නවීකරණය කරන ලද අහමදාබාද් හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගණයට රැස්වූ ලක්ෂයකට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන් මෙන්ම රූපවාහිනිය ඉදිරියේ අසුන්ගෙන සිටි බිලියනයක් පමණ ක්‍රීඩා ලෝලීන් ද ඉහල ගත් හුස්ම හිරවූ සෙයක් පෙනේ..
විස්තර විචාරක කුටියේ සිට වෙනදා මහත් වූ තේජසින් සිය හඬ මෙන්ම අනිකුත් විස්තර විචාරකයන් අභිබවමින් මෙවර 2031 ක්‍රිකට් ලෝක කුසලානයේ සිය අණසක පැතිරවූ හිටපු ලෝක පූජිත පිතිකරු විරාට් කෝලි ගේ බිඳුණු මලානික හඬින් පිටවූ ඒ වදන්...
"The American cricket team made history by beating the defending world champion India for the first time and becoming the world cricket champions in 2031."
පිට පිටම ලෝක කුසලාන තුනක් ජය ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටි ඒ වනවිටත් ලෝක ක්‍රිකට් වංශ කතාවේ ගෝඩ් ෆාදර්වරුන් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමට ඇමරිකානු කණ්ඩායම සමත් විය.
2023 වසරෙන් පසු 2027 දකුණු අප්‍රිකා සිම්බාබ්වේ හි ලෝක කුසලානයෙන් පසු සත්කාරකත්වය දිගටම සිව් වතාවකට ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය හිමි කරගන්නේ ඔවුන්ට අභියෝග කිරීමට තරම් ධනවත් පාලක මණ්ඩලයක් ලොව නොමැති වීම නිසාවෙන් සහ IPL හරහා විසිවෙන මුදල් කණ්දරාව බොහෝ ක්‍රිකට් මණ්ඩල වල ප්‍රධාන ආදායම් මාර්ගය වූ නිසාය.
2023, 2027 ලෝක කුසලාන දිනාගත් ඉන්දියාව 2031 දිත් ලෝක කුසලානය දිනා පිට පිට තුන්වතාවක් ශූරයන් වීමට සහ පස් වතාවක් ශූරයන් වූ ඔස්ට්‍රේලියාවේ වාර්තාව සම කිරීමට උත්සාහ ගනිමින් සිටියදී සිදු වූ මෙම විශ්මය ජනක සිදුවීම ලොව පුරා මාධ්‍ය වෙත තිගැස්මක් එක් කල පුවතක් විය.
වඩාත්ම විශ්මයට කරුණ වූයේ ඇමරිකා එක්සත් ජනපදය එක්දින ලෝක කුසලානයකට වරම් ලැබූ පළමු වතාවේම ශූරතාවය හිමි කර ගැනීමයි.
************
ඉන්දීය කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම හමුවේ මූලිකවටයේ පළමු තරඟයේදිම ලැබූ පරාජය අහම්බයක් ලෙස ක්‍රීඩා විචාරකයින් විසින් හඳුන්වා දෙනු ලැබූවද ඉන්පසු තරඟාවලියේ ඉදිරියට යත්ම ප්‍රබල කණ්ඩායම් සියල්ලම ඇමරිකාව හමුවේ පරාජය වූයේ කිසිවෙකු නොසිතූ පරිදි වීම ක්‍රිකට් ලෝකයම සලිත කරන්නට සමත් විය.
එයට හේතුව ලෙස ක්‍රිකට් විස්තර විචාරකයන්, ප්‍රවීන ක්‍රීඩා විචාරකයන් පවසන්නට වුනේ. තවමත් ඇසෝසියේට් නේෂන් පමණක් ක්‍රීඩා කරන ඇමරිකානු කණ්ඩායමේ බොහෝ පන්දු යවන්නන් සහ පිතිකරුවන් ප්‍රධාන පෙලේ පූර්ණ සාමාජික රටවල ක්‍රීඩකයන්ට සම්මුඛ නොවී තිබීම සහ ඔව්න් වෙනත් රටවලින් ඉහල දක්ෂතා දක්වද්දී විශාල මුදලකට පුරවැසිභාවය ලබාදී ඇමරිකාවට ගත් දක්ෂ ක්‍රීඩකයන් වීමත්ය.
*******
නමුත් මේවෙනවිට බොහෝ රටවල් වල ක්‍රීඩා ලෝලීන් තුල කුතුහලය මිශ්‍ර සතුටක් මෝදුවෙමින් පැවතුනේ ඉන්දියාවේ ක්‍රිකට් ආධිපත්‍යය අවසන් වීමේ පළමු වෙඩිමුරය නිකුත් වීමත් සමගය.
