Monday, March 28, 2016

මධුර වසන්තේ සතර දිගන්තේ පරණේ






මධුර වසන්තේ සතර දිගන්තේ...
මධුර වසන්තේ සතර දිගන්තේ.....
මොණර මොණරියන් රඟදේන , මධුර වසන්තේ.....
කිඳුරු කිඳුරියන් නැලවෙන කුමර කුමරියන් හමුවන මධුර වසන්තේ.....
මධුර මධුර මධුර මධුර මධුර මධුර වසන්තේ.....


බ්ලොග් සම්මාන උළෙල ඉවර වෙලා පහුවදා දවසම නිදාගත්තට පස්සේ ඇහැරුණු වෙලාවේ ඉඳන්ම හිතුනේ මේ ගැන ලියන්න ඕන කියල . බ්ලොග් සම්මාන උළෙලට ලැබෙන ප්‍රතිචාර එක්ක සෑහෙන දුරට වැඩේ සාර්ථකයි කියල හිතෙද්දි මේ සාර්ථකත්වය පිටිපස්සේ හිටපු සෙවනැල්ල කවුරුන්ද කියන එක නොකියා යන එක හොඳ නෑ .  

අද ඉඳන් බ්ලොග් සම්මාන ලාභියෝ ලාභිනියෝ ගැන හැමෝම කතා කරයි , සතුටුවෙයි ඒ වගේම ඔවුන්ට ඉරිසියා කරයි  , ඒ අතර ඉන්න එක බ්ලොග් කාරයෙක් නිසා මේ හැම දෙනාගේම කැපවීම මේ පොලොව තුල යතාර්ථයක් බවට පත්කරගන්න පුළුවන් වුනා .

ඔහු වෙන කවුරුවත් නෙවෙයි ඒ තමයි සතර දිගන්තයේ පරණේ  , එහෙමත් නැතිනම් කරුණාරත්න පරණවිතාන ,සංවිධානය සඳහා වෙහෙසුන සියලු දෙනාගේ කැපවෙම යතාර්ථයක් බවට පත්කළ අපූරු මිනිසා . 

ශාලාව ලබාදීම, පැමිණි සියලුම දෙනාට සංග්‍රහය සකසා දීම ඇතුළු බොහෝ කාරනා සිද්ධ වුනේ ඔහුගේ අනුග්‍රහයෙන් . ඊට පෙර දවසක ඔහුව මු ගැසුණු වෙලාවේ අඩුම ගනනේ මේ පාර කවුද හොඳම බ්ලොගර් කියලාවත් අහන්න උත්සුක නොවී ඇහුවේ ,"කෑම ලැස්ති කරේ 200 කට ඇතිවෙයිද ?" කියන වචන ටික .

ඉතිං අපිට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි පරණේ කියල තමයි . මේ සරල සහ මිත්‍රශීලී බව ශ්‍රීලාංකික දේශපාලනය උපන්දා ඉඳන් දකින අපිට ආගන්තුකයි . 

පලවෙනි නෙලුම් යායය තියෙනකොට ඔහු අමාත්‍යංශ ලේකම් , මේ පාර නියෝජ්‍ය ඇමති ... ලබන පාර ....?
කවුරු වුනත් ඒ සහයෝගය අපිට ලැබෙන බව ස්ථිරයි . 

නුහුරු නුපුරුදු ඇමති පට්ටම් වලින් මොකට අමතන්නද මේ බ්ලොග් වෙනුවෙන් යමක් කරපු බ්ලොග් කාරයෙක්නේ 

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාණෙනි ඔබට ස්තුතියි කියනවට වඩා ඔහුත් කැමති වෙන්නේ අපි මෙහෙම කියනවනම් 

ස්තුතියි පරණේ 


113 comments:

  1. වැඩේ සාර්තකයිනෙ.....අනිවාරයෙන් මේ සම්මාන උලෙල හින්ද බ්ලොග් කාරයන්ට කාරියන්ට ලොකු පෙලබවීමක් ලැබෙනව.............



