ඒ පේරාදෙණිය සරසවියේ අපේ තුන්වන වසරයි. භූ විද්‍යා අධ්‍යයන අංශයේ සාමාන්‍ය උපාධියේ අවසන් වසර සිසුන් අපි වීමු. ඊලඟ වසර ඇරඹෙන්නේ කණ්ඩායමේ බහුතරයක් අපෙන් වෙන්වගොස් සීමිත සිසුන් පිරිසක් සමගින් භූ විද්‍යා විශේෂ උපාධි සිසුන් ලෙසයි.
ඒ වන විටත් විශේෂ උපාධිය වෙනුවෙන් විභවයක් සහිත වූ කිහිප දෙනෙක් වූ බව ආචාර්‍ය මණ්ඩලයේ හැසිරීම් වලින් හඳුනාගැනීමට හැකිව තිබුණි.
මහාචාර්‍ය නිමල් ලෙව්කේබණ්ඩාර එකල භූ විද්‍යා අධ්‍යනාංශයේ අංශ ප්‍රධාන ලෙස කටයුතු කල සමයයි. විශේෂ උපාධිය සඳහා තේරෙතැයි අනුමාන කළ සිසුන් අතර මාද විය. පෙර වසර වල විභාග ප්‍රතිඵලත් අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් පවරන සමහර වගකීම් අනුව ඒ බව තරමක් දුරට පැහැදිලි වී තිබිණ.
**********
පේරාදෙණි ජීවිතය සැබැවින්ම කවියක්ම වීය. සදාහරිත තුරුලතා, උදෑසන ඝණ මීදුම මෙන්ම අවුරුද්දෙන් වැඩිකාලයක් තෙතබරිත තණ බිම් සමග ඒ මතක සියලු සඟවා ගලා යන මහවැලි නදිය සමගින් එකම රූපයකට නැගූ ජීවමාන සිතුවමක් මෙන් තවමත් දෑස අබියස මැවීපෙනෙයි.
මේ ජීවමාන සිතුවමේ සදාකාලික පසුබිම් සංගීතය වූ මනහර කුරුළු නාදයන් ,පේරාදෙණි බිම සැරිසරන්නෙකුට කිසිදා අමතක නොවන්නේමය.
***********
"අයිසෙ විජේවර්ධන ... තමුසෙ ස්පෙෂල් එක කරනවනෙ."
" කරන්න තමා සර් හිතං ඉන්නෙ. රිසාල්ට්ස්.."
" අහ්.. තමුසෙගෙ කලින් GPA හොඳයිනෙ.. පොඩ්ඩක් මහන්සි වෙනවා.. බැරිවෙන එකක් නෑ"
"එහෙම තමා සර් හිතං ඉන්නෙ"
"ගුඩ්.. එතකොට තමුසෙගෙ යාලුවා... පෙරේරා.."
" ආ ඌ කෝමත් ස්පෙෂල් කරනවා සර්"
"හ්ම්ම්... තමුසෙලා දෙන්නා ඉන්නෙ කොහෙද"
"බෝඩිමේ සර්.. ගැටඹේ කිට්ටුව..."
" ගිහිං හිඳගල නවතිනවා... මම ඩොක්ටර් වන්නිනායකට කියන්නං, වෝඩ්න් වන්නිනෙ නේද"
" ඔව් සර්."
**********
"ඉතිං බං හිඳගල හොස්ටල් එක දෙන්නෙ ෆස්ට් ඉයර් එවුන්ට විතරනෙ"
"ඒක තමා බං... මොකද දන්නෙ නෑ ප්‍රොෆාට අපිව ඕකට යවන්න හිතුනෙ"
"ඔය යකා කොලු කාරයෙකුත් නෙවේනෙ.. චූටි කෙල්ලොනෙ පේන්න බැරි ඕකට..."
"ඒක තමා යකෝ බයක් නැති එකම දේ... නැත්තං හොස්ටල් එකට ගෙවන්න වෙන්නෙ අහිංසක #කෙන් තමා"
***********
මහාචාර්‍ය නිමල් ලෙව්කේබණ්ඩාර යනු එකල පේරාදෙණියේ සිටි අග්‍රගන්‍ය භූ විද්‍යා මහාචාර්යවරයා විය. ජාත්‍යන්තර සම්මේලන සහ පර්‍යේෂන පත්‍රිකා ගිණිය නොහැකි තරමක ප්‍රකාශකයා වූ ඔහු භූ විද්‍යා සහ පතල් කාර්‍යාංශය මෙන්ම ජාතික ගොඩනැගිලි හා පර්‍යේෂන ආයතනයේ ප්‍රධාන උපදේශක වරයාද විය.
