Friday, December 15, 2023

බඹර විස




"පුතා...කොහෙටද යන්නෙ.."

"මම UK යන්න ආන්ටි..."

"UK වල කොහෙද.. ?"  

"එන්ෆීල්ඩ් "

"අහ්.. මමත් UK යන්නෙ.. මම යන්නෙ හැබැයි බ්‍රිස්ටල් . දුව ලඟට. එහෙ ටික දවසක් ඉඳලා ආපහු  ඩුබායි යනවා..

කියනවත් එක්කම ආන්ටි ලඟ තිබ්බ හෑන්ඩ් බෑග් එක බිමට වැටුණා.. ඒක ඇහිඳලා දුන්නෙ ආන්ටි කොන්දට අත තියාගෙන නැවෙන්න අමාරුවෙන් උත්සාහ කරලා ,අසරණ වෙලා මගේ දිහා බලපු නිසා .

"අනේ තෑන්ක් යූ සෝ මච් පුතා". කියපු ඇන්ටි මගේ බෙල්ල බදාගෙන හග් කලේ කිසිම බලාපොරොත්තුවක් නැති වෙලාවක.. ඒක මට පොඩි ලැජ්ජාවක් වගේ දැනුනෙ ඒ වෙලාවෙ කටුණායක එයාපෝට් එක සෑහෙන බිසී වෙලාවක් නිසා.

කොහොමත් ඩිපාචර් එකෙන් ඇතුලට ආපු පලවෙනි තප්පරේ ඉඳලම මෙහෙම ඇණයක් සෙට් වෙච්ච එක නං සාපයක්..

ඉස්සර ඉස්කෝලෙ යනකාලෙ බස් එකට නැග්ගත් සීට් එකේ අනික් කොනට කෙල්ලෙක් වාඩිවෙනකං බලාගෙන ඉන්නකොට වෙන්නෙත් මෙහෙම සන්තෑසිම තමා. ඒ අතිං මාර වාසනාවන්තයි.

Monday, December 11, 2023

සිකුරා නලල් තලේ..





 " ආ එන්න මහත්තයා .. අන්න අර මිසී ගාවට යන්න", මං එතනට යනකොටම ෆෝන් එක කනේ ගහගත්ත ටිකක් සුදු ලස්සනට උසට පෙනුන මිස් නැගිටලා ඈතට ගියා.

මම වැඩ කරන්නෙ රජයේ බැංකුවක. ඇත්තටම කිව්වොත් අපිට ඉතිං එහෙමට අගහිඟයක් නෑ..හැබැයි මේ අපේ තාත්තට ඒ කාලෙ හම්බවුන ස්වර්ණභූමි ඉඩමක් තියෙනවා ටවුමෙන් ටිකක් ඈතට වෙන්න. ඒක ළඟ අලුතෙන් පටං ගත්ත ගාමන්ට් එක නිසා ඒකෙ කාමර කෑලි ටිකක් හදලා ගාමන්ට් ගෑල්ලමයින්ට කුලියට දෙමු කියලා අදහස දැම්මෙ අපේ නෝනා.

ඇස්වහක් කටවහක් නෑ දියුණු වෙන්ඩම උපන් කෙල්ල.. කපු හාමිනේ අපේ අම්මා එක්ක කිව්වෙ එහෙම. අපේ අම්මගෙ කීමට පිටින් යන එක කරන්ඩ අමාරු දෙයක් නෙවේ කොහොමටත්  කරංඩ බැරි දෙයක්. 

" ඔයාගෙ අම්මා මට කැමතිවෙන්ඩනං මට අලිබබාගෙ හොරකං කරපු වස්තුව හරි ඇලඩින්ගෙ පුදුම පහණ හරි ලැබෙන්ඩ වෙනවා"

ලක්ෂිකා කිව්වෙ එහෙම. කැම්පස් එකේ මගේ බැච් එකේම ලක්ෂිකා හරිම උපේක්ෂා සහගත කෙල්ලෙක්. අවුට් වෙලා මට බැංකුවේ රස්සාව හරියද්දි ලක්ෂිකා තෝරගත්තෙ ටීචිං. ඒ රස්සාවට එයා ආස කලේ හිතන්නත් බැරි විදිහට.