    ඉවාන් අයිය එක්ක කතා කරන්නන්න් කියලමයි ආවෙ...කොහෙද බිසී නෙ....අජිත් අයියයි...කමියයි එක්කනන් චැටක් දැම්ම

    ReplyDelete
    Replies
    1. ---------------------------------------------------


      දුෂණය පවුල්වාදය තුරන්කර ශ්‍රි ලංකාව ලෝකයේ දියුණු රටක් බවට පත්කල ජනවාරි 8 විප්ලවයේ පෙරගමන් කරුවෙකු වන ප්‍රවීන ලේඛක "මාතලං" ප්‍රියන්ත හේවගේ මැතිදුන් බ්ලොග් සම්මාන උළලේ නිසි ඇගයීමකට ලක් නොකිරීම පිළිබද අපගේ බලවත් කණස්සල්ල...!


      "මාතලං" ලේඛකයාණෙනි අතිගරු රනිල් වික්‍රමසිංහ අගමැතිදුන් , ජනාධිපතිතුමා ඇතුලු ප්‍රගතිශීලී ජනතාව ඔබ සමගයි...!


      ------------------------------------

      Delete
    2. ඒ වෙලාවේ වචන දෙක තුනකට වඩා කතා කරන්න නොලැබීම ගැන දුකයි , ස්තුතියි රසිකයා

      Delete
  2. අපිත් එසේම කියමු...ස්තූතියි පරණේ!!!!!!

    ReplyDelete
  3. ඉවාන් අයියෙ ඔයා ලස්සනට නිවේදන කටයුතු කලා.
    ඉවාන් අයියෙ ඔයා ස්ටේජ් එකෙන් බහිනකල් ගොඩාක් වෙලා බලාගෙන හිටියා අයියෙ.
    ඔයත් එක්ක එක වචනයක් කතා කරන්න ලොකූ ආසාවක් තිබුනා.
    ඒත් මට ගෙදර යන්න පරක්කු වෙන නිසා මම ගියා.
    ඇත්තටම ඉවාන් අයියෙ ඔයත් එක්ක සෙල්ෆියක් ගන්න ලොකූ ආසාවකින් හිටියෙ.
    ඉතින් ඉවාන් අයියෙ ඔයාට බුදු සරණයි.

    ReplyDelete
    Replies
    1. සක් අපරාදේ , ඔයාට මාව ගෙදර එක්ක යන්න හිතුනේ නැද්ද මෙයා

      Delete
  4. ඉවාන් අයියෙ ඔයා ලස්සනට නිවේදන කටයුතු කලා.
    ඉවාන් අයියෙ ඔයා ස්ටේජ් එකෙන් බහිනකල් ගොඩාක් වෙලා බලාගෙන හිටියා අයියෙ.
    ඔයත් එක්ක එක වචනයක් කතා කරන්න ලොකූ ආසාවක් තිබුනා.
    ඒත් මට ගෙදර යන්න පරක්කු වෙන නිසා මම ගියා.
    ඇත්තටම ඉවාන් අයියෙ ඔයත් එක්ක සෙල්ෆියක් ගන්න ලොකූ ආසාවකින් හිටියෙ.
    ඉතින් ඉවාන් අයියෙ ඔයාට බුදු සරණයි.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. මේ තියෙන්නේ නියම ප්‍රතිඵල!!! අනේ වාසනාවන්

      Delete
    2. මාත් මේ ඒක තමා කම්පනා කොලේ..
      හැක්

      Delete
    3. කවුද බොලේ ඇලිස්...

      මේ අහිංසකයගේ හිත දැන් ව්‍යාකූල වෙනවා.

      Delete
    4. ලව්පූස් !!!!!!


      (පත්තරමල්ලිතුමෝ මෙය දුටු විගස ගිය තැනකින් වහාම පැමිණෙන්න. ඉවා නයියාට අසාධ්‍යයි)

      Delete
    5. කම්මලයගෙ නෑයෙක්ද කොහෙද.

      Delete
    6. කව්ද දන්නේ කම්මලයමද කියලා...?

      Delete
    7. හුකෑස් ... ඇඩ්‍රස් නෑ

      බය වෙන්නෙපා නංගියේ. පැය 48 ක් යන්න කලින් ටැබ්ලට් එක ගන්න .. සෙල්පියක් මේල් කරන්නං

      - මීට ඉවාන් -

      Delete
    8. පත්තරේ,
      උඹ හදන්නෙ දැති හුලහගෙ සෙල්පියක් යවල මේක හබක් කරල දාන්න ද? හැක්..