මේ සියල්ල අතර ඔහු ලෝකප්‍රසිද්ධ සත්වවේදියෙක් විය. ලංකාවට ආවේනික කුරුළු විශේෂ තුනක්ම හඳුනාගැනීමේ ගෞරවය ඔහුට හිමිවී තිබේ..
මේ සත්ව ලැදියාව නිසා මහාචාර්‍ය නිමල්ට පේරාදෙණියේ ප්‍රකට අන්වර්ථ නාමය වුනේ "ඇනිමල්" යන්නයි.
*********
"කොහොමද හොස්ටල් එක..!
" හොඳයි සර්.."
" පෙරේරා ...මොකෝ"
" අවුලක් නෑ සර්. එතන හොඳයි..මා දෙස රවාබලමින්ම එසැනින් හිනා කටක් පුරවාගෙන ප්‍රොෆා දෙස බැලූ මා මිත්‍රයා කීවේය
" හරි... අනිද්දා සෙනසුරාදා උදේ.. පහට මම එනවා හොස්ටල් එකට. තමුසෙලා දෙන්නා ලෑස්තිවෙලා ඉන්නවා බර්ඩ් වොචිං යන්න.... තෙමෙන්නෙ වතුර යන්නෙ නැති සපත්තු දෙකක් දාගෙන.. ඩෙනිමක් වගේ ටිකක් තද කලිසමකූයි. ඔලුව වැහෙන්න දාගන්න පුලුවන් රේන් කෝට් එකක් වගේ එකකිත් දාගෙන එනවා ..කෑමට දෙයක් මම ගේන්නං...
.....ආ අඩුපාඩුවක් තියෙනවනං.. මේකෙන් ගන්නවා කියමින් රුපියල් පන්දාහේ නෝට්ටුවක් අප දෙසට විසිකල මහාචාර්ය නිමල් ලෙව්කේබන්ඩාරයන් වාහනයට නැගී ගලහ පාරේ ඉහලට නොපෙනී ගියේය.
*********
"මාර කැ#යෙක්නෙ බං ඌ.... සෙනසුරාදා අපිට වැඩක් තියෙනවද ගෙදර යනවද මොකවත් අහන්නෙවත් නැතුව උගේ කතාව කියලා ගියා..."
මා මිත්‍ර නලින් පෙරේරාට හොඳම එකෙන් තදවී ඇති බව පෙනුනත් මට තිබුණු එකම ප්‍රශ්නය වුනේ සෙනසුරාදා උදේ පහට නැගිටින්නේ කෙසේද කියාය.
"ඇත්තටම මොකක්බං දැං ඔය කරන්න හදන්නෙ ගිහිං.."
" මොනවා වුනත් අපි දෙන්නට ඌ #ල් කපන එකක්නං නෑ කියලා පැහැදිලියි..."
" ඇයි ඒ...???"
" නෑ ඉතිං එහෙනං තද කලිසමක් ඇඳං එන්නෙ කියන්නෙ නෑනෙ.."
"අනේ උඹෙ..@&-$=&*%*@$&#@*-=$"
කුනුහබ්බ රචනාවක් කියවූ මිත්‍රයා නින්දට වැටුනේ දැං ඉතිං හෙට උදෙත් ඇහරපංකො...කියමිනි.
*********
පේරාදෙණි සීතලේ ගැහෙමින් හතරහමාරේ සිට ඇහරගෙන මහාචාර්ය නිමල්ගේ කිරිකිත්තාට පවා පින්දෙමින් අපි ලෑස්තිවෙමින් සිටියෙමු.
හරියටම පාන්දර පහයි කාල සටහන් වෙනවාත් සමගම මහාචාර්ය නිමල්ගේ ඩබල්කැබ් රථය නේවාසිකාගාර මිදුලේ නතර විය.
ඒ සමගින් බැසගත් මහාචාර්යවරය.. තරමක් විශාල බෑග් දෙකක් ගෙන
"මේ දෙක තමුසෙලා දෙන්නා දාගන්නවා..බර නෑ... කෑමයි වතුරයි...."
