Showing posts with label එහෙං මෙහං ගත්තුවා. Show all posts
Showing posts with label එහෙං මෙහං ගත්තුවා. Show all posts

Friday, March 15, 2013

මගේ රට ගැන රචනාවක්

 

 මේ රටේ විශාල සංවර්ධනයක් ඇති වෙමින් තිබේ
ඇමති විමල් වීරවංශ මාර ගෙවල් හැදිල්ලක් හදයි. .ඒ හදන හැදිල්ලේ හැටියට තව වැඩි කලක් යන්නට පෙර ගෙවල්වල ජීවත් වන්න මිනිසුන් පිටරටින් ගෙන්වන්නට සිදු වනු ඇත. 
ඇමති රාජිත සේනාරත්න මාළු බාන බෑමේ හැටියට ලංකාවේ මාළු කිලෝ එක රුපියල් දහයට, පහළොවට බසින් ඇත. 
අධ්‍යාපන ඇමති පාසල් හදන හැදිල්ල අනුව, මීළඟ කැබිනට් සංශෝධනයට පෙර ලංකාවේ පාසල් සිසුන් 100%ක් ම සාමාන්‍ය පෙළ සමත් වනු ඇත.
උසස් අධ්‍යාපන ඇමති සරසවි හදන හැදිල්ල අනුව, මේ රටේ පඳුරකට පයින් ගැසූ විට ලැප්ටොප් අතින් ගත් ආචාර්ය, මහාචාර්යවරු බුරුත්තක් එළියට පැනිය යුතු ය.
සෞඛ්‍ය ඇමති රටේ සෞඛ්‍යය නංවන හැටියට කාට හරි කිඹුහුමක් ගියොත් ඒ මොහොතේ ම ගිලන් රථයක් එතැනට ආ යුතු ය. 
චම්පික රණවක ඇමතිතුමා කියන විධියට මේ රට විදුලියෙන් ස්වයං පෝෂිත වී කරන්ට් එක අපනයනය කළ යුතු ය.

ජනමාධ්‍යවලින් කියන පරිදි නම් දැන් ලංකාවේ තෙල් ඇත. රත්තරං ද ඇත. රට පුරා අධිවේගී මාර්ග ය. වරායවල, ගුවන් තොටුපලවල හෙණ ට්‍රැෆික් ය. මිනිසුන් ගමන් බිමන් යන්නේ රට පුරා ඇති ගුවන් තොටුපළවලට පමණක් නො ව, වතුර වක්කලංවලට පවා ගොඩ බාන ගුවන් යානාවලිනි. සංචාරකයෝ වැල නො කැඩී එති. රට අහරින් ස්වයං පෝෂිත ය. ඒක පුද්ගල දළ ජාතික ආදායම නගින්නේ ටැක්සි මීටරය වගේ ය. ජනයා සුඛිත මුදිත ය. දන්සල් දොරෙහි නැත යදියෝ. සල්පිල්වල ය පුරවැසියෝ. මේ කේතුමතී පුරයයි. 

(අපට නස්රුදීන්ගේ කතාවක් සිහිපත් වේ. තැනක රසකැවිලි බෙදනවා යි, ළමයින් රැවටීමට බොරු කිය කියා ගිය නස්රුදීන්ට ටික දුරක් යන විට එතැන ඇත්තට ම රසකැවිලි බෙදනවා යයි සිතේ. ඔහු ද එහි දිව යයි. 

අපේ නායකයෝ ද දැන්, දැන් මේවා කියන්නේ මාර විශ්වාසයකින් බව පෙනේ. අපි නම් ඉතින් කොහොමත් මේවා විශ්වාස කරන්නෙමු. )

 උපුටා ගැනීම W3