      Delete
    9. හැක්..

      දිනූ දේ රැකගමු !!!

      Delete
    10. මේක නම් අනිවා ප්‍රා ගේ හා පත්තරයාගේ කුමන්ත්‍රණයක් :)

      Delete
    11. @KM, රෝමය හා කොළඹ දෙකම ඌවට බටහිරින්නේ. සොරගුණේ පොල් ගහල බැලුවද?


      ඒක නෙමෙයි ලව්පූස් කඩවසම් නම් වලස්මිත්‍ර කඩපේලියක්මවසම් වෙයිනෙ

      Delete
    12. @Pමල්ලිතුමා,

      සෙල්ෆිය ගන්නෙත් ටැබ්ලට් එකෙන්මද?

      Delete
    13. ඕ යේස් .. ඉවානය නිකං ජංගම ෆාමසිය වගේ තමා :D

      Delete
    14. හුකෑස් හැකෑස්...ස්...ස්...ස් (අම්මෝ මගෙ පපුව...!!!)

      Delete
    15. කඩපේලියක්මවසම්////
      KM මේක දැක්කම කොලර් එක උස්සන්න ගිහිං කමිසෙ ඉරාගන්නව මට මැවිල පේනා කියංනකො ප්‍රා... හැක්..

      හුකෑස් හැකෑස්...ස්...ස්...ස් (අම්මෝ මගෙ පපුව. ×2

      Delete
    16. අඩා පාද්රේ, නලව නලව ඉන්නවා මිසක් ගෙයින් එලියට බහින්නවත් වෙලාවක් නැද්ද?

      Delete
  5. නයි ටී එන් එකේ ප්‍රවුත්ති වලට...මමත් දැක්ක..පට්ට කාලෙකින් පලාතක ආවෙ නැති උනත්..උත්තේජනයක් ආව. හැබැයි ප්‍රවුත්ති වලට..කිව්වෙ නෙලුම් පොකුර/පොකුණ සම්මාණ උලෙල කියල වගේ ඇහුනෙ...ඔන්න උන් දන්න තරම.(අයි ටී එන් වගේ තමයි මතක)

    ReplyDelete
    Replies
    1. නයි ටී එන කාරයෝ ආව එකත් මදැයි , ඔය හැමෝම ආවේ කරු ජයසුරියාගෙන ලකුණු ටිඅක් දාගණන් මිසක් දැනගනවත් මේ ගැන කියනවත් නෙවෙයි

      Delete
  6. තිරෙන් පිටිපස්සේ හිටපු හැමෝටම ලොකු ස්තුතියක් තියෙන්නම ඕනේ. ඒවා තමයි ලියවෙන්නත් ඕනේ. ඒ දේවල් කරන්නේ හිත අතුලේම්ම කියලා දන්නවා.

    හැමෝටම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හිටපු ඔක්කොම හිටියේ තිරෙන් මෙහා..මොකෝ දන්නවැයි..තිරේ තිබුනේ බිත්තියට අලවලා......ලොකු ගෝරිල්ලෙක් වගේ කෙනෙක් මොනාද අත ගගා හිටියා කාබන් පෑනකින් ඒවයේ ලියලියා ස්ටෙජ් එක උඩ උදේ ඉඳන්ම..පව් මෙයා....!

      Delete
    2. මම තිරේ ගැන කියන්න ආපු ටික චෙෆාකි කියලා.. හැබැයි වෙලාවට උන්දා අතට අහුවෙන දුරක නොඉන්නේ.. ග්ර්ර්ර්ර්ර්..

      Delete
    3. ඔය කියන්නේ කළු ගොරිල්ල ගැන ද? සුදු ගොරිල්ල ගැන ද?

