Tuesday, October 26, 2021

හම්බන්තොටට ෆෝමියුලා වන ධාවන පථයක්

 හම්බන්තොටට ෆෝමියුලා වන ධාවන පථයක් 


කෘෂිකාර්මික මිත්‍යාව 

ලංකාව ගැන ඉස්සර ඉඳන්ම කියන්නේ කෘෂිකාර්මික රටක් කියලනේ, ඒත් ඔරකල් කාබනික ගොවිතැන කන්සෙප්ට් එකත් එක්ක තිබ්බ ගොවිතන්ටත් කෙලවෙලා ඇමිණිලා ඉන්න වෙලාවක් මේ. අපේ රටේ ගොවීන්ට අඩුවෙන්ම ලැබෙන්නේ කෘෂිකාර්මික තාක්ෂනය ඒ  වගේම තාක්ෂණික කෘෂිකර්මයකට යන්න ගොවියත්, රජයත් දෙකම අසමත්, අකැමතියි.  ඊශ්‍රායලය වගේ රටවල් වලින් ඒ තාක්ෂණය ගෙන්වන්න තරම් උවමනාවක් තියෙන බවක් පේන්නත් නෑ. විද්වතුන් කියන දේ  පිළිගන්න,නව පර්යේෂකයන්ට ඉඩ දෙන්න රජය විතරක්ම නෙවී ඔය කෘෂිකාර්මික පර්යේෂණ වගේම රටේ වගකිවයුතු තැන්වල ඉන්න නිලධාරින් පවා ඉඩක් දෙන්නේ නෑ.

Monday, June 21, 2021

පියවරුන්ගේ දිනය

.....පියවරුන්ගේ දිනය....


කතාව ප්‍රැක්ටිස් වෙන්න කියලා කටුවට ගහගත්ත සටහන කපලා බිම දාපු හතරවෙනි වතාව.  

"සුවහසක් පියවරුන්ට........."

"පියවරුමයි ලොව මහ සයුරක්........"

" ජීවය මෙලොවට කැන්දූ...."

" පියාණනී මා........"


ඊලඟ මොහොතේ මම හිටියෙ ස්ටාෆ් රූම් එකේ දොර ළඟ ,


පළවෙනි තට්ටුව දානකොටම පීරියඩ් එක ඉවරවෙන බෙල් එක වැදුනා , තට්ටු කරපු එක ඇහුනද දන්නෙත් නෑ.  

කජුවත්ත ෆාම් එකේ ටකේටත් වඩා හයියෙන් ගහන ඉස්කෝලෙ බෙල්එඑක කිලෝමීටර් බාගයක් දුරින් තියෙන ස්ටේෂන් එක ඇතුලෙ ඉද්දි කෝච්චිය එනකොටත් ඊටවඩා සද්දෙන් ඇහෙනවා. ඉතිං මගේ තට්ටුව කොහෙ ඇහෙන්නද. 


ආපහු තට්ටුවක් දාන්න අත උස්සනකොටම දොර ඇරුණා.. බොහොම අමාරුවෙන් නවත්තගත්තෙ නැත්තං ඒ අත පහත් වෙන්නෙ පී.ටී ටීචර්ගෙ මූණ මැදට. 

මගෙ දිහා පුදුම වෙලා තප්පර දෙකයි දශම පහක් බලං හිටපු පී.ටී. ටීචර් අවුල් වුන කොණ්ඩෙ අතින් හද හදාම වේගෙන් පිට්ටනිය පැත්තට ගියා. 


D & G බෙල්ට් එකේ D එකයි G එකයි  & එකෙන් එකට අමුණන ගමන් දොර ලඟට ආවා වයිස් ප්‍රින්සිපල් මාව දැකලා ගැස්සුනේ ඇයිද කියලා එවෙලෙ හිතුනෙ නෑ. මගෙ ඔලුවෙ තිබ්බෙ කතාව 


" මට මේක කරන්න බෑ සර්" 

" මො....ඔ..  මොකක්ද " 

" මට කතාව කරන්න බෑ සර් හෙට රැස්වීමෙ"

"ආ...හ්..... ,.. නෑ .. නෑ ඒම කියලා බෑ තමුසෙ හෙට කතාව නොකලොත් මං නරක මිනිහ කියන්ඩෙපා... සර් බොහොම වේගෙන් ඔෆිස් එක පැත්තට ගියා."


Sunday, May 16, 2021

අයියා

 



"ගැහුව නේද පොඩි එකාට, උඹට මම...." 


"ඌයි.........."

අම්මා අයියාගේ කන මිරිකන විදිහ දැක්කම මට හිනත් යනවා.

ඒත් රිදුනා වගේ ඉන්න එකෙන් අයියට තව ටිකක් බන්නවන්න පුලුවන් නිසාමයි එහෙම හිටියෙ.


"දන්නැති දෙයක් ඇහුවම කියල දෙන්න පුතේ" ඒ පාරනං අම්මටත් දුක හිතිලා වගේ ඒ හෝතඹුවා ගැන. 


"අහන්න නෙවේනෙ, එයා මගෙ මේසෙ උඩ තියෙන ඒවා අදිනවනෙ".


ඉතිං පුතේ ඔය කොරල් කෑලි ඕන තරං හොයාගන්න බැරියැ"


ඉතිං එයාටත් හොයාගන්න පුලුවන් නෙ එහෙනං." 


""එයා තාම පොඩියිනෙ ඉතිං "


හැමදාම එතනින් කතාව ඉවර කරන්නෙ අයියා


"එයා කොහෙද පොඩි, මට වඩා අවුරුද්දයි බාල."

කියලා කියපු එකම දවසේ


"උඹෙත් දැං කට ඕනවට වැඩියි," කියලා අම්මගෙන් තව පාරක් කාපු එක මතක නිසා වෙන්න ඕන.