Friday, February 26, 2016

කොමාව





"දෙදහයි ."
"බීල එන්න බෑ, ගෙනත් බොන්නත් බෑ. සිකරට් ඇතුලේ බොන්න බෑ"
"රෑ හතට කලින් වතුර පාවිච්චිය නවත්තන්න ඕන , නැත්තං ටැංකිය පිරෙන්නේ නෑ."
"රෑවෙලා ආවට කමක් නෑ, බෙල් ගහන්න එපා හරි , ඔය කාමරේ ඉන්න කාට හරි කතා කරලා ගේට්ටුව ඇරගන්න."

"මගේ කාමරේ කවුද තව ඉන්නේ ?"

"රමේෂ් හරි වේලු හරි නයනජිත් හරි මට මතක නෑ. කොහොමත් ඒ තුන් දෙනා විතරයි මෙහෙ ඉන්නේ
කෝ දෙදහ"

"ආ..."

"හරි , ඊළඟ විසි හය වෙනිදට හරියටම සල්ලි ඕන, මතක් කරනකන් ඉන්න එපා ."

චිත්‍රපටියක ආරම්භක දර්ශනයකට ඒ දෙබස් ටික හොඳයි , කතාව නැවතිලා ටිකකින් මට එහෙමත් හිතුනා .. කොහොමත් සම්භාව්‍ය චිත්‍රපටි කියන ඒවා පටන් ගන්නේ  මුඩුක්කුවක් ළඟ තියෙන ටැප් එකක වතුර ගන්න එකකින්, දරකුස්සියක දුප්පත් ගෑනියෙක් බත් උයන දර්ශනෙකින් , මුහුදක් ළඟ මෙලෝ හසරක් නැතුව බලන් ඉන්න ගෑනියකගේ දර්ශනයකින් එහෙමත් නැත්තම් දඩි බිඩි ගාලා කෝච්චියක් යන එකෙකින් වගේ එකකින්නේ .

මගුලක් හිතනවා මමත් කෝ යතුර දුන්නේ නෑනේ අර බඩා.

"ආ ..මෙන්න මොක්කද නම කිවේ ..."

"මම රංග .. "

"හා ,මෙන්න යතුර . අනික් යතුර කාමරේ ඉන්න අනිකා ගාව ඇති දොරවල් ඇර දාලා ගිහින් අරක මේක නැතිවුනා කියන්න නං එන්න එපා ."

"හා "

කොළඹ ... හ්ම් හෙට ඉඳන් කොළඹ ජීවිතේට හුරු වෙන්න ඕන , චිත්‍රපටියක වගේ වුනානං, එහෙම නැත්තම් මේක නව කතාවක් වුනනාම් , ඊළඟ දර්ශනෙට එහෙම නැත්තං ඊළඟ පිටුවට යද්දී ටයි එකක් දාගෙන ,ඒ සී කරපු කාමරේක ලස්සන ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් එක්ක ඉන්න සීන් එක, ඊට පස්සේ කම්මුලට අතක් තියාගෙන අතීතය මතක් කරනවා . දැඩි බිඩි ගාලා පරණ දුක් විඳපු සීන් මතක් වේගෙන යනවා , එතකොට අර සේකට්‍රි ඇවිත් සර් කියලා කතා කරනවා ..

ඇයි?

ඒ සද්දෙට මම උද ගිහින් බිම වැටුනා ...මොක්කේද යකෝ මේ ..

"ඔයාද මේ කාමරේට අලුතෙන් එන්නේ ,"

"ම්ම් ඔව් ."

"අර ඇඳ ඔයාට .."

නෙදකින් මේකා කතා කරන්න දන්නේ නෑනේ , පිරිමියෙක් නෙවේද දන්නේ නෑ.

"ඔයාගේ නම මොකක්ද ?"

"රංග ... උඹ කවුද මචං..."

"මම නයනජිත් , "

එතනින් එහාට ඌ මගෙත් එක්ක කතා කළෙම නෑ.
රෑ කෑමට මම එලියට යන හදල ඇහුවමත් හ්ම් කිව්වා විතරයි , අම්මප චිත්‍රපටියකටනම් නියම පොර අර හෙන ගුප්ත පොරවල් ඉන්නේ අන්න එහෙම එකකට මරු. 70 දශකයේ විතර ටිපිකල් ලිපිකරු චරිතෙකට නියමෙට ගැලපෙනවා . තෙල් ගාලා කොන්ඩේ පැත්තට පීරලා , හොඳට අයන් කරපු ෂර්ට් එක ඇඳලා පාට තුනේ පෑන් තුනක් උඩ සාක්කුවේ ගහගෙන ,

හ්ප්ප්
"කොහෙද හුත් .. උඩබලාගෙන ඇඟවල් දිගේ යන්නේ කැ..... "

"සොරි අයියේ "

"සොරි තමා ...කේ සොරිය."

තව ටිකෙන් කනවා නැවකට . හැබැයි එහෙම ගුටි කන්න වුනානම් ඒක චිත්‍රපටියක ගුටි කනවා වගේ වෙන්නේ නැති බව ෂුවර්. චිත්‍රපටියක නම් ඉස්සෙල්ලම බඩට ගහනවා , එතකොට දෙකට නැවුනම පිටට ගහනවා එතකොට බිමට වැටෙනවා ගැහුවේ බඩට වුනාට කටේ කොනකින් ලේ පෙරෙනවා , එතකොට කෙල්ල දුවගෙන ඇවිත් උකුලේ ඔලුව තියාගෙන අඬනවා..

"මොනවද මහත්තයා ඕන ..."

"එළවලු කෑම එකක් "

"එළවලු එකක් පාආආආර්සල්ල්ල්ල් ... එකසිය විස්සයි "

"මොකක් ??"



*******

එකසිය විස්සක් දීලත් මොනවද මේකේ කන්න තියෙන්නේ ,

"මචං උඹ කෑවද?"

"හ්ම්ම් ..."