      Delete
    4. මං ඉතන්නෙ දැකුං කළු ගොරිල්ල ගැන
      ඇලි ගොරිල්ල කවුද කියලයි කල්පනා කරන්නෙ

      Delete
    5. උපේස්සා ... නිකං පලයන් යන්න මෙතන ඔච්චර කියලත් පැත්ත පළාතේ ආවේ නෑ

      Delete
    6. [අන්ධකාර නංගි කොහෙද ඉතිං නිකන්වත් ආවේ නෑනේ , ලබන පාරවත් සෙට් වෙමු , ස්තතියි ]
      හුහ් බලාපල්ලකෝ ආපු නැති අනිත් උන්ට ගාන බටර් එක...
      මට දාන ගෙම්බර් එක!!

      ඊළඟ පාර මම ආවේ නැතත් ඔතන කම්බස් කරන්න එකෙක් එවනවා. මේ පාර එවපු එකී කම්බස් කෙරුවේ මාවමයිනේ....

      Delete
    7. ඉතින් උඹ එහෙමද, උඹ පලවෙනි ස්ථානයක් ලද ජයග්රාහිකාවක් .. දෙන්න හිතෙනවා හොම්බ තැලෙන්න , අපි අච්චර අමාරුවෙන් සයිටෙෂන් ලියලා කියවල බලාගෙන ඉද්දි මේ ගල් ඉබ්බි ආවේ නෑ

      Delete
  7. බොහොම මහන්සි වෙලා තිබුණ දැක්ක ඉතිං කාටවත් මොනවත් කියන්න බැරි වෙන්ටම වැඩේ වුණ එකට සතුටුයි..

    අපිත් කියන්නං
    පරණ නොවෙණ පරණෙට බොහොමත්ම ස්තූතියි පරණේ..

    ReplyDelete
    Replies
    1. අන්න එක තම , පරණේ ගේ උදව්ව වටිනවා ගොඩක්

      Delete
  8. පළමු වතාවට බ්ලොග් වැඩකට සම්බන්ධ වුණේ.. අප්‍රමාණ සතුටුයි.. මේ වැඩේ සාර්ථක කරගන්න උදව් වුණ සියලුම දෙනාට හදවතින්ම ස්තුතියි කියනවා.. පෙරටම යමු.

    බ්ලොග්කරණයට මේ වැඩෙන් ලොකු ගැම්මක් ලැබෙනවා. සම්මාන, තෑගි බලාගෙන නොලියනවා වුණත් අවුරුද්දකට සැරයක් කට්ටිය මෙහෙම එකතු වෙන එකම ලොකු දෙයක්..

    බ්ලොග් ලොවේ බොහෝ දෙනා දැන අඳුනාගන්න ලැබීම ගැන ගොඩක්ම සතුටුයි... මෙන්න තුති මල් පොකුරක් මගෙනුත්..

    ReplyDelete
    Replies
    1. අපි බලං හිටියේ ප්‍රධාන නිළිය රඟපානකන් , මෙන්න මෙයා පැත්තක වාඩිවෙලා නාටිටිය බලනවා

      Delete
  9. බොහොම ස්තූතී පරනෙ. ඒ වගේම සංවිධානය කරපු හැමෝටම ස්තූතී.

    ඉවානයො ඔහේ අර ඉස්ටේජ් එකේ කරපු වැඩකිඩ මගෙ රෙකෝඩරයක තියෙයි. හිටිංකො තව ටික දවසකින් එවන්නම්.ඉ

    ReplyDelete
    Replies
    1. අර නංගියා නිවේදන කටයතු කරන්න ආවා විතරයි ඉවානයාට පොඩි කික් එකක් ආවා වගේ කියලා උඹට තේරුනේ නැද්ද කසුනෝ.

      Delete
    2. හම්මේ බොලව් මඩක් නොගහා මුංට නින්ද යන්නැති හැටියක්
      පව් අඩේ අර ලව් පූෂ්.. හැක්

      Delete
    3. එතකොට කික් එක බැස්සම ද ඒ ඇත්තිව දාල අන්තිමට ආවෙ. අපරාදෙ ඒ ඇත්තිට ම ඒක එදන්න තිබුනෙ. එහෙනම් අපිත් කික් එකේ ඉන්නවනෙ.ඉ

      Delete
    4. දුප් යන්න වැල් කොල්ලෝ . කසුනා මම එක ඇහුවා

      Delete
  10. මේ උළෙලේ වටිනාකම සම්මාන ලැබීම විතරක් නෙවෙයි. මේ තුලින් බිලොග් සහෘදයෝ විශාල පිරිසක් එකට එකතු වෙනවා. දැන හදුනා ගන්නවා. මම එදා දවස ගෙව්වේ ගොඩක් සතුටින්. අපි හැමෝම මේ වගේ එකතු කරපු මේ වෙනුවෙන් මහන්සි උන හැමෝවම අගය කරන්න ඕන.

