Wednesday, April 26, 2017

එන්න එලියට දොර ඇරන්..





කසුන් කල්හාර කියන සින්දුවක් තියෙනවා එන්න එලියට සොඳුර දැන්  කියල පටන් ගන්න . මේ සින්දුවේ " එන්න එලියට සොඳුර දැන්  " කියන කොටස අහනකොට ඒ වචන පේලිය සම්බන්ධ කතාවක් මතක් වුනා . සින්දුව වගේම හරිම රෝමාන්තිකයි අම්මප , නැද්ද හා...

ෆයිනල් ඉයර් ඉන්නකොට සෙනසුරාදා උදේ ලෙක්චර් එකක් තිබ්බ(ලු) , එක කරන්නේ විසිටින් ලෙක්චරර් කෙනක්(ලු) , එත් ඉතින් ඒ ලේච්චරයවත් ,ලෙක්චර් එකවත් කවදාවත් අපි දැකලවත් අහලවත් නෑ, මොකද සිකුරාදා හවස් වෙනකොට කැන්ටින් කෑම එක පිදුරුවගේ පේන්න ගන්න නිසා , ඉතින් ඒ නිසාම අපි මාරු සිකුරාදා හවසට , සිකුරාදා හවස බස් එකට මායි ,ජිල්බුවයි දෙන්නා දුවන්නේ ගෙදර යන්න , නුවරින් පහමාරට අද්දන බස් එක අල්ලගන්න ඉතිං සිකුරාදා අන්තිම ලෙක්චර් එකත් කට කරන්න වෙනවා  , නැත්තං ඉතිං හතර හමාරට පේරාදෙණියෙන් ගියොත් පහමාරට නුවර ගුඩ්ෂෙඩ් එකට යන්න ජෙට් එකක් අරං යන්න වෙනවා , එත් ඉතිං ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා එකෙක් ඇමරිකාවේ ජනාධිපති වෙනවය , උගේ බෑනා වුනොත් එහම ජෙට් එකකින් යන්න පුළුවන්ය කියලවත් ඒ කාලේ දැනගෙන උන්නේ නෑනේ . අනික ට්‍රම්ප් ලොක්කා අපිව දන්නෙත් නෑ, දන්නවනම් කොහොම හරි බෑනා කරගෙන ජෙට් එකක් දෙනවා නුවරට යන්න

Wednesday, April 19, 2017

බුලත් විට


" සමාරා  බෝඩිමටද යන්නේ "

"ඔව් සර්"

" මම ඩ්‍රොප් කරන්නං, නගින්න "

" ම්ම්ම්ම්....මේ.... මම බස් එකේ එන්නං සර් "

" මම ගිලින්නේ නෑ ළමයෝ , එන්න නගින්න ,  හා හා පිටිපස්සෙන් බෑ, මට ඩ්‍රයිවර් වෙන්න බෑ , ඉස්සරහට එන්න ඉස්සරහට " ඒ දෙබස් ටික නම් හැම නවකතා , කෙටිකතා , චිත්‍රපටි , ටෙලිනාට්‍ය ,චිත්‍රකතා , වේදිකා ආ නෑ වේදිකා නාට්‍ය වලනං එහෙම දෙබසක් ඇහිලා නෑ තමා . එත් තියෙනවද කවුද දන්නේ , මොකෝ හැමදාම වේදිකා නාට්‍ය බලන එකක්යැ. කොහොම වුන ත්සමාරා  ඉස්සරහ සීට් එකේ තියාගෙන රවුමක් යන්න තියෙනවනම් ඒ මදැයි .

"සර්".................... "සර්"....................."සර්"

" ඔහ් .. ඇයි සමාරා  ...'

"ඇයි සර් යන්නේ නැත්තේ .. අර පිටිපස්සේ වාහන හිරවෙලා ..හෝන් ගහනවා "

ඒ  එක්කම ඉස්සර කරපු පොඩි මරුටි කාර් එකක හිටපු තරුණ රියදුරා පැති වීදුරුව පහතට කරලා කටපුරා කුනුහරුපයක් කිව්වා. ඉරිසියා කාරයා , කවුද දන්නේ සමාරා ට බැල්ම දාන කුපාඩියෙක්ද කියලා , මදාරා වම් අතින් කට වහගත්තේ ආපු හිනාව නවත්තගන්න  ,ඇඟිලි වල නියපොතු පාට කරලා , ඇඟිලි හතරක රතුපාටින් එකක් විතරක් අළු පාටින්

"සර් යමු ... දැන් පිටිපස්සේ ඉන්න එවුන් ගහයි ඇවිත්"

තව එකෙක් ඉස්සර කරලා කුනුහරුපයක් කිව්වා , යකෝ මරුටි කාරයොන්ටමනේ  තදියම , දැනගනියව් මේක මොන්ටෙරෝ එකක් හරිද
 වෙනදා  නිව්ටන්ගේ තුන්වන නියමයට අනුව ප්‍රතිචාර දක්වන මට අද කේන්තියක් හිත අහලකටවත් ආවී නැති එක ගැන පුදුමයක් දැනුනෙත් නෑ. සිගනල්  එක දාලා හෙමීට පාරට ගත්ත මට නම් කිසිම හදිසියක් තිබ්බේ නෑ.