ක්‍රිස්තු වර්ෂ 79 දී , ඉතාලියේ කැම්පෙනියා ( Campania ) ප්‍රාන්තයට අයත් නූතන නේපල්ස් (Naples) ආසන්නයේ වූ පුරාණ රෝම නගරයක් වන පොම්පේ නගරය ,විසූවියස් ගිනිකන්ද විදාරණය වීම නිසා ගැලු ලාවා වලින් සහමුලින්ම අඩි 15 ක් පමණ වැළලී යනවා .
Thursday, October 30, 2014
මීරියබැද්ද සහ පොම්පේ
ක්‍රිස්තු වර්ෂ 79 දී , ඉතාලියේ කැම්පෙනියා ( Campania ) ප්‍රාන්තයට අයත් නූතන නේපල්ස් (Naples) ආසන්නයේ වූ පුරාණ රෝම නගරයක් වන පොම්පේ නගරය ,විසූවියස් ගිනිකන්ද විදාරණය වීම නිසා ගැලු ලාවා වලින් සහමුලින්ම අඩි 15 ක් පමණ වැළලී යනවා .
Thursday, October 16, 2014
කරුමෙ ඩබල් - පින සිංගල්
හිරේ යන එකත් විශ්ව විද්‍යාලේ යනවා වගේ වැඩක් කියලා දවසක් කවුදෝ කිව්වම ඒක මාර කතාවක්නේ යකෝ කියලා තමයි මට ඉස්සෙල්ලම කියවුනේ . එත් පස්සේ කාලෙක හිතල බලද්දී ඇත්තටම ඒක එක අතකට හරි කියලා හිතුනා . ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ජීවිතය ගැන බොහෝ දුරට එකිනෙකාට වෙනස් අත්දැකීම් සමූහයක් ඇති මිනිස්සු සමූහයක් එකතැනක ඉද්දි ඒක මොනවගේ අත්දැකීමක් වෙයිද කියන එක තමයි මුලින්ම හිතට නගාගන්න උත්සාහ කලේ.
නමුත් ඒ කිසිවක් සමාජ සම්මතයන්ට අනුකූල ඒවා නොවීම නිසයි ඔවුන්ට එතනට ගාල් වෙන්නට සිද්ධ වෙන්නේ . බහුතරයක් සිරකරුවන් තමුන් අතින් වන වරදට පසු තැවෙන බව හොඳාකාරවම පෙනෙනවා , මෙයින් අපගමනය වන කොටස්ද නැත්තේ නොවේ,
කොහොම වුනත් එකම සමාජ මට්ටමේ, එකම අධ්‍යාපන මට්ටමේ පිරිස්මෙන්ම එකම රැකියාවේ නියැලෙන පිරිස් අතර යම් යම් උප සංස්කෘතීන් ඇතිවීම සුලබ දෙයක් , ලංකාව තුල ජනප්‍රිය උපසංස්කෘතින් බොහොමයක් තිබෙනවා . මේ අතරින් විශ්වවිද්‍යාල උපසංස්කෘතිය ගැන බොහෝ දෙනා කතාවෙනවා , ඒ වගේම නිදහස් වෙළඳ කලාපය ආශ්‍රිත උපසංස්කෘතිය, කාර්යාල ගමනාගමන සේවා ආශ්‍රිත උපසංස්කෘතිය , පොදු වෙළඳපල ආශ්‍රිත උපසංස්කෘතිය , පෞද්ගලික බස් සේවක උපසංස්කෘතිය වැනි මෙකී නොකී බොහොමයක් උපසංස්කෘතින් බොහොමයක් ගැන කියවෙනවා ..
ඒ අතර මෑතකාලීනව ඉතා වේගයෙන් ප්‍රචලිත වූ උපසංස්කෘතියක් වන්නේ ත්‍රීරෝද රථ ආශ්‍රිත උපසංස්කෘතියයි. එමෙන්ම ත්‍රීරෝද රථ කී සැනින්ම මතකයට නැගෙන්නේ සුදු චිත්‍රයක් නම් නොවේ . මාර්ග නීති කඩකිරීම්, අවිචාරවත් රථ ධාවනය සමග මුසුවූ නොපහන් හැගීම් රැසක් මේ වචනය සමග මතකයට එනවා.
මේ වනවිට බොහෝ මධ්‍යම පාන්තික පවුල්වල පවුලේ වාහනය බවට පත්වන්න්ටත් ත්‍රී රෝද රථය සමත් වී තිබෙනවා . වසර 2013 ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාව තුල ත්‍රී රෝද රථ අටලක්ෂයක් (800,000)පමණ සැරිසරන බව වාර්තා වෙනවා. එයින් ලක්ෂ දෙකහමාරකට ආසන්න ප්‍රමාණයක් (238,000) පමණ පවතින්නේ බස්නාහිර පළාත තුලයි . පොලිස් වාර්තා වලට අනුව මාර්ග අනතුරු වලින් 18% ක ප්‍රමාණයකට වගකිවයුත්තේ ත්‍රීවීල් රියදුරන්, එමෙන්ම ත්‍රීවීල් රියදුරන්ගෙන් 40% කට වලංගු රිය ධාවන බලපත්‍රයක් නොමැතිබව තමයි පොලිස් වාර්තා වල සටහන් වන්නේ .