    ReplyDelete
  11. තිරයෙන් ඉස්සරහා,පස්සේ ඉඳන් ගොඩක් දෙනෙක් එකතු වෙලා මේ කරපු වැඩේ බ්ලොග් වලට ලොකු උත්තේජනයක් බව කිව යුතු නොවේ.මේ සම්බන්ධ ඔබ සැමගේ කැපවීම,උනන්දුව ගැන නොවක් තුති නැවත නැවතත්.

    ReplyDelete
  12. කරු පරණට ආචාරය.

    ඒවගේම නම් නොකියවුනු (ඔවුන් කියන්න එපා කියූ නිසා ) ඒත් හුඟක් උදව් කල අයටත්!


    ඒවගේම වේදිකාවෙ එක පැත්තක ඈතින් කලු කමිසයක් ඇඳගත් බීස්ට් සහ අනිත් පැත්තේ ලඟින් ඔසරියක් ඇඳගත් බියුටි මැද්දේ බැබලුන ලව්පූස්ටත් මඩ මිටක් !
    (ස්නෝවයිට් එකේ කැරැක්ටර් එකකුත් හිටිය කියල චෙෆ් කෙනෙක් කියනව ඇහුන )

    ReplyDelete
    Replies
    1. හිතුවට වඩා උගේ කොන්ඩේ දිගයිනේ බං....!මූනත් එච්චරම කචල් නෑ...!
      කෙසේ වෙතත් බොලාල කිව්වවගේම සොමි පොරක්....!

      Delete
    2. ප්‍රා, ඌ අර හතෙන් එකෙක්...!!!

      Delete
    3. මේ දික්පිටියට තියනවා මාත් එක්ක ගේමක්

      Delete
    4. ස්නොවයිට් ??? ඒ මොකක්ද ඒ

      Delete
  13. උඹට මේක කලින්ම ලියන්න මතක් වුන එක හොඳයි.යුතුකම් වෙලාවට ඉස්ට වෙන්න ඕනෑ.පරනෙට එතන ඉන්න බැරිවුනත් වැඩේ ලස්සනට කරල දුන්නනෙ.

    ReplyDelete
    Replies
    1. හැලපයියා හිටියනම් කොච්ච්ර් අගෙයිද

      Delete
  14. සී.පී. පරණෙ ගෙන් කරූ පරණෙ ට ආචාරය.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා , ඊළඟ සැරේ ආවේ නැත්තම් විදනේයව එවනවා තාප්පේ ගලවන්න

      Delete
  15. බොහොමත්ම ස්තූතියි කියන්න ඕනෙමනෙ... වැදගත් තැනක්... ( හොයාගන්නත් අමාරු විදියට හදල තියෙන නිසාද මන්ද ඒ ඔඩිටෝරියම් එක ලාංකිකයන්ගෙ ජම්ම ජරා ගති වලට අහුවෙල නාස්ති වෙන්නෙ නැතුව තියෙනව දැක්කම ඇත්තටම ඒ වෙලාවෙ මට හිතුනෙ ම‌ෙඩ් මැණික් වගේ කතාවක් ..)

    ReplyDelete
    Replies
    1. බිල්ඩිම හොයාගත්තා කියමුකො..දෙවෙනි තට්ටුවටත් ගියා කියමුකෝ...දොර තාම හොයනවා...සෑහෙන නිර්මානශීලී ආකියෙක්ගේ ඩිසයින් එකක් වෙන්න ඕනි..ආකිටෙක්චර් දෝරෙගලනවා...!

      Delete
    2. සෑර් මං නං කියන්නෙ ඕක ඩිසයින් කරන්න ඇත්තෙ අර ලොකු ජිප් එකේ යන රැවුළා.. !! ඕ යේස්

      Delete
    3. එතකොට හදන්න ඇත්තේ අර කඩවසම් අය්යද?

