Saturday, March 23, 2024

Dream Cafe



     ඩක්ලින්ටන් ලේන් වෙත ඔක්ස්ෆර්ඩ් ටියුබ් බස්රිය ලඟා වන විට හිමපතනය ආරම්භ වී සුළු වේලාවකි. මේ සිසිරයේ දුර ගමන් යාමට නම් ඔබට ගලපෙනම ප්‍රවාහන මාධ්‍යය වන්නේ මෙවන් සැලසුමකි. මන්ද සිසිරයේ හරි මැදදී අසාමාන්‍ය සීතල මෙන්ම හවස තුනහමාර හතර වෙද්දී පරිසරය හාත්පස වෙලාගන්නා දැඩි අඳුර සහ අනපේක්ෂිත හිම පතනය හෝ වර්ෂාව මැද රිය පැදවීම බොහෝ සෙයින් ජනාකීර්ණ සහ වාහන පිරුණු ලන්ඩනයේදී ආරක්ෂා සහිත බවක් නොදැනෙන බැවිනි. 

හරි වෙලාවට විනාඩි තුනක් ප්‍රමාද වී පැමිණි බස් රථයේ යුක්රේන ජාතික රියදුරු  පමාව ගැන කනස්සල්ල  පල කරමින් මාගේ තරමක් විසාල ගමන් බෑගය රථයේ ගමන් මළු රඳවන ස්ථානයට ඇතුල් කර ගමන ආරම්භ කලේ. මා වෙන්කර තිබු අසුනේ අසුන් ගන්න තුරු රථය මැද ඇති පසුපස බලන දර්පනයේ දෙස යොමාගත් ඇස නැවත මාර්ගය වෙතට හරවා ගනිමිනි. 

බොහෝ නවකතා කෙටිකතා මෙන්ම චිත්‍රපටි  අනුව යමින් සීතල වැස්සට වූ සහ තනිකමට විසඳුම් සියල්ලේම මහා පොදු සාධකය වන උණුසුම් කෝපි පිරවූ කඩදාසි බඳුන රැගෙන ඒමෙන් වූ සැනසිල්ල තවත්  තීව්‍ර වූයේ මාගේ අනික්පස අසුනේ කිසිවෙකු නොවූ බැවිනි.  හෙඩ් ෆෝන් එකේ ආධාරයෙන් මාගේ අතරැඳි ජංගම දුරකථනයේ ගබඩා කර ගත ගීත ගොන්න ආරම්බ්භ වෙද්දී මා දෑස් පියා ගත්තෙමි. 

ගිමන් හරින දියඹ දිගේ 

සුසුම් හෙලන වෙරල කොනේ

බස යන හිරු අඩෑසි   සඳට 

රහස් කියනවා .. සඳ ආදරයෙන් 

අහස පුරා රටා මවනවා 

**********


හදිසියෙන් මෙන් අවදි වූ මම වහාම බස්රථය දැන් ඇත්තේ කොහිදැයි ගූගල් මැප් ඔස්සේ පරීක්ෂා කර බැලුවේ මා බසයෙන් බැසිය යුතුස්ථානයට කෙතරම් දුරක් තිබේදැයි  හරියාකාරවම දැන ගැනීමටයි , තවත් විනාඩි විසි හයකට පසුව මා , මාගේ ගමනාන්තය වෙන හිලින්ඩන් සෞඛ්‍ය මධ්‍යස්‌ථානය අසල නැවතුමට ලඟාවේ. 

ලන්ඩනයේ සිසිර ඍතුවට ආවේනික අවිනිශ්චිත කාලගුණයේ හැඩතල මොනවට කියාපාමින් මද අවුරැල්ලක් හාත්පස  වෙලාගෙන තිබිණි. ඝන සීත  ඇඳුම් ඇඟ ලාගත් කාන්තාවන් පුරුෂයින් සහ කුඩා දරුවන් වේගයෙන් තම අවශ්‍යතා වෙනුවෙන් ඇවිදිනු සෑම දෙසම පෙනේ ,