ඇමරිකාවට එරෙහි එකදු කණඩායමකටවත් ලකුණු 250 සීමාව පසුකල නොහැකිවීමත්. ඇමරිකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දෙද්දී සෑම විටම ලකුණු 300-350 සීමාවේ රැඳීමත්. පිතිකරණ රටාව සහ ලකුණු ලබා ගැනීම සෑම විටම ඒකාකාරව පැවතීමත්, පන්දු යවන්නන් ප්‍රබල පිතිකරුවන් අපහසුවකින් තොරව දවා ගැනීමත් සාමාන්‍යයෙන් දක්ෂතම ක්‍රීඩකයන්ට පවා පවත්වාගත නොහැකි ඒකාකාර රිද්මයත් ක්‍රිකට් ලෝකයම පුදුම කරන්නට සමත් විය.
*******
ශ්‍රී ලංකාවේ රූපවාහිනී ගුවන්විදුලි නාලිකා කීපයකම හදිසි දැන් ලැබුණ පුවතක් විකාශය වේ.
මෙන්න දැන් ලැබුණු පුවතක්.
ඇමරිකා එක්සත් ජනපද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ලෙස සේවය කල ආචාර්‍ය නජිත් පලිහවඩන මහතාගේ සිරුර, ඒ මහතාගේ නිවසේදී අද උදෑසන නිව් යෝක් පොලීසිය මගින් සොයාගෙන තිබේ. ඒ මහතා සියදිවි හානි කරගෙන ඇති බවට සැක කරන බව ජේෂ්ට....
මේ පුවතට වඩා වැඩි වේගයකින් ලංකාව පුරා වයිරල්වෙමින් ගියේ මියගිය ආචාර්ය නජිත් මහතා විසින් කල වීඩීයෝවකි.
ඒ මහතාගේ යූ ටියුබ් සහ ඉන්ස්ටග්‍රෑම් ඒ වනවිටත් ඇමරිකානු රජය මගින් අවහිර කර තිබුණද ඒ වීඩීයෝව වට්සැප්, වයිබර්, ටෙලිග්‍රෑම් සහ වී චැට් වැනි සමාජ මාධ්‍ය ජාලා හරහා ලොව පුරා වේගයෙන් විසිරෙන්නට විය.
ඒ වීඩීයෝවේ සිංහල පරිවර්තනය පහතින් ඔබට ඉදිරිපත් කරමි.
*******
ආයුබෝවන්
මම නජිත් පලිහවඩන..
මේ වීඩියෝව ඔබ අතට පත්වෙනවිට මම ජීවතුන් අතර නැතිවෙන්නට තියෙන ඉඩ කඩ ඉතාම වැඩියි.
මම ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට එන්නෙ මගේ පීඑච්ඩී එකට. ඒක " ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන් ඔෆ් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඉන් ස්පෝර්ට් සයන්ස්.
මෙතනදි මම පොඩි කාලෙ ඉඳලම ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරපු සහ ක්‍රීඩාවේ නිරත වුන කෙනෙක් නිසා මම ක්‍රිකට් ක්‍රීඩාව කෘතීම බුද්ධිය යොදාගෙන දියුණු කරන ක්‍රමයක් ගැන රීසර්ච් එක කලේ.
මම සහ මගේ කණ්ඩායමේ හිටියේ තව දෙදෙනෙක් පමණයි ඔවුන් දෙන්නම ඇමරිකානුවෝ සහ ඔවුන් තමා මගේ පර්‍යේෂණයට අදාල සොෆ්ට්වෙයා පැත්තේ දායකත්වය දුන්නෙ.
මේ කාර්‍ය්යට අපිට අවුරුදු හතරක්ම ගතවුනා 2027 වෙනකොට අපි එලිදැක්වුවා ස්මාර්ට් ක්‍රිකට් බෝලයක්.
මේක බෝලය කිව්වට ඇත්තටම බෝලේ හැඩය තියෙන රොබෝ යන්ත්‍රයක්. දත්ත ගබඩා කරපු මයික්‍රෝ චිප් එක සහ කන්ට්‍රෝල් යුනිට් එක ගොල්ෆ් බෝලයක් තරම් පොඩි ගෝලාකාර ආවරණයක රඳවලා. ඒ වටේට කම්පණ තරංග අවශෝෂනය කල හැකි ජෙල් වර්ගයක් සමග මිශ්‍ර කරපු ටයිටේනියම් ලෝහය යොදාගෙන ක්‍රිකට් බෝලයට සමාන ප්‍රමාණයක් සහ හැඩයක් ඇති කෘතීම බුද්ධියෙන් බලගැන්වුන කුඩා රොබෝව නිර්මානය කලා.. ටයිටේනියම් ලෝහය ඕන වුනනේ පන්දුවේ බර ක්‍රිකට් පන්දුව හා සමාන කරගන්න පන්දුවේ ඇතුලත ආවරණය කරගන්න.