      Delete
    4. තව මඩ ගහපල්ල ඔය රැවුලට.. අනික සේෆ්ටි අන්තිමයි.. හැක්.

      Delete
    5. කඩවසම් අයිය වෙන්ඩ බෑ.. ඌ හැදුවනං ඕක මෙලහකට බිම :D

      Delete
    6. අර මහවැලියේ එකට වඩානං හොදයි

      Delete
    7. මකබාස් ආකිටෙක්ස් :P :P

      Delete
    8. හිරුවා කට් එක දාන්න හැදුවේ

      Delete
  16. එහෙනං.. ස්තූතියි පරණේ..
    වැඩේ සාර්ථක කරන්නට වෙහෙස මහන්සි වූ කී,නොකී සැමටම ආචාරය.
    ජාති ජාති...
    තද තද...
    හෙහ් හෙහ් හේ
    ජයවේවා..!!

    ReplyDelete
  17. කරූ පරණේ ට වගේම පරණ කරූ ටත් ස්තුතියි කියන්න ඕනි. කිසිම ආඩම්බරයක් නැති මිනිස්සුත් එක්ක හිටපු දේශපාලන පරපුරක අන්තිමයා විදියට හඳුන්වන්න තිබුනා පරණ 'කරූ' හෙවත් කරු ජයසුරිය මහත්තයව.. කොහෙද මේ අලුත් කරූ ඇවිත් ආපහු මිනිස්සුත් එක්ක 'මිනිහෙක් වගේ' හැසිරෙන්න ගත්තනේ.. එක නිසා දේශපාලකයොත් එක්ක ගනුදෙනු නොකර ඉන්න ප්‍රතිපත්තිය ගැන නැවත සලකා බලන්න වෙනවා.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න හිතුනෙත් ඒ නිසාම තමයි මචෝ. ලංකාවේ එකෙක්නම් වෙන්න බෑ පොර

      Delete
  18. මචං ඉවාන්...............

    මුලින් ම කියන්න ඕනේ උඹේ නිවේදන කටයුතු නං සුපිරියි... උඹ වෘත්තීය නිවේදකයෙකුගේ ලක්ෂණ හොදට ම පෙන්නුවා... ඒ තුළ තිබුණ පරිණතකම වේදිකාවේ තිබුණ අනික් අඩුපාඩු වුණත් වහන්න තරං උසස් මට්ටමක තිබුණා..... (අඩුපාඩු කිව්වේ මහාලොකු දේවල් නෙමෙයි) ඇත්තට ම අපිට මතක විදිහට අපි උඹේ නිවේදන හැකියාව අගය කරා... ඒත් මෙහෙමත් කියන්න ම වෙනවා...... ඒක ඒ තරම් සුපිරියි..... අනික තමා සංවිධායක කටයුතු වල යෙදුණු අජිත් අයියා, කමියා ඇතුළු අනිකුත් වෙබ් සගයිනුත් එක්ක උඹේ සහ ඒ නංගිගේ උත්සහය අතිසාර්ථකයි...... අගය කළ යුතු උඹලාගේ උත්සාහය අපි හිතේ කිලුටු නැතුව අගය කළ යුතුයි...... ජයවේවා..

    ReplyDelete
    Replies
    1. කුරුටුස් ලා අඳුනගන්න ලැබීම සතුටක් , ඒ වෙලාවේ වැඩිය කතා කරන නොලැබීම ගැන තමයි දුක , පවුල් පිටින්ම ඇවිත් උඹල දුන්නු සහයෝගය තමයි වටින්නේ , මොකද කට්ටිය සහභාගී වුනේ නැත්තං මේකේ වටිනාකමක් නැතිවෙනවා , අනික උඹලා ලබාගත්ත සම්මාන , සම්මානයට පාත්රවියයුතු ම අඩවියක් මගෙත් සුබ පැතුම් උඹලා සෙට් එකටම

      Delete
  19. මෙහෙම ලියපු එකත් සෑහෙන්න වටිනවා ඉවාන්.

    ස්තූතියි පරණේ!

