"පුතා...කොහෙටද යන්නෙ.."
"මම UK යන්න ආන්ටි..."
"UK වල කොහෙද.. ?"
"එන්ෆීල්ඩ් "
"අහ්.. මමත් UK යන්නෙ.. මම යන්නෙ හැබැයි බ්‍රිස්ටල් . දුව ලඟට. එහෙ ටික දවසක් ඉඳලා ආපහු ඩුබායි යනවා..
කියනවත් එක්කම ආන්ටි ලඟ තිබ්බ හෑන්ඩ් බෑග් එක බිමට වැටුණා.. ඒක ඇහිඳලා දුන්නෙ ආන්ටි කොන්දට අත තියාගෙන නැවෙන්න අමාරුවෙන් උත්සාහ කරලා ,අසරණ වෙලා මගේ දිහා බලපු නිසා .
"අනේ තෑන්ක් යූ සෝ මච් පුතා". කියපු ඇන්ටි මගේ බෙල්ල බදාගෙන හග් කලේ කිසිම බලාපොරොත්තුවක් නැති වෙලාවක.. ඒක මට පොඩි ලැජ්ජාවක් වගේ දැනුනෙ ඒ වෙලාවෙ කටුණායක එයාපෝට් එක සෑහෙන බිසී වෙලාවක් නිසා.
කොහොමත් ඩිපාචර් එකෙන් ඇතුලට ආපු පලවෙනි තප්පරේ ඉඳලම මෙහෙම ඇණයක් සෙට් වෙච්ච එක නං සාපයක්..
ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ බස් එකට නැග්ගත් සීට් එකේ අනික් කොනට කෙල්ලෙක් වාඩිවෙනකං බලාගෙන ඉන්නකොට වෙන්නෙත් මෙහෙම සන්තෑසිම තමා. ඒ අතිං මාර වාසනාවන්තයි.