" ඔය ඉස්කෝල ගෑණු මහ කුඩුකේඩුයි... අනික අතටපයට ගාණක් ලැබෙන රස්සාවක්ද ඒ."

ඒ අපේ අම්මා...

Saturday, December 2, 2023

රමණීයයි ඒ මධුර ජවනිකා






උදේම දවස කනවා කියලා මට චෝදනා කරපු නැන්ද මාමලාට ආච්චි පුංචිලට ආයුබොවන් වැන්දාසන්තෝ. ඔය ඉස්කෝලෙ කාලෙ හැමෝටම ඉන්නවනෙ ගැන්සි. අපිටත් ඉතිං ඔය තුන් හතර , පස් හය, හය හත්, හත් අට , අට නව දෙනෙක් ආදී වශයෙන් ගැන්සි හිටියා.

 එක එක ටාස්ක් එකට අනුව ගැන්සියේ ගණපූර්ණය වෙනස් වෙනවා. මලගෙවල් ගැන්සියේ හයදෙනෙක් ඉන්නවා. උංගෙ නම් මෙතන කිව්වොත් ආයෙ ගෙදර යන්න වෙන්නෙ නැති නිසා නම් ඕන නෑ. 

 ***********

Tuesday, November 28, 2023

අක්කට හැටයි

.



මොනවා ඒ කියන්නෙ අක්කා මැරිලා.. හරියටම හැටවෙනි උපන්දිනේ දවසේ. 

ඒත් අක්ක මැරිලා. උපන්දිනේ දවසෙම


**************


මට මතක කාලෙ ඉඳංම අක්කා හරි ලොකුයි. මට අක්කා එක්ක සෙල්ලං කරපු රංඩු කරපු, එකට ඉස්කෝලෙ ගිය කාලයක් මතක නෑ. 


නෑ නෑ... මට වයස නිසා නෙවේ. මට එහෙම කාලයක් තිබ්බෙ නෑ. ඒ වෙනුවට මට මතක අක්කා මාව ඉස්කෝලේ එක්කං ගිය හැටි. මාව නාවපු, කවපු, මාව පංති එක්කං ගිය හැටි. 


අක්කා මාව ඉස්කෝලෙන් දාලා ගාමන්ටෙකේ වැඩට ගියා.


***********


අක්කගෙ නම අනූපමා වුනාට අක්කට අපේ අම්මා කිව්වෙ මූසලී කියලා.  ඒ දවස්වල අම්මගෙ කටේ තියෙන්නෙම. 


" මම මොන කරුමයක් පල දීලා මේ නාකි මිනිහෙක් බැඳගත්තද මංදා. ඒ මදිවට මට වඩා අවුරුදු පහ හයකට බාල මේ හෝන්තුවකුත් එක්ක"


අපේ තාත්තා ඉස්සර පොලී කාරයා. එයා විල්සන්. කට්‍ටිය එයා ඉන්න තැන කිව්වෙ "විලී මහත්තයා" කියලා.   එයා නැති වෙලාවට කිව්වෙ  "වින්න පොලී" කියලා. හැබැයි එහෙම කියපු  ගොඩක් මිනිස්සුන්ගෙ ගෙවල්වල පොඩිම එකා වින්න පොලීගෙ හැඩරුවමයි.


*************

Saturday, November 18, 2023

වල කතාව



ඔන්න කලිංම කිව්වා වැඩිවිය පැමිණිලා නැති එවුං මේක කියවන්ඩ ඒපා...

 ඔය අපි වගේ වලපයයි ගොඩ පයයි ඉන්න ඒ කාලෙ හද්ද ඩොටේ ජීවත්වුන එකාලට මතක ඇති ඉස්සර කාලෙ ගමේ ගෙවල් වල තිබ්බා වල වැසිකිලි , සිංහලෙං ඕවට කිව්වෙ වල කක්කුස්සි කියලා.

ඒවාගෙ සැකැස්ම ඉතිං මම කියන්ඩ ඕන නෑ. නමේම තියෙනවනෙ සැකැස්ම.

හම්මට සිරි ඉතිං මට නං මතකයි ඔය වල කක්කුස්සි හොඳට. ඉස්සර අපේ අම්මලගෙ මහගෙදර තිබ්බෙ ඕකක්. ඒක ගෙදර ඉඳං කිලෝමීටර් බාගයක් විතර ඈත වත්ත පහල. 