    ReplyDelete
  20. උඹේ මේ ඉස්කොතු කිරීම ගොඩක් වැදගත්...
    ඒ වගේම පරණේ ටත් ස්තුතියි බ්ලොග් වෙනුවෙන් තාමත් පෙනී ඉන්න එකට...

    උඹ කලින් වගේම එදත් බාරගත්තු වැඩේ ලස්සනට කලා. ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. අඩෝ සංචාරකයා , තැන්කිව් වේවා

      Delete
  21. ඉවානෝ...
    මේක නම් බොහොම වටිනා පොස්ටුවක්...

    අපි ගොඩක් දෙනෙක් තිරේ පිටිපස්සේ වෙච්ච දේ ගැන දන්නේ නැහැ.
    එත් මේ වැඩේට ලොකුම ලොකුසහයෝගයක් දීපු මනුස්සයෙක් ගැන මෙහෙම සටහනක් තියපු එක බොහොම වටිනවා...

    එහෙනම් ඉතින් හැමෝමත් එක්ක මාත් කියන්නම..

    "ස්තුතියි පරණේ"

    ReplyDelete
  22. මෙතන ගොඩක් ලියන්නේ නැහැ. සියල්ලම ඉහලින් අගය කරනවා. ස්තුතියි. වෙනම පෝස්ට් එකක් මගේ අඩවියේ දමන්නම්.

    ReplyDelete
    Replies
    1. අනන් ඒ පොස්ටුව අපි කියෙව්වා

      Delete
  23. මට නම් මේ පෝස්ටුව නොතේරුනි..

    ReplyDelete
    Replies
    1. ඔය වයසේ ප්‍රශ්ණේ...................

      මෙහෙම කියන්නංකෝ... කෝචිචියක් යනවා දැක්කා ම අපි හිතනවා මේක එනවං යන එංජින් ඩ්‍රයිවර් තමා සියල්ම කරන්නේ කියලා. ඒත් එහෙමම නැහැ. පිටි පස්සේ ඉදගෙන හසුරුවන ගාඩ් මහතා වගේ ම ස්ටේෂන් මාස්ටර්ලා. තව නෙපෙනෙන්න ඉදන් උදව් කරපු බොහොමයක් අය ඉන්නවානේ... මේ කතාවත් ඒ වගේ එකක්... දැන් තේරුණාද????? කෝච්චියකින් ම කියන්න ඕනේ ඉතින්...

      Delete
    2. ඔන්න අඟහරුවට උත්තරේ කුරුටුස්ලා දීලා

      Delete
  24. සාර්ථකව නිමවෙච්ච සම්මාන උළෙලක පිටිපස්සෙ අපි නොදන්නවා උනාට නිහඬව මහන්සි වුන කැපවුන ගොඩක් දෙනෙක් ඇති. ඒ හැමෝටම හදවතින්ම තුති :)

    ReplyDelete
    Replies
    1. අම්මේ දිගම දිග හංසියෙක් දැක්කා

      Delete
  25. මේ පෝස්ටුව සඳහා ප්‍රධාන අනුග්‍රහය: සුනිල් ආරියරත්නගේ කුස පබා චිත්‍රපටයයි.

    ReplyDelete
    Replies
    1. දැන් කවුද යකෝ කුස ,,, දුප් කිව්වේ

      Delete
  26. මේ ඔය පෝස්ට් එක කට් කරල ඇරගන වර්ඩ් පෑඩ් එකකට කොපි කරල සේව් කරල සුදු පාට නැති කරල , ආයේ කොපි කරල ඇරගන දාහන්කෝ බං

    ReplyDelete
  27. ඉවානයියේ ඉවානයියේ. .හිතං හිටියට වඩා ඔයා හරි හැන්සම් හොදේ. වොයිස් එකත් හරිම මිහිරියි.. උම්මා එකක් දුන්න කියාහං පරණෙට.. හැක්..

    නියමයි පූස්.. වෙල්ඩන්..

    ReplyDelete
    Replies
    1. පරනේ දිව්වා උඹ උම්මා දුන්නම , තැන්කිව් දේශා මල්ලි

      Delete
  28. සම්මාන උළෙල හොදට තියෙන්න ඇති කියලා හිතෙනවා... :) ඔයාගේ නිවේදන කටයුතු වලට සුබ පැතුම් ;) (ඊලග පෝස්ට් එකේ අකුරු ටිකක් ලොකු කරොත් නරකද?)