"හරි දං මේක අගහන්නවාලා.... අපි යන්නෙ බර්ඩ් වොචිං... ඒ නිසා අනවශ්‍ය සද්ද බෑ.. ෆෝන් ඕෆ් කරලා මට දෙනවා... වෙලාව මම කියන්නං.. ඉර සම්පූර්ණයෙන්ම පෑව්වට පස්සෙ අපි එලියට එන්න ඕන.. මොකද කැලේ ඉන්න අනික් සත්තු වැඩ පටං ගන්නකොට අපි එතනින් අයිං වෙන්න් ඕන...".
***********
නේවාසිකාගාරය පිටුපසින් හිඳගල කන්ද දෙසට වූ අඩිපාර ඔස්සේ අපි මහාචාර්යවරයා පිටුපසින් නිශ්ශබ්දව පිය නගින්නට වීමු. හිඳගල රක්ෂිතයට ඇතුලු වූ පසු ඇත්තටම උදේ පාන්දර අවදි වන්නට සිදුවීම නිසා ඇතිවූ දෝමනස්සයන් පහව ගියේය..කන්දේ අනික්පස බෑවුම අසලට ලඟාවූ පසුව තවමත් විදුලි එලි දැල්වෙමින් පවතින මහනුවර නගරය සහ අපට පහලින් ඇදීයන වලාකුළු අතරින් එස්වී පෙනෙන දළදා මාලිගාවේ රන් වියන ඉතාම චමත්කාර දසුණක් විය...
ඒ සමගින් මහාචාර්ය වරයා අපට අතින් සන් කලේ...නිශ්ශබ්දව තමන් අසලට එන ලෙසයි...
ඇඟිල්ල දික් කර ඔහු පෙන්වූ දෙස බැලූ අපට දක්නට ලැබුණේ තරමක බකමූණෙක් බඳු කුරුල්ලෙකි.
ඔය ඉන්නේ ශ්‍රී ලංකාවට ආවේනික පඬුවන් කන්බස්සා. අපි 2004 දි හොයාගත්තෙ..කුඩා පොත් පිංචක යමක් සටහන් කරගන්නා අතර මහාචාර්යවරයා පැවසීය...
ඉන් පසු පැය දෙකහමාරක පමණ කාලය තුල අපිට ශ්‍රී ලංකාවට පමණක් ආවේනික ශ්‍රී ලංකා වනරැවියා, ශ්‍රී ලංකා කහ කන් කොංඩයා සහ රත්මූණත් කොට්ටෝරුවා යන කුරුල්ලන් මෙන්ම සංචාරක පක්ෂීන් කිහිප් දෙන්ක්ම දකින්නට ලැබිණ....සැබැවින්ම අපට පෙන්වනු ලැබීය..
කන්ද උඩට වී ඇස්පියාගත් කල බිතෝවන්ගේ සංගීත කාණ්ඩ මෙන් ගීතවත් කුරුලු නාද බොහොමයක් ශ්‍රවණය කල හැකි විය.. ඒ එක එක ශබ්දය වෙන්ව හඳුනාගනිමින් ඒ ගැන දීර්ඝ විස්තර දිගින් දිගටම කියවූ මහාචාර්ය නිමල් උදේ අටහමාර පමණ වෙද්දී අප සමගම නැවත පල්ලම් බැස්සෙය..
********
ඉන් පසු මාසයකට වරක් පමණ මෙවන් කුරුලු චාරිකාවක් යාම අපේ කෝපයට හේතු වූයේද නැත.
මේ අතර තුන්වෙනි වසර අවසන් වූයේ මා මිත්‍ර නලින් පෙරේරා සහ මට ප්‍රථම පන්තියේ සාමාර්ථ සහ නලින් භූ විද්‍යා අධ්‍යයන අංශයේ විශිෂ්ටතම ශිෂ්‍යයා බවට පත් කරමිනි.. ඉන්පසුව විශේෂ උපාධි අධ්‍යයන කටයුතු ආරම්භ විය. එහිදී මහාචාර්ය නිමල් ලෙව්කේබණ්ඩාරද අපට විෂයයන් දෙකක් සඳහා දේශන පැවැත්විය.
************
මචං උඹට කියන්න දෙයක් තියෙනවා... හවස්වරුවේ දේශන අවලංගු වීම නිසා කොණ්ඩය කපාගෙන නැවත නේවාසිකාගාරය වෙත යමින් සිටියදී නලින් පැවසුවේය.
