Tuesday, August 11, 2026

සංසලා III (අවසන් කොටස)

 

තුන්වැනි සහ අවසාන කොටස — ඇගේ කතාවේ අයිතිය




Sunday, August 9, 2026

සංසලා II

 දෙවෙනි කොටස - පවන් 




“ඔයා කොහොමද පවන්ව දන්නේ?”


Friday, August 7, 2026

සංසලා



කෙටි කතාව දිග කතාවක් වුන නිසා කොටස් තුනකට තමා දාන්නේ

පළමු කොටස - ආගමනය









Thursday, August 6, 2026

යුපුන්ගේ සීන් එක මිහිඳු රජතුමාගේ කාලේ වුනානම්

යුපුන්ගේ සීන් එක මිහිඳු රජතුමාගේ කාලේ වුනානම් ,




ඒක ධමනි සීයා - සුපුන් කියන්නේ අපේ රටේ සම්පතක් , ඒ සම්පත අපි රැකගන්ට උවමනායි . එයාට ඔලිම්පික් සඳහා යන්න ජෙට් යානයක් අපේ කුලියපිට්‍ය වෝක්ස් වැගන් කර්මාන්ත ශාලාවෙන් අපි ලබාදෙන්ට කටයුතු කරනවා අපේ රජයක් යටත් .


සර් සර් ඒ සුපුන් නෙවේ යුපුන් - කමක් නෑ අයිසේ මොකෝ වෙන ඔලිම්පික් යන්න එවුන් ඉන්න්වයැ .

Friday, July 31, 2026

තාරා

 

තාරා






එයා  මාව අතහැරලා  ගිය දවසේ ඉඳලා , මගේ කාමරයේ තිබූ ඇගේ සුවඳක් තිබුණ හැම දෙයක්ම  මම අයින් කළා ,  ඒත් එයාව මතකයෙන් අයින් කරනවා කියන එක  කරන්න තියා හිතන්නවත් බැරි වුනා 

කෝපි කෝප්පයේ ඉඳලා ජනේලයෙන් පෙනුණු වැස්ස දක්වා, හැම දෙයක්ම එයාව මතක් කළා. මට කිසි කෙනෙක් රුස්සන්නේ නැතුව ගියා ,  ක්‍රිකට්  ගහන්න  අඬගහන මල්ලි ,  කඩචෝරු කන්න රුපියල් සීයක් ඉල්ලගෙන එන නංගි  ,  කෑම කන්න කියන අම්මා වගේම  කාලයක් මගේ ලෝකයම වෙලා හිටපු මිනිසසු මට කටු ඇනෙන කටුපඳුරු වගේ පේන්න ගත්තා . එයාගේ හෝම් කමින් එක අද ,  මට ඊයේ රෑ ගැන  මතක් වෙනකොට මැරෙන්න හිතුනා. කාලය හිත සුවපත් කරනවා කියලා මිනිස්සු කිව්වත්, මට දැනුණේ කාලය කරන්නේ වේදනාවට හුරු කරන එක විතරයි කියලා.

ෆෙස්බුක් එකේ උඩ පහල යන එකත් එපාවෙලා පැත්තකට දානකොටම තිරයේ ඕපන් වුනේ ග්‍රාමීය ඉන්දියානු පෙදෙසක දර්ශනයක් , තිරය දිහා ටික වෙලාවක් බලන් ඉන්නකොට මට ආවා අමුතු අදහසක් ඔව් ,  

අවසානයේ මම තීරණයක් ගත්තා.

