8. ගම කනවා යකෝ..මෙහම නවනිගිරාවක්...
      නිව්ටන් අයියාගේ වෙස්ට්‍රන් සැලුන් එකට බැහැපු කොල්ලෙක්ට මෙහම වුනයි කියලා දන්නවානම් පිටිපස්ස දොරෙන් නුවර වැවට පනිනවා..

      Delete
  16. Is anyone remember Predi silva was crying in TV program?? I heard after that President Premadasa gave him a house.

    ReplyDelete
    Replies
    1. i couldn't remember the incident , but i have heard ... thanks ano

      Delete
  17. යකෝ මම මගේ ෆෝන් එකේ ඔය ඔක්කොම ඇනිවසරි, අර සරි, මේ සරි, ඔක්කොම දාගෙන ඉන්නේ ඊට කලින් දවසේ එලාම් රිමයින්ඩර් එකක් වදින විදිහට. එක සැරයක් ඔව්වා අමතකවෙලා දවස් කීපයක් කතා නොකරත් හිටියා.

    අනෙ අම්මෝ.......... මමනම් කරන්නේ ඕනේ මගුලක ගිහින් කඩවල් කඩලා හරි බඩු අරන් එන්න කියලා, කාර් එකට වෙලා ඉන්න එකයි. නැත්නම් ඒ කඩවල් වල ඉන්න සේවකයන්ට දෙන වද දැක්කම, මගේ පිත කෝප වෙනවා.

    ReplyDelete
    Replies
    1. අර අමතක් වෙච්ච දවසේ කතා නොකර හිටියා විතරද? කඩවල් කඩලා ඇවිත් කතා කරනකොට විචාමාමට කර එක ඇතුලේ නින්ද ගිහිං ලු , ඒපාර කාර් එකේ දොර කැඩුවලු .. මම දන්නේ නෑ මේ පත්තරයා තමා කිව්වේ

      Delete
  18. ඔක්කෝම විහිළු කාරයෝ ඉන්න රටක ෆ්‍රෙඩීලට තැනක් නෑ... තියෙන්නේ පිස්සන්ට විතරයි...

    ReplyDelete
    Replies
    1. මම අපේ හාමිනත් එක්ක යාළු වෙලා ඉන්න කාලේ නම් ෂොපින් ගියා. ඒ ගියත් හැමදාම බැනුම්.. අනික් කෙල්ලන්ගේ පුකවල් දිහා බලනවය කියලා.. බැන්දයින් පස්සේ නම් එයත් එක්ක ෂොපින් තියා සුපර් එකකටවත් යන්නේ නෑ.. මම එලියේ ඉඳන් අර මගේ හොබී එක කරගෙන පාඩුවේ ඉන්නවා...

      Delete
    2. හැලපේ ඕකට කියන්නේ මෛත්‍රී කරනවා කියලා....මගේත් ප්‍රියතම විනෝදාංශය ඔය මෛත්‍රී කරන අය දිහා බලන් ඉන්න එක...හෙක් හෙක්...!

      Delete
    3. ඇයි මං.. "බලන්ඩකො අර ඇඳුම දිහා" කියල පෙන්නනවා අපේ උන්දැටත් නෝන්ඩි වෙන්න ගියොත්..

      Delete
    4. දවසක් බයිකෙකේ ගස්ලබ්බිවත් දාගෙන යනවා.ඉටිකිරිස් කෑලි දෙකක් ඉස්සරහින් එනවා..ලයිට් ගහලා හෝන් එකකුත් ගැහුවා.. ගහන කොටම සීතල වෙලා මතක් උනේ ගස්ලබ්බි පිටිපස්සෙ බව.සයිඩ් කන්ණාඩියෙන් බලනකොට කියනවා "ඔව්ව කරාට මාව අවුස්සගන්න බෑ.. එහෙම තරහ එන්නෙ නෑ හරිද ?'කියලා.එතකොටයි ලේ ටිකක් ඉනුවෙ.. හෙහ් හෙහ්..

      Delete
    5. ලබ්බගේ ඇට කුඩු වෙන එක අහන්නත් දෙයක්යෑ...

      Delete
    6. හෝන් ගහන්ඩ එපා .. ලයිට් පාරක් ගහලා සයිඩ් කන්නාඩියෙං බලපිය :D

      Delete
    7. @ මාතේ - ඇත්තටම දැන් හිටියනං ෆ්‍රෙඩී ලට තැනක් නෑ තමා . නිකං මුළු රටම විනෝද සමය වගේ

      @ලබ්බා - අම්මප උඹ ඉතුරු වුනා ඇති

      @ චෙෆ් බොස් - මෛත්‍රී කරනවා ??? ඒක මරු අයිඩියාව

      @ සජ්ජා - ඉතිං ශේප් වුනාද?

