Saturday, November 15, 2025

දර්ශනය




පෙරදා රාත්‍රී වැඩ මුරය නිසා දහවල් වෙනතුරු නිදා සිටීමට සිතුවත් යන්තම් උදේ දහය වනවිට නවාතැනේ දොරට තඩිබාන හඬින් උඩ විසිවී ඇහැරුණු මම සිතින් බැන බැන දොර විවර කලෙමි


"සමාවෙන්න මහත්මයා අපි ප්‍රජා පොලිස් ඒකකයෙන්. ඔබ තුමාට විරුද්ධව මේ ඉදිරිපස ගෙදර ඉහල මාලයේ නවාතැන් ගෙන සිටින ඩෝරා මහත්මියගෙන් පැමිණිල්ලක් තිබෙනවා."


"මොකක්.. මට විරුද්ධව.. ඒ මොකටද"


"ඔබතුමා ඔබතුමාගෙ කාමරය තුල ඇයට දර්ශනය වන පරිදි නිරුවතින් හැසිරෙන බවට.."


"මොකක්...?  එහෙම වෙන්නෙ කොහොමද, බලන්න මගේ කාමරයත් ඇයගේ මහල හා සමාන උසකින් තියෙන්නෙ. අනික මගේ කාමරේ ජනේල ඉතාම කුඩයි.  ඒවාගෙ යට කොටස මගේ   පපුව මට්ටමේ. ඉතින් මම එහෙම හිටියත් ඇයට පේන්නෙ මගේ පපුවෙන් උඩ කොටස පමණයි.මේක වැරදීමක්."


"අපිට මේ ගැන විමර්ශනය කරන්න වෙනවා මහත්මයා. කරුණාකර අපිත් සමග ඩෝරා මහත්මියගේ කාමරය වෙත පැමිණෙන්න..අපි එනතුරු මේ පොලිස් නිලධාරියා ඔබගේ කාමරයේ රැඳී සිටීවි."


මේ  වෙද්දි මමත්  බයවෙලා හිටියෙ. මොකද මගේ කාමරයේ ඇතුලේ මම නිතරම ඔය කියන විදිහට ඉන්නවා.නමුත් එය අවට කිසිවෙකුට දර්ශනය වෙනවා ඇතැයි මම කීයටවත් සිතා නැත.


"ආ... ඩෝරා මහත්මිය මේ මහත්මයාට විරිද්ධව තමා තමන් පැමිණිල්ල කලේ."


ඩෝරා මහත්මියගේ  ජනේලය අසලට පැමිණි පොලිස් නිලධාරියා, තමන් අතරැදි වූ වෝකිටෝකී යන්ත්‍රයෙන් මාගේ කාමරය තුළ රැඳී සිටි පොලිස් නිලධාරියාට කතාකර ජනේලය අසලට පැමිණෙන මෙන් පැවසීය. කාමරය තුළ එහාට මෙහාට කීප වරක් යන ලෙස ඔහුට පැවසූ පොලිස් නිලධාරියා නැවත ඩෝරා ඩෝරා මහත්මිය දෙසට හැරී


"ඒ කාමරයේ කවුරු කොතන හිටියත් අපිට පේන්නේ පපුවෙන් උඩ කොටස විතරයිනෙ ඩෝරා මහත්මිය. ඔබතුමිය කියන විදියට මේ මහත්මයා ඒ කාමරය තුළ නිරුවතින් සිටියත් ඔබට එය දැක ගැනීමට හැකියාවක් නැහැ."


"නැහැ ඉන්ස්පෙක්ට මට හොඳට පේනවා බොරු නම් මේ මේසේ ලගට ඇවිල්ලා බලන්න."


"කෝ ඒත් නැහැනේ, අර බලන්න හොඳින්ම පේන්නේ ඔහුගේ පපුවෙන් උඩ කොටස පමණයි."


"නෑ ඉන්ස්පෙක්ටර් මෙයා ඒ කාමරයේ එහා පැත්තෙ කෙළවරේ ඉන්නකොට පේනවා."


කෝ බලන්න කියා නැවතත් තම සහායක නිලධාරියා ඇමතූ පොලිස් නිලධාරියා, නැවත පැවසූයේ 


"නැහැ එහෙම හිටියත් පේන්නේ පපුවෙන් උඩ කොටස පමණයි."