හිලින්ඩන් නැවතුමේදී මාගේ ගමන් බෑගය නැවත ලබා දුන් රියදුරු මාහට ආචාර කර නැවත පිටවී ගිය්යේ. මෙතැන් සිට පිකඩලි දුම්රිය මාර්ගය ඔස්සේ මාගේ මිත්‍රයාගේ නිවසට යාමට පෙර , මඳ මීදුමක් ද සහිත අවු රැල්ලේ අසිරිය විඳිමින් මඳක් ඇවිද යාමට මගේ සිත මට කියයි, ඒ අනුව නැවතත් උණුසුම් කෝපි බඳුනක්  මිලදී ගත මම ,එතැන් සිට වට පිට බලද්ද්දී එලිෆන්ට් පාක් යනුවෙන් පුවරුවක දිශාව දක්වා තිබූ උද්‍යානය දෙසට ඇවිදීමට පටන් ගතිමි, නන්නාඳුනන විජාතික මිනිසුන් අතරින් ඇවිද යද්දී අතරින් පතර හමුවන සමහරුන්, ඔබට කොහොමදැයි අසමින්, පිලිතුරක් ලැබීමට පෙර පසුකර යද්දී මම ග්‍රැන්විල් පාර දිගේ පැමිණ වින්ඩ්සර් ඇවනියු වෙතට පැමිණියෙමි.

**********

එලිෆන්ට් පාක් දිශාව සඳහන් පුවරුව දැක දැකම  ඊට‍ මඳකට පෙර තිබු  නාමපුවරුවක් නොතිබූ, තැනින් තැන දුඹුරු පැහැ  පැල්ලම්  සහිත තරමක විසාල ප්‍රමාණයේ කළුගල් ඇතිරූ පටු මාවත දෙසට හැරෙන්නට මා තීරණය කලේ  ඇයි දැයි අදටත් මා නොදනිමි. එම පටු  මාවත බෙහෙවින් නිස්කලංක සාමකාමී එකක් විය.

මාවත දිගේ ඔහේ ඇවිද ගෙන යද්දී මාවතේ කෙලවරට ආසන්නයේ තිබු  විල අසල වූ Dream Cafe නාමපුවරුව දැරූ කුඩා අවන්හල මට සිහියට ගෙනාවේ කුඩාකල ඇසූ සුරඟන කතාවක සඳහන් අවන්හලකි ඇත්තෙන්ම මේ කුඩා අවන්හල අවට පරිසරය හා අපූරුවට ගැලපුනද   එය වඩාත් ගැලපෙන්නේ යෝධයාගේ මල්උයන  මැදට නොවේදැයි මට යලිත් කල්පනාවිය. අවට පරිසරයේ මඳ අඳුරත්, ලා මීදුමත් සමගින් අවන්හල දෙසින් හමා එන නැවුම් කෝපි සුවඳත් සමගින් මා එදෙසට පිය නැගුවා නොව පිය නගන්නට කවුරුන් හෝ බල කලාක් ලෙස මට දැනිණ.

කුඩා අවන්හල ඇතුලත දර්ශනය සැබවින්ම ඉතාම දැකුම්කළු විය. එය කුඩා කලාගාරයක් මෙන් දිස්වෙයි. කිසිදු කලබලයක් නොමැති අවන්හලේ ඇතුලත දැවමය ගෘහ භාණ්ඩ, රාක්ක සහ දැවයෙන් කල වෙනත් කැටයම් සහ පිලිරූ එහි අලංකාරත්වයට යම් ගාම්භීර බවක් එක්  කළේය. 

ඈත කෙලවරේ එක මේසයක විල දෙසට හිස හරවාගෙන ඈත බලා සිටින තරමක් වයස්ගත හොඳින් හැඳ පැළඳ සිටින මහත්මයෙකු සිටි අතර, ඔහුට තරමක් ඈතින් සාම්ප්‍රදායික ගිණි උඳුන අසල නිදාසිටින කළු සහ සුදු පැහැයෙන් යුත් බළලෙකුද විය. මාගේ පැමිණීම  එම මහත්මයාගේ ධ්‍යානය බිඳහෙලීමට තරම් දෙයක් නොවීය. 

**********

සුබ සන්ධ්‍යාවක් දරුවා.....

කරුණාවන්ත වයස්ගත කාන්තා කටහඬට ප්‍රතිචාර දැක්වීමට මා එදෙසට හැරෙද්දී , ප්‍රියජනක පෙනුමකින් යුතු කාන්තාව දුටු සැනින් මට යම් කුතුහලයක් සහ හුරු පුරුදු බවක් දැනුණි.