      @ පත්තරේ - ඔය තියෙන්නේ අත්දැකීම

      Delete
  19. ඉවසීම ප්‍රගුණ කරල ඒකෙ උපරිමේටම ගිය මිනිස් කොට්ඨාශයක් විදියට මං නං දකින්නෙ ඔය සාරි කඩ වල වැඩ කරන එවුං. "මේ... ඔය ඔක්කොම අදාල බලන්න එපා.. මොනවද අප්ප ඔච්චර තෝරන්නේ" කියල ඇහුවම " බලන්නෙ නැතුව කොහොමද අනේ සාරි ගන්නෙ" කියල අපේ උන්දැ හැමදාම කියන කතාවක්. කාල ඉන්නම බැරි කතාව කියන්නෙ සාරි ඇදල පෙන්නන එකා. "කමක් නෑ මිස්.. තෝරලා බලල ගන්න" . හුහ්.. යකෝ ඒකාගේ සපෝට් එකට මං එහෙම කියන්නෙ. අපේ ගෑනියි මූයි දෙන්නම අන්තිමට මටයි අරින්නේ. මට මොකෝ ඌට හොඳ නං. මට තියෙන්නෙ හිටගෙන අර මාතා කිව්ව වැඩේ කොරන එකනේ..
    සිරාවටම ෆ්‍රෙඩී කියන්න අතෑරලා දාපු අපූරු හැකියාවක් තිබ්බ කලාකරුවෙක්. චරිතේ නං හරි නෑලු. එව්වා අපිට වැඩක් නෑ නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම එහෙම කඩ කාරයොත් ඉන්නවද බං ,පුදුමයි

      ෆ්‍රෙඩී සිල්වා ගැන දැන්වත් කතා කරමු , චරිතේ හොඳ මිනිස්සු කොහෙද බං ඉන්නේ මේ ලෝකේ

      Delete
  20. ගෑනු පාර්ශ්වය එක්ක රෙදි ගන්න යනවට වැඩිය හොඳයි ඊට වැඩිය හොඳයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යන එක...
    ජයවේ ඉවාන් !

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු අනික් වර්ණේ - උඹත් මාර උපහැරණ තමා ගන්නේ , ස්තුතියි මචෝ

      Delete
  21. පසුගිය දිනක ගස්ලබ්බිගේ ගෙදර.
    අම්මා,නංගී ඇතුලු සියලු දෙනා සමඟ සාලයේ සතුටු සාමීචිය.
    'අද විසි හත'.ගස්ලබ්බි කිව්වා.
    මමත් 'ඔව් අප්ප.. කාලෙ ගෙවෙනවා දන්නෑ' කියලා නිකා හිටියා.
    කස්ටිය ටිකක් පුදුම උනා.
    ගස්ලබ්බිගෙ නංගි චොකලට් එකක් අරන්
    'මෙන්න මේක උඹට දෙන්න කිව්ව මගෙ මිනිහා.. 'කියල දුන්නා.
    මම ඇහුව 'ඌ මොකටද බං මගෙ ගෑණිට චොක්ලට් දෙන්නෙ?' කියලා.
    ඔන්න එතකොට අම්ම කියපි
    'අද ලොකු දුවගෙ උපන්දිනේ නෙ.ඇයි පුතා අමතක උනාද?' කියලා....
    හ්ම්ම්ම්.....
    ප්‍රේ ෆෝ ගස්ලබ්බා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අප්පට සිලි - ගස් ලබ්බාට නිවන් සුව ලැබේවා ... ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට පත් නොවේවා

      Delete
  22. ඉවාන් දැන් සිංදු ඇනෝගෙ ජොබ් එකත් කරනවද?
    මටත් ඉතිං ඔය උඩින් කියල තියෙන සෙතේම තමා.ඒත් පහුගිය වතාවේ මම ෂර්ට් දෙකක් ගන්න නිට්ටඹුවේ නිහාල් එකට ගිය වෙලේ හැලපිට ඇඳුමක් තෝරාගන්න කල් පැය දෙකහමාරක් විතර බොහොම ඉවසීමෙන් සැටියේ වාඩිවෙලා හිටියා.මේ ඊයෙ පෙරේදා FB එකේ පිංතුරයක් දාල තිබ්බා.බිරිඳ ෂොපින් කරනතුරු ඉවසීමෙන් ඉන්නා අහිංසක ස්වාමි පුරුෂයන් කියල පිරිමි ටිකක් සැටියේ වාඩිවෙලා ඉන්නවා.ඒක දැකපු ගමන් මට බකස් ගාල හිනාගියා.

