Monday, March 2, 2026

සිහින කන්ද පාමුල

 


මේ සිහින කන්ද පාමුල පොදි  බැන්ද හීන කන්දම 

මහා වරුසාවක දෙපිලෙම හෝදාගෙන ගිය අන්දම 

පීරමින් මතක ගොන්නම මම උඹව හොයන හන්දම 

මේ අදත් එදා වාගේම මට උඹ ඇතැරුන අන්දම 

|

*

|

ඒ සිහින කන්ද නොදැකම අද කඳුළු ගඟේ දෙඉවුර 

අපි හදපු කඳුළු පිරුණම ගඟ ගලයි අපිව නොදැකම 

නෙක වර්ණ පිරුණු හීනෙක  අපි සුව වින්දේ ප්‍රේමෙක 

ඒ හීන වලින් ඇහැරෙන්නට ඕනෑ නෑ මට සදහට 

|

*

|

වෘන්දා වනයේ කෙලවර ඒ ඈත හිමේ සීතක 

යමුනා ගංතෙර  ඉවුරක පෙම් හීන මවන මොහොතක 

අසෝක මල් යහනක මීදුමෙන් වැසුණු සවසක 

වස් දඬු වැයෙනා ගීතෙක රාධා ඔබ එහි පදවැල 

|

*

|

ලොව නිසසල එක  මොහොතක වන අරණක මල් උයනක 

සුව විඳින සැන්දෑ  යාමෙක ඔබ ඇවිදින් මගේ හීනෙක 

නෙක නේක වර්ණ මතකෙක ඔබ නොගිහින් දුර ඈතක 

රාධා ඔබේ ළඟ මම ලොවටම රහසින් සදහට 



22 comments:

  1. Replies
    1. දිනමිණ - April 29, 2026

      මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­ය­කට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවා­හන හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස් ගයනි කෞශල්‍යා විජේ­සිංහ අත්අ­ඩං­ගු­වට

      මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක දූෂණ චෝදනා සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම ඊයේ (28) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

      නීත්‍ය­නු­කූල මුල් ලියා­ප­දිං­චි­යක් නොමැති රථ­යක් සඳහා අංක තහඩු නිකුත් කිරී­මට අදා­ළව දූෂ­ණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ හිටපු නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කළ වර්ත­මා­නයේ බත්ත­ර­මුල්ල, පරි­වාස හා ළමා ආර­ක්ෂක සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රි­ස්ව­රි­යක ලෙස කට­යුතු කරන රාජ­ප­ක්ෂගේ ගයනි කෞශල්‍යා විජේ­සිංහ යන තැනැ­ත්තිය මෙලෙස අල්ලස් කොමි­සම විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

      අත්අ­ඩං­ගු­වට ගන්නා ලද සැක­කා­රිය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මිත බව අල්ලස් කොමි­සම පැව­සීය.

      සුභා­ෂිණී සේනා­නා­යක

      අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

      Delete
  2. අජිත් ධර්මකුමාර - මොස්කව්March 2, 2026 at 4:11 PM

    ගොඩක් ලස්සන සින්දුවක් ඉවාන් මල්ලි

    ReplyDelete
  3. අප්පට සිරි ! බ්ලොග් ලෝකයේ කව්‍යාත්මක නායක අයිවනුල්ලා ලව් පුසානි IRA බංකරෙන් එලියට ඇවිල්ලා !

    ReplyDelete
    Replies
    1. මේ ඔක්කොම ට්‍රම්ප්ච්චි නිසානේ

      Delete
  4. ඇර කොල්ලා ඇර , අන්න එහමනේ ලවු පූසෝ ඉන්න ඕනේ , මොස්කව් වල හිටි යාලුවෙකුත් ඇවිල්ල ඉන්නේ

    ReplyDelete
    Replies
    1. මොසකව් වල මාර යාලුවො ඉඳලනෙ

      Delete
  5. දුරාතීතයේ ආදර කතන්දර
    තවමත් රැඳී මතකේ වීලා 'අමර'
    ගී කවි ලෙසින් නිමවීලා වරින්-වර
    ලොවට කියයි ආදරයේ ඇති මිහිර!