මොකක්ද ...
මම ඔය ගිය හැම සැරේම මගේ රෙකෝඩර් එකෙන් කුරුළු සද්ද රෙකෝර්ඩ් කලා. දේශන පටිගත කිරීම සඳහා දිනපතා රැගෙන යන කුඩා රෙකෝඩරය මා වෙත පාමින්ම ඔහු මගේ අතින් ඇදගෙන පදික මාරුව ඔස්සේ නේවාසිකාගාරය දෙසට යමින් කීවේය.
මොන රෙද්දටද ඉතිං. කුරුල්ලො කෑගහන එකක්... ඇත්තටම එහි අව්ශ්‍යතාවක් මට හිතාගන්නට නොහැකිය.
මම පොඩි මියුසික් ට්‍රැක් ටිකක් කරගෙන යනවා මේ පියෝ බර්ඩ් සවුන්ඩ්ස් දාලා.. සොෆ්ට්වෙයා වලට වියදම ඇනිමල් දෙන්නං කිව්වා.
ආ..... උඹ දැං එයාට කියලා ඉවරවෙලාද මට කියන්නෙ...
හරි බංං ඉඳපංකො , උඹ නිකං කතා කරන්නෙ මම උඹේ කෑල්ලට ටෝක් කලා වගේනෙ.
හ්ම්ම්. කියපංකො.
සර්ගෙ වැඩකට මට උදව් කරන්න කිව්වා....
ඒ ගමන මොකක්ද
සර් හදනවා සොෆ්ට්වෙයා එකක් කුරුල්ලො කතා කරන දේවල් වල තේරුම් හොයන්න..
මට සිනහව නවත්වා ගැනීමට නොහකි වූයේ ඒ කතාව අවසන් වන්නටත් පෙරයි.
කුරුල්ලො කියන ඒවා තේරුම්ගන්න. අඩුගානේ එක කුරුල්ල්ක් හරි අපි දන්න එක වචනයක්වත් කියනවද... උඹ්ලා මාව හිනස්සලා මරන්නද හදන්නෙ..
නෑ භල්ලො... සර් අපිව එක්කං යන්නෙ මාසෙකට සැරයක් වුනාට සර් හැම සතියෙම දවස් හතරක්වත් යනවා බර්ඩ් වොචිං
සර් හැමදාම එකම තැනක ඉන්න කුරුල්ලො ටික තමා ෆලෝ කරන්නෙ.. උන් කොහොමත් රෑට ඉන්නෙ එකම තැනක කියලා තමා සර් කියන්නෙ..ඒ නිසයි උන් වැඩ පටන් ගන්න කලින් උදේම යන්නෙ.. ඒ එකම වෙලාවේ එකම හඬවල් ටික රෙකෝර්ඩ් කරන්න.. වෙලාවත් එක්ක හඬවල් වල සංඛ්‍යාතය සැලකිය යුතු විදිහකට වෙනස් වෙන්වා.. මේ වෙනස් වෙන අවස්ථා වල එක කුරුල්ලෙක් අනික් එකාට දෙන පණිවිඩය මොකක්ද කීයලා...තමා හොයන්න ඕන.. අදහෙට බෑ. අවුරුදු කීපයක් යන වැඩක්..
***********
ප්‍රථම වතාවට කුරුල්ලන් කතා කරන භාශාව වචන බවට පත්කල හැකි මෘදුකාංගය සහ දර්ශන තලය සූදානම් කර තිබූ අතර නොයෙක් සංවේදන ඇලවූ ලංකාවටම ආවේණික ශ්‍රීලංකා ගිරාමලිත්තන් දෙදෙනෙකු සූදානම් කර තිබුණි..
කුඩා මයික් එකකට මහාචාර්‍යවරයා කතා කල විට එය ගිරාමලිත්තන් සිටින කූඩුවේ තිබෙන යන්ත්‍රයෙන් කුරුළු හඬක් මෙන් පිටවේ.. එයට ප්‍රතිචාර දක්වන ගිරාමලිත්තන්ගේ නාදය වචන බවට පත් වී තිරය මත දිස්වේ. සැබැවින්ම එය මා මවිත කල් ඇටවුමකි.
ප්සෙකින් ආඩම්බරයෙන් සිටියේ මාමිත්‍ර නලින්‍ය , එයින්ම මෙය ඔහුගේ කාර්යයක් බව මට පැහැදිලි විය.