ඒ සියල්ල පසෙකින් තැබූ විට ත්‍රීරෝද රථ වටා සැදුනු උපසංස්කෘතියේ විශේෂ ලක්ෂණ ගැනද සමාජයේ බොහෝසෙයින් කතාබහට ලක්වෙනවා .
ලංකාවේ ත්‍රීවීල් වල වැඩිපුරම යන්නේ කවුද .....? යාලුවෙක් මෙහෙම ඇහුවම මම කිව්වේ එක කොහොමද හොයන්නේ කියලයි. එත් මගේ මිත්‍රයා මට කියනවා
"ඇයි බං ඔය පෙන්නේ හොඳට ලංකාවේ ත්‍රීවීල් වල වැඩිපුරම යන්නේ "බොබ් මාලෙයි , චේගුවේරයි " දෙන්නනේ .."
ත්‍රීරෝද රථවල පිටුපස කුමක් හෝ වැකියක් ලියා තැබීම ත්‍රීවීල් උපසංස්කෘතියේ අනිවාර්ය අංගයක් බවට පත්වෙලා . මේ වැකි වලින් බොහෝ විට නිරූපණය වන්නේ සමාජයේ බොහෝ අවස්ථාවල අපේම කතා බහට ප්‍රසිද්ධියේ ලක්නොවන කතිකාවන්මද කියා සමහරවිටෙක සිතේ .
ආදරය සහ යුවතියන් ,කාන්තාවන් දෙස සමාජයේ බොහෝ පිරිස් සෝපාහසයෙන් කතා කිරීමට පෙළඹුනද ,ප්‍රසිද්ධියේ එසේ කිරීමට උත්සුක වන්නේ නැත. කෙටියෙන් කියනවානම් සිටින්නේ සිංහ හම් පොරවාගත් වෘකයන් ලෙසය. ත්‍රීවීල් වල ලියා ඇති මේ වදන් මගින් ඇත්තෙන්ම උපහාසයට ලක් කරන්නේ කාන්තාවන් හෝ ප්‍රේමයට වඩා, මේ අදහස් දරන නමුත් පිටතට සාධු මුහුණ පෙන්වන අපේම සමහරුන්දැයි කියා විටෙක සිතේ
මේ ඉන් කීපයක්
" කෙල්ලෝ හරියට චයිනීස් ෆෝන් වගේ , ගැරන්ටි නෑ , වොරන්ටි නෑ , ඒ මදිවට ඩුවල් සිම් "
"අපි තව දුර නොයා යුතුයි ඔබ ඒ ගැන හිතන්න , අදින් පසුව කිසිවක් නෑ හිතවත් කම ඇරෙන්න"
"සල්ලි ගස්වල හැදෙයි නම් කෙල්ලෝ වඳුරන්ටත් ලව් කරයි "
පාරේ රිය ධාවනයේදී අවධානයෙන් පැදවිය යුතු බවත් , අවධානය බිඳීමට ලලනාවන්ද හේතුවන බවත් කෙනෙක් පවසන්නේ මෙසේය
"සුදු කකුලයි කොට ගවුමයි හරි අවදානම්."
තමුන් සේවයටම කැපවී සිටින බව තවකෙකු සන්නිවේදනය කරන්නේ මෙලෙසින්
"කොහේටද යන්නේ අපිත් යන්නේ එහෙට තමයි "
එමෙන්ම තමන් ගමන් කරන්නේ අනවශ්‍ය හදිසියකින් බව පිලිගන්නටද ඔවුන් නොපැකිලෙයි.
"බත බාලා හොද්ද ලිපේ "
" දඟ කලාට පුංචි අපට එපා බනින්න , පුංචි අපිත් හරි ආසයි හයියෙන් යන්න "
කොහොම රිය පැදෙව්වත් අනතුරුවලට අපිත් බයයි කියලා ඔවුන් කීපදෙනක් කියලා තිබ්බේ මේ ආකාරයට, ඒ සමගින්ම ඒ අතරට අපේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය ගැනද හීන් සරදමක් කරන්නේ මේ ලෙසින්
"බුදු මල්ලියේ ඈතින් වරෙන් , ලීස් එක ඉවර වුනාම රේස් යමන් "
"ලංවුනාට කමක් නෑ ,ඉඹින්න නම් එපා "
"වද්දන්න එපා රෝහලේ සීලිම අපිරිසිදුයි "
"සම්බුදු සරණයි , එංජිම පරණයි "
සමාජය බොහෝ විෂම බවත්, ඇති නැති පරතරය, පන්තිභේදය වැනි සියල්ලම ඔව්න් අවබෝධ කරගෙන සිටින බව ඔවුන් සරලවම කියා සිටින්නේ මෙලෙසින්
"හබලක්වත් නැති අපට නැව් ටෝක් මොකටද?"
" අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් "
"අපේම නයි අපේම කයි "
"ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි "
"රුසියාවට වඩා ලොකුයි ඉරිසියාව "
"සැපේදී ළඟ ඉන්න මාමාට වඩා දුකේදී ළඟ ඉන්න මීමා හොඳයි "
නමුත් මේ කිසිවකින් තමුන් නොසැලෙන බවත් මෙලෙස කියනවා
"ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටවත් ඇයි වේදනා "
කොහොම වුනත් අවසානයේ සියල්ල තීරණය වන්නේ මුදල් මත, ආර්ථිකය මත , තමුන් මේ රැකියාව කරන්නේ හුදෙක් විනෝදාස්වාදය නිසා නොව ජීවත් වීම උදෙසා ,තමුගේ සිහින සැබෑ කරගන්නට උත්සාහ කිරීම උදෙසා බව ඔවුන්ම කියන්නේ මෙලෙසින්
" රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත"
"කරුමේ ඩබල් පින සිංගල්"
"රුපියල් සත නිසාද අපිට මේ දුක "
වරක් කළුබෝවිල රෝහල අසලින් මම ත්‍රීරෝද රථයකට නැග්ගේ කාර්යාලයට පැමිණීමට , ආයතනයේ නම සඳහන් කල විට ඔහු කිව්වේ මෙවැන්නක් ...
" සර් මමත් A/L කලේ මැත්ස් වලින් , කැම්පස් තේරුනා ,හැබැයි අහුවුනේ ෆිසිකල් සයන්ස් . ඔය අතරේදී තාත්තා නැතිවුනා ඇක්සිඩන්ට් වෙලා , ඊට පස්සේ නංගියි අම්මයි බලාගන්න වුනේ මට , රස්සා කීපයක්ම කලත් හිතට ෆිට් වුනේ නෑ , පස්සේ ඉතුරු කරගත්ත සල්ලි ටිකකින් මේක ගත්තේ , දෙයියනේ කියලා රස්සාවක් කරනවට වඩා හොඳට හම්බ කරන්න පුළුවන්, ඒත් දවසේ පැය විස්සක් විතර පාරේම ඉන්න ඕන . "
මෙවැනි කතා සාමන්‍යයෙන් බොහෝ අවස්ථාවල අසන්නට ලැබෙන නිසා මේ කතාව ඇත්තක් කියා ගැඹුරින් හිතන්න මට ඕන වුනේ නෑ . එත් මාව කාර්යාලය අසලින් බස්සවා ඔහු ආපසු යනවිට මට දකින්නට ලැබුනේ රථයේ පිටුපස තිබු මේ වාක්‍යය .
"අයිසැක් නිව්ටන් අපිත් දකින්නැති ,ගණන් හදන්නැති ඒ කාලේ ..කැම්පස් යන්නට ලකුණක් මදි ඇති ඒකයි තාමත් මහපාරේ "
සංඛ්‍යා ලේඛන සහ පිංතුරය - Sunday Times
විශේෂ ස්තුතිය - පොස්ට් එකට මාතෘකාව දුන් පත්තර මල්ලිට

++++

Saturday, October 11, 2014
නිමේෂය
"මිස්ටර් දුෂ්මන්ත ..හෝල්ඩ් ඉට් ප්ලීස් " විදුලි සෝපානයේ දොර වැසෙන්නට ඔන්න මෙන්න තිබියදී ඈතින් දිව එන මිනදී දුටු මට නැවත සෝපානයේ දොරටුව විවර කරන්නට වුනා..
"ඔහ් මිනදී .......
"ශික් තප්පර පහ හයක් ඉස්සර වුනානම් මේ ඇනේ සෙට් වෙන්නේ නෑනේ ..." ක්ෂණයකින් සිතට ආ සිතුවිල්ල වචන බවට පෙරලෙන්නට ප්‍රථම මම සෝපානයේ G අකුර සහිත බොත්තම වරක් ස්පර්ශ කළා
"මොකෝ මේ මිස්ටර් කෑල්ලක් ."
"නෑ දැන් ඉතිං ලොකු මිනිස්සුනේ , එක නෙවෙයි අනේ,... ප්ලීස් මාව ෆැබ් එක ලඟින් ඩ්‍රොප් කරන්න පුලුවන්ද ....?"
"ම්ම්ම්......."
"අනේ ලොකු උදව්වක් ...... "
මට සිහිවූනේ දින කීපයකට පෙර සුසන්තගේ විහිලුවයි ..
" මේ දුෂමන්තයා දැන්නම් මිනදී උඹේ ඇඟට එනවා හොඳටම වැඩියි.. උඹේ ප්‍රමෝෂන් එකෙන් පස්සේ තමා තත්ත්වේ දරුණු වුනේ.. බලාගෙන පුතේ ....මතකනේ අනුජයට වෙච්ච් දේ .. සේමිණි උඹව මරයි ඈ...."
"සෙමිනි කොහෙද බං මාව මරන්නේ ,අනේ පල යන්න .උඹ කොහොමද මගේ ගෑනි ගැන මට වඩා දන්නේ ..අපි අහුවෙයි ඕවට..............."
"හා හා බලමුකෝ ..ඔහොම කියන අයියලා තමා පෝලිමේ මුල්ම ඉන්නේ ..හැක හැක හැක ..."
