කසුන් කල්හාර කියන සින්දුවක් තියෙනවා එන්න එලියට සොඳුර දැන් කියල පටන් ගන්න . මේ සින්දුවේ " එන්න එලියට සොඳුර දැන් " කියන කොටස අහනකොට ඒ වචන පේලිය සම්බන්ධ කතාවක් මතක් වුනා . සින්දුව වගේම හරිම රෝමාන්තිකයි අම්මප , නැද්ද හා...
ෆයිනල් ඉයර් ඉන්නකොට සෙනසුරාදා උදේ ලෙක්චර් එකක් තිබ්බ(ලු) , එක කරන්නේ විසිටින් ලෙක්චරර් කෙනක්(ලු) , එත් ඉතින් ඒ ලේච්චරයවත් ,ලෙක්චර් එකවත් කවදාවත් අපි දැකලවත් අහලවත් නෑ, මොකද සිකුරාදා හවස් වෙනකොට කැන්ටින් කෑම එක පිදුරුවගේ පේන්න ගන්න නිසා , ඉතින් ඒ නිසාම අපි මාරු සිකුරාදා හවසට , සිකුරාදා හවස බස් එකට මායි ,ජිල්බුවයි දෙන්නා දුවන්නේ ගෙදර යන්න , නුවරින් පහමාරට අද්දන බස් එක අල්ලගන්න ඉතිං සිකුරාදා අන්තිම ලෙක්චර් එකත් කට කරන්න වෙනවා , නැත්තං ඉතිං හතර හමාරට පේරාදෙණියෙන් ගියොත් පහමාරට නුවර ගුඩ්ෂෙඩ් එකට යන්න ජෙට් එකක් අරං යන්න වෙනවා , එත් ඉතිං ඩොනල්ඩ් ට්‍රම්ප් කියලා එකෙක් ඇමරිකාවේ ජනාධිපති වෙනවය , උගේ බෑනා වුනොත් එහම ජෙට් එකකින් යන්න පුළුවන්ය කියලවත් ඒ කාලේ දැනගෙන උන්නේ නෑනේ . අනික ට්‍රම්ප් ලොක්කා අපිව දන්නෙත් නෑ, දන්නවනම් කොහොම හරි බෑනා කරගෙන ජෙට් එකක් දෙනවා නුවරට යන්න
රන්දෙණිගල හරහා බදුල්ලට නුවරින් අන්තිම බස් එක පහමාරට නුවරින් , මොකද හයහමාරෙන් පස්සේ පාරට බස් ඇතුල්වෙන්න දුන්නේ නෑ ඒ කාලේ, හේතු දෙකක් නිසා . එක හේතුවක් තමා ආරක්ෂාව ,මේ පාර වැටිලා තියෙන්නේ රන්දෙණිගල ඩෑම් එක උඩින්ම වගේ , ඒ වගේම වික්ටෝරියා වෙල්ල, රන්ටැඹේ වේල්ල වගේම මිනිපේ නව අමුණටත් ප්‍රවේශ මාර්ග වැටිලා තිබුනේ මේ පාරෙන්මයි . එනිසා ආරක්ෂක හේතුමත කියලා කියනවා . ඒ වගේම අනික් ප්‍රශ්නේ අලි ,
යන්තන් කරුවල වැටෙනකොට පාරට අලි එනවා ඒ නිසා හය හමාරෙන් පස්සේ ඒ පාරේ ගමන් තහනම් .