මේ දත්ත ගබඩාව තුල තිබුනේ ඒ වෙනකොට ඇක්ටිව් ප්ලේයර්ස්ලා හැම කෙනෙක්ගෙම දැවීයාම් දත්ත. උදාහරණයක් හැටියට කෝලි සහ රෝහිත් ෂර්මා දෙන්නම වමත් පන්දු යවන්නන්ගේ මැද ඉන්න සහ පිට ඉන්න අතර පතිත වෙලා මැද ඉන්න දෙසට දෝලණය වෙන පන්දුවට සාපේක්ෂව දුර්වලයි. ඒ පන්දුවට කඩුල්ලෙ වැදීම, එල්බීඩබ්ලිව් හෝ ඉන්සයිඩ් එජ් එකකින් දැවී යනවා. එතකොට අපිට පුලුවන් පන්දුව අසල සිට කිලෝමීටර් තුනක ප්‍රදේශයක් ඇතුලත ඉඳලා ඒ අවශ්‍ය ආකාරයට පන්දුව මෙහෙයවන්න.
ඉතිං අදාල පිතිකරුවා වැඩිපුරම දැවීගිය ආකාර තුනක් පන්දුවේ දත්ත වල ගබඩා වෙලා තියෙනවා. මේ ඕනෑම අකාරයකින් ඔවුන්ව දවාගැනීම කරන්න පුලුවන්.
පන්දුව නිපදවලා වසරක් ඇතුලත අපිට ස්මාර්ට් පිත්තක් නිපදවන්න පුලුවන් වුනා. පන්දුව නිපදවද්දී තිබුණ අත්දැකීම් සමගම ඒක ටිකක් වේගවත් වුනා.
පිත්තට ඇතුල් කරලා තිබුණ සංවේදක මගින් ඒ වෙනකොට පන්දුවේ ඔපය, සීම් එක පන්දු යවන්නාගේ අතෙන් ගිලිහෙන ආකාරය, වේගය සහ උස වගේම ඒ අවස්තාවේ ආර්ද්‍රතාවය සහ සුලඟේ වේගය අනුව මිලි තප්පර දශම බින්දුවයි බින්දුවයි එකක් ඇතුලත පන්දුවේ මාර්ගය හා වේගය ගණණය කරලා ඒ වෙත පිත්ත ගෙනියන්න පිතිකරුවාගේ මොලයට සංඥාවක් අපි දුරස්ථව හිඳිමින් නිකුත් කරනවා . මේක වෙන්නෙ පැලඳගෙන ඉන්න හෙල්මට් එක හරහා වෙන සන්නිවේදනයෙන්.
ඒ අනුව ස්මාර්ට් පන්දුවෙන් ඕනෑම පිතිකරුවෙක් පන්දු විසිපහක් ඇතුලත දවාගන්නත්. ස්මාර්ට් පිත්තෙන් ඕනෑම පන්දු යවන්නෙක්ගෙ ඕනෑම පන්දුවකට පහරක් එල්ල කිරීමටත් හැකියාව ලැබුණා.
පර්‍යේෂණ කණ්ඩායමේ ප්‍රදානියා හැටියට මට අවශ්‍ය වුනේ මේ තාක්ෂණය පුහුණුවීම් සඳහා පමණක් යොදාගන්න සහ මේ ගැන ICC එක දැනුවත් කරන්න.
නමුත් පර්‍යේෂණයට අනුග්‍රහය දක්වපු ඇමරිකානු ක්‍රිකට් ආයතනය, ක්‍රීඩා කවුන්සිලය සහ පර්‍යේෂණයේ න්‍යායාචාර්‍ය වරයා වුන ආචාර්‍ය ආනෝර්ල්ඩ් බෝල්ඩ්වින් ඒ අදහසට විරුද්ධ වුනා.
ඔවුන්ට මෙය GT20 හෙවත් කැනඩා මේජර් ලීග් ක්‍රිකට් එකේ අතහදා බලන්න උවමනා වුනා. ඒ සඳහා ඔවුන් මොන්ට්‍රියෙල් ටයිගර්ස් කණ්ඩායම මිලට ගත්තා. එහි විදෙස් ක්‍රීඩකයන් හයදෙනාම ඇමරිකානු ක්‍රීඩකයින් කරවීමට ඔවුන්ට එයින් හැකිවුනා.
කැනඩාව තෝරාගන්නට හේතුවුනේ ඇමරිකාවේ ප්‍රදාන කණ්ඩායම් වල හිමිකාරීට්ග්වය ඒ වෙනකොටත් ඉන්දීය අයිතිකරුවන් අතට පත්වෙලා තිබීම.