    ReplyDelete
    Replies
    1. මාත් දැක්කා ඒක... මට මතක් උනේ මාත් එක්ක ටුවර් එකක් ගිය පට්ට අරාබී කාරයෙක්.. ඌ වයිෆ් ඔඩෙල් එකට බාපු ගමන් මට කිව්වා.. මාතේ යමු ඇතුල් කෝට්ටේ පැත්තේ කියලා.. මාත් ඉතින් ඌත් එක්කම ඇතුල් කෝට්ටේ ගිහින් ඇවිල්ලත් සිගරට් පැකට් එකක් ඉතර ඔඩෙල් කා පාක් එකේ ඉඳන් ඉවර කලාට පස්සේ කෑල්ල එනවා පොඩි බෑග් එකක මක්කද උස්සගෙන..

      Delete
    2. @ හැලපයියා - සිංදු ඇනෝ මොකද මම මොකද , අපි ඉතිං එකම ගමේ පොරවල් නොවැ.
      හිකිස් ..මීට් අපස්සේ ඒවගේ පින්තුරයක් දැක්කොත් අපිටත් හැලපයියව මතක් වෙයි අනිවා


      @ මාතේ - අරාබි කාරයෝද මනුෂ්‍යයෝය කියලා හිතුනද?

      Delete
    3. මේක දැක්කම මටත් මතක් උනේ ඒ පින්තුරේ තමා හැලපේ.. හැබෑට උඹත් හොයාගන්න ඕන ප්‍රා හොයාගත්ත වගේ මුණුපොතේ..

      Delete
  23. පටන් ගන්නකොටම උඹට වෙච්ච සන්තෑසියකින්ම පටන් ගෙනනේ ...හික්ස්...

    අපි හැමෝම සිනහවෙන් සතුටු කරපු ප්‍රෙඩි සිල්වා කියන කලාකරුවගේ ජීව්තේ අවසාන කාලය ගෙවිලා ගියේ බොහෝ දුක්බර කාලපරිච්ඡේදයක් ලෙසින්.අපේ රටේ කලාකරුවන්ගේ තත්ත්වය ඔහොමයි..

    ReplyDelete
    Replies
    1. කළාකරුවන් බොහොමයක් ඔය තත්වෙට පත්වුනා , මොකද කාලයක් තිබුනා කළා කාරයා හිඟන්නා කියන , දැන්නම් හැබැයි ඒ තත්වය වෙනස් වෙමින් යනවා මම හිතන්නේ

      Delete
  24. ඇත්තටම බලනකොට මේ මහත්තුරු බිරින්දෑවරු සමග සාප්පු යනකොට ලොකු කට්ටක් අනුභව කරනවානේ.එක අතකට දැන්ම මේවා දැන ගන්න එකත් හොදයි..බදිනකොට අහන්න කටු කන්න කැමතිද කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අනුත්තරා දැන්මම කට්ට දෙන්න හිතාගෙන ඉන්නේ , හැබැයි හොඳයි කෝකටත් ඒ ගැන කියලම හොයාගන්න් එක , නැත්තම් ඒ මනුසයත් ෆ්‍රෙඩී සිල්වාට ඔඉන් දිදී ඉඳියි , ස්තුතියි අනුත්තරා

      Delete
    2. අනේ නංගි කියන තැනකට පෙරලි පෙරලි වදින්නම්..අපි වගේ තව අහිංසකයෙකුට මේ අපරාධය නොකර තනිකඩව හිටපන්..

      Delete
  25. රෙදි ගන්න? ගෑනු එක්ක ? ස්කුබී දුවපාන් .... රෙදි ගන්න යන්න ඕනෙලු.....

    ReplyDelete
    Replies
    1. ස්කූබිවත් පැත්ත පළාතේ ඉන්න එකක් නෑ. ඊට වඩා ලෙසිලු වඳුරන්ට අවකලනය කියල දෙන එක

      Delete
  26. උබ මේ බ්ලොග් ලිය ලිය කාලේ කන්නේ නැතුව අර වගේ වීඩියෝ ටිකක් හදලා කියක් හරි හොයාගන්න බලපන්කො............ හිටං

    ReplyDelete
    Replies
    1. ආ මල්ලි කාම පැය අනුමත වෙලා වගේ. කොහෙද උඹලා වගේ එවුන්නේ එන්නේ වීඩියෝ හදව ගන්න

      Delete
  27. අනේ දෙයියනේ... පව් අප්පා මේ ඉවානයා...