රෑට යන්න වුනොත් හුලුඅත්තක් බැඳගෙන යන්න ඕන. මං පොඩි කාලෙ පට්ට බයයි රෑට ඕකට යන්න. යන පාරෙ මග දාලා ළිඳ ලඟිං හෝදගෙන එනවා.  උදේම ආච්චි හරි මාමා හරි යනකොට උන්ට පෑගිලා මර ජරමරයයි. උදේම හොඳ පදෙං ඇහෙනකොට හෙමීට මාරුවෙලා ඉන්නවා අහුවුනොත් ආයෙ කන නියමිත තැන තියෙනවා බොරු. 

අනික් ආතල් එක සතියර දෙසරයක් විතර ඕකට භූමිතෙල් දාන්න ඕන නැත්තං කැරපොත්තො ඕසෙට. 

ඉතිං ගිහිං රෙනකොට බෙට්ට තඃ ගාලා අරකට වැටෙනකොටම කැරපොත්තො පියාඹලා ඇවිත් පුකේ වහනවා. 

හූ කියාගෙන දුවන්නෙ ඒ වෙලාවට 

Sunday, November 12, 2023

අප්සරා තන්ඩන්


 "ඒ අන්න එනවා එනවා"

"කවුද"

" අප්සරා"

" අඩේ... මේකි දකිද්දී මට මතක් වෙන්නෙම... රවීනා බං.."

" ඒ කවුද.... "

"අනේ බං ගණං විතරක්ම නෙවේ ජීවිතේ .. හිංදි ෆිල්ම් කියලා ජාතියක් තියෙනව.

"ආ එතකොට ජීවිතේ හිංදි ෆිල්ම්ද.."..


ඔය අපි තුන්දෙනා...

මායි මෝරයි ප්‍රියයි...

මායි කිව්වෙ මම.. ප්‍රගීත්.. මෝරා රසික ..ප්‍රියා ප්‍රියදර්ශන.

මෙතනින් මීටරේ ප්‍රියදර්ශන ... ගණං වලට හැමදාම සීයයි.. හෙනට උස🤣 නිසා අපි  කිව්වෙ අඟලේ ප්‍රියා කියලා..

මෝරා සිංදු කාරයා.. උගේ කටේ කොයි වෙලෙත් තියෙන්නෙ ග්‍රැමපෝන් යුගයේ සිංදු..


ඉස්කෝලෙ ඇරලා.. සල්ගාදුවෙන් බිත්තර රෝල් තුනක් කාලා විජය ඉන්ස්ටිටියුට් එකට ක්ලාස් යන එක තමා අපේ එකම විනෝදෙ.. ඉස්කෝලෙන් පටං ගත්තට ක්ලාස් එකට යැවෙන්නෙ එහෙමත් දවසක තමා..


ආ..එතකොට අප්සරා...අප්සරා අපේ ඉස්කෝලෙට ඒ ලෙවල් වලට ආව අලුත් කෙල්ලෙක්. මේකි ආවෙ හද්ද  ඩොටේ ඉස්කෝලෙකිං. ඒත් ඉංග්‍රීසි දිනය දවසේ මේකි රෝමියෝ ජුලියට් නාට්‍යයේ නිල්පාට ගවුමක් ඇඳගෙන රැඟුව රැඟිල්ලෙන් පස්සෙ ඉස්කෝලෙ කොල්ලොන්ගෙන් බාගයක් ඒකි පස්සෙ... අපිට මලම පැන්නෙ ඕකෙ රොමියො ගෙ චරිතෙට හිටියෙ පිනාගෙ පුතා. වෙන මොකා දැඟලුවත් වැඩක් වුනේ නෑ , ඒ ලෙවල් වලදි ඉංග්‍රීසි පීරියඩ් එක කට් කිරීමේ දුක පළවෙනි වතාවට දැනුනේ එද... මේකිගෙ ඒ දවස්වල එහෙම්ට ලස්සනක් කැපී පෙනීමක් නොදැක්ක නිසා මිසක් නාට්‍යයට පස්සෙ නං හැමදාම ඉංහ්‍රීසි කට් කලේ නෑ ඊලඟ එකෙවත් නාට්ටියට ගනී කියලා. ඊලඟ අවුරුද්දෙදී ඒ මගුල තිබ්බෙ නෑ කියහංකො


ඊලඟට ස්පෝර්ට් මීට් එකේදි... ඒකෙදි මේකි හෙල්ල, කවපෙත්ත වගේම මීටර් 1500, 3000 හතරෙම පලවෙනියා.. ඊට පස්සෙ ඉතුරු බාගෙත් ඒකි පස්සෙ...