ඒ සමගින් මට සිහියට නැගුණේ අවන්හල එලිමහනේ තිබූ කෝපි සුවඳ වෙනුවට අවන් හල ඇතුලේ ඇත්තේ වෙනත් ආකාරයක තමක් සැර සුවඳක් බවයි, 

" ආ ඒ ආමන්ඩ්  සුවඳ" 

මා සිතු දේ තේරුම් ගත්තාක් මෙන්  වයස් ගත කාන්තාව කියද්දී මගේ සියොලඟම භීතියෙන් ඇලලී යන්නට විය. මට එක වරම නම සිහි නොවූ ෂර්ලොක් හෝම්ස් කතාවක් මතකයට නැගෙන්නට විය. 

වයසගත් කාන්තාවක් සිටි නවාතැන්පලකට ගොඩවුන තරුණයෙකු වෙත පිලිගැන්වුන , ආමන්ඩ් සුවඳ හැමූ  තේ කෝප්පය විසිකළ නිසා ඔහුගේ ජීවිතය බේරුණත්, එම තේ කෝප්පය පානය කළ අනෙක් වුන් සිහි මූර්ජා වූ පසුව  අමානුශික ලෙස මරාදමා  සිරුරු බෙහෙත් ගලවා සංරක්ෂණය කල මානසික විපරීත බහාවයකින් යුහු කාන්තාවක් ගැන වූ කතාවකි. 

වහාම මෙතනින් පිට විය යුතු බවට මොලයෙන් සංඥාව නිකුත් විය, මා අපාහු හැරෙනවාත් සමගම 

"මේ ළමයා ෂර්ලොක් හෝම්ස් කතන්දර රසිකයෙකු වගෙයි පෙන්නේ" . නැවතත් මා සිතු දේ හරියටම ඇයගේ මුවින් එලියට එනවාත් සමගම මෙහි තවත් විසීම අනතුරුදායක බවට මොලයෙන් නොකඩවා සංඥා නිකුත්වන්නට විය 

මාගේ පිළිතුරක් නැතිව වුවද තව දුරටත් කතාව කරගෙන ගිය ඇය. 

"ළමයෝ මේ 2024 , නැතුව ඒ කාලේ නෙවේ. එන්න මම ඔයාට මගේ ස්වාමිපුරුෂයාව හඳුන්වලා දෙන්න." කියමින් මට ඉදිරියෙන් ගමන් කරන ඇය සමග මම නොදනුවත්වම එදෙසට පා එසවීමි. 

මා පැමිණෙද්දී කෙලවර මේසයක  අසුන් ගෙන විල දෙසට හිස හරවාගෙන සිටි මහත්මයා අසලට ගිය කාන්තාව, 

"විලී මෙන්න ඔබට තනියට තවත් මිතුරෙක්" 

යයි, මා හඳුන්වා දුන්නාය, නමුත් ඔහු හිස හැරවීම තබා ඇහිපිල්ලමක් වත් නොගසා විල දෙසම බලා සිටී. 

"ඔය ළමයා මෙතනින් වාඩිවෙලා මගේ විලී එක්ක කතා කරන්න, "

"එත් ඇයි එයා හෙලවෙන්නේ නැත්...................... දෙවියනේ මේ ඇත්ත මිනිහෙක් නෙවේනේ, මම රැවටුනා ඇත්ත කෙනෙක් කියලා. "

"ඔව් ඔබ ගිහින් ඇති මැඩම් තුසාඩ් කෞතුකාගාරයට , මේ මගේ විලියම් ගේ ප්‍රතිමාව හැදුවෙත් ඒ ශිල්පියෙක්ම තමා , දැන් ඉතින් ඔහු මගෙත් එක්ක හැමදාම ඉන්නවා වගේ, මේ තමා එයාගේ ප්‍රියතම මේසය සහ ඉරියව්ව එයා ජීවත් වෙලා ඉන්න කාලේදී. "

"ඇත්තම කිව්වොත් මම බයවෙලා හිටියේ ෂර්ලොක් හෝම්ස් කතාව ඇත්ත වෙන්න යනවා කියලා. "

"හ්හ් හෙහ් .. එහෙම මිනී මරන්න තරම් මම මානසික රෝගී කෙනෙක් නෙවේ. ආ ඉන්නේ මගේ ඩැනියෙල්.. "

"ඔහ... ඒ පුසත් ප්‍රතිමාවක් එතකොට? "

"නැතුව.. ආපන ශාලාවක බෙහෙත් ගල්වපු මිනියක් තියන්න දෙන රටක් තියෙනවද, ඒවා තියෙන්නේ ඔයාගේ ඔය ශාලොක් හෝම්ස් කතාවල විතරයි.  "

සිතට යම් කිසි සහනයක් දැනුනද තවමත් මගේ හිත මට කියන්නේ මෙහි යම් කිසි සැඟවුන රහසක් ඇති බවයි.