    ෆ්‍රෙඩී සිල්වා වගේ මිනිස්සු ජීවත් වෙලා ඉන්නකම් වටිනාකමක් නෑ කාටවත්. මැරුණට පස්සෙ ගුණ වයනවා. හුඟක් වෙලාවට වෙන්නෙ ඕක තමයි ඉවාන්. ගමක උනත් කසිප්පු ගහන පොල් කඩන එකා හොඳ නෑ කියන මිනිස්සුම ඌ මැරුණට පස්සෙ කියනවා උදව්වක් කරන්න හිටියෙ ඌ විතරයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඇයි අප්ප මේ කොල්ලට රිප්ලයි එකක් දෙන්නැතුව මගෑරියෙ.
      හෙටානිද්ද ඔය සොපිං ගානෙ ගාටන්න ඉන්නෙකා නේද?

      Delete
    2. ආ වීරප්පන් අයියා ..
      ගුණ ගී වරුසා පැසසුම් ගෝසා රැව්දෙන්නේ මරණින් පස්සේ . ෆ්‍රෙඩී සිල්වාටත් ඒ කියමන පොදු වුනා . ජීවත් ව ඉද්දි මිනිහෙක්ගේ වටිනාකම කවදාවත් අවබෝධ කරගන්න එකක් නෑ මිනිස්සු

      Delete
  28. ඔන්න ඔය බර්ත්ඩේ අමතක වීම තමා පිරිමි සංහතිය අවදානමට ලක්වෙන ප්‍රධානම හේතුව. බලන්ඩ, එන්න එන්නම පිරිමි ප්‍රතිශතය අඩුවෙනවලු නේද ලංකාවෙත්? ඕක තමා හේතුව.

    ReplyDelete
    Replies
    1. අයියෝ බස්සගේ ආයුකාලය අවදානමට ලක්වී ඇත

      Delete
  29. දැන් ඔයා ඇත්තටම උපන් දිනේට අරන් දෙන්නේ මොනවද? :P

    ReplyDelete
    Replies
    1. ජෝඩු දාල කතා ලියද්දි මම දැනගත්තා මෙහෙම දෙයක් වෙයි කියලා...

      Delete
    2. ෆුල් කොත්තුවයි කෝක් බඩියයි !!

      Delete
    3. පාන් රාත්තලයි ගෙදර ගෙනියන්න මාරි බිස්කට් පැකට් එකයි..අනේ මතක් කරලා හොදි පැකට් එකකුත්

      Delete
    4. ඉවානයාගෙන් කවුරැ හරි ඇහැව්වමද මන්ද මොනවාහරි අරන් දෙන්න

      Delete
    5. //ඉවානයාගෙන් කවුරැ හරි ඇහැව්වමද මන්ද මොනවාහරි අරන් දෙන්න// එකනේ මෙන්ඩෝ , බලපන් මේ ලොකු පුතාගේ සංවර කතා

      Delete
  30. ප්‍රෙදී සිල්වා ගේ රඟපෑම සහ ගායනය මමත් ගොඩක් කැමැත්තෙන් විඳපු අවස්ථා බහුලයි...

    ඒත් මෙතැනදී එළියට ඇදිච්ච ප්‍රධාන මාතෘකාව වෙච්ච බිරින්දෑවරු නිසා ස්වාමිපුරුෂයින් ෂොපින් යාමේදී අත්විඳින ගැහැට කියන කාරණය නිසා ඔහුව යටපත් වෙනවා නේද...
    ඒකයි උපන්දින, ඊට පස්සේ ඇනිමල්සරි එහෙම අමතක උනාම හරි සනීපයක් දැනෙනවා, නෙහ්... ;)

    ReplyDelete
    Replies
    1. සනිපද කියලා අහනවා...ආතල් එක ලබන අවුරැද්ද වෙනකන් කන් දෙකෙන් ගලනවා

      Delete
    2. ලොකු අන්න එක තමා ෆ්‍රෙඩී සාර්ථක, මොකද ඔහු හැම විටම නිර්මාණයට උපරිම සාධාරනය ඉටුකලා . එතකොට වුනේ නිර්මාණය ඉස්මතු වෙලා නිර්මාණ කරුවන් යට ගියා , නමුත් අනික් කළා කරුවන් බොහෝවිට නිර්මාණය නිසා තමන් ඉස්මතු වුනා

      Delete
  31. මේවා දැක්කාම අනාගතේ ගැන බය හිතෙනවනේ අයියා.............. ලෙසටම ලියලා තියෙනවා හොදේ............