*********


ඔය කාලෙදි "කරුමෙක මහත, නරක කාලෙ දැං මට" කියලා මට හිතුනා අප්සරාට ට්‍රයි කරන්න ඕන කියලා. මේකට අදහස දැම්මෙ අඟලේ ප්‍රියා හෙවත් ප්‍රියදර්ශන. 


" මචං..ඇත්තටම මේකි පිට යන්න දෙන්න හොඳ නෑ..අපි තුන්දෙනාගෙන් එකෙක් මේකට ට්‍රයි කරන්නම ඕන."  ඒ අඟලේ ප්‍රියා.


" මචං.. ඒක මචං ඇත්ත මචං.. උඹට මචං කියන්න මචං.. මචං හිතුනා මචං රවීනට ට්‍රයි කරන්න.."  වචනෙට දෙසැරෙ ගාණෙ මචං කියන රසිකයා හෙවත් මෝරගෙ අදහස ඒක.


" හරි එහෙනං උඹ ට්‍රයි කරාං... මම කිව්වා.


" ඒකි මචං කඩ්ඩෙං කොටයිද බං.. මට මචං ඕක තමා මචං..දිරවන්නෙ මචං නැත්තෙ..


"පිස්සුද බං. ඒ ඉංගිරිසි දිනේ කටපාඩං කරපු ලබ්බවල් බං.. ඒ ප්‍රියා.


"මේ ප්‍රගියා මචං.උඹ ට්‍රයි කරහං..මූට මචං ඉතිං තව අඩි මචං දෙකක්වත් උස මචං යන්න වෙනවනෙ ඒකට" මෝරා අවසාන තීරණේ දැනුම් දීලා පස්සට පැත්තට  සටාස් පටාස් ගාලා ගහගෙන පිට්‍යනියෙ පඩිපෙල උඩම පඩියෙන් නැගිට්ටා...


ආ උඹ නැගිටලමද හිටියේ .. මං හිතුවෙ වාඩිවෙලා කියලා... මෝරා ප්‍රියාට කිව්වා..


පල.හු...


*********** 

Saturday, November 4, 2023

ජීවගුණය

 



නවීකරණය කරන ලද අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයට රැස්වූ ලක්ෂයකට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන් මෙන්ම රූපවාහිනිය ඉදිරියේ අසුන්ගෙන සිටි බිලියනයක් පමණ ක්‍රීඩා ලෝලීන් ද ඉහල ගත් හුස්ම හිරවූ සෙයක් පෙනේ.. 

විස්තර විචාරක කුටියේ සිට වෙනදා මහත් වූ තේජසින් සිය හඬ මෙන්ම අනිකුත් විස්තර විචාරකයන් අභිබවමින් මෙවර 2031 ක්‍රිකට් ලෝක කුසලානයේ සිය අණසක පැතිරවූ හිටපු ලෝක පූජිත පිතිකරු විරාට් කෝලි ගේ බිඳුණු මලානික හඬින් පිටවූ ඒ වදන්...


"The American cricket team made history by beating the defending world champion India for the first time and becoming the world cricket champions in 2031."


පිට පිටම ලෝක කුසලාන තුනක් ජය ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි ඒ වනවිටත් ලෝක ක්‍රිකට් වංශ කතාවේ ගෝඩ් ෆාදර්වරුන් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමට ඇමරිකානු කණ්ඩායම සමත් විය.