"මෙන්න ඔබගේ තේ එක,"

"මම තේ ඉල්ලුවේ නෑ.. "

"කමක් නෑ.. එක මගේ ගානේ.. ඔබව බය කලාට...ඔබ එක වෙනසක්  අඳුනගත්තද,  "

"මොකක්ද ,."

"ඇත්තටම මේ ප්‍රතිමාවේ මූණට යොදාගෙන තියෙනෙ නං මගේ විලීගේ මූණෙ ඇත්ත සම සංරක්ෂණය කරලා..  ඒක තමා මේකෙ විශේෂත්වය....හැබැයි ඒක දන්නෙ මායි.. ප්‍රතිමා නිර්මාණ ශිල්පියයි දැං ඔබයි විතරයි..."

"ඇහ්... ඇයි ඉතිං ඒක මට කියන්නෙ මොකක්ද විශේෂත්වය...."

"ඔබ අවංකයි.. අනික මේක දැනගත්තා කියලා.ඔබ අනවශ්‍ය ලෙස කලබල වෙන්නෙ නෑ කියලා මට තේරුණා... තේ එක බොන්න.... එංගලන්තයේ සීත කාලයෙදි  උණුවෙන් තේ බොන්න පුරුදු වෙන්න.. "

"ස්තූතියි..."

ඒ තේ එකේ අර අමුතු සුවඳ....මොකක්ද... අර ආමන්ඩ් සුවඳ...මේ කාන්තාව ගැන සෑහෙන විශ්වාසයක් ගොඩ නැගී තිබුණද, පෙර මා කියවා තිබූ ශර්ලොක් හෝම්ස් කතාවේ මෙන් මට තවමත් සැකයෙන් බැහැරවන්නට නොහැකි විය. 

""" කවුද දන්නෙ   මේ ගෑණිත් මේවා බොන්න දීලා සිහිමූර්ජා වෙන මිනිස්සු මරලා මිනී සංරක්ෂණය කරන ජාතියේ කෙනෙක්ද කියලා."""" මගේ සිත මටම මොරගාන්නට විය

" හැබැයි තේ එකනං පුදුම රසක්.. තේකොළ ලෝකෙටම යවන රටක ඉඳලා ඇවිල්ලත් මේ වගේ රස තේ එකක් බීලා නෑනෙ..."

ඒ සමගින් මගේ සිහියට නැගුනේ.. """මම ඇවිල්ලා ගොඩක් වෙලා වුනත්.. මට පස්සෙ කවුරුවත් මේ අවන්හලට ආවේ නෑනෙ"""" යනුවෙන්..

ඒ අතර එන අනික් සුවඳ මට පොඩි කාලෙ පාන් පෝරණුවක් අසලින් යන සුවඳ මතකයට නැගුවා.. මෙච්චර දියුණු ලෝකෙ දියුණු රටක සුවඳ එන්න පාං පුච්චන්න...???? සැකය තවමත් හිතේ කොනක කරණම් ගසන බව මගේ සිත මටම නගන ප්‍රශ්න හරහා මට දැනේ

"ආ....ඔය එන්න අපේ පාරම්පරික දර පෝරණුවෙ හැදෙන අලුත්ම ප්‍රංශ පාං සුවඳ.   ඔබට තව ටිකකින් බැටලු මස් ව්‍යංජනය සමග ප්‍රංශ පාං රස විඳින්න පුලුවන් ..."

"මට එපා....මම ඉල්ලුවේ නෑනෙ.."

"අහ් එහෙමද.. මම හිතුවේ ඔබට සුවඳ එක්ක ඒක ඕන වෙයි කියලා... මේක තමා මේ අවන්හලේ සිග්නේචර් ඩිෂ් එක... ඔබ එය ප්‍රතික්ෂේප කිරීම ගැන මට කණගාටුයි..."

 මේ වනවිට මේ කාලයට ආවේනික මඳ අඳුරක් සමග නැවත හිම පතනය අරම්භ වී තිබිණ ..."මේ වෙලාවෙ හැටියට ඒ කිව්ව උණු උණු පාන් සමග උණු බැටලු මස් ව්‍යංජනය නං අපූරුවට ගැලපෙන්න තිබ්බා.."  සිතුවිලි එකිනෙකට වෙනස් ලෙසින් සිත තුල තෙරපේ.