අන්තිම බස් එකට කලින් තියෙන්නේ තුනහමාරේ බස් එක . එක අල්ලගන්න පුලුවන්නම් ගොඩ මොකෝ ඔෆිස් ටයිම් නෙවෙන නිසා සීට් ගානට වගේ තමා සෙනග ඉන්නේ . අහිංසක මායි, අහිංසක ජිල්බුවයි දෙන්නගේ අහිංසක කමක මහත කියන්නේ ,අපිදෙන්නා එකට එකම ගමට ගියාට කවදාවත් එකම සීට් එකේ වාඩිවෙන්නේ නෑ. . ඒ මොකද කියනවනම් අපි දෙන්න සීට් දෙකේ වාඩිවුනාම ලස්සන සුරංගනාවෝ වගේ කෙල්ලෝ දෙන්නෙක් ඇවිත් සීට් එකේ අනික් පැත්තෙන් වාඩිවෙයි කියන අහිංසක සිතුවිල්ල නිසා, ඒත් මේ ලෝකය හරිම කූරයි සහෝදරවරුනි . අහිංසක අපේ අහිංසක සිතුවිල්ල හැමදාම හීනයක්ම තමා , එක්කෝ මහා තඩියෙක් ඇවිත් ජනේලෙට හිරවෙන්න තදවෙලා හරි නැත්තම් කරේ ඔලුව තියාගෙන ගෙදරට වඩා ඳින් බුදියන අපතයෙක් එක්ක මුළු ගමනම ගිහින් ආපහු ඊලඟ සතියෙත් අර හීනයම කරපින්නාගෙන බස් එකට නගිනවා .
එදානම් අපිට තුනහමාරේ බස් එක අල්ලගන්න පුළුවන් වුනා , මොකෝ හවස තිබ්බ ලෙක්චර්ස් දෙකම කට කරලා දවල්ට කාපුගමන්ම ෆැකල්ටියෙන් පැන්න නිසා .
ඔය බස් ඒ දවස්වල තේ බොන්න නවත්තන්නෙම කීර්තිබණ්ඩාරපුර පහුවෙලා කිලෝමීටරයක් විතර ගියාම පිට්ටනියක් මැද වගේ තියෙන තැනක හෝටලේක . එතන ඉඩ තියෙන නිසා බස් එක ලේසියෙන්ම නවත්තන්න පුළුවන් නිසා ඩ්‍රයිවර් උන්නැහේටත් ලේසියි මං හිතන්නේ .
එතන තිබ්බ ලොකුම කේස් එක තමා ටොයිලට් කේස් එක . තිබ්බ එකම ටොයිලට් එකට යන්න බස් එකේ උං පොරකනවා , ඉතිං ඕකට විකල්පයක් ජිල්බුවයි මායි හොයාගත්තා. කඩේ පිටිපස්සෙන් කඩේ ගෙදර පැත්තට ගියාම තියෙනවා පොඩි ටොයිලට් කෑල්ලක් . කටු මැටි බිත්ති හතරකින් වට කරපු උඩ පොඩියට සිංහල උළු වහපු අඩි දෙකේ දෙකේ නෙවේ නිකං එකහමාරේ එකහමාරේ විතර ටොයිලට් කෑල්ලක් . ජිල්බුවාට සක්‍රිය දුම්පානයේ නිරතවීමේ අත්‍යවශ්‍යතාවය නිසාම එතන කොහොමත් මරු තැන .
එකම අවුල ඒක ඇතුලට ගිහින් අර තියන දොර වහගන්න එක , බිත්ති දෙක සෙට් වෙන මුල්ලේ කොනටම හිරවෙලා හුස්ම හිරකරගෙන ඇඟේ යන්තං ගෑවී නොගෑවී දොර වහගන්නේ බොහොම අමාරුවෙන් . කීප සැරයක්ම ෂර්ට් එකේ බොත්තම් කැඩිලා තියෙනවා ඔය දොර වහද්දි .
ඉතිං අදත් ජිල්බුවා කලින්ම ඇතුලට රිංගුවා , ටිකක් ඈතට වෙලා මම බලං ඉන්නවා දැන් මූ එලියට එනකං. සෑහෙන වෙලාවක් ගතවුනා මූ නෑ. මට නිකං පේනවා වගේ වහලේ එක උළු කැටයක් යාන්තමට උඩ යනවා . ආපහු පාත්වෙනවා . දැන් මටත් ඉන්න බැරි ගානට ඇවිත් . පඳුරක් අයිනට අල්ලනත් හදලා එත් මුදලාලිගේ ගෙදර ලඟම නිසාත් මූ මෙච්චර වෙලා මොන මගුලක් කරන්වද කියලා බලන්නත් එක්ක දොරට දෙපාරක් විතර ගැහුවා .