2023 වසරෙන් පසු 2027 දකුණු අප්‍රිකා සිම්බාබ්වේ හි ලෝක කුසලානයෙන් පසු සත්කාරකත්වය දිගටම  සිව් වතාවකට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය හිමි කරගන්නේ ඔවුන්ට අභියෝග කිරීමට තරම් ධනවත් පාලක මණ්ඩලයක් ලොව නොමැති වීම නිසාවෙන් සහ IPL හරහා විසිවෙන මුදල් කණ්දරාව බොහෝ ක්‍රිකට් මණ්ඩල වල ප්‍රධාන ආදායම් මාර්ගය වූ නිසාය.


2023, 2027 ලෝක කුසලාන දිනාගත් ඉන්දියාව 2031 දිත් ලෝක කුසලානය දිනා පිට පිට තුන්වතාවක් ශූරයන් වීමට සහ පස් වතාවක් ශූරයන් වූ ඔස්ට්‍රේලියාවේ වාර්තාව සම කිරීමට උත්සාහ ගනිමින් සිටියදී සිදු වූ මෙම විශ්මය ජනක සිදුවීම ලොව පුරා මාධ්‍ය වෙත තිගැස්මක් එක් කල පුවතක් විය.


වඩාත්ම විශ්මයට කරුණ වූයේ ඇමරිකා එක්සත් ජනපදය එක්දින ලෝක කුසලානයකට වරම් ලැබූ පළමු වතාවේම ශූරතාවය හිමි කර ගැනීමයි.


Saturday, October 28, 2023

බ්ලැක් හෝක්

 


මේකට සැක කවුරුවත් ඉන්නවද මිස්ට අනුරාධ. 


සී  අයි ජයන්ත මාදිවල මගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවෙ බිත්තියේ පෝලිමට ගහලා තියෙන ෆොටෝ වලින් ඇස් අහකට ගන්නෙ නැතුවම


ඒ ෆොටෝ ගත්තම වම්පැත්තෙ උඩ පේලියම වර්ල්ඩ්  නයිෆ් ත්‍රෝවිං ලීග් එකේ මම ක්‍රීඩා කරපු අවස්තා සහ තුන්වෙනි ස්තානය ගත්ත වෙලාවෙ ෆොටෝ.


ඊලඟ පේලිට අවසන් හතරදෙනා අතරට ආපු ඇමරිකාවෙ වර්ජීනියා  නයිෆ් ඇන්ඩ් ඇක්ස් ත්‍රෝවිං චැම්පියන්ශිප් එකේ ෆොටෝ.


තව චෙක් රිපබ්ලික් නයිෆ් ත්‍රෝවර්ස් චැම්පියන්ෂිප්, සමර් ඇක්ස් ඇන්ඩ් නයිෆ් ත්‍රෝවිං ලීග් වගේ ලෝකෙ පුරාම පිහිය විසිකිරීමෙව් තරඟවල ජයග්‍රහණ. සහභාවිවුන අවස්තා වල ෆොටෝ


ආ ... මිස්ට අනුරාධ .. ඇහුනද.. 


එහෙම කිව්ව ගමන් මට නටාෂාගෙ මූණ දිහා බැලුණා.... නටාෂා බිම බලාගත්තා..


එහෙම සැක කරන්ට කියලා කෙනෙක් මට එකපාරටම හිතාගන්ට බෑ ඉන්ස්පෙක්ටර්..


ම්ම්... CCTV වැඩ කරන්නෙ නැතුව කොච්චර කල්ද


ඒකනං ඉන්ස්පෙක්ටර් සෑහෙන කල්... හදන්ට කියලා එහෙමට උවමනාවක් ආවෙත් නෑ. ..ඒක මතක් වුනෙත් නෑ...


ඒවා එහෙම අත අරින්න හොඳ දේවල් නෙවේ මිස්ට අනුරාධ ..දැං පේනවනෙ.


Saturday, October 21, 2023

ෂහීනා....



ඒයි ඒකි පට්‍ට යකෝ.... 

එහෙම තමා ඒකිව දකින හැම එකාටම හිතෙන්න ඇත්තෙ. ඒ වුනාට ඕක ඉස්සෙල්ලම හිතුනෙ මට. ඒ අද ඊයෙ නෙවේ. එහෙනං...


එහෙනං කියන්නෙ මොන්ටිසෝරියෙදි.  මොන්ටිසෝරියෙ මොන ලවුද.  ඒක ලව් එකක්ද  කියන්න මම දන්නෙ නෑ. හැබැයි මොන්ටිසෝරියෙදි එයා...