"දුෂ්මන්තඅඅඅඅඅඅඅඅ........................." මිනදිගේ හඬින් මං නැවතත් පියවි ලෝකයට ...
"ඔහ.....මම ඒ පැත්තට නෙවෙයි නේ මිනිදී යන්..............."
"අනේ ඉට්ස් ඔකේ අනේ පොඩි දුරනේ මාව ඩ්‍රොප් කරලා යන්නකෝ ..."
"අපෝ ආඩම්බර .."
බොරු තරහක් මවා ගත් මිනදී මුහුණ පුළුටු කරගත් සැටි දුටු මට සිනහවක් නැගුණි.. ඇත්තෙන්ම ඇය සුන්දරය.. සිහින් සිරුර ..සිහින් ඇහිබැම ...දිගටි දෑස්.... මෙන්ම කතා කරන වචන පවා ඇතිකරන ආකර්ශනීය බව මගහැර යාහැකි කිසිවෙකු වෙත්ද ...
*
*
"ආඩම්බරයක් නෙවෙයි ළමයෝ .... හා හා යමු ..."
"අපෝ ඇති ......."
"ඔහ් ගෝඩ්.... වහිනවා ...කොහොමද පාක් එකට යන්නේ .... "
"ශිහ් ...තත්පර පහ හයක් ඉස්සර වුනානම් වැස්සෙන් බේරෙන්න තිබ්බා ..." එක්වරම කඩා හැලුණු මහා වැස්ස දෙස බැලු මට කියවින .
"මේ තියෙන්නේ" අත් බෑගයෙන් එළියට ඇදුනු ලා රෝස පැහැ කුඩය මවෙත පාමින් ඇය කීවාය .
"මේකේ දෙන්නෙකුට යන්න බෑනේ මිනදී .."
"ආ ඇත්තද ... අනේ විකාරනතුව යමු දුශ් ...."
"දුෂ් ?????????" මට සේමිණී සිහිවුනේ මන්ද ... ආදරය කරන මුල් කාලේ ඇයද මා අමතන්නේ එසේය ...
"ඔයා කුඩේ ගන්න දුෂ්... නැත්තම් ඔයාට දෙකට නැවිලා යන්න වෙන්නේ ..."
සාරියේ රැළි ගොන්න කලවයේ ඉහල හරියට වන්නට අල්ලා මදක් ඔසවා ගත ඇය මා සමග කුඩේ යටින් ගමන් කරන්නීය ...
"අඩෝ දුෂා අර බලපන් මියුසික් ටීච අදත් පූසා කනෙන් එල්ලන් එනවා ...." පාසල් කාලයේදී නිතරම මෙසේ සාරියේ මැද හරියෙන් ඔසවාගෙන යන සංගීත ගුරුවරිය නිරන්තර අපේ සිනහවට ලක් වූ හැටි මට මතක් වූයේ ඒ සමගිනි .
ඇගේ සුසුම් වල උණුසුම පපුවේ දකුණු පසට දැනෙයි , ඊට වඩා වේගයෙන් මා උණුසුම් වනවා මට දැනෙයි , ක්ෂණික සුලන් රැල්ලත් සමග පැමිණි වැසි පොදෙන් අප දෙදෙනාම තෙමි යද්දී ඇගේ කෙහෙරැල් මගේ මුහුණේ දැවටෙන්නට විය .
"ගෙදර යන්න කලින් කා එක වැකුම් කරගෙන යන්න ඕන , නැත්තම් කෙස් ගහක් වත් කොහේ හරි තිබ්බොත් සේමිණී මාව මරයි තමා .. "
විවාහ වී වසරක් ගෙවුනද සේමිණී බොහෝ අවස්ථාවල මා අන් කාන්තාවන් කෙරෙහි ආසක්ත වන්නේයයි නිකරුනේ සැකකිරීම සමහර අවස්ථා වලදී මට හිසරදයක්ම විය
*
*
උණුහුම දුරලමින් නැවත සීතල දැනෙන්නට විය .
කෙසේ හෝ මෝටර් රථය තුලට පිවිසෙන විට ...දෙදෙනා මදි නොකියන්නට තෙමී අවසන්ය .. එත් ඒ කෙටි ගමනේ අමුතුම මිහිරක් වින්දා නොවේද ?
"තෙමුනා නේ "
"කමක් නෑ දුෂ්.... දැන් තෙමෙන්නේ නෑනේ ..."
මෝටර් රථය ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වෙත්ම වැස්සද බොහෝ සෙයින් වැඩි වන්නට විය ...
"අද කලින් යන්න හිතුවේ ඇයි දුෂ්මන්ත .... සුසන්තත් හාෆ් ඩේ ගියා නේ ..?
"ඔව් ඔන්න අම්මලාගේ ගෙදර යනවා කියල ගියේ ...විශේෂයක් නෑ මිනදී .. ෂෝර්ට් ලීව් එකක් ගත්තෙම නෑනේ ... ටිකක් කලින් ගෙදර යන්න හිතුනා ...