"මම බොරු කියන්නේ නැහැ ඉන්ස්පෙක්ට බොරු නම් මේ මේසේ උඩින් මේ පුටුව තියලා ඒ පුටුව උඩට නැගලා අර උඩ තියෙන හුළං කවුළුවේ ග්‍රිල් එක අයින් කරලා බලන්න එතකොට හොඳට පේනවා" 


F......k 


#කෙටිමකෙටිකෙටිකතා

Wednesday, November 12, 2025

දිලීප (සහ ) පොඩි පුතු


 

"අළුත් කාකාස නං හොඳයි වගේ හිටපු එකාට වඩා",

දීප්ති මිස් එහෙම කියාගෙන වතුර බෝතලේ අපිට පෙන්නගෙන වාඩිවුණා .  

"මේ මගේ බෝතලේ ලස්සනට හෝදලා " 

"හ්ම්ම් . . අද තේ ගේනාව වෙලාවෙත් කෝප්පයි ට්‍රේ එකයි හොඳට පිරිසිදුව තිබ්බා .  පැන්ට්‍රි කෑල්ල වුනත් පිළිවෙලට අස්කරලා අතුගාලා තියෙනවා", ඒ කෑල්ල අචලා මිස්ගෙන් 

"ඒකනං මටත් නෝට් වුනා අචලා මිස්, වෙනදා ඒක ඇතුලට යනකොට එන අර කිරිපල්වුන ගඳ නෑ , එයාෆ්රෙශ්නර්  සුවඳක් එහෙමත් එනවා."

"හරි හරි .. ඕනවට වඩා උඩ දාන්න එපා ,  මතකනේ පියවික්‍රමත් ආපු දවස් වල ,  අපේ මේස කණ්නාඩි වගේ ,  පිහිදලාම ගෙවිලා තිබ්බේ "  ඒ ටික එකතු කලේ සී සී මහත්තයා .  

"ඔව් පස්සේ උගේ මේසේ පිහින්න වුනේ අපිට".  මටත් කියවුණා .. 

*******

Wednesday, November 5, 2025

වයිට් හොට් චොකලට්

 

ඔන්න කලින්ම කිව්වා මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු කතාවක්, ඒ නිසා අවුරුදු හැටට අඩු, දහම් පාසල් යන, අම්මා ළඟ නිදාගන්න අය කියවන්ඩෙපා. 

අපි ඉස්සෙල්ලම ජොබක් කියලා එකක් කලේ කටුණායක. ඔය කාලේ නැවතිලා හිටියේ කුරණ, ඉතින් ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් එකට වෑන් එකක් දීලා තිබ්බට අපේ බෝඩිමේ සෙට් එකෙන් වැඩි දෙනෙක් යන්නේ උදේ බස් එකේ. රජයට ආදායමක් ලැබෙන නිසා කිව්වට , කටුණායක ගාමන්ට් වල උදේ ශිෆ්ට් එකට යන ගෑල්ලමයි යන්නේ ඔය බස්වල නිසා. අපේ එවුන් අතරින් දෙතුන් දෙනෙක් සමහර ගාමන්ට් ෆැක්ටරි බස්වල ඩ්‍රයිවර්ලා එක්ක එහෙම යාළුවෙලා, බස් එකේ හෙල්පර් වගේ ඒවයෙත් එල්ලෙනවා. අපි නම් ඉතින් එච්චර අවදානමක් ගන්න ගියේ නෑ.

අපේ ඉතිං වැඩපලේ විස්සක් විතර හිටියට කුරණ බෝඩිමේ හිටියේ එකොළහක් විතර, එකෙනුත් දෙතුන් දෙනෙක් බස් එකේ හෙල්පර් වැඩේ කරන්න යන නිසා ඔතන උදේට ඉතුරු වෙන්නේ හයක් නැත්තන් හතක්  ඒකෙනුත් දෙන්නෙක් විතර වෑන් එකේ යනවා, සිරිමත්ලා. ඉතින් අන්තිමට හැමදාම හතරක් හෝ පහක් තමා එන බස්වල එල්ලෙන් යන්නේ. 

ඔය සෙට් එකේ ඔක්කොටම වගේ ඉතින් ඒ ගාමන්ට් යන නංගි කෙනෙක් අක්ක කෙනෙක් සෙට්වෙලත් හිටියා. 

*******