ආ එයාගෙ නම ෂහීනා, ෂහීනා බොන්සො. හරියටම කිව්වොත් ෂහීනා සැලී බොන්සො. බන්ධනාගාරෙ හිටපු ලොකු ජේලර් උසම මහතම  යෝධ සමාත් බොන්සොගෙ දුව. එයාගෙ අයියා ඩෙරික් , ඩෙරික් බොන්සො නලුවෙක් වගේ කියලා හැමෝම කියන්නෙ. ඒවා තේරුනේ පස්සෙ...


ආ ඉන්නකො කියන්නම්  මොන්ටිසෝරියට ගිය ගමං මම බලන්නෙ ෂහීනා ඇවිල්ලද කියලා. ෂහීනා  කිව්වෙ නම් ලකුණු කරන පොඩි මැඩම් විතරයි. අපි හැමෝම කිව්වෙ සැලී කියලා. සැලී නැත්තං එදාට මොන්ටිසෝරිය නිකං නිරෝධායන කඳවුර වගේ.  හැමෝටම නෙවේ අනේ මට. 


Sunday, October 8, 2023

තංගච්චී





කවි සිතුවිලි පහලවුනේ උඹ දැක්කම...............................................තංගච්චී

රෑට බතට සම්බෝලේ ලුණු වැඩි ඇයි..................................................මීනච්චී

උඹ දුටු දා ඉඳලා මට බඩ ගින්දර..................................................නැතිවෙච්චී

හිනා වෙන්න හිතක් නැතිද අදවත් මට..........................................නපුරිච්චී

Monday, March 13, 2023

වැස්ස

 



අදත් වැස්ස වහින සඳේ මතක සුවඳ දැනේ , සීතල වැහි පොදේ මතකද තෙමුණා දෙන්නා. 


මීට අවුරුදු හැටපහකට විතර කලිං මට අවුරුදු 5දි විතර වැස්සට යන්න වැස්සෙ තෙමෙන්න එක එක කන්ඩිෂන් තිබ්බා. ඉඳලා ඉඳලා වහිනකොට එලියට යන්න විදිහක් තිබ්බෙ නෑ අත්තම්මා කිව්වෙ " අලුත් වැස්සට තෙමෙන්ඩ එපා පුතේ " කියලා, මඳ වැස්සට තෙමෙන්ද එපා , හිරිපොදේට තෙමෙන්ඩ එපා , පාන්දර වැස්සට තෙමෙන්ඩ එපා. හැන්දෑකරේ වැස්සට තෙමෙන්ඩ එපා වගේ එක එක ඒවා. "එතකොට අත්තම්මේ මොන වැස්සටද තෙමෙන්ඩ පුළුවන් ?".
"%@& ඒක අහගං තොගෙ මහ එකාගෙං. තොට ඕන මංගල්ලයක් කරගනිං... මං නෑ ඇහැක් ඇරලා බලන්නෙ .#&#&#" ඔන්න ඉතිං උත්තර.

Sunday, February 5, 2023

සිමෙන්ති බංකුව



අපේ බස්සෝල්ට්ටෙකේ තිබ්බෙ සිමෙන්ති බංකුවක් හැබැයි. ඒකෙ කවුරුවත් වාඩිවුනේ නෑ. ඒ සිමෙන්ති බංකුවේ පිට තියෙන ඇන්දෙ වහලා ඉන්න කපුටො බෙටි දාන්නෙ සිමෙන්ති බංකුවේ පුප තියන කෑල්ලට.

සමහර වෙලාවට බීලා වැඩිවෙන දර්මෙ මාමා ඕකෙ නිදාගෙන ඉන්නවා මං දැකලා තියෙනවා. බංකුවේ පාට මොන පාටද කියලා හරියටම කියන්න බෑ. හැබැයි මුලිංම ගාලා තිබ්බ පාටනං සුදුපාට කියලමයි මට හිතෙන්නෙ. අන්තිමට ගාපු පාට නං නිල්පාට ඒක මතකයි. ප්‍රාදේශීය සබාවෙ සබාපතියා නිල්පාටෙං පත්වුන නිසා අහලපහලා බෝක්කු තාප්ප ඔක්කොම නිල්පාට ගෑවා.