කිසිම සංචාරක කණ්ඩායමක් නැතිව, කලින් සකස් කළ වැඩසටහනක් නැතිව, තනියම ඉන්දියාවට යන්න. බස්වල, බයිසිකල්වල සහ පාරුවල නැගලා, මමවත් නොදන්නා තැනකට ගිහින් මගේ හිත හදාගන්න. සිංහල අවුරුදු නිවාඩුව අල්ලලා සති තුනක නිවාඩුවක් . . ටිකක් අකමැත්තෙන් වුනත් මගේ කතාව දන්න මැනේජර් නිවාඩුව අනුමත කළා 

Monday, March 2, 2026

සිහින කන්ද පාමුල

 


මේ සිහින කන්ද පාමුල පොදි  බැන්ද හීන කන්දම 

මහා වරුසාවක දෙපිලෙම හෝදාගෙන ගිය අන්දම 

පීරමින් මතක ගොන්නම මම උඹව හොයන හන්දම 

මේ අදත් එදා වාගේම මට උඹ ඇතැරුන අන්දම 

|

*

|

ඒ සිහින කන්ද නොදැකම අද කඳුළු ගඟේ දෙඉවුර 

අපි හදපු කඳුළු පිරුණම ගඟ ගලයි අපිව නොදැකම 

නෙක වර්ණ පිරුණු හීනෙක  අපි සුව වින්දේ ප්‍රේමෙක 

ඒ හීන වලින් ඇහැරෙන්නට ඕනෑ නෑ මට සදහට 

|

*

|

වෘන්දා වනයේ කෙලවර ඒ ඈත හිමේ සීතක 

යමුනා ගංතෙර  ඉවුරක පෙම් හීන මවන මොහොතක 

අසෝක මල් යහනක මීදුමෙන් වැසුණු සවසක 

වස් දඬු වැයෙනා ගීතෙක රාධා ඔබ එහි පදවැල 

|

*

|

ලොව නිසසල එක  මොහොතක වන අරණක මල් උයනක 

සුව විඳින සැන්දෑ  යාමෙක ඔබ ඇවිදින් මගේ හීනෙක 

නෙක නේක වර්ණ මතකෙක ඔබ නොගිහින් දුර ඈතක 

රාධා ඔබේ ළඟ මම ලොවටම රහසින් සදහට 



Saturday, November 15, 2025

දර්ශනය




පෙරදා රාත්‍රී වැඩ මුරය නිසා දහවල් වෙනතුරු නිදා සිටීමට සිතුවත් යන්තම් උදේ දහය වනවිට නවාතැනේ දොරට තඩිබාන හඬින් උඩ විසිවී ඇහැරුණු මම සිතින් බැන බැන දොර විවර කලෙමි


"සමාවෙන්න මහත්මයා අපි ප්‍රජා පොලිස් ඒකකයෙන්. ඔබ තුමාට විරුද්ධව මේ ඉදිරිපස ගෙදර ඉහල මාලයේ නවාතැන් ගෙන සිටින ඩෝරා මහත්මියගෙන් පැමිණිල්ලක් තිබෙනවා."


"මොකක්.. මට විරුද්ධව.. ඒ මොකටද"


"ඔබතුමා ඔබතුමාගෙ කාමරය තුල ඇයට දර්ශනය වන පරිදි නිරුවතින් හැසිරෙන බවට.."


"මොකක්...?  එහෙම වෙන්නෙ කොහොමද, බලන්න මගේ කාමරයත් ඇයගේ මහල හා සමාන උසකින් තියෙන්නෙ. අනික මගේ කාමරේ ජනේල ඉතාම කුඩයි.  ඒවාගෙ යට කොටස මගේ   පපුව මට්ටමේ. ඉතින් මම එහෙම හිටියත් ඇයට පේන්නෙ මගේ පපුවෙන් උඩ කොටස පමණයි.මේක වැරදීමක්."


"අපිට මේ ගැන විමර්ශනය කරන්න වෙනවා මහත්මයා. කරුණාකර අපිත් සමග ඩෝරා මහත්මියගේ කාමරය වෙත පැමිණෙන්න..අපි එනතුරු මේ පොලිස් නිලධාරියා ඔබගේ කාමරයේ රැඳී සිටීවි."


මේ  වෙද්දි මමත්  බයවෙලා හිටියෙ. මොකද මගේ කාමරයේ ඇතුලේ මම නිතරම ඔය කියන විදිහට ඉන්නවා.නමුත් එය අවට කිසිවෙකුට දර්ශනය වෙනවා ඇතැයි මම කීයටවත් සිතා නැත.