අත් හදාබැලීම හිතුවාටත් වඩා අතිශය සාර්ථක වුනා. මොන්ට්‍රියෙන් ටයිගර්ස්ලා GT20 ශූරතවය දිනාගත්තා..
මෙහිදී අත්දැකපු අමාරුම කාර්‍යාය කවුරුවත් නොහිතපු දෙයක්.
පිටියේ පන්දුව අපේ ස්මාර්ට් පන්දුවට මාරු කිරීම තමා මේ කාර්‍යයේ භාරදූරම කොටසවුනේ.
මේකට විසඳුමක් ලැබුණේ GT20 ආරම්භයට සති තුනකට කලින්.
මේ කාර්‍යය භාර වුනේ ඇමරිකාවේ අසහාය මැජික් ශූරයෙක් වුනු ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ගේ ඥාති පුත්‍රයෙකු වූ ලාන්ස් කොපර්ෆීල්ඩ්ට.
හැමවිටම ඇඟට වඩා විශාල ඇඳුමක් ඇඳගෙන පිටියට එන , කිසිම විටක පන්දුවට පහරදීම හෝ පන්දු යැවීම නොකල ක්‍රීඩකයා ගැන වැඩි අවධානයක් යොමු නොවුනේ කණ්ඩායම දැක්වූ දක්ෂතාවයන් නිසයි.
ලාන්ස් මුලදී මේ කාර්‍ය්යට එකඟ වුනේ නෑ ඒ මොකද, ලාන්ස් ක්‍රිකට් කියන්නෙ මොකක්ද කියලාවත් අහලා නොතිබ්බ නිසා. ඒත් ලැබෙන වරප්‍රසාද සහ ධනස්කන්දය හමුවේ ඔහු අවසානයේ කැමැත්ත ප්‍රකාශ කලා.
රූපවාහිනී කැමරා, ප්‍රේක්ෂකයනේ දුරකථන කැමරා, ඩ්‍රෝන, පිටියේ විනිසුරුවන් ප්‍රතිවාදී ක්‍රීඩකයන් සහ ප්‍රේක්ෂක ඇස් වසා පන්දුව මාරු කිරීමේ කාර්‍යය ලාන්ස් කොපර්ෆීල්ඩ් ඉතාම සාර්තකව කලා. අදටත් ඒ සම්බන්ධ කිසිම රූප රාමුවක් ඔබට සොයාගන්නට බෑ.
කොහොමත් ක්‍රීඩාවේ ජීවගුණය විනාශ කරන මේ ක්‍රියාදාමය ගැන මට තිබුණේ ලොකු පසුතැවීමක්. කොලිෆයර් තරඟාවලිය ජයග්‍රහණය කරමින්,ලෝක කුසලාන තරඟාවලි අවසන් අවස්තාව වනතුරු ඔවුන් සමග ගිවිසුම් ප්‍රකාරව මම වැඩ කල යුතුයි. ලෝක කුසලානයට පෙර මට මේ දේවල් ICC එක සමග සන්නිවේදය කරන්නට නොහැකිවුනත් ඒ වනවිට ඔවුන්ට එරෙහිම මම ක්‍රියා කරන බව ඔවුන් දැනගෙන සිටියා . ලෝක කුසලානය අවසන් වනතුරු මට ජීවත් වන්නට හැකිවන්නේ ඔවුන්ට මාව ඒ අතරතුර අවශ්‍ය වන නිසා සහ ඉන්පසු මගේ ජීවිත කාලය අවසම් වන බව මම දන්නවා.
මේ වීඩියෝව ඔබ අතට පත්වේවි තව සුලු වේලාවකින්. ක්‍රීඩාවේ ජීවගුණය විනාශ මුඛයට ඇද දැමීමට හවුල් කරුවෙකු වීම ගැන මට සමා වෙන්න
මම ආචාර්‍ය නජිත් පලිහවඩන
පට්ට! ඉක්මනින් හදා ගන්න ඔයාගේ බ්ලොග් එක අනෙක් බ්ලොග් රෝල් වල අප්ඩේට් වන විදියට!
ReplyDeleteජයවේවා!
මං දන්නෙ නෑ කොහොමද හදන්නෙ කියලා දන්න හැම විදිහටම බැලුවා
Deleteලංකාවෙ ටීම් එකටත් ඔය බැට් එකකුයි බෝලෙකුයි හොයාගන්න බැරිද?
ReplyDeleteමැජික් කාරයොනං ලංකාවෙ පඳුරකට පයින් ගැහුවත් විසිවෙන තරං ඉන්නෝනෙ.
මැජික් කාරයට ස ව ගමු
Delete😜😜
ReplyDeleteමම දාන කමෙන්ට්ස් වැටෙන්නෙත් නැනේ ඒගමන
Delete