"අපරාදේ එහෙම යන්න ගිහින් මං නිසා වෙන පාරක යන්න වුනානේ .."
"කමක් නෑ ඔයා නිසානේ .... "
*
*
"කොහේ තිබ්බ වැස්සක්ද මන්දා ශික් ......"
පාර අයිනේ රිය නැවතුනේ ඉබේම මෙනි .. දෙනත් යාවන්නට ගතවුයේ නිමේෂයකි ...මිනදී සිහින් රත් පැහැ දෙතොල් වෙව්ලන ස්වාභාවයත් ලැම වේගයෙන් උස් පහත් වෙන ආකාරයත් මට පැහැදිලිව පෙන්නේන්නට විය . ඇයගේ සුසුම් හඬ දුන්හිඳ කඩාහැලෙන්නාක් මෙන් මහා ගෝෂාවක් මගේ සවන් තුල ඇති කරයි ..
වාහනයේ ඉදිරිපස වීදුරුවට වැහිබිඳු වැටෙයි ... වීදුරුව දිගේ පහලට ගලා යායුතු වූ නමුත් සුලඟ සමග පොර බදිමින් වැහිබිඳු වීදුරුව දිගේ ඉහලට ගමන් කරයි .......අඳුර සමග එන මලානික එලිය ........ මගේ රෝම කූප තුලින් අමුතුම හිරියක් ඇඟ පුරා ගමන් කරනු මට දැනෙයි ...කන්පෙති රත්වී ගින්දර පිටවෙන්නාක් මෙනි .
මිනදී ගේ මුහුණ දෙස බැලුනේ නිරායාසයෙනි.. ඒ දෙතොල් මට ආරාධනා කරන්නේද? ඇයගේ මුහුණේ වූයේ අමුතුම ආකර්ෂණීය බැල්මකි . කොතරම් සමීපව කාර්යාලයේදී ඇසුරු කලත් මෙතරම් සුන්දරව මා ඇගේ මුහුණ දකින්නේ ප්‍රථම වතාවටද?.. මා නිරායාසයෙන් මෙන් ඈ දෙසට නම්බුරුවන්නට විය. ඇයගේ මුහුණට නැඹුරුවත්ම ඇගේ දෙනෙත් පියවෙනවාත් ..දෙතොල් වඩාත් වේගයෙන් ගැහෙන්නට පටන් ගන්නවාත් මට පැහැදිලිව දර්ශනය විය ...
එක වරම වැස්ස තුරල් විය .... සුළඟද අඩුවී ගියාක් වැනිය.. වැහි බිඳු නැවත වීදුරුව දිගේ සෙමෙන් පහලට ගාමන් කරන්නට විය .... වහාම රියදුරු අසුනේ කෙලින් වූ මම රිය පන ගැන්වූ මම හැකි ඉක්මනින් මහා මාර්ගයට අවතීර්ණ වීමි ..මිනිදී මහා විමතියක් රැඳී දෑසින් මා දෙස බලා සිටී .... සේමිණි ලෙන්ගතු දෑසින් මා දෙස බලා සිටියි ..
"මම මෙතනින් බහින්නම් මිස්ටර් දුෂ්මන්ත ..."
වාහනය නැවැත්වීමටත් පෙර දොර හැර ගත මිනදී නැවතූ ඇසිල්ලෙන් රියෙන් එලියට පාන් ආපසු වැරදීමකින්වත් හැරී නොබලමින් යන්නට විය ... දිගු සුසුමක් හෙලා ලය සැහැල්ලු විය ....
*
*
මගේ පිටුපසින් රිය පේලියක් සැදෙනු පැති කන්නාඩියෙන් දර්ශනය වෙයි .
"RELAX - AC & Non AC Rooms" නාම පුවරුව ඉදිරියෙන් දර්ශනය වෙයි .
එහි ගේට්ටුවෙන් එලියට එන රථයකි ..
"සුසන්තයගේ කාර් එක නේද ?"
"මූ හාෆ් ඩේ දාලා මේකට තමයි පැන්නේ එහෙනම් .."
එලියට එන වාහනයේ ඉදිරිපස අසුන දෙස ඇස යොමුවුණේ නිරායාසයෙනි ...
"දෙවියනේ සේමිණී .."
නිල ඡායාරූප අනුග්‍රහය - බස්සි ස්ටුඩියෝ
Monday, October 6, 2014
ස්මාට් (ද) ජීවිතය ....?
අම්මේ මට ගන්න ඕන ෆෝන් එකක් ..
එකක් තියෙන්නේ පුතේ
ඒක නෑනේ ස්මාට් , නෑ ඇන්ඩ්‍රොයිඩ් ජෙලිබීන්... අලුත්ම එක කිට් කැට්
කොහොම හරිම ගන්න ඕන..
A/L කරනා කොල්ලට හරියාවිද හඩු ෆෝන්!
අනේ පුතේ ඔවාගන්න සල්ලි කොයින්ද ?
ඕනෙමයි නැත්තම් කොහොමද A/L කරන්නේ .....?
*******
තාත්තා ඉල්ලුවා තව දාහක්..