"ආ... ඩෝරා මහත්මිය මේ මහත්මයාට විරිද්ධව තමා තමන් පැමිණිල්ල කලේ."


ඩෝරා මහත්මියගේ  ජනේලය අසලට පැමිණි පොලිස් නිලධාරියා, තමන් අතරැදි වූ වෝකිටෝකී යන්ත්‍රයෙන් මාගේ කාමරය තුළ රැඳී සිටි පොලිස් නිලධාරියාට කතාකර ජනේලය අසලට පැමිණෙන මෙන් පැවසීය. කාමරය තුළ එහාට මෙහාට කීප වරක් යන ලෙස ඔහුට පැවසූ පොලිස් නිලධාරියා නැවත ඩෝරා ඩෝරා මහත්මිය දෙසට හැරී


"ඒ කාමරයේ කවුරු කොතන හිටියත් අපිට පේන්නේ පපුවෙන් උඩ කොටස විතරයිනෙ ඩෝරා මහත්මිය. ඔබතුමිය කියන විදියට මේ මහත්මයා ඒ කාමරය තුළ නිරුවතින් සිටියත් ඔබට එය දැක ගැනීමට හැකියාවක් නැහැ."


"නැහැ ඉන්ස්පෙක්ට මට හොඳට පේනවා බොරු නම් මේ මේසේ ලගට ඇවිල්ලා බලන්න."


"කෝ ඒත් නැහැනේ, අර බලන්න හොඳින්ම පේන්නේ ඔහුගේ පපුවෙන් උඩ කොටස පමණයි."


"නෑ ඉන්ස්පෙක්ටර් මෙයා ඒ කාමරයේ එහා පැත්තෙ කෙළවරේ ඉන්නකොට පේනවා."


කෝ බලන්න කියා නැවතත් තම සහායක නිලධාරියා ඇමතූ පොලිස් නිලධාරියා, නැවත පැවසූයේ 


"නැහැ එහෙම හිටියත් පේන්නේ පපුවෙන් උඩ කොටස පමණයි."


"මම බොරු කියන්නේ නැහැ ඉන්ස්පෙක්ට බොරු නම් මේ මේසේ උඩින් මේ පුටුව තියලා ඒ පුටුව උඩට නැගලා අර උඩ තියෙන හුළං කවුළුවේ ග්‍රිල් එක අයින් කරලා බලන්න එතකොට හොඳට පේනවා" 


F......k 


#කෙටිමකෙටිකෙටිකතා

Wednesday, November 12, 2025

දිලීප (සහ ) පොඩි පුතු


 

"අළුත් කාකාස නං හොඳයි වගේ හිටපු එකාට වඩා",

දීප්ති මිස් එහෙම කියාගෙන වතුර බෝතලේ අපිට පෙන්නගෙන වාඩිවුණා .  

"මේ මගේ බෝතලේ ලස්සනට හෝදලා " 

"හ්ම්ම් . . අද තේ ගේනාව වෙලාවෙත් කෝප්පයි ට්‍රේ එකයි හොඳට පිරිසිදුව තිබ්බා .  පැන්ට්‍රි කෑල්ල වුනත් පිළිවෙලට අස්කරලා අතුගාලා තියෙනවා", ඒ කෑල්ල අචලා මිස්ගෙන් 

"ඒකනං මටත් නෝට් වුනා අචලා මිස්, වෙනදා ඒක ඇතුලට යනකොට එන අර කිරිපල්වුන ගඳ නෑ , එයාෆ්රෙශ්නර්  සුවඳක් එහෙමත් එනවා."

"හරි හරි .. ඕනවට වඩා උඩ දාන්න එපා ,  මතකනේ පියවික්‍රමත් ආපු දවස් වල ,  අපේ මේස කණ්නාඩි වගේ ,  පිහිදලාම ගෙවිලා තිබ්බේ "  ඒ ටික එකතු කලේ සී සී මහත්තයා .  

"ඔව් පස්සේ උගේ මේසේ පිහින්න වුනේ අපිට".  මටත් කියවුණා .. 

*******