  නෙද්දකින් මේ යකා කොයි වෙලාවකවත් වචනයක් කතා කරන්නේ නෑනේ , මහා මුඩුමයෙක්.
ෆෝන් එකට ඔලුව ඔබාගෙන ඇඳේ පෙරලිලා ඉන්නවා .ඇත්තටම මුගේ චරිතෙන් කරන්න පුළුවන් හොඳ චිත්‍රපටියක් . කනට ඇහෙන්න කතා කරන්නේ නෑ. කතා කරත් ඔයා මෙයා එයා කියලා ගෑනියෙක් වගේ , තෙල් ගාපු කොන්ඩේ පැත්තට පීරලා , තඩි බෙල්ට් එකක් දාලා ,බඩ මැදින් කලිසම ඇඳන් හරියට අඹ යාළුවො එකේ නිමල් වගේ

*******

"මේ රංග ,"

"ඇයි ?"

"රංග ගෑනු ළමයෙකුට තෑග්ගක් දෙනවනම් ඉසේල්ලම දෙන්න හොඳ මොනවගේ දෙයක්ද?"

"මොකක් .......හ්ෆ්හ් හ්ෆ්හ්හ්......."

තව ටිකෙන් කකා හිටපු කෑම ටිකත් ඉස්මොල්ලේ යනවා ,

"උඹ කෙල්ලෙකුත් ඉන්නවද ?"

"නෑ අනේ එහෙම දෙනවනම් මොනවද දෙන්න හොඳ "

"කෙල්ලෙක් නැත්තං ඒ ගැන හිතන්නෙඑපා . බොරු නොකියා කියපං උඹට කෙල්ලෙක් ඉන්නව නේද ?"

"නෑ.. ඒත් එක්කෙනක්ව හම්බ වෙන්න යන්න ඉන්නේ ළඟදීම දවසක ". 

"හප්පට බොල , මාත් එන්නද උඹේ තනියට "

"ඔයාගෙන් අහපු එකට උත්තර දෙන්නේ නෑනේ ඉතිං."

"ආ මොක්කද ඇහුවේ "

"මුකුත් නෑ.."

"ආ හරි හරි කෙන්තිගන්න් එපා බං, අඩුගානේ සෙන්ට් බෝතලයක් වත් අරන් යන්න වෙයි "

"ඇත්ත නේන්නං , ඒක හොඳයි තමා ."

අන්න එදායින් පස්සෙනම් ඌ මගෙත් එක්ක කතාව වැඩි වුනා , හැබැයි කතාකලොත් අහන්නේ කෙල්ලෝ ගැන , එත් තාම ඌ මට විස්තරයක් කිව්වේ නෑ.

අඩුගානේ මම මුගේ ගමවත් දැනේ නෑනේ, නමත් දන්නේ නයනජිත් කියලා විතරයි , මු කොහොම ඇහුවත් කියන්නේ නෑ උගේ විස්තර. චිත්‍රපටි වල නම් ඔහොම උන් එන්නේ ඔත්තුසේවා වලින් , එහෙම නැත්තං මිනීමැරුම් කරලා ගමෙන් පැනලා ඇවිත්, අප්පට බොල මූත් එහෙම එකෙක්ද ? ඒ පාරනම් ඇඟ හීතල වෙලා ගියා මගේ


*******

"රංග "

"ඇයි?"

 "සෙන්ට් බෝතල් හරි ගණන් නේද රංග .."

"එහෙනම් ඕඩි කොලොන් බෝතලයක් දීපං.. හැක හැක හක "

"හ්ම්ම්ම්"එහෙම කියාගෙන එලියට ගිය එකා සෑහෙන වෙලාවක් ඇතුලට ආවේ නැති නිසා මම ගියේ බලන්න,මෙන්න  යකෝ මූ ලැට් එකේ වාඩිවුනා වගේ වාඩිවෙලා ඔලුව අත්දෙක අස්සේ හංගගෙන ඉන්නවා .

"ඒයි මොකෝ බං........... අඩෝ "

මම බලෙන්ම වගේ ඔලුව උඩට ඇද්ද
මෙන්න මූ අඬනවා ..

"මොකෝ යකෝ?"
"නෑ රංග මුකුත් නෑ. "

"මුකුත් නැත්තං අඬන්න ඕනෙද යකෝ , නටපන්කෝ උඩ පැනපැන.
කියපං කියපං මොකද කියලා "

මාත් ඌ ලඟින්ම වාඩිවුනා ,
"නෑ රංග මුකුත් නෑ"           කියපු මේකා නැගිටලා ගියා .

ඊට පස්සේ තමා මට හිතුනේ මූ ගැන විස්තර ටිකක් හොයන්න ඕන කියලා ..
ෆිල්ම් එකක නම් කරන්නේ වෙස්වලාගෙන අදාළ පුද්ගලයා ඉන්න තැන්වල හැසිරෙන එක, එහෙම නැත්තම් කෙල්ලෙක් දාලා ඇමක් දාන එක ,
මම මොකක්ද කරන්නේ .

කොමටත් හෙට ඔෆ් ඩේ එක නිසා මූ ගැන හොයන්නම ඕන .
මම නිදාගෙන වගේ ඉඳලා මූ පිටත් වෙච්ච් ගමන්ම උගේ පස්සෙන් ගියා ,

ෆිල්ම් වල රහස් පරීක්ෂක වැඩ කරද්දී වියදම් වෙන ගැන හම්බෙන විදිහක් කියන්නේ නෑනේ එත් මෙතන නම් අතින් කයිට් .
මම ත්‍රීවීල් එකක නැගලා මූ නැග්ග බස් එක පස්සෙන් ගියා , බොරැල්ලෙන් බැහැලා පයින්ම ඇවිදගෙන ආපු මේකා ටිකල් පාරෙන් ඉහින් මොඩල්ෆාම් පාරට ගිහින් ෂිපින් ලයින් එකක ඔෆිස් එකක් පැත්තට ගියා,

 මම දැක්කා සික්කා පාරටම ඇවිත් හිනාවක් පුරවාගෙන මූත් එක්ක කතාවක් පටන් ගත්ත .
මූ ආවා වගේ දෙතුන් ගුණයක් වේගෙන් ඔෆිස් එක ඇතුලට ගියා
සික්කා අත පය දික් කර කර කුටු කටු ගගා මූන නරක් කරගෙන ඉන්නවා දැක්ක මං හෙමිට සික්කා ලඟට ගියා

"මේ අර මහත්තයාව අඳුනනවද ?"

"සර් කවුද ?"