    ReplyDelete
    Replies
    1. මව නොදනී මවගේ නෑයන් නොදනී
      පිය නොදනී පියාගෙ නෑයන් නොදනී
      රට නොදනී රට ආ ගමනත් නොදනී
      එහෙව් එකා රට මැන්නේ හුණ්ඩුවෙනී

      -ඩු.නි.දි

      Delete
    2. නිමල්ලයියට දැන් ඩුප්ලිකේට් එකෙකුත් ඉන්නවා නේ

      Delete
  6. තව කොච්චර කාලයක් යනවද ඊගාව එක ලියන්න.

    ReplyDelete
    Replies
    1. ආයේ යනවා ලැට් එක ඇතුලට හිතුනොත්

      Delete
  7. කාලෙකින් කවියක්! ලියමු දිගටම!

    ReplyDelete
  8. 28 – 8583කැබ් රථය, RMV ගයනි කෞශල්‍යා විජේසිංහ හිරේ යාම ගැන රටටම කී කතාව

    ඔබ 28 – 8583 දරන කැබ් රථය දන්නවාද? යම් දිනෙක ඔබ එය පාරේ දැක තිබෙනවාද? මෙය ලංකාවේ පාරවල්වල කිලෝමීටර් දසහස් ගණනක් ගමන් කර තිබෙනවා. දිනෙක මෙය ඔබත් දැකලා ඇති. ඒ වාහනය තමන්ගේ එන්ජිම හඩනංවමින් ඔබට යමක් කියන්න තැත් කරන්නට ඇති. එහෙත් ඔබට එය කිසිදා වැටහෙන්න නැතිව ඇති.

    අනෙක් අතට, රටේ මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයෙකු අත්අඩංගුවට පත් වන්නට මේ කැබ් රියේ අංක තහඩුව හේතු වනු ඇතැයි කිසිවෙක් නොසිතන්නට ඇති.

    28 – 8583

    මෙම කැබ් රථයේ කතාව ආරම්භ වන්නේ නීති විරෝධී ලෙස කොටස් එකලස් කිරීමකිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන පරිදි, මෙම රථය සඳහා අවශ්‍ය කොටස් නීති විරෝධී ලෙස ගෙන්වා හෝ ලබාගෙන එකලස් කර තිබෙනවා. එහෙත් මෙලෙස එකලස් කළ වාහනයක් පාරට දැමීමට නම් ලියාපදිංචි අංකයක් අවශ්‍ය වෙනවා. අප නම්බර් ප්ලේට් එක කියන්නේ එයටයි.

    මෙසේ කිරිම සදහා රථයේ සැබෑ අනන්‍යතාවය සඟවා, එහි චැසි අංක වෙනස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කර තිබෙනවා. අනතුරුව එම ලේඛන ඉදිරිපත් කර, වාහනයේ කාර්මික තත්ත්වය තහවුරු කරන බර සහතික වංචනික ලෙස ලබාගෙන තිබෙනවා. චැසි අංක සංශෝධනය කිරීමේදී පවත්වාගෙන යා යුතු නිල ගොනුව නීති විරෝධී ලෙස සඟවා තබමින් විමර්ශන මගහැරීමට කටයුතු කර තිබෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමස්ත පද්ධතිය ගැන විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක වන ගයනි කෞෂල්‍යා විජේසිංහ මහත්මිය නීත්‍යානුකූල ලියාපදිංචියක් නොමැති වාහනවලට අංක තහඩු නිකුත් කිරීමේ චෝදනාව මත අප්‍රේල් 28 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවයි.

    වලංගු මූලික ලියාපදිංචියක් නොමැති බවට වාර්තා වන වාහනයකට අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධ දූෂණ චෝදනා සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. ඇය දැනට බත්තරමුල්ලේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස සේවය කරන බව වාර්තා වෙනවා.

    අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.

    ReplyDelete

හිතට දැනෙන දේ ලියලා යන්න

මේ ඕනෑම විදිහකට

Video: Youtube video link

Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]