" ඔයාලාට මම එදා කිව්වනෙ අර ගිරා පැටව් දෙන්නා සොර මුල ලඟටත් පූජකයන් සිටින තැනටත් වැටුණ කතාව."
මහාචාර්ය නිමගේ වචන කුරුලු නාදයන් මෙන් කූඩුවේ උපකරණයෙන් පිටවෙනවාත් සමගම පියාපත් සට සට ගාමින් ගැටූ ගිරා මලිත්තන් ඉතා තියුණු හඬකින් ඊට ප්‍රතිචාර දක්වන්නට විය..
" අපි කැමති හොරුගාවට වැටෙන්න..."
ගිරාමලිත්තන්ගේ නාදය අකුරු වලට පෙර්ළුනේ තප්පර කීපයක ප්‍රමාදයකීනි
මට ඇස් අදහා ගත නොහැකි විය...
" ඒ මොකටද හොරු ගාවටවැටෙන්නෙ.. පූජකයො ලඟනෙ හොඳම " මට එකෙනිහිම කියවිනි... මහාචාර්ය නිමල් මා දෙස රවා බලනවාත් සමගම ගිරා මලිත්තන්ගේ නාදය තිරයේ අකුරු වලට පෙරලෙන්නට විය්...
" පූ ජ ක යො .. ල ඟ ට... ය න් න බෑ..... උං #ල් ක ප න වා..."
යනුවෙන් සටහන් වෙනවාත් සමගම පුටුවෙන් නැගී සිටි මහාචාර්ය නිමල් මගේ හිසට පහරක් එල්ල කලේය..
*********
හිසට තවත් පාරක් එල්ල වෙද්දී ඇස් හැර බැලූ විට නලින්..නැගිටප්ං හු....බලපං පහයි වෙලාව ප්‍රොෆා දැං එනවත් ඇති කියමින් දත් මදිමින් නැවට නානකාමරය දෙසට ගමන් කලේය.
කොහෙන්ද යකෝ ඔය නම හොයා හ්ගත්තේ , දිවත් උළුක්කු වුනා
ReplyDeleteඔබතුමා රුසියාවේ ඉන්නකොට තරුණ ගැටව් සමග ලිංගිකව එකතු උනේ නැද්ද
Deleteසුපුරුදු හීනෙන් ඉවරඋනත් අපූරු කතාව
ReplyDeleteඉතාම රසවත් කතාවක්. මම ස්වයං වින්දනයේ නිරත උනා මේක කියවලා.
ReplyDeleteඑක හුස්මට කියෙව්වා. හෙහ්,හෙහ් අවලං ගිරව්.😵💫🤣😋
ReplyDeleteබස්සො කියලත් වැඩි වෙනසක් නෑ.
Deleteඑහෙම කියන්න එපා සභාපතිතුමා. අපිත් ඔය තාපස කස්ටියට කැමති නෑ.😋
Deletehttps://www.cs.ox.ac.uk/people/boris.motik/pubs/ghmsw14HermiT.pdf
Delete😀😀😀😀👍
ReplyDeleteහීනෙං පෙනුනෙත් රෑට රෑට හොස්ටල් එකේ වෙන දෙයක්ද මන්ද කියලත් සැකයක් ඇතිවෙනව හිටං.
ReplyDeleteවිජේවර්ධන කියන්නෙ අලකොමා නෙමෙයි නේද?
Niyamai.
ReplyDelete//මා මිත්‍ර නලින් පෙරේරා// සිංදු කියන නලිං පෙරේරා ද බොල 😂🤭
ReplyDeleteසිරා අවසානයක් තියෙයි කියල හිතං අන්තිම හරිය යනකොටම කාපි යකා 🙈
Deleteඅඩෙ!!! මෙහෙම කියද්දී කැම්පස් කාලේ bird watching ගිය අතීතයක් මතක් උනා! ;)
ReplyDeleteහපොයි. මම හිතුවෙම ඇත්ත කතාවක් කියලා
ReplyDeleteපණ පිහිටුවා බොරු කිව්වැකිකොට ඔහෙට
ReplyDeleteහිතිලා නැද්ද පොලිටික්ස් හෙම කරන්නට?
නිමල්ලා වහලුන් මේන් වැදවැටුනට පච ලපයා හට
Deleteහැමෝම එසේ නොවේ කොන්දක් ඇති අයද ඇත