"මට.... මට මේ එයාගෙන් සල්ලි වගයක් එන්න තියෙනවා" 

කුපාඩි කතාවක් වුනාට ඒ වෙලාවේ මතක් වුවෙයි කටට අවෙයි ඒ වචන සෙට් එක , කොරන්න් දෙයක් නෑ දැන් කියල ඉවරෙනේ

"ආ... ඒ කියන්න  ණය... දෙන්න එපා සර් ඕකට ණය .."
"දැක්ක නේද ගමේ කමට කතා කලාම මුගේ තියෙන ගනකම , ගමේ කියන්නේ ලොකු ඔෆිස් එකක වැඩ කියලා , එත් මේකා මෙතන පියන් , මම ඊයේ හවස මෙතනට ආවේ , මූ ඔෆ් වෙලා යනවා දැක්කා, එවෙලෙ කතා කරන්න බැරි වුනා . මූ මාව දැක්කේ නෑ. ඊයේ ඩියුටි හිටපු ජීවන්තය  කිව්වේ මූ මේකේ පියන් කියලා ,
මුගේ තාත්තාට වකුගඩු අමාරුව , අක්ක ළඟ ඉන්නේ අක්ක බැඳලත් නෑ. ගමේ කමට කතා කරාම මූට ඔච්චර ඔළුවක් එන්න ඕනද මං අහන්නේ .ඇයි යකෝ, හිටින්කෝ ගමේ ගියාම කියන්න මුගේ මහලොකු රස්සාව , ඕකගේ තාත්තා ලේ මාරු කරන්න පොළොන්නරු ගෙනිච්ච මමත් දවස් දෙකක් අපේ ලෑන්මාස්ටරේ , කෙලෙහි ගුණයක් නැති එවුන්, "

ඌ අන්තිම ටික කියද්දී මම පාරටත් ඇවිත් .

*******

මේකනම් චිත්‍රපටියකට කියාපු කතාව , ගොඩක් චිත්‍රපටි වල ඔහොම පවුලක් තමා තියෙන්නේ ,
ඔෆ් ඩේ එක නිසා හොඳ නින්දක අග්ගිස්සේ ඉද්දි ෆෝන් එක රිං වෙනවා ඇහිලා නැගිට්ටේ ,

"නයනජිත් "
හෙලෝ
"රංග..................."

මෙන්න මූ ආපහු අඬනවා ..."මොකෝ බං"
"කියපං කෝ රෙද්ද අඬන්නේ ,මගුලක් කරනවා ඔෆ් දවසේ ඇහැරවල"

"රංග අර ගෑනු ළමයා කොල්ලෙක් එක්ක ආවේ .."

අම්මප මට හිනා යන්නත් එනවා ..මේ වගේ හරක් පැටියෙක්

"ඉතිං යකෝ උඹ දන්නේ නද්ද්ද ඒ කෙල්ල යාලුයි කියලා," 

"එයා එහෙම කියල තිබ්බේ නෑ."

"උඹට කලින් හම්බවෙලා තියෙනවද ?"

"නෑ අද තමයි දැක්කේ , "

"මොකක් එතකොට දැකලවත් නැති කෙල්ලෙක් හින්න්දද උඹ මේ නහින්නේ "

"එයා කතා කරද්දී මට ආදරෙයි කිව්වා ."

"මොකක්........ , එතක්ට අද මොනවද කිව්වේ "

"එයා අද මාව දන්නෙවත් නෑ වගේ කොල්ලගේ අතේ එල්ලිලා හිටියා ."

"මොන හතර බීරි කතාවක් ද ඒ, එතකොට උඹ අද කතා කලේ නද්ද එයා ආවම, යකෝ ෆිල්ම් එකක් ගහන්න වටිනා කතාව ".

"නෑ එය නිල්පාට බ්ලවුස් එකක් ඇඳලා හම් අත්බෑග් එකක් අරන් හෝල්ට් එකට එනවා කිව්වේ , කළු පාට කලිසමක් ඇඳන් , කොන්ඩේ උරහිස ගාවට , මට එහෙමයි කිව්වේ , මේ එයාම තමා "
"මට බෑ රංග මට මෙහෙම කලේ ඇයි රංග "

"උඹ කොහිඑද ඉන්නේ .".

"මරදානේ ස්ටේෂම ගාව .."

කියනවත් එක්කම කෝල් එක කට වුනා ,

"හෙලෝ හෙලෝ නයනජිත් ...හෙක්ලෝ"

මීහරකා පනියි ද දන්නේ නෑ කෝච්චියටවත් , ෆිල්ම් වල අනන්තවත් ඔහොම දේවල් වෙනවා , මිනිස්සු කෝච්චි වලට පනිනවා , හැබැයි සම්භාව්‍ය ෆිල්ම් වල ඇරෙන්න අනික් ඒවායේ මිනිස්සු මැරෙන්නේ නෑ.

එක්කෝ වීරයා කෝච්චිය නවත්තනවා ,නැත්තං කෝච්චිය සිග්නල් නැතුව නවතිනවා , නැත්තම් වීරයා හැප්පෙන්න යන මනුනුස්සයව ඇදගෙන වැල්ලට පනිනවා . කෝච්චිය කොහේ ගියත් පන්නම වැටෙන්නේ වැල්ලට

මේවා හිත හිත ඉඳලා බෑ ,ස්ටේෂමේ ඉඳන් බෝඩිමට කිලෝමීටරයක්වත් නෑ.. අතට අහුවෙච්ච ඇඳුමක් දාගත්ත මම ,එතන තිබ්බ ත්‍රීවීල් එකක නැගලා ස්ටේෂම ලඟට ආව .

ඈතදීම මට දැනුනේ අමුත්තක් ........මගී ගුවන් පාලම යට සෙනග වටවෙලා හිටියා .

කවුදෝ පාලමෙන් බිමට පැනල ,කවුරු හරි කියනවා හීනෙන් වගේ ඇහුනා ,

සෙනග තල්ලු කරන මම ඇතුලට පාන්නේ හිතේ දෙගිඩියාව නිසාමයි ,
මෝඩයා ...මොකක්ද මේ කරගත්තේ මට කෑගහුනා ...එතන තිබ්බ ගොසාවට කාටවත් මම කියපු දේ ඇහුනද මන්දා , මම කිට්ටුවට දුවගෙන ගියා .

ඇම්බියුලන්ස් එක ආවා . කවුදෝ කියනවා ඇහුන

දෙන්නෙක් ඇවිත් වැටුණු මනුස්සයව  උස්සලා ගත්ත .