    ReplyDelete
    Replies
    1. අන්ධකාර නංගි කොහෙද ඉතිං නිකන්වත් ආවේ නෑනේ , ලබන පාරවත් සෙට් වෙමු , ස්තතියි

      Delete
  29. පරණෙ දැන් දැන් යනපාර හොඳ නෑ කියලත් හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මටත් වෙලාවකට එහෙම හිතෙනවා

      Delete
  30. 'පරණේ' වගේම අජිත්, ඉවාන්, කළ්‍යාණ ඇතුළු සියලුම සංවිධායකයින්ට ස්තූතියි. සම්මාන උළෙල ඉතාම සාර්ථක එකක් වුණේ ඔය කට්ටිය නිසා.

    ReplyDelete
    Replies
    1. ස්තුති අශාන් .. අපේ කතා සගයා

      Delete
  31. සැමට සුබ පැතුම්, ලංකාවේ හිටියනම් මමත් එනවා..

    ReplyDelete
  32. එදා සිද්ද වෙලා තිබුණෙ හාස්කමක් කියල දෙයියන්නෙ රටේ ඇත්තෙක් මට කියා එවලා තිබුණ. මට ඒ ගන්න බැරුව දේස දීපංක්රේ හිරවෙලා නෙව තවමත් ඉන්නෙ. ඒ තියා කොමෙන්ටුවක් දමන්න නමක්වත් නැතුව ගිහින් මම sugv.wordpress

    ReplyDelete
    Replies
    1. ගුනසිංහ මහත්තයා ... කොහොම හරි ඊලංඅග සැරේ අපි සෙට්වෙමු , සන්තෝසයි මේ සහයෝගයට

      Delete
  33. වෙනස්ම අත්දැකීමක් එකතු කරපු සැහෙන්න දන්නා නොදන්නා අය ගොඩක් එකට එක්කාසු කරපු මොහොතක් වෙනුවෙන් තිරය පිටුපස හිටන් නිහඬ කැපකිරීම් කරපු සියලු දෙනාටම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. සොමියා ,... වැඩිය කතා කරන්න බැරිවුණු එක ගැන තමා දුක බං

      Delete
  34. Old is Gold කියන්නේ ඔන්න ඔය නිසා.

    ReplyDelete
    Replies
    1. අනිවා . ඇවිද්ද පයේ සුදීක ..ඇවිද්ද පය දහස් වටි

      Delete
  35. උදව් කළා නං ස්තූති කළ එක හොඳ ගුණයක්..
    ඒත් හොඳ වෙලාවට ආවෙ නැත්තෙ...
    දේශපාලකයෙක් විදිහට ප්‍රතිපත්තියක් නැති එකාල මට නං අපුලයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිපත්ති තිබ්බම ලංකාවේ දේශපාලනේ කරන බෑ කියල හිතෙන ඈති , හෙන්රි අයියා දැක්මට සහ කතා කරන ලැබීම සතුටක්

      Delete
  36. This comment has been removed by the author.

    ReplyDelete
  37. ඉවාන්.. අගය කල යුතු තැන නිල තල බල, ප්‍රතිවිරුද්ධ අදහස් පසෙකලා අගය කරන්න පෙලබෙන මිනිස්සු අඩු මේ ලොකෙ හරිම ආඩම්බරයි මේ වගෙ ලිපි ලියවෙන එකත්. ඒ වගෙම යටි අරමුණු නැති උපකාර කියන්නෙ කණ කැසබාව විය සිදුරෙන් එළිය බලනව වගෙ සිදුවිම්..දිගින් දිගට එවැනි උපකාර ලැබෙන්නෙ අපි හැමොගෙම වාසනාවටයි කියල මට හිතෙන්නෙ....

    ReplyDelete
  38. උඹත් ඒ පාර්ටියට ගියා කියලා දැක්කා. අපරාදේ මම නිවාඩු ආවේ ඊට සතියකට පස්සේ. ලබන සැරේ එකට එන්න ට්‍රයි කරන්න ඕන. එතකොට වත් උඹවත් මුන ගැහෙයිනේහ්

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]