අනේ මන්දා මේ වගේ මිනිහෙක්
කවදා කොහේ කොතැනින් ලැබේවිද මට නිවනක් ..
ණයට කන්න එන, පිනට කන්න එන කපුටන්ගෙන්
******
මචං කෝමද මගෙ කිරි කිරි භාණ්ඩෙ Android!
මීට පස්සේ මාත් අප්ඩේට් කරමි ස්ටේටස්
FB ද twitter ද Viber ද G+ ද
*********
මචං නැතිවෙච්ච් ළමයා හොයලා දුන්නලු දවස් දෙකෙන්
ස්ටේටස් එකක් අප්ඩේට් කලා
""ඕල් ද බෙස්ට් ලංකා පොලිස්""
ලයික් කලා මාත් ඔන්න
********
බලපං FB ශෙයා කරනවා
වීඩියෝ එකක්
ගහනවා පොලිස් කාරයෙක් ගෑනියෙක්ට පෙරලගෙන
කැඩෙනකං වයර් එකක්
ඔන්න මමත් ශෙයා කළා
පැහැදිලි නෑ කවුද කියලා
කවුරු වුනත් වාරියපොළ කේස් එකට රිටන් එක දෙනවා ඇති
ඔව් බං චා ඩයල් එකක් වෙන්න ඇති
හඃ හඃ හඃ හා
*******
කොහෙද තාත්තේ යන්නේ?
ඉස්පිරිතාලේ
ඒ මොකටද?
ටවුමේදී අම්මට පොලිස් මහත්තයෙක් හොඳටම ගහලා... අමාරුයි !
Thursday, September 18, 2014
කාලකණ්නියා..
ටක් ටක් ටක් ගාලා රටාවකට දොරට ගහන සද්දෙන් මම අඳින ගත්තා කවුද කියලා ......
කියව කියවා හිටපු පොත ඇඳේ අනික් පැත්තෙන් තියලා නැගිට්ටා .
"අපරාධය සහ දඬුවම ...ෆ්යෝදර් දොස්තයෙව්ස්කි ..පොත පරණ වුනාට අකුරු දිලිසෙනවා කවරෙත් එක්කම . පොත දිහා ආපහු බලාගෙන ඉන්නකොට
"ටක් ..ටක් ... දඩිස් දඩිස් .... "
දොරට ගහන සද්දේ වැඩියි .....
ක්රාස් ... ගාගෙන දොර ඇරෙනවත් එක්කම ...
"අංකල් ඔයාට සෑහෙන්න නින්දයනවානේ රෙන්ට් එක දෙන දවස ලං වෙනකොට ..මතකනේ දවස හෙට ආ...." කියපු කොලු ගැටයා ආපහු යන්න හැරුනා...
" පුතා ..." මගේ වචනෙට ඔහු ආපහු හැරුනත් අස් දෙකේ තිබුනේ අමුතුම කුහුලක්...
"පු.....තා....... හඃ කවදා ඉඳලද? "
" හිටියනම් උඹේ පුතත් ඔය වයසේ තමා අවුරුදු දාසයක් කියන්නේ මහා වයසක් යැ..."
කවුද ඒ කිව්වේ ! මං පුදුමයෙන් උඩබිම බැලුවා . වටේටම බැලුවත් කවුරුවත් පේන්න හිටියේ නෑ
හැබැයි .. කොලු ගැටයට ඒක ඇහුනු බවක් නම් පෙන්න තිබ්බේ නෑ .
ඒ අතරේදී කිසිම කතාවක් නැතුවම මම දික් කරපු දාහේ කොළ දෙක දිහා මොහොතක් බලපු ඔහු ගේ
ඇස් පුදුමයෙන් ලොකු වුනා ... ආපහු සැරයක් මගේ මුහුණ දිහා බලපු ඔහුගේ ඇස් දිලිසුනා ... මගේ අතෙන් සල්ලි උදුරාගත්ත කොලු ගැටයා .. සාක්කුවෙන්ගත්ත කුඩා පොත් පිංචේ පිටු දෙකක් විතර පෙරලලා දිලිසෙන පෑනකින් මොනවදෝ ලියාගන ආපහු හැරුනා .

අඩු ගානේ යන්නං කියන්නෙවත් නැතුව
****
කාලකන්නි වැස්ස .. තව ටිකකින් මේක ඇතුලත් තෙමෙන්න ගනියි.
"ඉතිං උඹ ඉස්සර වැස්සට හරිම ආසයි නේ."
අර කටහඬ ආපහු ඇහෙනවා ...
" කවුද ඔය ...කොහේ ඉඳන්ද කතා කරන්නේ ...." මම ටිකක් කටහඬ ගැඹුරු කරලා උගුර පාදලා
ඇහුවේ ..
ඇහුවේ ..
සද්දයක් නෑ.
" උඹ ඉස්සර වැස්සේ තෙමෙන්න හරිම ආසයි නේ ... කොයි වෙලෙත් කටේ තිබ්බේ වැස්සනම් මරු
කියලා නේද ?"
කියලා නේද ?"