කළු කලිසම ෂුවර් එකටම නයනජිත් තමා .




*******


එතන හිටපු පොලිස් කාරයෝ දෙන්න මිනිස්සුන්ව එතනට එන්න නොදී තල්ලු කරන්න ගත්ත, ඒ අතරේ මොකක්ද.. පෑගිලා මම වැටෙන්න ගිහිං යන්තන් කෙලින් වුනා . බ්‍රවුන් පේපර් බෑග් එකකින් එලියට ආපු ඕඩිකොලොන් බෝතලයක් මම දැක්ක . මම එක ගන්න පහත් වෙද්දීම තවත් අතක් වේගෙන් ඇවිත් ඒක අහුලගත්ත .

"මොකක් නයනජිත් උඹ. එතකොට කවුද වැටුනේ ?"

"බලන්න රංග මේ මනුස්සයෙක් වේගෙන දුවගෙන ඇවිත් මගේ ඇඟේත් හැප්පිලා පාලමෙන් බිමට පන්නනේ . එයාගේ වැදිලා මගේ මේ බෝතලෙත් පහලට වැටුන . "

පෑගිලා ඉරිච්ච බ්‍රවුන් පේපර් එක එක්කම ඕඩිකොලොන් එක සාක්කුවේ දාගත්ත නයනජිත් සෙනග අතරේ වේගෙන් නොපෙනී ගියා .

යකෝ ෆිල්ම් එකකට කියාපු කතාවක් මේකනං , එත් ෆිල්ම් වලවත් මෙහෙම ඒවා වෙන්නේ නෑනේ ..



පිංතුර සොයා දුන්නේ බස්සි 

127 comments:

  1. අඩෝ දැක්ක නේද? නයනජිත්ලා එහෙම කෝච්චියට පනින්න තරම් මෝඩයෝ නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. හුටා ... මලා ...හත් ඉලව්වයි

      Delete
    2. නෑ බං ඌට කෝච්චියට පනින්න තරංවත් හිත හයියක් නෑ. හැක්..

      Delete
    3. කෝච්චිවල යන්ඩත් දන්නව .................එක්කං එන්ඩ යන එවුන් තමා දන්නැත්තේ .ඔන්න අදත් ගම්පහ ඉදං අපේ ගෙදර එනවා කියුවා උදේ නමයට විතර තාම නැ , මයේ හිතේ බස් එකක නැගල කොටුවට යන්ඩ ඇති කොටුවෙන් රාගමට කෝච්චියක නගින්ඩ

      Delete
    4. අටමෝ
      ගම්පහදි වැස්සට අහුවුනා බොල.නැත්නම් අනිවාර්යෙන් එනවා.

      Delete
  2. අද මම කොමෙන්ට් රජ වෙලා. අඩෝ ප්‍රසා එනවද ගේමට?

    ReplyDelete
    Replies
    1. උඹත් ගේම ඉල්ලල අර කැමා වගේ හැංගෙන්නද හදන්නෙ.

      Delete
    2. අපි එහෙම හැංගෙන උන් නෙවෙයි හරිය?

      ඒ කැමාල හැංගුනාට හිටං අපි එහෙම නෑ.

      Delete
    3. කසුන් අපි දෙන්නා එක්කාසූ වෙලා ප්‍රසා ට ගේම දෙමු.

      Delete
  3. අඩේ මේක ෆිල්ම් ස්ක්‍රිප්ට් එකක් වගේ නොවැ දර්ශන මැවිලා පේනවා.

    ReplyDelete
    Replies
    1. අම්මේ හැලපයියා දැකපු කල් ,ඉතිං කෝමෙයි වාස දේස

      Delete
  4. Replies
    1. ආ නංගී මොනවද ටෙස් කොරන්නේ ආ.............

      Delete
  5. Replies
    1. ටෙස්ටිං වන් ටූ විතරයිනෙ. කෝ ත්‍රී. හැක්..

      Delete
    2. මේ බ්‍දර්.. උඹ පාඩුවේ පැත්තකට වෙලා හිටිං.. හරිද?? හැක්..

      Delete
    3. කමියටත් නෙලල තියෙන්නේ මං බදුල්ලේ හොස්පිටිතාලේම ලගින්න. අපේ හීන බබිට අනං මනං සද්ද දාලා.. හැක්..

      Delete
    4. උඹේ ඔය දික්කරං ඉන්න කෝට්ට කඩාගන්න පොටක් තමයි ගොයියො ඔය. හැක්..

      Delete
    5. පුශා, මොකක්ද උඹ ‍ඔය අරින්න කියන්නෙ.

      Delete
    6. හි හි මO දැනුයි ෆ්‍රී වුණේ ඉස්සෙල්ලා පෝස්ට් එක කියෙවුවේ නෑ.

      ඒ කතාව එහෙම අවසන් නොකරනම් මට ගොඩාඩාක් ඩුක හිතෙයි. මුලින් මO හිතුවෙ නයනජිත් කියන්නේ පිරිමි ලමයින්ට කැමති කෙනෙක්. රOග එක්ක අෆෙය එකකට එයි කියලා, කතාව අපි කවුරුත් නොහිතන විදියකට ලියන එක හරි රසවත්. නවකතා වලට වඩා මම කෙටිකතා ප්‍රිය කරන කෙනෙක්.. අපේ දේශා බබියගේ ඒවා තම්‍යි මේ ඉවාන් පවුලූශා ලගේ ඒවට වඩා අශාවෙන් කියවන්නේ ඉදගෙන :D

      Delete
    7. මොකක්ද බං ඔය ලොකු බිංදුව :O

      පෙන්වා නේද හිතන වල් විදිහ ,..හැක , එතකොට උඹ දේශාගේ ඒවා තමා ඉඳගෙන කියවන්නේ , ඇයි මේවා කියවන්නේ හිටගෙනද ...:P

      Delete
  6. වෙනද වගේම කතාව එළ...
    නමුත් මොකක්දෝ මන්ද හිතට අවුල් ගතියක් දැනුන අන්තිමට...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, මූට තිබුණනෙ අරූව කෝච්චියෙ හප්පන්න අන්තිමට.

      Delete
    2. තැන්කිව් ලොකුසන් .. මොකක්ද බං අවුල් ගතිය ..