"කමක් නෑ මම එකක් ඇනවුම් කරන්නම්.." සිතුවිලි යුද්ධයෙන් පසු මා තීරණය කලෙමි

"මම දැනගෙන හිටියා ඔබ කැමති වෙන බවට... අනික ඔබට තව මඳ වේලාවක් ඉන්නම වෙනවාඒ හිමපතනය මඳක් අඩුවෙනකං... බය වෙන්න එපා ඔයාගෙ ශර්ලොක් හෝම්ස් කතාවෙ වගේ නවතින්න අවශ්‍ය වෙන්නෙ නෑ..මෙහෙ කොහොමත් කාමර නෑ..ඔය තේක බීලා කාලා මගේ බිල ගෙවලා ඔබට යන්න පුලුවන් ,.ඔබව මරලා සංරක්ෂණය කරන්න මෙහෙ කවුරුවත් නෑ" .. කියමින් ඇය නැවත සිනාසුනීය..

"ඇයි ...මෙහෙට කවුරුවත් එන්නෙ නැත්තෙ..."

"මේ හිම වැටෙන වෙලාවෙ. මාවතේ කෙලවරේම තියෙන කුඩාම අවන්හලට එන්න තරම් ඉස්පාසුවක් තියෙන අය මේ ලන්ඩනයේ ඉන්නවා කියලා ඔබ හිතනවද.. ඔන්න  ගිම්හානයෙ දවසක නං මේක පිරෙන්න සෙනඟ ඉඳීවි."

"ඒකත් ඇත්ත .."

මොනවා වුනත් ඒ තේ එක අමෘතය පරාදයි.... ඒක බීලා ඉවර වෙද්දි පුදුමාකාර සැහැල්ලුවක් සහ නිදහසක් දැනුනා..හරියට කාලෙකට පස්සෙ දැනෙන විශාල සැහැල්ලුවක්...

ඒ සමගින්  මම එහි තිබූ සෝෆාවේ වාඩිවුනේ ප්‍රංශ පාං සමග බැටලුමස් ව්‍යංජනය මගේ ලඟට එනතූරුන් නැවත සිතුවිලි අතර කිමිදීමටය.

******


ඒ අවන්හලේදි මම ලැබූ ඒ අත්දැකීම මම කියමින් හිටියේ ලඟම සිටි ප්‍රදීප්ට... ඒත් ඔහු මා නොදුටු නොඇසූ ලෙස එතනින් නැගිට යද්දි මම ඔහු පසුපසින් ගමන් ගත්තෙ කන් ඇහෙන්නෙ නැද්ද මනුස්සයෝ කියමින්...

ප්‍රදීප් ගෙයින් එලියට පැමිණ නතර වුනේ මගේ පින්තූරය සහිත පුවරුවක් අසල සිටි තවත් කීප දෙනෙක් සමග එකතු වෙමින්..

" විදේශයකදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ඉවාන් ඔබට නැවත මතු ආත්මයක එවන් අකල් මරණයක් අත් නොවේවා... " ඒ පුවරුවේ සටහන් වී තිබිණ.

25 comments:

  1. නිවන් සැප ලැබේවා

    ReplyDelete
  2. කතන්දරයක් නේද? මං හිතුවෙම ඇත්ත සිදුවීමක් කියලා!

    ReplyDelete
    Replies
    1. මාත් හිතුවෙ ඒකම තමයි. වින්ටර් ලන්ඩන් පරිසරය වැනුම නියමයි. ඒත් අන්තිම හරිය කියවද්දි තමා තේරුනේ, අලුත්ම එන්ෆීල්ඩ් බූතයා ලව්පූස් බව.😮

      Delete
    2. ඕ යෑස් කතන්දරයක් තමා

      Delete
    3. බස්සා. මම එන්ෆීල්ඩ් භූතයා වුනාම මුලින්ම ගිලින්නෙ අජියව

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. //......අතරින් පතර හමුවන සමහරුන්, ඔබට කොහොමදැයි අසමින්, පිලිතුරක් ලැබීමට පෙර පසුකර යද්දී...//
      හෙහ්, හෙහ් සැටිපිකේට් ට්රූ. 👌😁

      Delete
  3. නියමයි. මේක කෙටුවෙ ෆෝන් එකෙන්ද? ව්‍යාකරණ වෑංජන සෑහෙන්න තිබුණත්, කතාව රස විඳින්න ඒක බාධාවක් වුනේ නෑ. අර මරලා පුලුන් පුරෝන කතාව මමත් කියවපු බව මතකයි, ඒත් ඒක ෂර්ලොක් හෝම්ස් කතාවක් බවට මතකයක් නෑ.