    ReplyDelete
    Replies
    1. මල්ලි බය වෙන්න එපා මල්ලි... ඕවා තමා වැඩ කියන්නේ .... පස්සේ හුරු වෙයි ...:P

      Delete
  32. මේ මම "සුදු"එක්ක එයාට ඇඳුම් ගන්න ගියාම එයා ඇඳුම් තෝරන හැටි.

    1) මුලින්ම තියන තරමක් ඇඳුම් දිහා බලාගෙන යනවා.

    2) ඊට පස්සේ ඒ ඇඳුම් වලින් තෝරා ගත් සමහරක් ඇගට තියාගෙන බලනවා.

    3) එයිනුත් තෝරා ගත් ඇඳුම් කිහිපයක්ම ෆිටෝන් කර බලනවා.

    4) අවසනයේ ෆිටෝන් නොකරපු ඇඳුමක් මිලදී ගන්නවා.

    ගෙදර ගිහින් ඒ ඇඳුම ඇඳලා කෝල් කරලා කියනවා "එක හිරයි,ලොකුයි,පාට හරියන්නේ නැහැ,"වගේ තව තව අඩුපාඩු.

    5) ඉතින් අර මිලදී ගත්තු ඇඳුම පසු දිනම නැවතත් වෙනත් ඇඳුමකට මාරු කරගන්නවා.

    හැබැයි බං මට නම් ඇගේ ගේ උපන් දිනේ අමතක වෙන්නේ නම් නැහැ.මොකද මගේ උපන්දිනේට පස්සේ දවස තමයි එයාගේ උපන් දිනේ.

    "ෆ්‍රෙඩී සිල්වා" මමත් ආසම කලාකරුවෙක්.

    ReplyDelete
    Replies
    1. හපොයි ... එහෙනං එක කඩේකට විතරක් පලයන් එක දවසට , නැත්තං කොහොමද සැප කඩ තුන හතරකට ආපහු යන්න ගියාම . හැබැයි මාර ප්‍රොසීඩියර් එක මේක

      Delete
  33. හපොයි කොල්ලො මොනා කිව්වත් කොල්ලන්ට එක ශර්ට් එකක් තෝරන්න යන වෙළාව? මං නම් හිතන්නෙ එයාල බණ කිව්වට එයාලට ඇදුම් තෝරන්න ගියාම අපිට වඩා වෙලා යනවා. ගෑණු ළමයින්ට නම් එක එක විදියෙ ඇදුම් නිසා තෝර ගන්න වෙලා යනවා කියමුකො.. කොල්ලො කොහොම තේරුවත් ශර්ට් කියන්නෙ ශර්ට්ම නෙ අප්පා. ඒත් අපේ අයියා එක්ක ඇදුමක් ගන්න ගියොත් එහෙම ශර්ට් එකේ රෙද්ද හරි නෑ කියයි පාට් අහරි නෑ කියයි.. කතා ගොඩයි..

    කෙල්ලෙක් එක්ක ශොපින්ග් ගියොත් තමයි කියවන්නෙ මෙයලා. ඒත් නිකම් හරි කෙල්ලෙක් කොල්ලෙක් ට ඇදුමක් තෝරන්න වෙලා ගියා කියලා මුකුත් කියනවද කවදාවත්ම නෑ.. අන්න බලන්න කෙල්ලො කොච්චර හොදද? මේ ඉවාන් අයියට ඒකවත් තේරෙන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. @නිදහසේ නවාතැන++++++++++
      මෙන්න ෂර්ට් ගන්න ගියාම කියන ඒවා ටිකක්:
      1) මේකේ කොලර් එකක් නෑ
      2) මේකේ කොලර් එකක් තියෙනවා
      3) මේක ඔෆිෂල් වැඩියි
      4) මේක කැෂුවල් වැඩියි
      5) මේකේ රවුම් කර
      6) මේකේ පාට අජූතයි
      7) මේකට බඩ පේනවා (බැන්දට පස්සේ මෙහි frequency එක වැඩිවේ)
      5) *කිසිම දෙයක් නොකියා මුණ ඇඹුල් කරන් ෂර්ට් එක ආපසු තබයි* (මේක තමයි වැඩිම)

      Delete
    2. අයියෝ ඒ ගැන නං කියල වැඩක් නෑ...

      අපෙ උන්දැ...