      ප්‍රසා - පව් බං ඌ

      Delete
    3. දැනෙන හැම අවුලම කියන්න තේරෙන්නේ නැහැ බං...
      ඒකනේ අවුල...

      Delete
  7. ඔහොම වෙච්ච එක හොඳයි. කරුමෙටවත් අරූ ඕඩිකොළොන් එක ගිහිල්ල කෙල්ලට දුන්නනං හවසට ගෙදර එන්න වෙන්නෙ තැලුං තෙල් බෝතලයක් අරං තමයි. (නැටුං තෙල් නොවන බව සලකන්න)

    ReplyDelete
    Replies
    1. මට හිතුනා ඌට කියලා ඕක දෙව්වන්න ආයේ මොකටද නිකං කොල්ලෝ අමාරුවේ දාන්නේ කියල නිකා හිටියා . නැටුන් තෙල් කියන්නේ මොනවද බං :P

      Delete
    2. අර දේශකයගෙන් අහපං.

      Delete
    3. ඌ අහලවත් නෑ කියන්නේ

      Delete
  8. "බීල එන්න බෑ, ගෙනත් බොන්නත් බෑ. සිකරට් ඇතුලේ බොන්න බෑ"
    යකෝ මේව බෝඩිං ද?

    ReplyDelete
    Replies
    1. වැලිකඩ බෝඩිමෙත් ඔව්වා පුලුවං

      Delete
    2. එකනේ මං ඔය බෝඩිමේ නැවතුනේ නැත්තේ .. ඕ යේස්

      Delete
    3. අඩෝ ඒ නීති උඹට විතරයි. අපි හොඳට කාල බීල ජොලි කරනවා. දැන් බෝඩිමේ අයිතිකාරයත් අපි එක්ක බොන්නෙ. ඌට උඹේ අව්ලක් ඇත්තෙ.

      Delete
    4. බලපන් ඔය බෝඩිමේ අයිතිකාරයා සදු ද කියලා ඒ වගේමයි

      Delete
    5. //"බලපන් ඔය බෝඩිමේ අයිතිකාරයා සදු ද කියලා ඒ වගේමයි"// තදින් සිනා

      Delete
    6. බයිට් කන්නනම් ඒකෙ පුලුවන් ඇති

      Delete
    7. බයිට් කෑම නීත්‍යානුකූල වේ . ඕ යේස්

      Delete
  9. සම්භාව්‍ය කතාවක්

    ReplyDelete
  10. Replies
    1. තැන්කිව් කහමල් නංගි :P

      Delete
    2. කාටද හලෝ 'කහමල් නංගි ' කිව්වේ ඈ ?? උඹේ කෙසුත් නැති එකේ තට්ටේ පලාගන්න ඕනෙද?

      Delete
    3. අප්පට බොල .. ඕකනේ ඉතිං උඹලට විහිළුවක් තේරෙන්නේ නෑනේ , මම මේ උඹට නෙවෙයි කිව්වේ ... ඇත්තමයි

      Delete
    4. උබමනේ උපේ කිව්වේ කහමල් දැක්කම හිත සැහැල්ලු වෙනවා කියලා.. ඔය ඉතින් සැහැල්ලු වෙලා තියෙන්නේ.. මූගේ තට්ටේ පලන්න තරම්. හැක්

      Delete
    5. මම හිතුව.. හිතුව... හිතුව.... ආයෙමත් හිතුව.... කෝ බන් හිතුනෙම නැහැනේ තේරුම..

      නොදන්නාකමට මේ අහන්නේ. .මොකද හලෝ මේකට 'කොමාව' කියල දැම්මේ?

      Delete
    6. උපේක්ෂා - අනික් උන් ඔක්කොම් තේරුම් ගත්තද කියන්න නම් දන්නේ නෑ. කොමාව කියලා දැම්මේ , නයනජිත් කෝච්චියට පැන්නා නම් එතනින් එයාගේ ජීවිතේ ඉවරයි වාක්‍යය ඉවරයි . තිතක් වෙනවා .නමුත් නයනජිත් එහෙම කලේ නෑ. ඒ නිසා එයාගේ ජීවිත කතාව ඉවර නෑ . කොමාවක් විතරයි ඒ සිදුවීම , එතනින් එහාට් ආපහු යනවා .

      Delete
  11. මම හිතුවේ නයනජිත් පැන්නා කියලා... නියමයි ගෙම්බෝ.... මේ ඊයේ පෙරේදා දවසක ගෑල්ලමයෙක් නිසා හිස වෙන් වෙන්නම කොච්චියට පැන්න පිරිමි ළමයා අන්තිම මොහොතේ මතක් උනා

    ReplyDelete
    Replies
    1. හැක මෙන්න අපේ ශානුවා කිඹුලිම වෙලා ආයේ මොකද හැංගි හොරා නැද්ද?

      තැන්කුයි වේවා

      Delete
  12. නයනජීත් පැන්නත් අහන්න දෙයක් යෑ.... මොකද උඹලා එක්ක ජීවත් වුණොත් තමා පුදුමේ.......

    උඹ අපිව අන්දන්න නේද හැදුවේ... මං නං මුලදිම දැනගත්තා වැරදි පාරක තමා එක්කං යන්නේ කියලා....... උඹද??????

    ReplyDelete
    Replies
    1. අපි එක්ක ජීවත් වුනු එවුන්ට වැරදිලා නෑ හරී ... හැබැයි හරි ගිහිල්ලත් නෑ හැක හැක ,

      මම එහෙම මිනිස්සු අඬන්නේ නෑ බං ... අම්මප

      Delete
    2. වැරදීත් නැත හරිගිහිනුත් නැත..
      එතකොට මක්කැයි උනේ...