    කොහොම වුනත්, පරණ ඉවාන් ආයෙ ඇවිල්ල ඉන්න එක දාහක් වටිනවා.👌💐🌻😁

    ReplyDelete
    Replies
    1. කෙටුවෙ නං ෆෝන් එකේ තමා. උඹ කියපු නිසාම සෑහෙන ගොඩක් ඒවා ආපහු හැදුවා

      Delete
    2. මොබයිල් වලට සිංහල වොයිස් ටයිපින් තියනවා. ට්‍රයි කරලා බලපං, ඒක සමහර විට ලේසි වේවි. කොහොමින් හරි මෙන්න මේ වගේ ආතල් කතා ලියහං, ඇල්ලෙන් පහලට තල්ලු නොකර.😉

      Delete
  4. //ප්‍රදීප් ගෙයින් එලියට පැමිණ නතර වුනේ මගේ පින්තූරය සහිත පුවරුවක් අසල සිටි තවත් කීප දෙනෙක් සමග එකතු වෙමින්..//
    ප්‍රදීප් : අනේ ඉතිං ඉන්න තුරුම, වැලි , ගඩොල් බදාම කොන්ක්‍රීට් එක්කමයි හැප්පුනේ
    ගමරාළ: චෑ , ආයෙ ඉතිං එහෙම කරෝල බැදුං කාල හමාරයි
    නිදි : සවස්ථි සිද්ධම්!
    බස්සා : ආන්න ජංසන්, ඒත් ගියේ වැරදි පාරක
    ඩ්‍රැකියා : ආන්න ඒකයි අවයව
    නයා : හැක්

    ReplyDelete
    Replies
    1. ඔක්කොමත් හරි අරූ හැක් ගාන එකනෙ ඉවසන්න බැරි

      Delete
    2. අනිත් අය : //...මොලයෙන් සංඥාව නිකුත් විය..// මරණෙන් පස්සෙ මොලේකුත් ලැබිලා. කල් ඉකුත්වී මැරුණට පාඩු නෑ එහෙනං

      Delete
  5. එක දිගටම කියවන් ගියා ඉවාන්... අපූරුයි .
    ජයවේවා

    ReplyDelete
  6. දැනුනට මොකද ඇත්තම වගෙ කතන්දරේ
    බොරුවක් වුණත් හදවත ශෝකයෙන් පිරේ
    සරනා තුරා යළි යළි මේ සංසාරේ
    පවුලූශාට නොයැවේවා ඔය පාරේ

    ReplyDelete
    Replies
    1. ගිමන් හරින දියඹ දිගේ, ඩක්ලින්ටන් වීදී කොනේ
      හිරු බැස යන ලන්ඩනයේ පූසෙක් යනවා
      ලන්ඩනයේ සිසිර ඍතුව, ගමරාළගෙ කුකුල් කොටුව
      ප්‍රංශ පාං කාපු පූෂා නිවන් දකිනවා

      Delete
  7. ප්‍රදීප් කියන්නෙ අර ද රේපිස්ට් ද?
    එහෙනං මිනිහ ලංකාවට ඇවිල්ල තියෙන්නෙ මාලෙ ඉඳල ලන්ඩන් වලට පැනල මිනියකුත් මරලද???

    ReplyDelete
  8. නියමයි..... ඉවාන් නියමයි ... ගෙනාපු විදිහට තව ටිකක් ඇදල අත ඇරිය නම් කියල හිතුන. අතීතය , වර්තමානය , පරිසර වර්ණනාව නියමයි.

    ReplyDelete
  9. ඕකට ප්‍රදීප්ගෙ සම්බන්ධයක් තියෙන්න බැරිද? හැක්...
    මේ කතාව කියවද්දි මට තව කතා දෙකක් මතක් වුනා, 1. The Girl on the train 2. Robin of Sherwood

    ReplyDelete
    Replies
    1. //ඕකට ප්‍රදීප්ගෙ සම්බන්ධයක් තියෙන්න බැරිද? හැක්...// බැරිද නෙමෙයි අනිවාර්යෙන් තියෙනව.
      හිමිජ්ජ වගේ හිටියට මනුස්සය සත පහකට විස්වාස කරන්න පුලුවං ඩෑල් එකක් නෙමෙයි. හැක්.. x2

      Delete
  10. ammata hudu, this is the neighbourhood of former cricketer Russel Wijesuriya ! he is down Regent Avenue off Windsor Avenue. looks like Ivan was on the way there lol

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]