" ඒ ඉස්සර මං දැන් වැස්සට කැමති නෑ ,මට තෙමෙන්න බෑ ,පීනසේ වැඩිවෙනවා "
“කලුවර වැටෙන්න කලින් කෑමට මොනවා හරි ගෙන්න යන්න ඕන . කරුවලේ මෙලෝ මලදානයක් පේන්නෙත් නෑ . මුන් පරණ කෑමත් ඔතලා දෙනවා ."
"එහෙනම් ඉස්සර කළුවරට ඔච්චර කැමති මොකෝ ... රෑ වෙනකොට හරිම රොමැන්ටික් කියලා නේද
කිව්වේ."
කිව්වේ."
"කවුද ඕයි තමුසේ??
කොහේ ඉඳන්ද කතා කරන්නේ ...? තමුසේ කොහොමද මං ගැන ඔය තරම් දන්නේ ,ඇරත් මම අමතක කරන්න හදන දේවල් තමුසේ මොකද මට මතක් කරලා දෙන්නේ ."
ආපහු සද්දයක් නෑ ...
"මාව පිස්සෙක් නොකර ඉන්න තැනකින් එලියට එනවා ඕයි... ..."
ජනේලෙන් පෙනුනා පාරේ ගිය ගෑණුලමයෙක් බයවෙලා වගේ කාමරේ පැත්ත බලනවා.. සද්දේ
එළියටත් ඇහුනද ?
එළියටත් ඇහුනද ?
********
එලියට බහිනකොටත් පොද වැස්ස ..
"ඉස්සර උඹ ආසම හුළඟත් එක්ක එන පොද වැස්සට "
" හ්ම්ම්ම් ..."
මූ ගැන හොයලා වැඩක් නෑ ..කොහේ හැංගිලා කිව්ව්වත් ඇත්තනේ කියන්නේ ..මොකාද මූ ..හෙමීට හොයාගන්න ඕන .
"හැබයි ටීනා වැස්සට ආස නෑ නේද ?
ඒ වුනාට ජයනියි , නදීකයි ,ශේරෝනුයි තුන් දෙනාම වැස්සට ආසයි , මතකද දවසක් ,වැස්සේ උඹ ජයනිට තුරුල් වෙලා යද්දී ..ශේරෝන් පේස්ට්‍රි ෂොප් එකෙන් එලියට එනවා දැකලා උඹ ජයනිගේ ශෝල් එකෙන් ඔලුව වහගත්තා ...
හැබැයි උඹට අමතක වුනා උඹ ඇඳන් ගියේ ශේරෝන් අරන් දීපු කිට් එක කියලා ..ඊට පස්සේ නේද ඒක නැති වුනේ .."
" ඇත්තටම තමුසේ කොහොමද ඔවා දන්නේ ... කවුද තමුසේ .. තමුසේ හදන්නෙම මගේ කේන්තිය අවුස්සන්න "
හැබැයි ඊට පස්සේ නදීකව දැක්කෙම නෑ.. සල්ලි අමාරුකම් තිබ්බට ටිකක් ආඩම්බර කෙල්ල . අම්ම කැන්සර් එකකින් නැතිවුනා කියලා ආරංචි වුනා .. එච්චරයි ... ඒ කාලේ අතින් අල්ලන්නන දෙන්නෙත් නෑ
“වනචර විදිහට හිතන එක දැන්වත් නවත්තාපන් මිනිහෝ "
"තමුසේ කොහොමද මම හිතන දේවල් දන්නේ ..තමුසේ නම් මාර ඇණයක් වීගෙන එන්නේ දැන් "
******
වැස්සත් එක්ක අඳුර එනකොට හරිම මූසලයි , කාමරේ තියෙන පරණ ගොඩනැගිල්ලේ කොරිඩෝවේ කොයි වෙලෙත් පියාඹන කිරි වව්ල්ලු ඒ මූසල ගතිය දෙගුණ තෙගුණ කරනවා ..
වෙලාවට කුලිය විතරයි , අඩු ගානේ හුණු ටිකක් ගානවද සල්ලි ගත්තට .
" ඉතින් උඹත් ඒ කාලේ වැඩ කරලා දෙන්නම් කියා කියා පගාව ගත්තට කීයෙන් කී දෙනාටද වැඩක් කරලා දුන්නේ "
"තමුසේ නම් එන පොට හොඳ නෑ , තැනක් නොතැනක් නැතුව ඔහොම මගේ පෞද්ගලික දේවල් එලියට අදින්න එපා යකෝ!!!" කෑ ගහලා කියන්න ඕන වුනත් කාට කියලා කෑ ගහන්නද ?
*******
"කොත්තුවක් කමු ... "
"උඹට හොඳ නෑ නේද ඔය බර කෑම රෑ තිස්සේ .. "
"තමුසේ ඉන්නවකෝ මළොත් මම නේ ..."
කෑමටද සර් ..."
කොත්තුව ඉල්ලුවම කැෂියර් කොලුවා අහනවා
"නෑ ගෙනියන්න මල්ලි "
" ඇයි ඉස්සර වගේ කියනවකො නෑ කුකුලන්ට දාන්න කියලා "
"ඉස්සර කිව්වට දැන් එහෙම කියලා ගුටි කන්නයැ. "
චිකන් කොත්තු නෝමල් එකක් පාර්සාආආල් ....... නෙද්දකින් මූ කෑගහන හැටි ..වටේටම ඇහෙනවා
******
" කවුද හුත් ..... ඔතන හුජ්ජ කරන්නේ ...."