      Delete
    3. වෙන මොනවද මල්ලි , එකෙන්ම කෙලවුනා

      Delete
  13. //යකෝ ෆිල්ම් එකකට කියාපු කතාවක් මේකනං , එත් ෆිල්ම් වලවත් මෙහෙම ඒවා වෙන්නේ නෑනේ// මොකද යකෝ මගේ කමෙන්ට් එක කලින්ම දැම්මේ.. :)

    කෝච්චිය කොහේ ගියත් පැන්නම වැටෙන්නේ වැල්ලට.. පට්ට පට පට කුඩ දෙක දෙකේ පුළුං කිව්වලු.... :)

    ReplyDelete
    Replies
    1. පට්ට පට පට කුඩා දෙක දෙක දෙකේ පුළුං ... මොක්කද බං ඒ සිංදුව මරු ඕයි

      Delete
  14. ඔය මොකා කොහාට පැන්නත් කමක් නෑ උඹ එහම ඔය එක එක කොටු පනින්න යනවා එහෙම නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. පික්ෂුද මාමේ එහෙම කොරනවයි මේ මං , මාමා දන්නවනේ මගේ ගැන :P

      Delete
  15. මදි මචෝ ... එහම කියන එකත් අසාදාරන්යි ..ඒ උනාට අපි උබගෙන් බොක්කටම බලා පොර්ත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා , හිටින දෙන්න බොක්කට :D

      Delete
  16. අති ස්වභාවික දෙබස්

    ReplyDelete
    Replies
    1. ලියවෙන හැටි තමා , ස්තුතියි ට්‍රාන්ස්

      Delete
  17. නයනජිත් කිව්වම මට මුලින්ම හිතුනේ උඹ වගේ P ඩයල් එකක් කියලා.. බැලිංනං මෑන් නේ මිනිහා..

    ඉදල ඉදල මෙහෙම හරි ලියපු එක මැදැයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. P = ප්‍රසිද්ධ .
      නෑ නෑ මං තරං ප්‍රසිද්ධ නෑ ඌ . මෙහෙමවත් ලියන්නේ උඹේ පිහිටෙන් අම්මප :P

      Delete
    2. //ඉදල ඉදල මෙහෙම හරි ලියපු එක මැදැයි...//

      මෙහෙම ඒවා කියද්දි උඹට මුකුත් අවුලක් එහෙම දැනෙන්නැද්ද බං විදානේ...........

      උඹටත් උඹේ නොවන උඹේම බ්ලොගයක් තියෙනවා කියලා යටි හිතවත් කියන්නැද්ද බං........

      මීට කුගෑගීප තුෂාර

      Delete
    3. විදානයට කොහෙද බ්ලොග් එකක්

      Delete
  18. මගුලක් කතා කරනවා.. මේ යකාට රෙන්න ගියත් ‍ෆිල්ම් එකක්නේ බන් මතක් වෙන්නේ....

    ඕඩිකොලොන් බෝතලේ දුන්නනම් අරූට ඔතනින් නෙමේ අඩුම තරමේ ලෝකාන්තයෙන්වත් පනින්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඇත්තමට අපේ ඔෆිසියේ ඉන්නවා එහෙම එකෙක් , ඌට මොනවා හරි කියපු ගමන් ෆිල්ම් එකක එහෙම සීනෙකක් කියනවා . පට්ට ඩයල් එකක් , ඕඩි කොලොන් බෝතලේ දුන්නනම් කොහොමද හැබෑටම

      Delete
  19. නියමයි අය්යෙ කතාවෙ නම් කුතුහලය උපරිමයටම තියනව.අන්තිමට නයනජිත් ට මොකෝ උනේ ? මම නම් හිතුවේ නයනජිත් අර දැක්කෙ වෙනින් ගෑනුළමයෙක් වෙන්නැති කියල. මෙහෙම කතා දකිද්දි චිත්‍රපටියකට හොඳ කතාව කියල චිත්‍රපටි හදන සමහර අයට හිතෙනවා ඇති.දුක හිතෙන සිද්දියක් හරි කෙනෙක්ගෙ ඉරියව්වක් හරි දැක්කම ෆොටෝවකට හොඳ ඈන්ගල් එකක් කියලත් හිතනවා ඇති. කෙනෙක්ගෙ ජිවිත කතාවක් හරි ඇහුවම දැක්කම කතාවකට හොඳ පොයින්ට් එකක් කියලත් හිතනවා ඇති. ඔය වගේ සිද්ධි දැක්කම ෆොටෝ වගේම කතා ලියන අදහසුත් මට ඇවිල්ල තියනව එහෙම සමහර කතා ලියලත් තියනව.පස්සෙ මොකක්දෝ කණගාටුවක් හිතේ ඉතිරිවෙනව .. අනේමන්ද... නයනජිත් ගේ චරිතය දැක්කම හිතෙනවා ෂා කතාවකට නම් නියමයි නයනජිත් ගෙ හැසිරීමත් විහිළුවක් වගෙත් පේනව ..හැබැයි ඇත්තටම ඒ චරිතය ගෙවෙන නයනජිත්ටජීවිතය කොහොමට ඇත්ද ..සමහර විත අපි හිතන නයනජිත් නෙමේ ඇත්තටම ඒ ඉන්නෙ.ඒකයි අපි හිතන්නෙ නයනජිත් ලඳ බොළඳ චරිතයක් ඌ තමයි මැරෙන්න ඇත්තෙ කියල.. හැබැයි ඇත්තටම එහෙම නැහැ ...

    ReplyDelete
    Replies
    1. හංසි නගා ගොඩක් දුර හිතල තියෙනවා, ඇත්තටම සමහර චරිත අපිට රස සාගරයක්, සමහර චරිත අපිව කතා උල්පතක් , එහෙම නැත්තම් කවියකට ගීතයකට ප්‍රස්තුතයක්, එත් අපි මේ ඉන්ස්පයර් වෙන්නේ මේ මනුස්සයගේ හැබෑ ජීවිතෙන් නේද කියලා හිතුනම දුක හිතෙන අවස්ථා තියෙනවා තමා, එත් ගොඩක් දේවල් වෙන්නේ ඒ විදිහට . ඒ වගේම ඔය කියවනවා වගේ ඒ මනුස්සයගේ සැබෑ තත්වේ එක නොවෙන්නත් පුළුවන් ස්තුතියි හංසි

      Delete
    2. ඇත්තමයි නයනජිත් ඉන්පස්සේ කොහේ ගියාද???
      කොමාව 2 දාලා මිනිහාගේ ඉතුරු ටිකත් ලිව්වොත් නරකෙයි.

      Delete
  20. Asoka handagamage film ekak wage. Meka Digata liwwanam asoka handagamata vikunanna thibyna.

    ReplyDelete
  21. Asoka handagamage film ekak wage. Meka Digata liwwanam asoka handagamata vikunanna thibyna.