      මේක පොඩි වැඩියි.. මේක ඇන්දම මං ඉස්කෝලෙ යන එකා වගේ...
      මේකෙ පාට ගෑණු ළමයින්ගෙ පාටනෙ.. චික් මේවා අඳින්න පුළුවන්ද...
      මේකෙ කොලර් නෑ.. කොලර් නැති ඒවා ඇන්ඳම මං .....
      මට ප්‍රින්ටඩ් ඒවා හරියන්නෙ නෑ...
      මේක ගාන වැඩියි....

      එත‌ෙකාට මං....

      මොකද්ද අනේ.. අතට ගත්තොත් කලු පාටයි අලු පාටයි ගොම පාටයි මඩ පාටයි ... වෙන පාට ටීෂර්ට් එකක් ගන්න..
      බාච්චු වගේ ඒවා ගන්න එපා අනේ... ඕව ඇන්දම රස්තියාදුකාරය වගේ...
      ටීෂර්ට් ඔය ගනං තමයි... හැමදාම හොයන්නෙ රැපියල් 250 ටීෂර්ට්... ඒවා තිබ්බෙ සෞදියෙ...

      බැරිම තැන මට එපා වෙලා..

      ඔන්න ඔය ගෑණු ළමේකුට කියල ඔයාට හරියන ටීෂර්ට් එකක් හොයාගන්න...

      Delete
    3. @ Niro..
      ඒකනෙ කියන්නෙ..

      \\*කිසිම දෙයක් නොකියා මුණ ඇඹුල් කරන් ෂර්ට් එක ආපසු තබයි* \\
      අපේ අයියා නම් මේක තමා වැඩියක්ම කරන්නෙ ඉස්සර..
      පිස්සු හැදෙනවා ශර්ට් තෝරන්න යන වෙලාවට..

      සපත්තු ගන්න ගියත් වැඩි වෙනසක් නෑ. එලෙක්ට්‍රොනික් අයිටම්ස් ඊට හපන්..

      @kaushi
      අපොයි ඔව් කොල්ලො තෝරල තෝරල හරි ලස්සන පාටක ශර්ට් එකක්වත් ගන්නව නම් කමක් නෑ. ඒකත් නෑ නෙ අක්කා. අවුරුද්දක් විතර තෝරලා හැමදාම ගන්න අදුරු පාට ශර්ට් එකක් උස්සන් එනවා. අපේ අයිය ඇදුම් ගන්න යද්දි ඉස්සර මාව ඇදන් යනවා ලස්සන ශර්ට් එකක් තෝරල දෙන්න කො කියලා. ඒ වුනාට තෝරල දෙන ලස්සන ඒවා නෙමෙයි ගන්න හදන්න හපුටු පාට ඒවා.

      (මේ අර මන් දන්න හිරූ අක්කා ද?)

      Delete
    4. සෑහෙන්න පාඩම් ටිකක් ඉගෙන ගත්තා.. හැක හැක හැක..

      Delete
    5. හි හි... මංම තමා....

      Delete
    6. හ්ම්ම් මට හිරූ අක්කගෙ පින්තුරෙ මතක තිබුනා.. :) :)

      Delete
    7. අප්පට සිරි කිව්වලු , කාන්තා බලකායක්ම සටන් ප්‍රකාශ කරලා .
      @ නිනා - හිටින් උඹට ඉල්ලලා දෙන්න අයියට කියලා . //" කොල්ලො කොහොම තේරුවත් ශර්ට් කියන්නෙ ශර්ට්ම නෙ අප්පා."// අනෙප්පලයන් යන්න . එහෙම කොහොමද තෝරලා තෝරලා හොඳ එකක් ගන්න එපැයි. ඒ කොච්චර තේරුවත් ගෑල්ලමයි තෝරනවා වගේ තොරන්න වෙලා යන්නේ නෑ ඔය අහිංසක කොල්ලොන්ට , තේරුනාද නවාතැනේ චණ්ඩි නංගි.

      @ නීරෝ - හස්බන්ඩ ඔහොම් කියනවා ඇත්තේ ගෙදර ගිහින් කනක් ඇහිලා ඉන්න ඕන නිසා වෙන්න ඇති :P
      නැත්තං ඔය ගත්ත ඒවා අඳින වෙලාවට " හයියෝ මම කොච්චර කිව්වද ඕක ගන්න එපා කියලා බලන්න ඕක ඇන්දම හැටි " වගේ ඒවා ... හික් හික්

      @ හිරු - හම්මේ අර මනුස්සයට ඇඳුමක් ගන්නම වෙන්නේ නැද්ද ඉතිං?