අම්මප නිදහසේ ඒකවත් කරගන්න විදිහක් නැති හැටි .. හරියට මුන්ගේ අම්මගේ අප්පාගේ පාරවල් වගේ මේවා
තව ටිකෙන් කුඩේත් වැටෙනවා කාණුවට මුගේ කෑ ගැහිල්ලට ...
අඩි හයක් විතර උස තඩි ත්‍රීවීල්කාරයා දැක්කම බයත් හිතුනා ..
"මොකෝ අංකල් ඕක එලියට අදින්න වෙන තැනක් තිබ්බෙම නැද්ද .."
මට බැලුනේ ත්‍රීවීල් එක දිහා ...
කවුද ගෑනියෙක් ඔලුව එලියට දාලා ආපහු ඇතුලට ගත්තා .
ත්‍රීවීල් එක දිහා බලපු කොල්ලගේ කට කොනට හිනාවක් ..
" මොකෝ කියන්නේ .. දාහයි ..." ඇහැක් ගහපු කොල්ලා ආපහු මගේ දිහා බැලුවා ..
" තමුසේ ගේ ඔය වලත්ත ගතිය තාම අඩුවක් නැද්ද "
" හ්ම්ම් ... දාහ දික් කරන්නත් කලින් කොල්ල උදුරාගෙන
"ඇතුලට යනවා ...විසිල් පාර ඇහුනොත් දුවනවා හරිද ...
බය වෙන්න දෙයක් නෑ මේ වැස්සේ නම් මොකෙක්වත් එන එකක් නෑ .
පැය බාගයයි හරි."
******
"ඩීසල් ත්‍රීවීල් මේවටම හදපුවද මංදා "
" ඇඳුම් ඔක්කොම ගලවපන් "
" ඒ මොකෝ මට බෑ ... මෙහෙම ඕනනම් ඉන්නවා ,නැත්තම් යනවා .."
" කොහේ යන්නද ගෑනියේ ..රුපියල් දාහක් දුන්නට පස්සේ .."
ගෑනි කට අරියේ කෑ ගහන්න ... ඉනේ තිබ්බ පිහිය ඇදලා ගත්ත මම
" කෑගහුවොත් තොගේ කෑලි කපනවා "
ශේරෝන් ගේ අයියලා ,මල්ලිලා සෙට් එකෙන්ම අම්බානට කෑවට පස්සේ කිනිස්සක් ඉනේ ගහන් යන එක පුරුද්දක් වුනා ... ඒ පුරුද්දට දැන් අවුරුදු විස්සකට වැඩියි නේද...?
" තමුසෙට හැදෙන්න උවමනාවක්ම නෑ වගේ .. එක අතකට දැන් මොකට හැදෙන්නද ...හොඳම කාලේ විනාස වෙච්ච් මිනිහෙකුට "
" අනේ නවත්ත ගනන්වා තමුසෙගෙ කියවිල්ල ... තමුසෙගෙ කියවිල්ලට මම නවතිනෙන් නෑ "
"ගලවපිය ඉතින් "
තිගැස්සිලා පිහිය දිහා බලන් ඉන්න ගෑනිගේ අත් වලින්ම තමන්ව නිරුවත් වෙන්න ගතවුනේ සුළු වෙලාවයි .
" මොකෝ මේක ගලවන්නේ මමද ... ගලවපිය ..."
"ඔච්චර අමානුෂික වෙන්න එපා මිනිහෝ "
"පලයන් යන්න මොන මනුස්සකම්ද යකෝ වේසියොනට"
" ඇයි උන් මිනිස්සු නෙවෙයිද ..?'
" නෑ මිනිස්සු නෙවෙයි ගෑනු .. පලයන් මිනිහෝ යන්න "
“ගලවපිය ... "
තාමත් තිසර පටයට අත තියාගෙන ලතවෙමුන් ඉන්න ගැහැනියගේ මූණට කිනිස්ස ඉතාම ලං වුනා ..
“මට උඹ සම්පූරණයෙන් නිරුවතින් ඉන්නවා දකින්න ඕන ..ගලවපිය දැන් විනාඩි දහයක් ගිහින් "
පිහිය තව ටික ලං වෙද්දී ..ගෑනි තනපටය ගලවලා අතට ගත්තා ...
දෙයියනේ !
" බ්රෙස්ට් කැන්සර් එකට බෙහෙත් ගන්න යන සල්ලි හොයන්න වෙන විදිහක් ඇත්තෙම නෑ මහත්තයා .."
පියවුරු නැති තැනිතලා පපුව උඩ අත තියාගත්තු ගැහැණිය කියපු දේ මට ඇහුනද මන්දා...
"කාලකණ්නියා ... "
ආපහු ඒ හඬ
ඔව් උඹ හරි....
Subscribe to:
Posts (Atom)