දඩ බඩ ගාලා දොර ඇරගෙන මූ සිප් එකත් බාගෙට වහගෙන එනවා එලියට, දොර ඇරපු පාරට ටිකිස් ගාලා ෂර්ට් එකේ බොත්තමක් කඩලා ගියා . එකවත් ගානක් නැතුව මූ පැන්න එලියට
" මොකෝ බං හොල්මනක් දැකල වගේ , මොන හු..... කලාද මෙච්චර වෙලා "
"අඩෝ මාර සීන් එක බං"
" මොකක්ද "
" ඔය ටොයිලට් එක එහාපැත්තෙ තියෙන්නේ මොනවද ගස් පේලියක් වැටක් වගේ "
" ඉතිං"
"ඉතිං ඒකෙන් එහා පැත්තේ තියෙනවා ලිඳක් "
" ළිං මොන හුයන්නටද බං, නාන්නද මෙතන , අහක් වෙයන් ඔතනින් මට ඉන්න බෑ බොක්ක පැලෙන්න එනවා, මෙයා මගුලක් කියවනවා "
" නෑ බං ඒ ලිඳේ කිරි ටොයි කෑල්ලක් නානවා බං. මං හිතන්නේ මුදලාලිගේ දුව "
" ඉතිං "
" ඉතිං ගොං මෝලෝ , ඒකි නාන්නේ ඇඟේ නූල් පොටක්වත් නැතුව "
" නෑ , අයින් වෙයන් හුත් ... කියවන්නේ නැතුව "
ජිල්බුවාව පෙරලගෙනම මම ටොයිලට් එක ඇතුලට පැනලා දොර වහගත්තා ,වෙනදා සීරුවෙන් වහන දොර කොහොම මොන විදිහට වැහුවද මට මතක නෑ. අම්මට හුඩු ඇත්තනේ යකෝ හැබැයි අර අන්දර ගස් පේලිය නිසා හරියට පෙන්නේ නෑ. පේන්න නම් පොඩ්ඩක් ඉස්සෙන්න ඕන ඇඟිලිවලින් , එතකොට වහලේ ඔලුව වදිනවා , උළු කැටත් ඉස්සෙනවද කොහද , දැන්නේ තේරුනේ ඉස්සෙල්ලා උළු උඩ ගියේ මොකද කියලා
" මචං අනේ හොඳ එකා වගේ ඉක්මනට වරෙං ඈ. , අනේ සුදු පුතේ වරෙං ඈ, බස් එක අද්දන්න කලින් වරෙං ඈ මගේ දෙයියෝ . මමනේ පෙන්නුවේ , අනේ මට තව එක සැරයක් දියං ඈ බලන්න .
ජිල්බුවා එළියේ ඉඳන් පින්සෙන්ඩු වෙනවා , ඕවට සැලෙයි අපිනං.
" කිව්වහම වරෙං ඈ. මම ආව නිසානේ තොට චාන්ස් එක ලැබුනේ , මට ඕනේ නං කියන්නේ නැතුව ඉන්න තිබ්බනේ , අනේ වරෙන්කො බං. " ජිබුවාගේ ඇඩියාව ඉවරයක් නෑ.
"උඹ එන්නේ නැද්ද , අන්න බස් එක යනවා , වරෙන්කො හු.............."
මම සද්ද නෑ , ජිල්බුවාට කේන්තිය ඉවසගන්න බරුව ඈති , අන්තිමට හෙන බිඳුණු හඬකින් ඌ මෙහෙම කියනවා .
"අනේ වරෙන් බං එලියට දැන් තෝ ඕක ඇතුලේ ඉද්දි නැග්ගොත් එහෙම එලියට එන්නම බැරිවෙයි "
ශ්‍රී සුභ වසන්තම්