      @ නිනා - අයියට කියන්නම වෙනවා දැන්

      Delete
    8. මං කියනවට අනිත් දවසෙ ශර්ට් එකක් ගන්න ගියාම කඩේ ඇතුලට යන වෙලාවයි ශර්ට් එක බිල් කරන්න යන වෙලාවයි මතක් කරාල බලන්න කො. එතකොට තේරෙයි // අහිංසක කොල්ලො// කෝ කෙහෙද ඉන්නෙ එහෙම අය ?? අනේ ඉවාන් අයියෙ ඇත්තටම අහන්නෙ එහෙම අහිංසක කොල්ලො කියල ජාතියක් ඉන්නවද?

      අයියා ට කිව්වට වැඩක් නෑ. ඔය මාතෘකාව සම්බන්ධයෙන් අපි සැහෙන්න සාකඡ්චා කරලා, රණ්ඩු දාල යන්තම් ගහ මරා ගන්නෙ නැතිව එයාට සත්‍යය අවබෝධ කරල දීලා තියෙන්නෙ. අකමැත්තෙන් වුනත් අපේ අයියා ඒක පිළිගෙන ඉන්නෙ දැන් හූ.. හූ..

      Delete
    9. //"අනේ ඉවාන් අයියෙ ඇත්තටම අහන්නෙ එහෙම අහිංසක කොල්ලො කියල ජාතියක් ඉන්නවද"// නැත්තේ මොකද බොල චණ්ඩි නංගි. මේ මං බලපං අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය ..ඕ... යේස් , අනික කොල්ලෝ කියන්නෙම අහිංසක ජාතියක් තමා . ඔය නසරානි කෙල්ලෝ වගේද?
      හූ කියලා බේරෙන්න බෑ පුතේ ... බලාපං උඹට වෙන දේ

      Delete
    10. //මං බලපං අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය ..ඕ... යේස් , අනික කොල්ලෝ කියන්නෙම අහිංසක ජාතියක් තමා //

      මගෙ අම්මියෝ.. මේ වැස්ස වහින විදිලි කොටන හෙන පුපුරන කාලෙක කියන්න ඕන කතාද මේ අයියා කියන්නෙ?

      නසරානි කෙල්ලො? හුහ් කෙල්ලො අහින්සකයි මල් වගෙයි සුවදයි, මුදු කෝමලයි කියල තමයි ඒ කාලෙ ඉදන් කවියො කියල තියෙන්නෙ..
      කොල්ලො තමයි මෙලො වැදගැම්මකට නැති විදියට ඒ කාලෙ ඉදන් සළකන්නෙ? හා බොරුද මං අහන්නෙ? වෙඩින් ඇල්බම් එකක් ගත්තත් මනමාලිගෙ තනි ෆොටෝ දහයකට යන්තම් මනමාලයගෙ තනි ෆොටෝ එකක් තියෙයි.. බොරු නම් කැමා අයියගෙන් අහන්න

      Delete
  34. කිව්වම මතක් වුනේ දෙසැම්බර් 2 අපෙ එකිගෙ බර්ත් ඩේ

    ReplyDelete
    Replies
    1. හුටා ... එහෙනං කට්ටක් ෂුවර් ... ඕල් ද බෙස්ට් සෑමා

      Delete
  35. උපන් දිනය අමතක වෙන සීන් එකනම් මටත් අනිවා වෙනවා.. පහුගිය වතාවෙත් ගොඩ ගියේ දශමෙන්.. හැක්..

    ෆ්‍රෙඩි සිල්වා කියන්නේ අපරාදේ නාස්ති වෙච්චි වටිනා කළාකරුවෙක්.. පුද්ගලික ජීවිතය ගැන නෙවෙයි මන් කියන්නේ කළා ජිවිතේ ගැන.. ඉල්ලුමට සැපයුම දෙන නිකම්ම නිකං විහිලුකාරයෙකුට වඩා සැහෙන්න ගමනක් යන්න තිබ්බ.. ඒ නිසාමද මන්ද ෆ්‍රෙඩි ගේ රඟපෑමට වැඩ සින්දු වලට මාත් හුඟක් ආසයි.. තේ කූඩේ පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින් මම දැක්කේ හුඟ කාලෙකට පස්සේ ලෙච්චමී.. මයි ෆෙවරීට්. :)
    ඒ.. මේ.. යූ බටේ මේ දවස්වල වටිනා සිංදුවලට 'වටිනා' හින්දි පිචර් කෑලි දාල හදල තියෙන සම'හරක්' මියුසික් වීඩියෝ එක්ක බැලුවම මේක සැහෙන්න හොඳයි ඕයි.. අඩුම තරමින් කාටවත් 'විලිලැජ්ජාවක්' නැතුව බලන්න වත් පුළුවන්.. මේ ෆොටෝ හොයන්න මෙච්චර මහන්සි වෙච්චි වෙලේ මගෙන් ඉල්ලුවානම් දෙනවනේ ගින්දර වගේ හැන්ඩි සෙල්පි ටිකක් ගහල.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. හිකිස් අපිට මතකයි උඹ පොස්ට් එකක් දාලා ශේප් වෙන්න පට්ට කට්ටක් කෑවා.