    ReplyDelete
    Replies
    1. හඳයා මගෙත් කැමතිම චිත්‍රපටි කරුවා ඉනිඅවන් හදන්න කලින් . හඳගම කියන්නේ පරිකල්පනයේ සලකුණ , පුදුම හැකියාවක් තියෙන මනුස්සයෙක්

      Delete
  22. උඹට මේ කතාව කිව්වේ කමියද...? මොකෝ ඕකා ඉන්නේ ඉට්ටේසොන් එක ළඟ නිසා...

    ReplyDelete
    Replies
    1. අම්මේ මෙන්න ලොකු අයියා ඉන්නවා , මම බැලුවේ ආපහු රට ගියාද කියල . අන්න FCID එකෙන් හොයනවා :D

      Delete
  23. පොඩි සංගීත කෑලි,කෝච්චියේ සද්ද,මිනිස්සු කතා කරනවා,ෆෝන් රිං වෙනවා එහෙම ඇහෙන්න පටං ගත්තා.කෙටි චිත්‍රපටියක්,ඒකංගික ටෙලියක් වගේ.. එතෙන්ට ඇවිල්ල තියෙනවා කියන්නෙ සුපිරියි කියන එක තමයි.
    (රංගයා නයනජිත්ගෙ *ක පලනවා ලොවෙත්.. ඕ යේස්..)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වරහන් ඇතුලෙ තියෙන්නෙ 'කොමාවෙන්' එහා ටික හොඳේ

      Delete
    2. ඈ බොල ලබ්බෝ මේ ඇති විශිෂ්ට උත්කෘෂ්ට සංස්කෘතියක් තියන අපේ බ්ලොග් ලෝකය ඇතුලේ උඹ කුණුහබ්බ ඇදබාන්නේ මොන හයියකටද ,

      තැන්කුයි වේවා ලබ්බෝ . තාම මහන්සි ඇති නේ :P

      Delete
    3. //තාම මහන්සි ඇති නේ.// :D

      Delete
    4. ශ්ශ්ශ්..... සිංහ මචෝ... මම කොමෙන්ට් එකේ ඒ ටික දැක්කෙ නෑ.. දකින්නෙත් නෑ...

      Delete
  24. නයනජිත් පැනපු නැති එකනම් හොඳයි. බොහොම ලස්සන කෙටි කථාවක්. කතාව කියවනකොට චිත්තරූප මැවෙනවා. ඒක තමා සැබෑ කෙටිකථා කරුවෙකුගේ දක්ෂතාවය.

    ඉවාන්ගේ, ඩුඩ්ගෙ, රවීගේ පෝස්ට් මැගසින් එකක, පත්තරයක යන්නේ නැති එක හරි අපරාදයක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උදය , පත්තර සඟරා වලටනම් යවන්නේ නෑ බං. ඕවයේ අපි යවන ඒවා පලකොරන්නේ නෑ . ඒවා සංභාව්‍ය ඒවා නොව

      Delete
    2. ඇත්තමයි හොද නිර්මාණකරුවෝ ටිකක් මේකෙත් ඉන්නවා.
      ඔය පත්තර කෑලිවල එක එක වල්පල් දාන්නේ නැතුව මේ වගේ කතාවක් දැම්මනම් මොකද වෙන්නේ..

      Delete
  25. නියමයි ඉවාන්... ෆිල්ම් එකක් බැලුවා වගේ.. රංග, නයනජිත්, බෝඩිමේ අයිතිකාරයා, වටපිටවත් එක්ක මැවිලා පෙනුනා...

    නයනජිත් කිව්ව ගමන්ම නම් හැබැයි කසුන්ව මතක් වුනා.. හි.. හි...

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙයා ඇහැරිලා , තැන්කුයි වේවා . මල කෙලියයි කියන්නේ කසුන කමෙන්ට් එක දැම්මට පස්සෙනෙ මට මතක් වුනේ උගේ නයනජිත් කෑල්ල . කොහේද ඉතිං ඔයාලා කලින් කියන්නෙවත් නෑනේ ,නිදාගෙන ඉන්නවා මිසක්

      Delete
  26. මදෑ.. නයනජිත් වෙනුවෙන් කඳුලක් හෙලන්ට හිටියා. වැඩේ අවල් කළානෙ..

    ReplyDelete
    Replies
    1. අයියෝ , කෝච්චියට අහුවුනාට හපන් වෙයි කෙල්ලට ඕඩි කොලොන් බෝතලේ දුන්නනම් නේද ?

      Delete

  27. ආ ඉවාන් ඉන්නවා ...වෙනදා වගේම මටනම් සුපිරි මචෝ ...ජයවේවා !!

    දෑසෙ ගෑවුණා මා මන්මත් වුණා
    දඹ රන් වැනි මේ බෝනික්කෝ
    දැකීමෙන් දැනී සුව සිනා නගන්නකෝ
    ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් මගේමයි
    රැස් විහිදේ හදේ ආ නංගි ඉමු ළං වී

    මැරෙයි මා මැරෙයි දෙයියනේ මැරෙයි
    කෙළිලොල් කෙල්ලෝ මට අහිමිව යාදෝ
    මා සනසන්නෝ ලැබේනම් සියල්ලෝ
    ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්
    සැනසුම් ගෙනෙයි කෙල්ලෝ
    මායිම් කොහේදෝ

    සන්සුන්ව ඉන්නයි උත්සාහ ගන්නේ
    හිත හීලෑ නොවීලා මගෙ ආත්මය ගිලීලා
    පුපුරාවිදෝ හද ගිනිගනීදෝ
    ජේත්තුකාරී ඔබයි මා යාවී
    මල් පුසුඹ ගේනා නිල් නයන පීනා
    බෑ නික්ම යන්න මට ආසයි රැඳෙන්න
    බලා ඉන්න ඕන
    ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්

    ගායනය - අමිල සඳරුවන්

    ReplyDelete
    Replies
    1. මෙන්න සිංදුවා ජීවතුන් අතර . මේකටත් සින්දුවක් හෙව්වද බොල .පට්ට

      Delete
  28. බෝඩින් සින්දුව ...

    https://www.youtube.com/watch?v=tsrE32EXrSU

    ReplyDelete
  29. උඹ අපිවත් පාලමෙන් පහලට තල්ලු කරලා ආපහු අත දීලා ගොඩට ඇදගත්තා වගේ බන්!