      ෆ්‍රෙඩී සිල්වා ව මිනිස්සු තේරුම් ගත්ත ආකාරය ගැන ඔහුව එතනට ගෙනත් තිබ්බ නිර්මාණ කරුවන් වග කියන්න ඕන , ෆ්‍රෙඩී ගේ ගීත වලටත් නිසි වටිනාකමක් ලැබුනේ නෑ. අඩු ගානේ ඒවා සංරක්ෂණය කරන්නවත් කෙනෙක් පෙළඹෙන්නේ නැත්තේ මොකද කියලා මා තේරෙන්නේ නෑ.

      ස්තුතියි මචෝ... හැබෑවටම හැන්ඩි පොරක් බඩු මලු ටික උස්සන් හාමිනේ පිටිපස්සෙන් යන ෆොටෝ එකක් නැතුව මාත් හිටියේ .

      Delete
  36. මාර්තුකාව: බිරිද
    තහනම් වචනය: ෂොපිං යෑම

    ReplyDelete
    Replies
    1. අම්මේ චන්දරේ මාමා ඉතිං කෝමෙයි?

      Delete
  37. ගෑනුත් ෂොපින් යාම තමයි බන් මේ කාලේ අපිට ජිවිතේ අනිත්‍ය බව, ඉවසීම ආදී ගැඹුරු දේවල් තේරුම් ගන්න තියෙන ලේසිම විදිය.. හෙහ් හෙහ්

    ෆ්‍රෙඩි සිල්වා සිරා පොරක්... ඔය කකුළුවාගේ සිංදුව නිතර කටේ තියෙන සිංදුවක් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පතුමා කලින්ම අනිත්‍ය බව වටහාගෙන . එකත් හොඳයි ඉතිං. ෆ්‍රෙඩී සිල්වා ගැන සිංදුවා ලියපු පොස්ට් එක බලපන්කො. එතකොට හිතෙනවා ඇත්තටම ඒ මනුස්සයාට මීට වඩා සැලකිල්ලක් කළයුතුව තිබ්බා කියලා

      Delete
  38. බිරින්දෑ එක්ක ෂොපිං යන්න වෙන එක ගැන කට්ටියගෙම කතා ඇහුවම ෂොපිං යන එකත් එපා වෙනව අප්පා.
    ඇඳුමක් තෝරන්න පොඩ්ඩක් උදව් කළා නම් මක් වෙනවද.
    හැබැයි ඉතින් ඔය උන්දැලත් හරි හමන් ඇඳුමක් තෝරගන්නෙ නෝනත් එක්ක ගියාම තමයි. කටපත්ත ඇද්දට.

    ReplyDelete
  39. අඩේ ඕන බලහන් ඉතින් ඉවානයටත් වෙන වැඩ..හැක් හැක්...ඉතින් උඹ සාරි අරන් දුන්නයි වයිෆිට? :P

    ෆ්‍රෙඩී කියන්නේ ඇත්තටම කලාතුරකින් බිහිවෙන දක්ෂයෙක්..අපේ සමාජේ තමුන්ගේ කොමිටෙල් වහගෙන අනුන්ව කොමිටෙල් විදියට හංවඩු ගහන එක නිසා ඔහු ලද යුතු ප්‍රශංසාවන්ට ලක් නොවූ බවයි මටත් හිතෙන්නේ..ඔහුගේ ප්‍රහසනය ඔහු මියගොස් වසර ගණනාවක් ගතවනතුරුත් අදටත් අප සිහිකරනවා, රස විඳිනවා..

    ReplyDelete
  40. ඔයා සාරි ගන්න නෝනා එක්ක ගිහින් කරන්නෙ කඩේ කෙල්ලො දිහා හොරෙන් බලන එකනෙ..හා නැද්ද.....

    මේ පෝස්ට් එක නම් ශෝක්......

    ReplyDelete
  41. ඔයා සාරි ගන්න නෝනා එක්ක ගිහින් කරන්නෙ කඩේ කෙල්ලො දිහා හොරෙන් බලන එකනෙ..හා නැද්ද.....

    මේ පෝස්ට් එක නම් ශෝක්......

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]