    ReplyDelete
    Replies
    1. උඹව නං තල්ලු කරන්නමයි වටින්නේ ,මෙතන ඇඟ බෙරගන්න බොරු කමෙන්ට් දාලා යනවට ,දුප් යන්න

      Delete
  30. හදමුද ෆෝන් කට්ටෙන් ශෝර්ට් ෆිල්ම් එකක්....? නළුවෝ කොහොම වෙතත් අර නේවි කාරයා කැමරාකරනය බාර ගනිවී.හැබැයි නයනජිත්ගේ චරිතෙටනම් ගැලපෙනම එකෙක් ඉන්නවා....එක්කෝ ඕනේ නෑ.ස්ක්‍රීන් ටෙස්ට් එකකින්ම තෝරගමු.

    ReplyDelete
    Replies
    1. එලකිරි , ඇත්තටම දැන් ලංකාවම දන්න පැපරාසි ගනයේ කැමරාකාරයෙකුත් ඉන්න එකේ වැඩේ කරමු ,එලද බ්‍රා

      Delete
  31. අඩේ මන් බලන් හිටියේ නයනජිත් අර ඕඩික්ලෝන් බෝතලේ දුන්නම කෙල්ල මොනා කියයිද කියල...හිකිස්...
    ඌ ඒක දුන්නනන් ඔතනින් නයනජිත් පනිනවා ආයෙත් නෑ ෂුවර්....හැක හැක

    ReplyDelete
    Replies
    1. හැක් ඔන්න උඹල වගේ කෙල්ලොනටනම් දෙන්න ඕන ඕඩිකොලොන් නෙවේ භූමිතෙල් බෝතලයක් :P ..ඕ යේස්

      වෙල්කම් කියලා පිළිගත්තා ඔන්න ගිම්මිව ..

      Delete
  32. මගෙ අම්මේ බං කුලියට ඉන්නකොට සල්ලිත් දීලා බලන්න ඕනෙ ආඩම්බර නේද? වැඩක් නෑ කියලා.

    මේ කතාව හොඳයි. නමුත් මගෙ ප්‍රියතම එක අර කොළඹ එන එක තාමත්.

    ReplyDelete
    Replies
    1. මන් ඒක කියවලා නෑ.. ඒකේ ලින්ක් එක දාපන්.

      Delete

    2. හීනේ

      එපා උනා බං මේක හොයන්න ගිහිං. උඹ සිංහයෙක් නිසා නොකරත් බැරි නිසාම හෙව්වාම්

      Delete
  33. උඩ ඉදලා පල්ලෙහාට එනකම් කොමෙන්ට් ටික කියෝගෙන ආවා. දැන් මම මොනවද කියන්නේ.. ඕක තමයි පහුවෙලා ආපුහම තියෙන වැරද්ද

    ReplyDelete
    Replies
    1. කමක් නෑ , පරක්කු වෙලා හරි ආපු එකත් මදැයි . ස්තුතියි සිංහ මචෝ

      Delete
  34. කොහොමද බන් තිතක්වත් නැතුව කොමෙන්ට් එක දැම්මේ..

    ReplyDelete
  35. //යකෝ ෆිල්ම් එකකට කියාපු කතාවක් මේකනං , එත් ෆිල්ම් වලවත් මෙහෙම ඒවා වෙන්නේ නෑනේ ..//

    දැන් ගොඩක් හොලිවුඩ්/බොලිවුඩ් චිත්‍රපටි එක්ක "Making of the film" කියලා වෙනම DVD එකකුත් එනවනේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ගොඩක් වෙලාවට ඕක තිබ්බේ ජැකී චෑන් ගේ ෆිල්ම් වලා , ඒ හැම ෆිල්ම් එකකම මේකින් of the ෆිල්ම් කෑලි ටිකක් ෆිල්ම් එකේ අන්තිමට තියෙනවා . වැඩි හරියක් තියෙන්නේ ජැකී චෑන් හෝම්බ් බිම ඇනගන්න ඒවා තමා

      Delete
  36. හම්මේ, නයනජිත් බලාගෙන යද්දී අඬ අඬ හිටියට මොකද හොදට ගට් එක තියෙන කොල්ලෙක්. උඹ කියාගෙන ආව විදිහට මම හිතුවේ ඌ පනින්න ඇති කියලා..

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තමා කතාව් ඉවර කලේ , ඒත් පස්සේ හිතුනා වෙනස් කරන්න , ස්තුතියි දිනේෂ්

      Delete
  37. '''//චිත්‍රපටියක නම් ඉස්සෙල්ලම බඩට ගහනවා//'''

    දැන් ඒක ටිකක් වෙනස් වෙලානේ බං. දැන් බඹරේ වගේ උඩ කැරකිලා ගහන ඒවනේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. උඹ හදපන්කෝ චිත්‍රපටියක්.

      Delete
    2. දැන් ඉන්නේ සුපර් ස්ටාර් නළුවොනේ බං . උන් උඩදීම හය හත් දෙනකුට එක පරිණ ගහලා තම අබිමට එන්නේ .
      මම චිත්‍රපටියක් හදන්න ඉන්නේ . නිලියක් හොයනවා තාම :P

      Delete
  38. චිත්‍රපටියක්ම තමා බලන් යද්දි මේක

    ReplyDelete
    Replies
    1. අනිවා, සින්ඩරෙල්ලා වගේ නේ :P

      Delete
  39. බෝගේ කතා කියවද්ද බඩ යන්න බෙහෙත් දීල පුකට ඇබයක් ගැහුවා වගේ බන්

    ReplyDelete
  40. මචං නයනජිත්ලා තරම් ගල් ආන්දෝ ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ, බිමත් නැහැ...:) හිත හොඳ උන් රැවටෙනවා...ඒකයි ඇත්ත...

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ උඹ නයනජිත් ට බනින්නේ ? හොඳ එවුන් රැවටෙනවා කියන එක ලෝක ධර්මතාවක් මචෝ

      Delete
  41. මේක මං කියවපු පලවෙනි ඉවාන්ගේ කෙටි කතාව... ඉතින් රෑ ඇහැරගෙන හරි ඉතුරු ටිකත් කියවන්න හිතුනා... පට්ට කමාව...මචං..

    ReplyDelete
  42. මොනවද වෙන්නෙ කියල තේරෙන්නෙ නැතිව කැරකි කැරකි හිටියෙ 🙂

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]